{"Header": "යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා තවත් භාවනා වැඩසටහනක්", "Time": "03rd October 2018 21:30:06 Hours", "Content": "නාවික හමුදා නිලධාරින් 03 ක් සහ නාවික හමුදා සාමාජිකයින් 17 ක් ඇතුළු යුද්ධ හමුදා නිලධාරින් 10 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 78 දෙනෙකු සඳහා තවත් එක්දින භාවනා වැඩසටහනක් සිකුරාදා (28) දින දෙකටන, බවුන්සෙත් භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සංවිධානය කල මෙම භාවනා වැඩසටහන දෙකටන, බවුන්සෙත් භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය දියසෙන්පුර විමල හිමියන් විසින් මෙහෙයවනු ලැබීය."} |