cheranga-uom
data added into the repo
fb7bce2
{"Header": "12 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි", "Time": "17th January 2019 16:15:18 Hours", "Content": "හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් පී.ඩබ්ලිව්.ඩි.කේ ජයතිලක බදාදා (16) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගන්නා ලදී. නව සේනාංකාධිපතිතුමන් වෙත සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පිරිනමනු ලැබීය. අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් සිය කාර්යාලයේ දී සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් රාජකාරි භාරගත්හ. මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කල අතර එම සේනාංයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ද ඇමතූහ. අනතුරුව පැවැති සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහා ද නව සේනාංකාධිපතිතුමන් සහභාගි වූහ."}