diff --git "a/sinhala-news-categories.csv" "b/sinhala-news-categories.csv" new file mode 100644--- /dev/null +++ "b/sinhala-news-categories.csv" @@ -0,0 +1,3328 @@ +comments,labels +ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති සෙප් බ්ලැටර් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.,3 +තමාට එරෙහිව ඇති දූෂණ චෝදනා පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමට මෙලෙස අස්වන බව හෙතෙම මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසූ බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.,3 +"ලෝක පාපන්දු ක්‍රීඩාවේ අනාගතයටත්, කටාර් හා රුසියාව තුළ පැවැත්වීමට නියමිත ඉදිරි පාපන්දු ලෝක කුසලාන තරඟාවලින් වලටද මෙමගින් යම් බලපෑමක් එල්ලවනු ඇතැයි කියැවෙයි.",3 +පසුගියදා පැවති නිලවරණයෙන් පස් වන වතාවටත් තේරීපත්වූ සෙප් බ්ලැටර් ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ ඉහළ පෙල තනතුර 17 වසරක් පුරාවට උසුළා තිබේ.,3 +අන්තර්ජාතික පාපන්දු සංගමයේ නව සභාවතිවරයා ලෙස පස්වන වතාවටත් සෙප් බ්ලැටර් මහතා තේරී පත් වී තිබේ.,3 +79 හැවිරිදි ස්විස්ටර්ලන්ත ජාතික ඔහුට එරෙහිව විවිධ අපවාද චෝදනා නැඟුණේ තම පාලන කාලය ඇතුළත වෙනත් අය විසින් සිදුකළ ඩොලර් මිලියන 100කට වැඩි වංචා සම්බන්ධයෙන් කිසිවක් සිදුනොකළ බව කියමිනි.,3 +කෙසේ වෙතත් ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද 140 පළමු වටයේ දී ම ලබාගැනීමට ඔහු සමත් වී නොමැත.,3 +බ්ලැටර් ඡන්ද 133ක් ලබාගත් අතර ප‍්‍රතිවාදී අලි බින් අල් හුසේන් කුමරුට හිමි කරගත වූයේ ඡන්ද 73ක් පමණි.,3 +ලබන වසරේ තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයට පැමිණෙනු ඇති බවට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.,3 +ලබන වසරේ අප්‍රේල් මසයේදී එම තරඟාවලිය සංවිධානය කිරිමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම්කර ඇත.,3 +ඒ අනුව ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණා මහතා පාකිස්ථානයේ සංචාරයක නිරත විමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.,3 +2009 වසරේදී පාකිස්ථානයේ තරඟ සංචාරයක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහායක් එල්ලවුණි.,3 +පන්දු රැකී‍ම සම්බන්ධයෙන් දින 10ක කෙටි කාලීන පුහුණුවක් ලබාදීම සඳහා දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.,3 +ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජොන්ටි රෝඩ්ස් මෙම සංචාරයේදී ජාතික කණ්ඩායමේ මෙන්ම සෙසු කණ්ඩායම්වලට පන්දු රැකීම සම්බන්ධ විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිත බවයි.,3 +ලබන මාසයේදී ආරම්�� වීමට නියමිත පකිස්ථානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ඉලක්ක කර මෙම විශේෂඥ පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇත.,3 +ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අර්ධ අවසන් තරඟය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.,3 +ඒ ඊයේ පැවති තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 71කින් පරාජය කරමිනි .,3 +තරඟයේ කාසියේ වාසිය දිනූ බැංලෝර් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.,3 +ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තේය.,3 +පිළිතුරු ඉණිම සඳහා පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 19දී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 109 ක් පමණි.,3 +ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.,3 +එම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ලබන ඉරිදා දිනයේ පැවැත්වෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනු ඇත.,3 +බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් විය.,3 +කොළඹදී පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් පන්දුවාර 42.3දි සියල්ලන් දැවී ලකුණු 124ක් රැස් කළ අතර පන්දුවෙන් දස්කම් පෑ ශෂිකලා සිරිවර්ධන ලකුණු 30ට කඩුලු 4ක් බිඳ දැමුවාය.,3 +පිළිතුරු ඉනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 39.2ක් වැය කළ අතර ශෂිකලා යළිත් දක්ෂතා අතරට පැමිණෙමින් පිත්තෙන් ලකුණු 42ක් ලබාගත්තාය.,3 +දෙරට අතර මෙම තරඟාවලියට එක්දින තරග 04ක් ඇතුළත් වේ.,3 +ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිටීම නිසා පළමු තරඟ‍යට මෙන් අද තරඟයට ද නායකත්වය ලබාදුන්නේ ඒෂානි ලොකුසුරියගේය.,3 + දෙරට අතර පළමු තරඟය කඩුලු 5න් ජය ගැනීමට කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය.,3 +අනෙක් තරඟ දෙක ලබන 18 හා 20 පැවැත්වීමට නියමිත අතර ලබන 2017 වසරේ පැවැත්වෙන ‍කාන්තා ලෝක කුසලාන තරඟාවලියට ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් 4 තෝරා ගැනීම සඳහා මෙම තරඟාවලියද පාදක කර ගනියි.,3 +ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයට හිටපු ප්‍රවීණ මළල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්ව තිබේ.,3 + ඒ අද ජාතික ක්‍රීඩා විද්‍යායතන පරිශ්‍රයේ පැවති නිලවරණයේදීය.,3 +නිලවරණය සදහා සුගත් තිලකරත්��� මහතා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන උපාලි කුමාරසිරි මහතා ඉදිරිපත්ව සිටියහ.,3 +නිලවරණයේදී සුගත් තිලකරත්න මහතාට ඡන්ද 83 කුත් උපාලි කුමාරසිරි මහතාට ඡන්ද 24කුත් ලැබුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.,3 +ඒ අනුව සුගත් තිලකරත්න මහතා වැඩි ඡන්ද 59කින් සභාපති ධූරයට තේරි පත්ව ඇති අතර වසර 2ක කාලයක් ඔහු එම ධුරය දරනු ඇත.,3 +ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන වසර මුලදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.,3 +මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඇමතිවරයා හා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීන් අතර අද පස්වරුවේ පැවැත්විණ.,3 +එහිදී නව අතුරු කමිටුවක් පත් කිරීමෙන් පසු ක්‍රිකට් කවුන්සිලයෙන් එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් හෙතෙම කියා සිටියේ එය අතුරු කමිටුව හා තමන් මැදිහත්වීමෙන් සුහදව විසඳාගන්නට කටයුතු කරන බවයි.,3 +ක්‍රිකට් කවුන්සිලයට මේ සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරය දැනුම්දුන් බවද හෙතෙම පැවසීය.,3 +"අද පැවැති සාකච්ඡාවට උපාලි ධර්මදාස, නිශාන්ත රණතුංග, මොහාන්ද සිල්වා, අසංග සෙනෙවිරත්න, අජිත් පැස්කුවල් හා හිරන්ත පෙරේරා යන සහභාගි වී සිටියහ.",3 +ඉදිරි පකිස්ථාන සංචාරය ඇතුළු සංචාර කිහිපයක් අනූව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු තනතුරට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චම්පක රාමනායක මහතා පත්කර තිබේ.,3 +ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජුනි මස 01 වැනිදා සිට මෙම වසර අවසානය දක්වා කාලය සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.,3 +71 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියර ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද සමත් විය.,3 +ඒ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 23ට 22ක් වශයෙන් පරාජයට පත් කරමිනි.,3 +බ්‍රැඩ්බි පළිහ 71 වැනි තරගාවලියේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය විසින් අද හිමිකර ගැනීමට සමත් විය.,3 +ඒ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 49ට බින්දුවක් ලෙස පරාජයට පත් කරමිනි.,3 +ඒ අනූව සමස්ත තරඟාවලිය ලකුණු 72ට 22ක් ලෙස සටහන් විය.,3 +මෙම තරගය අද (23 දා) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.,3 +මහනුවරදී පැවැති පළමු අදියර ලකුණු 23-22 ක්‌ ලෙස තියුණු ජයක්‌ ලැබීමට රාජකීය විදුහල සමත් විය.,3 +අදියර දෙකකින් සමන්විත බ්‍රැඩ්බි පළිහ තරගාවලියේ අදියර දෙකේම වැඩිම ල��ුණු ලබා ගන්නා කණ්‌ඩායමට බ්‍රැඩ්බි පළිහ හිමිවේ.,3 +ඒ අනූව එක්‌ ලකුණක වාසියක්‌ සමග රාජකීය විදුහල අද සටනට පිවිසි අතර අද තරගයේදී ත්‍රිත්ව විදුහලට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.,3 +IPL තරගාවලියේ මුම්බා‍යි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට දඩ මුදලක් නියම කර තිබේ.,3 +"ඒ, පසුගිය 25 වන දා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවති තරගයේදී ඩේවිඩ් වෝනර්ට බැණ වැදීමේ සහ සරදම් කිරීමේ සිද්ධියක් හේතුවෙනි.",3 +"මෙහි විශේෂත්වය වන්නේ, ලසිත් මාලිංගට අදාළ දඩය පැනවූ තරග තීරකවරයා ද ශ්‍රී ලාංකිකයෙකු වීම ය.",3 +ඔහු රොෂාන් මහානාම යි.,3 +සන්රයිසර්ස් හයිදරාබාද් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 9කට දවා ගැනීමෙන් පසු ලසිත් මාලිංග හැසිරුණු ආකාරය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නීතිරීති උල්ලංඝණය කිරීමක් බවට රොෂාන් මහානාම තීරණය කිරීම හේතුවෙන් මෙම දඩය පනවා තිබේ.,3 +"ඒ අනුව, ලසිත් මාලිංගට හිමි තරග ගාස්තුවෙන් 5%ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට සිදුවේ.",3 +මෙම තරගයේදී ලසිත් මාලිංග ලකුණු 23කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස ද සම්මානයට පාත්‍ර විය.,3 +මෙවර IPL තරගාවලියේ මේ වන විට 7 වන ස්ථානයේ පසු වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වාර්තා දෙකක් පිහිටුවා තිබීම විශේෂත්වයකි.,3 +"එක් වාර්තාවක් වන්නේ, පිතිකරුවන්ට ලකුණු ලබා ගත නොහැකි වූ පන්දු (Dot Balls) සංඛ්‍යාවකට මුහුණ දුන් කණ්ඩායම බවට පත්ව සිටීම ය.",3 +එම පන්දු ගණන 370කි.,3 +"එහෙත්, සුවිශේෂී සිදුවීම වන්නේ, වැඩි ම 6 සහ 4 පහර එල්ල කළ කණ්ඩායම බවට ද ඔවුන් පත්ව සිටීම ය.",3 +මුම්බායි ඉන්ඩියන්ස් පිතිකරුවන් මේ වන විට 4 පහර 115ක් සහ 6 පහර 53ක් එල්ල කර තිබේ.,3 +"ඉන් 6 පහර 13ක් එල්ල කර ඇත්තේ, කයිරන් පොලාර්ඩ් ය.",3 +"මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මේ වන විට සහභාගි වූ තරග 7න් ජය ගෙන ඇත්තේ, තරග 2ක් පමණි.",3 +2013 වසරේදී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටියදී හදිසි අනතුරකට ලක්ව කෝමා තත්ත්වයකට පත්වූ මෝටර් රථ ධාවන ශූර මයිකල් ෂූමාකර්ගේ පුත්‍රයා ද මෝටර් රථ ධාවන තරගවල විශිෂ්ටයෙකු බවට පත්වීමේ පෙර නිමිති පළ කර තිබේ.,3 +"මයිකල් ෂූමාකර්ගේ පුත්‍රයා වන 16 හැවිරිදි Mick Schumacher සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේ, පෙරේදා පැවති German Formula Four මෝටර් රථ ධාවන තරගාවලියේදී ය.",3 +"තරග තුනකින් සමන්විත වූ එම තරගාවලියේ අවසන් තරගය ජය ගත්තේ, Mick Schumacher ය.",3 +එහිදී වැඩි ම ලකුණු හිමි කර ගත් නවක ක්‍රීඩකයා ලෙස ද ඔහු නම් කෙරිණි.,3 +"පහත දැක්වෙන්නේ, Mick Schumacher ජයගත් තරගය පිළිබඳව කළ පූර්ව විශ්ලේෂණයක් සහිත වීඩියෝවකි",3 +එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.,3 +"ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි.",3 +"ජේම්ස් ඇන්ඩර්සන්, ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්හි ලැබූ",3 +ඉහළම ස්ථානය මෙය වේ.,3 +ශ්‍රී ලංකාවේ රංගන හේරත් 4 වැනි ස්ථානයේ රැඳී සිටී.,3 +ඒ අනුව ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මෙසේය.,3 +01 – ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව),3 +02 – ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය),3 +03 – රයන් හැරිස් (ඔස්ට්‍රේලියාව),3 +04 – රංගන හේරත් (ශ්‍රී ලංකාව),3 +05 – මිකෙල් ජොන්සන් (ඔස්ට්‍රේලියාව),3 +06 – ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය),3 +07 – වර්නන් ෆිලැන්ඩර් (දකුණු අප්‍රිකාව),3 +08 – ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය),3 +09 – ටිම් සවුදි (නවසීලන්තය),3 +10 – මෝර්නි මෝර්කල් (දකුණු අප්‍රිකාව),3 +ලන්ඩන් මැරතන් තරගයේදී අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මැරතන් ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට සමත් විය.,3 +ඊයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට 14 වන ස්ථානය හිමි විය.,3 +පැය 2යි මිනිත්තු 14යි තත්පර 47ක කාලයකින් ඔහු තරගය අවසන් කළේ ය.,3 +ඒ අනුව ඔහු ඊයේ බිඳ දැමුවේ 1975 වසරේදී එස්.එල්.බී. රෝසා පිහිටුවා තිබූ වාර්තාව යි.,3 +ඔහු පැය 2යි මිනිත්තු 14යි තත්පර 31ක කාලයක් සටහන් කරමින් එම වාර්තාව පිහිටුවා තිබිණ.,3 +බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.,3 +ග්‍රැනේඩාහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 299ට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 464ක් රැස් කළේය.,3 +බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 307කට සීමා විය.,3 +ක්‍රෙයිග් බ්‍රේත්වෙයිට් ලකුණු 116යි.,3 +ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 43ට කඩුලු 4ක් දවා ගත්තේය.,3 +"ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 143ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් තරගය ජය ගත්තේ පන්දුවාර 41යි පන්දුවක් අවසානයේ කඩුල්ලක් දැවී සිටියදී ය.",3 +එංගලන්ත නායක ඇලෙස්ටෙයාර් කුක් ඉනිම දෙකේදීම අර්ධ ශතක වාර්තා කළේය.,3 +"මේ අතර, ගැරී බැලන්ස් ලකුණු 81ක් රැස් කළේ, සිය ටෙස්ට් ලකුණු දහස සීමාව පසු කරමින් ය.",3 +ඉනිම් 17ක් තුළ එම සීමාව පසු කළ ගැරී බැලන්ස් වාර්තා අතරට එක් වූයේ වේගවත්ම ටෙස්ට් ලකුණු දහස රැස් කළ තුන්වැනි,3 +එංගලන්ත පිතිකරු ලෙසයි.,3 +එංගලන්ත පළමු ඉනිමේදී ලකුණු 182ක් රැස් කළ ජෝ රූට් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.,3 +"තරග 1ට 0ක් ලෙස එංගලන්තය තරගාවලියේ පෙරමුණේ පසුවන අතර, අවසන් තරගය ලබන මස 01 වන දා බ්‍රිජ්ටවුන්හිදී",3 +ආරම්භ වීමට නියමිතය.,3 +ක්‍රිකට් යනු එංගලන්තයෙන් ඉපදී ලොව වටා රටවල් ගණනාවක ප්‍රචලිත වූ ක්‍රිඩාවකි.,3 +බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් යනු බොහෝ විට විනෝදයෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ලෙස ප්‍රචලිත වී තිබේ.,3 +ඊට අමතරව ඔවුන් ආන්දෝලනාත්මක ක්‍රියාවල නිරත වන කණ්ඩායමක් ලෙස ද නම් දරා සිටී.,3 +"ඒ අනුව, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ගේ ක්‍රියාවක් හේතුවෙන් ඔවුන් යළි ත් වරක් ආන්දෝලනාත්මක කණ්ඩායමක් බවට පත්ව තිබේ.",3 +"ඒ, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය.",3 +කොදෙව් දූපත්හිදී පැවැත්වෙන තරගයේ 3 වෙනි දිනයේදී ලකුණු 8කට දැවී ගිය එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන බෙන් ස්ටෝක්ස්ට මාලන් සැමුවෙල්ස් සිය ආචාරය පුද කළේය.,3 +බෙන් ස්ටෝක්ස් දැවී යාමෙන් අනතුරුව යළි ක්‍රීඩාගාරය බලා යන අවස්ථාවේදී මාලන් සැමුවෙල්ස් ඔහුගේ තොප්පිය පපුව මත තබා ගනිමින් දකුණු අතින් ආචාර කළේ ය.,3 +මේ වන විට සැමුවෙල්ස්ගේ මෙම ආන්දෝලනාත්මක ක්‍රියාව ජාත්‍යන්තර විචාරකයින්ගේ කතාබහට ලක්ව තිබේ.,3 +"ඒ අනුව, බටහිර ඉන්දීය කොදෙව් පන්දු පුහුණුකරු ශ්‍රීමත් කර්ට්නි ඇම්බ්‍රෝස් පවසන්නේ, සැමුවෙල්ස් කළ එම ක්‍රියාවේ කිසිදු වරදක් නොමැති බව ය.",3 +"මේ අතර, හිටපු එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක මයිකල් වෝන් ද මෙලෙස සැමුවෙල්ස්ට ප්‍රශංසා කර තිබේ.",3 +"ඔහු පවසා ඇත්තේ, මාලන් සැමුවෙල්ස්ගේ ක්‍රියාව යහපත් එකක් බව ය.",3 +ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමෙහි 4වන ස්ථානයේ පසුවන ස්පාඤ්ඤ ක්‍රිඩක රෆායල් නඩාල්ට බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.,3 +වසර 12කට පසුව මෙම තරගාවලියේදී ඔහු ලැබූ දැවැන්තම පරාජය මෙය වේ.,3 +බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ 3වන වටයේ තරග කිහිපයක් ඊයේ පැවැත්විණි.,3 +"කලක් ටෙනිස් ශ්‍රේණිගත කිරිමෙහි පෙරමුණේ රැඳී සිටි ස්පාඤ්ඤ සුපිරි ක්‍රීඩක රෆායල් නඩාල් සමග තරග කළේ, ඉතාලියේ ෆැබියෝ ෆොනීනි ය.",3 +තරගයේ පළමු වටය ලකුණු 6:4ක් ලෙස ෆොනීනි ��ය ගත්තේ ය.,3 +"දෙවන වටය ආරම්භයේ සිට ම තියුණු මුහුණුවරක් ගත් අතර ෆොනීනි එම වටය ජය ගත්තේ, ලකුණු 7:6ක් ලෙස ය.",3 +ඒ අනුව තරග වට 2:0ක් ලෙස සමස්ත තරගය ජය ගත් ෆැබියෝ ෆොනීනි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.,3 +2013 වසරෙන් අනතුරුව බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේදී,3 +නඩාල් ලැබූ දැවැන්ත ම පරාජය මෙය වේ.,3 +"ෆොනීනිට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමෙහි හිමිව ඇත්තේ, 13 වන ස්ථානයයි.",3 +ඔහු අද පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඇන්ඩුහා සමග තරග වැදීමට නියමිත ය.,3 +"3වන වටයේ තව ත් තරගයක් පැවැත්වු‍ණේ, ජපානයේ කෙයි නිෂිකොරි සහ කොලොම්බියාවේ සැන්තියාගෝ කිරාල්ඩෝ අතර ය.",3 +නිෂිකෝරි තරග වට 2:0ක් ලෙස පහසුවෙන් ජය ගත්තේ ය.,3 +"ලකුණු තත්ත්වය දැක්වුණේ, 6:2ක් සහ 6:1ක් ලෙස ය.",3 +නිෂිකොරි අර්ධ අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤයේ රොබටෝ බවුටිස්ටා සමග තරග වදිණු ඇති.,3 +එක්දින තරග ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකදී වාර්තා කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව අද රැස් කළේ ය.,3 +"ඒ, පකිස්ථානයට එරෙහිව මීර්පුර්හිදී පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 329ක් වාර්තා කරමිනි.",3 +"බංග්ලාදේශ කණ්ඩායම එම තරගය ජය ගත්තේ, ලකුණු 79 කිනි.",3 +තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගත් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 329ක් රැස් කළේ ය.,3 +තරගයේ පළමු කඩුලු 2 ලකුණු 67 ක් තුළ බිඳ වැටුණු ද තමීම් ඉක්බාල් සමගින් පිටියේ ස්ථාවර වූ මුෂ්ෆික රහීම් 3 වන කඩුල්ලට ගොඩ නැගූ සබඳතාව ලකුණු 178 කි.,3 +"තමීම් ඉක්බාල් සිය එක්දින දිවියේ 5 වන ශතකය වාර්තා කරමින් ලකුණු 132ක් රැස් කළ අතර කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆික රහීම් අද වාර්තා කළේ, එක්දින දිවියේ 3 වන ශතකයයි.",3 +වාහාබ් රියාස් පන්දුවාර 10 කදී ලකුණු 59 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය.,3 +"ලකුණු 330ක ඉල්ක්කයක් සඳහා පිටියට පිවිසි පකිස්ථානයේ පළමු කඩුල්ල ලෙස සෆ්රාස් අහමඩ් ලකුණු 24 කට දැවී ගියේ, මුළු ලකුණු සංඛාව 53ක් ලෙස සටහන්ව තිබියදී ය.",3 +එක්දින දිවියේ 5 වන අර්ධ ශතකය වාර්තා කළ නායක අසාර් අලී ලකණු 72 ක් රැස් කළේ ය.,3 +හැරිස් සොහිල් ලකුණු 51ක් රැස් කළේ ය.,3 +පළමු පෙළ තුන් දින තරගයක පළමු ඉනිමේදී අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායමක් එම තරගයෙන් ජය ගත් පුවතක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය.,3 +"පනාගොඩ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී එම තරගය පැවැත්වුණේ, අප්‍රේල් 10,11 සහ 12 යන දිනවල ය.",3 +තරගය ගාල්ල ක්‍රිකට් සමාජය සහ ගුවන් හම���දා කණ්ඩායම අතර පැවැත්විණි.,3 +පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රිකට් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 31කට බිඳ වැටිණි.,3 +ඊට පිළිතුරු ලෙස ගුවන් හමුදා කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු 215ක් රැස් කළේ ය.,3 +ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිමේදී ලකුණු 295ක් රැස් කළ අතර ගුවන් හමුදා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 107කදී බිඳ වැටිණි.,3 +"ඒ අනුව, ලකුණු 4ක තියුණු ජයක් හිමි කර ගැනීමට ගාල්ල ක්‍රිකට් සමාජය සමත් විය.",3 +ආසියානු වාර්ෂික සම්මාන උළෙලේදී සංගක්කාර සම්මානයෙන් පිදුම් ලබයි,3 +ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර පස්වැනි ආසියානු සම්මාන උළේලේදී ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙවර සඳහා පිරිනමන සම්මානය මෙවර දිනා ගත්තේ ය.,3 +"ව්‍යාපාරික, ක්‍රීඩා කලා වැනි විවිධ අංශවලට විශිෂ්ට සේවයක් කළ ආසියානු ජාතිකයින් ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල එංගලන්තයේදී වාර්ෂිකව පැවැත් වේ.",3 +එංගලන්තය වෙනුවෙන් වැඩි ම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගනිමින් ශ්‍රීමත් ඉයන් බෝතම් පිහිටුවා තිබූ වාර්තාව අභිබවා යෑමට වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත් විය.,3 +"ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාමට එරෙහිව ඇන්ටිගුවාහිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය.",3 +එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඇන්ටිගුවාහිදී ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් විය.,3 +තරගයේ ජයග්‍රහණයට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 438කි.,3 +කොදෙව්වන් ඊයේ තරගය අවසන් වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 350ක් රැස් කරගෙන සිටියේ ය.,3 +එම තරගයේ ඉනිම දෙකේදීම එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් දවා ගත් කඩුලු ගණන 4කි.,3 +බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් රාම්ඩීන් ඊයේ දවා ගැනීමත් සමග ශ්‍රීමත් ඉයන් බෝතම්ගේ,3 +ටෙස්ට් කඩුලු 383 වාර්තාව අභිබවා යෑමට ඇන්ඩර්සන් සමත් විය.,3 +ඒ අනුව ඔහු මේ වනවිට ලබාගෙන සිටින ටෙස්ට් කඩුලු ගණන 384කි.,3 +බංග්ලාදේශය පළමු වරට පකිස්ථානයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය.,3 +"ඒ, දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කඩුලු 7කින් ජය ගනිමිනි.",3 +තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන නායක අසාර් අලී පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.,3 +ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 239කි.,3 +පකිස්ථාන පළමු කඩුලු 5 ලකුණු 77ක් තුළ බිඳ වැටිණ.,3 +හාරිස් සොහේල් සහ සහිඩ් නසීම් අතර 6 වන කඩුල���ලේ සබඳතාව ලකුණු 77කි.,3 +සහිඩ් නසීම් සමග එක් වූ වහාබ් රියාස් පකිස්ථාන 7 වන කඩුල්ලට ලකුණු 85ක නොබිදුනු සබඳතාවක් ගොඩනැගූහ.,3 +4 පහර 6ක් සහ 6 පහරක් ද සමගින් නසීම් නොදැවී ලකුණු 77ක් රැස් කළේ ය.,3 +රියාස් නොදැවී ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය.,3 +ශකීබ් අල් හසන් පන්දුවාර 10කදී ලකුණු 51ට කඩුලු 2ක් දවා ගත්තේ ය.,3 +තමීම් ඉක්බාල් සහ සෞම්‍යා සාකාර් බංග්ලාදේශ පිළිතුරු ඉනිම ආරම්භ කළහ.,3 +ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 22කි.,3 +තමීබ් ඉක්බාල් සහ මොහොම් මහමුදුල්ලා බංග්ලාදේශ දෙවැනි කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් ගොඩනැගූහ.,3 +මුශ්ෆිකුර් රහීම් සහ තමීම් ඉක්බාල් අතර බංග්ලාදේශ තුන්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 118 කි.,3 +6 වන එක්දින ශතකය අද වාර්තා කළ ඉක්බාල් ලබා ගත්තේ ලකුණු 116 කි.,3 +මුශ්ෆිකුර් රහීම් ලකුණු 65ක් රැස් කළේ ය.,3 +ලකුණු 240ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථානය තරගය ජයගත්තේ පන්දුවාර 38යි පන්දුවක් අවසානයේ කඩුලු 3ක් දැවී සිටියදී ය.,3 +ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2- 0ක් ලෙස සත්කාරක බංග්ලාදේශය ජය තහවුරු කරගෙන අවසන්.,3 +AB de Villiers යනු ක්‍රිකට් ලෝකයේ වාර්තා පිට වාර්තා තබන විශිෂ්ට ක්‍රීඩකයෙකි.,3 +ඊයේ දිනයේදී ද ඔහුට විශිෂ්ට ලෝක වාර්තාවක් පිහිටුවීමට තිබූ අවස්ථාවක් අවාසනාවන්ත අයුරින් ගිලිහී ගියේ ය.,3 +"කෙසේ වෙතත්, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එරෙහිව ඔහු පන්දු 10කදී ලකුණු 41ක් රැස් කළේ, නරඹන්නන් විස්මයට පත් කරමිනි.",3 +11 වන පන්දුවේදී ඔහු දැවී යාම ත් සමග පන්දු වාර 20 තරගයකදී වාර්තා කළ වේගවත් ම අර්ධ ශතකය රැස් කිරීමේ වාර්තාව ගිලිහිණි.,3 +ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ක්‍රිකට් උපන් රටේ ප්‍රාන්ත තරගාවලියේ සිය පළමු තරගයේදී ම නොදැවී ශතකයක් වාර්තා කිරීමට සමත් විය.,3 +සරේ ප්‍රාන්තය නියෝජනය කරන සංගක්කාර ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ ආරම්භ වූ තරගයේ පළමු දිනය නිමා වන විට නොදැවී ලකුණු 112ක් රැස් කර සිටියේ ය.,3 +ඊට හතරේ පහර 14ක් සහ එක් 6 පහරක් ඇතුළත් විය.,3 +කුමාර් සංගක්කාර සරේ කණ්ඩායමේ තෙවන පිතිකරු (One Down) ලෙස පිටියට පිවිසියේ ය.,3 +එක්දින ක්‍රිකට් තරගයකදී මෙතෙක් රැස් කර ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩක ලියම් ලිවිංස්ටෝන් (Liam Livingstone) ඊයේ සමත් විය.,3 +එහිදී ඔහු පන්දු 138කට පමණක් මුහුණ දෙමින් ලකුණු 350ක් රැස් කළ අතර එය එක්දින තරගයකදී පිතිකරුවෙකු ලකුණු 350ක් රැස් කළ පළමු අවස්ථාව ද වි��.,3 +එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම සඳහා ඔහු 4 පහර 34ක් සහ 6 පහර 27ක් එල්ල කළේ ය.,3 +"ඒ අනුව, 4 පහර සහ 6 පහරවලින් පමණක් ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 298කි.",3 +"ලියම් ලිවිංස්ටෝන් මෙම වාර්තාව පිහිටවූයේ, එංගලන්ත ක්‍රිකට් සමාජ තරගාවලියේ Nantwitch Town සහ Caldy කණ්ඩායම් අතර පැවති තරගයේදී ය.",3 +"එහිදී, ඔහු නියෝජනය කරන Nantwitch Town කණ්ඩායම පන්දු වාර 45කදී කඩුලු 7කට ලකුණු 579ක් රැස් කළේ ය.",3 +21 හැවිරිදි ලියම් ලිවිංස්ටෝන් 1993 වසරේ කම්බර්ලන්ඩ්හි උපත ලැබූවෙකි.,3 +AB de Villiers යනු ලෝකයේ සෑම ක්‍රිකට් ලෝලියෙකුගේ ම ආදරය දිනා ගත් අතිවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකි.,3 +ඔහු කිසිදු පන්දු යවන්නෙකුට මෙල්ල කළ නොහැකි පිතිකරුවෙකු බව අමුතුවෙන් කිව යුතු නැත.,3 +එවන් ක්‍රීඩකයෙකුගේ නොදුටු පැත්තක් ඉහත වීඩියෝවෙන් දැක්වේ.,3 +ඔහු සිය පෙම්වතිය වන ඩැනියෙල් වෙත සිය ප්‍රේමය ප්‍රකාශ කළ ආකාරය ද එහිදී ඩිවිලියර්ස් රඟ දක්වා පෙන්වයි.,3 +"මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, ඩිවිලියර්ස් හින්දි ගීතයක කොටසක් ගායනා කිරීම ය.",3 +දැවැන්ත පෞරුෂයක් ගොඩ නගාගෙන සිටින විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නොදුටු දක්ෂතා මෙමගින් දැකගත හැකි වනු ඇත.,3 +ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Asia Cup) වෙනස්කම් රැසක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.,3 +"ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී සයඩ් අෂ්රෆුල් හක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙබ් අඩවියට පවසා ඇත්තේ, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ සිට පන්දු වාර 20 තරගාවලියක් ලෙස පවත්වන බව ය.",3 +"කෙසේ වෙතත්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන වසරවලදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පන්දු වාර 50 තරගාවලියක් ලෙස පැවැත්වීමට තීරණය වී තිබේ.",3 +"මේ වන විට ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාව, පකිස්ථානය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලට අමතරව තවත් සුදුසුකම් සපුරන රටවල් 2ක් සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කෙරේ.",3 +"මීට අමතරව, ලබන ජූනි මස 30 වන දා ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසුරුවා හැරෙන අතර එහි කටයුතු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතට ගැනෙනු ඇත.",3 +IPL තරගාවලි ඉතිහාසයේ වඩාත් ම කැපී පෙනුණු චරිතයක් බවට පත්වූ බොලිවුඩ් සුපිරි නිළි ප්‍රීටි සින්ටා Kings XI Punjab සම හිමිකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.,3 +"මේ වන විට 40 වන වියේ පසු වන ප්‍රීටි සින්ටා පවසන්නේ, සිනමාව සහ නිර්මාණකරණයට යළිත් පිවිසීමට ක���ලය එළඹී ඇති බව ය.",3 +ඉන්දියාවේ ජනප්‍රිය නර්තන රියැලිටි වැඩසටහනක් වන Nach Baliye 7 වන අදියරේ විනිසුරුවරියක ලෙස තෝරා ගෙන ඇති අතර ඇය යළි ත් සිනමා ක්ෂේත්‍රයට පිවිසීමට ද අපේක්ෂා කර සිටී.,3 +2008 වසරේ පළමු IPL තරගාවලියේ සිට ම ඇය Kings XI Punjab කණ්ඩායම තරග කළ තරග සියල්ල ම පාහේ නැරඹූ අතර එහිදී සිය කණ්ඩායමට විශාල දිරියක් විය.,3 +"ඇය මාධ්‍යවලට පවසා ඇත්තේ, IPL තරගාවලියට තවදුරට ත් තමන් අවශ්‍ය නොවනු ඇති බව ය.",3 +"ඒ අනුව, මෙවර IPL තරගාවලිය ඇයගේ අවසන් තරගාවලිය වනු ඇත.",3 +ඇය හිමිකාරීත්වය දැරූ Kings XI Punjab කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු හෝ ප්‍රීටි සින්ටා තරග පාවා දීම් සම්බන්ධ කිසිදු චෝදනාවකට ලක් නොවීම විශේෂත්වයකි.,3 +පසුගිය IPL තරගාවලියේ අවසන් තරගය පරාජය වීමෙන් පසුව ප්‍රීටි සින්ටා අතිශය සංවේදී වූ අවස්ථාව පහත වීඩියෝවෙන් දැක්වේ.,3 +2012 වසරේ පන්දුවාර විස්සයි 20ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පකිස්ථානය නියෝජනය කළ දඟ පන්දු යවන්නෙකු වන රාසා හසන් මත් ද්‍රව්‍ය භාවිත කළ බවට හෙළිවී තිබේ.,3 +පකිස්ථානයේ පැවති දේශීය තරගයක් අතරතුර තහනම් උත්තේජන ඖෂධ භාවිත කළා ද නැද්ද යන්න පරීක්ෂා කිරීමට රාසා හසන්ගෙන් සාම්පල ලබා ගත් බවට මාධ්‍ය වාර්තා කළේ ය.,3 +"ඒ අනුව එම සාම්පල ඉන්දියාවේ රසායනාගාරයකදී සිදුකළ පරීක්ෂණයකදී හෙළිවී ඇත්තේ, ඔහු කොකේන් නමැති මත්ද්‍රව්‍ය වර්ගය භාවත කර ඇති බව ය.",3 +ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ද්විපුද්ගල කමිටුවක් ද පත්කර තිබේ.,3 +"පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ, ඉදිරියේදී රාසා හසන්ට වසර දෙකකට නොඅඩු තරග තහනමක් පැනවීමේ හැකියාව ඇති බව ය.",3 +"පාකිස්ථානය වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර තරගයකට හා පන්දුවාර 20-20 ජාත්‍යන්තර තරග 10කට සහභාගී වී ඇති රාසා හසන්, 2012 වසරේ පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ද සහභාගි වී තිබේ.",3 +ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යනු ලෝකයේ ක්‍රිකට් ලෝලීන් අතර වැඩි ම ජනප්‍රියත්වයක් අත් කරගෙන ඇති සුවිශේෂී තරගාවලියකි.,3 +එම තරගාවලිය පුරා විවිධ ආකාරයේ සුවිශේෂී සිද්ධි වාර්තා වේ.,3 +එවැනි සිද්ධියක් ඊයේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර පැවති තරගයේදී ද සිදු විය.,3 +"ඒ, තරගයේ අවසන් පන්දු වාරය යි.",3 +"පන්දු වාරය යැවීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි යෙදවූයේ‍, සිය කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෙකු වන ඩ්වේන් බ්‍රාවෝ ය.",3 +තුන් වන පිතිකරු ලෙස පිටියට පිවිස සිටි ඇල්බී මෝර්කල් ඉදිරියේ එම පන්දු වාරයේදී ලකුණු 19ක අසීරු ඉලක්කයක් පැවතිණි.,3 +පළමු පන්දුවෙන් ඇල්බී මෝර්කල් වාසනාවන්ත 4 පහරක් එල්ල කළේ ය.,3 +දෙවන පන්දුවේදී එක් ලකුණක් සඳහා පැති මාරු විය.,3 +තුන් වන පන්දුවෙන් ඉම්රාන් තාහිර් උඩ පන්දුවක් දී දැවී ගියේ ය. ඒ අතරවාරයේ ඇල්බී මෝර්කල් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා පැති මාරු විය.,3 +ඉතිරි පන්දු 3ට ලකුණු 14ක් ලබා ගැනීමට මෝර්කල්ට සිදු වී තිබිණි.,3 +හතර වන පන්දුවට විශිෂ්ට පහරක් එල්ල කරමින් මෝර්කල් ලකුණු 6ක් ලබා ගත්තේ ය.,3 +"අවසන් පන්දු 2 සඳහා ලබා ගැනීමට ඉතිරිව තිබුණේ, ලකුණු 8ක් පමණි.",3 +පස් වන පන්දුවේදී ලකුණු 4ක් වැළකූ සුරේෂ් රයිනාගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ මෝර්කල්ට ලකුණු 2කින් සෑහීමකට පත්වීමට සිදු විය.,3 +අනතුරුව අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 6ක් ලබා ගැනීමේ අභියෝගය මෝර්කල් ඉදිරියේ තිබිණි.,3 +අවසන් පන්දුවට මෝර්කල් වැරෙන් පහරක් එල්ල කළ අතර හයේ සීමාවට අඟල් කිහිපයක් මෙපිටින් පන්දුව බිම පතිත වීම නිසා ලකුණු 4ක් පමණක් ලැබිණි.,3 +"ඒ අනුව, ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා ඇල්බී මෝර්කල් දැරූ හුදකලා උත්සහය අවාසනාවන්ත ලෙස ව්‍යර්ථ විය.",3 +ක්‍රීඩකයින් තේරීම පමණක් තේරීම් කමිටුවක වගකීම නොවන බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටු‍වේ සභාපති කපිල විජේගුණවර්ධන මහතා පවසයි.,3 +අද ස්පොර්ට්ස්ෆස්ට් සමග සම්මුඛ සාකඡාවකට එක්වෙමින් විජේගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ ය.,3 +ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙකු කපිල විජේගුණවර්ධන මහතා 1988 වසරේ සිට 1992 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.,3 +සී.සී.සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ දක්ෂ දකුණත් වේග පන්දු යවන්නෙකු වූ කපිල විජේගුණවර්ධන මහතා ටෙස්ට් තරග 2 කට සහ එක්දින තරග 26 කට ක්‍රීඩා කර තිබේ.,3 +"ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ වගකීම් පැහැදිලි කළ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, තේරීම් කමිටු එල්ල වන බලපෑම් සහ විවේචන සාමන්‍ය දෙයක් බව ය.",3 +"මෙරට ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායමට ඇතුළත්වීමට ඇත්තේ, ඉතා සීමිත අවස්ථාවක් බව ද තේරීම් කමිටු සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ ය.",3 +"අභාවප්‍රාප්ත වූ හිටපු ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායකයෙකු මෙන්ම ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ රිචී බෙනෝගේ අවසන් කටයුතු, ඔහු���ේ අවසන් කැමැත්ත පරිදි රාජ්‍ය ගෞරව රහිතව සිදු කරන බව ඔහුගේ භාර්යාව වන ඩැෆ්නී සර්ෆ්ලීට් එරට අග්‍රාමාත්‍යවරයාට දන්වා තිබේ.",3 +"පිළිකා රෝගයෙන් පීඩා විදිමින් සිටියදී රිචී බෙනෝ පසුගිය සිකුරාදා අභවප්‍රාප්ත වූ අතර, ඔහුගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේය.",3 +ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගය ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් අතර පැවැත්විණි.,3 +"තරගයේ ජය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හිමි වුව ද, එම තරගයේ වැඩි අවධානයක් යොමු වූයේ, කොල්කටා කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර්ගේ පිත්ත දෙසට ය.",3 +මුම්බායි කණ්ඩායමේ විනේ කුමාර් යැවූ පන්දුවකට පහර දීමේදී ගෞතම් ගම්භීර්ගේ පිත්ත දෙකට මැදින් කැඩී ගියේ ය.,3 +එම අවස්ථාව දුටු ගම්භීර්ගේ සමීප මිතුරෙකු ද වන ඉන්දීය ක්‍රීඩක යුව්රාජ් සිං Tweet පණිවුඩයක් මගින් ගම්භීර්ට සරදමක් ද කළේ ය.,3 +2015 වසරේ Wisden දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබේ.,3 +"Wisden සඟරාව මගින් කුමාර් සංගක්කාර දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ, පසුගිය වසරේ ඔහු දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමිනි.",3 +2014 වසරේදී සංගක්කාර ලකුණු 2868ක් රැස් කළේ ය.,3 +"එය, ඕනෑ ම පිතිකරුවෙකු වසරකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් විය.",3 +"Wisden සඟරාවේ සංස්කාරක ලෝරන්ස් බූත් පවසන්නේ, කුමාර් සංගක්කාර පසුගිය වසරේදී සිය උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කළ බව ය.",3 +වසරේ හොඳ ම ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර නම් කිරීම සාධාරණ බව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔහු ශතක 4ක් වාර්තා කිරීම මගින් වඩා ත් තහවුරු වූ බව ද ඔහු පැවසීය.,3 +විශිෂ්ට ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම පිළිබඳව Wisden සඟරාව බෙහෙවින් කනගාටු වන බව ද ලෝරන්ස් බූත් සඳහන් කළේ ය.,3 +නීතිය සැමට සමාන විය යුතු බව අප අසා තිබුණ ද එය නිසියාකාරව ක්‍රියාත්මක වන බව නම් අප දැක නැත.,3 +"එහෙත්, අසල්වැසි ඉන්දියාවේ නම් තරාතිරම කුමක් වුව ද නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වන බව ඔප්පු වන සිද්ධියක් එරට මාධ්‍යවල වාර්තා කර තිබේ.",3 +"ඒ, ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිට දඩ ගැසූ පුවතකි.",3 +"ඔහු කළ වරද, නීත්‍යනුකූලව අංක තහඩු ප්‍රදර්ශනය නොකරමින් යතුරු පැදියක් ධාවනය කිරීම ය.",3 +ඉන්දීය මෝටර් රථ පනත අනුව යතුරු පැදිවල ඉදිරිපස සහ පසුපස කෙලින් සිට බැලූ විට හොඳින් ප්‍රදර්ශනය වන පරිදි තිරස් අතට අංක තහඩු සවි කර තිබිය යුතු ය.,3 +"එහෙත්, නිසි පරිදි අංක තහඩු සවි නොකර ඔහු උපන් නගරය වන රාංචිහි දෝනි සිය යතුරු පැදිය ධාවනය කර තිබේ.",3 +එහි ඉදිරිපස මඩ ආවරණයෙහි අංකය සඳහන් වුව ද එය නීත්‍යනුකූල නොවේ.,3 +"ඉන්දීය පොලීසිය ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මහේන්ද්‍ර සිං දෝනිගේ නිවසට පොලිස් නිලධාරියෙකු යවා රු. 500ක් දඩ වශයෙන් ලබා ගත් බව ය.",3 +දෝනි එහිදී සිය වරද වටහා ගෙන කැමැත්තෙන් ම දඩය ගෙවූ බව පොලීසිය පවසා තිබේ.,3 +ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද පත් කෙරිණි.,3 +"ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කපිල විජේගුණවර්ධන මහතා පත් කර තිබේ.",3 +"මෙම කමිටුවට අමල් ද සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ හේමන්ත වික්‍රමරත්න ද ඇතුළත් ය.",3 +ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමිව තිබේ.,3 +වසර ගණනාවක් තිස්සේ පරාජය ලබමින් සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජය මාවතට රැගෙන ආ ශ්‍රී ලාංකික පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කුඩම්මාගේ සැලකිලි දැක්වීම‍ට පටන්ගෙන තිබේ.,3 +ඩේව් වට්මෝර් දුර්වල කණ්ඩායම් ජයග්‍රහණය කරා රැගෙන යන පුහුණුකරුවෙකු ලෙස නම් දරා තිබුණ ද ඔහුට ද බංග්ලාදේශය ගොඩ ගැනීමට නොහැකි විය.,3 +"එහෙත්, නිහඬව සිය මෙහෙවර ඉටු කළ අපේ චන්දික හතුරුසිංහ ‘වැඩ බැරි’ බංග්ලාදේශය, ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා රැගෙන ආවේ ය.",3 +"එහෙත්, අර්ධ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව හමුවේ බංග්ලාදේශය පරාජයට පත් විය.",3 +එම පරාජයෙන් පසුව කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරන ලද එම කණ්ඩායම සම්බන්ධයෙන් විවේචනයක් කළේ ය.,3 +"ඔහු සඳහන් කළේ, ඉන්දියාව සමග ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ඒ සඳහා සුදුසු ම කණ්ඩායම නොවූ බව ය.",3 +මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එරට ක්‍රිකට් මෙහෙයුම් කමිටුවේ සභාපති නයිමූර් රහමන් චන්දික හතුරුසිංහගේ අදහස් පළ කිරීම දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.,3 +"ඔහු පවසා ඇත්තේ, පුහුණුකරුගේ කාර්යය කණ්ඩායම නිසි පරිදි පුහුණු කිරීම පමණක් බව ය.",3 +"පුහුණුකරුට තේරීම් කමිටුවේ තීරණ විවේචනය කිරීමට කිසිදු අයිතියක් නැති බව ත්, එය චර්යා ධර්ම උල්ලංඝණය කිරීමක් බව ත් ඔහු පවසා තිබේ.",3 +මේ සම්බන්ධයෙන් නයිමූර් රහමන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට ද පැමිණිලි කර ඇත.,3 +ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චානක වෙලගෙදර ලෝක වාර්තාවක් සම කර තිබේ.,3 +"ඒ, පන්දු වාර 20 ක්‍රිකට් තරගයක හොඳ ම පන්දු යැවීම වාර්තා කරමිනි.",3 +ටැමිල් යුනියන් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් SSC කණ්ඩායමට එරෙහිව චානක වෙලගෙදර එම දක්ෂතාව දක්වා තිබේ.,3 +එහිදී යැවූ පන්දු වාර 4 තුළදී ලකුණු 2ක් පමණක් ලබා දී කඩුලු 4ක් බිඳ හෙළීමට චානක වෙලගෙදර සමත් විය.,3 +ඉන් පන්දු වාර 2ක් නිලකුණු පන්දු වාර වීම ද විශේෂත්වයකි.,3 +"ඔහු සම කළේ, පසුගිය නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙකු වන ක්‍රිස් මොරිස් කේප් කෝබ්‍රාස් කණ්ඩායමට එරෙහිව පිහිටවූ වාර්තාව ය.",3 +ඔහු එහිදී පන්දු වාර 4කදී ලකුණු 2ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් බිඳ හෙළී ය.,3 +"ඔහු සිය දියණිය සහ බිරිඳ සාක්ෂි සමග මාධ්‍ය ඉදිරියේ මෙලෙස පෙනී සිට ඇත්තේ, ඔහුගේ උපන් නගරය වන බිර්සා මුන්දා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ය.",3 +පසුගිය පෙබරවාරි 6 වන දා දෝනිගේ දියණියගේ උපත සිදු වූ අවස්ථාවේ ඔහුට සිය අලුත උපන් බිළිඳිය දැක බලා ගැනීමට අවස්ථාවක් උදා නොවී ය.,3 +"ඒ, ඒ වන විට ඔහු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටි බැවිනි.",3 +මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දෝනි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති.,3 +ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ අදියර 8දී ම කණ්ඩායමක නායකත්වය දැරූ එක ම ක්‍රීඩකයා වන්නේ ද මහේන්ද්‍ර සිං දෝනි ය.,3 +ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි තවත් වාර්තාවක් පිහිටුවා තිබේ.,3 +"ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අදියර අටේදී ම කණ්ඩායමක නායකත්වය දැරූ එක ම ක්‍රීඩකයා බවට පත්වෙමිනි.",3 +"ඔහු, 2008 වසරේ පැවති පළමු අදියරේ සිට අනිද්දා ඇරඹෙන 8 වන අදියර දක්වා අඛණ්ඩව චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ නායකත්වය දරයි.",3 +2008 වසරේ සිට 2014 වසර දක්වා ‍පැවති අදියර හතේදී Chennai Super Kings කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේ තරග 102කට සහභාගි වී තිබේ.,3 +ඉන් ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 60ක් වන අතර තරග 40ක් පරාජය වී ඇත.,3 +ඔවුන් දෝනිගේ නායකත්වය යටතේ 2010 සහ 2011 වසරවලදී IPL කුසලානය දිනා ගැනීමට සමත් විය.,3 +මහේන්ද්‍ර සිං දෝනි හැර වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු IPL අදියර සියල්ලේදී ම කණ්ඩායමක නායකත්වය දරා නොමැත.,3 +වත්මන් ක්‍රිකට් පිතිකරුවන්ට භී���ිකාවක් වූ කොදෙව් සුපිරි දඟ පන්දු යවන්නා වන සුනිල් නරයින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැවති සියලු සැක සංකා දුරු වී තිබේ.,3 +"ඒ අනුව, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට හිමිව ඇත.",3 +පසුගිය චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැමිණිලි ඉදිරිපත් විය.,3 +"ඒ අනුව, ඔහුට සිය ඉරියව්ව වෙනස් කර ගැනීමට සිදු විය.",3 +"නව ඉරියව්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අනුමත කරනු ලැබූ නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, මෙවර IPL තරගාවලියට සහභාගි වීමට නම් සුනිල් නරයින් ඉන්දියාව තුළදී යළි පරීක්ෂණයකට ලක් කළ යුතු බව ය.",3 +"මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය අනතුරු අඟවමින් අවධාරණය කළේ, සුනිල් නරයින් නොමැතිව සිය කණ්ඩායම මෙවර IPL තරගාවලියට සහභාගි නොවන බව ය.",3 +"කෙසේ වෙතත්, ඉන්දියාව තුළදී කළ පරීක්ෂණයෙන් ද සුනිල් නරයින් සමත්ව ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.",3 +2012 වසරේ සිට 2014 වසර දක්වා IPL තරග 47කට සහභාගි වී ඇති සුනිල් නරයින් කඩුලු 67ක් දවාගෙන ඇති අතර ඔහු පන්දු වාරයකදී ලබා දී ඇති ලකුණු සාමාන්‍යය 5.77කි.,3 +පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ ගැටලුව හේතුවෙන් සුනිල් නරයින්ට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීමට ද නොහැකි විය.,3 +පන්දු වාර 20 ක්‍රිකට් තරගයක නිලකුණු Super Over එකක් වාර්තා කළ ලොව පළමු පන්දු යවන්නා ද සුනිල් නරයින් ය.,3 +"ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ, ‍කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ Amazon Warriors සහ Red Steel කණ්ඩායම් අතර පැවති තරගයේදී ය.",3 +"එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Red Steel කණ්ඩායම කඩුලු 8කට ලකුණු 118ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස Amazon Warriors කණ්ඩායම ද රැස් කළේ, ලකුණු 118කි.",3 +"ඒ අනුව, Super Over අවස්ථාවට යාමට සිදුවූ අතර Amazon Warriors කණ්ඩායම සිය සුපර් ඕවරය තුළ ලකුණු 11ක් රැස් කළේ ය.",3 +ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි Red Steel කණ්ඩායමේ පිතිකරුවන්ට එක ම ලකුණක් හෝ ලබා ගැනීමට පන්දු යැවූ සුනිල් නරයින් ඉඩ ලබා දුන්නේ නැත.,3 +එම විශිෂ්ට පන්දු යැවීම පහතින් නරඹන්න….,3 +ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා හෙට දිනයේ විවාහ වීමට නියමිත ය.,3 +"ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පූර්ව මංගල චා���ිත්‍ර අද දිනයේ සිදු කෙරුණු බව ය.",3 +"28 හැවිරිදි රයිනා විවාහ වීමට නියමිතව ඇත්තේ, ප්‍රියංකා චෞද්රි නමැති තරුණියක් සමග යි.",3 +ඇය නෙදර්ලන්තයේ සේවය කරන බව වාර්තා වේ.,3 +"හෙට දිනයේ පැවැත්වෙන මංගල උත්සවයට දේශපාලනඥයින්, ක්‍රීඩකයින් සහ නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිත ය.",3 +ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී මුස්තාෆා කමාල්ගේ ඉල්ලා අස්වීමට හේතුව ලෝක කුසලාන අවසන් තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය පිරිනැමීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති එන්. සිරිනිවාසන් විසින් කරනු ලැබීම ය.,3 +"සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ජයග්‍රාහී කුසලානය පිරිනමනු ලබන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානියා (President) විසිනි.",3 +"එහෙත්, මෙවර ලෝක කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති (Chairman) විසින් පිරිනමනු ලැබීය.",3 +"ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී මුස්තාෆා කමාල් මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේ, ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරන නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් ඉල්ලා අස් වන බව ය.",3 +එම නිලධාරීන් නිසා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වනු ඇතැයි ඔහු පැවසීය.,3 +මීට පෙර ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති අර්ධ අවසන් තරගයේදී විනිසුරුවරුන් ඉන්දියාවට වාසිසහගත ආකාරයට ක්‍රියා කළ බවට පසුගිය 19 වන දා බංග්ලාදේශ ජාතිකයෙකු වන මුස්තාෆා කමාල් චෝදනා කළේ ය.,3 +"ඔහු එම චෝදනාව කළේ, රෝහිත් ෂර්මා දැවී ගිය පන්දුවක් නිපන්දුවක් ලෙසට වැරදි තීන්දුවක් ලබා දීම සැලකිල්ලට ගෙන ය.",3 +මතභේදයට තුඩු දුන් නිපන්දුව,3 +ප්‍රබල රටවල් කිහිපයකට වැඩි බලතල හිමි වන පරිදි සකස් කළ ක්‍රිකට් කවුන්සිලයේ නව ව්‍යවස්ථාව ක්‍රිකට් ක්‍රීඩාවට හානිදායක බව ද ඔහු අවධාරණය කළේ ය.,3 +"මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (IPL) සඳහා ඇත්තේ, තව දින 8ක් පමණි.",3 +අප්‍රේල් 8 වන දා ඇරඹෙන මෙම තරගාවලිය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.,3 +"ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රමුඛතම දඟ පන්දු යවන්නා වන සුනිල් නරයින් සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවකි.",3 +පසුගිය වසරේ චැම්පියන්ස් කුසලාන පන්දු වාර 20 තරගාවලිය අතරතුරදී පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් චෝදනා ලැබූ සුනිල් නරයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහනමක් පනවනු ලැබීය.,3 +"එහෙත්, පසුව කළ පරීක්ෂණවලින් අනතුරුව ��හුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කළේ ය.",3 +මෙම තත්ත්වය යටතේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී සුනිල් නරයින්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසීමට නම් තවත් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී තිබේ.,3 +බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ට අයත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය ඊට දැඩි විරෝධය පළ කර ඇත.,3 +"ඔවුන් අනතුරු අඟවා ඇත්තේ, මෙවර IPL තරගාවලිය සඳහා සුනිල් නරයින්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදුනහොත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන බවට ය.",3 +ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නරයින්ගේ ඉරියව්ව නිවැරදි බවට පිළිගෙන තිබියදී තවත් පරීක්ෂණයකට ඔහු යොමු කිරීම විහිළුවක් බව ද කොල්කටා නයිට් රයිඩර්ස් කළමනාකාර වෙන්කි මයිසූර් පවසයි.,3 +නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ට දක්ෂතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය සතුට පළ කර තිබේ.,3 +"ඔහු පළ කර ඇති tweet පණිවුඩයක සඳහන් කර ඇත්තේ, ඩැනියෙල් විටෝරි සමග එක්ව ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටු වන බව ය.",3 +"ඊට අමතරව, නවසීලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ඩැනියෙල් විටෝරි, ස්ටීවන් ෆ්ලෙමිං සහ බ්‍රෙන්ඩන් මැකලම් කළ මෙහෙය අගය කරන බව ය.",3 +ඒ පිළිබඳව ඔවුන් ආඩම්බර විය යුතු බව ද සංගක්කාර සඳහන් කර තිබේ.,3 +මනිලාල් ප්‍රනාන්දු මහතාට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසින් පැනවූ ජීවිතාන්ත පාපන්දු තහනම ලෝක ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය අද තහවුරු කරනු ලැබුවේ ය.,3 +මධ්‍යම පළාතේ ලයනල් සමරජීව අවුරුදු ෆෙයාර් 2015 වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළියට සමගාමීව පැවැති මාර්ග ධාවන තරගයේ විවෘත පිරිමි අංශයේ ජය වාර්තා කළේය.,3 +කෙවිල්ටන් ඉලෙක්ට්‍රිකල්ස් ප්‍රයිවට් ලිමිටඩ්හී අනුග්‍රාහකත්වයෙන් පැවැති තරගය තරගය ගැටඹේ පාලම අසලින් ආරම්භ විය.,3 +අවුරුදු ෆෙයාර් 2015 වෙළද ප්‍රදර්ශනයට සමගාමීව පැවති මාර්ග ධාවන තරගය,3 +තරගකරුවන් සෝලාන හන්දිය ඔස්සේ හල්ඔලුවට පැමිණියහ.,3 +ඔවුන් ගොඩගහගොඩ පාසල ඔස්සේ ඉන් පසු ළඟා වූයේ කටුගස්තොටටයි.,3 +"ක්‍රීඩා නිලධාරීන් තිස් දෙනෙක් තරගයේ අධීක්ෂණ කටයුතුවලට එක් වූ අතර, තරගයට පෝෂණ කළාප දෙකක් ඇතුළත් විය.",3 +මහයියාව පසු කළ ධාවකයින් ඓතිහාසික දළඳා මාළිගාව පසුකර ගමනාන්තය වූ කැන්ඩි සි��ි සෙන්ටර් පරිශ්‍රය වෙත ලඟා වූයේ ඉන් අනතුරුවයි.,3 +"මධ්‍යම පළාතේ ලයනල් සමරජීව විවෘත පිරිමි තරගය ජය ගත්තේ, මිනිත්තු 38යි තත්පර 32ක කාලයකින් ය.",3 +"එහි දෙවැනි සහ තුන්වැනි ස්ථාන පිළිවෙලින් දිනා ගත්තේ, මධ්‍යම පළාතේම අසේල බණ්ඩාර සහ නිශ්ශංක කුමාරයි.",3 +"මේ අතර, මධ්‍යම පළාතේ, ඒ.එම්.ටී.එච් අත්තනායක වයස අවුරුදු 20න් පහළ බාලක අංශයේ ජය හිමිකර ගත්තේය.",3 +මධ්‍යම පළාතේම එච්.ජී.ඒ කුලතුංග එහි බාලිකා අංශයේ ජය වාර්තා කළාය.,3 +ලෝක කුසලානය ත් සමග මැකී ගිය ක්‍රිකට් තරු (BRIEF TRIBUTE),3 +මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීම ත් සමග විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ලොවට අහිමි විය.,3 +එසේ සමුගත් ක්‍රීඩකයින් අතරින් වැඩි දෙනෙකු සිය උපරිම දක්ෂතා අතර පසුවන්නන් වීම විශේෂත්වයකි.,3 +මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයින් පිළිබඳ කෙටි සටහනක් පහත දැක්වේ.,3 +1. කුමාර් සංගක්කාර – ශ්‍රී ලංකාව (2000 – 2015),3 +තරග – 404,3 +ලකුණු – 14234,3 +වැඩි ම ලකුණු – 169,3 +ශතක – 25,3 +අර්ධ ශතක – 93,3 +දවා ගැනීම් – 501,3 +2. මහේල ජයවර්ධන – ශ්‍රී ලංකාව (1998 – 2015),3 +තරග – 448,3 +ලකුණු – 12650,3 +වැඩි ම ලකුණු – 144,3 +ශතක – 19,3 +අර්ධ ශතක – 77,3 +3. මිස්බා උල් හක් – පකිස්ථානය (2002 – 2015),3 +තරග – 162,3 +ලකුණු – 5122,3 +වැඩි ම ලකුණු – 96 (නොදැවී),3 +ශතක – 00,3 +අර්ධ ශතක – 42,3 +4. යුනිස් ඛාන් – පකිස්ථානය (2000 – 2015),3 +තරග – 264,3 +ලකුණු – 7240,3 +වැඩි ම ලකුණු – 144,3 +ශතක – 7,3 +අර්ධ ශතක – 48,3 +5. ෂහිඩ් අෆ්රිඩි – පකිස්ථානය (1996 – 2015),3 +තරග – 398,3 +ලකුණු – 8064,3 +වැඩි ම ලකුණු – 124,3 +ශතක – 6,3 +අර්ධ ශතක – 39,3 +කඩුලු – 395,3 +6. බ්‍රෙන්ඩන් ටේලර් – සිම්බාබ්වේ (2004 – 2015),3 +තරග – 167,3 +ලකුණු – 5258,3 +වැඩි ම ලකුණු – 145 (නොදැවී),3 +ශතක – 8,3 +අර්ධ ශතක – 32,3 +7. ඩැනියෙල් විටෝරි – නවසීලන්තය (1997 – 2015),3 +තරග – 295,3 +ලකුණු – 2253,3 +වැඩි ම ලකුණු – 83,3 +ශතක – 00,3 +අර්ධ ශතක – 4,3 +කඩුලු – 305,3 +8. මයිකල් ක්ලාක් – ඔස්ට්‍රේලියාව (2003 – 2015),3 +තරග – 245,3 +ලකුණු – 7981,3 +වැඩි ම ලකුණු – 130,3 +ශතක – 8,3 +අර්ධ ශතක – 58,3 +කඩුලු – 57,3 +නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව පිහිටීම අතින් ද දේශපාලනික වශයෙන් ද බෙහෙවින් සමීප සහ සමාන රටවල් දෙකකි.,3 +රටවල් දෙක ම බ්‍රිතාන්‍ය රැජිණ යටතේ නාමික වශයෙන් පාලනය වන රටවල් දෙකකි.,3 +රටවල් දෙක ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබී ය.,3 +"එහෙත්, එම රටවල් දෙකට අයත් ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහි පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන සිද්ධි දෙකක් අප නෙත ගැටිණි.",3 +නවසීලන්තය අර්ධ අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව ලත් පරාජයෙන් පසුව ඔවුන්ගේ කඳුළු පිස සැනසීමට තරම් මනුෂ්‍යත්වයකින් යුතු වූ බව තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය ග්‍රාන්ට් එලියට් සිය ප්‍රතිවාදී පන්දු යවන්නා අස්වසාලීමෙන් මොනවට පැහැදිලි විය.,3 +"අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ නවසීලන්තය බේරා ගැනීමට හුදකලා සටනක නිරත වූයේ ද, එකී ග්‍රාන්ට් එලියට් ම ය.",3 +"එහෙත්, ලකුණු 83ක් ලබා නවසීලන්තය වෙනුවෙන් තීරණාත්මක ඉනිමක් ගොඩ නැගූ ග්‍රාන්ට් එලියට් දැවී යාමෙන් පසු ඔහුගේ හිත හැදීමට ඔස්ට්‍රේලියානුවන් කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත.",3 +"ඒ වෙනුව‍ට ඔවුන් කළේ, හුදෙකලා විශිෂ්ට සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් දැවී ගිය පසු ඔහුට සරදම් කිරීම ය.",3 +මෙම සිද්ධියෙන් එදා දකුණු අප්‍රිකානුවන්ගේ කඳුළු පිස දැමූ ග්‍රාන්ට් එලියට්ගේ නෙතට කඳුළක් ඉනුවානම් ඒ ගැන පුදුම විය යුතු නැත.,3 +ලෝක කුසලාන අවසන් තරගයේ ප්‍රතිඵලය කුමක් වුව ද රටවල් දෙකෙහි ක්‍රීඩකයින්ගේ වෙනස නම් ඊයේ පැහැදිලිව ලොවට පෙනිණි.,3 +මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය සඳහා අන්තර් පාලන කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.,3 +ඒ අනුව දැනට පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව බල රහිත වනු ඇති.,3 +"ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දින දෙකක් අතුළත මෙම නව අන්තර් පාලන කමිටුව පත් කිරිමට සැලසුම් කර ඇති බව ය",3 +ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද ප්‍රකාශයට පත් කළ 2015 – ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව සිටී.,3 +නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රැන්ඩන් මැකලම් එම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබේ.,3 +"ඔහු එම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ, දින 44ක් තිස්සේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී අවසන් තරගය දක්වා සිය කණ්ඩායම මෙහෙයවමින් කණ්ඩායමට සැබෑ නායකත්වයක් ලබා දීම හේතුවෙනි.",3 +මීට අමතරව මැකලම් ලෝක කුසලාන තරගාවලියේදී තරග 9කට සහභාගී වී අර්ධ ශතක 4ක් ද ඇතුළුව ලකුණු 328ක් රැස් කර තිබේ.,3 +නවසීලන්ත ක්‍රීඩකයින් සිව් දෙනෙකු ම මෙම කණ්ඩායමට ඇතුළත් ව සිටීම විශේෂත්වයකි.,3 +"කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ, ලෝක කුසලාන තරගාවලියේ තරග 6කදී ලකුණු 433ක් රැස් කළ සිම්බාම්වේ බ්‍රෙන්ඩන් මැකලම් ය.",3 +අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නම් කළ ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම මෙසේ ය.,3 +1. බ්‍රැන්ඩන් මැකලම් (නවසීලන්තය – නායක),3 +2. මාර්ටින් ගප්ටිල් (නවසීලන්තය),3 +3. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව – කඩුලු රකින ක්‍රීඩක),3 +4. ස්ටීවන් ස්මිත් (ඔස්ට්‍රේලියාව),3 +5. ඒබී ඩි විලියස් (දකුණු අප්‍රිකාව),3 +6. ග්ලැන් මැක්වෙල් (ඔස්ට්‍රේලියාව),3 +7. කොරේ ඇන්ඩර්සන් (නවසීලන්තය),3 +8. ඩැනියෙල් විටෝරි (නවසීලන්තය),3 +9. මිචෙල් ස්ටාර්ක් (ඔස්ට්‍රේලියාව),3 +10. ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය),3 +11. මෝනි මෝකල් (දකුණු අප්‍රිකාව),3 +12. බ්‍රැන්ඩන් ට්‍රේලර් (සිම්බාබ්වේ),3 +නවසීලන්තයේ බලාපොරොත්තු සුන් කරමින් 5 වන වරට ත් ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව අද සමත් විය.,3 +"ඒ, මෙල්බන්හිදී අද පැවති තරගයෙන් නවසීලන්තයට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගිනි.",3 +"මීට පෙර 1987, 1999, 2003 සහ 2007 යන වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි.",3 +අද තරගයෙන් පසු ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේය.,3 +තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 45කදී ලකුණු 183කට දැවි ගියහ.,3 +පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 33යි පන්දු 1කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 186ක් ලබා ගනිමින් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය.,3 +මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.,3 +නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදී ම දැවී ගියේය.,3 +දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මෙල්බර්න් පිටිය තුළදී අද සිය අණසක පැතිර වීමට සමත් වූහ.,3 +හුදකලා සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් ලකුණු 83ක් ලබා ගත්තේය.,3 +රොස් ටේලර් ලබාගත් ලකුණු ගණන 40කි.,3 +නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 151කදී දැවී ගියේය.,3 +නවසීලන්ත පිතිකරුවන් පස් දෙනෙකුටම ලකුණු ලබා ගැනිමට නොහැකි වීම විශේෂත්වයකි.,3 +මිචෙල් ජොන්සන් සහ ජේම්ස් ෆැන්ක්ලර් අතර කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.,3 +පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු 2දී දැවී ගියේය.,3 +ඩේවිඩ් වෝර්නර් ලකුණු 45ක් ලබා ගත්තේය.,3 +සිය අවසන් එක්දින ඉනිම ක්‍රීඩා කළ මයිකල් ක්ලාක් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් විය.,3 +ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තේය.,3 +මැට් හෙන්රි කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය.,3 +මෙවර ලෝක කුසලාන තරගාවලියේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියාවේ ���ිචෙල් ස්ටාක්ට හිමිවිය.,3 +අවසන් මහා තරගයේ වීරයා සම්මානය ජේම්ස් ෆොල්ක්නර්ට හිමිවිය.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගයේ නවසීලන්තයේ සියලු ක්‍රීඩකයින් ලකුණු 183කට දැවි ගියහ.,3 +මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.,3 +නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදීම දැවී ගියේය.,3 +දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මෙල්බර්න් පිටිය තුළදී අද සිය අණසක පැතිර වීමට සමත් වූහ.,3 +හුදකලා සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් ලකුණු 80ක් ලබා ගත්තේය.,3 +බ්‍රෙන්ඩන් ටේලර් ලබාගත් ලකුණු ගණන 40කි.,3 +නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 151කදී දැවී ගියේය.,3 +නවසීලන්ත පිතිකරුවන් පස් දෙනෙකුටම ලකුණු ලබා ගැනිමට නොහැකි වීම විශේෂත්වයකි.,3 +මිචෙල් ජොන්සන් සහ ජේම්ස් ෆැන්ක්ලර් අතර කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායමේ මේ වනවිට කඩුලු 6ක් බිඳ වැටී තිබේ.,3 +ඒ ලකුණු 151කට වීම විශේෂත්වයකි.,3 +දක්ෂ පන්දු යැවීමක නිරත වන ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් මෙල්බර්න් පිටිය තුළ සිය අණසක පතුරවමින් සිටිති.,3 +නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදීම දැවී ගියේය.,3 +ඒ අනුව දැවී ගිය පිතිකරුවන්ගේ ලකුණු සටහන මෙසේ ය.,3 +2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදීම දැවී ගියේය.,3 +ඒ මුළු ලකුණු ගණන 1ක් ලෙස ලකුණු පුවරුවේ සටහන්ව තිබියදී ය.,3 +මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ නායක බ්‍රේන්ඩන් මැකලම් ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය.,3 +මෙල්බර්න් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට නවසීලන්තය සමත් විය.,3 +ඒ අනුව නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.,3 +මෙය ඔස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක්ගේ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය ද වේ.,3 +මාතර ශාන්ත සර්වේසස් විදුහලට එරෙහි පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 33කින් ජය ගැනිමට මාතර ශාන්ත තොමස් විදුහල අද සමත් විය.,3 +"මාතර, උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශාන්ත තෝමස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.",3 +ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලබාගත් ලකුණු ගණන 214කි.,3 +ලසිත් ලක්ෂාන් ලකුණු 61ක් ලබා ගත්තේය.,3 +විදාත ජයනිදු නොදැවී ලකුණු 33ක් ලබා ගැනීමට සමත් විය.,3 +රජන්ත චන්දුල ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තේය.,3 +පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත සර්වේසස් විදුහලේ කණ්ඩායමට පන්දුවාර 38යි පන්දු 3කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181ක් පමණි.,3 +කවිඳු උමේෂ් ලකුණු 39ක් සහ රමේෂ් නිමන්ත ලකුණු 28ක් ලබා ගත්තතේය.,3 +හෂින් ඩිමාල් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තේය.,3 +1 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සත්කාරකත්වය ලබා දෙන ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයට හෙට තරගාවලියේ අවසන් මහා තරගයට එක් වේ.,3 +කණ්ඩායම් 14 ක් සහභාගී වූ 2015 ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය හෙට මෙල්බන්හිදී ආරම්භ වීමට නියමිත ය.,3 +තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අර්ධ අවසන් පුර්ව වටයෙන් සෑහීමකට ලක්වීමට සිදු වූයේ දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට ලක් වූ නිසා ය.,3 +අවසන් තරගයට එක් වන ඔස්ට්‍රේලියාව අවස්ථා 4 කදී ලෝක ක්‍රිකට් කිරුළ හිමි කර ගෙන ඇති අතර නවසීලන්තය අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබු පළමු අවස්ථාව මෙය වේ.,3 +ඔස්ට්‍රේලියාව එක්දින ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණේ රැඳී සිටින අතර නවසීලන්තය එම ලේඛණයේ සිව් වැනි ස්ථානයේ පසු වේ.,3 +අවසන් මහා තරගය සඳහා එක්වන කණ්ඩායම් දෙකම අවසන් පුහුණු සැසියට අද එක් විය.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ අවසන් මහා තරගය ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර මෙරට වේලාවෙන් හෙට උදෑසන 9.00ට ආරම්භ වීමට නියමිත ය.,3 +2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් පරාජය වූ දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම සිය මව්බිමට පැමිණ තිබේ.,3 +එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායම උණුසුම් අයුරින් පිළිගෙන තිබේ.,3 +දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් එම අවස්ථාවේදී ක්‍රීඩා ලෝලීන් සමග ඡායාරූප වලටද පෙනී සිට තිබේ.,3 +අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක ඒබී ඩිවිලියර්ස් පැවසුවේ ලෝක කුසලාන තරගාවලියේදි තම කණ්ඩායමට අවසන් පූර්ව තරගය දක්වා පැමිණීමට ශක්තියක් වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩා ලෝලීන්ට සිය ස්තුතිය පළ කරන බව ය.,3 +ලබන ඉරිදා පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පිටියේ විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන නම් කර තිබේ.,3 +"ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, කුමාර් ධර්මසේන සහ එංගලන්තයේ රිචර්ඩ් කෙට්ල්බරෝ අවසන් තරගයේ පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන බව ය.",3 +"මේ අතර, එම සුවිශේෂී තරගයේ තීරකවරයා ලෙස කටයුතු කරනුයේ, තවත් ශ්‍රී ලාංකිකයෙකු වන රංජන් මඩුගල්ල යි.",3 +"ඒ අනුව, ලබන ඉරිදා පැවැත්වෙන අවසන් තරගයේ විනිසුරු මඩුල්ල මෙසේ ය.",3 +කුමාර් ධර්මසේන සහ රිචර්ඩ් කෙට්ල්බරෝ (පිටියේ විනිසුරු යුගලය)‍‍,3 +රංජන් මඩුගල්ල (තරග තීරක),3 +මරායස් එරාස්මස් (තෙවන විනිසුරු),3 +ඉයන් ගෝල්ඩ් (සිව් වන විනිසුරු),3 +"මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කණ්ඩායම ලැබූ පරාජයට බැනුම් ඇසීමට සිදුව ඇත්තේ, බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාට ය.",3 +වෙන දා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිවෙස්වලට ගල් ගැසූ ඉන්දීය ක්‍රිකට් ලෝලීන් මෙවර අනුෂ්කාගේ නිවසට ගල් ගැසීමට සූදානම් වන බවක් පෙනේ.,3 +"විශේෂයෙන්, සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අනුෂ්කා ෂර්මාට විවිධ ආකාරයේ දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.",3 +"ඔවුන් චෝදනා කරනුයේ, අනුෂ්කා ෂර්මා හේතුවෙන් විරාට් කෝලිට සාර්ථකව ක්‍රීඩා කළ නොහැකි වූ බවට ය.",3 +"මේ අතරින් සුවිශේෂී Tweet පණිවුඩයක් වූයේ, ඉන්දීය ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයෙකු වන Kamaal R. Khan යොමු කළ පණිවුඩය යි.",3 +"එහි සඳහන් වන්නේ, ඉන්දියාවේ පරාජයට හේතු වූ අනුෂ්කා ෂර්මාගේ නිවසට ගල් ගැසිය යුතු බව ය.",3 +අනුෂ්කා ෂර්මාට එරෙහිව පළ කළ තවත් Tweet පණිවුඩ කිහිපයක් පහත දැක්වේ.,3 +ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඊයේ පැවති අර්ධ අවසන් තරගයේ ජය ඉන්දියාවට හිමි කර දීමට දෙවියන්ට බල කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලූර් ප්‍රදේශයේ ක්‍රිකට් ලෝලියෙකු සිය දිව කපාගෙන තිබේ.,3 +"ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 328ක් රැස් කිරීම සම්බන්ධයෙන් සුධාකර් නමැති එම තරුණයා බලවත් සිත් තැවුලට පත්ව සිට ඇති බව ය.",3 +සිය කණ්ඩායමට අසීරු ඉලක්කයක් ලැබීම පිළිබඳව කම්පා වූ එම තරුණයා මෙම ‘අවනඩුව’ කෙරෙහි දෙවියන්ගේ ‘ඇස් ඇරවීම’ පිණිස නිවසේ තිබූ පිහියකින් සිය දිව කපාගෙන ඇතැයි ‍ඉන්දීය පොලීසිය පවසයි.,3 +ඔහු දිව කපා ගත් පසු වේදනාවෙන් කෑගසා ඇති අතර නිවැසියන් සහ අසල්වැසියන් පැමිණ ඔවුන් එක්ව තරුණයා රෝහල්ගත කර තිබේ.,3 +එම තරගයෙන් ඉන්දියාව ලකුණු 95ක පරාජයක් ලැබීය.,3 +සර 23ක් පුරා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන් ම ක්‍රිකට් ලෝලීන් ද ම���මින් සිටි සිහිනය ඊයේ යළි ත් බිඳ වැටිණි.,3 +"ඔවුන් කෙතරම් සංවේදී කණ්ඩායමක් ද යන්න, ඔවුන් ඊයේ ඔක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් පිටිය පුරා හෙළූ කඳුළුවලින් සනාථ විය.",3 +"ඔවුන් සංවේදී ක්‍රීඩකයින් ලෙස හැසිරෙනුයේ, ක්‍රීඩාංගණය තුළදී පමණක් නොවේ.",3 +"තමන්ට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් පිනවීම සඳහා ද දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් සිය කාලය වැය කරනුයේ, අතිශය නිහතමානීව ය.",3 +එවන් ක්‍රීඩා ලෝලියෙකු වූ Kieron Adam නමැති 11 හැවිරිදි කුඩා දරුවෙකු සිය ක්‍රිකට් වීරයින් මුණ ගැසීම සඳහා සිහින මවමින් සිටියේ ය.,3 +"එය දැනගත් Kieron Adamගේ වීරයින් වූ හෂීම් අම්ලා, AB ඩි’විලියර්ස්, ඩේල් ස්ටේන් ඇතුළු පිරිසක් එම කුඩා දරුවාගේ සිහිනය සැබෑ කිරීම සඳහා නොසිතූ මොහොතක දරුවාගේ නිවසට ගොඩ වැදිණි.",3 +සිය ක්‍රිකට් විරුවන් ඇස් ඉදිරිපිට සිටගෙන සිටින ආකාරය දුටු දරුවාට ඇස් අදහාගත නොහැකි විය.,3 +මෙම අදහාගත නොහැකි සතුට එම නිවස පිහිටි ප්‍රදේශයේ නිවැසියෝ ද බෙදා ගත්හ.,3 +මෙම නිහතමානී ක්‍රිකට් විරුවන් එදින Kieron සහ ඔහුගේ පාසල් ක්‍රිකට් කණ්ඩායම සමග ක්‍රිකට් තරගයකට ද එක්වීම විශේෂත්වයකි.,3 +"මෙය සිදුවූයේ, පසුගිය ජනවාරි මාසයේදී ය.",3 +පකිස්ථාන ක්‍රිකට් නායක මිස්බා උල් හක් ජත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් නිවේදනය කළේ ය.,3 +"එක්දින තරග 162 කදී පකිස්ථාන කණ්ඩායම නියෝජනය කළ ඔහු, රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 5122 කි.",3 +2015 ලෝක කුසලානයෙන් පසුව එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව මිස්බා උල් හක් ලෝක කුසලානයට පෙර පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබිණි.,3 +නව නායකයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය හමුවේ අභියෝගයක් පවතින බව ත් පකිස්ථාන කණ්ඩායමේ පිතිකරු අංශය සම්බන්ධයෙන් වැඩි අවධානයක් ඉදිරියේදී යොමු කළ යුතු බව ත් එහිදී ඔහු පෙන්වා දී තිබේ.,3 +"පළමු වරට පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයක් කරා නවසීලන්තය රැගෙන ගිය අද පැවති ඓතිහාසික තරගයේ වඩා ත් කතාබහට ලක්වූ ක්‍රීඩකයා වූයේ, ග්‍රාන්ට් එලියට් ය.",3 +"ඒ, ඔහු නොදැවී ලකුණු 84ක් රැස් කරමින් අවසන් පන්දු වාරයේ 5 වන පන්දුවේදී 6 පහරක් එල්ල කරමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය හෙයිනි.",3 +"මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ, දකුණු අප්‍රිකාව පරාජය කිරීමට මුල් වූ ග්‍රාන්ට් එලියට් දකුණු අප්‍රිකාවේ උපත ලබා හැදී වැඩුණු පුද්ගලයෙකු වී��� ය.",3 +"ඔහු 1979 වසරේ මාර්තු 21 වන දා මෙලොව එළිය දුටුවේ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී ය.",3 +"පසුව එරට හැදී වැඩුණු ඔහු 19න් පහළ දකුණු අප්‍රිකානු කණ්ඩායම ත්, දකුණු අප්‍රිකා – A කණ්ඩායම ත් නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය.",3 +"ඔහු නවසීලන්තයේ පදිංචියට ගොස් ඇත්තේ, 2001 වසරේදී ය.",3 +පසුව 2008 වසරේදී නවසීලන්ත ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වලට ඇතුළත් වීමට ග්‍රාන්ට් එලියට් සමත් විය.,3 +නවසීලන්තය අද පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරඟයට සුදුසුකම් ලැබීය.,3 +"ඒ, පළමු අර්ධ අවසන් තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 4කින් පරාජය කරමිනි.",3 +තරගයේ ජය පරාජය නිශ්චිතව කිව නොහැකි අවස්ථාවක අවසන් පන්දුවට පෙර පන්දුවට 6 පහරක් එල්ල කළ ග්‍රාන්ට් එලියට් නවසීලන්තයට ජය අත්පත් කර දීමට සමත් විය.,3 +ලෝක කුසලාන තරග ඉතිහාසයේ කිසිදු අවස්ථාවක අවසන් තරගයට සුදුසුකම් ලැබූ නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම පසෙක තබා ග්‍රාන්ට් එලියට් මනුෂ්‍යත්වය විදහා දැක්වීය.,3 +"ඒ, පරාජයට පත්ව කඳුළු සලමින් සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අස්වසමිනි.",3 +මෙය ක්‍රීඩාශීලී සමස්ත ලෝක වාසීන්ගේ අගැයීමට ලක් විය.,3 +තරගයෙන් අනතුරුව ගනු ලැබූ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.,3 +නවසීලන්තය අද පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබීය.,3 +"ඒ, පළමු අර්ධ අවසන් තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 4කින් පරාජය කරමිනි.",3 +තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 43කදී කඩුලු 5කට ලකුණු 281ක් රැස් කළේ ය.,3 +තරගයේ 38 වන පන්දු වාරය අවසානයේ ලකුණු 216ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවූ දකුණු අප්‍රිකාවට ඉන්පසු ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමට සිදුවිය.,3 +දකුණු අප්‍රිකාව වෙනුවෙන් ෆෆ් ඩු ප්ලෙසි ලකුණු 82ක් රැස් කළ අතර නායක ඒබී ඩිවිලියර්ස් නොදැවී ලකුණු 65ක් රැස් කළේ ය.,3 +ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 298ක ජයග්‍රාහී ඉලක්කයක් නවසීලන්තයට හිමි විය.,3 +එහිදී ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 26කදී ලකුණු 59ක් රැස් කළේ ය.,3 +කෝරි ඇන්ඩර්සන් ලකුණු 58ක් රැස් කළ අතර ග්‍රාන්ට් එලියට් නොදැවී ලකුණු 84ක් රැස් කරමින් අවසන් පන්දු වාරයේ 5 වන පන්දුවේදී 6 පහරක් එල්ල කරමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.,3 +"ඒ අනුව, පන්දු වාර 42.5කදී ලකුණු 299ක් රැස් කළ නවසීලන්තයට ජය හිමි විය.",3 +තරගයේ හොඳ ම ක්‍රීඩකයා ���ෙස ද ග්‍රාන්ට් එලියට් නම් කෙරිණි.,3 +සචින් ටෙන්ඩුල්කාර් ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ දෙවි කෙනෙකු (God Sachin) වී හමාර ය.,3 +ඔහු වෙනුවෙන් දෙවොලක් ද ඉදි කර තිබේ.,3 +"ඒ, සචින් ටෙන්ඩුල්කාර් පිහිටවූ ක්‍රිකට් වාර්තා, වාර්තා කළ ශතක සහ එල්ල කළ 6 පහර හේතුවෙනි.",3 +"එහෙත්, ඔහු සිය ක්‍රීඩා ලෝලීන් අතර දේවත්වයට පත් වීමට තවත් හේතුවක් නිර්මාණය වී තිබේ.",3 +"එම හේතුව වන්නේ, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 4 ම පිළිබඳව නිවැරදිව පසුගිය පෙබරවාරි මාසයේදී අනාවැකි පළ කිරීම ය.",3 +ඔහු විසින් රචනා කරන ලද ‘Playing It My Way’ නමැති ස්වයංචරිතාපදානය එළි දැක්වීමේ උත්සවයේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ටෙන්ඩුල්කාර් මෙම අනාවැකිය පළ කර තිබිණි.,3 +"ඔහු එහිදී පැවසුවේ, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ ඉන්දියාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබනු ඇති බව ය.",3 +එම ප්‍රකාශය කළ අවස්ථාව ඇතුළත් වීඩියෝව Youtube හරහා මේ වන විට ලෝක ක්‍රිකට් ලෝලීන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.,3 +"පහත දැක්වෙන්නේ, එම වීඩියෝව යි.",3 +ටෙනිස් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 15කට හිමිකම් කී ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරයෙකු බාල වයස්කාර දැරියන් පිරිසක් දූෂණය කළ බවට වූ චෝදනාවක‍‍ට වරදකරු වී තිබේ.,3 +"එසේ වරදකරු වී ඇත්තේ, 1960 – 1970 අතර කාලයේදී යුගල ශූරතා 9ක් සහ මිශ්‍ර යුගල ශූරතා 6ක් දිනා ගත් බොබ් හෙවිට් නම් ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරයා යි.",3 +මේ වන විට 75 වන වියේ පසුවන බොබ් හෙවිට්ට එරෙහි නඩු විභාගය දකුණු අප්‍රිකානු අධිකරණයකදී පැවැත්විණි.,3 +"මෙම සිද්ධිය සිදුව ඇත්තේ, ඔහු 1980 ත් 1990 ත් අතර කාලයේ දකුණු අප්‍රිකානු කාන්තා ටෙනිස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේදී ය.",3 +"ඒජන්සි වාර්තාවල දැක්වෙන්නේ, ඔහු දකුණු අප්‍රිකානු කාන්තා ටෙනිස් පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේ බාල වයස්කාර ටෙනිස් ක්‍රීඩිකාවන් පිරිසක් දූෂණයට ලක් කර ඇති බවට අධිකරණයේදී සනාථ වූ බව ය.",3 +"ඊට අමතරව, ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් ද ඔහුට නඩු පවරා තිබිණි.",3 +කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති පාසල් ක්‍රිකට් තරගය අතරතුර හටගත් ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.,3 +ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසී ය.,3 +ඔවුන් අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප��වසී ය.,3 +කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගයක් අතර තුර අද පස්වරුවේ එම ගැටුම හට ගැනිණ.,3 +තරගයේ අවසන් භාගයේදී නරඹන්නන් පිරිසක් ක්‍රීඩාංගණයට කඩා වැදීමෙන් පසුව ‍එම තත්වය හටගත් බව පොලීසිය පැවසී ය.,3 +මෙම ගැටුම මර්දනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබිණ.,3 +කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගයක් අතර තුර අද පස්වරුවේ ගැටුමක් හට ගැනිණ.,3 +තරගයේ අවසන් භාගයේදී නරඹන්නන් පිරිසක් ක්‍රීඩාංගණයට කඩා වැදීමෙන් පසුව ‍එම තත්වය හටගත් බව පොලීසිය පවසයි.,3 +"තරගය පැවැත්වුණේ, කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ය.",3 +මෙම ගැටුම මර්දනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබිණ.,3 +කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩා ලෝලීන් අතර ගැටුමක් හට ගෙන තිබේ.,3 +ගැටුම මර්දනය කිරීම සඳහා කැරලි මර්දන ඒකක කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා නම් කළ විනිසුරුවරුන් හා තරග තීරකයන් අතර ශ්‍රී ලංකාකිකයන් දෙදෙනෙකු ඇතුළත්ව තිබේ.,3 +ලෝකු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන අඟහරුවාදා ආරම්භ වේ.,3 +එහි පළමු තරගය නවසීලන්තයේ ඔක්ලන්ඩ් හීදී පැවැත්වෙන්නේ නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතරයි.,3 +"එම තරගයට තරග තීරක ලෙස ඔස්ට්‍රේලියාවේ ඩේවීඩ් බූන් නම් කර ඇති අතර, ප්‍රධාන විනිසුරුවන් ලෙස එංගලන්තයේ ඉයන් ගුල්ඩ් හා ඔස්ට්‍රේලියාවේ රොඩ් ටකර් නම් කර තිබේ.",3 +"එහි දෙවැනි තරගය ලබන බදාදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හීදී ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර, පැවැත්වෙනු ඇති.",3 +එම තරගයේ තීරකවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක රංජන් මඩුගල්ල නම් කර තිබේ.,3 +එම තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් ලෙස නම් කර ඇත්තේ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක කුමාර ධර්මසේන හා එංගලන්තයේ රිචර්ඩ් කැට්ල්බර්ග් ය.,3 +"ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, 40 වැනි මස්ටැන්ග් කුසලානය දිනා ගත්තේය.",3 +"ඒ, කොළඔ රාජකීය විද්‍යාලය සමඟ අද පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16 කින් ජය ගැනීමත් සමගිනි.",3 +"කොළඹ, එස්.එස්.සී. පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් රාජකීය ක්‍රීඩකයින් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.",3 +ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් ක්‍රීඩකයින් ���ියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 277 ක් රැස් කළේය.,3 +දනුෂ් පීරිස් ලකුණු 64 ක් රැස් කළ අතර හරිත සමරසිංහ ලකුණු 59 ට කඩුලු 2 ක් දවා ගත්තේය.,3 +පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජකීය ක්‍රීඩකයින් පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 261 ක් පමණි.,3 +ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටය සඳහා අද සුදුසුකම් ලබා ගත්තේ ය.,3 +"ඒ, අද පාකිස්ථානය සමඟ පැවති තරගය කඩුලු 6 කින් ජය ගැනීමත් සමගිනි.",3 +"ඒ, අනුව ඔස්ට්‍රේලියාව අවසන් පුර්ව තරගයේදී ඉන්දියාව සමඟ තරග වැදීමට නියමිතය.",3 +තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 213 කි.,3 +මුළු ලකුණු 24 ක් ව තිබියදී ආරම්භ ක පිතිකරුවන් යුගල ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් විය.,3 +තුන්වැනි කඩුල්ලට නායක මිශ්බාහ් උල් හක් හා හරිස් සොහේල් එක්ව ගොඩ නැගූ සබඳතාව ලකුණු 73 කි.,3 +මිශ්බා උල්-හක් ලකුණු 34 කට දැවී ගිය අතර හරීස් සොහේල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 41 කි.,3 +ජොස් හේසල්වුඩ් පන්දුවාර 10 දී ලකුණු 35 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.,3 +පිළිතුරු ඉනිම ආරම්භ කරමින් ඩේවිඩ් වෝනර් සහ ඒරන් ෆින්ච් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පිටියට පිවිසියේය.,3 +පළමු කඩුල්ල ලෙස ඒරන් ෆින්ච් ලකුණු 2 කට දැවී ගියේ ය.,3 +ඩේවිඩ් වෝනර් ලකුණු 24 කට දැවී ගිය අතර නායක මයිකල් ක්ලාක්ට රැස් කර ගැනීමට හැකි වු ලකුණු සංඛ්‍යාව 8කි.,3 +එක්දින දිවියේ 6 වැනි අර්ධ ශතකය වාර්තා කළ ස්ටීවන් ස්මිත් ලකුණු 65 ක් රැස් කළේ ය.,3 +අනතුරුව නොදැවී පිටියේ ස්ථාවර වු ශේන් වොට්සන් ලකුණු 64 ක් සහ ග්ලේන් මැක්වෙල් ලකුණු 44 ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය තෙක් මෙහෙය විය.,3 +ඔස්ට්‍රේලියාව පන්දුවාර 33 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 216 ක් ලබමින් තරගයේ ජය තහවුරු කර ගත්තේ ය.,3 +ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී රෝහිත් ෂර්මා දැවී යාමකට ලක්වූ පන්දුව නිපන්දුවක් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මුස්තෆා කමාල් දැඩි විරෝධය පළ කර තිබේ.,3 +"ඔහු මාධ්‍ය ඔස්සේ චෝදනා කර ඇත්තේ, ඊයේ තරගයේදී ඉන්දියාවට වාසි වන ආකාරයේ වැරදි තීරණ කිහිපයක් ම විනිසුරුවරුන් විසින් දෙනු ලැබූ බව ය.",3 +"එම විනිසුරුවරුන් එලෙස ක්‍රියා කළේ, ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය අත් කර දීම සඳහා පැවති පූර්ව සැලසුමක් අනුව බවට ඔහු චෝදනා කරයි.",3 +"මුස්තෆා කමාල් අවධාරණය කර ඇත්තේ, ඊළඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල් රැස්වීමේදී මේ පිළිබඳව චෝදනා ඉදිරිපත් කරන බව ය.",3 +"එහිදී, ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා විනිසුරුවරුන්ට දඬුවම් නොකළහොත් තමන් බංග්ලාදේශ ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වන බවට ද ඔහු තර්ජනය කර ඇත.",3 +"විනිසුරුවරුන්ගේ තීරණ හේතුවෙන් ඊයේ තරගය විනාශ වූ බව ත්, සමස්තයක් ලෙස විනිසුරුවරුන්ගේ විනිශ්චයන් වෘත්තීයමය මට්ටමක නොපවතින බව ත් මුස්තෆා කමාල් අවධාරණය කරයි.",3 +"මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී ඩේවිඩ් රිචර්ඩ්සන් පවසන්නේ, මේ පිළිබඳව විමර්ශනයක් කරන බව ය.",3 +විනිසුරුවරුන්ගේ තීරණ විවේචනයට ලක් කිරීම නොකළ යුතු බව ද ඩේවිඩ් රිචර්ඩ්සන් සඳහන් කර තිබේ.,3 +"ඊයේ තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළේ, අලීම් ඩා සහ ඉයන් ගෝල්ඩ් යන විනිසුරුවරුන් ය.",3 +"රෝහිත් ෂර්මා ලකුණු 90ක් ලබා සිටියදී උඩ පන්දුවක් ලබා දුන්න ද, එම පන්දුව නිපන්දුවක් බවට ප්‍රධාන විනිසුරුවරයා තීන්දු කළේ ය.",3 +"එහෙත්, ඉණට ඉහළින් පැමිණෙන පන්දුවක් නිපන්දුවක් බව නම් කිරීමට ප්‍රධාන විනිසුරුට හැකියාවක් නොමැති අතර එය ඉණට ඉහළින් පැමිණි පන්දුවක් නොවන බව ද පුනරූපණවලින් සනාථ විය.",3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6කට ලකුණු 302ක් රැස් කළේ ය.,3 +ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා ලකුණු 137ක් රැස් කළ අතර සුරේෂ් රයිනා ලකුණු 65ක් රැස් කළේ ය.,3 +ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනාගෙන අදට වසර 19ක් සපිරේ.,3 +"1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ, මාර්තු 17 වන දා ය.",3 +ඔස්ට්‍රේලියාව සමග පැවති අවසන් තරගයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට ලෝක ක්‍රිකට් කුසලානය හිමි කර ගැනීමට සමත් විය.,3 +එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 241ක් රැස් කළේ ය.,3 +ඔස්ට්‍රේලියාව – 241/7,3 +මාර්ක් ටේලර් – 74,3 +රිකී පොන්ටිං – 45,3 +පන්දු යැවීම – අරවින්ද ද සිල්වා (3/42),3 +පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 46.2කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 245ක් රැස් කරමින් තරගයෙන් ජය හිමි කර ගත්තේ ය.,3 +ශ්‍රී ලංක��ව – 245/3,3 +අරවින්ද ද සිල්වා – 107 (නොදැවී),3 +අසංක ගුරුසිංහ – 65,3 +අර්ජුණ රණතුංග – 47 (නොදැවී),3 +"මෙම තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ, නොදැවී ලකුණු 107ක් සහ කඩුලු 3ක් බිඳ හෙළූ අරවින්ද ද සිල්වා ය.",3 +තරගාවලියේ හොඳ ම ක්‍රීඩකයා ලෙස සනත් ජයසූරිය සම්මාන හිමි කර ගත්තේ ය.,3 +මීට වසර 19කට පෙර ශ්‍රී ලංකාවට අත් වූ එම ජයග්‍රහණය යළි ත් ළඟා කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබී තිබේ.,3 +ඒ සඳහා පළමු පියවර හෙට දිනට යෙදී තිබීම විශේෂත්වයකි.,3 +මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය හෙට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ය.,3 +එම තරගය ජයගෙන යළි ත් ලෝක ක්‍රිකට් කිරුළ ලක් මාතාවගේ හිස පැළඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට Newsfirst.lk වෙතින් හෘදයාංගම සුබ පැතුම්!,3 +දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ සාර්ථකව ඉනිම ගොඩ නගමින් සිටි කුමාර් සංගක්කාර ලකුණු 45ක් ලබා සිටියදී දැවී ගියේ ය.,3 +කුමාර් සංගක්කාර දැවී යාම ත් සමග ම සිඩ්නි ක්‍රීඩාංගණයට ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළෙන්නට විය.,3 +"ඒ අනුව, තරගය මද වේලාවකට අත්හිටුවීමට සිදු විය.",3 +මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 127ක් ලබා සිටී.,3 +කුමාර් සංගක්කාර මෙම තරගයට පෙර අඛණ්ඩව ශතක 4ක් රැස් කර සිටියේ ය.,3 +දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 8ක් මේ වන විට බිඳ වැටී තිබේ.,3 +නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 19කට දැවී ගිය අතර තිසර පෙරේරා ලකුණු නොලබා දැවී ගියේ ය.,3 +"නුවන් කුලසේකර දැවී ගියේ, එක් ලකුණක් ලබා සිටියදී ය.",3 +මේ වන විට තරගයේ 34 වන පන්දු වාරය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 116ක් ලබා සිටී.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය මේ වන විට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නිහිදී පැවැත්වේ.,3 +කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් බිඳ වැටී ලකුණු 102ක් රැස් කර සිටී.,3 +"ලහිරු තිරිමාන්න (ලකුණු 41), කුසල් ජනිත් පෙරේරා (ලකුණු 3) සහ තිලකරත්න ඩිල්ෂාන් (ලකුණු 0) ද දැවී ගියහ.",3 +"අද දිනයේ විශේෂත්වයක් වූයේ, කුමාර් සංගක්කාර මන්දගාමී ලෙස ඉනිම ගොඩ නැගීම ය.",3 +ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් බිඳ වැටෙද්දී කුමාර් සංගක්කාර ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වෙමින් සිටී.,3 +"ඔහු මේ වන විට පන්දු 73කට මුහුණ දෙමින් රැස් කර ඇත්තේ, ල��ුණු 27ක් පමණි.",3 +"ඒ සඳහා ඔහු එල්ල කළේ, එක් 4 පහරක් පමණි.",3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය මේ වන විට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නිහිදී පැවැත්වේ.,3 +කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් බිඳ වැටී ලකුණු 81ක් රැස් කර සිටී.,3 +"සිව් වන කඩුල්ල ලෙස මහේල ජයවර්ධන ලකුණු 4කට දැවී ගියේ, ඉම්රාන් තහීර්ගේ පන්දුවක් හමුවේ ය.",3 +ඔහු පන්දු 16කට මුහුණ දුන්නේ ය.,3 +ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු 3කට දැවී ගිය අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගියේ ය.,3 +ලහිරු තිරිමාන්න ලකුණු 41ක් රැස් කර සිටියදී දැවී ගියේ ය.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය මේ වන විට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිඩ්නිහිදී පැවැත්වේ.,3 +කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 69ක් රැස් කර සිටී.,3 +ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ලකුණු 3කට දැවී ගිය අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී ගියේ ය.,3 +ලහිරු තිරිමාන්න ලකුණු 41ක් රැස් කර සිටියදී දැවී ගියේ ය.,3 +"රංගන හේරත් වෙනුවට ආදේශ කළ දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක තරිඳු කෞෂාල්ට, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.",3 +එන්.සී.සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන තරිඳු කෞෂාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් සඳහා සහබාගී වී ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 2 කි.,3 +"මේ අතර අද තරගයේ කාසියේ වාසිය ජයගැනීම, ජයග්‍රහණය සඳහා වැඩි බලපෑමක් ඇති කරන සාදකයක් ලෙස තමන් නොසිතන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසී ය.",3 +අර්ධ අවසන් පූර්ව වටයේ දකුණු අප්‍රිකාව සමග අද පැවැත් වෙන තරගය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.,3 +"ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය සිඩ්නිහිදී මෙරට වේලාවෙන් අද පෙරවරු 9 ට ආරම්භ වීමට නියමිතයි.",3 +"තරගය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇනජලෝ මැතිව්ස් කියා සිටියේ, ලකුණු 300 සීමාව වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායමක් රැස් කිරීම පමණක් ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවන බව ය.",3 +"අද තරගය පිළිබඳ අදහස් දක්වමින් දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක ඒ.බී ඩිවිලියස් කියා සිටියේ, හොඳින් තරගය ක්‍රීඩා කරමින් ඉදිරියට පැමිණීමට තම කණ්ඩායම බලාපොරොත්තු වන බව ය.",3 +අද සිට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන්නේ පරාජිතයින් පිටු දැකීමේ ක්‍රමයට ය.,3 +"ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්වවටයේ සිට, තෙවැනි විනිසුරු විමසන අවස්ථාවක සිදුවන සංවාද විකාශය කිරීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට්",3 +කවුන්සිලයේ අනුමැතිය හිමිව තිබේ.,3 +"එම ආයතන නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ , පසුගිය වසරේනොවැම්බර් මස පැවැති ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේදී මෙය අත්හදා බැලූ බව ය.",3 +ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මේ වන විට එක්දින තරග 59 කට සහභාගී වී ඇති අතර ඉන් තරග 29 ක් ජය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව ය.,3 +දකුණු අප්‍රිකාවට එරෙහිව හෙට පැවැත්වෙන ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වෙනුවට තරිඳු කෞෂාල් කැඳවා තිබේ.,3 +"රංගන හේරත් ආබාධයකට ලක් වූයේ, එංගලන්තය සමග පැවති තරගයේදී ය.",3 +අද රංගන හේරත් පුහුණුවීම්වලට සහභාගී වුව ද සාර්ථක ලෙස පන්දු යැවීමට නොහැකි විය.,3 +"ඒ පිළිබඳව කණ්ඩායම් කළමනාකරු මයිකල් ද සොයිසා මහතා පැවසුවේ, ඇඟිල්ලේ තුවාලය සුව වී නොමැති හෙයින් හෙට තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බව ය.",3 +තරිඳු කෞෂාල් එන්. සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෙකි.,3 +ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වී ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව දෙකකි.,3 +මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය හෙට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ය.,3 +"දකුණු අප්‍රිකා කණ්ඩායම මෙම තරගයට පිවිසෙනුයේ, සුවිශේෂී සන්ධිස්ථානයක සිට ය.",3 +ඔවුන් 1992 වසරේ පළමු වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමේ සිට මේ දක්වා පිළිමලුන් පිටුදැකීමේ (knockout) ක්‍රමය යටතේ කිසිදු තරගයක් ජයග්‍රහණය කර නොමැත.,3 +1992 – අර්ධ අවසන් පූර්ව තරගයෙන් එංගලන්තයට පරාජය විය.,3 +1996 – අර්ධ අවසන් පූර්ව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට පරාජය විය.,3 +1999 – අර්ධ අවසන් ව‍ටයේදී ඔස්ට්‍රේලියාවට පරාජය විය.,3 +2003 – පළමු වටයෙන් ම ශ්‍රී ලංකාවට පරාජය විය.,3 +2007 – අර්ධ අවසන් ව‍ටයේදී ඔස්ට්‍රේලියාවට පරාජය විය.,3 +2011 – අර්ධ අවසන් පූර්ව වටයේදී නවසීලන්තයට පරාජය විය.,3 +"ඇතැම් ක්‍රිකට් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, knockout ක්‍රමය යටතේ කිස��දු තරගයක් ජයගෙන නොමැති දකුණු අප්‍රිකාව දීර්ඝ කාලීන මානසික පීඩනයක පසුවන බව ය.",3 +"කෙසේ වෙතත්, දකුණු අප්‍රිකා ක්‍රික‍ට් නායක AB ඩි’විලියර්ස් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.",3 +"ඔහු අවධාරණය කර ඇත්තේ, අතීතයේ පරාජය වීම් පිළිබඳ මතකය මෙවර තරගාවලියේදී කිසිදු බාධාවක් කර නොගන්නා බව ය.",3 +"කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායම 1996 වසරේ එනම් අදින් වසර 19කට පෙර ලෝක කුසලානය දිනා ගත් අතර 2007 සහ 2011 වසරවල අනුශූරතාව හිමි කරගෙන තිබේ.",3 +"මේ අතර, මෙම තරගාවලිය කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සහභාගි වන අවසන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වේ.",3 +"ඒ අනුව, මෙවර ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීම සඳහා හෙට තරගය අනිවාර්යයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවේ.",3 +මේ වන විට අවසන් ජයග්‍රාහී කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ කණ්ඩායම් අට ඊයේ තීරණය විය.,3 +"ඒ ඊයේ මූලික වටය යටතේ අයර්ලන්තය හමුවේ පකිස්ථානය ත්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් ජය ගැනීමත් සමග යි.",3 +තරගාවලියේ මූලික වටය අවසන් කරමින් අද අලුයම ආරම්භ වූ තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරදවා කොදවේ කණ්ඩායම කඩුලු 6ක පහසු ජයක් වාර්තා කළේ ය.,3 +"මේ අතර පකිස්තානය, අයර්ලන්තය පරදවා අද ජය ගත්තේ කඩුලු 3කිනි.",3 +ඒ අනුව පකිස්තානය ‘බී’ කාණ්ඩයෙ තුන්වැනි ස්ථානය තහවුරු කරගත් අතර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට දළ ලකුණු වේගය අනුව අයර්ලන්තය අභිබවා සිව්වැනි ස්ථානය තහවුරු කර ගත්තේ ය.,3 +"තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් ලබන බදාදා ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී තරග වැදීමට නියමිත ය.",3 +දෙවැනි තරගයේදී ඉන්දියවට එරෙහිව බංග්ලාදේශය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හීදී තරගවදින අතර ඔස්ට්‍රේලියාව පකිස්තාන කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදී තරග වැදීමට නියමිතව ඇත.,3 +‘ඒ’ කාණ්ඩයෙන් අපරාජිතව පෙරමුණ ගත් නවසීලන්තය සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ක්‍රීඩා කරන්නේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමගයි.,3 +දිනයේ දෙවැනි තරගය අයර්ලන්තය හා පකිස්තානය අතර ඔස්ට්‍රේලියාවේ අඩිලේඩ් හීදී පැවැත්විණ.,3 +එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ සියලු දෙනාම දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 237කි.,3 +ඔවුන් වෙනුවෙන් නායක විලියම් පෝට්ෆීල්ඩ් ලකුණු 107ක් රැස්කළේ ය.,3 +පිළිතුරු පකිස්තාන ඉනිමේ පළමු කඩුල්ලට අහමඩ් ශෙසාඩ් හා ශෆ්රාස් අහමඩ් ලකුණු 120ක සබඳතාවක් ගොඩනැගූහ.,3 +අහමඩ් ශෙසාඩ් ලකුණු 63 ක් ලබා ගැනීමට සමත් විය.,3 +පකිස්තාන නායක මිශ්බාහ් උල් හක් තම පාදය කඩුල්ලේ දැවටීම හේතුවෙන් දැවී ගියේ ය.,3 +ශෆ්රාස් අහමඩ් එක්දින දිවියේ මංගල ශතකය අද වාර්තා කරමින් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව ලකුණු 101 කි.,3 +තරගය අවසන් වීමට පන්දු 23ක් තිබියදී ඔවුන් කඩුලු 3ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.,3 +"ඒ අනුව බී කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත්තේ පිළිවෙලින් ඉන්දියාව, දකුණු අප්‍රිකාව, පකිස්තානය හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ය.",3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග පැවති තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 6ක පහසු ජයක් හිමිවිය.,3 +නේපියර් හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.,3 +ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 4කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 175ක් පමණි.,3 +නසීර් අසිස් ලකුණු 60ක් ලබාගත් අතර අම්ජඩ් ජාවේඩ් ලකුණු 56ක් ලබා ගත්තේය.,3 +ජේසන් හෝල්ඩර් ලකුණු 27කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.,3 +පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 30යි පන්දු 3ක් අවසානයේදී කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරිමට සමත් විය.,3 +ජොන්සන් චාර්ල්ස් ලකුණු 55ක් ලබා ගත්තේය.,3 +ජොනතන් කාර්ටර් නොදැවී ලකුණු 50ක් ලබා ගැනිමට සමත් විය.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 7ක පහසු ජයක් හිමිවිය.,3 +ඒ අනුව ඔස්ට්‍රේලියාව A කාණ්ඩයේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.,3 +ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 3වන ස්ථානයයි.,3 +A කාණ්ඩයේ ලකුණු සටහන මෙසේය.,3 +හොබාර්ට් හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දු රැකිමට තීරණය කළේය.,3 +ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්තයේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 25යි පන්දු 4ක් අවසානයේදී ලකුණු 130ක��� දැවි ගියේය.,3 +පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.,3 +වාර්ෂික ක්‍රිකට් තරග අතර ලොව දෙවැනි පැරණිතම තරගය ලෙස සැලකෙන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන අද ජය පරාජයෙන් තොරව අවසන් විය.,3 +"කොළඹ, එස්.එස්.සී. පිටියේ පැවති තරගය, වර්ෂාව හේතුවෙන් නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාජකීය ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 19 ක් රැස් කර ගෙන සිටියේය.",3 +136 වැනි නිල් මහ සටනේ තුන් වැනි දිනය වු අද පළමු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 7 ක් දැවී ලකුණු 270 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.,3 +ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රවිඳු කොඩිතුවක්කු ලකුණු 95 කට දැවී ගියේය.,3 +නිපුන් ගමගේ ලකුණු 48 ක් ලබා ගත්තේය.,3 +"ඒ, පළමු ඉනිමේදී රාජකීය කණ්ඩායම රැස් කළ ලකුණු 199 ට පිළිතුරු වශයෙනි.",3 +"ඒ, අනුව ශාන්ත තෝමස් කණ්ඩායම පළමු ඉනිමේ ජය හිමි කර ගැනිමට සමත් විය.",3 +සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි රාජකීය කණ්ඩයමේ පළමු කඩුල්ල ලෙස හසිත් සමරසිංහ ලකුණු නොලබා දැවී ගියේය.,3 +තරගයේ 8 වැනි පන්දුවාරයේදී වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනු ලැබිණි.,3 +රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන කොළඹ එස්.එස්.සී පිටියේදී දෙවන දිනට ත් අද පැවැත් විණි.,3 +වර්ෂාව හේතුවෙන් අද තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශාන්ත තෝමස් කණ්ඩායම පන්දුවාර 66 යි පන්දු 3 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 182 කි.,3 +136 වන නිල් මහා සටනේ දෙවන දිනය අද ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශාන්ත තෝමස් කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 50 ක් රැස් කර ගෙන සිටියේ ය.,3 +අද දිනයේ පළමු කඩුල්ල ලෙස යොහාන් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 51 කට ය.,3 +තරගයේ 66 වන පන්දුවාරයේදී වර්ෂාව හේතුවෙන් තරගය නරත කිරීමට සිදු විය.,3 +නොදැවී කඩුල්ලේ රැඳී සිටින රවිඳු කොඩිතුවක්කු ලකුණු 88 ක් සහ නිපුන් ගමගේ ලකුණු 26 ක් රැස් කර ගෙන සිටියේ ය.,3 +තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ රාජකීය විද්‍යාලයේ සියලු ක්‍රීඩකයෝ ලකුණු 199 කට දැවී ගියහ.,3 +වාර්ෂික ක්‍රිකට් තරග අතර ලොව දෙවැනි පැරණිතම තරගය ලෙස සැළකෙන රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන කොළඹ එස්.එස්.සී පිටියේදී අද ආරම්භ විය.,3 +තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීයයන් රැස් කළ ලකුණු 199ට පිළිතුරු ලෙ�� අද දිනය අවසන් වන විට ශාන්ත තෝමස් කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 50කි.,3 +136 වැනි නිල් මහ සටනට රාජකීය කණ්ඩායම මෙහෙයවන්නේ හරිත් සමරසිංහයි.,3 +"හෙලකමල් නානායක්කාර, ශාන්ත තෝමස් කණ්ඩායමට‍ නායකත්වය ලබා දෙයි.",3 +කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් රාජකීය කණ්ඩායමේ පළමු කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 77කදීයි.,3 +චාමික කරුණාරත්න ලකුණු 57ක් රැස් කළේය.,3 +4 පහර 8ක් සහ 6 පහර 2ක් ඊට ඇතුළත්.,3 +සචිත්‍ර ජයතිලක පන්දුවාර 17කදී ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තේය.,3 +පන්දුවාර 74යි පන්දු 5ක් අවසානයේ රාජකීයයන් පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් ලකුණු සංඛ්‍යාව 199කි.,3 +සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි ශාන්ත තෝමස් ආරම්භක පිතිකරුවන් වන යොහාන් මෙන්ඩිස් සහ රවිඳු කොඩිතුවක්කු ලකුණු 50ක නොබිඳුනු සබදතාවක් ගොඩනැගුවේය.,3 +අතිශය විශිෂ්ට දක්ෂතා අතර සිටින කුමාර් සංගක්කාරට එක්දින තරගවලින් සමු නොගන්නා ලෙසට ඉල්ලීම් රැසක් සමාජ ජාල වෙබ් අඩවි හරහා පළ වී තිබේ.,3 +"ඔවුන් ආයාචනය කර ඇත්තේ, එක්දින ක්‍රිකට් පිටියෙන් ඉවත් නොවන ලෙසට කුමාර් සංගක්කාරගෙන් ඉල්ලා සිටින බව ය.",3 +"එවැනි ඉල්ලීමක් කර ඇති සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ, ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ය.",3 +"ඔහු පවසා ඇත්තේ, ක්‍රිකට් පිටියෙන් සමු නොගන්නා ලෙස සංගක්කාරගෙන් දණ නමා ආයාචනා කරන බව ය.",3 +"මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන හර්ෂා බෝග්ලේ ද සංගක්කාර පිළිබඳව tweet පණිවුඩයක් පළ කර තිබේ.",3 +"මේ අතර, සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්, කුමාර් සංගක්කාර පිළිබඳව පළ කර ඇති tweet පණිවුඩය පහත දැක්වේ.",3 +sachinසංගක්කාරට සමු නොගන්නා ලෙස සඳහන් කරමින් පළ කළ තව ත් tweet පණිවුඩ කිහිපයක් පහත දැක්වේ.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අතිවිශිෂ්ට දක්ෂතා ප්‍රකට කරමින් සිටින ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර පිළිබඳව ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (Big Bash League) කණ්ඩායම්වල දැඩි ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.,3 +"ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ කළමනාකරු ඇන්තනි එව්රාඩ් පවසන්නේ, සෑම කණ්ඩායමක ම කළමනාකරුවන් කුමාර් සංගක්කාර මිල දී ගැනීම සඳහා කැමැත්තෙන් පසුවන බව ය.",3 +ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්දින තරගවලින් ද ලබන අගෝස්තු මාසයේදී ටෙස්ට් පිටියෙන් ද සමු ගැනීමෙන් පසුව කුමාර් සංගක්කාරට නිදහස් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරී���ේ වැඩි හැකියාවක් පවතින බව ඔහු පැවසීය.,3 +"ඇන්තනි එව්රාඩ් සඳහන් කර ඇත්තේ, සංගක්කාර විශිෂ්ට ක්‍රීඩකයෙකු ‍මෙන් ම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු ද වන බව ය.",3 +කුමාර් සංගක්කාර මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වෙමින් අඛණ්ඩව ශතක 4ක් රැස් කරමින් ලෝක වාර්තාවක් ද පිහිටුවා තිබේ.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩි ම කඩුලු ගණනකට දායක වූ කඩුලු රකින්නා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රකින්නා වන කුමාර් සංගක්කාර අද සමත් විය.,3 +"ඒ, ඔස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් අභිබවා යමිනි.",3 +අද සිය 36 වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ කුමාර් සංගක්කාර කඩුලු 54ක් දවා ගැනීම සඳහා දායක වී තිබේ.,3 +"ඒ, උඩ පන්දු 41ක් රැක ගනිමින් සහ ස්ටම්ප් (Stump) කිරීම් 13කට දායක වෙමිනි.",3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට පළමු වරට බංග්ලාදේශය පෙරේදා සමත් විය.,3 +එම ජයග්‍රහණය ත් සමග එරට ක්‍රීඩා ලෝලීන් විවිධ ආකාරයෙන් සතුට සැමරූ අතර බංග්ලාදේශ නිළියක් ක්‍රිකට් කණ්ඩායමට සිය ගෞරවය දැක්වීම සඳහා සුවිශේෂී කැප කිරීමක් කර තිබේ.,3 +ඒ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පෙළේ වේගපන්දු යවන්නෙකු වන රුබෙල් හොසේන්ට එරෙහිව අධිකරණයේ ගොනු කර තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවක් ඉල්ලා අස්කර ගනිමිනි.,3 +"19 හැවිරිදි නස්මින් හැපි නමැති අදාළ නිළිය එරට අධිකරණයක ගොනු කළ නඩුවකින් චෝදනා කර තිබුණේ, තමන් සමග විවාහ වන බවට පොරොන්දු වෙමින් රුබෙල් හොසේන් තමන් ව දූෂණය කළ බවයි.",3 +ඉන් පසු ඔහු තමන් සමග පැවති ප්‍රේම සම්බන්ධතාව අත්හැර දැමූ බවට ඇය චෝදනා කර තිබිණ.,3 +"කෙසේ වෙතත් ඇය අද අධිකරණයට දන්වා ඇත්තේ, එංගලන්තයට එරෙහිව බංග්ලාදේශය ලත් ජයග්‍රහණයට සිය පැරණි පෙම්වතා දැක්වූ සුවිශේෂී දායකත්වය සැලකිල්ලට ගෙන ඊට ගරු කිරීමක් සඳහා ඔහුට සමාව දීමට තීරණය කළ බව ය.",3 +තමන් සිය චෝදනා ඉල්ලා අස් කර ගැනීමෙන් පසුව රුබෙල් හොසේන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීමට අවශ්‍යතාවක් ඇති නොවන බව ඇය සඳහන් කළා ය.,3 +ඇය ගොනු කළ නඩුව හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි රුබෙල් හොසේන්ට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය නියෝජනය කිරීමට තිබූ අවස්ථාව අනපේක්ෂිත තත්ත්වයක පැවතිණි.,3 +කෙසේ වෙතත් ඔහු කණ්ඩායමේ සිටීම ජාතික වැදගත්කමක් ලෙස සැලකූ එරට අධිකරණය විශේෂ ඇප මත තරගාවලියට සහභාගී වීම සඳහා රුබෙල් හොසේන්ට අවස්ථාව ලබා දී ත��බිණි.,3 +මෙම තරගාවලිය පුරා විශිෂ්ට දක්ෂතා දැක්වූ රුබෙල් හොසේන් එංගලන්තයට එරෙහිව කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් විය.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග පැවැත්වෙන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළදී කඩුලු 9කට ලකුණු 363ක් රැස් කළේ ය.,3 +"එහිදී, අඛණ්ඩව 4 වන ශතකය ද වාර්තා කළ කුමාර් සංගක්කාර ලකුණු 124ක් රැස් කළේ, පන්දු 95කදී ය.",3 +තිලකරත්න ඩිල්ෂාන් පන්දු 99කදී ලකුණු 104ක් රැස් කළේ ය.,3 +නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 21කදී ලකුණු 51ක් රැස් කරමින් ලෝක කුසලාන තරගාවලියක දෙවන වේගවත් ම අර්ධ ශතකය වාර්තා කළේ ය.,3 +සිය දෙවන එක්දින තරගයට සහභාගි වෙමින් ජාත්‍යන්තර එක්දින තරගයක පළමු වරට පන්දුවට පහර දුන් දුෂ්මන්ත චමීර පන්දු 9කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 12ක් රැස් කිරීමට සමත් විය.,3 +එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව ශතක 4ක් රැස් කළ පළමු පිතිකරු බවට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අද පත් විය.,3 +"ඒ, ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගයේදී ශතකයක් රැස් කරමිනි.",3 +මීට පෙර එක්දින තරගවලදී අඛණ්ඩව ශතක 3 බැගින් රැස් කළ ක්‍රීඩකයින් 7 දෙනෙක් වූහ.,3 +"ඒ, සහීර් අබ්බාස් (පකිස්ථානය), සයීඩ් අන්වර් (පකිස්ථානය), හර්ෂල් ගිබ්ස් (දකුණු අප්‍රිකාව), ඒබී ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව), ක්වින්ටන් ඩි කොක් (දකුණු අප්‍රිකාව), බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) යන ක්‍රීඩකයින් ය.",3 +ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග 6න් 4කදී ම ශතක වාර්තා කළේ ය.,3 +"ඒ, බංග්ලාදේශය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තයට එරෙහිව ය.",3 +බංග්ලාදේශයට එරෙහිව – 105 නොදැවී,3 +එංගලන්තයට එරෙහිව – 117 නොදැවී,3 +ඔස්ට්‍රේලියාවට එරෙහිව – 104,3 +"ඒ අනුව, ලෝක කුසලාන තරගාවලියකදී අඛණ්ඩව ශතක 4ක් රැස් කළ පිතිකරු ලෙස ද කුමාර් සංගක්කාර අද පත් විය.",3 +කුමාර් සංගක්කාර මේ වන විට මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා ලෙස පෙරමුණ ගෙන සිටී.,3 +"Facebook භාවිත කරන්නන් අතර වැඩි ම කැමැත්තක් දිනාගෙන ඇති ශ්‍රී ලාංකිකයා වන්නේ, බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ය.",3 +ඇයගේ නිල වෙබ් පිටුවෙහි ඇති Facebook likes සංඛ්‍යාව 13036781කි.,3 +දෙවන ස්ථානයේ පසුවන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සතු Facebook likes සංඛ්‍යාව 3246718කි.,3 +තුන් වන ස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිව ඇති අතර එම Facebook පිටුවෙහි likes සංඛ්‍යාව 1587073කි.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අඛණ්ඩව ශතක 3ක් රැස් කළ පළමු පිතිකරු බවට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත් වී හමාර ය.,3 +"ඒ, පසුගිය ඉරිදා ප්‍රබල ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව රැස් කළ ශතකය ත් සමග යි.",3 +ඔහු ඊට පෙර බංග්ලාදේශයට සහ එංගලන්තයට එරෙහිව ද ශතක දෙකක් රැස් කර සිටියේ ය.,3 +බංග්ලාදේශයට එරෙහිව – 105 නොදැවී,3 +එංගලන්තයට එරෙහිව – 117 නොදැවී,3 +ඔස්ට්‍රේලියාවට එරෙහිව – 104,3 +ඔහු මේ වන විට මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා ලෙස පෙරමුණ ගෙන සිටී.,3 +ඔහු තරග 5කදී මේ වන විට රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 372කි.,3 +සංගක්කාරගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 124.00ක් වන අතර මෙවර තරගාවලියේදී මෙතෙක් වාර්තා වූ හොඳ ම ලකුණු සාමාන්‍යය මෙය වේ.,3 +"ලොව මෙතෙක් බිහිවූ හොඳ ම පන්දු යවන්නා ලෙස පිළිගැනෙන මුත්තයියා මුරලිදරන් පවසන්නේ, මේ වන විට ලොව හොඳ ම එක්දින පිතිකරුවා කුමාර් සංගක්කාර බව ය.",3 +"විරාට් කෝලි, ඒබී ඩිවිලියර්ස්, ග්ලෙන් මැක්ස්වෙල් ආදී පිතිකරුවන් කිහිප දෙනෙකු මෙවර තරගාවලියේදී දක්ෂතා දැක්වුව ද ලොව සියලු විශිෂ්ට කණ්ඩායම් හමුවේ භයානක ම පිතිකරුවා කුමාර් සංගක්කාර බව අවිවාදයෙන් පිළිගත යුතු බව මුරලිගේ අදහස යි.",3 +ආර්ජන්ටිනා ගුවන් අනතුරින් මිය ගිය පිරිස අතර ප්‍රංශ ජාතික ඔලිම්පික් ශූරියන් දෙදෙනෙකු සහ ඔලිම්පික් ශූරයෙකු ද සිටින බව ප්‍රංශ බලධාරීන් හතවුරු කර තිබේ.,3 +"එලෙස මිය ගොස් ඇත්තේ, ඔරු පැදීමේ ඔලිම්පික් ශූරියක වන Florence Arthaud, ඔලිම්පික් පිහිනුම් ශූර Camille Muffat සහ ඔලිම්පික් බොක්සිං ශූර Alexis Vastine යන ක්‍රීඩකයින් ය.",3 +කැමිලි 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පදක්කම් තුනක් දිනා ගෙන තිබේ.,3 +Alexis Vastine 2008 බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තා ය.,3 +"අනතුර සිදුව ඇත්තේ, ආර්ජන්ටිනාවේ ලා රියාජා පළාතේ රූපවාහිනී වැඩසටහනක රූගත කිරීම් සිදු කරමින් සිටියදී ය.",3 +අනතුර සිදු වන අවස්ථාවේ යානා දෙක පොළොව මට්ටමේ සිට අඩි 328ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබී ඇත.,3 +අනතුරින් ක්‍රීඩකයින් තිදෙනා සහ ආර්ජන්ටිනා ජාතික ගුවන් නියමුවන් දෙදෙනා ද ඇතුළුව 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.,3 +ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 64ක පරාජයක් හිමි වුව ද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන්නා ව�� මි‍ච‍ෙල් ජොන්සන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීය.,3 +"ඒ, ශ්‍රී ලංකා ඉනිමේ 6 වන පන්දු වාරයේදී 4 පහර 6ක් එල්ල කරමිනි.",3 +තිලකරත්න ඩිල්ෂාන් එම පන්දු වාරයේදී 4 පහර 6 එල්ල කළ ආකාරය මෙම වීඩියෝවෙන් දැක්වේ.,3 +දර්ශන – ICC,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 64 ක ජයක් වාර්තා කිරිමට ඔස්ට්‍රේලියාව අද සමත් විය.,3 +කුමර් සංගක්කාර අද වාර්තා අලුත් කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අඛණ්ඩව ශතක තුනක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් විය.,3 +ඔස්ට්‍රේලියා‍වේ සිඩ්නිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් දෙදෙනා වන ඩේවිඩ් ‍වෝනර් හා ඒරන් ෆින්ච් ලකුණු 41 ක් තුළ දැවී ගියහ.,3 +ස්ටිවන් ස්මිත් හා නායක මයිකල් ක්ලාක් එක්ව දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 134කි.,3 +පස්වැනි කඩුල්ල සඳහා ශේන් වොට්සටන් හා එක් වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 82 කදී ලකුණු 160 ක සබඳතාවක් ගොඩනැගූහ.,3 +"ග්ලේන් මැක්ස්වෙල් තම මංගල එක්දින ශතකය පන්දු 51 කින් අද වාර්තා කළේ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දෙවැනි වේගවත් ම ශතකය ලෙස ය.",3 +ඔහු පන්දු 53 කින් ලකුණු 102ක් රැස් කිරීමට සමත් විය.,3 +ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 376කි.,3 +පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ලට ටී.එම්. ඩිල්ශාන් හා එක් වූ කුමාර් සංගක්කාර ලකුණු 130 ක සබඳතාවක් ගොඩනැගූහ.,3 +43 වැනි අර්ධ ශතකය වාර්තා කළ ටී. එම්. ඩිල්ශාන් ලකුණු 62ක් රැස් කළේ ය.,3 +"කුමාර් සංගක්කාර එක්දින ලකුණු 14,000 සීමාව පසු කළේ එවැනි දක්ෂතා වක් දැක් වූ ලොව දෙවැනි ක්‍රීඩකයා ලෙසිනි.",3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අඛණ්ඩව ශතක තුනක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙස ද සංගක්කාර අද වාර්තා අතරට එක්‍ විය.,3 +ඔහු පන්දු 107 තුළ ලකුණු 104 ක් රැස් කිරීමට සමත් විය.,3 +නායක ඇන්ජලෝ මැතිව්ස් හා එක් වූ දිනේෂ් චන්දිමාල් පන්දු 24 කදී ලකුණු 52 ක් රැස් කළේ ය.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක පළමු ඉනිම ක්‍රීඩා කළ චන්දිමාල් පන්දු 22කදී අර්ධ ශතකය වාර්තා කළේ ය.,3 +විශිෂ්ට ලෙස පන්දුවට පහර දෙමින් සිටියදී පාදයේ මස්පිඩු ආබාධයකට ලක්ව අවසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් වූ ඔහුට නැවත පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි නොවී ය.,3 +ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 29ක් තුළ බිඳ වැටුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 312 ක් පමණි.,3 +"ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර එක්දින ලකුණු 14,000 සීමාව පසු කළ ලොව දෙවන පිතිකරු බවට පත් විය.",3 +ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග දැන් පැවැත්වෙන තරගාවලියේදී ය.,3 +සංගක්කාර දැනට ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 402කි.,3 +"ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ලකුණු 14,000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා වේ.",3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිත බව තව දුරට ත් රැක ගැනීමට නවසීලන්තය අද සමත් විය.,3 +"ඒ, ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමත් සමගිනි.",3 +ඒ අනුව නවසීලන්තය සහභාගි වූ තරග 5ම ජයගෙන සිටී.,3 +නේපියර් හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදිමට තිරණය කළේය.,3 +ඒ අනුව ඔවුන්ට පන්දුවාර 47යි පන්දු 4කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 186ක් පමණි.,3 +ෂමියුල්ලා ෂන්වාරි ලකුණු 54ක් ලබා ගත්තේය.,3 +ඩැනියෙල් විටෝරි ලකුණු 18කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.,3 +පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 36යි පන්දු 1කදී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.,3 +මාර්ටින් ගප්ටිල් ලකුණු 57ක් ලබා ගත්තේය.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.,3 +ඒ අනුව ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.,3 +තරගය සිඩ්න් හිදී පැවැත්වේ.,3 +"පකිස්ථාන කණ්ඩායම, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයේ ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට",3 +පැමිණියේය.,3 +"ඒ, දකුණු අප්‍රිකාව සමග අද පැවැති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 29කින් ජය ගනිමින් ය.",3 +ලකුණු 232ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 3ක් අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 202ක් පමණි.,3 +දකුණු අප්‍රිකානු ජයග්‍රහණය වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ නායක ඒබී ඩිවිලියර්ස් පන්දු 58කදී ලකුණු 77ක් ලබා ගත්තේය.,3 +ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය.,3 +නවසීලන්තයේ ඔක්ලන්ඩ් හිදී පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47 ක් බැගින් වූ තරගයක් ලෙස පැවැත්වීමට විනිසුරුවරුන් තීරණය කළේය.,3 +නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මිස්බා උල්-හක් ලකුණු 56ක් ලබා ගත්තේය.,3 +පකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 46යි පන්දු 4 කදී ලකුණු 222 කට දැවී ගියේය.,3 +ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 232 ක ඉලක්කයක් දකුණු අප්‍රිකා කණ්ඩායමට හිමිවිය.,3 +"ඉන්දීය කණ්ඩායම විසින් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම, කඩුලු 4 කින් පරාජය කරමින්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ",3 +සිය අපරාජිත බව අද රැකගනු ලැබිණි.,3 +ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා කර තරග 4ම ජයගෙන සිටී.,3 +පර්ත්හිදී පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 2 ක්,3 +අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 182 ක් රැස් කළේය.,3 +පන්දුවාර 25 තුළ කොදෙව් ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 85 ක් තුළ දැවී ගියේය.,3 +9 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි නායක ජේසන් හෝලඩර් ලකුණු 57 ක් රැස් කළේය.,3 +මෙහොමඩ් සමී පන්දුවාර 8 කදී ලකුණු 35 කට කඩුලු තුනක් දවා ගත් අතර උමේෂ් යාදේව් හා රවින්ද්‍ර ජඩේජා අතර කඩුලු 2 බැගින්,3 +බෙදී ගියේය.,3 +පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසියේ ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 63 කදී දැවී ගියේය.,3 +රෝහිත් ශර්මා ලකුණු 7 කට දැවී ගිය අතර විරාත් කෝලී ලකුණු 33ක් ලබා ගත්තේය.,3 +පන්දුවාර 39යි පන්දු 1ක් අවසානයේදී කඩුලු 6ක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.,3 +"කුසල් ජනිත් පෙරේරා, අතිරේක ක්‍රිඩකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.",3 +"ඒ, පුහුණුවීම්වලදී අද ආබාධයකට ලක් වූ දිමුත් කරුණාරත්න වෙනුවටයි.",3 +මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් වැඩි ම ලකුණු රැස් කර පෙරමුණේ පසුවූ කුමාර් සංගක්කාර දෙවන ස්ථානයට ඇද දැමීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂයිමන් අන්වර් අද සමත් විය.,3 +"ඒ, අද දිනයේ ඔහු රැස් කළ ලකුණු 62 ත් සමග ය.",3 +එම ලකුණු සංඛ්‍යාව ත් සමග ඔහු තරග 4කදී ලකුණු 270ක් රැස් කර සිටී.,3 +දෙවන ස්ථානයේ පසු වන කුමාර් සංගක්කාර ලකුණු 268ක් රැස් කර තිබේ.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද පැවති තරගයේදී පකිස්ථාන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 339ක් රැස් කළේ ය.,3 +"ඊට අමතරව, වාර්තාවක් ද පිහිටුවමින් ෂහිඩ් අෆ්රිඩි එක්දින ලකුණු 8000 සීමාව පසු කළේ ය.",3 +අද තරගයේ වැඩි වාසි පකිස්ථානය පැත්තෙහි පැවති�� ද තරගය වෙනත් රටවල් දෙකක් අතර පැවතිය ද ශ්‍රී ලාංකිකයෙකු අද දිනයේ සුවිශේෂී අවධානයකට ලක් වීම ශ්‍රී ලාංකිකයින්ගේ ආඩම්බරයට කරුණක් විය.,3 +"පකිස්ථාන ඉනිමේ බිඳ වැටුණු කඩුලු 6න් 4ක් ම දවා ගනු ලැබුවේ, ශ්‍රී ලාංකිකයෙකු වන මංජුල ගුරුගේ විසිනි.",3 +"එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරන මංජුල ගුරුගේ 1981 වසරේ පෙබරවාරි 14 වන දා උපත ලබා ඇත්තේ, අම්බලන්ගොඩදී ය.",3 +ඔහු සිංහ ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන අතර 2014 වසරේ පෙබරවාරි මාසයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරයි.,3 +දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක හෂීම් අම්ලා අද නව වාර්තාවක් පිහිටුවීය.,3 +"ඒ, ලෝක කුසලාන තරගාවලියේ අද අයර්ලන්තය සමග පැවති තරගයේදී ය.",3 +"ඒ අනුව, අඩු ම එක්දින තරග සංඛ්‍යාවකදී ශතක 20ක් රැස් කළ පිතිකරුවා බවට හෂීම් අම්ලා අද පත් විය.",3 +"ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ, එක්දින තරග 108කට සහභාගි වෙමිනි.",3 +සිය 108 වන එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ හෂීම් අම්ලා එහිදී පන්දු 128කදී ලකුණු 159ක් රැස් කළේ ය.,3 +මේ වන විට ඔහුගේ එක්දින ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 57.05ක් වන අතර ලකුණු රැස් කිරීමේ වේගය 89.59කි.,3 +අඩු ම එක්දින තරග සංඛ්‍යාවකදී ශතක 20ක් රැස් කළ පිතිකරුවන් 5 දෙනා පහත දැක්වේ.,3 +1. හෂීම් අම්ලා (දකුණු අප්‍රිකාව – තරග 108),3 +2. විරාට් කෝලි (ඉන්දියාව – තරග 133),3 +3. ඒබී ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව – තරග 175),3 +4. සචින් ටෙන්ඩුල්කාර් (ඉන්දියාව – තරග 197),3 +5. සව්රව් ගංගුලි (ඉන්දියාව – තරග 214),3 +ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව තුන් ඉරියව් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අතර පළමු ස්ථානය තිලකරත්න ඩිල්ෂාන්ට හිමිව තිබේ.,3 +"මීට පෙර පළමු ස්ථානයේ පසු වූයේ, බංග්ලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් ය.",3 +"මේ අතර, මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවති තරග අනුව වැඩි ම ලකුණු රැස් කළ ක්‍රීඩකයින්‍ 5 දෙනා අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 229ක් සමගින් සිව් වන ස්ථානයේ පසුවේ.",3 +මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවති තරග අනුව වැඩි ම ලකුණු රැස් කළ ක්‍රීඩකයින්‍ 5 දෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙක් ඇතුළත්ව සිටිති.,3 +එම ලැයිස්තුවේ වැඩි ම ලකුණු ලාභියා වන කුමාර් සංගක්කාර තරග 4කදී රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව 268කි.,3 +දෙවන ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් ලකුණු 258ක් ලබා සිටී.,3 +ශ්‍රී ලංකා ක්‍රීඩක ලහිරු තිරිමාන්න තුන් වන ස්ථානයේ පසු වන අතර ඔහු මේ වන විට රැස් කර සිටින ලකුණු සංඛ්‍යාව 256කි.,3 +තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 229ක් සමගින් සිව් වන ස්ථානයේ පසුවේ.,3 +"පස් වන ස්ථානයේ පසු වන්නේ, ලකුණු 224ක් රැස් කර සිටින ඉන්දීය පිතිකරු ශිඛර් ධාවන් ය.",3 +වැඩි ම ලකුණු රැස් කර සිටින පිතිකරුවන් 10 දෙනා මෙසේ ය:,3 +1. කුමාර් සංගක්කාර – 268 (ශ්‍රී ලංකාව),3 +2. ක්‍රිස් ගේල් – 258 (බටහිර ඉන්දීය කොදෙව්),3 +3. ලහිරු තිරිමාන්න – 256 (ශ්‍රී ලංකාව),3 +4. තිලකරත්න ඩිල්ෂාන් – 229 (ශ්‍රී ලංකාව),3 +5. ශිඛර් ධාවන් – 224 (ඉන්දියාව),3 +6. ඒබී ඩිවිලියර්ස් – 217 (දකුණු අප්‍රිකාව),3 +7. ෂයිමාන් අන්වර් – 208 (එක්සත් අරාබි එමීර් රාජ්‍යය),3 +8. බ්‍රෙන්ඩන් මැකලම් – 207 (නවසීලන්තය),3 +9. ෂෝන් විලියම්ස් – 193 (සිම්බාබ්වේ),3 +10. මාලන් සැමුවෙල්ස් – 192 (බටහිර ඉන්දීය කොදෙව්),3 +අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට දඩ මුදලක් නියම කර තිබේ.,3 +ඒ අද එංගලන්තය සමග පැවති තරගයේ පන්දු යැවීමේදී සිදු වූ වරදක් හේතුවෙනි.,3 +සුරංග ලක්මාල් අදාළ වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 30%ක මුදලක් ගෙවීමට සිදු වනු ඇති.,3 +එංගලන්ත ඉනිමේ අවස් පන්දුවාරයේදී සුරංග ලක්මාල් Beamer (ඉණට ඉහළින්) පන්දු දෙකක් යැවීම හේතුවෙන් විනිසුරු ඔහුට අවවාද කළේ ය.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග අද පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.,3 +දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සතියක කාලයක් සඳහා විවේක ගන්වා තිබේ.,3 +"කණ්ඩායම් කළමනාකාරු මයිකල් ද සොයිසා පැවසුවේ, අත තුවාල වීම හේතුවෙන් ඔහු එලෙස විවේක ගැන්වීමට තීරණය කළ බව ය.",3 +එංගලන්තයට එරෙහි අද තරගයේ 49 වැනි පන්දුවාරය යවමින් සිටි රංගන හේරත් පන්දුව අතේ වැදීමෙන් අබාධයට ලක්ව පිටියෙන් ඉවත් වීමට සිදු විය.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සහ සිම්බාබ්වේ අතර අද පැවති තරගය ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.,3 +මෙය පකිස්ථාන කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වාර්තා කළ පළමු ජයග්‍රයණයයි.,3 +"ලකුණු 236 ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 4 කදී සියලු දෙනා දැවී රැස් කළේ, ලකුණු 215ක් පමණි.",3 +ඔස්ට්‍රේලියාවේ බිස්බේන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 235ක් රැස් කිරීමට සමත් විය.,3 +නායක මිශ්බාහ් උල් හක් ලකුණු 73ක් රැස් කළේ ය.,3 +එක්දින දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කළ වහබ් රියාස් නොදැවී ලකුණු 54ක් රැස් කිරීමට සමත් විය.,3 +ටෙන්ඩායි චතාරා ලකුණු 35ට දවා ගත් කඩුලු සංඛ්‍යාව 3කි.,3 +පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 74ක් තුළ දවා ගැනීමට මොහොමඩ් ඉර්ෆාන් සමත් විය.,3 +බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 50ක් රැස් කළේ ය.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග අද පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.,3 +"එම තරගයේදී කුමාර් සංගක්කාර සහ ලහිරු තිරිමාන්න, ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු එක්දින තරගයකදී දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාව සඳහා වන වාර්තාව තමන් සතු කර ගත්තේය.",3 +නවසීලන්තයේ වෙලින්ටන්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය,3 +කළේය.,3 +"මොයින් අලී සහ ඉයන් බෙල් අතර, එංගලන්ත පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 62කි.",3 +"අලී, ලකුණු 15කට දැවී ගිය අතර, ගැරී බැලන්ස්ට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 6ක් පමණි.",3 +34 වැනි එක්දින අර්ධ ශතකය අබියස සිටි ඉයන් බෙල් ලකුණු 49කට දැවී ගියේය.,3 +එංගලන්ත පළමු කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 101කදී ය.,3 +"නායක ඔයින් මෝගන් සහ ජෝ රූට්, සිව්වැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ගොඩනැගුවේය.",3 +"ජෝ රූට් අද වාර්තා කළේ, සිව්වැනි එක්දින ශතකයයි.",3 +පන්දු 108කදී 4 පහර 14ක් සහ 6 පහර 2ක් ද සහිතව ඔහු ලකුණු 121ක් රැස් කළේය.,3 +තරගයේ 49 වැනි පන්දුවාරයේදී පන්දුවක් අතේ වැදීම හේතුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ආබාධයකට ලක් වූ,3 +"අතර, ඉන් අනතුරුව ඔහු පන්දු රැකීමේ නිරත නොවීය.",3 +"මේ අතර, එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවාරය යැවීම සඳහා පන්දු යවන්නන් දෙදෙනෙකු යොදා ගැනීමට නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට සිදුවිය.",3 +"ඒ, එක් පන්දුවාරයක් තුළ අවස්ථා දෙකකදී විනිසුරු අවවාද ලැබූ සුරංග ලක්මාල්ට එහි අවසන් පන්දු දෙක යොමු කිරීමේ අවස්ථාව අහිමි වීම හේතුවෙනි.",3 +"තරගයේ අවසන් පන්දු දෙක යොමු කළේ, ටී.එම් ඩිල්ෂාන් විසිනි.",3 +එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 309ක් රැස් කළේය.,3 +ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ටී.එම් ඩිල්ෂාන් සහ ලහිරු තිරිමාන්න ආරම්භ කළේය.,3 +ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ලකුණු 100ක සබඳතාවක් ගොඩනැගුවේය.,3 +පළමු කඩුල්ල ලෙස ඩිල්ෂාන් ලකුණු 44කට දැවී ගියේය.,3 +25 වියැති ලහිරු තිරිමාන්න සිව්වැනි එක්දින ශතකය අද වාර්තා කළේ ය.,3 +හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ද සමගින් නොදැවී ලකුණු 139ක් රැස් කළ තිරිමාන්න අද වාර්තා අතරට එක් වූයේ ලෝක කුසලාන තරගයකදී ශතකයක් රැස් කළ ලාබාලතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසින් ය.,3 +කුමාර් සංගක්කාර 23 වැනි එක්දින ශතකය අද වාර්තා කළේය.,3 +පන්දු 86කින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් ද සහිතව ඔහු නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 117කි.,3 +ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය තිරිමාන්න සහ සංගක්කාර යුගලය දෙවැනි කඩුල්ලට ලකුණු 212ක නොබිඳුනු සබඳතාවක් ගොඩනැගුවේය.,3 +පන්දුවාර 47යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේය.,3 +ජෝ රූට්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් එංගලනත්ය සමග පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 310ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබේ.,3 +දක්ෂ පිතිහරඹයක නිරත වූ ජෝ රූට් පන්දු 108කදී ලකුණු 121ක් ලබා ගත්තේය.,3 +ඊට හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් අතුළත් විය.,3 +අවසන් පන්දුවාර 10දී එංගලන්ත කණ්ඩායම ලකුණු 106ක් ලබා ගැනිම විශේෂත්වයකි.,3 +වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් පන්දු 19කදී ලකුණු 39ක් ලබා ගත්තේය.,3 +ඊට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.,3 +ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ වෙලිංටන්හිදී ය.,3 +තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.,3 +එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 62කි.,3 +පළමු කඩුල්ල ලෙස මොයින් අලී ලකුණු 15කට දැවී ගියේය.,3 +ඉයන් බෙල් ලබාගත් ලකුණු ගණන 49කි.,3 +සිය 4වන ශතකයක් ලබාගත් ජෝ රූට් ලකුණු 2දී ලබාදුන් උඩ පන්දුවක් මහේල ජයවර්ධන අතින් අද ගිලිහි ගියේය.,3 +නායක ඉයන් මෝගන් ලබාගත් ලකුණු ගණන 27කි.,3 +තරගයේ 49 වෙනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටි රංගන හේරත් ආබාධයකට ලක්විය.,3 +ඒ ඔහුගේ අතේ ඇඟිල්ලක පන්දුව වැදීම හේතුවෙනි.,3 +අනතුරුව හේරත් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගියේය.,3 +ඇන්ජලෝ මැතිව්ස් පන්දුවාර 10කදී නිලකුණු පන්දුවාරයක් සමග ලකුණු 43කට එක් කඩුල්ලක් දවා ගත්තේය.,3 +එක්දින ක්‍රිකට් තරගයකදී පිතිකරුවෙකු රැස් කළ වේගවත් ම ලකුණු 150 වාර්තා කිරීමට දකුණු අප්‍රිකාවේ ඒබී ඩිවිලියර්ස් අද සමත් විය.,3 +"ඔහු ලකුණු 150 රැස් කළේ, පන්දු 64කදී ය.",3 +"මේ අතර, ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගයකදී රැස් කළ දෙවන වේගවත් ම ශතකය රැස් කිරීමට ද ඒබී ඩිවිලියර්ස් අද සමත් විය.",3 +"ඔහු බටහිර ඉ��්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එම ශතකය රැස් කළේ, පන්දු 52කට මුහුණ දෙමිනි.",3 +ඔහු ලකුණු 100 සිට 150 දක්වා වන ලකුණු 50 පන්දු 12කදී රැස් කිරීම විශේෂත්වයකි.,3 +"එහිදී, ජේසන් හෝල්ඩර්ගේ අවසන් පන්දු වාර දෙක තුළදී ලකුණු 34 සහ 30 බැගින් ලකුණු 64ක් රැස් කිරීම කැපී පෙනිණි.",3 +ඒබී ඩිවිලියර්ස් අද තරගයේදී පන්දු 66කදී ලකුණු 162ක් රැස් කළේ ය.,3 +"මේ අතර, ඔස්ට්‍රේලියාවේදී එක්දින ක්‍රිකට් කණ්ඩායමක් ඉනිමකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව ද අද වාර්තා විය.",3 +"ඒ, දකුණු අප්‍රිකාව කඩුලු 5කට ලකුණු 408ක් රැස් කිරීම හේතුවෙනි.",3 +බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් වාර්තා 3ක් පිහිටුවීමට සමත් විය.,3 +"ඒ, ලෝක කුසලාන තරගයකදී වැඩි ම ලකුණු රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා සහ ලෝක කුසලාන තරගයකදී ලකුණු 150ක් රැස් කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමිනි.",3 +"මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන තරගයකදී වැඩි ම ලකුණු රැස් කර සිටියේ, අරවින්ද ද සිල්වා ය.",3 +1996 වසරේ කෙන්යාවට එරෙහිව අරවින්ද ද සිල්වා ලකුණු 145ක් රැස් කළේ ය.,3 +"මේ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන කඩුල්ල සඳහා වාර්තා කළ හොඳ ම ලකුණු සබඳතාව අද ගොඩ නැගිණි.",3 +"ඒ, තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර අතර ය.",3 +ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 210ක සබඳතාවක් ගොඩ නැගූහ.,3 +"මීට පෙර 2012 වසරේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 200ක සබඳතාවක් පවත්වා ගනිමින් එම වාර්තාවට හිමිකම් කීවේ ද, තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර යි.",3 +"මේ අතර, අද තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 161ක් රැස් කළ අතර එය ඔහු එක්දින තරගයකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව යි.",3 +"ඊට අමතරව, ඔහුගේ ලකුණු 161ට කිසිදු 6 පහරක් ඇතුළත් නොවීම ද විශේෂත්වයකි.",3 +තමන්ගේ ආදර සම්බන්ධය පිළිබඳ තවදුරට ත් තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් සාමන්‍ය දැනීම පාවිච්චි කරන්න ලෙස ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාට් කෝලි පවසා තිබේ.,3 +"කෝලි මේ බව පවසා ඇත්තේ, දීර්ඝ කාලයක් තිස්සේ සිහිනයක්ව පැවති ඔහුගේ විලාසිතා මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.",3 +"ඔහු ඉන්දීය මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ, තමන් සහ අනුෂ්කා ප්‍රසිද්ධියේ පෙනී සිටියදී ත් තවදුරට ත් ඒ පිළිබඳ ප්‍රශ්න කරන්නේ නම් එය ඔවුන්ගේ සාමන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්නයක් බව ය.",3 +කිසිවෙකුට තමන් සහ අනුෂ්කා ෂර්මා අතර පෙම් සම්බන්ධය පිළිබඳව තවදුරට ත් කුතුහලයක් තබා ගැනීම අවශ්‍���තාවක් නොමැති බව ඔහු අවධාරණය කර තිබේ.,3 +ආදර සම්බන්ධය දෙදෙනාට ම පෞද්ගලික කරුණක් බැවින් පෞද්ගලිකව තමන් සහ අනුෂ්කා ඒ පිළිබඳ කතා කිරීමට අකමැති බව ද ඔහු පවසා ඇත.,3 +"කලක් තිස්සේ රහසක්ව පැවති ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සහ බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා පෙම්වතුන් ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටිනුයේ, මෑතක සිට ය.",3 +ලොව වැඩි ම ජේත්තුකාර හෙවත් මෝස්තර නිරූපණයෙන් ඉහළ ම ක්‍රීඩිකාව මැය වේ.,3 +මැගී වෙසී නමැති ඇය අමෙරිකානු මලල ක්‍රීඩිකාවකි.,3 +මීටර් 800 ධාවන ශූරියක වන මැගී වෙසී ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙල දෙවරක් නියෝජනය කළා ය.,3 +"ඇය ධාවන තරගවලින් විශිෂ්ට ජයග්‍රහණ ලබා නැතත්, මෝස්තර නිරූපණය නිසා ලෝකයේ අවධානයට පාත්‍ර වී සිටී.",3 +"ඇයගේ විශේෂත්වය වන්නේ, ඇය ධාවන තරග සඳහා සහභාගි වීමේදී මෝස්තර නිරූපණයට යොමු වීම ය.",3 +"මැගී වෙසී පවසන්නේ, මෝස්තර නිරූපණය හරහා ප්‍රසිද්ධියක් ලැබීමට තමන්ට අවශ්‍යතාවක් නැතත් ඒ හරහා තමන් කෙරෙහි අවධානයක් යොමු වී ඇති බව ය.",3 +මැගී වෙසී මීටර් 800 තරග ඉසව්ව ජය ගත් අවස්ථාවක්…,3 +2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.,0 +මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.,0 +"මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්වෙද්දී පිළිවෙලින් චෙන්ග්ඩු, අබුඩාබි, ඔසාකා, රියාඩ්, සි අන්, තායිපේ, ටෝකියෝ, ලීමා, හෝචි මින් සිටි වේගයෙන් වර්ධනය වූ අනිකුත් නගර බවට පත්ව තිබේ.",0 +මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ.,0 +යුද්ධයෙන් පසුව ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වර්ධනය වී තිබීම හේතුවෙන් ලංකාව මෙම දර්ශකයේ මුල් තැනට පත්ව තිබෙන බව සඳහන්ය.,0 +කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට 21 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ.,0 +මෙම වර්ධනය ලබා තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ වීමද කැපී පෙනෙන කාරණාවකි.,0 +ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ.,0 +ධීවර ගම්මානයක් ලෙස පැවති සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වීමට බලපාන ලද කරුණු කාරණා සාකච්ඡා කිරීමට වෙන්වන මෙම සාක��්ඡා මාලාවේ දෙවැන්න මෙයයි.,0 +මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳවයි.,0 +පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ.,0 +"මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම සකස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට රැස්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ.",0 +මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා මෙරටට සැලසී තිබෙන වාසි පිළිබඳව කෝප් කමිටුව විසින්ද පසුගිය කාලයේදී සාකච්ඡා කර තිබුණු අතර මෙම ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා ලංකාව තුළ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් තිබීම හේතුවෙන් මෙරට ගුවන් කළාපයෙන් ගමන් ගන්නා ගුවන් යානා ප්‍රමාණය වර්ධනය වී ඇතැයි එහිදී අනාවරණය වී තිබේ.,0 +A380 වැනි ගුවන් යානයක් පවා හදිසි තත්ත්වයකදී මත්තල ගොඩබෑමට හැකිවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව සඳහන්ය.,0 +"මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් 2014 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී මගීන් 16,712 දෙනෙකු පිටත්ව ගොස් තිබෙන අතර මෙම ගුවන් තොටුපොළට පැමිණ තිබෙන්නේ මගීන් 13,371 දෙනෙකු පමණි.",0 +මෙම ගුවන් තොටුපොළ ගොඩනගා තිබෙන්නේ ව්‍යාපාරික සැලසුමක් නොමැතිව යැයි චෝදනා ඉදිරිපත් වී තිබේ.,0 +යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි මාසයේ සිට අත්හිටුවීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ පමණක් ලංකාවෙන් අපනයනය කළ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් සියයයට 36.5 කින් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.,0 +පසුගිය වසරේ මාර්තු මාසය සමග සැසඳීමේදී මෙම කඩා වැටීම තිබෙන අතර මෙයට ප්‍රධානතම හේතුව වන්නේ යුරෝපා වෙළඳ පොළට අපනයන කරන මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් මෙම මාර්තු මාසයේදී සියයට 77.6 කින් දැවැන්ත ලෙස පහත වැටීමයි.,0 +ශ්‍රී ලංකාවේ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයනය කිරීමේ ප්‍රධානතම වෙළඳ පොළ වන්නේ යුරෝපීය සංගමයයි.,0 +පසුගිය ජනවාරි 15 වනදා පටන් ලංකාවෙන් මිලදී ගන්නා මත්ස්‍ය නිෂ්පාදන අත්හිටුවමින් යුරෝපා සංගමය විසින් ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ මාලාව ක්‍රියාත්මක කිරීමට ලංකාව ��ටයුතු කර ඇති ආකාරය සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ ධීවර අංශයට සම්බන්ධ විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ ජුනි මස ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ.,0 +මෙම නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණීමෙන් පසුව ඉන්දියන් සාගරයේ නීති විරෝධී ආකාරයෙන් මසුන් ඇල්ලීම නතර කිරීමට ලංකාව ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් පසුව මෙම තහනම පිළිබඳව ඉදිරි පියවර ගැනීමට නියමිතය.,0 +නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා සංගමය එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම අත්හිටවූ අතර මෙය විසඳා ගැනීමට ඉක්මන් පියවර නොගන්නේ නම් සිය සමාගම් වැසී යනු ඇතැයි මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගම් සඳහන් කර ඇත.,0 +ලංකාවෙන් යුරෝපා සංගමයට මාසයකට මත්ස්‍ය නිෂ්පාදන ටොන් 1500 ක් පමණ අපනයනය කරන අතර මෙරට මත්ස්‍ය නිෂ්පාදන වලින් සියයට 50 ක් පමණම මිලදී ගන්නේ යුරෝපා සංගමය විසිනි.,0 +යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 200 ක පමණ ආදායමක් ලැබුණු අතර මේ වනවිට මෙම ආදායම අහිමි වී ගොස් ඇත.,0 +ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවර යාත්‍රා මෙරට ධජය යටතේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීම සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් (Vessel Monitoring System) ආරම්භ කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා තිබුණි.,0 +අප වෙත අනාවරණය වන ආකාරයට මේ මාසයේදී යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණීමට පෙර මෙම යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය සම්පූර්ණ කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර මේ වනවිට ඒ සඳහා කටයුතු කරගෙන යයි.,0 +යුරෝපා කොමිසම විසින් ඉල්ලා තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන ඉදිරියට රැගෙන යන ආකාරය පිළිබඳව සෑම සතියකම අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සමාලෝචනයක් මේ වනවිට සිදුකරයි.,0 +ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි.,0 +පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ දේශීය බැඳුම්කර වෙළඳ පොළ දියුණ��� කිරීමට අවශ්‍ය වූ නිසා රජය දිගින් දිගටම දේශීය බැඳුම්කර නිකුත් කරමින් පසුගිය කාලයේදී ණය ලබාගත් බවයි.,0 +"කෙසේවෙතත්, රජය පසුගියදා ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක ණය මුදලක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) ලබාගත්තේය.",0 +ඇමරිකානු මහ බැංකුව ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් වැඩිකරනු ඇතැයි අපේක්ෂා කරන නිසා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑමට මෙය හොඳම අවස්ථාව යැයි සිතූ හෙයින් මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව සිදුකළ බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.,0 +2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාත වලට වඩා මෙවර පොලී අනුපාතය වැඩිවී තිබෙන්නේ ඇමරිකානු පොලී අනුපාත වැඩිවී තිබෙන නිසා බවත් 2012 සිට මේ දක්වා ඇමරිකානු පොලී අනුපාතය සියයට 2.2 කින් පමණ වැඩිවී තිබෙන බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය.,0 +"නමුත්, 2012 වසරේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදී ලංකාව විසින් අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු පොලිය සියයට 4.4 ක් වුවත් මෙවර එය සියයට 3.9 ක් දක්වා අඩුවී ඇතැයි මහ බැංකු අධිපතිවරයා කීය.",0 +මෙවර පොලිය වැඩියි -බන්දුල කියයි,0 +"කෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙන්නේ මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාතය වැඩි බවත් ඒ තුළින් රටට විශාල අවාසියක් සිදුවී ඇති බවයි.",0 +ආසන්න වශයෙන් සලකන විට ලෝක ජනගහණය බිලියන 7ක්. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම ව්‍යාපාරයකට බිලියන 7කට වඩා පාරිභෝගිකයින් සිටින්නට හැකියාවක් නැහැ. ඇත්තටම මේ බිලියන 7ක පිරිස එදිනෙදා මොනවද කරන්නේ.,0 +දවසකට තියෙන්නේ පැය 24ක්. ඒක කාටවත් වැඩිකරන්න බැහැ. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ආයු කාලය වසර 78ක් වශයෙනුයි සැලකෙන්නේ. ඉතින් මේ බිලියන 7ක ජනතාව තමන්ගේ අවුරුදු 78ක ජීවිතකාලය තුල කරන දේවල් ගැන අදහසක් ගන්න පුළුවන් නම් අපිට වඩා කාර්යක්ෂම විදියට ඒ කාලය වැයකරන්නේ කොහොමද කියන දේ ගැන අදහසක් ගන්න පුළුවන් වේවි. ඒ වගේම ඔයා ව්‍යවසායකයෙක් නම් එහෙමත් නැත්නම් නවනිපැයුම්කරුවෙක් නම් ලෝකවාසී ජනතාවගේ ජීවන තත්වය උසස් කරන්න මේ දත්ත යොදාගන්න පුළුවන් වේවි.,0 +පුද්ගලයෙක් තම ජීවිතකාලයෙන් 1/3ක් නිදාගන්නවා,0 +"පුද්ගලයෙක් සිය ජීවිතකාලයෙන් වැඩියෙන්ම කාලය වැයකරන්න��� නිදාගන්න. ජීවිතකාලය අවුරුදු 78ක් නම් ඉන් අවුරුදු 28.3ක්ම ඔහු නිදාගන්නවා. ඉතින්? ඉතින් යම් ඔබට පුලුවන්නම් නින්ද සඳහා උදව් වෙන, එහෙමත් නැත්නම් සුව නින්දකට උපකාරීවෙන නිර්මාණයක් කරන්න ඒ නිර්මාණය අතිවිශාල ජනතාවක් හැමදාම පාවිච්චි කරාවි. ජීවිතකාලයෙන් 1/3ක් ඔයාගේ නිපැයුම පාවිච්චි කරාවි.",0 +වසර 6ක් ගේ දොර වැඩකටයුතු සඳහා අසතුටෙන් කාලය වැයකරනවා.,0 +"ගේ දොර වැඩකටයුතු කරන්න කවුද කැමති. ගේ අතුගාන්න, බිම මදින්න, පිඟන් හෝදන්න වගේ දේවල් කරන්න උදව්වෙන startup එකක් ඔයාට පටන්ගන්න පුළුවන් නම් ඒක මුළු මනුෂ්‍යවර්ගයාගේම ජීවිත කාලයෙන් අවුරුදු 6ක කාලයක් ඉතුරු කරන්න උදව් වේවි.",0 +පුද්ගලයෙක් අවුරුදු 10.5ක කාලයක් රාජකාරී සඳහා වැයකරනවා. අවුරුදු 9ක කාලයක් විනෝදාත්මක දේ සඳහා වැයකරනවා.,0 +සාමාන්‍ය කෙනෙක් සිය ජීවිතකාලයෙන් වැටුපක් ලැබෙන රාජකාරී සඳහාත් වැටුපක් නොලැබෙන විනෝදාත්මක කටයුතු සඳහාත් ආසන්න වශයෙන් සමාන කාලයක් වැය කරනවා. ඉතින් ඔයාට පුළුවන්නම් කෙනෙකුගේ රාජකාරී කටයුතු විනෝදාත්මකව සතුටින් නිමකරන්නට දායක වෙන්න එය අපට ලැබෙන සීමිත කාලය ඵලදායී විදියට වැයකරන්නට උපකාරී වේවි. ඒ නැතත් කෙනෙකුට තමන් ආසාවෙන් කරන රැකියාවක් සොයාදෙන්නට හැකි නිපැයුමක් හෝ සේවාවක් ඔබට සපයන්නට පුළුවන්නම් එයත් එක්තරා ආකාරයක ඉහත කාරණය සඳහා දායක වේවි.,0 +ලෝක ජනගහණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට රැකියාවක් නැහැ.,0 +ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් වන කුඩා ළමුන් රැකියාවක් කිරීමට තරම් වයසක නැහැ. වසර කිහිපයකින් වැඩිවියට පත්වෙන මේ ළමා ජනගහණයේ මොළ ටික හැකි ඉක්මනින් ශ්‍රම බලකායට එකතුකරන්නට පුළවන්නම්?,0 +ලෝක ජනගහනයෙන් 1/5ක් තවමත් වගාකරනවා,0 +රැකියාවක් කිරීම පමණක්ම නෙවෙයි මුදල් ඉපැයීමේ මාර්ගය. මීට වසර 100කට පමණ පෙර මුදල් ඉපැයීමේ ප්‍රධාන මාර්ගය කෘෂිකර්මය වෙලා තිබුනා. ඒත් දැනටත් ලෝක ජනගහණයෙන් 1/5ක් කෘෂිකර්මයෙනුයි ජීවත් වෙන්නේ. එක අතකට ඒක සාධාරණයි. මොකද කවුරුහරි අපිට අවශ්‍ය වන ආහාර නිෂ්පාදනය කරන්න අවශ්‍යයි නේ. ඒත් තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් එක්ක කෘෂි කර්මය සම්පූර්ණයෙන්ම රොබෝවරුන්ට බාරදෙන්න පුළුවන් නම් අපිට ඒ විශාල පිරිසේ ජීවන තත්වය තවත් උසස් කරන්න පුළුවන් නේද?,0 +බිලියන 1/2කට ආසන්න පිරිසක් ව්‍යවසායකයින්,0 +දැනට වැඩිම පිරිසක් මුදල් ඉපැයීමේ මාර්ගය විදියට පිළිගන්නේ රැකියාවක් කිරීම. අතීතයේ ප්‍රධාන මුදල් ඉපැයීමේ මාර්��ය කෘෂිකර්මය බව අප හැමෝම දන්න කරුණක් නේ. ඉතින් අනාගතයේ මුදල් ඉපැයීමේ ප්‍රධාන මාර්ගය කුමක් වේවිද? ඒ මොකක් වුනත් දැනට සීග්‍රෙයන් වැඩිවෙන පිරිසක් තමයි ව්‍යවසායකයින් (entrepreneurs) කියන්නේ. ඇපල් විකුණන කෙනෙකුගේ ඉඳන් බැංකුවක ආරම්භකයෙක් දක්වා සෑම කෙනෙක්ම ලෝක ජනගහනයෙන් මිලියන 400ක් වෙන මේ ගොඩට අයිතියි.,0 +"ඒ අයගේ ප්‍රධාන ලක්ෂණය තමයි එයාලා රැකියා සොයායන්නේ නැහැ. රැකියා නිර්මාණය කරගන්නවා. තවත් අයට රැකියා නිර්මාණය කරලා දෙනවා. මේ පිරිස සිග්‍රෙයන් වැඩිවන බවක් පෙනෙන්නට තිබෙනවා. අනිවාර්යයෙන්ම අනාගතයේ හැමෝම ව්‍යවසායකයින් වීමට හැකියාවක් නැහැ. නමුත් දැනට තියෙන ප්‍රතිශත සීග්‍රෙයන් වර්ධනය වේවි. මීට වඩා වැඩි පිරිසක් සමාගම්, ව්‍යාපාර ආරම්භ කරාවි. තවත් අය ඒ අය යටතේ සේවය කරාවි.",0 +අද කරන්න පුළුවන් දේ ?,0 +"මේ අපි කතා කලේ අද දවසේ ලෝක ජනගහනයේ සංයුතිය ගැන. තවත් වසර ගණනාවකින් මේ සංයුතියේ වෙනසකම් දකින්න පුළුවන් වේවි. ඉතින් අද ඔබ උපාධියක් හදාරනවාද, යමක් ඉගෙන ගන්නවාද, startup එකක් කරගෙන යනවාද, රැකියාවක් කරනවාද කියන එක ප්‍රශ්ණයක් නැහැ. ප්‍රශ්ණය ඔබ අද කරන දේ හෙට ආනාගතයට කොයිතරම් දුරට ගැලපේවිද යන්නයි. ඒ නිසා ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.",0 +Red Bull කියන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය ශක්තිජනක පානයක්. නමුත් මේ පානය ශක්තිජනක පානයක් ලෙස හඳුන්වා වෙළඳ ප්‍රචාරයක් ලබා දුන්නද එහි එවැනි ගුණයක් නැති බව පවසමින් පාරිභෝගිකයින් පිරිසක් ගොණු කළ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව ගතවූ වසර 12ක කාලයේදී RedBull ශක්තිජනක පානය පරිභෝජනය කළ පාරීභෝගිකයින් මිලියන 1.3ක් හට වන්දි ලබා දෙන ලෙස අදාල සමාගමට අමෙරිකානු අධිකරණයක් විසින් නියෝග කර තිබෙනවා. මෙලෙස වන්දි ලෙස ඩොලර් මිලියන 13ක මුදලක් එම පාරිභෝගිකයින් වෙත ගෙවීමට අදාල සමාගම එකඟ වී තිබෙනවා.,0 +මෙම පානයෙන් ශක්තිය ලබෙන බවට කිසිදු විද්‍යාත්මක තහවුරු කිරීමක් නොමැති බව ද මෙහිදී හෙළිවී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.,0 +ඒ අනුව පසුගිය 2002 වසරේ සිට 2014 ඔක්තෝබර් 3 වනදා දක්වා Red Bull පානය කළ සෑම පාරිභෝගිකයෙකුටම ඩොලර් 10 ත් 15ත් අතර වන්දි මුදලක් හිමිවනු ඇත. මෙම වන්දි ලබාගැනීම සදහා 2015 මාර්තු 2 වන දිනට පෙර http://www.energydrinksettlement.com/ වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කළ හැක.,0 +"Antoine Dominic (ඇන්ටොයින් ඩොමිනික්) කියන්නේ ලොව අංක එකේ රථ වාහන ව්‍යාපාරිකයෙක්. රෝල්ස් රොයිස්, බෙන්ට්ලි හා ලැමිබෝගිනි වැනි අධි සුඛෝපභෝගී මෝටර් රථ අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ ව්‍යාපාරයේ නිරත වන ඔහු Bespoke මෝටර් රථ සමාගමෙහි හිමිකරුයි. මේ වන විට 51 හැවිරිදි ඔහු ලාංකිකයෙක්. අපේ රටේ උපත ලැබූවත් ඔහුගේ හීනය වුනේ අධි සුඛෝපභෝගී වාහනයක හිමිකරුවෙක් වන්නටයි. ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසී කැපවීමෙන් වැඩ කළ ඔහු අද අධි සුඛෝපභෝගී වාහන බෙදාහරින්නෙක් බවට පත්වෙලා.",0 +ඒත් මොහුට ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියක් හිමි වීමට හේතු වුනේ නම් වෙනත් හේතුවක් නිසයි. ලැම්බොගිනි සමාගම පසුගිය දිනෙක සිය නවතම මෝටර් රථය එළිදැක්වූවා. Lamborghini Veneno නමින් හැඳින්වෙන ඒ මෝටර් රථය ඩොලර් මිලියන 4ක් පමණ මිල වනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 50කට ආසන්නයි. ඒ කෙසේ වුනත් ලැම්බොගිනි සමාගම මේ මෝටර් රථ‍ය එසේ මෙසේ කෙනෙකුටනම් මිලදීගන්නට බැහැ. මොකද ලැම්බෝගිනි සමාගම අවසර ලබාදෙන අයට විතරයි මේ තරම් මුදලක් දීලා වුනත් මිලදීගන්න පුළුවන්.,0 +ඉතින් ලැම්බොගිනි සමාගම විසින් මේ නව Lamborghini Veneno මෝටර් රථය මිලදී ගැනීම සඳහා ඉඩ ලබාදුන් තුන් දෙනා අතර මේ ලාංකිකයාත් ඇතුලත් වීම අපටත් ආඩම්බරයක් නේද?,0 +"ලැම්බොගිනි සමාගම මෙලෙස සිය පාරිභෝගියකයින් තිදෙනා තෝරාගෙන ඇත්තේ ලැම්බෝගිනි මෝටර් රථ පිළිබඳ ඇති ඇල්ම , ඒ වගේම ඒ පිළිබඳ ඇති දැනුම වගේම මීට පෙර ලැම්බොගිනි මෝටර් රථ මිලදීගත් ප්‍රමාණයත් සලකා බලා බවයි පැවසෙන්නේ.",0 +ඩොමිනික් මීට පෙර සේවය කර ඇත්තේ ගණකාධිකාරවරයෙක් ලෙසයි. ඒ වගේම Excel Technology නම් ලේසර් නිෂ්පාදන සමාගමක හිමිකරුවකුව සිටි ඔහු පසුව ඒ සමාගම විකුණා දැමුවා. ඉන් අනතුරුවයි Bespoke Motor Group අරඹා මෝටර් රථ ව්‍යාපාරයට එක්ව ඇත්තේ. අද වන විට ලොව අංක එකේ අධි සුඛෝපභෝගී මෝටර් රථ ව්‍යාපාරිකයින් අතර වැජඹීමට මේ ලාංකික ව්‍යාපාරිකයාට හැකිව තිබෙන්නේ නොපසුඹට වීර්යය නිසා බවයි ඔහු පවසන්නේ.,0 +කෙසේ නමුත් ඔහු නව Lamborghini Veneno මෝටර් රථය මිලදී ගත් මුදලට වඩා වැඩි මුදලකට දැනටමත් බොහෝදෙනෙක් ඔහුගෙන් මේ මෝටර් රථය මිලදී ගැනීමට කැමැත්තෙන් සිටින බව වාර්ථා වනවා.,0 +අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු වෙනුවෙන් තිබෙන විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.,0 +"මේ අනුව, අර්තාපල් කිලෝවක් වෙනුවෙන් වන රුපියල් 55 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක් දක්වාත් ළූණු සඳහා වන ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 ක සිට රුපියල් 10 ක් දක්වාත් අඩුකර ඇ���.",0 +2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.,0 +මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.,0 +ශ්‍රී ලංකාවෙන් විදේශීය වෙළඳ පොළට මත්ස්‍ය නිෂ්පාදන වැඩිපුරම අපනයනය කරන සමාගම වන්නේ ට්‍රොෆික් ෆිෂරීස් සමාගමයි.,0 +ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව සිදුකරන මෙම නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් කිරීමේ අවස්ථාව අපට හිමිවුණා.,0 +මෙම සමාගමේ මීගමුවේ පිහිටි කර්මාන්ත ශාලාවේදී විදේශීය වෙළඳ පොළ වෙනුවෙන් මත්ස්‍ය නිෂ්පාදන සැකසෙන්නේ මේ අයුරිනි.,0 +ලංකා ඉන්දීය තෙල් සමාගම අද සිට මෙරට පෙට්රල් අලෙවිය අඩුකරන්නේ යැයි පැතිර යන කතාවල සත්‍යයක් නොමැති බවත් සමාගම කිසිදු අඩු කිරීමකින් තොරව සිය ඉන්ධන පිරවුම්හල්වල පෙට්රල් ඉදිරියටත් අලෙවිකරන බවත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.,0 +"ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුබෝද් ඩක්වලේ (Subodh Dakwale) අප සමග සම්බන්ධ වෙමින් කියා සිටියේ සමාගම විසින් 2014 මැයි මාසයේදී මෙරට වෙළඳ පොළේ පෙට්රල් කිලෝ ලීටර් 18,180 ක් අලෙවි කළ බවත් එය මේ මැයි මාසයේදී කිලෝ ලීටර් 19,991 ක් දක්වා වැඩිවූ බවයි.",0 +ඒ ආකාරයෙන්ම ඉදිරියටත් කිසිදු අඩු කිරීමකින් තොරව පෙට්රල් අලෙවි කිරීමට සූදානම් බව හෙතෙම සඳහන් කළේය.,0 +"කෙසේවෙතත්, වත්මන් රජය විසින් ලෝක වෙළඳ පොළේ මිලට වඩා අඩුවෙන් පෙට්රල් විකිණීම සඳහා මිල නියම කිරීම හමුවේ පෙට්රල් ලීටරයකින් සමාගම රුපියල් 30 ක පමණ පාඩුවක් ලබන බව හෙතෙම පැවසීය.",0 +"මේ අනුව, ලංකා ඉන්දීය තෙල් සමාගම පෙට්රල් විකිණීම මගින් මාසයකට රුපියල් මිලියන 500-600 ත් අතර පාඩුවක් මේ වනවිට ලබන බවත් මේ ආකාරයෙන් දිගින් දිගටම පාඩුවට පෙට්රල් විකිණීම අසීරු බවත් ඩක්වලේ මහතා වැඩිදුරටත් කීය.",0 +වත්මන් රජය ඉන්ධන මිල ගණන් අඩුකරන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක් පමණ වූ අතර එය මේ වනවිට ඩොලර් 58 සීමාව ඉක්මවා තිබේ.,0 +ඉදිරියේදී මෙරට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතය.,0 +පසුගිය රජය විසින් ගොඩනැගූ සුදු අලියෙකු යැයි වත්මන් රජය විසින් චෝදනා කරන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ව්‍යාපාරික සැලසුමක් ගොඩ නැගීමට රජය කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරණය වේ.,0 +"මේ අනුව, මෙම ව්‍යාපාරික සැලසුම ���කස් කිරීම සඳහා රජය විසින් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙන අතර මෙම කමිටුව පළමු වරට හෙට පස්වරු 3.30 ට රැස්වීමට නියමිත බව අප වෙත වාර්තා වේ.",0 +මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා මෙරටට සැලසී තිබෙන වාසි පිළිබඳව කෝප් කමිටුව විසින්ද පසුගිය කාලයේදී සාකච්ඡා කර තිබුණු අතර මෙම ගුවන් තොටුපොළ ගොඩනැගීම නිසා ලංකාව තුළ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් තිබීම හේතුවෙන් මෙරට ගුවන් කළාපයෙන් ගමන් ගන්නා ගුවන් යානා ප්‍රමාණය වර්ධනය වී ඇතැයි එහිදී අනාවරණය වී තිබේ.,0 +A380 වැනි ගුවන් යානයක් පවා හදිසි තත්ත්වයකදී මත්තල ගොඩබෑමට හැකිවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව සඳහන්ය.,0 +"මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් 2014 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී මගීන් 16,712 දෙනෙකු පිටත්ව ගොස් තිබෙන අතර මෙම ගුවන් තොටුපොළට පැමිණ තිබෙන්නේ මගීන් 13,371 දෙනෙකු පමණි.",0 +මෙම ගුවන් තොටුපොළ ගොඩනගා තිබෙන්නේ ව්‍යාපාරික සැලසුමක් නොමැතිව යැයි චෝදනා ඉදිරිපත් වී තිබේ.,0 +සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් පනවන ලද නව නියාමන අවශ්‍යතා සපුරාලන තෙක් මාර්තු 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් ආයතනය විසින් අළුතෙන් සිදුකරන ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අත්හිටුවන ලෙස කොමිසම දැනුම් දී තිබේ.,0 +"කෙසේවෙතත්, මෙම ආයතනය විසින් මාර්තු 25 වනදාට පෙර ආරම්භ කළ ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු අඛණ්ඩව සිදු කිරීමට මෙය බාධාවක් නොවන බව කොමිසම සඳහන් කර ඇත.",0 +ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් සුරැකුම් පත් හා විනිමය කොමිසමේ අධීක්ෂණය යටතේ මෙරට ණය ප්‍රමාණීකරණ (Credit Rating) කටයුතු සිදුකරන අතර මෙය ලංකාව තුළ ක්‍රියාත්මක ණය ප්‍රාමාණීකරණ ආයතන (Credit Rating Agency) තුනෙන් එකකි.,0 +2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.,0 +මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.,0 +"මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්වෙද්දී පිළිවෙලින් චෙන්ග්ඩු, අබුඩාබි, ඔසාකා, රියාඩ්, සි අන්, තායිපේ, ටෝකියෝ, ලීමා, හෝචි මින් සිටි වේගයෙන් වර්ධනය වූ අනිකුත් නගර බවට පත්ව තිබේ.",0 +මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ.,0 +යුද්ධයෙන් පසුව ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වර්ධනය වී තිබීම හේතුවෙන් ලංකාව මෙම දර්ශකයේ මුල් තැනට පත්ව තිබෙන බව සඳහන්ය.,0 +කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට 21 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ.,0 +මෙම වර්ධනය ලබා තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ වීමද කැපී පෙනෙන කාරණාවකි.,0 +යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි මාසයේ සිට අත්හිටුවීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ පමණක් ලංකාවෙන් අපනයනය කළ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් සියයයට 36.5 කින් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.,0 +පසුගිය වසරේ මාර්තු මාසය සමග සැසඳීමේදී මෙම කඩා වැටීම තිබෙන අතර මෙයට ප්‍රධානතම හේතුව වන්නේ යුරෝපා වෙළඳ පොළට අපනයන කරන මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයන ආදායම් මෙම මාර්තු මාසයේදී සියයට 77.6 කින් දැවැන්ත ලෙස පහත වැටීමයි.,0 +ශ්‍රී ලංකාවේ මුහුදු මත්ස්‍ය නිෂ්පාදන (sea food) අපනයනය කිරීමේ ප්‍රධානතම වෙළඳ පොළ වන්නේ යුරෝපීය සංගමයයි.,0 +පසුගිය ජනවාරි 15 වනදා පටන් ලංකාවෙන් මිලදී ගන්නා මත්ස්‍ය නිෂ්පාදන අත්හිටුවමින් යුරෝපා සංගමය විසින් ලංකාවට ඉදිරිපත් කළ නිර්දේශ මාලාව ක්‍රියාත්මක කිරීමට ලංකාව කටයුතු කර ඇති ආකාරය සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ ධීවර අංශයට සම්බන්ධ විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ ජුනි මස ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ.,0 +මෙම නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණීමෙන් පසුව ඉන්දියන් සාගරයේ නීති විරෝධී ආකාරයෙන් මසුන් ඇල්ලීම නතර කිරීමට ලංකාව ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමෙන් පසුව මෙම තහනම පිළිබඳව ඉදිරි පියවර ගැනීමට නියමිතය.,0 +නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා සංගමය එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම අත්හිටවූ අතර මෙය විසඳා ගැනීමට ඉක්මන් පියවර නොගන්නේ නම් සිය සමාගම් වැසී යනු ඇතැයි මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගම් සඳහන් කර ඇත.,0 +ලංකාවෙන් යුරෝපා සංගමයට මාසයකට මත්ස්‍ය නිෂ්පාදන ටොන් 1500 ක් පමණ අපනයනය කරන අතර මෙරට මත්ස්‍ය නිෂ්පාදන වලින් සියයට 50 ක් පමණම මිලදී ගන්නේ යුරෝපා සංගමය විසිනි.,0 +යුරෝපා සංගමයට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීම මගින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 200 ක ��මණ ආදායමක් ලැබුණු අතර මේ වනවිට මෙම ආදායම අහිමි වී ගොස් ඇත.,0 +ශ්‍රී ලංකාවේ ඇතැම් ධීවර යාත්‍රා මෙරට ධජය යටතේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීම සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් (Vessel Monitoring System) ආරම්භ කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා තිබුණි.,0 +අප වෙත අනාවරණය වන ආකාරයට මේ මාසයේදී යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණීමට පෙර මෙම යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය සම්පූර්ණ කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර මේ වනවිට ඒ සඳහා කටයුතු කරගෙන යයි.,0 +යුරෝපා කොමිසම විසින් ඉල්ලා තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන ඉදිරියට රැගෙන යන ආකාරය පිළිබඳව සෑම සතියකම අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සමාලෝචනයක් මේ වනවිට සිදුකරයි.,0 +ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑම රජය පමාකළේ රජයේ ණය ලබාගැනීමේ වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයින්ට සම්පූර්ණ ප්‍රතිලාභය ලබාදීමට අවශ්‍ය වූ නිසා බවත් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් කිරීමට සුදුසුම වේලාව පැමිණ තිබෙන නිසා රජය පසුගියදා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකළ බවත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියයි.,0 +පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ දේශීය බැඳුම්කර වෙළඳ පොළ දියුණු කිරීමට අවශ්‍ය වූ නිසා රජය දිගින් දිගටම දේශීය බැඳුම්කර නිකුත් කරමින් පසුගිය කාලයේදී ණය ලබාගත් බවයි.,0 +"කෙසේවෙතත්, රජය පසුගියදා ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක ණය මුදලක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) ලබාගත්තේය.",0 +ඇමරිකානු මහ බැංකුව ඉදිරියේදී පොලී අනුපාත තවදුරටත් වැඩිකරනු ඇතැයි අපේක්ෂා කරන නිසා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවකට යෑමට මෙය හොඳම අවස්ථාව යැයි සිතූ හෙයින් මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව සිදුකළ බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.,0 +2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාත වලට වඩා මෙවර පොලී අනුපාතය වැඩිවී තිබෙන්නේ ඇමරිකානු පොලී අනුපාත වැඩිවී තිබෙන නිසා බවත් 2012 සිට මේ දක්වා ඇමරිකානු පොලී අනුපාතය සියයට 2.2 කින් පමණ වැඩිවී තිබෙන බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය.,0 +"නමුත්, 2012 වසරේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව��දී ලංකාව විසින් අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු පොලිය සියයට 4.4 ක් වුවත් මෙවර එය සියයට 3.9 ක් දක්වා අඩුවී ඇතැයි මහ බැංකු අධිපතිවරයා කීය.",0 +මෙවර පොලිය වැඩියි -බන්දුල කියයි,0 +"කෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙන්නේ මෙම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාතය වැඩි බවත් ඒ තුළින් රටට විශාල අවාසියක් සිදුවී ඇති බවයි.",0 +"ගොඩබිම සිට කිලෝ මීටර් 800 ක් දක්වා දුරකට විහිදෙන මුහුදු සීමාවක් 2018 වසරේදී ලංකාවට අයත්වීමට නියමිත බවත් එම මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත තිබෙන බවට විශ්වාස කරන බවත් සමුද්‍ර කටයුතු ලේකම් කාර්යාලයේ (National Ocean Affairs Committee) සභාපති, ක්‍රිස් තිලක ශ්‍රී ධර්මකීර්ති මහතා සඳහන් කරයි.",0 +අප සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට මේ වනවිට අයත් වන්නේ කිලෝ මීටර් 200 ක් දක්වා දුරක් විහිදෙන මුහුදු ප්‍රදේශයක් බවයි.,0 +දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ නිමකර මේ මැයි මාසය අවසාන වනවිට ජනතා අයිතියට පත්කිරීමට අදහස් කර තිබුණත් එම විවෘත කිරීම ලබන ජුනි මාසය දක්වා කල්ගත වී ඇතැයි අනාවරණය වේ.,0 +මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු අප වෙත සඳහන් කළේ මැයි මාසය අවසන් වනවිට වැඩ නිම කිරීමට නොහැකි වූ නිසා මෙම කොටස ලබන ජුනි මැදදී අනිවාර්යෙන්ම විවෘත කරනු ඇති බවයි.,0 +මෙම මාර්ගයේ තෙවන අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.32 ක් වන කොටසේ වැඩද ළඟදීම ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.,0 +"පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර ඉදිකිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කාර සමාගම වන Metallurgical Corporation of China Ltd.(MCC) හි, ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය ඊයේ සඳහන් කළේ ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ ගොස් ඇතැයි එල්ලවන චෝදනා අසත්‍ය බවයි.",0 +මෙම මාර්ගයේ තෙවන කොටස සම්පූර්ණ කිරීමෙන් පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන්නෙකුට කෙලින්ම කටුනායක දක්වාම ගමන් කළ හැකියි.,0 +පිටත වටරවුම් මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර් 29.1 කි.,0 +ශ්‍රී ලංකාව සමග අත්සන් කර තිබෙන “ද්විත්ව බදුකරණය වැලැක්වීමේ ගිවිසුම“ සහ “ද්විපාර්ශවික ආයෝජන ගිවිසුම“ වඩාත් ඵලදායී ලෙස දියුණු කර ගැනීමට සූදානම් බව ස්විට්සර්ලන්තය කියයි.,0 +ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් සමග ස්විට්සර්ලන්තයේ වෙළඳ ගිවිසුම් සඳහා වන ෆෙඩරල් කවුන්සලයේ තානාපති නියෝජිතවරිය වන Livia Leu මහත්මිය කොළඹදී පැවැත්වූ සාකච්ඡා වලදී මේ බව අනාවරණය විය.,0 +"මෙහිදී, අදහස් දක්වමින් ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිළධාරී, මංගල පී.බී. යාපා මහතාට ඇය සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා ආයෝජකයින්ට ලබාදී තිබෙන ස්විට්සර්ලන්ත GSP පහසුකම උපරිමයෙන් භාවිතා කළ යුතුව තිබෙන බවයි.",0 +මෙම පහසුකම මෙරට අපනයන කරුවන් මේ වනවිට උපරිමයෙන් භාවිතා නොකරන බව ඇය මෙහිදී පෙන්වාදී ඇත.,0 +පුරප්පාඩු වී තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී සහ ප්‍රධාන වාණිජ නිළධාරී යන තනතුරු දෙකේ පූර්ණ කාලීනව කටයුතු කළ හැකි සුදුසුකම් සපිරූ දේශීය හා විදේශීය පුද්ගලයින්ගෙන් සමාගම අයදුම් පත් කැඳවා තිබේ.,0 +මෙම දැන්වීම පළකර ඇති දින සිට දින 14 ක කාලයක් තුළ මෙම තනතුරු සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක තනතුර දැරූ කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා එම තනතුරෙන් ඉල්ලා අස්විය.,0 +මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් විසින් 2014 වසරේදී රුපියල් බිලියන 29 ක අති දැවැන්ත අලාභයක් වාර්තා කර තිබෙන අතර එමිරේට්ස් සමග තිබූ කළමනාකරණ ගිවිසුම 2008 වසරේදී අවලංගු කිරීමෙන් පසුව මේ දක්වා රුපියල් බිලියන 122 ක අලාභයක් ලබා ඇත.,0 +ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්තාවේ දැක්වෙන්නේ ගුවන් සමාගමේ ආදායම් පසුගිය වසරේදී සියයට 5.5 කින් රුපියල් බිලියන 115.5 ක් දක්වා වර්ධනය වුවත් වියදම් රුපියල් බිලියන 144.4 ක් දක්වා වඩාත් වර්ධනය වී තිබෙන බවයි.,0 +ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක පුරප්පාඩුව වෙනුවෙන් පළකර තිබෙන දැන්වීම මෙන්න!,0 +"ශ්‍රී ලංකාව යනු නිල් මැණික් සඳහා පරාදීසය බවත් නිල් මැණික් සොයා ව්‍යාපාරිකයින් එදා මෙන් අදටත් පැමිණෙන්නේ කොළඹට හෝ රත්නපුරයට බවත් ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති ජාත්‍යන්තර සංගමයේ සභාපති, බෙන්ජමින් හැක්මන් මහතා (Benjamin Hackman) අප සමග සඳහන් කළේය.",0 +ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති සංගමය විසින් වසර 26 කට පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වූ “ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන් කොංග්‍රස්“ ( International Colored Gem Stones Congress) නැමති සමුළුවට සහභාගී වූ ඔහු මේ බව අප සමග සඳහන් කළේය.,0 +කොළඹ පැවති මෙම සමුළුවට රටවල් 27 ක��� නියෝජනය කරමින් මැණික් කර්මාන්තයට සම්බන්ධ නියෝජිතයින් 300 කට වැඩි පිරිසක් පැමිණ තිබූ අතර එය මැයි මැයි 16 වනදා ආරම්භ වී අද (20) අවසන් විය.,0 +"මෙම සමුළුව සෑම වසර දෙකකටම වරක් පවත්වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association) විදේශ ප්‍රවර්ධන අංශයේ (Foreign Promotions) සභාපති, අර්මිල් සම්මෝන් (Armil Sammoon) මහතා සඳහන් කළේය.",0 +ඔහු වැඩිදුරටත් පැවසුවේ මැණික් කර්මාන්තයේ නව ප්‍රවණතා පිළිබඳව ලෝකය පිළිගත් දේශකයින් 29 දෙනෙකු විසින් මෙම සමුළුවේදී අදහස් දැක්වූ බවයි.,0 +ශ්‍රී ලංකාව විසින් වසරකට අපනයනය කරන මැණික්වල වටිනාකම ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව වී ඇතැයි හෙතෙම අප සමග සඳහන් කළේය.,0 +මෙම සමුළුවට සහභාගී වූ මැණික් පිළිබඳ විශේෂඥයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික Grant A Hamid මහතා පැවසුවේ මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් ලංකාවේ මැණික් කැණීම නුසුදුසු බවත් එවිට කුඩා මැණික් කර්මාන්ත කරුවන්ට පහර වැදෙන බවයි.,0 +කොළඹ මෙවර පැවති “ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන් කොංග්‍රස්“ ( International Colored Gem Stones Congress) නැමති මෙම සමුළුවේදී මැණික් වෙළඳාම පිළිබඳව අලුත් කරුණු රැසක් ඉගෙන ගත්බව ඔහු වැඩිදුරටත් කීය.,0 +සේයාරුව 01- මැණික් පිළිබඳ විශේෂඥයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික Grant A Hamid මහතා අප සමග කරුණු දක්වයි.,0 +"සේයාරුව 02- ඉන්ටර්නැෂනල් කලර්ඩ් ජෙම් ස්ටොන්ස් ඇසෝෂියේෂන් (International Colored Gem Stones Association) නැමති ජාත්‍යන්තර සංගමයේ සභාපති, බෙන්ජමින් හැක්මන් මහතා (Benjamin Hackman)",0 +"සේයාරුව 03- ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association) විදේශ ප්‍රවර්ධන අංශයේ (Foreign Promotions) සභාපති, අර්මිල් සම්මෝන් (Armil Sammoon) මහතා.",0 +2014 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 722 ක ලාභයක් ලැබූ ලංකා ඉන්දීය තෙල් සමාගමට රජය විසින් ඉන්ධන මිල ගණන් අඩුකිරීම හමුවේ 2015 මාර්තු කාර්තුවේදී රුපියල් බිලියන 1.06 ක අලාභයක් සිදුව තිබෙන බව එහි නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවේ.,0 +ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක මට්ටමක තිබියදී රජය විසින් ජනවාරි මාසයේදී මෙරට විකුණන පෙට්රල් ලීටරයක මිල රුපියල් 33 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 16 කින්ද අඩුකිරීමට පියවර ගත්තේය.,0 +"මේ අනුව, ලංකා ඉන්දීය තෙල් සමාගම 2015 මාර්තු කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් 2.0 ක පාඩුවක් වාර්තා කර ඇත.",0 +සමාගම විසින් පසුගිය වසරේ දෙසැම්බර් කාර්තුවේදී රුපියල් මිලියන 610 ලාභයක් වාර්තා කර තිබුණි.,0 +මේ මාර්තු කාර්තුවේදී ලංකා ඉන්දීය තෙල් සමාගමේ ආදායම් සියයට 25 කින් රුපියල් බිලියන 15.8 ක් දක්වා පහළ ගොස් තිබීමද කැපී පෙනේ.,0 +පසුගිය ජනවාරි මාසයේදී ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක පමණ මට්ටමක තිබුණත් එය මේ වනවිට ඩොලර් 65 ක සීමාව දක්වා ඉහළ නගිමින් තිබීමත් එයට සාපේක්ෂව රජය විසින් ඉන්ධන මිල ගණන් වැඩි නොකිරීමත් මෙම පාඩුව සිදුවීමට බලපා තිබෙන මූලිකම කාරණාවයි.,0 +"මේ අතර, 2015 පළමු කාර්තුව තුළදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 4.0 ක පාඩුවක් වාර්තා කර තිබෙන අතර මේ වනවිට රජය මැතිවරණයකට යෑමට සූදානම් වන නිසා ඉන්ධන මිල වැඩි නොකරනු ඇතැයි අනුමාන කළ හැකිය.",0 +ආර්ථික විද්වතුන් පෙන්වා දෙන්නේ දේශපාලනික කාරණා මත ඉන්ධන මිල ගණන් තීරණය කිරීම නතර කර ඒ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීම ඉතාමත් වැදගත් කාලීන අවශ්‍යතාවයක් බවයි.,0 +ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අංශය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීමට අදාළ ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් උපදෙස් ලබාගැනීමට එමිරේට්ස් ගුවන් සමාගමේ වත්මන් සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා වන ටිම් ක්ලාර්ක් මහතාව මෙරට සිවිල් ගුවන් සේවා අංශයේ උසස් නිළධාරීන් පිරිසක් පසුගියදා ඩුබායිහිදී මුණගැසී සාකච්ඡා කළබව ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.,0 +මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබෙන්නේ මෙරට ගුවන් සේවා අංශය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීම සඳහා ප්‍රතිපත්තියක් සකස් කිරීමට ගුවන් සේවා අංශය පිළිබඳ හසල දැනුමක් ඇති ටිම් ක්ලාර්ක් මහතාගේ උපදෙස් ලබාගැනීමයි.,0 +මෙම සාකච්ඡාවෙන් පසුව කොළඹට පැමිණ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ටිම් ක්ලාර්ක් මහතා එකඟ වී ඇතැයි අප වෙත වැඩිදුරටත් අනාවරණය වේ.,0 +ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් ගුවන් සමාගම විසින් කළමනාකරණය කළ අවදියේදී 2008 වසර දක්වා ශ්‍රී ලංකන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ටිම් ක්ලාර්ක් මහතායි.,0 +ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි.,0 +මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් 2014 වසරේදී රුපියල් බිලියන 29 ක අති දැවැන්ත අලාභයක් වාර්තා කළ අතර එමිරේට්ස් සමග තිබූ කළමනාකරණ ගිවිසුම 2008 වසරේදී අවලංගු කිරීමෙන් පසුව මේ දක්වා ලබා තිබෙන අලාභය රුපියල් බිලියන 122 කි.,0 +ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්තාවේ දැක්වෙන්නේ ගුවන් සමාගමේ ���දායම් පසුගිය වසරේදී සියයට 5.5 කින් රුපියල් බිලියන 115.5 ක් දක්වා වර්ධනය වුවත් වියදම් රුපියල් බිලියන 144.4 ක් දක්වා වඩාත් වර්ධනය වී තිබෙන බවයි.,0 +පසුගිය රජය සමයේදී ඉදිකිරීමට සැලසුම් කළ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හෙවත් ජයිකා ආයතනයේ ණය ආධාර මත සිදුකරන කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඇතුළු නගරය ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඒ සඳහා අඩුම ලංසුව ලබාදුන් Sierra Construction (Pvt) Ltd සමාගමට ලබාදීමට නව රජය සූදානම් වේ.,0 +මෙම කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා නාගරික සංවර්ධන සහ ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.,0 +මගී ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා බස් හා දුම්රිය සම්බන්ධ කර ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස මාකුඹුර නව නගරය සංවර්ධනය කිරීම කරන බව සඳහන්ය.,0 +"මේ යටතේ බස් පර්යන්තයක්, දුම්රිය ස්ථානයක්, බස්/කුලී රථ නැවතුම් පොළක් සහ අදාළ මාර්ග පද්ධතිය ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නව රජය සඳහන් කර තිබේ.",0 +මෙම බහුවිධ ප්‍රවාහන පද්ධතිය සහ නව නගරය ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගිය රජය කාලයේදී කොට්ටාව මාකුඹුර ප්‍රදේශයෙන් අක්කර 25 ක ඉඩමක් පවරාගෙන තිබුණි.,0 +"කොට්ටාව, මාලපල්ල දුම්රිය ස්ථානය මෙම ස්ථානය දක්වා දීර්ඝ කිරීම එම සැලසුම් අතර විය.",0 +තිබූ සැලසුම් වලට අනුව හයිලෙවල් මාර්ගය මෙම ස්ථානයේදී කනු මතින් උඩින් ඉදිකිරීමට නියමිතය.,0 +මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සහිත නව නගරයේ ඉදිකිරීම් පිළිබඳව අප විසින් පසුගිය වසරේ ජූලි මාසයේ පලකළ ප්‍රවෘත්තියක් මෙන්න!,0 +රහස් ලිංගික සබඳතාවයන් සඳහා මග පාදන ලොව ප්‍රකට Adult FriendFinder නැමති වැඩිහිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවියට පරිගණක හැකරුවන් අනවසරයෙන් ඇතුළු වී එහි තිබූ දත්ත සොරාගෙන තිබෙන බවත් මේ නිසා සුප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා වෙසෙන මිලියන 3.5 කට අධික පිරිසකගේ රහස් ලිංගික තොරතුරු අනාවරණය වීමේ ඉඩකඩක් පවතින බවත් වාර්තා වේ.,0 +CNN Money වාර්තා සඳහන් කරන්නේ මෙම වෙබ් අඩවිය උපයෝගී කර ගනිමින් රහස් ලිංගික සබඳතා පැවැත්වූ ප්‍රසිද්ධ පුද්ගලයික් රැසක්ම මේ වනවිට නමින්ම හඳුනාගෙන තිබෙන බවයි.,0 +මෙම වෙබ් අඩවිය විසින් සිය ගනුදෙනු කරුවන්ගේ රහස් තොරතුරු සුරැකිව තබාගැනීමට බැඳී සිටින අතර වෙබ් අඩවියට ලොව පුරා මිලියන 64 ක පමණ පිරිසක් සම්බන්ධ වී සිටින බව එම සමාගම පවසා ඇත.,0 +මෙම අනවසර ඇතුළුවීම මාර්තු මාසයේ සිදුකර තිබුණත් එම වෙබ් අඩවිය Adult FriendFinder යනුවෙන් නම්කර තිබුණේ එංගලන්තයේ Channel 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කළ ප්‍රවෘත්තියක් තුළිනි.,0 +"මෙම අනවසර ඇතුළුවීම නිසා මෙම වෙබ් අඩවිය සමග කටයුතු කළ ගනුදෙනුකරුවන්ගේ ඊ-මේල් ලිපින, රහස් කේත, උපන්දිනය, ලිංගික කැමැත්ත යන තොරතුරු හැකරුවන් විසින් හොරකම් කර තිබෙන බවත් ණයපත් දත්ත හොරකම් කළාදැයි තවමත් අනාවරණය නොවන බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.",0 +මේ පිළිබඳව අදහස් දක්වමින් මෙම වෙබ් අඩවිය අයත් සමාගම පවසා තිබෙන්නේ මෙම අනවසර ඇතුළුවීමට එරෙහිව කටයුතු කරමින් තිබෙන බවත් සිය ගනුදෙනුකරුවන්ගේ සුරක්ෂිතභාවය රැක ගැනීමට කැපවන බවයි.,0 +ශ්‍රී ලංකාවේ මැතිවරණ “නොපවතින සම්පත් වෙන්දේසි කිරීමකි“ යනුවෙන් ලී ක්වාන් යූ විසින් කර ඇති ප්‍රකාශයට පසුගිය හය මසක පමණ කාලය තුළ විශේෂ වැදගත් කමක් ලැබුණු බවත් නව රජයේ අතුරු අයවැය මගින් ඉදිරිපත්කළ ජනප්‍රිය පොරොන්දු තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය බරපතල අර්බුදයක් කරා යොමුකර තිබෙන බවත් පාත්ෆයින්ඩර් පදනම අවධාරණය කරයි.,0 +ඉදිරි මහ මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශ සැකසීමේ ක්‍රියාවලියේදී සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්ත්වය නැංවීම සඳහා ප්‍රායෝගිකව සිදුකළ හැකි ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව එම පක්ෂ වලට අවධාරණය කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා උනන්දුවක් දක්වන මෙම පදනම විසින් සම්පාදනය කර තිබෙන “සැමට පොදු සමෘද්ධියක් කරා ඉදිරිමග සැලසුම් කරමු“ යන ප්‍රකාශනයේ මේ බව දක්වා තිබේ.,0 +"මෙම ප්‍රකාශනය පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන, උප සභාපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න යන මහත්වරුන් විසින් අද කොළඹදී එළිදැක්වීය.",0 +ආදායම් සහ වියදම් යන අංශ දෙක සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් රටේ මූල්‍ය තත්ත්වය තවදුරටත් පිරිහෙන්නට බොහෝ ඉඩකඩ ඇති හෙයින් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සිය ප්‍රතිපත්ති ප්‍රකාශන සැකසීමේදී දේශපාලන පක්ෂ වැඩි මූල්‍ය වගකීමකින් යුතුව කටයුතු කිරීම අතිශයින් වැදගත් බව මෙහිදී අවධාරණය කර ඇත.,0 +"සත්‍ය වශයෙන්ම ලබාදීමට නොහැකි දීමනා සහ සහන ලබාදීම මගින් මෙරට ජනතාව තවදුරටත් නොමග යැවීම නොකරන ලෙසත් දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් ඉදිරිපත් කරනු ලබන දීමනා, සහන සහ සුභ සාධක ක්‍රියා මාර්ග සියල්ලම සම්බන්ධයෙන් පිරිවැය ගණනය කිරීමක් කරන ලෙසත් පාත්ෆයින්ඩර් පදනම ඉල්ලා ඇත.",0 +මෙම සහන ලබාදීමට වැයවන පිරිවැය උපයා ගන්නා ආකාරයද තම ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුළත් කරන ලෙසත් සත්‍ය වශයෙන්ම සහන ලබාදෙන්නේ කෙසේදැයි ජනතාවට මේ තුළින් අවබෝධයක් ලබාගත හැකි බවත් සඳහන්ය.,0 +මෙම ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා පැවසුවේ මෙරට ආර්ථික සංවර්ධනයට ඉතාමත් වැදගත් වන්නේ යහපත් ආයෝජන පරිසරයක් ඇති කරමින් සෘජු විදේශීය ආයෝජන වැඩිපුර ගෙන්වා ගැනීම බවයි.,0 +ඒ තුළින් ඉදිරි කාලයේදී සියයට 10 ක පමණ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගැනීම ලංකාවට අතිශය වැදගත් වන බවත් ඒ සඳහා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කිරීම අවශ්‍යම කාරණයක් බවත් හෙතෙම සඳහන් කළේය.,0 +ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ ඉතා වේගවත් ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය යුගයක බවත් ජනාධිපති ප්‍රේමදාස මහතාගෙන් පසුව ලංකාවේ කැපී පෙනෙන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු නොවුණු බවත් මෙහිදී අදහස් දක්වමින් මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසීය.,0 +ආර්ථික ප්‍රතිසංස්කරණ කලට වේලාවට නොකර ඒවා ප්‍රමාද කළහොත් අනාගතයේදී ඒවා කිරීමට යන පිරිවැය අධික වනු අතැයිද හෙතෙම අවධාරණය කළේය.,0 +සේයාරුව-,0 +"(වමේ)- ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, (මැද) ලක්ෂ්මන් සිරිවර්ධන සහ (දකුණේ) මහාචාර්ය සිරිමල් අබේරත්න.",0 +හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා සමාගම විසින් කොළඹ ගාලු මුවදොර ඩොලර් මිලියන 608 ක ආයෝජනයකින් සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන සුපිරි තට්ටු නිවාස (apartments) විකිණීම අරඹා තිබේ.,0 +"මේ අනුව, මෙම සුපිරි නිවාසයක මිල ඩොලර් 700,000 (රුපියල් මිලියන 95 ක් පමණ) සිට ඩොලර් මිලියන 1.5 (රුපියල් මිලියන 204 ක් පමණ) ක් දක්වා පරාසයක තිබෙන බව සමාගම සඳහන් කරයි.",0 +"සමාගම පවසන්නේ මෙහි කුඩාම නිවාසයක් වර්ග අඩි 1,700 ක් වන බවයි. ‍",0 +"ෂැන්ග්‍රි-ලා කොළඹ සිදුකරන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිවාස 406 ක්, සුපිරි හෝටලයක් සහ සාප්පු සංකීර්ණයක් මෙන්ම කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.",0 +"මෙම හෝටලය කාමර 540 කින් සමන්විත වන ලෙස සැලසුම් කර තිබෙන අතර සාප්පු සංකීර්ණය වර්ග අඩි 50,000 ක ඉඩ පහසුකම් සහිතය.",0 +"මීට අමතරව, කාර්යාල පහසුකම් සඳහා වෙන්කර තිබෙන ප්‍රමාණය වර්ග අඩි 125,000 කි.",0 +කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය 2017 වසරේ දෙවන කාර්තුවේදී විවෘත කිරීමට නියමිත අතර නිවාස සංකීර්ණය (apartments) එම වසරේ අවසාන කාර්තුවේදී විවෘත කිරීමට සැලසුම් කර තිබේ.,0 +"පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර ඉදිකිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කාර සමාගම වන Metallurgical Corporation of China Ltd.(MCC) හි, ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ ගොස් ඇතැයි එල්ලවන චෝදනා අසත්‍ය බවයි.",0 +මෙම සමාගම ලෝකයේ ප්‍රමුඛතම කොන්ත්‍රාත්කාර සමාගම් දහයෙන් එකක් බවත් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්කාර සමාගම ලෙස කටයුතු කළ බවත් සඳහන්ය.,0 +පිටත වටරවුම් මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීමේ කොන්ත්‍රාත්තුව අත්සන් කළේ 2013 පෙබරවාරි 22 වනදා බවත් චීන එක්ස්සිම් බැංකුවෙන් ගැනීමට ගිවිසගත් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 494 ක් බවත් සඳහන්ය.,0 +මාර්ගයේ අනිකුත් කොටස් සමග සැසඳීමේදී මෙම කොටසේ ඉදිකිරීම් පිරිවැය සාධාරණ හා තරගකාරී බව සමාගමේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.,0 +මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් එකඟතාවයන් සඳහා සාකච්ඡා කළ කණ්ඩායම ලංකාව වෙනුවෙන් හැකි සෑම රුපියලක්ම ඉතිරි කර ගැනීමට උත්සාහ කළ බවත් ඔවුන් වෘත්තීයත්වයෙන් ඉහළ බවත් මෙම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.,0 +මෙහි පිරිවැය කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ පිරිවැය සමග සරලව සංසන්දනය කිරීම විද්‍යාත්මක නොවන බවද වැඩිදුරටත් සඳහන් වේ.,0 +දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ අවසන් කර විවෘත කිරීමට නව රජය මේ වනවිට සූදානම් වේ.,0 +වාණිජ බැංකුවල පොලිය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය පසුගිය අප්‍රේල් මාසයේදී අනපේක්ෂිත ලෙස අඩුකළ ශ්‍රී ලංකා මහ බැංකුව මේ මැයි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතවල කිසිදු වෙනසක් සිදු නොකිරීමට තීරණය කර තිබේ.,0 +"මේ වනවිට, උද්ධමනය අඩු මට්ටමක තිබුණත් රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වැඩිවීම හමුවේ විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවී ඇත.",0 +මහ බැංකුව වැඩිදුරටත් පවසා තිබෙන්නේ තිබෙන තත්ත්වය අනුව උද්ධමනය ඉදිරියටත් අඩු මට්ටමක තිබෙනු ඇති බවයි.,0 +පසුගිය මාර්තු මාසයේදී මෙරට බැංකු විසින් පුද්ගලික අංශයට රුපි���ල් බිලියන 41.4 ක ණය ලබාදී තිබෙන අතර ඉදිරියේදීත් පුද්ගලික ණය ගැනීම ඉහළ මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව සඳහන් කර තිබේ.,0 +"මේ අනුව, මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ මැයි මාසයේදී සියයට 06 ක් සහ සියයට 7.5 ක් ලෙස වෙනස් නොකර පවත්වා ගෙන තිබේ.",0 +විශ්ලේෂකයින් සඳහන් කරන්නේ වැඩිවන අයවැය හිඟය සහ පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වර්ධනය වීම හමුවේ අඩු පොලී තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාම අසීරු බවත් මෙහිදී විනිමය අනුපාතය මත පීඩනයක් ඇතිවන බවයි.,0 +මේ වසරේ මේ දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 2.0 කින් පමණ අවප්‍රමාණය වී ඇත.,0 +කාලාන්තරයක් තිස්සේ කතා බහට ලක්වූ නුවර කොළඹ අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අප සමග සඳහන් කළේය.,0 +මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙසින් නම් කර තිබෙන බවත් මේ යටතේ එක් කොටසක් දඹුල්ල දක්වා ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.,0 +නුවර- කොළඹ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා 2002 වසරේදී එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය සමග මැලේසියානු ආයෝජකයින් පිරිසක් සාකච්ඡා පවත්වා තිබුණි.,0 +කොළඹ- නුවර අධිවේගී මාර්ගය ඉදිකරමින් තිබෙන පිටත වටරවුම් මාර්ගයේ කඩවත පිවිසුම අසලින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර එය අවසන් කිරීමට නියමිතව ඇත්තේ කටුගස්තොටින් වන අතර මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 99 කි.,0 +"මාර්ගය, කඩවත, අඹේපුස්ස හරහා කටුගස්තොට දක්වා ඉදිකිරීමට නියමිතය.",0 +"මේ පෝසිලේන් කෝප්පවල සහ පිඟන්වල රන් පාටට දිලිසෙන කොටස සඳහා අලේප කර තිබෙන්නේ නියම රත්‍රන්ය. මේ නිසා, මෙම අසමසම නිෂ්පාදන ලෝක වෙළඳ පොළේ ඉහළින්ම වැජඹෙයි.",0 +අපි මේ ඉදිරිපත් කරන්නේ ලංකාවේ සුප්‍රකට පෝසිලේන් නිෂ්පාදකයා වන දංකොටුව පෝසිලේන් සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියයි. ඔබත් රස විඳින්න.,0 +ලී ක්වාන් යූ රජයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික උපදේශක ඉංජිනේරුවරයෙකු වන සෑම් සමරසිංහ මහතා සමග අප විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ.,0 +ධීවර ගම්මානයක් ලෙස පැවති සිංගප්පූරුව දියුණු රටක් බවට පත්වීමට බලපාන ලද කරුණු කාරණා සාකච්ඡා කිරීමට වෙන්වන මෙම සාකච්ඡා මාලාවේ පළමු වැන්න මෙයයි.,0 +මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ සිංගප්පූරුවේ දේශපාලනඥයින් ස��� දේශපාලනය පිළිබඳවයි.,0 +ශ්‍රී ලංකාව නිකුත් කළ වසර දහයකින් කල් පිරෙන ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කර නිකුතුව මගින් සියයට 6.125 ක පොලී අනුපාතයකට ඩොලර් මිලියන 650 ක ණය මුදලක් ලබාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.,0 +මෙම නිකුතුව සඳහා ඩොලර් බිලියන 2.0 ක ඇනවුම් ලැබී තිබෙන අතර එහි මූලික මිල මාර්ගෝපදේශනය සියයට 6.375 ක් විය.,0 +වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවකදී පදනම් පොලී අනුපාතය ලෙස යොදා ගන්නේ වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලී අනුපාතයයි.,0 +"මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ පොලිය සියයට 6.125 ක් වන මෙම බැඳුම්කරයේ අවධානම වෙනුවෙන් ගෙවිය යුතු අමතර ගෙවීම වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලියට වඩා ඉහළ ගොස් තිබෙන්නේ සියයට 3.97 කින් පමණක් බවයි.",0 +"කෙසේවෙතත්, 2012 වසරේදී ලංකාව විසින් නිකුත් කළ වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවේ පොලී අනුපාතය සියයට 5.875 ක් වෙද්දී අවධානම වෙනුවෙන් ගෙවිය යුතු අමතර ගෙවීම වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලියට වඩා සියයට 4.4 ක්වී ඇත.",0 +2014 වසරේදී ශ්‍රී ලංකාව විසින් වසර 05 කින් කල් පිරෙන බැඳුම්කර ජාත්‍යන්තර වෙළඳ පොළේ සියයට 6.0 ක සහ සියයට 5.1 ක පොලී අනුපාත වලට අලෙවි කර තිබේ.,0 +ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මෙවර ඩොලර් බැඳුම්කරය ආයෝජකයින් 173 දෙනෙකු විසින් මිලදී ගත් බවත් මින් සියයට 23 ක් ආසියානු ආයෝජකයින්ද සියයට 27 ක් යුරෝපීය ආයෝජකයින්ද සියයට 50 ක් ඇමරිකානු ආයෝජකයින්ද මිලදීගත් බවයි.,0 +ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරන්නේ යුරෝපයේ සහ ජපානයේ පොලී අනුපාත බින්දුවට ආසන්න නිසා විදේශීය ආයෝජකයින් ලංකාව වැනි රටවල බැඳුම්කර මිලදීගැනීම සඳහා උනන්දු වන බවත් එහිදී අඩු පොලියට ණය ලබාගැනීමේ හැකියාව තිබෙන බවයි.,0 +"බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු කිරීමට අවශ්‍ය වන රුපියල් මිලියන 48,969 ක ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) මගින් ලබාගැනීමේ ණය ගිවිසුම් වලට අත්සන් කිරීමට රජය සූදානම් වේ.",0 +මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන අතර 2020 වනවිට බණ්ඩාරනායක ගුවන් තොටුපොළ මගින් වසරකට හසුරුවන මගීන් ප්‍රමාණය මිලියන 15 ක් දක්වා වර්ධනය කිරීම මෙම ඉදිකිරීම් සහ පහසුකම් පුළුල් කිරීම මගින් අපේක්ෂා කර තිබෙන බව රජය සඳහන් කරයි.,0 +"මේ වනවිට, මෙම ගුවන් තොටුපොළ මගින��� වසරකට මගීන් මිලියන 07 ක් පමණ හසුරුවන අතර එය උපරිම මට්ටමකට ළඟාවී තිබේ.",0 +මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සැලසුම් කර තිබුණේ පසුගිය රජය සමයේදීයි.,0 +මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු තවත් තිදෙනෙකුට එරෙහිව එල්ල කර තිබූ විනිමය පාලන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා වලින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද කටයුතු කළේය.,0 +විනිමය පාලන නීති උල්ලංඝණය කරමින් විදේශ මුදල් තොගයක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා කරමින් රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.,0 +ශ්‍රමයේ මිල අඩු රටවල් සමග හෝ ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමග තරග කිරීමට නොහැකි ලෙස ලංකාව මේ වනවිට හිරවී තිබෙන බවත් මේ උගුලෙන් ගොඩඒම සඳහා ලංකාව වහ වහා ප්‍රතිසංස්සකරණ කළ යුතුව ඇති බවත් ආර්ථ ශාස්ත්‍රඥයෙකු අවධාරණය කරයි.,0 +ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දෙන්නේ මෙරට ශ්‍රමයේ මිල වැඩි නිසා ශ්‍රමයේ මිල අඩු බංග්ලාදේශය වැනි රටවල් සමග තරග කිරීමට ලංකාවට මේ වනවිට නොහැකි බවයි.,0 +"මීට අමතරව, තායිලන්තය වැනි ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමගද තරග කිරීමට ලංකාවට මේ වනවිට නොහැකිවී තිබෙන නිසා ලංකාව හිරවී තිබෙන බවත් මෙම උගුලෙන් ගොඩඒම සඳහා ශ්‍රම බලකායේ ඵලදායීතාවය නැංවීමේ පුළුල් ප්‍රතිසංස්කරණ ඉතාමත් ඉක්මනින් කළ යුතුව ඇති බවත් කුමාරස්වාමි මහතා පැවසීය.",0 +චීනය සහ වියට්නාමය වගේ වෙන්න අපිට බෑ,0 +යුද්ධයෙන් පසුව ලංකාවේ ආර්ථික වර්ධනයට ප්‍රධානතම හේතු ලෙස විදේශ ණය මත රජය සිදුකළ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යපෘති සහ අත්හැර දමා තිබුණු ධාරිතාවයන් ප්‍රයෝජනයට ගැනීම කැපී පෙනුණු බව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.,0 +"විදේශීය ණය අඩු චීනය සහ වියට්නාමය රාජ්‍ය ආයෝජන මගින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීමේ ප්‍රතිපත්තියක සිටියත් මේ වනවිට, ලංකාවේ විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 75 කට ආසන්න නිසා තවදුරටත් ණයට මුදල් ගෙන සිදුකරන රාජ්‍ය ආයෝජන පුළුල් කිරීම මෙරටට අසීරු යැයි හෙතෙම කීය.",0 +"එසේම, අත්හැර දමා තිබූ ධාරිතාවයන්ද අපි මේ වනවිට උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ඇතැයි අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නේය.",0 +අපි ඉදිරියට යා යුත්තේ කෙසේද ?,0 +මෙවැනි තත්ත්වයක් තුළ ලංකාවේ ඉදිරි ආර්ථික වර්ධනය සැලසුම් කළ යුත්තේ පුද්ගලික අංශය කේන්ද්‍ර කරගනිමින් අපනයන වර්ධනය කිරීම සහ වැඩිපුර සෘජු විදේශීය ආයෝජන කැඳවා ගැනීමේ ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම මගින් යැයි කුමාරස්වාමි මහතා අවධාරණය කළේය.,0 +"මේ නිසා, අපනයන ප්‍රවර්ධනය වන ආකාරයේ සහ සෘජු විදේශීය ආයෝජන වැඩිපුර කැඳවා ගතහැකි ආර්ථික ප්‍රතිසංස්කරණ මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් වහාම හඳුන්වා දිය යුතුයැයි හෙතෙම පැවසීය.",0 +සියයට 10 ක ආර්ථික වර්ධනයක් ලබාගැනීමට හැකි සෘජු විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම කළ හැකි දෙයක් බවත් ලංකාවේ ශ්‍රම බලකායේ නිර්මාණශීලීත්වය එළි දකින ආකාරයෙන් ඵලදායිතාවය නැංවිය යුතු බවත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් කීය.,0 +අතුරු අයවැයේ සහන මල්ල ගැන කියූ කතාව,0 +පසුගිය අතුරු අයවැය මගින් ලබාදී ඇති ඔරොත්තු නොදෙන සහන හේතුවෙන් මෙරට සාර්ව ආර්ථික ස්ථායීතාවය දුර්වල කර තිබෙන බවත් අපි යන්නේ හරි පාරේදැයි නැවතත් විමසා බැලීම වැදගත් බවත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය.,0 +"මෙම අයවැය මගින් ලබාදී තිබෙන සහන සඳහා මුදල් සොයාගැනීම එතරම් පහසු නොවන බවත් මේ හේතුවෙන් බදු සහ පොලිය වැඩිකිරීමට, වියදම් පාලනය කිරීමට හෝ එවැනි මිශ්‍ර තීන්දු ගැනීමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.",0 +සේයාරුවේ සිටින්නේ අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතායි,0 +2015 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුවේදී කොමර්ෂල් බැංකුවේ බදු වලට පසු ලාභය රුපියල් බිලියන 2.509 ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව 10.1%ක වර්ධනයක් පෙන්වමින් 2015 වසර සඳහා බැංකුවට ශක්තිමත් ආරම්භයක් ලබා දී ඇත.,0 +"මෙහිදී, පසුගිය වසරට සාපේක්ෂව ණය සහ අයවිය යුතු මුදල්වල සහ ගනුදෙනුකරුවන් සිදුකළ තැන්පතුවල ශක්තිමත් වර්ධනය මෙන්ම අඩු පිරිවැය තුලින් ලබාගත් රුපියල් බිලියන 7.233 ක ශුද්ධ පොලී ආදායමද මෙම වර්ධනය සඳහා දායකවී තිබේ. මේ බව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දෙමින් ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සඳහන් කර තිබෙන්නේ ශුද්ධ පොලී ආදායම ගිය වසරට සාපේක්ෂව 10.06% කින් වර්ධනය වී තිබෙන බවයි.",0 +"විමසා බලන මාස තුනක කාලය තුළදී අගය එකතු කිරීමේ බද්දට සහ ජාතිය ගොඩනැගීමේ බද්දට පෙර කොමර්ෂල් බැංකුවේ ලාභය 7.88% කින් වර්ධනය වී රුපියල් බිලියන 4.204 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර බදු වලට පෙර ලාභය 8.77% ක වර්ධනයක් සමග රුපියල් බිලියන 3.579 ක් දක්වා ඉහල ගොස් ඇතැයි බැංකුව සඳහන් කරයි. ශුද්ධ පොලී ආදායම, කොමිස් ආදායම, විදේශ ���ිනිමය ආදායම්, ණය නැවත අයකර ගැනීම් සහ අනිකුත් ආදායම් වලින් සමන්විත සමස්ත මෙහෙයුම් ආදායම මෙම කාර්තුව තුළදී 8.84% කින් වර්ධනය වී රුපියල් බිලියන 9.682 ක් දක්වා ඉහළ ගොස් ඇත.",0 +"බැංකුව සඳහන් කරන්නේ 2015 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුව තුළදී සමස්ත ණය සහ අයවිය යුතු මුදල් රුපියල් බිලියන 498.552 ක් දක්වා පසුගිය මාස 12 ක කාලය තුළදී 19.13% කින් වර්ධනය වී තිබෙන බවයි. මේ අතර, බැංකුවේ සමස්ත තැන්පතු 2014 දෙසැම්බර් 31 වනදා සිට මාසයකට රුපියල් බිලියන 06 කට වැඩි සාමාන්‍යයකින් වර්ධනය වී තිබෙන අතර සලකා බලන කාර්තුව අවසන් වනවිට සමස්ත තැන්පතු ප‍්‍රමාණය රුපියල් බිලියන 549.111 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අනුව, පසුගිය මාස 12 ක කාලයට සාපේක්ෂව තැන්පතු වර්ධනය 16.28 ක්වී ඇත.",0 +විමසා බලන කාල සීමාවේදී බැංකුවේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 800 සීමාව පසුකරමින් කාර්තුව අවසන් වනවිට රුපියල් බිලියන 807.852 ක් දක්වා වර්ධනය වී තිබේ.,0 +"පුද්ගලික පිරිවැය, ක්ෂ්‍යවීම් සහ අනිකුත් වියදම් ඇතුළත් සමස්ත වියදම් සලකා බලන කාර්තුවේදී 7×82% කින් වැඩිවී රුපියල් බිලියන 4.148 ක් දක්වා ඉහළ ගොස් තිබේ.",0 +අනිකුත් ප‍්‍රධාන දර්ශක සැලකීමේදී බැංකුවේ දළ සහ ශුද්ධ අක‍්‍රීය ණය අනුපාතය පිළිවෙලින් 3.40% ක් සහ 1.88% ක් දක්වා පසුගිය වසරේදී තිබූ 4.40% ක සහ 2.54% ඉහළ මට්ටමේ සිට අඩු වී ඇත.,0 +සිට්රස් ලෙෂර් සමාගමට අයත් කල්පිටිය බීච් රිසෝට් හෝටලය සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ආයතනය විසින් පසුගියදා විකාශය කරනු ලැබූ අසත්‍ය ප්‍රචාරය පිළිබඳ එම හෝටල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කරුණු දැක්වීමක් කර තිබේ.,0 +අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන්ය.,0 +කල්පිටිය බීච් රිසෝට් යනු සිට්රස් ලෙෂර් සමාගමට අයත් ව්‍යාපෘති තුනෙක් එකක් පමණි.,0 +මේ අතුරින් දැනටමත් හික්කඩුව හා වස්කඩුව හෝටල් ගොඩනඟා සුඛෝපභෝගී කාමර 200ක් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට එක් කර තිබේ.,0 +"කල්පිටිය හෝටලය ගොඩනැඟීම ප්‍රමාද වූයේ මෙම ව්‍යාපෘතිය රජයේ කල්පිටිය ඒකාබද්ධ සංචාරක ව්‍යාපෘතිය සමග අත්‍යන්තව බැඳී තිබීමත්,එම ව්‍යාපෘතිය පසුගිය රජය විසින් යෝජිත කාලය තුළ ආරම්භ නොකර අත්හිටුවීමත් යන හේතු සමගිනි.",0 +කොටස්කරුවන්ගේ දැනුමත් සමගින් යුතුව මෙම කල්පිටිය හෝටලය ඉදිකිරීම ප්‍රමාද කරන ලද අතර ඒ බව නිරන්තරයෙන් කොටස්කරුවන්ට නීත්‍යනුකූලව දැනුම්දී ඇත.,0 +කෙසේ වෙතත් මෙම හෝටලය ඉදිකිරීම සඳහා අවශ්‍ය සි���ලුම ව්‍යවස්ථාදායක අනුමැතීන්ද ලබාගෙන ඇති අතර මෙම හෝටලය ලාභදායක ලෙස පවත්වාගෙන යාහැකි අයුරින් ආරම්භ කරන ලද ආකාරය පිළිබඳව විදේශ සහකරුවන් සමගද සාකච්ඡා කරමින් තිබේ.,0 +මේ අතරතුර විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව අප සමාගම් වෙත මාර්තු 20 වන දින මේ පිළිබඳව විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට යෝජනා කළ අතර ඒ අනුව සියලුම කොටස්කරුවන් වෙත අප විසින් අප්‍රේල් මස 07 වන දින චක්‍ර ලේඛනයක් යවන ලදී.,0 +නමුත් මෙම චක්‍රලේඛනයේ මෙම හෝටලය ආරම්භ කරන නිශ්චිත දිනයක් සඳහන් නොකරන ලද අතර නැවත අනාගත දිනයකදී නිශ්චිත යෝජනාවලියක් සහිතව කොටස්කරුවන් සඳහා විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වෙනු ඇත.,0 +"තත්ත්වය මෙසේ තිබියදී එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් ගෙනයනු ලබන පදනම් විරහිත හා ද්වේශ සහගත කරුණු තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, කීර්තිමත් ව්‍යාපාරයක් වන සිට්රස් ලෙෂර් සමාගම ඒ සම්බන්ධයෙන් බලවත් අසතුට ප්‍රකාශ කර සිටින බවත් කිව යුතුය.",0 +කෙසේවෙතත් මහජන කොටස් නිකුතුව මගින් ලබාගත් රුපියල් මිලියන 283ක මුදල මෙන්ම මුල් ආයෝජකයන් යෙදවූ මුදල් මෙන්ම පෞද්ගලික ආයෝජකයන් යෙදවූ මුදල්ද සමාගම වෙනුවෙන් කෙටිකාලීනව හා මධ්‍ය කාලීනව උපායමාර්ගිකව ආයෝජනය කොට තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.,0 +"තවද එම හෝටලය පැවැත්වෙන බවට ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් පෙන්වන ලද භූමියේ වීඩියෝ දර්ශන, යෝජිත හෝටල් භූමියේ සැබෑ දර්ශන නොවන බව මෙන්ම එම හෝටලයට ආයෝජනය කළ මුදල් අදාළ හෝටල් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු විසින් පෞද්ගලික පරිහරණය සඳහා යොදාගත් බවට ප්‍රකාශ කිරීම නොමඟ යැවීමට ගන්නා උත්සාහයක් බවත් අද දෙරණට අදහස් දැක්වූ එම හෝටල් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.",0 +ශ්‍රී ලංකාවට සේන්දු වන නෞකා මගින් මෙරට සාගර කලාපය දූෂණය වීම වැළැක්වීම සඳහා සහාය කර ගත හැකි මෘදුකාංගයක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ සමුද්‍රීය පරිසර ආ‍රක්‍ෂණ අධිකාරිය ඒකාබද්ධව සකස් කර ඇත.,0 +ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත නෞකාවන් පිළිබදව කලින් තොරතුරු දැනගනිමින් එම නෞකා වල තිබෙන අපද්‍රව්‍යය ඉවත් කිරීමට අදාළ කටයුතු වඩාත් විධිමත් සහ කාර්යක්‍ෂම ලෙස සිදු කිරීමට මෙම මෘදුකාංගය මගින් හැකිවන බව නියෝජිතායතනයේ ඉ-සේ‍වා ව්‍යාපෘති ප්‍රධානී කාංචන තුඩුගල මහතා පවසයි.,0 +තවද නෞකාවන්හි සමබරතාවය ආරක්‍ෂාකර ගැනීමට ගබඩාකර තැබෙන ජලය ඉවත් කිරීම සහ නැවත පුරවා ගැනීමේ කටයුතු වෙනුවෙන්ද මෙම මෘදුකාංගය උදව් කර ගත හැකි බව තුඩුගල මහතා කියයි.,0 +සමුද්‍රීය පරිසර ආ‍රක්‍ෂණ අධිකාරිය සඳහන් කරන්නේ වසරකට ශ්‍රී ලංකාවට නෞකා පන්දහසක් පමණ පැමිණෙන බවත් ‍එයින් දහසක් පමණ නෞකා මෙරටදී අපද්‍රව්‍යය බැහැර කරන බවත් එම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් විසිදහසක් පමණ වන බවයි.,0 +මෙම මෘදුකංගය නිසා ඉතා නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ මෙම සමුද්‍රීය අපද්‍රව්‍යය බැහැර කිරීමට හැකි වන බවත් එය මෙරට සමුද්‍ර කළාපය සමුද්‍ර දූෂණයෙන් රැක ගැනීමට මහගු රුකුලක් වන බවත් අධිකාරිය වැඩිදුරටත් කියයි.,0 +ඉදිරි සති කිහිපය තුළදී මෙම මෘදුකාංගය මගින් සේවා ලබා ගැනීමට හැකි බව නියෝජිතායතනය පවසයි.,0 +සිරස මාධ්‍ය ජාලය විසින් පළකරනු ලැබූ අසත්‍ය හා ද්වේෂ සහගත පුවත් තුළින් දෙරණ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි 200 ක වන්දියක් ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් එන්තරවාසියක් යවා තිබේ.,0 +"ඒ අනුව සිරස මාධ්‍ය ජාලය,එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ රාජේන්ද්‍රම් රාජමහේන්ද්‍රන් මෙන්ම ආර්ථික තොරතුරු විශ්ලේෂකයෙකු යයි කියා ගන්නා ෆරාස් ෂව්කෙට්ලි යන අයට නීතිඥ සමන් සේනාධීර මහතා විසින් එන්තරවාසිය යවා ඇත.",0 +"එම එන්තරවාසිය මගින් නීතිඥවරයා,තම සේවාදායකයා වෘත්තියෙන් නීතිඥවරයකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ එල්.එල්.බී උපාධිධරයෙකු වන බවත්, එමෙන්ම ඔහු ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් මහා බි‍්‍රතාන්‍යයේ කීර්තිමත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකු බවත් සිහිපත් කර දී තිබේ.",0 +එසේම තම සේවාදායකයා පුරෝගාමීව සම්බන්ධ වූ “දෙරණ”රූපවාහිනී නාලිකාව සහ “දෙරණ”ගුවන්විදුලි නාලිකාව ගැන සිහිපත් කර ඇති ඔහු වසර 9 ක් වැනි කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාවේ අතිශය ජනප‍්‍රිය නාලිකාවක් බවට පත්වූ මෙම නාලිකාව තම සේවාදායකයාගේ මතයට අනුව මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පැහැදිලි වෙනසක් සඳහා මුල්වී ඇති බව පෙන්වාදී ඇත.,0 +"එසේම තම සේවාදායකයා තමන්ගේ දැඩි පරිශ‍්‍රමයෙන්, කැපවීමෙන් හා ධෛර්යෙන් ගොඩනඟන ලද ශ‍්‍රී ලංකාවේ අතිශය නිර්මාණශීලී දැන්වීම් සමාගමක් වන ට‍්‍රයඞ් ආයතනයේ සම ප‍්‍රාරම්භක හිමිකරු වන බවත්, වසර 23 කට ඉහත කාලයකදී ආරම්භ කරන ලද මෙම ආයතනය ශ‍්‍රී ලංකාවේ අංක එකේ නිර්මාණාත්මක දැන්වීම් ආයතනය ලෙස අඛණ්ඩව තෙවරක්ම සම්මාන ලැබූ අතර, ඔවුන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් දියත් කරනු ලැබූ ඉතාමත්ම සාර්ථක සමාජ වගකීම් ව්‍යාපෘතියක් වූ දී “අපි වෙනුවෙන් අපි”සංකල්පයේ නිර්මාතෘවරයා ද වන බවත් සිහිපත් කර තිබේ.",0 +"එවන් සේවාදායකයා ට අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශයක් තම අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා සංස්කරණය කර පල කර ඇති බවද, පුවත්පතක පළ වූ වැරදි කරුණු උපුටා දක්වා ඇති බවද,",0 +මුදල් ගෙවා සේවය ලබා ගත් පුද්ගලයකු ලවා සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු සහ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම තුළින් හා,0 +ද්වේශ සහගත ලෙස ප‍්‍රවෘත්තිය පෙළ ගැස්සීම සහ ඉදිරිපත් කිරීම තුළින් තමාගේ සේවාදායකයා පිළිබඳව වැරදි සහගත මතයක් සමාජ ගතවීමට ඉඩහැරීම තුළින් ඔහුගේ කීර්ති නාමයට හානි සිදුව ඇති බව දිලිත් ජයවීර මහතාගේ නීතිඥවරයා විසින් පෙන්වා දී ඇත.,0 +එම එන්තරවාසිය සම්පූර්ණයෙන්ම මෙසේය.,0 +ද්වේශ සහගත සහ අපහාසාත්මක ප‍්‍රකාශ සම්බන්ධයෙන්,0 +වන්දි ඉල්ලා යවනු ලබන එන්නරවාසියයි,0 +———-,0 +"මාගේ සේවාදායකයා වන කොළඹ 5, අල්විස් පෙදෙස, අංක 45/6 දරන ස්ථානයේ පදිංචි දිලිත්",0 +සුසන්ත ජයවීර මහතාගේ උපදෙස් මත ලියා දන්වන වග නම්.,0 +"මාගේ සේවාදායකයා වෘත්තියෙන් නීතිඥවරයකු වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ එල්.එල්.බී උපාධිධරයෙකි. එමෙන්ම ඔහු ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් මහා බි‍්‍රතාන්‍යයේ කීර්තිමත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකි.",0 +"මාගේ සේවාදායකයා තමන්ගේ දැඩි පරිශ‍්‍රමයෙන්, කැපවීමෙන් හා ධෛර්යෙන් ගොඩනගන ලද ශ‍්‍රී ලංකාවේ අතිශය නිර්මාණශීලී දැන්වීම් සමාගමක් වන ට‍්‍රයඞ් ආයතනයේ සම ප‍්‍රාරම්භක හිමිකරුවේ. වසර 23 කට ඉහත කාලයකදී ආරම්භ කරන ලද මෙම ආයතනය ශ‍්‍රී ලංකාවේ අංක එකේ නිර්මාණාත්මක දැන්වීම් ආයතනය ලෙස අඛණ්ඩව තෙවරක්ම සම්මාන ලැබූ අතර, ඔවුන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් දියත් කරනු ලැබූ ඉතාමත්ම සාර්ථක සමාජ වගකීම් ව්‍යාපෘතියක් වූ",0 +දී “අපි වෙනුවෙන් අපි”සංකල්පයේ නිර්මාතෘවරයා ද වේ.,0 +"දැන්වීම් ක්ෂේත‍්‍රයේ මෙසේ ලබාගත් සාර්ථකත්වය මත කලක් තිස්සේ මාගේ සේවාදායකයා වෙනත් අනුබද්ධ ක්ෂේත‍්‍රයන්හි ව්‍යාපාර කීපයක් ආරම්භ කරන ලදී. මුද්‍රණ ක්ෂේත‍්‍රය, පෙර මුද්‍රණ ක්ෂේත‍්‍රය, බාහිර දැන්වීම්කරණය, මහජන සම්බන්ධතා සන්නිවේදනය, ප‍්‍රකාශන, රූපවාහිනී",0 +වෙළඳ දැන්වීම් නිෂ්පාදන ක්ෂේත‍්‍රය වැනි ක්ෂේත‍්‍ර ආවරණය වේ.,0 +මාගේ සේවාදායකයා පුරෝගාමීව සම්බන්ධ වූ තවත් එවැනි ව්‍යාපාරයක් වන්නේ “දෙරණ”රූපවාහිනී නාලිකාව සහ “දෙරණ”ගුවන්විදුලි නාලිකාවයි. වසර 9 ක් වැනි කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාවේ අතිශය ජනප‍්‍රිය නාලිකාවක් බවට පත්වූ මෙම නාලිකාව මාගේ සේවාදායකයාගේ මතයට අනුව මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පැහැදිලි වෙනසක් සඳහා මුල්වී ඇත.,0 +"දේශීයත්වය, දේශීය වටිනාකම් හා ජාතිකත්වය මුල්කොට ගත් දීර්ඝ කාලීන දෘෂ්ටියකින් එකී නාලිකාව කටයුතු කරන",0 +බව ඔහු පවසයි.එසේම මාගේ සේවාදායකයා පවසන්නේ ඔහු දැනට එම නාලිකාව අයත් සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ බවත් කොටස්කරුවකු බවත් සමාගමේ ව්‍යාපාරික කටයුතු සඳහා ක‍්‍රියාකාරී සහ ඍජු ලෙස මැදිහත්වන පුද්ගලයකු බවත්ය.,0 +"තවදුරටත් මාගේ සේවාදායකයා පවසා සිටින්නේ කෙසේ නමුදු ප‍්‍රතිපත්තිමය තීරණයක් මත ඔහු මෙම නාලිකාවන්හි අදාළ ප‍්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන්වල අන්තර්ගතයට කිසිදු දිනයක හෝ කිසිදු අවස්ථාවක මැදිහත් වී නොමැති බව ඔබ වෙත දැන්වීමට මා වෙත උපදෙස් ලැබී ඇත.පශ්චාත් යුධ ජයග‍්‍රහණයත් සමග ඇති වූ නව ආරක්ෂිත අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගැනීම සඳහා මාගේ සේවාදායකයා, ඔවුන් විසින් ඉතිරිකරගෙන තිබූ අතිරික්ත මුදල් ශ‍්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොලේ ආයෝජනය කළ බවත්, එම ආයෝජනයන්ගෙන් බොහොමයක් දීර්ඝ කාලීන ආයෝජනයන් බවත් ඒ අතරට සිට‍්‍රස් ලෙෂරඣ පීඑල්සී සමාගම, වස්කඩුව බීච් රෙසෝට්",0 +"පීඑල්සී සමාගම, හික්කඩුව බීච් රෙසෝට් පීඑල්සී සමාගම, කල්පිටිය බීච් රෙසෝට් සමාගම අයත් වන බවත්ය.",0 +"මෙම සමාගම් දැනට ක‍්‍රියාකාරී සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අතර, මේ අතර තරු 5 හෝටලයක් ද, තරු 4 හෝටලයක් ද වන බවයි. මීට අමතරව කල්පිටිය සහ",0 +පාසිකුඩාහි හෝටල් ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක බවයි. මාගේ සේවාදායකයා ලබා දුන් උපදෙස් අනුව ඔහුගේ දායකත්වයෙන් ඇති කරන ලද සමාගම් හා ව්‍යාපාර තුළ ඍජු,0 +"වශයෙන් 2,000 කට අධික ප‍්‍රමාණයකට රැකියා අවස්ථා සපයා ඇති අතර, වක‍්‍රව තවත් 3,000 කට අධික ප‍්‍රමාණයකට තම ජීවිකාව කරගෙන යාම සඳහා අවස්ථාවන් නිරඣමාණය කර ඇති බවද ඔබ වෙත දැන්වීමට උපදෙස් ලැබී ඇත.",0 +මාගේ සේවාදායකයාගේ උපදෙස් පරිදි ඔහුගේ අවුරුදු 23 ක ව්‍යාපාරික හා වෘත්තීය ජීවිතය තුළ ඔහු කටයුතු කර ඇත්තේ ඉතා උසස් අචාර ධර්මයන්ට අනුකූලව ව්‍යාපාරික සම්ප‍්‍රදායන්ට ගරුකරමින් ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව බවත් සාම්ප‍්‍රදායික ව්��යාපාර අරමුණන් ඔබ්බට ගිය බෞද්ධ දර්ශනය මත පදනම් වූ මූල්‍ය ලාභය ද්විතීයික වන සමාජ දායකත්වය පෙරදැරි කොටගත්,0 +දෘෂ්ටියක පිහිටමින් බව යන්න ඔබ වෙත දැනුම් දෙමි.,0 +මාගේ සේවාදායකයා මාවෙත උපදෙස් දෙමින් කියා සිටින්නේ ව්‍යාපාරික තරඟාරිත්වයට ඔවුන් මුහුණ දුන්නේ ඉතාමත්ම සංයමයෙන් හා පිළිගත් ව්‍යාපාර ආචාර ධර්මවලට අනුකූලව බවත් වර්තමානයේ පවතින අර්ථ විරහිත පටු තරඟකාරිත්වය පිටුපස ඔවුන් හඹා නොගිය බවත්ය.,0 +කරුණු එසේ තිබියදී ඔබගේ හිමිකාරිත්වය සහ පාලනය යටතේ පවතින සිරස මාධ්‍ය ජාලය ඔස්සේ පදනම් විරහිතව හා ද්වේශ සහගතව විටින් විට සහ අඛණ්ඩව කරනු ලබන ප‍්‍රචාරයන්,0 +තුළින් මාගේ සේවාදායකයා හට බලවත් අපහාසයක් මෙන්ම අගතියක් සිදුවී ඇති බවට ඔබ වෙත දැනුම් දීමට මා හට උපදෙස් ලැබී ඇත.,0 +"වෙනත් කරුණු අතර, විශේෂ වශයෙන් වර්ෂ 2015. 05. 17 වෙනි ඉරිදා දින රාත‍්‍රී 7.00 ට සිරස නිවුස්",0 +ෆස්ට් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේ මිනිත්තු 6 කට ආසන්න කාලයක් තුළ විකාශනය වූ පුවතෙහි සඳහන්,0 +"කළ තොරතුරු අතර, මාගේ සේවාදායකයාගේ නම සඳහන් කරමින් ගරු අග‍්‍රාමාත්‍යවරයා විසින්",0 +පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශයක් ද්වේශ සහගත අරමුණෙන් සංස්කරණය කරමින් “උදාහරණ ලෙස ගත් කල,0 +දිලිත් ජයවීර ඔහුගේ කලම්බු ලෑන්ඞ් ඇන්ඞ් ඩිවලොප්මන්ට් සහ රීෆ් කොම්බර් සමාගම්වල කටයුතු කළ ආකාරය විමර්ශනය කළ යුතුයි”යන්න විකාශනය කළ බවත් අනතුරුව එම වීඩියෝ පටයට අදාළ පසුබිම් කථනයේ දී “අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශයේ සති කිහිපයකට,0 +පසුව ඔහු නම් හෙළි කළ ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ප‍්‍රශ්න කළා”යනුවෙන් සහ ” මූල්‍ය අපරාධ කොට්ඨාශය ප‍්‍රශ්න කර තිබෙනවා.”ලෙස පළවූවා යැයි සඳහන් කරමින් පහත සඳහන් අන්තර්ගතයන් අඩංගු පුවත් කිහිපයක්ද උපුටා,0 +"දක්වන ලදී. ඒවා නම්,",0 +” සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ “පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය දිලිත් ජයවීර මහතාගෙන් විමසා තිබුණේ ලංකා හොස්පිට්ල් ආයතනයේ කොටස් ප‍්‍රමාණයක් ඉන්දීය,0 +සමාගමකට අලෙවි කිරීමේදී සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතාවක් පිළිබඳවයි.”,0 +“ලංකා හොස්පිට්ල් ආයතනය රුපියල් 28 ක් ව පැවති කොටසක් රුපියල් 64 ක් දක්වා විශ්මයජනක ලෙස එක්වරම ඉහළ දමා ඉන්ඣීය සමාගමකට විකි”ම පිළිබඳව ජයවීර,0 +මහතාගෙන් ප‍්‍රශ්න කර ඇතැයි සන්ඬේ ටයිම්ස් වාර්තාවේ සඳහන්”,0 +“මේ අතර බිස්නස් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ එක්වරක් බලවත් කොටස් වෙළෙඳපොල ආයෝජකයෙකු වූ දිලිත් ජයවීර මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ වනවිට ප‍්‍රශ්න කර,0 +ඇති බවයි.”,0 +“මීට මාස කිහිපයකට පෙර මෙවැනි පරීක්ෂණයක් පිළිබඳ සිතීමට පවා නොහැකි තත්ත්වයක් පැවති බව අද එම පුවත්පත වාර්තා කර තිබුණා.”,0 +“මීට අමතරව ඩබ්ලිව් ෆරාස් ෂවුකට් අලී නමැත්තකුගේ දුරකථන හඬපටයක් විකාශනය කරමින් පහත සඳහන් කරුණු විකාශය කරනු ලැබ ඇති බවට ඔබ වෙත දැන්වීමට උපදෙස් ලැබී ඇත.,0 +“අවසානයේ මෙය හරි මගට පිවිසීමක් ලෙස මම දකිනවා. කොළඹ කොටස් වෙළෙඳපොල ආයෝජනය කිරීමේදී සාමාන්‍යයෙන් කුඩා ආයෝජකයින්ට අහිමි වූ රුපියල් බිලියන ගණනකට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට දරන උත්සාහයක්.,0 +“ජයවීර මහතා ඇතුළු ඔහුට සම්බන්ධ සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කොළඹ කොටස් වෙළෙඳපොලේ Pump and Dump වංචාවේ චෝදනා මැද ඉන්නවා.”,0 +“ජයවීර මහතාට සම්බන්ධ සමාගම මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පූර්ණ පරීක්ෂාවට ලක්,0 +කළ යුතුයි.”,0 +“ඒ තුළින් පමණයි මහජනතාවට හා කුඩා ආයෝජකයින්ට එරෙහිව සිදුකර ඇති පාවාදීම්වල,0 +සැබෑ තත්ත්වයන් හෙළිවන්නේ.”,0 +“මේ සම්බන්ධ සිදුවීම් වාර්තා වී තිබෙනවා.”,0 +“ඊට අදාළ සාක්ෂි ඕන තරම් තිබෙනවා.”,0 +“ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවල හමුදා හා සන්නද්ධ චරිතවල සම්බන්ධතා හෙළි කරන,0 +ලිපි ලේඛන තියෙනවා.”,0 +“ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටු කර ගැනීම සඳහා අහිංසක මිනිසුන්ට තර්ජන ගර්ජන කිරීම සඳහා මේ පුද්ගලයින් භාවිත කර තිබෙනවා.”,0 +“එක් අවස්ථාවකඣී මිලියන 60 කට ලබාගත් ඉඩමක වටිනාකම එකවර කිහිප ගුණයකින් වැඩි වුණා.”,0 +“මෙය කර ඇත්තේ කොටස් මිල ඉහළ දැමීම හැර වෙනත් හේතුවකට නොවේ.”,0 +“දැන් තත්ත්වය තමයි අපට පේන්නේ භුමිතෙල් ගෑවුණු ගැරඬි වගේ මේ විමරඣශනවල ඉලක්ක දඟලන්න පටන් අරන් තියෙනවා.”,0 +“අපිට ප‍්‍රශ්නයක් තියෙනවා රාජපක්ෂ සමයේ ඔවුන් භුක්ති විඳි දේශපාලන වරප‍්‍රසාද අහිමිවීම හේතුවෙන් ද මෙහෙම දඟලන්නේ කියලා.”,0 +“අවසානයේදී මා පෙන්වා දිය යුතුයි ජයවීර මහතාට සම්බන්ධ සමාගමේ ප‍්‍රධානියා සුරැකුම්පත් කොමිසමේ සභාපති ලෙස පත්වුණා.”,0 +“මෙහි පැහැදිලිව ලැදියාවන් අතර ගැටුමක් තිබුණා.”,0 +“ජයවීර මහතා සහ ඔහුගේ හිතවතුන් අනිවාර්යෙන්යෙන් ම පූර්ණ විමර්ශනයකට ලක් කළ යුතුයි.”,0 +"ඉහත ප‍්‍රවෘත්ති විකාශයට අමතරව විටින් විට පලකරන ලද රූපවාහිනී ප‍්‍රවෘත්ති, ගුවන්විදුලි ප‍්‍රවෘත්ති, ජංගම දුර���ථන ඔස්සේ යවනු ලබන කෙටි පණිවිඩ වෙබ් ජාලයේ පලකිරීම් ඇතුළු ප‍්‍රකාශන මගින් වෙනත් කරුණු අතර ඔබ ප‍්‍රකාශ කර සමාජගත කිරීමට උත්සාහ කොට ඇත්තේ හා/හෝ මාගේ සේවාදායකයා මහජනතාවගේ මුදල් අයථා ලෙස පරිහරණය කරන බවත් ඔහු කොටස් වෙළෙඳපොලේ අයුතු ගනුදෙනුවලට මැත්‍ථහත්ව ඇති බවත් ඔහු නීති විරෝධී ගනුදෙනුවල යෙදෙන පුද්ගලයෙකු බව සහ ඔහු වංචාකාරී ව්‍යාපාරිකයෙකු බවත් ය.",0 +"එකී ප‍්‍රචාරයන්හි අන්තර්ගත කරුණු අතර,",0 +"1. අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය තම අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා සංස්කරණය කර පල කර ඇති බවද,",0 +"2. පුවත්පතක පළ වූ වැරදි කරුණු උපුටා දක්වා ඇති බවද,",0 +3. මුදල් ගෙවා සේවය ලබා ගත් පුද්ගලයකු ලවා සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු සහ සංඛ්‍යා,0 +"ලේඛන ඉදිරිපත් කිරීම තුළින් ද,",0 +4. ද්වේශ සහගත ලෙස ප‍්‍රවෘත්තිය පෙළ ගැස්සීම සහ ඉදිරිපත් කිරීම තුළින් මාගේ සේවාදායකයා පිළිබඳව වැරදි සහගත මතයක් සමාජ ගතවීමට ඉඩහැරීම තුළින් මාගේ සේවාදායකයාගෙන් මා හට උපදෙස් ලැබී ඇත්තේ සියලූ මාධ්‍ය සදාචාර හා ආචාරධර්ම උල්ලංඝණය කිරීමෙන් තම අභිමතාර්ථ සහ සැඟවුණු න්‍යායපත‍්‍ර මත මාධ්‍ය අපහරණය කරනු,0 +ලබන ඔබගේ සමාගම විසින් එවැනි පළකිරීම් සිදුකිරීම් පුදුමයට කරුණක් නොවුව ද එයින් මාගේ සේවාදායකයාගේ ඉතා අසීරුවෙන් ගොඩනගා ගත් හොඳ නමට කැළලක් සිදුකිරීම සඳහා ඔබට බලපත‍්‍රයක් නොමැති බවයි.,0 +මාගේ සේවාදායකයාගේ උපදෙස් මත මා ලියා දන්වන්නේ ඔබගේ එකී ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය අතරතුර පලකරන ලද කරුණු හා ඔබ විසින් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇති මතය පූර්ණ වශයෙන් හෝ ප‍්‍රධාන වශයෙන් අසත්‍ය බවත් සත්‍ය කරුණු විකෘති කිරීමක් බවත් ය. තවද එකී පලකිරීම් මාගේ සේවාදායකයා සම්බන්ධයෙන් ඍජුවම හා ව්‍යංගාර්ථයෙන් අපහාසාත්මක බවත්,0 +අදාළ වැඩසටහන නැරඹූ පේ‍්‍රක්ෂකයන් එකී ප‍්‍රවෘත්තිය පලකිරීම මාගේ සේවාදායකයා කෙරෙහි අපහාසාත්මක ලෙස තේරුම් ගෙන ඇති බවත්ය.,0 +"ඉහත සඳහන් නීති විරෝධී සහ වැරදි සහගත ක‍්‍රියා කලාපය හේතුකොට ගෙන මාගේ සේවාදායකයාගේ සහ ඔහුගේ ආයතනවල කීර්ති නාමයට සහ හොඳ නමට සිදුවී ඇති හානිය,",0 +"අපහාසය හා මානසික පීඩනය මාගේ සේවාදායකයා විසින් සාධාරණව රුපියල් බිලියන දෙකකට (රු.2,000,000,000/-) අගය කර සිටින අතර, එකී මුදල මෙම ලිපියේ ත්‍ථන සිට දින විසි එකක (21) කාලයක් තුළ ගෙවා දමන ලෙසටත් අදාළ පදනම් විරහිත ඉදිරිපත් කිරීම��� වහාම නවත්වන ලෙසටත්, එම පළවූ මාධ්‍ය තුළින්ම ඒවා ඉල්ලා අස්කර ගන්නා ලෙසටත්, ඔබ විසින් කරන ලද අභූත චෝදනා නිවරදි කොට සමාන ප‍්‍රසිද්ධියක් ලබා දෙන ලෙසටත් මෙයින් ඉල්ලා සිටිමි.",0 +ඉහත ආකාරයට ඔබ විසින් එකී සම්පූර්ණ මුදල ගෙවීම පැහැර හැරියහොත් හෝ අතපසු කරනු ලැබුවහොත් ඉහත කී ආකාරයට කරන ලද ප‍්‍රකාශන පලකිරීම නොනැවැත්වුවහොත් ඔබට,0 +විරුද්ධව සුදුසු අධිකරණයක නඩු පවරා එකී මුදල අයකර ගැනීමට කටයුතු කරන බව ඔබ වෙත මෙයින් දැනුම් දෙමි.,0 +මෙයට,0 +විශ්වාසී,0 +සමන් සේනාධීර,0 +නීතිඥ,0 +පිටපත : දිලිත් සුසන්ත ජයවීර මහතා,0 +"අංක 45/6, අල්විස් පෙදෙස",0 +කොළඹ 5.,0 +ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (international sovereign bonds) නිකුතුවක් සහ සංවර්ධන බැඳුම්කර (development bonds) නිකුතුවක් සිදුකරමින් ලංකාව ඩොලර් මිලියන 988 ක් සියයට 5.2 ක සාමාන්‍ය පොලී අනුපාතයකට (weighted average cost) රැස්කර ගත්බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.,0 +අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ සියයට 6.125 ක පොලී අනුපාතයකට (yield) ඩොලර් මිලියන 650 ක් ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුතුවක් සහ සියයට 3.17 ක පොලී අනුපාතයකට (yield) ඩොලර් මිලියන 338 ක් ජාත්‍යන්තර සංවර්ධන බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණය ලෙස ලබාගත් බවයි.,0 +"මේ අනුව, මෙම නිකුතු දෙකේ සාමාන්‍ය පොලී අනුපාතය (weighted average cost) සියයට 5.2 ක්වී තිබේ.",0 +"මෙහිදී, අදහස් දැක්වූ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසුවේ අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු මුදල මෙම බැඳුම්කර නිකුතුවේදී සියයට 3.9 ක්වූ බවත් 2012 වසරේ නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවේදී එය සියයට 4.4 ක්වූ බවයි.",0 +"මේ නිසා, අවධානම වෙනුවෙන් අමතරව ගෙවිය යුතු මුදල මෙවර අඩුවීමෙන් රටට ප්‍රතිලාභයක් ලැබී ඇති බවත් මෙම බැඳුම්කර නිකුතුවේ පොලිය වැඩියැයි නැගෙන චෝදනා සාවද්‍ය බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.",0 +ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක 30 අවුරුදු බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන දෝෂ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එහිදී ඔහු කියා සිටියේ මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් තිබෙන නිසා මේ පිළිබඳව තමාට අදහස් දැක්විය නොහැකි බවයි.,0 +ශ්‍රේෂ්ඨාධිකරණය සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මෙම ගනුදෙනුව පිළි��ඳව සාකච්ඡා කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් මේ වනවිට කෝප් කමිටුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් සාධාරණත්වය පිළිබඳ අවසාන තීන්දු ගැනීමේ ආයතන වන්නේ මේවා බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙහිදී පැවසීය.,0 +"මේ නිසා, තමාට මේ පිළිබඳව අදහස් දැක්විය නොහැකියැයි මහේන්ද්‍රන් මහතා සඳහන් කළේය.",0 +සියයට 6.375 ක පමණ පොලී අනුපාතයකට (Price Guidance) රජය ජාත්‍යන්තර වෙළඳ පොළින් වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි.,0 +අනාවරණය වන ආකාරයට මෙහි අවසන් පොලී අනුපාත තවමත් තීන්දු වී නොමැති අතර ඩොලර් බිලියනයකට ආසන්න ණය මුදලක් ලබාගැනීමට සූදානම් වන්නේ යැයි හෙළිවේ.,0 +"මෙම ඩොලර් බැඳුම්කර නිකුතුව කළමනාකරණය කරන්නේ, සිටි, ඩොයිෂ්, එච්.එස්.බී.සී. සහ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් යන බැංකු මගිනි.",0 +2014 වසරේදී ශ්‍රී ලංකාව වසර පහකින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර සියයට 6.0 ක සහ සියයට 5.125 ක පොලී අනුපාත වලට නිකුත් කර තිබුණු අතර වසර දහයකින් කල් පිරෙන ඩොලර් බැඳුම්කරයක් අවසන් වරට ලංකාව නිකුත් කර තිබුණේ 2012 වසරේදීයි.,0 +මේ පිළිබඳව අප මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ මෙම බැඳුම්කර නිකුතුවේ අවසන් පොලී අනුපාතය සහ ලබාගන්නා ණය ප්‍රමාණය පිළිබඳව තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි.,0 +වාද්දූවේ පිහිටි සෙරීන් පැවිලියන්ස් (Serene Pavilions) හෝටලයේ කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තිබුණු ගැටලු සමථයකට පත්කර ගැනීමට හෝටලයේ කොටස්කරුවන් සමත්වී තිබේ.,0 +"මේ අනුව, මෙම හෝටලයේ සියයට 30 ක කොටස් හිමිකාරීත්වයක් හිමිව තිබුණු අනුර ලොකුහෙට්ටි මහතා පසුගියදා තමන් සතුවූ කොටස් සියල්ල සුමිත් ගුරුගේ සහ ජිට් වර්ණකුලසූරිය යන කොටස්කරුවන් දෙදෙනාට අලෙවිකළ බව සුමිත් ගුරුගේ මහතා අප සමග සඳහන් කළේය.",0 +"ඔහු වැඩිදුරටත් පැවසුවේ තිබුණු ගැටලු සමථයකට පත්කර ගනිමින් සිදුවූ මෙම කොටස් විකිණීමෙන් පසුව මෙම හෝටලයේ කොටස් අයිතියෙන් සියයට 30 ක් තමාටත් සියයට 27 ක් ජිට් වර්ණකුලසූරිය මහතාටත්, සියයට 38 ක් බ්‍රිතාන්‍යය ජාතික ක්ලයිව් ලීච් මහතාටත්, සියයට 05 ක් ඉන්දියානු ජාතික ගෞතම් රාඩියා මහතාටත් මේ වනවිට අයත්වන බවයි.",0 +2013 සැප්තැම්බර් මාසයේදී නිවේදනයක් නිකුත් කරමින් හෝටලයේ අධ්‍යක්ෂවරුන් වන සුමිත් ගුරුගේ මහතා සහ ජිට් වර්ණකුලසූරිය මහතා පවසා තිබුණ��� මෙම හෝටලය ඉදිකිරීම සඳහා 2004 වසරේදී සම්පූර්ණ ප්‍රාග්ධනය යෙදවූයේ 80 හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතික ක්ලව් ලීච් මහතා බවයි.,0 +"මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ක්ලව් ලීච්, ස්ටෙෆනි ලීච්, අනුර ලොකුහෙට්ටි, ඩිලනි ලොකුහෙට්ටි, ජිට් වර්ණකුලසූරිය හා සුමිත් ගුරුගේ යන මහත්වරුන් එකළ ඇතුළත් වූ බව එම නිවේදනයේ දක්වා තිබුණි.",0 +"කෙසේවෙතත්, නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ගැනීම සම්බන්ධයෙන් මතුවූ අර්බුදකාරී තත්ත්වය අධිකරණය දක්වා ගිය අතර දෙපාර්ශවය විසින් එකිනෙකාට විරුද්ධව නඩු කිහිපයක්ම ගොනු කිරීමට පසුගිය කාලයේදී කටයුතු කර තිබුණි.",0 +මෙම හෝටලයේ කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තිබූ ගැටලු නිරාකරණය කරගනිමින් සිදුවූ මෙම කොටස් විකිණීමේ ගිවිසුමට අනුව මෙම නඩු ඉවත් කර ගැනීමට දෙපාර්ශවයම කටයුතු කර ඇත.,0 +අවංක මෙන්ම විනිවිදභාවයකින් කටයුතු කළ ජගත් පී. විජේවීර මහතා හදිසියේම ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත්වීම පිළිබඳව දැඩි ලෙස කණගාටු වනබව ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ ආයතනය පවසා තිබේ.,0 +ආනයන සහ අපනයන කරුවන් මුහුණ දෙන ගැටළු නිරාකරණය කිරීමට අඛණ්ඩව කැපවී ක්‍රියාකළ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරුන් අතලොස්ස අතුරින් විජේවීර මහතා කෙනෙකු වූ බව ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.,0 +මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ පැවසුවේ රේගුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජගත් පී විජේවීර මහතා පුද්ගලික හේතුමත ඉල්ලා අස්වූ බවත් රජය එම ඉල්ලා අස්වීම පිළිගත් බවයි.,0 +මේ වසරේ මුල් මාස තුන තුළදී මෙරට රාජ්‍ය ආදායම් පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 08 කින් වර්ධනය වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.,0 +"මේ අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජගත් පී විජේවීර මහතා පුද්ගලික හේතුමත ඉල්ලා අස්වූ බවත් රජය එම ඉල්ලා අස්වීම පිළිගත් බවයි.",0 +ආදායම් රැස්කර ගැනීම පිළිබඳව නව රජය ධනාත්මක ආකල්පයක සිටියත් 2015 වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය හිඟය පවත්වා ගැනීමට ලංකාවට ඉතාමත් අසීරු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා අනතුරු හැඟවීය.,0 +මූල්‍ය අරමුදල පවසා තිබුණේ නව රජය විසින් 2015 අයවැය මගින් හඳුන්වාදී තිබෙන එක් වරක් (one-off) පමණක් අයකරන බදු අවසන් වීමෙන් පසුව 2016 වසරේදී මෙරට ��ාජ්‍ය ආදායම පහළ යෑමේ හැකියාවක්ද තිබෙන බවයි.,0 +ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවා තිබෙන වසර හයක පමණ කාලයක් විභාග කර තිබෙන නඩුව ඉල්ලා අස්කර නොගන්නා බව ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපතිනිය වන දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සඳහන් කරයි.,0 +අප සමග සම්බන්ධ වෙමින් ඇය පැවසුවේ මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව තැන්පතුකරුවන්ගේ මුදල් ගෙවීමට සූදානම් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා සඳහන් කළත් එසේ ගෙවන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතුරු මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට නොහැකි බවයි.,0 +බංකොලොත් වූ ගොල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ මුදල් තැන්පත් කළ දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සහ තවත් තැන්පතු කරුවන් 23 දෙනෙකු විසින් තමන්ගේ තැන්පතු මුදල් ගෙවන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා තිබෙන්නේ 2009 වසරේ මාර්තු 23 වනදායි.,0 +මහ බැංකුව විසින් නියාමනය නොකළ ලලිත් කොතලාවල මහතාට අයත්ව තිබූ බංකොලොත් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීමේ කාර්ය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරියේදී භාරගනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා සඳහන් කළේය.,0 +මුදල් ආපසු ලබාගැනීම වෙනුවෙන් ඔවුන් විසින් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමට හා එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පනවා තිබෙන සියළුම නඩු ඉල්ලා අස්කර ගැනීමට තැන්පතු කරුවන් එකඟ වී ඇතැයි අමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත සඳහන් කළේය.,0 +මුදල් අමාත්‍යවරයා පැවසුවේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ හඳුනාගෙන තිබෙන වත්කම් වලින් මහ බැංකුව තැන්පතු කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම ආරම්භ කරනු ඇති බවත් සමාගමේ සහ අධ්‍යක්ෂවරුන් සතු අනිකුත් වත්කම් අනාවරණය කර ගැනීමට නව පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.,0 +"රුපියල් මිලියනයක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් ගෙවීම මාසයක් ඇතුළතත්, රුපියල් මිලියන 10 ක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් මාස දෙකක් ඇතුළතත් ගෙවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කළේය.",0 +ඉතිරිය ගෙවීමට සැලසුම් කර තිබුණේ මේ වසර අවසන් වීමට පෙරයි.,0 +දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සඳහන් කළේ මේ ආකාරයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 26 ක් පමණ වනු ඇති බවයි.,0 +"ගාස්තු අය���රන රූපවාහිනී අංශයේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන ඩයලොග් රූපවාහිනියේ ග්‍රාහකයින් ප්‍රමාණය 500,000 සීමාව පසුකර තිබෙන බව අනාවරණය වේ.",0 +"මේ අනුව, 2015 මාර්තු මාසය අවසන් විට ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය 504,000 ක්වී ඇත. සමාගම සඳහන් කරන්නේ මෙය ගිය වසරේ පළමු කාර්තුව සමග සැසඳීමේදී සියයට 05 ක වර්ධනයක් බවයි.",0 +ඩයලොග් රූපවාහිනිය විසින් 2015 පළමු කාර්තුව තුළදී රුපියල් මිලියන 139 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමටද සමත්ව ඇත.,0 +බංකොලොත්වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ගේ මුදල් මහ බැංකුව විසින් ආපසු ගෙවන බව ඊයේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් පසුව අද සෙලින්කෝ රක්ෂණ සමාගමේ කොටස් මිලියන 2.1 ක් කොළඹ කොටස් වෙළඳ පොළ හරහා අලෙවි වී තිබේ.,0 +"මෙහිදී, කොටසක් රුපියල් 1602 කට අලෙවි වී තිබෙන අතර මෙහි අලෙවි වටිනාකම රුපියල් බිලියන 3.5 කට අධික වේ.",0 +SMB Securities සමාගම හරහා සිදුවූ මෙම ගනුදෙනුව හමුවේ කොළඹ කොටස් වෙළඳ පොළේ අද පිරිවැටුම (Turnover) රුපියල් බිලියන 5.2 ක් වී තිබේ.,0 +"වසර හතක් පමණ ලංකා හොස්පිට්ල්ස් හි, ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ පසුගියදා හේමාස් හෝස්පිට්ල්ස් සමාගම සමග එක්වූ ආචාර්ය ලකිත් පීරිස් මහතා 2015 අප්‍රේල් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි හේමාස් හොස්පිට්ල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.",0 +"මේ අනුව, හේමාස් හොස්පිට්ල්ස් සමාගමට අයත් වත්තල, ගාල්ල සහ තලවතුගොඩ රෝහල් මෙන්ම දිවයින පුරා පිහිටි රසායනාගාර 32 ඔහුගේ අධීක්ෂණය යටතේ පවතින බව සඳහන්ය.",0 +නව රජය පත්වීමෙන් පසුව ලංකා හොස්පිට්ල්ස් හි සිදුකළ කළමනාකාරීත්ව වෙනස්කම් හමුවේ පීරිස් මහතා ඉන් ඉල්ලා අස්විය.,0 +ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.,0 +මෙරට දැවැන්තම ආයෝජනය ලෙසින් සැලකෙන ත්‍රිකුණාමලයේ සාම්පූර්හි යෝජිත බැර කර්මාන්ත පුරය (Heavy Industry Zone) වෙනුවෙන් දිගු කාලීන කල්බදු පහසුකම මත බදු ඔප්පුවකින් ලබාදී තිබූ ඉඩම ලබාදීම අවලංගු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා නිකුත් කර තිබූ ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් (Interim relief) නිකුත් කරයි.,0 +"ඩොලර් බිලියන 04 ක පමණ ආයෝජනයක් සිදුකරනු ඇතැයි කියන මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති සමාගම වන Sri Lanka Gateway Industries විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ රෝහිණී මාරසිංහ, බුවනෙක අළුවිහාරේ සහ උප���ලි අබේරත්න යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද මෙම අතුරු නියෝගය නිකුත් කළේය.",0 +මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට සැලසුම් කර තිබූ ඉඩම පසුගිය රජය විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැවරූ අතර ආයෝජන මණ්ඩලය විසින් ව්‍යාපෘති සමාගමට දිගුකාලීන බදු ඔප්පුවකින් ඉඩම පවරා තිබුණි.,0 +උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත (Strategic Development Projects Act) යටතේ 2013 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තු විවාදයකින් තොරව මෙම සමාගමට ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා තිබූ රජය විසින් අවසර ලබාදී ඇත.,0 +2015 මැයි 07 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් පත්‍රයකින් මෙම ඉඩම ව්‍යපෘති සමාගමට පැවරීම අවලංගු කළේය.,0 +මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙත්සම්කරු වන Sri Lanka Gateway Industries නැමති ව්‍යාපෘති සමාගම මෙම ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කිරීමට අතුරු නියෝගයක් ඉල්ලා සිටියේය.,0 +මෙම නඩු විභාගය මැයි 21 වනදා දක්වා කල් දමා තිබෙන අතර තාවකාලික අතුරු නියෝගය ලබාදී තිබෙන්නේ ඒ දක්වායි.,0 +Sri Lanka Gateway Industries (Private) Limited – (SLGI) පිළිබඳව ඔවුන්ගේ වෙබ් අඩවියේ තොරතුරු සඳහන් වන්නේ මෙසේයි.,0 +"Sri Lanka Gateway Industries (Private) Limited – (SLGI) was established in June 2010 to develop an Industrial Zone with necessary physical and social infrastructure, in a land extent of 36 sq.kms (9000 Acres), in Sampur in the Trincomalee District in the Eastern Province of Sri Lanka. This location was chosen after very careful scrutiny because the industries targeted for the proposed Industrial Zone require direct access to a dedicated and a deep water jetty to cater to Cape–Size vessels. The project location also has a vast stretch of un-inhabited land and is considered most suitable for this purpose.",0 +"Phase One of the project will comprise a Deep Water Jetty, Coal Stock Piling Yard for blending and trans-shipment, Power Plant and a Coke Plant. This will be within the 808 acres of the land already allocated and leased to SLGI by the Government of Sri Lanka (GOSL) through the Board of Investment of Sri Lanka. The total investment in Phase One will be US $ 700 million.",0 +"In Phase Two and Three, Heavy Industries like Steel Plant, Iron Ore Palletizing Plant, Manufacturing Plant and Machinery, Vehicles Manufacturing/Assembling Yard and some other Mega Industries will be developed. The total land area available for Phase Two and Three is in excess of 7500 Acres.",0 +"SLGI will also work with developers to establish complementary and compatible industries within the zone. SLGI will provide the necessary physical and social infrastructure including port facilities, education and health facilities, and modern settlements with leisure and recreation facilities.",0 +ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය (IBF) කර්මාන්තය කුඩා වුවත් එහි වත්කම්වල වටිනාකම 2014 වසර අවසන් වනවිට රුපියල් බිලියන 50 ක් දක්වා වර්ධනය වී ඇතැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කොළඹ පැවති උත්සවයකදී සඳහන් කළේය.,0 +ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය (IBF) කර්මාන්ත සම්මාන ප්‍රදාන උත්සවය අමතමින් අමාත්‍යවරයා පැවසුවේ 2013 වසරේදී රුපියල් බිලියන 35 ක්ව පැවති ඉස්ලාමීය බැංකු හා මූල්‍ය අංශයේ වත්කම් 2014 අවසන් වනවිට සියයට 42 කින් වර්ධනය වී තිබෙන බවයි.,0 +ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු අංශයේ වත්කම් වලින් ඉස්ලාමීය බැංකු හා මූල්‍ය අංශයේ වත්කම් ප්‍රමාණය මේ වනවිට සියයට 01 කටත් අඩු අගයක් ගනී.,0 +අමාත්‍යවරයා පැවසුවේ මෙරට බැංකු අංශයේ වත්කම් වලට සාපේක්ෂව ඉස්ලාමීය බැංකු හා මූල්‍ය අංශයේ වත්කම් ප්‍රමාණය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන්නේ ඒ පිළිබඳව දැනුවත් භාවය අඩුවීම බවත් මෙරට මුස්ලිම් ජනතාවගෙන් සියයට 85 ක් පමණම මේ පිළිබඳව නිසි පරිදි දැනුවත් වී නොමැති බවයි.,0 +මහ බැංකුව විසින් නියාමනය නොකළ ලලිත් කොතලාවල මහතාට අයත්ව තිබූ බංකොලොත් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීමේ කාර්ය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරියේදී භාරගනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.,0 +ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන් පිරිසක් අද මුදල් අමාත්‍යංශයට පැමිණි අවස්ථාවේදී ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.,0 +මෙම සාකච්ඡාවේදී තැන්පතු කරුවන් එකඟ වී තිබෙන්නේ ඔවුන්ගේ මුදල් ආපසු ලබාගැනීම වෙනුවෙන් ඔවුන් විසින් ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමට හා එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පනවා තිබෙන සියළුම නඩු ඉල්ලා අස්කර ගැනීමටයි.,0 +ඊළඟ නඩු වාරය පැමිණෙන මැයි 18 වනදා මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමට එකඟ වී තිබේ.,0 +මුදල් අමාත්‍යවරයා පැවසුවේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ හඳුනාගෙන තිබෙන වත්කම් වලින් මහ බැංකුව තැන්පතු කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම ආරම්භ කරනු ඇති බවත් සමාගමේ සහ අධ්‍යක්ෂවරුන් සතු අනිකුත් වත්කම් අනාවරණය කර ගැනීමට නව පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.,0 +"රුපියල් මිලියනයක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් ගෙවීම මාසයක් ඇතුළතත්, රුපියල් මිලියන 10 ක් දක්වා මුදල් තැන්පත් කර ඇති අයගේ මුදල් මාස දෙකක් ඇතුළතත් ගෙවීම ආරම්භ කරන බව මුදල් අමාත්‍යවරයා පැවසීය.",0 +ඉතිරිය ගෙවීමට සැලසුම් කර තිබෙන්නේ මේ වසර අවසන් වීමට පෙරයි.,0 +ඉන්දියාව සමග අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම හෙවත් “සෙපා“ ගිවිසුමට (Comprehensive Economic Partnership Agreement) මේ වනවිට ව්‍යාපාරික ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ.,0 +මීට පෙරද අත්සන් කිරීමට සැලසුම් කර තිබුණු මෙම ගිවිසුම මෙවැනිම විරෝධතාවයන් හේතුවෙන් අත්හැර දමන්නට සිදුවූ අතර ප���ුගියදා ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම ගිවිසුම අත්සන් කිරීම වැදගත් යැයි අවධාරණය කළේය.,0 +"මේ අතර, මෙම ගිවිසුමට සහයෝගය පළකරන ව්‍යාපාරික ප්‍රජාවක්ද සිටී.",0 +යෝජිත “සෙපා“ ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළකරමින් නේචර්ස් සීක්‍රට් සමාගමේ සභාපති සමන්ත කුමාරසිංහ මහතා අප සමග දැක්වූ අදහස් පහත දැක්වේ.,0 +බැඳුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවයක් සිදුව ඇති බව පවසමින් වෘත්තිකයින් තිදෙනෙකු විසින් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.,0 +අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ප්‍රමුඛ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන අද ප්‍රතික්ෂේප කළේය.,0 +මුදල් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කළේ මෙම බැඳුම් කර නිකුතුව රජයේ අවශ්‍යතාවය මත රජයේ ප්‍රතිපත්ති මත සිදුකළ බවයි.,0 +ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු තවත් දෙදෙනෙකු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක 30 අවුරුදු බැඳුම්කර නිකුතුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය.,0 +මෙම පෙත්සම ගොනුකිරීම සඳහා එක්වී සිටින අනිකුත් දෙදෙනා වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ ආචාර්ය ජී. උස්වත්ත ආරච්චි මහතා සහ සිවිල් ඉංජිනේරුවෙකු වන ඒ.සී. විශ්වලිංගම් මහතායි.,0 +මෙම ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුව විසින් ප්‍රකාශ කර තිබුණේ මෙම බැඳුම්කර නිකුතුව සඳහා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සෘජුවම දායකත්වය දක්වා නොමැති නමුත් මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට සම්බන්ධ කමක් තිබෙන පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම නිකුතුව සඳහා ලංසු ඉදිරිපත්කළ ආකාරය අසාමාන්‍ය බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවයි.,0 +"ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ දුවණිය වන අංජලී මහේන්ද්‍රන් සමග විවාහ වී සිටින අර්ජුන් ඇලෝෂියස්ට සම්බන්ධ කමක් තිබෙන පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම බැඳුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් කර තිබෙන අසාමාන්‍ය වශයෙන් විශාල ලංසු ���ලට අදාළව ලංකා බැංකුව කටයුතු කළ ආකාරයේ බරපතල අඩුලුහුඬුකම් පවතින බව නීතිඥ ගාමිණී පිටිපන, නීතිඥ මහේෂ් කළුගම්පිටිය, නීතීඥ චන්දිමාල් මෙන්ඩිස් යන අයගෙන් සැදුම්ලත් ත්‍රි පුද්ගල කමිටුව විසින් සඳහන් කර ඇත.",0 +"මේ නිසා, වසර තිහක බැඳුම්කර නිකුතුවට අදාළව අති විශාල මුදල් සම්භාරයක් අවදානම් සහගත තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ලංකා බැංකුව අධිකරණමය විගණනයක් පැවැත්විය යුතු බවත් සිය ප්‍රධාන අලෙවිකරුගෙන් කරුණු විමසිය යුතු බවත් මෙම කමිටුව විසින් නිර්දේශ කර තිබේ.",0 +"කෙසේවෙතත්, මෙම කමිටුව ප්‍රකාශ කර තිබෙන පරිදි මෙම බැඳුම්කර නිකුතුවේ ලංසු භාරගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු දායකත්වයක් දක්වා නොමැති අතර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මාර්තු 02 වනදා රුපියල් බිලියන 13.55 රජයේ මූල්‍ය අවශ්‍යතාවය ලෙස දක්වා තිබුණු බව මෙම විමර්ශන කමිටුව විසින් සඳහන් කර තිබුණි.",0 +මහ බැංකු අධිපතිවරයා සභාපතීත්වය දරණ මුදල් මණ්ඩලයේදී මෙම බැඳුම්කර නිකුතුවේ ප්‍රමාණය පිළිබඳව තීරණය කර නොමැති බවත් මෙම කාර්ය භාරව තිබෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ. මෙසේ අගය ඉක්මවා ලංසු භාරගැනීමේ තීරණය ගෙන තිබෙන්නේ පුද්ගලයින් අට දෙනෙකුගෙන් සමන්විත ටෙන්ඩර් මණ්ඩලය විසින් බවත් මහ බැංකුවේ අධිපතිවරයා මෙම ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන බවත් විමර්ශන කමිටුව විසින් සඳහන් කර තිබුණි.,0 +"මීට අමතරව, මෙම කමිටුව විසින් නිගමනය කර තිබෙන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සහ ටෙන්ඩර් මණ්ඩලයේ කාර්ය සඳහා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් සෘජු මැදිහත්වීමක් කර නොමැති බවයි.",0 +ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහ බැංකු අධිපතිවරයාගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස්ට සම්බන්ධ ප්‍රාථමික අලෙවිකාර සමාගමකට (Primary Dealer) ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමට හැකිවන පරිදි වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර පසුගියදා අලෙවි කර ඇතැයි මෙම චෝදනාව එල්ලවී තිබේ.,0 +රුපියල් බිලියනයක් වටිනා වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව එහිදී දැනුම් දී තිබුණු අතර එයට අදාළව ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) ලංසු ඉදිරිපත් කර තිබුණි.,0 +"කෙසේවෙතත්, පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් නැමති මෙම ප්‍රාථමික තැරැව්කාර සමාගම (Primary Dealer) රුපියල් බිලියන 05 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ඉල්ලා මෙම වෙන්දේසියට ලංසුවක් ඉදිරිපත් කර තිබුණු බවත් එම ලංසුවේ පොලී අනුපාතය සියයට 12.5 ක් වැනි ඉහළ අගයක් ගත් බවත් වෙළඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.",0 +මහ බැංකුව විසින් මුලින් රුපියල් බිලියනයක් වටිනා බැඳුම්කර නිකුත් කරන බව පවසා පසුව නිකුත් කළ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 10 ක් දක්වා වැඩි කිරීමත් අනිකුත් සමාගම් සියයට 11.73 ක් වැනි සාමාන්‍ය බර තැබූ පොලී අනුපාතයකට මෙම බැඳුම්කරය මිලදී ගනිද්දී මෙම සමාගම ඉල්ලා තිබුණු රුපියල් බිලියන 05 ක් වටිනා සමස්ත බැඳුම්කර ප්‍රමාණයම මිලදී ගැනීමත් ඉන් වැඩි කොටස සියයට 12.5 ක් වැනි ඉහළ පොලී අනුපාතයට මිලදී ගැනීමත් සැක සහිත බවට චෝදනාව එල්ල වුණි.,0 +"භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරන්නේ රජයට අවශ්‍ය ණය සම්පාදනය කර දීමයි. මෙහිදී, මහ බැංකුව විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රාථමික අලෙවිකාර සමාගම් (Primary Dealers) විසින් මිලදී ගන්නා අතර පසුව ඔවුන් විසින් ඒවා නැවත ආයෝජකයින්ට ද්විතියික වෙළඳ පොළේදී අලෙවි කරයි.",0 +(භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම පිළිබඳව මෙම ලින්ක් එකට ගොස් අවබෝධය ලබාගත හැකිය http://www.cbsl.gov.lk/htm/sinhala/07_af_2pdm/pdm_2.html),0 +"මේ අනුව, ගත්විට මහ බැංකුව සිදුකළ වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී මෙම ප්‍රාථමික අලෙවිකාර සමාගමට (Primary Dealer) අනිකුත් ප්‍රාථමික අලෙවිකාර සමාගම් වලට වඩා වැඩි පොලී අනුපාතයකට රුපියල් බිලියන 05 ක් වැනි විශාල වටිනාකමක් සහිත භාණ්ඩාගාර බැඳුම්කර තොගයක් මිලදී ගැනීමට ඉඩ ලබාදීම තුළින් එම සමාගමට විශාල ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමේ හැකියාව ලැබෙන්නට පුළුවන් බව මේ පිළිබඳව චෝදනා ඉදිරිපත් කරන පාර්ශවය ඉදිරිපත් කරන තර්කයයි.",0 +මෙම බැඳුම්කර නිකුතුව පිළිබඳව මහ බැංකුව විසින් නිකුත් කර තිබූ නිවේදනය මෙන්න!,0 +තමාට අපහාස වන අයුරින් ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශයකට එරෙහිව රුපියල් මිලියන 2000 ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.,0 +අද පෙරවරුවේ කොළඹදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම නඩුව පැවරීම සඳහා තම නිතිඥයින්ට උපදෙස් ලබාදී තිබෙන බවයි.,0 +මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව�� නව සභාපති ලසන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව ණය ලබාදිය යුතු පුද්ගලයින් පිළිබඳව මුදල් අමාත්‍යවරයා ලිඛිතව හෝ වාචිකව තමන්ට කිසිදු බලපෑමක් කර නොමැති බවයි.,0 +ඇප සුරැකුම් ලබාගනිමින් නිසි පරිදි ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව මේ වනවිට ණය ලබාදෙමින් තිබෙන බවත් රුපියල් මිලියන 1600 ක පමණ ණය මුදලක් මේ වනවිට බැංකුවට අයවිය යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.,0 +2006 වසරේදී ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව ආරම්භ කළේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ණය ලබාදීමේ අරමුණෙනි.,0 +"Lee Hedges PLC සමාගම විසින් කොළඹ 03, ගාලුපාරේ අංක 349 දරණ ස්ථානයේ ඉදිකිරීමට යෝජිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කිරීමට තුඩාවේ බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම කොන්ත්‍රාත්කරුවා ලෙස තෝරාගෙන තිබේ.",0 +"මේ අනුව, රුපියල් මිලියන 978 කට ආසන්න මෙම කොන්ත්‍රාත් ගිවිසුම Lee Hedges PLC සමාගමට අනුබද්ධ Lee Hedges Investments විසින් තුඩාවේ බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම සමග අත්සන් කර ඇත.",0 +තට්ටු 15 කින් යුතු මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය සිදුකිරීමට Lee Hedges PLC සමාගමට අනුබද්ධ Lee Hedges Investments පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගද ගිවිසුමකට එළඹුණු අතර මෙම ව්‍යපෘතිය සඳහා ආයෝජනය කරන මුදල ඩොලර් මිලියන 9.5 කට ආසන්නය.,0 +"මෙම ව්‍යාපෘතිය යටතේ වර්ග අඩි 112,000 ක ගොඩනැගිල්ලක් ඉදිකරන අතර ඒ තුළ කාර්යාල පහසුකම් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.",0 +"මෙම ව්‍යාපෘතිය සිදුකරන ඉඩම Lee Hedges PLC සමාගමට අයත්ව තිබී කජු සංස්ථාව සඳහා රජය පසුව මෙය අත්පත් කරගෙන තිබේ. කෙසේවෙතත්, සමාගම විසින් නැවතත් 99 අවුරුදු බදු පදනම යටතේ මෙම ඉඩම ලබාගෙන ඇත.",0 +ඉන්දියාවේ රිසර්ව් බැංකුව විසින් පසුගියදා ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 400 ක් වටිනා ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමේ (Currency Swap) සහයෝගයෙන් පසුගිය මාර්තු මාසයේදී ඩොලර් බිලියන 6.8 ක්ව පැවති මෙරට විදේශ සංචිතය පසුගිය අප්‍රේල් මාසය වනවිට ඩොලර් බිලියන 7.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුවේ නවතම දත්ත මගින් අනාවරණය වේ.,0 +"මේ අනුව, මහ බැංකුව පවසා තිබෙන්නේ මෙරට විදේශ සංචිතය මාස 4.3 ක ආනයන සිදුකිරීම සඳහා ප්‍රමාණවත් වන බවයි.",0 +ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමක් (Currency Swap) යනු කුමක්ද ?,0 +"Swap යන ඉංග්‍රීසි වචනයේ අරුත අනුව යමින් මෙහිදී, සිදුකරන්නේ ව්‍යවහාර මුදල් වර්ග හුවමාරු කර ගැනීමයි. පසුගියදා ඉන්දියාව විසින් ලංකාවට ඩොලර් මිලියන 400 ක ඩොලර් ලබාදුන් විට ලංකාව විසින් එයට හිලව් වීම සඳහා ඩොලර් මිලියන 400 ක් වටිනා රුපියල් ලබාදුන්නේය.",0 +"මෙය ලංකාවේ ඩොලර් සංචිතය කෙටි කාලීනව වර්ධනය කර ගැනීමට ඉන්දියාව විසින් ලබාදුන් සහයෝගයකි. මෙහිදී, ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් භාවිතා කරමින් මෙරට විදේශ සංචිතය වර්ධනය කරගෙන තිබේ.",0 +ඉන්දියාවෙන් ලැබුණු මෙම ඩොලර් ලංකාවට ඕනෑම රටකින් භාණ්ඩ ආනයනය කිරීම ඇතුළු ඩොලර් අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා භාවිතා කළ හැකි අතර එය ඉන්දියාව වෙනුවෙන් පමණක් භාවිතා කළ යුතුයැයි සීමාවක් නොමැත.,0 +මෙම ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමට (Currency Swap) අදාළ ගිවිසුම අවසන් වනවිට යළිත් ඉන්දියාව විසින් අප ලබාදුන් රුපියල් අපට ලබාදෙන අතර ලංකාව ලබාගත් ඩොලර් නැවතත් ඉන්දියාවට ලබාදිය යුතුය.,0 +මෙසේ මුදල් හුවමාරු වන කාලසීමාව තුළ ඩොලර් වලට අදාළ පොලීය ඩොලර් ලබාගත් රට විසින්ද රුපියල් වලට අදාළ පොලිය රුපියල් ලබාගත් රට විසින්ද අදාළ රටට ගෙවිය යුතුය.,0 +මහ බැංකුව විසින් විදේශ සංචිතය පහත වැටුණු විට දේශීය බැංකු සමගද මෙවැනි ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් (Currency Swap) සඳහා පිවිසෙන අවස්ථා තිබේ.,0 +දේශීය බැංකුවක් යම් කිසි අවස්ථාවක ඩොලර් ණයක් ලබාගත් විට මහ බැංකුව එම ඩොලර් වලට හිලව් වීම සඳහා රුපියල් ලබාදී එම ඩොලර් ලබාගෙන විදේශ සංචිතය ශක්තිමත් කිරීමට කටයුතු කරයි.,0 +එම බැංකුවට නැවතත් ණය ගෙවීමට අවශ්‍ය වූ විට එම ඩොලර් නැවතත් මහ බැංකුව විසින් එම බැංකුවට ලබාදී මහ බැංකුව විසින් කලින් ලබාදුන් රුපියල් ඉල්ලා ගනී.,0 +විදේශ සංචිත අඩුවන විට මහ බැංකුව මෙවැනි ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් (Currency Swap) සඳහා පිවිසීම සාමාන්‍ය සිරිතයි.,0 +විදේශ සංචිතය වසර තුනකට පසුව අඩුම අගයට වැටීම,0 +2012 පෙබරවාරි මාසයට පසුව මෙරට වාර්තා වූ අඩුම විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී වාර්තා විය.,0 +පසුගිය මාර්තු මාසයේදී මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 6.8 ක් දක්වා පහත වැටුණු අතර එයට පෙර අඩුම විදේශ සංචිතය වාර්තා වූයේ 2012 පෙබරවාරි මාසයේදී ඩොලර් බිලියන 6.7 ක් ලෙසයි.,0 +විදේශ සංචිතයේ අනාගතය,0 +ශ්‍රී ලංකා මහ බැංකුව පවසා තිබෙන්නේ ඉන්දියාව සමග යෝජිත ඩොලර් බිලියන 1.1 ක් වන මෙම ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමේ (Currency Swap) ඉතිරි කොටස් ක්‍රියාත්මක වනවිට ඉදිරියේදී මෙරට විදේශ සංචිතය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.,0 +"කෙසේවෙතත්, රජය විසින් දේශීය වෙළඳ පොළින් ලබාගන්නා ණය විශාල ලෙස වර්ධනය වී��� හමුවේ මෙරට ගෙවුම් ශේෂය (Balance of payments) පසුගිය සැප්තැම්බර් මාසයේ සිට සෘණ තත්ත්වයට වැටී තිබෙන බවද මේ අතර, අනාවරණයවේ.",0 +2014 වසරේ මුල් මාස දෙක තුළ මෙරට ගෙවුම් ශේෂයේ ඩොලර් මිලියන 809.9 ක ශේෂයක් තිබුණද 2015 මුල් මාස දෙක තුළදී වාර්තා කර තිබෙන්නේ ඩොලර් මිලියන 692.1 ක හිඟයකි.,0 +හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) මැයි 11 වනදා පෙනී සිටින ලෙස ලිපියක් මගින් දැනුම් ඇතැයි අද දෙරණ වෙත අනාවරණය වේ.,0 +වැඩිදුරටත් හෙළිවන්නේ මිග් ගනුදෙනුව සහ ලංකා හොස්පිට්ල්ස් සමාගමේ කොටස් අලෙවියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙම කැඳවීම කර තිබෙන බවයි.,0 +"මේ අතර, හිටපු ආරක්ෂක ලේකම්වරයා අද දෙරණ වෙත ඊයේ සඳහන් කළේ ජ.වි.පෙ. විසින් තමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරනු ලැබ ඇත්තේ තමාගේ කීර්ති නාමයට හානි සිදුකිරීමේ අරමුණෙන් බවයි.",0 +2013 වසරේදී අම්පාරේ සංවිධානය කළ දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව එම දිස්ත්‍රීක්කයේ සංවර්ධන ව්‍යාපෘති ලෙස තමාගේ නමින් ඇති බැංකු ගිණුමකට එවන ලද චෙක්පත් 3කින් (රුපියල් කෝටි 13ක්) වැයකර බස් නැවතුම්පළ 3ක් ඉදිකිරීමේදී විශාල මූල්‍ය වංචාවක් සිදු කළ බවට ජ.වි.පෙ. විසින් ඊයේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් බාරදීම සම්බන්ධයෙන් හෙතෙම මේ බව සඳහන් කළේය.,0 +"එවැනි කිසිදු මුදලක් තමාගේ බැංකු ගිණුමට බැරවී නොමැති බවත්, කිසිදු වංචාවකට තමන් දායකවී නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.",0 +අභූත චෝදනා නඟා තම කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධයෙන් ජ.වි.පෙ.ට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම එහිදී වැඩිදුරටත් කීය.,0 +ලොව ප්‍රකට බහු ජාතික සමාගමක් වන ඇමරිකාවේ Honeywell International සමාගමේ සභාපතිවරයා වන David M. Cote මහතා පසුගියදා ලංකාවට පැමිණ මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.,0 +මෙම පැමිණීමට පසුබිම සකස්වී තිබෙන්නේ පසුගියදා මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ සංචාරයයි.,0 +Honeywell International යනු ඩොලර් බිලියන 40 ක පමණ වාර්ෂික ආදායමක් සහිත දැවැන්ත බහු ජාතික සමාගමක් වන අතර මෙම සමාගම වාණිජ හා පාරිභෝගික භාණ්ඩ මාලාවක් නිෂ්පාදනය කරයි.,0 +"මෙම සමූහයේ ලොව පුරා 127,000 ක් පමණ සේවය කරන අතර මොවුන් අතර ඉංජිනේරුවන් සහ සමීක්ෂණ කාර්ය මණ්ඩලය 22,000 ක් පමණ වේ.",0 +Fortune 100 සමාගම් ලැයිස්තුවටද අයත�� වන මෙම සමාගම මේ වනවිටත් ඉන්දියාවේ සහ චීනයේ මෙහෙයුම් කටයුතු කරයි.,0 +මෙම සමාගම් සමූහය පිළිබඳව වැඩිදුර තොරතුරු පරිශීලනය කිරීමට පහත ලින්ක් එකට පිවිසෙන්න.http://en.wikipedia.org/wiki/Honeywell,0 +වාහන සහ ඉඩම් විකිණීම සඳහා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම්වල අදාල වාහනය හෝ ඉඩම විකුණන මිල සඳහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය රෙගුලාසියක් පනවා තිබේ.,0 +"මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ජේ.එම්.ඒ. ඩග්ලස් මහතා පැවසුවේ මෙහිදී විකුණන නිවැරදි මිල සටහන් කළ යුතු බවත් මේ තුළින් බලාපොරොත්තු වන්නේ අතරමැදියන්ගෙන් පාරිභෝගිකයින් ආරක්ෂාකර ගැනීම බවයි.",0 +"“මෙම රෙගුලාසිය අදාළ වන්නේ වාහන සහ ඉඩම් වලට පමණක් නෙවෙයි. නිවාස, ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු සියළුම භාණ්ඩ අලෙවිකරන දැන්වීම් සඳහා මෙය අදාළයි. මෙම රෙගුලාසියට පටහැනි අයුරින් ක්‍රියාකළ හොත් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට අධිකාරිය කටයුතු කරනවා.“",0 +යනුවෙන් ඩග්ලස් මහතා වැඩිදුරටත් කීය.,0 +ඔහු සඳහන් කළේ අනිකුත් භාණ්ඩ විකිණීමේදී බොහෝවිට මිල සඳහන් වුවත් වාහන සහ ඉඩම් විකිණීමේ දැන්වීම්වල මිල සඳහන් වන්නේ බොහෝ කලාතුරකින් බවයි.,0 +ඉන්දියානු ටාටා හවුසිං සමාගම සමග තිබෙන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත් බවත් සමාගම විසින් කොම්පඤ්ඤවීදියේ සිදුකරන නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඉදිරියටත් සිදුකරනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා කියයි.,0 +මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ සමාගමේ නියෝජිතයින් පැමිණ තමා සමග සාකච්ඡා කළ බවත් මෙහිදී වැඩිපුර ප්‍රාග්ධනය මෙරටට රැගෙන ඒමට සමාගම එකඟ වූ බවයි.,0 +"මීට අමතරව, සමාගම විසින් මෙම නිවාස ව්‍යාපෘතියේ දෙවන සහ තෙවන අදියර ක්‍රියාත්මක කිරීමටද එකඟ වී ඇතැයි මුදල් අමාත්‍යවරයා කීය.",0 +"මීට පෙර, ටාටා හවුසිං සමාගම සඳහන් කර තිබුණේ කොම්පඤ්ඤවීදියේ සිදුකරන නිවාස ව්‍යාපෘතිය නැවත ඇගයීමට නව රජය විසින් තීන්දු කර ඇතැයි සඳහන් කරමින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ල වෙමින් තිබෙන චෝදනා පදනම් විරහිත බවත් මෙවැනි තත්ත්වයන් තුළින් ලංකාව කෙරෙහි ආයෝජකයින් තුළ තිබෙන විශ්වාසය බිඳ වැටෙනු ඇති බවයි.",0 +Tata Housing Development Company Limited සමාගමට අනුබද්ධ One-Colombo Project (Pvt) Ltd සමාගම විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධ වී කොම්පඤ්ඤවීදියේ අක්කර 08 ක ඉඩමක මෙම නිවාස ව්‍යාපෘතිය සිදුකරමින් සිටී.,0 +මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු කාලයක බදු මත ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ වාණිජ හා සුපිරි නිවාස සහිත බහු මහල් ගොඩනැගිලි ඉදිකිරීමට යෝජිතය.,0 +"මේ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පසුගිය රජය විසින් ඉන්දියාවේ ටාටා හවුසින් ඩෙවලොප්මන්ට් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි කොටස්කරු වන එස්.ජී. 18 ඇඩ්වයිසර්ස් ඇන්ඩ් කන්සල්ටන්ට් ප්‍රයිවට් ලිමිඩට් යන සමාගම් වෙත කොම්පඤ්ඤවීදියේ පිහිටි මෙම අක්කර 08 ක ඉඩම අවුරුදු 99 බදු පදනම මත පවරා තිබේ.",0 +මෙම ව්‍යාපෘතිය සඳහා කොම්පඤ්ඤ වීදියෙන් උතුරට පැරණි අධ්‍යාපන අමාත්‍යංශයේ ඉඩම්ද නැගෙනහිරට මැලේ වීදියද දකුණෙන් ජස්ටිස් අක්බාර් මාවත බටහිරින් දුම්රිය මාර්ගය වශයෙන් වූ අක්කර අටක ප්‍රමාණය නාගරික සංවර්ධන අමාත්‍යංශය වෙත පසුගිය රජය විසින් පවරා ගත්තේය.,0 +ව්‍යාපෘතිය යටතේ කොම්පඤ්ඤවීදියේ පදිංචි පවුල් 500 කට අධික සංඛ්‍යාවක් සඳහා අංග සම්පූර්ණ නිවාස ලබාදීමට සැලසුම් කර තිබේ.,0 +ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට 2015 අප්‍රේල් 10 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආර්.ඒ. ජයතිස්ස මහතා පත්කර තිබේ.,0 +"ජයතිස්ස මහතා මහජන බැංකුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික සංවර්ධන බැංකුව යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙන අතර ජාතික ආර්ථික කවුන්සලයේද සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.",0 +"මීට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, මුදල් අමාත්‍යංශයේද ඉහළ තනතුරු දරා තිබෙන ජයතිස්ස මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට එක්වී තිබෙන්නේ 1975 වසරේදීයි.",0 +ඔහු මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස වසර 05 ක කාලයක් කටයුතු කර තිබෙන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික විශේෂවේදී උපාධිය ලබා තිබෙන අතර ඇමරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා තිබේ.,0 +බීමත්ව රිය පැදවීමෙන් මහමග නිදා සිටි පුද්ගලයෙකු මරාදැමීමේ වරද මත වසර 05 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට නියමවීමෙන් පසුව ඉන්දීය සමාගම් කිහිපයක කොටස් මිල ගණන් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.,0 +"සල්මන් ඛාන්ට සිරදඬුවම් නියම වීමෙන් පසුව Mandhana ඉන්ඩස්ට්‍රීස් නැමති සමාගමේ කොටස් මිල සියයට 05 කින් පමණ ඊයේ කඩා වැටී ඇත. මෙයට හේතුවී තිබෙන්නේ මෙම සමාගමට Being Human ඇඟලුම් නිර්මාණය කිරීමට, අලෙවිකරණයට සහ බෙදාහැරීමට සල්මන් ඛාන් පදනම සමග ව්‍යාපාරික ගිවිසුමක් තිබීමයි.",0 +"මීට අමතරව, Eros International Media නැමති සමාගමේ කොටස් මිල ගණන්ද ඊයේ සියයට 07 කින් පමණ පහත වැටුණු බව සඳහන්ය. මේ සඳහා බලපා තිබෙන්නේ සල්මන් ඛාන්ගේ Bajrangi Bhaijaan සහ Hero නැමති චිත්‍රපට ලොව පුරා බෙදාහැරීමේ අයිතිය මෙම සමාගම සතුවීමයි.",0 +ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිලිනොච්චියේ අරිවියාල්නගර්හිදී අළුතින් ඉදිකළ කළාපීය කාර්යාලයේ මෙහෙයුම් කටයුතු හෙට සිට (06) ආරම්භ කිරීමට සූදානම් වේ.,0 +"මේ අනුව, මෙම කාර්යාලය ඩී.එම්. ස්වාමිනාදන් සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් විසින් විවෘත කිරීමට නියමිතය.",0 +මහ බැංකුව සඳහන් කරන්නේ මෙම අවස්ථාවට උතුරු පළාතේ සම්භාවනීය පිරිසක් සහභාගී වනු ඇති බවයි.,0 +මෙරට අධිවේගී මාර්ග භාවිතා කරන්නන් වෙනුවෙන් වඩාත් හොඳ සේවාවක් සැලසීම වෙනුවෙන් “අධිවේගී මාර්ග සඳහා බුද්ධිමත් ප්‍රවාහන පද්ධතිය“ (Intelligent Transport System for Expressways) යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය සූදානම් වේ.,0 +"මෙම ව්‍යාපෘතිය මේ වසරේදී ආරම්භ කරන බවත් මේ යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය සඳහා පණිවුඩ නාම පුවරු 21 ක්, ප්‍රවාහන කවුළු 20 ක් සහ වර්ෂාමාන 11 ක් ස්ථාපිත කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2104 වාර්තාවේ දක්වා ඇත.",0 +"මේ වනවිට, මෙරට ඉදිකර ඇති අධිවේගී මාර්ගවල සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 161 ක් වන අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් නඩත්තු කරන ජාතික මහා මාර්ගවල දුර ප්‍රමාණය 2014 වසර අවසන් වනවිට කිලෝ මීටර් 12,208 ක් විය.",0 +කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා දකුණු අධිවේගී මාර්ගය ඉදිකර තිබෙන අතර දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී පිටත වටරවුම් මාර්ගය සම්බන්ධ වේ.,0 +පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස මැයි මාසය අවසන් වීමට පෙර විවෘත කිරීමට රජය අදහස් කර තිබේ.,0 +පිටත වටරවුම් මාර්ගයේ අවසන් අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.32 ක් වන ප්‍රමාණයේ වැඩ මේ මැයි මාසය අවසානයේදී ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇතැයි මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පසුගියදා අප සමග සඳහන් කළේය.,0 +කටුනායක අධිවේගී මාර්ගය පිටත වටරවුම් මාර්ගයට සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබෙන්නේ කෙරවලපිටියේදී වන අතර යෝජිත මහනුවර අධිවේගී මාර්ගය වටරවුම් මාර්ගයට සම්බන්ධ ��ිරීමට නියමිතව ඇත්තේ කඩවතදීයි.,0 +09 වන වරටත් පවත්වන ඉන්දියානු වෙළඳ ප්‍රදර්ශනය හෙට (07) උදෑසන 10.00 ට කොළඹ පිහිටි ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වන අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහකොමසාරිස් අරින්දම් බග්චි සහ කර්මාන්ත සහ වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස සහභාගී වනු ඇත.,0 +ඉන්දියානු ප්‍රදර්ශකයින් 80 දෙනෙකු පමණ සිය භාණ්ඩ ප්‍රදර්ශනය කරන මෙම වෙළඳ ප්‍රදර්ශනය උදෑසන 10.00 සිට රාත්‍රි 7.00 දක්වා ලබන සෙනසුරාදා (09) තෙක් පැවැත්වේ.,0 +ඉන්දියානු නිෂ්පාදන මිලදී ගැනීමට සහ විකිණිම සඳහා මෙරට පැවැත්වෙන දැවැන්තම වෙළඳ අවස්ථාව ලෙසින් මෙය සැලකෙන අතර මෙරට වෙළඳ පොළට පිවිසීමට ඉන්දියානුවන්ට මෙයින් හොඳ අවස්ථාවක් ලැබෙනු ඇතැයිද සඳහන්ය.,0 +"මෙහිදී, ප්‍රදර්ශනය කිරීමට ඉලක්ක කර තිබෙන්නේ මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාරයි.",0 +සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගමට අයත් මට්ටක්කුලියේ පිහිටි අංශයේ 2012 මුදල් වසරේ සිට 2014 මුදල් වසර දක්වා සිදුවූවායැයි කියන මූල්‍ය වංචාවක් පිළිබඳව සමාගම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙන අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව සමාගම සඳහන් කරයි.,0 +සමාගම විසින් සිදුකර තිබෙන මූලික පරීක්ෂණ වලදී හෙළිවී තිබෙන්නේ 2012 මුදල් වසරේ සිට 2014 මුදල් වසර දක්වා සිදුවූවා යැයි කියන මෙම වංචාව නිසා රුපියල් මිලියන 24.9 ක පමණ පාඩුවක් සමාගමට සිදුව තිබෙන බවයි.,0 +මෙම වංචාව පිළිබඳව තොරතුරු ලැබුණු පසුව සමාගම විසින් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකර තිබෙන අතර තවදුරටත් වංචාව සිදුවීම වැලැක්වීමට වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගෙන තිබෙන බව සඳහන්ය.,0 +වසර 75 කට ආසන්න ඉතිහාසයක් තිබෙන සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් පී.එල්.සී. සමාගම 1939 වසරේදී පිහිටුවා තිබෙන්නේ බ්‍රිතාන්‍යය රජය විසින් වන අතර සමාගම විසින් එකළ බ්‍රිතාන්‍යය හමුදාව සඳහා සපත්තු නිෂ්පාදනය කර ඇත.,0 +සමාගම මේ වනවිට DI සන්නාමය යටතේ සපත්තු නිෂ්පාදනය කරයි.,0 +1990 වසරේදී රජයේ සමාගමක් බවට පත් කෙරුණු සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් කෝපරේෂන්හි රජය සතුවූ සියයට 90 ක්වූ කොටස් අයිතිය 1991 වසරේදී රජය විසින් පුද්ගලික අංශයට විකුණා දැමීය.,0 +සමාගම විසින් සිදුකළ මහජන කොටස් නිකුතුවෙන් පසුව 2003 සැප්තැම්බර් මාසයේ සිට සමාගම කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබේ.,0 +���චාර්ය රාණි ජයමහ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ හැටන් නැෂනල් බැංකුවේ සභාපති ධූරයට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා 2015 මැයි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.,0 +රාණි ජයමහ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පසුව සභාපති තනතුරේ වැඩ බැලූ එම්. ඒ. ආර්. සී. කුරේ මහත්මිය රියෙන්සි අර්සකුලරත්න මහතාට අවස්ථාව ලබාදෙමින් එම තනතුරෙන් ඉවත් වනු ඇත.,0 +"මීට අමතරව, 2015 අප්‍රේල් 30 වනදා සිට බලපැවැත්වෙන පරිදි හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් 04 දෙනෙකු පත්කර තිබෙන අතර ඔවුන්ට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය හිමිව තිබේ.",0 +"මේ අනුව, රියෙන්සි අර්සකුලරත්න මහතා, පාලිත පැල්පොල මහතා, ඩී. සුසෙයිපිල්ලෙයි මහතා සහ ඒ.එන්. ද සිල්වා මහතා හැටන් නැෂනල් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර තිබේ.",0 +පුද්ගලික වාණිජ බැංකු කිහිපයක රජය සතු කොටස් අයිතිය නියෝජනය කරමින් පත්වීම් ලැබූ කිහිප දෙනෙකුටම ඉවත්වන ලෙස රජය පසුගියදා ලිපි මගින් දැනුම් දුන් අතර එයට හිස නමමින් හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ ආචාර්ය රාණි ජයමහ මහත්මියත් ජාතික සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සුනිල් විජේසිංහ මහතාත් පසුගියදා අදාළ තනතුරු වලින් ඉල්ලා අස්විය.,0 +"කෙසේවෙතත්, බැංකු කිහිපයක් රජයේ මෙම තීන්දුවට අභියෝග කිරීමට කටයුතු කර තිබුණි.",0 +හැටන් නැෂනල් බැංකුවේ කොටස් අයිතියෙන් සියයට 28 කට ආසන්න ප්‍රමාණයක් රජය සතුවේ.,0 +අළුතින් පත්වීම් ලද හැටන් නැෂනල් බැංකුවේ සභාපතිවරයා සහ නව අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු මෙන්න!,0 +ශ්‍රී ලංකාවේ තිබෙන ආයෝජන හා ආර්ථික අවස්ථාවන් පිළිබඳව ගැඹුරින් සොයා බලා එහි තොරතුරු ගෝලීය ආයෝජකයින්ට ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එංගලන්තය පදනම් කරගත් Oxford Business Group නැමති සමාගම සමග ගිවිසුමකට එළඹෙයි.,0 +මෙම ගිවිසුමට අනුව මෙම සමාගමේ ආර්ථික විශ්ලේෂකයින් 05 දෙනෙකු ඉදිරියේදී ලංකාවට පැමිණෙන අතර ඔවුන් ලංකාවේ මාස 06 ක පමණ කාලයක් රැඳී සිටිමින් තොරතුරු ගවේෂණය කර ශ්‍රී ලංකාව වෙනුවෙන් Sri Lanka 2016 නැමති මෙම වාර්තාව සම්පාදනය කරයි.,0 +මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවසුවේ මෙම වාර්තාව සකස් කිරීමට යන අති විශාල මුදල Oxford Business Group නැමති මෙම සමා���ම විසින් දරන බවත් ඒ වෙනුවෙන් ආයෝජන මණ්ඩලයට හෝ ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක් වැය නොවන බවයි.,0 +ශ්‍රී ලංකාවේ මේ වනවිට තිබෙන්නේ පිරිසිදු පාලනයක් බවත් ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් මින්පසු හිතවත්කම් මත අවසර ලබා නොදෙන බවත් එවන් වාතාවරණයක් තුළ ලංකාවේ තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳව නිවැරදි තොරතුරු ගෝලීය ආයෝජකයින්ට ඉදිරිපත් කළ යුතුව තිබෙන බවත් මෙහිදී ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.,0 +මෙම වාර්තාව සකස් කිරීම සඳහා Oxford Business Group සමාගමට ආයෝජන මණ්ඩලය විසින් කාර්යාල පහසුකම් සපයන අතර ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය රජයේ ආයතනවල සහ පුද්ගලික අංශයේ තොරතුරු ලබාදීමට ආයෝජන මණ්ඩලය පහසුකම් සලසනු ඇත.,0 +"මේ පිළිබඳව අදහස් දක්වමින් Oxford Business Group සමාගමේ මෙරට කළමනාකරු Brooke Butler මහත්මිය සඳහන් කළේ සමාගම විසින් අප්‍රිකාවේ, ආසියාවේ, දකුණු ඇමරිකාවේ සහ මැදපෙරදිග නැගී එන ආර්ථිකයක් සහිත රටවල් පිළිබඳව මෙවැනිම වාර්තා සකස් කර තිබෙන බවයි.",0 +මෙම වාර්තා අලෙවි කිරීම සහ එම වාර්තාවල වෙළඳ දැන්වීම් පළකිරීම මගින් සමාගම ආදායම් රැස්කර ගන්නා බව ඇය සඳහන් කළාය.,0 +"මේ අනුව, සමාගම විසින් Sri Lanka 2016 වාර්තාවේ පිටපත් 120,000 ක් මුද්‍රණය කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒවා ආයෝජකයින් වෙත අලෙවි කිරීමට නියමිතය.",0 +යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2014 මාර්තු මාසයට සාපේක්ෂව පසුගිය මාර්තු මාසයේදී මෙරට තේ නිෂ්පාදනය සියයට 17.5 කින් වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය කියයි.,0 +"මේ අනුව, මේ වසරේ පළමු කාර්තුවේ මෙරට තේ නිෂ්පාදනය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 07 කින් වර්ධනය වී තිබේ.",0 +පසුගිය වසරේදී මෙරට තේ නිෂ්පාදනය 2013 වසරට වඩා අඩුවූ අතර 2013 වසරේදී ලංකාව විසින් තේ කිලෝ මිලියන 240.2 ක වාර්තාගත ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබුණි.,0 +ගිය වසරේදී මෙරට තේ නිෂ්පාදනය අඩුවුවත් ලබාගත් ආදායම 2013 වසරට වඩා වැඩිවීම කැපී පෙනුණි.,0 +වත්මන් රජය විසින් අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 80 ක සහතික මිලක් ලබාදීමට යෝජනා කර තිබේ.,0 +කොළඹ කොටස් වෙළඳ පොළේ සභාපතිවරයා වන වජිර කුලතිලක මහතාව දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) සභාපතිවරයා ලෙස තෝරාගෙන තිබේ.,0 +‍,0 +"මේ අනුව, මෙම ධූරය කුලතිලක මහතාට ඉදිරි වසර 02 ක කාලය සඳහා හිමිවන අතර මීට පෙර මෙම තනතුර දරා තිබුණේ චිතගොං කොටස් වෙළඳ පොළේ සභාපතිවරයා වූ ආචාර්ය මහම්මඩ් අබ්දුල් මසීඩ් නැමැත්තායි.",0 +"මේ අතර, දකුණු ආසියානු හුව���ාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස මෙවර ආචාර්ය මහම්මඩ් අබ්දුල් මසීඩ් සහ බොම්බාය කොටස් වෙළඳ පොළේ ප්‍රධාන මූල්‍ය නිළධාරීවරයා වන නයන් මෙහ්තා පත්කර ගෙන ඇත. උප සභාපති ලෙස තෝරාගෙන තිබෙන්නේ අඩුඩාබි විනිමය කොමිසමේ ප්‍රධාන විධායක නිළධාරී, රෂීඩ් අල් බාලාෂි නැමැත්තායි.",0 +"කොළඹ කොටස් වෙළඳ පොළ, දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) සමාරම්භක සාමාජිකයෙකු වන අතර දකුණු ආසියාවේ සුරැකුම් වෙළඳ පොළවල් ඒකාබද්ධ කරමින් සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව මෙය පිහිටුවනු ලැබුවේ 2000 වසරේදීයි.",0 +"මේ වනවිට, දකුණු ආසියානු හුවමාරු සම්මේලනයේ (South Asian Federation of Exchanges (SAFE)) සාමාජිකයින් ගණන 15 ක් වන අතර ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින, මුරුසිය, භූතානය සහ එක්සත් ආරාබි එමිරේට්ස් රාජ්‍ය මෙහි සාමාජිකයින් වේ.",0 +මෙහි ලේකම් කාර්යාලය පිහිටුවා තිබෙන්නේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයේයි.,0 +මුදල් අමාත්‍යංශය විසින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි අර්තාපල් හා ලොකුළුණු සඳහා වූ ආනයනික බදු අඩු කර තිබේ.,0 +"ඒ අනුව අර්තාපල් සඳහා රුපියල් 55ක් වූ ආනයනික බද්ද රුපියල් 30 දක්වාද, ලොකුළුණු සඳහා රුපියල් 30ක් වූ ආනයනික බද්ද රුපියල් 10ක් දක්වාද අඩු වනු ඇත",0 +ඉන්දීය තෙල් සමාගම විසින් මෙරට පෙට‍්‍රල් බෙදාහිරීම 50%කින් කපා හැර තිබේ. සමාගම් බලධාරීන් පවසන්නේ ඉන්ධන මිල පහත දැමීම හේතුවෙන් තම සමාගම දිගින් දිගටම පාඩු ලබන බවයි.,0 +ඒ අනුව අද දිනයේ සිට සමාගමේ පිරවුම්හල්වලින් පෙට්‍රල් සැපයීම 50%කින් කපා දැමීමට තීරණය කර ඇත.,0 +තෙල් මිල අඩු කරද්දී දින සියය තුළ ඉන්ධන බදු සංශෝධනය කර සහන සලසන බවට පොරොන්දු වවුත් මෙතෙක් රජය එය ක්‍රියාත්මක නොකළ බැවින් පාඩු විඳීමට සිදුව තිබෙන බවද සමාගම තම පිරවුම්හල් හිමියන්ට දැනුම් දී තිබේ.,0 +"ශ්‍රී ලංකාව සමඟ පවත්නා ව්‍යාපාර සබඳතා පුළුල් කිරීමටත්, ඒ යටතේ මහා පරිමාණ රථවාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ස්ථාපිත කිරීමටත් ඉන්දියාවේ ටාටා සමාගම පසුගියදා ස්වකැමැත්ත ප්‍රකාශ කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.",0 +"මීට අදාල කැමැත්ත පළ කරන ලද්දේ, ඉන්දියාවේ මුම්බායි’හි ටාටා සමූහ සමාගම් මූලස්ථානයේ ව්‍යාපාර ප්‍රවර්ධන සහ මහජන සම්බන්ධතා ප්‍රධානී, මධූ කන්නන් මහතා ඇතුළු නව දෙනෙකුගෙන් යුත් ඉහළ පෙළේ සමාගම් දූත ��රිසක්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා හමුවී කළ සාකච්ඡාවකදීය.",0 +"මේ වන විට OPPO විසින් ජංගම දුරකථන මාදිලි ගණනාවක්ම නිකුත් කර තිබෙනවා. එම OPPO ජංගම දුරකථන බෙහෙවින් ජනප්‍රිය වීමට හේතුව උසස් නිමාවත් “සාපේක්ෂව” අඩු මිලත් ය. මීට අමතරව වැඩි බැටරි ආයු කාලය, විශාල තිරය සහ ඉක්මනින් ආරෝපණය කළ හැකි වීම වගේ අමතර වාසිත් OPPO ජංගම දුරකථන හරහා ලබාගන්න පුළුවනි. ඒ වගේම මෑතක් වන තෙක්ම ලොව සිහින්ම ජංගම දුරකථනය බවට පත්වූයේත් OPPO ජංගම දුරකථනයක් වන OPPO R5 දුරකථනයයි.",4 +OPPO ගැන නොදන්නවා වුනත් ඔයාලා හැමෝම දන්නවා ඇති OnePlus ගැන. ඒකත් දන්නේ නැත්නම් OnePlus One ෆෝන් එකගැන අපි පළකරපු ලිපිය කියවන්න. ඉතින් OnePlus කියන්නේ OPPO සමාගමේ අනුසමාගමක්. ඒ වගේම OPPO ජංගම දුරකතනත් බොහෝමයක් OnePlus One වගේ හොඳ තත්වයේ ඒවා. හැබැයි OPPO සමාගම වැඩකරන්නේ OnePlus වගේ නෙවෙයි. චීන සහ ආසියානු කලාපයේ ජංගම දුරකථන වෙළඳපල තුල තිබෙන iPhone සමඟ තරඟයටයි OPPO සිය කටයුතු මෙහෙයවන්නේ.,4 +"OPPO R7 කියන්නේ OPPO සමාගමේ අලුත්ම ජංගම දුරකථනය යි. iPhone 6 ජංගම දුරකථනය සමඟ තරඟයට නිකුත් කළ මේ Android දුරකථනයේත් තරමක් විශාල OPPO R7 Plus නමින් සංස්කරණයක්ද වනවා. මීට අමතරව තවත් සාමාන්‍ය මිලෙන් අඩු ජංගම දුරකථන කිහිපයකුත් OPPO නිෂ්පාදන අතර වනවා. කෙසේ නමුත් OPPO නියෝජිතයින් පවසන පරිදි ඔවුන් ලංකාව තුල වැඩි වශයෙන් ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වන්නේ OPPO N3, OPPO Joy Plus සහ OPPO Neo 5 කියන ජංගම දුරකථනයි.",4 +ඉතින් OPPO ජංගම දුරකථන ගැන තවත් තොරතුරු සහ Review අපි නුදුරේදීම පළකරන්නට බලාපොරොත්තු වනවා. ඒ වගේම ලංකාවට තවමත් අලුත් OPPO සමාගමේ සේවය කරන්න ඔයාල කැමතිනම් මෙතැනින් ඒ තොරතුරු ලබාගන්න පුළුවන්. ඔබේ CV මේ විද්‍යුත් ලිපිනයට එවන්න. careers@oppo.com.lk,4 +"ආකර්ෂණීය Honor G ප්ලේ, 4X සහ 6 ප්ලස් ස්මාර්ට්ෆෝන් තුන් වර්ගය හඳුන්වාදෙමින් Huawei ශ‍්‍රී ලාංකීය ස්මාර්ට්ෆෝන් වෙළෙදපොළ තවත් පුළුල් කරයි.",4 +ශ‍්‍රී ලාංකීය ස්මාර්ට්ෆෝන් වෙළෙදපොළේ දෙවෙනි ස්ථානය හිමි කර ගත් Huawei මෙරට අංක එකේ සන්නම් නාමය සහ ස්මාර්ට්ෆෝන් අලෙවිකරු සහ Huawei හී එකම ජාතික බෙදාහැරීම් නියෝජිත සිංගර් ශ‍්‍රී ලංකා සමාගම සමඟ එක්ව වෝටර්ස් එජ් හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් Huawei Honer නවතම ස්මාර්ට්ෆෝන් වර්ග තුනක් මෙරට වෙළෙදපොළට හඳුන්වාදෙන ලදි.,4 +"මෙම උළෙලේ දී ඉහළ පෙළේ ස්මාර්ට්ෆෝනයක් හා සම මට්ටමේ පවත්නා මධ්‍ය පරාසයේ ස්මාර්ට්ෆෝන් වර්ග තුනක් වන Huawei Honer G ප්ලේ, Huawei 4X සහ Honer 6 ප්ලස් මෙරට ව���ළෙදපොළට හදුන්වාදෙන ලදි. පසුගිය වසරේ මැයි මාසයේ දී ශ‍්‍රී ලංකා වෙළෙදපොළට Honer 3C සහ Honer හොලි ස්මාර්ට්ෆෝන් සාර්ථකව හඳුන්වාදීම සමඟ මෙම මධ්‍ය පරාසයේ Honer ස්මාර්ට්ෆෝන් හඳුන්වාදීම සිදු කරන ලදි.",4 +"Huawei ශ‍්‍රී ලංකා ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩැනියෙල් සූන් මහතා,Huawei ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු මහතා සහ සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා සහ සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ අලෙවිකරණ සහ වාණිජ අධ්‍යක්ෂක මහේෂ් විජේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් යුතුව මෙම නිෂ්පාදන නිල වශයෙන් දියත් කරන ලදි.",4 +"Huawei ස්මාර්ට්ෆෝන් ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු මහතා මෙසේ පවසන ලදි. ‘‘නව්‍යතා හඳුන්වාදෙන්නෙකු ලෙස අපගේ ගනුදෙනුකරුවන්ගේ සිහින හඳුනාගැනීම සහ ඔවුන් ආශා කරන නව්‍ය තාක්ෂණ හඳුන්වාදීම අපගේ අරමුණ වේ. Honer සන්නම් නාමය “For The Brave” නමින් මෙම වසර හඳුන්වයි. Huawei Honer G ප්ලේ, Huawei 4X සහ Honer 6 ප්ලස් නමින් නවතම බලසම්පන්න නිෂ්පාදන තුනක් හඳුන්වාදෙමින් Honer සන්නම් නාමය ව්‍යාප්ත කිරීම හරහා අපි ඔබට අවශ්‍ය ප‍්‍රතිරූපය ගොඩනඟා ගැනීමට සහාය වන්නෙමු.’’",4 +"සියළුම Honer ස්මාර්ට්ෆෝන් මූලික ගුණාංගයන් තුනකින් සමන්විතයි. එනම් ස්මාර්ට් ඉමේජ් තාක්ෂණය, දිගු බැටරි ජීවකාලය සහ මනා ආකර්ෂණීය නිමාව වේ. Honer ස්මාර්ට්ෆෝන් ස්මාර්ට් ඉමේජ් තාක්ෂණයෙන් සමන්විත වන අතර මෙය ජංගම දුරකථනයේ කැමරාවේ ක‍්‍රියාකාරිත්වය වැඩිදියුණු කරන අතර ඉතාමත් අලංකාර ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පිරිනමයි. මෙම ජංගම දුරකථනයන්හී ස්මාර්ට් පවර් තාක්ෂණය පවතින බැවින් බැටරි ජීව කාලය 30% කින් වර්ධනය කරයි.",4 +සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී අසෝක පීරිස් මහතා මෙම උළෙලේ දී අදහස් දක්වමින් මෙසේ පවසන ලදි. ‘‘ශ‍්‍රී ලාංකිකයන්ගේ විශ්වාසනීය වෙළෙදනාමය වන සිංගර් ඉහළ ගුණත්යෙන් සහ මනා නිර්මාණයකින් යුත් බලසම්පන්න ක‍්‍රියාකාරිත්වයක් සහ ගුණාංගයන්ගෙන් හෙබි භාවිතකරුවන්ට සැබෑම සරල අත්දැකීමක් පිරිනමන මෙම Huawei ස්මාර්ට්ෆෝන් පෙළ ඉතාමත් සතුටින් යුතුව වෙළෙදපොළට හඳුන්වාදෙයි”.,4 +"මෙම Honer නිෂ්පාදන තුන බලශක්ති පිරිමැසුම, ඉහළ ක‍්‍රියාකාරිත්වයෙන් යුත් Huawei Kirin ප්‍රොසෙසර් සහ මනා නිමාව යනාදියෙන් සමන්විත යි. Huawei Honer 6 ප්ල්ස් 4G ස්මාර්ට්ෆෝනය අගල් 5.50 1080×1920 ඩිස්ප්ලේ, Kirin 925 octa-core ප්‍රොසෙසරයෙන් බලගැන්වූ 3.0 EMUI සහ 3GB Ram සමඟ ලොව ප‍්‍රථම සමාන ද්විත්ව කැමරාවක් අඩංගු වේ. Huawei Honer 4X යනු 4G ස්මාර්ට්ෆෝනයක් වන අතර 1.2GHz ප්‍රොසෙසරයෙන් බලගැන්වූ 5.50 720×1280 ඩිස්ප්ලේ සමඟ 2GB Ram සහ මෙගාපික්සල් 13 පසුපස කැමරාවකින් සමන්විත වේ. පහළ මැද පෙළ ස්මාර්ට්ෆෝනයක් වන Huawei Honer G ප්ලේ “A Piece of Art” තේමාව යටතේ නිර්මාණය කර ඇති 3G ස්මාර්ට්ෆෝනයකි. මෙහි Android 4.4 KitKat සහ ්‍Huawei Emotion UI 3.0 සමඟ octa-core 1.2 GHZ Kirin 620 ප්‍රොසෙසරය 2GB RAM” HD 1280×720 පික්සල් කැමරාව සහ අගල් 5 ටච් ස්කී‍්‍රන් යනාදිය ඇතුළත්ව ඇත.",4 +"Huawei Honer G ප්ලේ, Huawei 4X සහ Honer 6 ප්ලස් පිළිවෙලින් රුපියල් 27,999, රුපියල් 33,999 සහ රුපියල් 69,999 මිල කර ඇත. මෙරට විශාලතම අලෙවි ජාලය හිමි අංක එකේ ස්මාර්ට්ෆෝන් අලෙවිකරු සිංගර් ශ‍්‍රී ලංකා සමාගම එහි සිංගර් මෙගා, සිංගර් ප්ලස් සහ සිසිල් වර්ල්ඞ් ඇතුළු 400 කට අධික ප‍්‍රදර්ශනාගාර සහ 1500 පමණ වූ දීපව්‍යාප්ත ඩිජිටල් මීඩියා අලෙවිසැල් සඳහා සේවය සපයන සිංගර් ඩිජිටල් මීඩියා චැනලයන් හරහා මෙම නිෂ්පාදන අලෙවි කරයි. මීට අමතරව මිලදී ගැනීමට පෙර මෙම නිෂ්පාදන ඇණවුම් කිරීම, තොරතුරු සහ අත්දැකීම් ලබා ගැනීම මෙන්ම මෙම නව්‍ය නිෂ්පාදන අත්විදීම සඳහා ඕනෑම දීපව්‍යාප්ත Huawei වෙළෙදසැලකදී ඔබට හැකියාව ඇත.",4 +සමහරු හිතන්නේ වැඩි වැඩියෙන් ලිංගිකව එක්වීම (Sex) සතුට ඇති කරන දෙයක් කියලයි. ඒත් අලුත්ම සමීක්ෂණ වාර්තා වලින් හෙලිව ඇත්තේ තරමක් වෙනස් කාරණාවක්.,4 +මේ සමීක්ෂණය සඳහා යුවල කණ්ඩායම් දෙකක් සහභාගී කරගෙන ඇති අතර ඉන් එක් කණ්ඩායකමක යුවල අතර ලිංගික එක්වීම් වාරගණන දෙගුණයක් කරන ලෙස උපදෙස් දී තිබෙනවා. මේ අතර අනෙක් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ලිංගික එක්වීමට උපදෙස් දී තිබෙනවා. මාස 3කට පසුව කණ්ඩායම් දෙක අතරින් වැඩි වාරගණනක් ලිංගිකව එක්වූ යුවලයන් ගේ මානසික සතුට සාපේක්ෂව අඩුවී ඇති බවයි සමීක්ෂකයින් සොයාගෙන ඇත්තේ.,4 +"මේ සමීක්ෂණය මෙහෙයවූ සමීක්ෂණ කණ්ඩායම් ප්‍රධානී George Loewenstein සිය වාර්තා පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, තමන් සමීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ පුදුමයට පත් වූ බවත්, තමන් අපේක්ෂා කලේ නිතර ලිංගික එක්වන අයගේ මානසික සතුට ඉහළ මට්ටමක තිබෙනු ඇති බවත්ය.",4 +කෙසේ නමුත් ලිංගික සම්බන්ධතාවය සහ මානසික සතුට අතර සම්බන්ධතාවය පිළිබඳ මීට ප්‍රථම සමීක්ෂණ රාශියක් සිදුවී ඇති අතර ඇමරිකානුවන් 16000ක් යොදාගෙන සිදුකෙරනු සමීක්ෂණයකදී වැඩි වශයෙන් ලිංගිකව එක්වන අය වැඩි සතුටකින් ජීවත් වන බව වාර්තාවී තිබෙනවා.,4 +ඒ අනුව අලුත්ම සමීක්ෂණයේදී වැඩි වශයෙන් ල���ංගිකව එක්වීමට උපදෙස් ලබාදී තිබුනු නිසාවෙන් ලිංගික කාර්යය සඳහා අවශ්‍යතාවයක් නොමැතිව වුවද ලිංගිකව එක්වීමට සමීක්ෂණයට සහභාගී වූවන්ට සිදූවීම නිසා තෘප්තිය නොමැති වීමෙන් මානසික සතුට අඩු වූවාදැයි සැකයක් පවතින බවයි George Loewenstein වැඩිදුරටත් පවසා සිටියේ.,4 +"කෙසේ නමුත් මීට පෙර සමීක්ෂණ හා නවතම සමීක්ෂණ වාර්තා අනුව නිගමනයට ආ හැකි කාරණය නම්, අවශ්‍යතාවයක් ඇතිව, තෘප්තිමත්ව ලිංගිකව එක්වන වාරගණන සෘජුවම මානසික සතුට සඳහා බලපාන බවයි. ඒ වගේම තෘප්තිමත්ව ලිංගිකව එක් වීම මානසික සෞඛ්‍යයට පමණක් නොව කායික සුවතාවයටත් හේතු වන කාරණයක් බවයි Loewenstein පවසා සිටියේ.",4 +ලොව කිසිදු සමාගමකට වඩා වේගයෙන් තමන් හට ගොඩනැඟිලි ඉදිකළ හැකි බව චීන සමාගමක් වන Broad Sustainable Building Co. සමාගම පවසනවා. තට්ටු 57 කින් යුත් දැවැන්ත ගොඩනැගිල්ලක් දින 19ක් වැනි ඉතාමත් කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමත් සමඟයි මේ සමාගම ලොව වේගවත්ම ගොඩනැගිලි නිර්මාණකරුවා වන්නේ.,4 +Modular හෙවත් කොටස් එකලස් කිරීමෙනුයි මේ ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ. ඒ අනුව එක් දිනකදී තට්ටු 3ක පමණ වැඩ අවසන් කිරීමට මෙහි ඉදිකිරීම් ඉංජිනේරුවරුන්ට හැකියාව ලැබිලා. කෙසේ නමුත් මෙලෙස කොටස් එකලස් කිරීමට ප්‍රථම අවශ්‍ය කරන කොටස් 2736 නිර්මාණය කිරීමට සහ සැලසුම් කිරීම සඳහා මාස 4කට ආසන්න කාලයක් වැයවී තිබෙනවා.,4 +Broad Sustainable Building Co. සමාගමේ මීළඟ වෑයම තට්ටු 220ක ගොඩනැගිල්ලක් දින 90කින් නිමකිරීමයි. මේ තරම් වේගයෙන් ගොඩනැගිලි නිර්මාණය කලත් එම ගොඩනැගිලි වල ආරක්ෂව හා සුව පහසුව පිළිබඳ තමන් දැඩි අවධානයක් යොමුකරන බවයි එම සමාගම පවසන්නේ.,4 +"බලශක්තිය සොයාගැනීම ඒ තරම් අපහසු කාර්යයක් නෙවෙයි. සුළං බලයෙන්, ජලයෙන්, සූර්ය බලයෙන් හෝ ඉන්ධන වගේ ක්‍රම වලින් බලශක්තිය ලබාගන්නට පුළුවන්. වැදගත් දේ වන්නේ බලශක්තිය එක් තැනක සිට තවත් තැනකට රැගෙන ගොස් ගබඩා කර අවශ්‍ය අවස්ථා වලදී ප්‍රයෝජනයට ගතහැකි ආකාරයට සකසා ගැනීමයි. මේ නිසයි මේ වනතෙක් ඉන්ධන වගේ කාබනික සංයෝග භාවිතයට බොහෝ දෙනා පෙළඹුනේ. ඒවා පහසුවෙන් එහා මෙහා ගෙනයා හැකියි, කුටීර වල ගබඩා කළ හැකියි. ඒත් ඉන්ධන කියන්නේ ප්‍රතිජනනය වන (renewable) බලශක්ති ප්‍රභවයක් නෙවෙයි. ඉතින් කොහොමද ප්‍රති ජනනය වන බලශක්ති ප්‍රභව වලින් ලබාගන්නා බලශක්තිය පහසුවෙන් ප්‍රවාහනය කරන්නේ. පහසුවෙන් ගබඩා කර තබන්නේ. ඒ සඳහා තමයි බැටරි භාවිත වන්නේ.",4 +"පසුගිය දවසක මේ බැටරි භාවිතයෙන් බලශක්තිය උපදව�� ගැනීමේ දැවැන්ත ව්‍යාපෘතියක් වෙනුවෙන් දැවැන්ත පුද්ගලයෙක්ගේ මූලිකත්වයෙන් මුල් පියවර තැබුවා. Elon Musk නමින් හැඳින්වෙන මොහු තාක්ෂණික ලෝකයේ මෙන්ම ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක්, විදුලි බලයෙන් ධාවනය වන Tesla මෝටර් රථ සමාගමේ නිර්මාතෘ ඔහුයි.",4 +ඔහුගේ ව්‍යාපෘතිය එදිනෙදා වැඩකටයුතු සඳහා විදුලි බලය ලබාගැනීමට ගෘහස්ත බැටරියක් නිෂ්පාදනය කිරීමයි. Tesla Powerwall නමින් හැඳින්වෙන මේ බැටරිය සූර්ය බලයෙන් ආරෝපනය කර අවශ්‍ය වේලාවට විදුලි බලය ලබාගත හැකි ලෙසයි නිපදවා ඇත්තේ. ඒ වගේම කිලෝවොට් පැය 7 සිට 10 දක්වා ප්‍රමාණ වලින් මිලදී ගත හැකි Tesla Powerwall හි මිල වන්නේ $3500ක් පමණයි. වැඩි විදුලි බලයක් අවශ්‍ය ස්ථාන සඳහා Powerpack නමින් කිලෝවොට් පැය 100ක ධාරිතාවයකින් යුත් අධි බලැති බැටරියක්ද ටෙස්ලා සමාගම විසින් නිපදවා තිබෙනවා.,4 +"සූර්ය බලය බැටරි තුල ගබඩා කරගනිමින් විදුලිය ලබාගැනීම මීට පෙර ප්‍රචලිත ක්‍රමයක් වුවත්, එය විශාල වියදමක් සහිත, නිතර නිතර අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වන අපහසු කාර්යයක් වුනා. නමුත් Tesla Powerwall බැටරිය සඳහා වසර 10ක කාලයකට අලුත්වැඩියා සිදුකිරීමක් අවශ්‍ය නොවේ.",4 +"අද වන විට ලිතියම් අයන් බැටරි අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඔබේ ජංගම දුරකථනයේ, ලැප්ටොප් පරිගණකයේ හෝ ඔබේ කාරයේ ( ඔබ සතුව ටෙස්ලා කාරයක් ඇත්නම් :) ) ඇත්තේ ලිතියම් අයන් බැටරි යි. ලිතියම් අයන් බැටරි මේ තරම් සීග්‍රෙයන් ජනප්‍රිය වීමට හේතු වුනේ වැඩි කාලයක්, වැඩි විදුලි ධාරිතාවක් ගබඩා කල හැකි වීමත්, නාස්තිය අවම වීමත්, බරින් අඩු වීමත් නිසායි. Tesla සමාගමේ මේ නව Powerwall බැටරියේ අඩංගු වන්නේත් ලිතියම් අයන් බැටරි සමූහයක්. මේ නිසා බැටරිය අධික ලෙස රත්වීම වැළකෙනවා.",4 +"මේ අපූරු නිර්මාණය එළිදැක්වීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය Tesla සමාගම වෙතත් එහි මහ මොළකරු වන Elon Musk වෙතත් යොමුවුනා. මුල් දින කිහීපය තුලදී Tesla Powerwall 30000කට අධික සංඛ්‍යාවක් විකිණිමටත් Tesla සමාගම සමත් වුනා. Tesla සමාගම අනාගත බලශක්ති පරිභෝජනය පිළිබඳ දකින මේ සිහිනය සැබෑ වුවහොත්, සම්පත් හිඟවීම නිසා වැඩිවන ඉන්ධන මිලට හොඳ විසඳුමක් ලෙස Tesla Powerwall යොදාගන්නට හැකියි.",4 +පහතින් දැක්වෙන්නේ Elon Musk විසින් Tesla බැටරි එළිදැක්වීමේ උත්සවයේදී සිදුකළ කතාවයි. ලෝකය වෙනස්කරන කෙනෙක්ගේ කතාවක් අහන්න කැමති නම් අනිවාර්යයෙන් මේ වීඩියෝව නරඹන්න.,4 +World Economic Forum (ලෝක ආර්ථික සමුළුව) විසින් 2015 වර්ෂය සඳහා නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉහළ තැනකට පැමිණ ඇති බව පෙන්නුම් කෙරේ.,4 +ඒ අනුව NRI ශ්‍රේණිගත කිරීම් අතර ලොව 76 වන ස්ථානයේ සිට 65 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ලංකාවට හැකිවී ඇත. මේ ශ්‍රේණිගත කිරීම් අනුව සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් අතරින් ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් මැලේසියාව 32 ස්ථානයේ සිටින නමුත් සෙසු සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් වන ලංකාව චීනය ඉන්දියාව වැනි රටවල් පහළ ස්ථානයි හිමිකරගෙන තිබෙන්නේ.,4 +"කෙසේ නමුත් කලාපයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට ශ්‍රි ලංකාව ඉදිරියෙන් සිටින බවයි නවතම වාර්ථා වලින් පෙනී යන්නේ. උදාහරණයක් හැටියට ඉන්දියාව, පකිස්ථානය, චීනය වැනි රටවල් වල අන්තර් පරිභෝජනය, සමාජ ජාල භාවිතය, ජංගම දුරකථන පරිභෝජනය වැනි විවිධ නිර්ණායක ගණනාවකින්ම ශ්‍රී ලංකාවට වඩා පිටුපසින් සිටිනු දැකිය හැකියි.",4 +ශ්‍රී ලංකාවේ සමස්ථ අන්තර්ජාල පරිභෝජනය පසුගිය වසරේ දී 18% සිට 21.9% දක්වා වර්ධනය වී ඇත. ලොව අඩුම මාසික අන්තර්ජාල සේවා ගාස්තු සපයන්නන් අතරින් 3 වන ස්ථානය ලංකාවට හිමිව ඇති අතර එම අගය මසකට ඩොලර් 12කට ආසන්න අගයයක්. අන්තර්ජාල සේවා සඳහා සාමාන්‍යෙයන් මසකට ඩොලර් 32ක් පමණ අය කරන ඇමරිකාවට හිමිව ඇත්තේ 71 වන ස්ථානයයි. ඉන්දියාවට පවා හිමිව ඇත්තේ 13 ස්ථානයයි. එමෙන්ම ලොව අඩුම පෙර ගෙවුම් ජංගම දුරකථන ගාස්තු ඇති රටවල් අතරත් 3 වන ස්ථානය ලංකාවට හිමිව ඇත.,4 +ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 95.5%ක පමණ ප්‍රමාණයක් ජංගම දුරකථන සබඳතා ලියාපදිංචි කර ඇති අතර ගෘහස්ථ පරිගණක භාවිතය ජනගහණයෙන් 16.4% වනවා.,4 +තවත් විශේෂ කරුණක් ලෙස තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා රජයේ දායකත්වය මනිනු ලබන නිර්ණායක අතරිනුත් ලංකාව ඉදිරියෙන් සිටීම දැක්විය හැකියි. ඒ අනුව තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා රජයක් වශයෙන් වැඩි දායකත්වයක් සපයන රටවල් අතර 16 වන ස්ථානය හිමි කරගැනීමට ලංකාව සමත්ව අතර එම ක්ෂේත්‍රයේ රාජ්‍ය ව්‍යාපෘති වල සාර්ථකත්වය අතින් ලොව 13 වන ස්ථානය ලංකාවට හිමිව ඇත. මේ සීග්‍ර දියුණුව උදෙසා ලංකාවේ ICTA ආයතනයේ මෙහෙය අගය කළ යුතුයි.,4 +සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් ගොඩනැගිල්ල ශ්‍රිලංකාවේ බුද්ධිමත් ගොඩනැගිල්ල ලෙස තෝරා ගැනෙයි. මෙම ගොඩනැගිල්ලේ ඇති පහසුකම් සහ ඒවා ක්‍රියාත්මක කිරීමට වැය වන බලශක්තිය සහ පරිපාලන පහසුව ආදී කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නම් කිරීම සිදුකර ත��බේ.,4 +මෙම ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතිය සඳහා world’s first magnetic bearing chiller technology නම් වන අති නවීන තක්ෂණය භාවිත කර ඇති බව සඳහන් වෙයි.එමෙන්ම බලශක්තිය උපරිම ආකාරයෙන් පිරිමසින මෙම හෝටල් ගොඩනැගිල්ල මගින් අපේක්ෂිත පරිභෝජන ගෑස් ප්‍රමාණය වසරකට ටොන් 4000 කින් අඩුකර ඇත.එමෙන්ම මෙම හෝටලයේ සෑම ඉසව්වක්ම නිරුපනය වන පරිදි කැමරා පද්ධතියක් සවි කර ඇති අතර දත්ත මාපක 200 ට වඩා වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.,4 +"මේ නිසා බලශක්තිය ඉතිරි කර ගත හැකි වු බව සිනමන් ග්‍රෑන්ඩ් කළමණාකාරීත්වය පවසයි.එමෙන්ම මුළු හෝටලයේම ජල පද්ධතිය, වායු සමීකරණ පද්ධතිය,ඔක්සිජන් මට්ටම, කසල බැහැර කරන පද්ධතිය ආදී සියලු අංශ එකවර නිරීක්ෂනය කිරීමේ පහසුකම් වලින්ද මෙම ගොඩනැගිල්ල සමන්විත වෙනවා. කිසියම් ස්ථානයක කිසියම් අඩුපාඩුවක් වේ නම් එය කඩිනමින් සැකසීමට ද කාර්ය මණ්ඩලලය උත්සුක වෙනවා.",4 +මෙම හෝටල ගොඩනැගිල්ල එම බලශක්ති පිරිමසාලන තත්වයට පත් කිරීම සඳහා රුපියල් මිලියන 170 ක පමණ ආයෝජනයක් සිදුකර ඇති අතර මේවන විට එම වියදම් කළ මුදල බලශක්ති අරපිරිමැස්මෙන් ඉතිරිකර ගත හැකිව ඇති බව වාර්තා වෙයි.,4 +"Lanka Energy Conservation Pvt Limite‍d, හි සහය සහ උපදේශකත්වය ලබමින් මෙම ඉදිකිරීම් සිදුකර ඇති අතර, මේ හේතුවෙන් වසර ගණනාවකදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සම්මාන රැසකට පාත්‍ර වී තිබේ.",4 +"දැනට 100 %ක් ඉන්ධන වලින් ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්ෂේත්‍රය, 2020 වනවිට විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සහ එම විදුලිය හරිත විදුලියෙන් නිපදවා ගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, විදුලි මෝටර් රථ සඳහා වන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය , කොළඹ, ටිකල් මාවතේ පිහිටි අංක 10 දරන ස්ථානයේදී, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් අද විවෘත විය.",4 +මෙහිදී අමාත්‍ය රණවක මහතා විසින් සමරු පළකය නිරාවරණය කළ ආකාරය ඡායාරූපයෙන් දැක්වේ. ප්‍රථිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ සිල්වා මහතාද ඡායාරූපයේ දැක්වේ.,4 +මුහුණේ විකෘතිතාවයක් ලෙස නාසයක් නොමැතිව ඉපදුණු ළදරුවෙක් ඇලබාමා වලින් වාර්තා වනවා. Eli Thompson නම් වෙන මේ දරුවා පසුගිය මාර්තු 4 වනදා උපත ලබා ඇත. ජන්මයෙන්ම සිදුවන විකෘතිතාවක් වන Arhinia හෙවත් බාහිර නාසයක් නොමැති බව අතිශය දුර්ලභ විකෘතිතාවයක් වන අතර එය පුද්ගලයින් මිලියන 197කට එකක් තරම් දුර්ලභ අවස්ථාවක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මීට පෙර මෙවැනි දරු උපතක් වාර්තා වී ඇත්තේ 1931 වසරේ දීයි.,4 +"කෙසේ වෙතත් එලීගේ මේ අසාමන්‍ය පිහිටීම ඔහුගේ සෞබ්‍ය තත්වයට එතරම් බලපෑමක් නැති බවත්, ඔහු නීරෝගී සුවයෙන් පසුවන බවත් පැවසෙනවා. ඒ වගේම මේ වන විට ශ්වසන අපහසුතා යථාතත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා. මෙලෙස අසාමාන්‍ය පිහිටීමක් සහිතව උපන් ඔහු මේ වන විට ෆේස්බුක් හරහා අති විශාල ප්‍රසිද්ධියක් හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම ඇය වෙනුවෙන් ඇරඹුනු අන්තර්ජාල අරමුදලටත් මේ වන විට ඩොලර් 15000කට ආසන්න මුදලක් එක්කාසු වී තිබෙනවා. මේ මුදල් එලීගේ ඉදිරි ශල්‍යකර්ම සඳහා යොදාගන්නා බවයි ඔහුගේ මව්පියන් පවසන්නේ.",4 +විදුලි වාහන හිමියන්ට තම මෝටර් රථ ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය මධ්‍යස්‌ථාන මෙම සිංහල අලුත් අවුරුද්දට පෙර ඇති කරන බව විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (31 වැනිදා) පැවසීය.,4 +රටේ ප්‍රවාහන ක්‌ෂේත්‍රය ඉන්ධන මත පමණක්‌ යෑපීම අඩු කිරීමට එමගින් කටයුතු කරන බවත් පොසිල ඉන්ධන සියයට සියයක්‌ විදේශයෙන් ගෙන්වීම නිසා රටේ බලශක්‌තිය අනාරක්‌ෂිත වී ඇති බවත් ඇමැතිවරයා කීය.,4 +“බලශක්‌තියෙන් සපිරි රටක්‌” දස අවුරුදු සැලැස්‌ම ඉදිරිපත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින් බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හිදී ඇමැතිවරයා එම අදහස්‌ පළ කළේය.,4 +හැමෝම දන්නවා ඇති නේ හෙට (අප්‍රේල් 02) සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා. ඒකට ආසන්නම හේතුව වෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුණ ආවරණය කරගත් අය අපරාධ සිදුකලත් ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න CCTV වල හෝ මුහුණ පැහැදිලි නොවීම.,4 +කොහොම වුණත් මේ ෆුල්ෆේස් හෙල්මට් තහනමට බොහෝදෙනාගේ විරුද්ධත්වය එල්ල වුණා. කොටින්ම කියනවානම් මහජන කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවා තවමත් මේ නීතියට විරුද්ධයි කියලයි කියන්නේ. ඒ නිසා කිහිප වතාවක්ම මේ නීතිය පොලීසිය විසින් ගෙන ආවත් නැවත හකුළාගන්න වුනා. කෙසේ වුනත් හෙට සිට මේ නීතිය බලපැවැත්වෙනවා.,4 +"ගොඩක් අය ෆුල්ෆේස් හෙල්මට් දාන්නේ ලස්සනට. හැමෝටම නෙවෙයි ඒත් බහුතරයකට ඒකනේ ඇත්ත. හැබැයි අපි නොදැනුවත්වම ෆුල්ෆේස් හරහා අපේ මුහුණු, ඇස්, නාසය, මුඛය වගේ වැදගත් ශරීර ඉන්ද්‍රියන්ට ලොකු ආරක්ෂාවක් සපයනවා. මේ තියෙන්නේ අනතුරකට ලක්වුණු කෙනෙක්ගේ හෙල්මට් එක. හිතන්න මේ වගේ අනතුරකදී ෆුල්ෆේස් හෙල්මට් එකක් නොතිබුනානම්.",4 +"හැබැයි මේ මුහුණ ආරක්ෂාකරනවාට අමතර��� ෆුල්ෆේස් හෙල්මට් හරහා විශාල කාර්යයක් කෙරෙනවා. ඔයාලා කොළඹ අවට බයිසිකල් වලින් යනවා නම් දන්නවා ඇති කොයිතරම් දූවිල්ලක්ද තියෙන්නේ කියලා. වාහන වලින් එන දුම, දූවිල්ලටත් වඩා දරුණුයි. මේ දුම සහ දූවිල්ල අපේ ශ්වසන පද්ධතියේ ආබාධ ඇතිකරනවා විතරක් නෙවෙයි ඇස් වලටත් දරුණු හානි ඇති කරන දෙයක්. ඉතින් ෆුල්ෆේස් හෙල්මට් එකක් දාලා ඉන්න කෙනෙක් මේ දූවිල්ලට සෘජුවම නිරාවරණය වෙන්නේ නැහැ. ඔයත් කලින් සාමාන්‍ය හෙල්මට් එකක් පාවිච්චි කරලා දැන් ෆුල්ෆේස් එකක් පාවිච්චි කරනවානම් වෙනස හොඳට දැනිලා ඇති. ඔයාලා දන්නවාද සමහර ශ්වසනා ආධාධ තියෙන අය වෛද්‍ය උපදෙස් මත ෆුල්ෆේස් හෙල්මට් පාවිච්චි කරන බව.",4 +"මේ දූවිල්ලෙන් දුමෙන් ආරක්ෂාවෙන්න, මුහුණු ආවරණය කරන Oxypura වගේ මාස්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. එ්ත් ඉතින් එතකොටත් මුහුණ ආවරණය වෙනවනේ. එහෙම වුණාම අනිත් දවසේ බැංකු මංකොල්ලකාරයෝ Oxypura දාගෙන මංකොල්ලකන්න ආවොත් එ්කත් තහනම් කරනවාද?",4 +තව කෙනෙක් කියන්න පුළුවන් ඔය දූවිලි දුම කොයිතරම් අහිතකර වුනත් අද කීයෙන් කීදෙනාද අද ෆුල්ෆේස් හෙල්මට් පාවිච්චි කරන්නේ කියලා. ඔව් ඒක ඇත්ත. හැබැයි ඒකට ප්‍රධාන හේතුව ෆුල්ෆේස් හෙල්මට් මිලෙන් අධික වීම. සාමාන්‍ය හෙල්මට් එකක කැඩුනු ප්ලාස්ටික් වයිසර එක දාගන්න වත්කමක් නැති මිනිස්සුන්ට මොන ෆුල්ෆේස් ද. ඉතින් මේ වගේ තත්ව බලනකොට රජයක් විදියට කල යුත්තේ ෆුල්ෆේස් තහනම් කරන එක නෙවෙයි ෆුල්ෆේස් හෙල්මට් අඩු මිලට දීලා ඒක අනිවාර්ය කරලා මහජනයාගේ ආරක්ෂාව සෞඛ්‍යතත්වය ඉහළ නංවන එක නෙවෙයි ද? වාහනයක යන කෙනෙක්ට සැපට යන්න පුළුවන් වෙලා බයිසිකල් වල යන දුප්පත් මිනිස්සුට විතරක් දූවිලි නාගෙන යන්න කියලා නීති ගේන එක වැරදියි නේද?,4 +රටේ මේතරම් ජාතික ප්‍රශ්ණ තියෙද්දි ෆුල්ෆේස් ගැන කතා කරපු එක වැරදි කියලා හිතතවා නම් මේ වගේ පුංචි සරල දෙයක් හරියට විසඳගන්න බැරි අපේ රටේ නීතිය කොහොම ජාතික ප්‍රශ්ණ විසඳයිද කියලාත් හිතලා බලන්න.,4 +ඔබ Whatsapp පාවිච්චි කරන කෙනෙක් නම් දන්නවා ඇති Whatsapp ඉන්න කාටහරි call කරන්න තව app එකකට යන්න වෙන එක කොයිතරම් කරදරයක්ද කියලා. ඉතින් ඔන්න දැන් ඒ ගැන වද වෙන්න ඕන නැහැ. Whatapp වලින් දැන් Call ගන්නත් පුළුවන්.,4 +හැබැයි මේ update එක තාම හැමෝටම නැහැ. ඒ වුනත් ඔයාලට දැන්ම අලුත් ඇප් එක use කරලා call ගන්න ඕන නම් whatsapp.com/android කියන url එකට ගිහින් apk එක download කරගෙන install කරගන්න පුළුවන්. එච��චර සෙල්ලම් දාන්න බැරිනම් ටිකක් ඉවසන්න. ළඟදීම හැමෝටම මේ පහසුකම ලබාදෙන බවයි whatsapp සමාගම පවසන්නේ.,4 +ඔයා iPhone භාවිතකරන කෙනෙක් නම් ටික කළක් ඉවසන් ඉන්න වේවි කියලයි කියන්නේ. හැබැයි Windows හෝ් Blackberry වලට මේ කෝල් ගන්න පහසුකම දැන්ම එන පාටක් නැහැ.,4 +පරිගණක කියන්නේ දවසින් දවස දියුණු වෙන ක්ෂේත්‍රයක්. මුල් කාලයේ පරිගණකයක් සම්පූර්ණ කාමරයක් පිරෙන තරම් උපකරණයක් වුනත් අද සුපිරි පරිගණක පවා ඉතාමත් කුඩා ප්‍රමාණයෙන් නිර්මාණය කරන්නට නූතන තාක්ෂණය සමත් වෙලා. නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගිය ඇපලෝ යානයේ තිබූ සුපිරි පරිගණකයට වඩා දස දහස් ගුණයක් ප්‍රබල පරිගණකයක් තමයි ඔබේ කුඩා ජංගම දුරකථනය.,4 +මේ විදියට දවසින් දවස ප්‍රබල කුඩා ප්‍රමාණයේ පරිගණක නිර්මාණය කරන්නට මූලිකම හේතුව තමයි පරිගණකයේ ප්‍රධාන ප්‍රොෙසසෙරයේ ට්‍රාන්සිසටර් අතර පරතරය කුඩා කළ හැකි වීම. ප්‍රොසෙසර ගැන කතා කරන විට අපට නිතැතින්ම මතක් වෙන්නේ Intel සමාගම. ඉතින් මේ කියන්න යන්නේ Intel විසින් හඳුන්වාදුන් අපූරු කුඩා පරිගණකයක් ගැනයි.,4 +"ඔබේ අත්ල මත තැබිය හැකි ඩොන්ගලයක තරමේ පරිගණකයක් නිපදවන්නට Intel සමාගම සමත් වෙලා. Intel Compute Stick නමින් හැඳින්වෙන මේ පරිගණකයේ 32GB මතක ධාරිතාවයක්, 2GB රැම් මතකයක් සමඟ USB, WiFi, Bluetooth 4.0 වැනි සියළුම පහසුකම් වලින් සමන්විතයි. HDMI කේබලයක් හරහා ඔබේ රූපවාහිනියට හෝ පරිගණක මොනිටරයකට සම්බන්ධ කර සම්පූර්ණ පරිගණකයක් ලෙස භාවිත කල හැකි වන අයුරින් මෙය නිපදවා ඇත. ලිනක්ස් මෙන්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිතව වුවත් මිලදී ගත හැකි මේ උපකරණය නුදුරේදීම ලංකාවේ වෙළඳපල තුලදී අපට දැකගන්නට හැකිවනු ඇති බවයි Intel Sri Lanka හි කළමණාකරු ඉන්දික ද සොයිසා පවසන්නේ.",4 +ලබන සඳුදා (30) සිට නොමිලයේ වයිෆයි ( Free WiFi ) ලබාදීමේ පහසුකම සපයන බව මීට සුළු මොහොතකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියා. දින සියයේ වැඩපිළිවෙලින් ප්‍රකාශයට පත්කළ නොමිලයේ වයිෆයි ලබාදීමේ වැඩපිලිවෙලේ ප්‍රථම අදියර ලෙස ලබන සඳුදා සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුල වයිෆයි පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇත.,4 +මීට පෙර වාර්ථා වූ පරිදි නම් මේ වැඩපිළිවෙල යටතේ එක් ජංගම උපකරණයකට මාසයක කාලයක් සඳහා 100 MB ප්‍රමාණයක් ලබා දෙනු ඇත.,4 +මේ වැඩපිළිවෙල පිළිබඳ ඔබේ අදහසත් පහත කමෙන්ට් තීරුවේ පළකරන්න.,4 +අභ්‍යාවකාශය කියන්නේ හරි අපූරු තැනක්. මීට ටික කාලයකට කළින් Karen Nyberg අභ්‍යාවකාශගාමිනිය අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිට ඇගේ හිස සේදීම කරණ ආකාරය ගැන අපූරු වීඩියෝවක් යූ ටියුබ් වෙත එක්කලා. ඒ වීඩියෝව අන්තර්ජාලය පුරා ජනප්‍රිය වූ අතර ඇයගේ සහායක අභ්‍යාවකාශගාමියාත් ඔහුගේ හිස සෝදන ආකාරය යූ ටියුබ් වෙත එක්කරලා. හැබැයි ඒ හිස නම් තරමක් වෙනස්. මොකද ඔහුගේ හිසේ කෙස් නැහැ.,4 +Luca Parmitano නමින් හැඳින්වෙන ඔහු සිය හිස සෝදන්නේ උණු වතුරෙන්. කෙස් නැති හිසට වතුර ඇලී පවතින ආකාරයක් ඔයාලට දැකගන්නට පුළුවන්. අභ්‍යාවකාශයේ ගුරුත්වය නොමැති නිසා මේ ආකර්ශණයට බලපාන්නේ ප්‍රෘෂ්ඨික ආතතිය කියන බලයයි. ඒ නිසා ඔහුගේ කෙස් රහිත හිසට ජලය ඇලී පවතිනවා.,4 +පහතින් දැක්වෙන්නේ Nyberg විසින් ඇගේ හිසකෙස් සෝදන ආකාරය දැක්වෙන වීඩියෝවයි.,4 +DJI Phantom කියන්නේ drone යානා සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාමට සමත් වූ නිර්මාණයක්. ඒත් මේ විදියට හැම කෙනෙක්ම වගේ drone යානා අහසේ පියාසැරවීමට පටන් ගැනීමත් එක්ක DJI සමාගමට සහ භාවිත කරන්නන්ට නොයෙකුත් නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදු වුනු අවස්ථාත් සුලබයි. හැබැයි පසුගිය දවසක ඇමරිකාවේ ධවල මන්දිරය අසලට කඩා වැටුණු DJI Phantom යානය නිසා නම් DJI ආයතනයට ලොකු ප්‍රශ්ණවලට මුහුණු දෙන්න සිදුවුනා. ඒ අනුව මින් පසු වොෂින්ටනයේ ධවල මන්ධිරයේ සිට සැතපුම් 15.5 ක දුරක් යන තෙක් drone යානා පියාසැරවීම තහනම්. ඒ වගේම ඒ ප්‍රදේශයට පියාසැරීමට නොහැකි වන පරිදි DJI Phantom 2 යානයේ මෙහෙයුම් මෘදුකාංගය සඳහා අනිවාර්ය යාවත්කාලීනයක් (update) නිකුත් කිරීමටත් DJI සමාගම කටයුතු කලා. ඒ කියන්නේ කෙනෙක්ට අවශ්‍ය වුනත් ඔන්න දැන් ධවල මන්දිරය පැත්තට drone යානා යවන්න බැහැ.,4 +"ඉතින් අපි මෙහේ ඉඳන් ඔච්චර දුරක් drone එකක් යවනවද කියලා ඔයාලට හිතෙන්න ඇති නේද? ඒක ඇත්ත, ඒත් මේ ආරංචිය කිව්වේ දවසින් දවස අහසේ පියාසර කරන drone යානා ගණන දහස් ගණනින් වැඩි වෙද්දී ඒවාට නීති රීති පද්ධතියක් නිකුත් වෙන කාලය වැඩි ඈතක නෙවෙයි කියන්නයි. ඒ වගේම drone යානා යවන්නත් බලපත්‍රයක් ගන්න වෙන දිනය වැඩි ඈතක නෙවෙයි.",4 +58 දෙනෙකු රැගත් ට්‍රාන්ස් ඒෂියා යානය තායිවාන අගනගරයේ තායිපේ ගංඟාවට කඩාවැටී තිබෙනවා. දැනට වාර්තාවන අයුරින් මෙම අනතුරින් 9 දෙනෙකු මියගොස් ඇති අතර මේ වන විටත් තායිවාන සහන හමුදා විසින් අනතුරට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. කාර්යමණ්ඩලය 5 දෙනෙකු ඇතුලු 58 දෙනෙකු මේ යානයේ ගමන්ගෙන ඇති අතර ඒ අතරින් 31 දෙනෙක් චීන ජාතිකයින්.,4 +ඒ වගේම ඇසින් දුටුවන් පවසන පරිදි යානය කඩා වැටෙන අවස්ථාවේම පුද්ගලයින් දෙදෙනකුගේ සිරුරු පොළවට පතිත වී ඇති අතර ගුවන් යානය ගැටීමෙන් කුලී රථයකටද හානි සිදුවී ඇත.,4 +පහතින් දැක්වෙන්නේ ඒ අවස්ථාවේ ගමන්ගත් මෝටර් රථයක ඉදිරිපස කැමරිවේ සටහන් වූ අනතුරේ වීඩියෝ පටයකි.,4 +"තායිපේ හි සොංස්හාන් ගුවන් තොටුපලෙන් ගුවන් ගමන් අරඹා මද වේලාවකින් සිදුවූ මේ අනතුර සිදුවීමට හේතුව වන්නට ඇත්තේ එසැවුම් බලය ප්‍රමාණවත් නොවීම දැයි තායිලන්ත බලධාරීන් සැකපළකරයි. මීට මාස 7කට පමණ පෙරත් මේ ලෙස ට්‍රාන්ස් ඒෂියා ගුවන් යානයක් අනතුරට පත්වූ අතර, තායිපේ සිට පෙන්ගූ දක්වා ගමන් ගත් Flight GE222 යානයයි එලෙස අනතුරට පත්වූයේ. එම අනතුරින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.",4 +තාක්ෂණය ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලා මේ වෙනකොටත් OnePlus One ගැන අහලා ඇති. OnePlus One ජංගම දුරකථනයට මේ වෙනකොට tech community එක අැතුලේ නම් ලොකු අවධානයක් යොමුවෙලා. ඒත් සාමාන්‍ය අයනම් ගොඩක් දෙනෙක් OnePlus One ගැන දන්නේ නැහැ.,4 +"මේ ජංගම දුරකථනයට මේ තරම් ඉල්ලුමක් තියෙන්න හේතුව වෙන්නේ එහි මිල. HTC One M8, Samsung Galaxy S5 හෝ iPhone 5S වගේ ජංගම දුරකථන වල මිල $700ක පමණ වුනත් ඒ හා සමාන performances ඇති මේ OnePlus One හි මිල $300ක් පමණයි වෙන්නේ. Performances අතින් හා software අතින් බොහෝ සෙයින් Nexus 5 එකකට සමාන මෙහි ප්‍රොෙසසරය 2.5 GHz Quad Core Snapdragon 801 ප්‍රොසෙසරයක්. Ram මතකය 3GB වන අතර තිරය අඟල් 5.5ක තිරයක්.",4 +Overview,4 +"සාමාන්‍ය ජංගම දුරකථනයක් සමඟ සසඳන විට OnePlus One කියන්නේ තරමක් විශාල ජංගම දුරකථනයක්. කෙසේ නමුත් මේ දුරකථනයේ නිෂ්පාදන තත්වය නම් විශිෂ්ඨයි. Samsung Galaxy S5 වගේ දුරකථන එක්ක බලන විට පෙනුම විශිෂ්ඨයි. පසුපස ආවරණය නිර්මාණය වී ඇත්තේ ද අතට පහසු, උසස් පෙනුමක් ගෙනදෙන ද්‍රවයයකින්. Sandstone Black හා Silk White ලෙස version දෙකක් නිකුත්කර ඇති අතර ඒවා පිළිවෙලින් 64GB හා 16GB වනවා. වෙනත් කිසිදු දුරකථනයක දැකිය නොහැකි අන්දමේ අපූරූ පසුපස ආවරණයක් මෙහි දකින්නට පුළුවන්. ඔබටත් OnePlus One ජංගම දුරකථනයක් මිලදී ගන්නට පුළුවන් නම් ඔබත් එහි පසුපස ඔබේ මුහුණේ ස්පර්ශ කරලා බලන්න. ඒක ඇත්තටම අපූරූ අත්දැකීමක්.",4 +හැබැයි ඔබ 16GB version එක එහෙමත් නැත්නම් Silk White ෆෝන් එකනම් තරමක් ලිස්සන සුළුයි. ඒ නිසා බාහිර කවරයක් හෝ බාහිර ස්ටිකරයක් අලවා භාවිත කරනවානම් වඩා සුදුසුයි.,4 +තරමක් විශාල ජංගම දුරකථනයක් වුනත් මෙහි button placement එකේනම් වරදක් නැහැ. ඒ නිසා Power On/Off කරන්න Volume අඩු වැඩි කරන්න වැඩි වෙහෙසක් දරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ විදියට බලනකොටනම් මිලට උපරිම සාධාරණයක් කරන්න OnePlus One සමත් වෙලා.,4 +What is OnePlus?,4 +Hardware,4 +ඇත්තටම මේ දුරකථනයේ Hardware superb. මිල අඩු නිසා ඔබට හිතෙන්න පුළුවන් බාල තත්වයේ ජංගම දුරකථයක් කියලා. ඒත් ඒක එහෙම නැහැ. Hardware අතින් හා Specs අතින් $700ක ජංගම දුරකථනයකට දෙවැනි නැහැ.,4 +3200mA වගේ වැඩි ධාරිතාවයකින් යුත් මේ OnePlus One දුරකථනයේ බැටරිය ගලවා ඉවත් කරන්නට නම් බැහැ. ඒ වුනත් පසුපස ආවරණය පහසුවෙන් ගැලවිය හැකි නිසා විවිධ මෝස්තර ගණනාවක් අතරින් කැමති ආවරණයක් තෝරාගන්නට ඔබට හැකියාව තිබෙනවා. අධි ධාරිතා බැටරියකින් බල ගැන්වෙන නිසා පහසුවෙන් දවස් 2ක කාලයක් සඳහා බැටරිය ප්‍රමාණවත්. සාමාන්‍යෙයන් ජංගම දුරකථනයක් හැමදාම රෑට charge කරන්නනේ අපි පුරුදුවෙලා ඉන්නේ. ඒත් මේ ෆෝන් එකනම් දවසක් ඇර දවසක් වුනත් charge කරලා පාවිච්චි කරන්න බැරි නැහැ.,4 +සාමාන්‍යෙයන් ජංගම දුරකථනයක අඩංගු වන්නේ එක Mic එකක් පමණයි. හැබැයි මෙහි Mics 3ක් ඇතුලත්. ඒ නිසා වඩා හොඳින් බාහිර ශබ්ධ වලින් කටහඬ වෙන්කරලා පැහැදිලි හඬක් ලබාදෙන්නට මේ දුරකථනයට හැකියාව තියෙනවා. මුල් කාලයේදී මේ ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම් වල හඬ ඉතාමත් අඩු වුනත් පසුව Software update එකකින් ඒ අඩුපාඩුව හදන්නට OnePlus සමත් වුනා.,4 +Software,4 +"OnePlus One හි විශේෂතම අංගය වන්නේ Software features. Android KitKat මත නිර්මාණය වුණු Cyanogenmod මෙහෙයුම් පද්ධතියයි මෙහි ඇතුලත් වන්නේ. මේ ජංගම දුරකථනය වෙනුවෙන්ම නිකුත් වූ සංස්කරණයක් වන Cyanogenmod 11S අඩංගු OnePlus One, Nexus එකකට සමාන දුරකථනයක් කියලා හඳුන්වන්න පුළුවන්.",4 +"Nexus වගේ pure android අත්දැකීමක් ලබන්නට පුළුවන් වගේම තමන්ට අවශ්‍ය විදියට customize කරන්නත් අවස්ථාවක් තිබෙනවා. Boot Animation, Theme වගේම Buttons පවා වෙනස් කරන්නට Cyanogenmod පාවිච්චි කරන ඔබට හැකියාව ලැබෙනවා. ෆෝන් එකේ Off Screen capacitive buttons වෙනුවට On screen buttons වලට මාරුවෙන්නටත්, අවශ්‍යතාවය අනුව අලුතෙන් buttons එකතු කරගන්නටත් හැකියාව තියෙනවා. මෙහි Lock screen එකත් තරමක් වෙනස්. Lock screen එක හරහා ක්ෂණිකව කැමරාවට යොමුවීමටත් හැකියාව කිබෙනවා.",4 +ඒ වගේම ලඟදීම Android Lollipop සඳහා සහාය ලබාදෙන්නටත් සූදානමක් තියෙනවා කියලා දැනගන්න ලැබුනා. ඒ විතරක් නෙවෙයි OnePlus සමාගමෙන්ම නිර්මාණය කල Android මත පදනම් වුනු Oxygen OS නම් අලුත් මෙහෙයුම් පද්ධතියක් OnePlus වෙත ලබාදෙන්නටත් OnePlus සූදානම් වෙනවා. ඒ අතින් බලනකොට මෘදුකාංග සඳහා ඔබ කැමති ආකාරයේ තීරණයක් ලබාගන්නට OnePlus හරහා ඔබට හැකියාව ලැබෙනවා.,4 +Camera,4 +"කැමරාව ගැන කතා කරනවනම් OnePlus One කැමරාව 13MP කැමරාවක්. ඒ වගේම මෙහි 5MP ඉදිරිපස කැමරාවකුත් ඇතුලත්. ඒ නිසා ඉතින් Selfie වලට සුපිරි කැමරා එකක්. Camera app එක සම්පූර්ණයෙන්ම වගේ redesign කිරීමට Cyanogenmod සමත් වෙලා. ඒ අනුව පහසුවෙන් විවිධ Modes වලට මාරු වෙන්නටත්, ක්ෂණිකව ඡායාරූප ගැනීමත් හැකියාව තියෙනවා. මේ කැමරාවෙන් ලබාගන්න ඡායාරූප තත්වයෙන් උසස්. නියම වර්ණ සංයෝඡනයත්, නියම වර්ණ ප්‍රතිනිර්මාණයත් නිසා එදිනෙදා කැමරාවක් ලෙස භාවිතයට සුදුසුයි. 4K ප්‍රමාණයේ වීඩියෝකරණයට හැකියාව තිබුණත් Optical Image Stabilizer එකක් නොමැති නිසා වීඩියෝ ඒ තරම් හොඳ තත්වයේ නැහැ. එසේ වුනත් Slow Motion වීඩියෝ ලබාගන්නටත් මේ කැමරාව සමත්. Dual LED Flash එකක් සහිත නිසා රාත්‍රී කාලයේදී වුවත් ඡායාරූප ගන්නට පුළුවන්. ඒත් අඳුරේ ලබාගන්නා ඡායාරූප වල තත්වය නම් ඒ තරම් හොඳ තත්වයේ නැහැ. HDR ඡායාරූප නම් වෙනත් කැමරා සමඟ සසඳන විට ඉතාමත් හොඳ තත්වයේ තිබෙනවා. අපි මීට පෙර review කල Galaxy Note 3 ෆෝන් එකේ කැමරාවට වඩා මෙහි කැමරාව හොඳයි.",4 +Performance,4 +"Ram මතකය 3GB වන නිසා පහසුවෙන් Apps ගණනාවක් handle කරන්න හැකියාව තියෙනවා. Web browsing වලදීත් කිසිදු අපහසුවක් හෝ හිරවීමක් සිදුවන්නේ නැහැ. Resolution වැඩි තිරය නිසා කුඩා අකුරු පවා පැහැදිලිව දැකගන්නට පුළුවන්. ඒ වගේම Gaming performance වුනත් හොඳ මට්ටමක තිබෙනවා. තිරය විශාල නිසා චිත්‍රපට, විඩියෝ පට නරඹන්නත්, Stereo Sounds ද ඇති නිසා හොඳ වින්දනාත්මක අත්දැකීමක් ලබාගන්න පුළුවන්. ඒත් Speakers දෙකම එකම පැත්තේ තිබෙන නිසා චිත්‍රපට, වීඩියෝ පට නරඹන විට නියම stereo අත්දැකීමක් විඳින්නට බැහැ.",4 +How to Buy,4 +හැබැයි ඉතින් OnePlus කියන්නේ සල්ලි දීලා වුනත් ලේසියෙන් මිලදී ගන්න පුළුවන් ෆෝන් එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ දුරකථනය මිලදී ගන්නට ඔයාලට කාගෙන්හරි දැනට මිලදී ගත්ත කෙනෙකුගෙන් invite එකක් අවශ්‍ය වෙනවා. හැබැයි ලංකාවේ අපිට නම් දැන් රුපියල් 50000 ක වගේ මිලකට MyStore.lk වෙබ් අඩවිය හරහා මිලදී ගන්න පුළුවන්.,4 +ඒත් තාම ලෝකේ අනිත් රටවල් වලත් ලේසියෙන් මිලදීගන්න බැරි මේ ජංගම දුරකථනය කොහොමද ලංකාවට අාවේ. OnePlus කියන්නේ චීන සමාගමක්. ඒ නිසා ඒ අය වැඩියෙන්ම අවධානය යොමුකරන්නේ ආසියානු කලාපයේ ‍වෙළඳපල ගැනයි. ඉතින් ඉන්දියාව තුල මේ ජංගම දුරකථනය ප්‍රචලිත කරන්න OnePlus දුරකථනය පෙබරවාරි 10 වෙනිදා සිට සාමාන්‍ය පරිදි වෙළඳපලට නිකුත් කලා. අන්න ඒ විදියට තමයි OnePlus One ලංකාවට අාවේ.,4 +තව සමහර අය තරමක් බයෙන් ඉන්නවා ලංකාවේ ඇතුලේ මේ ෆෝන් එක වැඩකරනවාද කියලත්. ඒත් 4G LTE ඇතුළුව සියළුම වර්ගයේ සම්බන්ධතා සඳහා OnePlus One ලංකාව ඇතුලදී සහාය දක්වනවා කියලා අපට දැකගන්නට ලැබුනා.,4 +"MyStore.lk හරහා මිලදී ගන්න ඔයාලට සම්පත් බැංකු ක්‍රෙඩිඩ් කාඩ් එකකින් රු. 49,770 රු. 51,885 මුදලකටත් මිලදී ගන්න පුළුවන් වගේම පහසු ගෙවීම සඳහා ක්‍රෙඩිට් කාඩ් එකක් මඟින් වාරික ලෙස ගෙවීමේ පහසුකම් වුවත් ලබාගන්නට පුළුවන්. ඒ වගේම කොළඹ අවට ප්‍රදේශ වලට නොමිලයේම ගෙදරටම ගෙන්වා ගන්නටත් හැකියාව තිබෙනවා.",4 +Conclusion,4 +"මේ විදියට බලනකොට හැම අතින්ම ගත්තම දැනට ලංකාවේදී මිලදී ගන්න පුළුවන් හොඳම ස්මාර්ට් ෆෝන් එක කියලා හඳුන්වන්න පුළුවන්. Apple, Samsung වගේ දැවැන්න නම් වල දැවැන්ත marketing වලට ගෙවන මුදලත් අපිම ගෙවනවද? නැත්නම් නම වැඩිය ප්‍රසිද්ධ නැති වුනත් හොඳ තත්වයේ උසස් ජංගම දුරකථනයක් මිලදී ගන්නවද කියලා ඔයාලම හිතලා බලන්න.",4 +"දැනටමත් ඔයාලා OnePlus One භාවිත කරන කෙනෙක් නම් අපිට ඔයාලගේ අත්දැකීම්, දෝෂාරෝපණත් කියන්න අමතක කරන්න එපා. ඒක OnePlus One දුරකථනයක් ගන්න ඉන්න කෙනෙකුට ලොකු උපකාරයක් වේවි.",4 +ශ‍්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් අලෙවි සමාගම්වලින් දෙවෙනි ස්ථානයට Huawei නම් කරයි. Huawei 2014 අවසන් කාර්තුවේ දී ශ‍්‍රී ලංකා වෙළෙදපොළින් 18% ක් අත් කර ගනී.,4 +"2015 මාර්තු 11 වෙනි දා – ශ‍්‍රී ලංකාවේ, කොළඹ දී: ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසදුම්සැපයුම් ආයතනයක් වන Huawei, 2014 අවසන් කාර්තුවේ ශ‍්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් අලෙවිසමාගම් අතරින් දෙවෙනි ස්ථානය අත් කර ගත් බවට ජාත්‍යන්තර දත්ත සංස්ථාව (IDC) නිවේදනය කරන ලදි.",4 +වාර්තාවට අනුව සමස්ථ ස්මාර්ට්ෆෝන් වෙළෙදපොළෙන් 18% ආසන්න ප‍්‍රමාණයක් Huawei සමාගම අත් කර ගෙන ඇත. Huawei නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීම සිදු කරන්නේ මෙරට විශ්වාසය දිනූ සිංගර් සමාගම බැවින් Huawei නාමය සඳහා ප‍්‍රධාන නඟර සහ උඩරට වෙළෙදපොළවල්වලින් හොඳ ඉල්ලූමක් පවතින බවට මෙම වාර්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.,4 +"Huawei සමාගමේ පාරිභෝගික ව්‍යාපාර සමූහ ශ‍්‍රී ලංකා ප‍්‍රධානී හෙන්රි ලියු මහතා මෙසේ පැවසුවේ ය. ‘‘ස්මාර්ට්ෆෝන් කාණ්ඩයේ නායකත්වය කරා ගමන් කරන සමාගමක් ලෙස අපි IDC විසින් අපට ලබාදුන් ස්ථානය පිළිබඳව ඉතාමත් සතුටු වන්නෙමු. පසුගිය වසරේ අපගේ සන්නම් නාම තේමාව වූ ‘Make It Possible’ යන්න ස්ථාපිත කරමින් උසස් තත්ත්වය, ඉහළ අත්දැකීම් සහ විශිෂ්ට සේවාව සමඟ පිළිගත් සන්නම් නාමයක් ශ‍්‍රී ලංකාව තුළ ගොඩනැගීමෙහිලා වූ අපගේ ප‍්‍රධාන උපායමාර්ගය කෙරේ අඛණ්ඩව අවධානය යොමු කිරීම මෙම ජයග‍්‍රාහනය තුළින් මනාව පැහැදිලි වේ.’’",4 +"Huawei සමාගමේ අලෙවිකරණ අංශ ප‍්‍රධානී ස්ටැන්ලි මැස්කරේනස් මහතා මෙසේ පැවසුවේය. ‘‘ශ‍්‍රි ලංකාවේ ඉහළ අලෙවියක් පවතින ස්මාර්ට්ෆෝන් මාදිලි අතර Honor 3C, Huawei ඇසෙන්ඞ් P7 සහ Huawei මේට් 7 ඇතුළත් වේ. සන්නම් නාමය සහ එය භාවිත කරන්නන් අතර හැඟීම්බර සම්බන්ධතාවයක් ගොඩනඟමින් සහ සිංගර් හරහා අපි පිරිනමන ඉහළ සහයෝගය සහ දීපව්‍යාප්ත බෙදාහැරීම පරිපූර්ණ සන්නම් නාමයක් ලෙස Huawei නාමය ශ‍්‍රී ලාංකීය පාරිභෝගිකයන් අතර ප‍්‍රචලිත කිරීමට සමත් වේ.’’",4 +නොකියා සමාගමේ අතිශය ජනප්‍රිය ජංගම දුරකථන මාදිලියක් වුණු Nokia 1100 දුරකථනය ඔන්න දැන් ආයෙත් කතාබහට ලක්වෙන්න පටන් අරන්. ඒ Nokia 1100 නමින් නම් කළ quad core ජංගම දුරකථනයක් අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වන Lollipop සහිතව වාර්තා වීමත් සමඟයි.,4 +මේ විප්ලවීය ජංගම දුරකථනය ගැන නැවත කථාබහට ලක්වුනේ Nokia Power User වෙබ් අඩවියේ benchmark සඳහන් කිරීමකින්. Geekbench හරහා සිදුකරන ලද මිණුම්කරණයට අදාලව Nokia 1100 ජංගම දුරකථනය MediaTek (MT6582) Quad Core ප්‍රොසෙසරයකින් බල ගැන්වෙන මෙහි Ram මතකය 512MB වනවා. කෙසේ නමුත් මේ ජංගම දුරකථනය පිළිබඳව මීට වඩා වැඩි තොරතුරක් එහි සඳහන් වන්නේ නැහැ.,4 +Nokia 1100 ජංගම දුරකථනයේ නිෂ්පාදන දත්ත අනුව ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් තබා කිසිදු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් එහි ක්‍රියාත්මක වීම විශ්වාස කිරිමට නොහැකියි. බොහෝ විට නොකියා සමාගම විසින් අලුතින් නිෂ්පාදනය කරන ලද ස්මාර්ට් ෆෝන් එකකට පැරණි නම භාවිතා කර ඇති අවස්ථාවක් විය හැකි බවයි බොහෝ දෙනාගේ මතය. ඒ වගේම නොකියා සමාගම මයික්‍රොසොෆ්ට් විසින් මිලදී ගැනීමත් සමඟ එකඟවූ එකඟතා අනුව ස්මාර්ට් ජංගම දුරකථන සඳහා 2016 අවසන් කාර්තුව දක්වා සිය නොකියා නාමය භාවිත කල නොහැකියි. ඒ නිසාවෙන් මේ නව Nokia 1100 ජංගම දුරකථනය 2017 වසරට පෙර වෙළඳපලට නිකුත්වේවි යැයි බලාපොරොත්තු තබාගත නොහැකියි.,4 +2003 වසරේදී නිකුත් වුන Nokia 1100 ජංගම දුරකථනය සමාගමේ වැඩිම අලෙවියක් සහිත ජංගම දුරකථනය වුනේ වාර්ථාගත මිලියන 250ක ජංගම දුරකථන අලෙවියක් වාර්ථාකරමිනි. ඒ වගේම ලොව ජනප්‍රියතම ජංගම දුරකථනය බවට පත්වීමටත් Nokia 1100 දුරකථනයට හැකියාව ලැබුනා.,4 +බොහෝමයක් චිත්‍රපට නිර්මාණයේදී එහි නිර්මාණකරුවන් ඉතාමත් සියුම් දේවල් වලට පවා අවධානය යොමුකරනවා. උදාහරණයක් විදියට චිත්‍රපටයක ආරම්භය හා අවසාන අතර සබැඳියාවක් තිබෙන චිත්‍රපට රාශියක් දැකගන්නට පුළුවන්. ඒත් බොහෝ වෙලාවට චිත්‍රපටයේ ඇති සිත්ඇදගන්නා සුළුබව නිසා හෝ රසාස්වාදයේ අඩුවක් නිසා අපි චිත්‍රපටයේ රූප��ාමු අතර අතරමං වනවා. ඒ හේතුවෙන් අපට චිත්‍රපටයේ සමහර සියුම් දේ මඟහැරී යනවා.,4 +නමුත් Jacob T. Swinney නම් පුද්ගලයා චිත්‍රපට 55ක මුල් රූපරාමු කිහිපය හා අවසන් මොහොතේ රූපරාමු කිහිපය එක්කාසු කර හරි අපූරු වීඩියෝපටයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ අපූර්වත්වය මේ වීඩියෝ පටය නරඹලාම බලන්න. ( මේ චිත්‍රපට 55 අතරින් වැඩිහරියක් චිත්‍රපට ඔබ නරඹලා තිබෙනවානම් ඔබට වඩා හොඳ අදහසක් ගන්න පුළුවන් වේවි.),4 +"පුද්ගලයින් 150 දෙනෙකු රැගත් ගුවන් යානයක් ප්‍රංශයේදී කඩා වැටී තිබෙනවා. Germanwings ගුවන් සමාගමට අයත් A320 ගුවන් යානයකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ. ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් යානය ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියට කඩාවැටී තිබෙනවා. මේ අනතුරින් යානයේ ගමන්ගත් මඟින් හා කාර්යමණ්ඩලය සියළු දෙනාම මියගොස් ඇති බවයි වාර්ථා වන්නේ. මිය ගිය අතර පාසල් දරුවන් 16 දෙනෙක්, ජර්මන් ජාතිකයින් 67ක් සහ කාර්යමණ්ඩලය 6 දෙනෙකු සිටි බවයි වාර්ථාවන්නේ.",4 +"පුද්ගලයින් 150 දෙනෙකු රැගත් ගුවන් යානයක් ප්‍රංශයේදී කඩා වැටී තිබෙනවා. Germanwings ගුවන් සමාගමට අයත් A320 ගුවන් යානයකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ. ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් යානය ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියට කඩාවැටී තිබෙනවා. මේ අනතුරින් යානයේ ගමන්ගත් මඟින් හා කාර්යමණ්ඩලය සියළු දෙනාම මියගොස් ඇති බවයි වාර්ථා වන්නේ. මිය ගිය අතර පාසල් දරුවන් 16 දෙනෙක්, ජර්මන් ජාතිකයින් 67ක් සහ කාර්යමණ්ඩලය 6 දෙනෙකු සිටි බවයි වාර්ථාවන්නේ.",4 +"අනතුරෙන් මියගිය අය අතර ප්‍රසිද්ධ ස්පාඥ්ඤ ජාතික ඔපෙරා ගායිකාවක්, ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙක්, ජපන් ජාතිකයින් දෙදෙනෙක් හා ඇමරිකන් ජාතකයෙක්ද සිටි බවයි දැනට වාර්ථා වන තොරතුරු වලින් හෙළිවන්නේ. මේ අනතුර නිසාවෙන් දැනට ගුවන් යානා නියමුවන් ඇතුළු කාර්යමණ්ඩලයේ බොහෝ පිරිසක් Germanwings ගුවන් සේවයේ සේවය කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.",4 +දෝෂ සහිත යානයක් මේ ආකාරයට භාවිතයට ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු නිළධාරීන් මේ වන විට ප්‍රශ්ණ කිරීම් සඳහා යොමුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන බව බළධාරීන් පවසා සිටිනවා. අඩු පිරිවැය ගුවන් ගමන් සඳහා වැඩි වශයෙන් භාවිත වන A320 ගුවන් යානා සියල්ලක්ම මේ අනතුරන් පසුව පූර්ණ පරික්ෂාවට ලක්කෙරෙනු ඇත. අපේ රටේ භාවිත වන ගුවන් යානා බහුතරයක්ම A320 යානා වන අතර දැනට භාවිත��ේ පවතින සමහර A320 යානා වසර 20ක් පමණ පැරණි ඒවායි.,4 +කෙසේ නමුත් Airbus A320 යානය ආරක්ෂාව අතින් විශිෂ්ඨ යානයක්. මීට පෙර A320 යානා වලින් සිදුවූ අනතුරු වලින් 90%කට අධික ප්‍රමාණයක් මිනිස් අත්වැරදීම් මත සිදූවූ ඒවා මිස යානයේ දෝෂ නිසා සිදුවූ ඒවා නොවේ. අනෙක යානය පහළ බැසීම ආරම්භ වීමෙන් පසුව අනතුරක් පිළිබඳව තොරතුරු පාලන මැදිරිය වෙත වාර්ථා කිරීමට ගුවන් නියමුවා අපොහොසත් වීම නිසා මේ අනතුර සඳහාත් ගුවන් නියමුවාගේ දෝෂයක් නිසා සිදුවූවක් විය හැකිබවත් ඇතැම් ගුවන් යානා ආරක්ෂක විශේෂඥයින් මත පළකර සිටිනවා.,4 +අනතුරෙන් විනාශ වූ යානයේ සුන් බුන් සෙවීම මේ වන විට සිදුවන අතර යානය කුඩා කොටස් වලට විනාශ වී ඇති බවයි යානයේ සුන්බුන් ඉවත් කිරීමේ සේවකයින් පවසන්නේ. යානය අනතුරට පත්වූ ස්ථානය ජනාවාස වලින් බොහෝම ඈත කඳුකර ප්‍රදේශයක් නිසාවෙන් සුන් බුන් ඉවත් කිරීම හා මිය ගිය අයගේ සිරුරු සෙවීම අතිශය දුෂ්කර කාර්යයක් වී ඇත. එම ස්ථානයට ලඟා විය හැක්කේ හෙලිකොප්ටර් යානා වලින් පමණක් බවයි සහන සේවා නිළධාරීන් පවසන්නේ. කෙසේ නමුත් මේ වන විට යානයේ තිබූ කළ පෙට්ටි (BlackBox) දෙකෙන් එකක් සොයාගෙන ඇති අතර එය කඩිනමින් පරීක්ෂාකර දත්ත ලබාගැනීම සඳහා යොමුකර ඇත. සාමාන්‍යයෙන් ගුවන් යානයක සියළුම තොරතුරු සටහන් වන්නේ මේ කළු පෙට්ටියේය. ඒ නිසා කළු පෙට්ටියේ තොරතුරු අනාවරණය වීමෙන් පසුව අනතුරට හේතුව ගැන හෝඩුවාවක් සොයාගන්නට හැකි වේවි.,4 +පුද්ගලයින් 150 රැගෙන ස්පාඥ්ඥයේ බාර්සිලෝනා නගරයේ සිට ඩුසෙල්ඩෝෆ් දක්වා ගමන් ගත් 4U9525 යානය අනතුරට පත්වීමට හේතුව මේ වන විට හෙළිව තිබෙනවා. සොයාගත් කළු පෙට්ටියේ තිබූ තොරතුරු අනුව යානයේ සහාය නියමුවා විසින් හිතාමතා සිදුකළ අනතුරක් බවයි මේ වන විට ප්‍රංශ බළධාරීන් විශ්වාස කරන්නේ.,4 +යානය අනතුරට පත්වීමෙන් පසුව යානයේ තිබූ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයාගත් අතර එහි පටිගත වී ඇති ශබ්ද විශ්ලේෂණයෙනුයි මේ නිගමනයට එළඹ ඇත්තේ.,4 +"යානයේ ප්‍රධාන නියමුවා නියමු කුටියෙන් පිටතට ගිය අවස්ථාවේදී යානය ක්ෂණිකව අඩි 38,000 මට්ටමේ සිට පහළට ගමන් කිරීම අරඹා තිබෙනවා. ඒ අවස්ථාවේදී සහාය ගුවන් නියමුවා නියමු කුටිය අගුළුලා ඇති අතර ප්‍රධාන නියමුවා කෑගසමින් නියමු කුටියේ දොරට තට්ටු කළද සහාය නියමුවා දොර විවෘත කර නැහැ. මේ සිදුවීම වන විට සහාය නියමුවා පියවි සිහියෙන් සිටි බවට තොරතුරු කළු පෙට්ටියේ පටිගත වූ සහාය නියමුවා හුස්ම ගන්නා ශබ්ද වලින් නිගමනය කර තිබෙනවා. ඒ අනුව මේ අනතුර පැහැදිලිවම හිතාමතා සිදුකළ අනතුරක් විය හැකි බවයි බළධාරීන් පවසන්නේ.",4 +"28 හැවිරිදි Andreas Lubitz නමින් හැඳින්වෙන සහාය නියමුවා 2013 වසරේදී ගුවන් නියමුවකු ලෙස Germanwings ගුවන් සේවයට එකතු වූ අයෙක්. 2008 වසරේ ගුවන් යානා පුහුණුවෙන් පසු ගුවන් සේවකයෙකු ලෙස සිය පළමු රැකියාව කළ ඔහු ඉතා කෙටි කලෙකින් සහාය නියමුවා බවට පත්විය. ගුවන් සහාය නියමුවාගේ අරමුණ ගුවන් යානය විනාශ කිරීම බව පැහැදිලිවම සනාථ වන කරුණු ඇතත්, ඔහු කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෙකු නොවන බව ද හෙළිව තිබෙනවා.",4 +ඇමරිකානු ගුවන් ගමන් නීති රීති අනුව නම් ගුවන් ගමනක් අතරතුර සෑම විටම ගුවන් නියමුවන් දෙදෙනාම නියමු කුටිය තුල සිටිය යුතු මුත් යුරෝපීය ගුවන් ගමන් නීති තුල එවැනි නීතියක් නොමැත. ඒ නිසාවෙන් බොහෝ යුරෝපීය ගුවන් ගමන් වලදී ප්‍රධාන ගුවන් නියමුවා නියමු කුටියෙන් පිටතයෑම සුලබ වන අතර මේ ගුවන් යානයේ ගුවන් නියමුවා එලෙස පිටතට ගිය අවස්ථාවේදී නියමු කුටිය අගුළු ලෑමට සහාය නියමුවා ක්‍රියාකර ඇත.,4 +මේ සිදුවීම ගුවන් ගමන් ඉතිහාසයේ මහා ඛේදවාචකයක් ලෙස සටහන් වනු ඇති අතර මීට පෙර අතුරුදන් වූ MH370 යානයේ ගුවන් නියමුවා ද මෙලෙස සියදිවි හානිකරගැනීම සඳහා සිය ගුවන් යානය ඉන්දියන් සාගර පතුලට රැගෙන යන්නට ඇතැයි ද මතයක් පවතී.,4 +"Facebook සමාගමේ අලුත්ම අංග හා සේවාවන් හඳුන්වා දෙන වාර්ෂික F8 සමුළුව ඊයේ දිනයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වුනා. ෆේස්බුක් ප්‍රධාන විධායක නිළිධාරී මාර්ක් සකර්බර්ග් සහ ඔහුගේ සහායකයින් මෙහිදී අපූරු නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දුන්නා. ඒ අතරින් අංශක 360ම ආවරණය වන ගෝලාකාර වීඩියෝ, මැසෙන්ජර් සේවාවට Third Party add-on එක්කරගත හැකි වීම හා ෆේස්බුක් වීඩියෝ පහසුවෙන් වෙබ් අඩවි වල embed කිරීමේ පහසුකම් කැපී පෙනුනා. පහතින් දැක්වෙන්නේ F8 හි විශේෂ අවස්ථා දැක්වෙන මිනිත්තු 2ක වීඩියෝ පටයකි.",4 +"LG සමාගමේ අලුත්ම ජංගම දුරකථනය ගැන අලුත්ම හෝඩුවාවක් ලැබී තිබෙනවා. ලබන අප්‍රේල් 28 වනදා පැවැත්වෙන විශේෂ උළෙලකදී සිය සමාගමේ අලුත්ම ජංගම දුරකථනය වන LG G4 එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වන විට නිව්යෝර්ක්, ලන්ඩන්, පැරිස්, සිංගප්පූර් වගේ රටවල පැවැත්වෙන උත්සවයට ආරාධනාපත් පවා නිකුත් කරලා. ඉහතින් දැක්වෙන්නේ ඒ ආරාධනා පත්‍රයයි.",4 +පසුගිය වසරේ මැයි මාසයේදී මේ වගේම ආරාධනාපතකින් ආරාධන කල උත්සවයේදී තමයි LG G3 ජංගම දුරකථනය එළිදැක්වුනේ. කෙසේ වෙතත් මේ ආරාධනා පත්‍රයේ දැක්වෙන ආකාරයට නම් නව G4 ජංගම දුරකථනයේ බාහිර පෙනුම බොහෝවිට ලෙදර් පෙනුමක් ගැනීවි යැයි සිතන්නට පුළුවන්. කෙසේ වෙතත් මීට පෙර අන්තර්ජාලයට අහම්බෙන් මුදාහැර තිබූ ඡායාරූප වලනම් LG G4 දුරකථනයේ පෙනුම G3 හි පෙනුමට ආසන්න පෙනුමක් ලෙසයි දකින්න ලැබුනේ.,4 +මේ තියෙන්නේ දැනට වාර්තාවෙලා තියෙන විදියට මේ ජංගම දුරකථනයේ Specs.,4 +"මේ කොහොම වුනත් අපිත් සූදානම් LG G3 වල වගේම LG G4 වල review එකක් හැකි ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්න. එ් වෙනකම් අපි මීට කළින් review කළ OnePlus One, iPhone 6, LG G3 වගේ ජංගම දුරකථන වල review සියල්ලම මෙතනින් බලන්න පුළුවන්.",4 +මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමේ උත්සවයක් පසුගිය දා පැවැත්වුනා. මීට පෙර මයික්‍රොසොෆ්ට් හි ප්‍රධාන විධායක නිළධාරීවරයා වූ Steve Ballmer ගෙන් පසුව පත්වූ නව ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Satya Nadella ගේයටතේ මයික්‍රො‍සොෆ්ට් සමාගමේ සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ අනාගතය පිළිබඳව බොහෝ දේ දැනගන්නට ලැබුනා.,4 +"සාමාන්‍යයෙන් වින්ඩෝස් හඳුන්වා දීමේ උළෙල, Google හෝ Apple උළෙල තරම් මාධ්‍ය අවධානයට ලක් වන්නේ නැහැ. නමුත් මේ උළෙල බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ පෙරළිකාර නව මෙහෙයුම් පද්ධතිය වන Windows 10 හා මයික්‍රොසොෆ්ට් සමාගම උළෙලේ දී හඳුන්වා දුන් පෙරළිකාර නිෂ්පාදන හා සේවාවන් නිසයි. පහතින් දැක්වෙන්නේ ඒ අතරින් කිහිපයක්.",4 +HoloLens,4 +"Holographic කියන්නේ තාත්වික ලෝකය මතට අතාත්වික (Virtual) වස්තූන් ප්‍රක්ෂේපණය කරන ආකාරයක් කියලා හඳුන්වන්න පුළුවන්. සිනමා පට වලදී නම් ඔබ මේ වගේ දේවල් දැකලා ඇති. ඉතින් මේ වගේ Virtual දේවල් මවා පෙන්වන්නටත්, ඒවා සමඟ ඔබේ අංග හරහා අන්තර් ක්‍රියා කරන්නටත් හැකියාව ඇති අපූරු උපැස් යුවල් හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට් සමාගමට හැකියාව ලැබුනා. Google සමාගමේ Google Glassට වඩා දියුණු ආකාරයකට අවට පරිසරයේ ඇති දේවල් පිළිබඳව සංවේදක හරහා අවබෝධයක් ලබාගැනීමටත් ඒවා මතට හෝ ඒවා සමඟ අන්තර්ක්‍රියා කළ හැකි ආකරයකට Virtual දේවල් මවා පෙන්වීමට මේ HoloLens උපැස් යුවල සමත්.",4 +"ඒ වගේම HoloStudio නමින් හඳුන්වා දෙන මෘදුකාංගයක් හරහා Virtual Objects තැනීමටත්, ඒවා විවිධ වෙනස්කම් වලට ලක්කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම HoloLens හඳුන්වා දීමේ උළෙලේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ නියෝජිතවරියක් HoloLens හා HoloStudio යොදාගනිමින් සිදුකළ අපූරු නිරූපනය බොහෝ දෙනාගේ සිත්ගත් අංගයක් වුනා. කෙසේ නමුත් HoloLens හි මිල හෝ වෙළඳප���ට නිකුත් වන දිනයක් පිළිබඳව කිසිදු අදහසක් දැනට පළ කර නැහැ. අවසානයේ වින්ඩොස් 10 හඳුන්වා දීමට පැවැත්වූ උත්සවයේ විශිෂ්ඨතම හඳුන්වා දීම බවට පත් වුනේ HoloLens බව කවුරුත් පිළිගන්නා දෙයක්.",4 +Windows 10 නොමිලයේ,4 +"සමාගම තමන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය පැරණි මෙහෙයුම් පද්ධති භාවිත කරන අයට හැකි තරම් අඩු මිලකට ලබා දීමට සූදානම් වන බවක් පෙනී ගියා. ඒ අනුව Windows 10 නිකුත් කිරීමෙන් පසුව පළමු වසර තුලදී දැනට වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 හා Windows Phone 8.1 මෙහෙයුම් පද්ධති භාවිත බව උපකරණ සඳහා නොමිලේ ලබා දෙනු ඇත.",4 +"කෙසේ වෙතත් තවමත් මොන ආකාරයකට මේ නොමිලයේ ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත්දැයි පැහැදිලි නැති වුවත්, විශේෂයෙන්ම වින්ඩෝස් 7 ධාවනය වන පැරණි පරිගණක සඳහා යම් විදියක දෘඩාංග පිළිබඳව සීමා ඇති විය හැකි බවයි අපගේ මතය. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න.",4 +වඩා දියුණු වූ සහායිකාව – Cortana,4 +Cortana (කෝටානා) ඔබට මතක ඇති නේද? iOS හි Siri වගේ Android හි Google Now වගේ ඔබේ වින්ඩෝස් ජංගම දුරකථනයේ සහායිකාව වුනේ Cortana යි. මේ නව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් සමඟ කෝටානාත් අලුත් වෙලා. ඒ වගේම මෙතෙක් කලක් ජංගම දුරකථනයට (Windows Phone) පමණක් සීමා වූ ඇය දැන් Windows 10 මෙහෙයම් පද්ධතිය සමඟ ඔබේ පරිගණකයටත් ඇවිත්.,4 +ඒ වගේම ඇයගේ හැකියාවත් විශාල වශයෙන් දියුණු කිරීමටත් බුද්ධිමත්ව සිතා පිළිතුරු දීමටත් හැකියාව ඇයට ලැබිලා. ඔබ කටහඬින් කරන පුංචි විධානයන් හරහා ඔබේ OneDrive හි දත්ත පිරික්සා අවශ්‍ය තොරතරු ක්ෂණිකව ලබාදීමටත් ඇයට හැකියාව තිබෙනවා. ඒ වගේම ඇය දැන් පෙරටත් වඩා ඔබේ පුද්ගලික තොරතුරු වලට අනුකූලව තොරතුරු සපයන නිසා වඩාත් සමීප බවක් දෙනෙනු ඇති බවයි මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කරන්නේ.,4 +නවතම වෙබ් බ්‍රව්සරය – Spartan,4 +Internet Explorer එහෙමත් නැත්නම් වින්ඩෝස් හි වෙබ් බ්‍රවුසරය භාවිත කරන පිරිස සීග්‍රයෙන් අඩුවී ගියේ පසුගිය කාලයේ දී Google Chrome හා Firefox වෙබ් බ්‍රව්සර වල ආගමනයත් සමඟයි. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් තවමත් ප්‍රචලිතම වෙබ් බ්‍රව්සරය ලෙස සමහරක් වාර්ථා තවමත් පෙන්වූවත් වැඩි වශයෙන්ම භාවිත කරන බ්‍රවුසරය ලෙස Chrome ප්‍රචලිත වීමත් සමඟ IE කෙමෙන් භාවිතයෙන් ඉවත් වුනා. දැන් නම් IE භාවිත කරන්නේ බොහෝ දෙනෙක් වෙනත් බ්‍රවුසරයක් download කරගන්න පමණක් වන තරමට භාවිතය අවම වෙලා.,4 +ඉතින් මේ පරාජයට පත්වූ බ්‍රවුසරය වෙනුවට අලුත් බ්‍රවුසරයක් ගෙන එන්නට මයික්‍රො සොෆ්ට් සමාගම තීරණය කරලා. එය හැඳින්වෙන්නේ Project Spartan නමි��්. වින්ඩෝස් 10 නව මෙහෙයුම් පද්ධතියත් සමඟ නිකුත් වන නව බ්‍රව්සරයේ අලුතින් rendering engine එකක් සහිත නිසා වඩා වේගවත් හා වඩා නිවැරදිව වෙබ් අඩවි පෙන්වීමේ හැකියාව Spartan හට ඇති බව මයික්‍රොසොෆ්ට් පවසනවා. ඒ වගේම Cortana සමඟ ඒකාබද්ධව ක්‍රියාකරමින් ක්‍රියා කළ හැකි මෙන්ම ජංගම දුරකථන සඳහාත් පහසුවෙන් ක්‍රියාකළ හැකියි.,4 +මීට අමතරව තවත් බොහෝමයක් features මෙහි අන්තර්ගත වන අතර පෙනුම සරල නිසා සහ භාවිතයට පහසු නිසා බ්‍රවුසර යුද්ධයට වඩා හොඳ තරඟකාරයෙක් ලෙස ඉදිරිපත් වීමට Spartan ට හැකි වේවි යැයි සිතමු.,4 +Windows 10 මෙහෙයුම් පද්ධතිය එළිදැක්වීමේ උළෙලේ විශේෂ අවස්ථා දැක්වෙන මිනිත්තු 8ක වීඩියෝව,4 +"මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය Windows 10 හඳුන්වා දීමේ උත්සවයක් ඊයේ දිනයේදී පැවැත්වුණා. එම සමාගම තමන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය පැරණි මෙහෙයුම් පද්ධති භාවිත කරන අයට හැකි තරම් අඩු මිලකට ලබා දීමට සූදානම් වන බවක් පෙනී ගියා. ඒ අනුව Windows 10 නිකුත් කිරීමෙන් පසුව පළමු වසර තුලදී දැනට වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 හා Windows Phone 8.1 මෙහෙයුම් පද්ධති භාවිත බව උපකරණ සඳහා නොමිලේ ලබා දෙනු ඇත.",4 +"කෙසේ වෙතත් තවමත් මොන ආකාරයකට මේ නොමිලයේ ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත්දැයි පැහැදිලි නැති වුවත්, විශේෂයෙන්ම වින්ඩෝස් 7 ධාවනය වන පැරණි පරිගණක සඳහා යම් විදියක දෘඩාංග පිළිබඳව සීමා ඇති විය හැකි බවයි අපගේ මතය.",4 +"මීට පෙර පැවති මෙහෙයුම් පද්ධති සංස්කරණ සඳහා එක් එක් මෙහෙයුම් පද්ධතියට වෙන වෙනම මුදල් ගෙවා මිලදී ගැනීමට සිදු වූවත් වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතියට පසුව නිකුත් කළ වින්ඩොස් 8.1 අනු සංස්කරණය නොමිලයේ ලබා දෙමින් මයික්‍රොෙසාෆ්ට් සමාගම සිය නව සේවා විලාශය ආරම්භ කලා. ඒ අනුව මින් මතුවට වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය සේවාවක් ලෙස ලබා දෙනු ඇත. ඔබ වරක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මිලදී ගත් පසු ඉදිරි මෙහෙයුම් පද්ධති සංස්කරණ වලටත්, විවිද යාවත්කාලීනයන් සඳහාත් ඔබ සුදුසුකම් ලබනු ඇත. කෙසේ නමුත් මේ සේවාවන් සඳහා දෘඩාංග වල තත්වය, පරිගණකයේ සේවා සපයන කාල සීමාව වැනි විවිධ සීමා මායිම් බලපානු ඇති බවයි පැවසෙන්නේ.",4 +හැබැයි අමතක කරන්න එපා ඔබ නීත්‍යානුකූල නොවන විදියට (Torrents හෝ Cracks මඟින්) ලබාගත් වින්ඩෝස් සඳහා මේ වගේ වාසි ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒක ඔබේ පරිගණකයේ හා ඔබේ වටිනා දත්ත වල ආරක්ෂාවටත් තර්ජණයක්.,4 +2014 වසර මෙතෙක් වාර්තා වූ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය වර්තාවූ වසර වූ බව NASA ආයතනය පසුගිය දා මාධ්‍ය වෙත හෙළිකලා. National Oceanic and Atmospheric Administration හා නාසා ආයතනය සතුවූ වසර 135 ක දත්ත විශ්ලේෂණයෙනුයි මේ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.,4 +ඒ අනුව පසුගිය වසරේ භූමි උෂ්ණත්වය හා සාගර උෂ්ණත්වය ඒකාබද්ධ මධ්‍යන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 58.24 ක් ( සෙල්සියස් අංශක 14.58 ක් ) වන බවත් මේ අගය 20 වන සියවසේ වාර්තා වූ උෂ්ණත්වයට වඩා ෆැරන්හයිට් 1.03 ක් පමණ ඉහළ අගයක්. ඒ වගේම භූමි උෂ්ණත්වයේ සාමාන්‍ය අගය පහුගිය සියවසට වඩා ෆැරන්හයිට් 1.80 ක් ඉහළ අතර සාගර උෂ්ණත්වයේ සාමාන්‍ය අගය ෆැරන්හයිට් 1.03 ක් ඉහළ ගොස් ඇත. භූමි උෂ්ණත්වය පමණක් සැලකූ විට පසුගිය වසර ඉතිහාසයේ සිව් වැනි ඉහළම උෂ්ණත්වය වුවත් සාගර උෂ්ණත්වය ඉතිහාසයේ ඉහළම උෂ්ණත්වය වාර්ථා වූ වසර 2014 වසර බැවින් සමස්ථ අගය සැලකූ විට 2014 වසර උෂ්ණාධිකම වසර බවට පත්වේ.,4 +ඒ වගේම උෂ්ණාධිකම වසර අතරින් මුල් 10ම වාර්ථා වන්නේ 1998 වසරට පසුව වීමත් විශේෂත්වයක්. මේ අනුව බලන කළ ගෝලීය උෂ්ණත්වය කෙමෙන් කෙමෙන් ඉහළ යන බව ඉතාමත් පැහැදිලියි.,4 +"හරිතාගාර වායුව සීග්‍රයෙන් වායුගෝලයට එකතු වීම අතිනුත්, කාබන් ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය ඉහළ යාම අතිනුත් පසුගිය වසර කිහිපය වාර්තා පිට වාර්තා තැබූ වසර වනවා. 2013 වසරේ මැයි මාසයේ දී කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මිලියනයට කොටස් (parts per million) 400 අගය පසුකළ අතර එය වසර 800 000කින් වාර්තා වූ වැඩිම අගයයි. CO2 සාන්ද්‍රණය සාමාන්‍යයෙන් වසර පුරා ඉහළ පහළ ගියත්, 2014 වසරේ මාස කිහිපයක්ම මිලියනයට කොටස් 400 (ppm – parts per million) අගය ඉක්මවා තිබෙනවා. දැනට පවතින කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ආසන්න කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් වාර්ථා වන සමයේ පරිසර උෂ්ණත්වය මීට වඩා ෆැරන්හයිට් 11ක් පමණ වැඩි අතර මුහුදු මට්ටමත් මීට වඩා අඩි ගණනක් ඉහළ බවයි වාර්තා වන්නේ.",4 +1880 වසරේ සිට 2014 වසර දක්වා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම දැක්වෙන NASA ආයතනය විසින් නිකුත් කළ වීඩියෝ ව.,4 +"ලොව අංක එකේ startup ව්‍යාපාරය මොකක්ද කියලා දන්නවද? ඒ තමයි Xiaomi. චීන ජංගම දුරකථන සමාගමක් වන මේ සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 43ක් පමණ වනවා.(රුපියල් කෝටි 565700) අති විශාල චීන ජංගම දුරකතන වෙළඳපල ආක්‍රමණය කරමින් කෙමෙන් වෙනත් ආසියානු රටවල් වලටත් ව්‍යාප්ත වෙමින් පවතින මේ ව්‍යාපාරය මේ වන විට පෙරළිකාර නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා. Redmi 2 ජංගම දුරකථනයත්, ස්මාර්ට් වායු සමීකරණයක්, ස්මාර්ට් විදුලි බුබුළක් වගේම තවත් පෙරළිකාර නි���්මාණ කිහිපයක් නිසාම මේ සමාගම ඉතාමත් කෙටි කාලයකින් සීග්‍ර දියුණුවක් අත්කරගැනීමට සමත් වුනා.",4 +කෙසේ නමුත් Xiaomi විසින් නිකුත් කළ ජංගම දුරකථන කිහිපයක්ම iPhone වැනි ප්‍රධාන ජංගම දුරකථන අනුකරණය කරමින් නිෂ්පාදනය කළ නිසා නොයෙකුත් නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදු වුනා. කෙසේ වෙතත් එම සමාගමේ අලුත්ම ජංගම දුරකථන ද්විත්වය වන Mi Note හා Mi Note Pro සාර්ථකව එළිදැක්වීමට පසුගිය දා එම සමාගමට හැකි වුණා. තරමක් විශාල iPhone 6 Plus ජංගම දුරකථනයේ ප්‍රමාණයටම වගේ නිපදවා ඇති මේ නව ජංගම දුරකථනය ඉලක්ක කර ඇත්තේ චීනය තුල iPhone භාවිත කරන පාරිභෝගිකයින් කොට්ඨාශයයි. නමුත් මේ නව දුරකථන iPhone අනුකරණය කරමින් කළ නිෂ්පාදනයක් නොවේ.,4 +අඟල් 5.7ක තිරයක් ඇති මේ Mi Note ජංගම දුරකථනයේ මනා පෙනුම නිසාම එය ක්ෂණිකව සිත් ඇදගන්නා සුළු ජංගම දුරකථනයක් ලෙස හඳුන්වන්න පුළුවනි. ඇපල් iPhone 6 Plus දුරකථනයට වඩා තරමක් සිහින් වීමත් බරින් අඩු වීමත් විශේෂයි. දුරකථනයේ බඳේ වැඩි කොටසක් Gorilla Glass 3 වලින් ආවරණය කර ඇති අතර මධ්‍යය විශේෂ ඇලුමිනියම් වර්ගයකින් නිමවා ඇත.,4 +"ඒ වගේම විශේෂයෙන්ම කිව යුතු දෙයක් වන්නේ මේ දුරකථන ද්විත්වය Android Lollipop මෙහෙයුම් පද්ධතිය මතයි ධාවනය වන්නේ. Xiaomi වැනි කුඩා ජංගම දුරකථන සමාගම් නිසාවෙන් මේ වන තෙක් ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ ආධිපත්‍යය පතුරුවා සිටි Smasung සමාගමේ පසුගිය වසරේ ලාබය 40% කින් පමණ අඩු වී ඇත. සාපේක්ෂව අඩු මිලට හොඳ තත්වයේ ජංගම දුරකථන විසඳුම් ලොවට හඳුන්වා දීමට Xiaomi, OnePlus, Oppo වැනි සමාගම් වලට හැකි වීම පාරිභෝගකයින්ට සතුටු දායක පුවතක් වේවි.",4 +Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන දෝෂයක් හඳුනාගැනීමට Rafay Baloch හා Joe Vennix නම් පර්යේෂකයින් දෙපළක් සමත්ව සිටිනවා. Android 4.3 හා ඊට පහළ මෙහෙයුම් පද්ධති සංස්කරණයන් වල WebView නම් පහසුකම ආශ්‍රිතවයි මේ දෝෂය හඳුනාගෙන තිබෙන්නේ. WebView හරහා ඇන්ඩ්‍රොයිඩ් ඇප් වල සිටම වෙනත් වෙබ් අඩවි පිරික්සීමට හැකියාව ලැබෙන නමුත් මේ දෝෂය නිසා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය හැකර් ප්‍රහාරයකට නතුවීමේ අවධානමක් පවතින බවයි පැවසෙන්නේ.,4 +ඇන්ඩ්‍රොයිඩ් නව මෙහෙයුම් පද්ධති සංස්කරණ වන 4.4 (Kit Kat) හා 5.0 (Lollipop) සඳහා මේ දෝෂයේ බලපෑමක් නොමැති වුවත් දැනට 60%කට ආසන්න පිරිසක් භාවිත කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් 4.3 හෝ ඊට ප්‍රථම සංස්කරණ නිසා මේ දෝෂයේ බලපෑම බිලියනයකට ආසන්න පිරිසකට බලපානු ඇත. කෙසේ නමුත් මේ දෝෂය පිළිබඳව අදහස් දක්වමින් Google පවසා සිටින්නේ තම සමාගමට මේ දෝෂය නිරාකර��ය කිරීම අපහසු බවත් ඒ සඳහා ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතු යුතු බවත් ය. මන්ද යත් 4.3 හෝ ඊ්ට පෙර සංස්කරණ සඳහා Patches ලබාදීමට Google සමාගමට නොහැකි නිසායි.,4 +පැරණි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණය වල WebView අංගය මෙහෙයුම් පද්ධතිය සමඟ ඒකාබද්ධව කටයුතු කරන නමුත් නව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණ වල එය Play Store App සමඟ සම්බන්ධ කර ඇති නිසා පහසුවෙන් Google සමාගමට updates ලබාදිය හැකියි.,4 +ඉතින් මේ අවධානමෙන් මිදීමට නම් ඔබට හැකි ඉක්මනින් 4.4 හෝ 5.0 සංස්කරණ වලට update කර ගැනීමට සිදුවන බවයි Google සමාගම පවසන්නේ. කෙසේ නමුත් Samsung සමාගම හා LG සමාගම වැනි ප්‍රධාන සමාගම් මේ දෝෂය සඳහා පිළියම් හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැවසෙනවා.,4 +"සෑම වසරකම, ජාත්‍යන්තර CES උළෙල (Consumer Electronics Show) සමග නවීන තාක්ෂණික උපාංග වල දැවැන්ත රැල්ලක් දකින්නට පුළුවන්. මේ දැවැන්ත උළෙලේ දී එළඹෙන වසර තුලදී පාරිභෝගිකයින් භාවිත කරන තාක්ෂණික උපකරණ අතරට අලුතින් බොහෝමයක් උපකරණ එළිදැක්වෙනවා. CES 2015 එසේමයි.",4 +"මෙහීදි වැඩි අවධානයක් දිනාගන්නට හැකිවුනේ UHD TV යන්ත්‍ර සහ රියැදුරෙකු රහිතව ධාවනය වන මෝටර් රථ වලටයි. මීට අමතරව තනි පුද්ගල ප්‍රවාහන යන්ත්‍ර ගැනත්, Smart නිවෙස් උපකරණත් බොහෝ සෙයින් දකින්නට ලැබුනා. මීට පෙර CES වලදී පරිගණක තිර වලට අදාලව අලුතින් නිෂ්පාදන හඳුන්වාදීම තරමක් අඩු වුනත් මේ වසරේ වක්‍ර තිර හා 4K තිර සහිත පරිගණක මොනිටර බහුලව එළිදැක්වුනා.",4 +"එසේම තුනී ටැබ්ලට් පරිගණකත්, අධි වේගයෙන් බැටරි ආරෝපණය කළ හැකි චාජර වගේම ජංගම දුරකථන කිහිපයකුත් මෙහිදී එළි දැක්වුනා. කෙසේ නමුත් මෙවර ජංගම දුරකථන සඳහා වැඩි අවධානයක් CES හීදි යොමුවෙලා නැහැ. ඒ ඒ ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් සිය ජංගම දුරකථන එළිදැක්වීම සඳහා වෙන වෙනම උත්සව සංවිධානය කිරීම එයට හේතුවන්නට පුළුවන්.",4 +මෙවර 140000කට අධික පිරිසක් සහභාගී වූ CES හීදී නව තාක්ෂණික නිර්මාණ 20000කට අධික ප්‍රමාණයක් එළිදැක්වුනා. මේ දැක්වෙන්නේ CES හීදී එළිදැක්වුනු තාක්ෂණික මෙවලම් අතරින් හොඳම තාක්ෂණික නිර්මාණ ලෙස Mashable වෙබ් අඩවිය තෝරා පළකල නිෂ්පාදනයි.,4 +අවුරුදු 5ක් වගේ පුංචි වයසක ළමයෙක් වෘත්තීය මට්ටමේ සහතිකයක් ලබාගන්නවා කියන එක තරමක පුදුම හිතෙන කථාවක්. මේ කථාව අපිට අහෙන්නේ පකිස්ථානයෙන්. ලෝක ප්‍රකට Microsoft සමාගම විසින් පවත්වනු ලබන Microsoft Computer Specialist විභාගයෙන් සමත්වී මයික්‍රසොෆ්ට් විභාගයකින් ජ�� ලබා වෘත්තීමය සුදුසුකම් ලබාගත් ලාබාලතමයා වීමට පකිස්ථාන ජාතික Ayan Qureshi සමත්ව තිබෙනවා. විභාගය සමත් වන විට ඔහුගේ වයස අවුරුදු 5කුත් මාස 11ක්. මේ විභාගයට Ayan සමඟ වැඩිමහල් අයත් මුහුණදුන් අතර Ayan විභාගයට පිළිතුරු සපයා අවසන් කළේ වෙලාව ඉතුරුව තිබියදීයි.,4 +Ayan ගේ පියා විසින් ඔහුට පරිගණකයක් ලබා දී තිබුනේ ඔහු අවුරුදු 3ක තරම් කුඩා අවධියේදී යි. මේ වන විට Ayan ට තමන්ගේම කියලා පරිගණක පර්යේෂණාගාරයක් තිබෙනවා. ඔහුගේ පියා පවසන්නේ තම පුතුට බුද්ධිය වැඩිවීම සදහා කුඩා කල සිටම පරිගණක ක්‍රම ලේඛන භාෂා ඉගෙන ගැනීම සදහා තමන් මාර්ගෝපදේශකත්වය ලබාදුන් බවයි. තම දරුවාගේ මතක ශක්තිය අනෙක් දරුවන්ට සාපේක්ෂව වැඩි බවත් එම නිසා ඉක්මනින්ම ඉගෙන ගත් බවත් පවසනවා.,4 +Ayan Qureshi විසින් තමන් සකස් කරගත් පරිගණක විද්‍යාගාරයේ දිනකට පැය 2ක් පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබද හදාරනවා. ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ එක්සත් රාජධානිය පදනම් කරගත් පරිගණක තාක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමයි.,4 +සාමාන්‍යයන් මේ විභාගයට මුහුණ දෙන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ තාක්ෂණ ශිල්පීන් විසින්. ඒ අනුව මේ විභාගයට Ayan තවමත් ළදරුවෙක්. කෙසේ වුනත් Microsoft සමාගමට නම් වයස ප්‍රශ්ණයක් නෑ කියලයි සමාගමේ නියෝජිතයින් කියන්නේ.,4 +හිම කියන්නේ උෂ්ණාධික නගරයක් වන ඩුබායි වල සාමාන්‍යෙයන් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. සෙල්සියස් අංශක 40 ක සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති ඩුබායි හි අවම උෂ්ණත්වය සාමාන්‍යෙයන් සෙල්සියස් අංශක 13.8 ක පමණ අගයකයි පවතින්නේ. ඒත් දැන් දක්ෂ ගෘහ නිර්මාණශිල්පීන් කිහිපදෙනෙක් ඩුබායි නගරයේ එළිමහනේ “හිම“ නිර්මාණය කරන්නට සමත් වෙලා.,4 +The Heart of Europe (THOE) නම් වන ඩුබායි හි ප්‍රථම කෘතීම දූපත් සමූහයේ නිර්මාණකරුවන් විසිනුයි මේ අපූරු කර්තවයට අතගහලා තියෙන්නේ. මේ වසරේ මුලදී බාහිර පරිසරයට නිරාවරණය කර තැබිය හැකි හිම නිර්මාණයට මේ කණ්ඩායම වැඩ ආරම්භ කලා. මේ වන විට නත්තල පාදක කරගනිමින් හිම බබෙක් සාදා ප්‍රදර්ශණය කිරීමට මේ කණ්ඩායමට හැකි වෙලා.,4 +මෙලෙස නිර්මාණය කරන හිම භූගත නල මාර්ග මඟින් සිසිල් වන අතර හිම දියවීම සිදුවී මතුපිට රැස්වන ජලය යම ක්‍රියාවලියක් මඟින් නැවත හිම බවට පත් වනවා. ඒ වගේම සෙල්සියස් අංශක 27 වැනි උෂ්ණත්වයකදී පවා දියනොවී පැවතීමට මේ හිම වලට හැකියාව තිබෙනවා.,4 +මේ හිම නිර්මාණය කිරීම අනාගතයේදී නගර අංලකරණයටත් පාරිසරික උෂ්ණත්වය අඩුකිරීමටත් යොදාගන්නා බව THOE හි විධායක නිළධාරී Josef Kleindienst පැවසූවා.,4 +WhatsApp කියන්නේ ලොව අංක එකේ chat app එකක්. විවිධ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති රාශියක් සඳහා සහාය දැක්වූ WhatsApp මේ වන තෙක් ඔබේ පරිගණකය හරහා භාවිත කරන්නට හැකියාවක් තිබුනේ නැහැ. නමුත් අදින් පසුව ඔබට පහසුවෙන් වෙබ් බ්‍රවුසරය හරහා WhatsApp වෙත පිවිසිය හැක. ඒ සඳහා මෙම වෙබ් අඩවියට https://web.whatsapp.com ඔබේ Google Chrome වෙබ් බ්‍රව්සරයෙන් පිවිසෙන්න. එහිදී දකින්නට ලැබෙන QR code එක ඔබේ ජංගම දුරකථනයේ WhatsApp හරහා scan කර පහසුවෙන් WhatsApp පරිගණකයෙන් භාවිත කළ හැක. කෙසේ නමුත් iOS හි ඇති සමහර සීමා නිසා මේ ක්‍රමය ඇපල් පරිගණක සඳහා වලංගු නොවන බවයි WhatsApp වෙබ් අඩවියේ සඳහන් වන්නේ.,4 +"සාමාන්‍යයෙන් බහුතරයක් ජංගම දුරකතන පාවිච්චි කරන්නන්ට ජංගම දුරකථනයේ වර්ගය හෝ වර්ශන් එක වැදගත් නැහැ. විශේෂයෙන්ම ඇපල් දුරකථන භාවිත කරන අයට. ඒත් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වසරකට ජංගම දුරකථන මාදිලි රාශියක් එළිදක්වනවා. පහුගිය වසරේදී (2014) විශාල තිර සහිත, ජල ප්‍රතිරෝධී, ප්‍රබල කැමරා වගේම වක්‍ර තිර සහිත ස්මාර්ට් ෆෝන් පවා එළිදක්වනු ලැබුවා. සාමාන්‍ය භාවිතයට දුරකථන නිකුත් වුනා වගේම විවිධ අංග අතින් විශේෂිත ජංගම දුරකථන ගණනාවක් 2014 දී වෙළඳපලට නිකුත් වුනා. පහතින් දැක්වෙන්නේ 2014 වසරේදී නිකුත් වුණු දුරකථන අතරින් හොඳම ස්මාර්ට් ෆෝන් කිහිපයයි.",4 +සෝනි සමාගම කියන්නේ ජංගම දුරකථන ක්ෂේත්‍රය තුල හොඳ නමක් දිනා සිටින සමාගමක්. ජලය මඟින් සිදුවන හානි වලට ඔරොත්තු දෙන ජංගම දුරකථන හරහා වැඩි අවධානයක් දිනාගන්නට සමත්වුන් Sony සමාගම පසුගිය දා අපූරු වෙළඳ ප්‍රචාරණ ක්‍රමයක් අනුගමනය කලා. ඒ ඩුබායි මුහුදේ මීටර් 4ක් යටින් Sony Xperia Aquatech නමින් වෙළඳසැලක් විවෘත කරමිනි.,4 +ඒ අනුව මින් පසුව මේ නව වෙළඳ සැලේදී ජලයට ඔරොත්තු දෙන සෝනි ජංගම දුරකථන අලෙවි කිරීමට සෝනි සමාගම කටයුතු යොදා තිබෙනවා. හැබැයි මේ අලෙවි සැලට ඇතුල්වීම අවසර ඇත්තේ බොහෝම සීමිත පිරිසකට පමණයි. ඒ අතර ප්‍රභූ අය මෙන්ම ජනප්‍රය අය ඇතුලත්. නමුත් මාධ්‍යවේදීන්ටත් මේ අපූරු වෙළඳසැල විවෘත කිරීමට නියමිතයි.,4 +ඒ කොහොම වුනත් එහි යාමට නම් දිය යට කිමිදීම සඳහා කිමිදුම් ඇඳුම් හැඳ වෙනම තටාකයක පුහුණු වීම වලින් පසුවයි මේ අපූරු වෙළඳසැලට ඇතුල්වීමට ඉඩ ලැබෙන්නේ.,4 +"Google Play හි ඇති මිලියනයකට අධික ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් අතරින් හොඳම ඒවා හොයාගන්න එක ලේසි පහසු කාර්යයක් නම් නෙවෙයි. ඉතින් ඒ නිසා ගූගල් විසින්ම 2014 වසරේ හො��ම ඇප්ස් ටික නම් කරලා දීලා තියෙනවා. ඔබේ එදිනෙදා කටයුතු පහසු කරගන්න, චිත්‍රපට බලන්න, අලුත් දේ ඉගෙන ගන්න, ව්‍යායාම කටයුතු පහසුකරන්න, පුවත් දැනගන්න වගේ කාරණා වලදී වැඩි දෙනෙකුට උදව් වෙන ගූගල් විසින්ම නිර්දේශ කරපු ඇප්ස් ලැයිස්තුවයි පහතින් දැක්වෙන්නේ.",4 +මේ ලැයිස්තුවට එන්න ඕන කියලා ඔයාලා හිතන ඇප්ස් තියෙනව් පහතින් තියෙන comment තීරුවේ ඒ ගැන සඳහන් කරන්නත් අමතක කරන්න එපා.,4 +පසුගිය වසරේ තුන්වන කාර්තුවේදී ලංකාවට ආනයනය කළ ජංගම දුරකථතන ප්‍රමාණය මිලියනයේ සීමාව ඉක්මවා ඇත. ඒ වගේම ස්මාර්ට් ජංගම දුරකථන ආනයන ප්‍රතිශතය 20%ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙලෙස ආනයනය කල ජංගම දුරකථන අතර 3G තාක්ෂණය සහිත ජංගම දුරකථන මිලියන 0.17 ක් පමණ ඇති බව CyberMedia සමීක්ෂණ වලින් හෙලිව ඇත. සියයට 22ක ප්‍රතිශතයක වැඩි බහුතරයක් හිමිකරගනිමින් තවමත් ජංගම දුරකථන නාම අතර ඉහළින්ම සිටින්නේ Nokia නාමයයි. එමෙන්ම පිලිවෙලින් Micormax සහ E-Tel සියයට 19 සහ සියයට 12 ක ප්‍රමාණයක් 2014 අවසන් කාර්තුවේ ආනයනය කර ඇත.,4 +"මේ සමීක්ෂණ වාර්තා අනුව ලාංකාව තුල ජංගම දුරකථන වෙළදපොල කාර්තුවෙන් කාර්තුවට 11%ක සීග්‍ර වර්ධනයක් පෙන්නුම කරන බවද, වාර්ෂිකව 43%ක වර්ධණයක් පෙන්නුම් කරයි. එම කාලපරිච්ඡේදය තුලදී ස්මාර්ට් ෆෝන් මිලියන 0.2 (ලක්ෂ 2) පමණ ආනයන කර ඇති බවත්, 20.6% ක ප්‍රතිශතයක් වාර්තා කරමින් Samsung වෙළද නාමය ඉහළින්ම සිටින බවත් එම සමීක්ෂණ වාර්තා වලින් වැඩිදුරටත් හෙළිවේ. ලංකාවේ ජංගම දුරකථන වෙළඳපල තුල දීර්ඝ කාලයක් සිටි E-Tel නාමය 17.7% ප්‍රතිශතයක් වාර්තා කරමින් දෙවන තැන සිටී.",4 +එ මෙන්ම ස්මාර්ට් නොවන සාමාන්‍ය ජංගම දුරකථන වෙළඳපලේ ඉහළින්ම සිටින Nokia වෙළඳ නාමය 25.7%ක වෙළඳපල ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර Micormax 20.1% ක වෙළඳපල ප්‍රතිශකයක් හිමිකරගෙන ඇත.,4 +"ඔබ දන්නවාද, තමන්ගේ ජීවිතය පවා අවධානමකට ලක්කරගනිමින් ලෝකයට නව නිර්මාණ බිහිකරන්නට පෙළඹුනු නව නිපැයුම්කරුවන් මේ ලෝකයේ සිටිනවා. අයිෆල් කුළුණෙන් බිමට පනින්නට, අන්තරායකාරී විකිරණ වලට නිරාවරණය වෙන්නට වගේ දේවල් වලට මේ අය බය වුනේ නැහැ. මේ පහතින් දැක්වෙන්නේ ඒ වගේ තමන්ගේම නිර්මාණ නිසා ජීවිතය පවා අහිමිකරගත් නව නිපැයුම්කරුවන් කිහිප දෙනෙක් ගැනයි.",4 +1. Henry Smolinski,4 +ඔහු ඉංජිනේරුවරයෙක්. ඒ වගේම ඔහු පියාඹන කාරයක නිර්මාණකරුවෙක්. Ford Pinto මෝටර් රථයකට Cessna Skymaster ගුවන් යානයක බඳ කොටස සම්බන්ධ කර නිර්මාණය කල AVE Mizar යානයේ නිර්මාතෘ ඔහුයි. නමුත් අවාසනාවකට ඔහු ගමන් ගත් AVE Mizar යානය අනතුරට ලක්වීමෙන් හෙන්රි සහ ඔහුගේ සහායකයා 1973 දී මියගියා.,4 +2. Franz Reichelt,4 +ඕස්ට්‍රේලියාවේ උපත ලද ප්‍රංශ නිමැවුම්කරුවෙකු වන ෆ්‍රාන්ස් සිය විවේක කාලය ගත කලේ පියාඹන පැරිෂුටයක් නිර්මාණය කිරීමටයි. ඇඳුමක් ලෙස ඇඳගෙන ඉහළ තැනක සිට පියාඹාගෙන එන්නට මේ අපූරු පැරිෂුටයට හැකියාව තියෙනවා. නමුත් අවාසනාවකට එම පැරිෂුටය අත්හදා බැලීම සඳහා අයිෆල් කුළුනේ සිට බිමට පනින අවස්ථාවේදී පැරිෂුටය ක්‍රියාත්මක නොවීම නිසා ඔහු එතැනම මියගියා. 1912 වසරේ පෙබරවාරි මාසයේදී සිදුවූ මේ අනතුරේ වීඩියෝ පටයයි පහතින් දැක්වෙන්නේ.,4 +3. Horace Lawson Hunley,4 +ඇමරිකානු සිවිල් යුද්ධ සමයේදී ඔහු නාවුක ඉංජිනේරුවරයෙක්. ඔහු තමයි අතින් ක්‍රියාත්මක වන ප්‍රථම සබ්මැරීනයේ නිර්මාතෘ ඔහුයි. නමුත් 1863 සිය සබ්මැරීනය අනතුරට පත්වීමෙන් ඔහු ඇතුළු 7 දෙනෙක් වූ කාර්යමණ්ඩලය ජීවිතක්ෂයට පත්වුණා.,4 +4. Marie Curie,4 +මාරි කියුරි විකිරණ ශිල්පය පිළිබඳව පර්යේෂණ කල රසායන විද්‍යාඥවරියක්. පොලෝනියම් හා රේඩියම් යන මූලද්‍රව්‍ය සොයාගැනීම පිලිබඳවත් විකිරණශීලතාව පිළිබඳ මූලද්‍රව්‍ය හඳුන්වාදීම පිළිබඳවත් ඇයට ගෞරවය හිමිවනවා. කෙසේ වෙතත් 1934 දී විකිරණ ශරීරගත වීම නිසා ඇතිවන Aplastic Anemia නම් රෝගී තත්වය නිසා ඇය ජීවිතක්ෂයට පත්වුනා.,4 +5. Valerian Ivanovich Abakovsky,4 +අධිවේගී රේල් කාරය (Aerowagon) නිර්මාණය කල මොහු රුසියානු ජාතික නිපැයුම්කරුවෙක්. ගුවන් යානා එංජිමක් හා තටු සහිත මේ යානය සෝවියට් නිළධාරීන් රැගෙන යාම සඳහා භාවිත කල වේගවත් මෝටර් රථයක්. කෙසේ වෙතත් එම මෝටර් රථය පුපුරා යාමෙන් ඇබකොව්ස්කි ඇතුළු 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.,4 +මේ වගේ තවත් ඔබ දන්නා නවනිපැයුම්කරුවන් ඉන්නවා නම් ඒ ගැන comment section එකේ පළ කරන්න. ඒ වගේම තාක්ෂණික ලෝකයේ අලුත් අපූරු සිදුවීම් එසැනින් දැනගන්න අපේ ෆේස්බුක් පිටුව like කරන්නත් අමතක කරන්න එපා.,4 +ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය (FITIS) විසින් සංවිධානය කරනු ලබන INFOTEL ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණයේ මෙවර තේමාව වී ඇත්තේ “පැහැබර අනාගතයක්- A Smarter Tomorrow” යන්නයි. 1992 වසරේ සිට අඛණ්ඩව පැවැති මෙම ප්‍රදර්ශණය ලංකාවේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශණය වන අතර දකුණු ආසියාවේ ප්‍රමුඛතම තාක්ෂණික ප්‍රදර්ශනයකි. INFOTEL 2014 ප්‍රදර්ශණය මෙවර පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 24 සිට 26 දක්වා BMICH හීදීයි.,4 +"මෙවර ප්‍රදර්ශණ කුටි 200කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති බවත්, ඊට අමතරව පරිගණක ක්‍රීඩා, රාජ්‍ය හා පුද්���ලික අංශයේ තොරතුරු තාක්ෂණය භාවිත වන අන්දම හා තොරතුරු තාක්ෂණ ඉතිහාසය කියැවෙන තොරතුරු තාක්ෂණ කෞතුකාගාරයක්ද සූදානම් කර ඇති බව INFOTEL 2014 ප්‍රදර්ශණ සංවිධායක කමිටුවේ සභාපති ඩෙරික් ෆර්නැන්ඩස් මහතා පවසා සිටියා.",4 +"ඒ වගේම මේ ප්‍රදර්ශණයේ ජාතික හවුල්කරු ලෙස ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) සම්බන්ධ වන බවත්, ලාංකික පුරවැසියන් හට තාක්ෂණ ක්ෂේත්‍රෙය් නව ප්‍රවණතා හඳුන්වාදීමේ අවස්ථාවක් නිසා තම ආයතනය INFOTEL 2014 ප්‍රදර්ශණයට සහයෝගය ලබාදෙන බවත් ICTA ආයතනයේ මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ අතුල පුෂ්පකුමාර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියා.",4 +මෙවර ප්‍රදර්ශනයේදී දෙරණ මාධ්‍ය ජාලය හා TechGuru.lk වෙබ් අඩවිය විසින් විවිධ අධ්‍යාපනික හා විනෝදාත්මක අංග කිහිපයක්ම සංවිධානය කර ඇති නිසා අපගේ ප්‍රදර්ශණකුටියට පිවිසීමටත් අමතක කරන්න එපා !,4 +පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගැනීම ඔබේ මුදල් ඉතුරු කරන විසඳුමක් වෙන්න පුළුවන්. ඒත් ඒ එක්කම පුංචි අවධානම් කිහිපයකටත් ඔබට මුහුණදෙන්න සිදුවේවි. ඉතින් මම අද කියන්න යන්නේ මොනවද පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්න කලින් හිතන්න ඕන දේවල් කියලයි. ඒ වගේම ඔයාගේ පරණ ජංගම දුරකථනය විකුණන්න කලින් හිතන්න ඕන දේවල් ගැනත් අපි අද කතා කරමු.,4 +ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් සෑම වසරකම අලුතින් මාදිලි වෙළඳපලට නිකුත් කරනවා. ඉතින් මේ නිසා නිතැතින්ම බොහෝ දෙනෙක් අලුත්ම මාදිලිය මිලදීගන්නට නිතැතින්ම පෙළඹෙනවා. ඒත් අලුත්ම මාදිලිය මිලදීගන්නට අවශ්‍ය නොවන ඊට ටිකක් පරණ ජංගම දුරකථනයකින් සෑහීමට පත්වන අය බොහෝ පිරිසක් අපේ වගේ රටවල් වල ඉන්නවා.,4 +පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්නවා නම් ඔබ warranty එක ගැන හිතන්නේ බොහෝමත්ම සුළුවෙන්. ඒත් මාසෙක හරි වගකීමක් තියෙනවා නම් ඒක වටිනවා. මොකද ඒකෙන් ජංගම දුරකථනය පාවිච්චි කරපු කාලය ගැන හොඳ අදහසක් ඔබට ගන්නට පුළුවන්. ඒ වගේම ජංගම දුරකථනය හොඳ තත්වයේ තියෙනවා කියලත් හොඳ විශ්වාසයක් තබාගන්න පුළුවන්. හැබැයි මේ හැමදේටම කලින් ඔබ මිලදීගන්නා මුදලයි වැදගත් වන්නේ.,4 +නියම මිල ගැන දැනගන්න.,4 +"පාවිච්චි කල ජංගම දුරකථනයක් මිලදීගන්න ප්‍රධානම හේතුව වෙන්නේ සාක්කුවට ගැලපෙන මිලයි. ඉතින් හිතුමතේට මිලදීගන්නේ නැතුව ටිකක් මිල ගැන හොයලා බලන එක හොඳයි නේද? මොකද පාවිච්චි කරපු ජංගම දුරකථන වලට නිෂ්චිත මිලක් නැහැ. ඒ වගේම දුරකථනයේ තත්වය කාලය අනුවත් ම���ල වෙනස් වනවා. හැබැයි සාමාන්‍යෙයන් අලෙවි වන මිල ගැන දල අදහසක් ගන්නට ikman.lk, ebay.com, wow.lk වගේ වෙබ් අඩවියක පිහිට පතන්නට පුළුවන්. එහිදී ඔබට අවශ්‍ය දුරකථනය සාමාන්‍යෙයන් අලෙවි වන මුදල, කොයිතරම් ප්‍රමාණයක් විකිණීමට තිබෙනවාද කියලා දැනගන්න පුළුවන්. මං එහෙම කිව්වේ වැඩිය විකුණන්න නැති ජංගම දුරකථනයක් මිලදී ගන්න එක ටිකක් විතර අවධානම් විය හැකි නිසයි. ඒ විතරක් නෙවෙයි ඔබ සොයන ජංගම දුරකථනය බොහෝ දෙනෙක් මිලදීගෙන ටික කලකින්ම විකුණන්නට පෙළඹෙනවා නම් එය තරමක් අවධානම් සහිත තේරීමක් කියලා හිතන්න පුළුවන්.",4 +1. ඒ වගේම අමතක කරන්න එපා ඒ දුරකථනය Unlock එකක්ද කියලා හොයලා බලන්න. Ebay වගේ වෙබ් අඩවි වල නම් ඔබට වෙනම Unlocked ජංගම දුරකථන හොයාගන්න පුළුවන්. ඒත් Ikman හරි වෙනත් ලංකාවේ වෙබ් අඩවියක නම් බොහෝ විට ඔබට ඒ පිළිබඳව විමසා දැනගන්න වේවි. Ebay එකේ හොයනවා නම් Buy It Now මිල සහ Bid කරලා ගන්න කැමති මිල පටලගන්න එපා.,4 +2. සෑම විටම ඔබට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය ඇතුලත තියෙන ජංගම දුරකථන සොයන්න. එහෙම නැතුව අඩුත් නැති වැඩිත් නැති මිල ගැන බලන්න එපා. මොකද සියගණනක් ජංගම දුරකථන අතරින් අන්තිමට ඔබට මිලදීගන්නට වන්නේ ඔබේ අතේ තියෙන මුදලට ගැලපෙන ජංගම දුරකථනයක් නේ. එහෙම තෝරගත්ත ජංගම දුරකථන අතරින් හොඳම තත්වයේ ජංගම දුරකථනය සොයාගන්න එක තමයි වැදගත්ම දේ. ඒ සඳහා ජංගම දුරකථනය ගැන සඳහන් කරල තියෙන විස්තරය හොඳින් කියවන්න. ඒ වගේ විස්තරයක් නැති ජංගම දුරකථන අමතක කරලා දාන එක නුවණට හුරුයි. තවත් අමතර යමක් දැනගන්න තිබෙනවානම් එහි සඳහන් දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. ඇමතුමක් දෙන එකෙන් ඔබට වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙන දේවල් වල ඇත්ත නැත්තත් දැනගන්න පුළුවන්නේ.,4 +3. ඔබ මිලදීගන්න සූදානම් වල ජංගම දුරකථනයට සමාන specs තියෙන අලුත් ජංගම දුරකථන වල මිල ගැනත් හොයලා බලන එක වැදගත්.,4 +4. ජංගම දුරකථනය සමඟ ලබාදෙන අනෙකුත් අමතර උපාංග ගැනත් තොරතුරු විමසන්නත. එහෙමත් නැතිනම් අලුතින් උපාංගම මිලදී ගන්නට වැයකලයුතු මිල ගැනත් සොයාබලන්න. මොකද සාමාන්‍යයෙන් අමතර උපාංග වල මිල වෙනම මිලදීගන්න විට තරමක් වැඩියි.,4 +මීලදීගැනීමට සුදුසුම තැන,4 +කොහෙන්ද මිලදීගන්නේ කියන එකත් අවධානය යොමුකල යුතුම දෙයක්. විවිධාකාර විධි වල විවිධ වාසි අවාසි තියෙනවා. හොඳම විදිය නම් විකුණන කෙනා මුණගැහිලා ජංගම දුරකථනය පරීක්ෂා කරලා මිලදීගන්න එක. ඒත් අන්තර්ජලය හරහා මිලදීගන්න එකෙත් වාසි තිබෙනවා.,4 +Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා.,4 +"Facebook වගේ සමාජ ජාල වෙබ් අඩවි වල ජංගම දුරකථන පිළිබඳ කතා බහට ලක්වෙන Groups ඔබ අනන්තවත් දැකලා ඇති. ඉතින් මේ වගේ group එකක් හරහා ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. බොහෝ වෙලාවට නියම පුද්ගලයාගෙන්ම ඔබට මිලදීගන්නට පුළුවන් වීමත්, පහසුවෙන් කතාබහ කරලා තොරතුරු දැනගන්නට හැකියාව තිබීමත් නිසා මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක්. ඒත් සමහර අය පුද්ගලික තොරතුරු අනාවරණය වන නිසා සමාජ ජාල වෙබ් අඩවි හරහා ගණුදෙනු කරන්නට අකමැතියි.",4 +"Ikman.lk, Wow.lk හා HitAd.lk වැනිClassified වෙබ් අඩවි හරහා",4 +"මේ වගේ වෙබ් අඩවි වල විශේෂත්වය වෙන්නේ ඔබට විශාල ප්‍රමාණයක් භාණ්ඩ අතුරින් හොඳම දේ තෝරාගන්නට හැකියාව තිබීමයි. ඒ වගේම ඔබට ආසන්න ප්‍රදේශයකින් තෝරාගන්නට හැකි වීමත් විශේෂයි. හැබැයි කලින් කිව්වා වගේ පැහැදිලි ඡායාරූපයක් පළකර ඇති, ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු වැඩි ප්‍රමාණයක් ඇති දැන්වීම් වලින් පමණක් ජංගම දුරකථන තෝරාගැනීම වැදගත්. කොහොමහරි අන්තමට අතට අරන් බලලාම ජංගම දුරකථනය ගැන අවසන් තීරණයට එළඹෙනවා නම් හොඳයි. ඒ වගේම කොයිම වෙලාවකවත් නොදන්න අයගේ බැංකු ගිණුම් වලට එහෙම සල්ලි දාන්න යන්න එපා. ඒ විතරක් නෙවෙයි ජංගම දුරකථන බලන්න එක එක තැන් වලට යනවා නම් පරිස්සම් වෙන්න. ඒ නිසයි හොඳ විස්තරයක් තියෙන දුරකථන විතරක් බලන්න කියලා කිව්වේ. මොකද අන්තිමට නංගි පෙන්නල අක්කා දෙන තැනකට ගිහින් නිකං කාලේ නාස්ති කරගන්නේ මොකටද නේද? :)",4 +Ebay වැනි Online මිලදීගැනීමේ පහසුකම් ඇති වෙබ් අඩවි හරහා,4 +Ebay හරහා බොහෝම අඩු ගාණට ජංගම දුරකථන මිලදීගන්න පුළුවන්. හැබැයි ඉතින් අතට අරන් බලලා නෙවෙයිනේ සල්ලි ගෙවන්න වෙන්නේ. ඒ නිසා ටිකක් වැඩිපුර හොයලා බලන්න. හොඳ පැහැදිලි Top Sellers ලාගෙන් විතරක්ම ගන්නවන් හොඳයි. ඒ වගේම Return Policy එකක් තියෙන ජංගම දුරකථනයක් විතරක් මිලදී ගන්න. මොකද මොනම හේතුවකින් හරි ඔබට අවශ්‍ය දේ නෙවෙයිනම් ලැබිලා තියෙන්නේ ඒ ජංගම දුරකථනය නැවත හරහා යවන්නට අවස්ථාවක් තිබීම වැදගත්. Bid කරලා මිලදීගන්නවාට වඩා සඳහන් කරලා තියෙන මිලට මිලදීගන්න එකටයි පුද්ගලිකව මමනම් කැමති. Bid කරලා මිලදීගන්න හොඳයි ඒතරම් හොයාගන්න නැති ජංගම දුරකථන නම්. ඒත් ඕන ගානට ඕන තරම් තියෙන ජංගම දුරකථන වෙනුවෙන් මොකටද bid කරන්නේ.,4 +අවසන් මිල තීරණය කිරීම,4 +අමතක කරන්න එපා සාමාන්‍යෙයන් කෙනෙක් මිලක් තීරණය කරන්නේ ටිකක් වැඩිපුර තියලා. ඒ අවශ්‍ය වුනොත් ටිකක් අඩුකරන්න හ��තලා. ඉතින් කියනගානටම ගන්නේ නැතුව ටිකක් අඩු මිලකට ඉල්ලන එක වරදක් නැහැ. ඒ වගේම පින්තූර වලින් පෙනෙන විදියට නැත්නම් ඔබට මිල ගැන ඉල්ලීමක් කරන්න පුළුවන්. සාමාන්‍යන් ජංගම දුරකථනයේ පසුපස ආවාරණයේ හෝ දෙපස ආවරණයේ සීරීම් වලට වැඩි ගණනක් අඩු කරන්න ඉල්ලන එක අසාධාරණයි. හැබැයි තිරයේ සීරීම් තියෙනවානම් ලොකු ගණනක් අඩු කරන්නට ඉල්ලන්න ඔබට පුළුවන්.,4 +පාවිච්චි කල දුරකථනයක් පරීක්ෂා කිරීම.,4 +ඔබ ජංගම දුරකථනය පරික්ෂා කරන්න යන අවස්ථාවේ දේවල් කිහිපයක් යා යුතුයි.,4 +ඔබේම චාජර කේබලයක් ( නැත්නම් කෙනෙක්ගෙන් ඉල්ලාගෙන යන්න ),4 +ජංගම දුරකථන වර්ගයට ගැලපෙන SIM පතක්.,4 +Headphones,4 +microSD කාඩ් පතක්,4 +ලැප්ටොප් පරිගණයක්,4 +"මුලින්ම ජංගම දුරකථනය අතට අරගෙන හොඳින් පරීක්ෂා කරන්න. හදිස්සියේ check කරන්න යන්න එපා. දුරකථනයේ බඳේ ඇති සීරීම් නැවීම් ගැන පරීක්ෂා කරන්න. තැලීම් වගේ දකින්න තියෙනවා නම් හිතලා බලන්න ඒ වගේ තැල්මක් ඇතිවෙන්න පුළුවන් විදි ගැනත්. මොකද විශාල තැල්මක් ඇති වෙන්න සැලකිය යුතු තරමේ ඉහලක සිට දුරකථනය පහළට වැටෙන්න ඕන. ඒ වගේම කැමරාවේ කාචය, බාහිර වීදුරු ආවරණය ගැනත් සැලකිලිමත්වන්න. ජලයෙන් හානි සිදුවෙලාද කියලා දැනගන්න බැටරියට යටින් ඇති කුඩා සුදු පැහැ ස්ටිකරය රතු පැහැ වී ඇත්නම් එය ජලයෙන් හානි වූ ජංගම දුරකථනයක්. බැටරිය ඉවත්කරන්න බැරි ජංගම දුරකථනයක් නම් සිම්පතට යටින් එය දැකගන්නට පුළුවන් වෙයි.",4 +සිම්පත ඇතුලත් කරන කවුළුව වගේම විවෘත වන චලනය වන අංග වැඩි අවධානයකින් සෝදිසි කරන්න. Headphone port එකට ඔබ රැගෙන ආ headphone එක යොදා check කරන්න. චාජර් කේබලයත් ඔබේ ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ කරලා පරීක්ෂා කරන්න. මේ පරීක්ෂා ඔබට ලබාදෙන අමතර උපාංග සමගත් පරීක්ෂා කරන්න.,4 +"සිම්පත ඇතුලත් කරන්න. Calls ගන්න. SMS යවන්න. ඔබ සාමාන්‍යෙයන් පිවිසෙන වෙබ් අඩවියකට පිවිසී බලන්න. සෑම ජංගම දුරකතනයකම විශේෂ කේතයක් භාවිතයෙන් Service මෙනුවට පිවිසීමට හැකියි. ඒ හරහා ඔබට ජංගම දුරකථනයේ විවිධ අංග වල ක්‍රියාකාරීත්වය දැනගන්න පුළුවන්. උදාහරනයක් විදියට Samsung Galaxy Note 3 ජංගම දුරකථනයේ *#0*# යෙදීමෙන් ඔබට LCD තිරය, තිරයේ ස්පර්ශ සංවේදී බව, සීපීකරය, කැමරාව, වයිබ්‍රේටරය හා අනෙකුත් සංවේදක වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න පුළුවන්.",4 +අපි මීට කලින් ලිපියක පාවිච්චි කල දුරකථන විකුණන්න කලින් සැලකිලිමත් විය යුතු ආකාරය ගැන කතා කලා මතක ඇති නේ. ඉතින් අද මේ කිව්වේ පාවිච්චි කල ජංගම දුරකථනයක�� මිලදී ගන්නට පෙර සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් විතරයි. මේ ලිපියට එකතුවෙන්න ඔබ කරුණු ඔයාලත් දන්නවා ඇති. එහෙනම් ඒවා පහතින් තියෙන comment box එකේ පළකරන්න.,4 +මේ ඔබට ඉහතින් පෙනෙන දර්ශණය SimCity පරිගණක ක්‍රීඩාවේ දර්ශණයක් කියලා ඔබට හිතෙන්න පුළුවන් වුනත් එය වැරදියි. එය Xbox 360 භාවිතයෙන් Minecraft පරිගණක ක්‍රීඩාවේ එක් පුද්ගලයෙකු විසින් වසර 2ක් තිස්සේ නිර්මාණය කරන ලද මහා නගරයක්. Titan City නමින් හඳුන්වන ලද මේ නගරය නිර්මාණය කරන්නට blocks මිලියන 4.5ක පමණ උපයෝගී කරගෙන තිබෙනවා.,4 +Duncan Parcells නම් වන මෙහි නිර්මාණකරුවා Xbox Live හි පෙනී සිටින්නේ ColonialPuppet නම් අනුවර්ත නාමයෙන්. කලා විෂය හදාරන ඔහුට පරිගණක නිර්මාණය කරනය සඳහා ඇත්තේ විශේෂ ඇල්මක්. මේ නගරය දිහා දුරින් ඉඳ නරඹන විටදීට වඩා තරමක් ලංකර බැලූ විට ඔබට පෙනේවී ඔහු කොයිතරම් අපූරු නිර්මාණකරුවෙක් ද කියලා.,4 +සාමාන්‍යෙයන් පරිගණකයෙන් Minecraft ක්‍රීඩාවේ යෙදෙනවාට වඩා Xbox 360 මඟින් එම ක්‍රීඩාවේ යෙදීම තරමක් අපහසුයි. නමුත් මුලදී ඔහු සතුව පරිගණයක් නොතිබූ නිසා Xbox 360 මඟින් ඔහුට මේ නිර්මාණය කිරීමට සිදුවෙලා.,4 +බැටරි ආයුකාලය සැලකිය යුතු මට්ටමක තිබෙන අතර විශාල අති පැහැදිලි තිරය දුරකථනයට අමතර වටිනාකමක් එක්කරයි.,4 +ජංගම දුරකථනය ඉක්මනින් රත්වීම අවාසියක්,4 +සෑම අතින්ම බලන විට මේ වසරේ එළිදැක්වූ සුපිරිම ජංගම දුරකථන අතර මුල් තැනක සිටින්නට LG G3 සමත් වෙනවා. ඒ වගේම එදිනෙදා භාවිතයේදී අවශ්‍ය වන සියළුම පහසුකම් සපයන්නට LG මේ දුරකථනය හරහා සමත් වෙලා. මීට ප්‍රථම නිෂ්පාදන වල තිබූ දෝෂයන් සියල්ලම නිරාකරණය කරගනිමින් අවසානයේදී සාර්ථක දුරකථනයක් එළිදැක්වීමට LG සමාගමට හැකියාව ලැබිලා.,4 +"LG කියන නම ඇහුවම ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් පාරිභෝගිකයින්ගෙන් නොලැබුන කාලයක් තිබුනා. ඒත් LG Optimus G ජංගම දුරකතනය හඳුන්වා දීමත් එක්ක නැවත Samsung, Apple, HTC වැනි ප්‍රබල සමාගම් එක්ක තරඟයට එක්වන්නට LG සමාගමට හැකි වුනා. ඒ වගේම ඉන් පසුව හඳුන්වාදුන් LG G2 ජංගම දුරකථනයත් එහි පෙනුම හා performances නිසාම ජනප්‍රියත්වයට පත්වුනා. ඒ විතරක් නෙවෙයි ඉන් පසුව පසුගිය වසරේදී හඳුන්වාදුන් LG G Flex ජංගම දුරකථනය ක්ෂේත්‍රෙය් පෙරළිකාර නිර්මාණයක් වුනා. වක්‍ර තිරයත් සිරීම් ඉබේ සුවවන තාක්ෂණයත් නිසා මේ දුරකථනය ජංගම දුරකථන වෙළඳපල තුල හොඳ නමක් දිනාගත්තා.",4 +මේ සියල්ලට අමතරව Google සමාගම සමඟ එක්කාසු වී LG විසින් නිර්මාණය කළ LG Nexus 5 දුරකථනයත් වෙළඳපල තුල සීග්‍රෙයන් අලෙවි වු��ා.ඉතින් අපි අද කතාකරන්නේ LG සමාගමේ අලුත්ම සුපිරි ජංගම දුරකථනය වන LG G3 ජංගම දුරකථනය පිළිබඳවයි.,4 +Hardware,4 +Tech Guru Episode 11 HD[14-18-12],4 +LG G3 ගැන කතා කරන බොහෝ දෙනෙක් කතා කරන්නේ එහි display එක ගැනයි. දීප්තිමත් මෙන්ම වැඩි resolution එකක් සහිත් තිරය ක්ෂණිකව කැපී පෙනෙනවා. ඒ වගේම තිරය ජංගම දුරකතනයේ වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි තිබීමත් නිසා තිරයට වැඩි අවධානයක් යොමු වනවා. සෑම අඟලකටම පික්සල් 538කට ආසන්න ප්‍රමාණයක් අසුරා තිබෙන නිසා වැඩි පැහැදිලි බවක් දකින්නට පුළුවන්. ඇපල් අලුතින් හඳුන්වා දුන් iPhone 6 හි පවා තිබෙන්නේ අඟලකට පික්සල් 400කට ආසන්න ප්‍රමාණයක් පමණයි. ඒ නිසා ඔබට කිසිසේත්ම පික්සල් වෙන්කර දැකගන්නට ලැබෙන්නේ නැති තරම්. ඒ විතරක් නෙවෙයි තිරයේ වර්ණ සංයෝජනය අතිනුත් LG G3 හි තිරය උසස් මට්ටමක තිබෙනවා.,4 +"කෙසේ නමුත් තිරය විශාල වීමත්, පික්සල් ප්‍රමාණය වැඩි විමත් නිසා යම් තරමකට එය බැටරි ආයුකාලය අඩුවීමට හේතුවක් වෙනවා. ඒ වගේම වැඩි වේලාවක් භාවිත කරන විට තිරයේ දීප්තිය යම් ප්‍රමාණයකට වඩා වැඩි කිරීමට නොහැකි අවස්ථාත් දැකගන්නට ලැබෙනවා. එසේ වන්නේ ජංගම දුරකථනය රත් වීම නිසයි. නමුත් එය සැලකිය යුතු තරමේ ගැටළුවක් නෙවෙයි.",4 +ඒ වගේම දැනට වෙළඳපලේ ඇති ජංගම දුරකථන වල තිර අතුරින් හොඳම තිරයක් මෙයට තිබුනත් එය තද අව්වේ භාවිතය සඳහා නම් සුදුසුම තිරය නෙවෙයි.මේ දුරකථනයේ තිරය ගැන ටිකකට අමතක කරොත් ඔබට දැකගන්න පුළුවන් වේවි LG G3 හි අනෙකුත් විශේෂතා ගැන.,4 +සිරස් අතට වක්‍ර වූ බඳ නිමවා ඇත්තේ අතට පහසු ආකාරයටයි. ඒ වගේම පසුපස ආවාරණයේ නිමාවත් උසස් තත්වයේ පෙනුමක් ජංගම දුරකථනයට එක් කිරීමට සමත්. එය බරින් අඩුයි. ඒත් ඒතරම්ම සැහැල්ලුත් නැහැ. ඒ වගේම පහසුවෙන් සාක්කුවේ දමන්නට හැකි තරම් සිහින් වගේම ටයිප් කිරීමට පහසු වන තරමට ඝනකමින්ද යුක්තයි.,4 +Tech Guru Episode 11 HD[14-21-57],4 +පසුපස කොටසේ ඇති keys මේ නව සංස්කරණයේදී තරමක් වෙනස් කර තිබෙන අතර එය දැන් වඩාත් අතට පහසු හා පහසුවෙන් click කර හැකි ආකාරයට නිමවා ඇත. ඒ වගේම පසුපස කොටස ඇඟිල්ලෙන් සංපර්ශ කර පහසුවෙන් keys සොයාගැනීමටත් දැන් ඔබට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් වෙනත් ජංගම දුරකථන වලට වඩා වෙනස් ආකාරයට keys තිබෙන නිසා ඔබේ අත්ලේ ජංගම දුරකථනය රඳවාගන්නා ආකාරයේ වෙනසක් දකින්නට පුළුවන්.,4 +"පිටුපස ඇති Volume Keys, shortcut keys ලෙසත් භාවිත කරන්නට පුළුවන්. ඒ අනුව ඉහල key එක එබීමෙන් ක්ෂණිකව Notes app එකටද, පහළ key එක එබීමෙන් කැමරාවටද ක්ෂණිකව පිවිසිය හැකිය��. කෙස් නමුත් ඒවා ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරන්නටනම් හැකියාවක් නැහැ.",4 +පසුපස ආවාරණය mat පෙනුමකින් යුක්ත නිසා එහි ඇඟිල් සළකුණු දකින්නට නොහැකි නමුත් පහසුවෙන් සීරීම් හා පළුඳු වීම් වලට ලක්විය හැකියි. LG G Flex හි ඉඹේ සීරීම් සුවවන තාක්ෂණය මේ නව සුපිරි ජංගම දුරකථනයට ඇතුලත් නොවීම අවාසියක්.,4 +ඒ වගේම පසුපස ප්ලාස්ටික් ආවරණය සහ වක්‍ර වූ බඳ නිසා පහසුවෙන් ලිස්සා යා හැකියි. එබැවින් ආරක්ෂාවට case එකක් භාවිත කරන්නට ඔබට සිදු වේවි. එහෙමත් නැත්නම් original පසුපස ආවරණය පහසුවෙන් ඉවත් කර වෙනත් ආවාරණක් මිලදී ගන්නට ඔබට හැකියාව තියෙනවා. පසුපස ආවරණය ප්ලාස්ටික් වලින් නිමවා තිබුනත් එහි පෙනුම නම් ලෝහ පෙනුමකි. පසුපස ආවරණය මෙන්ම බැටරියද පහසුවෙන් ඉවත් කල හැකි අතර MicroSD card එකක් හරහා මතක ධාරිතාවය ඉහළ නංවාගන්නටත් හැකියාව තිබෙනවා.,4 +Tech Guru Episode 11 HD[14-19-28],4 +බැටරි ආයුකාලය ගැන සලකන විටත් මේ දුරකථනයේ බැටරිය ගැන ප්‍රසංශා කළ හැකියි. 3000mA බැටරියකින් බල ගැන්වෙන මේ දුරකථකනයේ විශාල තිරය නිසා බැටරි ආයුකාලය අඩු වෙතැයි ඔබට සිතෙන්නට පුළුවන්. ඒත් සාමාන්‍ය භාවිතයේදී කිසිදු අපහසුවකින් තොරව දිනක කාලයක් සඳහා බැටරිය ප්‍රමාණයත්. Standby Time එකනම් විශිෂ්ඨයි. 100% බැටරියක් ඇතිව නිදාගෙන උදේට 99% බැටරි ආයුකාලයක් ඇතිව දවස ආරම්භ කරන්නට තරම් මේ බැටරිය ප්‍රමාණවත්. නමුත් වැඩි වේලාවක් භාවිත කරන විට රත් වීම නම් තරමක ගැටළුවක්.,4 +Qualcomm Snapdragon 801 ප්‍රොසෙසරය 2.5 GHz Quad Core ප්‍රො සෙසරයක්. ඒ වගේම RAM මතකය 2GB හෝ 3GB වනවා. 16GB හා 32GB සංස්කරණ වලින් මිලදී ගත හැකි මෙහි 16GB සංස්කරණයේ RAM මතකය 2GB ද 32GB සංස්කරණයේ RAM මතකය 3GB ද වනවා. මෙලෙස දැනට වෙළඳපලේ ඇති උසස්ම තත්වයේ specs ඇති නිසා මේ දුරකථනය performances අතින්ද උසස් දුරකථනයක්.,4 +Software,4 +Tech Guru Episode 11 HD[14-17-24],4 +"නව LG G3 දුරකථනයේ වැඩි පික්සල් ප්‍රමාණයක් ඇතුලත් වුවත් කිසිදු අපහසුවකින් තොර මෘදුකාංග ක්‍රියා කරවීමට මේ දුරකථනය සමත්. සාමාන්‍යයෙන් අනෙකුත් ජංගම දුරකථන වර්ග වලට වඩා LG හි software ඔබේ සිතැඟි පරිදි වෙනස් කරගැනීමට අවස්ථාව තිබෙනවා. ඒ අනුව ඔබට කැමති පරිදි Animations, Fonts හා Effects වෙනස් කරගැනීමට LG සහාය දක්වනවා. කොහොම වුනත් ඔබට එලෙස වෙනස්කරගැනීමට අවශ්‍යතාවයක් නම් ඇති වන එකක් නැහැ. මොකද මෙවර නව LG G3 ජංගම දුරකථනය හරහා භාවිතයට පහසු, අලංකාර user interface එකක් සපයන්නට LG සමාගමට හැකි වෙලා.",4 +"තිරය මත දෙවරක් ස්පර්ශ කිරීමෙන් පහසුවෙන් දුරකථනය unlock කරන්නටත්, ඔබේ දත්ත සඳහා වැඩි ආරක්ෂාවක් ල��ාදීමට, වෙනස් ආකාරයේ unlock කිරිමේ ආකාරත් දකින්නට පුළුවන්. Setting මෙනුව කියන්නේ සාමාන්‍යෙයන් බොහෝ දුරකථන වල අවුල් ජාලයක් ලෙස පෙනෙන තැනක්. ඒත් LG G3 හි භාවිතයට පහසු ලෙස බෙදා වෙන්කර ඇති Settings මෙනුව ඒ අතරින් කැපී පෙනෙනවා.",4 +Android මෙහෙයුම් පද්ධතියෙහි දකින්නට නොලැබෙන Cyanogenmod වැනි මෙහෙයුම් පද්ධතිවල පමණක් දකින්නට ඇති features කිහිපයක්මත් මෙහි දකින්නට පුළුවන්. ඒ අතරින් on screen keys අවශ්‍ය පරිදි වෙනස් කිරීමට හැකිවීම විශේෂයි. මේ on screen key වලට Notification Key එක ඇතුලත් කිරීමෙන් notification දැනගැනීමට ඔබට ජංගම දුරකථනයේ ඉහල කොටස ස්පර්ශ කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම එකවර කාර්යයන් දෙකක් කිරීමට හැකි නිසා විශාල තිරයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට ඔබට හැකිවේවි.,4 +Keyboard එක ගැන කතා කරන විටනම් LG සමාගමට ප්‍රසංසා කල හැකියි. සාමාන්‍යෙයන් Samsung ජංගම දුරකථන හා අනෙකුත් බොහෝමයක් ජංගම දුරකථන වල keyboard එක භාවිතයට අපහසුයි. නමුත් LG G3 හි Keyboard එකෙහි ප්‍රමාණය වෙනස් කල හැකි නිසා භාවිතයට වඩාත් පහසුයි. ඒ වගේම වේගයෙන් අකුරු හැසිරවීමටත් මේ දුරකථනය යෝග්‍යයි.,4 +මේ සියල්ලටම වඩා එකවර අවධානය යොමුවන්නේ නව වර්ණ එකතුවයි. ඇසට ප්‍රියමනාප වර්ණවත් නමුත් ලා පැහැ වර්ණ නිසා වැඩි වේලාවක් අපහසුවකින් තොරව ජංගම දුරකථනය භාවිත කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ජංගම දුරකථනයේ නවීන පෙනුම සඳහාත් එය ඉවහල් වනවා.,4 +මීට අමතරව පහුගිය LG G2 හි තිබූ අමුතු වැඩ කෑලි මේ දුරකථනයේත් දකින්නට පුළුවන්. ඒ අතරින් Windows ආකාරයට එහා මෙහා ගෙනයා හැකි Calculator හා Calendar app නම් සමහර විටෙක ප්‍රයෝජනවත්. Multitasking මෙනුවනම් තරමක් අපහැදැලියි. නමුත් ඔබට අවශ්‍ය ප්‍රමාණයට විශාල හෝ කුඩා කර සකසාගැනීමට හැකි වීමනම් අගනේයි.,4 +පහලින් ඉහළට swip කර පහසුවෙන් Google Now වෙත පිවිසිය හැකි අතර QMemo හා QVoice සඳහාත් පහසුවෙන් පිවිසිය හැකියි. පහසුවෙන් Notes සටහන් කරගැනීමට QMemo ප්‍රයේාජනවත් වුනත් QVoice නම් ඒ තරම් ප්‍රයෝජනවත් වන්නේ නැහැ. මන්ද වඩා නිවැරදි හා වේගවත් Google Now සඳහා පිවිසීම වඩාත් පහසු වීමයි. ඒ වගේමයි Smart Notice අංගය. LG සමාගම ඒ පිළිබඳව වැඩි ප්‍රසිද්ධියක් ලබාදුන්නත් ප්‍රායෝගිකව නම් කාලගුණ වාර්ථාව සපයනවාට අමතරව දෙයක් Smart Notice හරහා සිදුවන්නේ නැහැ.,4 +Popup එකක් ලෙස ලැබෙන SMS Notification එක සැබැවින්ම ප්‍රයෝජනවත්. SMS එක ලැබුන සැනින් පහසුවෙන් Reply කල හැකි නිසා ක්ෂණිකව ඔබ නිරතව සිටි කාර්යයට නැවත යොමුවන්නට පුළුවන්.,4 +Camera,4 +Tech Guru Episode 11 HD[14-22-19],4 +කැමරාව ගැන කතා කරන විට වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ඡායාරූප ලබාගත හැකි කැමරාවක් ලෙස LG G3 කැමරාව හඳුන්වන්න පුළුවන්. 13MP පසුපස කැමරාවක් හා 2.1MP ඉදිරිපස කැමරාවක් සහිත මෙහි Dual LED Flash එකක්ද ඇත.,4 +"ඒ වගේම කැමරාවේ UI එකත් බොහෝම සරලයි. ඕනම කෙනෙකෙුට පහසුවෙන් උසස් තත්වයේ ඡායාරූප ගැනීමට හැකි ආකාරයටයි LG කැමරාව සකසා ඇත්තේ. Manual වෙනස් කල හැකි controls නොමැති වුවත් පහසුවෙන් ඡායාරූපයේ resolution, වීඩියෝවේ ප්‍රමාණය, Image Stabilizer එක On/Off කිරීම පවා පහසුවෙන් සිදු කල හැකියි. ඒ වගේම ඉදිරිපස හා පහසුපස කැමරා 2න්ම එකවර ඡායාරූප ගැනීමට හැකියාව තිබෙනවා. Selfie සඳහාම විශේෂයෙන්ම නිර්මාණය කර ඇති විවිධ පහසුකම් කිහිපයක්මත් මේ කැමරාව සමඟ එක්කාසු කර තිබෙනවා. ඒ අතරින් හස්ත සංඥා මඟින් shutter එක පාලනය කල හැකි වීමත්, කටහඬ මඟින් ඡායාරූප ගැනීමට හැකි වීමත් විශේෂයි.",4 +"සාමාන්‍යෙයන් ජංගම දුරකථන කැමරා වල Auto Focus සඳහා Laser කිරණ භාවිත වන්නේ අඩුවෙන්. නමුත් මෙහි Laser Beam එක මඟින් ඡායාරූප ගන්නා වස්තුවට දුර මනින නිසා වඩා නිවැරදිව Focus කරන්නට මේ කැමරාව සමත්. ඒ වගේම වේගවත්ව focus වීමටත් එය හේතුවක් වනවා. දැනට තිබෙන ජංගම දුරකථන අතුරින් iPhone 6 හැරුණුකොට ඉක්මනින්ම focus වෙන කැමරාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. පිටුපස Volume Key එක මද වේලාවක් ඔබාගෙන සිටීමෙන් සෘජුවම කැමරාව වෙත පිවිසෙන්නට පුළුවන් වුනත්, ඒ සඳහා මද වේලාවක් ගතවෙනවා. ඒ වගේම ඔබ ගීත සඳහා සවන්දෙමින් සිටින විටනම් එය ක්‍රියාත්මක වන්නේ නැහැ.",4 +මේ LG G3 කැමරාවෙන් ලබාගන්නා ඡායාරූප උසස් තත්වයේ ඡායාරූප ලෙස සලකන්නට පුළුවන්. මනා වර්ණ සංයෝජනයකින් හා වඩා පැහැදිලි බවකින් යුතු ඡායාරූප ලබාගන්නට මේ කැමරාව සමත්. නමුත් අනෙක් සියළුම කැමරා මෙන්ම අඳුරේදී ලබාගන්නා ඡායාරූප නම් ඒ තරම් උසස් තත්වයේ නැහැ. එසේ වුනත් HDR ඡායාරූප සඳහා නම් මේ කැමරාව අනෙක් සියළුම කැමරා වලට වඩා යෝග්‍යයි. මන්ද HDR Mode යෙදු විට අඳුරේ ඇති දේට නොගැලෙපන අලෝකයක් එක් කරනවා වෙනුවට වඩා තාත්විකව තොරතුරු උකහා පෙන්වීමට මේ කැමරාව සමත්.,4 +මේ කැමරාවේ ඇති Optical Image Stabilizer Feature එක වීඩියෝ රූගත කිරීම සඳහාත් අඳාල වන අතර ඒ නිසා සෙලවීම් ගැස්සීම් මඟින් සිදුවන බලපෑම අඩු කරනවා. අඩු කරනවා කියන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයකින් අඩු කරනවා කියන එක මිස නැති කරනවා කියන එක නොවන බව මතක තබාගන්න. අඩු ආලෝකයේදී චලනය වන වස්තු වල යම් ප්‍රමාණයක tail එකක් දකින්නට පුළුවන්. ඒ වගේම අඩු ආලෝකයේ තිබෙන දීප්තිමත් වස්තූන් burn වීමත් මේ කැමරාවේ ඇති දෝෂයක්. කෙසේ නමුත් 4K ප්‍රමාණයේ වීඩියෝ ලබාගැනීමට හැකිවීම විශේෂත්වයක්.,4 +"කෙසේ නමුත් අනෙකුත් ජංගම දුරකථන කැමරා සමඟ සසඳන විටනම් මේ කැමරාව උසස් තත්වයේ කැමරාවක්. ඒත් අඩු ආලෝක තත්ව යටතේනම් අනෙක් කැමරා සමඟ සසඳන විට මේ කැමරාව ඒ තරම් හොඳ තත්වයේ නැහැ. නමුත් වඩා වේගයෙන් ඡායාරූප ගැනීමට හැකියාව තිබීමත්, විවිධ ආකාර ගණනාවකින් හොඳ තත්වයේ ඡායාරූප පහසුවෙන් ලබාගත හැකි නිසාත් LG G3 ජංගම දුරකථනයෙන් ඡායාරූප ගැනීම අපූරු අත්දැකීමක්. ඔබ ජංගම දුරකථන කැමරාවකින් වැඩ දාන්න කැමති කෙනෙක් නම් මේ දුරකථනකය ඔබට කදිම තේරීමක්.",4 +Performance,4 +Tech Guru Episode 11 HD[14-20-09],4 +Hardware අතින් උසස් නිසා පහසුවෙන් heavy games හා heavy apps run කරන්නට පුළුවන්. Games වලදී කිසිදු අවස්ථාවක හිරවීමක් දකින්නට ලැබුනේ නැහැ. ඒ වගේම LG customize කල android මෙහෙයුම් පද්ධතියට සිංහල භාෂාවත් ඇතුලත් කර ඇති නිසා apps හා වෙබ් පිටු වලදී හොඳින් සිංහල අකුරු දර්ශණය වනවා.,4 +"ඒ වගේම කිසිදු අපහසුවකින් තොරව apps කිහිපයක් වුවත් run කරන්න මේ දුරකථනයට හැකියාව තියෙනවා. පහසුවෙන්ම Full HD වීඩියෝ නැරඹී්මේ හැකියාව තිබෙනවා වගේම පසුපස කුඩා ස්පීකරයත් සාමාන්‍ය භාවිතය සඳහා ප්‍රමාණවත්. නමුත් එක් ස්පීකිරයක් තිබීමත්, එය කුඩා ස්පීකරයක් වීමත් තරමක අවාසියක්.",4 +Connectivity,4 +4G LTE සඳහා සහාය දක්වන දුරකථනයක් නිසා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් සඳහා කදිමයි. ඒ වගේම දුරකථන ඇමතුම් ලබාගැනීමේදී පැහැදිලි හඬක් ඇසිය හැකි නමුත් නිශ්ශබ්ද තැනක පුද්ගලික ඇමතුමක් ගැනීමට නම් ඔබට උපරිම ලෙස ශබ්ද පාලකය අඩු කරන්නට වේවි.,4 +Accessories,4 +Tech Guru Episode 11 HD[14-23-19],4 +"Accessories ගැන කතා කරන විට බොහෝදෙනෙකුගේ වැඩි අවධානයක් යොමුවුනේ මේ අපූරු වෘත්තාකාර හිඩැසක් ඇති case එකටයි. බොහෝවිට ජංගම දුරකථනය මිලදී ගන්නා විටම ලැබෙන මේ case එක original පසුපස ආවරණය ඉවත් කර සම්බන්ධ කල යුතුයි. මේ Case එක වැසූවිට ලැබෙන අලංකාර ඔරලෝසුව ක්ෂණිකව හිත් ඇදගන්නා සුළුයි. ඒ වගේම ඒ හරහා ඔබට ලැබී ඇති SMS පණිවුඩ, ඇමතුම් ආදිය පහසුවෙන් දැනගන්නට පුළුවන්.",4 +ඒ වගේම case එක වසා ඇති විට දකුණු පසින් touch කර ඔබට ක්ෂණිකව මෙනුව වෙත පිවිසෙන්නට පුළුවන්. ඒ හරහා ඔරලෝසු මුහුණත පහසුවෙන් වෙනස් කරන්නට වගේම විවිධ වෙනස් මුහුණත් භාවිත කළ හැකියි. ඊට අමතරව ඔබේ ඇමතුම් මෙනුවට පිවිසීමටත් ඒ හරහා ඇමතුම් ලබාගැනීමටත් පහසුවෙන් හැකියාව ලබාදී තිබෙනවා. මීට අමතරව පහසුවෙන් කැමරාවට පිවිසීමටත් මේ කුඩා වෘත්තාකාර හිඩැස ඉඩ සලසන���ා. මේ ආවරණය අනෙක් පසට හැරවූ විට පවා කිසිදු බාධාවක් නොමැතිව ඡායාරූප ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. තිරය දෙවරක් ස්පර්ශ කිරීමෙන් වේලාව දැනගැනීමේදී තිරය වටා දිවෙන ආලෝක රටාව LG G3 දුරකථනයට එක්කරන්නේ අපූරු පෙනුමක්.,4 +Conclusion,4 +සෑම අතින්ම බලන විට මේ වසරේ එළිදැක්වූ සුපිරිම ජංගම දුරකථන අතර මුල් තැනක සිටින්නට LG G3 සමත් වෙනවා. ඒ වගේම එදිනෙදා භාවිතයේදී අවශ්‍ය වන සියළුම පහසුකම් සපයන්නට LG මේ දුරකථනය හරහා සමත් වෙලා. මීට ප්‍රථම නිෂ්පාදන වල තිබූ දෝෂයන් සියල්ලම නිරාකරණය කරගනිමින් අවසානයේදී සාර්ථක දුරකථනයක් එළිදැක්වීමට LG සමාගමට හැකියාව ලැබිලා. ඒ වගේම රුපියල් 65000 සිට රුපියල් 78000කට ආසන්න මුදලකට ලංකාවේදී මිලදී ගන්න පුළුවන් මේ දුරකථනය එම මිලත් සමඟ සසඳන කල අගනා දුරකථනයක්. කෙසේ වෙතත් මිලදී ගැනීමට පෙර එය 16GB ද 32GB ද යන්න පිළිබඳව සොයාබැලීමට අමතක කරන්න එපා. මන්ද 3GB RAM මතකයක් ඇත්තේ 32GB දුරකථනයේ පමණයි. ඒ වගේම මෙවැනි වැඩි වටිනාකමකින් යුත් ජංගම දුරකථන මිලදී ගැනීමේදී වගකීමේ සහතිකයක් සහිතව මිලදී ගැනීමත් වැදගත්.,4 +"Android L ලෙස කේත නාමයෙන් නිකුත් වුනු මීළඟ Android මෙහෙයුම් පද්ධති සංස්කරණය Android 5.0 ඊයේ දිනයේදී නිළ වශයෙන්එළිදැක්වුණා. Android Lollipop නමින් හඳුන් වන මේ මෙහෙයුම් පද්ධතිය සමඟ තවත් Nexus උපකරණ ත්‍රිත්වයක් නිකුත් වුණා. ඒ අනුව Nexus 6 නමින් නිකුත් වන විශාල ජංගම දුරකථනයක්, Nexus 9 නමින් නිකුත් වන ටැබ්ලට් උපකරණක් හා Nexus Player නම් streaming media device එකක් මේ නව මෙහෙයුම් පද්ධතිය සහිතව වෙළඳපලට නිකුත් වීමට නියමිතයි. මීට අමතරව Nexus 4, Nexus 5, Nexus 7, Nexus 10 හා අනෙකුත් Google Play Edition ජංගම දුරකථන සඳහා නව ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙනු ඇත.",4 +මේ නව මෙහෙයුම් පද්ධතියේ කැපී පෙනෙනම වෙනස වන්නේ Material Design නමින් හඳුන්වන අලුත් මුහුණුවරයි. අලුත් ඇනිමේෂන් හා වඩා පැහැදිලි මෙම නව අතුරුමුහුණත සමඟ multitasking මෙනුව නව මුහුණුවරක් ගෙන අැති අතර කටහඬට ප්‍රතිචාර දැක්වීම සඳහාද පහසුකම් පුළුල් කර ඇත.,4 +අලුත් දෘශ්‍ය මුහුණුවරට අමතරව අලුතින් APIs 5000කට අධික ප්‍රමාණයක් හඳුන්වා දී ඇති අතර ඒ හරහා විවිධ ප්‍රමාණ වලින් යුත් devices සඳහා Apps නිර්මාණය කිරීමට පහසුකම් සැපයෙනු ඇත. අලුත් Notification පහසුකම මඟින් ඔබට ලැබෙන notification සීමා කර ඇති අතර ඒ හරහා අනවශ්‍ය පරිදි ජංගම දුරකථනය බාධාවක් වීම අවමවනු ඇත. තවද අලුතෙන් හඳුන්වාදුන් බැටරි ආයුකාලය වැඩි කිරීමේ පහසුකම මඟින් අමතර අත්‍යවශම වේලවෙකදී අමතර මිනිත්තු 90ක් දක්වා ජංගම දුරකථනය භාවිත කරන්නට ඔබට හැකියාව ලැබේවි. එකම උපරකණයක් කිහිප දෙනෙකු භාවිත කරන විට ඒ ඒ පුද්ගලයාට විවිධ profile සාදා භාවිත කරන්නට පුළුවන් ආකාරයේ පහසුකම් වගේම දුරකථනය නැතිවූ විට හෝ සොරකම් කර විට factory reset කිරීම අපහසු කිරීමත් විශේෂ හඳුන්වා දීමක්.,4 +මේ සියල්ලටම අමතරව ලංකාවේ අපිට වැදගත්ම දේ තමයි නව Android Lollipop මෙහෙයුම් පද්ධතියට සිංහල භාෂාවත් ඇතුලත් කර ඇත. ඒ කියන්නේ මින් පසුව Android Lollipop මෙහෙයුම් පද්ධතිය සහිතව නිකුත්වන ජංගම දුරකථන වල කිසිදු අපහසුවකින් තොරව සිංහල අකුරු දර්ශණය කිරීමේ හැකියාව ඇත.,4 +අඟහරු ග්‍රහයා මත පය තබන ප්‍රථම මිනිසා වීම සඳහා අපේක්ෂාවෙන් 13 හැවිරිදි දැරියක් පුහුණුවීම් අරඹා ඇති බව වාර්තා වනවා. ඇලීසා කාර්සන් (Alyssa Carson ) නම් ඇගේ එකම බලාපොරොත්තුව අඟහරු ග්‍රහයා වෙත යාම බවයි ඇය පවසන්නේ. මේ සිහිනය සැබෑ කරගන්නට නාසා ආයතනය ඇයට සහාය වීමට තීරණය කර ඇති අතර මේ වන විට ඇය ඇගේ අඟහරු මෙහෙයුම සඳහා පුහුණුවීම් වල නිරත වෙමින් සිටිනවා. විද්‍යා විෂයයන්ට අමතරව ඇය මේ වන විට විවිධ භාෂා කිහිපයක්මත් හදාරමින් සිටිනවා.,4 +ඇලීසා මේ වන විට නාසා ආයතනය විසින් පැවැත්වූ ලෝක අභ්‍යවකාශ කඳවුරු තුනටම සහභාගී වූ ප්‍රථම පුද්ගලයා යි. ඒ වගේම ඇයට ඇමරිකානු අභ්‍යාවකාශ ඒජන්සියේ අය අමතන්නේ “Blueberry” ලෙස බවයි වාර්තා වන්නේ. Louisiana හි Baton Rouge ප්‍රදේශයේ වාසය කරන ඇය මේ වන විට ඇගේ ඉදිරි අනාගතයේ වසර 20කටත් එහා සැලැස්මක් සාදා ගෙන ඇති බවයි ඇගේ පියා පවසන්නේ.,4 +"අහසේ දී සිදුකරන වීඩියෝ රූගත කිරීම් ගැන ඔබ අසා ඇති. වීඩියෝ කැමරාවක් ගුවන් යානයක් හෝ හෙලිකොප්ටරයක් මඟින් ගුවනේ හසුරුවමින් මෙතෙක් නොදුටු අලංකාර වීඩියෝ දර්ශණ රූගත කරන්නට අපට හැකියාව ලැබුනා. එසේ නමුත් මෙලෙස ගුවන් යානයක් හෝ හෙලිකොප්ටරයක් භාවිත කිරීම වැඩි වියදමක් වැය වන සහ වැඩි වෙහෙසක් දැරිය යුතු දෙයක්. ඒ නිසයි Drone යානා බිහි වුනේ. නමුත් මුල් කාලයේ Drone යානා වලින් ලබාගන්නා දර්ශණ ගැස්සීම් සෙලවීම් නිසා ඒතරම් හොඳ තත්වයේ තිබුනේ නැහැ. ඒ ගැටළුවට විසඳුමක් ලෙසයි Gimbal නම් උපකරණය බිහිවුනේ. මෝටර් මඟින් ක්‍රියාකරන මේ ගිම්බල් මඟින් සෙලවීම් ගැස්සීම් වලින් තොර, වඩා ස්ථායි දර්ශණ ලබාගන්නට පුළුවන්. ඒ වගේම සමහර චිත්‍රපට සඳහා පවා මේ තාක්ෂණය භාවිත වුනා. ඒත් ඇයි මේ තාක්ෂණය අහසේ කරන රූගත කිරීම් සඳහා පමණක් යොදාගන්නේ. පොළවේදී සිදුකරන සාමාන්‍ය රූගත කිර��ම් සඳහා මේ වගේ Gimbal එකක් භාවිතා කරන්නට හැකියාවක් නැතිද?",4 +"ඒත් දැන් ඔබට ඒ සඳහා අවස්ථාව ලැබිලා. පහසුවෙන් අතේ ගෙනයා හැකි මිලෙන් අඩු 3-Axis Stabilizer එකක් වෙළඳපලට නිකුත් වෙලා. ඒ නිසා ඔබ ඇවිදිමින්, දුවමින් සහ වාහනයක ගමන් කරමින් වුවත් ඔබට අලංකාර වීඩියෝ රූගත කරන්නට හැකියාව තිබෙනවා. GoPro වැනි කුඩා කැමරාවක් භාවිතා කල යුතු වුවත් ඒ මඟින් ලබාගන්නා වීඩියෝ පට වෘත්තීය මට්ටමේ දෙයකට වුවත් පහසුවෙන් භාවිත කරන්නට පුළුවන්. අප මීට පෙර හඳුන්වා දුන් Hyperlapse වීඩියෝ මෙන්ම මෙහිත් භාවිත වන්නේ උපකරණය තුල ඇති Gyroscope එක මඟින් ලබාගන්නා දත්තයි.",4 +ඒ වගේම ඇමරිකානු ඩොලර් 390ක් වගේ මිලකට ඔබට මේ උපකරණය මිලදී ගත හැකියි.,4 +මීළඟට නිකුත් වෙන සුපර් මෑන් හා බැට් මෑන් දෙන්නම ඉන්න අලුත් බැට්මෑන් චිත්‍රපටයේ බැට්මෑන්ට කලින්වගේ අපූරු බයිසිකලයක් තියෙවිද කියලා තාම කියන්න බැහැ. ඒත් එහෙම බයිසිකලයක් අවශ්‍ය නම් මේ Ronin 47 බයිසිකලය කිසිදු වෙනසක් සිදු නොකරම ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් නේද? Ronin මෝටර් සමාගම විසින් නිපදවන ලද මේ බයිසිකල් වර්ගයෙන් බයිසිකල් 47ක් පමණක් නිෂ්පාදනය කරන බවයි රෝනින් සමාගම පවසන්නේ. Buell 1125 නම් මෝටර් බයිසිකලය විවිධ වෙනස්කම් රාශියකට ලක්කරමිනුයි මේ නව මොටර් බයිසිකලය නිමවා ඇත්තේ.,4 +ඒ වගේම ඒ එක් එක් බයිසිකලයක් 47 Ronin චිත්‍රපටයේ එන සමුරායිවරුන්ගේ නම් වලින් හඳුන්වන්නටත් නියමිත බවයි පැවසෙන්නේ. මේ බයිසිකල් 47න් දැනට 12ක් පමණක් නිර්මාණය කර ඇති නමුත් එයිනුත් 5ක් මේ වනවිටත් අලෙවි වි අවසන්. කෙසේ වුනත් මේ බයිසිකලයේ මිලනම් ඇමරිකානු ඩොලර් 38000ක් පමණ වනවා. ඒ මුදල ලංකාවේ මුදලින් නම් ලක්ෂ 50කට ආසන්නයි.,4 +ඔයාලට මතකද Windows 95 මෙහෙයුම් පද්ධතිය. මීට අවුරුදු 16කට කලින් නිකුත් වුණු මේ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්න අවශ්‍ය වුනේ බොහොම පොඩි ධාරිතාවක් හා රුම් මතකයක විතරයි. පුද්ගලිකව මා මිළඳි ගත් දෙවන පරිගණකය වුනෙත් වින්ඩොස් 95 පරිගණකයක්. එ් පරිගණකයේ මතක ධාරිතාවය 600MB වගේ සුළු මතකයක්. ඒ වගේම රැම් මතකයත් බොහොම සුළු ප්‍රමාණයේ රැම් මතකයක්. ඉතින් දැන්කාලේ නිකුත් වෙන කුඩා ජංගම දුරකථන වල ධාරිතාවයන් එක්ක සසඳන විට Windows 95 මෙහෙයුම් පද්ධතිය පහසුවෙන් ධාවනය කරන්න පුළුවන්. ඒත් මේ කියන්න යන්නේ ඊටත් වඩා පුදුම දෙයක් ගැන.,4 +"අඟල් 1.63ක් වැනි කුඩා තිරයක් ඇති ස්මාර්ට් ඔරලෝසුවකට වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කලා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? ඒත් ඒක ඇත්තක්. Android Wear මෙහෙයම් පද්ධතිය සඳහා ඇති aDOSbox emulator එක මඟිනුයි මේ අපූරු මෙහෙයුම දියත් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් වැඩකරන මෙහෙයුම් පද්ධතියක් විදියට මේ වින්ඩොස් 95 සහිත ඔරලෝසුව භාවිත කරන්න බැරි වුනත් විනෝදයටත්, යාළුවෝ පුදුම කරන්නටත් මේක හොඳ විදියක්.",4 +"මීට ටික දවසකට පෙර ඇපල් සමාගම විසින් අලුතින් මෙවලම් කිහිපයක් නිකුත් කරනු ලැබුවා. ඒ අතරින් වීශාල ප්‍රමාණයේ ජංගම දුරකථනයක් වන Apple iPhone 6 ජංගම දුරකථනයත්, ඉතාමත් සිහින් Apple iPad Air 2 උපකරණයත් වැඩි අවධානයක් දිනාගත්තා. හැබැයි ඇපල් දුරකථන සාමාන්‍යෙයන් ගලවා විවෘත කරන්නට අපහසුයි. නමුත් iFixit වෙබ් අඩවිය මේ අලුත් iPad Air 2 ගලවා විවෘත කර තිබෙනවා.",4 +"හැබැයි ඉතින් මේ ක්‍රියාවලිය තරමක් සංකීර්ණ, ඒ වගේම බොහෝම පරිස්සමින් කළ යුතු ක්‍රියාවලියක්. ඒ වගේම විශාල LCD තිරය සහ ඉදිරිපස වීදූරුව වෙන් කරන්නට බැහැ. ඒ වගේම ඇන වෙනුවට බොහෝ අවස්ථාවල ගම් යොදා සම්බන්ධ කර තිබෙන නිසා නැවත සම්බන්ධ කරන්නටත් තරමක් අපහසුයි. කෙසේ නමුත් නව iPad Air 2 ගලවා පෙන්වන පහත ඡායාරූප වලින් කොයිතරම් අපූරූ ආකාරයට මේ සිහින් උපකරණය නිපදවා තිබෙන අයුරු දැකගන්නට පුළුවන්.",4 +Gmail කියන්නේ ලොව පුරා වැඩිම දෙනෙක් භාවිත කරන ඊමේල් සේවාව විදියට Gmail හඳුන්වන්න පුළුවන්. ඒත් ඒ සේවාව තවදුරටත් වැඩිදියුණු කරන්නට Google සමාගම අලුතෙන් app එකක් හඳුන්වා දුන්නා. Gmail ට සම්බන්ධතාවයක් නැතිව වෙනමම හඳුන්වා දෙන මේ අලුත් ඇප් එක Inbox කියලයි හඳුන්වන්නේ.,4 +Google නිල බ්ලොග් අඩවියේ සඳහන් පරිදි මේ අලුත් ඇප් එක ඊමේල් ගොනු කර දැක්වීමට හඳුන්වාදුන් Social හා Promotion Tab වල ආකාරයටයි ක්‍රියාකරන්නේ. ඒ වගේම ඔබට ලැබෙන එක ආකාරයේ ඊමේල් පණිවුඩ එකට ගොනු කර දැක්වීමට මේ අලුත් ඇප් එකට හැකියාව තියෙනවා. ඉතින් ඔබේ බැංකු ලිපි ලේඛන හා බිල්පත් වෙන වෙනමම ගොනු කරන්නට මේ ඇප් එකට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය පරිදි ලිපි ගොනු කරගන්නටත් හැකියාව තියෙනවා.,4 +"ඒ වගේම වැදගත් ඊමේල් පණිවුඩ සඳහා වැඩි අවධානයක් දෙන්නටත්, මිතුරන් ඔබට එවන ඡායාරූප, ගුවන් ගමන්, ඉදිරියට නියමිත උත්සව හා වැඩසටහන් පිළිබඳ විස්තරත් වෙන වෙනමම ලබා දෙන්නට මේ ඇප් එකට හැකියාව තිබෙනවා. ඒ වගේම ඊමේල් පණිවුඩයේ සඳහන් විස්තර වලට අදාල වෙනත් තොරතුරු අන්තර්ජාලයෙන් උකහා දක්වන්නටත් හැකියාව තිබෙනවා.",4 +"Reminders හරහා ඔබට එදිනෙදා කාර්යයන් මතක් කර දීමටත්, ඒ සමඟම ඒ හා සම්බන්ධ තොරතුරු සපයන්නට පුළුවන්. උදාහරණය��් විදියට ඔබ හෝටල් කාමරයක් වෙන්කර විට ලැබෙන ඊමේල් පණිවුඩය සමඟ ඒ හෝටලය පිහිටි ස්ථාන පිළිබඳ සිතියමක් ඇතුලත් කරන්නට Inbox ඇප් එකට හැකියාව තිබෙනවා.",4 +"මේ ඇප් එක නිපදවීමේ කාර්යය වසර ගණනක ක්‍රියාවලියක් බවත්, ඒ සඳහා සම්පූර්ණ දායකත්වය ලැබුනේ Gmail සේවක පිරිසගෙන් බවත් Google සමාගම පවසනවා. Google මෑතකදී හඳුන්වා දුන් නව අතුරු මුහුණත් රටාවක් වන Material Design අනුව නිර්මාණය කර ඇති මේ ඇප් එක Android 4.1 හා iOS 7 සිට ඉහලට සහාය දක්වනවා. කෙසේ නමුත් මේ වනතෙක් Download කිරීම සඳහා අවස්ථාව සලසා නැති මුත් ඒ සඳහා Invite ඉල්ලීමට ඔබට inbox@google.com වෙත ඊමේල් පණිවුඩයක් යොමුකල හැකියි.",4 +Microsoft සමාගම විසින් අද දිනයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී විශේෂ හමුවක් සංවිධානය කර තිබුනා. එය සංවිධානය කර තිබුනේ නවතම වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමටයි. නමුත් බොහෝ දෙනා විශ්මයට පත්කරමින් මයික්‍රොෙසාෆ්ට් විසින් අද දින හඳුන්වා දුන්නේ Windows 9 මෙහෙයුම් පද්ධතිය නොවෙයි. ඒ වෙනුවට Windows 10 මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමටයි මයික්‍රොෙසාෆ්ට් කටයුතු කලේ. කෙසේ වෙතත් මේ නව මෙහෙයුම් පද්ධතිය තවමත් Preview අවස්ථාවේ පමණයි පවතින්නේ. ඒ නිසා මෙහි බොහෝ අඩුපාඩු ඇති අතර ඔබේ දිනපතා භාවිතකරන පරිගණකයටනම් මෙය කිසිසේත්ම තවමත් සූදානම් නැහැ.,4 +මේ නව මෙහෙයුම් පද්ධතිය පිළිබඳව අදහස් දක්වමින් මෙහෙයුම් පද්ධති ප්‍රධානී Terry Myerson පවසා සිටියේ ලොව පුරා බිලියන 1.5කට අධික පිරිසක් දැනට Windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරන බවයි. ඒ වගේම මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ විශේෂ සංධිස්ථානයක් බැවින් Windows 9 වෙනුවට Windows 10 ලෙස මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙන බවයි.,4 +එළඹෙන වසරේ මුල් භාගයේදී වෙළඳපලට නිකුත් කිරීමට නියමිත මේ නව මෙහෙයුම් පද්ධතියේ Tech Preview එක ඔබට download කරගැනීමට අවස්ථාවද හෙට දිනයේ සිට සැපයීමට නියමිතයි. ඒ නිසා ඔබ යම් හෙයකින් Windows 10 ලබාගැනීමට කැමැත්තෙනි සිටිනවා නම් පහත යොමුව ඔස්සේ ඔබට නිකුත් කල විගසම ලබාගත හැක.,4 +ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone 6 හඳුන්වන්න පුළුවන්. හොඳම ජංගම දුරකථනය කියලා වුනත් හඳුන්වන්න පුළුවන්. ඒත් මේ නිකුත් වුනේ අවුරුදු 7ක් තිස්සේ ලත් අත්දැකීම් වලින් නිපදවූ තවත් ���ක් iPhone එකක් විතරයි. See More: http://techguru.lk/gadgets/iphone-6-in-sri-lanka-review/,4 +සාමාන්‍යෙයන් iPhone භාවිත කරන කෙනෙක් තමන්ගේ ෆෝන් එක cover එකක් හරි case එකක් හරි දාලා පාවිච්චි කරනවා දකින්න අමාරුයි. ඒත් අලුතින් නිකුත් වූ iPhone 6 Plus දුරකථනයට නම් ඔබට ඒ වගේ දෙයක් භාවිත කරන්නට වේවි කියලයි අපිටනම් හිතෙන්නේ. මොකද iPhone 6 Plus භාවිත කරන බොහෝ දෙනෙක් දැන් දැන් ඒ අයගේ ජංගම දුරකථනය සාක්කුවේ තිබියදී නැවී තිබීම ගැන පැමිණිලි කර තිබෙනවා. එය සුළු නැවීමක් වුවත් පහසුවෙන් දැකිය හැකි වෙනසක්. බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථන නැවී තිබුනේ ඉහළ ප්‍රදේශයට ආසන්නවයි.,4 +සමහරක් මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ තද ඇඳුම් ඇඳීම නිසා මෙය සිදුවූ බවයි. ඒත් ඒක එහෙම වෙන්න පුළුවන්ද? iPhone ජංගම දුරකථනය හා iPhone 6 Plus ද්විත්වය නිකුත්වීමටත් ප්‍රථම එය නිර්මාණය කිරීමට ගන්නා උසස් තත්වයේ අමුද්‍රව්‍ය පිළිබඳ කතා බහට ලක්වුනා. ඇලුමිනියම් කියන්නේ සාමාන්‍යෙයන් මෘදු ලෝහයක්. නමුත් ජංගම දුරකථනයක් මේ වගේ නැමීමට ලක්වීම සාධාරණිකරනය කරන්න එය කරුණක් නෙවෙයි. මීට ප්‍රථම iPhone 5S සඳහා මෙවැනි පැමිණිලි වාර්ථා වුනේ නැති තරම්. ඉතින් ඔන්න දැන් ඔබේ ජංගම දුරකථනයෙන් iPhone 6 Plus වෙත මාරු වෙනවාද කියලා හිතලා බලන්න ඔබට සිදු වේවි.,4 +"උසස් නිමාවත්, සෑම අතින්ම upgrade වීමත්, අඟල් 4.7 ක විශාල තිරයත් විශේෂයි.",4 +මිලෙන් අධික වීම (මෙම මිලට සුපිරිතම android දුරකථනයක් ලබගත හැකියි.),4 +ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone 6 හඳුන්වන්න පුළුවන්. හොඳම ජංගම දුරකථනය කියලා වුනත් හඳුන්වන්න පුළුවන්. ඒත් මේ නිකුත් වුනේ අවුරුදු 7ක් තිස්සේ ලත් අත්දැකීම් වලින් නිපදවූ තවත් එක් iPhone එකක් විතරයි.,4 +දැන් දැන් විශාල දුරකථන සඳහා ලොකු අවධානයක් යොමුවෙලා. අඟල් 4ක තිරයක් ඇති iPhone 5S වැනි දුරකථන දැන් කුඩා ප්‍රමාණයේ දුරකථන ගණයටයි වැටෙන්නේ. මීට ටික දිනකට පෙර නිකුත් වූ iPhone 6 ජංගම දුරකථනය iPhone පරම්පරාවේ වෙනසක් ඇති කල ජංගම දුරකථනයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ එහි විශාල ප්‍රමාණය නිසයි. මේ හේතුව නිසා නව iPhone 6 සඳහා වැඩි අවධානයක් හිමිවෙලා. ඒ වගේම ලොව පුරා සීග්‍රෙයන් අලෙවි වීමටත් පටන් අරගෙන. iPhone 6 සමඟ ඊටත් වඩි විශාල තිරයක් සහිත iPhone 6 Plus නිකුත් ව��නා. ඒත් දැනට ඔබට ලංකාවේදී මිලදී ගන්නට පුළුවන් iPhone 6 පමණයි.,4 +Unboxing,4 +ඇපල් සමාගම සිය නිෂ්පාදන වල ඇසුරුම ගැන වැඩි අවධානයක් යොමුකරනවා. ඒ නිසාම උසස් නිමාවකින් යුත් ඇසුරුමකින් තමයි iPhone 6 වෙළඳපලට පැමිණෙන්නේ. හැබැයි අමතක කරන්න එපා. මේ ඇසුරුමේ මිලත් ඔබ ගෙවන දුරකථනයේ මිලට ඇතුලත් වෙනවා. ඇසුරුම ඉවත් කරන්නට නම් පිටුපස ආවරණය තියුණු තලයක් මඟින් ඉවත් කල යුතුයි. පසුව ඉහළ ආවරණය ඉවත් කල යුතුයි. එය තරමක් පරස්සමින් කල යුතු වන්නේ එක්වරම ඔබේ වටිනා දුරකථනය විසිවී යා හැකි නිසයි. ජංගම දුරකථනයේ පහලින් ඔසවා ඔබේ iPhone 6 ජංගම දුරකතනය ඇසුරුමෙන් ඉවත් කරන්න පුළුවන්.,4 +"පෙර මෙන්ම ඇසුරුමේ ඇති අනෙකුත් දේ අතර නොයෙකුත් පත්‍රිකා, ඇපල් logo ස්ටිකර් ඇතුලත්. Sim Remover එකත් ඒ අතර දකින්නට පුළුවන්. මේ කුඩා මෙවලමෙන් ඔබේ Nano Sim පත iPhone 6 ජංගම දුරකථනයට ඇතුලත් කල හැකියි. ඇතුලතින් Power Connector එක, Data Cable එක සහ Head Phone එක මනා අයුරින් අසුරා තිබෙනවා. ඒ අනුව packaging අතින් නම් iPhone 6 හි ඒ තරම් වෙනසක් දකින්නට නැහැ.",4 +"iPhone 6 නිකුත් වන්නේ Space Gray, White හා Gold යන වර්ණ තුනෙනි. ඒ අතරින් අපි අද review කරන්නේ iPhone 6 Gold දුරකථනයයි. වර්ණ වෙනස හැරුණු විට මේ සංසකරණ තුනෙහි වෙනත් වෙනසක් නැහැ.",4 +"මීට පෙර නිකුත් කල iPhone මෙන්ම මේ නව iPhone 6හිත් Home Button එක දකින්නට පුළුවන්. කෙසේ නමුත් මීට පෙර පැවති edges සහිත හතරැස් පෙනුම මෙහි දකින්නට නැහැ. ඒ වෙනුවට අලුතින් හඳුන්වා දුන් වක්‍ර වූ සුමට දාර සහිත නව පෙනුමට බොහෝ දෙනා මුලදී කැමැත්තක් දැක්වූයේ නැහැ. පුද්ගලිකව මා වුවත් ඒ පෙනුමට කැමැති වුනේ නැහැ. ඒත් මේ අලුත් ජංගම දුරකථනය අතට ගත් වහාම ඒ ආකල්පය ක්ෂණිකයින් වෙනස් වුනා. ඒ වගේම සිහින් පෙනුමත්, සැහැල්ලු බවත් නිසාම ක්ෂණිකයෙන් හිත් ඇද බැඳගන්නට iPhone 6 සමත්. ඒ වගේම ඇපල් නිෂ්පාදන වලටම ආවේනික වූ උසස් පෙනුමත් ඒ ආකාරයටම මෙහි දකින්නට පුළුවන්.",4 +"මේ දවස් කිහිපයේම මම පාවිච්චි කලේ iPhone 6. මම සාමාන්‍යෙයන් Apple Fan කෙනෙක් නෙවෙයි. ඒ නිසා විශාල තිරයක් සහිත ජංගම දුරකථනයක් කියන්නේ මට අරුමයක් නෙවෙයි. ඉතින් මම මේ අලුත් iPhone එක මීට පෙර iPhone භාවිත කරන අය කිහිපදෙනෙකු අතට දීලා බැලුවා. ඒ අය බොහෝ දෙනෙක්ගේ අවධානය ක්ෂණිකව යොමු වුනේ ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයයි. ඒ වුනත් Android users ලා බොහෝ දෙනෙක්ට නම් iPhone 6 කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ ජංගම දුරකථනයක්. මොකද Moto X, Nexus 4 වගේ ජංගම දුරකථන වල ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක තිරයකියි iPhone 6 සතු වන්නේ.",4 +iPhone 6 හි තිරයට එය නිකු���් වීමටත් ප්‍රථම සිටම වැඩි අවධානයක් හිමි වුනා. ඒ පිළිබඳ විවිධ මත පළවූ අතර ඒ අතරින් සමහර තැනක සඳහන් වුනේ මේ තිරය බිඳ දැමිය නොහැකි ලෙසයි. ඒත් එය ඇත්තක් නොවන බව දැන් හෙලි වෙලා. අවාසනාවකට අපට තවමත් drop test එකක් කරන්නට තරම් හැකියාවක් නම් නැහැ.,4 +පික්සල් 750 x 1334 සහිත අඟල් 4.7 ක තිරයේ Color reproduction එක උසස්. ඒ වගේම වැඩි ආනතියකින් වුවත් හොඳින් දිස් වනවා. Samsung Galaxy Note 4 තරම් පික්සල් ඝණත්වයක් නැති වුනත් මෙය අතිශය උසස් තිරයක්. ඒ වගේම තිරය මනාලෙස දුරකථනයේ බඳ සමඟ සම්බන්ධ වනවා. ඒ නිසා අතර අපහසුවක් හෝ වෙනසක් දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට එකම ද්‍රව්‍යයකින් තනා සුමට ලෙස ඔප මට්ටම් කල ජංගම දුරකථනයක් ලෙසයි හැඟෙන්නේ. කෙසේ නමුත් සිහින් හා බරින් සැහැල්ලු නිසා පහසුවෙන් දෙකට කැඩී යා හැකි ආකාරයක් ඔබට දැනෙන්න පුළුවන්.,4 +දුරකථනයේ පසුපස සුදු පැහැ රේඛා සටහන් පෙනෙන්නේ ස්ටිකර් අලවා ඇති ආකාරයටයි. ඒ වගේම පසුපස කැමරාව තරමක් ඉදිරියට නෙරා තිබීමත් තරමක් අපහසුතාවක්. මන්ද ඒ නිසා iPhone 6 පැතලි මතුපිටක තැබූ විට කැමරාවේ ඉදිරිපස වීදුරුව ස්පර්ශ වනවා. ඒ නිසා එය පහසුවෙන් සීරිමට හැකියාවක් ඇති ලෙසයි දැනෙන්නේ. පුද්ගලිකව මට වුවත් ඒ හැඟීම දැනුනා. නමුත් කැමරා වීදුරුව උසස් වීදුරු වර්ගයකින් තනා ඇති නිසා පහසුවෙන් සීරීම් වලට ලක් වන්නේ නැති බවයි ඇපල් සමාගමනම් පවසන්නේ.,4 +Performances,4 +"iPhone 6 කියන්නේ මොන පැත්තකින් බැලුවත් සුපිරි ජංගම දුරකථනයක්. ඇපල් සමාගම පසුගිය වසර පුරාවටම iPhone හි සෑම අඟලක් පාසා දියුණු කරන්නට ක්‍රියාකර ඇති බවනම් පැහැදිලියි. ජංගම දුරකථනය බලගැන්වෙන්නේ A8 ප්‍රොසෙසරයකිනි. ඒ නිසා apps lauch කිරීමේදී. apps කිහිපයක් එකවර ක්‍රියා කිරීමේදී, games play කිරීමේදී 5S ට වඩා වැඩි වේගයකින් ඒ සියල්ල කිරීමට iPhone 6 හට හැකියාව ලැබී තියෙනවා. මීට අමතරව M8 නම් අලුත් ප්‍රොසෙසරයක් මඟින් ඔබේ චලන, ඔබ සිටින උස වැනි දේ සටහන් කරගන්නට සමත්.",4 +කැමරාව,4 +iPhone 6 ලොව හොඳම ජංගම දුරකථනය බවට පත්කරන්නේ එහි කැමරාවයි. මෙගා පික්සල් 8ක කැමරාවක් වුවත් නව Focus Pixel තාක්ෂණය හා තවත් වැඩිදියුණු කිරීම් නිසා පෙරටත් වඩා හොඳ ඡායාරූප ගන්නට හැකියාව තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක ඔබට Focus වෙමින් පවතින අවස්ථාවක් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඒත් මටත් පුරුද්දට වගේ විටින් විට focus කරන්නට touch කෙරුනා.,4 +"දැන් Panaroma ඡායාරූප වුවත් High Resolution වලින් ලබාගන්නට හැකියාව තියෙනවා. සරලවම කියනවා නම් සාක්කුවෙන් එලියට අරගෙන තත්පර ක���හිපයකින් උසස් තත්වයේ ඡායාරූප ගන්න පුළුවන් හොඳම ජංගම දුරකතනයක් ලෙස iPhone 6 හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තත්පරයට රූපරාමු 60කින් 1080 ප්‍රමාණයේ වීඩියෝ රූගත කරන්නට හැකියාව ඇති මෙහි Slow Mo, Timelapse වැනි විවිධ ආකාර වලටත් රූගත කරන්නට හැකියාව තිබෙනවා. Slow Mo ගැන විශේෂයෙන් කතා කල යුතු වන්නේ තත්පරයට රූප රාමු 240ක තරම් වේගයකින් රූප රාමු ලබාගන්නට මේ කැමරාව හා ප්‍රොසෙසරය සමත්. ඒ නිසා මින් පෙර නොවූ තරම් Slow Motion විඩියෝ රූගත කිරීමේ හැකියාව iPhone හට ලැබී තිබෙනවා.",4 +හැමදේම හොඳට – කිසිවක් නොවෙනස්ව,4 +ඒ තමයි iPhone 6 හි ඔබ දැනගත යුතුම දේවල්. ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone 6 හඳුන්වන්න පුළුවන්. හොඳම ජංගම දුරකථනය කියලා වුනත් හඳුන්වන්න පුළුවන්. ඒත් මේ නිකුත් වුනේ අවුරුදු 7ක් තිස්සේ ලත් අත්දැකීම් වලින් නිපදවූ තවත් එක් iPhone එකක් විතරයි.,4 +ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය ජනනාත් වරකාගොඩ මිලදී ගනී,4 +ඊයේ දිනයේ ඇපල් සමාගම විසින් නව iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි වී තිබෙනවා. ජනප්‍රිය සංගීතඥයෙක් වන ජනනාත් වරකාගොඩ මහතා විසින් මිලදීගත් මේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කර ඇත්තේ I Device Solutions ආයතනය විසිනි. පහතින් දැක්වෙන්නේ I Device Solutions හි හිමිකරු දමිත් නිරන්ජ මහතා විසින් ජනනාත් වරකාගොඩ මහතාවෙත අද උදෑසන 6ට ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කල අවස්ථාවයි.,4 +ඇපල් සමාගම විසින් පසුගියදා නවතම iPhone 6 ජංගම දුරකථනය නිකුත් කලා. එහි විශේෂත්ව අතර තත්පරයට රූපරාමු 240ක් දක්වා රූගත කල හැකි කැමරාව හඳුන්වන්න පුළුවන්. මේ නිසා මීට පෙර ජංගම දුරකථනයකින් කල නොහැකි වූ තරම් Slow Motion වීඩියෝ රූගත කරන්නට හැකියාව ලැබී තියෙනවා.,4 +සාමාන්‍යෙයන් තත්පරයට රූපරාමු වැඩි ගණනක් රූගත කරන්නට නම් ඒ සඳහා හොඳ ප්‍රොසෙසරයක් අවශ්‍ය වනවා. ඉතින් මේ නව iPhone 6 හා iPhone 6 Plus හි ඇති A8 ප්‍රොසෙසරයට ඒ හැකියාව තියෙනවා. ඒ අනුව දැන් සාමාන්‍ය පාරිභෝගිකයින්ටත් වෘත්තීය මට්ටමේ වීඩියෝ ලබාගැනීමට හැකියාව ඇතිවනු ඇති බවයි ඇපල් සමාගමේ මතය.,4 +ඇපල් සමාගමේ අලුත්ම ජංගම දුරකථන වන iPhone 6 හා iPhone 6 Plus වල දෝෂයක් පිළිබඳව ප්‍රවෘත���තිය ලොව පුරා පැතිර ගියා. අලුත් ඇපල් දුරකථන පහසුවෙන් නැමෙන බව දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟ ඇපල් නිෂ්පාදන වලට පහර එල්ල කරමින් විවිධ ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් පවා අන්තර්ජාලයේ සිය හාස්‍යය පළකර සිටියා. ඒ වගේම මේ සිදුවීම ඇපල් සමාගමේ නව නිෂ්පාදන වල අලෙවිය සඳහාද සෘජුවම බලපා තිබුනා.,4 +නමුත් මේ සිදුවීමට පිළිතුරු ලෙස ඇපල් සමාගම සිය නව නිෂ්පාදන වල තත්වය පරීක්ෂාකරන අයුරු දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදා හැරියා. ඒ අනුව අලුත් Apple iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමට පෙර එහි නිෂ්පාදන තත්වය පරීක්ෂා කිරීම සඳහා පර්යේෂණ රාශියක් සිදු කරනවා. ඒ වගේම මේ වන විට iPhone 6 ජංගම දුරකථන 30 000ක් පමණ මේ පර්යේෂණාගාරයේ පරීක්ෂාවට ලක්ව ඇති බවත් වාර්තා වනවා.,4 +"ඇපල් සමාගමේ විධායක නිළධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සිය නිෂ්පාදන සාමාන්‍ය මහජන භාවිතයේදී සිදුවන ගැටීම්, නැවීම්, තැලීම් සඳහා ඔරොත්තු දෙන ලෙස නිමාව ඇති බවයි. ඒ වගේම iPhone 6 ජංගම දුරකථනය නැමෙන වීඩියෝවේ දී සාමාන්‍ය තත්වයකට වඩා වැඩි බලයක් යොදා නැවීම සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. ඒ වගේම නව iPhone 6 නිෂ්පාදනය කරන ඇලුමිනියම් වර්ගය ටයිටේනියම් මිශ්‍රිත විශේෂ ඇලුමිනියම් වර්ගයක් බවත්, තිරය සහ බඳ වැඩි ආතතියක් දැරිය හැකි පරිදියි නිර්මාණය කර ඇත්තේ.",4 +"Google Nexus ජංගම දුරකථන පෙළ පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වුනා. ඒ අතරිනුත් Nexus S, Nexus හා Nexus 5 ජංගම දුරකථන ත්‍රිත්වය වැඩි අවධානයක් දිනාගත්තා. මේ Nexus දුරකථන පෙලේ අලුත්ම ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතිනවා. “Shamu” යන කේත නාමයෙන් හැඳින්වෙන Nexus 6 ජංගම දුරකථනය Motorola සමාගම විසින් නිෂ්පාදනය කරනු ඇති බවයි වාර්තා වන්නේ. මේ නව Nexus 6 හි ඡායාරූප මෙතෙක් එළිදැක්වී නොතිබුනත් පසුගියදා leak වුනු LG G3 ජංගම දුරකථනය හා තවත් විශාල දුරකථනයක් දැක්වෙන ඉහත ඡායාරූපයේ ඇත්තේ නුදුරේදී නිකුත් වීමට නියමිත Nexus 6 (Shamu) බවයි හෙළිව ඇත්තේ.",4 +"මේ වසරේ IFA හීදී නිකුත් වූ Moto X 2014ජංගම දුරකථනයේ පෙනුමට ආසන්න පෙනුමකින් යුත් නව Nexus දුරකථනයේ තිරය අඟල් 5.92ක තිරයක් බවයි පැවසෙන්නේ. ඒ වගේම මෙගා පික්සල් 12 ක කැමරාවක්, 2.6GHz quad-core Snapdragon 805 ප්‍රොසෙසරයක් හා 3GB Ram මතකයක්ද මෙහි ඇතුලත්. ඒ වගේම Android L මෙහෙයුම් පද්ධතිය ඇතුලත්ව මේ දුරකථනය නිකුත් වනු ඇති බවත් පැවසෙනවා.",4 +කෙසේ නමුත් තවත් මතයකින් හෙලි වන්නේ මෙය Verizon වෙතින් නිකුත් කෙරෙන Moto X හිම විශාල සංස්කරණයක් බවයි. කෙසේ වුවත් සාමාන්‍යෙයන් Google විසින් නිකුත් කරන Nexus දුරකථන මෙතෙක් එක් Service Provider කෙනෙක්ට පමණක් සීමා කෙරුනේ නැහැ. ඒ නිසා මේ අත්භූත ජංගම දුරකථනය Moto X සංස්කරණයක්ද එසේත් නැත්නම් Motorola Nexus 6 ද යන්න පිළිබඳව තීරණය ඔබටම භාරයි. කෙසේ වුනත් මේ පිළිබඳ තොරතුරු ලද වහාම ඔබව දැනුවත් කිරිමට අප සූදානම්.,4 +මුළු ලොවම කම්පා කරමින් අතුරුදන් වූ MH370 ගුවන් යානය පිළිබඳ සෝදිසි මෙහෙයුම් වලදී මේ වනතෙක් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුනත් සාගර පතුලේ තොරතුරු බොහෝමයක් මේ හරහා හෙළිවෙමින් පවතිනවා. මේ සෝදිසි මෙහෙයුම් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ඕස්ට්‍රේලියානු නාවික හා ගුවන් හමුදා ප්‍රථම වරට මෙතෙක් අවධානයට ලක්නොවූ සාගර පතුලක් පිළිබඳ තොරතුරු හෙළිවෙලා. මීට අමතරව මීටර් 1500ක් පමණ ගැඹූරු මුහුදේ ඇති සක්‍රීය ගිනිකඳු පවා මේ සෝදිසි මෙහෙයුම් වලදී හෙළිව ඇත.,4 +"සෝනාර් තරංඟ යොදාගනිමින් කරන ලද මේ පර්යේෂණ යානය සෙවීමේ සෝදිසි මෙහෙයම් සඳහා වැදගත් වන බවත්, මේ තොරතුරු මත පදනම්ව ඉදිරි මෙහෙයම් සිදුකරන බවත් ඕස්ට්‍රේලියානු රජය පවසා සිටියා.",4 +පසුගිය මාර්තු මස 08 වනදින මැලේසියාවේ අගනගරය වන ක්වාලාලාම්පූර් හි සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබියදී රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වුනා. මඟීන් හා කාර්ය මණ්ඩලය 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මෙම යානය සෙවීමට රටවල් 25කට අධික ප්‍රමාණයක් සියදායකත්වය සැපයූවත් මේ වන තෙක් විශ්වාසකටයුතු හෝඩුවාවක් ලැබී නැහැ. එසේ නමුත් මීට ප්‍රථම විවිධ අවස්ථා වලදී යානයේ සුන්බුන් පිළිබඳ තොරතුරු වාර්ථා වුනා.,4 +"මිලෙන් අඩු ජංගම දුරකථනයක් වීමත්, අඩු මුදලකට සෑම පහසුකමක්ම වාගේ ඇතුලත් ජංගම දුරකථනයක් වීමත් ය.",4 +තිරයේ දීප්තිය පාලනය manual සිදුකිරීමට සිදුවීම සහ කල් ගතවීමේදී දුරකථනය slow වීම අවාසි වේ.,4 +අපි අද කතා කරන්නේ ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය ජංගම දුරකථනයක්. මේ ජංගම දුරකථනය ලංකාවේ පමණක් නොවෙයි බොහෝ ආසියාතික රටවල් අතර වැඩිම අලෙවියක් ඇති ජංගම දුරකථනයක්. ඒ තමයි Samsung Galaxy S Duos 2.,4 +"Samsung Galaxy S Duos ජංගම දුරකථනයේ දෙවන සංස්කරණය වන මේ දුරකථනයත් Dual Sim ජංගමදුරකථනයක්. මේ දුරකථනය ආසියානු රටවල් අතරේ ජනප්‍රිය වීමට හේතු වූනේ මේ දුරකථනය Dual Sim පහසුකම, කැමරාව, අඟල් 4ක තිරය වැනි අත්‍යවශ අවශ්‍යතා සියල්ලක්ම පාහේ සපුරන නිසයි. ඒ වගේම අඩ් මිලකට මිලදීගත හැකි වීමත් වැදගත් වනවා.",4 +Unboxing,4 +"අපි මුලින්ම බලමු මේ දුරකථනය සමඟ ඔබට ලැබෙන දේ මොනවාද කියලා. බැටරිය, චාජරය, Data Cable හැරුණුවිට Headphone එකද මේ දුරකථනය සමඟ ඔබට ලැබෙනවා. මේ සමඟ ලැබෙන චාජරය උසස් තත්වයේ චාජරයක් වන අතර සුදු පැහැති Headphone එකනකම් වැඩි වේලාවක් කනේ රඳවාගෙන සිටීමෙන් යම් වේදනාවක් ඔබට දැනෙන්නට පුළුවනි. Datacable එකනම් සාමාන්‍ය කේබලයක්.",4 +පිටිපස ආවරණය පහසුවෙන් ගලවා ඉවත්කල හැකි මෙන්ම බැටරියත් පහසුවෙන් ඉවත්කල හැකියි. එකමත එක රැඳවිය යුතු සිම්පත් ද්විත්වය සාමාන්‍ය ප්‍රමාණයේ සිම්පත් වීමත් විශේෂ වාසියක්. මන්ද තවමත් බොහෝ දෙනා අතර වැඩිවශයෙන් භාවිත වන්නේ සාමාන්‍ය සිම්පත්.,4 +ඒ වගේම කළු සහ සුදු වර්ණ වලින් මිලදී ගත හැකි මෙහි බඳ සම්පූර්ණයෙන්ම වාගේ නිමවා තිබෙන්නේ ප්ලාස්ටික් වලින්. එසේ වුවත් S Duos 2කළු පැහැ දුරකථනයේ පිටුපස ආවරණය රටා සහිත ප්ලාස්ටික් ආවරණයක් නිසා තරමක උසස් පෙනුමක් එයට ලැබී තිබෙනවා. ඒ වගේම කළු පැහැ ජංගම දුරකථනය සමඟ වුවත් ලැබෙන්නේ සුදු පැහැ Headphone එකක් වීමනම් අවාසියක්.,4 +පසුගිය වසරේ නොවැම්බර් මස නිකුත් වූ මේ දුරකථනය ලංකාවේ වෙළඳපලට නිකුත් වුනේ මීට මාස කිහිපයකට පෙර වුවත් තවමත් හොඳ අලෙවියක් දකින්නට පුළුවන්. මිලිමීටර් 10.6ක ඝනකමකින් යුත් මේ S Duos 2 ජංගම දුරකථනය බරින් ග්‍රෑම් 118 ක් බර වනවා. ඒ වගේම අඟල් 4ක් වන තිරය අඟලකට පික්සල් 223ක් පමණ ඇතුලත් නිසා සැලකිය යුතු මට්ටමේ හොඳ තිරයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.,4 +Hardware,4 +"Android 4.2.2 Jellybean මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන S Duos 2 ජංගම දුරකථනය බලගැන්වෙන්නේ Dual-core 1.2 GHz Cortex-A9 ප්‍රොෙසසරයකින්. ඒ වගේම Accelerometer, proximity සෙන්සරය හා මාලිමාවක් ද ඇතුලත් නමුත් ජංගම දුරකථන තිරයේ දීප්තීය පාලනය සඳහා සෙන්සරයක් නැහැ. ඒ නිසා පරිසර තත්වයට ගැලපෙන ලෙස තිරයේ දීප්තිය වෙනස් කිරීමට ඔබට සිදුවනවා. නමුත් එළිමහනේදී පහසුවෙන් තිරයේ ඇති දේ දැකගැනීමට හැකි තරමට තිරයේ දීප්තිය ප්‍රමාණවත්. ඊට අමතරව ඔබ සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා GPS පහසුකම් ද දේශිය නාලිකා ගණනාවක් සඳහා සහාය දක්වන FM රේඩියෝවක්ද මෙයට ඇතුලත්. නමුත් බොහෝ දුරකථන මෙන්ම රේඩියෝවට සවන්දීම සඳහා Headphone එක සම්බන්ධ කලයුතුයි.",4 +මීට අමතරව දුරකථනයේ අභ්‍යන්තර මතකය 4 GB පමණ වන අතර ඔබට අවශ්‍ය පරිදි MicroSD Chip මඟින් එය වැඩි කරගත හැකියි. මෙහි රැම් මතකය 768 MB වන නිසා සාමාන්‍යයෙන් එකවර apps කිහිපයක් ධාවනය කල හැකියි. එසේ වුනත් කල් ගත වීමත් එක්ක ඔබට සුමට ලෙස ජංගම ද��රකථනය ක්‍රියාකරවීමට නම් නිතර නිතර apps kill කරන්නට සිදු වේවි. 4GB අභ්‍යන්තර මතකයක් ඇති වුවත් මෙහෙයුම් පද්ධතිය හා අනෙකුත් built in apps නිසා ඔබට ඉතිරිවන්නේ 2GB ටත් වඩා අඩු ඉඩ ප්‍රමාණයක්. ඒ නිසා විශාල Games හා වැඩි ඉඩක් වැයවන apps බාහිර Micro SD වෙත මාරු කිරමට ඔබට සිදුවේවි. ඒ නිසා Apps install කිරීමේදී තරමක් සැලකිලිමත් වීමට ඔබට සිදුවේවි.,4 +සාමාන්‍යෙයන් විශාල android දුරකථකන භාවිත කරන කෙනෙකුටනම් මේ දුරකථනය කුඩා දුරකථනයක් ලෙස දැනෙන්නට පුළුවන්. එහෙත් අඟල් 4ක තිරයක් ඇති මේ දුරකථනය ආසන්න වශයෙන් iPhone 5 දුරකථනයේ ප්‍රමාණයට සමානයි. ඉහළින් පිහිටන speaker එක හොඳ තත්වයේ ස්පීකරයක් වන අතර ඒ හරහා දුරකථන ඇමතුම් වලදී පැහැදිලි බාහිර ශබ්ද වලින් තොර හඬක් ඇසිය හැකියි.,4 +ඔබේ නව ජංගම දුරකථනයේ ආරක්ෂාවට බාහිර ආවරණයක් මිලදී ගත හැකි වුවත් එවැනි ආවරණයක් මඟින් ජංගම දුරකථනයේ නියම පෙනුම නැතිවී යනවා. ඒ නිසා භාවිතයට තරමක් අපහසු විය හැකියි. නමුත් සුදු පැහැ S Dous 2 දුරකථනය තරමක් ලිස්සන සුළු නිසා ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීමත් වැදගත්.,4 +Connectivity,4 +"අන්තර්ජාල සම්බන්ධතාව සඳහා GPRS, EDGE ට අමතරව වේගවත් HSDPA සම්බන්ධතාවක් ඔබට අත්විඳිය හැකියි. ඒ වගේම Wifi Hotspot එකක් ලෙස යොදාගෙන ඔබේ ලැප්ටොප් පරිගණකයට හෝ තවත් ජංගම දුරකථන කිහිපයකට වුවත් අන්තර්ජංල සම්බන්ධතාව ලබාගත හැක. Wifi වලට අමතරව Bluetooth හෝ USB ඔස්සේ වුවත් ඔබේ පරිගණකය හා සම්බන්ධ වීමට මේ දුරකථනයට හැකියාව තිබෙනවා. ඒ වගේම MicroUSB port එක හරහාමයි මෙහි බැටරි චාජරය සම්බන්ධ වන්නේ.",4 +GPS සම්බන්ධතාවය ඉතාමත් නිවැරදි ලෙස ලබාගැනීමට සමත් නිසා ඔබ සිටින ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියාව තිබෙනවා. මීට අමතරව Google Maps සඳහා මෑතකදී ලංකාවට හඳුන්වා දුන් Google Navigation වුවත් භාවිතකරන්නට හැකියාව තිබෙනවා.,4 +Camera,4 +"S Dous 2 හි කැමරාව පිළිබඳව විශේෂයෙන් සඳහන් කල යුතුයි. පසුපස කැමරාව 5MP වන මෙහි ඉදිරිපස කැමරාව VGA කැමරාවක්. උසස් තත්වයේ ජංගම දුරකථන සමඟ සංසන්ධනය කරන විට නම් ඒ තරම් හොඳ කැමරාවක් නොවූවත් මෙහි කැමරාව සාමන්‍ය එදිනෙදා භාවිතයට නම් කදිමයි. ඒ වගේම විවිධ Modes යොදා ඡායාරූප ලබාගැනීමට හැකිවීමත්, LED Flash එකක් තිබීමත් නිසා අඳුරේදී වුවත් හොඳ ඡායාරූප ලබැගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තත්පරයට රූපරාමු 30කින් 720p HD වීඩියෝ රූගත කරන්නටත් මේ කැමරාව සමත්. එසේ වුනත් ක්ෂණිකයෙන් ඡායාරූප ගැනීමටනම් මේ කැමරාව එතරම් යෝග්‍ය නැහැ. Ram මතකය හො ප්‍රොෙසසරය උසස් තත්වයේ නැත��� නිසා ඡායාරූප නැරඹීමේදීත් ඔබට තරමක් වේලාවක් ගතවනවා. ඒත් එය ඒ තරම් විශාල ගැටළුවක් නෙවෙයි. ඒ වගේම ඉදිරිපස VGA කැමරාව වුවත් හොඳ තත්වයේ Selfie ලබාගන්නට ප්‍රමාණවත්. කෙසේ නමුත් අඳුරේදී නම් මේ තත්වය තරමක් වෙනස්. ඒ වගේම Volume Key එක කැමරාවේ Zoom Key එක විදියටත්, Shutter Button එක ලෙසත් අවශ්‍ය පරිදි වෙනස් කරගන්නට පුළුවන්.",4 +Software,4 +SMS සඳහා default app එක ලෙස Hangout නොපැමිනියත් එය පහසුවෙන් වෙනස් කරගත හැකියි. ඒ හරහා ඔබට පහසුවෙන් ඔබේ Google ගිණුමේ Hangouts සහ SMS පණිවුඩ එකම app එකක් තුලින් යැවිය හැකියි.,4 +වෙබ් බ්‍රවුසරය භාවිතයේදීනම් Google Chrome වෙනුවට Samsung බ්‍රව්සරය භාවිතා කිරීමෙන් lag වීමකින් තොරව වෙබ් අඩවි පරිශීලනයට ඔබට හැකියාව ලැබේවි. මීට අමතරව සැම්සුන් මඟින් නිකුත් කරන ලද Android මෙහෙයුම් පද්ධතිය මෙහි ඇතුලත් නිසා ෆේස්බුක් වැනි ඇප්ස් වල පවා හොඳින් සිංහල අකුරු දර්ශණය කිරීමට මේ ජංගම දුරකථනය සමත්. කෙස් නමුත් Samsung Keyboard එක නම් තරමක් භාවිතයට අපහසු keyboard එකක්. ඒ නිසා ඒ වෙනුවට Swype හෝ වෙනත් Keyboard එකක් භාවිත කිරීම යෝග්‍යයි. එසේ වුනත් එලෙස වෙනත් Keyboard එකක් යොදාගැනීම ඔබේ ජංගම දුරකථනය තරමක් slow වීමට හේතුවක් විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත්වන්න. සැම්සුන් සමාගම විසින් නිරන්තරයෙන් updates නිකුත් කරන නිසා දුරකථනයේ මෘදුකාංග දෝෂනම් ඒ තරම් දකින්නට නැහැ. ඒත් වරක් දෙවරක් force close විය හැකි අතර එය සාමාන්‍යයි.,4 +ග්‍රැෆික්ස් සඳහා Broadcom’s VideoCore-IV චිප් එක භාවිත වන අතර එය Qualcomm Adreno 220 චිප් එකට සමාන ක්‍රියාකාරීත්වක් දකින්නට පුළුවන්. ඒ වගේම සැම්සුන් දුරකථන සඳහාම විශේෂ TouchWiz UI එය මෙහි ඇතුලත් නමුත් ඔබට අවශ්‍ය නම් Android KitKat සඳහා පැමිණෙන Google Now Launcher එක පහසුවෙන් ඔබට Google Play හරහා ස්ථාපිත කරගන්නට පුළුවන්. ඒ හරහා ඔබට Nexus ජංගම දුරකථනයක පෙනුමක් ඔබේ ජංගම දුරකථනය එක්කරගන්නට පුළුවන් වගේම වඩාත් අලංකාර පෙනුමක් එක්කර ගන්නට පුළුවන්. සැම්සුන් TouchWiz UI එකට කැමති අය වගේම අකමැති අයත් බොහෝ දෙනෙක් සිටිනවා. ඒත් සැම්සුන් හි dialer app එකනම් පහසුවෙන් ඇමතුම් ලබාගැනීමට හැකිවන පරිදියි නිර්මාණය කර තිබෙන්නේ.,4 +මේ දුරකථනය පෙනුමින් හා බොහෝමයක් දේ අතින් එක සමාන තවත් දුරකථනයක් වෙළඳපලේ ඇති අතර Galaxy Trend Plus S7580 නමින් හැඳින්වෙන එය එක් සිම්පතක් සඳහා පමණයි සහාය දක්වන්නේ. ඒ නිසා මිලදී ගැනීමට පෙර ඒ පිළිබඳව හොඳින් සොයාබැලීමට ඔබට සිදුවනවා.,4 +Battery,4 +මිලි ඇම්පියර් 1500ක පමණ ලිතියම් අයන් බැටරියේ ආයුකාලය නම් සාමාන්‍යෙයන් දිනක වැඩකටයුතු සඳහා ප්‍රමාණවත්. ඒ වගේම අන්තර්ජාල සම්බන්ධතාව ඇතුව වුවත් අනෙකුත් දුරකථන හා සසඳන විට වැඩි ආයුකාලයක් බැටරිය සක්‍රීය පවතිනවා.,4 +ක්‍රියාකාරීත්වය අතින් නව S Duos දුරකථනය හොඳ මට්ටමක පවතින අතර games හා heavy websites සඳහාත් හොඳින් සහාය දක්වනවා. එකම අවාසිය වන්නේ කාලයක් භාවිත කිරීමත් සමඟ ජංගම දුරකථනය slow වීමයි. බොහෝමයක් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සඳහා පොදු මේ දෝෂය අනවශ්‍ය apps install නොකිරීම මඟින් හා නිතර නිතර clean කිරීමෙන් තරමක් අඩුකරගත හැකියි.,4 +How to Buy,4 +Samsung Galaxy S Dous 2 ජංගම දුරකථනය ලංකාවේදී රුපියල් 16050සිට 25000 දක්වා මුදලකට මිලදීගත හැකියි. දැනට ලංකාවේ අඩුම මිලට මේ දුරකථනය මිලදීගත හැක්කේ Takas.lk වෙබ් අඩවිය හරහා වන අතර අවුරුදු 2ක නිල වගකීම් සහතිකයත් සමඟම රුපියල් 18900ක් පමණ වේ. මීට අමතරව කොළඹ අවට ප්‍රදේශ සඳහා නොමිලයේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් පවා Takas.lk වෙබ් අඩවිය සපයා තිබෙනවා.,4 +ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය අද රාත්‍රීයේදී යළි ත් වරක් බිඳ වැටුණි.,4 +නමුත් මේ වනවිට එය යථා තත්ත්වයට පත් කර තිබේ.,4 +පසුගිය ජුනි 30 වන දා ද ෆේස්බුක් වෙබ් අඩවිය මිනිත්තු 30ක පමණ කාලයක් බිඳ වැටී තිබුණි.,4 +ෆේස්බුක් බිඳ වැටීම විදෙස් මාධ්‍ය ද වාර්තා කර තිබුණි.,4 +අද රාත්‍රීයේදී බිඳ වැටී තිබුණු කාලය තුළ Facebook මුල් පිටුව දිස් වූයේ පහත ආකාරයට ය.,4 +ලිංගික ආශාව මඳ කාන්තාවන් සඳහා ලබාදෙන ෆිල්බැන්සෙරින් නම් ඖෂධයක් ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වේ.,4 +කාන්තා වියාග‍්‍රා ලෙස හැඳින්වෙන මෙම ඖෂධයේ ඇති අතුරු ඵල හේතුවෙන් ඒ වෙත අනුමැති නොදීමට මින් පෙර අවස්ථා දෙකකදීම ආහාර හා ඖෂධ පාලන මණ්ඩලය කටයුතු කර තිබිණි.,4 +18-6ක් ලෙසින් අනුමත කරනු ලැබූවද එම මණ්ඩලය පවසා ඇත්තේ ෆිල්බැන්සෙරින් සතු වාසි හා සමානම හානිකර අතුරු ඵලද පවතින බවයි.,4 +විශාදය සඳහා ඔසුවක් ලෙස මුලින් නිපදවනු ලැබූවද ෆිල්බැන්සෙරින් ඒ සඳහා නොගැලපෙන බව පරීක්‍ෂණ වලදී අනාවරණය වූ අතර කාන්තා ලිංගික ආශාව උද්දීපනය කරන සෙරොටොනින් හා ඩොපැමින් ප‍්‍රතිග‍්‍රාහකයක් ලෙස කටයුතු කරන බවද හෙළි විය.,4 +අවශ්‍ය අවස්ථාවකදී භාවිතා කළ පසු පුරුෂ ලිංගය වෙත රුධිර සංසරණය ඉහළ දමමින් පැය කිහිපයක් පුරා එය සෘජුව පවත්වා ගන්නා වියාග‍්‍රා පෙත්ත මෙන් නොව කාන්තා වියාග‍්‍රා ඖෂධය කාන්තාවන් විසින් දිනපතාම ලබාගත යුතු වේ.,4 +ෆිල්බැන්සෙරින් නිෂ්පාදනය කළ ස්ප්‍රෞට් ෆාමසියුටිකල්ස් සමාගම විසින��� සති 24ක පමණ කාලයක් මුළුල්ලේ සිදුකළ පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ඖෂධය භාවිතා කළ කාන්තාවන්ගෙන් 40-60%ක් පමණ සාර්ථක ප‍්‍රතිඵල ලැබූ බවයි.,4 +කෙසේවෙතත් එහි සාර්ථකත්වය 10%ක් පමණක් බව පැවසේ. ඒ අනුව මසකට දෙවරක් තුන්වරක් පමණ ලිංගිකව එක්වූ කාන්තාවන්ගේ ලිංගික ක‍්‍රියාකාරීත්වය කාන්තා වියාග‍්‍රා ගත් පසු මසකට සිව්වරක් පමණ වනු ඇතැයි පැවසේ.,4 +Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයේ රටවල් 56ක තරඟකරුවන් 317ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලාංකික නිර්මාණයක් වන Mogo Reader ඇන්ඩ්‍රොයිඩ් යෙදුම (app) සමත් වී ඇත.,4 +"තාක්ෂණික ලෝකයේ නැඟී එන ව්‍යාපාරිකයින් ඇගයීමක් ලෙස සංවිධානය කල මේ තරඟයේදී ව්‍යාපාරයේ නවමු බව, ව්‍යාපාරයේ පැවැත්ම වගේම එම ව්‍යාපාරයේ කෙතරම් දුරට ඉහළ නැංවීමට හැකිද, ව්‍යාපාරය පසුපස සිටින අය සහ මෙතෙක් ව්‍යාපාරය පැමිණ ඇති ආකාරය ගැන සලකා බලා ලකුණු පිරිනැමීම සිදුකර ඇත. ඒ වගේම අවසන් වටය සඳහා මනාප වටයක් පැවති අතර ඒ වටයේදී Mogo Reader හා එහි නිර්මාතෘන් පිළිබඳව Google සමාගම විසින් නිර්මාණය කරන ලද වීඩියෝ පටයට හිමි මනාප ගණන සැලකිල්ලට ගන්නා ලදී.",4 +සරලම කියතොත් Mogo Reader මඟින් සිදුකෙරෙන්නේ දිනපතා පළවන ප්‍රවෘත්ති පහසුවෙන් කියවිය හැකි මෘදුකාංගයක්. එහි විශේෂත්වය නම් ඔබට කැමති පරිදි අවශ්‍ය ප්‍රවෘත්ති පමණක් සොයාබැලිය හැකි වීමයි. උදාහරණයක් විදියට ඔබ ක්‍රීඩා පුවත් වලට කැමති කෙනෙක් නම් ලංකාව පුරා විවිධ පුවත් මූලාශ්‍ර වලින් ක්‍රීඩා පුවත් වෙන්කර ඔබට ලබාදීමට Mogo Reader හට හැකියාව තිබෙනවා.,4 +"“මේ ගෙවෙන්නේ ලංකාවේ startup සම්ප්‍රදායේ විශාල පිබිදීමක් ඇති අවධියක්. ලැප්ටොප් එකක්, අන්තර්ජාල සම්බන්ධතාවක් පමණක් තිබෙන කෙනෙකුට වුනත් අද පෙරළිකාර නිර්මාණ සිදුකරන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඔබේ අදහසත් අදම ක්‍රියාවට නංවන්න. මීලඟ ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, බිල් ගේට්ස් අපට ලංකාවෙන් බිහිකරන්න පුළුවන්. ඒකට කාගෙන්වත් බාධාවක් නැහැ.”",4 +මේ ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර වෙළඳපල හා තරඟකිරීමට හැකියාව ඇති නිර්මාණ බිහිකිරීමට තමන් බලාපොරොත්තු වන බව Mogo Reader හි නිර්මාතෘවන විමුක්ති ලියනගේ අප වෙත පවසා සිටියා.,4 +විමුක්ති ලියනගේ හා ෂමීර වීරසිංහ යන තරුණයින් දෙපළ විසින් පවත්වාගෙන යන Mogo Solution Private Limited සමාගම මීට පෙර දෙස් විදෙස් ආයෝජකයින්ගේ දායකත්වයෙන් පැවැත්වෙන Venture Engine තරඟයේ අවසන් වටයට තේරී පත්ව මූලික ප්‍රග්ධනය ලබාගැනීමට සුදුසුකම් ලැබුවා.,4 +මේ ජයග්‍රහණය නිසාවෙන් ලංකාව තුල තාක්ෂණික දියුණුව ඇති කිරිම සඳහා GBG Sri Lanka එකමුතුව වෙනුවෙන් ද මූල්‍යමය ආධාර සපයා දෙන බවයි Google ආයතනය පවසන්නේ.,4 +"පසුගිය දවසක සිංහල භාෂාව Google Translator වෙත එක්වීමත්, Android Lollipop සදහා සිංහල භාෂාව සහාය දැක්වීමත්, Google Street View මෝටර් රථ ලංකාවට පැමිණිමත් වැනි කාරණා සලකන කල තාක්ෂණික ලෝකය තුල මේ පුංචි ලංකාව හිමිකරගෙන ඇති තැන පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.",4 +Intelසමාගමේ 2015 වසර සඳහා පෙරදැක්ම හා පසුගිය වසරේ තොරතුරු සමාලෝචන සඳහා පසුගිය දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී ඉන්ටෙල් ශ්‍රී ලංකා සභාපති ඉන්දික ද සොයිසා තාක්ෂණික ක්ෂේත්‍රෙය් වේගවත් නව්‍යකරණය පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේයි.,4 +ඉන්දික ද සොයිසා විසින්,4 +තාක්ෂණික ලෝකයේ කිසිවක් නිශ්චලව නොපවතී. පෙර නොදුටු පරිසි එදිනෙදා ජීවිතයේ දත්ත විශාල ප‍්‍රමාණයක් රැුස් කිරීම සහ කළමනාකරණය කළ හැකි නව්‍යතා රැසක් පිරිනමන මොබයිල් සහ ගණන උපකරණයන් අද වෙළෙදපොළ ආක‍්‍රමණය කර ඇත.,4 +"සියළුම තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයන් තුළ දැකිය හැකි වේගවත් නව්‍යකරණය, තාක්ෂණය සහ ගණන බලය අපගේ දෛනික ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් කරන සමෝධානිකරණ යුගය කරා අප ගෙන යාම සඳහා 2015 වර්ෂයේ දීත් එලෙසම අඛණ්ඩව පවතිනු ඇත.",4 +මේ සඳහා ආසියානු පැසිපික් කලාපය සහ ජපානය නායකත්වය සපයනු ඇත.,4 +පරිගණක විකාශනය,4 +සමෝධානිකරණ යුගය (Era of Integration) කරා පියවර තැබීමට අපිට සහාය වෙමින් ස්මාර්ට් උපකරණ මෙම නව යුගයේ ඵලදායිතාවය වර්ධනය කරයි. හැකිලිය හැකි තිරයේ සිට ඉහළ ක‍්‍රියාකාරිත්වයකින් යුත් අඩු බලයකින් ක‍්‍රියාත්මක වන ආකෘති සහ සැහැල්ලු සාධාරණ අනෙකුත් සම්බන්ධක ද්‍රව්‍ය හා ස්වයංක‍්‍රීයව කථා කරන සාධාරණ මිලකට ලබා ගත හැකි සේවාවන් වැනි නව හැකියාවන් අපි දැන් දකින්නෙමු.,4 +"අපි තවදුරටත් මූලික මට්ටමේ සම්බන්ධතාවයක් ඇති එක් උපකරණයක් පමණක් තිබෙන පරිසරයක ජීවත් නොවෙමු. දැන් අපි ස්මාර්ට්ෆෝන්ස්, ටැබ්ලට් සහ PCs වැනි පුද්ගලික මට්ටමේ සැබෑ අත්දැකීමක් පිරිනමන විවිධ උපකරණ භාවිත කිරීමට පෙළඹී ඇත. අපි තිර (ස්ක‍්‍රීන්) සහ උපකරණ ලෝකයේ සිට පරිපූර්ණ අත්දැකීමක් කරා ගමන් කිරීමත් සමඟ පරිගණක ද ක‍්‍රමයෙන් වෙනස් වේ.",4 +‘‘ඊළඟ වසරේ දී පරගණක ක්ෂේත‍්‍රයේ මීළඟ යුගය වන ‘තිර රහිත’ පරිගණක යුගයට එනම් GPS ඔරලෝසු සහ එකිනෙකට සම්බන්ධ ගෘහ ���පකරණ වැනි අපි අවට පවතින උපකරණයන්හී ගණන බලය පවතින යුගයකට අපි පිවිසෙන්නෙමු.’’යැයි ඉන්ටෙල් අනාගතවාදියා බ‍්‍රයන් ඬේවිඞ් ජොන්සන් පැවසුවේ ය.,4 +ඉන්ටෙල් ආසියානු පැසිපික් සහ ජපාන ආයතනයේ උපසභාපති සහ සාමාන්‍යාධිකාරී ටිම් පාකර් මහතා ඔහුගේ කියමන සනාථ කරන ලදි. අපි සමස්ථ උපකරණ සමූහයටම නව තාක්ෂණය සහ හැකියාවන් එක්කරන තාක්ෂණ රැල්ලේ මුදුන් හිනිපෙත්තේ සිටින්නෙමු. නව්‍යතාවයන් විසින් නව කරළි සහ උපකරණ,4 +අඛණ්ඩව බිහි කරනු ඇත.’’,4 +චීන තාක්ෂණ පරිසර පද්ධතියන්හී (බහුතරය CTE ලෙසින් හඳුන්වන) සන්නම්නාම සහ 2015 සහ ඉන් ඉදිරියට නව්‍යතා බිහිකරමින් ඒ සඳහාම කැපවූ නව්‍යතා මධ්‍යස්ථාන සමඟ ආසියානු පැසිපික් සහ ජපානය මෙම ගණන නව යුගය ඉදිරියට රැගෙන යන තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ වැදගත්ම හවුල්කරු වේ.,4 +සම්බන්ධක උපකරණයන්ට බලපෑම් කරමින් ඉදිරි වසරේ සිදුවන ප‍්‍රධානතම විකාශනය වනුයේ රැහැන් රහිත ආරෝපණය කිරීමේ හැකියාවන් බිහි වීම ය. අපි තව නොබෝදිනකින් අපගේ උපකරණ රැස සමඟ සම්බන්ධවන සහ ඒවා පාලනය කරන ආකාරයේ විශාල පෙරළියක් කරමින් රැහැන් රහිත ලොවකට පිවිසෙනු ඇත.,4 +2015 වසර රැහන් රහිත ආරෝපණයේ මුල් අවධිය බැවින් මෙය සුවිශේෂි සේවාවක් ලෙස ඉහළ පෙළේ උපකරණයන් සඳහා පමණක් මුලින් පිරිනමනු ඇත. නමුත් ඉතාමත් කෙටි කාලයකින් කෝපි සාප්පු සහ අනෙකුත් එවැනි මහජනයා ගැවසෙන ස්ථාන රැහන් රහිත ආරෝපණ කලාප බවට පත්වෙමින් පාරිභෝගිකයන්ගේ යහපත සඳහා එම සේවාව පිරිනමනු ඇත. ‘‘මෙය ලැබීමට පෙර අපි කළේ කුමක් ද යන්න පිළිබඳ පුදුමයට පත්වන දේවල් වලින් එකක් බවට මෙය පත්වෙනු ඇතැයි’’ ඉන්ටෙල් සමාගමේ මොබයිල් සහ සන්නිවේදන සමූහයේ සාමාන්‍යාධිකාරී සහ ඉන්ටෙල් උපසභාපති හර්මන්,4 +බොහෝ දේවල් සමඟින් අන්තර්ජාලය,4 +මනුෂ්‍ය මැදිහත්වීමක් නොමැතිව දත්ත හුවමාරු කිරීමේ හැකියාව පිරිනමන සුවිශේෂි හඳුනාගැනීමේ ලක්ෂණ සමඟ ́නෑම දෙයක් ඉදිරිපත් කළ හැකි බොහෝදෙනාගේ කථාබහට ලක්වන අන්තර්ජාලීයකරණය සමෝධානික යුගයේ ප‍්‍රධාන කොටස්කරුවෙකි.,4 +"හෘදය අධීක්ෂණය කිරීමේ උපකරණයක් ඇතුළු කළ පුද්ගලයෙක්, එංජිම අධික ලෙස රත්වී ඇතැයි පැවසිය හැකි තරම් සංවේදක පවතින මෝටර් රථයක් හෝ පුහුණු ආතතිය සහ තරඟකිරීමේ දි ශරීරයේ ප‍්‍රතික‍්‍රියා අධික්ෂණය කළ හැකි පතුරක් (චිප්) සහිත මළල ක‍්‍රීඩකයෙක් පිළිබඳ සිතන්න.",4 +‘‘පාරිභෝගිකයන් අන්තර්ජාලීයකරණය වැළද ගනු ඇත. නමුත් ඔවුන් එය හරි ���ැටි අවබෝධ කර නොගනී’’ යැයි ඉන්ටෙල් පරීක්ෂණාගාර: ඉන්ටෙල් සාමාජික සහ භාවිතකරන්නන්ගේ අත්දැකීම් පර්යේෂණ අධ්‍යක්ෂක උපසභාපති ජීන්වීව් බෙල් මහතා පැවසුයේ ය. ‘‘සෑම තාක්ෂණයක් සමඟම පවතින අභියෝගය වනුයේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව වැනි කාරණා වැඩිදියුණු කරමින් හැකිතරම් පැහැදිලිව සහ සරලව එය පැහැදිලි කිරීම ය. නමුත් අන්තර්ජාලීයකරණය සැලකිල්ලට ගත් කළ මෙම කාරණා පුද්ගලයින් එය භාවිත කිරීම වැළැක්වීම සඳහා හේතු වී නොමැත.’’,4 +2015 වසරේ සමෝධානික යුගය කරා අපි අඛණ්ඩව ගමන් කිරීමේ දී අපිව එම යුගය කරා මෙහෙයවන ප‍්‍රධාන බලවේගයක් ලෙස අන්තර්ජාලීයකරණය හැදින්විය හැකි ය.,4 +"’‘අපගේ ජීවිතයේ විවිධ අංශ සම්බන්ධ කරන විවිධ උපකරණ සමඟ කාර්මික, ඇදුම්පැළදුම්, නිවාස, මෝටර් රථ සහ තවත් බොහෝමයක් දෑ අඩංගු සියළුම අංශ සඳහා අන්තර්ජාලීයකරණය අදාල වේ. ‘‘වඩාත් වැදගත් වනුයේ කොතරම් ඉක්මනින් අන්තර්ජාලීයකරණය වර්ධනය වන්නේ ද සහ අවසාන පාරිභෝගිකයාගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව යන කාරණා සඳහා විසදුම් ලබා දෙමින් දත්ත ගවේෂණය සහ විශ්ලේෂණය සමඟ එහි වටිනාකම ක්ෂේත‍්‍රය විසින් උකහා ගන්නේ කෙසේ ද යන්න ය.’’ යැයි ඉන්ටෙල් උපසභාපති සහ මෘදුකාංග සහ සේවා සමූහයේ සාමාන්‍යාධිකාරී ඩග්ලස් ෆිෂර් මහතා පැවසුවේ ය.",4 +IDC අනුව අන්තර්ජාලීයකරණය පරිසර පද්ධතිය සමඟ සම්බන්ධ වී ඇති උපකරණ සංඛ්‍යාව වැඩිවීම සමඟ දත්ත ඇතුළත් කරන ප‍්‍රමාණය ද ඉතාමත් වේගයෙන් වර්ධනය වන අතර 2020 වසරේ දී එය බිලියන 200 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂිත ය. ඇත්ත වශයෙන්ම වසර දෙකකට වරක් දත්ත ප‍්‍රමාණය දෙගුණයක් වන බව IDC පවසන අතර 2020 වන විට අපි දත්ත ඇතුළු කරන සහ පිටපත් කරන ඩිජිටල් විශ්වය සෙටාබයිට් 44 හෝ ටි‍්‍රලියන් ගිගාබයිට් 44 සීමාවට ළඟා වනු ඇත.,4 +"ඒ අනුව ඉදිරි වසර තුළ දී අඛණ්ඩ වර්ධනය මෙහෙයවීමෙහිලා කළමනාකරණය සහ දත්ත රැස්කිරීම සම්බන්ධයෙන් වඟකිව හැකි තාක්ෂණ, යටිතලපහසුකම් සහ ප‍්‍රමීතීන් විකාශනය වනු ඇත. මෙම දත්තයන්හී වටිනාකම වැඩිදියුණු කිරීම වෙළෙදපොළ වර්ධනය කරා මෙහෙයවන අතර අපි ගණන විද්‍යාවේ සීමාවන් ව්‍යාප්ත කිරීම සමග මෙය සෑම සේවාවකම අනිවාර්ය අංගයක් බවට පත්වේ.",4 +"සමෝධානික යුගය ආරම්භ වීමත් සමඟ ලොවවටා විසිරී සිටිනා ජනතාවට විශේෂයෙන් ක්ෂණිකව වෙනස්වීමට කැමති පිරිසට විශාල වටිනාකමක් අත් කර දෙමින් අන්තර්ජාලීයකරණය දෛනික ජීවත පෝෂණය කරන අතර රාජ්‍ය කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම, ව්‍යාපාරයන්හී පෙරලියක් ඇති කිරීම සහ ඵලදායිතාවය වර්ධනය කිරීම සඳහා දායක වේ.",4 +"පාරිභෝගිකයන්ට සහ පොදු ජනතාවට උසස් අන්තර්ජාලීයකරණ සේවාවන් පළමුවෙන්ම පිරිනැමූ ප‍්‍රධාන ක්ෂේත‍්‍ර අතර රාජ්‍ය, නිෂ්පාදන, රීටේල්, සෞඛ්‍යාරක්ෂාව, මෝටර් රථ සහ නිවාස අංශ වේ. වර්ධනය වූ කාර්යක්ෂමතාවය සමඟ වර්ධනය වූ ක්ෂේත‍්‍රයන්ගේ දැඩි අවශ්‍යතාවය නිසාම පමණක් නොව අඛණ්ඩ තාක්ෂණික සංවර්ධනයන් 2015 වසරේ දී විශාල ලෙස භාවිත වනු ඇත. උදාහරණයක් ලෙස නවතම කර්මාන්ත ස්වයංක‍්‍රීයකරණ පද්ධතිය සමඟ සම්බන්ධිත අන්තර්ජාලීයකරණය භාවිත කරන මැලෙසියාවේ ඉන්ටෙල් කර්මාන්තශාලාව ඩොලර් මිලියන 09 ක ඉතිරියක් පිරිනැමීමට සමත් විය.",4 +නව පරිගණක ලොව,4 +"සමෝධානික යුගය එහි සිටින සියළුදෙනාටම හිතකර අනාගතයක් බවට පත් කරමින් පැළදිය හැකි සහ 3D ඉමේජින්, නව්‍යතා වැනි නව සාධක, හැකියාවන් සහ අත්දැකීම් දැකිය හැකි අපගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට ගැලපෙන, භාවිත කිරීමට පහසු ස්මාර්ට් උපකරණ 2015 වසරේ දී භාවිතයට පැමිණෙනු ඇත. තවත් මොනව ද, 3D මුද්‍රණයේ අඛණ්ඩ සංවර්ධනය සමඟ ව්‍යාපාර සහ පාරිභෝගිකයන් රොබොටික් ලොව අත්දකිනු අපිට දැකිය හැක.",4 +ලෝක වාසීන් විසින් මෙම නව පරිගණක යුගය වැළද ගැනීමට නම් අවසන් පාරිභෝගිකයාට මෙමඟින් ලැබෙන ප‍්‍රතිලාභ සහ යහපත් බලපෑම පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් ය. උදාහරණයක් ලෙස වියට්නාමයේ නඟරයක් වන ඩ නැන්ග් එම නඟරයේ යටිතලපහසුකම් ගොඩනැගීම සහ මෙහෙයවීම සඳහා උසස්ම තාක්ෂණය භාවිත කරමින් ආසියානු පැසිපික් කලාපයේ පළමු ස්මාර්ට් නඟරය බවට පත් කරන ලදි. මේ හරහා එහි නඟරවැසියන්ට සහ ඒ වෙත පැමිණෙන්නට වඩාත් හොඳ සේවාවක් සැපයීමට ඔවුනට හැකියි.,4 +"අපි මෙම නව පරිගණක යුගය වැළද ගනිමින් 2015 වසරට පියනඟන බැවින් පවත්නා සහ අනාගත ශ‍්‍රම බලකාය මෙම නව යුගය තුළ සාර්ථකත්වයට හේතුවන කුසලතාවයන්, දැනුම සහ උපකරණවලින් සන්නද්ධ කිරීම ඉතාමත් වැදගත් ය. කුසලතා හිගකම සමීක්ෂණයට අනුව 2013 වසරේ පැවති පුරප්පාඩු වලින් 45% සම්පූර්ණ කිරීමට ආසියානු පැසිපික් කලාපයේ සේවායෝජකයන් අසමත් විය. මෙම නව පරිගණක යුගයේ බිහිවන නව්‍යාතවයන්ගේ මල්ඵල නෙලා ගැනීමට කලාපය අඛණ්ඩව ක‍්‍රියා කරන්නේ නම් සියළුදෙනාටම නව අවස්ථා බිහිකිරීම සඳහා මෙම හිදැස් පිරවීමෙහිලා ඉක්මනින් ක‍්‍රියා කිරීම ඉතාමත් වැදගත්.",4 +"Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ ���ිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව 2014 වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීඹට සමත් වූ මාතෘකා ඇතුලත් වීඩියෝ පටයක් පසුගියදා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කලා. Google සෙවුම් යන්ත්‍රය යොදාගනිමින් කරන ලද සෙවුම් පිළිබඳ දත්ත අනුසාරයෙනුයි මේ ලැයිස්තුව සකස් කර ඇත්තේ. ඒ වගේම විවිධ රටවල් වල ගූගල් භාවිත වන අයුරු විශ්ලේෂණයෙන් ඒ ඒ රටවල් වලට වෙන වෙනමත් ලැයිස්තු සාදා තිබෙනවා.",4 +හැබැයි ලංකාව ගැන නම් අහන්න ලැබෙන්නේ ඒ තරම් සතුටු දායක පුවතක් නෙවෙයි. ඒ අනුව Sex ලෙස search කල රටවල් අතරින් මුල්තැනට අඛණ්ඩව 3 වන වරටත් පැමිණ සිටින්නේ ලංකාවයි. ලංකාවේත් හෝමාගම ප්‍රදේශයේ අය තමයි Sex කියලා වැඩියෙන්ම search කරලා තියෙන්නේ.,4 +කොහොම වුනත් පහුගිය වසරේ search කළ දේවල් ගැන හොඳ අවබෝධයක් ගන්න නම් මේ වෙබ් අඩවියට ගිහින් ටිකක් වැඩිපුර හොයලා බලන්න.,4 +අත්‍යවශ්‍යම වෙලාවක ජංගම දුරකථනයේ බැටරිය බැහැලා කියන එක සාමාන්‍යයෙන් අද කාලේ කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්ණ වලින් එකක්. ඉතින් ඒකට අපූරු විසඳුමක් තමයි අද අපි කියන්න යන්නේ. බොහෝම සරල විසඳුමක්. වෝල්ට් 9ක බැටරියකින් පහසුවෙන් හදාගන්න පුළුවන් මේ චාජරයෙන් ඔබේ ජංගම දුරකථනයට හානියක් වෙන්නේ නැහැ.,4 +"මේ වැඩේට අවශ්‍ය වෙන්නේ 1. කාර් චාජරයක්, 2. ලෝහ කැබැල්ලක් (යතුරක් වගේ දෙයක්) 3. වෝල්ට් 9 බැටරියක්. පහත වීඩියෝවේ පෙනෙන විදියට කාර් චාජරයේ ලෝහ කොටසට ඔබ සොයාගත් ලෝහ කැබැල්ල සම්බන්ධ කරගන්න. පසුව ඔබේ ලෝහ කැබැල්ලේ අනෙක් අග්‍රය බැටරියේ සෘණ අග්‍රයටත්, කාර් චාජරයේ අග්‍රය ධන අග්‍රයටත් සම්බන්ධ කරගන්න.",4 +ඉතින් මේ වැඩේ හැමදාම කරන්න නම් කවුරුවත් උත්සාහ කරන එකක් නෑ කියලා හිතනවා. හැබැයි හදිස්සිම වෙලාවකට වැඩේ නරකමත් නෑ නේද?,4 +Nexus 5 ජංගම දුරකථනයට කැමති අයට තරමක් කණගාටුදායක පුවතකුයි මේ කියන්න යන්නේ. අද පටන් Google සමාගම විසින් රතු පැහැ සහ සුදු පැහැති Nexus 5 ජංගම දුරකථන අලෙවිය නවතා තිබෙනවා. ඒ වගේම නුදුරේදීම Nexus 5 කළු පැහැ සංස්කරණයත් මෙලෙස ඉවත් කරනු ඇති බවයි පැවසෙන්නේ.,4 +Nexus 6 නව ජංගම දුරකථනය එළිදැක්වීමෙන් පසුව කෙමෙන් කෙමෙන් Nexus 5 නිෂ්පාදනය අඩු කර දැන් සම්පූර්ණයෙන්ම නිෂ්පාදන කටයුතු නවතා ඇති අතර දැනට පවතින තොග අවසන් වූ පසුව Google Play Store හරහා මිලදීගැනීමට හැකියාව නොමැති වේ.,4 +"KitKat මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන මෙන්ම නවතම මෙහෙයුම් පද්ධතිය වීම, ක්‍රියාකාරීත්වය අතින් ඉහ�� මට්ටමක පැවතීම, සුපිරි සිත් ඇදගන්නා පෙනුම සහ තිරය.",4 +"බැටරි ජීව කාලය අස්ථාවර වීම, කැමරාව සුපිරි මට්මක නොවීම.",4 +"මෑතකදී Google සමාගම සහ LG සමාගම එකතු වී නිකුත් කරන ලද Nexus 5 ජංගම දුරකථනය අංශ කිහිපයකින්ම සුපිරි ජංගම දුරකතනයක් ලෙස හැඳින්විය හැක. එහි උසස් නිමාව නිසා උසස් භාවිතයකට කදිමය. වේගවත් මෙන්ම ප්‍රභල දෘඩාංග ( Hardware ) නිසා ක්‍රියාශීලී බවින්ද ඉහලය. එමෙනම මෙහි ඇති විශාල තිරයද උසස් තත්වයෙන් පවතී. Android KitKat මෙහෙයුම් පද්ධතිය සහිත ප්‍රථම ජංගම දුරකතනය ද මෙයයි. මෙම නව මෙහෙයුම් පද්ධතිය functionality අතින් පමණක් නොව user interface අතික්ද, Android මෙහෙයුම් පද්ධතිය ලොව අංක එකේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය බවට ඔසවා තබා ඇත. බැටරි බලය එතරම්ම හොඳ මට්ටමක නොතිබුනත් එක් වැඩ කරන දිනක් සඳහා ප්‍රමාණවත් බලයක් ගබඩා කරගැනීමට ප්‍රමාණවත් ය.",4 +වඩාත් වැදගත්ම දෙය වන්නේ මෙහි මිල යි. ඇමරිකානු ඩොලර් $369 වැනි සුළු මුදලකට මිලදී ගත හැකි Nexus 5 ජංගම දුරකතනය රුපියල් 57000ක් වැනි සුළු මුදලකට කප්රුක හරහා අප රටටද ගෙන්වා ගත හැක. එවැනි මුදලකට මිලදී ගත හැකි අනෙකුත් Samsung හෝ Nokia දුරකතන හා සසඳන විට Nexus 5 සුපිරි නිපැයුමකි.,4 +දැනට වෙළඳ පොලේ ඇති ජංගම දුරකතන අතුරින් හොඳම යන ලේබලය මේ දුරකතනයට හිමී නොවීමට එකම හේතුව වන්නේ මෙහි කැමරාවයි. එසේ වුවත් සාමාන්‍ය එදිනෙදා ජායාරූප ගැනීම සඳහා මෙහි 8 MP කැමරාව ප්‍රමාණවත් ය. මා දකිනා අයුරින් මෙහි ඇති කැමරාවේ ප්‍රධාන දෝෂය වන්නේ ජායාරූපයක් ගැනීමට ගතවන කාලය තරමක් වැඩි වීමයි. එලෙසම Low Light ජායාරූපද Nokia කැමරාවක් හා සසඳන විට ඉහල මට්ටමක නැත.,4 +UPDATE: Android 4.4.1 මෙහෙයුම් පද්ධතියේ දී පෙර පැවති කැමරා දෝශ සියල්ලක්ම පාහේ නිරාකරණය කර ඇත.,4 +"ඒ හැරුණු විට රුපියල් 57000ක් වැනි සුළු මුදලකට Galaxy S4, iPhone 5S හෝ Nokia Lumia 1020 වැනි සුපිරි මිල අධික ජංගම දුරකතනයක අත්දැකීමක් ලබාගැනීමට නම් ඔබ අනිවාර්යයෙන්ම උත්සහ කර යුතු මෙවලමකි.",4 +"Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා. සිංහල භාෂාවට අමතරව තවත් භාෂා 10ක් අද පටන් Google Translation වෙත එක්වේ.",4 +ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට https://translate.google.lk/#si/en/ වෙත පිවිසෙන්න.,4 +Google ���ිංහල පරිවර්ථන සතිය හරහා මේ පරිවර්ථන දත්ත ගූගල් වෙත ලබාදුන් සියළුම පරිවර්ථකයින්ටත් ගූගල් සමාගමේ ලාංකික නියෝජිතයින්ටත් අපගේ ප්‍රණාමය. ඒ වගේම මේ පරිවර්ථන කටයුතු සඳහා ඔබේ දායකත්වයත් ලබා දෙන්නට අමතක කරන්න එපා. ඒ සඳහා ඔබ දකින වැරදි අඩුපාඩු නිවැරදි කර තවත් උසස් තත්වයේ සේවාවක් සැපයීම සඳහා සහාය වන්න.,4 +Google Map කියන්නේ අපිට අලුත් දෙයක් නෙවෙයි. ඒත් StreetView නම් ඒ තරම් ලංකාව තුල ප්‍රචලිත නැහැ. ඒකට ප්‍රධානතම හේතුවක් වුනේ මේ වනතෙක් Google Map Street View ලංකාව සඳහා සහාය දැක්වූයේ නැති නිසයි. නමුත් අද සිට ඒ අවස්ථාව ලාංකිකයින් වන අපට උදාවෙනවා.,4 +මේ වන විට රටවල් 63ක් ආවරණය කර ඇති ගූගල් ස්ට්‍රීට් විව් වැඩසටහන ගූගල් සිතියම් වල ඉතාමත් ජනප්‍රිය අංගයක්. ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක හාත්පස පැතිරුණු දර්ශණයක් (360 Panoramic View) දැකබලාගැනීමේ අවස්ථාව උදා වනවා.,4 +"අද පටන් විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ මඟින් විවිධ මාර්ගවල අංශක 360 ඡායාරූප ගැනීම සිදුකෙරේ. යාපනය, මාතර සහ ආරුගම්බේ යන ප්‍රදේශ වලින් ආරම්භ වන මෙය දිගු කාලීන ආයෝජනයක මුල් පියවරක් ලෙස හඳුන්වන්නට පුළුවන්.",4 +ස්ට්‍රීට් විව් හරහා ශ්‍රී ලංකාව දැකබලාගත හැකි දිනය නිවේදනය කිරීමට ගූගල් සමාගම නුදුරේදීම කටයුතු කරනු ඇති අතර එවිට maps.google.lk වෙත පිවිසී මේ නවමු ඇත්දැකීම විඳගැනීමට හැකියාව ඔබටත් ලැබේවි.,4 +මෙවර විශ්ව රූ රැජින වෙනුවෙන් ජපාන‍යෙන් තේරීපත්වූයේ අරීනා මියමොටෝය.ඇය තේරීපත්වීමත් සමගම ජපන් ශුද්ධ වාර්ගිකත්වයක් නියෝජනය කළ ඇයගේ මිතුරිය කිරුළ තමාට අහිමිවීමේ සිත්වේදනාවෙන් සියදිවි නසාගත්තාය.වර්ණ සමින් යුත් ඇය කළු පැහැති මිතුරියට ජයග්‍රහණය හිමිවීමෙන් දැඩි කම්පාවට පත්ව සිටියාය.ඒ නිසාම ඇය අරීනාටද විටෙක ‍බැණවැදුණාය. අවසන ඇය දිවි තොර ගනු ලැබීය. මෙම සිදුවීමත් සමග අඩියක් පස්සට තැබූ මියමොටෝ ජපන් සමාජය පුරාපැතිර ඇති වාර්ගික බාධාවට එරෙහිව අරගල කිරීමේ මාවත තෝරාගෙන තිබේ.බ්‍රිතාන්‍ය සුපිරි නිරූපිකා නයෝමි කැම්බල් එක් පරම්පරාවකට ඉහතදී මෙම සංස්කෘතික බාධක බිඳ ජයග්‍රහණය කළාය. මියමොටෝට ඇය පරමාදර්ශයකි.,2 +"""මම මුරණ්ඩුයි""අරීනා මියමොටෝ අවධාරණය කරයි.ඇය ජපන් මවකට හා කළු අමෙරිකානු පියෙකුට දාව උපන්නාය.ඉකුත් අඟහරුවාදා දිනය වන විට ඇයට වයස අවුරුදු 21 කි.",2 +"""මට විවේචන දරාගෙන පුරුදුයි.ඒක සියලුදෙනාට කළ රිදවීමක් හැටියට පිළිනොගන්නේනම් ඒක බොරුවක්. ���ුරකථනය නාදවෙද්දී මං නැගිට දුරකතනයට ප්‍රතිචාර දක්වද්දී ඇමතුම් දෙන අය මාව පීඩාවට පත්කරනවා.නමුත් එම විවේචන මට අතිරේක උත්තේජනයක් සපයනවා.""ඇය සිහිපත් කරයි.එහෙත් ඇය වඩාත් කම්පාවන්නේ තමාට එල්ලවන විවේචන නිසා නොවේ.",2 +"""‍රෑ රැජිනක් වුණු මගේ මිතුරියගේ මරණය තරම් මට වෙනත් කිසිදු බලපෑමක් දැනුණේ නෑ.මගේ අවසන් අරමුණ වන්නේ වාර්ගිකත්වය නිසා වෙනස්ව සැලකීම පිළිබඳ සමාජය දැනුවත් කිරීමයි."" ඇය අවධාරණය කරයි.",2 +නාගසාකි නගරයට ආසන්න සසෙබෝ වරාය නගරයේ ජීවත්වන ඇය කුඩා කල පාසලේදී මිතුරු මිතුරියන්ගේ උසුළු විසුළු වලට ලක්වූ ආකාරය මෙනෙහි කරයි.,2 +"ජපානයේ පළමු කළු විශ්ව රූ රැජින වුණු මට දැන් ඒ පණිවිඩය ගෙනයාම සඳහා කදිම වේදිකාවක් නිර්මාණය වෙලා තියෙනවා.ඒක පටන් ගැනීම කොයිතරම් ආයාසකාරී අත්දැකීමක්ද කියන එක දැන් මට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසාම නයෝමි කැම්බල්ට මම හැමවේලේම ගරු කරනවා.ඇයගේ ආරම්භය පුදුම සහගතයි""",2 +ඉකුත් මාර්තුවේ මියමොටෝ ජයග්‍රහණය කිරීමත් සමග සමාජජාල වෙබ් අඩවිවල එය විවේචනය කිරීම ආරම්භ විය.එමගින් ජපානයේ පාරිශුද්ධත්වයට කෙතරම් හානිවී ඇත්දැයි තර්ක කර තිබුණි.රත් පැහැයට හුරු දුඹුරු මිශ්‍ර සමේ වර්ණයෙන් යුතු මියමොටෝ අඩි පහයි අඟල් අටක් උසය.ඇයගේ උසද කලෙක ඇය ගර්හාවට ලක්වීමට හේතුවක් විය.,2 +"""මං කුඩා කාලයේ දැඩි ලෙස සමච්චල් කිරීමට ලක්වුණා. ඒත් මං ඒවායින් මානසිකව ශක්තිමත් වුණා.ඒක මගේම ආරක්ෂාව සඳහා උපකාරි වුණා.""ප්‍රථම භාෂාව, ජපන් භාෂාව වුවද ඇය ජපන් සිරුරකට හිමිකම් නොකීවාය.ඒ නිසාම ඇයගේ දිගැටි නාසය නිරන්තරයෙන් උපහාසයට ලක්විය.",2 +"""පුංචි කාලයේ එහෙව් සරදම් වින්දාට මට තදින් දැනුණු දෙයක් තිබුණා. එය නම් මං අනිත් අය වගේම ශක්තිමත් කියන එක.ඒ නිසාම අන් අයගේ අවධානය දිනා ගැනීමට අමුතුවෙන් උත්සාහ කළ යුතු නැති බව මං හිතුවා.නමුත් මට දැනෙන දේ දැන් මට කියන්න පුළුවන්.මං ඒ දේවල් මගේම විදිහකට කියනවා""මියමොටෝ මේවන විට වෙනදාටත් වැඩිය දැඩිය.අධිෂ්ඨානශීලිය.",2 +"""මට විප්ලවයක් ආරම්භ කිරීමට අවශ්‍යයි"" ඇය සිනාවෙමින් කියයි. එහෙත් ඒ ‘විප්ලවයක’අරුත නොදැනද නොවේ.",2 +"""දේවල් රැයකින් වෙනස් කරන්නට මට බෑ.නමුත් වසර100-200 ක් ගතවන විට ශුද්ධ ජපනුන් ඉතාම ටික දෙනෙක් හෝ මේ මගට අවතීර්ණ වී සිටීවි.එතැනින් අපි හිතන දේ පටන් ගන්න පුළුවන් වේවි""",2 +"එහෙත් ජපන් රජයේ අවධානය මේවන විට යොමුව ඇත්තේ ඇය වැනි මිශ්‍ර ජාතික තරුණ තරුණි���න් කෙරෙහි නොවේ.´කූල් ජැපැන්´නො‍හොත් ´නිවුණු ජපන්´ස්ත්‍රී ප්‍රතිරූප හරහා සංචාරකයින් ඇදබැඳ තබාගැනීමටය. විශේෂයෙන්ම 2020 දී ටෝකියෝහිදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේදී මෙම තේමාවෙන් යුතුව ප්‍රවර්ධනීය වැඩසටහන් දියත් කර ඇතත් කළු පැහැයට හුරු මිශ්‍ර වර්ණයෙන් යුතු මෙවර ජපන් රූ රැජිනට එහිදී වැඩි වැදගත් කමක් හිමිවී නැත.එහෙත් එවැනි මිශ්‍ර වර්ණයෙන් යුතු බෙංගාලි නිරූපිකා රෝලා,රුසියානු -බ්‍රිතාන්‍ය මිශ්‍ර ගායිකාවක වන බෙකී ට ජපන් ජනතාවගේ හරසර ලැබීම යම් ආකාරයකට මිශ්‍ර වර්ණිතයන් කෙරෙහිද මේවන විට ජපන් සමාජය යම් සුහදශීලි මානයකින් බලන බවට උදාහරණයක් නොවේදැයි ඇතැමුන් පෙන්වාදෙයි.එහෙත් ඒ ගැන සියලුම විද්වතුන් දරන්නේ එකම මතයක් නොවේ. මේ ඊට නිදසුනකි.",2 +"""ඒක එහෙම වේගෙන යනවා වෙන්න පුළුවන්. නමුත් යම් මධ්‍යස්ථවාදී ජපන් මිනිසුන් පවා සිතන්නේ ජපන් ප්‍රතිරූපය රටක් ලෙස නියෝජනය කිරීමට අරීනා මියමොටෝට තියෙන හැකියාව අඩුයි කියලා""මනෝ විද්‍යාඥ යොකෝ හරුකා පවසයි.ඔහු මේ බව කියා සිටියේ ජපන් රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.",2 +""" ඒක අලුත් පරම්පරාවට කම්පනයක් ඇති කරනවා වෙන්න පුළුවන්.නමුත් පුරෝගාමියෙකු ලෙස ඇය අවස්ථාවක් සලසා දී තිබෙනවා. විශේෂයෙන්ම ‍ජපානය,ගෝලීය අවධානයට ලක්කිරීමට ඇය කදිම අවස්ථාවක් උදාකර දී තිබෙනවා"" ඔහු වැඩිදුටරත් පෙන්වා දෙයි.",2 +එහෙත් ජපානය යනු මිශ්‍ර වාර්ගිකයින් බහුල රටක් නොවේ. ඇතැම්විට මෙම නොසලකා හැරීම්වලට මුල් සාධකය එයම විය හැකිය.මියමොටෝ පෙන්වාදෙන්නේ විවිධ වාර්ගික මිශ්‍ර දරු උපත් සංඛ්‍යාව වාර්ෂිකව 2%ක් තරම් ඉතා සුළු වන බවයි.,2 +"""ඕනෑම ජපන් ටෙලිවිෂන් මාධ්‍ය තුළ තද කළු නිරූපිකාවන් සිටිනවා. රෝලා බෙකී වගේ ගොඩාක් ජනප්‍රිය චරිත ඉන්නවා.ඕනම කෙනෙකුට ජපානය නියෝජනය කළ හැකියි කියන මතය නිර්මාණය කරන්නට හැකියි.මං ඒගැන බලාපොරොත්තු තබා තියෙනවා""ජපානයේ මිශ්‍ර වාර්ගිකත්වයට නිසි තැන ඉල්ලා කරන අරගලය ඇය විසින් දැනටමත් ආරම්භ කර තිබේ. මනුෂ්‍යත්වයට නිගාදෙන වෙනස් කොට සැලකීම නුදුරේම නිමාවිය යුතුය.",2 +ඇත්තටම මම බෝඩිමක විශ්ව විද්‍යාල ජීවිත පුරාවටම අවුරුදු හතරක් හිටියා.,2 +ඔබ සංගීත සංදර්ශන වලට පොලු තියලා තියෙනවාද?,2 +මෙහෙමයි අපෙන් පොල්ලක් වදින්නේ යන්න බැරිවුණොත්නේ. සාමාන්‍යයෙන් මම දවසකට සංගීත සංදර්ශන ගන්නේ උපරිම හතරක් වගේ තමයි. ඇත්තටම අවුරුදු මාසයේ නම් මම දවසකට සංදර්ශන හයක් විතර බාරගත්තා. මම සංදර්ශන හතරට වඩා ගන්නවා නම් මම කියනවා මල්ලී මම එන එක නිශ්චිත නෑ කියලා. මට අත්තිකාරම් මුදල් දාන්නත් එපා. පුළුවන් වුණොත් මම එන්නම් අනිවාර්යයෙන් කියලා කියනවා. සංදර්ශන හතරට වඩා එනවා නම් එහෙම කියලා තමයි මම බාරගන්නේ.,2 +පාසල් යන කාලයේ සංගීතයට කැමැත්තක් තිබුණාද?,2 +ඇත්තටම පාසල් යන කාලයේ එහෙම අදහසක් තිබුණේ නෑ. කොල්ල අධ්‍යාපනයට තමයි මුල්තැන දීලා තිබුණේ. කලාව පැත්තට මගේ අම්ලා තාත්තලා තමයි ගොඩක්ම යොමු කළේ.,2 +* තීක්ෂණ ඔබගේ පාසල කුමක්ද?,2 +ගාල්ල ඇලෝසියස් විද්‍යාලයට තමයි මම පාසල් ගියේ. උසස් පෙළට මම විෂයන් විදියට කළේ ජීව විද්‍යාව. ඊට පස්සේ විශ්ව විද්‍යාලයට ගියා. එහෙම තමයි ඉතින් සිද්ධ වුණේ.,2 +තීක්ෂණ මේ වෙනකොට ගීත කීයක් විතර කරලා තියෙනවාද?,2 +මේ වෙනකොට ගීත හතලිහක් පනහක් විතර කරලා තියෙනවා. ඒ ගීත වලින් ගීත දහයක් විතර ජනප්‍රිය වෙලා තියෙනවා.,2 +හරි දැන් ඔබ පවුල් ජීවිතයක් ගත කරනවානේ. කියන්න අවංකව කසාද බඳින්න ඉස්සල්ලා කෙල්ලෝ කියකට විතර ආදරය කළාද?,2 +අත්තම කියනවා නම් උසස් පෙළ කරන කාලයේදී එක්තරා ගැහැණු ළමයෙකුට ට්‍රයි කළා. එයා සෙට් වුණානම් මම එයාව බඳිනවා. මම මගේ වයිෆ්ටත් ඒ ගැන කියලා තියෙනවා. කොහොම හරි එයාව මට සෙට් වුණේ නෑ. ඊට පස්සේ ට්‍රයි කළේ දැන් ඉන්න එක්කෙනාට. එහෙම බලද්දි කියන්න පුළුවන් මේක මගේ ප්‍රථම ප්‍රේමය කියලා.,2 +ලංකාවේ දේශපාලනය ගැන මොකද හිතන්නේ?,2 +ලංකාවේ දේශපාලනය ගැන නම් හිතන්න දෙයකුත් නෑ. කියන්න දෙයකුත් නෑ. ඡන්ද දායකයෙක්ට ලැබෙන මුල්ම අවස්ථාවේදී මම එකේ තිබුණු ආසාවට ඡන්දය දැන්ම මිසක් ඊට පස්සේ කවදාවත් මම ඡන්දය දීලා නෑ. මොකද වැඩක් නැහැනේ දීලා. මම දාන්නෙත් නෑ.බිරිඳ ඡන්දය දීලත් නෑ.,2 +දේශපාලනය ගැන කතා කරපු නිසා අහන්නේ. දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවාද ඔබගේ ජනප්‍රියත්වය උපයෝගී කරගෙන?,2 +නෑ. කොහෙත්ම නෑ. දේශපාලනයට එන්න ඒ දිනවල කැමැත්තක් තිබුණා. ඒත් දැන් නෑ. මොකද බිරිඳ කැමති නෑ දේශපාලනයට එනවාට. ගෙදර ඉන්න ලොකු තැන කැමති නැති වෙනකොට මං මොකටද කරන්නේ. එහෙම වුණොත් ගෙදරින් නිකන් ලැබෙන කෑම එකත් ලැබෙන එකක් නැතිවෙයි.,2 +* ගීත අල්බම් එකක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?,2 + එක ඇල්බම් එකක් කළා මම. නමුත් ඇල්බම් සංකෘතිය මම හිතන්නේ නෑ දැන් හරි යයි කියලා. ඒ නිසා සිංදුව සිංදුව තමයි එළියට දාන්නේ.,2 +තීක්ෂණ අනුරාධ ගොඩ ගිහින් තියෙන්නේ Ringing Tone වලින් කියලා කවුරුහරි චෝදනාවක් කළොත්?,2 +මම එයාව එක්කගෙන යනවා බැංකුවට එතකොට. මොකද කාර් එකේ ලීසිං එක තාවම තියෙනවා.ලොකු බැංකු ණයක් තියෙනවා. ඒ ටික පෙන්වනවා. එතකොට තේරෙනවානේ ගොඩ ගිහින් නෑ කියලා තවම . තවම ඉන්නේ මඩේ තමයි. මේකයි මම හිතන්නේ නෑ සල්ලි හම්බ වෙනවා කියලා අපිට තියෙන සේරම දේවල් එක පාර කරන්න ඕන කියලා. එහෙම කරන්න ඔනනම් එකපාර ලක්ෂ දහයක පහලොවක විතර ලොතරැයියක් ඇදෙන්න ඕන.,2 +* දෙරණ ආලින්දය ගැන මොකද හිතෙන්නේ?,2 +ඇත්තටම මම වැඩසටහනට එනකන් දැනගෙන හිටියේ නෑ මොකක්ද කරන්න ඕන කියලා. මම ඉතින් ශාන්ත දාන්ත විදියට හිටියා. නමුත් මේක එහෙම දෙයක් නොවෙයි. මෙහෙම කරනකොට අපේ හතවතින්ම එන දේ කියන්න පුළුවන්. අපි කියන්නේ බොක්කෙන්ම එන දේ කියනවා කියලා. අවසාන ප්‍රශ්නය කියලා අහන්නෙම අමුතු ප්‍රශ්න තමයි. වැඩසටහන ලස්සනට තියෙයි. මට ඉවසිල්ලක් නෑ කවද්ද මේක බලන්නේ කියලා.,2 +Playboy කිව්වම නොදන්න කෙනෙක් නැති තරම් නේ. වැඩිහිටියන්ට සුදුසු සඟරාවක් වූ Playboy මේ වන තෙක් ආසියානු රටවලට විවෘත වුනේ නැහැ. නමුත් දැන් ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකට Playboy හි වීඩියෝ හා ඡායාරූප ජංගම දුරකථන යෙදුමක් (App) හරහා ලබාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.,2 +"Shemaroo Entertainment ආයතනය හරහා Playboy Enterprises විසින් සපයනු ලබන ඡායාරූප හා වීඩියෝ පට ඉන්දියාව, නේපාලය, භූතානය, පකිස්ථානය, බංගලාදේශය හා ශ්‍රී ලංකාව වැනි රටවලට බෙදාහරිනු ඇත.",2 +"Playboy සඟරාවේ ඡායාරූප හා වීඩියෝ පට බෙදාහැරීමට අමතරව එම ඡායාරූප හා වීඩියෝපට යොදාගනිමින් විවිධ ජංගම දුරකථන ක්‍රීඩා, විනෝදාත්මක අංග සැපයීමට Shemaroo Entertainment ආයතනය බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.",2 +The Interview කියන්නේ පහුගිය කාලේ විශාල අවධානයක් දිනාගත් චිත්‍රපටයක්. James Franco සහ Seth Rogen විසින් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ උතුරු කොරියානු නායකයා වන “කිම් ජොන් උන්” ඝාතනය කිරීමට සැලසුම් කරන මාධ්‍යවේදීන් දෙදෙනකුගේ කතාවයි.,2 +මේ මතබේදාත්මක චිත්‍රපටය මේ වන විට මෙතෙක් ඉතිහාසයේ අන්තර්ජාලය හරහා වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වූයේ දෙසැම්බර් 24 දින සිට දින 4ක් ඇතුලත ඇමරිකානු ඩොලර් මිලියන 15ක ආදායමක් ඉපැයීමට සමත් වීමෙනි. ඒ වගේම මේ වන විට මිලියන 2කකට අධික පිරිසක් චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ නරඹා ඇත. මීට අමතරව තවත් මිලියන ගණනක් ටොරන්ට් වෙබ් අඩවි හරහා භාගත කරගනිමින් නරඹා ඇති නමුත් එම දත්ත නිවැරදිව වාර්තා වී නැත.,2 +"The Interview චිත්‍රපටය මීට පෙර සිනම�� ශාලා හරහා තිරගත කිරීමට Sony සමාගම තීරණය කර තිබුනත් උතුරු කොරියානු රහසිගත මෙහෙයුමක් මඟින් Sony සමාගම වෙත සයිබර් ප්‍රහාරයක් හරහා තර්ජණය කිරීම නිසා චිත්‍රපටය තිරගත කිරීම නවතා දැමුවා. යම් හෙයකින් චිත්‍රපටය තිරගත කලහොත් එම සිනමා ශාලා පුපුරුවා හරන බවත්, Sony සමාගමේ තිරගත වීමට ඇති චිත්‍රපට වල තිර පිටපත් විසුරුවා හරින බවත් ප්‍රහාරකරුවන් පැවසූවා.",2 +"ඒ අනුව සිනමා ශාලා ඔස්සේ තිරගත කිරීම නවතා Youtube, XBox Video හා වෙනත් අන්තර්ජාල සේවා ඔස්සේ The Interview චිත්‍රපටය $5.99 ක් වැනි මුදලකට කුලියට දීමට (rent) Sony සමාගම කටයුතු කලා. චිත්‍රපටය මිලදී ගැනීමට නම් $14.99 ක් වැනි මුදලක් ගෙවීමට සිදුවනවා. කෙසේ නමුත් මෙලෙස අන්තර්ජාල සේවාවන් ඔස්සේ නැරඹිය හැක්කේ ඇමරිකාව හා කැනඩාව වැනි රටවල් වලට අයට පමණක් නිසා ක්ෂණිකව The Interview චිත්‍රපටය torrent වෙබ් අඩවි වල hit එකක් බවටත් පත් වුනා.",2 +මේ දැක්වෙන්නේ The Interview චිත්‍රපටය හා සම්බන්ධ සිදුවීම් සියල්ල සංක්ෂිප්තව යි.,2 +Sony සමාගමේ පරිගනක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම.,2 +උතුරු කොරියාව සයිබර් ප්‍රහාරය පිළිබඳව වගකීම බාරගැනීම ප්‍රතික්ෂේප කිරීම.,2 +“Guardians of Peace” නම් සයිබර් ප්‍රහාරක කණ්ඩායම 9/11 ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් සිනමා ශාලා වලට එල්ල කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ නිව් යෝර්ක් හි පැවැත්වීමට නියමිත ව තිබූ මුහුරත් උළෙල අවලංගු කිරීම.,2 +සාමාන්‍යෙයන් සෑම වසරකම අවසානයේ Youtube වෙබි අඩවිය ඒ වසර තුලදී වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට මොනවාද කියලා ප්‍රකාශයට පත්කරනවා. ඉතින් මේ වන විට 2014 වසර සඳහා එම ලැයිස්තුව නිකුත් කර තිබෙනවා. ඒ ලැයිස්තුවට අනුව වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට 10 අතරින් 8ක්ම කාන්තා පාර්ශවයේ මූලිකත්වයෙන් වුනු නිර්මාණ වීම විශේෂත්වයක්.,2 +මීට ප්‍රථම 2013 වසරේදී වැඩිම වාරගණනක් නැරඹූ සංගීත වීඩියෝ පට අතරට පිරිමි නිර්මාණකරුවන් 4 දෙනෙකුගේ දායකත්වය ලැබී තිබුණු අතර මේ වසරේදී එම ප්‍රමාණය තවත් පහත වැටිලා.,2 +"ඒ වගේම මුල්තැන හිමිකරගත් නිර්මාණ අතරින් බොහෝමයක් පසුගිය වසර තුලදී වැඩි කතාබහට ලක්වූ අයගේ නිර්මාණ යි. ඒ අතර Taylor Swift, Nicki Minaj ගේ පෙරළිකාර් සංගීත වීඩියෝපට ඇතුලත්. ඒ වගේම මුල් 10 දෙනා අතරින් 4 දෙනෙකුම සුප්‍රකට ග්‍රැමි සම්මානයෙන් පිදූලැබූවන් වීමත් විශේෂත්වයක්.",2 +පරිගණකය ඉස්සරහා ඉඳන් අපි කොයි තරම් නම්කාලේ නාස්ති කරලා ඇත්ද?,2 +ගන්ග්නම් ස්ටයිල් ගීතය අහලා නැති කෙනෙක් නැති තරම්. යූටියුබ් වෙබ් අඩවිය හරහා පමණක් මේවෙනකොට බිලියන දෙකකට අධික පිරිසක් මේ වීඩියෝව නරඹලා.ඒ වගේම මේ වෙනකොට වැඩිම දෙනෙක් නරඹපු වීඩියෝ පටය බවට පත් වෙන්නටත් මේ කොරියානු ගීතය හැකියාව ලැබිලා.,2 +ඒ වගේම මේ වීඩියෝ පටය යූටියුබ් වෙබ් අඩවියේ වීඩියෝවක් සඳහා ලැබිය හැකි උපරිම views ගණන පවා ඉක්මවා ගිය නිසා එම වෙබ් අඩවියට පවා වෙනස්කම් සිදුකරන්නට වුනා.,2 +ගණන් හදලා බැලුවොත් විනාඩි 4.12 ක් පුරා දිවෙන මේ වීඩියෝව නරඹන්න බිලියන 2ක් පිරිසට පැය මිලියන 140ක් ගතවෙලා. ඒ කියන්නේ අවුරුදු 16000ක්.,2 +පසුගිය වසරේ එලිදැක්වුනු USS Gerald Ford නෞකාව නිර්මාණය කරන්න වැයවුණු මහන්සිය මිනිස් පැය මිලියන 50ක්. ඒ කියන්නේ ගන්ග්නම් ස්ටයිල් නරඹපු වෙලාවේ ඒවගේ නැව් 3ක් හදන්න තිබුනා.,2 +"ඒ වගේම ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifas ගොඩනැගිලි 6ක් ගීසා පිරමිඩ 4ක්, සම්පූර්ණ විකිපීඩියා වෙබ් අඩවියක් වගේ දැවැන්ත නිර්මාණ කරන්න තිබුනා.",2 +හැබැයි කෙනෙක් කියන්න පුළුවන් මේක විකාර කතාවක් කියලා. ඔව් එහෙම වෙන්න පුළුවන්. හැබැයි අපි අන්තර්ජාලය තුල නාස්ති කරන සුලු වෙලාවෙනුත් කොයිතරම් දේවල් කරන්න පුලූවන්ද කියන එකට මේක හොඳ උදාහරණයක්.,2 +ලන්ඩනයේ ඉහළ පෙළේ විවාහ මංගල්‍යයක නැටුමක් සඳහා ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට ආරාධනාවක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.,2 +ඒ සඳහා ඇය ඉල්ලා ඇති මුදල ඉන්දීය මුදල් රුපියල් කෝටි 4කි.,2 +"ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජැක්ලින් ෆර්නැන්ඩස්ට එම මුදල ගෙවීම සඳහා එකඟත්වය ලැබී ඇති බව ය.",2 +"ඇයට එම මුදල ගෙවීමට නියමිතව ඇත්තේ, ලන්ඩන්හි ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ පුතෙකුගේ විවාහ මංගල්‍යයක නර්තන අංග කිහිපයක් සඳහා ය.",2 +එම විවාහ උත්සවය ලබන මස (මැයි) අවසානයේ පැවැත් වීමට නියමිත ය.,2 +"ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දින 2ක කාලයක් සඳහා ජැක්ලින් එම විවාහ මංගල්‍යයට සහභාගි වීමට ලන්ඩනය බලා පිටත් වන අතර එම දින 2 ඇතුළත ඇයගේ නවාතැන් පහසුකම් මෙන් ම ගුවන් ගමන් වියදම් ද එම ව්‍යාපාරික පවුල දැරීමට නියමිත බව ය.",2 +ඇයගේ දින පොතේ මෙම විවාහ මංගල්‍යයට සහභාගි වීමට දින වෙන්කර ඇති බව ජැකලින්ගේ මාධ්‍ය නිවේදකයා ද තහවුරු කර තිබේ.,2 +පින්නවල විවෘත සත්ත්වෝද්‍යානය අනිද්දා (අප්‍රේල් 17) විවෘත කිරීමට සැලසුම් කර තිබේ.,2 +"රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම විශේෂ සත්ත්වෝද්‍යානයේ මෙරටට ආවේණික සත්ත්ව විශේෂ රැසක් සිටින බව ය.",2 +"සාමාන්‍ය සත්ත්වෝද්‍යානයක සතුන් කොටු කර නරඹන්නන් නිදහසේ ඇවිද ඔවුන් නරඹන අතර මෙම විශේෂ සත්ත්වෝද්‍යානයේදී සිදු වන්නේ, සතුන් නිදැල්ලේ තබා නරඹන්නන්ට ආරක්ෂිත කුටි තුළින් ඇවිද යාමට සලස්වා සත්ත්ව හැසිරීම් අධ්‍යයනය කිරීමට ඉඩ සැලසීම ය.",2 +මෙය අක්කර 44ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී.,2 +අනිද්දා සිට මෙම සුවිශේෂී සත්ත්වෝද්‍යානය මහජනතාව සඳහා විවෘත වේ,2 +කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කෙරුණු වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.,2 +"එහිදී වඩා ත් ආන්දෝලනයකට තුඩු දී ඇත්තේ, ඒ සඳහා රංගනයෙන් දායක වී සිටින බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් ය.",2 +"“My Choice” යනුවෙන් නම් කර ඇති එම වීඩියෝ පටයෙහි අන්තර්ගත වනුයේ, කාන්තාවකට කැමති ඕනෑ ම දෙයක් කිරීම සඳහා නිදහසක් ඇති බව ය.",2 +කාන්තාවන්ගේ සංස්කෘතික සීමා පිළිබඳව වැඩි අවධානයක් සහිත රටක් වන ඉන්දියාව තුළ මෙම වීඩියෝව දැඩි ආන්දෝලනයට ලක්ව ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් ය.,2 +එමෙන් ම දින දෙකක් තුළදී එම වීඩියෝව ලක්ෂ 32කට අධික වාරයක් නරඹා තිබීම ද විශේෂත්වයකි.,2 +මේ දර්ශන ග්‍රැෆික් නිර්මාණ හෝ සිහින ලොවක දර්ශන නොවේ.,2 +"මේ, පෘථිවිය විචිත්‍රවත් කරමින් නිර්මාණය වූ සැබෑ දර්ශන පෙළකි.",2 +ලොව විචිත්‍රවත් ම ස්ථාන 10ක් මෙහි දැක්වේ.,2 +"1. ලැවෙන්ඩර් උයන – ප්‍රංශය (Lavender Fields, France)",2 +ප්‍රංශයේ පිහිටි මෙම ලැවෙන්ඩර් උයන ග්‍රීෂ්ම ඍතුවේදී මල් පිපුණු පසු දැක්වෙන්නේ මෙසේ ය.,2 +"2. ප්‍රොසිඩා – ඉතාලිය (Procida, Italy)",2 +ඉතාලියට අයත් මෙම කුඩා දූපතෙහි නානාප්‍රකාර වර්ණයෙන් යුත් නිවාසවල පැහැයෙන් මධ්‍යධරණී මුහුද ද විචිත්‍රවත්ව දිස්වේ.,2 +"3. කැනෝ ක්‍රිස්ටල්ස් නදිය – කොලොම්බියාව (Caño Cristales River, Colombia)",2 +"මෙම නදිය විචිත්‍රවත්ව දිස්වන්නේ, ඉවුර දෙපස පිහිටි දුර්ලභ පැළෑටිවලින් වැටෙන මල්වල පැහැයෙනි. මෙය පාට පහේ නදිය ලෙස ද හැඳින්වේ.",2 +"4. රෙට්බා ඇළ – සෙනගල් (Lake Retba, Senegal)",2 +"මෙම ඇළෙහි ජලය රෝස පැහැයට හැරී ඇත්තේ, එම ජලයෙහි ඇති මිනිසුන්ට අහිතකර නොවන බැක්ටීරියාවක් හේතුවෙනි.",2 +"5. ටියුලිප් උයන – ඕලන්දය (Tulip Fields, Holland)",2 +"වස්සාන කාලයේ මෙම උයනේ පිපෙන ටියුලිප්, ඩැෆඩිල්ස් සහ හයිසින්ත් මල් යායවල් හේතුවෙන් මෙම විචිත්‍ර දර්ශනය මැවේ.",2 +"6. ග්‍රේට් බැරියර් කොරල් පරය – ඔස්ට්‍රේලියාව (Great Barrier Reef, Australia)",2 +"මෙම කොරල් පරය ආශ්‍රිතව කොරල් විශේෂ 400ක්, මුහුදු ශාක විශේෂ 500ක් සහ මත්ස්‍ය විශේෂ 1500ක් ඇතැයි විද්‍යාඥයෝ පවසති.",2 +"7. ලූපිං – චීනය (Luoping, China)",2 +නැගෙනහිර චීනයේ කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි කැනොලා ශාකවල මල් හට ගත් විට මෙම මනෝරම්‍ය දර්ශනය මැවේ.,2 +"8. ෆ්ලවර්ස් ජාතික උද්‍යානයේ මල් නිම්නය – ඉන්දියාව (Valley of Flowers National Park, India)",2 +හිමාල කන්ද ආසන්නයේ පිහිටි මෙම නිම්නය ලෝක උරුමයක් ලෙස පිළිගෙන තිබේ.,2 +"9. ෂිබසකුරා කඳුකරය – ජපානය (Shibazakura Hill, Japan)",2 +ෆීජි ගිනි කන්ද ආසන්නයේ පිහිටි මෙම කඳුකර ප්‍රදේශයේ පිහිටි සකුරා ගස්වල මල් බිම පතිත වීමෙන් මෙම විචිත්‍රත්වය මැවී පෙනේ.,2 +"10. නේට්‍රන් ඇළ – ටැන්සානියාව (Lake Natron, Tanzania)",2 +ටැන්සානියාවේ පිහිටි මෙම ඇළෙහි ලවණ සාන්ද්‍රණය ඉතා අධික වන අතර කිසිදු ජලජ පැළෑටියක් නොවැවෙයි. ජලජ ජීවීන් ද නොමැත.,2 +"මේ දිනවල සිරස ටී.වී. ඔස්සේ විකාශය වන මේ ආදරයයි, ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වන කරන් පටෙල් (රමන් බල්හා) සැබෑ ජීවිතයේ විවාහ වීමට සූදානම් වේ.",2 +සිරස රූපවාහිනය ඔස්සේ විකාශය කෙරෙන මේ අදාරයයි ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් වන රමන් බල්හාට පණ පොවන කරන් පටෙල් සැබෑ ජීවිතයේදී ද සිය මාමණ්ඩිය ලෙස මෙම නාට්‍ය යේ මාමණ්ඩිය ම තෝරා ගෙන තිබේ.,2 +"ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කරන් පටෙල් මේ ආදරයයි නාට්‍යයේ සිය මාමණ්ඩිය ලෙස රඟන අයියර් මහතා (අභේ භර්ගාවා)ගේ දියණිය සමග විවාහ වීමට සූදානමින් සිටින බව ය.",2 +"මෙම තොරතුර ඉන්දීය මාධ්‍ය වෙත අනාවරණය කර අැත්තේ, රමන්ගේ මාමණ්ඩිය විසින් ම ය.",2 +"ඔහු පවසා ඇති අන්දමට සිය දියණිය අනික්තා සමග කරන් පටෙල් පළමු වරට කතාබහ කර ඇත්තේ, නිවසේ පැවති සාදයකදී බව ය.",2 +කෙසේ වෙතත් විවාහය පැවැත්වෙන දිනය පිළිබඳව ඔහු මාධ්‍යට හෙළි කර නොමැත.,2 +දිල්ලි බයිස්කෝප් ගෝලීය සිනමා උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට මෙරට ප්‍රවීණ නළු ජයලත් මනෝරත්න මහතා සමත් විය.,2 +"ඒ, සරත් ධර්මසිරි මහතා අධ්‍යක්ෂණය කළ සූවිසි විවරණය චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි.",2 +"ජයලත් මනෝරත්න මහතා නිවුස්ෆස්ට් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ඔහු ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ප්‍රථම චිත්‍රපටය මෙය බව ය.",2 +චාන්දනී සෙනවිරත්න මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වී තිබේ.,2 +මෙරට සාම්ප්‍රදායික නරතනාංගයක් මෙන් ම දුෂ්කර බෞද්ධ ගම්මානයක ජීවත් වන ගැමියන්ගේ ජීවින රටාවන් ආශ්‍රය කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ.,2 +බ්‍රිතාන්‍ය රජ පවුලේ සිව් වන රාජ උරුමකරු වන හැරී කුමරු ‘හැරී පොටර්’ කතා මාලාවේ ��්‍රධාන චරිතයට පණ පෙවූ නිළිය වන එමා වොට්සන් සමග සබඳතාවක් පවත්වා ගෙන යන බවට තොරතුරු පළ වී තිබේ.,2 +"එරට මාධ්‍යවල වාර්තා වී ඇත්තේ, ඔවුන් දෙදෙනා හොර රහසේ හමුවන බවට ය.",2 +ඔවුන් දෙදෙනාගේ මිතුරෙකු මේ පිළිබඳව බ්‍රිතාන්‍ය සඟරාවකට තොරතුරු හෙළි කර තිබේ.,2 +"එම පුද්ගලයා පවසා ඇති ආකාරයට මෙම රහස් සබඳතාව වර්ධනය වී ඇත්තේ, එමා වොට්සන් සිය පෙම්වතා සමග පැවති සබඳතාව බිඳ වැටීමෙන් පසුව ය.",2 +මෙම සබඳතාව බ්‍රිතාන්‍ය මාධ්‍යවල දැඩි කතා බහට ලක්ව තිබේ.,2 +බොලිවුඩ් නළු ආදිත්‍ය පංචෝලි මුම්බායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.,2 +"ඒ, මුම්බායිහි සුපිරි හෝටලයක රාත්‍රී සාමාජ ශාලාවක් තුළදී සේවකයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.",2 +50 හැවිරිදි පංචාලි සමාජ ශාලවේ DJ හසුරුවන්නා සමග උණුසුම් වාදයක පැටලී ඇත්තේ ඔහුගේ ඉල්ලීමක් DJ හසුරුවන්නා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.,2 +පංචාලි හිංදි ගීතයක් වාදනය කරන ලෙස DJ හසුරුවන්නාගෙන් ඉල්ලා ඇති අතර එය ප්‍රතික්ෂේප කිරීමත් සමග මෙම උණුසුම් වාදය හට ගෙන ඇත.,2 +එහිදී සමාජ ශාලාවේ සේවකයින් ඊට මැදිහත් වී ඇති අතර එහිදී පංචාලි ඔවුන්ට පහර දී තිබේ.,2 +පහරදීමෙන් එක් සේවකයෙකුට තුවාල සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.,2 +"පොලීසිය පවසා ඇත්තේ, පංචාලි සිය ජංගම දුරකතනයෙන් අදාළ සේවකයාගේ හිසට පහර දී ඇති බව ය.",2 +අත්අඩංගුවට ගත් සැකකාර ආදිත්‍ය පංචෝලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.,2 +සුපිරි හොලිවුඩ් නළු හැරිසන් ෆෝඩ් (Harrison Ford) සිටි ගුවන් යානය අනතුරට ලක්වූ ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළකි මේ.,2 +"මෙම දර්ශන සටහන් වී තිබුණේ, අනතුරට පත් වූ යානයෙහි ම සවි කර තිබූ කැමරාවක ය.",2 +සුපිරි හොලිවුඩ් නළු හැරිසන් ෆෝඩ් (Harrison Ford) ගුවන් අනතුරකට ලක්ව තිබේ.,2 +"ඒජන්සි වාර්තාවල දැක්වෙන්නේ, කුඩා ගුවන් යානයක පියාසර කරමින් සිටියදී එහි ඇති වූ දෝෂයක් හේතුවෙන් යානය හදිසියේ ගොඩ බැස්වීමට උත්සහ කිරීමේදී පොළොවෙහි ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව ය.",2 +72 හැවිරිදි හැරිසන් ෆෝඩ් Indiana Jones සහ Star Wars ඇතුළු චිත්‍රපට රැසක ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වී ඇති විශිෂ්ට රංගධරයෙකි.,2 +ඔහු සිටි යානයේ ඇති වූ දෝෂය හේතුවෙන් එය හදිසියේ ලොස් ඇන්ජලීස්හි වෙනිස් ගොල්ෆ් පිටිය මතට ගොඩ බැස්වීමට උත්සහ දරා ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.,2 +එම අවස්ථාවේදී යානය පොළොවෙහි ගැටී ඇති අතර ඊට හානි සිදුව තිබේ.,2 +එහිදී හැරිසන් ෆෝ��්ගේ හිසට තුවාල සිදුව ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් ය.,2 +"කෙසේ වෙතත්, ලොස් ඇන්ජලීස්හි හෝටලයක කෝකියෙකු ලෙස සේවය කරන ඔහුගේ පුන් බෙන් ෆෝඩ් Twitter හරහා පවසා ඇත්තේ, සිය පියාගේ තත්ත්වය බරපතළ නොවන බව ය.",2 +මේ ඡායාරූපයෙන් දැක්වෙන සිද්ධිය හරහා සතුන් අතර පවතින අපූරු මිත්‍රත්වයක් සම්බන්ධයෙන් ඔබ මහත් සතුටට පත්වනවා වන්නට පුළුවන.,2 +කොළ පැහැති කොට්ටෝරුවෙකු විසින් මුගටි පැටවෙක් රැගෙන පියාඹා යන සංවේදී දර්ශනයෙන් ඔබ කුල්මත් වනවා වන්නට හැකි ය.,2 +"එහෙත්, ඔබගේ නිගමන සම්පූර්ණයෙන් වැරදි ය.",2 +"මේ මිත්‍රත්වයක් නොවේ. අහිංසක කොට්ටෝරුවෙකු, මුගටියෙකුගේ ග්‍රහණයෙන් මිදී දිවි ගලවා ගැනීම සඳහා කරන අරගලයකි.",2 +මාර්ටින් ලී මේ නමැති එංගලන්ත ජාතිකයෙකු නැගෙනහිර ලන්ඩනයේ පිහිටි Hornchurch Country Park නමැති උද්‍යානයේදී මෙම ඡායාරූපය ගෙන තිබේ.,2 +"විනෝදාංශයක් ලෙස ඡායාරූප ගැනීමෙහි නිරත ඔහු පවසන්නේ, සිය බිරිඳ සමග අදාළ උද්‍යානයේ සිටියදී කොළ පැහැති කොට්ටෝරුවෙකු පියාඹා ගෙන පැමිණි බව ය.",2 +එවැනි කොට්ටෝරුවෙකු තමන් ඉන් පෙර දැක නොතිබූ හෙයින් වහා ඡායාරූපයක් ලබා ගත් බව ඔහු පවසයි.,2 +"කෙසේ වෙතත්, අදාළ කොට්ටෝරුවා කෑ ගසමින් වේගයෙන් පියාඹා ගෙන පැමිණි බව ඡායාරූපය ගැනීමෙන් පසුව ඔහුට වැටහී ඇත.",2 +ඉන්පසු එම කොට්ටෝරුවා ආහාරයට ගැනීම සඳහා මුගටි පැටවෙකු උගේ බෙල්ලෙහි එල්ලී සිටින බව මාර්ටින් ලී මේ දැක තිබේ.,2 +එය දුටු වහා ම තමන් කොට්ටෝරුවා බේරා ගැනීම සඳහා ඉදිරියට යන අතරතුර මුගටියා බියට පත්වූ හෙයින් කොට්ටෝරුවා ග්‍රහණයෙන් මිදුණු බව මාර්ටින් ලී මේ පවසයි.,2 +ඒ අතරවාරයේ කොට්ටෝරුවා වහා ඉගිළ ගොස් සිය ජීවිතය බේරා ගෙන ඇත.,2 +සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර්ට සූකර උණ වැළඳීම හේතුවෙන් හදිසියේ රෝහල්ගත කර තිබේ.,2 +"ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඇයගේ රුධිර සාම්පල පරික්ෂාවේදී සූකර උණ වැළඳී ඇති බව තහවුරු වී ඇති බව ය.",2 +"ඒ අනුව, ඇය මුම්බායිහි Kokilaben රෝහලට ඇතුළත් කර ඇත.",2 +"ඇය රෝගී වී ඇත්තේ, Prem Ratan Dhan Payo නමැති චිත්‍රපටය සඳහා සල්මන් ඛාන් සමග රූගත කිරීම්වල නිරතව සිටියදී ය.",2 +"මේ අතර, සෝනම් කපූර්ගේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුට ද සූකර උණ වැළඳී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.",2 +2015 Brit සම්මාන උළෙලේ ගී ගයමින් සිටියදී සුපිරි පොප් ගායිකා මැඩෝනා වේදිකාව මත ඇද වැටී තිබේ.,2 +ඇය ගීයක් ගයමින් සිටියදී නර්තනයේ යෙදී සිටි ශිල්පියෙකුගේ පාදයක ඇයගේ ඇඳුමෙහි කොටසක��� පැටලීමෙන් ඇය ඇද වැටෙන ආකාරය වීඩියෝවෙහි දැක්වේ.,2 +එම අවස්ථාවේ මැඩෝනා වේදිකාව මත තබා තිබූ පඩිපෙළෙක් මතින් ඇද වැටුණ ද ඇය සිය ගායනය නතර කළේ නැත.,2 +"ඇය පසුව පවසා ඇත්තේ, අදාළ සිද්ධියෙන් තමන්ට කිසිදු අනතුරක් සිදු නොවූ බව ය.",2 +"ලොව විශිෂ්ටතම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන 87 වන ඔස්කා සිනමා සම්මාන උළෙලේ වසරේ හොඳ ම චිත්‍රපටය ලෙස Birdman චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුව ද හොඳ ම නළුවා සහ නිළිය ලෙස සම්මාන හිමි වූයේ, වෙනත් චිත්‍රපට දෙකක් වෙනුවෙනි.",2 +"ඒ අනුව, වසරේ හොඳ ම නළුවා ලෙස “The Theory of Everything” චිත්‍රපටයේ රඟපෑ Eddie Redmayne සම්මාන හිමි කර ගත්තේ ය.",2 +"හොඳ ම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ, “Still Alice” චිත්‍රපටයේ රඟපෑ Julianne Moore ය.",2 +ලොව විශිෂ්ටතම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන 87 වන ඔස්කා සිනමා සම්මාන උළෙලේ වසරේ හොඳ ම චිත්‍රපටය ලෙස Birdman චිත්‍රපටය සම්මානයට පාත්‍ර විය.,2 +"වසරේ හොඳ ම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ, “Birdman” චිත්‍රපටයේ අධ්‍යක්ෂ මෙක්සිකො‍වේ Alejandro González Iñárritu ය.",2 +මෙවර ඔස්කා සිනමා සම්මාන උළෙලේ සම්මානලාභීන්ගේ ලේඛනය පහත දැක්වේ.,2 +Best Picture,2 +“Birdman” (*WINNER),2 +Best Director,2 +"Alejandro González Iñárritu, “Birdman” (*WINNER)",2 +Best Actress,2 +"Julianne Moore, “Still Alice” (*WINNER)",2 +Best Actor,2 +"Eddie Redmayne, “The Theory of Everything” (*WINNER)",2 +Best Supporting Actress,2 +"Patricia Arquette, “Boyhood” (*WINNER)",2 +Best Supporting Actor,2 +"J.K. Simmons, “Whiplash” (*WINNER)",2 +Best Original Screenplay,2 +"Alejandro González Iñárritu, Nicolás Giacobone, Alexander Dinelaris and Armando Bo, “Birdman” (*WINNER)",2 +Best Foreign Language Film,2 +“Ida” (*WINNER),2 +Best Animated Feature,2 +“Big Hero 6″ (*WINNER),2 +Best Song,2 +“Glory” from “Selma” (*WINNER),2 +Best Cinematography,2 +"Emmanuel Lubezki, “Birdman” (*WINNER)",2 +Best Costume Design,2 +“The Grand Budapest Hotel” (*WINNER),2 +Best Production Design,2 +“The Grand Budapest Hotel” (*WINNER),2 +Best Sound Editing,2 +“American Sniper” (*WINNER),2 +හිට්ලර් විසින් අඳින ලද සිතුවම් රැසක් පහත පළ කර ඇත),2 +"ලෝකය ඇති කරන්නේ ද, නැති කරන්නේ ද කලාකරුවන් බව අප අසා ඇති කියමනකි.",2 +‍අනෙක් අතට ලෝකය විසින් යමෙකු නිසියාකාරව අවබෝධ කර නොගැනීම ලෝකයේ විනාශයට හේතු වන බව ද අප අසා තිබේ.,2 +මේ අදහස් සියල්ල ම ලෝකයේ ජීවිත දහස් ගණනක් විනාශ කළ ජර්මනියේ අධිරාජ්‍යවාදියා වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජීවිතය සමග බැඳී පවතී.,2 +"ඉවසිලිවන්ත විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්, පසු කලෙක ලෝකය විනාශ කළ දරුණු අධිරාජ්‍යවාදියෙකු ලෙස අවාසනාවන්ත මරණයකට හිමිකම් කීමේ කතාව ‍සමස්ත ලෝකයට ම උගත හැකි පාඩමකි.",2 +hitler,2 +හිට්ලර් කුඩා කාලයේ,2 +"1889 වසරේ අප්‍රේල් මස 20 වන දින ඔස්ට්‍රියාවේදී මෙලොව එළිය දුටු ඇඩොල්ෆ් හිට්ලර්ගේ එක ම අරමුණ වී තිබී ඇත්තේ, ගෘහ නිර්මාණ ශිල්පයෙහි සහ සිතුවම්කරණයෙහි ශ්‍රේ���්ඨයෙකු බවට පත් වීම ය.",2 +"කුඩා කල පටන් ම හිට්ලර් අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙකු බවට පත් වීමේ පෙර නිමිති පළ කර තිබූ අතර 1907 වසර කාලය වන විට ඔහුගේ එක ම ආශාව වූයේ, ඔස්ට්‍රියාවේ වියෙනාහි Art Academy නමැති චිත්‍ර පාසලට ඇතුළත් වීම යි.",2 +"එහෙත්, දෙවරක් ම ඔහුගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප විය.",2 +hitler house,2 +හිට්ලර් කුඩා කල වාසය කළ නිවස,2 +සිය දක්ෂතා පිළිබඳව අතිශය ආත්ම විශ්වාසයක පසුවූ ඇඩොල්ෆ් හිට්ලර්ට එය දරාගත නොහැකි දුකක් විය.,2 +"ඔහු අනුමාන කළේ, යුදෙව් ජාතික මහාචාර්යවරයෙකු විසින් සිය ඉල්ලුම් පත ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ය.",2 +"එම මහාචාර්යවරයා හිට්ලර්ගේ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප කර තිබුණේ, මිනිස් රූ සිතුවම් කිරීමේදී හිට්ලර් නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බව පවසමිනි.",2 +"කෙසේ වෙතත්, ගොඩනැගිලි සහ ස්වභාවික දර්ශන සිතුවම්කරණයෙහි හිට්ලර් අතිවිශිෂ්ටයෙකු විය.",2 +‍පසුව ඔහු සිය සිතුවම් අලෙවි කර මුදල් ඉපයීමට පෙළඹිණි.,2 +සිය සිතුවම්වලට ජර්මනියේ හොඳ වෙළෙඳපොළක් ඇති බව සිතූ හිට්ලර් 1925 වසරේදී ජර්මනියට සංක්‍රමණය විය.,2 +සිය සිතුවම් අලෙවි කර ගැනීමේ අරමුණින් ජර්මනියට පැමිණි ඔහු පසු කලෙක එරට නාසි පක්ෂයේ නායකයා මෙන් ම ජර්මනියේ නායකයා බවට ද පත් විය.,2 +හිට්ලර් සතුව පැවති සිතුවම්කරණයෙහි දක්ෂතාව සැලකිල්ලට නොගෙන සිටීම නිසා ම විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහ චිත්‍ර ශිල්පියෙකු ලෝකයට අහිමි විය.,2 +"ඒ වෙනුවට ලෝකයට ලැබුණේ, යුදෙව්වන්ට වෛර කළ දරුණු අධිරාජ්‍යවාදියෙකි.",2 +මෙය සමස්ත ලෝකයේ ම ගුරුවරුන් මෙන් ම දෙමාපියන් ද කියවිය යුතු පාඩමක්ය යන්න අපගේ හැඟීම ය.,2 +තමන් සතු දක්ෂතා ඉස්මතු වන්නට ඉඩ නොදී නොමග යන දරුවන් කොපමණ පිරිසක් මේ ලෝකයේ සිටීදැයි අපට සිතා ගත හැකි ය.,2 +ඊට සිය දරුවන්ගේ දක්ෂතා සහ ඔවුන්ගේ රුචි අරුචිකම් තේරුම් නොගන්නා දෙමාපියන් සහ ගුරුවරුන් වගකිව යුතු නොවේ ද?,2 +ලෝකයට තව ත් අධිරාජ්‍යවාදී හිට්ලර්ලා බිහි නොවන්නට නම් දෙමාපියන් සහ ගුරුවරුන් තමන්ට අවශ්‍ය පරිදි දරුවන් මෙහෙයවීම වෙනුවට ඔවුන්ගේ දක්ෂතා ගැන අවධානය යොමු කළ යුතුව තිබේ.,2 +හිටලර් විසින් අඳින ලද විශිෂ්ට සිතුවම් කිහිපයක් පහත දැක්වේ.,2 +මුහුණින් හැඩ රුවින් කොපමණ සුන්දර වුව ද හදවතේ සුන්දරත්වය රැ‍ඳෙනුයේ ඉතා ම ස්වල්ප දෙනෙකු තුළ පමණි.,2 +සුන්දරත්වයට යටින් වැසුණු රාක්ෂ වේෂය ඇතැම් අවස්ථාවලදී අපට ත් හොරා මතුපිටට පැමිණෙයි.,2 +"පසුගිය සිකුරාදා බ්���රසීලයේ පැවති රූ රැජිණ තරගයක් අතරතුර මෙසේ සිදුවූයේ, එවන් අවස්ථාවකි.",2 +රූ රැජිණ කිරුළ අපේක්ෂාවෙන් සිටි රූමතියක විසින් රූ රැජිණගේ කිරුළ ගලවා දමන අවස්ථාව මෙම වීඩියෝවෙහි දැක්වේ.,2 +තමන්ට තමන් පාලනය කර ගත නොහැකි වීමෙන් ලෝකය ඉදිරියේ තමන් අපහාසයට ලක් වන බව සියල්ලන් සිතට ගත යුතු ය.,2 +කොලොම්බියන් ජාතික 37 හැවිරිදි පොප් ගායිකා ෂකිරා සහ සහකරු 27 ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක ජෙරාඩ් පික් දෙවන වතාවට ත් මව් පිය පදවි ලබා තිබේ.,2 +shakira with husband,2 +"විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ස්පාඤ්ඤයේ බාසිලෝනාහි රෝහලකදී පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇය පුතෙකු බිහි කර ඇති බව ය.",2 +මව සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද විදෙස් වාර්තාවල සඳහන් ය.,2 +2013 වසරේ බාසිලෝනාහිදී උපත ලද ඔවුන්ගේ පළමු දරුවා ද පිරිමි දරුවෙකි.,2 +"පළමු දරුවා මිලන්, වන අතර දෙවන දරුවාට නම් තබා ඇත්තේ, සාෂා පික් මෙබාරක් ලෙසනි.",2 +ජොර්ජියාහි පිහිටි සිය නිවසේ නාන තාටකය තුළ සිහිසුන්ව සිටියදී සොයාගත් හිටපු පොප් ගායිකා විට්නි හූස්ටන්ගේ දියණිය බොබි ක්‍රිස්ටිනා බ්‍රවුන් කෝමා තත්ත්වයට පත්ව තිබේ.,2 +පසුගිය සෙනසුරාදා උදෑසන ක්‍රිස්ටිනා ජලය පිරුණු නාන තාටකය තුළ මුණින් අතට වැටී සිටියදී සොයා ගනු ලැබුවේ ඇයගේ සැමියා විසිනි.,2 +"21 හැවිරිදි ක්‍රිස්ටිනා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ඇයගේ තත්ත්වය සම්බන්ධයෙන් මේ වන තෙක් නිශ්චිතව ම කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ය.",2 +"පොලීසියේ ප්‍රකාශිකාවක උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ක්‍රිස්ටිනා සොයා ගන්නා අවස්ථාවේදී ඇය සිහිමුර්ජා වී සිට ඇති බව ය.",2 +සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති අතර අනතුරට මත්කුඩු හෝ මද්‍යසාර සම්බන්ධයක් ඇතිදැයි යන්න සම්බන්ධයෙන් ද හෝඩුවාවක් හෝ ලැබී නොමැත.,2 +මීට අවුරුදු 3කට ඉහතදී අඟල් 12ක් පමණ ගැඹුරැති උණු වතුරවලින් පිරුණු නාන තටාකයක් තුළ තිබියදී මෙලෙස මුණින් අතට වැටී තිබියදී ක්‍රිස්ටිනාගේ මව වූ විට්නි හූස්ටන්ගේ මළ සිරුර සොයා ගැනිණ.,2 +කොකේන් භාවිතය නිසා හටගත් හෘද රෝගයක් හේතුවෙන් හදිසියේ ම නාන තටාකයට ඇද වැටීමෙන් හූස්ටන් මිය ගොස් ඇති බව ලොස් ඇන්ජලීස්හි හදිසි මරණ පරීක්ෂකවරයා නිගමනය කළේ ය.,2 +ක්‍රිස්ටිනා විට්නි හූස්ටන්ගේ එක ම දියණිය ද වන්නී ය.,2 +"හූස්ටන් වරෙක පවසා තිබුණේ, සිය දියණියගේ දෑස���න් තමන්ට තමන්ව දැකගත හැකි බව ය.",2 +"ලංකාවේ රේඩියෝපති සිරස එෆ්.‍එම්. මෙය සංවිධාන කරනු ලැබුවේ, දකුණු පළාතේ ත්‍රිරෝද රථ රියැදුරන් සහ ඔවුන්ගේ දූ දරුවන් වෙනුවෙනි.",2 +අද පෙරවරුවේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී මෙම වැඩසටහන ආරම්භ කළ අවස්ථාවට එම්.ටී.වී. එම්.බි.සී. මාධ්‍ය ජාලයේ ප්‍රධානීහු පිරිසක් ද එක්ව සිටියහ.,2 +"සිරස එෆ්.එම්. ත්‍රීවිල් කානිවල් වැඩසටහන හොඳ ම ගායකයා තේරීම, අලංකාර ම ත්‍රිරෝද රථය තේරීම,ධාවන තරග, මිස්ටර් හැන්ඩ්සම් තේරීම ඇතුළු තරග රැසකින් සමන්විත විය.",2 +"විනෝද ක්‍රීඩා,මැජික් සංදර්ශන ඇතුළු පවුලේ සැමට විනෝදජනක අංග රැසක් ද වැඩසටහනට ඇතුළත්ව තිබිණි.",2 +නිව්ස් ෆස්ට් යූ රිපෝටර් වාර්තාකරුවන් ලෙස ලියාපදිංවෙමින් අපගේ පුරවැසි මාධ්‍ය ජාලයට එක්වීමේ අවස්ථාව ද අද දකුණු පළාතේ ත්‍රිරෝද රථ රියදුරන්ට හිමි විය.,2 +සමනල සිරස හඬ පරීක්ෂණ පැවැත්වුණේ ඔවුන්ගේ දූ දරුවන් වෙනුවෙනි.,2 +සිරස එෆ්.එම්. දහසක් මල් සංගීතයෙන් මේ අවස්ථාව වඩාත් වර්ණවත් විය.,2 +"ජෝන් කීල්ස් සමූහය සමඟ එක්ව, ජෝර්ජ් කීට් පදනම සංවිධානය කළ ‘කලා පොළ’ අද විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත්විය.",2 +මෙවර එය සංවිධානය කර තිබුනේ 22 වැනි වරටයි.,2 +යුරෝපයේ එළිමහන් ගිම්හාන ‘කලා පොළ’ සංකල්පය ආභාෂයට ගනිමින් එම ‘කලා පොළ’ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ 1993 වසරේදී ය.,2 +ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින කලාකරුවන් 300කට අධික පිරිසකට තම නිර්මාණ ජාතික හා ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් අතරට පත් කිරීමට එම ‘කලා පොළ’ මහඟු පිටුවහලක් වේ.,2 +අද කලා පොළේ සමාරම්භය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා මහතාගේ ප්‍රධානත්වයෙනි.,2 +මෙවර ‘කලා පොළ’ ට දෙස් විදෙස් කලාකරුවන් 250කට අධික පිරිසක් එක්ව සිටියහ.,2 +මෙම ‘කලා පොළ’ පැවැත්වෙන්නේ සෑම වසරකම ජනවාරි අවසන් ඉරිදායි.,2 +විජය රජු ලක්දිවට පැමිණීමට පෙර මෙරට විසූ ජනයා භාවිත කළ භාෂාව ඉන්දු ආර්ය ගණයට අයත් භාෂාවක් නොවන බව අනාවරණය වී තිබේ.,2 +"කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රකාශ කළේ, සෙල් ලිපි අධ්‍යයනයකින් අනතුරුව මෙම කරුණු අනාවරණය කර ගත් බව ය.",2 +මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ඇතුළු සෙල් ලිපි විග්‍රහ කළ පඬිවරුන් ඇතැම් වචන මග හැර ඇති බව රාජ් සෝමදේව මහතා පවසයි.,2 +"පඬිවරුන් එම වචන මග හැර ඇත්තේ, ඒවා කියවා ගැනීමට නොහැකි හෙයින් බව සෝමදේව ම���තාගේ අදහස යි.",2 +"ඔහු පෙන්වා දෙන්නේ, එම තේරුම් ගත නොහැකි වචන ඉන්දු ආර්ය නොවන වෙනත් භාෂාවකට අයත් බවට නිගමනය කළ හැකි බව ය.",2 +"ඒ අනුව, විජය රජු පැමිණීමට පෙර ලක්දිව ව්‍යවහාර වූ භාෂාව ඉන්දු ආර්ය භාෂා ගණයට අයත් නොවන බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා අවධාරණය කරයි.",2 +ලොව සුපිරි පා පන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ නිරූපණ ශිල්පිනී ඉරීනා ශේක්ගේ ආදර සම්බන්ධය බිඳ වැටී තිබේ.,2 +"ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඉරීනා රොනාල්ඩෝගේ මවගේ උපන්දින සාදයට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමත් සමග පැන නැගුණ ප්‍රශ්නයක් හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටී ඇති බව ය.",2 +"එහෙත් ඉරීනාගේ ප්‍රකාශකයා පවසා ඇත්තේ, ඔවුන් දෙදෙනොගේ සම්බන්ධය බිඳ දැමීමට එවැනි හේතුවෙක් බලපා නොමැති බව ය.",2 +"ඔහු මාධ්‍යට පවසා ඇත්තේ, ප්‍රේම සම්බන්ධය පැවති සමයේ ඉරීනා රොනාල්ඩෝගේ පවුලේ සාමාජිකයින් සමග ඉතා සමීප සබඳතාවක් පැවැත් වූ බව ය.",2 +රියාල් මැඩ්‍රිඩ් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසින් 2014 වසර සඳහා පිරිනමනු ලැබූ බැලැන්ඩෝ සම්මානය පසුගිය දා දිනා ගත්තේ ය.,2 +ස්විස්ටර්ලන්තයේ සුරික්හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැති සම්මාන ප්‍රදානෝත්සවයට ඉරීනා සහභාගී නොවුණු අතර රොනාල්ඩෝගේ සිව් හැවිරිදි පුත්‍රයා පමණක් ඊට සහභාගී විය.,2 +එහෙත් මිට පෙර තමන් සහභාගී වූ සෑම සුවිශේෂි උත්සව අවස්ථාවක් සඳහා ම රොනාල්ඩෝ 29 හැවිරිදි සිය පෙම්වතිය ද කැටුව යාම කැපී පෙනෙන කරුණක් විය.,2 +සම්මානයට පාත්‍රවීමෙන් පසු රොනාල්ඩෝ සිය ස්තුති කතාවේදී පවුලේ සාමාජිකයින් සහ කණ්ඩායමේ සගයින් පිළිබඳ සඳහන් කළ ද අවුරුදු 5ක් තමන් පෙම් කළ ඉරීනා පිළිබඳ කිසිදු සඳහනක් නොකළේ ය.,2 +බොලිවුඩ් රංගන ශිල්පි සංජේ දත් සිරගෙදරින් ලද නිවාඩුව දීර්ඝ කර ගැනීම සඳහා කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.,2 +"ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඒ අනුව ඔහු පූනේහි සිරදඬුවම් විදිමින් සිටින යෙවඩා මධ්‍යම සිර බන්ධනාගාරයට යළි වාර්තා කළ යුතුව ඇති බව ය.",2 +"සිර දඩුවම් විදිමින් සිටින සංජේ දත්ට දින 14ක් සඳහා බන්ධනාගාරයෙන් නිවාඩු හිමි වූයේ, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි.",2 +එම දින 14 ගත වීමෙන් පසු සංජේ දත් තව ත් දින 14ක් සඳහා නිවාඩු ඉල්ලා තිබේ.,2 +"එහෙත් බන්ධනාගාර බලධාරීන් මුම්බායි පොලීසියට දැනුම් දී ඇත්තේ, සංජේ දත්ට ලබා දී ඇති නිවාඩුව තවදුරටත් දීර්ඝ කළ නොහැකි බව ය.",2 +1993 වසරේ මුම්බායි ප්‍රහාරය හා සම්බන්ධයෙන් සංජේ දත්ට එරෙහි ව වසර 5ක සිරදඬුවමක් නියම විය.,2 +පූනේ පිහිටි යෙවඩා බන්ධාගාරයේ සිරගත ව සිටින සංජේ දත් මේ වන විට 55 වන වියේ පසු වේ.,2 +ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉන්දියාවේ වසරේ හොඳ ම කාන්තාව ලෙස නම් කර තිබේ.,2 +"මෙහි විශේෂත්වය වන්නේ, සත්ත්ව ආරක්ෂණ ජනතා සංවිධානයක් (PETA) විසින් ඇය හොඳ ම කාන්තාව ලෙස නම් කරනු ලැබීම යි.",2 +ජැක්ලින් ෆර්නැන්ඩස් සත්ත්වයින්ට යහපත් ලෙස සැලකීම නිසා මෙම සම්මානය ඇයට පිරි නමා තිබේ.,2 +බොලිවුඩ් නළු සල්මන් ඛාන් 2014 වසරේ ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයින් අතරින් වැඩි ම අදායමක් ඉපයූ පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ‍පළමු ස්ථානයට පත්ව සිටී.,2 +ෆෝබ්ස් සඟරාවට අනුව ඔහුගේ වාර්ෂික අදායම ඉන්දීය රුපියල් කෝටි 244.5 කි.,2 +පසුගිය වසරේ එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි ශාරුක් ඛාන්,2 +මෙවර දෙවන ස්ථානය දක්වා පසුබැස තිබේ.,2 +ශාරුක් ඛාන් 2014 වසරේ උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 202.4කි.,2 +ෆෝබ්ස් සඟරාවට අනුව සල්මන් ඛාන් ප්‍රසිද්ධිය අතින් ද පළමු ස්ථානයට පත්ව සිටින අතර ශාරුක් එම ලැයිස්තුවේ 7වන ස්ථානය දක්වා පසු බැස තිබේ.,2 +සල්මන් ඛාන් රංගනයෙන් දායක වූ Jai Ho සහ Kick චිත්‍රපට මෙම වසරේ වාර්තාගත ලෙස අදායාම් ඉපයී ය.,2 +ශ්‍රේණිගත කිරීම්වල අබිතාබ් බච්චන් ඉපයීම්වලින් 3 වන ස්ථානයට ද ප්‍රසිද්ධියෙන් සිව් වන ස්ථානයට ද පත්ව සිටී.,2 +ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි සිව් වන ස්ථානයේ පසු වන්නේ ඉන්දීය රුපියල් කෝටි 141.8ක් උපයමිනි.,2 +අක්ෂේ කුමාර් ඉන්දීය රුපියල් කෝටි 172කට හිමිකම් කියමින් ඉපයීම් ලැයිස්තුවේ 4වන ස්ථානයට පත්ව සිටී.,2 +ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉපයීම්වලින් 85වන ස්ථානයට ත් ප්‍රසිද්ධිය අතින් 45 වන ස්ථානයට ත් පත්ව සිටීම විශේෂත්වයකි.,2 +දකුණු අප්‍රිකානු ජාතික රොලීන් ස්ට්‍රෝස් මෙවර ලෝක රූ රැජිණ තරගයේ කිරුළ දිනා ගත්තා ය.,2 +ඊයේ ලන්ඩන් නුවරදී අවසන් මහා තරගය පැවැත්විය.,2 +22 හැවිරිදි රොලීන් ස්ට්‍රෝස් මේ වන විට වෛද්‍ය සිසුවියක ලෙස අධ්‍යාපනය හදාරන්නී ය.,2 +"රූ රැජිණ තරගයේ දෙවන හා තෙවන ස්ථාන ජයග්‍රහණය කළේ, හංගේරියානු රූමතියක වන එඩ්නා කල්ස්කර් හා අමෙරිකානු රූමතියක වන එළිසබත් සෆ්රිට ය.",2 +දකුණු ඉන්දීය ජනප්‍රිය නිළියක වන දේවයානි ගුරු වෘත්තියට එක් වී තිබේ.,2 +"ඉන්දීය මාධ්‍ය වාර්තා ���ර ඇත්තේ, ඇය චෙන්නාහි පිහිටි පෞද්ගලික පාලසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියක ලෙස කටයුතු කරන බව ය.",2 +"ආනන්දම්, ෆ්‍රෙන්ඩ්ස් සහ සූර්යවම්සම් දෙව්යානිගේ සුවිශේෂ රංගන කුසලතාව නිරූපණය වූ චිත්‍රපට අතරින් කිහිපයකි.",2 +"දේවයානි කමල් හාසන්, විජේ වැනි ජනප්‍රිය නළුවන් සමග ප්‍රධාන නිළිය ලෙස චිත්‍රපටවල රංගනයෙන් දායක වී තිබේ.",2 +දෙව්යානි දියණියන් දෙදෙනකුගේ මවක ද වන්නී ය.,2 +පකිස්ථානයේ ආන්දෝලනාත්මක නිළියක වන වීනා මලික් සහ ඇගේ සැමියාට වසර 26ක සිර දඬුවමක් නියම කර තිබේ.,2 +"ඒජන්සි වාර්තාවල දැක්වෙන්නේ, පකිස්ථානයේ ප්‍රමුඛ පෙළේ Geo TV රූපවාහිනී සේවය හරහා ආගමික වශයෙන් අපහාසාත්මක වැඩසටහනක් කිරීම හේතුවෙන් මෙම සිර දඬුවම නියම කළ බව ය.",2 +මෙම නඩු තීන්දුවට අනුව Geo TV මාධ්‍ය ආයතනයේ හිමිකරු වන මීර් ෂකීල් උර් රහමන්ට සහ අදාළ රූපවාහිනී වැඩසටහන මෙහෙය වූ ෂයිස්ටා වහීඩිට ද වසර 26 බැගින් සිර දඬුවම් නියම කර තිබේ.,2 +ග්‍රැමී සම්මානය දිනූ සැක්සෆෝන වාදන ශිල්පී කෙනී ජී (Kenny G) අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.,2 +ඔහු අද රාත්‍රි 8.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන විශේෂ ප්‍රසංගයකට එක් වීමට නියමිත ය.,2 +කෙනී ජී යනු සැක්සෆෝනයෙන් ලොවක් වසග කළ අග්‍රගන්‍ය සංගීත නිර්මාණ ශිල්පියෙකි.,2 +තමන්ට අනන්‍ය වූ සැක්සෆෝන වාදන රටාවක් ඔස්සේ ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ සුවිශේෂි වාදන ශිල්පියා 1994 වසරේදී ග්‍රැමී සංගීත සම්මානයෙන් ද පිදුම් ලැබීමට සමත් විය.,2 +"ඒ, ඔහුගේ ෆොරේවර් ඉන් ලව් සංගීත නිර්මාණය වෙනුවෙනි.",2 +ස්වකීය සංගීත නිර්මාණ මෙන්ම ලෝක සංගිතයේ ප්‍රවීනයන් සමග ද සංගීත නිර්මාණය රැසක් ලොවට දායාද කළ කෙනී ජී ගේ සංගීත අත්දැකීම අද රාත්‍රියේදී නෙළුම් පොකුණ රඟහලට පැමිණෙන ශ්‍රී ලාංකිය සංගීත ලෝලින්ට අත්විඳිය හැකිය.,2 +දිවයිනට පැමිණීමෙන් අනතුරුව කෙනී ජී සහභාගි වූ ප්‍රවෘත්ති සාකච්ඡාව පහත දැක්වේ.,2 +කෙනී ජී (Kenny G) දිවයිනට පැමිණි අවස්ථාවේ නිව්ස්ෆස්ට් කැමරාවේ සටහන් වූ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.,2 +ඉතාලියේ The Voice රියැලිටි වැඩසටහනේ පළමු ස්ථානය හිමි කරගත් Cristina Scuccia කන්‍යා සොහොයුරිය සිය පළමු ගීතය එළිදක්වා තිබේ.,2 +"ඇය සිය පළමු ගීතය ලෙස එළිදක්වා ඇත්තේ, මැඩෝනාගේ ‘Like a Virgin’ ගීතයේ ප්‍රතිනිර්මාණයකි.",2 +"ඇය පවසන්නේ, මෙම ගීතය පිළිබඳව කුමන විවේචන එල්ල වුව ද ඊට මුහුණ දීමට තමන් සූදානම් බව ය.",2 +මෙම ගීතයෙහි අදහස ආදරය තුළින් මිනිසුන්ට නව ජීවයක් ලබා දීම ���ව ඇගේ අර්ථකථනය යි.,2 +අතීතය අතහැර මිනිසුන්ට නව ජීවිතයක් ළඟා කර ගැනීමට අවශ්‍ය පෙළඹවීමක් මෙම ගීතය හරහා ඇති කරන බව Cristina Scuccia කන්‍යා සොහොයුරිය පවසයි.,2 +මෙම ගීතය දින දෙකක් තුළදී Youtube තුළින් නැරඹූ වාර ගණන 700000 ඉක්මවා තිබේ.,2 +මැඩෝනා ගැයූ ‘Like a Virgin’ මුල් ගී නිර්මාණය පහත දැක්වේ.,2 +ඇපල් සමාගමේ සම නිර්මාතෘ අභාවප්‍රාප්ත ස්ටීව් ජොබ්ස්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරෙන ‘Jobs’ චිත්‍රපටයේ ස්ටීව් ජොබ්ස්ගේ චරිතය සඳහා ඔස්කා සම්මානලාභී නළු ක්‍රිස්ටියන් බේල් (Christian Bale) තෝරාගෙන තිබේ.,2 +"ස්ටීව් ජොබ්ස්ගේ සැබෑ ජීවිතය ඇසුරින් නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, සම්මානනීය අධ්‍යක්ෂ ඩැනී බොයිල් විසිනි.",2 +ඔහු මීට පෙර නිර්මාණය කළ ‘Slumdog Millionaire’ චිත්‍රපටයට සම්මාන රැසක් හිමි විය.,2 +"ඒරන් සෝකින් ‘Jobs’ චිත්‍රපටයේ තිර පිටපත රචනා කරනුයේ, වෝල්ටර් අයිසැක්සන් විසින් රචනා කරන ලද ‘Steve Jobs’ නමැති චරිතාපදානය ඇසුරිනි.",2 +"ඒරන් සෝකින් පවසන්නේ, Mac, NeXT සහ iPod යනුවෙන් කොටස් තුනක් ඔස්සේ මෙම චිත්‍රපටය නිර්මාණය වන බව ය.",2 +ශ්‍රී ලාංකික සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා ඇරයුම් ලැබී තිබේ.,2 +"ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, The Definition of Fear නමැති බ්‍රිතාන්‍ය චිත්‍රපටය සඳහා එලෙස ඇයට ආරාධනා ලැබී ඇති බව ය.",2 +තමන් රඟපෑ බොලිවුඩ් චිත්‍රපට නැරඹීමෙන් පසුව එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගෙන් තමන්ට ඇරයුම් ලැබුණු බව ජැක්ලින් පවසා තිබේ.,2 +"ඇය සඳහන් කළේ, බොලිවුඩ් චිත්‍රපට කෙරෙහි බටහිර රටවල විශේෂ අවධානයක් පවතින බව ය.",2 +සල්මන් ඛාන් සමග රඟපෑ Kick චිත්‍රපටයේ සාර්ථකත්වය ඊට බොහෝ දුරට බලපාන්නට ඇතැයි ඇගේ විශ්වාසය යි.,2 +"ඇය ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතය සඳහා තමන්ට ඇරයුම් ලැබීම ඇදහිය නොහැකි තරම් සතුටට කරුණක් බව ය.",2 +Kick චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝවක්…,2 +බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුව ෂාරුක් ඛාන්ගේ අවුරුදු එකහමාරක් වයසැති පුතණුවන් බොලිවුඩ් සිනමාවට එක්වී තිබේ.,2 +"ඒ, තිරගත වීමට නියමිත Happy New Year චිත්‍රපටය තුළිනි.",2 +"ෂාරුක්ගේ බිරිඳ වන ගෞරි පවසා ඇත්තේ, එම චිත්‍රපටයේ ඇය ද රඟපාන බව ය.",2 +දිනක් රූගත කිරීම් අතරතුර ෂාරුක් ඛාන් සහ චිත්‍රපටයේ නිෂ්පාදිකා ෆාරා ඛාන් තමන්ට දුරකතනයෙන් කතා කර AbRam පුතණුවන් රූගත කිරීම් කරන ස්ථානයට රැගෙන එන ලෙස දැනුම් දුන් බව ගෞරි පැවසීය.,2 +"එහි අවස��් ප්‍රතිඵලය වී ඇත්තේ, ඔවුන් දෙදෙනා ම චිත්‍රපටයට රංගනයෙන් දායක වීමෙනි.",2 +ලෝකයට රහසක්ව පැවති සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ තුන්ව වන දරුවා පිළිබඳ තොරතුරු පළමු වරට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කර තිබේ.,2 +ශාරුක් ඛාන් සිය තුන්වන දරුවා වන ජෝයි අබ්බ්‍රම් පිළිබඳව එලෙස කරුණු හෙළි කර ඇත්තේ දරුවාට අවුරුද්දකු ත් මාස 6ක් ගත වූ පසු ය.,2 +ගෞරි සහ ශාරුක් දෙපොළට තව ත් පුතෙක් සහ දියණියක් ද සිටිති.,2 +සිරස එෆ්.එම්. නිවුස්ෆස්ට් එක්ව සංවිධානය කරන ත්‍රිරෝද රථ සැණකෙළියේ පළමු අදියර රත්නපුර හිදැල්ලන නව නගර ක්‍රීඩාංගණයේදී පැවැත්විය.,2 +"මෙම සැනකෙළිය කඩවසම් ත්‍රිරෝද රථ රියැදුරු තෙරීමේ, අංකාර ම ත්‍රිරෝද රථය තෙරීම, ගායානා තරග ඇතුළු අංග රැසකින් සමන්විත විය.",2 +ලිංගිකත්වය ඉස්මතු කිරීම සඳහා නිළියන් භාවිත කිරීමේදී ඉදිරියෙන් ම සිටිනුයේ ඉන්දීය චිත්‍රපට කර්මාන්තය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවකින් හෙළි වී තිබේ.,2 +කාන්තාවන් පිළිබඳව ක්‍රියාත්මක වන UN Women ආයතනයේ ප්‍රධානත්වයෙන් සැකසුණු මෙම වාර්තාව මගින් ලොව පුරා කාන්තාවන් පිළිබඳව අධ්‍යයනයක් කර ඇත.,2 +"එම වාර්තාවෙහි සඳහන් වන්නේ, ආකර්ෂණය උදෙසා කාන්තාවන් යොදා ගැනීම සිනමා ක්ෂේත්‍රයේ බෙහෙවින් ඉහළ ගොස් ඇති බව ය.",2 +විශේෂයෙන් ම නිළියන්ගේ නිරුවත හෝ අඩ නිරුවත ප්‍රදර්ශනය කිරීම හරහා ප්‍රේක්ෂක අවධානය ලබා ගැනීමට සිනමා නිර්මාණකරුවන් උත්සහ දරන බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.,2 +මෙම තත්ත්වය ඉන්දීය සිනමා කර්මාන්තයේ නව ප්‍රවණතාවක් ලෙස වර්ධනය වී ඇතැයි එහි සඳහන් වේ.,2 +එය ලොව සියලු සිනමා කර්මාන්ත සමග ගත් කල 35%ක ප්‍රතිශතයකි.,2 +සංගීතය විශ්ව භාෂාවක් බව ත් එය රස විඳීමට භාෂාව බල නොපාන බව ත් අපි අසා ඇත්තෙමු.,2 +මිනිසුන්ට අමතරව සතුන් ද සංගීතයට ප්‍රතිචාර දක්වන අවස්ථා ද අපට හුරුපුරුදු ය.,2 +ජාත්‍යන්තර බට නළා වාදන තරගයකදී සිය බට නළාව වයමින් සිටි ජපානයේ Yuki Ota නමැති 29 හැවිරිදි ශිල්පිණියකගේ නළල මත සමනලයෙකු වැසූ පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා විය.,2 +ඩෙන්මාර්කයේ ඔඩෙන්ස්හි පැවති Carl Nielsen International Flute Competition නමැති තරගය අතරතුර මෙම සිද්ධිය සිදුවී තිබේ.,2 +සමනලයා නළල මත වැසීමෙන් පසු ඒ මත ඇවිදීම නිසා Yuki Ota ට සිය වාදනය නිවැරදිව කිරීම අභියෝගයක් විය.,2 +ඇය හිස ගසමින් සමනලයා ඉවත් කිරීමට උත්සහ කළ ද සමනලයා ඇය අතහැර නොගියේ ය.,2 +"කෙසේ වෙතත්, Yuki Ota එම සිද්ධියෙන් සිය ඒකාග්‍රතාව බිඳ වැටීමට ඉඩ නොදිණි.",2 +"එම වාදන තරගයේ විනිශ්චය කරුවන් පවසන්නේ, වාදනය අතරතුර සමනලයා නළල මත වැසීම ත්, සමනලයාගේ බාධා කිරීම් මධ්‍යයේ නිවැරදිව බට නළාව වාදනය කිරීම ත් පුදුමසහගත බව ය.",2 +ඉන්දීය සිනමා පටයකට රංගනයෙන් දායක වීමට තමන් කැමැත්තෙන් පසුවන බව හොලිවුඩ් සුපිරි නළු ආර්නල්ඩ් ස්වොට්සනේගර් (Arnold Schwarzenegger) පවසා තිබේ.,2 +"ඔහු මේ බව සඳහන් කළේ, ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණ සිටින අවස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී ය.",2 +"ඔහු ප්‍රකාශ කළේ, ශංකර් (Shanmugam Shankar) නමැති දෙමළ සිනමා‍ අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයකට දායක වීමට වඩා ත් කැමති බව ය.",2 +"ඊට අමතරව, ඉන්දීය නළු නිළියන් සමග රඟපෑමට ද තමන් විශේෂ කැමැත්තක් බව දෙවරක් කැලිෆෝනියාවේ ආණ්ඩුකාර ධුරය හෙබවූ ආර්නල්ඩ් ස්වොට්සනේගර් පැවසීය.",2 +"තමන්ගේ දේශපාලන කටයුතු හේතුවෙන් සිනමාවෙන් ඈත්ව සිටි බව ත්, Terminator 5 චිත්‍රපටය හරහා යළි ත් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ඉඩ සැලසුණු බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.",2 +ඉන්දියාවේ Times of India පුවත් වෙබ් අඩවිය බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් සම්බන්ධයෙන් පළ කළ ඡායාරූපයකට සහ එම ඡායාරූපය පිළිබඳ සටහනකට එරෙහිව දැවැන්ත රැල්ලක් නිර්මාණය වෙමින් පවතී.,2 +දීපිකා පාදුකෝන් සිය උඩුකය සුළු වශයෙන් නිරාවරණය වන ඇඳුමකින් සැරසී ගත් ඡායාරූපයක් මෙම ගැටුමට මුල් වී තිබේ.,2 +ඒ සම්බන්ධයෙන් Times of India පළ කළ සටහනට විරෝධය පළ කරමින් දීපිකා පාදුකෝන් සිය Twitter ගිණුමෙහි අදහස් දක්වා තිබිණි.,2 +ඉන්පසුව Times of India වෙබ් අඩවිය එම ඡායාරූපය ඉවත් කළේ ය.,2 +"කෙසේ වෙතත්, මෙම සිද්ධියේදී Times of India වෙබ් අඩවියට එරෙහිව #IStandWithDeepikaPadukone යනුවෙන් Twitter වෙබ් අඩවිය තුළින් දැවැන්ත විරෝධයක් ආරම්භ කෙරිණි.",2 +ඒ සඳහා සහය පළ කරමින් #IStandWithDeepikaPadukone යටතේ පළ කර ඇති Tweets සංඛ්‍යාව මේ වන විට 25000 ඉක්මවා තිබේ.,2 +ඊට බොලිවුඩ් නිළියන් රැසක් ද එක්ව සිටිති.,2 +Kick චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව සල්මන් ඛාන් සහ ජැක්ලින් ෆර්නැන්ඩස් අතර මිත්‍රත්වයකට එහා ගිය සබඳතාවක් ගොඩ නැගී ඇති බවට බොලිවුඩය පුරා තොරතුරු ගලා යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය පවසයි.,2 +"එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, සල්මන් ඛාන් මේ දිනවල නිරන්තරයෙන් ජැක්ලින් ෆර්නැන්ඩස් සමග කාලය ගත කරන බව ය.",2 +ඔවුන් දෙදෙනා අතර සමීප සබඳතාවක් පවතින බව සල්මන්ගේ මිත්‍රයෙකු ද පවසා ඇතැයි මාධ්‍ය වාර්තාවල පළ වී ඇත.,2 +"මීට පෙර ජැක්ලින් ෆර්නැන්ඩස් ප්‍රකාශ කළේ, Kick චිත්‍රපටයේ පිටපත කියවීමකින් තොරව ම තමන් ඊට එකඟත්වය පළ කළේ, සල්මන් ඛාන් එහි ප්‍රධාන චරිතය රඟපාන හෙයින් බව ය.",2 +"පසුව සල්මන් ඛාන් ඇයට හින්දි භාෂාව ද ඉගැන්වූ අතර පළමු වරට ජැක්ලින් සිය චරිතය සඳහා හින්දි බසින් හඬ මුසු කළේ, Kick චිත්‍රපටය වෙනුවෙනි.",2 +බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සිය ආකර්ෂණීය දේහය නිරූපණය කරන ඡායාරූප කිහිපයක් සිය නිල Twitter ගිණුමෙහි පළ කර තිබේ.,2 +"අදාළ ඡායාරූප පළ කරමින් ෂාරුක් ඛාන් සඳහන් කර ඇත්තේ, සිය ශරීරය පිළිබඳව කතා කිරීමට තමන් කැමැත්තක් නොදක්වන නමුත් ‘Happy New Year’ චිත්‍රපටය වෙනුවෙන් එය කළ බව ය.",2 +‘Happy New Year’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය වන ෆාරා ඛාන් වෙනුවෙන් එම චිත්‍රපටයේ තමන් සිය ශරීරය නිරාවරණය කළ බව ඔහු දක්වා තිබේ.,2 +මීට පෙර ෆාරා ඛාන්ගේ ‘Om Shanti Om’ චිත්‍රපටයේ ද ෂාරුක් ඛාන් මෙවැනි දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටියේ ය.,2 +පසුගිය දා මහත් ආන්දෝලනයක් ඇති කරමින් සයිබර් සොරුන් විසින් සමාජ ජාල වෙබ් අඩවිවල පළ කරන ලද ජෙනිෆර් ලෝරන්ස් (Jennifer Lawrence) සහ කේට් අප්ටන් (Kate Upton) යන හොලිවුඩ් නිළියන්ගේ නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට චිත්‍ර ශිල්පියෙක් සූදානම් වේ.,2 +XVALA නමැති එම චිත්‍ර ශිල්පියා එම ප්‍රදර්ශනය අමෙරිකාවේ The Cory Allen Contemporary Art gallery හි පැවැත්වීමට නියමිත ය.,2 +මෙම ප්‍රදර්ශනයේදී අදාළ නිරුවත් ඡායාරූප කැන්වස් රෙදි මත සිතුවම් කර ඉදිරිපත් කෙරෙනු ඇත.,2 +"මීට අමතරව, ජනප්‍රිය චරිතවල පෞද්ගලික ජීවිතයට අදාළ සිතුවම් රැසක් ද මෙම ප්‍රදර්ශනයට එක් කෙරෙනු ඇත.",2 +ළමා නිළියක ලෙස බොලිවුඩ් සිනමාවට පිවිස පසුව සම්මානනීය නිළියක බවට පත්වූ ශ්වේතා බාසු (Shweta Basu) ගණිකා වෘත්තියේ නියැළීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.,2 +"ඇය ඉන්දීය පොලීසියට පවසා ඇත්තේ, මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් තමන් ගණිකා වෘත්තියට පිවිසි බව ය.",2 +මූල්‍ය අගහිඟකම් පැවතීම නිසා සිය පවුලේ අවශ්‍යතා ඉටුකිරීම අසීරු වී පැවති අවස්ථාවක තමන්ගේ සමීපතමයින් කිහිප දෙනෙකුගේ පෙළඹවීම මත මෙම වෘත්තියට එළඹුණු බව ඇය පවසා තිබේ.,2 +තමන් වැනි තවත් නිළියන් කිහිප දෙනෙකු ම මුදල් ඉපයීම සඳහා ගණිකා වෘත්තියෙහි නිරතව සිටින බව ද ඇය හෙළි කර ඇත.,2 +"ළමා නිළියක ලෙස සිනමාවට පිවිසි ඇය හින්දි, දෙමළ, තෙළිඟු, බෙංගාලි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.",2 +"හොඳ ම ළමා නිළිය, හොඳ ම සහය නිළිය ඇතුළු ඉන්දීය ජාතික සම්මාන රැසකින් ඇය පිදුම් ලබා ඇති අතර ෆිල්ම්ෆෙයාර්, IIFA ඇතුළු තවත් සම්මාන රැසකට නිර්දේශ වී ඇති දක්ෂ රංග�� ශිල්පිණියකි.",2 +හොලිවුඩ් නිළියන්ගේ සහ ‍බටහිර ගායිකාවන්ගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අමෙරිකානු ෆෙඩ්රල් විමර්ශන කාර්යංශය (FBI) තීරණය කර තිබේ.,2 +"අමෙරිකානු ෆෙඩ්රල් විමර්ශන කාර්යංශයේ ප්‍රකාශකයෙකු Associated Press පුවත් ඒජන්සියට පවසා ඇත්තේ, මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පියවර ගෙන ඇති බව ය.",2 +අදාළ නිරුවත් ඡායාරූප Apple iCloud හරහා සයිබර් සොරුන් අතට පත් වී ඇති බවට සැක කෙරේ.,2 +"Apple සමාගම පවසන්නේ, ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ය.",2 +2014 – කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අද ආරම්භ විය.,2 +එම්.ටී.වී. එම්.බී.සී ආයතන සහ නිව්ස්ෆස්ට් චිත්‍රපට උළෙලට මාධ්‍ය අනුග්‍රහය දක්වයි.,2 +ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුනගේ සංසදය සංවිධාන කළ කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අද පස්වරු 6ට ආරම්භ වුණේ කොළඹ රීගල් සිනමා ශාලාවේදී ය.,2 +2013 – 2014 වසරේ ජාත්‍යන්තරයේ අවධානය දිනාගත් රටවල් 40ක චිත්‍රපට 102ක් චිත්‍රපට උළලේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.,2 +හෙට සිට ලබන 7 වන දා දක්වා කොළඹ ස්ථාන 5කදී මෙම චිත්‍රපට නොමිලේ නැරඹිමට සැමට ම අවස්ථාව ලබා දී තිබේ.,2 +"චිත්‍රපට උළෙලට සමගාමීව අධ්‍යක්ෂණය, ඡායාරූපකරණය, තිර රචනය වැනි අංශ පිළිබඳව වැඩමුළු පැවැත්වීමට ද සංවිධායකයින් කටයුතු යොදා තිබේ.",2 +ඉන්දීය සුපිරි නළු අමිතාබ් භච්චන්ගේ නිල Twitter ගිණුමට සම්බන්ධ වී සිටින රසික රසිකාවියන් (followers) සංඛ්‍යාව කෝටිය (මිලියන 10) ඉක්මවා තිබේ.,2 +"මෙහි සුවිශේෂත්වය වන්නේ, ඉන්දියාවේ වැඩි ම followers සංඛ්‍යාවක් හිමි Twitter ගිණුම මෙය වීම ය.",2 +සිය Twitter ගිණුමේ followers සංඛ්‍යාව කෝටිය ඉක්මවීම පිළිබඳව සතුට පළ කරමින් අමිතාබ් භච්චන් පළ කළ tweet පණිවුඩය පහත දැක්වේ.,2 +71 හැවිරිදි අමිතාබ් භච්චන් මේ වන විට චිත්‍රපට 180කට පමණ රංගනයෙන් දායක වී ඇති අතර The Great Gatsby චිත්‍රපටය හරහා ඔහු හොලිවුඩ් සිනමාවට ද ප්‍රවිෂ්ට විය.,2 +"Followers සංඛ්‍යාව කෝටිය ඉක්මවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති Twitter වෙබ් අඩවිය පවසා ඇත්තේ, අමිතාබ් භච්චන් සිය Twitter ගිණුම හරහා ඔහු රසික රසිකාවියන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන බව ය.",2 +ඔහු මේ වන විට පළ කර ඇති tweet පණිවුඩ සංඛ්‍යාව 33200 ඉක්මවා තිබේ.,2 +බටහිර ප්‍රසිද්ධ නිළියන්ගේ සහ ගායිකාවන්ගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රචාරය කිරීමේ සිද්ධිය මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.,2 +"මේ සම්බන්ධයෙන් හොලිවුඩ් නිළි ���ෙනිෆර් ලෝරන්ස් අවධාරණය කළේ, තමන් මෙම කටයුත්තට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ය.",2 +මෙම තර්ජනය ත් සමග ඇයගේ නිරුවත් ඡායාරූප පළ කළ බ්ලොග් රචකයෝ කලබලයට පත්ව සිටිති.,2 +එවැනි බ්ලොග් රචකයෙකු වන පෙරෙස් හිල්ටන් (Perez Hilton) ජෙනිෆර් ලෝරන්ස්ගෙන් සහ වික්ටෝරියා ජස්ටිස්ගෙන් සමාව ඉල්ලා තිබේ.,2 +ඔහු ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සිය බ්ලොග් එකෙහි පළ කර තිබූ අතර පසුව ඉවත් කර ඇත.,2 +සයිබර් සොරුන් විසින් ප්‍රකට ශිල්පිණියන් 100කට අධික පිරිසකගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර තිබිණි.,2 +ප‍්‍රවීණ කලාකරු බන්දුල විතානගේ මහතා කොළඹ ජාතික රෝහලේදී අද දහවල් අභාවප‍්‍රාප්ත වී තිබේ.,2 +කලක් රෝගීව සිටි ඔහු මිය යන විට 73 වන වියේ පසු විය.,2 +1940 සැප්තැම්බර් 11 වන දා බන්දුල විතානගේ ගෝනගලදී උපත ලැබීය.,2 +"ඔහු අධ්‍යාපනය ලැබුවේ, අතුරුවැල්ල ප්‍රාථමික විද්‍යාලය, කොළඹ කේරි විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය යන පාසල්වලිනි.",2 +"1963 වසරේදී ඇරඹුණු විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව ඇතුළු ආයතන රැසක සේවය කළ ඔහු 2001 වසරේ ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයෙකු වශයෙන් පත් විය.",2 +මෙරට නාට්‍ය කලාව පෝෂණය කිරීම සඳහා අනුපමේය මෙහෙවරක් කළ බන්දුල විතානගේ මහතාට Newsfirst අපගේ උපහාරය…….,2 +ජනප්‍රිය බටහිර නිළියන් සහ ගායිකාවන් පිරිසකගේ නිරුවත් ඡායාරූප රැසක් සමාජ ජාල වෙබ් අඩවි හරහා නීතිවිරෝධී ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට ඔවුන්ගේ නියෝජිතයින් චෝදනා කර තිබේ.,2 +"අමෙරිකානු මාධ්‍යවල දැක්වෙන්නේ, සයිබර් සොරුන් (hackers) විසින් මෙය කරන ලද බවට තොරතුරු හෙළිවී ඇති බව ය.",2 +"ජෙනිෆර් ලෝරන්ස්, රිහානා, කිම් කාඩේෂියන් ඇතුළු පිරිසකගේ නිරුවත් ඡායාරූප එලෙස ප්‍රසිද්ධ කර තිබේ.",2 +"ඔස්කා සම්මානලාභී හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නියෝජිතයෙකු පවසා ඇත්තේ, මෙය ජෙනිෆර් ලෝරන්ස්ගේ පෞද්ගලිකත්වයට කළ හානියක් බව ය.",2 +මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද එම නියෝජිතයා සඳහන් කර තිබේ.,2 +"ජෙනිෆර් ලෝරන්ස් සහ රිහානා හැරුණුවිට ඇම්බර් හර්ඩ්, ගේබ්‍රියල් යුනියන්, හිලරි ඩෆ්, ජෙනී මැකාර්ති, කේට් අප්ටන් ඇතුළු පිරිසක් ද මෙයට හසුවී ඇත.",2 +බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සන්නාම තානාපති ධුරයක් හිමිව තිබේ.,2 +"ඒ, ජාත්‍යන්තර පොලීසිය විසින් ලොව පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත “Turn Back Crime” ව්‍යාපෘත��ය සඳහා ය.",2 +මෙම ව්‍යාපෘතියෙහි අරමුණ අපරාධයක් වැළැක්වීම සඳහා සෑම පුද්ගලයෙකුට ම ක්‍රියාත්මක විය හැකිය යන්න ලොව පුරා ප්‍රචාරය කිරීම ය.,2 +මෙම සන්නාම තානාපති ධුරය හරහා ෂාරුක් ඛාන්ගේ ජනප්‍රියත්වය ප්‍රයෝජනයට ගනිමින් ජනතාව අතරට එම පණිවුඩය රැගෙන යාම ජාත්‍යන්තර පොලීසියේ අදහස වී තිබේ.,2 +"නිවේදනයක් නිකුත් කරමින් ෂාරුක් ඛාන් පවසන්නේ, මෙවැනි කර්තව්‍යයක නියෝජිතයෙකු වීම තමන්ට විශාල ගෞරවයක් බව ය.",2 +යම් පුද්ගලයෙකුට අපරාධයක් කිරීමට එරෙහිව ඕනෑ ම පුද්ලගලයෙකුට ක්‍රියාකළ හැකි බව ත් සමාජයක් ලෙස අපරාධවලට එරෙහිව සාමූහිකව නැගී සිටිය යුතු බව ත් ෂාරුක් ඛාන් සිය නිවේදනයෙන් වැඩිදුරට ත් දක්වා තිබේ.,2 +ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින Ice Bucket Challenge ව්‍යාපෘතියට මේ වන විට ලෝකයේ නන් දෙසින් විරෝධයක් එල්ල වෙමින් පවතී.,2 +"එයට විරෝධය පළ කරන ඇතැම් ප්‍රකට පුද්ගලයින් පවසන්නේ, මෙය ජල සම්පත අපතේ යැවීමක් බව ය.",2 +Ice Bucket Challenge සඳහා ලෝක ප්‍රකට නළු නිළියන් රැසක් දායක වුව ද හොලිවුඩ් නිළි පමෙලා ඇන්ඩර්සන් එය ප්‍රතික්ෂේප කර තිබේ.,2 +"ඇය පවසා ඇත්තේ, ඖෂධ පරීක්ෂා කිරීම් සඳහා සතුන් යොදාගන්නා ආයතනයක අරමුදලක් වෙනුවෙන් තමන්ට පෙනී සිටිය නොහැකි බව ය.",2 +"ඊට අමතරව, බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ද මෙම අභියෝගය ප්‍රතික්ෂේප කර තිබේ.",2 +"ඇය සිය Twitter ගිණුමෙහි දක්වා ඇත්තේ, පිළිකා රෝගය හෝ නැවුම් ජලය වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන සඳහා ආධාර කිරීම වඩා ත් කාලෝචිත බව ය.",2 +"මීට අමතරව, බොලිවුඩ් නිළි සෝනම් කපූර් ද පවසා ඇත්තේ, ජල සම්පත විනාශ කරමින් Ice Bucket අභියෝගයට සම්බන්ධ වීමට තමන්ගේ කැමැත්තක් නොමැති බව ය.",2 +"බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර්, චාලක න්‍යුරෝන අබාධය මෙලොවින් තුරන් කිරීම සඳහා වන අරමුදල ශක්තිමත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන ලෝක අයිස් බකට් අභියෝගය (The global Ice Bucket Challenge) භාරගත් අයුරු මෙම වීඩියෝවෙන් දැක්වේ.",2 +"ඔහුට එම අභියෝගය කරනු ලැබ ඇත්තේ, බොලිවුඩ් නළු රිටීෂ් දේශ්මුඛ් විසිනි.",2 +"ආක්ෂේ කුමාර් එම අභියෝගය, සුපිරි නළු සල්මන් ඛාන්, ට්වින්කල් ඛන්නා සහ අෂ්විනී යාඩි වෙත ඉදිරිපත් කර තිබේ.",2 +"ඉන්දීය මාධ්‍ය පවසන්නේ, ආක්ෂේ කුමාර්ගේ අභියෝගයට සල්මන් ඛාන් ප්‍රතිචාර දක්වන තුරු ඉන්දීය වැසියන් බලා සිටින බව ය.",2 +"මීට පෙර, බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග්, ටිම් කුක්, ජස්‍ටින් බීබර් වැනි ලෝක ප්‍රකට පුද්ගලයින් රැසක් මෙම අභියෝගය භාරගෙන තිබිණි.",2 +වෙනත් ග���යකයෙකුගේ ගීතයක් නීතිවිරෝධී ලෙස ගායනා කළ බවට කොලොම්බියානු පොප් ගායිකා ෂකීරා (Shakira) වරදකරු වී තිබේ.,2 +"ඇයගේ Loca නමැති ගීතයේ ස්පාඤ්ඤ අනුවර්තනය ඩොමිනිකානු ගායක රේමන් වස්කියස්ගේ (Ramon Arias Vazquez) ගීතයකින් උපුටා ගෙන ඇති බව තහවුරු වී ඇත්තේ, නිව්යෝර්ක් ෆෙඩ්රල් අධිකරණයේදී ය.",2 +එම ගීතය එහි ඉංග්‍රීසි ගීතය සමග තැටිගත කර අලෙවි කර ඇතැයි ද නඩු විභාගයේදී හෙළි වී තිබේ.,2 +"එම සංයුත්ත තැටිය එළි දක්වා ඇත්තේ, 2010 වසරේදී ය.",2 +ෂකීරාගේ Loca ගීතයේ ස්පාඤ්ඤ අනුවර්තිත ගීතය පහත දැක්වේ.,2 +2014 වසgisele-bundchen-in-little-whit-topරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන්ගේ ලැයිස්තුව එළිදක්වා තිබේ.,2 +"ෆෝබ්ස් සඟරාවට අනුව මේ වසරේ වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව වන්නේ, ගිසෙල් බන්ෂෙන් (Gisel Bundchen) ය.",2 +ඇය පසුගිය මාස 12 තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 47කි.,2 +ඇය අඛණ්ඩව වසර 8ක් වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව ‍බවට පත්වීම විශේෂත්වයකි.,2 +2014 වසරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහත දැක්වේ.,2 +හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට නළුවෙකු වන ජැකී චෑන්ගේ පුත් ජේසී චෑන් (Jaycee Chan) මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබේ.,2 +"චීන පොලීසිය පවසන්නේ, 31 හැවිරිදි ජේසී චෑන් සමග තවත් තායිවාන චිත්‍රපට නළුවෙකු වන 23 හැවිරිදි කයි කෝ (Kai Ko) ද අත්අඩංගුවට ගත් බව ය.",2 +ඔවුන් දෙදෙනා ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව පොලීසිය පවසයි.,2 +"මේ අතර, ජැකී චෑන්ගේ පුත්‍රයාගේ නිවසේ තිබී මරිජුවානා ග්‍රෑම් 100ක් සොයාගෙන තිබේ.",2 +"මෙහි විශේෂත්වය වන්නේ, ජැකී චෑන් මත්ද්‍රව්‍ය පාලන තානාපතිවරයෙකු ලෙස 2009 වසරේ සිට චීන පොලීසිය විසින් පත් කරනු ලැබ තිබීම ය.",2 +චීන ජනපති පසුගිය ජූනි මාසයේදී ආරම්භ කළ මත්ද්‍රව්‍ය පාලන වැඩසටහනට අනුව මෙම වැටලීම් වේගවත් කර තිබේ.,2 +"ඒ අනුව, පසුගිය මසදී ද චීන චිත්‍රපට නළුවෙකු වන ගාඕ හූ (Gao Hu) නමැත්තා ද මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිණි.",2 +"අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තායිවාන චිත්‍රපට නළු කයි කෝ පවසා ඇත්තේ, තමන් විශාල වැරැද්දක් කළ බව ත්, ඒ වෙනුවෙන් සිය රසිකයින්ගෙන් සමාව අයැද සිටින බව ත් ය.",2 +කලක් රෝගාතුරව සිටි රෙබෙකා නිර්මලී මහත්මිය අද අලුයම 2කට පමණ අභාවප්‍රාප්ත වූයේ මහරගම පිළිකා රෝහලේදී ය.,2 +දයාබර දියණියකගේ මවක වූ නිර්මලී මහත්මිය රසික හදවත් තුළ වෙද හාමිනේ නමින් ජනප්‍රියත්වයට පත් වූවා ය.,2 +"වෙද හාමිනේ චරි���යට රංගනයෙන් දායකත්වය දෙමින් 1987 වසරේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පා තැබූ රෙබෙකා නිර්මලී, වෑ දිය රැල්ල, සේක්කුගෙදර, ජීවිතය සුන්දරයි, කප් සුවහස්කල්, රන්තලිය වලව්ව, මොණරතැන්න, අකාල සන්ධ්‍යා, මිණිපුර හටන, ආදරවන්තයෝ,",2 +"නිසල දිය සසල විය, දඬුබස්නාමානය, කඩුළු තහංචිය, දිය සායම්, වැනි නිර්මාණ තුලින් රංගන කෞශල්‍යය දැක්වූවා ය.",2 +සිරස ටී.වී. ඔස්සේ විකාශය වන ආදර සංධ්වනිය ටෙලි නාට්‍යයට ද ඇය රංගනයෙන් දායක වූවා ය.,2 +අද බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක දේහය තැන්පත් කෙරෙන අතර හෙට කලාභවනට ‍රැගෙන යාමට නියමිත ය.,2 +රෙබෙකා නිර්මලී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.,2 +ඔස්කා සම්මානලාභී විකට නළු රොබින් විලියම්ස් (63) උතුරු කැලිෆෝනියා‍වේ ඔහුගේ නිවසේදී මිය ගොස් තිබේ.,2 +විදෙස් වාර්තා පවසන්නේ රොබින් විලියම්ස්ගේ මරණය සිය දිවි නාසා ගැනීමක් බව ය.,2 +"රෝහල් බලධාරීන් පවසන්නේ, හුස්ම ගැනීමේ අපහසුතාවක් මරණයට හේතු වී ඇති අතර මෙතෙක් සියදිවි හානි කර ගැනීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බව ය.",2 +විලියම්ස් පසුගිය කාලයේ දැඩි ආතතියකින් පසු වූ බව රොබින් විලියම්ස්ගේ සමීපතමයින් විදෙස් මාධ්‍යට පවසා තිබේ.,2 +මොහු 1970 දශකයේ සිට ජනාදරයට පත් වූ දක්ෂ විකට නළුවෙකි.,2 +"ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ, විලියම්ස් සිහිසුන්ව සිටින බවට ඊයේ දහවල් හදිසි ඇමතුමකින් පණිවුඩයක් ලැබුණු බව ය.",2 +කොළඹ නගරයේ පිහිටි සියලු සිනමා හල් පරීක්ෂා කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.,2 +"කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා ප්‍රකාශ කළේ, චිත්‍රපට ශාලාවල සනීපාරක්ෂක තත්ත්වය පිළිබඳව නරඹන්නන්ගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව ය.",2 +නිසි සනීපාරක්ෂක තත්ත්වයක් නොමැති සිනමා ශාලාවලට බලපත්‍ර අහිමි කරන බව ද ඔහු සඳහන් කළේ ය.,2 +නිසි සනීපාරක්ෂක තත්ත්වයක් නොමැති සිනමා ශාලා ඇත්නම් ඒ පිළිබඳව වහා දැනුම් දෙන ලෙස කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා චිත්‍රපට නරඹන්නන්ගෙන් ඉල්ලා සිටී.,2 +එම පැමිණිලි දැනුම් දිය යුතු අංකය පහත දැක්වේ.,2 +බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් හේතුවෙන් බටහිර බෙංගාල ප්‍රාන්තයේ පොලිස් නිලධාරිණියකට දැඩි විවේචන එල්ල වී තිබේ.,2 +"ඇය එම තත්ත්වයට පත්ව ඇත්තේ, කොල්කටාහි පැවති ප්‍රසංගයකදී ෂාරුක් ඛාන් පොලිස් නිලධාරිණියක් ඔසවාගෙන පසුව ඇය සමග නර්තනයක යෙදීම හේතුවෙනි.",2 +"මෙම සිදුවීම සිදුවී ඇත්තේ, ප්‍රාන්තයේ මහ ඇමතිනිය වන මමතා බැනර්ජී ඉදිරිපිටදී ය.",2 +"මේ පිළිබඳව දැඩි විවේචන එල්ල කරන භාරතීය ජනතා පක්ෂයේ නායකයින් පවසන්නේ, නිල ඇඳුමෙන් සැරසී නර්තනය යෙදීම පොලිස් සේවයට කළ නිග්‍රහයක් බව ය.",2 +"කෙසේ වෙතත්, මෙය කලින් සැලසුම් නොකළ දෙයක් බව කොල්කටා පොලිස් කොමසාරිස් නිරූපම් සොම් සඳහන් කළේ ය.",2 +මෙම ප්‍රසංගයට බිපාෂා බාසු ඇතුළු සිනමා ශිල්පීන් පිරිසක් ද එක්ව සිටියහ.,2 +"පකිස්ථානයේදී තලේබාන් වෙඩි ප්‍රහාරයකට ලක්ව දිවි ගලවා ගත් මලාලා යූසෆ්සායි, ජනප්‍රිය පොප් ගායක ජස්ටින් බීබර්ගේ (Justin Bieber) නවතම මිතුරියක් බවට පත්ව තිබේ.",2 +ජස්ටින් බීබර්ගේ නිල Twitter ගිණුමෙහි මේ පිළිබඳව සඳහන් කර ඇත.,2 +"එහි දැක්වෙන්නේ, ජස්ටින් බීබර් (Justin Bieber) සහ මලාලා යූසෆ්සායි වීඩියෝ දුරකතන සාකච්ඡාවක නිරත වූ බව ය.",2 +තමන්‍ ඇය මුහුණට මුහුණ හමුවීම සඳහා නොඉවසිල්ලෙන් බලා සිටින බව ද බීබර් පවසා තිබේ.,2 +"ඔහු වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, මලාලා යූසෆ්සායි නමින් ක්‍රියාත්මක වන Malala Fund නමැති අරමුදලට උපකාර කිරීම සඳහා ඇය සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ය.",2 +Instagram හි පළ කළ අදහස,2 +"මලාලා යූසෆ්සායි, ජස්ටින් බීබර්ගේ දීර්ඝ කාලීන රසිකාවියකි.",2 +ඉන්දීය ජාතික ධජයට අගෞරව කළ බවට වන චෝදනා මත බොලිවුඩ් නිළි මල්ලිකා ෂෙරාවට්ට එරෙහිව හයිදරාබාද් මහාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.,2 +"ඇයට මෙම චෝදනා එල්ල වූයේ, Dirty Politics නමැති චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ පෝස්ටරයකට පෙනී සිටීම හේතුවෙනි.",2 +"එහි ඇය ඉන්දීය ජාතික ධජයේ ඇති තැඹිලි, සුදු සහ කොළ පැහැයෙන් යුත් රෙදි කැබැල්ලකින් සිය නිරුවත වසාගෙන සිටින ආකාරයට පෙනී සිටී.",2 +"ඇයට එරෙහිව නඩු පවරා ඇති පැමිණිලි පාර්ශවය පවසන්නේ, එම පෝස්ටරය මගින් ඉන්දීය ජාතික ධජය අගෞරවයට ලක් කළ බව ය.",2 +මේ පිළිබඳව හයිදරාබාද් මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඇයට සති 4ක කාලයක් ලබා දී තිබේ.,2 +බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන්ට එරෙහිව එරට අධිකරණයක් හමුවේ නඩුවක් පවරා ති‍බේ.,2 +"ඒ, ළඟදී තිරගත වීමට නියමිත PK චිත්‍රපටයේ පුචාරක පුවරුවක අමීර් ඛාන් නිරුවතින් පෙනී සිටීමට එ‍රෙහිව ය.",2 +"එම පෝස්ටරයේ අමීර් ඛාන් සම්පූර්ණයෙන් නිරුවතින් සිටින අතර ඔහුගේ රහස් ප්‍රදේශය වසාගෙන සිටිනුයේ, කුඩා කැසට් රෙකෝඩරයකිනි.",2 +"ඊට එරෙහිව කාන්පූර් අධිකරණය ��මුවේ නඩු පවරා ඇති මනෝජ් ඩික්සිත් නමැති නීතීඥවරයා චෝදනා කර ඇත්තේ, එම පෝස්ටරය මගින් නිරුවත සහ අශිෂ්ටත්වය ප්‍රවර්ධනය වන බව ය.",2 +මෙම චිත්‍රපටය ලබන දෙසැම්බර් මාසයේදී තිරගත කිරීමට නියමිත ය.,2 +අදාළ පෝස්ටරයට එරෙහි නඩුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂ රාජ්කුමාර් හිරානිට සහ නිෂ්පාදක විධූ විනෝද් චොප්රා ද වග උත්තරකරුවන් කර තිබේ.,2 +"සල්මන් ඛාන් යන නම ඇසූ සැණින් ඕනෑ ම අයෙකුගේ සිහියට නැගෙනුයේ, කෙළිලොල් එමෙන් ම වගකීමකින් තොරව ජීවිතය ගත කරන සැහැල්ලු දිවිපෙවෙතක් සහිත පුද්ගලයෙකි.",2 +"එහෙත්, ඔහුගේ සුපිරි නළුකමට එහා ගිය අතිශය සංවේදී මානව හිතවාදී චරිතයක් ඔහු තුළ සැබෑවට ම පවතින බව දැනගත හැක්කේ, ඔහුගේ පෞද්ගලික ජීවිතය දෙසට එබී බැලීමෙන් පමණි.",2 +"ඒ පිළිබඳව සොයා බැලීමට අපට සිතුණේ, ඔහු සිය නිල Twitter ගිණුමෙහි සඳහන් කළ පණිවුඩයක් නෙත ගැටීමෙන් පසුව ය.",2 +"එම‍‍ tweet පණිවුඩයෙහි සඳහන් වූයේ, හෘදයාබාධ සහිත දරුවන් 100 දෙනෙකුට නොමිලේ සියලු ප්‍රතිකාර ලබා දීම සඳහා තමන් තීරණය කර ඇති බව ය.",2 +"ඔහු ඒ බව සිය නිල Twitter ගිණුමෙහි සඳහන් කර ඇත්තේ, මෙසේ ය.",2 +"එම‍‍ tweet පණිවුඩයෙහි සඳහන් වන්නේ, ප්‍රතිකාර සඳහා මුදල් සපයා ගැනීමට අපහසු රෝගීන් 100 දෙනෙකුට මෙම අවස්ථාව සැලසෙන බව ය.",2 +සල්මන් ඛාන්ට අයත් Being Human (BH) නමැති පුණ්‍යායතනය මගින් එම ප්‍රතිකාර සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිත ය.,2 +මීට පෙර ‍මෙම පුණ්‍යායතනය මගින් සල්මන් ඛාන්ගේ රසිකයින්ට රැකියා සොයා දීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක විය.,2 +"ඊට අමතරව, සතුන්ට ආදරය කිරීම, නොයෙක් ආබාධ සහිත දරුවන්ට උපකාර කිරීම ආදී පුණ්‍ය ක්‍රියා රැසක් සඳහා සල්මන් ඛාන් සිය දායකත්වය සපයා තිබේ.",2 +සල්මන් ඛාන් සුපිරි තරු සංකල්පයෙන් මිදී සාමාන්‍ය පීඩිත ජනතාව සමග දුක සැප බෙදාගන්නා ආකාරය පහත ඡායාරූපවලින් සනාථ වෙයි.,2 +ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් සහ සුපිරි නළු සල්මන් ඛාන් රඟන Kick චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළා තිබේ.,2 +එය තිරගත වූ පළමු සති අන්තයේදී පමණක් ඉපයූ මුදල ඉන්දීය රුපියල් කෝටි 83.83කි.,2 +"Kick චිත්‍රපටය ඉන්දියාවේ සිනමාහල් 5000ක පළමු වරට තිරගත කෙරුණේ, පසුගිය 25 වන දා එනම් මීට දින 4කට පෙර යි.",2 +මෙම චිත්‍රපටයේ ජැක්ලින් සිය චරිතය සඳහා පළමු වරට හින්දි බසින් හඬ කවා තිබීම විශේෂත්වයකි.,2 +Kick චිත්‍රපටයේ ඇතුළත් ගීතයක් පහත දැක්වේ.,2 +හොලිවුඩ් සිනමා නළුවන් අතර වැඩි ම ආදායමක් ලැබූ නළුවන��� පිළිබඳ නවතම වාර්තාව Forbes සඟරාව විසින් එළිදක්වනු ලැබ තිබේ.,2 +"මෙම වාර්තාව සකසා ඇත්තේ, 2013 වසරේ ජූනි මාසයේ 2014 ජූනි මාසය දක්වා කාලය තුළ ඉපයූ ආදායම් සැලකිල්ලට ගනිමිනි.",2 +"එම වාර්තාව අනුව වැඩි ම ආදායමක් උපයා ඇත්තේ, රොබර්ට් ඩවුනි යි.",2 +අඛණ්ඩව දෙවන වසරට ත් එම ස්ථානය හිමි කරගත් රොබර්ට් ඩවුනි (Robert Downey Jr.) අදාළ කාලය තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 75 ඉක්මවයි. (ශ්‍රී ලංකා මුදලින් රු. කෝටි 900කට අධික ය),2 +මෙම වාර්තාවේ සිව් වන ස්ථානය ලියනාඩෝ ඩිකැප්‍රියෝ (Leonardo DiCaprio) හිමි කරගෙන ඇති අතර ඔහු උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 39කි.,2 +වැඩි ම ආදායම් ඉපයූ හොලිවුඩ් තාරකා ලේඛනය පහත දැක්වේ.,2 +රොබර්ට් ඩවුනි – අමෙරිකානු ඩොලර් මිලියන 75,2 +———————————————————————————,2 +ඩ්වේන් ජොන්සන් – අමෙරිකානු ඩොලර් මිලියන 52,2 +———————————————————————-,2 +බ්‍රැඩ්ලි කූපර් – අමෙරිකානු ඩොලර් මිලියන 46,2 +—————————————————————–,2 +ලියනාඩෝ ඩිකැප්‍රියෝ – අමෙරිකානු ඩොලර් මිලියන 39,2 +———————————————————————–,2 +ක්‍රිස් හෙම්ස්වර්ත් – අමෙරිකානු ඩොලර් මිලියන 37,2 +—————————————————————–,2 +ලියම් නීසන් – අමෙරිකානු ඩොලර් මිලියන 36,2 +————————————————–,2 +බෙන් ඇෆ්ලෙක් – අමෙරිකානු ඩොලර් මිලියන 35,2 +——————————————-,2 +ක්‍රිස්ටියන් බේල් – අමෙරිකානු ඩොලර් මිලියන 35,2 +ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් පළමු වරට බොලිවුඩ් චිත්‍රපටයක සිය චරිතයේ හඬ කවා තිබේ.,2 +මීට පෙර ඇය රඟ පෑ හින්දි චිත්‍රපටවල හඬ කැවීම් කරන ලද්දේ වෙනත් හින්දි හඬ කැවීම් ශිල්පීන් විසිනි.,2 +ඇය මාස ගණනක් තිස්සේ හින්දි භාෂාව ඉගෙන ගැනීමට උත්සහ කළ අතර ඒ සඳහා සුපිරි නළු සල්මන් ඛාන් ඇයට බෙහෙවින් උපකාර කළ බව ජැක්ලින් මීට පෙර පැවසීය.,2 +ජැක්ලින් ෆර්නැන්ඩස් සමග ඇයගේ නවතම තොරතුරු පිළිබඳව කළ සාකච්ඡාවක් පහත දැක්වේ.,2 +ප්‍රශ්නය: ඔබ පළමු වරට බොලිවුඩ් චිත්‍රපටයක හඬ කැවීම් කළා නේද?,2 +"ජැක්ලින්: මීට කලින් මගේ චරිත සඳහා හඬ කැවීම් කළේ, හඬ කැවීමේ ශිල්පිනියන්. Kick චිත්‍රපටය තමයි මගේ ජීවිතේ මට ලැබුණු ලොකු ම අවස්ථාව. මම රඟ පෑ දැවැන්ත ම චිත්‍රපටය ත් ඒක යි. ඒකෙ හඬ කැවීම් කරන එක මට ලොකු පීඩාවක් වුණා. පළවෙනි දෙබස් කිහිපය හඬ කවන්න මට දවස් තුනක් ගතවුණා. ඒත් ඊට පස්සෙ මං ඒක අල්ල ගත්තා. ඒ හඬ කැවීම්වලට මං ගොඩක් කැමති යි.",2 +ප්‍රශ්නය: Kick චිත්‍රපටයේ පිටපත බලන්න ත් කලින් ඔබ එහි රඟ ප���න්න එකඟ වුණා ද?,2 +ජැක්ලින්: ඔව්. ඒක ඇත්ත. ඒ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සල්මන් ඛාන් වීම නිසා ම මං ඒක භාර ගත්තා.,2 +ප්‍රශ්නය: ඔබ මිලදී ගත් ශ්‍රී ලංකාවට අයත් දූපතේ මන්දිරයක් ඉදිකළා ද?,2 +"ජැක්ලින්: නෑ. මං ඒ දූපත මිල දී ගත්ත. ඒත් දැන් ම ඒකෙ මන්දිරයක් හදන්න හිතලා නැහැ. මට ඕන සුන්දර, හුදකලා තැනක නිවසක් හදන්න. එතන මගේ සිහින මන්දිරය හදනවා. ඒත් ඊට කලින් මගේ ජීවිතේ ස්ථාවර කර ගන්න ඕනෙ.",2 +ප්‍රශ්නය: නළු නිළියන් අතර ගැටුම් පවතින ක්ෂේත්‍රයක ඔබ එවැනි ගැටුම්වලින් වැළකී සිටින්නේ කෙසේ ද?,2 +"ජැක්ලින්: මට නම් මගේ සමකාලීන නළු නිළියන් සමග වැඩ කිරීමේ අපහසුතාවක් මතු වෙලා නැහැ. අපි ගෙවන්නේ ගොඩක් සංකීර්ණ ජීවිත. ඒත් මං කැමති මගේ සමකාලීනයො සහ සාමාන්‍ය ජනතාව සමග සමීප සබඳතාවක් පවත්වන්න යි. ඒ වගේ ම, ජනප්‍රිය පුද්ගලයින් අතර ගැටුම් වාර්තා කිරීමේදී මාධ්‍ය අතිශයෝක්තියෙන් ඒවා වාර්තා කරන බව යි මගේ හැඟීම.",2 +ප්‍රශ්නය: ඔබ සහ චිත්‍රපට අධ්‍යක්ෂ සජිඩ් ඛාන් සමග සම්බන්ධයක් තිබේ ද?,2 +ජැක්ලින්: නැහැ. කොහෙත් ම නැහැ. මිනිස්සු ඉදිරියට යනව. අපි දෙන්නා මේ වෙනකොට ඉන්නේ ගොඩක් දුරස් වෙලා.,2 +Facebook ‘fans’ සංඛ්‍යාව මිලියන 100 ඉක්මවූ ලොව පළමු වැන්නා බවට කොලොම්බියානු සුපිරි පොප් ගායිකා ෂකීරා (Shakira) පත්ව තිබේ.,2 +ෂකීරාගේ Facebook ගිණුමේ සිටින ‘fans’ සංඛ්‍යාව මේ වන විට මිලියන 100 ලක්ෂ 739ක් ද ඉක්මවා ඇත.,2 +"ඒ අනුව, සමාජ ජාල වෙබ් අඩවි හරහා ලොව වැඩි ම රසිකයින් පිරිසක් සිටින ජනප්‍රිය චරිතය බවට පත්ව ඇත්තේ, ඇය යි.",2 +ෂකීරා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අතරතුර නිරන්තරයෙන් Facebook වෙබ් අඩවිය භාවිත කළ අතර ඇය සිය අදහස් සහ ඡායාරූප රැසක් සිය රසිකයින් සමග share කර ගත්තා ය.,2 +"ඇය share කළ ඡායාරූප අතරින් වැඩි ම රසික ප්‍රතිචාරයක් ලබා ඇත්තේ, පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පැවති මරකානා ක්‍රීඩාංගණයේ ඇය පාපන්දුවක් සමග ගත් පහත දැක්වෙන ඡායාරූපය යි.",2 +එයට ලැබී තිබුණු likes සංඛ්‍යාව මිලියන 3.5 ඉක්මවයි.,2 +"ෂකීරා පවසන්නේ, Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා රසිකයින් සහ කලාකරුවන් අතර පැවති දූරස්ථභාවය අවම වූ බව ය.",2 +"මේ අතර, පොප් ගායක Eminemගේ Facebook ගිණුමේ ‘fans’ සංඛ්‍යාව මිලියන 91.9ක් වන අතර රිහානා සතු ‘fans’ සංඛ්‍යාව මිලියන 89කි.",2 +බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ නවතම ඡායාරූපයක් Twitter වෙබ් අඩවිය හරහා මහත් කතාබහට ලක්වී තිබේ.,2 +මෙම ඡායාරූපය ඇය රංගනයෙන් දායක වූ Mary Kom චිත්‍රපටයේ ඇය පෙනී සිටි අවස්��ාවක් නිරූපණය කළ එකකි.,2 +ඇය Twitter වෙබ් අඩවියේ පළ කළ පෝස්ටරය පහත දැක්වේ.,2 +ඊට බොලිවුඩ් නළු නිළියන් රැසක් දක්වා ප්‍රතිචාර අතරින් කිහිපයක් පහත දැක්වේ.,2 +ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජර්මන් කණ්ඩායම පැමිණි ගමන් මග පිළිබඳව සැකසුණු විශේෂ ග්‍රැෆික් වීඩියෝවක් මේ දිනවල ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී.,2 +"එම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ, BOBDIGI නමැති ආයතනයක් මගිනි.",2 +නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තැබූ දර්ශනය අනුසාරයෙන් එය ප්‍රතිනිර්මාණය කර තිබේ.,2 +පළමුවෙන් පෘතුගාලයට පහර දෙන ජර්මනිය පසුව ප්‍රංශය පරදවන අතර බ්‍රසීලයට අත්වූ ඉරණම ද එම වීඩියෝව මගින් නිරූපිත ය.,2 +මෙම වීඩියෝ අවසන් තරගයට පෙර සකස් කළ එකක් වන හෙයින් ලියනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව පමණක් ආපදාවකින් තොරව සැඟවී සිටින අයුරු මෙහි දැක්වේ.,2 +මෙම වීඩියෝව Youtube වෙබ් අඩවිය හරහා ලක්ෂ 4ක් පමණ නරඹ ඇති අතර Twitter සහ Facebook වෙබ් අඩවි හරහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹා තිබේ.,2 +ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට නැවුම් අත්දැකීමක් එක් කළ සිරස සුපර් ස්ටාර් ඊයේ තව ත් තරුවක් සුපිරි තරු අතරට එක් කළේය.,2 +මහරගම ගයාන් අරෝෂ මෙවර සිරස සුපර් ස්ටාර් කිරුළ හිමි කර ගත්තේ රුපියල් කෝටියක ත්‍යාග මුදලක් ද සමගිනි.,2 +"ශ්‍රී ලාංකේය 6 වෙනි කටහඬ සොයා යන “තාරුකා වසන්තය” සිරස සුපර් ස්ටාර් අවසන් මහා තරගය අති උත්කර්ෂවත් ලෙස ඊයේ පැවැත්වුණේ රත්මලාන, ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ය.",2 +අති නවීන පහසුකම් සහිත ස්ටයින් මැදිරියට ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් දැඩි උද්යෝගයකින් යුතුව එක්රොක්ව සිටියහ.,2 +විද්‍යුත් මාධ්‍යයේ පෙරළිකරුවා වෙමින් නැවුම් අත්දැකීම් ජනතාවට තිළිණ කරන සිරස ටී.වි. මෙවර සුපර් ස්ටාර් සීසන් 6 අවසන් මහා තරගය පැවැත්වුවේ මෙතෙක් පැමිණි ගමන් මගෙහි අභිමානය ද ඇතිවයි.,2 +මින් පෙර සහෘදයන් රස ගැන්වූ තරු රැසක් මෙවරත් ප්‍රසංගයට එක්වෙමින් අවසන් මහා තරගය වර්ණවත් කළේය.,2 +"දිවයිනේ නන් දෙසින්, සුපර් ස්ටාර් සීසන් 6 තරගයට එක්ව සිටි දහස් සංඛ්‍යාත තරගකරුවන් අතරින් තීරණාත්මක 12 දෙනා තෝරා ගැනිණ.",2 +"ඔවුන් අතුරින් අවසාන මහා තරඟයට සුදුසුකම් ලබමින් සුපර් ස්ටාර් කිරුළ වෙනුවෙන් ඊයේ තරග වැදුණේ මහරගම ගයාන් අරෝෂ, නිකවැරටියේ චාමර ප්‍රසාද් සහ දෙහිවල ටෙහානි ඉමාරා.",2 +අනතුරුව තරගකරුවන් තිදෙනා සුපර් ස්ටාර් වේදිකාව මත සිය කුසලතා විදහා දැක්වූහ.,2 +සුපුරුදු පරිදි සිරස සුපර් ස්ටාර් රාත්‍රිය ව���්ණවත් කරන්නට ගායන හා නර්තනාංග රැසක් ද එක්කර තිබුණි.,2 +සිරස සුපර් ස්ටාර් කිරුළේ ජයග්‍රාහකයා කවුරුන්දැයි ප්‍රකාශයට පත් කෙරුණේ රැස්ව සිටි පිරිස මහත් කුතුහලයෙන් බලා සිටියදී ය.,2 +"වෙහෙසකර ව්‍යායාමයක සුබ ප්‍රතිඵල අත්කර ගත් අලුත්ම සුපිරි තරුව ගයාන් අරෝෂ, ස්ටයින් මැදිරිය ගිඟුම් දුන් ජනතා ප්‍රතිචාරය මධ්‍යයේ මෙවර සුපිරි තකරුව බවට පත්විය.",2 +විද්‍යුත් මාධ්‍ය ඉතිහාසයේ දෙවැනි වරට රියැලිටි ටී.වී වැඩසටහනක වැඩිම මුදල් ත්‍යාගය වන රුපියල් කෝටියක් මෙහිදී ගයාන්ට පිරිනැමුණා.,2 +"දෙවැනි ස්ථානය නිකවැරටියේ චාමර ප්‍රසාද්ට හිමි වූ අතර, තෙවැනි ස්ථානය හිමි කරගත්තේ දෙහිවල ටෙහානි ඉමාරා.",2 +ජයග්‍රහණයෙන් පසුව සිරස සුපර් ස්ටාර් ගයාන් අරෝෂ ඇතුළු ශිල්පීන් ප්‍රේක්ෂකයින් රස ගැන්වූහ.,2 +අනතුරුව නිව්ස්ෆස්ට් වෙත අදහස් දැක්වු ගයාන් අරෝෂ මෙසේ පැවසීය.,2 +ඇත්තෙන්ම පුදුමාකාර සතුටක් තියෙන්නේ.මොකද මේ ගමන ඇතුලේ මටත් වඩා මගේ වටපිටාව ගොඩක් සතුටු වෙනවා.මගේ වටේ හිටපු ලොකු හයියක් මගේ පිරිස.මගෙ අම්මා තාත්තා මගේ ආයතනය. මගේ පාසල ම‍ගේ ගම සහ ලාංකීය ජනතාව මේ වෙළාවේ මාත් එක්ක එකතු වෙලා සතුටු වෙනවා.මේ සතුට බෙදාගන්න මාත් එක්ක එකතු වෙච්ච මාව මෙතෙන්ට ගෙනාපු හැමදෙනාටම ස්තුතිය් දුමාල් සර්ට විශේෂයෙන්ම.කෘතඥ වනවා මගේ මේ ගමන පිටුපස්සේ හිටපු හැමෝටම. මේ වටිනාකම ලාංකේය කටහඩ වෙන්න මට දීපු ශක්තිය මේ ආදරණීය සිරස මේ වේදිකාව මේ වේදිකාව මාව ගෙන ගිය තැන හිතාගන්නත් බැරි තරම්.ගමක හිටපු මම අද වෙනකොට ලෝකයක්ම දන්න හඬක් බවට පත්වෙලා හුඟක් ස්තූතියි සිරසට.හුඟක් ආදරෙයි.ඒ ආදරයත් එක්ක සිරසත් එක්ක සංගීත ගමනේ වෙනසක් කරන්න සහ තව ඉගෙනගන්න සංගීතයට ලාංකේය සංගීතයට යමක් කරන්න මගේ බලාපොරොත්තුව ස්තුතියි සිරසට නැවත වාරයක්.,2 +ලොව ආකර්ෂණීය ම කාන්තාව ලෙස FHM සඟරාව විසින් බොලිවුඩ් නිළි දීපිකා ‍පාදුකෝන් නම් කරනු ලැබ තිබේ.,2 +මෙම සඟරාව විසින් පවත්වනු ලැබූ ඡන්ද විමසීමකින් අනතුරුව දීපිකා පාදුකෝන් ලොව ආකර්ෂණීය ම කාන්තාව ලෙස නම් කෙරිණි.,2 +"මෙම නම් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් දීපිකා පාදුකෝන් පැවසුවේ, සිය ලස්සනට වඩා තමන් කළ රඟපෑම් පිළිබඳව සලකා ජනතාව තමන්ට ඡන්දය දුන් බවට විශ්වාස කරන බව ය.",2 +"FHM සඟරාව අනුව ලොව ආකර්ෂණීය ම කාන්තාවන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ, ප්‍රියංකා චොප්රාට ය.",2 +"මීට පෙර වසර කිහිපයකදී �� පළමු ස්ථානයේ පසුවූ කට්‍රිනා කායිෆ්ට මෙවර හිමිව ඇත්තේ, තෙවන ස්ථානය යි.",2 +ලොව ආකර්ෂණීය ම කාන්තාවන් 10 දෙනා පහත දැක්වේ.,2 +1. දීපිකා ‍පාදුකෝන්,2 +2. ප්‍රියංකා චොප්රා,2 +3. කට්‍රිනා කායි‍ෆ්,2 +4. නාර්ගීස් ෆක්රි,2 +5. ශ්‍රැති හසන් (කමල් හසන්ගේ දියණිය),2 +6. අනුෂ්කා ෂර්මා,2 +7. නේහා ෂර්මා,2 +8. ඉලීනා ඩි’කෲස්,2 +9. කැලී කෝකෝ,2 +10. ද්‍රස්ති ධමී,2 +සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ රියැදුරා බාල වයස්කාර තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.,2 +17 හැවිරිදි එම තරුණිය බොලිවුඩ් නිළියකගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිටි අයෙකි.,2 +"ඇය ලාටූර් නමැති දුෂ්කර ප්‍රදේශයක සිට මුම්බායිහි පිහිටි එම නිළියගේ නිවසට පැමිණ ඇත්තේ, මීට මාස 5කට පමණ පෙර ය.",2 +"34 හැවිරිදි රාජේන්ද්‍රකුමාර් ගෞතම් නමැති ෂාරුක් ඛාන්ගේ රියැදුරා ඇය හඳුනාගෙන ඇත්තේ, ඔහුගේ මිතුරෙකුගේ උපකාරයෙනි.",2 +පසුව ඔහු ඇයට ෂාරුක් ඛාන්ගේ නිවසේ විශාල වැටුපක් සහිත රැකියාවක් ලබා දෙන බව පවසා ඇති අතර වරක් ෂාරුක් ඛාන්ගේ නිවස වෙත ඇය රැගෙන විත් තිබේ.,2 +"ජූනි මස 18 වන දා සැකකරු ඇයට, ඇය සේවය කළ නිළියගේ නිවසේ සේවයෙන් ඉවත් වන ලෙස පවසා ඇති අතර ඉන්පසු සිය නිවසට රැගෙන යන බවට පොරොන්දු වී ඇත.",2 +"ඒ අනුව, ඇය එම නිවසේ සේවයෙන් ජූනි මස 20 වන දා ඉවත් වී රියැදුරා හමුවී තිබේ.",2 +"රියැදුරා ඇය රැගෙන නල්ලසෝපාරා නමැති ප්‍රදේශයක හෝටලයක් වෙත ගොස් ඇත්තේ, පසුව සිය නවසට රැගෙන යන බවට රවටමිනි.",2 +ඇය එම හෝටලය තුළදී එදින රාත්‍රියේ දූෂණය වී ඇති අතර මේ පිළිබඳව කිසිවෙකුට හෙළි නොකරන ලෙසට සැකකරු ඇයට තර්ජනය කළ බව ඇය පවසයි.,2 +පසුදා ඇය තනිව මුම්බායි වෙත පැමිණ ඇති අතර මුම්බායිහි ඇය දන්නා හඳුනන කිසිවෙක් නොවූයෙන් පොලීසියට ගොස් පැමිණිල්ලක් කර තිබේ.,2 +"පොලීසිය පවසන්නේ, ඇයගේ පවුලේ රැකියාවක් කළ එක ම තැනැත්තිය ඇය බව ය.",2 +මෙම පැමිණිල්ල අනුව ඊයේ පස්වරුවේ ෂාරුක් ඛාන්ගේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.,2 +යම් දිනක බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සමග එක්ව ගී ගැයීමට තමන් කැමැත්තෙන් පසුවන බව අමෙරිකානු රැප් ගායක Armando Christian Perez හෙවත් පිට්බුල් (Pitbull) පවසයි.,2 +"ඔහු ඉන්දීය පුවත් ඒජන්සියක් සමග පවසා ඇත්තේ, පසුගිය වසරේ IPL සමාරම්භක උත්සවයේදී තමන් ෂාරුක් ඛාන් සමග එක ම වේදිකාවේ ගී ගයමින් නර්තන ඉදිරිපත් කළ බව ය.",2 +"එහිදී, ෂාරුක් ඛාන් තමන්ට බොලිවුඩ් නර්තන විධි කිහිපයක් ඉගැන්වූ බව ද පිට්බුල් සඳහන් කර තිබේ.",2 +ෂාරුක් ඛාන් යනු ක්‍රියාශීලී විශිෂ්ට කලාකරුවෙකු බව ඔහු අවධාරණය කර තිබේ.,2 +යම් හෙයකින් ෂාරුක් ඛාන් පිට්බුල්ගේ ආරාධනාව පිළිගතහොත් පිට්බුල් බොලිවුඩ් කලාකරුවෙකු සමග ගී ගයන දෙවන අවස්ථාව එය වනු ඇත.,2 +මීට පෙර ඔහු ‍බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සමග ගීතයක් නිර්මාණය කළේ ය.,2 +බොලිවුඩ් නිලි ප්‍රිටී සින්ටා හිටපු පෙම්වතාට එරෙහිව පොලීසි යයි,2 +inShare,2 +" Jun 14, 2014 sagarika chathumali Entertainment, Top Slider 0",2 +බොලිවුඩ් නිලි ප්‍රිටී සින්ටා හිටපු පෙම්වතාට එරෙහිව පොලීසි යයි,2 +සුපිරි බොලිවුඩ් නිලි ප්‍රිටී සින්ටා සිය හිටපු පෙම්වතා වන ව්‍යාපාරික නෙස් වාඩියාට එරෙහිව පොලිසීයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.,2 +"ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, දකුණු මුම්බායේ වෙන්කඩේ ක්‍රීඩාංගණයේදී ඔහු තමන්ට හිරහැර කළ බවට ත් අපවාද නගමින් තර්ජනයක කළ බවට ත් පවසමින් ඇය එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව ය.",2 +"මැයි මස 30 වන දා අදාළ ක්‍රීඩාංගණය තුළදී ඔහු එලෙස තමන්ට තර්ජනය කළ බව පවසමින් ඇය පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, පසුගිය 12 වැනි දා ය.",2 +අදාළ දිනයේදී වෙන්කඩේ ක්‍රීඩාංගණය තුළ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kings XI Panjab සහ Chennai Super Kings කණ්ඩායම් අතර තරගය පැවැත් විය.,2 +බොලිවුඩ් නිළි ප්‍රිටී සින්ටා Kings XI Panjab කණ්ඩායමේ එක් හිමිකාරියක් වන්නී ය.,2 +පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් දක්වමින් වාඩියා පවසා ඇත්තේ එල්ල වන චෝදනා සියල්ල තමන් ප්‍රතික්ෂේප කරන බව ය.,2 +එකී චෝදනා පදනම් විරහිත ඒවා බව ද ඔහු අවධාරණය කර සිටී.,2 +"39 හැවිරිදි ප්‍රිටී සින්ටා සහ 44 හැවිරිදි වාඩියා අතර පැවති 5 වසරක පෙම් සබඳතාවට නැවතීමේ තිත තැබුණේ, 2009 වසරේදී ය.",2 +23 හැවිරිදි ඉන්දීය නිරූපණ ශිල්පිනියක දූෂණය කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බොලිවුඩ් නළු ඉන්ද්‍ර කුමාර් ඇප මත නිදහස් කර තිබේ.,2 +"එම නිරූපණ ශිල්පිනිය චෝදනා කර තිබුණේ, තමන්ට බොලිවුඩ් චිත්‍රපටවල රඟපෑම සඳහා අවස්ථාව ලබා දෙන බව පවසමින් ඉන්ද්‍ර කුමාර් විසින් තමන් දෙවරක් දූෂණය කරනු ලැබූ බවට ය.",2 +"මෙම චෝදනා මත ඉන්ද්‍ර කුමාර් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, පසුගිය අප්‍රේල් මාසයේදී ය.",2 +"ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය රුපියල් 30000ක මුදල් ඇපයක් මත ඔහු මුදා හැරි බව ය.",2 +ඉන්ද්‍ර කුමාර් බොලිවුඩ් චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් දායක වී ඇති අතර සල්මන් ඛාන් සමග රඟපෑ Wanted චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය විය.,2 +විශ්ව රූ රැජිණ තරගය සඳහා තායිලන්තය නිය���ජනය කිරීමේ භාග්‍යය ලත් තායිලන්තයේ මේ වසරේ රූ රැජිණ වෙලුරී දිත්සායාබුට් සිය කිරුළ අත්හැර තිබේ.,2 +"ඒ, එරට දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ඇය පළ කළ මතභේදාත්මක ප්‍රකාශයක් සමගින් මතුවූ දැඩි විරෝධය හේතුවෙනි.",2 +"ඇය මීට මාස කිහිපයකට පෙර Facebook වෙබ් අඩවිය ඔස්සේ සඳහන් කර තිබුණේ, “යක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් එල්ලා මැරිය යුතු” බව ය. (“I am so angry at all these evil activists. They should be executed, You’re wicked – you won’t die peacefully in your beds”)",2 +මෙම ප්‍රකාශයට ෆේස්බුක් භාවිත කරන්නන් මෙන් ම දේශපාලන ක්‍රියාකාරීන් ද දැඩි විරෝධය පළ කර තිබිණි.,2 +"ඊට අමතරව, ඔවුන්ගෙන් එල්ල වුණු විරෝධය හමුවේ තායිලන්තයේ රූ රැජිණ දැඩි පිඩනයකට ලක් විය.",2 +"ඇයට එරෙහිව විරෝධය පළ කළ පිරිස් අවධාරණය කළේ, රූ රැජිණක් සාමය පිළිබඳව මිස එල්ලා මැරීම් පිළිබඳව කතා නොකළ යුතු බව ය.",2 +ඇය තායිලන්තය නියෝජනය කරමින් විශ්ව රූ රැජිණ තරගයට සහභාගි නොවිය යුතු බවට ද ඔවුහු බල කර සිටියහ.,2 +"මෙම පීඩනය මත ඊයේ කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කඳුළු සලමින් ඇය සඳහන් කළේ, සිය මවට පීඩනයක් නොදිය හැකි හෙයින් තමන් තායිලන්ත රූ රැජිණ කිරුළ අත්හරින බව ය.",2 +ඇය එම ප්‍රකාශය කළ අවස්ථාව ඉතාමත් හැඟුම්බර සංවේදී අවස්ථාවක් විය.,2 +මේ වසරේ තායිලන්තයේ රූ රැජිණ වෙලුරී දිත්සායාබුට් කිරුළ පැළඳි මොහොත පහත දැක්වේ.,2 +(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න),2 +GANGNAM STYLE ගීතය හරහා ලෝක ප්‍රකට වූ දකුණු කොරියානු ගායක Psy ගේ නවතම ගීතය වන HANG OVER ගීතය මේ වන විට ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතී.,2 +"එම ගීතය Psy ගේ නිල youtube පිටුවෙහි පළ කර ඇත්තේ, පෙරේදා (ජූනි 08) දිනයේදී ය.",2 +"ඒ අනුව, ගතවූ දින එකහමාර තුළ එම ගීතය නරඹා ඇති වාර ගණන මිලියන 16 ඉක්මවා තිබේ.",2 +මෙම ගීතය Psy ගායනා කර ඇත්තේ Snoop Dogg සමග එක්ව ය.,2 +(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න),2 +"ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි Pont des Arts පාලම ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ, ප්‍රේමවන්තයින් සිය ආදරය සංකේතවත් කිරීම සඳහා පැමිණෙන සුවිශේෂී ස්ථානයක් ලෙස ය.",2 +"එහි සුවිශේෂත්වය වනුයේ, ආදරවන්තයින් එහි පැමිණ සිය ආදරය සංකේතවත් කරමින් ඔවුන් දෙදෙනොගේ නම් සහිත ලොක් (Lock) දෙකකට ඉබි යතුරු දමා එම යතුරු ජලාශයට විසි කිරීම ය.",2 +දශක ගණනාවක් පුරා මෙහි එල්ලා ඇති ඉබි යතුරුවල බර නිසා පාලම කඩා වැටීමට ආසන්න තත්ත්වයකට පත්ව ඇතැයි ප්‍රංශ පොලීසි��� පවසයි.,2 +හොලිවුඩ් සුපිරි නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ආදර පාලම නැරඹීමට ගිය අවස්ථාවක්,2 +මේ හේතුවෙන් පාලම මතට පිවිසීම අද දිනයේ සිට තහනම් කෙරුණු අතර එහි ඇති ඉබි යතුරු ඉවත් කිරීමට කටයුතු කර තිබේ.,2 +ආදරවන්තයින් යම් විශ්වාසයකින් එහි රැඳවූ ඉබි යතුරු ඉවත් කිරීම සදාචාර සම්පන්න නොවන බවට ඇතැම් පිරිස් චෝදනා කරති.,2 +(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න),2 +හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් සිංහල සාහිත්‍යයට කළ සේවාව සමරමින් රචනා තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.,2 +"ජාතික කියවීමේ මාසය වෙනුවෙන් මෙය සංවිධානය කරනුයේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය ඒකාබද්ධව ය.",2 +වයස අවරුදු 12-15 යටතේ සහ 16-18 යන වයස් කාණ්ඩ දෙකක් යටතේ සිංහල සහ දෙමළ භාෂාවෙන් මෙම තරගය පැවැත්වේ.,2 +"මේ පිළිබඳව වැඩි විස්තර කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පැමිණ හෝ දූරකතන අංක 0112685197 / 0112674386 ඔස්සේ ලබා ගැනීමට හැකි වේ.",2 +මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ජීවත් වූ කොග්ගල නිවස,2 +මාර්ටින් වික්‍රමසිංහයන් භාවිත කළ මෙවලම්,2 +මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිවසේ පිහිටි කෞතුකාගාරය,2 +මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘති කිහිපයක්,2 +"ඉන්දියාවේ බහුල ලෙස ස්ත්‍රී දූෂණ, සමූහ දූෂණ සහ කාන්තා හිංසන ආදී සමාජ විරෝධී ක්‍රියා වාර්තා වෙමින් පවතී.",2 +මෙය සමස්ත ඉන්දීය සමාජයට ම කැලලක් බවට පත්වෙමින් තිබේ.,2 +"බොලිවුඩ් සිනමාවේ වීරයෙකු වන සුපිරි නළු ආක්ෂේ කුමාර් සිය වීරත්වය රිදී තිරය තුළ පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී ද පවත්වාගෙන යාම සඳහා පියවරක් ගැනීමට අවධානය යොමු කර ඇත්තේ, ඉන්දීය සමාජය කඩා වැටෙමින් තිබෙන මොහොතක ය.",2 +ඔහුගේ වෑයම දුර්වලත්වය කරපින්නාගෙන උපත ලද ස්ත්‍රිය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළකි.,2 +ඒ සඳහා ඔහු ස්ත්‍රීන් තුළ ස්වයං ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම සඳහා විශේෂ පාසලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.,2 +එම පාසල හරහා ස්ත්‍රීන්ට මාර්ෂල් ආර්ට් සහ ටයික්වන්ඩෝ යන සටන් කලා ඉගැන්වීමට නියමිත ය.,2 +ආක්ෂේ කුමාර් හුදු කාඩ්බෝඩ් වීරයෙකු නොවන අතර ඔහු මාර්ෂල් ආර්ට් සටන් කලාව මැනවින් ප්‍රගුණ කළ අයෙකු වන අතර ටයික්වන්ඩෝ සටන් කලාව සඳහා කළු පටි ලබාගත් දක්ෂයෙකි.,2 +"ඔහු පවසන්නේ, තමන් උගත් දේ තුළින් සමාජයට යම් වැඩදායී සේව���වක් කිරීම සිය අරමුණ බව ය.",2 +ඉන්දියාවේ අනාරක්ෂිත ස්ත්‍රියට සිය ආරක්ෂාව තමන්ට ම සලසා ගත හැකි ක්‍රමවේදයක් සැකසීම ඔහුගේ අරමුණ වී තිබේ.,2 +The Voice රියැලිටි ටීවී වැඩසටහනේ ඉතාලි නිෂ්පාදනයේ මෙවර පළමු ස්ථානය එරට ක්‍රිස්තියානි කන්‍යා සොහොයුරියකට හිමිව තිබේ.,2 +ක්‍රිස්ටිනා ස්කූසියා නමැති එම කන්‍යා සොහොයුරිය එම ගායන තරගයට සහභාගි වී සිටියේ ද සිය නිල ඇඳුමෙන් ය.,2 +25 හැවිරිදි ඇය The Voice කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව දෙවියන් වහන්සේට ස්තුති කළා ය.,2 +"ඇය පැවසුවේ, සිය ගායනා තුළින් දෙවියන් වහන්සේගේ ආශ්චර්යය ඉස්මතු කිරීමට වෑයම් කළ බව ය.",2 +"(පහත දැක්වෙන්නේ, ඇය මෙම තරගයේ පූර්ව වටයකදී ගැයූ ගීයකි)",2 +ඉන්දියාවේ වඩා ත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර තුන් වන ස්ථානය ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට හිමිව තිබේ.,2 +"ජැක්ලින් මෙම ස්ථානයට පත්ව ඇත්තේ, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) පුවත්පත කළ සමීක්ෂණයකිනි.",2 +"මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජැක්ලින් ෆර්නැන්ඩස් පවසන්නේ, තමන් ඒ පිළිබඳව බෙහෙවින් සතුටු වන බව ය.",2 +තමන් පිළිබඳව ඉන්දීය ජනතාව දක්වන ආකර්ෂණය තමාට ශක්තියක් බව ද ඇය සඳහන් කළා ය.,2 +ඉන්දියාවේ වඩා ත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර පළමු ස්ථානය දීපිකා පාදුකෝන්ට හිමිව ඇති අතර දෙවන ස්ථානය කට්‍රිනා කයිෆ්ට හිමිව තිබේ.,2 +රූපවාහිනී සමීක්ෂණ වාර්තා හෙවත් රේටිංස් සකස් කිරීම සඳහා යොදා ගන්නා මිනුම් දඬු සම්බන්ධ විශ්වසනීයත්වය පිළිබඳව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යංශ ලේකම් ආචාර්ය චරිත හේරත් යන මහත්වරුන් අද රූපවාහිනී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද විශේෂ සාකච්ඡාවක නිරත වූහ.,2 +"මෙම සාකච්ඡාවේදී රූපවාහිනී මාධ්‍ය ආයතන ප්‍රධානීන් පෙන්වා දුන්නේ, සමීක්ෂණ වාර්තා සකස් කිරීමේදී භාවිත කරන මිනුම් දඬුවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු ඇති බව ය.",2 +එබැවින් මෙම මතභේදාත්මක තත්ත්වයට පිළියමක් යොදන තෙක් වත්මන් සමීක්ෂණ වාර්තා සකස් කිරීම අත්හිටුවන ලෙස ඔවුහු ඉල්ලීමක් කළහ.,2 +"ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, විද්වත් කමිටුවක් පත් කර මෙම සමීක්ෂණ වාර්තාවල විශ්වසනීයත්වය පිළිබඳව ස්වාධීන විශ්ලේෂණයක් සිදුකරන බව ය.",2 +සිනමා ක්ෂේත්‍රය තුළ තමන්ට මිතුරන් නොමැති බව ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන සෝනාක්ෂි සින්හා පවසයි.,2 +"ඇය සඳහන් කළේ, තමන් බොහෝ අවස්ථාවල තනිව සිටීමට ප්‍රිය කරන බව ය.",2 +වෙනත් නළු නිළියන් සමග සබඳතා පැවැත්වීමට තමන් කැමැත්තක් නොදක්වන බව ද සෝනාක්ෂි සින්හා සඳහන් කළා ය.,2 +"26 හැවිරිදි ඇය පවසන්නේ, සිනමා නිර්මාණ සඳහා වෙනත් නළු නිළියන් සමග කටයුතු කිරීමේ අකමැත්තක් තමන් තුළ නොමැති බව ය.",2 +"තමන්ට ක්ෂේත්‍රයේ පුද්ගලයින් මුණ ගැසෙනුයේ, සම්මාන උළෙලවලදී පමණක් බව ද සෝනක්ෂි සින්හා පැවසීය.",2 +සුපිරි හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් සමග සිය විවාහය නුදුරු දිනයක සිදු නොවන බව සුපිරි හොළිවුඩ් නිළි ඇන්ජලිනා ජොලී පවසන්නී ය.,2 +"ඇය සඳහන් කරන්නේ, ඔවුන් දෙදෙනා ජනප්‍රිය පුද්ගලයින් බැවින් එම අවස්ථාවට සූදානම් වීමට විශාල කාලයක් අවශ්‍ය බව ය.",2 +කෙසේ වෙතත් සිය විවාහ උත්සවය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයින් සමග එක් ව සාකච්ඡා කරන බව ද ඇන්ජලිනා ජොලී වැඩි දුරට ත් පවසන්නී ය.,2 +හොලිවුඩ් නළු බ්‍රැඩ් පීට්ට නාඳුනන පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.,2 +"ඒ, නවතම හොලිවුඩ් චිත්‍රපටයක් වන Maleficentහි හඳුන්වා දීමේ වැඩසටහනක් සඳහා රතු පලස මතින් ගමන් කරමින් සිටියදී ය.",2 +ඔහුගේ සහකාරිය වන ඇන්ජලීනා ජොලී එම චිත්‍රපටයට රංගනයෙන් දායක වේ.,2 +හොලිවුඩ්හි එල් කැපිටාන් රංග ශාලාවේ පැවති මෙම උත්සවයට රතු පලස මතින් බ්‍රැඩ් පීට් සහ ඇන්ජලීනා ජොලී ගමන් කරමින් සිටි අවස්ථාවේ සිනමා ලෝලියෙකු රතු පලස මතට පැන ඔහුට පහර දුන් බව සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබේ.,2 +"කෙසේ වෙතත්, එම ප්‍රහාරයෙන් බ්‍රැඩ් පීට්ට හානියක් සිදුව නොමැති අතර ඔහු අදාළ උත්සවයට සහභාගි වී ඇත.",2 +පහර දුන් පුද්ගලයා එම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනිණි.,2 +පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.,2 +ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් යනු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනප්‍රිය බොලිවුඩ් නිළියකි.,2 +මේ වන විට 28 වන වියේ පසුවන ඇය ශ්‍රී ලංකාවට වඩා ජනප්‍රියත්වයක් ඉන්දියාව තුළ හිමි කරගෙන සිටී.,2 +"ඒ, ඇය රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපට රැසක් අතිශයින් ජනප්‍රිය වීම හේතුවෙනි.",2 +ඉන්දියාවේ Hindustan Times පුවත්පත ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පහත දැක්වේ.,2 +"එහිදී ඇය සිය පෞද්ගලික ජීවිතය, ආදරය, සිනමාව සහ සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳව දැක්වූ අදහස් පළ වෙයි.",2 +ආදරය ගැන කියන්නෙ කුමක් ද?,2 +“මම තව ම තනිකඩ යි. මේ මොහොතේ මම අවධානය යොමු කරන්නෙ මගේ වෘත්තිය පිළිබඳව පමණ යි. මට අවශ්‍ය විශිෂ්ට සිනමාකරුවන් සමග විශිෂ්ට චිත��‍රපටවලට දායක වීමට යි”,2 +සල්මන් ඛාන් සමග කළ රංගනය ගැන අදහස් දැක්වුවොත්?,2 +“සල්මන් සමග රඟපෑමෙන් මම ගොඩක් සතුටක් ලැබුවා. (සජිඩ් නඩියවාලාගේ Kick චිත්‍රපටය) ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි. අවංකව ම මම ඔහුගේ ගොඩක් දේ ඉගෙන ගත්තා”,2 +පළමු වරට ද්විත්ව රංගනයක නිරත වීම ගැන හිතන්නේ කුමක් ද?,2 +"ඒ රංගනය ක‍ළේ අලුත් අධ්‍යක්ෂවරයෙකු වන වික්‍රම්ජිත් සිංගේ චිත්‍රපටයක් වෙනුවෙන්. එහි මම චරිත දෙකකට පණ පොවනවා. ඊට අමතරව, අර්ජුන් රම්පාල් සහ රන්බීර් කපූර් එහි රඟපානවා. ඒක සතුට වගේ ම විශාල අභියෝගයකට මුහුණ දුන් චිත්‍රපටයක්.",2 +ඔබගේ බොලිවුඩ් සිනමා ජීවිතය ගැන හිතන්නේ කුමක් ද?,2 +ඒක විශාල අරගලයක්. ඒත් මම ඒ තුළ මාව හොයා ගන්න උත්සහ කළා. බොලිවුඩ් සිනමා කර්මාන්තයේ පසුබෑමකට ලක් නොවී ආරක්ෂා වී සිටීම දුෂ්කර යි.,2 +කටකතාවලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද?,2 +"ඒ වගේ කටතකාවලට ප්‍රතිචාර දක්වන්න තියෙන හොඳ ම මාධ්‍ය තමයි, සමාජ ජාල වෙබ් අඩවි. ඒ හරහා අපිට අපේ අදහස් ඍජුව ම දක්වන්න හැකියාවක් පවතිනවා.",2 +සිරස සුපර් ස්ටාර් වැඩසටහනෙන් ඇතැම් තරගකරුවන් ඉවත් වීම මෑත කාලයේ විවාදාත්මක මාතෘකාවක් බවට පත්ව තිබේ.,2 +අන්තර්ජාලය තුළ ද එය අතිශයින් විවාදාත්මක කරුණක් බවට පත්වී අවසන් ය.,2 +මෙවැනි පසුබිමක් තුළ පසුගිය සෙනසුරාදා සිරස සුපර් ස්ටාර් වැඩසටහන පැවැත්වුණේ සාධාරණත්වය රැකගැනීමේ යම් යම් වෙනස්කම් ද ඇතුළත්වයි.,2 +සිරස සුපර් ස්ටාර් සීසන් සික්ස් සඳහා ඉදිරිපත් වූ රාජගිරියේ හර්ෂ චතුරංගට ඊයේ ඉවත් වීමට සිදුවිය.,2 +හර්ෂ චතුරංග ඉවත් වීමෙන් ටික වේලාවකට පසු රාජගිරිය ප්‍රදේශයේ සිට පිරිසක් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වුණේ ඊයේ රාත්‍රියේයි.,2 +ඔවුන් ඉල්ලා සිටියේ හර්ෂ චතුරංගට යළිත් අවස්ථාව ලබාදෙන ලෙස ය.,2 +අනතුරුව එම ස්ථානයට පැමිණ සිටි පොලීසිය මෙම පිරිසට දැනුම් දුන්නෙ සාකච්ඡාවක් සඳහා හෙට පෙරවරු දහයට නියෝජිතයින් පිරිසක් එවන ලෙස ය.,2 +පොලිසිය පැමිණ ටික වේලාවකට පසු උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස විසිර ගිය හ.,2 +ඊයේ පැමිණි පිරිස කළ ඉල්ලීම අනුව අද පෙරවරු 10.30ට පමණ ඔවුන්ගේ නියෝජිතයින් පිරිසක් සිරස ප්‍රධාන කාර්යාලයට පැමිණියේ කළමණාකාරිත්වය සමග සාකච්ඡාවක් සඳහායි.,2 +එම සාකච්ඡාව අතරතුරදීද සංවිධානාත්මක පිරිසක් බස් රථයකින් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වීම නිසා නොසන්සුන් තත්ත්වයක් ඇති වූහ.,2 +"අනතුරුව සාකච්ඡාව තාවකාලිකව නතර කෙරුණු අතර, කළමනාකාරිත්වය නියෝජිත පිරිසට දැනුම් දුන්නේ, සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සඳහා අදාළ පිරිස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ය.",2 +"පොලීසිය ද පැමිණ අවට ප්‍රදේශයේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ අතර, සාකච්ඡාවට පැමිණි නියෝජිතයින් එහි ගොස් විරෝධය පළ කළ පිරිස එම ස්ථානයෙන් පිටත් කර හැරියේය.",2 +නියෝජිතයින්ගේ ඉල්ලීම අනුව සාකච්ඡාව ප්‍රධාන කාර්යාලයේදී දෙවැනි වරටත් ආරම්භ වුයේ ඉන්පසුවයි.,2 +සාකච්ඡාවෙන් අනතුරුව නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු නිව්ස්ෆස්ට් වෙත අදහස් පළ කළේය.,2 +හර්ෂ 4 වෙනියට ඇවිල්ලා අවසන් 4 දෙනා අතරට ඇවිල්ල තව 3 දෙනෙක් ආවා කියල ඊයේ ඉවත් වුණා.නමුත් ඇත්තෙන්ම අපි දැක්කෙ ලොකු අසාධාරණයක් තවත් කට්ටියක් අරගෙන.නමුත් අපි මේ නිලධාරීන් එක්ක කතා කරාම හර්ෂගේ ජීවිතේ තියෙන්නේ ඇත්තෙන්ම හර්ෂව අඳුරන්නේ සිරස මාධ්‍යයේ මේ වැඩසටහන සුපර් ස්ටාර් නිසා.දුර ගමනක් යා හැකියි.වොරන්ටි එකක් දුන්නා අපිට.හර්ෂව අත්හරින්නේ නැහැ හොඳ ගමනකට මග පාදල දෙනව කියලා.ඉතිං අපි ඒක පිළි අරගෙන දැන් සාකච්ඡාව අවසන් කළා,2 +"උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද එහිදී ප්‍රධාන කාර්යාලයට පැමිණ සිටි අතර, සාකච්ඡාවෙන් අනතුරුව නියෝජිත පිරිස ද පිටව ගිය හ.",2 +සිරස සුපර් ස්ටාර් ජයග්‍රාහකයාට ලැබෙන ත්‍යාග මුදල රුපියල් කෝටියක් බැවින් ඇතැම් පිරිස් එස්.එම්.එස්. හරහා මෙම අවස්ථාව අවභාවිත කරන්නට ද පෙළඹී සිටින බව කළමනාකාරිත්වය නිරීක්ෂණය කර තිබේ.,2 +"එබැවින් කළමනාකාරිත්වය තීරණය කළේ, සියයට හැටක් එස්.එම්.එස්. තුළිනුත්, සියයට 40ක් විනිසුරු තීරණය අනුවත් ලබා ගනිමින් අවසන් ප්‍රතිඵලයට එළඹීමටයි.",2 +"කළමනාකාරිත්වය මෙම පියවර ගත්තේ, ශ්‍රී ලංකාවේ සිටින මුළුමහත් තරුණ ප්‍රජාවටම විවෘත සුපර් ස්ටාර් වැඩසටහනට සහභාගි වන සෑම තරාතිරමකම දක්ෂයින්‍ට සාධාරණය ඉටු කිරීමේ අරමුණින් ය.",2 +බොලිවුඩ් සිනමා නළු නිළි යුවළක් වන රන්බීර් සිං සහ දීපිකා පාදුකෝන් අතර ප්‍රේම සබඳතාවක් පවතින බවට නොයෙකුත් තොරතුරු පළ විය.,2 +ඔවුන් දෙදෙනා රංගනයෙන් දායක වූ රාම්-ලීලා (Ram-Leela) චිත්‍රපටය තිරගත වීමෙන් අනතුරුව එම තත්ත්වය තව ත් කතාබහට ලක්විය.,2 +"කෙසේ වෙතත්, එම තොරතුරු සාවද්‍ය බව රන්බීර් සිං ඉන්දියාවේ PTI ප්‍රවෘත්ති ඒජන්සියට පවසා තිබේ.",2 +"එම පුවත් ඒජන්සිය සමග පැවති සා���ච්ඡාවකදී රන්බීර් සිං පවසා ඇත්තේ, ඇය තමන්ගේ සමීපතම මිතුරියක් පමණක් බව ය.",2 +සිය ජීවිතයේ තමන්ට හමුවූ වඩා ත් ම ආශ්චර්යවත් පුද්ගලයා ඇය බව ද ඔහු සඳහන් කර ඇත.,2 +"රංගන ශිල්පිණියක් ලෙස ත්, වෘත්තීයමය කාන්තාවක් ලෙස ත් තමන් බෙහෙවින් දීපිකා පාදුකෝන්ට ගෞරව කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.",2 +"මෙතෙක් තමන් සහ දීපිකා අතර සබඳතාවක් ඇති බවට තොරතුරු පළවී ඇතැයි තමන් නොදැන සිටි බව ත්, ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බව ත් ඔහු අවධාරණය කර තිබේ.",2 +සුපිරි බොලිවූඩ් නළු ෂාරුක් ඛාන් ලෝකයේ දෙවැනි ධනවත්ම නළුවා බවට පත්ව තිබේ.,2 +ඔහුගේ වටිනාකම ඩොලර් මිලියන 600කි.,2 +"විකට නළු ජෙරි සේන් ෆෙල්ඩ් (Jerry Seinfeld), වෙල්ත් එක්ස් (Wealth X) හොලිවූඩ් සහ බොලිවූඩ් ධනවත්ම ලැයිස්තුවට අනුව ලෝකයේ පොහොසත්ම නළුවායි.",2 +ඔහු ඩොලර් මිලියන 820ක වටිනාකමකින් යුත් බව ට ඇස්තමේන්තු කොට තිබේ.,2 +තුන්වන ස්ථානය හිමිකර ගත් නළු ටොම් කෲස්ගේ වටිනාකම ඩොලර් මිලියන 480කි.,2 +"ෂාරුක් ඛාන් හොලිවූඩ් සිනමාවේ ටොම් හැන්ක්ස්, ක්ලින්ට් ඊස්ට් වූඩ් සහ ඇඩම් සැන්ඩ්ලර් යන නළුවන්ට වඩා පොහොසත් බවට වෙල්ත් එක්ස් (Wealth X) ආයතනය පවසයි.",2 +ඉන්දියාවේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් අතිශයින්ම ජනප්‍රිය ෂාරුක් ඛාන් ඉන්දියාවේ හැඳින්වෙන්නේ බොලිවූඩ් බාඩ්සා නැත්නම් බොලිවූඩ් සිනමා සක්විති යනුවෙනි.,2 +ෂාරුක් ඛාන් චිත්‍රපට නිෂ්පාදකයෙක්. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්. ඉන්දීය ක්‍රිකට් සමාජයක අයිතිකරුවෙක්. එසේම ධානපතියකි.,2 +ඔහු බොලිවූඩ් චිත්‍රපට 50කට වැඩි ගණනක රංගනයෙන් දායක වී තිබේ.,2 +බීබීසීය පවසන ආකාරයට ඔවුන්ගේ දිල්ලි වාර්තාකරු විකාස් පාන්දේ පැවසුවේ ෂාරුක් ඛාන් සම්බන්ධ මෙම ප්‍රවෘත්තිය ඉන්දීය මාධ්‍යයට ලැබුණ විට එය පුදුම එලවන තොරතුරක් නොවුන බව ය.,2 +ව්‍යාපාරිකයෙක්,2 +ඔහු චිත්‍රපටකරුවකු පමණක් නොව ව්‍යාපාරිකයකු බවත් වටහා ගත යුතු බවය ඔහු පවසයි.,2 +ඔහුට අයිති ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවා. ඔහු චිත්‍රපට නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යනවා. ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඔහු තමන්ගේ චිත්‍රපට නිෂ්පාදනය කරනවා. මේවයින් ඔහුට දිගටම ලාභ ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම බලපුවම ඔහු දෙවැනි පොහොසත් නළුවා කියන එක පුදුම වෙන්න කරුණක් නොවෙයි,2 +පුවත් පත් වාර්තා ප්‍රතිචාර පිළිබඳව තව දුරට ත් අදහස් දක්වමින් බීබීසියේ දිල්ලි වාර්තාකරු විකාස් පාන්දේ පැවසුවේ ෂාරුක් ඛාන් අමෙරි���ානු නළු ටොම් කෲස් සහ අමෙරිකානු විකට නළු ඇඩම් සැන්ඩ්ලර් ට වඩා පොහොසත් ආදී වශයෙන් පුවත් පත් වාර්තා පලකොට ඇති බව ය.,2 +සිරස සුපර් ස්ටාර් අවසන් අදියරේ ජයග්‍රාහි තරගකරුවන් තෝරා ගැනීම සඳහා විනිශ්චය මණ්ඩලයට ද අවස්ථාව ලබාදීමට තීරණය කර තිබේ.,2 +ඒ අනුව මෙතැන් සිට ජයග්‍රාහකයින් තෝරා ගැනීමේදී විනිශ්චය මණ්ඩලයට 40% ක අභිමතයක් ප්‍රකාශ කළ හැකියි.,2 +අක්‍රමිකතා මගහරිමින් ප්‍රේක්ෂක මතය වඩාත් ඵලදායි කිරීම මේ තීරණයට හේතු විය.,2 +සිරස සුපර් ස්ටාර් හයවන අදියරේ අවසන් අදියර දැන් ක්‍රියාත්මක වේ.,2 +ඒ අනුව මේ වනවිට තරගකරුවන් සිව් දෙනෙක් අවසන් අදියරට සුදුසුකම් ලබා අවසන් ය.,2 +ඊට අමතරව වයිල් කාඩ් ක්‍රමයෙන් යළි එක් වූ තිදෙනෙකු ද තරග වදී.,2 +කෙසේ වෙතත් වයිල් කාඩ් තුළින් යළිත් තිදෙනෙකුට අවස්ථාව ලබාදීම පිළිබඳව අවසන් අදියරේදි ජයග්‍රහණය කර ඉදිරියට පැමිණි සිව්දෙනා සහ ඔවුන්ගේ ආධාරකරුවන් විරෝධය පල කළහ.,2 +එම විරෝධයත් සමඟ පසුගිය දා තරගාවලිය රූගත කිරීමේදි උණුසුම් තත්ත්වයක් ඇති විය.,2 +"එස්.එම්.එස්. මනාපයෙන් තේරි ඉදිරියට පැමිණ ඇත්තේ ගයාන් අරෝෂ, හර්ෂ චතුරංග, නුවන් බුලත්සිංහල සහ මුදිත ජයකොඩියි.",2 +"චාමර ප්‍රසාද්, ටෙහානි ඉමාරා සහ කණිෂ්ක ශාලින්ද වයිල් කාඩ් තුළින් යළි තරගයට එක් වූහ.",2 +තරගකරුවන් තරගයේ යෙදෙනවා ද නැද්ද යන්න පිළිබඳව බාහිර පාර්ශ්වයන්ගෙන් එල්ලවන මැදිහත්වීම හෙළා දකින සිරස සුපර් ස්ටාර් නිෂ්පාදක කණ්ඩායම තම තීරණය කිසිසේත් වෙනස් නොකරන බව අවධාරණය කළේය.,2 +රුපියල් කෝටියක් වු විශාල තැගි මුදල දිනා ගැනීමේදි කිසිවෙකුටත් අසාධාරණයක් සිදු නොවීමට වග බලාගන්නා නිෂ්පාදක කණ්ඩායම තරගකරුවන් තේරීමේ ක්‍රමයට වෙනස්කම් ද එක් කර තිබේ.,2 +ඒ අනුව ඉදිරියේදි එක් දුරකතන අංකයකින් යොමුකළ හැක්කේ එස්.එම්.එස්. මනාප 10 ක් පමණි.,2 +ඊට අමතරව විනිශ්චය මණ්ඩලය 40% ක තම අබිමත මතය ද ඉදිරි‍යේදි පල කරනු ඇති.,2 +කිසිදු තෙවන පාර්ශ්වයක අභ්‍යන්තර මැදිහත්වීම්වලට ඉඩක් නොදෙන අතර සිරස සුපර් ස්ටාර් කිරුළේ නියම හිමිකරුවා තෝරා ගැනී‍මේ ශුද්ධ අයිතිය සුරකින බවත් ඒ සඳහාවන සියලු මැදිහත්වීම් සහ අභියෝග පරාජය කරන බවත් නිෂ්පාදක කණ්ඩායම අවධාරණය කළේය.,2 +(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න),2 +මෙවර ප්‍රංශයේ කාන් සිනමා සම්මාන උළෙලේ වැඩි ම ආකර්ෂණය දිනාගත් නිළියක බවට බොලිවුඩ් සුපිරි නිළි අයිෂ්වර්යා රායි පත් විය.,2 +ඇය සැරසී සිටි රත්‍රන් පැහැති සුවිශේෂී ඇඳුම කෙරෙහි විදෙස් මාධ්‍යවේදීන්ගේ වැඩි අවධානයක් යොමු විය.,2 +"ඇතැම් මාධ්‍ය එම අවස්ථාව වාර්තා කළේ, අයිෂ්වර්යා රායි කාන් සිනමා උළෙල රනින් බැබලවූ බවට ය.",2 +මේ ඇයගේ ඡායාරූප කිහිපයකි.,2 +ප්‍රංශයේ කාන් සිනමා සම්මාන උළෙලේ සභාපති ගිලස් ජේකොබ් ඉරානයේ නිළියකට හාදුවක් දීමට ගොස් දැඩි ආන්දෝලනයකට ලක්ව සිටී.,2 +"ඔහු බටහිර ආචාර ක්‍රමය අනුව හාදුවක් දෙමින් සුබ පතා ඇත්තේ, ඉරාන නිළියක වන ලයිලා හටාමි නමැත්තියකි.",2 +"මේ පිළිබඳව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙය ඉරාන කාන්තාවකගේ පාරිශුද්ධත්වයට කළ නින්දාවක් බව ය.",2 +ලයිලා හටාමි කාන් සිනමා සම්මාන උළෙලට සහභාගි වීම ද ආගමික විශ්වාසයන් උල්ලංඝණය කිරීමක් බව ඉරාන සංකෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.,2 +"මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාන් සිනමා සම්මාන උළෙලේ සභාපති ගිලස් ජේකොබ් සිය tweet පණිවුඩයකින් පවසා ඇත්තේ, තමන් ලයිලා හටාමිගේ කම්මුල පමණක් සිපගත් බව ය.",2 +එය බටහිර රටවල සාමාන්‍ය ආචාර ක්‍රමයක් බව ද ඔහු වැඩිදුරට ත් පෙන්වා දී තිබේ.,2 +"එහෙත්, මෙම සිද්ධිය ඉරාන මාධ්‍ය මෙන් ම එරට රජයේ බලධාරීන් ද දැඩි ලෙස හෙළා දැක ඇත.",2 +ලයිලා හටාමි තවමත් ඉරානයේ වෙසෙන අතර ඔහුගේ සැමියා ද රංගන ශිල්පියෙකි.,2 +(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න),2 +හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් සිය අතීතය පිළිබඳව කළ විවරණයකින් ප්‍රංශයේ කාන් (Cannes) නගරය මෙන් ම ලෝකය ම කැළඹීමට පත්ව තිබේ.,2 +"ඒ, තමන් කුඩා දරුවෙකුව සිටි සමයේ අවස්ථා රැසකදී බරපතළ ලිංගික අපචාරවලට ලක්වූ බවට ඇය ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් හේතුවෙනි.",2 +The Baywatch නමින් ලොව පුරා ප්‍රචලිත වූ ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ පැමෙලා ඇන්ඩර්සන් කාන් සිනමා සම්මා උළෙලට සහභාගි වීම සඳහා ප්‍රංශයට පැමිණ සිටින අතරතුර සහභාගි වූ සත්ත්ව ශුභසාධන වැඩසටහනකදී ඇය මෙම තොරතුරු හෙළි කළා ය.‍,2 +"46 හැවිරිදි පැමෙලා එහිදී පැවසුවේ, වයස අවුරුදු 6 තමන් පළමු වරට තමන්ව රැක බලා ගැනීම සඳහා ‍යොදවා සිටි කාන්තාව අතින් ලිංගික අතවරයට ලක්වූ බව ය.",2 +පසුව වයස අවුරුදු 12දී සිය මිතුරියක සමග ඇයගේ පෙම්වතාගේ නිවසට ගොස් සිටි අවස්ථාවක ඔහුගේ වැඩිමල් සොහොයුරා විසින් තමන් දූෂණය කරනු ලැබූ බව ඇය ප්‍රකාශ කළා ය.,2 +ඉන් වසර කිහිපයකට පසු සිය හිටපු පෙම්වතෙකු සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් තමන් සමූහ දූෂණයකට ලක් කළ බව ද ඇය හෙළි කළා ය.,2 +"මිනිසුන් විශ්වාස කිරීම හේතුවෙන් තමන් අතීතයේ කරදර රැසකට මුහුණ දුන් බව ත්, තමන් සතුන්ට ආදරය දැක්වීමට හේතුව එම අතීත අත්දැකීම් බව ත් ඇය පැවසීය.",2 +බ්‍රිතාන්‍යයේ ජනප්‍රියතම ගී ඇල්බම් (albums) අතර සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ Xscape ඇල්බමයට ප්‍රථම ස්ථානය හිමිව තිබේ.,2 +මෙය ඔහු විසින් පටිගත කරන ලද ශ්‍රාවකයින් අතට පත් නොකළ ගී සමුච්චයකින් සමන්විත ය.,2 +එම ගීත 1983 සහ 1999 අතර කාලය තුළ පටිගත කරන ලද ගීත වේ.,2 +එම ගීත යළි පටිගත කිරීමෙන් අනතුරුව ඇල්බමයක් ලෙස ඉදිරිපත් කර තිබේ.,2 +"මෙහි විශේෂත්වය වන්නේ, රසිකයින් අතට පත් නොකිරීමට මයිකල් ජැක්සන් තීරණය කර ඉවත දමා තිබූ ගීත එකතුවක් රසික ප්‍රසාදයට පත් වීම ය.",2 +මයිකල් ජැක්සන් අභාවප්‍රාප්ත වී වසර 5ක් ගත වුව ද ඔහුගේ ගීත තවමත් රසිකයින් අතර නොනැසී පවතින බවට මෙය උදාහරණයක් බව විචාරකයෝ පෙන්වා දෙති.,2 +එම ගීත සමුච්චයෙහි ඇතුළත් Love Never Felt So Good නමැති ගීතය පහත දැක්වේ.,2 +(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න),2 +තමන් ‍අයිෂ්වර්යා රායිගෙන් දික්කසාද වන බවට මාධ්‍යවල පළවන වාර්තා කෙරෙහි බොලිවුඩ් නළු අභිෂේක් භච්චන් දැඩි ලෙස කෝපාන්විතව ප්‍රතිචාර දක්වා තිබේ.,2 +"ඔහු Twitter වෙබ් අඩවිය ඔස්සේ සිය කෝපය පළ කර ඇත්තේ, කාව්‍යාත්මක විලාසයකට ය.",2 +එම අපූරු Tweet පණිවිඩය පහත දැක්වේ.,2 +"ඉන් කියැවෙන්නේ, සිය දික්කසාදය පිළිබඳව තමන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට තමන් ස්තූතිවන්ත වන බව ය.",2 +දික්කසාදයෙන් පසු තමන් යළි විවාහ වන දිනය ද මාධ්‍ය මගින් දැන ගැනීමට අපේක්ෂා කරන බව ද අභිෂේක් පවසා තිබේ.,2 +මෙම Tweet පණිවිඩය කෙරෙහි ඉන්දීය මාධ්‍යවල මෙන් ම බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය තුළ ද දැඩි අවධානයක් යොමුව ඇත.,2 +ජනප්‍රිය පුද්ගලයින් සම්බන්ධයෙන් සංවේදී පිළිවෙතක් අනුගමනය කරන ලෙස බොලිවුඩ් නිළි ප්‍රීටි සින්ටා මාධ්‍ය සහ සාමාන්‍ය ජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කර තිබේ.,2 +"ඒ, Twitter වෙබ් අඩවිය හරහා ය.",2 +මිනිත්තු කිහිපයක් තුළ ඇය Twitter වෙබ් අඩවිය ඔස්සේ පළ කළ tweets 15ක් මගින් ඇය ජනප්‍රිය පුද්ගලයෙකු වීමේ අවාසි පිළිබඳව මනා පැහැදිලි කිරීමක් කර තිබේ.,2 +එය ජනප්‍රිය පුද්ගලයින් පිළිබඳව කරුණු විකෘති කර මහ ජනතාව අතරට ගෙන යන පුද්ගලයින්ට එල්ල කළ දරුණු ප්‍රහාරයක් බව විචාරකයෝ පෙන��වා දෙති.,2 +"ඇය එහිදී සඳහන් කර ඇත්තේ, ජනප්‍රිය පුද්ගලයින් සමාජය සමග ගනුදෙනු කිරීමේදී යම් සීමාවලට යටත් වන බව ය.",2 +ප්‍රීටි සින්ටාගේ එම tweets පෙළ පහත දැක්වේ.,2 +ප්‍රකට පොප් ගායිකා බියොන්සේගේ (Beyoncé) සොහොයුරිය බියොන්සේගේ සැමියාට පහර දීමට හේතුව මාධ්‍යයට අනාවරණය වී තිබේ.,2 +"New York Daily News වෙබ් අඩවියට අනුව බියොන්සේගේ සොහොයුරිය වන සෝලංගි නෝල්ස්, බියොන්සේගේ සැමියා වන Jay-Zට පහර දී ඇත්තේ, බහින් බස් වීමකින් පසුව ය.",2 +"New York City හෝටලයේ පැවති සාදයෙන් පසුව Jay-Z, තව ත් පොප් ගායිකාවක වන රිහානා (Rihanna) හමුවීමට යන බව පැවසීම මත මෙම ගැටුම හටගෙන තිබේ.",2 +"රිහානා සහ Jay-Z අතර දීර්ඝ කාලයක සිට සමීප සබඳතාවක් පවතින අතර බියොන්සේගේ සොහොයුරිය Jay-Zගෙන් විමසා ඇත්තේ, යළි නිවසට නොගොස් රිහානා හමුවීමට යන්නේ ඇයි ද? යනුවෙනි.",2 +එම අවස්ථාවේ බියොන්සේගේ සොහොයුරිය මත් පැන් පානය කර සිට ඇති අතර Jay-Z ද ඇයට බැණ වැදී ඇත.,2 +අනතුරුව විදුලි සෝපානයට පැමිණි පසු ඇය ඔහුට පහර පිට පහර එල්ල කළා ය.,2 +මෙම වීඩියෝව ඊයේ දිනයේ Youtube තුළින් ලොව වැඩි ම පිරිසක් නැරඹූ වීඩියෝව බවට පත් විය.,2 +(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න),2 +සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සිය උපන් දිනය වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදක රිටේෂ් සිධ්වානිගෙන් නිවාඩුවක් ඉල්ලා තිබේ.,2 +ඔහුගේ 49 වන උපන් දිනය ලබන නොවැම්බර් මස 2 වන දාට යෙදී ඇත.,2 +"ෂාරුක්ගේ මීළඟ චිත්‍රපටය වන Raesහි රූගත කිරීම් ආරම්භ වීමට නියමිතව ඇත්තේ, නොවැම්බර් මස 1 වන දා ය.",2 +"එම දින තීරණය කිරීමෙන් පසුව ෂාරුක් ඛාන් සිය Twitter වෙබ් පිටුව හරහා ඉල්ලා ඇත්තේ, තමන්ට නොවැම්බර් 2 වන දා නිවාඩුවක් ලබා දෙන ලෙස ය.",2 +"පසුගිය 8 වන දා පැවති සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය සහ හොඳම නළුවා යන සම්මාන පහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට හිමිවූහ.",2 +පසුගිය නව දිල්ලි ජත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේද ශ්‍රි සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයයි.,2 +චිත්‍රපටයට හිමිවූ සම්මාන 5ද රැගෙන එහි අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණී අවස්ථාවේ හරසරින් පිලිගැනිණ.,2 +මෙම චිත්‍රපටියෙන් ජනතා ප්‍රසාදයට පත්ව සිටින එහ ප්‍රධාන චරිතය රගන ගගන් මලික් උතුරු ඉන්දීයානු රංගන ශිල්පියෙකි.,2 +අමෙරිකානු සිනමා කර්මාන්තයේ බොක්ස් ඔෆිස් වාර්තා අනුව 2014 වසරේ වැඩිම ආදායමක් ලැබූ විදෙස් චිත්‍රපටය බවට බොලිවුඩ් චිත්‍රපටයක් වන The Lunchbox පත් වී තිබේ.,2 +එය උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2.7කට අධික ය.,2 +"මෙහි අන්තර්ගතය වන්නේ, මධ්‍යම පන්තික ගෘහණියක් සිය සැමියාගේ ආකර්ෂණය තමන් වෙත යොමු කර ගැනීම සඳහා ගන්නා උත්සහය යි.",2 +"එහිදී සැමියා තමන් දෙන දිවා ආහාරය භුක්ති විඳිනවා ද යන්න දැන ගැනීම සඳහා උත්සහ දරනුයේ, ඔහු වෙනත් ස්ථානයකින් ආහාර ගනී ද යන්න දැන ගැනීම සඳහා ය.",2 +එම දිවා ආහාරය ගෙන යන පුද්ගලයින් එය මාරු කර ලබා දීමෙන් කතාව ගොඩ නැගී තිබේ.,2 +මෙය ඉන්දීය මධ්‍යම පන්තික සමාජයේ අතිශය සුළු සංසිද්ධියක් වටා ගෙතුණු නිර්මාණශීලී චිත්‍රපටයකි.,2 +(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න),2 +සිරස සුපර් ස්ටාර් හය වැනි අදියරේ අවසන් 12 දෙනා අතරට තේරී පත්වූ තරගකරුවන් දෙදෙනෙකුට අසාධාරණයක් සිදුවූ බව පවසමින් අද පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.,2 +"රත්මලානේ ස්ටයින් මැදිරි සංකීර්ණ පරිශ්‍රය ඉදිරිපිටදී ඔවුන් උද්ඝෝෂණය කළේ, අවසන් තරගකරුවන් පස් දෙනාගෙන් සිව් දෙනෙකු තෝරාගැනීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් තිබියදී ය.",2 +සිරස සුපර් ස්ටාර් අවසන් වටයේ තරගකරුවන් 12 දෙනා අතුරින් මේ වන විට ජයග්‍රාහී මාවතට පිවිස ඇති ශිල්පීන් සංඛ්‍යාව 4කි.,2 +උද්ඝෝෂකයින් පැවසුවේ පසුගියදා ඉවත් වූ තරගකරුවන් දෙදෙනෙකුට අසාධාරණයක් සිදුව ඇති බැවින් ඔවුන් කෙසේ හෝ යළි තරගයට ඇතුළත් කරගන්නා ලෙස ය.,2 +පසුව සිරස සුපර් ස්ටාර් බලධාරීන් උද්ඝෝෂකයින් සමග සාකච්ඡා කළහ.,2 +මේ පිළිබඳ තවත් තොරතුරු අද රාත්‍රී 9 සිරස සුපර් ස්ටාර් වැඩසටහනෙන් බලාපොරොත්තු වන්න.,2 +බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායිට එරෙහිව ශ්‍රී ලාංකිකයෙකු නඩු පවරා තිබේ.,2 +"නිරෝෂන් දේවප්‍රිය නමැති එම පුද්ගලයා එසේ නඩු පවරා ඇත්තේ, ඓශ්වර්යා රායි, අභිෂේක් භච්චන් සමග විවාහ වීම නිසා තමන්ට දැඩි මානසික පීඩනයක් එල්ල වූ බවට චෝදනා කරමිනි.",2 +"ඔහු පවසා ඇත්තේ, ඓශ්වර්යා රායි සහ තමන් අතර සබඳතාවක් පැවති බවට ය.",2 +"නිරෝෂන් දේවප්‍රිය නමැත්තා මේ වන විට පදිංචිව සිටිනුයේ, තායිවානයේ ය.",2 +ජර්මනියේ උපන් ඉන්දීය බොලිවුඩ් නිළියක වන එව්ලින් ෂර්මා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හිදී විශාල අකරතැබ්බයකට මුහුණ පා තිබේ.,2 +"එව්ලින් ෂර්මා පවසා ඇත්තේ, තමන් සිය දෙමාපියන් හමුවීම සඳහා ජර්මනියට ගිය අවස්ථාවේ ෆ්‍රැන්ක්ෆර්ට්���ි සිටි තරුණයින් පිරිසක් තමන් හඳුනාගෙන ඡායාරූප ගැනීමට උත්සහ කළ බව ය.",2 +ඔවුන්ට ඒ සඳහා ඉඩ දුන් පසු අනවශ්‍ය ලෙස ඡායාරූප ගැනීමට උත්සහ කර ඇත.,2 +ඉන්පසු ඇය එම ස්ථානයෙන් පිටවී ඇති අතර අදාළ තරුණයින් ඇය ලුහුබැඳ තිබේ.,2 +එම අවස්ථාවේ තමන් දැඩි ලෙස තැති ගත් බව ත් වහා කුලී රථයක නැගී දෙමාපියන් වෙසෙන නිවසට පැමිණි බව ත් ඇය සඳහන් කළා ය.,2 +මෙම හිරිහැරය ඉන්දියානු තරුණයින් පිරිසකගෙන් සිදුවීම ලජ්ජාවට කරුණක් බව ද ඇය අවධාරණය කළා ය.,2 +2006 වසරේ බොලිවුඩ් සිනමාවට එක්වූ එව්ලින් ෂර්මා චිත්‍රපට 7ක පමණ ප්‍රධාන චරිතවලට පණ පොවා තිබේ.,2 +ප්‍රකට ඉන්දී නිළියක සහ නිරූපණ ශිල්පිණියක වන පූනම් පාණ්ඩේ මුම්බායි පොලීසිය තලේබාන් සංවිධානයට සම කර තිබේ.,2 +"ඇය මෙලෙස මුම්බායි පොලීසියට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇත්තේ, නොහොබිනා හැසිරීමක් සම්බන්ධයෙන් චෝදනා කරමින් පොලීසිය ඇයගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමේ සිද්ධියෙන් අනතුරු ව ය.",2 +පසුගිය සෙනසුරාදා දිනක රාත්‍රියේ පූනම් සිය මෝටර් රථය තුළ පුරුෂයෙකු සමග නොහෙබිනා ලෙස හැසිරුණු බවට චෝදනා කරමින් මුම්බායි පොලීසිය ඇයගෙන් දැඩි ලෙස ප්‍රශ්න කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණ.,2 +කෙසේ වෙතත් එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පූනම් පවසා ඇත්තේ තමන් සිය නිවස අසල නවතා තිබූ මෝටර් රථයේ සිය සොහොයුරා වන ආදිත්‍ය පාණ්ඩේ සමග මිස අන් කිසිවකු සමග නොසිටි බව ය.,2 +එහිදී කිසිදු නොහෙඹිනා හැසිරීමක් හෝ මත් පැන් පානය කිරීමක් සිදු නොවූ බව ඇය අවධාරණය කර තිබේ.,2 +"ඇය වැඩි දුරට ත් පවසා ඇත්තේ, තමන් එම අවස්ථාවේ දිග ඇඳුමකින් සැරසී සිටි බව ත් ය.",2 +සිද්ධියත් සමග සිය සොයුරා ඇතුළු පවුලේ සියලු සාමාජිකයින් දැඩි කම්පනයකට ලක්ව සිටින බව ත් ඇය පවසා ඇත.,2 +එම අවස්ථාවේ පොලීසිය තමන්ට සවන් නොදුන් බව ත් අදාළ සිද්ධියත් සමග සිය ප්‍රතිරූපයට හානියක් වූ බවත් ඇය පවසා තිබේ.,2 +"මෑතකදී ගායිකාවක බවට පත්වූ බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා, පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් හමුවී තිබේ.",2 +"මෙම හමුව සිදුව ඇත්තේ, ලාස් වේගාස්හි රාත්‍රී සමාජ ශාලාවක පැවති සංගීත සංදර්ශනයකදී ය.",2 +31 හැවිරිදි ප්‍රියංකා චොප්රා මෙම සංගීත සංදර්ශනයේ නිවේදිකාව ලෙස කටයුතු කළා ය.,2 +එහිදී එම හමුව සිහිපත් කිරීම සඳහා ඡායාරූපයක් ද ගෙන තිබේ.,2 +මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න කිරීම සාධාරණ නොවන බව අග්‍රාමාත්‍ය ���නිල් වික්‍රමසිංහ මහතා පවසයි.,1 +අර්ජුන් මහේන්ද්‍රන් මහතාට රටින්පිටව යාමට සිදුවූයේ රාජපක්ෂ රෙජිමයේ අමනෝඥ ක්‍රියා පිළිවෙත නිසා බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අද(03) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා විසින් මහබැංකු අධිපතිවරයාගේ පුරවැසිභාවය අදාළව නඟන ලද ප්‍රශ්නයක් නිසාය.,1 +මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීමට යාමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් දෝෂාරෝපණ එල්ලවීම නිසා සභා ගැබ තරමක් උණුසුම් වූ බව අප වාර්තාකරු කියා සිටියි.,1 +කෙසේ වෙතත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා එලෙස රටින් පිටනොවූයේ නම් ලසන්ත වික්‍රමතුංග වැන්නන්ට සිදුවූ දේ ඔහුටද වන්නට ඉඩතිබුණු බවයි.,1 +පැවති රජයේ ආරක්ෂක ලේකම් ධූරය වැනි ඉහළපෙළ තනතුරු පවා අමෙරිකානු පුරවැසියන් විසින් උසුළන ලද තත්ත්වයක් තුළ මෙවැනි ප්‍රශ්න නැඟීම සාධාරණ නොවන බව වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.,1 +එසේම සේවය කරන පිරිස් රටින් යවන ප්‍රතිපත්තියක් නොව රටට සේවය කරන පිරිස් ‍ගෙන්වා ගැනීමේ යුගයක් උදාකරන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.,1 +"දිනේශ් ගුණවර්ධන වැනි මන්ත්‍රීවරුන්ට අද දවසේ නිදහසේ කතා කිරීමට පවා අවස්ථාව උදාවීම පිළිබඳව සතුටුවිය යුතුව ඇති බවත්, රාජපක්ෂ යුගයේ කතා කරන අයට නිහඬව සිටීමට සිදුවූ බව සිහිපත් කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.",1 +ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.,1 +ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන ලෙසට ඇයට දැනුම්දීමක් කර තිබූ බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.,1 +ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇයට මෙම කැඳවීම කර ඇති බවද ඒම ඒකකය කියා සිටි‍යේය.,1 +පසුගිය 28 වැනිදා ඇයට මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබූ අතර එදින පැමිණිය නොහැකි බව ඇය විසින් දන්වා තිබූ බව වාර්තා විය.,1 +ඒ අනූව අද ඇය මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඇත.,1 +රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් යුක්‍රේන රජයේ පරීක්ෂණ අවසන් වූ වහාම ඔහුට එරෙහි ඉදිරි ක්‍���ියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.,1 +එම අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහීෂනී කොලොන්නේ මහත්මිය කියා සිටියේ යුක්‍රේන ජාතිකයින් 19 දෙනෙකුට අවි ආයුධ ලබාදීමේ සිද්ධියක් සමබන්ධයෙන් උදයංග වීරතුංගට එරෙහිව යුක්‍රේන රජය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.,1 +අදාළ පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා රජය පූර්ණ සහය ලබාදෙන බවත් ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බවත් කොලොන්නේ මහත්මිය පවසයි.,1 +පසුගියදා උදයංග වීරතුංග මහතා ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ ඇති බවද මහීෂනී කොලොන්නේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.,1 +20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා එක්සත් ජනතා‍ නිදහස් සන්ධානයට ආණ්ඩු බලය ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබේ.,1 +ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ සන්ධාන රජයක් යටතේ දින 30 ක් ඇතළත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා බවයි.,1 +සන්ධානයේ සියළු පක්ෂ වල නියෝජිතයින් අදාළ තීරණය පිළිබඳව මේ වන විට පොදු එකඟතාවයකට ද පැමිණ ඇති බව සඳහන්ය.,1 +ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඒ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.,1 +කෙසේවෙතත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කලේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩු පෙරළි සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.,1 +බලය අතහැරීම තමාට ගැටලුවක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.,1 +ඔහු පෙන්වා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිපළ නිකුත්වීමටත් පෙර තමා එම ධූරයෙන් ඉවත් වූ බවයි.,1 +"ගාල්ල, හිනිඳුම , පනන්ගල ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.",1 +වත්මන් සමෘද්ධි අමාත්‍යවරයා 'දිරිය සවිය'නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සමෘද්ධි ප්‍රතිලාභීන්ට අයත් මුදල් සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන පිරිස් අතරේ දේශපාලන හිතවත්කම් මත බෙදාදෙන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.,1 +"ඊට අදාළව සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන 05 දෙනෙකු රු.500 බැගින් තැන්පත් කළ කණ්ඩායම් වල සාමාජිකයින්ට රු.100,000 දක්වා ණය මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව විපක්ෂ නායකවරයා කියා සිටියේ අද(03) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක් කරමිනි.",1 +"මේ සඳහා සමෘද්ධි ප්‍රතිලාභීන් විසින් කරන ලද අනිවාර්ය ඉතිරිකිරීම් හා ඔවුන්ට අයත් සම්පත්ද යොදවාගෙන ඇති බවත්,තවද හම්බන්තොට ඇතුළු ප්‍රදේශ රාශියක රු.100,000 බැගින් වූ ණය මුදල සඳහා ප්‍රතිලාභීන් තෝරාගෙන ඇත්තේ එජාපයට සබඳතා දක්වන දේශපාලනඥයින්ගේ ලැයිස්තු මත බවද වාර්තාවී ඇතැයි ඔහු සඳහන් කළේය.",1 +"මෙම ක්‍රියාවලියෙන් සමෘද්ධි ප්‍රතිලාභීන් විසින් ඉතා අමාරුවෙන් ඉතිරිකර ගන්නා ලද අරමුදල් අනතුරට ලක්කරමින් සිය දේශපාලන ආධාරකරුවන් පිනවීම සඳහා ගෙන යනු ලබන වැඩපිළිවෙලක් බවත්, එය නීති විරෝධී මෙන්ම යහපාලනයට හා සදාචාරාත්මක දේශපාලනයට පටහැනි බවත් සිල්වා මහතා පෙන්වා දුන්නේය.",1 +"එසේම සමෘද්ධි නිලධාරීන් සඳහා පසුගිය රජය විසින් සකස් කරන ලද සේවා ව්‍යවස්ථාව තවමත් සම්මත කර නොමැති බවත්,8300 ක් පමණ වූ මුල් සේවා කාලයේම ඉතිරිකරගත් සමෘද්ධි නිලධාරීන්ගේ සේවක අර්ථ සාධක මුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මෙතෙක් ලබාදී නොමැති බවත් ඔහු අවධාරණය කළේය.",1 +"එසේම අලුතින් සේවයට බඳවා ගත් සේවකයින් වෙනුවෙන් පාරිතෝෂික ලබාදී නොමැති බවත්,මුදල් අයකරගෙන වාරික ගෙවා ඇති කාන්තා සමෘද්ධි නිලධාරීන් රාශියකට තවමත් යතුරුපැදි ලබාදී නොමැති බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.",1 +"විශේෂයෙන්ම මෙම මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳ සමෘද්ධි නිලධාරීන් විසින් 'මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය' වෙත පැමිණිලි කර ඇති බවත්, එහෙත් මෙතෙක් එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදුකර නොමැති බවත් , ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගේ සංගම් ගණනාවක් කරුණු ඉදිරිපත් කර ඇති බවත් ඔහු කියා සිටියේය.",1 +එබැවින් රජයෙන් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂා කරන බව විපක්ෂ නායකවරයා සදහන් කළේය.,1 +01.'දිරිය සවිය'වැඩසටහනට මුවාවෙමින් සමෘද්ධි ප්‍රතිලාභින්ට අයත් ඉතිරිකිරීම් ගිණුම්වල ඇති මුදල්,1 +"සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන පිරිස් අතර දේශපාලන බලපෑම් තුළින් නම් කරනු ලබන අයවළුන්ට රු.100,000 දක්වා ලබාදීම නීති විරෝධී බව හා සදාචාර විරෝධී බව රජය පිළිගන්නේද?",1 +02. සමෘද්ධි ප්‍රතිලාභීන් නොවන පුද්ගලයින් එක් කර ගනිමින් ව්‍යාජ කණ්ඩායම් සකස් කොට සමෘද්ධිලාභීන්ට අයත් මෙම මුදල් මෙසේ බෙදාදීමට කටයුතු කිරීම වහාම නවත්වන්නේද?,1 +03. මේ පිළිබඳව සිදුකර ඇති මූල්‍ය අක්‍රමිකතාවන්ට වගකිවයුතු අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සියලුදෙනාටම එරෙහිව නොපමාව පියවර ගැනීමට කටයුතු කරන්නේද?,1 +04. යහපාලනයේ මුවාවෙන් සිදුකෙරෙන මෙම අක්‍රමිකතාවයට සම්බන්ධවූ සියලුමදෙනා අධිකරණය හමුවට ගෙන ඒමට කටයුතු කරන්නේද?,1 +05. සමෘද්ධි නිලධාරීන් සඳහා පසුගිය රජය මගින් සකස් කරන ලද සේවා ව්‍යවස්ථාව වහාම සම්මත කිරීමට ක්‍රියාමාර්ග ගන්නේද? නොඑසේනම් ඒ මන්ද?,1 +06. 8300 ක් පමණ වූ මුල් සේවා කාලය ඉතිරිකරගත් සමෘද්ධි නිලධාරීන්ගේ සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් ද අලුතින් සේවයට බඳවාගත් සේවකයින් වෙනුවෙන් ලබාදිය යුතු පාරිතෝෂික මුදල්ද මුදල් අයකරගෙන වාරික ගෙවා ඇති මෙතෙක් ලබා නොදුන් යතුරුපැදි කාන්තා සමෘද්ධි නිලධාරීන් සඳහා ලබාදීමට කටයුතු කරන්නේද? නොඑසේනම් ඒ මන්ද?,1 +විපක්ෂ නායකවරයා විසින් නඟන ලද ඉහත ප්‍රශ්නවලට ආණ්ඩු පක්ෂය විසින් ඉදිරි සභා වාරයේදී පිළිතුරු ලබාදෙනු ඇත.,1 +අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යොජනාව අද(03) දිනයේ ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.,1 +අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.,1 +එම විශ්වාසභංග යෝජනාව සඳහා මේ වන විට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සියයකට අධික සංඛ්‍යාවක් අත්සන් තබා ඇති බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.,1 +එම මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතා කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවට කාන්තා නියෝජනයක් අවශ්‍ය බවයි.,1 +ව්‍යවස්ථාදායක සභාව සඳහා කාන්තා නියෝජයක් මෙන්ම වතු කම්කරුවන් සම්බන්ධ නියෝජනයක්ද අවශ්‍ය බව හෙතෙම එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.,1 +එසේම කිසිදු වලංගුතාවයක් නොමැතිව නව මුදල් නෝට්ටුවලට අත්සන් තැබීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අරජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව අධිකරණය වෙත යෑමටද තමන් ඇතුළු පිරිස බලාපොරොත්තු වන බව එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.,1 +"තවද පපුගිය මාස හය ඇතුළත රටේ ආර්ථිය පහළ බැස ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ දින දෙකක කාලයක් ලබා ගන්නා බවත් හෙතෙම ‍වැඩිදුරටත් කියා සිටියේය.",1 +එම මාධ්‍ය හමුවට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා කියා සිටියේ ජාතික ආණ්ඩු සඳහා නැවත යටත් නොවන බවයි.,1 +එසේම 20 වන ව්‍යවස්ථා සංශෝධනය ස්ථිර කර ගැනීම සඳහා එ.ජා.ප. තර්ජන වලට බියවිය යුතු නොවන බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.,1 +ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමට එරෙහිව අද(31) දහවල් තංගල්ල බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය.,1 +පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් මෙන්ම ප්‍ර දේශවාසීන් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.,1 +මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෙට දිනයේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීමට දැනුම්දී ඇති බව සඳහන්ය.,1 +නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විසින් දැනුම්දිමක් සිදුකර ඇති බවයි.,1 +එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු හමුදා නිලධාරීන් 43න් දෙනෙකුට එරෙහිව යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.,1 +ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන සැප්තැම්බර් මාසයේදී අදාළ චෝදනාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි.,1 +පාදුක්ක ප්‍රදේශයේ පැවති උත්සවයකදී විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.,1 +පාර්ලිමේන්තුව යනු දේශපාලන වේදිකාවක් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.,1 +තමන් කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කර නොමැති බව ඔහු සඳහන් කරයි.,1 + තෙල්දෙණිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙම අදහස් පළ කළේය.,1 +පසුගිය බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවකට සහභාගිවී සාකච්ඡා කාමරයෙන් එළියට පැමිණෙමින් සිටි විජිත හේරත්ට කථානායකවරයා මුණ ගැසුණේය. “මන්ත‍්‍රීතුමා ඔබතුමාලාගේ නියෝජිතයා නම් කරලා එවන්න ව්‍යවස්ථාදායක සභාවට. එහෙම වුණොත් සිකුරාදා අපිට ව්‍යවස්ථාදායක සභාව නම් කරලා අවසන් කරන්න පුළුවන්.” කථානායකවරයා කියා සිටියේය.,1 +“අපි හිතුවේ ඒ නියෝජිතයා පත්කරන්න අයිතිය තිබෙන්නේ ටී.එන්.ඒ එකට කියලා. අපි ටී.එන්.ඒ එකත් එක්ක සාකච්ඡා කරලා ඉක්මනටම නියෝජිතයා නම් කරලා එ��න්නම්.” විජිත හේරත් කතානායකවරයාට පොරොන්දු විය.,1 +නව මැතිවරණ ක‍්‍රමයට ජවිපෙන් යෝජනාවක්...,1 +මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් නව මැතිවරණ ක‍්‍රමයක් සඳහා යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. ජවිපෙ ස්ථාවරය වී ඇත්තේ නව මැතිවරණ ක‍්‍රමයෙන් ජනතා කැමැත්ත සාධාරණව පාර්ලිමේන්තුවේ පිළිබිඹු විය යුතු බවත් මනාප ඡන්ද ක‍්‍රමය අහෝසි කළ යුතු බවත්ය. එමෙන්ම ජවිපෙ නව යෝජනාවක් ඉදිරිපත් කරයි. යෝජිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 7වැනි ලක්ෂණය ලෙස තිබෙන්නේ ‘නාම යෝජනා භාරදීමේදී දිස්ත‍්‍රික් මට්ටම සඳහා සමානුපාතික ක‍්‍රමය යටතේ පත්විය හැකි උපරිම මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවට 3ක් එකතු කිරීමෙන් ලැබෙන සංඛ්‍යාවට සමාන අපේක්ෂකයින් සංඛ්‍යාවක් මැතිවරණ කොට්ඨාස සඳහා නාම යෝජනා කළ යුතු අතර ඡන්ද ප‍්‍රදේශවලට තරග කරන අපේක්ෂකයින් නිශ්චිතව සඳහන් කළ යුතු’ බවය. ඒ අනුව ජවිපෙ කියා සිටින්නේ ”දිස්ත‍්‍රික් ලයිස්තුව යටතේ කේවල ඡන්ද ප‍්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් තරග කරන අපේක්ෂකයාගේ නම පමණක් ඡන්ද දායකයාට තෝරාගැනීම සඳහා ඡන්ද පත‍්‍රිකාවේ ඉදිරිපත් කිරීම අසාධාරණ බවය. එසේ වන විට දිස්ත‍්‍රික් ලයිස්තුව යටතේ අතිරේකව තරග වදින එනම් ඡන්ද ප‍්‍රදේශයක් නියෝජනය නොකරන අපේක්ෂකයින්ගේ නම් ඡන්ද පත‍්‍රිකාවේ සඳහන් නොවන අතර ඔවුන්ගේ නම් ඇත්තේ නාම යෝජනා පත‍්‍රයේ පමණි. ඔවුන් සඳහා වන තමන්ගේ කැමැත්ත සලකුණු කිරීමේ හැකියාවද ඡන්දදායකයින්ට අහිමි කෙරෙනු ඇත.,1 +මෙසේ වන විට යම් දිස්ත‍්‍රික්කයක් වෙනුවෙන් සමානුපාතික ලයිස්තුව යටතේ ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මැතිවරණයේදී කාර්යභාරයක් නොමැති වීමද ඔවුන් එකම දිස්ත‍්‍රික්කයක අසමාන තරගකරුවන් වීමද වැළැක්විය නොහැකි වනු ඇති බව පෙන්වා දෙන ජවිපෙ එහෙයින් ඡන්දදායකයින්ට එම අපේක්ෂකයින් සඳහා තම කැමැත්ත ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදිය යුතුව ඇති බවට යෝජනා කරයි.,1 +ජවිපෙ පසුගිය නමවෙනිදා විල්පත්තු අභය භූමියේ වන සංහාරය පිළිබඳව සොයා බැලීමට සංචාරයක් කළේය. එම නීරීක්ෂණ චාරිකාවෙන් පසුව නැවතත් විල්පත්තු වන සංහාරය පිළිබඳව කතාබහ උණුසුම් වන්නට පටන් ගත්තේය. මේ අතරතුර ශ‍්‍රී ලංකා මුස්ලිම් සභාව විසින් මේ සංචාරය පිළිබඳව සඳහන් කරමින් ජවිපෙ නායක අනුර දිසානායකට ලිපියක් යොමු කළේය. එම ලිපියෙන් කියැවුණේ ජනතා විමුක්ති පෙරමුණ සිංහල අන්තවාදීන් විසින් ගෙන ගිය මතයට නො���ග ගොස් ඇති බවත් විල්පත්තු සංචාරය කළේ ඒ නිසා බවත්ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අන්තර් ජාලයේ ඇතුළු විවිධ මාධ්‍යවල ප‍්‍රවෘත්ති වාර්තා පළවිය. මේ සම්බන්ධයෙන් මුස්ලිම් සභාව වෙත පිළිතුරු ලිපියක් යොමුකිරීමටද ජවිපෙ නායක අනුර දිසානායක කටයුතු කළේය.,1 +"“යුද්ධය අවසන් වීමෙන් මාස 06ක පමණ කාලයක් තුළ එම ප‍්‍රදේශවල ජීවත්වූ ජනතාව නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාවය මුලින් ආණ්ඩුවට අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණය. ශ‍්‍රී ලංකා යුද හමුදාව අත්පත් කරගෙන සිටි ඉඩම් පවා ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා ලබාදිය යුතු බවද අවධාරණය කළේ ජවිපෙය. නිවාස අහිමි වූ ජනතාවට පදිංචිය සඳහා ඉඩම් ලබාදීමේදීද ඊට කිසිදු ජාතිකත්ව භේදයක් අවශ්‍ය නොවේ. ජනතාවට උපරිම සහන ලබාදිය යුතුයි යන ස්ථාවරයේ එදා සිටම අප පක්ෂය සිටි බව නොරහසකි. නමුත් දේශපාලන බලය පාවිච්චි කරමින් වන රක්ෂිත නැවත පදිංචි කිරීමට යොදා ගැනීම ගැටලූ සහගතය. වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරාවිද්‍යා ආඥා පනත සහ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත වැනි පාරිසරික නීති රීති නොසලකා මෙම ජනාවාස සඳහා එළිකිරීම් සිදුවෙමින් තිබේ. අප මෙම සිදුවීමට මැදිහත්වූයේ මේ ස්ථාවරයේ සිටය.",1 +ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි ජාතිවාදී මඩ ගොහොරුවලට නොවැටෙමින් ඉතිහාසය පුරා කටයුතු කළ අයුරින්ම ඉදිරියටද අන්තවාදයකට හෝ ජාතිවාදයකට නොවැටෙන බවත් කිසිදු ජාතිවාදී හෝ ආගම්වාදී කණ්ඩායමකට තම පටු අරමුණු වෙනුවෙන් ජ.වි.පෙ. නොමඟ යැවිය නොහැකි බවත් සහතික කරමු. එසේම කිසිදු විටක අප ප‍්‍රශ්න දෙස බලද්දී ජාතිවාදී පදනමක් මත පිහිටා කටයුතු නොකරන බවත් සියලූ ලාංකේය ජනතාවගේ සමාන අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් අපි වැඩිදුරටත් අවධාරණය කරමු.” අනුර දිසානායක තම ලිපියෙන් අවධාරණය කළේය.,1 +අයි.එස්.සටන්කාමින්ගේ ග්‍රහනයට ලක්වු ඉරාකයේ රමාඩී නගරය දින කිහිපයකින් යළි අත්පත් කර ගත හැකිවනු ඇති බව එරට අග්‍රාමාත්‍ය හෙයිදර් අල් අබාඩ් පවසයි.,1 +එහෙත් ඒ සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය අවශ්‍ය වන බව හෙතෙම පවසා ඇත.,1 +අමෙරිකානු ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් ඊයේ ප්‍රකාශ කර තිබුණේ ආරම්භයේදී ඉරාක හමුදාව සටන් කිරීමට අකමැත්තක් දැක්වු බව පෙනී යන බවයි.,1 +මේ අතර සිරියාවේ අයි.එස්.සහ සුන්නි සටන්කාමින් හේතුවෙන් ලෝකය බලාපොරොත්තු නොවු අවදානමකට මුහුණ දී සිටින බව ලෙබනන් ජාතික ශියා හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා ප්‍රකාශ කර තිබේ.,1 +ලෝකයේ පුරාණ නටඹුන් සහිත නගරයක් ලෙස සැලකෙන සිරියාවේ පැල්මයිරා නගරයේ බලය සම්පූර්ණයෙන්ම අයි. එස් සටන්කාමීන් යටතට පත්ව තිබේ.,1 +විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ දිනයේදී අදාළ නගරයේ පාලනය සම්පූර්ණයෙන්ම අයි. එස් සටන්කාමීන් යටතට පත්කරගෙන ඇති බවයි.,1 +අදාළ නගරයේ ලෝක උරුමයන් ලෙස සැලකෙන නටඹුන් විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.,1 +අයි .එස් සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාර වලින් හට්රා සහ නිමරුඩ් යන පෞරාණික ස්ථාන ද විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.,1 +ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවන මොහොමඩ් මෝසි මහතා හට මරණීය දණ්ඩනය නියම වී තිබේ.,1 +2011 වර්ෂයේ අරගල අවස්ථාවන්හී එරට බන්ධනාගාරවල සිදුවුවායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස එරට අධිකරණයක් විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති බව විදේශ වර්තා පෙන්වා දෙයි.,1 +ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩී සිය චීන නිල සංචාරය ආරම්භ කර තිබේ.,1 +අගමැතිවරයා ඇතුළු ඉන්දීය දූත පිරිස අද උදෑසන චීනයට ළඟා වී ඇත.,1 +චීනයේ ශියෑන් ගුවන්තොටුපළ වෙත පැමිණි නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස චීන රජය විසින් ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගෙන ඇති බව සඳහන්ය.,1 +චීන සංචාරය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ශි ජින් පින් ඇතුළු රජයේ ඉහළපෙළේ නිළධාරින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.,1 +එමෙන්ම නරේන්ද්‍ර මෝඩිගේ තෙදින නිල සංචාරය තුළදී දෙරට අතර වෙළඳ ගිවිසුම් 20කට ද අත්සන් තැබීමට සැලසුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.,1 +චීන සංචාරයෙන් අනතුරුව ඉන්දීය අගමැතිවරයා දකුණු කොරියාවේ සහ මොංගෝලියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.,1 +"“නාමල් රාජපක්ෂලා, නිමල් සිරිපාලලා තමන්ගේ බලය ගැන විතරයි හිතුවේ. මිනිස්සු ගැන නෙවෙයි. අපි මේක කතා කරලා බලමු. මම දිස්ත‍්‍රික් ලේකම් හමුවෙන්න යනවා.”",1 +"සුනිල් හඳුන්නෙත්ති මුලතිව් ප‍්‍රදේශයේ සංචාරයක නිතර විය. ඒ අතරතුර වැලිඔය ප‍්‍රදේශයේ නැවත පදිංචි කළ ගම්මානවලද ජීවත් වන ප‍්‍රදේශවාසීන් හමුවීමට ගියේය. සපුමල්පුර, නාමල්පුර, හංසවිල, මොණරවිල වැනි ප‍්‍රදේශවල සංචාරය කිරීමට සුනිල් හඳුන්නෙත්තිට හැකිවිය.",1 +"“මන්ත‍්‍රීතුමා අපි හොඳට ජීවත් වුණු මිනිස්සු අපිට ගෙවල් දෙනවා ඉඩම් දෙනවා කියලා අපිව මෙහෙ ගෙනත් දැම්මා. ගෙවල්වලට උඩින් ලයිට් කණු යනවා. අපි කුප්පි ලාම්පුවෙන�� තමයි කාලේ ගෙවන්නේ. සමහර අය බදුල්ලේ, මහියංගනේ අය ඉන්නවා. නිමල් සිරිපාල මහත්තයා තමයි ගෙනත් දාලා තියෙන්නේ.” ගම්වැසියෙක් හඳුන්නෙත්තිට දුක්ගැනවිල්ලක් කීවේය.",1 +“වගා කරන්න ඉඩම් අක්කරයක් දෙනවා කිව්වා. අපිට ඉඩම් දුන්නේ නැහැ. වගාකරන්න තියා බොන්න වතුර නැහැ. වකුගඩු රෝගයෙන් සමහරු මැරෙනවා. ළමයිට ඉස්කෝලේ යන්න බස් එකක් නැහැ. බයිසිකල්වලින් ගිහින් දාන්නේ. හොඳට හිටපු අපි මෙහෙ ගෙනත් දාලා දුක් විඳිනවා. මේ අය ඡන්දය බලාගෙන තමයි අපිව ගෙනත් දැම්මේ. අපිට දැන් ඒක තේරෙනවා” තවත් කාන්තාවක් කීවාය.,1 + “අපි ඇවිත් අවුරුදු දෙකහමාරක් වෙනවා. තාම මන්ත‍්‍රී කෙනෙක් ආවේ නෑ අපිව බලන්න. ආවේ ජේවීපී එකෙන් විතරයි. අපි ආයේ කාටවත් ඡන්දේ දෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ දැන් වනචාරී යුගයට යන්න. අපිට අපේ ගම්වලට යන්න බැහැ ලැජ්ජයි. සමහරු එහෙ ගම්වලින් සල්ලි ගෙනත් මෙහෙ ජීවත් වෙනවා. ගෙනාපු ඇඳුම් ටික ඉවර වුණාම ඇඳුම් නැතිව තමයි අපිට ඉන්න වෙන්නේ” තවත් තරුණයෙක් කෝපයෙන් මෙන් කියාගෙන ගියේය.,1 +"“නාමල් රාජපක්ෂලා, නිමල් සිරිපාලලා තමන්ගේ බලය ගැන විතරයි හිතුවේ. මිනිස්සු ගැන නෙවෙයි. අපි මේක කතා කරලා බලමු. මම දිස්ත‍්‍රික් ලේකම් හමුවෙන්න යනවා.” සුනිල් හඳුන්නෙත්ති ගම්වැසියන් අස්වසාලමින් කීවේය. විදුලිය ලබාදීම සඳහා ගෙනා උපාංගවලින් එම ගම්වල කුඩා දරුවන් සෙල්ලම් කරන ආකාරයද මන්ත‍්‍රීවරයාටද දැකගැනීමට හැකිවිය.",1 +අනතුරුව මන්ත‍්‍රීවරයා දිස්ත‍්‍රික් ලේකම්වරයා සහ එම ප‍්‍රදේශයේ මහවැලි ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂවරයාද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කළේය. අනතුරුව එම පළාත් බාර විදුලි අධිකාරීවරයාටද දුරකථනයෙන් අමතා විදුලිය ලබාදීම පිළිබඳව අවධානය යොමු කරවීය.,1 +මේ වෙනකොට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉන්දියාවේ ජනරජ දින රැළියට සහ සංචාරයකට සහභාගී වී සිටින පුවත ඔබ දන්නවා ඇති. ඇමරිකානු ජනාධිපතිවරයෙක් මෙලෙස ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි. නවදිල්ලියේදී අද (26) දිනයේ පැවැත්වීමට නියමිත මේ උත්සවය සඳහා බැරක් ඔබාමා ඇතුළු පිරිස ඉන්දියාවට පැමිණ ඇත්තේ ඊයේ (25) දිනයේදී යි. ඒ වගේම ඔහු හෙට දිනයේ උදෑසන දක්වා ඉන්දියාවේ සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.,1 +ඉතින් මේ දැක්වෙන්නේ බැරක් ඔබාමා ජනපතිගේ ඉන්දීය සංචාරය හා බැඳුනු අපූරු තොරතුරු කිහිපයක්.,1 +ඇමරිකානු ජනපති සංචාරවල යෙදෙන සෑම අවස්ථාවකම:,1 +#1. දහස් ගණනක් ඇමරිකානු කාර්යමණ්ඩලයක් ඔහු සමඟ සංචාරය කරනු ඇත.,1 +"උදාහරණයක හැටියට මෑතකදී සිදුවූ මැලේසියානු සංචාරයේදී 1600ක කාර්ය මණ්ඩලයක් ඔබාමා සමඟ සහභාගී වූ බවත්, අවසන් වරට ඔබාමා ඉන්දියාවට පැමිණිමේදී 3000ක ඇමරිකානු නිළධාරීන් සහභාගී වූ බවත් වාර්තා වේ. මේ නිළධාරීන් අතරට රාජ්‍ය නිළධාරීන්, මාධ්‍යවේදීන්, United States Secret Service (USSS) හි ස්නයිපර් භටයන්, තාක්ෂණික නිළධාරීන්, සහාය නිළධාරීන්, රියැදුරන් සහ ඔත්තුකරුවන් ඇතුලත්. මීට අමතරව ආරක්ෂක සුනඛයින්ද රැගෙන යන බව වාර්තා වනවා.",1 +#2. ඔබාමාගේ ආගමනයට සතියකට පමණ පෙර හෙලිකොප්ටර් හා මෝටර් රථ සමඟ තවත් කාර්මණ්ඩලයක් පැමිණේ.,1 +“Beast” ලෙස හැඳින්වෙන ඔබාමාගේ නිල රථයට අමතරව තවත් Cadillac රථයක් සමඟ ජනපති ආරක්ෂක අංශයේ රථවාහන ද සතියකට පමණ පෙර අදාල ස්ථාන වෙත රැගෙන එනු ලබයි.,1 +#3. දින පහකට පමණ පෙර ආරක්ෂක අංශ විසින් සිය කාර්යභාරය ආරම්භ කරයි:,1 +ඔබාමා ගැවසෙන පෙදෙස් සම්පූර්ණ පරීක්ෂාවකට පත්කර ඒවා පිළිබඳ විශේෂ වාර්ථාවක් පිළියෙල කරයි. විකිණිමට තබා ඇති අවි ආයුධ පවා පරීක්ෂාවට ලක්කර ආරක්ෂාවට තර්ජනයක් විය හැකි දේ සහ සැකකටයුතු දේ පිළිබඳව සොයාබලයි. රථ පෙළපාලිය ගමන්ගන්නා ප්‍රධාන ගමන්මාර්ගයට අමතරව තවත් ගමන්මාර්ග කිහිපයක්ම සූදානම් කරතබාගනියි. ඒ සෑම ගමන් මාර්ගයක් අවටම විශේෂ ස්නයිපර් භට කණ්ඩායම් රඳවා තබයි.,1 +#4. ජනපති ආරක්ෂක අංශ සිය මූලස්ථානය ලෙස ආරක්ෂිත හෝටලයක් වෙන්කරගනියි.,1 +ජනපති ආරක්ෂක මූලස්ථානය සහ ජනපති නවාතැන්ගන්නා හෝටලය ලෙස තෝරාගෙන ඇත්තේ නව දිල්ලියේ ITC Maurya සුපිරි හෝටලයයි. මීට පෙර ඔබාමාගේ ඉන්දීය සංචාරයේදීත් ඔහු ඇතුළු පිරිස නවාතැන්ගෙන ඇත්තේ එම හෝටලයේමයි. වාර්තාවන ආකාරයට මේ හෝටලයේ ඔබාමාගේ කාමරය සඳහා පමණක් ගාස්තුව ඉන්දීය රුපියල් ලක්ෂ 75කි.,1 +#5. ජනපති ආරක්ෂක අංශ විසින් ජනපති සිටින පෙදෙසට ආසන්න පෙදෙස හඳුන්වන්නේ “Kill Zone” ලෙසයි.,1 +මෙම සීමාවට ඇතුල්වීමට උත්සාහ දරණ ඕනෑම කෙනෙකුට හෝ ඒ පෙදෙස් අනවසරයෙන් රැඳී සිටින ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා ඇමරිකානු රහස් සේවයේ (USSS) අයට අවසරය හිමිවේ.,1 +“Game Day” ලෙස හැඳින්වෙන්නේ ජනපති සහභාගීවන උත්සවය හෝ සමුළුව පැවැත්වෙන දිනයයි. ඒ දිනයේදී ක්‍රියාපිළිවෙල තරමක් වෙනස්:,1 +#6. මෙවර ඉන්දීය ජනරජ දින රැළිය මෑත කාලීන ඇමරිකානු ජනපතිවරයෙක් මිනිත්තු 45කට වැඩි කාලයක් එළිමහනේ විවෘත රැළියකට සහභාගී වන ප්‍රථම අවස්ථාවයි.,1 +මෙවර ���නරජ දිනයේදී ජනපති ඔබාමා පැය 2කකට අධික එළිමහන් රැළියකට සහභාගී වීමට නියමිත අතර ඒ කාලය ජනපති ආරක්ෂක අංශ නිළධාරීන් හට වැඩි අවධානයකින් සිටීමට සිදුවේ.,1 +#7. ඔබාමාගේ Cadillac One රථය හැරුණුකොට වෙනත් රථයක ඔබාමා ගමන්ගන්නා ප්‍රථම අවස්ථාවත් මෙය විය හැකියි.,1 +"ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය අනුව ආරාධිත අමුත්තා රාජ්පත් සිට රාෂ්ඨපති භවන් දක්වා ගමන්ගන්නේ ඉන්දීය ජනපති සමඟයි. නමුත් ඔබාමාගේ Cadillac One රථය හඳුන්වා දීමත් සමඟ මේ වනතෙක් ඔහු වෙනත් කිසිදු වාහනයක ගමන්ගෙන නැහැ. කෙසේ නමුත් ඉන්දීය ආරක්ෂක නිළධාරීන් පවසන්නේ ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය වෙනස් කළ නොහැකි බවයි. එ බැවින් බොහෝවිට ඔබාමා, නරේන්ද්‍ර මෝඩි සමඟ මෝඩිගේ රථයේ ගමන්කරනු ඇති නමුත් ඔබාමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතු වුවහොත් ඔබාමාගේ Cadillac One (The Beast) මෝටර් රථයත් මෙවර රථ පෙළපාලියට එකතු වනු ඇත.",1 +මීටඅමතරව ඉන්දීය රජයත් ජනපති ඔබාමාගේ ආරක්ෂාව උදෙසා විශේෂ පියවර අනුගමනය කර ඇත.,1 +#8. ඔබාමාගේ සංචාරය අතරතුර ආරක්ෂාව සඳහා දිල්ලි නගරයේ 15000කට අධික ආරක්ෂක කැමරා සවිකර ඇත.,1 +"#9. රැලියට දින 3කට පෙර සිට රාජ්පත් හි සියළුම දුම්රිය ස්ථාන, රාජ්‍ය ආයතන සහ මාර්ග වසා ඇත.",1 +#10. ජනරජ දිනයේ රැළිය පැවැත්වෙන ස්ථානයේ සිට කිලෝමීටර් 450ක ප්‍ර දේශයක අහස ගුවන්යානා හෝ වෙනත් පියාසර යානා ගමන් කිරීම තහනම් කර ඇත.,1 +#11. ඇමරිකානු ජනපති ගමන්ගන්නා යානය හැඳින්වෙන්නේ Air Force One ලෙසයි.,1 +"මෙවර ඉන්දීය ගමනේදී ඔබාමා ගමන් ගන්නා යානය Air Indian One නමින් හැඳින්වෙන අතර එම යානයත් Air Force One මෙන්ම තාක්ෂණයෙන්, පහසුකම් වලින් හා ආරක්ෂාවෙන්ද උසස් බවයි පැවසෙන්නේ.",1 +#12. ජනපති හා පිරිස ප්‍රවාහනයට ජෙට් යානා එකක් නොව දෙකක් යොදාගන්නා අතර අනෙක් යානය අමතර යානයක් ලෙසයි රැගෙන යන්නේ.,1 +#13. ඇමරිකානු ජනපතිගේ නිළ කාමරය වන Oval Office කාමරය මෙන්ම Air Force One ගුවන් යානයේ අභ්‍යන්තරය නිමවා ඇත.,1 +#14. එම යානයට මිසයිල මඟහැර ගමන් කල හැක.,1 +#15. 2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකානු ප්‍රධාන පෙලේ ආරක්ෂක ස්ථාන වලට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ජනපතිගේ ආරක්ෂක ස්ථානය වූයේත් Air Force One යානයයි.,1 +ගුවන් ගමනට වඩා සැපපහසු ආරක්ෂිත ආකාරයටයි ඔබාමාගේ නිල රථය Cadillac One නිපදවා ඇත්තේ.,1 +#16. Cadillac Limo මෝටර් රථයක පෙනුම තිබුනත් මේ රථයේ එංජිම ට්‍රක් රථ එංජිමක්.,1 +#17. නිල රථයේ දොරක බර = බොයිං 757 යානයක දොරක බර,1 +අඟල් 8ක් ඝණකම ඇති මෝටර් රථයේ වීදුරු අඟල් 5ක් පමණ ඝණකමකින් යුක්තයි.,1 +#18. මේ කාරය මිසයි��� ප්‍රහාරයකට වුවත් පහසුවෙන් ඔරොත්තු දෙයි.,1 +#19. අංශක 180ක කෝණයකින් මෝටර් රථය හැරවිය හැකි අතර ජනපති ඔබාමාට න්‍යශ්ඨික ප්‍රහාරයක් පවා සිය මෝටර් රථයේ සිට මෙහෙයවිය හැක.,1 +#20. ඇමරිකානු ජනපතිගේ ඉන්දීය ගමනේ වැඩකටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන ගණනක් වැයවේ.,1 +ඉන්දීය පුවත් වාර්ථා කරන අයුරින් ඔබාමාගේ ඉන්දීය සංචාරයේ කටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන 200කට අධික මුදලක් වැයවේ. (රුපියල් කෝටි 2644කට ආසන්න මුදලක්),1 +මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉන් අනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.,1 +යම් යම් පාර්ශවයන්ගේ ඉල්ලීම මත මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ වන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපති බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.,1 +එම සංශෝධන කෙටුම්පතේ ඉදිරි කටයුතු ඊළඟ පාර්ලිමේන්තුවේදී තවදුරටත් කරගෙන යෑමට ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුවක් ලෙසද බලාපොරොත්තු වන බව ඔහු අවධාරණය කළේය.,1 +"එසේම දින සියය තුළ ආණ්ඩුව විසින් සිදු කිරීමට තිබු සියල්ල අවසන් බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වාගෙන යෑමෙන් ප්‍රායෝගිකව ප්‍රතිඵලයක් නොමැති බවත්, ආණ්ඩුවේ ස්ථාවරයද පාර්ලිමේන්තුව විසිරුවාහැරීම බවද ඒ මහතා අද දෙරණට සඳහන් කළේය",1 +එමෙන්ම විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් යොමු කරන ලද විශ්වාසභංග යෝජනාව ඉතාමත් අඥාදායක ක්‍රියාවක් බවද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය.,1 +"ඒ මහතා සඳහන් කර සිටියේ අගමැතිව‍රයා පවසන්නේද ආණ්ඩුව විසිරුව හැරිය යුතුව ඇති බවත්, එසේ තිබියදීත් විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ තේරුම ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ වැටහීමක් නොමැති බවයි.",1 +එහි ඇති ඛේදජනක තත්ත්වය වනුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ එ.ජා.පයෙන් තරඟකර මේ වන විට විපක්ෂයේ සිටින පුද්ගලයින් පවා අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම බවද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් අද දෙරණ සමඟ සඳහන් කර සිටියේය.,1 +නාරාහෙන්පිට අභයාරාමය මැතිවරණ කාර්යාලයක් නොව පන්සලක් බව හිටපු ජනාධිපති මහින්ද රා���පක්ෂ මහතා පවසයි.,1 +වෙන්නප්පුවේ හා කුලියාපිටියේ පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අද හිටපු ජනාධිපතිවරයා මුණ ගැසුණු අතර අනතුරුව මාධ්‍යවේදීන් විසින් නාරාහෙන්පිට අභයාරාමය දේශපාලන කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන හිටපු ජනපතිගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ හෙතෙම මේ බව පැවසීය.,1 +තමන් මුණ ගැසීමට නිතරම ජනතාව පැමිණෙන නිසා අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් එම කටයුතුවලට තමාට අවසර දුන් බව එහිදී හිටපු ජනාධිපතිවරයා කීවේය.,1 +තමන් නිතර පන්සල් ඇසුරු කරන අයෙකු බවද හෙතෙම පැහැදිලි කළේය.,1 +ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් පවත්වාගෙන ගිය බව කියන සිරිලිය ගිණුම ගැන මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති කියා සිටියේ එය ඇසිය යුත්තේ යහපාලනයෙන් තමා යනුවෙනි.,1 +"එම ගිණුමේ ආණ්ඩුවේ සල්ලි ඇත්තේත් නැති බවත්, දීලත් නැති බවත්, හෙතෙම කීවේය.",1 +පසුගියදා ශ්‍රීලනිප මාධ්‍ය හමුවකදී බෙදාහැරි “ මේ ගැනත් සිතන්න” පොත සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් හිටපු ජනපතිගෙන් ප්‍රශ්න කළේය.,1 +"තමන් පොත ගැන දන්නේ නැති බවත්, එය තමන් දුටුවේ මාධ්‍යයෙන් බවත්, ‍හෙතෙම පැවසුවේය.",1 +සුසිල් ප්‍රේම් ජයන්ත් හා අනුර ප්‍රියදර්ශන යාපා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමේ රාවයක් ගැන ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට රාජපක්ෂ මහතා කියා සිටියේ එවැන්නක් සිදුකරාවි යයි තමන් නොසිතන බවයි.,1 +"ඉදිරි මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නොලැබෙන බවක් පැවසෙන බව මාධ්‍යවේදීන් කියද්දී තමන් නාමයෝජනා ඉල්ලුවේ නැති බවත්, නාමයෝජනා ඉල්ලුවේ කවුදැයි යනුවෙනුත් හෙතෙම ප්‍රශ්න කළේය.",1 +අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාට බාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.,1 +එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 112 දෙනෙකු අත්සන් තබා ඇතැයිද ඒ මහතා අද දෙරණට පැවසීය.,1 +අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව පසුගිය දිනවලදී විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් මාධ්‍ය හමු කිහිපයකදීම අවධාරණය කරන ලදී.,1 +මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබුණේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය කථානායකවරයාට ඊයේ රාත්‍රී බාරදුන් බවයි.,1 +ඊට මන්ත්‍රීන් 113 දෙනෙකු අත්සන් තබා ඇති බවද හෙතෙම පැවසීය.,1 +ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාති��� පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු අවබෝධතා ගිවිසුමකට එළඹ නොමැති බව විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි.,1 +"එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් සඳහා ගිවිසුමකට එළඹ ඇති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවත්, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පැවති උත්සවයකදී ප්‍රකාශ කර ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේය.",1 +අදාළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත්කරමින් පවසන විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා එවැනි ගිවිසුමක් ඇත්නම් එය ප්‍රසිද්ධියට පත්කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් ද කරයි.,1 +ඉදිරි මහ මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට අනිවර්යෙන්ම මුහුණ පෑමට සිදුවන දැවැන්ත පරාජය දැන දැන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ විපක්ෂ ක්‍රියාකාරින් අධෛර්යට පත් කිරිමේ අරමුණින් සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි ප්‍රකාශ සිදුකරන බව විපක්ෂ නායකවරයා පවසයි.,1 +එමෙන්ම රටේ මීළඟ අගමැතිවරයා තීරණය කරනුයේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නොව එළඹෙන මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන ජනතාව බව ඔහු පෙන්වාදෙයි.,1 +ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකායන බලාපොරොත්තුව හා අභිප්‍රාය වනුයේ ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රතිගාමි බලවේග පරාජයට පත්කර එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් බිහි කිරීම බව විපක්ෂ නායකවරයා පවසයි.,1 +එම පරාජය පිළිගැනිමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩු සංකල්පයට මුලාවී ඉදිරි මැතිවරණයට මුහුණදීමට කටයුතු කිරීම හාස්‍යයක් බව නිමල් සිරිපාල සිල්වා මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.,1 +"ලෝක පරිසර දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, මැදිරිගිරිය වටදාගෙය පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවත්විණ.",1 +"උත්සවය සඳහා පරිසර රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.",1 +එහිදී සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ පරිසරය සුරැකීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.,1 +පසුගිය රජය සමයේ පරිසර හානි විශාල ප්‍රමාණයක් සිදුව ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට එවැනි සිදුවීම් සිදුනොවීමට වගබලා ගන්නා බව ප්‍රකාශ කර ඇත.,1 +ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් වටදාගෙය පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය. භාවිතයෙන් ඉවත්කරන ලද ජංගම දුරකථන අපහරණය කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමද මෙහිදී සිදු විය.,1 +මීගොල්ලෑව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සනිටුහන් කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය මගින් මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව වෙත ට්‍රැක්ටර් රථයක් ප්‍රදානය කිරීමට අදාළ යතුර භාරදීමද ජනාධිපතිතුමා අතින් සිදු විණ.,1 +"මැදිරිගිරිය ජාතික පාසලට පාසල් උපකරණ ලබාදීම, ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් සංවිධානය කළ කෙටි චිත්‍රපට උළෙලේ ජයග්‍රාහකයින්ට තිළිණ ප්‍රදානය කිරීම, ගොවි උපකරණ කට්ටල ප්‍රදානය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ජගත් පරිසර දින සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබුණි.",1 +"රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.",1 +ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් තෝරා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සතියකින් දීර්ඝ කර තිබේ.,1 +අද දිනයේ අයදුම්පත් කැඳවීම අවසන් වීමට නියමිතව තිබුණද බොහෝ පිරිසකගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.,1 +පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අයදුම්පත් කැදවීම ලබන 10 වැනිදා අවසන්වීමට නියමිතය.,1 +ජනාධිපතිවරණය සමයේ අනවශ්‍ය වියදම් හා නාස්තිය සම්බන්ධව කතා කළ හිරුණිකා මේවනවිට ගමනාගමනය සඳහා යොදාගන්නේ හෙලිකොප්ටර් බව ෆේස්බුක් පිටුවක් ඔස්සේ පසුගිය දිනක ඇයගේ ඡායාරූපයක් සහිතව චෝදනා නගා තිබුණි.,1 +නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිරුණිකා ෆේස්බුක් සටහනක් තබා කියා ඇත්තේ එම ඡායාරූපය සිටින්නේ තමා නොවන බවයි.,1 +ගුවනින් ගමන් කිරීමට තමා බියක් දක්වන නිසාවෙන් ඇය හෙලිකොප්ටර් වලින් ගමන් නොකරන බව එහි දක්වා තිබේ.,1 +ඇය එය සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබු අයුරු ප���තින්,1 +අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීන් 81 දෙනෙකු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.,1 +එම යෝජනාවේ මන්ත්‍රීන් 114 දෙනෙකු අත්සන් කර ඇති බව පැවසුණත් තමන්ට වාර්තා වී ඇති පරිදි එහි අත්සන් තබා ඇත්තේ 81 දෙනෙකු යැයි අරලියගහ මන්දිරයේ අද පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේය.,1 +එම මන්ත්‍රීන් 81 දෙනාගෙන් 15 දෙනෙකුද ඊට අත්සන් තබා නැතැයි පවසා ඇති බවක් දැනගන්නට ඇතැයිද ඒ මහතා එහිදී කිවේය.,1 +කෙසේ වුවද එකී විශ්වාසභංගය ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන බවද ඇමතිවරයා අවධාරණය කළේය.,1 +මෛත්‍රී - රනිල් එකමුතුවෙන් ගොඩනැඟුණු ආණ්ඩුවෙන් ජනතාවට සහන ලබාදෙන දෙන විටදී මහින්ද රාජපක්ෂ මහතාට සහන දීමට නොහැකි වූ නිසා මෙලෙස විශ්වාසභංග ගෙන එන බව ඒ මහතා චෝදනා කළේය.,1 +මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහි වීශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීම සඳහා මන්ත්‍රීවරුන් 120 දෙනෙකු ඊට එකඟතාව පළ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද පැවසීය.,1 +කොළඹදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර එම මාධ්‍ය හමුවට එක්වූ මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසුවේ අදාළ විශ්වාසභංගයෙන් අගමැතිවරයා ඉවත් කර විකල්ප රජයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවයි.,1 +"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්මත වූ පසු කැබිනට්ටුව විසුරුවා හැරෙන බවත්, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත හිමි පුද්ගලයාට අගමැති තනතුර ලබාදිය යුතු බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.",1 +මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගෙන එනවායැයි පසුගියදා මහත් ප්‍රසිද්ධියක් ලබාදුන් විශ්වාසභංග යෝජනාව අද පස්වරුවේදී කතානායක චමල් රාජපක්ෂ මහතාට භාරදී තිබේ.,1 +මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 කට වැඩි ගණනකගේ අත්සනින් භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා පැවසීය.,1 +ඔහු සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද අත්සන් තබා ඇති බවයි.,1 +මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට පාර්ලිමේ��්තු මන්ත්‍රීවරු පිරිසක් සූදානම් වේ.,1 +අද උදෑසන අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙම යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 90 ක් පමණ මේ වනවිට අත්සන් තබා තිබෙන බවයි.,1 +විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කරුණු ගැන සඳහන් කරමින් මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ට බෙදාදුන් ලේඛනය මෙන්න!,1 +ලෝකවාසී බෞද්ධයින් වෙසක් මංගල්‍යයට සූදානම් වෙද්දී සමස්ත බ්‍රිතාන්‍යයම තවත් රාජකීය දරු උපතක සතුට සැමරීමට සූදානම් වන බවත් එංගලන්තයේ විලියම් කුමරුගේ ප්‍රිය බිරිඳ කේට් මිඩ්ල්ටන් සිය දෙවන දරු උපත සිදුකිරීම සඳහා අද අළුයම රෝහල් ගතවූ බවත් වාර්තා වේ.,1 +විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එංගලන්ත වේලාවෙන් අද අලුයම 6.00 ට පමණ කේට් කුමරිය රෝහල් ගතව ඇතැයි රජ මාළිගය නිවේදනය කළ බවයි.,1 +කේට් කුමරිය මෙවර බිහි කරන්නේ පුතෙක්ද ? දුවෙක්ද ? යන්න පිළිබඳව එංගලන්ත වැසියන් ඕටටු පවා අල්ලමින් සිටින බවත් මෙම රාජකීය දරු උපත සැමරීමට එංගලන්ත වැසියන් සූදානමින් සිටින බවත් මෙම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.,1 +32 වැනි වියේ පසුවන විලියම් කුමරු සහ 33 වනවියේ පසුවන කේට් කුමරිය මෙවර උපදින්නේ පුතෙකුද දියණියදැයි නොදන්නා බවත් ඒ බව හඳුනාගැනීමේ වෛද්‍ය පරීක්ෂණයකට ඇය සහභාගී නොවුණු බවත් වැඩිදුරටත් වාර්තා වේ.,1 +ශ්‍රී ලංකාවේ නව රජය සිදුකරමින් තිබෙන වැදගත් ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණික සහාය ලබාදීමට ඇමරිකාව සූදානම් යැයි අද පෙරවරුවේදී ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී පැවසීය.,1 +මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ ශ්‍රී ලාංකිකයින් නීති විරෝධී ආකාරයෙන් විදේශයන්හි සඟවා තිබෙන වත්කම් සෙවීම සඳහා වත්මන් රජය ඇමරිකාවේ සහ ඉන්දියාවේ සහයෝගය ඉල්ලා තිබෙන බවයි.,1 +"මේ අනුව, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරන තාක්ෂණික සහයෝගය ලාංකිකයින් විදේශයන්හි සඟවා ඇතැයි කියන වත්කම් සොයා ගැනීමේ මෙහෙයුම සඳහා ඉතාමත් ඉහළින් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකිය.",1 +"මේ අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය නැංවීම, ආයෝජන කටයුතු පුළුල් කිරීම මෙන්ම සබඳතා වර්ධනය කර ගැනීම සඳහා මෙරටට සහයෝගය ලබාදීමට ඇමරිකාව සූදානම් බවයි.",1 +ශ්‍රී ලංකාව සමග තිබෙන සම්බන්ධතාවය තවදුරටත් පුළුල් කිරීමට ඇමරිකාව සූදානම් බවත් ආර්ථික වශයෙන් ලංකාව සමග තිබෙන බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමට ඇමරිකාව කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.,1 +"ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිලදී ගන්නා ප්‍රමුඛතම රටක් වන ඇමරිකාව විසින් 2013 වසරේදී ඩොලර් බිලියන 2.5 ක් වටිනා මෙරට අපනයන මිලදීගෙන තිබෙන අතර ලංකාව ඇමරිකාවෙන් එම වසරේදී ගෙන්වා තිබෙන්නේ ඩොලර් මිලියන 314 ක් වටිනා භාණ්ඩ පමණි. මේ අනුව, දෙරට අතර ද්විපාර්ශවික වෙළඳාමේදී වැඩි වාසි තිබෙන්නේ ලංකාව පාර්ශවයටයි.",1 +පසුගිය රජය චීනයට වඩාත් හිතවාදීවීම පිළිබඳව ඇමරිකාව එතරම් කැමැත්තක් නොදැක්වූ අතර නව රජය චීනයට වඩාත් නැඹුරුවීමේ ප්‍රතිපත්තියෙන් බැහැරවී ඇත.,1 +චීන සමාගම් විසින් ලංකාවේ සිදුකරන යටිතල පහසුකම් ව්‍යාපෘති නැවත ඇගයීමට නව රජය තීන්දුකර තිබෙන අතර පසුගිය රජයට වඩා වත්මන් රජය ඇමරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.,1 +මීට පෙර 2005 වසරේදී එවක ඇමරිකානු රාජ්‍ය ලේකම් ධූරය දැරූ කොලින් පවෙල් ලංකාවේ සංචාරය කළේය.,1 +"ජෝන් කෙරී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ ජනතාවගේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිතය.",1 +බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුට සහ පළමු බිරිඳ වූ ඩයනා කුමරියට දාව විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාට පෙර රහසිගතව දියණියක් බිහි වූ බවට අමෙරිකානු සඟරාවක තොරතුරු පළ කර තිබේ.,1 +"Globe නමැති අදාළ සඟරාවෙහි දක්වා ඇත්තේ, සාරා නමැති එම දියණිය මේ වන විට 33 වන වියේ පසුවන බව ය.",1 +මෑතකදී විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් අමෙරිකාවට පැමිණ සාරා හමුවූ බව ද එම සඟරාවෙහි සඳහන් කර තිබේ.,1 +"මෙම පුවත සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නැතත්, ඊට අදාළ තොරතුරු කිහිපයක් එම සඟරාව හෙළි කර ඇත.",1 +"එහි දක්වා ඇත්තේ, චාර්ල්ස්ගේ ශුක්‍රානු සෛල සහ ඩයනාගේ ඩිම්බ සෛල එක් කර කළලයක් නිපදවා ඇති අතර එය දැරියක බිහි වන කළලයක් බව හඳුනා ගැනීමෙන් පසුව එම කළලය විනාශ කිරීමට උපදෙස් දී ඇති බව ය.",1 +"එහෙත්, එම කළලය විනාශ නොකළ වෛද්‍යවරයෙකු එය සිය බිරිඳගේ කුසෙහි තැන්පත් කළ බව එම වාර්තාවෙහි සඳහන් වේ.",1 +"මෙම සිද්ධිය සිදුව ඇත්තේ, ඩයනා 19 වන වියේ පසුවද්දී ය.",1 +"ඒ අනුව, අදාළ වෛද්‍යවරයාගේ බිරිඳගේ කුසෙහි තැන්පත් කළ කළලයෙන් සාරා නමැති දැරිය බිහිවී තිබේ.",1 +‍,1 +විද්‍යා ප්‍රබන්ධ කතාවක් සේ හැඟෙන මෙම සිද්ධිය ප්‍රචාරය කිරීමෙන් පසුව එය සාවද්‍ය බවට කිසිදු ප්‍රකාශය��් මෙතෙක් කර නොමැත.,1 +අමෙරිකානු ජනපති බරැක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා හිටිහැටියේ ලෝකයේ ආකර්ෂණය දිනා ගන්නා ආකාරයේ කටයුතුවල නිරත වන තැනැත්තියක් බව අපි දනිමු.,1 +මෙය ද එවැනි ක්‍රියාවකි.,1 +137 වන වරට ධවල මන්දිරයේදී පැවති පාස්කු මංගල්‍යයට සමගාමීව මෙම විශේෂ නර්තනය පැවැත්විණි.,1 +කුඩා දරුවන්ගේ ස්ථුලභාවය අඩු කිරීම සඳහා ඇය ක්‍රියාත්මක කරන “Let’s Move!” ව්‍යාපාරයේ පස් වන සංවත්සරය ද එහිදී සැමරිණි.,1 +ඇය මෙම නර්තනය තුළින් ඇගේ නර්තන හැකියාව ලෝවට ම ප්‍රදර්ශනය කිරීමට සමත් විය.,1 +එපමණක් නොව නර්තනය තුළින් ස්ථුලභාවය අවම කර ගත හැකි බව ලොවට පෙන්වා දීම ද මෙහි අරමුණක් විය.,1 +ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වූ සුදර්මන් රදලියගොඩ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.,1 +"ඒ, පෙබරවාරි 24 වන දා දක්වා ය.",1 +පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.,1 +"කොළඹ 07, නෙළුම් පොකුණ මාවත අද සිට යළි ත් ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස නම් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.",1 +"ඒ අනුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද එම මාර්ගය යළි ත් ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස යළි විවෘත කෙරෙනු ඇත.",1 +"ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස නම් කර තිබූ කොළඹ 07, හෝර්ටන් වටරවුම හා පුස්තකාල වටරවුම අතර කොටස 2011 දෙසැම්බර් 15 වන දා ‘නෙළුම් පොකුණ මාවත’ ලෙස නම් කෙරිණ.",1 +1877 අගෝස්තු 22 උපත ලද ආනන්ද කුමාරස්වාමි මහතා ඉන්දීය කලාව පිළිබඳ පුරෝගාමී ශ්‍රී ලාංකික ඉතිහාසඥයෙකු මෙන් ම කලාව පිළිබඳ දර්ශනවාදියෙකු ද විය.,1 +මෙරට ප්‍රවීණ කලාකරුවන් රැසක් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කළහ.,1 +"ඊයේ පැවති අදාළ රැස්වීම මහාචාර්ය සරත් ‍විජේසූරිය, පරාක්‍රම නිරිඇල්ල, ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ ඇතුළු ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.",1 +අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන් මහත් ආන්දෝලයකට ලක්වූ ලෝක නායකයෙකි.,1 +"ඒ, මොනිකා ලෙවින්ස්කි නමැති සේවිකාවක සමග පැවති සබඳතාව සමස්ත ලෝකයට ම අනාවරණය වීම හේතුවෙනි.",1 +එම මතභේදාත්මක සිද්ධිය හරහා ඔහුගේ දෙබිඩි ජීවිතය ලෝකය හමුවේ නිරුවත් විය.,1 +එය ඔහුගේ දේශපාලන ගමන් මගට පමණක් නොව ඔහු නියෝජනය කළ ඩිමොක්‍රටික් පක්ෂයට ද බලපෑමක් විය.,1 +එවන් අතීතයක් ඇති බිල් ක්ලින්ටන්ගේ චරිතය ඇසුරින් ඔස්ට්‍රේලියානු සොහොයුරන් දෙදෙනෙකු වන පෝල් හොජ් සහ මයිකල් හොජ් (Paul and Michael Hodge) සංගීතමය නාට්‍යයක් නිෂ්පාදනය කර තිබේ.,1 +"එය නම් කර ඇත්තේ, Bill Clinton the Musical යනුවෙනි.",1 +"නිෂ්පාදකයින් පවසන්නේ, බිල් ක්ලින්ටන්ගේ පාලන සමයේ ධවල මන්දිරය ක්‍රියාත්මක වූ ආකාරය හාස්‍යෝත්පාදක ආකාරයෙන් ඉදිරිපත් කිරීම මෙහි අරමුණ බව ය.",1 +මෙම නාට්‍යය මගින් බිල් ක්ලින්ටන් සතුව පැවති ‘දෙබිඩි චරිතය’ නිරූපණය කිරීම සඳහා නළුවන් දෙදෙනෙකු යොදාගෙන තිබේ.,1 +සිරියානු අර්බුදය පිළිබඳව ජෝර්දානයේ “Seven Stars” නමැති රූපවාහිනී සේවයක විකාශය වූ සජීවී විවාදයකදී ඒ සඳහා සහභාගි වී සිටි ආරාධිතයින් දෙදෙනා අතර ගුටි කෙළියක් ඇති වී තිබේ.,1 +"මෙම ගුටිබැට හුවමාරුව සිදුවූයේ, ෂේකර් අල් ජොහාරි සහ මොහොමඩ් අල් ජයෝසි අතර ය.",1 +සිරියානු ජනාධිපතිවරයාට එරෙහිව කැරලිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පැවති මෙම විවාදය පසුව සිරියානු යුද්ධය මෙන් උත්සන්න විය.,1 +එහිදී නැගී සිටි ඔවුහු මැදිරියේ තබා තිබූ මේසය ඔසවා එකිනෙකාට පහර දුන්හ.,1 +(මෙම වීඩියෝව මෙම පිටුවෙහි සිට නැරඹීමට නොහැකි නම් වීඩියෝවෙහි link එක click කර youtube තුළින් නරඹන්න),1 +එන මහ මැතිවරණයේදී තමන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ අගමැති ධුරය සඳහා තරඟ කර ඔහු පරාජයට පත් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.,1 +ඔහු පවසන්නේ 2005 වසරේදී තමන් ජනාධිපතිවරණයෙන් පැරදුනේ මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රභාකරන්ට මුදල් දුන් නිසා බවත් මෙවර එසේ මුදල් දෙන්නට ප‍්‍රභාකරන් නැති බවත්ය.,1 +අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හා ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් මගින් අදහස් පල කර ඇත.,1 +මෙහි දැක්වෙන්නේ එම සම්පුර්ණ නිවේදනයයි.,1 +අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව..,1 +පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගෙන් හරි අඩක් අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවකට අත්සන් කොට තිබේ. වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ මුලූ ඉතිහාසය පුරාම මෙතරම් විශාල මන්ත‍්‍රීවරු ප‍්‍රතිශතයක් විශ්වාස භංග යෝජනාවකට අත්සන් තැබූ මුල් අවස්ථාව මෙය විය හැක. මෙවන් තත්වයක් උද්ගත වීම ගැන මම මවිත නොවන්නේ මේ ආණ්ඩුවේ සදාචාර විරෝධී හැසිරීම මමද සෘජුවම අත්දැක තිබෙන නිසාය. මීට සතියකට පමණ පෙර මහා මාර්ග අමාත්‍යංශය විසින් ණයට ගත් රුපියල් බිලියන 28 ක මුදලක් මහාමාර්ග තැනීමට නොව හෙලිකොප්ටර් ගමන් යෑමට හා දන්සැල් පැවැත්වීම වැනි වෙනත් කටයුතු සඳහා මා විසින් අවභාවිතයට ලක් කර තිබෙන බව අගමැතිවරයා මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර සිටියේය.,1 +"නමුත් මහාමාර්ග අමාත්‍යංශයේ ලියවිලි වලින් ජාතික ඉතිරිකිරිමේ බැංකුවෙන් ලබා ගත් මෙම කෙටි කාලීන ණය මුදල වියදම් වූ ආකාරය පැහැදිලි වෙයි. ඉන් රුපියල් බිලියන 6.5 ක් වැය කොට තිබුණේ පිටත වටරවුම් මාරගය හා ”එක්සත් රාජධානියේ යකඩ පාලම් ව්‍යාපෘතිය” ඇතුලූ විදේශීය මූල්‍ය ප‍්‍රතිපාදන මත ඉදි කෙරෙන ව්‍යාපෘති 22 ක දේශීය පංගුව ගෙවීමටය. තවත් රුපියල් බිලියන 14 ක් මාර්ග පළල් කිරීම හා වැඩිදියුණු කිරීමටත්, රුපියල් බිලියන 4 ක් පාලම් නඩත්තුව හා අලූත්වැඩියාවටත්, අවසන් බිලියන් 3.7 මගනැගුම ග‍්‍රාමීය මාර්ග ව්‍යාපෘතිය සඳහාත් යොදවා ඇත. මේ බිලියන 28 ක මුදල මහා මාර්ග වලට නොව වෙනත් කටයුතු වලට අවභාවිත කර තිබෙනවා යැයි අගමැතිවැයා කී කතාව සම්පූර්ණ මුසාවකි.",1 +"මාගේ පාලන සමයේ රජයේ මුදල් අවභාවිතය ගැන සාවද්‍ය ප‍්‍රචාර ගෙන යන අතර වත්මන් අණ්ඩුව භණාඩාගාර බැදුම්කර මගඩියක් හරහා රටට බිලියන 50ක පාඩුවක් දැනටම සිදුකොට ඇත. මේ අතරතුර මෑතකදී පිහිටුවන ලද කැබිනට් අනු කමිටුවකට සෘජුවම වගකියන ”ගෙස්ටාපෝ” තාලයේ පොලිස් ඒකකය හරහා මේ ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් බන්ධනාගාර ගත කරමින් සිටී. වත්මන් අණ්ඩුව යටතේ සිදු කෙරෙන බොරු ප‍්‍රචාර, මහා පරිමාණ දුෂනය හා පෙර නොවූ විරූ ආකාරයේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම මේ ෙඓතිහාසික විශ්වාස භංග යෝජනාවට හේතුවී ඇත.",1 +මහින්ද රාජපක්‍ෂ,1 +හිටපු ජනාධිපති,1 +පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 112ක අත්සනින් යුතුය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට අත්සන් තැබූ මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් කනගාටුවෙන් සිටින්නේ යයි ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.,1 +ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී ඊට අත්සන් තැබූ මැති ඇමැතිවරුන් 35 දෙනකු සිය අත්සන් ඉල්ලා අස්කර ගැනීම සිදුවනු ඇති බවයි.,1 +"ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉදිකිරිම්, ඉංජිනේරැ සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරය දරන විට දිනපොත් හා දින දර්ශන මුද්‍රණයේදී මුදල් අවභාවිතා වූ බවට හැගෙන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් එම පක්ෂය නිවේදනයක් නික���ත්කර තිබේ.",1 +පක්ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතාගේ අත්සනින් නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේද සදහන් වේ.,1 +"‘‘අප පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දැරූ ඉදිකිරිම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයෙන් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණයේදී මුදල් අවභාවිතයක් සිදුව අති බවට චෝදනා ඉදිරිපත්ව තිබේ.",1 +එම චෝදනා විවිධ මාධ්‍ය ඔසසේ ප‍්‍රචාරය වූ අතර එමගින් ජනතාව තුළ ඇතිවිය හැකි වැරදි අවබෝධය දුරලනු වස් පහත සඳහන් පැහැදිලි කිරීම ඉදිරිපත් කරන්නෙමු.,1 +"පළමුව, ඉදිකිරිම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය මගින් 2015 වසර සඳහා දිනපොත් හා දින දර්ශන මුද්‍රණය වෙනුවෙන් රුපියල් මිලියන 140ක මුදලක් වැය කර ඇති බවට කරන චෝදනාව තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 14කි. එම මුදල වැයකර දිනපොත් හා දින දර්ශන මුද්‍රණය කර ඇත්තේ අමාත්‍යාංශය හා ඒ යටතේ පැවති ජාතින නිවාස සංවර්ධන අධිකාරිය, ශ‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන 10ක් වෙනුවෙනි.",1 +අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතන සියල්ල වෙනුවෙන් එක් දිනපොතක් හා එක් දිනදර්ශනයක් මුද්‍රණය කරනු ලැබූවේද පිරිවැය අඩුකර ගැනීමේ අරමුණෙනි. මෙම කටයුත්තේදී නිසි පරිදි ටෙන්ඩර් කැඳවා ලැබුණු අයදුම්පත‍්‍ර අතුරින් අවම මිල ගණන් ඉදිරිපත් කළ නුගේගොඩ ඉමාෂි ආයතනය වෙත මුද්‍රණ ටෙන්ඩරය ලබා දී ඇත. මුද්‍රණයෙන් අනතුරුව එම දින දර්ශන හා දිනපොත් සියල්ල ඉහත කී ආයතන 10ට ඇණවුම් කළ පරිදි බෙදා දී ඒ බවට මුද්‍රණකරු අදාළ ආයතන බලධාරීන්ගෙන් අත්සන්ද ලබාගෙන තිබේ.,1 +"මෙසේ නිසි ක‍්‍රමවේද අනුගමනයකර තිබියදී ඉදිරිපත් කරනු ලබන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන්නෙමු. මෙම කරුණද මින් පෙර ඉදිරිපත් කරනු ලැබූ මඩ, අවලාද ගොන්නට එක් වන්නක් මිස අන් කිසිවක් නොවේ. මෙවැනි අසත්‍ය කරුණුවලට නොරැවටෙන ලෙස සියලූ ප‍්‍රගතිශිලී ජනකොටස් වෙතින් ඉල්ලා සිටින්නෙමු.",1 +මොහොමඞ් මුසම්මිල්,1 +"හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී,",1 +ප‍්‍රචාරක ලේකම්,1 +ජාතික නිදහස් පෙරමුණ,1 +20 වන සංශෝධනය සඳහා සන්ධානයේ ඇතැම් කණ්ඩායම් සහයෝගය නොදෙන බැවින් වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැඳවිය යුතු බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.,1 +ගල්ගමුවේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඕනෑම අවස්ථාවක මැතිවරණයකට මුහුණ ���ිමට තම පක්ෂය සුදානම් බවයි.,1 +ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පිරිස් තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් ඇති බවද කී අගමැතිවරයා අවශ්‍ය නම් ඕනෑම මොහොතක ඡන්දයකට යාමට සූදානම් බව ද එහි දී කියා සිටියේය.,1 +අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හා යහපාලන රජයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග‍්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි.,1 +ඔහු පවසන්නේ ඉන් අනතුරුව නව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන බවයි.,1 +එජාපය සමග පවුල් කෑම තමනට නම් අරහන යයි ශ‍්‍රීලනිප උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.,1 +කළුතරදී පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙසේද කියා සිටියේය.,1 +‘මහින්ද මහත්තයාගේ ගුණසුවද මං දන්නවා. යුද්ධෙ කරපු හැටිත් රට සංවර්ධනය කරපු හැටිත් මං දන්නවා. මට දැන් අවුරුදු 33ක් වෙනවා ශ‍්‍රීලනිපයට එකතු වෙලා. අපි මැතිවරණ වලට බය නෑ.,1 +මැතිනිය සාමාජිකත්වය මට දෙද්දී කීවේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. යූ. එන්. පී. ය සමග හවුල් ආණ්ඩු වලට යන්න එපා කියලා. මම ඒ අවවාදය අදත් පිළි පදිනවා. ඒකයි මම ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කිවුවේ කෙලින්ම මම ඔය හවුලට මම විරුද්ධයි. මගේ විරුද්ධත්වය ලිය ගන්න කියලා දොට්ට බැස්සේ’ යයිද ඔහු එහිදී කියා සිටියේය.,1 +එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට පෙර නීත්‍යනුකූල ලෙස මුස්ලිම් පරිපාලන දිස්ත‍්‍රික්ක ලබා දෙන ලෙස ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඉල්ලා සිටී.,1 +ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම පක්‍ෂ සභාපති බෂීර් සේගුදාවුද් මහතා පෙන්වා දෙන්නේ පසුගිය ජනාදිපතිවරණයේදී මුස්ලාම් කොංග‍්‍රසය පොදු අපේක්‍ෂකයාට සහාය දැක්වූයේ මෙම අපේක්‍ෂාව පෙරදැරිව බවත්ය.,1 +"එන මහ මැතිවරණය සඳහා සන්ධානයෙන් තරඟ කිරීමට ජාතික හෙළ උරුමය දිස්ත‍්‍රික්ක 18කට අපේක්ෂකයන් 30 දෙනෙකුට අවස්ථාව ඉල්ලා තිබේ.ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්කවලට අපේක්ෂකයන් 3 දෙනා බැගින් අනුරාධපුර, මහනුවර, රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල දිස්ත‍්‍රික්ක වලට දෙදෙනා බැගින් හා අනෙක් දිස්ත‍්‍රික්ක 11ට එක් අපේක්ෂකයෙකු බැගින්ද ඉදිරිපත් කීරීම ඔවුන් අවස්ථාව ඉල්ලා ඇත.",1 +"ලංකා සම සමාජ පක්ෂයද අපේක්ෂකයන් 16 දෙනෙකු ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලා ඇත්තේ කෑගල්ල ගාල්ල දිස්ත‍්‍රික්ක වෙනුවෙන් අපේක්ෂකයන් දෙදෙනා බැගින්ද කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මහනුවර, කුරුණෑගල, බදුල්ල, මොනරාගල සහ මුලතිව් දිස්ත‍්‍රික්ක වලින් එක් අපේක්ෂකයෙකු බැගින් වන ලෙසයි.",1 +විශ්වාස භංග යෝජනාවක් එල්ල වී ඇති අගැමති රනිල් වික‍්‍රමසිංහ මහතා නම්බු පිටින් ධුරයෙන් ඉල්ලා අස්වීම වඩාත් සුදුසු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.,1 +ඔහු පවසන්නේ අගමැතිවරයා එසේ නිහතමානී වන්නේ නැතිනම් පාර්ලිමේන්තු බහුතරයෙන් විශ්වාසභංගය සම්මත කර දැමීමට තම පිරිස සූදානම් බවත් එසේ පන්නා දමන තෙක් ආඩම්බර පුරාජේරු කතා කියමින් සිටිය හැකි බවයි.,1 +අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහාය පල කිරීම සඳහා මේ වන විට මන්ත‍්‍රීවරුන් 120කට වැඩි පිරිසක් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.,1 +ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අත්සන් 112ක් පමණක් ලබා ගත්තේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කර මහ ජනතාව ඒ සඳහා දැනුවත් කල යුතු නිසා බවයි.,1 +එම යෝජනාවට හොර අත්සන් ගසා ඇතැයි මුදල් ඇමතිවරයා විසින් එල්ල කරන චෝදනාවට මන්ත‍්‍රිවරයා කියා සිටියේ එසේ නම් ආණ්ඩුවට ඇත්තේ නොබියව විශ්වාසභංගයට දින නියම කර ඒ සඳහා ඡුන්ද විමසීමක් පැවැත්වීම බවයි.,1 +පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 112ක් අත්සන් තබා ඇතැයි කියුවද ඊට සත්‍යවශයෙන්ම අත්සන් තබා ඇත්තේ 81 දෙනෙකු බව මුදල් ඇමති රවි කරුණානානයක මහතා පවසයි.,1 +අරලියලහ මන්දරියේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ එම මන්ත්‍රීන් 81 දෙනාගෙන්ද 15 දෙනෙකු ඊට අත්සන් තබා නැතැයි පවසා ඇති බවක් දැනගන්නට ඇති බවයි.,1 +යහපාලන ආණ්ඩුවෙන් ජනතාවට සහන ලබාදෙන විට විශ්වාසභංග ගෙන එන බවටද ඒ මහතා එහිදී චෝදනා කළේය.,1 +පාර්ලිමේන්තුව විසුරුවා හැරි වහාම අපේක්‍ෂකයන් තේරීමේ නාමයෝජනා මණ්‌ඩල පත්කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දක්‌වන ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත.,1 +ආණ්‌ඩුවට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විශාල පිරිසක්‌ හා එක්‌සත් ජාතික පක්‍ෂයේ කිහිපදෙනකු මහ මැතිවරණයේදී රාජපක්‍ෂ මහතාට සහාය දීමට සූදානමින් සිටින නිසා ඔවුන්ගේ ඉල්ලීම මත මෙම පියවර ගෙන ඇති බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ පැවසීය.,1 +හිටපු ජනාධිපති���රයාට සහාය දක්‌වන ඒකාබද්ධ විපක්‍ෂය මැතිවරණයට තරග කරන පක්‍ෂය හා එහි සලකුණ ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ප්‍රකාශයට පත්කරන බව ද හෙතෙම කීය.,1 +මේ යටතේ මහ මැතිවරණයට තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියයට 90 කට වැඩි පිරිසක්‌ සූදානමින් සිටින බවත් මැතිවරණයට තරග කිරීම සඳහා අපේක්‍ෂකත්වය ඉල්ලීමට කිසිසේත් නොසිතූ තරම් වැඩි ප්‍රමාණයක්‌ සූදානමින් සිටින බවත් එම මන්ත්‍රීවරයා කියා සිටියේය.,1 +අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඉදිරි දින පහ තුල ඇතුලත් කිරීමට හැකිවනු අතැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.,1 +අනතුරුව ඉක්මනින් එය විවාදයට ගන්නා දිනයක් නම් කල හැකි වනු ඇතැයිද ඒ මහතා කියයි.,1 +ආණ්ඩුව මේ වන විට ඉන්නේ දැවැන්ත මූල්‍ය අර්බුදයක සිර වී බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජී.එල් පීරිස් මහතා පවසයි.,1 +කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ සඳහන් කලේය.,1 +‘ගිය මාස 9 තුළ අප රටේ විදේශ සංචිත දිගින් දිගටම පිරිහිලා. පසුගිය මාස 05 ක කාලයේ දැවැන්ත මූල්‍ය අර්බුද රැසකට රට මුහුණ දී තිබෙනවා. වියදම අධික ලෙස වැඩිවෙලා පියවීම පවා දුෂ්කර තත්ත්වයක් වෙලා. ආදායමත් අඩුවෙලා.,1 +රුපියලේ අගය පවත්වාගෙන යාමට දැඩි පීඩනයක් එල්ල වෙලා. දේශීය විදේශීය ගෙවීමට ඇති සම්පත් අඩුවෙලා. ඩොලර් මිලියන දහයක වසර 10ක බැදුම්කරයට නිකත් කිරීමට රජය තීරණය කළත් සියයට 6.125 ක් වැනි ඉහළ පොලියකට ලබාගත හැකි වූයේ ඇ.ඩො.මිලියන 650ක් පමණයි’ යයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේය.,1 +"ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ දිනයේ ජනාධිපති මෛත‍්‍රිපාල මහතා, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, පූජ්‍ය මාදුළුවාවේ සෝපිත හිමියන් ඇතුළු සිවිල් සංවිධානය නියෝජිතන් හමුවේදී මේ පිළිබඳ සාකච්චා වී ඇත.",1 +එහිදී අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ විශ්වාස භංගයක්ද ඉදිරිපත් වී ඇති නිසා තව දුරටත් පාර්ලිමේන්තුව ගෙන යා නොහැකි තත්වයක් මතුව ඇති බවත් පෙර එකඟතාවන්ට අනුව පාර්ලිමේන්තුව විසුරුවන ලෙසත්ය.,1 +20 වන සංශෝදනය සම්මත කර ගැනීමෙන් පසුව විසුරුවීම සුදුසු බව ජනපති මෛත‍්‍රීපාල පෙන්වා දී තිබුණද අවසානයේ එකඟ වී ඇත්තේ ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටයි.,1 +ඊට පෙර සෝපිත හිමියන් ඇතුළු සිවිල�� සංවිධාන විසින් උද්ඝෝෂන පවත්වමින් 20 වන සංශෝධනය සම්මත කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ඉල්ලන් බවටද එකඟ වී ඇති අතර අනතරුව ජනාධිපතිවරයාද ආණ්ඩුවද විසින් සිවිල් සංවිධානවල ඉල්ලීම යයි පවසමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරනු ඇත.,1 +යහපාලකයන් තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගේනවා කියමින් කරන්නේ ජරා වැඩ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.,1 +‘අලූත් පාර්ලිමේන්තුවකට ව්‍යවස්ථාදායක සභාව පත්කිරීමේ බලය දිය යුතුයි. ව්‍යවස්ථාදායක සභාවට පත් කරන අය ගැන තවමත් අපෙන් අහලා නැහැ. එහෙම එකගතාවයක් නැතිව නියෝජිතයන් අනුමත කර ගැනීමට පාර්ලිමේන්තුවට කැදවීම මුදල් නාස්තියක්.,1 +ලොකුම විහිළුව තමයි මේකට පත් කළා කියලා පත් කරපු අයවත් දන්නේ නැති එක. ඒ ගොල්ල තෝරලා අපට අනුමත කරන්නලූ. ප‍්‍රජානත්ත‍්‍රවාදයට තරු පහ දෙනවා කියලා කරන්නේ බලූ නොවටිනා වැඩයි.,1 +20 වැනි සංශෝධනය ගේන්නේ තමාට එරෙහිව විශ්වාසභංගය හකුළා ගත්තොත් පමණයි කියලා අගමැති තුමා කිවුවා. මෙහෙම කියන්නේ විස්සට බයෙන්ද විශ්වාසභංයට බයෙන්ද නැතිනම් මේ දෙකටම බයෙන්ද’ යයි මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්ණ කලේය.,1 +එජාපයෙන් ඉදිරි මැතිවරණ සඳහා තරඟ වදින අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් සඳහා නාම යෝජනා පත‍්‍රය සමඟ යහ පාලන මූලධර්ම අකුරටම ක‍්‍රියාත්මක කිරීමට කැපවන බවට වන ප‍්‍රතිඥාවකටද අත්සන් තැබීමට කටයුතු සූදානම් කර ඇත.,1 +පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව වැඩසටහන ක‍්‍රියාත්මකය.,1 +එජාපය පෙන්වා දෙන්නේ යහ පාලන මූලධර්ම අකුරටම ක‍්‍රියාත්මක කිරීම සදහා දිවි හිමියෙන් ඇපකැප වන බවට ප‍්‍රතිඥා දී අත්සන් තබන අපේක්ෂක අපේක්ෂිකාවන්ට මහජන මුදල් දේපල සහ සම්පත් අවභාවිතය කිරීමට ද මැර ක‍්‍රියා ඇතුළු නීති විරෝධී ක‍්‍රියාවල නිරත වීමට කිසිසේත්ම අවකාශ නොලැබෙන බවයි.,1 +පොලිසිය තාම මගෙන් කට උත්තරයක්‌ අර ගෙන නැහැ. ආවොත් නිසි උත්තරය දෙන්න මම ලෑස්‌තිවෙලා ඉන්නවා යෑයි දකුණු පළාත් සභා ඇමැති ඩී. වී. උපුල් මහතා ප්‍රකාශ කළේය.,1 +මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරීන්ට ගල්වලින් පහරදී මරා දමන බවට රැස්‌වීමකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්‌ කළ බවට උපුල් මහතාට විරුද්ධව නඟන චෝදනා පිළිබඳව අප ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.,1 +පොලිසියේ මහත්වරු මගෙන් තාම ඒ ගැන කටඋත්තරයක්‌ අ���ගෙන නැහැ. එතකොට මම උත්තර දෙන්නම්. අපි බද්දට ගත්ත වීරවිල නිවසේදී 40-50 ට විතර දේශපාලන සාකච්ඡා තිබ්බා. මගේ අනුදැනුම මත කිසිම මාධ්‍යවේදියකුට මෙම රැස්‌වීමට ඇරයුම් කළේ නැහැ. මාධ්‍යවේදීන් කිසිවෙකු හිටියේ නැහැ. මං කරපු කතාව මුහුණුපොතේ එතන හිටිය කෙනෙක්‌ දාලා තියනවා.,1 +මටත් කියන්න දේවල් තියනවා. ලබන සඳුදා වෙන කොට මමත් නඩුවක්‌ දානවා. ඕනෑනම් මම කතා කරපු වීඩියෝ පටිය පොලිසියටත් බලන්න දෙනවා යෑයි ඩී. වී. උපුල් මහතා කියා සිටියේය.,1 +ISIS ත‍්‍රස්තවාදී සංවිධානයේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විනාශ කිරීමට ඇමරිකානු ප‍්‍රහාරක යානා සමත්ව ඇතැයි වාර්තා වේ.,1 +ඇමරිකානු ගුවන් සංග‍්‍රාම විධානයේ ප‍්‍රධානි ජෙනරාල් හර්බට් හෝක් කාලයිල් පවසා ඇත්තේ එම මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටි ස්ථානය සොයාගත්තේ ISIS සටන්කාමියකු විසින් සමාජ මාධ්‍ය තුළ පළ කළ ඡයාරූපයක් ඇසුරෙන් බවයි.,1 +වොෂින්ටනයේ පැවති ගුවන් හමුදා සංගමයේ හමුවක් අමතමින් ඔහු පවසා ඇත්තේ ඡයාරූපය පළවීමෙන් පැය 22කට පසු අදාළ මධ්‍යස්ථානය විනාශ කරන්නට හැකිවීම විශිෂ්ට ක‍්‍රියාවක් බවයි.,1 +"මේ සඳහා ෆ්ලොරිඩාවේ හර්ල්බර්ට් කඳවුරේ සිට කටයුතු කරන 361වන බුද්ධි, ඔත්තුසේවා හා පිරික්සුම් කණ්ඩායම මැදිහත්වී ඇති අතර ඔවුන් සමාජ මාධ්‍ය තුළ ISIS හි විධාන හා පාලන හැකියාවන් පිළිබඳව සිදුකළ විවෘත සාකච්ඡුාවක් මගින් අදාළ මධ්‍යස්ථානය පිහිටා ඇති ස්ථානය සොයාගත් බව පැවසේ.",1 +ඇමරිකාව ප‍්‍රමුඛ රටවල සන්ධානය විසින් සිදුකළ ගුවන් මෙහෙයුම් 4200ක් මගින් එල්ල කළ බෝම්බ 14000කින් සතුරු සටන්කාමීන් 13000ක් පමණ ඝාතනය කිරීමට සමත්වූ බවද කාලයිල් පවසා තිබේ.,1 +"ත‍්‍රස්තවාදීන්ට අයත් රථ 1000ක්, පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කම්හල් 50ක් මෙන්ම සතු ප‍්‍රධාන මුදල් ඉපැයීමේ මාර්ගයන් වන ඛනිජ තෙල් රැස්කිරීමේ හා පිරිපහදු මධ්‍යස්ථානයන්ද ඇමරිකානු ප‍්‍රහාරවලින් විනාශ කළ බව ඔහු පවසා ඇත.",1 +පසුගිය ජූනි 05 වන දින වන විට එළැඹෙන මහ මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ‍්‍රිලනිපයෙන් තරඟ වැදීමට බලාපොරොත්තු වූ තරම් අපේක්‍ෂක අයදුම්පත් ප‍්‍රමාණයක් ලැබී නැතැයි වාර්තා වෙයි.,1 +මේ හේතුවෙන් අපේක්‍ෂක අයදුම්පත් භාර ගැනීමේ කාලය තවත් දීර්ඝ කර ඇත.,1 +කෙසේ වෙතත් මේ දක්වා ශ‍්‍රීලනිපයේ නාම යෝජනා මණ්ඩලයක් ද පිහිටුවා නැත.,1 +සහකාර පොලිස් අධිකාරීවරයෙකු සමන්විත එකොළොස් දෙනෙකුගෙන් යුතු පොලිස් කණ්ඩයමක් බරපතල වංචා දු��ණ රාජ්‍ය සම්පත් වරප‍්‍රසාද බලය සහ අධිකරණය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා වූ ජනාධිපති කොමිෂන් සභාව සදහා පත්කර තිබෙන බව එම කොමිෂන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.,1 +මෙම කණ්ඩායමට තවත් පොලිස් නිලධාරීන් අට දෙනෙකු එක් කිරීමට නියමිත අතර ඒ අනුව විසි දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් ලෙස අනුයුක්ත කෙරෙනු ඇත.,1 +සූරියවැව මත්තල ගුවන්තොටුපල හදන්න මොනරුන් සිය ගණනක් මරා දැම්මේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.,1 +"මැදරිගිරියේ පසුගියදා පැවති උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ රටට, ජනතාවට සමහර මහා පරිමාණ ව්‍යාපෘතිවලින් විශාල හානියක් සිදුවූ බවයි.",1 +කෙසේ වෙතත් එසේ හානි කල අය කවුදැයි තමන් නොකියන්නේ ඔවුන්ගේ හිත් රිදෙන නිසා යයිද ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කලේය.,1 +විල්පත්තුවට කර ඇති මහා විනාශය ගිය රජයේ අනුවන තීරණයක් යයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.,1 +ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ඒකකය විසින් මුද්‍රණ්‍ය කරනු ලැබ ඇති ‘මේ ගැනත් සිතන්න.. පක්‍ෂය රැකගන්න’ පොත් පිංච සම්බන්දයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම පක්ෂයේ සියලූ දෙනා දන්නා බව ඇමති එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.,1 +ඔහු පෙන්වා දෙන්නේ සුසිල් ප්‍රේමජයන්ත ශ්‍රීලනිප ජාතික සංවිධායකවරයා වටේ නොගොස් ඍජුවම තමන්ට චෝදනා එල්ල කළේ නම් එය වඩා ශීලාචාර බවයි.,1 +පොත් පිංච මුද්‍රණයට පෙර මන්ත්‍රීවරුන් බොහෝ දෙනා එහි බොහෝ කොටස් කියවා තිබූ බවද පවසන ඇමති දිසානායක ඒ සම්බන්ධවෙන් අදහස් පළ කිරීමට පෙර පක්‍ෂ මහ ලේකම්වරයා සහ ජාතික සංවිධායකවරයා තමන් සමඟ අදහස් හුවමාරු කරගත්තේ නම් එය වඩා හොඳ බවද සඳහන් කරයි.,1 +ශිරන්ති රාජපක්‍ෂ හිටපු ජනාධිපති ආර්යාවගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය’ සංවිධානයේ ගිණුමට රජයේ මුදල් සතපහක්වත් බැර කර නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.,1 +ලංකාවේ සුළුතර ප‍්‍රජාවන් මුහුණදෙන අසාධාරණයන්ට විසඳුම් ලබාදී සාමය ගොඩනැගීමට අවශ්‍ය වගවීම් හා ඒකාබද්ධතා ක‍්‍රියාවලියට ආධාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.,1 +එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ අරමුදලින් අදාළ ආධාර මුදල ලබාගැනීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් පවතින බව පැවසේ.,1 +ලංකාවේ වගවීම් හා ඒකාබද්ධතා ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඩොලර් මිලියන 3ක මුදලක් ලබාදීමට නියමිතය.,1 +මේ යටතේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ වගකිව යුතු පාර්ශ්වයන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා විශ්වාසනීය යාන්ත‍්‍රණයක් ගොඩනැගීමට අවශ්‍ය තාක්‍ෂණික සහය සහ අතුරුදන් වූවන්ගේ පවුල් ආදී ගැටුම් වලින් පීඩාවට පත් ප‍්‍රජාවන් සඳහා ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව සහන සැපයීම ආදී කටයුතු සඳහා ශ‍්‍රී ලංකා රජය හා එක්ව ක‍්‍රියාකිරීමට නියමිතය.,1 +නැවත පදිංචි කිරීමේ ක‍්‍රියාකාරී සැලැස්ම හා ප‍්‍රතිපත්ති රාමුව පිළිබඳ ආධාර දෙන රටවල හමුව අමතමින් එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා සම්බන්ධීකාරක සුබිනේ නැන්ඩි මේ බව අනාවරණය කර තිබේ.,1 +සියලූම අවතැන්වූ ජනතාව සඳහා ස්ථිරසාර හා දීර්ඝකාලීන විසඳුම් ලබාදීම වෙනුවෙන් විශේෂඥ සහය පිරිනැමීමට ශ‍්‍රී ලංකා රජය හා එක්ව කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බවද ඇය පවසා ඇත.,1 +අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට නොගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකඟ වූ බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.,1 +එජාප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ මේ සම්බන්දයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සාකච්ඡා කළ බවත් සියල්ල සිදු වන්නේ ඔවුන් දෙදෙනාගේ එකඟතාවය මත බවත්ය.,1 +එජාපය මූලාක වී පත් කර ගත් ජනාධිපතිවරයකු සිටින බැවින් තම පක්ෂයේ ගමන පිළිබඳ විශ්වාසයක් පවතින බවද පවසසන මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඉතා කෙටි කලකින් විපක්ෂයේ සියලු සංදර්ශන නිමා කරමින් පාර්ලිමේන්තුව ස්ථර වශයෙන්ම විසුරුවා හරින බවද සඳහන් කරයි.,1 +අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය පාවිච්චි නොකරන්නට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.,1 +අදාල විශ්වාස භංගය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් එම ඡන්ද විමසීම වර්ජනය කිරීම සඳහාද ඔවුන් තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග කියයි.,1 +අගමැතිවරයා හෝ ආණ්ඩුවට එරෙහි විශ්වාංශ භංගයකදී එය ජයග‍්‍රහණය කරවීම සඳහා ඡන්ද 113ක් අවශ්‍ය වන අතර වර්ජනය කරන ඒවාද සැලකෙන්නේ විරුද්ද ඒවා ලෙසයි.,1 +"ජවිපෙ මේ දිනවල දේශපාලන වේදිකාවේ අගමැතිවරයාට ���ැණවදිමින් හුගේ පාලනය අසාර්ථක බවත්, ඔහුට අගමැති ධුරය දරන්නට අයිතියක් නැති බවත් කියමින් සිටිති.",1 +මොස්කව් හා බැග්ඩෑඞ් අතර මිලිටරි සහයෝගිතාවය ඉහළ නංවමින් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදීම සඳහා ඉරාක හමුදාවට අවශ්‍ය ලබා දීමට රුසියාව සූදානම් වන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා ඇතැයි වාර්තා වේ.,1 +මොස්කව් සංචාරයක නිරත වෙමින් සිටින ඉරාක අගමැති හෙයිදර් අල් අබාඩි හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡවට පෙර මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ලැව්රොව් පවසා ඇත්තේ ISIS හා වෙනත් ත‍්‍රස්තවාදී සංවිධාන විසින් අත්පත් කරගෙන ඇති ප‍්‍රදේශ වලින් ඔවුන් පලවා හැරීම සඳහා අවශ්‍ය මිලිටරි බලය ඉරාක හමුදාව සතුව පැවතීමට වග බලා ගන්නා බවයි.,1 +"ඇතැම් රටවල් මෙන් නොව ඉරාකයට අවි ලබාදීමේදී ඉරාකය, සිරියාව හා ඊජිප්තුව ත‍්‍රස්තවාදයට එරෙහි අරගලයේ පෙරමුණේ සිටීම යන පදනමින් පූර්ව කොන්දේසි රහිතව එය ඉටුකිරීමට රුසියාව විසින් කටයුතු කරනු ඇති බව රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා තිබේ.",1 +"මේ අතර ඉරාක අගමැතිවරයා හමුවීමෙන් පසු අදහස් දැක්වූ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ මැදපෙරදිග කලාපයේ රුසියාවේ ප‍්‍රධානතම සහකරුවා වන ඉරාකය සමග සිවිල්, මිලිටරි හා තාක්‍ෂණික සහයෝගිතාවය ඉහළ නැංවීම සමග ඩොලර් බිලියන ගණනක් වටිනා ව්‍යාපෘති ආරම්භ කරමින් ඇති බවයි.",1 +පසුගිය දින කිහිපය තුළ ISIS සටන්කාමීන් විසින් සිරියානු හා ඉරාක රජයන් සතුව පැවති උපායමාර්ගිකව වැදගත් නගර හා ප‍්‍රදේශ ගණනාවක් අත්පත් කරගැනීමට සමත්වී ඇත.,1 +වත්මන් ආණ්ඩුවට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන්පහ කිරීම සඳහා විපක්‍ෂ මන්ත‍්‍රීන් 112 දෙනෙකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යොජනාවක් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට බාර දී තිබේ.,1 +ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා විශ්වාස භංගයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී 113ක් අනිවාර්යෙන්ම පක්‍ෂ විය යුතු අතර ආරංචි මාර්ග පවසන්නේ එම ප‍්‍රමාණය ඉත පහසුවෙන් සපුරාගත හැකි වනු ඇති බවයි.,1 +සාමාන්‍යයෙන් විශ්වාස භංගයක් පිලිගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සන් ප‍්‍රමාණවත්ය.,1 +මෙම විශ්වාස භංගයට දැනට බන්ධනාගාරගතකර සිටින සන්ධාන මන්ත‍්‍රිවරුන්ගේ අත්සන් අතුලත් නැත.,1 +මෙම විශ්වස භංගය භාරදෙන අවස්ථාවට විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා ���තුළු විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් ගණනාවක් සහභාගී වී සිටියහ.,1 +විශ්වාස භංගය එල්ල වී ඇත්තේ මෙම චෝසනා පදනම් කරගෙනයි.,1 +පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ කැමැත්ත නොවිමසා අගමැති ධුරයේ කටයුතු කිරීම,1 +මහා පරිමාණ හා සුළු පරිමාණ ව්‍යාපෘති රැසක් අත්හිටුවීම හේතුවෙන් රැකියා කරමින් සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා අහිමි කිරීම,1 +ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනීකරණය කිරීම,1 +ජීවන වියදම් අර්බුධයක් උද්ගත කිරීම,1 +ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන පුද්ගලයෙක් මහ බැංකු අධිපති කිරීම,1 +භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් මහ බැංකුවේ සිදුවූ දැවැන්ත මූල්‍ය වංචාවට වග කිව යුතු වීම,1 +ජාත්‍යන්තර සබඳතා පළුදු වීම,1 +පුද්ගලික අංශය අධෛර්යමත් වන අයුරින් රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම,1 +පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සඳහා යොදා ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක් බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.,1 +"පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය, එම ගිනි අවිය යුද හමුදාවෙන් පිටතට පැමිණියේ කෙසේදැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට නියෝග කළේය.",1 +ඝාතනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය අත් අඩංගුවට ගෙන මේ වන විට පොලිසිය භාරයේ පවතින බවද රහස් පොලිසිය දැනුම් දුන්නේය.,1 +ඒ පිළිබඳව කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යව ඇති බැවින් ත්‍රිරෝද රථය තමන් භාරයේ තබාගැනීමට අවසර දෙන මෙන් රහස් පොලිසිය කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නේය.,1 +"රවිරාජ් ඝාතනය සිදු වූ අවස්ථාවේ තමන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ යාපනයට ගොස් සිටි බව, දැනට අත්අඩංගුවේ පසුවන සැකකාර නාවික හමුදා සෙබළුන් ප්‍රකාශ කරයි.",1 +එය තහවුරු කෙරෙන වාර්තා රත්මලාන ගුවන් ගමන් පාලක මැදිරියේ පවතින බවද ඔවුහු පවසති.,1 +එහෙත් එම ප්‍රකාශය තහවුරු කළ හැකි ගුවන් ගමන් පිළිබඳ වාර්තා තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අධිකරණයට දැනුම් දුන්නේය.,1 +අනතුරුව සැකකාර නාවික හමුදා සෙබළුන් පස් දෙනා ලබන 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට නියෝග කළේය.,1 +හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බරපතල ලෙස විවේචනය කරමින් ‘මේ ගැනත් සිත��්න.. පක්ෂය රැක ගන්න’ නම් පොත් පිංච ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ඒකකය නමින් මුද්‍රණය කරවා ඇත්තේ ඇමති එස්.බී. දිසානායක බව ශ‍්‍රිලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා සඳහන් කරයි.,1 +පක්ෂ මූලස්ථානයට මෙම පොත බෙදා හරින ලෙස ලබාදී ඇත්තේ එස්.බී. දිසානායක ඇමතිවරයා විසින් යයිද කී මහ ලේකම්වරයා එය බෙදා හැරීම නතර කරන ලෙස තමන් දැනුම්දුන් බවද කියා සිටී.,1 +මේ අතර පක්‍ෂයේ ප‍්‍රධාන තනතුරු වෙනස් වන්නේ යයි පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ පක්ෂයේ සමගිය වෙනුවෙන් කටයුතු කරන තමන් ඇතුළු ප්‍රධාන නිලධාරීන් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි.,1 +ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිප සභාපති ධූරයෙන් ඉවත්කිරීමට අහුමුළුවල සාකච්ජා කිරීමෙන් පලක් නැති බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා බිබිල නගරයේ දී පැවති ජනහමුවකදී කියා සිටියේය.,1 +‘මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රිලනිප සභාපති ධූරයෙන් ඉවත්කරනවා නම් ඒකට පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ සමස්ත ලංකා සභාවට හෝ විධායක සභාවට යෝජනාවක් ගෙන ආ යුතුයි. ඒත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පොතේ හැටියට එවැනි යෝජනවක් ගෙනල්ලා සභාපතිවරයා ඉවත් කරන්න බැහැ. එහෙමනම් පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි.,1 +ශ‍්‍රිලනිප ව්‍යස්ථාවට අනුව ශ‍්‍රීලනිප හෝ සන්ධාන පාක්ෂිකයෙක් විධායක ජනාධිපති වුවහොත් ඔහු තමයි පක්ෂ සභාපති. ඒ නිසා ජනාධිපතිවරයා පක්ෂ සභාපති තනතුරෙන් කුමන ආකාරයකින්වත් ඉවත් කරන්න බැහැ’ යයිද ඒ මහතා පෙන්වා දුන්නේය.,1 +තමන් මීලඟ දිනයේ කටඋත්තර දෙන්න එන්නේ දත්බෙහෙත් බුරුසුව සබන් ආදියද රැගෙන යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.,1 +‘කිසිදු ජනවරමක් නැතිව ආණ්ඩුවක් වික‍්‍රමසිංහ මහතා කරගෙන යනවා. ජනාධිපතිත් නොදන්න අගමැතිගේ පැමිණිලි පමණක් භාරගන්න දඩයම් කොට්ඨාශයක් හදලා. සන්ධානයෙ නායකයන් හා මහින්ද මහතාට හිතවත් පුද්ගලයන් දඩයම් කිරීමයි ඒකෙන් කරන්නේ. ඒකට කටඋත්තර ගන්න කියලා එන්න කියනවා. හිරේ දානවා.,1 +"මං නැවතත් කැඳෙවුවොත් කට උත්තර දෙන්න යන්නෙ දත් බෙහෙත්, බුරුසුව, සබන් කෑල්ල, පනාව, ඇදුම් දෙකක් තුනක් බෑග් එකක දමාගෙන’ යයිද ඔහු කියා සිටියේ කොළඹදී ඹධ්‍යවේදීන් අමතමිනි.",1 +මහින්ද පිල්ලිය නැවතත් අළුගසා දමමින් නැඟිටිමින් සිටින බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.,1 +ජවිපෙ ජනහමු��ක් අමතමින් ඔහු කියා සිටියේ යහපාලන දින සියයෙන් පසු රට අස්ථාවර වී ඇති බවයි.,1 +‘යහපාලන දින 100 න් රට අස්ථාවරයි. පාර්ලිමේන්තු අරාජිකයි. අගමැතිට විශ්වාසභංගයක් ගේන්න සූදානම් වෙනවා. මහින්ද පිල්ලිය අළුගසා නැගිටිමින් සිටිනවා.,1 +හොරු දුෂිතයන්ට දඩුවම් දෙන්න මැදිහත් වෙනවද කියලා ජනාධිපතිවරයාගෙන් අපි ඇහුවා. මටත් ඕනෑ දඩුවම් දෙන්න අඩුම තරමෙ නාමයෝජනාවත් නොදී ඉන්න කියලා මෛත‍්‍රී මහත්තයා කීවා. ඒත් දැන් සිදුවන්නේ ඒක නොවෙයි. එයා දැන් හොරුන් දුෂිතයන් ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා.,1 +රනිල් එක්ක මෛත‍්‍රී එක්ක ජවිපෙ දීග ගිහින් යයි සමහරු මතයක් ගෙන යන්න හදනවා. ඒක අතිශයින් වැරදි කතාවක්’ යයිද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.,1 +උතුරු පළාතේ ඇති බුදුපිළිම ගලවා දමමින් තිබුණද ඒවා නවතන්නට ආණ්ඩුවේ කටයුතු නොකරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.,1 +කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියෝ අදහස් පල කලේ මෙසේය.,1 +‘ඇතැම් අන්තවාදී සංවිධානවලට ඕනෑ මේ රටේ බෞද්ධයන් විනාශ කර දමන්න. රටේ කොතනකවත් අපේ බෞද්ධයන් වෙනුවෙන් හඩක් නගනවද? නැහැ. අන් ජාතීන්ට යම් ප‍්‍රශ්නයක් මතු වුණොත් ඒ ගැන මහ ලොකුවට කතා කරනවා. කවුරුත් රටේ මේවාට හඩ නගන්නේ නැහැ. අපි ඉදිරි මැතිවරණයේදී පක්ෂයක් හැටියට දේශපාලනයට එන්නේ මේවාට එරෙහිව හඩ නගන්නයි.,1 +අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා බෞද්ධයන් රැකගන්න ජාතියක් රැකගන්න කියලා. අද වෙනකොට උතුරේ බුදුපිළිම ඉවත් කරනවා. ආණ්ඩුව ඒවාට නිහඩයි. අපේ අහිංසක සිංහලයන්ට තමයි ඔවුන් පහර දෙන්නේ. හැබැයි අපි රට ජාතිය ආගම වෙනුවෙන් මේ රටේ කරන සටන ඔය යහපාලන ආණ්ඩුවට ක‍්‍රිස්තියානි අන්තවාදීන්ට මුස්ලිම්වරුන්ට නවත්තන්න බැහැ. රට ජාතිය වෙන්නුවෙන් මැරෙන්න හරි අපි සටන් කරනවා’,1 +අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ඇමති මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් කෝටි 50ක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.,1 +ඔහු පෙත්සමෙන් කියා සිටින්නේ සතොස ආයතනයෙන් රුපියල් ලක්ෂ 52ක බඩු ලබාගෙන එම මුදල් ගෙවීම පැහැර හැරියේ යයි නීති විරෝධී ලෙස අත්අඩංගුවට තම කීර්ති නාමයට හානි කල බවයි.,1 +පොලිස්පතිවරයා මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සජිත් රත්නායක හා නියෝජ්‍ය ��ොලිස්පති රවී වෛද්‍යාලංකාරද මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර ඇති අතර තමන් අත්අඩංගුවට ගැනීම නිසා සිය ව්‍යාපාර කටයුතු අවුල් වූ බවත් ව්‍යාපාර ලෝකයේ අවමානයට ලක්වීමට සිදුවූ බවත් එහි දැක්වෙයි.,1 +සතොස ආයතනයේ අදාල බිල්පත ගෙලවා තිබියදී තමන් අත්අඩංගුවට ගත් බවත් ඔහු එම පෙත්සමේ සඳහන් කර ඇත.,1 +බි‍්‍රතාන්‍ය ජාතික ශිෂ්‍ය සංවිධානයේ විධායක කමිටුව විසින් ඊශ‍්‍රායල භාණ්ඩ වර්ජනය කිරීම සඳහා ඉල්ලමින් සම්මත කළ යෝජනාව ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් හෙළාදැක ඇතැයි වාර්තා වේ.,1 +පලස්තීනයෙන් ඈඳාගනු ලැබූ ප‍්‍රදේශ තුළ ඊශ‍්‍රායලයේ ක‍්‍රියාකාරකම් පිළිබඳව පීඩනයක් එල්ල කිරීම සඳහා ක‍්‍රියාකරන BDS ව්‍යාපාරය වෙත සහයෝගය පළ කරමින් බි‍්‍රතාන්‍ය ජාතික ශිෂ්‍ය සංවිධානය තුළ ගෙන ආ යෝජනාවට පක්‍ෂව ඡන්ද 19ක් හිමිවිය.,1 +එයට එරෙහිව ඡන්ද 14ක් ලැබුණු අතර එක් නියෝජිතයකු ඡන්ද විමසීම සඳහා සහභාගී නොවීය.,1 +ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ජාතික ශිෂ්‍ය සංවිධානය මෙම පියවර ගෙන ඇත්තේ ISIS සංවිධානයට එරෙහි සම්බාධක පැණවීමට අසමත්වී වසරක් වත් යන්නට පෙර බවයි.,1 +ඊශ‍්‍රායලයට එරෙහිව සම්බාධක පැණවීමටත් ISIS සංවිධානයට එරෙහිව සම්බාධක නොපැණවීමත් විසින් BDS ව්‍යාපාරය පිළිබඳ සියල්ල පැහැදිලි වන බව ඔහුගේ අදහසයි.,1 +ඊශ‍්‍රායලය හෙළා දැකීමත් හෙළා නොදැකීමත් විසින් ඔවුන් තමන්වම හෙළා දැක ඇතැයි නෙතන්යාහු පවසා තිබේ.,1 +"කැනේඩියානු විදේශ අමාත්‍ය රොබට් නිකොල්සන් හමුවෙමින් අගමැතිවරයා පවසා ඇත්තේ ඊශ‍්‍රායලය යනු අධ්‍යයන නිදහස, මාධ්‍ය නිදහස, මානව හිමිකම් සහිත ආදර්ශයට ගත යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් බවයි. 2014දී ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප‍්‍රහාරයෙන් පලස්තීන ජාතිකයින් 2000ක් පමණ මරණයට පත්විය.",1 +සැප්තැම්බර් 11 සිදුවීමට සම්බන්ධ බවට චෝදනා ලැබූ ගුවන් කොල්ලකරුවන් 15 දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය වීම පණුවන් පිරි බඳුනක් විවර වීමක් විය හැකි බව ආචාර්ය කෙවින් බැරට් පවසා ඇතැයි වාර්තා වේ.,1 +2001 සැප්තැම්බර් 11 දින ඇමරිකාවට එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණය සඳහා පත්කරනු ලැබූ විද්‍යාර්ථීන්ගේ මණ්ඩලයේ ආරම්භක සාමාජිකයකුද වූ බැරට් පවසා ඇත්තේ සිදුවීම පිළිබඳ වාර්තාවෙන් ඉවත් කරනු ලැබූ පිටු 28 තුළ මේ පිළිබඳ තොරතුරු අන්තර්ගත වන බවයි.,1 +මෙම පිටු 28ක කොටස කියවීම මගින් සැප්තැම්බර් 11 සිදුවීම පිළිබඳ කෙනෙකුගේ දෘෂ්ටි දැක්ම සම්පූර්ණයෙන් වෙනස් වන බව එය දැක ඇති හිටපු සෙනෙට් සභික බොබ් ග‍්‍රැහැම්ද පැවසූ බව ඔහු දක්වා තිබේ.,1 +2002දී කොංග‍්‍රස් මණ්ඩල කමිටුවක් විසින් සිදුකළ පරීක්‍ෂණ වාර්තාවේ වාරණය කළ පිටු 28 ප‍්‍රසිද්ධියට පත්කරන ලෙස පසුගියදා රිපබ්ලිකන් පාක්‍ෂික සෙනෙට් සභික ?න්ඞ් පෝල්ද පවසන ලදී.,1 +ආචාර්ය කෙවින් බැරට් පවසන්නේ මෙම කොටස තුළ ඇති තොරතුරු මගින් ගුවන්යානා කොල්ලකරුවන් සවුදි රජය විසින් අනුග‍්‍රහය දැක්වූවන් බව හෙළිවන බවයි.,1 +ඔවුන්ගේ පසුබිම පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණයක් මගින් එම පුද්ගලයන් FBI ආයතනය සඳහා ඔත්තුකරුවන් ලෙස සේවය කළ පුද්ගලයින් බවත් ඔවුන් ඇමරිකාවේ පෙන්සකෝලා නාවික ගුවන් කඳවුර තුළ පුහුණුව ලැබූවන් බවත් හෙළිවනු ඇති බව බැරට් පවසා තිබේ.,1 +සමාජ ජාල හා වෙබ් අඩවි හරහා සිදු කරන මඩ ප‍්‍රචාර නතර කරන ලෙසත් ඒවා සිදුකරන හොරුන් අල්ලන ලෙසත් ඉල්ලමින් එක්සත් ජාතික පක්‍ෂය මිරිහාන පොලීසියට පැමණිලි කර තිබේ.,1 +පදනමකින් තොරව විවිද පුද්ගලයන්ට එරෙහි අසත්‍ය ප‍්‍රචාර සිදු කරන බවත් විශේෂයෙන්ම තම රජයේ මැති ඇමතිවරුන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධ කර ගනිමින් සංවිධානාත්මක සිදුවන මඩ ප‍්‍රචාර සම්බන්ධවත් මෙහිදී අවධාරණයකර ඇත.,1 +ඒ අකාරයෙන් මඩ ප‍්‍රචාර ගෙන යන වෙඞ් අඩවි සහ ෆේස්බුක් ගිණුම් කිහිපයක් දැනටමත් හදුනාගෙන ඇති බව පැමිණිල්ලේ සදහන්ය.,1 +අන්තර්ජාලය ඔස්සේ රජය විවේචනය කිරීම කිසිදු ගැටලූවක් නොවන බවද එම පක්ෂය සදහන් කරයි.,1 +හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙඩි තබන බව තමන් දුටු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇසින් දුටු බව තමන් හා පැවසු බව පශු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.,1 +ගුවන් විදුලි නාලිකාවක් හා නියෝජ්‍ය ඇමතිවරයා අදහස් පල කලේ මෙසේය.,1 +බලශක්තිය සුරැකීම සඳහා ජනතාව අතර ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස පා පැදිය ජනප‍්‍රිය කරවීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා පවසයි.,1 +කොළඹදී මාධ්‍ය හමුවක් අමකමින් ඔහු පවසා සිටියේ එම වැඩපිලිවෙලේ පළමු අදියර ලෙස සංවිධානය කරන ප‍්‍රදර්ශනාත්මක පාපැදි ධාවන තරගයක් ශ‍්‍රී ජයවර්ධනපුර කිඹුලාවල මංසන්ධියේ සිට කොළඹ 7 නිදහස් චතුරස‍්‍ර දක්වා අනිද්දා පෙරවරුවේ පැවැත්වෙන බවයි.,1 +ඇමති රණවක මහතා තව දුරටත් පෙන්වා දෙන්නේ පාපැදි භාවිතය ශරීර සෞඛ්‍යයට මෙ��්ම ආර්ථිකයට හා පරිසරයට ද හිතකර බවයි. ජනතාව පාපැදි භාවිතයට යොමු කිරීම සඳහා නවීන පන්නයට සැකසූ පාපැදි හදුන්වාදීම මෙන්ම පා පැදි ධාවන මංතීරු ඉදිකිරීම ට ද කටයුතු කරන බවත් ඇමතිවරයා ප‍්‍රකාශ කරයි.,1 +රාජිත සේනාරත්නට හා චම්පික රණවකට ශ‍්‍රිලනිපයේ බලය ගන්නට ඉඩ දිය නොහැකි යයි විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසා ඇත.,1 +ඔහු මෙසේ පවසා ඇත්තේ විපක්‍ෂ නායක නිල නිවසේ ඊයේ දිනයේ පැවති විශේෂ හමුවකදීය.,1 +ශ‍්‍රිලනිපයට සම්බන්ධ නීතීඥයින් පිරිසක් හා පැවති මේ හමුවේ අරමුණ වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යන මහත්වරුන් සමඟි කරවා ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරා මෙහෙයවීමයි.,1 +ශ‍්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් පේ‍්‍රමජයන්ත මහතාද ඊට සහභාගී වී ඇති අතර තමන් උත්සාහය කරන්නේ මේ දෙදෙනා සමඟි කරවීමට වුවත් එය සාර්ථක නොවන තත්ත්වයක් මතුවෙමින් තිබෙන බව සඳහන් කර ඇත.,1 +තවදුරටත් අදහස් පල කරමින් පේ‍්‍රමජයන්ත් මහතා පවසා ඇත්තේ තමනට ඇතැම්විට පක්‍ෂයේ දරණ තනතුරු අහිමී වීමේ ඉඩක්ද ඇති බවයි.,1 +"සාකච්චාවට සම්බන්ධ වෙමින් විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ ‘කොහොම වුණත් අපි පක්ෂය දාලා යන්නේ නෑ. චම්පිකට, රාජිතට ශ්‍රී.ල.නි.ප.යේ බලය ගන්න ඉඩදෙන්නේ නෑ’ යනුවෙනි.",1 +ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයක වෙනසක් අද හෙටම සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.,1 +"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙනුවට ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වෙනුවට එස්.බී. දිසානායක මහතාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වෙනුවට ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතාත් ඉදිරි දින කිහිපය තුළ පත් කිරීමට නියමිත බව මේ දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.",1 +"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ක්‍රියා නොකිරීම හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී වන ආකාරයෙන් කටයුතු කිරීම නිසා මෙම වෙනස් කිරීම් සිදු කිරීමට යන බව වාර්තා වේ.",1 +ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභාවට අලුත් සාමාජිකයන් කිහිපදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරියේදී පත් කිරීමටද නියමිතය. ශ්‍රීල.නි.ප.යේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයාට මධ්‍යම කාරක සභාවට සාමාජිකයන් 25 දෙනකු බඳවා ගැනීමට බලය තිබේ.,1 +තුර්කි බුද්ධි අංශ විසින් සිරියානු කැරලිකරුවන්ට යැවීම සඳහා සූදානම් කළ අවි තොගයක් අනාවරණය වීම පිළිබඳව වාර්තා කළ කම්හරියේ පුවත්පත් කතෘවරයාට තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩෝගන් විසින් ප‍්‍රසිද්ධියේ තර්ජනය කර ඇතැයි වාර්තා වේ.,1 +තුර්කියේ ජාතික බුද්ධි තොරතුරු සංවිධානයට එරෙහිව සිදුකළ මෙම නීතිවිරෝධී මෙහෙයුම එක් අයුරකින් ඔත්තු බැලීමේ අපරාධයක් බවත් කම්හරියේ පුවත්පතද එයට සම්බන්ධ බවත් එර්ඩෝගන් චෝදනා කර තිබේ.,1 +තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම වාර්තාව ලියූ පුවත්පතේ ප‍්‍රධාන සංස්කාරක කෑන් ඩන්ඩර්ට නිසි දඬුවම් ලබාදෙන බවයි.,1 +තමන් මෙම සිදුවීම ලෙහෙසියෙන් අතනොහරින බවද එර්ඩෝගන් පවසා ඇත. කම්හරියේ පුවත් වෙබ් අඩවිය තුළ පළ කළ වීඩියෝවකින් තුර්කි පොලිස් නිලධාරීන් විසින් අවි පැටවූ ට‍්‍රක් රථ කිහිපයක් පරීක්‍ෂා කරනු දැක්වෙන අතර එම ට‍්‍රක් රථ තුර්කි බුද්ධි අංශයට අයත් බව දක්නට හැකිය.,1 +පුවත්පත විසින් මෙම වීඩියෝව 2014 ජනවාරි 19 දින රූපගත කරන ලද්දක් ලෙස දක්වා ඇති අතර මෙම ට‍්‍රක් රථ තුළ සිරියානු කැරලිකරුවන්ට යැවීම සඳහා සකස් කළ අවි හා උණ්ඩ ඇති බව දක්වා තිබේ.,1 +තුර්කි ජනාධිපතිවරයා පවසන්නේ මෙම අවි සිරියාවේ සේවය කරන තුර්කි ජාතිකයින්ට යැවීම සඳහා සූදානම් කළ ඒවා බවයි.,1 +මෙවැනි වාර්තා මගින් සිදුකරන්නේ තුර්කියේ කීර්ති නාමයට කැළලක් එක්කිරීම බව ඔහුගේ අදහසයි.,1 +ශ‍්‍රී ලංකාවේ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්‍ෂා කරමින් සාමය හා සංහිඳියාව ගොඩනැඟීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මුන් ප්‍රසාදය පළ කරයි.,1 +මහ ලේකම්වරයා මෙසේ ප‍්‍රසාදය පල කර ඇත්තේ ඊයේ පස්වරුයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන වෙත දුරකතන ඇමතුමක් දෙමිනි.,1 +ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් සියලු ජනයා අතර සංහිඳියාව ගොඩනැගීමට කර ඇති කැපවීම ගැනද ඔහු විසින් ප‍්‍රසංශා කර ඇත.,1 +තමන් බෝධි පුජාවලට එද්දීත් මෙතරම් සෙනඟ එන්නේ නම් දේශපාලන වේදිකාවට නැග්ගොත් කොතරම් සෙනඟ ඒවිදැයි හිටපු ජනාධිපති මහින්ද ආරඵක්‍ෂ මහතා අසා සිටියේය.,1 +ඔහු මෙසේ අසා සිටියේ ගාල��ල හිනිදුම පනංගල ප්‍රදේශයේ පැවැති බෝධි පූජාවක් අවසානයේ මාධ්‍ය අමතමිනි.,1 +"මහින්ද රාජපක්‍ෂ සහ සෝමවංශ අමරසිංහ යනු ශ‍්‍රී ලංකා ඉතිහාසය වෙනස් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් දේශපාලන නායකයින් දෙපළක් බවට විවාදයක් නැත. මෑත කාලීනව ශ‍්‍රී ලංකා ඉතිහාසය තුළ දීර්ඝ කාලීනව සමාජ දේහය මත ඇති කරන ලද බලපෑමට සාපේක්‍ෂව, එම දෙපළ දෙවැනි වන්නේ රෝහණ විජේවීරයන්ට පමණි. අද එම දෙපළම වේදිකාවන් දෙකක සිට නැවත වටයකින් ඉතිහාසයේ විනිශ්චයට මුහුණ දෙමින් ඇත. එදා 2009 දී මහින්ද රාජපක්‍ෂ නමැති සේනාධිනායකයා ගෝඨාභය රාජපක්‍ෂලා සහ සරත් ෆොන්සේකලා වැනි සුවිශේෂී හමුදා නායකයින්ගේ දායකත්වයෙන් නන්දිකඩාල් කළපුව අසල දී අවසන් කරන්නේ රෝහණ විජේවීරයන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග එක්ව 1987 දී පිටකොටුවෙන් ආරම්භ කළ බෙදුම්වාදී විරෝධී යුද්ධය බව අප මීට පෙර පෙන්වාදී ඇත. විජේවීරයන්ගේ උපාය මාර්ගික පදනම මත නිවැරදිව සිටගනිමින් යුද්ධය අවසන් කිරීම සදහා අවශ්‍ය ජනවරම 2005 දී නිර්මාණය කිරීම සදහා තීරණාත්මක උපාය මාර්ගික දායකත්වය සැපවූයේ සෝමවංශ අමරසිංහයන් විසිනි. ඒ අනුව එදා මහින්ද රාජපක්‍ෂට සහ සෝමවංශ අමරසිංහයන්ට එක්ව වැඩ කිරීමට බලකරන්නේ විජේවීරයන් විසින් බව පිළිගැනීමට සිදුවේ.",1 +80 දශකයේ දී වාමාංශික පක්‍ෂ විසින් බෙදුම්වාදී යුද්ධය විමුක්ති අරගලයක් ලෙස නිර්වචනය කරද්දී රෝහණ විජේවීරයන් විසින් කොටි සංවිධානය හඳුන්වනු ලැබුයේ අධිරාජ්‍යවාදී කුලී හමුදාවක් ලෙසය. ඔහු එදා එවැනි බරපතල චෝදනාවක් එල්ල කරන්නේ බෙදුම්වාදී යුද්ධයේ උපාය මාර්ගික,1 +ප‍්‍රවේශය පිළිබදව ගැඹුරු අවබෝධයක් ඔහුට තිබුණ නිසාය. ඔහු 1985 දී තම පක්‍ෂයට එම අවබෝධය ලබාදීම සදහා ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ යනුවෙන් ශාස්ත‍්‍රීය නිබන්ධනයක් ඉදිරිපත් කළේය. අද වනතුරු සෝමවංශ අමරසිංහයන් හෝ ජනතා විමුක්ති පෙරමුණ විජේවීරයන්ගේ විග‍්‍රහයන් ප‍්‍රතික්‍ෂ්පකොට නැත.,1 +රෝහණ විජේවීරයන් තමාගේ ඒ උපාය මාර්ගික දැක්ම මත පිහිටා තෝරන ලද දේශපාලන ක‍්‍රියාමාර්ග තුළ තමා ඇතුළු තම පක්‍ෂයේ සාමාජිකයින් දස දහස් ගණනකගේ ජීවිත පරිත්‍යාග කළේය. ‘අධිරාජ්‍ය විරෝධී අරගලය තුළින් සමාජවාදයට’ යනුවෙන් ඔහු විසින් ඉදිරිපත් කළ මහා උපාය මාර්ගය තුළ ඒ සියලූ පරිත්‍යාග සාධාරණීකරණය කෙරිණි. එහිදී අධිරාජ්‍යවාදීන්ගේ තීරණාත්මක සටන් බිම හෙවත් දේශපාලන අධිරාජ්‍යවාදයේ ��හා සටන් බිම බෙදුම්වාදය බව අවිවාදයෙන් පිළිගැනුණි. ඒ අනුව එදා 2005-2006 කාලයේදී මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව අධිරාජ්‍ය විරෝධී අරගලයේ සටන් සගයා බවට පත්කර ගැනීමට සෝමවංශයන් ගත් උත්සාහය ජ.වි.පෙ මහා උපාය මාර්ගයට අනුකූලවේ. නමුත් ඒ සටන අතරමගදී අද සෝමවංශයන් කියන ආයුබෝවන් කීමට නොදන්නා සහ පන්සිල් රකින එහෙත් ප‍්‍රසිද්ධියේ පන්සිල් ගැනීමට බිය පිරිස් විසින් පීලි පන්න වන ලද බව සෝමවංශයන් පිළිගනියි. 2006 දී පක්‍ෂය භාග තීන්දුවක් ගත්තා යයි සරල වචනයෙන් ඔහු කීමට උත්සාහ කරන්නේ එදා සිදු කළ උපාය මාර්ගික වරද පිළිබදවය.,1 +නමුත් එම වරද නිවැරැුදි කිරීම සදහා ඔහු ප‍්‍රබල මැදිහත්වීමක් කරන්නේ නැත. ෙඓතිහාසිකව යම් දේශපාලන පක්‍ෂයක් උපාය මාර්ගිකව පීලි පනින්නේ නම් ඒ පක්‍ෂය ඒ වෙනස මත දෙකඩ වීම න්‍යායාත්මකව තර්කානුකූලව පිළිගත හැකි තත්වයකි. උපාය මාර්ගික වරදක් බහුතරය කැමතිවූ පමණින් කිසිසේත්ම නිවැරැදි වන්නේ නැත. උපක‍්‍රමික වරදකදී බහුතර කැමැත්ත මත තේරීම් සිදු කිරීම යම් පමණකට පිළිගත හැකි තත්වයකි. එහෙත් ඒ උපාය මාර්ගික වරද එනම් මහින්ද රාජපක්‍ෂයන් සමග කැදවාගත් අධිරාජ්‍යවිරෝධී සටන අතරමගදී අත්හැරීම නිවැරැදි කිරීම සදහා සෝමවංශ අමරසිංහයන් බරපතල මැදිහත්වීමක් සිදු කළේ නැත. එදා ඔහුට පක්‍ෂය තුළ තිබූ කේවල් කිරීමේ බලය මත තද ස්ථාවරයක සිට තීන්දු තීරණ නැවත සලකා බැලිය යුතු බවට දැඩි බලපෑමක් සිදු කළ හැකිව තිබුණි. එදා නිසි අවස්ථාවේදී එම බලපෑම කළා නම් ඔහුට අද තමා ආදරය කළ පක්ෂයෙන් එළියට බැසීමට සිදුවන්නේ නැත. එදා එම නිවැරැදි කිරීම සදහා අවශ්‍ය වූයේ වරද නිවැරැදි නොවන්නේ නම් පක්‍ෂයෙන් ඉවත්ව යන බවට ‘තර්ජනය’ කිරිම පමණි.,1 +උපාය මාර්ගික තීන්දුවක ප‍්‍රතිඵලදායකත්වය සෑම විටම කාලයට සාපේක්‍ෂවේ. එදා වසර 9කට පෙර කළ යුතුව තිබූ දේ අද කිරීමෙන් අපේක්‍ෂිත ප‍්‍රතිථල ලබාගත නොහැකි බව වෙනකාටත් වඩා හොදින් සෝමවංශ අමරසිංහයන් දන්නා බවට සැකයක් නැත. එම වරදට පක්‍ෂය විශාල වන්දියක් ගෙවා ඇති බව ඔහු වක‍්‍රව පිළිගනියි. නමුත් ඔහු ස්වයං විවේචනාත්මකව තම වරද විග‍්‍රහකොට පිළිගැනීමට නිහතමානී නැත. පක්‍ෂය ආයුබෝවන් කීමට දන්නේ නැතැයි ඔහු දාර්ශනිකව පැහැදිළි කිරීමට උත්සාහ කරන්නේ විජේවීරයන් පක්‍ෂය තුළ ගොඩනැගූ ජාතිකවාදී දේශපේ‍්‍රමී සංස්කෘතියෙන් බැහැරවීම බව පිළිගත හැක. ඔහු සෘජුව නොකියන්නේ ඒ සංස්කෘතික බැහැරවීම පක්‍ෂය තුළට ��ිංගූ ඔත්තුකරුවන් විසින් අති දක්‍ෂ ලෙස භාවිතා කොට පක්‍ෂය උපාය මාර්ගිකව පීලි පැන්නවූ බවය. පක්‍ෂය තුළ යම් පිරිස් මුදල්වලට වැඩ කළ බවටද ඔහු චෝදනා කරයි. එහෙත් සත්‍යය අමුවට පිලිගැනීමට ඔහුට ආත්ම ශක්තියක් නැත. එය ඔහුගේ දුර්වලකමට වඩා ඔහු පක්‍ෂය තුළ පවත්වාගෙන ගිය සදාචාරාත්මක දිවිපැවැත්ම තුළින් පැන නගින තත්වයක් ලෙස නිර්වචනය කිරීම වඩා සාධාරණ වේ.,1 +එදා 2006 දී රෝහණ විජේවීරයන්ගේ උපාය මාර්ගික තේරීම සහ පොදු මහජන මතයට පිටුපාමින් බෙදුම්වාදී විරෝධී යුද මෙහෙයුමට ජ.වි.පෙ විසින් තම පස්ස හරවන විට සෝමවංශයන් ඊනියා බහුතර මතයට යට විය. නමුත් ඊට එරෙහිව අරගලකොට පක්‍ෂයෙන් එළියට බැසීමට විමල් වීරවංශ වැන්නවුන් කටයුතු කළේය. ඇත්ත වශයෙන්ම සිදු වූයේ එදා පක්‍ෂය බරපතල උපාය මාර්ගික වරදක් සිදු කරන තත්වයට තල්ලූ කළ පිරිස් විසින්ම ඒ මත පැන නැගුණු අභ්‍යන්තර ගැටුම් යොදා ගනිමින් තෝරාගත් පුද්ගලයන් පිරිසක් පක්‍ෂයෙන් නෙරපා හැරීමය. එසේ කළේ පක්‍ෂය තුළ ජාතිකවාදී බලවේග ශක්තිමත් වී නැවත පක්‍ෂය පීල්ල මතට ගනු ඇතැයි යන ඔවුන් දකින ‘අනතුර’ අවම කරගැනීම සදහායි. එම වැරදි නිවැරැදි කරනවා වෙනුවට සෝමවංශයන් ඒ කුමන්ත‍්‍රණවලටම ගොදුරුවීම බරපතලම ඛේදවාචකයක් ලෙස හදුනාගත හැක.,1 +එදා අනුර දිසානායක විසින් මුවහත් තබා අතට දෙන කඩුවෙන් විමල් වීරවංශයන්ගේ බෙල්ල කපන්නේ සෝමවංශයන් විසින්මය. ඒ සැලසුමේ කූඨප‍්‍රාප්තිය අනුර දිසානායක පක්‍ෂයේ නායකයා බවට පත්වීමය. එතැන් පටන් නව නායකයා විසින් ජ.වි.පෙ එක්සත් ජාතික පක්‍ෂයේ වලිගයක් හෙවත් උපාංගයක් බවට පත්කොට රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට ගෙන ඒමේ න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක කළ බව සෝමවංශ අමරසිංහයන්ට රහසක් විය නොහැක. කෙසේ නමුත් ඔහු දැන් ප‍්‍රායෝගිකව ක‍්‍රියාවෙන් ඊට ප‍්‍රතිචාර දක්වා ඇත. ඔහු එම ප‍්‍රතිචාරය ඒ ආකාරයෙන් නොදක්වා වසර 9ක් තිස්සේ අභ්‍යන්තරිකව ප‍්‍රතිචාර දැක්වූ ආකාරයට අසරණව සිටියා නම් අනුර දිසානායකගේ ගමන කෙළවර වන්නේ ඉල්මහ සමරුවට ප‍්‍රධාන අමුත්තා ලෙස රනිල් වික‍්‍රමසිංහට ආරාධනා කිරීමෙන් විය හැක. ඊට පෙර සමහරවිට හසලක විරුවාගේ පමණක් නොව කොබ්බෑකඩුව සෙනවියාගේද ස්මාරක ඉවත් කිරීමේ උත්සවවලට ද ඔවුන් සහභාගීවනු ඇත.,1 +දැන් අනුර දිසානායක විසින් පක්‍ෂය රැගෙන යන ‘අධිරාජ්‍ය ගැති’ ගමනට අභියෝග කරමින් සෝමවංශ අමරසිංහයන් ස්වේච්ඡවෙන් එළියට බැස ඇත. එසේම සෝමවංශ අමරසිංහයන්ගේ අපේක්‍ෂාවන් වලින් භාගයක් පමණක් ඉටු කළ මහින්ද රාජපක්‍ෂයන්ද අධිරාජ්‍යවාදී බලවේගවල මෙහෙයුමක් තුළ මහජනයා විසින් සිහසුනෙන් බස්සවා ඇත. දෙදෙනාම දැන් තම අතීත වගකීම් ඉටු කළ ප‍්‍රමාණය සහ ගුණය මත ඉතිහාසයේ විනිශ්චය අභිමුවට පැමිණ ඇත. ඊට සාපේක්‍ෂව රට ඉදිරියේ පවතින අභියෝගද පශ්චාත් 2002 අවධියට සමාන ආකාරයට පෙළ ගැසී ඇත. ඒ අනුව ඒ දෙපළම අද ඉතිහාසයේ පරීක්‍ෂාවට මුහුණ දෙන්නේ පූර්ව 2005 අවධියේ පය තබාගෙන බව පැහැදිලිව තේරුම් ගත හැක. අනාගත අභියෝග ඉදිරියේ මහින්ද රාජපක්‍ෂයන් තම අතීතය දෙස ස්වයං විවේචනාත්මකව බැලීමට තරම් නිහතමානී වී ඇතත් සෝමවංශ අමරසිංහයන් තවමත් ඒ ගුණය වර්ධනය කර ගැනීමට සමත් වී නැත. වැරදි නිවරැුදි කර ගනිමින් තමාටත් රටටත් සාධාරණය ඉටුකිරීමට ඔවුන් දෙපළට ඉතිහාසය නැවත අවස්ථාවක් ලබා දෙන්නේ ඒ ගූණය දිනෙන් දින වර්ධනය කරගතහොත් පමණි.,1 +ඔවුන් දෙපළ වෙත ඉතිහාසය විසින් ඉදිරිපත් කරන ඇගයීම් සහ චෝදනාවල සමානකම් මෙන්ම වෙනස්කම්ද ඇත. නමුත් වසර 30ක යුද්ධය අවසන් කිරීමේ සේනාධිනායකයා වීමේ ගෞරවය නිසා මහින්ද රාජපක්‍ෂයන් ඇගයීම් ලයිස්තුවේ ඉහළින්ම සිටී. සෝමවංශ අමරසිංහයන් රෝහණ විජේවීර සමයේදී 1988 සිටම නිශ්චිත තීන්දු ගත යුතු තීරණාත්මක අවස්ථාවල නිහඬව සිටීම හෝ තීන්දු නොගෙන සිටීම හෝ උපාය මාර්ගයට පිටුපා ඊනියා බහුතරයේ පැත්ත ගැනීම නිසා ඉතිහාසයේ සාක්‍ෂිකාරයකු මෙන්ම වැරදිකාරයෙකු බවටද පත් වී සිටියි. සමාව ඉල්ලා සිටීම සදහා ඔහු සතුව නිදහසට කාරණා දෙකක් ඇත. පළමුවැන්න එදා 2005 ෙඓතිහාසික ජනවරම නිර්මාණය කිරීම සදහා ඔහු ඉටු කළ තීරණාත්මක භූමිකාවයි. දෙවැන්න අනුර දිසානායක විසින් පක්‍ෂය තීරණාත්මකව අවසන් කරීම සදහා එය රැගෙන යන ගමනට අභියෝගකොට එළියට බැසීමය. පහළ මට්ටමේ සාමාජිකයන් අතර තම සදාචාර බලය රැකගැනීම සදහා ඉතා අසරණ ලෙස සහ පැටළිලි සහගත ලෙස විවිධ විග‍්‍රහ ඉදිරිපත් කළ ඔහු අනුර දිසානායක පක්‍ෂය රැගෙන යන ගමනට අභියෝග කරන බව පැහැදිලි සත්‍යයකි. සෝමවංශයන්ට අවලාද නැගීමෙන් ඒ න්‍යාය යටපත් කළ නොහැක.,1 +මහින්ද රාජපක්‍ෂයන් ලෝකයේ බලවත්ම කුලී හමුදාවක් පරාජය කිරීම පිළිබදව ඉතිහාසයේ අධිකරණය අභිමුව බලවත් ගෞරවය ලක් වූවත් ඉන් පසුව එම ජයග‍්‍රහණවලට පයින් ගැසීම පිළිබදව උදහසට ලක්වී ඇත. ප‍්‍රබල සටන් බිමක් අධිරාජ්‍යවාදීන්ට අහිමි කිරීමෙන් පසුව අධිරාජ්‍යවිරෝධී අරගලයේ ඉතිරි කොටස වන බෙදුම්වාදය දේශපාලන වශයෙන් පරාජය කිරීම සහ ආර්ථික සහ සංස්කෘතික තලයේ අධිරාජ්‍යවාදී න්‍යායපත‍්‍ර වලට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කිරීමට ක‍්‍රියා නොකිරීමේ වරදට මහින්ද රාජපක්‍ෂයන් වරදකරු වී ඇත. එහෙත් මහින්ද රාජපක්‍ෂයන් අතින් එම වරද සිදු වීමට ප‍්‍රධාන වශයෙන් බලපෑවේ සෝමවංශයන් විසින් භාග තීරණයක් ගැනීම හෙවත් සටන අතරමැද නවතා පැනයාම නිසා බවටද ඉතිහාසයේ අධිකරණය ඉදිරියේ සාක්‍ෂි ඕනෑ තරම් ඉදිරිපත් වී ඇත. කෙසේ වෙතත් ඉතිහාසයේ අධිකරණය මේ දෙපළ පිළිබදව අවසන් තීන්දුව දීම සදහා මහජන ජූරිය කැදවන බවට කිසිදු සැකයක් නැත. එම දිනය වැඩි ඈතක නොවේ. බෙහෝවිට එය අගෝස්තු – සැප්තැම්බර් කාලයේදී උදාවිය හැක.,1 +මහජන ජූරිය පැත්තෙන් ගත් විට ඔවුන් අද මුහුණ දෙමින් සිටින්නේ ඉහත සදහන් කළ ආකාරයට එම දෙපළ එක්ව රට වෙනුවෙන් තීරණාත්මක තීන්දු ගන්නා ලද යුගයේ පැවති තත්වයන්ටමය. එනම් 2002 දී රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාවා දීමේ සටන් විරාම ගිවිසුම අත්සන් කළ යුගයේදී පැවති තත්වයන්ටය.,1 +එම නිසා එම දෙපළටම මහජන ජූරියේ අනුකම්පාව ලබාගත හැක්කේ 2005 සිට නැවත පටන් ගන්නා බවට ස්ථීරසාර ප‍්‍රතිඥාවක් ලබාදීම තුළින් පමණි. දැන් ඉතිහාසය මුහුණ දී තිබෙන්නේ තම ගමන අවසන්වීමේ අභියෝගයටය. රනිල් වික‍්‍රමසිංහ මහතාට 2002 සිට නැවත පටන් ගැනීමට අවස්ථාව ලැබුණහොත් ඒ ඉතිහාසයේ අවසානය බවට සැකයක් නැත. එයට හේතුව ඔහු මෙවර 2002 ගමන නැවත ආරම්භ කළ පසුව ඔහු කැමති වූවත් අකමැති වූවත් ඒ ගමන ආපසු හැරවීමට අධිරාජ්‍යවාදීන් ඉඩ නොදීමයි. දැන් අප දකින්නේ ඉතිහාසයේ අධිකරණය එක් ඇසකින් මහජන ජූරිය දෙසත් අනෙක් ඇසින් මහින්ද රාජපක්‍ෂ සහ සෝමවංශ අමරසිංහ දෙපළ දෙස බලා සිටින තත්වයකි. කවුරු කාට සාධාරණය ඉටුකරනු ඇත්ද?,1 +වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර,1 +"මහ ලේකම්,",1 +දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය,1 +"පාසල්, රෝහල්, රජයේ ආයතන සහ පොදු ප‍්‍රවාහන සේවාවන්හිදී ඉස්ලාමික මුහුණු ආවරණ පැළඳීම තහනම් කරන නීතියක් ගෙන ඒමට නෙදර්ලන්ත කැබිනට් මණ්ඩලයේ එකගතාවය පළවී ඇතැයි වාර්තා වේ.",1 +නෙදර්ලන්ත අගමැති මාක් රූට් පවසා ඇත්තේ මෙමගින් වීදිවල බුර්කාව හෝ නිකාබය පැළඳීමට බාධාවක් නොවන බවයි.,1 +නීතියෙන් පියවර ගනු ලැබුවේ මුහුණු දැකීම අවශ්‍ය වන හෝ ආරක්‍ෂක හේතූන් මත එය සිදුකළ යුතු නිශ්චිත ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම වැළැක්වීමට බව ඔහු අවධාරණය කර තිබේ.,1 +තමන් කැමති ඇඳුම් ඇඳීමට පුද්ගලයින් සතු අයිතිය හා අන්‍යොන්‍ය සහ හඳුනාගත හැකි සන්නිවේදනයේ ඇති වැදගත්කම අතර සමතුලිතතාවයක් සොයාගැනීමට රජය උත්සහ දැරූ බවත් මෙය කිසිලෙසකින්වත් ආගමික පසුබිමකින් ගත් තීරණයක් නොවන බවත් අගමැතිවරයා පවසා තිබේ.,1 +මෙම යෝජනාව නීති විශාරදයින් වෙත යොමු කර ඇති අතර එය නීතියක් බවට පත්වීමට නම් නෙදර්ලන්තයේ පහළ හා ඉහළ මන්තී‍්‍ර මණ්ඩල ද්විත්වය විසින්ම සම්මත කළ යුතුව පවතී.,1 +මේ සමග නෙදර්ලන්තය තුළ නිකාබ් හා බුර්කා පැළඳීම තහනම් කරමින් පණවා තිබූ නීතියක් අහෝසි වනු ඇතැයි පැවසේ.,1 +එය මින් පෙර පැවති රජයේදී ඉස්ලාමික විරෝධී දේශපාලනඥයකු වන ගියර්ට් විල්ඩර්ස් විසින් යෝජනා කරන ලද්දකි.,1 +නෙදර්ලන්තයේ කාන්තාවන් 100-500 අතර ප‍්‍රමාණයක් ඉස්ලාමික මුහුණු ආවරණ පළඳින බව වාර්තා වේ.,1 +"තම බිරිඳගෙන් අද දින මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ප‍්‍රශ්නකර සිටියේ තමන් ඇමතිවරයකු වීමට පෙර මිලදී ගත් ඉඩමක් පිළිබඳව බවත් කුමක් හෝ වරදක් පටලවා තමන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.",1 +අද දින විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කොල්ලූපිටියේ කාල්විල් පෙදෙසේ පිහිටි මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණි. උදෑසන 9.30ට ප‍්‍රශ්න කිරීම් ඇරඹුණු අතර එය අවසන් වූයේ සවස 3.30ට පමණය. ප‍්‍රශ්න කිරීම් අවසන් කිරීමෙන් පසු මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ශෂී වීරවංශ මහත්මිය සමග පිටව යන මොහොතේ එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.,1 +"‘මම ඇමතිවරයකු ලෙස මුදල් උපයලා දේපළ එක් රැස් කරලා තියෙනවාද, ඉඩම් මිලදී ගෙන තියෙනවාද කියලා බලන්න මගේ බිරිඳට අද මේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබුණා. අදාළ ඉඩම් මම ඇමතිවරයකු වීමට පෙර අරගත්තු ඒවා. මම ඇමතිවරයකු වීමට පෙර ගත්තු එකක් පදනම් කරගෙන අහනවා, ‘ඇමතිවරයකු වෙලා අයථා ධනය උපයලාද මේවා මිලදී ගත්තේ?’ කියලා. මේක තමයි ඇත්ත කතාව.",1 +"අද ඕනේ මොකක් හරි පටලවලා කොහොමද අපි කොටු කරන්නේ කියලා බලන්න. ඒක තමයි වික‍්‍රමසිංහ මහත්තයාගේ ආශාව. ඒ ආශාව සන්තර්පණයකර දෙන්න බොහෝ දෙනා උත්සාහ කරනවා. අපි ඒවාට නොබියව මුහුණ දෙනවා. මේ පැමිණිල්ල ගොනුකර ඇත්තේ, ‘දුෂණ මර්දන කමිටුව’ කියලා අගමැතිතුමා පත් කරලා තිබෙන කමිටුවකින්. ඒ කමිටුවේ අනු��� දිසානායක මහත්තයාගේ නියෝජිතයකුත් ඉන්නවා’",1