si_584455_0 කෞතුක වටිනාකමින් යුත් ඇත්දළ යුගළ දෙකක් සමග සැකකරුවෙකු පිලිමතලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා si_584455_1 පිලිමතලාව පමුනුව ප්‍රදේශයේ නිවසක ඇත්දළ යුගළ දෙකක් අලෙවි කිරීමට සූදානම් කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා si_584455_2 මහනුවර මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්ත දිසා පුරාවස්තු ආරක්‍ෂණ විශේෂ ඒකකයේ නිලධාරීන් උපාය දූතයන් ලෙස ඇත්දළ මිලදී ගැනීමට යන මුවාවෙන් එම වැටලීම සිදුකර තිබෙනවා si_584455_3 ඇත්දළ යුගළයක් රුපියල් ලක්‍ෂ 55 බැගින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි වාර්තා වන්නේ si_584455_4 එක් දළ යුගළක් ඓතිහාසික පස්ගම දේවාලයෙන් සොරකම් කළ බවට පොලීසිය සැක කරනවා si_584455_5 මෙම පෞරාණික ඇත්දළ සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර්තාවක් කැදවීමට ද කටයුතු කර තිබෙනවා si_584455_6 ඊට සම්බන්ධ සැකකරු ද මෙහිදී අත්අඩංගුවට ගැනුණා si_584455_7 සැකකරු අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි