cheranga-uom
added newsfirst data
ae26518
{"Header": ["\nප්‍රදේශ 3කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට"], "Time": ["\n01 May, 2019\t", "| 7:29 am ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2019/05/01/%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%af%e0%b7%9a%e0%b7%81-3%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%90%e0%b6%b1%e0%b7%80%e0%b7%96-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%87/", "Content": "COLOMBO (News 1st) – කල්මුණේ, සමන්තුරෙයි, චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ රාත්‍රී 8.00ට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6.00ට ඉවත් කළ බව පොලීසිය පවසයි. මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හා පුපුරණ ද්‍රව්‍ය මෙන්ම ආයුධ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ පවසයි. පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් එම මෙහෙයුම් ක්‍රියාත්මක ය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේ, පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ ප්‍රධාන ත්‍රස්ත කල්ලියේ තවත් අත්අඩංගුවට ගැනීමට ඉතිරිව ඇත්තේ සැකකරුවන් දෙදෙනෙකුට අඩු සංඛ්‍යාවක් බවට බුද්ධි තොරතුරු හෙළි කර ගෙන ඇති බව ය. එහෙත් ඔවුන්ට ආධාර අනුබල දුන් පිරිස් සොයා බුද්ධි තොරතුරු මත මෙහෙයුම් ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර තෙබුවන ඇලේගොඩ ප්‍රදේශයේ නිවසක් අසළ කසළ ගොඩක් ගිනි තැබූ අවස්ථාවේ එහි කිසියම් පිපිරීමක් සිදු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ සිදු වූ පිපිරීමෙන් නිවසේ ජනෙල් දෙකක වීදුරුවලට හානි වී ඇති බව ය."}