si_487420_0 දශකයකට පසු පැය 24 ක් ඇතුළත ඇති වූ දරුණුතම වර්ෂාපතනයට ඉන්දිවේ මුම්බායි නගරය ඊයේ මුහුණ දුන්නා si_487420_1 ගංවතුර හා ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් මුම්බායි නගරයේ පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා si_487420_2 අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් සහ  විශ්වවිද්‍යාල වසාදැමීමටද කටයුතු කෙරුණා si_487420_3 මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන්ගමන් වාර 54 ක් පමණ මේ වන විට අවලංගු කර ඇති අතර දුම්රිය ගමනා ගමනයටද බාධා එල්ල වී තිබෙනවා