si_683812_0 ලබන සදුදා එනම් 07 වනදා කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 03 ක සියලු පාසල් සහ ශ්‍රී ජයර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03 ක් වසා තැබෙනවා si_683812_1 ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාරගන්නා දිනය බැවිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ si_683812_2 නාමයෝජනා භාර ගන්නා දින වසා තැබෙන්නේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල, දකුණු කොළඹ සහ මැද කොළඹ කොට්ඨාසයට අයත් සියලුම පාසල් si_683812_3 ශ්‍රී ජයවර්ධනපුර කලාපයට අයත් රාජගිරිය ජනාධිපති විද්‍යාලය,  හේවාවිතාරණ විද්‍යාලය සහ හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයද වසා තැබෙනවා si_683812_4 මේ අතර ජනාධිපතිවරණයට නාමයෝජන භාර ගන්නා දින ආරක්ෂක හේතුන් මත රාජගිරිය සරණ මාවත ඇතුළු මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇති si_683812_5 සිය අපේක්ෂකයන් ද සමග මැතිවරණය මහලේකම් කාර්යාලයට පැමිණෙන පක්ෂ ක්‍රියාකාරීන් සදහා රථවාහන නවතා තැබීමට රාජගිරිය මංසන්ධිය සහ අවට වෙන් කිරීම ඊට හේතුවයි.