{"Header": ["\nරාජ්‍ය සේවකයින් සඳහා නව වැටුප් ව්‍යූහයක්"], "Time": ["\n01 Mar, 2015\t", "| 10:11 am ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2015/03/01/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b3%e0%b7%84%e0%b7%8f-%e0%b6%b1%e0%b7%80-%e0%b7%80/", "Content": "රාජ්‍ය සේවකයින් සඳහා නව වැටුප් ව්‍යූහයක් සකස් කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ. එහි ලේකම් ජේ. දඩල්ලගේ මහතා සඳහන් කළේ, මුදල් අමාත්‍යංශය සමග ඒකාබද්ධව එම කටයුතු සිදුවන බව ය. විටින් විට සිදුවූ වැටුප් වැඩිවීම් හා චක්‍රලේක හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ විවිධ ශ්‍රේණි අතර දැඩි වැටුප් විශමතාවක් නිර්මාණය වී තිබේ. නව වැටුප් ව්‍යූහය මගින් එම විෂමතා ඉවත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර මෙම ක්‍රමය හරහා වැටුප් වර්ධක සමානව සෑම රාජ්‍ය සේවකයෙකුටම හිමිවන රෙගුලාසි ගෙන ඒමට ද සැලසුම් කර ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, ලබන මස අවසන් වීමට පෙර එම කටයුතු නිම කරන බව ය. නව වැටුප් ව්‍යුහය සකස් කිරීමේදී වෘත්තීය සමිතිවල අදහස් ලබා ගැනීමට ද නියමිත බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය."}