|
si_29688_0 සෞදි අරාබි කාන්තාවන්ට පිරිමි භාරකරුවෙකුගේ අවසරයකින් තොරව විදේශ ගතවීමට හැකි වන පරිදි නීති සංශෝධනය කර තිබෙනවා |
|
si_29688_1 මෙම නව නීතියට අනුව අවුරුදු 21 ට වැඩි කාන්තාවන්ට පිරිමි භාරකරුවෙකුගේ අවසරයකින් තොරව විදේශ ගමන් බලපත්‍රයක් සදහා ඉල්ලුම්කළ හැකියි |
|
si_29688_2 තවද දරු උපත්, විවාහය හෝ දික්කසාදය ලියාපදිංචි කිරීමේ අයිතිය ද ඔවුන්ට හිමිව තිබෙනවා |
|
si_29688_3 මෙමගින් කාන්තාවන්ගේ රැකියා අවස්ථා පුළුල්වනු ඇති බවයි සදහන් වන්නේ |
|
si_29688_4 මේ වන තෙක් සෞදි කාන්තාවන්ට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට පිරිමි භාරකරුවෙකුගෙන් අවසර ලබාගැනීමට සිදුව තිබුණා |
|
si_29688_5 නව නීතිය යටතේ ස්ත්‍රී පුරුෂ භාවය, ආබාධිත භාවය හෝ වයස අනුව කිසිදු වෙනසක් නොමැතිව සෞදි කාන්තාවන්ට ද සමාන අයිතීන් ලැබී තිබෙනවා |
|
|