{"Header": ["\nවිලියම් – කේට් පකිස්ථානයේ සංචාරයකට සැරසෙති"], "Time": ["\n01 Jul, 2019\t", "| 7:24 am ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2019/07/01/%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a/", "Content": "COLOMBO (News 1st) : බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරිය මුල් වරට පකිස්ථානයේ සංචාරයක නිරත වීමට සූදානම් වන බව වාර්තා වේ. චාල්ස් කුමරු සහ කැමිලා කුමරිය 2006 වසරේ පකිස්ථානයේ සංචාරය කර වසර 13 කට පසු විලියම් කුමරු සහ කේට් කුමරිය පකිස්ථානයේ සංචාරයක නිරතවීම විශේෂත්වයකි. මෙම සංචාරයෙන් බ්‍රිතාන්‍යය පකිස්ථානය පිළිබඳව දක්වන උනන්දුව පැහැදිලි බව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය."} |