si_765312_0 ආහාර විෂ වීමකින් ළමුන් පිරිසක් අසනීප වීම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ වුණා si_765312_1 වටවල පොලිසිය හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙන් වෙන්ව විමර්ශන සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ si_765312_2 අසාත්මිකතාවක් හේතුවෙන් ළමුන් 65 දෙනෙකු රෝහල් ගතව ප‍්‍රතිකාර ලැබුවා si_765312_3 මේ වනවිට ඉන් 45 දෙනෙක් පිටවගොස් තිබෙනවා si_765312_4 ආහාර විෂ වීමෙන් අසනීප වී තිබෙන්නේ වටවල ටෙම්පල්ස්ටො වතු යායේ ළමුන් පිරිසක්