text
stringlengths
1
163k
හොන්ඩා කම්පැනියෙ එවුන් මේවා දන්නවනං නොමිලේ බයිසිකල් කන්යට්නරයක් මෙහාට එවනවා.. දුක හිතිලා...
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 4/09/2012 08:34:00 AM
Labels: ගම, බයිසිකල්, හොන්ඩා
අයි. පී. ඇල්.
යෝකර් ලෙන්ත් එකටම වැටුන,
ඩොලර්මිටියකින්,
බිඳීගියා, මැද ඉන්නම...
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 4/06/2012 09:30:00 PM
Labels: IPL, ක්‍රිකට්, ඩොලර්
ඔබ ආයෙමත් ඇවිදින්...!
පොඩි කාලෙ ඉඳන්ම හැමදාකම මගේ හෙවනැල්ලක් වගේ මාත් එක්කම හිටපු දෙයක් තියෙනවා.. ඒ තමයි හෙම්බිරිස්සාව.. හැම උදේකම සුන්දර කිඹුහුම් කිහිපයකින් මාව අවදි කරමින් දවස පුරාම මාත් එක්ක මම යන යන තැන් වල ගිහින් හැන්දෑවට ඇවිත් නාගත්තහම ආයෙ ඩබල් ත්‍රිබල් වෙලා මාව වෙලාගන්න හෙම්බිරිස්සාවත් මමත් අතර තියෙන්නෙ පුදුමාකාර ආත්මගත බැඳීමක්.. මගේ ඇඟේ ලේ නහරයක් නහරයක් පාසා සෙම තියෙනවා කියලා මාව බලපු දොස්තරලා උනත් කියලා තියෙනවා..
ඒත් ටික දවසකට මගෙන් ඈත් වෙලා හිටපු මගේම හෙම්බිරිස්සාව අද උදේ ඉඳන් ආයෙත් ඇවිත්.. දැන් ඉතින් අපි දෙන්නට ආයෙත් ලේන්සු ඉරෙනකං කිඹුහුම් අරින්න පුළුවන්...
ප.ලි. හෙම්බිරිස්සාව තද උනහම මේවගේ විකාර ලියවෙනවා... පිරිටන් පෙත්තක් බීලා නිදාගන්න ඕනෙ..
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 3/23/2012 10:43:00 PM
Labels: ආත්මගත බැඳීම්, කිඹුහුම්, හෙම්බිරිස්සාව
එනවද මාත් එකක් ගමනක් යන්න
Straight cable එකකින් switch එකකට ගිහින්
Default gateway එකෙන් පිටවෙලා
Router එකකින් පාර අහගෙන
අපි යමු DNS server එකකට
මිනිහා අපිට උදව් කරයි
IP address එක හොයාගන්න
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 3/18/2012 10:25:00 PM
Labels: නෙට්වර්කින්
හෙට නිවාඩූ...
දැත් යුග විදා
මුළු ඇඳම බදා
මදුරු දැල නොදා
ගනිමි මම නිදා
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 3/09/2012 09:30:00 PM
Labels: නින්ද, මදුරු දැල්
මට තේරෙන හැටියට...
දස්කොන් මෝඩයෙකි.. (අතන මෙතන තියෙන ලප ගැන කියවන්ඩ ගිහින් නිකං මැරුම් කෑවා)
සාලිය බූරුවෙකි.. (රජකම ගත්තට පස්සෙ ෂේප් එකේ අශෝකමාලාව උස්සන්ඩ තිබුනනේ)
ෂා ජහාන් බොරු ෂෝකාරයෙකි.. (රටේ මිනිස්සුන්ගෙ සල්ලි වියදං කරලා නිකං බොරුවට ලෝකෙට පේන්ඩ මාලිගා ගහන්නෙ)
දීඝගාමිණී ගැන කථා කරලා වැඩක් නැත.. (අබා උගේ නොවේය)
සිරකරුවෝ මනුෂ්‍යයෝය.. ප්‍රේමවන්තයෝ පිස්සෝය..
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 3/03/2012 10:02:00 AM
අහසින් වැටුන කවියක්
සඳ පළුවක් සහ තනි තරුවක්...
විරසකව බලාසිටී දෙපසක්...
සඳ කිසිදා නොඇසූ කවියක්...
තරුව මුමුණයි තවමත්...
ප.ලි.: අම්මට සිරි, මමත් ලියලා කවියක්...
(පුළුවන් වැඩක් කරන් හිටපන් පිටසක්වලයෝ...)
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 1/27/2012 09:53:00 PM
Labels: කවි, තරු
නැන්දම්මා වෙනුවෙන්...!
අම්මට සිරි... මිසිස් පෙරේරා...
නැන්දම්මගෙ පස්සෙන් මාර සෙට් එකක් ඇවිල්ලනෙ..!
නැන්දම්මගෙ මංගල්ලෙට ප්‍රශ්ණයක් වෙයිද?
Posted by Lasitha Abayagunawardhana Weerasinghe at 1/26/2012 09:19:00 PM
Labels: ටීවී, දැන්වීම්, රත්ති
අනේ අයියේ එන්නකෝ...! අපෙනුත් ඔලිම්පික් බලන්නකෝ.......
බැලරැට් හි කලුවා: September 2016
බැලරැට් හි කලුවා
බාප්පා
ඉස්සර අපි විශ්ව විද්‍යාලෙ ඉවරවෙලා ගෙදර යන්වා, 255 බස් එකේ. කටුබැද්දෙන් පිලියන්දලට, මන් හිතන්නෙ කම්මැලිම ගමනක්.
අපි ඒ වුනාට වැඩේ අතාරින්නෙ නැහැ. මොකක් හරි විදිහක් හොයාගන්නවා ගමනේ ඒකාකාරී බව නැති කරගන්න.බස් එකේ යන කෙල්ලන්ට විහිලු කරහම උන්ට මල පනිනවානෙ.
එක දවසක් හවස අපි බස් එකට නැග්ගා.අපේ මිත්‍රයෙක් කිව්වා අද ඔන්න උඹලා කෙල්ලන්ට විහිලු කරන්න යන්න එපා. අපේ බාප්පා ඉන්නවා බස් එකේ කියලා.අපි ඇහුවා කෝ කෝ කියල. අනේ අපේ ගොන් මිත්‍රයා බාප්පව පෙන්නලා බස් එකේ ඉස්සරහට ගියා.
පිලියන්දලදි බස් එකෙන් බාගයක් බහිනවනෙ. අපේ යාලුවගෙ කරුමෙට අපි දෙන්නම ඉදගත්තෙ අපේ යාලුවගේ බාප්පා පිටිපස්සෙ. අපි කියමු යාලුවගෙ නම ජගත් කියලා. ඔන්න අපි පටන් ගත්තා " අද නම් ජගත් ගේ නෑයෙක් බස් එකේ ඉන්නවා වගේ. පූසා වගේ ඉස්සරහට වෙලා ඉන්නවා.වෙනදාටනම් කෙල්ලෙකුට ඉන්න බැහැ. විහිලු කරනවා. කොන්ඩෙන් අදිනවා. ".
ජගත් ගේ බාප්පට පැලෙන්න හිනා. ජගාට මල. කොට්ටාව හන්දියටත් එන්න කලින් බස් එකෙන් පැනල දිව්වා. ඊලග දවසෙ අපිට ඩිජිටල් කතා වක් කියලා ආයෙනම් උඹල එක්ක එක බස් එකේ යන්නෙ නෑ කියලා කිව්වා
Posted by Mahinda Jayasooriya at 00:28 No comments:
ඔන්න එකෝමත් එක කාලෙක හිටිය කොල්ලෙක්, මිනිහට තිබුනා නරක පුරුද්දක්, කොහෙ ගියත්, ගෑණු ලමයෙක් දැක්ක ගමන් ඇඩ්‍රස් එක දෙනවා, කොල්ලා හැන්ඩියා, හැබැය් මූනෙ රැවුල එහෙම යාන්තමට තියෙන්නෙ.
ඉතින් හැන්ඩි කොල්ලය් මිත්‍රයො ටිකය් ගියා, අපේ බැචෙකුගෙ පියානන්ගෙ අවමගුල් උත්සවයට සහබාගි වෙන්න,අහන්ගම. දැන් උත්සවය ඉවරවෙලා කට්ටිය මොරටු එනවා, කෝච්චියෙ, මට මතක විදිහට මාතර නුවර කෝච්චිය
ඔන්න අපේ හැන්ඩි කොල ගිහිල්ල ගෑණු ලමයෙකුට මල් කඩනව, අන්තිමට පොඩි කොල කෑල්ලකුත් කෙල්ලගෙ අතට මිට මෙලෙව්ව,ඔන්න එතකොට කෙල්ල ලඟ හිටපු අන්කල් කෙනෙක් මූට දැම්මා රබර් ඇහැ, හැන්ඩියා මාරු.
මේ අතර ඔතන හිටපු තව අන්ඩපාලයෙක් කෙල්ලට හිමින් සැරේ කිට්ටු කරල මූලික විස්තර ( නම, ගම, ) අහගත්ත, කෙල්ලගෙ නම ( ඇත්ත නම නෙමේ ) සයුරි, ගම බොරැල්ල ( තව අතිජාත අන්ඩපාලයකෙගු ගෙදරත් බොරැල්ලේ. ( ඇත්තම ගම ).
දැන් ඔන්න හැන්ඩි කොල්ලගෙ මිත්‍රයො ටික ගැහව්ව ප්ලැනක්, විශ්ව විද්යාලා ඇවිත්, සයුරි කෙල්ල විදිහට හැන්ඩි කොල්ලට ලියුමක් එවන්න. එතකොට හැන්ඩි කොල්ල උත්තර යවන්නෙ කොහේටද, එතකොට තමය් අර බොරැල්ලෙ ඉන්න අන්ඩපාලය කිව්වෙ, "ඇය් මේ අපේ ගෙදර තියෙන්නෙ, මම තාත්තට කතා කරල කියන්නම් ලියුම ආවහම් මට කෝල් එකක් දෙන්න කියල" ( බොරැල්ලෙ ඉන්න අන්ඩපාලය සාමන්යෙන් ගෙදර යන්නෙ නහැ, හැබය් නිතරම තාත්ත්තට කතා කරනවා, අනික කටුබැද්දේ ඉදල බොරැල්ලට කොච්චර දුරද?)
හැන්ඩි කොල්ලගෙ ගෙදර කොලඹ පැත්තෙ නෙවෙ, මිනිහාගෙ ඔලුවෙ කොලඹ තියන උප නගර ගැන දැනීම බින්දුවය්. ඒ වුනාට හැන්ඩි cඔල්ලගෙ මීටරෙ හොඳය්, වටේ යවනකොට කල්පනාවෙන් කරන්න ඕන.
තව ප්‍රශ්න කීපයක් තිබුනා, ලියුමෙ සීල් එක බොරැල්ලෙන් වෙන්න එපෑ. ( "ආ ඒක ප්‍රශ්නයක් නෑ, මම ගෙදර යන ගමන් බොරැල්ලෙන් බැහැලා ලියුම දාල යන්නම්, " තව එකෙක් වැඩේ බාර ගත්තා.
ඊලග ප්‍රශ්නය, ඇත්තටම සයුරි කෙල්ල ලියුමක් එව්වොත් ( " ප්‍රශ්නයක් නැහැ, තැපැල් කාරයා එන්නෙ නමයට විතර, මම කොහොම්ටත් උදේ ලෙක්චර්ස් එන්නෙ පරක්කු වෙලානෙ , මම ලියුම අරගෙන, ඇරලා බලල, සයුරි කෙල්ලගෙන් නම් විසි කරන්නම්, කොහොමටත් ඕකට ගොඩක් කෙල්ලන්ගෙන් ලියුම් එනවනෙ, මම ඒව ටික තියන්නම්" ) හැන්ඩි කොල්ලගෙ බෝඩිමෙ ඉන්න එකෙක් වඩේ බාර ගත්තා..
තව එකෙක් කිව්ව, උඹ ලෙක්චර්ස් වල මඩ නෝට් යවන හින්ද මම ලියුම් ලියන්න කියල, ඔන්න නමෝ විත්තියෙන් පලවෙනි ලියුම ලිව්ව, සයුරි කෙල්ලට ගුනසින්හ කියල සර්නේම් එකක් එහෙම දාලා.ආපසු ලිපිනය, අන්ඩපාල 2 ගෙදර ලිපිනය, බොරැල්ලෙ,
දවස් දෙක තුනකින්, ලියුම් බලන් වැඩේ බාර ගත්ත එකා කිව්වා, අන්න බඩු ආවා, කියල. ඊලග දවසෙ උදේ, හැන්ඩි කොල්ල, අන්ඩපාල 1 ගාවට ඇවිල්ල කිව්ව " බලපන් මල්ලි වැඩ, අන්න කොච්චියෙ කෑල්ල ලියුමක් එවල කියල" අන්ඩපාලය නිහතමන්නීව ඔලුව පත් කරල පරජය් පිලි ගත්තා.
ටික දවසකින් අන්ඩපාල 2 හදිසියේම ගෙදර ගියා, තාත්තා කතා කරල කියල ලියුමක් ඇවිත් කියලා. හන්ඩි කොල්ලගෙ ලිවුමෙ පැනි බේරෙනව, ලව් වැහැලා, සින්දු ජෝතිගෙ ඉදන් දිවුල්ගහේ ට යනකන්..ඊලග ලියුමෙ කට්ටිය ලියල අහුවා, අය්ය වැඩ කරන්නෙ කොහෙද කියලා, හැන්ඩි කොල්ල ලියල එවල තිබුනා, කීල්ස් එකේ නන්ගි, සොසේජස් හදන කොම්පනියෙ කියල.
හැන්ඩි කොල්ලට ඕන කෙල්ලත් එක්ක කොහෙර් හරි යන්න, ලියුම් කීපයකම කොහෙට හරි ගිහින් කතා කරමු කියලා යෝජනා කරලා තිබුනා, කට්ටියට හැන්ඩි කොල්ලගෙ අසහනය තේරුනා,( මේ වෙනකොට බැච් එකෙන් බාගයක් විතර මේ ආදර කතාව දන්නව, ලියුම් ලියන්නෙ ගොඩ කැන්ටිමේ තියාගනනේ)
ඉතින් ඔන්න කට්ටිය ලියලා යැව්වා," අය්යේ, මට ටික්ක අමරුය් ගෙදරින් එන්න, ඒත් අපේ ආදරේ වෙනුවෙන්, අපේ අම්මා ලබන ඉරිදා රත්නපුරේ යන්න හිතාගෙන ඉන්න නිසා, මම එදාට එන්නම් අය්යව හම්බවන්න, අය්යා කොටුව ස්ටේශන් එකේ "ව" යන්න යටට වෙලා ඉන්න මම එනකම්" .
ඉරිද උදේම හන්ඩි කොල්ලා ගියා කොටුවට, ඉන්නව ව යන්න යට.. බැච් එකේ කොල්ල හරියට කොටුවෙ, " ආ හැන්ඩි කොල්ල මොකද මෙතන"
"ගෙදර යන්න"
"ඉතින් උඹලගෙ ගමට කෝච්චි යන්නෙ නෑනෙ,"
"රඹුක්කනට ගිහින් යනව"
ප්‍රශ ඔක්ක්ගෙන්ම බේරිලා Hඅන්ඩි කොල්ලා ඉන්නව, කෙල්ල එනකන් කෙල්ල නෑ.
ඇස් රිදෙනකම් බලන් හිටපු හැන්ඩි කොල්ල එනව බෝඩිමට, සයුරි ඒවනව ලියුමක්, බලන්නකො අයෙ අම්ම මාවත් එක්කගෙනනෙ රත්නපුරේ ගියෙ කියලා, හැන්ඩි කොල්ල දිගටම ලියනව, සින්දුත් ලියල එවනවා, ඒ සින්දු කැම්පස් එකේ කොල්ලන්ගෙ ජනප්‍රියම සින්දු, හන්ඩි කොල්ල ලගින් යනකොටත් කොල්ලො ඒව කියනවා,
මේ අතර හැන්ඩි කොල්ලා කොල්ලො කීප දෙනෙකුට උදාන වාක්ය ප්‍රකාශ කරනවා
" අඩෝ, අපි උඹල වගේ කෙල්ලන්ට කඩේ යන්නෙ නැහැ"
"අඩෝ, අපේ රැවුල අඩු වුනාට බලප්න් වැඩ"
කොල්ලො මේ සියලු කතා අහගෙන ඉන්නවා
එක දවසක් උදේ අන්ඩපාල 1 සහ හැන්ඩි කොල්ලා එකම වෙලාවට විශ්ව විද්යලේ ගේට්ටුවෙන් අතුල්වෙනව, හැන්ඩි කොල්ලා දන්නෙ නැහැ මිනිහා කොල්ලො අතර ජනප්‍රියය් කියල. මේ අස්සෙ ‍යලට මහට කැම්පස් එන එකෙක් අහනවා.
අන්ඩපාල 1 ගෙන, අඩෝ උඹල හැන්ඩි කොල්ලා කිය්ලා එකෙක් වටේ යවනව නේද, මරු වැඩේ බන් කියල .හැන්ඩි කොල්ල අන්ඩපාල 1 ගෙ බෙල්ල මිරිකන්න යනවා, අන්ඩප්පල 1 දුවලා බේරෙනවා. හැන්ඩි කොල්ලගෙ බෝඩිමෙ හිටපු අනිත් එවුන් ටික කාලයක් වෙන බොඩිම් වල නිදාගන්නවා.
මෙය මනහ්කල්පිත කතාවකි.සියලු චරිත ගොතන ලදී. මෙහි සඩහන් වෙන කිසිම චරිතය ජීවත් සිටි කිසිම චරිතයකට සමාන නොවේ
Posted by Mahinda Jayasooriya at 18:13 5 comments:
Mahinda Jayasooriya
කාලය | Kalaya.org | Nalin de Silva | චින්තන පර්ෂදය: අවස්ථාවාදී පාර්ලිමේන්තු දේශපාලනය
දේශපාලනඥයකු ව නොසිටි ගෝඨාභය දේශපාලනඥයකු විය යුතු නැහැ. ඔහුට තමන්ට සුපුරුදු ආකාරයට කටයුතු කිරීමට ඉඩ දෙන්න ඕන. ඔහු රාජ්‍ය පාලකයකු, නැත්නම් මෙරට සම්ප්‍රදාය අනුව රාජ්‍යයේ භාරකාරයා විය යුතුයි. නීතිය නැවීම, නීතිය කැඩීම ආදිය ඔහුගෙන් බලාපොරොත්තු නොවිය යුතු ය. එහෙත් දේශපාලනඥයන් වැඩ කරන්නේ වෙනත් අයුරකින්. එබැවින් දේශපාලනඥයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කිරීමට සිදු වී තියෙනවා. අද නව ඇමති මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිතයි. එය පහළොස් දෙනකුට සීමා වීමට යන බවට ආරංචි පැතිරෙනවා. එය සුබ නිමිත්තක්. ගෝඨාභය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ නායකයා. ඔහු සංධානයට ගරු කරාවි.
දින කිහිපයක් කල් මරමින් සිටි රනිල් අද අගමැති කමෙන් අස්වීමට නියමිතයි. එ ජා පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම දුර දිග ගිහින්. එය තවදුරටත් එක්සත් නැහැ. කිසි දිනෙක ජාතික වූයේ නැහැ. එ ජා ප පැරදුණේ මංගල නිසාවත්, රාජිත නිසාවත්, චම්පක නිසාවත් වෙනත් කවුරුන් නිසාවත් නො වෙයි. පරාජය මංගලගේ පිටින් යවන්න බැහැ. ඔහු බෞද්ධයකු නො වෙයි. බෞද්ධයකු යනු පළමුවෙන් ම තිසරණ සරණ ගිය අයෙක්. මංගල දෙසරණ සරණ ගිය අයෙක්. එහෙම අයකු ඉන්න පුළුවන් පස්වග තවුසන් පැවිදි වීමට පෙර පමණයි. මංගලලා රාජිතලා චම්පකලා ගැන කතා කරල වැඩක් නැහැ.
එ ජා ප පැරදුණේ එය බටහිර ගැති පක්‍ෂයක් නිසා. ජාතික මතවාද ශක්තිමත් වන විට බටහිර ලිබරල්වාදයටවත් මාක්ස්වාදයටවත් තැනක් නැහැ. ජ වි පෙරමුණට සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂවලට අත් වූ ඉරණම ම ලැබේවි. වික්‍රමබාහුගේ න ස ස ප අපේක්‍ෂකයාට හරි පෙරටුගාමී අපේක්‍ෂකයාට හරි ඡන්ද කීයක් ලැබුණා ද කියා හොයන කෙනෙක් නැහැ. ගෝඨාභයට අනෙක් අපේක්‍ෂකයන් සියල්ල ම එකට ගැනීමෙන් පසුවත් වැඩි ඡන්ද හය ලක්‍ෂයක් පමණ තියෙනවා.
ජ වි පෙරමුණ පැරදුනේ ඇයි කියල අහන එක ම මෝඩ ප්‍රශ්නයක්. ඒ පක්‍ෂය දිනාවි කියල කවුරුන්වත් හිතන් හිටිය ද? ජ වි පෙරමුණට ඡන්ද අඩු වුණේ මොක ද කියල අහන එකත් ඒ වගේ ම ප්‍රශ්නයක්. එහි ඡන්ද ප්‍රමාණය වැඩි වෙයි කියල හිතන් හිටියෙ කවුද? සිංහල බෞද්ධ විරෝධී යන එන මං නැතිව ඉන්න සරසවි ඇදුරන්, සිවල් සාමාජිකයන් ආදී කිහිප දෙනකු එසේ සිතා ඉන්න ඇති. ඒ අය සතපහකට මායිම් කරන්න අවශ්‍ය නැහැ.
එ ජා පක්‍ෂය විතරයි අද ජාතිකත්වයට විරුද්ධ සැලකිය යුතු පක්‍ෂයකට තියෙන්නෙ. එ ජා පක්‍ෂය උත්පත්තියෙන් ම සිංහල බෞද්ධ විරෝධියි. එය රනිල්ගෙ හරි මංගලගෙ හරි සජිත්ගෙ හරි පෞද්ගලික විරුද්ධතාවකට වඩා පක්‍ෂයෙ විරුද්ධතාවක්. අද සජිත්ගෙ පිරිවර තමයි ගෝඨාභයට විරුද්ධ ව ඉන්න ප්‍රධාන ම පිරිස. ඔවුන් මෙහෙයවනු ලබන්නෙ බටහිරටත් වඩා ඉන්දියාවෙ හා ලංකාවෙ මහාරාජලා විසින්.
සජිත්ගෙ පිරිස කී දෙයක් නම් අපි ආණ්ඩුව දෙන්නම් හැබැයි මැතිවරණයකට යෑමට අවශ්‍ය තුනෙන් දෙක දෙන්නෙ නැහැ කියලා. ඔවුන්ට අවශ්‍ය ගෝඨාභයගෙ ආණ්ඩුව අපකීර්තියට පත් කරල මැතිවරණයකට මුහුණ දීමට. හැකි ඉක්මණින් මැතිවරණයක් පැවැත්වීම සජිත්ලට අවාසියි. ජාතික ව්‍යාපාරයෙත් සමහර අය අද කියනව මැතිවරණයක් දැන් ම අවශ්‍ය නැහැ කියල. ඔවුන් ඉටු කරන්නෙ සජිත්ගෙ වුවමනාව. ඔවුන්ට තමයි අවශ්‍ය වුනෙ මාලිමාව ( ජ වි පෙ මාලිමාව නොවෙයි) අනෙක් පැත්තට හරවන්න. ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනා කළා. බොරු පංඩිත කතාවලින් ඒ යෝජනාව වහන්න බැහැ. ඒ යෝජනාව කෙළෙ කාගෙ වුවමනාවට ද කියන එකත් අප දන්නවා.
අද ඒ යෝජනාව පිටුපස හිටිය සමහරු සංධානයෙන් ශ්‍රී ල නි පක්‍ෂය ඉවත් කර පොදුජන පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වීමට උත්සාහයක් දරනවා. අද පොදුජන පෙරමුණ හා ශ්‍රී ල නි ප අතර සමගිය තව තවත් තහවුරු කරන්න ඕන. මා හිතනවා මෛත්‍රිපාලට ගෞරවනීය තැනක් ලැබේවි කියා.
රනිල් අස්වුනත් නැතත් ගෝඨාභයට තිබුණ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්න. 2015 ජනවාරියෙ මෛත්‍රිපාල අගමැති ලෙස රනිල් පත් කෙළෙ දි මු ජයරත්න අස්වුනාට පස්සෙ නො වෙයි. ඒ කාලෙ කවුරුන්වත් කතා කෙළෙ නැහැ දි මු අස්වුනා ද කියල. අස්වෙච්ච බවක් වාර්තා වුනෙත් නැහැ. පස්සෙ අස්වීමේ ලිපියක් ගත්ත වෙන්න පුළුවන්. අගමැති පත් කෙරෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 42(4) අනුව්‍යවස්ථාව අනුව.