si_73853_0 තෙවන පාර්ශවීය යෙදුම් සංවර්ධකයින්ට සමහර පරිශීලකයන්ගේ Gmail පණිවිඩ කියවිය හැකිය යන්න පිළිබඳ වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ ) සඟරාව පළ කළ තොරතුරු සම්බන්ධයෙන් ලොව පුරා මිලියන ගණනක පරිශීලකයෝ කැළඹීමට පටන් ගත්හ si_73853_1 Gmail ගිණුම් වල පවතින තොරතුරු ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙස විවිධ මාධ්‍ය ඔස්සේ පණිවිඩ හුවමාරු වන්නට පටන් ගත්තේය si_73853_2 සංචාරක සැලසුම් සහ මිල සැසඳුම් වැනි සේවා සම්බන්ධයෙන් ගූගල් ආයතනය මගින් තෙවන පාර්ශ්වන් මැදිහත් කර ගැනීමේදී මෙය සිදුවන බවයි එම පණිවිඩ වල සඳහන්ව තිබුණේ si_73853_3 WSJ මඟින් නව හෙළිදරව් කිරීමක් සැබවින්ම සිදු නොවූ අතර, පෞද්ගලිකත්වය පිලිබඳ සංවාදය නැවත ඇති කිරීමට එම ලිපිය සමත් වී අැති බව ගූගල් සමඟම සඳහන් කරයි si_73853_4 Google සමාගම වටා ගොඩනඟන ලද ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිය සම්බන්ධව ගූගල් සමාගම ප්‍රතිචාර දක්වා තිබේ si_73853_5 Google විසින් තෙවන පාර්ශ්වීය යෙදුමකට පිවිසෙන විට ලිපි වලට ඇතුළු වීමට අනුමැතිය ලත් සියගණන් සංවර්ධකයින්ට ඇති හැකියාව ගැන සඳුදා වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ ) සඟරාව පළ කළ තොරුතුරු සාමාන්‍ය භාවිතයක් බව ගූගල් සමාගම සඳහන් කරයි si_73853_6 පරිශීලකයාගෙන් පොදු භාවිත ගිවිසුම් මගින් ඒ සඳහා අවසර ලබා දෙනු ලැබේ si_73853_7 වෝල් ස්ට්‍රීට් ජර්නල් විසින් මතු කරන ලද ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වීම සඳහා සමාගම විසින් බ්ලොග් ලිපිනයක් භාවිතා කර ඇති අතර,  තෙවන පාර්ශවයක් ප්‍රවේශ වීමට ඇති සෑම ක්‍රමවේදයකින්ම පෞද්ගලික දත්ත ප්‍රවේශමෙන් ආරක්ෂා කරන බව අවධාරනය කරයි si_73853_8 එම ලිපිය විසින් සිදු කරන ලද හානිය සීමා කිරීම සඳහා ගූගල් ගිණුම්හි ආරක්ෂක, විශ්වාසනීය සහ පෞද්ගලිකත්වය පිළිබඳ අධ්‍යක්ෂ සුසාන් ෆේරි (Suzanne Frey – Director of security, trust and privacy at Google Cloud) වෙත පැවරා ඇති බවත් සඳහන් වෙයි si_73853_9 – අන්තර්ජාලයෙන්