cheranga-uom
added newsfirst data
ae26518
{"Header": ["\nඔක්ටේන් 90 වෙළෙඳපොළෙන් ඉවතට"], "Time": ["\n01 Jan, 2014\t", "| 9:00 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2014/01/01/%e0%b6%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%a7%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a-90-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b7%99%e0%b6%b3%e0%b6%b4%e0%b7%9c%e0%b7%85%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad/", "Content": "ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අද සිට වෙළෙඳපොළට හඳුන්වා දුන්නේ ය. ඒ ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් වෙළෙඳපොළෙන් ඉවත් කරමිනි. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අද වෙළෙඳපොළට හඳුන්වා දුන්නේ ඛනිජ ‍තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ය. නව පෙට්‍රල් වර්ගය කාර්යක්ෂමතාවයෙන් ඉහළ බැවින් රථ වාහනවල කල් පැවැත්ම වැඩි අතර  පරිසර හානිය ද අව ම බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අලෙවි කෙරෙන්නේ ද ඔක්ටේන් 90 පෙට්‍රල් ලීටරයක් අලෙවි කළ රුපියල් 162ක මිලට ම යි."}