cheranga-uom
added si-ta data
c7c24dc
si_900206444_0 20 වන ව්‍යවස්ථා සංශෝධනය පළමුවර කියවීම සදහා ලබන විසි දෙවනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසනවා.
si_900206444_1 මෙහිදී සිදුවන්නේ 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමයි.
si_900206444_2 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණයට යන්නේ නම් ඒ සදහාත් දින 07ක කාලයක් හිමි වනවා.
si_900206444_3 එම කාල සීමාව තුළ යම් අයෙකු යම් පාර්ශවයක් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළහොත් අධිකරණ ක්‍රියාවලිය සදහා හිමිවන කාලය සති තුනක්.
si_900206444_4 අධිකරණ තීන්දුවට පසු 20වන ව්‍යවස්තා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
si_900206444_5 කිසියම් පාර්ශවයක් අදාළ කාලසීමාව තුළ අධිකරණය හමුවට ඉදිරිපත්ව නොමැති නම් එහිදී ද පනත් කෙටුම්පත දෙවන වර කියවීම සදහා ඉදිරිපත් කළ හැකියි.
si_900206444_6 ඉන් අනතුරුව කාරක සභා අවස්ථා විවාදයෙන් පසු එය පාර්ලිමේන්තුවේ තුන්වන වර කියවා සම්මත කිරීමට නියමිතයි.
si_900206444_7 20වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර අදට දින 15 ක් සම්පූර්ණ වනවා.
si_900206444_8 කෙටුම්පතෙහි අඩුපාඩු සොයා බලා වාර්තා කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව ද පසුගිය දා අග්‍රාමාත්‍යවරයා වෙත භාර කෙරුණා.
si_900206444_9 මේ අතර 20වෙන සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තුළ අද දිනයේ ද කතා බහට ලක්වුණා.