{"Header": ["\nජනපතිගේ පකිස්ථාන සංචාරයට සියල්ල සූදානම්"], "Time": ["\n04 Apr, 2015\t", "| 10:48 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2015/04/04/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7/", "Content": "ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය. එම සංචාරය පිළිබඳව පාකිස්ථානයේ සිට තොරතුරු ගෙන එන නිව්ස්ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු රිනාස් මොහොමඩ් පැවසුවේ ශ්‍රී ලංකාවේ වෙනසකට මුල පිරු නායකයා පකිස්ථානයට පැමිණෙ බවට එරට පුවත්පත් වාර්තා කර ඇති බව ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට සවස පකිස්ථානයට ළඟා වීමට නියමිත ය. එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු පැවසුවේ ජනපති සහ එරට අගමැති නවාස් ෂරීෆ් අතර හමුවක් අනිද්දා පැවැත්වෙන බව ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේදී පකිස්ථානය සමග ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත ය. අප වාර්තාකරු පැවසුවේ සංචාරය තුළදී ජනාධිපතිවරයා තක්ෂිලා කෞතුකාගාරය ද නැරඹීමට නියමිත බව ය. // <![CDATA[(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = \"//connect.facebook.net/en_US/sdk.js#xfbml=1&version=v2.3\"; fjs.parentNode.insertBefore(js, fjs);}(document, 'script', 'facebook-jssdk'));// ]]> ජනපති පකිස්ථානයේදි මොකද කරන්නේ? Posted by Newsfirst.lk on Saturday, April 4, 2015"} |