si_35393_0 ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ ග්‍රෑම් 7500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා si_35393_1 ගම්පොල දවුලගල ගඩලාදෙණිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකායයි වැටලීම සිදු කළේ si_35393_2 සිලෝන් ටී නාමය යටතේ තේ මණ්ඩල ප්‍රමිති සහතිකය සහිත බෑග්වල අසුරා මෙම කසල තේ ප්‍රවාහනය කරමින් තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසනවා si_35393_3 අදාළ කන්ටේනර් රථය සහ සැකකරු අත්අඩංගුවට ගැනුණේ අද අලුයමයි si_35393_4 කසළ තේ වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේ උඩුනුවර ප්‍රදේශයෙනුයි si_35393_5 මෙම කසළ තේ හේතුවෙන් මෙරට තේ කර්මාන්තයට ජාත්‍යන්තර වශයෙන් දැඩි බලපෑම් එල්ල වනවා si_35393_6 දවුලගල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා