cheranga-uom
added newsfirst data
ae26518
{"Header": ["\nමරදාන, පංචිකාවත්ත මංසන්ධියේදී සිදු වූ අනතුරෙන් තුවාල ලැබූවන් 13 දක්වා ඉහළට (VIDEO)"], "Time": ["\n01 Jan, 2016\t", "| 12:44 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2016/01/01/%e0%b6%b8%e0%b6%bb%e0%b6%af%e0%b7%8f%e0%b6%b1-%e0%b6%b4%e0%b6%82%e0%b6%a0%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b8%e0%b6%82%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0/", "Content": "මරදාන, පංචිකාවත්ත මංසන්ධියේදී අද පෙරවරුවේ සිදු වූ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ගම්පහ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් සහ කොළඹ සිට කටුනායක බලා ධාවනය වූ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද අලුයම අනතුර සිදු වූ බව ය. අනතුරින් බස් රථයක් මාර්ගය හරහා පෙරළීමෙන් රථ වාහන ධාවනයට ද බාධා එල්ල විය. කෙසේ වෙතත් මේ වන විට අදාළ බස් රථ එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය. අනතුරෙන් තුවාල ලැබූවෝ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති."}