{"Header": ["\nඇමති මණ්ඩලය 48 දක්වා වැඩි කරන්නැයි එජාපයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්"], "Time": ["\n01 Feb, 2019\t", "| 6:39 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2019/02/01/%e0%b6%87%e0%b6%b8%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba-48-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb/", "Content": "ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, යෝජනාව ලබන 7 වන දා විවාදයට ගන්නා බවයි. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය ඒකකය අද පස්වරුවේ නිවේදනය කළේ, පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි අද භාරදුන් යෝජනාවේ සඳහන් වන බව ය. ඒ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (4) ව්‍යවස්ථාවට අනුව කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 48 ක් දක්වා වැඩි කිරීමටත් කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ගණන 45 ක් දක්වා වැඩි කිරීමටත් යෝජනා කර තිබේ. 46 (4) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් ලබාගන්නා පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේ කැබිනට්, කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ගණන පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බවයි. පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් ලබාගන්නා පක්ෂය හෝ ස්වාධීන කණ්ඩාම පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ලෙස ව්‍යවස්ථාවේ 46 (5) ව්‍යවස්ථාවේ සඳහන් වේ. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේ, යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන අවස්ථාවේ තම ස්ථාවරය ප්‍රකාශ කරන බවයි. මේ අවස්ථාවේ ඒ පිළිබඳව අදහස් නොදක්වන බව ඔහු කියා සිටියේ ය."} |