{"Header": ["\nසහල් සඳහා වන ආනයනික බද්ධ ඉහළට (VIDEO)"], "Time": ["\n01 Feb, 2016\t", "| 6:30 am ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2016/02/01/%e0%b7%83%e0%b7%84%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b7%80%e0%b6%b1-%e0%b6%86%e0%b6%b1%e0%b6%ba%e0%b6%b1%e0%b7%92%e0%b6%9a-%e0%b6%b6%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b6%89/", "Content": "සහල් සඳහා වන ආනයනික බද්ධ අද මධ්‍යම රාත්‍රියේ සිට රු.50 ක් දක්වා වැඩි කර තිබේ. ඒ අනුව, සහල් ආනයන බද්ධ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 30 සිට රුපියල් 50 දක්වා ඉහළ නංවා ඇත. මොණරාගල, බුත්තල ප්‍රදේශයේ රුපියල් මිලියන 260 ක වියදමින් ඉදිකෙරුණු ධාන්‍ය ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් අද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ. අමාත්‍යවරයා සඳහන් කළේ, දේශීය නිෂ්පාදන දිරිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ය."} |