|
si_268117_0 පාලන මිල ඉක්මවා තිරිගු පිටි අලෙවි කරන වෙළෙදුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා |
|
si_268117_1 ප්‍රීමා සමාගම තිරිගු පිටි මිල ඉහළ දමා ඇත්තේ තම අනුමැතියකින් තොරව නීතිවිරෝධී ලෙස බවයි එම අධිකාරිය අවධාරණය කරන්නේ |
|
si_268117_2 තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල අද (06) සිට රුපියල් පහයි ශත පනහකින් ඉහළ නංවන ලෙස ප්‍රීමා සමාගම සිය අලෙවි නියෝජිතයින්ට දැනුම් දී තිබෙනවා |
|
si_268117_3 ඊට සමගාමීව පාන් රාත්තලක මිල රුපියල් දෙකකින් ඉහළ නංවන බවට බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා |
|
si_268117_4 මේ අතර පාරිභෝගික සේවා අධිකාරියේ නිසි අවසරයකින් තොරව තිරිගු පිටි මිල ඉහළ නැංවීමට එරෙහිව පියවර ගන්නා ලෙස පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානය එම අධිකාරියෙන් ඉල්ලා සිටිනවා |
|
si_268117_5 2016 ජූලි මස 14 වනදා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයට අනුව උපරිම මිලක් නියම කර තිබෙන තිරිගු පිටි මිල වැඩි කිරීමට නම් ඒ සදහා පාරිභෝගික සේවා අධිකාරියේ අවසරය ලබා ගත යුතුයි |
|
si_268117_6 එසේ අවසරයකින් තොරව තිරිගු පිටි මිල වැඩි කිරීම නීතිවිරෝධී බැවින් අදාළ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානය තවදුරටත් ඉල්ලා සිටින්නේ |
|
|