cheranga-uom
added si-ta data
c7c24dc
si_900331337_0 එන්නත් ආරක්ෂාව නොමැති චීන දරුවන්ට පාසල් තහනම් කිරීමට චීන බලධාරීන් තීරණය කර තිබෙනවා.
si_900331337_1 සැප්තැම්බර් මාසයේ දී දරුවන් යළි පාසල් පැමිණෙන විට අදාළ දරුවා සහ  ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එන්නත්කරණ ක්‍රියාවලිය සම්පූර්ණ කර තිබිය යුතු බවත්, එසේ නොමැතිනම් දරුවන් පාසලට ඇතුළත් කර නොගන්නා බවත් චීනයේ ඇතැම් ප්‍රාන්තවල බලධාරීන් මේ වන විට දැනුම් දී තිබෙනවා.
si_900331337_2 චීනයේ තවත් නගර කිහිපයක අවුරුදු 12 ත් 17 ත් අතර දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමට සූදානම් වන්නේද කොරෝන මර්දන එන්නත් කටයුතු පිළිබද සොයා බැලීමෙන් අනතුරුවයි.
si_900331337_3 ඒ අනුව අදාළ නගරවල බලධාරීන් දැනුම් දී ඇත්තේ වයස අවුරුදු 12 ත් 17 ත් අතර දරුවන් මෙතෙක් එන්නත්කරණය සම්පූර්ණ කර නොමැතිනම් පාසල් ආරම්භ කිරීමට පෙර අදාළ එන්නත් ලබා ගන්නා ලෙසයි.