{"Header": ["\nකූඨ ලේඛන සකස් කර වාහන අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට"], "Time": ["\n01 Mar, 2019\t", "| 11:20 am ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2019/03/01/%e0%b6%9a%e0%b7%96%e0%b6%a8-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9b%e0%b6%b1-%e0%b7%83%e0%b6%9a%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb-%e0%b7%80%e0%b7%8f%e0%b7%84%e0%b6%b1-%e0%b6%85%e0%b6%bd%e0%b7%99%e0%b7%80/", "Content": "COLOMBO (News 1st) – ව්‍යාජ හැඳුනුම්පත් සහ ලේඛන සකස් කර වාහන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු කඩවතදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගිනි. සැකකරුවන් වාහනවල චැසි අංක ව්‍යාජ ලෙස සකස් කර මෙම ජාවාරමේ නිරතව සිට ඇති බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් සන්තකයේ තිබී වෑන් රථයක්, එහි ව්‍යාජ ලෙස සකස් කරන ලද ලියාපදිංචි කිරීමේ සහතිකයක්, ව්‍යාජ හැඳුනුම්පත් 03ක්, ව්‍යාජ රියැදුරු බලපත්‍ර 02ක්, ව්‍යාජ ලේඛන සකස් කර උකස් තබන ලද මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. සැකකරුවන් 34 සහ 37 හැවිරිදි ඌරාපොළ සහ කිරිඳිවැල ප්‍රදේශවල පදිංචිකරුවන් ය."}