cheranga-uom
added newsfirst data
ae26518
{"Header": ["\nදුම්රිය මගින් පාර්සල් ප්‍රවාහන කටයුතු නැවතත් ඇරඹෙයි‍"], "Time": ["\n01 Jun, 2019\t", "| 7:01 am ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2019/06/01/%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a-2/", "Content": "දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව කළ බවයි. දුම්රිය මගින් ප්‍රවාහනය කෙරෙන පාර්සල් ඇසුරුම් කිරීම, ස්ථානාධිපතිවරුන් ඉදිරියේ සිදු කළ යුතු වේ. ඒ අනුව පාර්සල් ප්‍රවාහනය කිරීමේ වේලාවට පැයකට පමණ පෙර දුම්රිය ස්ථානයට පැමිණ අදාළ කටයුතු කරගන්නැයි දුම්රිය දෙපාර්තමේන්තු ජනතාවට දැනුම් දෙයි. පාර්සල් ප්‍රවාහනය නතර කර තිබූ කාල සීමාව තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූ පාඩුව රුපියල් මිලියන 15 කි."}