|
si_900345481_0 තමන්ගේ ගම් ප්‍රදේශවලට පැමිණ ජන හඩට සවන්දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව ප්‍රසාදය පළකරනවා. |
|
si_900345481_1 ජන රැළි වෙනුවට ජනාධිපතිතුමා ගෙන ආ නව සංකල්පය අගය කරන බවයි එම ජනතාව ප්‍රකාශ කළේ. |
|
si_900345481_2 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහා දෙවන වරටත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිතුමා චාරිකාවක නිරතවූ අවස්ථාවේදී ජනතාව මේ බව කියා සිටියේ. |
|
si_900345481_3 අපේක්ෂක ආනන්ද හරිස්චන්ද්‍ර මහතා කටාන වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනය අසළ සංවිධාන කළ ජනහමුවට ද ජනාධිපතිතුමා සහභාගී වුණා. |
|
si_900345481_4 එම ජනතාව සමග සුහද කතාබහක ද නිරතවුණා. |
|
si_900345481_5 පාස්කු ප්‍රහාරය සහ නව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් ගුවන්තොටුපොල වැසීයාමෙන් කුලීරථ රියදුරන් පත්ව ඇති දුෂ්කරතා පිළිබද සොයා බලන්නැයි ජනාධිපතිතුමා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට නියම කළා. |
|
si_900345481_6 කසල බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කර මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂාකර දෙන්නැයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. |
|
si_900345481_7 අපේක්ෂක ලක්ෂ්මන් ගුණවර්ධන මහතා සංවිධාන කළ ජන හමුව පැවැත්වුණේ ගම්පහ නගර සභා රථගාලේදීයි. |
|
si_900345481_8 ජනාධිපතිතුමා ඊට ද එක්වුණා. |
|
si_900345481_9 වික්‍රමාරච්චි විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් ලෙස උසස් කිරීමට ගත් පියවර අගය කරමින් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය ජනාධිපතිතුමා වෙත මෙහිදී ප්‍රණාමය පුදකලා. |
|
si_900345481_10 සමූපකාර පනත සංශෝධනය කිරීම සහ සමූපකාර කොමිෂන් සභාවට දක්ෂ නිලධාරීන් පිරිසක් පත්කිරීමේ අවශ්‍යතාව ගැන අත්තනගල්ල සමූපකාර සමිතියේ සභාපතිවරයා ජනාධිපතිතුමා සමග අදහස් හුවමාරු කර ගත්තා. |
|
si_900345481_11 අපේක්ෂක උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා සංවිධාන කළ ජන හමුව පැවැත්වුණේ අත්තනගල්ල වාරණ රජමහා විහාරස්ථානය අසලදීයි. |
|
si_900345481_12 එහිදී ද ජනාධිපතිතුමාට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා. |
|
si_900345481_13 ඉන්දීය ශ්‍රමිකයන් ගෙන්වීම සීමාකර පාරම්පරික රන්, රිදී කර්මාන්ත කරුවන්ට ස්වර්ණාභරණ නිශ්පාදනය සදහා අවස්ථාව සලසන ලෙස ජනතාව මෙහිදී ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. |
|
si_900345481_14 අපේක්ෂක මිලාන් ජයතිලක මහතා කිරිදිවැල මහජන රථගාල භූමියේ සංවිධාන කළ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී වුණා. |
|
si_900345481_15 සිසුන් පිරිසක් කළ ඉල්ලීමකට අනුව කිරිදිවැල සිට ආරක්ෂක සේවා විද්‍යාලයට ගමන් කිරීම සදහා පාසල් බස් රථයක් ලබා දෙන බව ජනාධිපතිතුමා මෙහිදී පැවසුවා. |
|
si_900345481_16 බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වසර 25 ක් සේවය කළ අයගේ සේවය ස්ථිර කර දෙන ලෙස කළ ඉල්ලීම කෙරෙහිද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. |
|
si_900345481_17 අපේක්ෂක බර්නන් ගුණරත්න මහතා දෙකටන ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. |
|
si_900345481_18 රැස්ව සිටි ජනතාව සමග ජනාධිපතිතුමා සුහද පිළිසදරක ද නිරත වුණා. |
|
si_900345481_19 දොම්පේ අභිමානය ග්‍රන්ථය ද ඒ මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. |
|
|