{"Header": ["\nමාධ්‍යයට කළ මෙහෙවර වෙනුවෙන් නීතීඥ සුසාර දිනාල් සම්මානයට පාත්‍රවෙයි"], "Time": ["\n04 Dec, 2016\t", "| 10:36 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2016/12/04/%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba%e0%b6%a7-%e0%b6%9a%e0%b7%85-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b7%80%e0%b6%bb-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80/", "Content": "විශිෂ්ඨ තරුණ සම්මාන උළෙල 36 වැනි වරටත් අද පස්වරුවේ කොළඹදී පැවැත්විය. ඊට විද්‍යුත් මාධ්‍ය දායකත්වය සැපවූයේ නිව්ස්ෆස්ට්. මෙවරත් විශිෂ්ඨ තරුණ සම්මාන උළෙලේදී සමාජයට කළ මෙහෙවර වෙනුවෙන් 10 දෙනෙකුට සම්මාන පිරිනැමුණි. මාධ්‍යයට කළ මෙහෙවර වෙනුවෙන් නීතීඥ සුසාර දිනාල් මහතා එහිදී සම්මානයට පාත්‍රවිය. ගවේෂනාත්මක වාර්තාකරණය වෙනුවෙන් සම්මාන ලැබුවේ කසුන් අමිල පුස්සෙවෙලයි. දිනේෂ් සුබසිංහ, වෛද්‍ය සචිත් මෙත්තානන්ද, වෛද්‍ය ඩිලාන් ප්‍රනාන්දු යන මහත්වරුන්ද එහිදී සම්මානයට පාත්‍රවිය. සෙසු සම්මාන ලාභීන් වන්නේ දමිත් ප්‍රේමතිලක, පද්මනාදන්, ඒ.නාවාස්, රොෂන්ති විජේවික්‍රම සහ එම්.ෂාහින් හනීෆ් යන අයයි. විද්‍යුත් මාධ්‍ය දායකත්වය සැපයීම වෙනුවෙන් එහීදී නිව්ස්ෆස්ට් ඇගයීමට ලක්විය."} |