cheranga-uom
added newsfirst data
ae26518
{"Header": ["\nනොරොච්චෝලේ දැලට තවමත් පරිසර අධිකාරියේ අවසර ගෙන නොමැති බවට හෙළිවෙයි"], "Time": ["\n02 Jul, 2018\t", "| 10:06 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2018/07/02/%e0%b6%b1%e0%b7%9c%e0%b6%bb%e0%b7%9c%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%9d%e0%b6%bd%e0%b7%9a-%e0%b6%af%e0%b7%90%e0%b6%bd%e0%b6%a7-%e0%b6%ad%e0%b7%80%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb/", "Content": "මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පළාත් අධ්‍යක්ෂ සමන් ලෙනදූව මහතා පැවසුවේ, අදාළ ව්‍යාපෘතිය සඳහා පරිසර බලපත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් තමන් අධ්‍යනයක් කරමින් සිටින බවයි. නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරයේ බටහිර දෙසින් මීටර් 1200 ක් දිගින් හා මීටර් 15 ක් උසින් මෙම සුළං බාධකය ඉදිකිරීමට පසුගිය 22 වැනි දා මුල්ගල තැබිණි. ඒ සඳහා රුපියල් කෝටි 75 ක් වැය වන අතර ව්‍යාපෘතිය වසර 02 කින් අවසන් කිරීමට නියමිතය. මෙවැනි විශාල ව්‍යාපෘතියක් කිරීමේදී ඒ සඳහා පරිසර ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් ලබාගත යුතු වේ. ඊට අදාළ ඉල්ලුම් පත්‍රය මේ වන විට තමන්වෙත ලැබී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පළාත් අධ්‍යක්ෂ සමන් ලෙනදූව මහතා ප්‍රකාශ කළේ ය. අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර පරිසර වාර්තා ලබාගත යුතු වුව ද ව්‍යාපෘතිය යන අතරතුරු මෙවැනි අවසරයක් ඉල්ලාසිටීම පිළිබඳව අප කළ විමසුමකදී අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ, පරිසරික බලපෑමක් අවම කිරීම වෙනුවෙන් කරන වැඩපිළිවෙළක් හේතුවෙන් එය එතරම් ප්‍රශ්නයක් නොවන බවයි. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලය කරන අධ්‍යයනයක ප්‍රතිඵල හා තමන් සිදුකරන විමර්ශනවල ප්‍රතිඵල මත ඉදිරියේදී අදාළ පරිසර බලපත්‍රය ලබාදීමට කයුතු කරන බව ද සමන් ලෙනදූව මහතා පැවසීය. නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් පරිසරයට සිදුව බලපෑම පිළිබඳව ගොනුකර ඇති නඩුවකට අදාළව අධිකරණයට ඉදිරිපත් කර ඇති ලිපි ලේඛනවල දැක්වෙන්නේ මෙම යෝජිත සුළං මුවාව සැබැවින්ම අමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද අධික හිම පතනය වැලැක්වීමට භාවිතා කරන දැලක් බවයි."}