si_900036233_0 පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර අදාළ බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය හැර වෙනත් කිසිඳු උපදෙසක් තම ඉහළ නිළධාරියා වූ එවකට බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තමා වෙත ලබා නොදුන් බව එවකට මීගමුව කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ චන්දන අතුකෝරල මහතා පවසනවා. si_900036233_1 ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ දී අද සාක්ෂි ලබාදෙමින්. si_900036233_2 කෙසේ වෙතත් ඊයේ දිනයේ සාක්ෂි ලබාදුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ තමන් ලබාදුන් උපදෙස් අනුව චන්දන අතුකෝරල මහතා කටයුතු කර නොමැති බවයි. si_900036233_3 බුද්ධි තොරතුරු වලට අනුව කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ලවීමට ඉඩකඩ ඇති බවට 2019 අප්‍රේල් 20 වන දින නිෂ්චිතවම දැනුවත්කර තිබියදීත් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ආරක්ෂාව සැපයීම සිදු නොකළේ ඇයිදැයි රජයේ අධිනීතීඥවරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියා. si_900036233_4 ඊට පිළිතුරු ලබාදෙමින් චන්දන අතුකෝරල මහතා සඳහන් කළේ මීගමුව ප්‍රදේශයේ සෑම දේවස්ථානයක් සඳහාම ආරක්ෂාව ලබාදීමට තමන් උපදෙස් ලබාදුන් බවයි. si_900036233_5 ඒ අයුරින්ම කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ද පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසට තමා කටාන කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාට උපදෙස් ලබාදුන් බවද ඔහු මෙහිදී සඳහන් කළා. si_900036233_6 නමුත් පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා කටුවාපිටිය දේවස්ථානයට පොලිස් රථවාහන ආරක්ෂාවක් පමණක් ලබාදීමට කටයුතු කර ඇති බව තමා දැනගත්තේ ප්‍රහාරය එල්ලවීමෙන් පසුව බවයි සිසිර කුමාර මහතා කොමිසම හමුවේ කියාසිටියේ. si_900036233_7 ලිපියේ සඳහන් සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීම සඳහා බුද්ධි අංශ නිලධාරීන්ගේ සහාය ලබාගත්තේ ද යන්න කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා. si_900036233_8 ඊට පිළිතුරු ලබාදුන් සිසිර කුමාර මහතා සඳහන් කළේ සැකකරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීම සඳහා තමා බුද්ධි නිලධාරීන්ගේ සහාය ලබාගත් නමුත් ඒ සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් අනාවරණය නොවූ බවයි. si_900036233_9 රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සකස් කළ පොලිස්පතිවරයා සටහන් යෙදූ බුද්ධි තොරතුරු ඇතුළත් මෙවැනි ලේඛනයක් තම සේවා කාලය තුළදී ‌ලැබී ඇත්දැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටිය. si_900036233_10 ඊට පිළිතුරු ලබාදෙමින් සිසිර කුමාර මහතාත සඳහන් කළේ LTTE  යුද සමයෙන් පසුව මෙවැනි ලිපියක් ලද ප්‍රථම අවස්ථාව මෙය බවයි.