cheranga-uom
added newsfirst data
ae26518
{"Header": ["\nගම්මැද්දෙන් පුවක්පිටියේ පාසලකට විසල් සහනයක්…"], "Time": ["\n04 Apr, 2019\t", "| 10:43 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2019/04/04/%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%90%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b7%9a/", "Content": "COLOMBO (News 1st) : පුවක්පිටිය දෙමළ ප්‍රාථමික විද්‍යාලයට නව සනීපාරක්ෂක පහසුකම් පද්ධතියක් ඉදිකිරීමට ගම්මැද්ද වැඩදහසක් යටතේ අද මුල පිරීය. බස්නාහිර පළාත මායිමේ පිහිටි පුවක්පිටිය දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ මේ දරුවන් අකුරු කරන්නේ අවම පහසුකම්වත් නොමැතිවයි. දරු දැරියෝ 600 කට අධික පිරිසක් අධ්‍යාපනය ලබන මේ පාසලට ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම නිසා දරුවන් දැඩි අසීරුතාවන්ට පත්ව සිටියහ. මේ ගැටලුව හඳුනා ගත් ගම්මැද වැඩදහස අද ටී ජේ ලංකා සමුහයේ ද සහය ඇතිව මේ දරුවන්ගේ මූලික අවශ්‍යතාව ඉටු කරදීමට මුල පිරීය. මෙම අවස්ථාවට ටී ජේ ලංකා සමුහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රීහාන් පෙරේරා නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී පුබුදු ඩී සිල්වා නිවුස් ෆස්ට් නාලිකා ප්‍රධානී සුරංග සේනානායක, පරිපාලන අධ්‍යක්ෂ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි දයානන්ද, නිවුස් ෆස්ට් කළමනාකරු රාජේන්ද්‍රන්ද කෝගුල්නාත් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්වූහ. මෙම ව්‍යාපෘතියට නායකත්වය ලබාදෙන්නේ ගම්මැද්ද සාමාජීක ඉසුරින්දි පියසේකරයි. විද්‍යාලයේ නව සනීපාරක්ෂක පද්ධතියක් ඉදිකිරීමට සමගාමීව පැල රෝපණය කිරීමක්ද සිදුකෙරිණ."}