si_900149712_0 කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ  තවත් නාවික හමුදා සාමාජිකයින් 45 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි. si_900149712_1 වැලිසර නාවික මහ රෝහලෙන් නාවික සාමාජිකයින් 35 දෙනෙකුද, හෝමාගම මුලික රෝහලෙන් නාවික සාමාජිකයින් දස දෙනෙකුද මෙසේ සුවය ලබා පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සදහන් කළා. si_900149712_2 මෙම නාවික හමුදා සාමාජිකයින් 45 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා සාමාජිකයින් 608 ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.