cheranga-uom
added si-ta data
c7c24dc
si_212307_0 71 වන ජාතික දින සැමරුම වෙනුවෙන් ලොව පුරා රාජ්‍ය නායකයන්ද ජනාධිපතිතුමා වෙත සුබපැතුම් එක් කර තිබෙනවා
si_212307_1 එලිසබත් මහ රැජිනද ඒ  අතර වනවා
si_212307_2 බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහ රැජින විශේෂ සුබපැතුම්  පණිවුඩයක් යොමුකරමින් කියා සිටින්නේ 71 වන ජාතික දිනය සමරන සියලු ශ්‍රී ලාංකිකයන්ට වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන බවයි. ශ්‍රී ලංකා ජනතාවට සුබපැතුම් එක්කිරීමට අවස්ථාවක් ලැබීම පිලිබදවද මහරැජින සිය බලවත් සතුට පල කරනවා
si_212307_3 රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් මහතාද 71 වන ජාතික සැමරුම වෙනුවෙන් සුබපැතුම් එක්කරනවා
si_212307_4 ජනාධිපතිතුමා වෙත සුබපැතුම් පණිවිඩක් නිකුත් කරමින් රුසියා ජනාධිපතිවරයා පවසන්නේ දෙරට අතර අනෝන්‍ය ගෞරවය සහ හෘදයාංගම මිත්‍රත්වය ඉදිරියටත් නොසැලී පවතින බවයි.  ජනතා අරමුණු මල්පල ගැන්වීම වෙනුවෙන්  දෙරට අතර ගොඩනැගී ඇති ද්වීපාර්ශ්වික සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනය වන බවටද රුසියා ජනාධිපතිවරයා විශ්වාසය පල කරනවා
si_212307_5 , මේ අතර ඉන්දීය ජනාධිපති රාම්නාත් කොවින්ද් මහතාද 71 වන ජාතික දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරනවා
si_212307_6 සියලු සහෝදර ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් පල කරන ඉන්දීය ජනාධිපතිවරයා සිය ආදරණීය රටවැසියන්ගේ යහපත වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිලිවෙලට සුබපැතුම් එක්කරන බවද ප්‍රකාශ කරනවා
si_212307_7 අසල්වැසි සහෝදර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින්නේ ඓතිහාසික නොබිදෙන සබදතාවක්
si_212307_8 එම සබදතා ඉදිරියේදී වඩා ප්‍රතිඵලදායක ලෙස ශක්තිමත්ව වර්දනය වන බවද ඉන්දීය ජනාධිපතිවරයා  සිය සුබපැතුම් පණිවුඩියේ වැඩිදුරටත් සදහන් කරනවා