cheranga-uom
data added into the repo
fb7bce2
{"Header": "ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නව කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් මුදන්නායක රාජකාරි අරඹයි", "Time": "07th September 2018 11:26:13 Hours", "Content": "ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 16 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් එම්. මුදන්නායක අගෝස්තු මස 27 වන දින එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූලව උත්සවයකදී රාජකාරි අරඹන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කල මේජර් ජෙනරාල් ඩී.එස්. වීරමන් අගෝස්තු මස 16 වන දින සිය ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව මේජර් ජෙනරාල් එම්. මුදන්නායක එම ධූරයට පත්විය. රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයක් පිරිනැමිමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අතුල ද සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, සරඹ භූමිය වෙත කැටුව ගිය නව කර්නල් සේනාවිධායකතුමන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සෙබළියන්ගේ හමුදා ගෞරවය පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව නව කර්නල් සේනාවිධායකතුමන් විසින් භට පිරිස් අමතනු ලැබීය. මේජර් ජෙනරාල් එම්. මුදන්නායක ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් රාජකාරි භාරගත් අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ. අනතුරුව සියලුනිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගි වූ නව කර්නල් සේනාවිධායකතුමන් එහිදි සියලුදෙනා සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ. එමෙන්ම, මේජර් ජෙනරාල් එම්. මුදන්නායක නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති ලෙස ද රාජකාරි කරනු ලබයි."}