cheranga-uom
added newsfirst data
ae26518
{"Header": ["\nඅක්මීමනදී ආරක්ෂක අංශ කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට"], "Time": ["\n04 Jul, 2019\t", "| 4:00 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2019/07/04/%e0%b6%85%e0%b6%9a%e0%b7%8a%e0%b6%b8%e0%b7%93%e0%b6%b8%e0%b6%b1%e0%b6%af%e0%b7%93-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%9a-%e0%b6%85%e0%b6%82%e0%b7%81-%e0%b6%9a%e0%b7%85-%e0%b7%80/", "Content": "COLOMBO (News 1st) – අක්මීමන, මානවිල ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක් අසලදී ආරක්ෂක අංශ කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, යුද හමුදා සෙබළෙකුගේ ගිනිඅවියක් උදුරා ගැනීමට තැත් කළ අවස්ථාවේදී එම වෙඩි තැබීම සිදුව ඇති බව ය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ. මේ අතර හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් යුද හමුදාව විසින් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය."}