{"Header": ["\nවකුගඩු පරිත්‍යාග කළ බව අත්අඩංගුවට පත් ඉන්දියානුවන් පිළිගනී (VIDEO)"], "Time": ["\n04 Apr, 2016\t", "| 4:20 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2016/04/04/%e0%b7%80%e0%b6%9a%e0%b7%94%e0%b6%9c%e0%b6%a9%e0%b7%94-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c-%e0%b6%9a%e0%b7%85-%e0%b6%b6%e0%b7%80-%e0%b6%85%e0%b6%ad/", "Content": "අනවසරයෙන් මෙරට රැඳී සිටියදී අත්අඩංගුවට ගත් ඉන්දියානු වැසියන් 8 දෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙරට වකුගඩු ජාවාරමක් සිදුකෙරෙන බව හෙළි වී තිබේ. අදාළ පිරිස අද කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කියා සිටියේ ඔවුන් වකුගඩු පරිත්‍යාග කර ඇති බව ය. එය නීතියට පටහැනි නොවන බවත් එම නිසා ඔවුන් වරදක් සිදු කර නොමැති බවත් නීතිඥයින් පවසා ඇත. කෙසේ වෙතත් සැකකරුවන් අප්‍රේල් 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මෙහිදී නියෝග කෙරිණ."} |