{"Header": "දියකාවා යුද අභ්‍යාසය තුළින් නැගෙනහිර ප්‍රදේශයේ සැඟව සිටි ත්‍රස්තවාදී නායකයා අල්ලා තවත් පුහුණු මෙහෙයුමක", "Time": "15th September 2019 10:37:02 Hours", "Content": "සීගිරිය අළුත්යාය ප්‍රදේශයේ රහසිගතව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ස්ථානයකට යමින් සිටියදී නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදී නායකයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ක්‍රියාන්විතය දියකාවා යුද පුහුණු අභ්‍යාසයේ තවත් එක් පුහුණු අභ්‍යාසයක් ලෙස ඉකුත් සෙනසුරාදා (14) දින (STABO) පුහුණු මෙහෙයුම ලෙස ක්‍රියාත්මක කරනු ලැබිණි. මෙම ක්‍රියාන්විතය කමාන්ඩෝ බටයින් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහ විදෙශ් හමුදා භටයින් 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් විසින් ඔවුන්ගේ පුහුණු දක්‍ෂතාවයන් මනාව පිළිබිඹු කරමින් සිදු කරන ලදී. ජාතික ආරක්‍ෂාව සඳහා අනාගතයේදී ප්‍රයෝජනවත් විය හැකි මෙවැනි මෙහෙයුම් පිළිබඳ අත්දැකීම් ලබා ගැනීම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම මෙහෙයුම දියත් කළහ. මෙම (STABO) පුහුණු මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔවුන් සතුව ඇති බෙල් 212 හෙලිකොප්ටර් යානයෙන් ඔවුන්ව එම ක්‍රියාන්විතය අවසානයේ නැවත රැගෙන ඒමට උපරිම සහය ලබාදුන්හ. මෙම පුහුණු අභ්‍යාසය නැරඹීම සඳහා ‘දියකාවා යුද අභ්‍යාසය - 2019’ හි අභ්‍යාස අධ්‍යක්‍ෂ මෙන්ම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ. සමරසිරි, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති මෙන්ම විශේෂ මෙහෙයුම් නිලධාරී කර්නල් පී.ජී.පී.එස් රත්නායක, කමාන්ඩෝ බලසේනාවේ අභ්‍යාස අධ්‍යක්‍ෂ ලුතිනන් කර්නල් ටී.සී.එම්.ජි.එස්.ටී. කූරේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූහ."}