cheranga-uom
data added into the repo
fb7bce2
{"Header": "යාපනයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් තෝලපුරම් ප්‍රදේශයේ අසරණ පවුලකට නව නිවසක් ඉදිකරදෙයි", "Time": "10th May 2019 16:13:52 Hours", "Content": "යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි දිළිඳු පවුලක් වෙනුවෙන් නැවත වරක් නව නිවසක් ඉදිකර දෙන ලදී. යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත 51 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරීගේ සම්බන්ධිකරණය යටතේ තෝලපුරම් ප්‍රදේශයේ චුල්ලිපුරම් ගම්මානයේ අඩු ආදායම්ලාභි පවුලක් සඳහා මෙම නව නිවස ඉදිකර දෙන ලදී. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සිවිල් ව්‍යාපෘතී අරමුදලින් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ගේ අධික්‍ෂණය යටතේ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ හා 51 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම ඉංජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව මෙම නව නිවස ඉදිකරනු ලැබිය. ඒ අනුව 511 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් හා 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ යුද්ධ හමුදා සමාජිකයින් විසින් මෙම ව්‍යාපෘතියේ අවසන් දින උත්සවය සාර්ථක ලෙස සංවිධානය කරනු ලැබිණී. පසුගිය බ්‍රහස්පතින්දා (9) දින පැවති මෙම නව නිවස විවෘත කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි සහභාගිවූ අතර, එහිදි එතුමන් විසින් පීත්ත පටිය කපා නව නිවස විවෘත කිරිම සඳහා නිවාසලාභි පවුලේ සාමාජිකයින් හට ඇරයුම් කළහ. පසුව හින්දු චාරිත්‍ර හා සම්ප්‍රදානූකූලව සියළු වැඩ කටයුතු සිදු කළ අතර, අනතුරු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ආහාර පිසීමේ කාර්යයන් පහසු කරගැනීම සඳහා ගෑස් සිලින්ඩරයක් ද එහිදි නිවාසලාභින් හට පරිත්‍යාග කළහ. මෙම කෙටි උත්සව සඳහා ප්‍රතිලාභීන්ගේ ඥාතීන් පිරිසක් ද එක්විය. මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, 511 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්, නිලධාරීන් සහ අසල්වැසියන් කිහිපදෙනෙකු සහභාගිවිය."}