{"Header": ["\nප්‍රංශයේ කන්සර්වේටිව් ජනාධිපති අපේක්ෂකයා අර්බූදයක"], "Time": ["\n02 Mar, 2017\t", "| 10:37 am ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2017/03/02/%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%82%e0%b7%81%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b7%9a%e0%b6%a7%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b6%a2-%e0%b6%b1/", "Content": "ප්‍රංශයේ කන්සර්වේටිව් පක්ෂ ජනාධිපති අපේක්ෂක ෆ්‍රන්සුවා ෆිලන් දැඩි අර්බූදකාරී තත්ත්වයකට මුහුණ පා සිටී. ඒ ඔහුගේ දේශපාලන ප්‍රචාරණ ක්‍රියාවලියට සහය දුන් ප්‍රබලතම දේශපාලන ආධාරකරුවෙකු ෆ්‍රන්සුවා ෆිලන්ට සහය පළ කිරීම අත්හිටුවීම හේතුවෙනි. මෙය සිදුව ඇත්තේ, පාර්ලිමේන්තු අවසර පත්‍රයක් රහිතව පාර්ලිමේන්තු සහකාර තනතුරේ රැඳී සිටි සිය බිරිඳට වසර ගණනාවක් පුරා ඊට නියමිත වැටුප ලබාදීමේ චෝදනා මත ප්‍රංශ අධිකරණයක් ෆ්‍රන්සුවා ෆිලන් අධිකරණය හමුවට කැඳවීමෙන් පසුව ය. මොහුගේ ක්‍රියා කලාපය විවේචනය කරමින් ප්‍රංශයේ විදේශ සබඳතා පිළිබඳ ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, ඊට අදාළ විමර්ශන ආරම්භ වුවහොත් ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත්වන බව ඔහු මීට පෙර ප්‍රකාශ කළ නමුත් මේ වන විට ඔහු එය ප්‍රතික්ෂේප කරන බව ය."}