{"Header": ["\nමුහුදේ සුළං වේගය ඉහළ යාමේ අවදානමක්… විමසිලිමත් වන්නැයි ධීවරයින්ට උපදෙස්"], "Time": ["\n04 Jan, 2019\t", "| 11:42 am ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2019/01/04/%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%af%e0%b7%9a-%e0%b7%83%e0%b7%94%e0%b7%85%e0%b6%82-%e0%b7%80%e0%b7%9a%e0%b6%9c%e0%b6%ba-%e0%b6%89%e0%b7%84%e0%b7%85-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b8%e0%b7%9a/", "Content": "නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර් 50 ක් දක්වා වැඩිවිය හැකි බවය. එබැවින් එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර කටයුතුවල නිරතවීමේදී විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙති."}