File size: 1,735 Bytes
ae26518 |
1 |
{"Header": ["\nබස් ගාස්තු සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක්"], "Time": ["\n02 Jun, 2016\t", "| 10:03 am ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2016/06/02/%e0%b6%b6%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b6%82%e0%b7%81%e0%b7%9d%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b6/", "Content": "බස් ගාස්තු සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වෙන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි. එහි සභාපති එම්.පී.ඒ. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, එහි වාර්තාව විෂය භාර අමාත්‍යවරයාට භාර දීමෙන් පසු ඉදිරි පියවර ගන්නා බව ය. මාර්ග තදබදය හේතුවෙන් වැය වන ඉන්ධන පිරිවැය බස්ගාස්තුව සඳහා ඇතුළත් කළ යුතු බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කරන ඉල්ලීම සම්බන්ධයෙන් ද ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාගෙන් නිව්ස් ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ ඒ පිළිබඳව තමන්ට තීරණයක් ගත නොහැකි බව ය."} |