{"Header": ["\nපාසල් වෑන් තුළදී ළමුන් ලිංගික අපයෝජනයන්ට ලක්වන බවට පැමිණිලි"], "Time": ["\n03 Apr, 2015\t", "| 8:29 am ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2015/04/03/%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%91%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%94%e0%b7%85%e0%b6%af%e0%b7%93-%e0%b7%85%e0%b6%b8%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%92/", "Content": "පාසල් වෑන් රථ තුළදී ළමුන් ලිංගික අපයෝජනයන්ට ලක්වන බවට පැමිණිලි ලැබෙමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එහි සභාපති නටාෂා බාලේන්ද්‍රන් මහත්මිය සඳහන් කළේ, එවැනි ක්‍රියා වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස මේ වන විටත් අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව ය. පොලිස් වාර්තාවක් නොමැති රියැදුරන් පාසල් වෑන් රථවල සේවයට බඳවා නොගැනීමට පියවර ගෙන ඇති බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නටාශා බාලේන්ද්‍රන් මහත්මිය පැවසුවා ය. ළමුන්ට සිදුවන මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා ගුරුවරුන්, දෙමාපියන් හා රියැදුරන් සහභාගී කරවා ගනිමින් වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගෙන ඇති බව ද ඇය සඳහන් පැවසුවා ය. ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරිය වැඩිදුරටත් පැවසුවේ, පාලිකාවක් සමග වෑන් රථවල ළමුන් ප්‍රවාහනය කිරිමට පියවර ගන්නා ලෙසට ප්‍රවාහන අධිකාරියට දැනුම් දී ඇති බව ය."} |