cheranga-uom
data added into the repo
fb7bce2
{"Header": "යාපනය ආඥාපතිතුමන්, ඇමතිතුමන් සහ ආණ්ඩුකාරවරයා සමඟ සුහද හමුවක", "Time": "18th January 2020 08:30:40 Hours", "Content": "කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් දාම කළමනාකරණ අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමන් (පාර්ලිමේන්තු මන්ත්‍රි) සමඟ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත් මහතා සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ඉකුත් සිකුරාදා (17) දින උතුරේ සිදුකළ නිරික්‍ෂණ සංචාරයක් අතරතුර යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත පැමිණියහ. යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි අමාත්‍යතුමන් ඇතුළු දූත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර ඉන් අනතුරුව, ආඥාපතිතුමන් යාපනය අර්ධද්වීපයේ වර්තමාන තත්ත්වය සහ යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී. මෙම සකච්ඡාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගිවන ලදී. එමෙන්ම, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සිකුරාදා (17) දින අභිනවයෙන් පත්වූ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය යාපනයේ පිහිටි සිය කාර්යාලයේදී හමුවිය. මෙම සුහද හමුව අතරතුරදී, යාපනයේ සිවිල් වැසියන්ගේ සුභසාධනයට අදාළ කරුණු සහ යාපනය ප්‍රදේශයේ යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ව්‍යාපෘතින් පිළිබඳව සාකච්ඡා කළහ."}