si_16138_0 රජයේ ණය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදුකර ඇති ප්‍රකාශය විකෘති කරන ලද විග්‍රහයක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා si_16138_1 රජයේ ණය හා දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතයේ අගයන් සැසදීමේදී යම් අසමානතාවක් දැකිය හැකි බවට හිටපු මහ බැංකු අධිපතිවරයා කර ඇති ප්‍රකාශය කරුණු විකෘති කිරීමක් ලෙසයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ si_16138_2 ඔහු දක්වා ඇති දත්ත සම්බන්ධයෙන් අදාළ වගකිව යුතු ආයතන කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ඇති බව ද අමාත්‍යාංශය පවසනවා si_16138_3 පසුගිය වසරේ ප්‍රකාශිත නිල ණය හා දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය සියයට 77 si_16138_4 6 ක් si_16138_5 එහෙත් කබ්රාල් මහතා තමන් දන්නා කරුණු පමණක් හුවා දක්වමින් විකෘති ගණනයක් කර එම අනුපාතය සියයට 82. 5 ක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ කර තිබෙනවා si_16138_6 2010, 2013 කාල වකවානුවේදී ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් ගත් ණය රජයේ මූල්‍ය ප්‍රකාශයන්ට ඇතුළත් කිරීමක් සිදුව නැහැ si_16138_7 ඒ  එවක මුදල් අමාත්‍යවරයාගේ යෝජනාවකට අනුව කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුවයි. රාජ්‍ය ව්‍යවසායන් ඔස්සේ එම ණය ගෙවීමට හැකිය යන වැරදි නිගමනය මත පිහිටා එවක එම තීරණය ගෙන තිබෙනවා si_16138_8 පසුගිය රජය ගත් එම තීරණය හමුවේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා හිස නමාගෙන සිටි අතර රාජ්‍ය ව්‍යවසායන් මත පවතින ණය රාජ්‍ය මූල්‍ය ප්‍රකාශයන්ට ඇතුළත් නොකිරීම ගැන වර්තමානයේ කරුණු දක්වමින් සිටිනවා si_16138_9 පසුගිය රජයේ එම ප්‍රතිපත්ති තීරණය ගෙනහැර දක්වමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ණය හා දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය විකෘත කර පෙන්වීමට උත්සාහ කිරීම කණගාටුවට කරුණක් බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ si_16138_10 ඉතිහාසයේ මෙතෙක් ගෙවන විශාලතම ණය මුදල ගෙවීමට රජය ලබන වසරේදී සූදානමින් සිටිනවා si_16138_11 ඒ රුපියල් ට්‍රිලියන 2. 4ක් si_16138_12 එම මුදලින් සියයට 77 ක් ලබාගෙන තිබෙන්නේ 2015 වසරට පෙරයි si_16138_13 රජයේ ප්‍රකාශිත නිල ණය ප්‍රමාණය හා විගණකාධිපතිවරයාගේ ගණනය කිරීම්වල වෙනසක් ඇතිව තිබෙන්නේ ණය ගෙවීම් සම්බන්ධයෙන් පවතින පැහැදිලි කිරීම් එකිනෙකට වෙනස් ආකාරයෙන් පැවතීම නිසා බවයි මහා භාණ්ඩාගාරය සඳහන් කර ඇත්තේ si_16138_14 2010, 2013 කාල වකවානුව තුළදී ගත් කැබිනට් තීරණයකට අනුව ණය ගිවිසුම් 8 කට අදාළව ණය නැවත ගෙවීමේ වගකීම රජය සතු ව්‍යවසායන් වෙත පවරා තිබීම එම වෙනස්කම්වලට ප්‍රධාන හේතුවයි. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හා ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගමට ණය පියවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර රජයේ ප්‍රකාශිත නිල ණය ප්‍රමාණයෙන් ඉවත් කිරීම එහිදී ප්‍රමුඛ වනවා si_16138_15 හිටපු මහ බැංකු අධිපතිවරයා එකිනෙකට වෙනස් දත්ත ගෙනහැර දක්වමින් ජනතාව වියවුලට පත් කිරීමට මෙම ප්‍රකාශ තුළින් උත්සාහ ගෙන ඇති බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ si_16138_16 මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන ද ශ්‍රී ලංකාවේ ණය හා දළ දේශීය නිෂ්පාදිතය අතර අඩු අනුපාතයක් පවතිනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා si_16138_17 රටේ ණය හා දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය 2023 වසර වන විට සියයට 66. 7 ක් වනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාසයේදී නිවේදනය කළේ si_16138_18 රටේ ණය කළමනාකරණයේ තිරසර බව හා සමස්ත ආර්ථික ස්ථාවරත්වය විවරණය කිරීමට ජාත්‍යන්තර සමීක්‍ෂණ ආයතනවලට එම පුරෝකථන ඉතා වැදගත් වන බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා