|
si_662391_0 රටේ තරුණ පරපුර පරිසරය සුරකිමින් රට අලංකාරවත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පැසසුමට ලක්ව තිබෙනවා |
|
si_662391_1 ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ මෙම පෙරනිමිති තුළින් නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගමන් කිරීමට ඉඩකඩ විවර වන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ශක්තිමත් තරුණ පරපුරක් සිදු කරන මෙම වෙනස අතිශය අගය කරන බවයි. නව හදුන්වාදීම් නායකත්වය මෙන්ම කණ්ඩායම් හැගීමද වර්ධනය කරමින් රට පුරා බිත්ති අලංකාර කිරීම සදහා සිතුවම් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් තරුණ පරපුර අරඹා තිබෙනවා |
|
si_662391_2 නිර්මාණශීලීත්වය තුළින් රට නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙනයාමේ පෙරනිමිති මේ තුළින් පෙන්නුම් කරන බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ |
|
si_662391_3 එමෙන්ම තරුණ පරපුරේ මෙම උත්සාහය පිළිබද තමා දැඩි සේ ආඩම්බර වන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසා තිබෙනවා |
|
|