|
si_765348_0 පොලිස් දෙපාර්තමේන්තුවට දෙමළ හා මුස්ලිම් තරුණ තරුණියන් දෙදහසක් බදවා ගැනීමට එම දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා |
|
si_765348_1 උතුරු නැගෙනහිර පළාත්වලින් දෙමළ හා මුස්ලිම් තරුණ තරුණියන් මෙසේ පොලිස් සේවයට බදවා ගැනිමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා |
|
si_765348_2 කොස්තාපල්වරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් ලෙස මෙම බදවා ගැනිම් සිදු කෙරෙන අතර ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ වව්නියාව පොලිස් අධිකාරී කාර්යාලයේදී අද (03) ආරම්භ වුණා |
|
si_765348_3 එම පළාත්වල දෙමළ හා මුස්ලිම් තරුණ තරුණියන් දැඩි උද්යෝගයකින් මේ සදහා එක්ව සිටින බවයි පොලීසිය පවසන්නේ |
|
si_765348_4 අධ්‍යාපන සුදුසුකම් මෙන්ම ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කිරීම මෙහිදි සිදු කෙරෙන බව සහකාර පොලිස් අධිකාරී වයි ජී එස් පින්නදූව මහතා සදහන් කළා |
|
|