article
stringlengths
167
12.4k
summary
stringlengths
14
369
__index_level_0__
int64
0
504
text
stringclasses
1 value
මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමේ උත්සවයක් පසුගිය දා පැවැත්වුනා. මීට පෙර මයික්‍රොසොෆ්ට් හි ප්‍රධාන විධායක නිළධාරීවරයා වූ Steve Ballmer ගෙන් පසුව පත්වූ නව ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Satya Nadella ගේයටතේ මයික්‍රො‍සොෆ්ට් සමාගමේ සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ අනාගතය පිළිබඳව බොහෝ දේ දැනගන්නට ලැබුනා.සාමාන්‍යයෙන් වින්ඩෝස් හඳුන්වා දීමේ උළෙල, Google හෝ Apple උළෙල තරම් මාධ්‍ය අවධානයට ලක් වන්නේ නැහැ. නමුත් මේ උළෙල බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ පෙරළිකාර නව මෙහෙයුම් පද්ධතිය වන Windows 10 හා මයික්‍රොසොෆ්ට් සමාගම උළෙලේ දී හඳුන්වා දුන් පෙරළිකාර නිෂ්පාදන හා සේවාවන් නිසයි. පහතින් දැක්වෙන්නේ ඒ අතරින් කිහිපයක්.HoloLensHolographic කියන්නේ තාත්වික ලෝකය මතට අතාත්වික (Virtual) වස්තූන් ප්‍රක්ෂේපණය කරන ආකාරයක් කියලා හඳුන්වන්න පුළුවන්. සිනමා පට වලදී නම් ඔබ මේ වගේ දේවල් දැකලා ඇති. ඉතින් මේ වගේ Virtual දේවල් මවා පෙන්වන්නටත්, ඒවා සමඟ ඔබේ අංග හරහා අන්තර් ක්‍රියා කරන්නටත් හැකියාව ඇති අපූරු උපැස් යුවල් හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට් සමාගමට හැකියාව ලැබුනා. Google සමාගමේ Google Glassට වඩා දියුණු ආකාරයකට අවට පරිසරයේ ඇති දේවල් පිළිබඳව සංවේදක හරහා අවබෝධයක් ලබාගැනීමටත් ඒවා මතට හෝ ඒවා සමඟ අන්තර්ක්‍රියා කළ හැකි ආකරයකට Virtual දේවල් මවා පෙන්වීමට මේ HoloLens උපැස් යුවල සමත්.ඒ වගේම HoloStudio නමින් හඳුන්වා දෙන මෘදුකාංගයක් හරහා Virtual Objects තැනීමටත්, ඒවා විවිධ වෙනස්කම් වලට ලක්කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම HoloLens හඳුන්වා දීමේ උළෙලේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ නියෝජිතවරියක් HoloLens හා HoloStudio යොදාගනිමින් සිදුකළ අපූරු නිරූපනය බොහෝ දෙනාගේ සිත්ගත් අංගයක් වුනා. කෙසේ නමුත් HoloLens හි මිල හෝ වෙළඳපලට නිකුත් වන දිනයක් පිළිබඳව කිසිදු අදහසක් දැනට පළ කර නැහැ. අවසානයේ වින්ඩොස් 10 හඳුන්වා දීමට පැවැත්වූ උත්සවයේ විශිෂ්ඨතම හඳුන්වා දීම බවට පත් වුනේ HoloLens බව කවුරුත් පිළිගන්නා දෙයක්.Windows 10 නොමිලයේසමාගම තමන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය පැරණි මෙහෙයුම් පද්ධති භාවිත කරන අයට හැකි තරම් අඩු මිලකට ලබා දීමට සූදානම් වන බවක් පෙනී ගියා. ඒ අනුව Windows 10 නිකුත් කිරීමෙන් පසුව පළමු වසර තුලදී දැනට වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 හා Windows Phone 8.1 මෙහෙයුම් පද්ධති භාවිත බව උපකරණ සඳහා නොමිලේ ලබා දෙනු ඇත.කෙසේ වෙතත් තවමත් මොන ආකාරයකට මේ නොමිලයේ ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත්දැයි පැහැදිලි නැති වුවත්, විශේෂයෙන්ම වින්ඩෝස් 7 ධාවනය වන පැරණි පරිගණක සඳහා යම් විදියක දෘඩාංග පිළිබඳව සීමා ඇති විය හැකි බවයි අපගේ මතය. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න.වඩා දියුණු වූ සහායිකාව – CortanaCortana (කෝටානා) ඔබට මතක ඇති නේද? iOS හි Siri වගේ Android හි Google Now වගේ ඔබේ වින්ඩෝස් ජංගම දුරකථනයේ සහායිකාව වුනේ Cortana යි. මේ නව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් සමඟ කෝටානාත් අලුත් වෙලා. ඒ වගේම මෙතෙක් කලක් ජංගම දුරකථනයට (Windows Phone) පමණක් සීමා වූ ඇය දැන් Windows 10 මෙහෙයම් පද්ධතිය සමඟ ඔබේ පරිගණකයටත් ඇවිත්.ඒ වගේම ඇයගේ හැකියාවත් විශාල වශයෙන් දියුණු කිරීමටත් බුද්ධිමත්ව සිතා පිළිතුරු දීමටත් හැකියාව ඇයට ලැබිලා. ඔබ කටහඬින් කරන පුංචි විධානයන් හරහා ඔබේ OneDrive හි දත්ත පිරික්සා අවශ්‍ය තොරතරු ක්ෂණිකව ලබාදීමටත් ඇයට හැකියාව තිබෙනවා. ඒ වගේම ඇය දැන් පෙරටත් වඩා ඔබේ පුද්ගලික තොරතුරු වලට අනුකූලව තොරතුරු සපයන නිසා වඩාත් සමීප බවක් දෙනෙනු ඇති බවයි මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කරන්නේ.නවතම වෙබ් බ්‍රව්සරය – SpartanInternet Explorer එහෙමත් නැත්නම් වින්ඩෝස් හි වෙබ් බ්‍රවුසරය භාවිත කරන පිරිස සීග්‍රයෙන් අඩුවී ගියේ පසුගිය කාලයේ දී Google Chrome හා Firefox වෙබ් බ්‍රව්සර වල ආගමනයත් සමඟයි. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් තවමත් ප්‍රචලිතම වෙබ් බ්‍රව්සරය ලෙස සමහරක් වාර්ථා තවමත් පෙන්වූවත් වැඩි වශයෙන්ම භාවිත කරන බ්‍රවුසරය ලෙස Chrome ප්‍රචලිත වීමත් සමඟ IE කෙමෙන් භාවිතයෙන් ඉවත් වුනා. දැන් නම් IE භාවිත කරන්නේ බොහෝ දෙනෙක් වෙනත් බ්‍රවුසරයක් download කරගන්න පමණක් වන තරමට භාවිතය අවම වෙලා.ඉතින් මේ පරාජයට පත්වූ බ්‍රවුසරය වෙනුවට අලුත් බ්‍රවුසරයක් ගෙන එන්නට මයික්‍රො සොෆ්ට් සමාගම තීරණය කරලා. එය හැඳින්වෙන්නේ Project Spartan නමින්. වින්ඩෝස් 10 නව මෙහෙයුම් පද්ධතියත් සමඟ නිකුත් වන නව බ්‍රව්සරයේ අලුතින් rendering engine එකක් සහිත නිසා වඩා වේගවත් හා වඩා නිවැරදිව වෙබ් අඩවි පෙන්වීමේ හැකියාව Spartan හට ඇති බව මයික්‍රොසොෆ්ට් පවසනවා. ඒ වගේම Cortana සමඟ ඒකාබද්ධව ක්‍රියාකරමින් ක්‍රියා කළ හැකි මෙන්ම ජංගම දුරකථන සඳහාත් පහසුවෙන් ක්‍රියාකළ හැකියි.මීට අමතරව තවත් බොහෝමයක් features මෙහි අන්තර්ගත වන අතර පෙනුම සරල නිසා සහ භාවිතයට පහසු නිසා බ්‍රවුසර යුද්ධයට වඩා හොඳ තරඟකාරයෙක් ලෙස ඉදිරිපත් වීමට Spartan ට හැකි වේවි යැයි සිතමු.Windows 10 මෙහෙයුම් පද්ධතිය එළිදැක්වීමේ උළෙලේ විශේෂ අවස්ථා දැක්වෙන මිනිත්තු 8ක වීඩියෝව
මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමේ උත්සවයක් පසුගිය දා පැවැත්වුනා.
329
මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය Windows 10 හඳුන්වා දීමේ උත්සවයක් ඊයේ දිනයේදී පැවැත්වුණා. එම සමාගම තමන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය පැරණි මෙහෙයුම් පද්ධති භාවිත කරන අයට හැකි තරම් අඩු මිලකට ලබා දීමට සූදානම් වන බවක් පෙනී ගියා. ඒ අනුව Windows 10 නිකුත් කිරීමෙන් පසුව පළමු වසර තුලදී දැනට වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 හා Windows Phone 8.1 මෙහෙයුම් පද්ධති භාවිත බව උපකරණ සඳහා නොමිලේ ලබා දෙනු ඇත.කෙසේ වෙතත් තවමත් මොන ආකාරයකට මේ නොමිලයේ ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත්දැයි පැහැදිලි නැති වුවත්, විශේෂයෙන්ම වින්ඩෝස් 7 ධාවනය වන පැරණි පරිගණක සඳහා යම් විදියක දෘඩාංග පිළිබඳව සීමා ඇති විය හැකි බවයි අපගේ මතය.මීට පෙර පැවති මෙහෙයුම් පද්ධති සංස්කරණ සඳහා එක් එක් මෙහෙයුම් පද්ධතියට වෙන වෙනම මුදල් ගෙවා මිලදී ගැනීමට සිදු වූවත් වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතියට පසුව නිකුත් කළ වින්ඩොස් 8.1 අනු සංස්කරණය නොමිලයේ ලබා දෙමින් මයික්‍රොෙසාෆ්ට් සමාගම සිය නව සේවා විලාශය ආරම්භ කලා. ඒ අනුව මින් මතුවට වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය සේවාවක් ලෙස ලබා දෙනු ඇත. ඔබ වරක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මිලදී ගත් පසු ඉදිරි මෙහෙයුම් පද්ධති සංස්කරණ වලටත්, විවිද යාවත්කාලීනයන් සඳහාත් ඔබ සුදුසුකම් ලබනු ඇත. කෙසේ නමුත් මේ සේවාවන් සඳහා දෘඩාංග වල තත්වය, පරිගණකයේ සේවා සපයන කාල සීමාව වැනි විවිධ සීමා මායිම් බලපානු ඇති බවයි පැවසෙන්නේ.හැබැයි අමතක කරන්න එපා ඔබ නීත්‍යානුකූල නොවන විදියට (Torrents හෝ Cracks මඟින්) ලබාගත් වින්ඩෝස් සඳහා මේ වගේ වාසි ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒක ඔබේ පරිගණකයේ හා ඔබේ වටිනා දත්ත වල ආරක්ෂාවටත් තර්ජණයක්.
මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය Windows 10 හඳුන්වා දීමේ උත්සවයක් ඊයේ දිනයේදී පැවැත්වුණා.
330
2014 වසර මෙතෙක් වාර්තා වූ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය වර්තාවූ වසර වූ බව NASA ආයතනය පසුගිය දා මාධ්‍ය වෙත හෙළිකලා. National Oceanic and Atmospheric Administration හා නාසා ආයතනය සතුවූ වසර 135 ක දත්ත විශ්ලේෂණයෙනුයි මේ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.ඒ අනුව පසුගිය වසරේ භූමි උෂ්ණත්වය හා සාගර උෂ්ණත්වය ඒකාබද්ධ මධ්‍යන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 58.24 ක් ( සෙල්සියස් අංශක 14.58 ක් ) වන බවත් මේ අගය 20 වන සියවසේ වාර්තා වූ උෂ්ණත්වයට වඩා ෆැරන්හයිට් 1.03 ක් පමණ ඉහළ අගයක්. ඒ වගේම භූමි උෂ්ණත්වයේ සාමාන්‍ය අගය පහුගිය සියවසට වඩා ෆැරන්හයිට් 1.80 ක් ඉහළ අතර සාගර උෂ්ණත්වයේ සාමාන්‍ය අගය ෆැරන්හයිට් 1.03 ක් ඉහළ ගොස් ඇත. භූමි උෂ්ණත්වය පමණක් සැලකූ විට පසුගිය වසර ඉතිහාසයේ සිව් වැනි ඉහළම උෂ්ණත්වය වුවත් සාගර උෂ්ණත්වය ඉතිහාසයේ ඉහළම උෂ්ණත්වය වාර්ථා වූ වසර 2014 වසර බැවින් සමස්ථ අගය සැලකූ විට 2014 වසර උෂ්ණාධිකම වසර බවට පත්වේ.ඒ වගේම උෂ්ණාධිකම වසර අතරින් මුල් 10ම වාර්ථා වන්නේ 1998 වසරට පසුව වීමත් විශේෂත්වයක්. මේ අනුව බලන කළ ගෝලීය උෂ්ණත්වය කෙමෙන් කෙමෙන් ඉහළ යන බව ඉතාමත් පැහැදිලියි.හරිතාගාර වායුව සීග්‍රයෙන් වායුගෝලයට එකතු වීම අතිනුත්, කාබන් ඩයොක්සයිඩ් වායු සාන්ද්‍රණය ඉහළ යාම අතිනුත් පසුගිය වසර කිහිපය වාර්තා පිට වාර්තා තැබූ වසර වනවා. 2013 වසරේ මැයි මාසයේ දී කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මිලියනයට කොටස් (parts per million) 400 අගය පසුකළ අතර එය වසර 800 000කින් වාර්තා වූ වැඩිම අගයයි. CO2 සාන්ද්‍රණය සාමාන්‍යයෙන් වසර පුරා ඉහළ පහළ ගියත්, 2014 වසරේ මාස කිහිපයක්ම මිලියනයට කොටස් 400 (ppm – parts per million) අගය ඉක්මවා තිබෙනවා. දැනට පවතින කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ආසන්න කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් වාර්ථා වන සමයේ පරිසර උෂ්ණත්වය මීට වඩා ෆැරන්හයිට් 11ක් පමණ වැඩි අතර මුහුදු මට්ටමත් මීට වඩා අඩි ගණනක් ඉහළ බවයි වාර්තා වන්නේ.1880 වසරේ සිට 2014 වසර දක්වා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම දැක්වෙන NASA ආයතනය විසින් නිකුත් කළ වීඩියෝ ව.
2014 වසර මෙතෙක් වාර්තා වූ ඉහළම සාමාන්‍ය උෂ්ණත්වය වර්තාවූ වසර වූ බව NASA ආයතනය පසුගිය දා මාධ්‍ය වෙත හෙළිකලා.
331
ලොව අංක එකේ startup ව්‍යාපාරය මොකක්ද කියලා දන්නවද? ඒ තමයි Xiaomi. චීන ජංගම දුරකථන සමාගමක් වන මේ සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 43ක් පමණ වනවා.(රුපියල් කෝටි 565700) අති විශාල චීන ජංගම දුරකතන වෙළඳපල ආක්‍රමණය කරමින් කෙමෙන් වෙනත් ආසියානු රටවල් වලටත් ව්‍යාප්ත වෙමින් පවතින මේ ව්‍යාපාරය මේ වන විට පෙරළිකාර නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා. Redmi 2 ජංගම දුරකථනයත්, ස්මාර්ට් වායු සමීකරණයක්, ස්මාර්ට් විදුලි බුබුළක් වගේම තවත් පෙරළිකාර නිර්මාණ කිහිපයක් නිසාම මේ සමාගම ඉතාමත් කෙටි කාලයකින් සීග්‍ර දියුණුවක් අත්කරගැනීමට සමත් වුනා.කෙසේ නමුත් Xiaomi විසින් නිකුත් කළ ජංගම දුරකථන කිහිපයක්ම iPhone වැනි ප්‍රධාන ජංගම දුරකථන අනුකරණය කරමින් නිෂ්පාදනය කළ නිසා නොයෙකුත් නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදු වුනා. කෙසේ වෙතත් එම සමාගමේ අලුත්ම ජංගම දුරකථන ද්විත්වය වන Mi Note හා Mi Note Pro සාර්ථකව එළිදැක්වීමට පසුගිය දා එම සමාගමට හැකි වුණා. තරමක් විශාල iPhone 6 Plus ජංගම දුරකථනයේ ප්‍රමාණයටම වගේ නිපදවා ඇති මේ නව ජංගම දුරකථනය ඉලක්ක කර ඇත්තේ චීනය තුල iPhone භාවිත කරන පාරිභෝගිකයින් කොට්ඨාශයයි. නමුත් මේ නව දුරකථන iPhone අනුකරණය කරමින් කළ නිෂ්පාදනයක් නොවේ.අඟල් 5.7ක තිරයක් ඇති මේ Mi Note ජංගම දුරකථනයේ මනා පෙනුම නිසාම එය ක්ෂණිකව සිත් ඇදගන්නා සුළු ජංගම දුරකථනයක් ලෙස හඳුන්වන්න පුළුවනි. ඇපල් iPhone 6 Plus දුරකථනයට වඩා තරමක් සිහින් වීමත් බරින් අඩු වීමත් විශේෂයි. දුරකථනයේ බඳේ වැඩි කොටසක් Gorilla Glass 3 වලින් ආවරණය කර ඇති අතර මධ්‍යය විශේෂ ඇලුමිනියම් වර්ගයකින් නිමවා ඇත.ඒ වගේම විශේෂයෙන්ම කිව යුතු දෙයක් වන්නේ මේ දුරකථන ද්විත්වය Android Lollipop මෙහෙයුම් පද්ධතිය මතයි ධාවනය වන්නේ. Xiaomi වැනි කුඩා ජංගම දුරකථන සමාගම් නිසාවෙන් මේ වන තෙක් ඇන්ඩ්‍රොයිඩ් ලෝකයේ ආධිපත්‍යය පතුරුවා සිටි Smasung සමාගමේ පසුගිය වසරේ ලාබය 40% කින් පමණ අඩු වී ඇත. සාපේක්ෂව අඩු මිලට හොඳ තත්වයේ ජංගම දුරකථන විසඳුම් ලොවට හඳුන්වා දීමට Xiaomi, OnePlus, Oppo වැනි සමාගම් වලට හැකි වීම පාරිභෝගකයින්ට සතුටු දායක පුවතක් වේවි.
ලොව අංක එකේ startup ව්‍යාපාරය මොකක්ද කියලා දන්නවද?
332
Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන දෝෂයක් හඳුනාගැනීමට Rafay Baloch හා Joe Vennix නම් පර්යේෂකයින් දෙපළක් සමත්ව සිටිනවා. Android 4.3 හා ඊට පහළ මෙහෙයුම් පද්ධති සංස්කරණයන් වල WebView නම් පහසුකම ආශ්‍රිතවයි මේ දෝෂය හඳුනාගෙන තිබෙන්නේ. WebView හරහා ඇන්ඩ්‍රොයිඩ් ඇප් වල සිටම වෙනත් වෙබ් අඩවි පිරික්සීමට හැකියාව ලැබෙන නමුත් මේ දෝෂය නිසා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය හැකර් ප්‍රහාරයකට නතුවීමේ අවධානමක් පවතින බවයි පැවසෙන්නේ.ඇන්ඩ්‍රොයිඩ් නව මෙහෙයුම් පද්ධති සංස්කරණ වන 4.4 (Kit Kat) හා 5.0 (Lollipop) සඳහා මේ දෝෂයේ බලපෑමක් නොමැති වුවත් දැනට 60%කට ආසන්න පිරිසක් භාවිත කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් 4.3 හෝ ඊට ප්‍රථම සංස්කරණ නිසා මේ දෝෂයේ බලපෑම බිලියනයකට ආසන්න පිරිසකට බලපානු ඇත. කෙසේ නමුත් මේ දෝෂය පිළිබඳව අදහස් දක්වමින් Google පවසා සිටින්නේ තම සමාගමට මේ දෝෂය නිරාකරණය කිරීම අපහසු බවත් ඒ සඳහා ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතු යුතු බවත් ය. මන්ද යත් 4.3 හෝ ඊ්ට පෙර සංස්කරණ සඳහා Patches ලබාදීමට Google සමාගමට නොහැකි නිසායි.පැරණි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණය වල WebView අංගය මෙහෙයුම් පද්ධතිය සමඟ ඒකාබද්ධව කටයුතු කරන නමුත් නව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණ වල එය Play Store App සමඟ සම්බන්ධ කර ඇති නිසා පහසුවෙන් Google සමාගමට updates ලබාදිය හැකියි.ඉතින් මේ අවධානමෙන් මිදීමට නම් ඔබට හැකි ඉක්මනින් 4.4 හෝ 5.0 සංස්කරණ වලට update කර ගැනීමට සිදුවන බවයි Google සමාගම පවසන්නේ. කෙසේ නමුත් Samsung සමාගම හා LG සමාගම වැනි ප්‍රධාන සමාගම් මේ දෝෂය සඳහා පිළියම් හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැවසෙනවා.
Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන දෝෂයක් හඳුනාගැනීමට Rafay Baloch හා Joe Vennix නම් පර්යේෂකයින් දෙපළක් සමත්ව සිටිනවා.
333
සෑම වසරකම, ජාත්‍යන්තර CES උළෙල (Consumer Electronics Show) සමග නවීන තාක්ෂණික උපාංග වල දැවැන්ත රැල්ලක් දකින්නට පුළුවන්. මේ දැවැන්ත උළෙලේ දී එළඹෙන වසර තුලදී පාරිභෝගිකයින් භාවිත කරන තාක්ෂණික උපකරණ අතරට අලුතින් බොහෝමයක් උපකරණ එළිදැක්වෙනවා. CES 2015 එසේමයි.මෙහීදි වැඩි අවධානයක් දිනාගන්නට හැකිවුනේ UHD TV යන්ත්‍ර සහ රියැදුරෙකු රහිතව ධාවනය වන මෝටර් රථ වලටයි. මීට අමතරව තනි පුද්ගල ප්‍රවාහන යන්ත්‍ර ගැනත්, Smart නිවෙස් උපකරණත් බොහෝ සෙයින් දකින්නට ලැබුනා. මීට පෙර CES වලදී පරිගණක තිර වලට අදාලව අලුතින් නිෂ්පාදන හඳුන්වාදීම තරමක් අඩු වුනත් මේ වසරේ වක්‍ර තිර හා 4K තිර සහිත පරිගණක මොනිටර බහුලව එළිදැක්වුනා.එසේම තුනී ටැබ්ලට් පරිගණකත්, අධි වේගයෙන් බැටරි ආරෝපණය කළ හැකි චාජර වගේම ජංගම දුරකථන කිහිපයකුත් මෙහිදී එළි දැක්වුනා. කෙසේ නමුත් මෙවර ජංගම දුරකථන සඳහා වැඩි අවධානයක් CES හීදි යොමුවෙලා නැහැ. ඒ ඒ ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් සිය ජංගම දුරකථන එළිදැක්වීම සඳහා වෙන වෙනම උත්සව සංවිධානය කිරීම එයට හේතුවන්නට පුළුවන්.මෙවර 140000කට අධික පිරිසක් සහභාගී වූ CES හීදී නව තාක්ෂණික නිර්මාණ 20000කට අධික ප්‍රමාණයක් එළිදැක්වුනා. මේ දැක්වෙන්නේ CES හීදී එළිදැක්වුනු තාක්ෂණික මෙවලම් අතරින් හොඳම තාක්ෂණික නිර්මාණ ලෙස Mashable වෙබ් අඩවිය තෝරා පළකල නිෂ්පාදනයි.
සෑම වසරකම, ජාත්‍යන්තර CES උළෙල (Consumer Electronics Show) සමග නවීන තාක්ෂණික උපාංග වල දැවැන්ත රැල්ලක් දකින්නට පුළුවන්.
334
අවුරුදු 5ක් වගේ පුංචි වයසක ළමයෙක් වෘත්තීය මට්ටමේ සහතිකයක් ලබාගන්නවා කියන එක තරමක පුදුම හිතෙන කථාවක්. මේ කථාව අපිට අහෙන්නේ පකිස්ථානයෙන්. ලෝක ප්‍රකට Microsoft සමාගම විසින් පවත්වනු ලබන Microsoft Computer Specialist විභාගයෙන් සමත්වී මයික්‍රසොෆ්ට් විභාගයකින් ජය ලබා වෘත්තීමය සුදුසුකම් ලබාගත් ලාබාලතමයා වීමට පකිස්ථාන ජාතික Ayan Qureshi සමත්ව තිබෙනවා. විභාගය සමත් වන විට ඔහුගේ වයස අවුරුදු 5කුත් මාස 11ක්. මේ විභාගයට Ayan සමඟ වැඩිමහල් අයත් මුහුණදුන් අතර Ayan විභාගයට පිළිතුරු සපයා අවසන් කළේ වෙලාව ඉතුරුව තිබියදීයි.Ayan ගේ පියා විසින් ඔහුට පරිගණකයක් ලබා දී තිබුනේ ඔහු අවුරුදු 3ක තරම් කුඩා අවධියේදී යි. මේ වන විට Ayan ට තමන්ගේම කියලා පරිගණක පර්යේෂණාගාරයක් තිබෙනවා. ඔහුගේ පියා පවසන්නේ තම පුතුට බුද්ධිය වැඩිවීම සදහා කුඩා කල සිටම පරිගණක ක්‍රම ලේඛන භාෂා ඉගෙන ගැනීම සදහා තමන් මාර්ගෝපදේශකත්වය ලබාදුන් බවයි. තම දරුවාගේ මතක ශක්තිය අනෙක් දරුවන්ට සාපේක්ෂව වැඩි බවත් එම නිසා ඉක්මනින්ම ඉගෙන ගත් බවත් පවසනවා.Ayan Qureshi විසින් තමන් සකස් කරගත් පරිගණක විද්‍යාගාරයේ දිනකට පැය 2ක් පරිගණක මෙහෙයුම් පද්ධති පිළිබද හදාරනවා. ඔහුගේ අනාගත බලාපොරොත්තුව වන්නේ එක්සත් රාජධානිය පදනම් කරගත් පරිගණක තාක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමයි.සාමාන්‍යයන් මේ විභාගයට මුහුණ දෙන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ තාක්ෂණ ශිල්පීන් විසින්. ඒ අනුව මේ විභාගයට Ayan තවමත් ළදරුවෙක්. කෙසේ වුනත් Microsoft සමාගමට නම් වයස ප්‍රශ්ණයක් නෑ කියලයි සමාගමේ නියෝජිතයින් කියන්නේ.
අවුරුදු 5ක් වගේ පුංචි වයසක ළමයෙක් වෘත්තීය මට්ටමේ සහතිකයක් ලබාගන්නවා කියන එක තරමක පුදුම හිතෙන කථාවක්.
335
හිම කියන්නේ උෂ්ණාධික නගරයක් වන ඩුබායි වල සාමාන්‍යෙයන් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. සෙල්සියස් අංශක 40 ක සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති ඩුබායි හි අවම උෂ්ණත්වය සාමාන්‍යෙයන් සෙල්සියස් අංශක 13.8 ක පමණ අගයකයි පවතින්නේ. ඒත් දැන් දක්ෂ ගෘහ නිර්මාණශිල්පීන් කිහිපදෙනෙක් ඩුබායි නගරයේ එළිමහනේ “හිම“ නිර්මාණය කරන්නට සමත් වෙලා.The Heart of Europe (THOE) නම් වන ඩුබායි හි ප්‍රථම කෘතීම දූපත් සමූහයේ නිර්මාණකරුවන් විසිනුයි මේ අපූරු කර්තවයට අතගහලා තියෙන්නේ. මේ වසරේ මුලදී බාහිර පරිසරයට නිරාවරණය කර තැබිය හැකි හිම නිර්මාණයට මේ කණ්ඩායම වැඩ ආරම්භ කලා. මේ වන විට නත්තල පාදක කරගනිමින් හිම බබෙක් සාදා ප්‍රදර්ශණය කිරීමට මේ කණ්ඩායමට හැකි වෙලා.මෙලෙස නිර්මාණය කරන හිම භූගත නල මාර්ග මඟින් සිසිල් වන අතර හිම දියවීම සිදුවී මතුපිට රැස්වන ජලය යම ක්‍රියාවලියක් මඟින් නැවත හිම බවට පත් වනවා. ඒ වගේම සෙල්සියස් අංශක 27 වැනි උෂ්ණත්වයකදී පවා දියනොවී පැවතීමට මේ හිම වලට හැකියාව තිබෙනවා.මේ හිම නිර්මාණය කිරීම අනාගතයේදී නගර අංලකරණයටත් පාරිසරික උෂ්ණත්වය අඩුකිරීමටත් යොදාගන්නා බව THOE හි විධායක නිළධාරී Josef Kleindienst පැවසූවා.
හිම කියන්නේ උෂ්ණාධික නගරයක් වන ඩුබායි වල සාමාන්‍යෙයන් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි.
336
WhatsApp කියන්නේ ලොව අංක එකේ chat app එකක්. විවිධ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති රාශියක් සඳහා සහාය දැක්වූ WhatsApp මේ වන තෙක් ඔබේ පරිගණකය හරහා භාවිත කරන්නට හැකියාවක් තිබුනේ නැහැ. නමුත් අදින් පසුව ඔබට පහසුවෙන් වෙබ් බ්‍රවුසරය හරහා WhatsApp වෙත පිවිසිය හැක. ඒ සඳහා මෙම වෙබ් අඩවියට https://web.whatsapp.com ඔබේ Google Chrome වෙබ් බ්‍රව්සරයෙන් පිවිසෙන්න. එහිදී දකින්නට ලැබෙන QR code එක ඔබේ ජංගම දුරකථනයේ WhatsApp හරහා scan කර පහසුවෙන් WhatsApp පරිගණකයෙන් භාවිත කළ හැක. කෙසේ නමුත් iOS හි ඇති සමහර සීමා නිසා මේ ක්‍රමය ඇපල් පරිගණක සඳහා වලංගු නොවන බවයි WhatsApp වෙබ් අඩවියේ සඳහන් වන්නේ.
WhatsApp කියන්නේ ලොව අංක එකේ chat app එකක්.
337
සාමාන්‍යයෙන් බහුතරයක් ජංගම දුරකතන පාවිච්චි කරන්නන්ට ජංගම දුරකථනයේ වර්ගය හෝ වර්ශන් එක වැදගත් නැහැ. විශේෂයෙන්ම ඇපල් දුරකථන භාවිත කරන අයට. ඒත් ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් වසරකට ජංගම දුරකථන මාදිලි රාශියක් එළිදක්වනවා. පහුගිය වසරේදී (2014) විශාල තිර සහිත, ජල ප්‍රතිරෝධී, ප්‍රබල කැමරා වගේම වක්‍ර තිර සහිත ස්මාර්ට් ෆෝන් පවා එළිදක්වනු ලැබුවා. සාමාන්‍ය භාවිතයට දුරකථන නිකුත් වුනා වගේම විවිධ අංග අතින් විශේෂිත ජංගම දුරකථන ගණනාවක් 2014 දී වෙළඳපලට නිකුත් වුනා. පහතින් දැක්වෙන්නේ 2014 වසරේදී නිකුත් වුණු දුරකථන අතරින් හොඳම ස්මාර්ට් ෆෝන් කිහිපයයි.
සාමාන්‍යයෙන් බහුතරයක් ජංගම දුරකතන පාවිච්චි කරන්නන්ට ජංගම දුරකථනයේ වර්ගය හෝ වර්ශන් එක වැදගත් නැහැ.
338
සෝනි සමාගම කියන්නේ ජංගම දුරකථන ක්ෂේත්‍රය තුල හොඳ නමක් දිනා සිටින සමාගමක්. ජලය මඟින් සිදුවන හානි වලට ඔරොත්තු දෙන ජංගම දුරකථන හරහා වැඩි අවධානයක් දිනාගන්නට සමත්වුන් Sony සමාගම පසුගිය දා අපූරු වෙළඳ ප්‍රචාරණ ක්‍රමයක් අනුගමනය කලා. ඒ ඩුබායි මුහුදේ මීටර් 4ක් යටින් Sony Xperia Aquatech නමින් වෙළඳසැලක් විවෘත කරමිනි.ඒ අනුව මින් පසුව මේ නව වෙළඳ සැලේදී ජලයට ඔරොත්තු දෙන සෝනි ජංගම දුරකථන අලෙවි කිරීමට සෝනි සමාගම කටයුතු යොදා තිබෙනවා. හැබැයි මේ අලෙවි සැලට ඇතුල්වීම අවසර ඇත්තේ බොහෝම සීමිත පිරිසකට පමණයි. ඒ අතර ප්‍රභූ අය මෙන්ම ජනප්‍රය අය ඇතුලත්. නමුත් මාධ්‍යවේදීන්ටත් මේ අපූරු වෙළඳසැල විවෘත කිරීමට නියමිතයි.ඒ කොහොම වුනත් එහි යාමට නම් දිය යට කිමිදීම සඳහා කිමිදුම් ඇඳුම් හැඳ වෙනම තටාකයක පුහුණු වීම වලින් පසුවයි මේ අපූරු වෙළඳසැලට ඇතුල්වීමට ඉඩ ලැබෙන්නේ.
සෝනි සමාගම කියන්නේ ජංගම දුරකථන ක්ෂේත්‍රය තුල හොඳ නමක් දිනා සිටින සමාගමක්.
339
Google Play හි ඇති මිලියනයකට අධික ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් අතරින් හොඳම ඒවා හොයාගන්න එක ලේසි පහසු කාර්යයක් නම් නෙවෙයි. ඉතින් ඒ නිසා ගූගල් විසින්ම 2014 වසරේ හොඳම ඇප්ස් ටික නම් කරලා දීලා තියෙනවා. ඔබේ එදිනෙදා කටයුතු පහසු කරගන්න, චිත්‍රපට බලන්න, අලුත් දේ ඉගෙන ගන්න, ව්‍යායාම කටයුතු පහසුකරන්න, පුවත් දැනගන්න වගේ කාරණා වලදී වැඩි දෙනෙකුට උදව් වෙන ගූගල් විසින්ම නිර්දේශ කරපු ඇප්ස් ලැයිස්තුවයි පහතින් දැක්වෙන්නේ.මේ ලැයිස්තුවට එන්න ඕන කියලා ඔයාලා හිතන ඇප්ස් තියෙනව් පහතින් තියෙන comment තීරුවේ ඒ ගැන සඳහන් කරන්නත් අමතක කරන්න එපා.
Google Play හි ඇති මිලියනයකට අධික ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් අතරින් හොඳම ඒවා හොයාගන්න එක ලේසි පහසු කාර්යයක් නම් නෙවෙයි.
340
පසුගිය වසරේ තුන්වන කාර්තුවේදී ලංකාවට ආනයනය කළ ජංගම දුරකථතන ප්‍රමාණය මිලියනයේ සීමාව ඉක්මවා ඇත. ඒ වගේම ස්මාර්ට් ජංගම දුරකථන ආනයන ප්‍රතිශතය 20%ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙලෙස ආනයනය කල ජංගම දුරකථන අතර 3G තාක්ෂණය සහිත ජංගම දුරකථන මිලියන 0.17 ක් පමණ ඇති බව CyberMedia සමීක්ෂණ වලින් හෙලිව ඇත. සියයට 22ක ප්‍රතිශතයක වැඩි බහුතරයක් හිමිකරගනිමින් තවමත් ජංගම දුරකථන නාම අතර ඉහළින්ම සිටින්නේ Nokia නාමයයි. එමෙන්ම පිලිවෙලින් Micormax සහ E-Tel සියයට 19 සහ සියයට 12 ක ප්‍රමාණයක් 2014 අවසන් කාර්තුවේ ආනයනය කර ඇත.මේ සමීක්ෂණ වාර්තා අනුව ලාංකාව තුල ජංගම දුරකථන වෙළදපොල කාර්තුවෙන් කාර්තුවට 11%ක සීග්‍ර වර්ධනයක් පෙන්නුම කරන බවද, වාර්ෂිකව 43%ක වර්ධණයක් පෙන්නුම් කරයි. එම කාලපරිච්ඡේදය තුලදී ස්මාර්ට් ෆෝන් මිලියන 0.2 (ලක්ෂ 2) පමණ ආනයන කර ඇති බවත්, 20.6% ක ප්‍රතිශතයක් වාර්තා කරමින් Samsung වෙළද නාමය ඉහළින්ම සිටින බවත් එම සමීක්ෂණ වාර්තා වලින් වැඩිදුරටත් හෙළිවේ. ලංකාවේ ජංගම දුරකථන වෙළඳපල තුල දීර්ඝ කාලයක් සිටි E-Tel නාමය 17.7% ප්‍රතිශතයක් වාර්තා කරමින් දෙවන තැන සිටී.එ මෙන්ම ස්මාර්ට් නොවන සාමාන්‍ය ජංගම දුරකථන වෙළඳපලේ ඉහළින්ම සිටින Nokia වෙළඳ නාමය 25.7%ක වෙළඳපල ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර Micormax 20.1% ක වෙළඳපල ප්‍රතිශකයක් හිමිකරගෙන ඇත.
පසුගිය වසරේ තුන්වන කාර්තුවේදී ලංකාවට ආනයනය කළ ජංගම දුරකථතන ප්‍රමාණය මිලියනයේ සීමාව ඉක්මවා ඇත.
341
ඔබ දන්නවාද, තමන්ගේ ජීවිතය පවා අවධානමකට ලක්කරගනිමින් ලෝකයට නව නිර්මාණ බිහිකරන්නට පෙළඹුනු නව නිපැයුම්කරුවන් මේ ලෝකයේ සිටිනවා. අයිෆල් කුළුණෙන් බිමට පනින්නට, අන්තරායකාරී විකිරණ වලට නිරාවරණය වෙන්නට වගේ දේවල් වලට මේ අය බය වුනේ නැහැ. මේ පහතින් දැක්වෙන්නේ ඒ වගේ තමන්ගේම නිර්මාණ නිසා ජීවිතය පවා අහිමිකරගත් නව නිපැයුම්කරුවන් කිහිප දෙනෙක් ගැනයි.1. Henry Smolinskiඔහු ඉංජිනේරුවරයෙක්. ඒ වගේම ඔහු පියාඹන කාරයක නිර්මාණකරුවෙක්. Ford Pinto මෝටර් රථයකට Cessna Skymaster ගුවන් යානයක බඳ කොටස සම්බන්ධ කර නිර්මාණය කල AVE Mizar යානයේ නිර්මාතෘ ඔහුයි. නමුත් අවාසනාවකට ඔහු ගමන් ගත් AVE Mizar යානය අනතුරට ලක්වීමෙන් හෙන්රි සහ ඔහුගේ සහායකයා 1973 දී මියගියා.2. Franz Reicheltඕස්ට්‍රේලියාවේ උපත ලද ප්‍රංශ නිමැවුම්කරුවෙකු වන ෆ්‍රාන්ස් සිය විවේක කාලය ගත කලේ පියාඹන පැරිෂුටයක් නිර්මාණය කිරීමටයි. ඇඳුමක් ලෙස ඇඳගෙන ඉහළ තැනක සිට පියාඹාගෙන එන්නට මේ අපූරු පැරිෂුටයට හැකියාව තියෙනවා. නමුත් අවාසනාවකට එම පැරිෂුටය අත්හදා බැලීම සඳහා අයිෆල් කුළුනේ සිට බිමට පනින අවස්ථාවේදී පැරිෂුටය ක්‍රියාත්මක නොවීම නිසා ඔහු එතැනම මියගියා. 1912 වසරේ පෙබරවාරි මාසයේදී සිදුවූ මේ අනතුරේ වීඩියෝ පටයයි පහතින් දැක්වෙන්නේ.3. Horace Lawson Hunleyඇමරිකානු සිවිල් යුද්ධ සමයේදී ඔහු නාවුක ඉංජිනේරුවරයෙක්. ඔහු තමයි අතින් ක්‍රියාත්මක වන ප්‍රථම සබ්මැරීනයේ නිර්මාතෘ ඔහුයි. නමුත් 1863 සිය සබ්මැරීනය අනතුරට පත්වීමෙන් ඔහු ඇතුළු 7 දෙනෙක් වූ කාර්යමණ්ඩලය ජීවිතක්ෂයට පත්වුණා.4. Marie Curieමාරි කියුරි විකිරණ ශිල්පය පිළිබඳව පර්යේෂණ කල රසායන විද්‍යාඥවරියක්. පොලෝනියම් හා රේඩියම් යන මූලද්‍රව්‍ය සොයාගැනීම පිලිබඳවත් විකිරණශීලතාව පිළිබඳ මූලද්‍රව්‍ය හඳුන්වාදීම පිළිබඳවත් ඇයට ගෞරවය හිමිවනවා. කෙසේ වෙතත් 1934 දී විකිරණ ශරීරගත වීම නිසා ඇතිවන Aplastic Anemia නම් රෝගී තත්වය නිසා ඇය ජීවිතක්ෂයට පත්වුනා.5. Valerian Ivanovich Abakovskyඅධිවේගී රේල් කාරය (Aerowagon) නිර්මාණය කල මොහු රුසියානු ජාතික නිපැයුම්කරුවෙක්. ගුවන් යානා එංජිමක් හා තටු සහිත මේ යානය සෝවියට් නිළධාරීන් රැගෙන යාම සඳහා භාවිත කල වේගවත් මෝටර් රථයක්. කෙසේ වෙතත් එම මෝටර් රථය පුපුරා යාමෙන් ඇබකොව්ස්කි ඇතුළු 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.මේ වගේ තවත් ඔබ දන්නා නවනිපැයුම්කරුවන් ඉන්නවා නම් ඒ ගැන comment section එකේ පළ කරන්න. ඒ වගේම තාක්ෂණික ලෝකයේ අලුත් අපූරු සිදුවීම් එසැනින් දැනගන්න අපේ ෆේස්බුක් පිටුව like කරන්නත් අමතක කරන්න එපා.
ඔබ දන්නවාද, තමන්ගේ ජීවිතය පවා අවධානමකට ලක්කරගනිමින් ලෝකයට නව නිර්මාණ බිහිකරන්නට පෙළඹුනු නව නිපැයුම්කරුවන් මේ ලෝකයේ සිටිනවා.
342
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය (FITIS) විසින් සංවිධානය කරනු ලබන INFOTEL ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණයේ මෙවර තේමාව වී ඇත්තේ “පැහැබර අනාගතයක්- A Smarter Tomorrow” යන්නයි. 1992 වසරේ සිට අඛණ්ඩව පැවැති මෙම ප්‍රදර්ශණය ලංකාවේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශණය වන අතර දකුණු ආසියාවේ ප්‍රමුඛතම තාක්ෂණික ප්‍රදර්ශනයකි. INFOTEL 2014 ප්‍රදර්ශණය මෙවර පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 24 සිට 26 දක්වා BMICH හීදීයි.මෙවර ප්‍රදර්ශණ කුටි 200කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති බවත්, ඊට අමතරව පරිගණක ක්‍රීඩා, රාජ්‍ය හා පුද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණය භාවිත වන අන්දම හා තොරතුරු තාක්ෂණ ඉතිහාසය කියැවෙන තොරතුරු තාක්ෂණ කෞතුකාගාරයක්ද සූදානම් කර ඇති බව INFOTEL 2014 ප්‍රදර්ශණ සංවිධායක කමිටුවේ සභාපති ඩෙරික් ෆර්නැන්ඩස් මහතා පවසා සිටියා.ඒ වගේම මේ ප්‍රදර්ශණයේ ජාතික හවුල්කරු ලෙස ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) සම්බන්ධ වන බවත්, ලාංකික පුරවැසියන් හට තාක්ෂණ ක්ෂේත්‍රෙය් නව ප්‍රවණතා හඳුන්වාදීමේ අවස්ථාවක් නිසා තම ආයතනය INFOTEL 2014 ප්‍රදර්ශණයට සහයෝගය ලබාදෙන බවත් ICTA ආයතනයේ මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ අතුල පුෂ්පකුමාර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියා.මෙවර ප්‍රදර්ශනයේදී දෙරණ මාධ්‍ය ජාලය හා TechGuru.lk වෙබ් අඩවිය විසින් විවිධ අධ්‍යාපනික හා විනෝදාත්මක අංග කිහිපයක්ම සංවිධානය කර ඇති නිසා අපගේ ප්‍රදර්ශණකුටියට පිවිසීමටත් අමතක කරන්න එපා !
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය (FITIS) විසින් සංවිධානය කරනු ලබන INFOTEL ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණයේ මෙවර තේමාව වී ඇත්තේ “පැහැබර අනාගතයක්- A Smarter Tomorrow” යන්නයි.
343
පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගැනීම ඔබේ මුදල් ඉතුරු කරන විසඳුමක් වෙන්න පුළුවන්. ඒත් ඒ එක්කම පුංචි අවධානම් කිහිපයකටත් ඔබට මුහුණදෙන්න සිදුවේවි. ඉතින් මම අද කියන්න යන්නේ මොනවද පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්න කලින් හිතන්න ඕන දේවල් කියලයි. ඒ වගේම ඔයාගේ පරණ ජංගම දුරකථනය විකුණන්න කලින් හිතන්න ඕන දේවල් ගැනත් අපි අද කතා කරමු.ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් සෑම වසරකම අලුතින් මාදිලි වෙළඳපලට නිකුත් කරනවා. ඉතින් මේ නිසා නිතැතින්ම බොහෝ දෙනෙක් අලුත්ම මාදිලිය මිලදීගන්නට නිතැතින්ම පෙළඹෙනවා. ඒත් අලුත්ම මාදිලිය මිලදීගන්නට අවශ්‍ය නොවන ඊට ටිකක් පරණ ජංගම දුරකථනයකින් සෑහීමට පත්වන අය බොහෝ පිරිසක් අපේ වගේ රටවල් වල ඉන්නවා.පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්නවා නම් ඔබ warranty එක ගැන හිතන්නේ බොහෝමත්ම සුළුවෙන්. ඒත් මාසෙක හරි වගකීමක් තියෙනවා නම් ඒක වටිනවා. මොකද ඒකෙන් ජංගම දුරකථනය පාවිච්චි කරපු කාලය ගැන හොඳ අදහසක් ඔබට ගන්නට පුළුවන්. ඒ වගේම ජංගම දුරකථනය හොඳ තත්වයේ තියෙනවා කියලත් හොඳ විශ්වාසයක් තබාගන්න පුළුවන්. හැබැයි මේ හැමදේටම කලින් ඔබ මිලදීගන්නා මුදලයි වැදගත් වන්නේ.නියම මිල ගැන දැනගන්න.පාවිච්චි කල ජංගම දුරකථනයක් මිලදීගන්න ප්‍රධානම හේතුව වෙන්නේ සාක්කුවට ගැලපෙන මිලයි. ඉතින් හිතුමතේට මිලදීගන්නේ නැතුව ටිකක් මිල ගැන හොයලා බලන එක හොඳයි නේද? මොකද පාවිච්චි කරපු ජංගම දුරකථන වලට නිෂ්චිත මිලක් නැහැ. ඒ වගේම දුරකථනයේ තත්වය කාලය අනුවත් මිල වෙනස් වනවා. හැබැයි සාමාන්‍යෙයන් අලෙවි වන මිල ගැන දල අදහසක් ගන්නට ikman.lk, ebay.com, wow.lk වගේ වෙබ් අඩවියක පිහිට පතන්නට පුළුවන්. එහිදී ඔබට අවශ්‍ය දුරකථනය සාමාන්‍යෙයන් අලෙවි වන මුදල, කොයිතරම් ප්‍රමාණයක් විකිණීමට තිබෙනවාද කියලා දැනගන්න පුළුවන්. මං එහෙම කිව්වේ වැඩිය විකුණන්න නැති ජංගම දුරකථනයක් මිලදී ගන්න එක ටිකක් විතර අවධානම් විය හැකි නිසයි. ඒ විතරක් නෙවෙයි ඔබ සොයන ජංගම දුරකථනය බොහෝ දෙනෙක් මිලදීගෙන ටික කලකින්ම විකුණන්නට පෙළඹෙනවා නම් එය තරමක් අවධානම් සහිත තේරීමක් කියලා හිතන්න පුළුවන්.1. ඒ වගේම අමතක කරන්න එපා ඒ දුරකථනය Unlock එකක්ද කියලා හොයලා බලන්න. Ebay වගේ වෙබ් අඩවි වල නම් ඔබට වෙනම Unlocked ජංගම දුරකථන හොයාගන්න පුළුවන්. ඒත් Ikman හරි වෙනත් ලංකාවේ වෙබ් අඩවියක නම් බොහෝ විට ඔබට ඒ පිළිබඳව විමසා දැනගන්න වේවි. Ebay එකේ හොයනවා නම් Buy It Now මිල සහ Bid කරලා ගන්න කැමති මිල පටලගන්න එපා.2. සෑම විටම ඔබට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය ඇතුලත තියෙන ජංගම දුරකථන සොයන්න. එහෙම නැතුව අඩුත් නැති වැඩිත් නැති මිල ගැන බලන්න එපා. මොකද සියගණනක් ජංගම දුරකථන අතරින් අන්තිමට ඔබට මිලදීගන්නට වන්නේ ඔබේ අතේ තියෙන මුදලට ගැලපෙන ජංගම දුරකථනයක් නේ. එහෙම තෝරගත්ත ජංගම දුරකථන අතරින් හොඳම තත්වයේ ජංගම දුරකථනය සොයාගන්න එක තමයි වැදගත්ම දේ. ඒ සඳහා ජංගම දුරකථනය ගැන සඳහන් කරල තියෙන විස්තරය හොඳින් කියවන්න. ඒ වගේ විස්තරයක් නැති ජංගම දුරකථන අමතක කරලා දාන එක නුවණට හුරුයි. තවත් අමතර යමක් දැනගන්න තිබෙනවානම් එහි සඳහන් දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. ඇමතුමක් දෙන එකෙන් ඔබට වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙන දේවල් වල ඇත්ත නැත්තත් දැනගන්න පුළුවන්නේ.3. ඔබ මිලදීගන්න සූදානම් වල ජංගම දුරකථනයට සමාන specs තියෙන අලුත් ජංගම දුරකථන වල මිල ගැනත් හොයලා බලන එක වැදගත්.4. ජංගම දුරකථනය සමඟ ලබාදෙන අනෙකුත් අමතර උපාංග ගැනත් තොරතුරු විමසන්නත. එහෙමත් නැතිනම් අලුතින් උපාංගම මිලදී ගන්නට වැයකලයුතු මිල ගැනත් සොයාබලන්න. මොකද සාමාන්‍යයෙන් අමතර උපාංග වල මිල වෙනම මිලදීගන්න විට තරමක් වැඩියි.මීලදීගැනීමට සුදුසුම තැනකොහෙන්ද මිලදීගන්නේ කියන එකත් අවධානය යොමුකල යුතුම දෙයක්. විවිධාකාර විධි වල විවිධ වාසි අවාසි තියෙනවා. හොඳම විදිය නම් විකුණන කෙනා මුණගැහිලා ජංගම දුරකථනය පරීක්ෂා කරලා මිලදීගන්න එක. ඒත් අන්තර්ජලය හරහා මිලදීගන්න එකෙත් වාසි තිබෙනවා.Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා.Facebook වගේ සමාජ ජාල වෙබ් අඩවි වල ජංගම දුරකථන පිළිබඳ කතා බහට ලක්වෙන Groups ඔබ අනන්තවත් දැකලා ඇති. ඉතින් මේ වගේ group එකක් හරහා ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. බොහෝ වෙලාවට නියම පුද්ගලයාගෙන්ම ඔබට මිලදීගන්නට පුළුවන් වීමත්, පහසුවෙන් කතාබහ කරලා තොරතුරු දැනගන්නට හැකියාව තිබීමත් නිසා මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක්. ඒත් සමහර අය පුද්ගලික තොරතුරු අනාවරණය වන නිසා සමාජ ජාල වෙබ් අඩවි හරහා ගණුදෙනු කරන්නට අකමැතියි.Ikman.lk, Wow.lk හා HitAd.lk වැනිClassified වෙබ් අඩවි හරහාමේ වගේ වෙබ් අඩවි වල විශේෂත්වය වෙන්නේ ඔබට විශාල ප්‍රමාණයක් භාණ්ඩ අතුරින් හොඳම දේ තෝරාගන්නට හැකියාව තිබීමයි. ඒ වගේම ඔබට ආසන්න ප්‍රදේශයකින් තෝරාගන්නට හැකි වීමත් විශේෂයි. හැබැයි කලින් කිව්වා වගේ පැහැදිලි ඡායාරූපයක් පළකර ඇති, ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු වැඩි ප්‍රමාණයක් ඇති දැන්වීම් වලින් පමණක් ජංගම දුරකථන තෝරාගැනීම වැදගත්. කොහොමහරි අන්තමට අතට අරන් බලලාම ජංගම දුරකථනය ගැන අවසන් තීරණයට එළඹෙනවා නම් හොඳයි. ඒ වගේම කොයිම වෙලාවකවත් නොදන්න අයගේ බැංකු ගිණුම් වලට එහෙම සල්ලි දාන්න යන්න එපා. ඒ විතරක් නෙවෙයි ජංගම දුරකථන බලන්න එක එක තැන් වලට යනවා නම් පරිස්සම් වෙන්න. ඒ නිසයි හොඳ විස්තරයක් තියෙන දුරකථන විතරක් බලන්න කියලා කිව්වේ. මොකද අන්තිමට නංගි පෙන්නල අක්කා දෙන තැනකට ගිහින් නිකං කාලේ නාස්ති කරගන්නේ මොකටද නේද? :)Ebay වැනි Online මිලදීගැනීමේ පහසුකම් ඇති වෙබ් අඩවි හරහාEbay හරහා බොහෝම අඩු ගාණට ජංගම දුරකථන මිලදීගන්න පුළුවන්. හැබැයි ඉතින් අතට අරන් බලලා නෙවෙයිනේ සල්ලි ගෙවන්න වෙන්නේ. ඒ නිසා ටිකක් වැඩිපුර හොයලා බලන්න. හොඳ පැහැදිලි Top Sellers ලාගෙන් විතරක්ම ගන්නවන් හොඳයි. ඒ වගේම Return Policy එකක් තියෙන ජංගම දුරකථනයක් විතරක් මිලදී ගන්න. මොකද මොනම හේතුවකින් හරි ඔබට අවශ්‍ය දේ නෙවෙයිනම් ලැබිලා තියෙන්නේ ඒ ජංගම දුරකථනය නැවත හරහා යවන්නට අවස්ථාවක් තිබීම වැදගත්. Bid කරලා මිලදීගන්නවාට වඩා සඳහන් කරලා තියෙන මිලට මිලදීගන්න එකටයි පුද්ගලිකව මමනම් කැමති. Bid කරලා මිලදීගන්න හොඳයි ඒතරම් හොයාගන්න නැති ජංගම දුරකථන නම්. ඒත් ඕන ගානට ඕන තරම් තියෙන ජංගම දුරකථන වෙනුවෙන් මොකටද bid කරන්නේ.අවසන් මිල තීරණය කිරීමඅමතක කරන්න එපා සාමාන්‍යෙයන් කෙනෙක් මිලක් තීරණය කරන්නේ ටිකක් වැඩිපුර තියලා. ඒ අවශ්‍ය වුනොත් ටිකක් අඩුකරන්න හිතලා. ඉතින් කියනගානටම ගන්නේ නැතුව ටිකක් අඩු මිලකට ඉල්ලන එක වරදක් නැහැ. ඒ වගේම පින්තූර වලින් පෙනෙන විදියට නැත්නම් ඔබට මිල ගැන ඉල්ලීමක් කරන්න පුළුවන්. සාමාන්‍යන් ජංගම දුරකථනයේ පසුපස ආවාරණයේ හෝ දෙපස ආවරණයේ සීරීම් වලට වැඩි ගණනක් අඩු කරන්න ඉල්ලන එක අසාධාරණයි. හැබැයි තිරයේ සීරීම් තියෙනවානම් ලොකු ගණනක් අඩු කරන්නට ඉල්ලන්න ඔබට පුළුවන්.පාවිච්චි කල දුරකථනයක් පරීක්ෂා කිරීම.ඔබ ජංගම දුරකථනය පරික්ෂා කරන්න යන අවස්ථාවේ දේවල් කිහිපයක් යා යුතුයි.ඔබේම චාජර කේබලයක් ( නැත්නම් කෙනෙක්ගෙන් ඉල්ලාගෙන යන්න )ජංගම දුරකථන වර්ගයට ගැලපෙන SIM පතක්.HeadphonesmicroSD කාඩ් පතක්ලැප්ටොප් පරිගණයක්මුලින්ම ජංගම දුරකථනය අතට අරගෙන හොඳින් පරීක්ෂා කරන්න. හදිස්සියේ check කරන්න යන්න එපා. දුරකථනයේ බඳේ ඇති සීරීම් නැවීම් ගැන පරීක්ෂා කරන්න. තැලීම් වගේ දකින්න තියෙනවා නම් හිතලා බලන්න ඒ වගේ තැල්මක් ඇතිවෙන්න පුළුවන් විදි ගැනත්. මොකද විශාල තැල්මක් ඇති වෙන්න සැලකිය යුතු තරමේ ඉහලක සිට දුරකථනය පහළට වැටෙන්න ඕන. ඒ වගේම කැමරාවේ කාචය, බාහිර වීදුරු ආවරණය ගැනත් සැලකිලිමත්වන්න. ජලයෙන් හානි සිදුවෙලාද කියලා දැනගන්න බැටරියට යටින් ඇති කුඩා සුදු පැහැ ස්ටිකරය රතු පැහැ වී ඇත්නම් එය ජලයෙන් හානි වූ ජංගම දුරකථනයක්. බැටරිය ඉවත්කරන්න බැරි ජංගම දුරකථනයක් නම් සිම්පතට යටින් එය දැකගන්නට පුළුවන් වෙයි.සිම්පත ඇතුලත් කරන කවුළුව වගේම විවෘත වන චලනය වන අංග වැඩි අවධානයකින් සෝදිසි කරන්න. Headphone port එකට ඔබ රැගෙන ආ headphone එක යොදා check කරන්න. චාජර් කේබලයත් ඔබේ ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ කරලා පරීක්ෂා කරන්න. මේ පරීක්ෂා ඔබට ලබාදෙන අමතර උපාංග සමගත් පරීක්ෂා කරන්න.සිම්පත ඇතුලත් කරන්න. Calls ගන්න. SMS යවන්න. ඔබ සාමාන්‍යෙයන් පිවිසෙන වෙබ් අඩවියකට පිවිසී බලන්න. සෑම ජංගම දුරකතනයකම විශේෂ කේතයක් භාවිතයෙන් Service මෙනුවට පිවිසීමට හැකියි. ඒ හරහා ඔබට ජංගම දුරකථනයේ විවිධ අංග වල ක්‍රියාකාරීත්වය දැනගන්න පුළුවන්. උදාහරනයක් විදියට Samsung Galaxy Note 3 ජංගම දුරකථනයේ *#0*# යෙදීමෙන් ඔබට LCD තිරය, තිරයේ ස්පර්ශ සංවේදී බව, සීපීකරය, කැමරාව, වයිබ්‍රේටරය හා අනෙකුත් සංවේදක වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න පුළුවන්.අපි මීට කලින් ලිපියක පාවිච්චි කල දුරකථන විකුණන්න කලින් සැලකිලිමත් විය යුතු ආකාරය ගැන කතා කලා මතක ඇති නේ. ඉතින් අද මේ කිව්වේ පාවිච්චි කල ජංගම දුරකථනයක් මිලදී ගන්නට පෙර සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් විතරයි. මේ ලිපියට එකතුවෙන්න ඔබ කරුණු ඔයාලත් දන්නවා ඇති. එහෙනම් ඒවා පහතින් තියෙන comment box එකේ පළකරන්න.
පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගැනීම ඔබේ මුදල් ඉතුරු කරන විසඳුමක් වෙන්න පුළුවන්.
344
මේ ඔබට ඉහතින් පෙනෙන දර්ශණය SimCity පරිගණක ක්‍රීඩාවේ දර්ශණයක් කියලා ඔබට හිතෙන්න පුළුවන් වුනත් එය වැරදියි. එය Xbox 360 භාවිතයෙන් Minecraft පරිගණක ක්‍රීඩාවේ එක් පුද්ගලයෙකු විසින් වසර 2ක් තිස්සේ නිර්මාණය කරන ලද මහා නගරයක්. Titan City නමින් හඳුන්වන ලද මේ නගරය නිර්මාණය කරන්නට blocks මිලියන 4.5ක පමණ උපයෝගී කරගෙන තිබෙනවා.Duncan Parcells නම් වන මෙහි නිර්මාණකරුවා Xbox Live හි පෙනී සිටින්නේ ColonialPuppet නම් අනුවර්ත නාමයෙන්. කලා විෂය හදාරන ඔහුට පරිගණක නිර්මාණය කරනය සඳහා ඇත්තේ විශේෂ ඇල්මක්. මේ නගරය දිහා දුරින් ඉඳ නරඹන විටදීට වඩා තරමක් ලංකර බැලූ විට ඔබට පෙනේවී ඔහු කොයිතරම් අපූරු නිර්මාණකරුවෙක් ද කියලා.සාමාන්‍යෙයන් පරිගණකයෙන් Minecraft ක්‍රීඩාවේ යෙදෙනවාට වඩා Xbox 360 මඟින් එම ක්‍රීඩාවේ යෙදීම තරමක් අපහසුයි. නමුත් මුලදී ඔහු සතුව පරිගණයක් නොතිබූ නිසා Xbox 360 මඟින් ඔහුට මේ නිර්මාණය කිරීමට සිදුවෙලා.
මේ ඔබට ඉහතින් පෙනෙන දර්ශණය SimCity පරිගණක ක්‍රීඩාවේ දර්ශණයක් කියලා ඔබට හිතෙන්න පුළුවන් වුනත් එය වැරදියි.
345
බැටරි ආයුකාලය සැලකිය යුතු මට්ටමක තිබෙන අතර විශාල අති පැහැදිලි තිරය දුරකථනයට අමතර වටිනාකමක් එක්කරයි.ජංගම දුරකථනය ඉක්මනින් රත්වීම අවාසියක්සෑම අතින්ම බලන විට මේ වසරේ එළිදැක්වූ සුපිරිම ජංගම දුරකථන අතර මුල් තැනක සිටින්නට LG G3 සමත් වෙනවා. ඒ වගේම එදිනෙදා භාවිතයේදී අවශ්‍ය වන සියළුම පහසුකම් සපයන්නට LG මේ දුරකථනය හරහා සමත් වෙලා. මීට ප්‍රථම නිෂ්පාදන වල තිබූ දෝෂයන් සියල්ලම නිරාකරණය කරගනිමින් අවසානයේදී සාර්ථක දුරකථනයක් එළිදැක්වීමට LG සමාගමට හැකියාව ලැබිලා.LG කියන නම ඇහුවම ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් පාරිභෝගිකයින්ගෙන් නොලැබුන කාලයක් තිබුනා. ඒත් LG Optimus G ජංගම දුරකතනය හඳුන්වා දීමත් එක්ක නැවත Samsung, Apple, HTC වැනි ප්‍රබල සමාගම් එක්ක තරඟයට එක්වන්නට LG සමාගමට හැකි වුනා. ඒ වගේම ඉන් පසුව හඳුන්වාදුන් LG G2 ජංගම දුරකථනයත් එහි පෙනුම හා performances නිසාම ජනප්‍රියත්වයට පත්වුනා. ඒ විතරක් නෙවෙයි ඉන් පසුව පසුගිය වසරේදී හඳුන්වාදුන් LG G Flex ජංගම දුරකථනය ක්ෂේත්‍රෙය් පෙරළිකාර නිර්මාණයක් වුනා. වක්‍ර තිරයත් සිරීම් ඉබේ සුවවන තාක්ෂණයත් නිසා මේ දුරකථනය ජංගම දුරකථන වෙළඳපල තුල හොඳ නමක් දිනාගත්තා.මේ සියල්ලට අමතරව Google සමාගම සමඟ එක්කාසු වී LG විසින් නිර්මාණය කළ LG Nexus 5 දුරකථනයත් වෙළඳපල තුල සීග්‍රෙයන් අලෙවි වුනා.ඉතින් අපි අද කතාකරන්නේ LG සමාගමේ අලුත්ම සුපිරි ජංගම දුරකථනය වන LG G3 ජංගම දුරකථනය පිළිබඳවයි.HardwareTech Guru Episode 11 HD[14-18-12]LG G3 ගැන කතා කරන බොහෝ දෙනෙක් කතා කරන්නේ එහි display එක ගැනයි. දීප්තිමත් මෙන්ම වැඩි resolution එකක් සහිත් තිරය ක්ෂණිකව කැපී පෙනෙනවා. ඒ වගේම තිරය ජංගම දුරකතනයේ වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි තිබීමත් නිසා තිරයට වැඩි අවධානයක් යොමු වනවා. සෑම අඟලකටම පික්සල් 538කට ආසන්න ප්‍රමාණයක් අසුරා තිබෙන නිසා වැඩි පැහැදිලි බවක් දකින්නට පුළුවන්. ඇපල් අලුතින් හඳුන්වා දුන් iPhone 6 හි පවා තිබෙන්නේ අඟලකට පික්සල් 400කට ආසන්න ප්‍රමාණයක් පමණයි. ඒ නිසා ඔබට කිසිසේත්ම පික්සල් වෙන්කර දැකගන්නට ලැබෙන්නේ නැති තරම්. ඒ විතරක් නෙවෙයි තිරයේ වර්ණ සංයෝජනය අතිනුත් LG G3 හි තිරය උසස් මට්ටමක තිබෙනවා.කෙසේ නමුත් තිරය විශාල වීමත්, පික්සල් ප්‍රමාණය වැඩි විමත් නිසා යම් තරමකට එය බැටරි ආයුකාලය අඩුවීමට හේතුවක් වෙනවා. ඒ වගේම වැඩි වේලාවක් භාවිත කරන විට තිරයේ දීප්තිය යම් ප්‍රමාණයකට වඩා වැඩි කිරීමට නොහැකි අවස්ථාත් දැකගන්නට ලැබෙනවා. එසේ වන්නේ ජංගම දුරකථනය රත් වීම නිසයි. නමුත් එය සැලකිය යුතු තරමේ ගැටළුවක් නෙවෙයි.ඒ වගේම දැනට වෙළඳපලේ ඇති ජංගම දුරකථන වල තිර අතුරින් හොඳම තිරයක් මෙයට තිබුනත් එය තද අව්වේ භාවිතය සඳහා නම් සුදුසුම තිරය නෙවෙයි.මේ දුරකථනයේ තිරය ගැන ටිකකට අමතක කරොත් ඔබට දැකගන්න පුළුවන් වේවි LG G3 හි අනෙකුත් විශේෂතා ගැන.සිරස් අතට වක්‍ර වූ බඳ නිමවා ඇත්තේ අතට පහසු ආකාරයටයි. ඒ වගේම පසුපස ආවාරණයේ නිමාවත් උසස් තත්වයේ පෙනුමක් ජංගම දුරකථනයට එක් කිරීමට සමත්. එය බරින් අඩුයි. ඒත් ඒතරම්ම සැහැල්ලුත් නැහැ. ඒ වගේම පහසුවෙන් සාක්කුවේ දමන්නට හැකි තරම් සිහින් වගේම ටයිප් කිරීමට පහසු වන තරමට ඝනකමින්ද යුක්තයි.Tech Guru Episode 11 HD[14-21-57]පසුපස කොටසේ ඇති keys මේ නව සංස්කරණයේදී තරමක් වෙනස් කර තිබෙන අතර එය දැන් වඩාත් අතට පහසු හා පහසුවෙන් click කර හැකි ආකාරයට නිමවා ඇත. ඒ වගේම පසුපස කොටස ඇඟිල්ලෙන් සංපර්ශ කර පහසුවෙන් keys සොයාගැනීමටත් දැන් ඔබට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් වෙනත් ජංගම දුරකථන වලට වඩා වෙනස් ආකාරයට keys තිබෙන නිසා ඔබේ අත්ලේ ජංගම දුරකථනය රඳවාගන්නා ආකාරයේ වෙනසක් දකින්නට පුළුවන්.පිටුපස ඇති Volume Keys, shortcut keys ලෙසත් භාවිත කරන්නට පුළුවන්. ඒ අනුව ඉහල key එක එබීමෙන් ක්ෂණිකව Notes app එකටද, පහළ key එක එබීමෙන් කැමරාවටද ක්ෂණිකව පිවිසිය හැකියි. කෙස් නමුත් ඒවා ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරන්නටනම් හැකියාවක් නැහැ.පසුපස ආවාරණය mat පෙනුමකින් යුක්ත නිසා එහි ඇඟිල් සළකුණු දකින්නට නොහැකි නමුත් පහසුවෙන් සීරීම් හා පළුඳු වීම් වලට ලක්විය හැකියි. LG G Flex හි ඉඹේ සීරීම් සුවවන තාක්ෂණය මේ නව සුපිරි ජංගම දුරකථනයට ඇතුලත් නොවීම අවාසියක්.ඒ වගේම පසුපස ප්ලාස්ටික් ආවරණය සහ වක්‍ර වූ බඳ නිසා පහසුවෙන් ලිස්සා යා හැකියි. එබැවින් ආරක්ෂාවට case එකක් භාවිත කරන්නට ඔබට සිදු වේවි. එහෙමත් නැත්නම් original පසුපස ආවරණය පහසුවෙන් ඉවත් කර වෙනත් ආවාරණක් මිලදී ගන්නට ඔබට හැකියාව තියෙනවා. පසුපස ආවරණය ප්ලාස්ටික් වලින් නිමවා තිබුනත් එහි පෙනුම නම් ලෝහ පෙනුමකි. පසුපස ආවරණය මෙන්ම බැටරියද පහසුවෙන් ඉවත් කල හැකි අතර MicroSD card එකක් හරහා මතක ධාරිතාවය ඉහළ නංවාගන්නටත් හැකියාව තිබෙනවා.Tech Guru Episode 11 HD[14-19-28]බැටරි ආයුකාලය ගැන සලකන විටත් මේ දුරකථනයේ බැටරිය ගැන ප්‍රසංශා කළ හැකියි. 3000mA බැටරියකින් බල ගැන්වෙන මේ දුරකථකනයේ විශාල තිරය නිසා බැටරි ආයුකාලය අඩු වෙතැයි ඔබට සිතෙන්නට පුළුවන්. ඒත් සාමාන්‍ය භාවිතයේදී කිසිදු අපහසුවකින් තොරව දිනක කාලයක් සඳහා බැටරිය ප්‍රමාණයත්. Standby Time එකනම් විශිෂ්ඨයි. 100% බැටරියක් ඇතිව නිදාගෙන උදේට 99% බැටරි ආයුකාලයක් ඇතිව දවස ආරම්භ කරන්නට තරම් මේ බැටරිය ප්‍රමාණවත්. නමුත් වැඩි වේලාවක් භාවිත කරන විට රත් වීම නම් තරමක ගැටළුවක්.Qualcomm Snapdragon 801 ප්‍රොසෙසරය 2.5 GHz Quad Core ප්‍රො සෙසරයක්. ඒ වගේම RAM මතකය 2GB හෝ 3GB වනවා. 16GB හා 32GB සංස්කරණ වලින් මිලදී ගත හැකි මෙහි 16GB සංස්කරණයේ RAM මතකය 2GB ද 32GB සංස්කරණයේ RAM මතකය 3GB ද වනවා. මෙලෙස දැනට වෙළඳපලේ ඇති උසස්ම තත්වයේ specs ඇති නිසා මේ දුරකථනය performances අතින්ද උසස් දුරකථනයක්.SoftwareTech Guru Episode 11 HD[14-17-24]නව LG G3 දුරකථනයේ වැඩි පික්සල් ප්‍රමාණයක් ඇතුලත් වුවත් කිසිදු අපහසුවකින් තොර මෘදුකාංග ක්‍රියා කරවීමට මේ දුරකථනය සමත්. සාමාන්‍යයෙන් අනෙකුත් ජංගම දුරකථන වර්ග වලට වඩා LG හි software ඔබේ සිතැඟි පරිදි වෙනස් කරගැනීමට අවස්ථාව තිබෙනවා. ඒ අනුව ඔබට කැමති පරිදි Animations, Fonts හා Effects වෙනස් කරගැනීමට LG සහාය දක්වනවා. කොහොම වුනත් ඔබට එලෙස වෙනස්කරගැනීමට අවශ්‍යතාවයක් නම් ඇති වන එකක් නැහැ. මොකද මෙවර නව LG G3 ජංගම දුරකථනය හරහා භාවිතයට පහසු, අලංකාර user interface එකක් සපයන්නට LG සමාගමට හැකි වෙලා.තිරය මත දෙවරක් ස්පර්ශ කිරීමෙන් පහසුවෙන් දුරකථනය unlock කරන්නටත්, ඔබේ දත්ත සඳහා වැඩි ආරක්ෂාවක් ලබාදීමට, වෙනස් ආකාරයේ unlock කිරිමේ ආකාරත් දකින්නට පුළුවන්. Setting මෙනුව කියන්නේ සාමාන්‍යෙයන් බොහෝ දුරකථන වල අවුල් ජාලයක් ලෙස පෙනෙන තැනක්. ඒත් LG G3 හි භාවිතයට පහසු ලෙස බෙදා වෙන්කර ඇති Settings මෙනුව ඒ අතරින් කැපී පෙනෙනවා.Android මෙහෙයුම් පද්ධතියෙහි දකින්නට නොලැබෙන Cyanogenmod වැනි මෙහෙයුම් පද්ධතිවල පමණක් දකින්නට ඇති features කිහිපයක්මත් මෙහි දකින්නට පුළුවන්. ඒ අතරින් on screen keys අවශ්‍ය පරිදි වෙනස් කිරීමට හැකිවීම විශේෂයි. මේ on screen key වලට Notification Key එක ඇතුලත් කිරීමෙන් notification දැනගැනීමට ඔබට ජංගම දුරකථනයේ ඉහල කොටස ස්පර්ශ කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම එකවර කාර්යයන් දෙකක් කිරීමට හැකි නිසා විශාල තිරයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට ඔබට හැකිවේවි.Keyboard එක ගැන කතා කරන විටනම් LG සමාගමට ප්‍රසංසා කල හැකියි. සාමාන්‍යෙයන් Samsung ජංගම දුරකථන හා අනෙකුත් බොහෝමයක් ජංගම දුරකථන වල keyboard එක භාවිතයට අපහසුයි. නමුත් LG G3 හි Keyboard එකෙහි ප්‍රමාණය වෙනස් කල හැකි නිසා භාවිතයට වඩාත් පහසුයි. ඒ වගේම වේගයෙන් අකුරු හැසිරවීමටත් මේ දුරකථනය යෝග්‍යයි.මේ සියල්ලටම වඩා එකවර අවධානය යොමුවන්නේ නව වර්ණ එකතුවයි. ඇසට ප්‍රියමනාප වර්ණවත් නමුත් ලා පැහැ වර්ණ නිසා වැඩි වේලාවක් අපහසුවකින් තොරව ජංගම දුරකථනය භාවිත කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ජංගම දුරකථනයේ නවීන පෙනුම සඳහාත් එය ඉවහල් වනවා.මීට අමතරව පහුගිය LG G2 හි තිබූ අමුතු වැඩ කෑලි මේ දුරකථනයේත් දකින්නට පුළුවන්. ඒ අතරින් Windows ආකාරයට එහා මෙහා ගෙනයා හැකි Calculator හා Calendar app නම් සමහර විටෙක ප්‍රයෝජනවත්. Multitasking මෙනුවනම් තරමක් අපහැදැලියි. නමුත් ඔබට අවශ්‍ය ප්‍රමාණයට විශාල හෝ කුඩා කර සකසාගැනීමට හැකි වීමනම් අගනේයි.පහලින් ඉහළට swip කර පහසුවෙන් Google Now වෙත පිවිසිය හැකි අතර QMemo හා QVoice සඳහාත් පහසුවෙන් පිවිසිය හැකියි. පහසුවෙන් Notes සටහන් කරගැනීමට QMemo ප්‍රයේාජනවත් වුනත් QVoice නම් ඒ තරම් ප්‍රයෝජනවත් වන්නේ නැහැ. මන්ද වඩා නිවැරදි හා වේගවත් Google Now සඳහා පිවිසීම වඩාත් පහසු වීමයි. ඒ වගේමයි Smart Notice අංගය. LG සමාගම ඒ පිළිබඳව වැඩි ප්‍රසිද්ධියක් ලබාදුන්නත් ප්‍රායෝගිකව නම් කාලගුණ වාර්ථාව සපයනවාට අමතරව දෙයක් Smart Notice හරහා සිදුවන්නේ නැහැ.Popup එකක් ලෙස ලැබෙන SMS Notification එක සැබැවින්ම ප්‍රයෝජනවත්. SMS එක ලැබුන සැනින් පහසුවෙන් Reply කල හැකි නිසා ක්ෂණිකව ඔබ නිරතව සිටි කාර්යයට නැවත යොමුවන්නට පුළුවන්.CameraTech Guru Episode 11 HD[14-22-19]කැමරාව ගැන කතා කරන විට වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ඡායාරූප ලබාගත හැකි කැමරාවක් ලෙස LG G3 කැමරාව හඳුන්වන්න පුළුවන්. 13MP පසුපස කැමරාවක් හා 2.1MP ඉදිරිපස කැමරාවක් සහිත මෙහි Dual LED Flash එකක්ද ඇත.ඒ වගේම කැමරාවේ UI එකත් බොහෝම සරලයි. ඕනම කෙනෙකෙුට පහසුවෙන් උසස් තත්වයේ ඡායාරූප ගැනීමට හැකි ආකාරයටයි LG කැමරාව සකසා ඇත්තේ. Manual වෙනස් කල හැකි controls නොමැති වුවත් පහසුවෙන් ඡායාරූපයේ resolution, වීඩියෝවේ ප්‍රමාණය, Image Stabilizer එක On/Off කිරීම පවා පහසුවෙන් සිදු කල හැකියි. ඒ වගේම ඉදිරිපස හා පහසුපස කැමරා 2න්ම එකවර ඡායාරූප ගැනීමට හැකියාව තිබෙනවා. Selfie සඳහාම විශේෂයෙන්ම නිර්මාණය කර ඇති විවිධ පහසුකම් කිහිපයක්මත් මේ කැමරාව සමඟ එක්කාසු කර තිබෙනවා. ඒ අතරින් හස්ත සංඥා මඟින් shutter එක පාලනය කල හැකි වීමත්, කටහඬ මඟින් ඡායාරූප ගැනීමට හැකි වීමත් විශේෂයි.සාමාන්‍යෙයන් ජංගම දුරකථන කැමරා වල Auto Focus සඳහා Laser කිරණ භාවිත වන්නේ අඩුවෙන්. නමුත් මෙහි Laser Beam එක මඟින් ඡායාරූප ගන්නා වස්තුවට දුර මනින නිසා වඩා නිවැරදිව Focus කරන්නට මේ කැමරාව සමත්. ඒ වගේම වේගවත්ව focus වීමටත් එය හේතුවක් වනවා. දැනට තිබෙන ජංගම දුරකථන අතුරින් iPhone 6 හැරුණුකොට ඉක්මනින්ම focus වෙන කැමරාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. පිටුපස Volume Key එක මද වේලාවක් ඔබාගෙන සිටීමෙන් සෘජුවම කැමරාව වෙත පිවිසෙන්නට පුළුවන් වුනත්, ඒ සඳහා මද වේලාවක් ගතවෙනවා. ඒ වගේම ඔබ ගීත සඳහා සවන්දෙමින් සිටින විටනම් එය ක්‍රියාත්මක වන්නේ නැහැ.මේ LG G3 කැමරාවෙන් ලබාගන්නා ඡායාරූප උසස් තත්වයේ ඡායාරූප ලෙස සලකන්නට පුළුවන්. මනා වර්ණ සංයෝජනයකින් හා වඩා පැහැදිලි බවකින් යුතු ඡායාරූප ලබාගන්නට මේ කැමරාව සමත්. නමුත් අනෙක් සියළුම කැමරා මෙන්ම අඳුරේදී ලබාගන්නා ඡායාරූප නම් ඒ තරම් උසස් තත්වයේ නැහැ. එසේ වුනත් HDR ඡායාරූප සඳහා නම් මේ කැමරාව අනෙක් සියළුම කැමරා වලට වඩා යෝග්‍යයි. මන්ද HDR Mode යෙදු විට අඳුරේ ඇති දේට නොගැලෙපන අලෝකයක් එක් කරනවා වෙනුවට වඩා තාත්විකව තොරතුරු උකහා පෙන්වීමට මේ කැමරාව සමත්.මේ කැමරාවේ ඇති Optical Image Stabilizer Feature එක වීඩියෝ රූගත කිරීම සඳහාත් අඳාල වන අතර ඒ නිසා සෙලවීම් ගැස්සීම් මඟින් සිදුවන බලපෑම අඩු කරනවා. අඩු කරනවා කියන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයකින් අඩු කරනවා කියන එක මිස නැති කරනවා කියන එක නොවන බව මතක තබාගන්න. අඩු ආලෝකයේදී චලනය වන වස්තු වල යම් ප්‍රමාණයක tail එකක් දකින්නට පුළුවන්. ඒ වගේම අඩු ආලෝකයේ තිබෙන දීප්තිමත් වස්තූන් burn වීමත් මේ කැමරාවේ ඇති දෝෂයක්. කෙසේ නමුත් 4K ප්‍රමාණයේ වීඩියෝ ලබාගැනීමට හැකිවීම විශේෂත්වයක්.කෙසේ නමුත් අනෙකුත් ජංගම දුරකථන කැමරා සමඟ සසඳන විටනම් මේ කැමරාව උසස් තත්වයේ කැමරාවක්. ඒත් අඩු ආලෝක තත්ව යටතේනම් අනෙක් කැමරා සමඟ සසඳන විට මේ කැමරාව ඒ තරම් හොඳ තත්වයේ නැහැ. නමුත් වඩා වේගයෙන් ඡායාරූප ගැනීමට හැකියාව තිබීමත්, විවිධ ආකාර ගණනාවකින් හොඳ තත්වයේ ඡායාරූප පහසුවෙන් ලබාගත හැකි නිසාත් LG G3 ජංගම දුරකථනයෙන් ඡායාරූප ගැනීම අපූරු අත්දැකීමක්. ඔබ ජංගම දුරකථන කැමරාවකින් වැඩ දාන්න කැමති කෙනෙක් නම් මේ දුරකථනකය ඔබට කදිම තේරීමක්.PerformanceTech Guru Episode 11 HD[14-20-09]Hardware අතින් උසස් නිසා පහසුවෙන් heavy games හා heavy apps run කරන්නට පුළුවන්. Games වලදී කිසිදු අවස්ථාවක හිරවීමක් දකින්නට ලැබුනේ නැහැ. ඒ වගේම LG customize කල android මෙහෙයුම් පද්ධතියට සිංහල භාෂාවත් ඇතුලත් කර ඇති නිසා apps හා වෙබ් පිටු වලදී හොඳින් සිංහල අකුරු දර්ශණය වනවා.ඒ වගේම කිසිදු අපහසුවකින් තොරව apps කිහිපයක් වුවත් run කරන්න මේ දුරකථනයට හැකියාව තියෙනවා. පහසුවෙන්ම Full HD වීඩියෝ නැරඹී්මේ හැකියාව තිබෙනවා වගේම පසුපස කුඩා ස්පීකරයත් සාමාන්‍ය භාවිතය සඳහා ප්‍රමාණවත්. නමුත් එක් ස්පීකිරයක් තිබීමත්, එය කුඩා ස්පීකරයක් වීමත් තරමක අවාසියක්.Connectivity4G LTE සඳහා සහාය දක්වන දුරකථනයක් නිසා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් සඳහා කදිමයි. ඒ වගේම දුරකථන ඇමතුම් ලබාගැනීමේදී පැහැදිලි හඬක් ඇසිය හැකි නමුත් නිශ්ශබ්ද තැනක පුද්ගලික ඇමතුමක් ගැනීමට නම් ඔබට උපරිම ලෙස ශබ්ද පාලකය අඩු කරන්නට වේවි.AccessoriesTech Guru Episode 11 HD[14-23-19]Accessories ගැන කතා කරන විට බොහෝදෙනෙකුගේ වැඩි අවධානයක් යොමුවුනේ මේ අපූරු වෘත්තාකාර හිඩැසක් ඇති case එකටයි. බොහෝවිට ජංගම දුරකථනය මිලදී ගන්නා විටම ලැබෙන මේ case එක original පසුපස ආවරණය ඉවත් කර සම්බන්ධ කල යුතුයි. මේ Case එක වැසූවිට ලැබෙන අලංකාර ඔරලෝසුව ක්ෂණිකව හිත් ඇදගන්නා සුළුයි. ඒ වගේම ඒ හරහා ඔබට ලැබී ඇති SMS පණිවුඩ, ඇමතුම් ආදිය පහසුවෙන් දැනගන්නට පුළුවන්.ඒ වගේම case එක වසා ඇති විට දකුණු පසින් touch කර ඔබට ක්ෂණිකව මෙනුව වෙත පිවිසෙන්නට පුළුවන්. ඒ හරහා ඔරලෝසු මුහුණත පහසුවෙන් වෙනස් කරන්නට වගේම විවිධ වෙනස් මුහුණත් භාවිත කළ හැකියි. ඊට අමතරව ඔබේ ඇමතුම් මෙනුවට පිවිසීමටත් ඒ හරහා ඇමතුම් ලබාගැනීමටත් පහසුවෙන් හැකියාව ලබාදී තිබෙනවා. මීට අමතරව පහසුවෙන් කැමරාවට පිවිසීමටත් මේ කුඩා වෘත්තාකාර හිඩැස ඉඩ සලසනවා. මේ ආවරණය අනෙක් පසට හැරවූ විට පවා කිසිදු බාධාවක් නොමැතිව ඡායාරූප ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. තිරය දෙවරක් ස්පර්ශ කිරීමෙන් වේලාව දැනගැනීමේදී තිරය වටා දිවෙන ආලෝක රටාව LG G3 දුරකථනයට එක්කරන්නේ අපූරු පෙනුමක්. Conclusionසෑම අතින්ම බලන විට මේ වසරේ එළිදැක්වූ සුපිරිම ජංගම දුරකථන අතර මුල් තැනක සිටින්නට LG G3 සමත් වෙනවා. ඒ වගේම එදිනෙදා භාවිතයේදී අවශ්‍ය වන සියළුම පහසුකම් සපයන්නට LG මේ දුරකථනය හරහා සමත් වෙලා. මීට ප්‍රථම නිෂ්පාදන වල තිබූ දෝෂයන් සියල්ලම නිරාකරණය කරගනිමින් අවසානයේදී සාර්ථක දුරකථනයක් එළිදැක්වීමට LG සමාගමට හැකියාව ලැබිලා. ඒ වගේම රුපියල් 65000 සිට රුපියල් 78000කට ආසන්න මුදලකට ලංකාවේදී මිලදී ගන්න පුළුවන් මේ දුරකථනය එම මිලත් සමඟ සසඳන කල අගනා දුරකථනයක්. කෙසේ වෙතත් මිලදී ගැනීමට පෙර එය 16GB ද 32GB ද යන්න පිළිබඳව සොයාබැලීමට අමතක කරන්න එපා. මන්ද 3GB RAM මතකයක් ඇත්තේ 32GB දුරකථනයේ පමණයි. ඒ වගේම මෙවැනි වැඩි වටිනාකමකින් යුත් ජංගම දුරකථන මිලදී ගැනීමේදී වගකීමේ සහතිකයක් සහිතව මිලදී ගැනීමත් වැදගත්.
බැටරි ආයුකාලය සැලකිය යුතු මට්ටමක තිබෙන අතර විශාල අති පැහැදිලි තිරය දුරකථනයට අමතර වටිනාකමක් එක්කරයි.
346
Android L ලෙස කේත නාමයෙන් නිකුත් වුනු මීළඟ Android මෙහෙයුම් පද්ධති සංස්කරණය Android 5.0 ඊයේ දිනයේදී නිළ වශයෙන්එළිදැක්වුණා. Android Lollipop නමින් හඳුන් වන මේ මෙහෙයුම් පද්ධතිය සමඟ තවත් Nexus උපකරණ ත්‍රිත්වයක් නිකුත් වුණා. ඒ අනුව Nexus 6 නමින් නිකුත් වන විශාල ජංගම දුරකථනයක්, Nexus 9 නමින් නිකුත් වන ටැබ්ලට් උපකරණක් හා Nexus Player නම් streaming media device එකක් මේ නව මෙහෙයුම් පද්ධතිය සහිතව වෙළඳපලට නිකුත් වීමට නියමිතයි. මීට අමතරව Nexus 4, Nexus 5, Nexus 7, Nexus 10 හා අනෙකුත් Google Play Edition ජංගම දුරකථන සඳහා නව ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙනු ඇත.මේ නව මෙහෙයුම් පද්ධතියේ කැපී පෙනෙනම වෙනස වන්නේ Material Design නමින් හඳුන්වන අලුත් මුහුණුවරයි. අලුත් ඇනිමේෂන් හා වඩා පැහැදිලි මෙම නව අතුරුමුහුණත සමඟ multitasking මෙනුව නව මුහුණුවරක් ගෙන අැති අතර කටහඬට ප්‍රතිචාර දැක්වීම සඳහාද පහසුකම් පුළුල් කර ඇත.අලුත් දෘශ්‍ය මුහුණුවරට අමතරව අලුතින් APIs 5000කට අධික ප්‍රමාණයක් හඳුන්වා දී ඇති අතර ඒ හරහා විවිධ ප්‍රමාණ වලින් යුත් devices සඳහා Apps නිර්මාණය කිරීමට පහසුකම් සැපයෙනු ඇත. අලුත් Notification පහසුකම මඟින් ඔබට ලැබෙන notification සීමා කර ඇති අතර ඒ හරහා අනවශ්‍ය පරිදි ජංගම දුරකථනය බාධාවක් වීම අවමවනු ඇත. තවද අලුතෙන් හඳුන්වාදුන් බැටරි ආයුකාලය වැඩි කිරීමේ පහසුකම මඟින් අමතර අත්‍යවශම වේලවෙකදී අමතර මිනිත්තු 90ක් දක්වා ජංගම දුරකථනය භාවිත කරන්නට ඔබට හැකියාව ලැබේවි. එකම උපරකණයක් කිහිප දෙනෙකු භාවිත කරන විට ඒ ඒ පුද්ගලයාට විවිධ profile සාදා භාවිත කරන්නට පුළුවන් ආකාරයේ පහසුකම් වගේම දුරකථනය නැතිවූ විට හෝ සොරකම් කර විට factory reset කිරීම අපහසු කිරීමත් විශේෂ හඳුන්වා දීමක්.මේ සියල්ලටම අමතරව ලංකාවේ අපිට වැදගත්ම දේ තමයි නව Android Lollipop මෙහෙයුම් පද්ධතියට සිංහල භාෂාවත් ඇතුලත් කර ඇත. ඒ කියන්නේ මින් පසුව Android Lollipop මෙහෙයුම් පද්ධතිය සහිතව නිකුත්වන ජංගම දුරකථන වල කිසිදු අපහසුවකින් තොරව සිංහල අකුරු දර්ශණය කිරීමේ හැකියාව ඇත.
Android L ලෙස කේත නාමයෙන් නිකුත් වුනු මීළඟ Android මෙහෙයුම් පද්ධති සංස්කරණය Android 5.0 ඊයේ දිනයේදී නිළ වශයෙන්එළිදැක්වුණා.
347
අඟහරු ග්‍රහයා මත පය තබන ප්‍රථම මිනිසා වීම සඳහා අපේක්ෂාවෙන් 13 හැවිරිදි දැරියක් පුහුණුවීම් අරඹා ඇති බව වාර්තා වනවා. ඇලීසා කාර්සන් (Alyssa Carson ) නම් ඇගේ එකම බලාපොරොත්තුව අඟහරු ග්‍රහයා වෙත යාම බවයි ඇය පවසන්නේ. මේ සිහිනය සැබෑ කරගන්නට නාසා ආයතනය ඇයට සහාය වීමට තීරණය කර ඇති අතර මේ වන විට ඇය ඇගේ අඟහරු මෙහෙයුම සඳහා පුහුණුවීම් වල නිරත වෙමින් සිටිනවා. විද්‍යා විෂයයන්ට අමතරව ඇය මේ වන විට විවිධ භාෂා කිහිපයක්මත් හදාරමින් සිටිනවා.ඇලීසා මේ වන විට නාසා ආයතනය විසින් පැවැත්වූ ලෝක අභ්‍යවකාශ කඳවුරු තුනටම සහභාගී වූ ප්‍රථම පුද්ගලයා යි. ඒ වගේම ඇයට ඇමරිකානු අභ්‍යාවකාශ ඒජන්සියේ අය අමතන්නේ “Blueberry” ලෙස බවයි වාර්තා වන්නේ. Louisiana හි Baton Rouge ප්‍රදේශයේ වාසය කරන ඇය මේ වන විට ඇගේ ඉදිරි අනාගතයේ වසර 20කටත් එහා සැලැස්මක් සාදා ගෙන ඇති බවයි ඇගේ පියා පවසන්නේ.
අඟහරු ග්‍රහයා මත පය තබන ප්‍රථම මිනිසා වීම සඳහා අපේක්ෂාවෙන් 13 හැවිරිදි දැරියක් පුහුණුවීම් අරඹා ඇති බව වාර්තා වනවා.
348
අහසේ දී සිදුකරන වීඩියෝ රූගත කිරීම් ගැන ඔබ අසා ඇති. වීඩියෝ කැමරාවක් ගුවන් යානයක් හෝ හෙලිකොප්ටරයක් මඟින් ගුවනේ හසුරුවමින් මෙතෙක් නොදුටු අලංකාර වීඩියෝ දර්ශණ රූගත කරන්නට අපට හැකියාව ලැබුනා. එසේ නමුත් මෙලෙස ගුවන් යානයක් හෝ හෙලිකොප්ටරයක් භාවිත කිරීම වැඩි වියදමක් වැය වන සහ වැඩි වෙහෙසක් දැරිය යුතු දෙයක්. ඒ නිසයි Drone යානා බිහි වුනේ. නමුත් මුල් කාලයේ Drone යානා වලින් ලබාගන්නා දර්ශණ ගැස්සීම් සෙලවීම් නිසා ඒතරම් හොඳ තත්වයේ තිබුනේ නැහැ. ඒ ගැටළුවට විසඳුමක් ලෙසයි Gimbal නම් උපකරණය බිහිවුනේ. මෝටර් මඟින් ක්‍රියාකරන මේ ගිම්බල් මඟින් සෙලවීම් ගැස්සීම් වලින් තොර, වඩා ස්ථායි දර්ශණ ලබාගන්නට පුළුවන්. ඒ වගේම සමහර චිත්‍රපට සඳහා පවා මේ තාක්ෂණය භාවිත වුනා. ඒත් ඇයි මේ තාක්ෂණය අහසේ කරන රූගත කිරීම් සඳහා පමණක් යොදාගන්නේ. පොළවේදී සිදුකරන සාමාන්‍ය රූගත කිරීම් සඳහා මේ වගේ Gimbal එකක් භාවිතා කරන්නට හැකියාවක් නැතිද?ඒත් දැන් ඔබට ඒ සඳහා අවස්ථාව ලැබිලා. පහසුවෙන් අතේ ගෙනයා හැකි මිලෙන් අඩු 3-Axis Stabilizer එකක් වෙළඳපලට නිකුත් වෙලා. ඒ නිසා ඔබ ඇවිදිමින්, දුවමින් සහ වාහනයක ගමන් කරමින් වුවත් ඔබට අලංකාර වීඩියෝ රූගත කරන්නට හැකියාව තිබෙනවා. GoPro වැනි කුඩා කැමරාවක් භාවිතා කල යුතු වුවත් ඒ මඟින් ලබාගන්නා වීඩියෝ පට වෘත්තීය මට්ටමේ දෙයකට වුවත් පහසුවෙන් භාවිත කරන්නට පුළුවන්. අප මීට පෙර හඳුන්වා දුන් Hyperlapse වීඩියෝ මෙන්ම මෙහිත් භාවිත වන්නේ උපකරණය තුල ඇති Gyroscope එක මඟින් ලබාගන්නා දත්තයි.ඒ වගේම ඇමරිකානු ඩොලර් 390ක් වගේ මිලකට ඔබට මේ උපකරණය මිලදී ගත හැකියි.
අහසේ දී සිදුකරන වීඩියෝ රූගත කිරීම් ගැන ඔබ අසා ඇති.
349
මීළඟට නිකුත් වෙන සුපර් මෑන් හා බැට් මෑන් දෙන්නම ඉන්න අලුත් බැට්මෑන් චිත්‍රපටයේ බැට්මෑන්ට කලින්වගේ අපූරු බයිසිකලයක් තියෙවිද කියලා තාම කියන්න බැහැ. ඒත් එහෙම බයිසිකලයක් අවශ්‍ය නම් මේ Ronin 47 බයිසිකලය කිසිදු වෙනසක් සිදු නොකරම ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් නේද? Ronin මෝටර් සමාගම විසින් නිපදවන ලද මේ බයිසිකල් වර්ගයෙන් බයිසිකල් 47ක් පමණක් නිෂ්පාදනය කරන බවයි රෝනින් සමාගම පවසන්නේ. Buell 1125 නම් මෝටර් බයිසිකලය විවිධ වෙනස්කම් රාශියකට ලක්කරමිනුයි මේ නව මොටර් බයිසිකලය නිමවා ඇත්තේ.ඒ වගේම ඒ එක් එක් බයිසිකලයක් 47 Ronin චිත්‍රපටයේ එන සමුරායිවරුන්ගේ නම් වලින් හඳුන්වන්නටත් නියමිත බවයි පැවසෙන්නේ. මේ බයිසිකල් 47න් දැනට 12ක් පමණක් නිර්මාණය කර ඇති නමුත් එයිනුත් 5ක් මේ වනවිටත් අලෙවි වි අවසන්. කෙසේ වුනත් මේ බයිසිකලයේ මිලනම් ඇමරිකානු ඩොලර් 38000ක් පමණ වනවා. ඒ මුදල ලංකාවේ මුදලින් නම් ලක්ෂ 50කට ආසන්නයි.
මීළඟට නිකුත් වෙන සුපර් මෑන් හා බැට් මෑන් දෙන්නම ඉන්න අලුත් බැට්මෑන් චිත්‍රපටයේ බැට්මෑන්ට කලින්වගේ අපූරු බයිසිකලයක් තියෙවිද කියලා තාම කියන්න බැහැ.
350
ඔයාලට මතකද Windows 95 මෙහෙයුම් පද්ධතිය. මීට අවුරුදු 16කට කලින් නිකුත් වුණු මේ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්න අවශ්‍ය වුනේ බොහොම පොඩි ධාරිතාවක් හා රුම් මතකයක විතරයි. පුද්ගලිකව මා මිළඳි ගත් දෙවන පරිගණකය වුනෙත් වින්ඩොස් 95 පරිගණකයක්. එ් පරිගණකයේ මතක ධාරිතාවය 600MB වගේ සුළු මතකයක්. ඒ වගේම රැම් මතකයත් බොහොම සුළු ප්‍රමාණයේ රැම් මතකයක්. ඉතින් දැන්කාලේ නිකුත් වෙන කුඩා ජංගම දුරකථන වල ධාරිතාවයන් එක්ක සසඳන විට Windows 95 මෙහෙයුම් පද්ධතිය පහසුවෙන් ධාවනය කරන්න පුළුවන්. ඒත් මේ කියන්න යන්නේ ඊටත් වඩා පුදුම දෙයක් ගැන.අඟල් 1.63ක් වැනි කුඩා තිරයක් ඇති ස්මාර්ට් ඔරලෝසුවකට වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කලා කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? ඒත් ඒක ඇත්තක්. Android Wear මෙහෙයම් පද්ධතිය සඳහා ඇති aDOSbox emulator එක මඟිනුයි මේ අපූරු මෙහෙයුම දියත් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් වැඩකරන මෙහෙයුම් පද්ධතියක් විදියට මේ වින්ඩොස් 95 සහිත ඔරලෝසුව භාවිත කරන්න බැරි වුනත් විනෝදයටත්, යාළුවෝ පුදුම කරන්නටත් මේක හොඳ විදියක්.
ඔයාලට මතකද Windows 95 මෙහෙයුම් පද්ධතිය.
351
මීට ටික දවසකට පෙර ඇපල් සමාගම විසින් අලුතින් මෙවලම් කිහිපයක් නිකුත් කරනු ලැබුවා. ඒ අතරින් වීශාල ප්‍රමාණයේ ජංගම දුරකථනයක් වන Apple iPhone 6 ජංගම දුරකථනයත්, ඉතාමත් සිහින් Apple iPad Air 2 උපකරණයත් වැඩි අවධානයක් දිනාගත්තා. හැබැයි ඇපල් දුරකථන සාමාන්‍යෙයන් ගලවා විවෘත කරන්නට අපහසුයි. නමුත් iFixit වෙබ් අඩවිය මේ අලුත් iPad Air 2 ගලවා විවෘත කර තිබෙනවා.හැබැයි ඉතින් මේ ක්‍රියාවලිය තරමක් සංකීර්ණ, ඒ වගේම බොහෝම පරිස්සමින් කළ යුතු ක්‍රියාවලියක්. ඒ වගේම විශාල LCD තිරය සහ ඉදිරිපස වීදූරුව වෙන් කරන්නට බැහැ. ඒ වගේම ඇන වෙනුවට බොහෝ අවස්ථාවල ගම් යොදා සම්බන්ධ කර තිබෙන නිසා නැවත සම්බන්ධ කරන්නටත් තරමක් අපහසුයි. කෙසේ නමුත් නව iPad Air 2 ගලවා පෙන්වන පහත ඡායාරූප වලින් කොයිතරම් අපූරූ ආකාරයට මේ සිහින් උපකරණය නිපදවා තිබෙන අයුරු දැකගන්නට පුළුවන්.
මීට ටික දවසකට පෙර ඇපල් සමාගම විසින් අලුතින් මෙවලම් කිහිපයක් නිකුත් කරනු ලැබුවා.
352
Gmail කියන්නේ ලොව පුරා වැඩිම දෙනෙක් භාවිත කරන ඊමේල් සේවාව විදියට Gmail හඳුන්වන්න පුළුවන්. ඒත් ඒ සේවාව තවදුරටත් වැඩිදියුණු කරන්නට Google සමාගම අලුතෙන් app එකක් හඳුන්වා දුන්නා. Gmail ට සම්බන්ධතාවයක් නැතිව වෙනමම හඳුන්වා දෙන මේ අලුත් ඇප් එක Inbox කියලයි හඳුන්වන්නේ.Google නිල බ්ලොග් අඩවියේ සඳහන් පරිදි මේ අලුත් ඇප් එක ඊමේල් ගොනු කර දැක්වීමට හඳුන්වාදුන් Social හා Promotion Tab වල ආකාරයටයි ක්‍රියාකරන්නේ. ඒ වගේම ඔබට ලැබෙන එක ආකාරයේ ඊමේල් පණිවුඩ එකට ගොනු කර දැක්වීමට මේ අලුත් ඇප් එකට හැකියාව තියෙනවා. ඉතින් ඔබේ බැංකු ලිපි ලේඛන හා බිල්පත් වෙන වෙනමම ගොනු කරන්නට මේ ඇප් එකට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට අවශ්‍ය පරිදි ලිපි ගොනු කරගන්නටත් හැකියාව තියෙනවා.ඒ වගේම වැදගත් ඊමේල් පණිවුඩ සඳහා වැඩි අවධානයක් දෙන්නටත්, මිතුරන් ඔබට එවන ඡායාරූප, ගුවන් ගමන්, ඉදිරියට නියමිත උත්සව හා වැඩසටහන් පිළිබඳ විස්තරත් වෙන වෙනමම ලබා දෙන්නට මේ ඇප් එකට හැකියාව තිබෙනවා. ඒ වගේම ඊමේල් පණිවුඩයේ සඳහන් විස්තර වලට අදාල වෙනත් තොරතුරු අන්තර්ජාලයෙන් උකහා දක්වන්නටත් හැකියාව තිබෙනවා.Reminders හරහා ඔබට එදිනෙදා කාර්යයන් මතක් කර දීමටත්, ඒ සමඟම ඒ හා සම්බන්ධ තොරතුරු සපයන්නට පුළුවන්. උදාහරණයක් විදියට ඔබ හෝටල් කාමරයක් වෙන්කර විට ලැබෙන ඊමේල් පණිවුඩය සමඟ ඒ හෝටලය පිහිටි ස්ථාන පිළිබඳ සිතියමක් ඇතුලත් කරන්නට Inbox ඇප් එකට හැකියාව තිබෙනවා.මේ ඇප් එක නිපදවීමේ කාර්යය වසර ගණනක ක්‍රියාවලියක් බවත්, ඒ සඳහා සම්පූර්ණ දායකත්වය ලැබුනේ Gmail සේවක පිරිසගෙන් බවත් Google සමාගම පවසනවා. Google මෑතකදී හඳුන්වා දුන් නව අතුරු මුහුණත් රටාවක් වන Material Design අනුව නිර්මාණය කර ඇති මේ ඇප් එක Android 4.1 හා iOS 7 සිට ඉහලට සහාය දක්වනවා. කෙසේ නමුත් මේ වනතෙක් Download කිරීම සඳහා අවස්ථාව සලසා නැති මුත් ඒ සඳහා Invite ඉල්ලීමට ඔබට inbox@google.com වෙත ඊමේල් පණිවුඩයක් යොමුකල හැකියි.
Gmail කියන්නේ ලොව පුරා වැඩිම දෙනෙක් භාවිත කරන ඊමේල් සේවාව විදියට Gmail හඳුන්වන්න පුළුවන්.
353
Microsoft සමාගම විසින් අද දිනයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී විශේෂ හමුවක් සංවිධානය කර තිබුනා. එය සංවිධානය කර තිබුනේ නවතම වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමටයි. නමුත් බොහෝ දෙනා විශ්මයට පත්කරමින් මයික්‍රොෙසාෆ්ට් විසින් අද දින හඳුන්වා දුන්නේ Windows 9 මෙහෙයුම් පද්ධතිය නොවෙයි. ඒ වෙනුවට Windows 10 මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමටයි මයික්‍රොෙසාෆ්ට් කටයුතු කලේ. කෙසේ වෙතත් මේ නව මෙහෙයුම් පද්ධතිය තවමත් Preview අවස්ථාවේ පමණයි පවතින්නේ. ඒ නිසා මෙහි බොහෝ අඩුපාඩු ඇති අතර ඔබේ දිනපතා භාවිතකරන පරිගණකයටනම් මෙය කිසිසේත්ම තවමත් සූදානම් නැහැ.මේ නව මෙහෙයුම් පද්ධතිය පිළිබඳව අදහස් දක්වමින් මෙහෙයුම් පද්ධති ප්‍රධානී Terry Myerson පවසා සිටියේ ලොව පුරා බිලියන 1.5කට අධික පිරිසක් දැනට Windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරන බවයි. ඒ වගේම මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ විශේෂ සංධිස්ථානයක් බැවින් Windows 9 වෙනුවට Windows 10 ලෙස මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙන බවයි.එළඹෙන වසරේ මුල් භාගයේදී වෙළඳපලට නිකුත් කිරීමට නියමිත මේ නව මෙහෙයුම් පද්ධතියේ Tech Preview එක ඔබට download කරගැනීමට අවස්ථාවද හෙට දිනයේ සිට සැපයීමට නියමිතයි. ඒ නිසා ඔබ යම් හෙයකින් Windows 10 ලබාගැනීමට කැමැත්තෙනි සිටිනවා නම් පහත යොමුව ඔස්සේ ඔබට නිකුත් කල විගසම ලබාගත හැක.
Microsoft සමාගම විසින් අද දිනයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී විශේෂ හමුවක් සංවිධානය කර තිබුනා.
354
ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone 6 හඳුන්වන්න පුළුවන්. හොඳම ජංගම දුරකථනය කියලා වුනත් හඳුන්වන්න පුළුවන්. ඒත් මේ නිකුත් වුනේ අවුරුදු 7ක් තිස්සේ ලත් අත්දැකීම් වලින් නිපදවූ තවත් එක් iPhone එකක් විතරයි. See More: http://techguru.lk/gadgets/iphone-6-in-sri-lanka-review/
ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි.
355
සාමාන්‍යෙයන් iPhone භාවිත කරන කෙනෙක් තමන්ගේ ෆෝන් එක cover එකක් හරි case එකක් හරි දාලා පාවිච්චි කරනවා දකින්න අමාරුයි. ඒත් අලුතින් නිකුත් වූ iPhone 6 Plus දුරකථනයට නම් ඔබට ඒ වගේ දෙයක් භාවිත කරන්නට වේවි කියලයි අපිටනම් හිතෙන්නේ. මොකද iPhone 6 Plus භාවිත කරන බොහෝ දෙනෙක් දැන් දැන් ඒ අයගේ ජංගම දුරකථනය සාක්කුවේ තිබියදී නැවී තිබීම ගැන පැමිණිලි කර තිබෙනවා. එය සුළු නැවීමක් වුවත් පහසුවෙන් දැකිය හැකි වෙනසක්. බොහෝ දෙනෙකුගේ ජංගම දුරකථන නැවී තිබුනේ ඉහළ ප්‍රදේශයට ආසන්නවයි.සමහරක් මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ තද ඇඳුම් ඇඳීම නිසා මෙය සිදුවූ බවයි. ඒත් ඒක එහෙම වෙන්න පුළුවන්ද? iPhone ජංගම දුරකථනය හා iPhone 6 Plus ද්විත්වය නිකුත්වීමටත් ප්‍රථම එය නිර්මාණය කිරීමට ගන්නා උසස් තත්වයේ අමුද්‍රව්‍ය පිළිබඳ කතා බහට ලක්වුනා. ඇලුමිනියම් කියන්නේ සාමාන්‍යෙයන් මෘදු ලෝහයක්. නමුත් ජංගම දුරකථනයක් මේ වගේ නැමීමට ලක්වීම සාධාරණිකරනය කරන්න එය කරුණක් නෙවෙයි. මීට ප්‍රථම iPhone 5S සඳහා මෙවැනි පැමිණිලි වාර්ථා වුනේ නැති තරම්. ඉතින් ඔන්න දැන් ඔබේ ජංගම දුරකථනයෙන් iPhone 6 Plus වෙත මාරු වෙනවාද කියලා හිතලා බලන්න ඔබට සිදු වේවි.
සාමාන්‍යෙයන් iPhone භාවිත කරන කෙනෙක් තමන්ගේ ෆෝන් එක cover එකක් හරි case එකක් හරි දාලා පාවිච්චි කරනවා දකින්න අමාරුයි.
356
උසස් නිමාවත්, සෑම අතින්ම upgrade වීමත්, අඟල් 4.7 ක විශාල තිරයත් විශේෂයි.මිලෙන් අධික වීම (මෙම මිලට සුපිරිතම android දුරකථනයක් ලබගත හැකියි.)ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone 6 හඳුන්වන්න පුළුවන්. හොඳම ජංගම දුරකථනය කියලා වුනත් හඳුන්වන්න පුළුවන්. ඒත් මේ නිකුත් වුනේ අවුරුදු 7ක් තිස්සේ ලත් අත්දැකීම් වලින් නිපදවූ තවත් එක් iPhone එකක් විතරයි.දැන් දැන් විශාල දුරකථන සඳහා ලොකු අවධානයක් යොමුවෙලා. අඟල් 4ක තිරයක් ඇති iPhone 5S වැනි දුරකථන දැන් කුඩා ප්‍රමාණයේ දුරකථන ගණයටයි වැටෙන්නේ. මීට ටික දිනකට පෙර නිකුත් වූ iPhone 6 ජංගම දුරකථනය iPhone පරම්පරාවේ වෙනසක් ඇති කල ජංගම දුරකථනයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ එහි විශාල ප්‍රමාණය නිසයි. මේ හේතුව නිසා නව iPhone 6 සඳහා වැඩි අවධානයක් හිමිවෙලා. ඒ වගේම ලොව පුරා සීග්‍රෙයන් අලෙවි වීමටත් පටන් අරගෙන. iPhone 6 සමඟ ඊටත් වඩි විශාල තිරයක් සහිත iPhone 6 Plus නිකුත් වුනා. ඒත් දැනට ඔබට ලංකාවේදී මිලදී ගන්නට පුළුවන් iPhone 6 පමණයි.Unboxingඇපල් සමාගම සිය නිෂ්පාදන වල ඇසුරුම ගැන වැඩි අවධානයක් යොමුකරනවා. ඒ නිසාම උසස් නිමාවකින් යුත් ඇසුරුමකින් තමයි iPhone 6 වෙළඳපලට පැමිණෙන්නේ. හැබැයි අමතක කරන්න එපා. මේ ඇසුරුමේ මිලත් ඔබ ගෙවන දුරකථනයේ මිලට ඇතුලත් වෙනවා. ඇසුරුම ඉවත් කරන්නට නම් පිටුපස ආවරණය තියුණු තලයක් මඟින් ඉවත් කල යුතුයි. පසුව ඉහළ ආවරණය ඉවත් කල යුතුයි. එය තරමක් පරස්සමින් කල යුතු වන්නේ එක්වරම ඔබේ වටිනා දුරකථනය විසිවී යා හැකි නිසයි. ජංගම දුරකථනයේ පහලින් ඔසවා ඔබේ iPhone 6 ජංගම දුරකතනය ඇසුරුමෙන් ඉවත් කරන්න පුළුවන්.පෙර මෙන්ම ඇසුරුමේ ඇති අනෙකුත් දේ අතර නොයෙකුත් පත්‍රිකා, ඇපල් logo ස්ටිකර් ඇතුලත්. Sim Remover එකත් ඒ අතර දකින්නට පුළුවන්. මේ කුඩා මෙවලමෙන් ඔබේ Nano Sim පත iPhone 6 ජංගම දුරකථනයට ඇතුලත් කල හැකියි. ඇතුලතින් Power Connector එක, Data Cable එක සහ Head Phone එක මනා අයුරින් අසුරා තිබෙනවා. ඒ අනුව packaging අතින් නම් iPhone 6 හි ඒ තරම් වෙනසක් දකින්නට නැහැ.iPhone 6 නිකුත් වන්නේ Space Gray, White හා Gold යන වර්ණ තුනෙනි. ඒ අතරින් අපි අද review කරන්නේ iPhone 6 Gold දුරකථනයයි. වර්ණ වෙනස හැරුණු විට මේ සංසකරණ තුනෙහි වෙනත් වෙනසක් නැහැ.මීට පෙර නිකුත් කල iPhone මෙන්ම මේ නව iPhone 6හිත් Home Button එක දකින්නට පුළුවන්. කෙසේ නමුත් මීට පෙර පැවති edges සහිත හතරැස් පෙනුම මෙහි දකින්නට නැහැ. ඒ වෙනුවට අලුතින් හඳුන්වා දුන් වක්‍ර වූ සුමට දාර සහිත නව පෙනුමට බොහෝ දෙනා මුලදී කැමැත්තක් දැක්වූයේ නැහැ. පුද්ගලිකව මා වුවත් ඒ පෙනුමට කැමැති වුනේ නැහැ. ඒත් මේ අලුත් ජංගම දුරකථනය අතට ගත් වහාම ඒ ආකල්පය ක්ෂණිකයින් වෙනස් වුනා. ඒ වගේම සිහින් පෙනුමත්, සැහැල්ලු බවත් නිසාම ක්ෂණිකයෙන් හිත් ඇද බැඳගන්නට iPhone 6 සමත්. ඒ වගේම ඇපල් නිෂ්පාදන වලටම ආවේනික වූ උසස් පෙනුමත් ඒ ආකාරයටම මෙහි දකින්නට පුළුවන්.මේ දවස් කිහිපයේම මම පාවිච්චි කලේ iPhone 6. මම සාමාන්‍යෙයන් Apple Fan කෙනෙක් නෙවෙයි. ඒ නිසා විශාල තිරයක් සහිත ජංගම දුරකථනයක් කියන්නේ මට අරුමයක් නෙවෙයි. ඉතින් මම මේ අලුත් iPhone එක මීට පෙර iPhone භාවිත කරන අය කිහිපදෙනෙකු අතට දීලා බැලුවා. ඒ අය බොහෝ දෙනෙක්ගේ අවධානය ක්ෂණිකව යොමු වුනේ ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයයි. ඒ වුනත් Android users ලා බොහෝ දෙනෙක්ට නම් iPhone 6 කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ ජංගම දුරකථනයක්. මොකද Moto X, Nexus 4 වගේ ජංගම දුරකථන වල ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක තිරයකියි iPhone 6 සතු වන්නේ.iPhone 6 හි තිරයට එය නිකුත් වීමටත් ප්‍රථම සිටම වැඩි අවධානයක් හිමි වුනා. ඒ පිළිබඳ විවිධ මත පළවූ අතර ඒ අතරින් සමහර තැනක සඳහන් වුනේ මේ තිරය බිඳ දැමිය නොහැකි ලෙසයි. ඒත් එය ඇත්තක් නොවන බව දැන් හෙලි වෙලා. අවාසනාවකට අපට තවමත් drop test එකක් කරන්නට තරම් හැකියාවක් නම් නැහැ.පික්සල් 750 x 1334 සහිත අඟල් 4.7 ක තිරයේ Color reproduction එක උසස්. ඒ වගේම වැඩි ආනතියකින් වුවත් හොඳින් දිස් වනවා. Samsung Galaxy Note 4 තරම් පික්සල් ඝණත්වයක් නැති වුනත් මෙය අතිශය උසස් තිරයක්. ඒ වගේම තිරය මනාලෙස දුරකථනයේ බඳ සමඟ සම්බන්ධ වනවා. ඒ නිසා අතර අපහසුවක් හෝ වෙනසක් දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට එකම ද්‍රව්‍යයකින් තනා සුමට ලෙස ඔප මට්ටම් කල ජංගම දුරකථනයක් ලෙසයි හැඟෙන්නේ. කෙසේ නමුත් සිහින් හා බරින් සැහැල්ලු නිසා පහසුවෙන් දෙකට කැඩී යා හැකි ආකාරයක් ඔබට දැනෙන්න පුළුවන්.දුරකථනයේ පසුපස සුදු පැහැ රේඛා සටහන් පෙනෙන්නේ ස්ටිකර් අලවා ඇති ආකාරයටයි. ඒ වගේම පසුපස කැමරාව තරමක් ඉදිරියට නෙරා තිබීමත් තරමක් අපහසුතාවක්. මන්ද ඒ නිසා iPhone 6 පැතලි මතුපිටක තැබූ විට කැමරාවේ ඉදිරිපස වීදුරුව ස්පර්ශ වනවා. ඒ නිසා එය පහසුවෙන් සීරිමට හැකියාවක් ඇති ලෙසයි දැනෙන්නේ. පුද්ගලිකව මට වුවත් ඒ හැඟීම දැනුනා. නමුත් කැමරා වීදුරුව උසස් වීදුරු වර්ගයකින් තනා ඇති නිසා පහසුවෙන් සීරීම් වලට ලක් වන්නේ නැති බවයි ඇපල් සමාගමනම් පවසන්නේ.PerformancesiPhone 6 කියන්නේ මොන පැත්තකින් බැලුවත් සුපිරි ජංගම දුරකථනයක්. ඇපල් සමාගම පසුගිය වසර පුරාවටම iPhone හි සෑම අඟලක් පාසා දියුණු කරන්නට ක්‍රියාකර ඇති බවනම් පැහැදිලියි. ජංගම දුරකථනය බලගැන්වෙන්නේ A8 ප්‍රොසෙසරයකිනි. ඒ නිසා apps lauch කිරීමේදී. apps කිහිපයක් එකවර ක්‍රියා කිරීමේදී, games play කිරීමේදී 5S ට වඩා වැඩි වේගයකින් ඒ සියල්ල කිරීමට iPhone 6 හට හැකියාව ලැබී තියෙනවා. මීට අමතරව M8 නම් අලුත් ප්‍රොසෙසරයක් මඟින් ඔබේ චලන, ඔබ සිටින උස වැනි දේ සටහන් කරගන්නට සමත්.කැමරාවiPhone 6 ලොව හොඳම ජංගම දුරකථනය බවට පත්කරන්නේ එහි කැමරාවයි. මෙගා පික්සල් 8ක කැමරාවක් වුවත් නව Focus Pixel තාක්ෂණය හා තවත් වැඩිදියුණු කිරීම් නිසා පෙරටත් වඩා හොඳ ඡායාරූප ගන්නට හැකියාව තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක ඔබට Focus වෙමින් පවතින අවස්ථාවක් දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඒත් මටත් පුරුද්දට වගේ විටින් විට focus කරන්නට touch කෙරුනා.දැන් Panaroma ඡායාරූප වුවත් High Resolution වලින් ලබාගන්නට හැකියාව තියෙනවා. සරලවම කියනවා නම් සාක්කුවෙන් එලියට අරගෙන තත්පර කිහිපයකින් උසස් තත්වයේ ඡායාරූප ගන්න පුළුවන් හොඳම ජංගම දුරකතනයක් ලෙස iPhone 6 හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තත්පරයට රූපරාමු 60කින් 1080 ප්‍රමාණයේ වීඩියෝ රූගත කරන්නට හැකියාව ඇති මෙහි Slow Mo, Timelapse වැනි විවිධ ආකාර වලටත් රූගත කරන්නට හැකියාව තිබෙනවා. Slow Mo ගැන විශේෂයෙන් කතා කල යුතු වන්නේ තත්පරයට රූප රාමු 240ක තරම් වේගයකින් රූප රාමු ලබාගන්නට මේ කැමරාව හා ප්‍රොසෙසරය සමත්. ඒ නිසා මින් පෙර නොවූ තරම් Slow Motion විඩියෝ රූගත කිරීමේ හැකියාව iPhone හට ලැබී තිබෙනවා.හැමදේම හොඳට – කිසිවක් නොවෙනස්වඒ තමයි iPhone 6 හි ඔබ දැනගත යුතුම දේවල්. ඇපල් සමාගම මෙවර අලුතින් යමක් හඳුන්වා දෙනවා වෙනුවට සිදුකලේ වෙනස් වන ඉල්ලුමට අනුව වඩා හොඳ නිෂ්පාදනයක් එලිදැක්වීමයි. ඒ වගේම iPhone හි සෑම අස්සක් මුල්ලක් නෑරම upgrade කරන්නටත් ඇපල් සමාගම තීරණය කරලා. ඒ අනුව දැනට වෙළඳපලේ ඇති හොඳම ජංගම දුරකතනයක් විදියට ඇපල් iPhone 6 හඳුන්වන්න පුළුවන්. හොඳම ජංගම දුරකථනය කියලා වුනත් හඳුන්වන්න පුළුවන්. ඒත් මේ නිකුත් වුනේ අවුරුදු 7ක් තිස්සේ ලත් අත්දැකීම් වලින් නිපදවූ තවත් එක් iPhone එකක් විතරයි.
උසස් නිමාවත්, සෑම අතින්ම upgrade වීමත්, අඟල් 4.7 ක විශාල තිරයත් විශේෂයි.
357
ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය ජනනාත් වරකාගොඩ මිලදී ගනීඊයේ දිනයේ ඇපල් සමාගම විසින් නව iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි වී තිබෙනවා. ජනප්‍රිය සංගීතඥයෙක් වන ජනනාත් වරකාගොඩ මහතා විසින් මිලදීගත් මේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කර ඇත්තේ I Device Solutions ආයතනය විසිනි. පහතින් දැක්වෙන්නේ I Device Solutions හි හිමිකරු දමිත් නිරන්ජ මහතා විසින් ජනනාත් වරකාගොඩ මහතාවෙත අද උදෑසන 6ට ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි කල අවස්ථාවයි.
ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය ජනනාත් වරකාගොඩ මිලදී ගනී ඊයේ දිනයේ ඇපල් සමාගම විසින් නව iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකට පසුව ලංකාවේ ප්‍රථම iPhone 6 ජංගම දුරකථනය අලෙවි වී තිබෙනවා.
358
ඇපල් සමාගම විසින් පසුගියදා නවතම iPhone 6 ජංගම දුරකථනය නිකුත් කලා. එහි විශේෂත්ව අතර තත්පරයට රූපරාමු 240ක් දක්වා රූගත කල හැකි කැමරාව හඳුන්වන්න පුළුවන්. මේ නිසා මීට පෙර ජංගම දුරකථනයකින් කල නොහැකි වූ තරම් Slow Motion වීඩියෝ රූගත කරන්නට හැකියාව ලැබී තියෙනවා.සාමාන්‍යෙයන් තත්පරයට රූපරාමු වැඩි ගණනක් රූගත කරන්නට නම් ඒ සඳහා හොඳ ප්‍රොසෙසරයක් අවශ්‍ය වනවා. ඉතින් මේ නව iPhone 6 හා iPhone 6 Plus හි ඇති A8 ප්‍රොසෙසරයට ඒ හැකියාව තියෙනවා. ඒ අනුව දැන් සාමාන්‍ය පාරිභෝගිකයින්ටත් වෘත්තීය මට්ටමේ වීඩියෝ ලබාගැනීමට හැකියාව ඇතිවනු ඇති බවයි ඇපල් සමාගමේ මතය.
ඇපල් සමාගම විසින් පසුගියදා නවතම iPhone 6 ජංගම දුරකථනය නිකුත් කලා.
359
ඇපල් සමාගමේ අලුත්ම ජංගම දුරකථන වන iPhone 6 හා iPhone 6 Plus වල දෝෂයක් පිළිබඳව ප්‍රවෘත්තිය ලොව පුරා පැතිර ගියා. අලුත් ඇපල් දුරකථන පහසුවෙන් නැමෙන බව දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟ ඇපල් නිෂ්පාදන වලට පහර එල්ල කරමින් විවිධ ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් පවා අන්තර්ජාලයේ සිය හාස්‍යය පළකර සිටියා. ඒ වගේම මේ සිදුවීම ඇපල් සමාගමේ නව නිෂ්පාදන වල අලෙවිය සඳහාද සෘජුවම බලපා තිබුනා.නමුත් මේ සිදුවීමට පිළිතුරු ලෙස ඇපල් සමාගම සිය නව නිෂ්පාදන වල තත්වය පරීක්ෂාකරන අයුරු දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදා හැරියා. ඒ අනුව අලුත් Apple iPhone 6 වෙළඳපලට නිකුත් කිරීමට පෙර එහි නිෂ්පාදන තත්වය පරීක්ෂා කිරීම සඳහා පර්යේෂණ රාශියක් සිදු කරනවා. ඒ වගේම මේ වන විට iPhone 6 ජංගම දුරකථන 30 000ක් පමණ මේ පර්යේෂණාගාරයේ පරීක්ෂාවට ලක්ව ඇති බවත් වාර්තා වනවා.ඇපල් සමාගමේ විධායක නිළධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සිය නිෂ්පාදන සාමාන්‍ය මහජන භාවිතයේදී සිදුවන ගැටීම්, නැවීම්, තැලීම් සඳහා ඔරොත්තු දෙන ලෙස නිමාව ඇති බවයි. ඒ වගේම iPhone 6 ජංගම දුරකථනය නැමෙන වීඩියෝවේ දී සාමාන්‍ය තත්වයකට වඩා වැඩි බලයක් යොදා නැවීම සිදු කරන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. ඒ වගේම නව iPhone 6 නිෂ්පාදනය කරන ඇලුමිනියම් වර්ගය ටයිටේනියම් මිශ්‍රිත විශේෂ ඇලුමිනියම් වර්ගයක් බවත්, තිරය සහ බඳ වැඩි ආතතියක් දැරිය හැකි පරිදියි නිර්මාණය කර ඇත්තේ.
ඇපල් සමාගමේ අලුත්ම ජංගම දුරකථන වන iPhone 6 හා iPhone 6 Plus වල දෝෂයක් පිළිබඳව ප්‍රවෘත්තිය ලොව පුරා පැතිර ගියා.
360
Google Nexus ජංගම දුරකථන පෙළ පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වුනා. ඒ අතරිනුත් Nexus S, Nexus හා Nexus 5 ජංගම දුරකථන ත්‍රිත්වය වැඩි අවධානයක් දිනාගත්තා. මේ Nexus දුරකථන පෙලේ අලුත්ම ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතිනවා. “Shamu” යන කේත නාමයෙන් හැඳින්වෙන Nexus 6 ජංගම දුරකථනය Motorola සමාගම විසින් නිෂ්පාදනය කරනු ඇති බවයි වාර්තා වන්නේ. මේ නව Nexus 6 හි ඡායාරූප මෙතෙක් එළිදැක්වී නොතිබුනත් පසුගියදා leak වුනු LG G3 ජංගම දුරකථනය හා තවත් විශාල දුරකථනයක් දැක්වෙන ඉහත ඡායාරූපයේ ඇත්තේ නුදුරේදී නිකුත් වීමට නියමිත Nexus 6 (Shamu) බවයි හෙළිව ඇත්තේ.මේ වසරේ IFA හීදී නිකුත් වූ Moto X 2014ජංගම දුරකථනයේ පෙනුමට ආසන්න පෙනුමකින් යුත් නව Nexus දුරකථනයේ තිරය අඟල් 5.92ක තිරයක් බවයි පැවසෙන්නේ. ඒ වගේම මෙගා පික්සල් 12 ක කැමරාවක්, 2.6GHz quad-core Snapdragon 805 ප්‍රොසෙසරයක් හා 3GB Ram මතකයක්ද මෙහි ඇතුලත්. ඒ වගේම Android L මෙහෙයුම් පද්ධතිය ඇතුලත්ව මේ දුරකථනය නිකුත් වනු ඇති බවත් පැවසෙනවා.කෙසේ නමුත් තවත් මතයකින් හෙලි වන්නේ මෙය Verizon වෙතින් නිකුත් කෙරෙන Moto X හිම විශාල සංස්කරණයක් බවයි. කෙසේ වුවත් සාමාන්‍යෙයන් Google විසින් නිකුත් කරන Nexus දුරකථන මෙතෙක් එක් Service Provider කෙනෙක්ට පමණක් සීමා කෙරුනේ නැහැ. ඒ නිසා මේ අත්භූත ජංගම දුරකථනය Moto X සංස්කරණයක්ද එසේත් නැත්නම් Motorola Nexus 6 ද යන්න පිළිබඳව තීරණය ඔබටම භාරයි. කෙසේ වුනත් මේ පිළිබඳ තොරතුරු ලද වහාම ඔබව දැනුවත් කිරිමට අප සූදානම්.
Google Nexus ජංගම දුරකථන පෙළ පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වුනා.
361
මුළු ලොවම කම්පා කරමින් අතුරුදන් වූ MH370 ගුවන් යානය පිළිබඳ සෝදිසි මෙහෙයුම් වලදී මේ වනතෙක් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුනත් සාගර පතුලේ තොරතුරු බොහෝමයක් මේ හරහා හෙළිවෙමින් පවතිනවා. මේ සෝදිසි මෙහෙයුම් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ඕස්ට්‍රේලියානු නාවික හා ගුවන් හමුදා ප්‍රථම වරට මෙතෙක් අවධානයට ලක්නොවූ සාගර පතුලක් පිළිබඳ තොරතුරු හෙළිවෙලා. මීට අමතරව මීටර් 1500ක් පමණ ගැඹූරු මුහුදේ ඇති සක්‍රීය ගිනිකඳු පවා මේ සෝදිසි මෙහෙයුම් වලදී හෙළිව ඇත.සෝනාර් තරංඟ යොදාගනිමින් කරන ලද මේ පර්යේෂණ යානය සෙවීමේ සෝදිසි මෙහෙයම් සඳහා වැදගත් වන බවත්, මේ තොරතුරු මත පදනම්ව ඉදිරි මෙහෙයම් සිදුකරන බවත් ඕස්ට්‍රේලියානු රජය පවසා සිටියා.පසුගිය මාර්තු මස 08 වනදින මැලේසියාවේ අගනගරය වන ක්වාලාලාම්පූර් හි සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබියදී රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වුනා. මඟීන් හා කාර්ය මණ්ඩලය 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මෙම යානය සෙවීමට රටවල් 25කට අධික ප්‍රමාණයක් සියදායකත්වය සැපයූවත් මේ වන තෙක් විශ්වාසකටයුතු හෝඩුවාවක් ලැබී නැහැ. එසේ නමුත් මීට ප්‍රථම විවිධ අවස්ථා වලදී යානයේ සුන්බුන් පිළිබඳ තොරතුරු වාර්ථා වුනා.
මුළු ලොවම කම්පා කරමින් අතුරුදන් වූ MH370 ගුවන් යානය පිළිබඳ සෝදිසි මෙහෙයුම් වලදී මේ වනතෙක් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුනත් සාගර පතුලේ තොරතුරු බොහෝමයක් මේ හරහා හෙළිවෙමින් පවතිනවා.
362
මිලෙන් අඩු ජංගම දුරකථනයක් වීමත්, අඩු මුදලකට සෑම පහසුකමක්ම වාගේ ඇතුලත් ජංගම දුරකථනයක් වීමත් ය.තිරයේ දීප්තිය පාලනය manual සිදුකිරීමට සිදුවීම සහ කල් ගතවීමේදී දුරකථනය slow වීම අවාසි වේ.අපි අද කතා කරන්නේ ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය ජංගම දුරකථනයක්. මේ ජංගම දුරකථනය ලංකාවේ පමණක් නොවෙයි බොහෝ ආසියාතික රටවල් අතර වැඩිම අලෙවියක් ඇති ජංගම දුරකථනයක්. ඒ තමයි Samsung Galaxy S Duos 2.Samsung Galaxy S Duos ජංගම දුරකථනයේ දෙවන සංස්කරණය වන මේ දුරකථනයත් Dual Sim ජංගමදුරකථනයක්. මේ දුරකථනය ආසියානු රටවල් අතරේ ජනප්‍රිය වීමට හේතු වූනේ මේ දුරකථනය Dual Sim පහසුකම, කැමරාව, අඟල් 4ක තිරය වැනි අත්‍යවශ අවශ්‍යතා සියල්ලක්ම පාහේ සපුරන නිසයි. ඒ වගේම අඩ් මිලකට මිලදීගත හැකි වීමත් වැදගත් වනවා.Unboxingඅපි මුලින්ම බලමු මේ දුරකථනය සමඟ ඔබට ලැබෙන දේ මොනවාද කියලා. බැටරිය, චාජරය, Data Cable හැරුණුවිට Headphone එකද මේ දුරකථනය සමඟ ඔබට ලැබෙනවා. මේ සමඟ ලැබෙන චාජරය උසස් තත්වයේ චාජරයක් වන අතර සුදු පැහැති Headphone එකනකම් වැඩි වේලාවක් කනේ රඳවාගෙන සිටීමෙන් යම් වේදනාවක් ඔබට දැනෙන්නට පුළුවනි. Datacable එකනම් සාමාන්‍ය කේබලයක්.පිටිපස ආවරණය පහසුවෙන් ගලවා ඉවත්කල හැකි මෙන්ම බැටරියත් පහසුවෙන් ඉවත්කල හැකියි. එකමත එක රැඳවිය යුතු සිම්පත් ද්විත්වය සාමාන්‍ය ප්‍රමාණයේ සිම්පත් වීමත් විශේෂ වාසියක්. මන්ද තවමත් බොහෝ දෙනා අතර වැඩිවශයෙන් භාවිත වන්නේ සාමාන්‍ය සිම්පත්.ඒ වගේම කළු සහ සුදු වර්ණ වලින් මිලදී ගත හැකි මෙහි බඳ සම්පූර්ණයෙන්ම වාගේ නිමවා තිබෙන්නේ ප්ලාස්ටික් වලින්. එසේ වුවත් S Duos 2කළු පැහැ දුරකථනයේ පිටුපස ආවරණය රටා සහිත ප්ලාස්ටික් ආවරණයක් නිසා තරමක උසස් පෙනුමක් එයට ලැබී තිබෙනවා. ඒ වගේම කළු පැහැ ජංගම දුරකථනය සමඟ වුවත් ලැබෙන්නේ සුදු පැහැ Headphone එකක් වීමනම් අවාසියක්.පසුගිය වසරේ නොවැම්බර් මස නිකුත් වූ මේ දුරකථනය ලංකාවේ වෙළඳපලට නිකුත් වුනේ මීට මාස කිහිපයකට පෙර වුවත් තවමත් හොඳ අලෙවියක් දකින්නට පුළුවන්. මිලිමීටර් 10.6ක ඝනකමකින් යුත් මේ S Duos 2 ජංගම දුරකථනය බරින් ග්‍රෑම් 118 ක් බර වනවා. ඒ වගේම අඟල් 4ක් වන තිරය අඟලකට පික්සල් 223ක් පමණ ඇතුලත් නිසා සැලකිය යුතු මට්ටමේ හොඳ තිරයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.HardwareAndroid 4.2.2 Jellybean මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන S Duos 2 ජංගම දුරකථනය බලගැන්වෙන්නේ Dual-core 1.2 GHz Cortex-A9 ප්‍රොෙසසරයකින්. ඒ වගේම Accelerometer, proximity සෙන්සරය හා මාලිමාවක් ද ඇතුලත් නමුත් ජංගම දුරකථන තිරයේ දීප්තීය පාලනය සඳහා සෙන්සරයක් නැහැ. ඒ නිසා පරිසර තත්වයට ගැලපෙන ලෙස තිරයේ දීප්තිය වෙනස් කිරීමට ඔබට සිදුවනවා. නමුත් එළිමහනේදී පහසුවෙන් තිරයේ ඇති දේ දැකගැනීමට හැකි තරමට තිරයේ දීප්තිය ප්‍රමාණවත්. ඊට අමතරව ඔබ සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා GPS පහසුකම් ද දේශිය නාලිකා ගණනාවක් සඳහා සහාය දක්වන FM රේඩියෝවක්ද මෙයට ඇතුලත්. නමුත් බොහෝ දුරකථන මෙන්ම රේඩියෝවට සවන්දීම සඳහා Headphone එක සම්බන්ධ කලයුතුයි.මීට අමතරව දුරකථනයේ අභ්‍යන්තර මතකය 4 GB පමණ වන අතර ඔබට අවශ්‍ය පරිදි MicroSD Chip මඟින් එය වැඩි කරගත හැකියි. මෙහි රැම් මතකය 768 MB වන නිසා සාමාන්‍යයෙන් එකවර apps කිහිපයක් ධාවනය කල හැකියි. එසේ වුනත් කල් ගත වීමත් එක්ක ඔබට සුමට ලෙස ජංගම දුරකථනය ක්‍රියාකරවීමට නම් නිතර නිතර apps kill කරන්නට සිදු වේවි. 4GB අභ්‍යන්තර මතකයක් ඇති වුවත් මෙහෙයුම් පද්ධතිය හා අනෙකුත් built in apps නිසා ඔබට ඉතිරිවන්නේ 2GB ටත් වඩා අඩු ඉඩ ප්‍රමාණයක්. ඒ නිසා විශාල Games හා වැඩි ඉඩක් වැයවන apps බාහිර Micro SD වෙත මාරු කිරමට ඔබට සිදුවේවි. ඒ නිසා Apps install කිරීමේදී තරමක් සැලකිලිමත් වීමට ඔබට සිදුවේවි.සාමාන්‍යෙයන් විශාල android දුරකථකන භාවිත කරන කෙනෙකුටනම් මේ දුරකථනය කුඩා දුරකථනයක් ලෙස දැනෙන්නට පුළුවන්. එහෙත් අඟල් 4ක තිරයක් ඇති මේ දුරකථනය ආසන්න වශයෙන් iPhone 5 දුරකථනයේ ප්‍රමාණයට සමානයි. ඉහළින් පිහිටන speaker එක හොඳ තත්වයේ ස්පීකරයක් වන අතර ඒ හරහා දුරකථන ඇමතුම් වලදී පැහැදිලි බාහිර ශබ්ද වලින් තොර හඬක් ඇසිය හැකියි.ඔබේ නව ජංගම දුරකථනයේ ආරක්ෂාවට බාහිර ආවරණයක් මිලදී ගත හැකි වුවත් එවැනි ආවරණයක් මඟින් ජංගම දුරකථනයේ නියම පෙනුම නැතිවී යනවා. ඒ නිසා භාවිතයට තරමක් අපහසු විය හැකියි. නමුත් සුදු පැහැ S Dous 2 දුරකථනය තරමක් ලිස්සන සුළු නිසා ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීමත් වැදගත්.Connectivityඅන්තර්ජාල සම්බන්ධතාව සඳහා GPRS, EDGE ට අමතරව වේගවත් HSDPA සම්බන්ධතාවක් ඔබට අත්විඳිය හැකියි. ඒ වගේම Wifi Hotspot එකක් ලෙස යොදාගෙන ඔබේ ලැප්ටොප් පරිගණකයට හෝ තවත් ජංගම දුරකථන කිහිපයකට වුවත් අන්තර්ජංල සම්බන්ධතාව ලබාගත හැක. Wifi වලට අමතරව Bluetooth හෝ USB ඔස්සේ වුවත් ඔබේ පරිගණකය හා සම්බන්ධ වීමට මේ දුරකථනයට හැකියාව තිබෙනවා. ඒ වගේම MicroUSB port එක හරහාමයි මෙහි බැටරි චාජරය සම්බන්ධ වන්නේ.GPS සම්බන්ධතාවය ඉතාමත් නිවැරදි ලෙස ලබාගැනීමට සමත් නිසා ඔබ සිටින ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියාව තිබෙනවා. මීට අමතරව Google Maps සඳහා මෑතකදී ලංකාවට හඳුන්වා දුන් Google Navigation වුවත් භාවිතකරන්නට හැකියාව තිබෙනවා.CameraS Dous 2 හි කැමරාව පිළිබඳව විශේෂයෙන් සඳහන් කල යුතුයි. පසුපස කැමරාව 5MP වන මෙහි ඉදිරිපස කැමරාව VGA කැමරාවක්. උසස් තත්වයේ ජංගම දුරකථන සමඟ සංසන්ධනය කරන විට නම් ඒ තරම් හොඳ කැමරාවක් නොවූවත් මෙහි කැමරාව සාමන්‍ය එදිනෙදා භාවිතයට නම් කදිමයි. ඒ වගේම විවිධ Modes යොදා ඡායාරූප ලබාගැනීමට හැකිවීමත්, LED Flash එකක් තිබීමත් නිසා අඳුරේදී වුවත් හොඳ ඡායාරූප ලබැගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තත්පරයට රූපරාමු 30කින් 720p HD වීඩියෝ රූගත කරන්නටත් මේ කැමරාව සමත්. එසේ වුනත් ක්ෂණිකයෙන් ඡායාරූප ගැනීමටනම් මේ කැමරාව එතරම් යෝග්‍ය නැහැ. Ram මතකය හො ප්‍රොෙසසරය උසස් තත්වයේ නැති නිසා ඡායාරූප නැරඹීමේදීත් ඔබට තරමක් වේලාවක් ගතවනවා. ඒත් එය ඒ තරම් විශාල ගැටළුවක් නෙවෙයි. ඒ වගේම ඉදිරිපස VGA කැමරාව වුවත් හොඳ තත්වයේ Selfie ලබාගන්නට ප්‍රමාණවත්. කෙසේ නමුත් අඳුරේදී නම් මේ තත්වය තරමක් වෙනස්. ඒ වගේම Volume Key එක කැමරාවේ Zoom Key එක විදියටත්, Shutter Button එක ලෙසත් අවශ්‍ය පරිදි වෙනස් කරගන්නට පුළුවන්.SoftwareSMS සඳහා default app එක ලෙස Hangout නොපැමිනියත් එය පහසුවෙන් වෙනස් කරගත හැකියි. ඒ හරහා ඔබට පහසුවෙන් ඔබේ Google ගිණුමේ Hangouts සහ SMS පණිවුඩ එකම app එකක් තුලින් යැවිය හැකියි.වෙබ් බ්‍රවුසරය භාවිතයේදීනම් Google Chrome වෙනුවට Samsung බ්‍රව්සරය භාවිතා කිරීමෙන් lag වීමකින් තොරව වෙබ් අඩවි පරිශීලනයට ඔබට හැකියාව ලැබේවි. මීට අමතරව සැම්සුන් මඟින් නිකුත් කරන ලද Android මෙහෙයුම් පද්ධතිය මෙහි ඇතුලත් නිසා ෆේස්බුක් වැනි ඇප්ස් වල පවා හොඳින් සිංහල අකුරු දර්ශණය කිරීමට මේ ජංගම දුරකථනය සමත්. කෙස් නමුත් Samsung Keyboard එක නම් තරමක් භාවිතයට අපහසු keyboard එකක්. ඒ නිසා ඒ වෙනුවට Swype හෝ වෙනත් Keyboard එකක් භාවිත කිරීම යෝග්‍යයි. එසේ වුනත් එලෙස වෙනත් Keyboard එකක් යොදාගැනීම ඔබේ ජංගම දුරකථනය තරමක් slow වීමට හේතුවක් විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත්වන්න. සැම්සුන් සමාගම විසින් නිරන්තරයෙන් updates නිකුත් කරන නිසා දුරකථනයේ මෘදුකාංග දෝෂනම් ඒ තරම් දකින්නට නැහැ. ඒත් වරක් දෙවරක් force close විය හැකි අතර එය සාමාන්‍යයි.ග්‍රැෆික්ස් සඳහා Broadcom’s VideoCore-IV චිප් එක භාවිත වන අතර එය Qualcomm Adreno 220 චිප් එකට සමාන ක්‍රියාකාරීත්වක් දකින්නට පුළුවන්. ඒ වගේම සැම්සුන් දුරකථන සඳහාම විශේෂ TouchWiz UI එය මෙහි ඇතුලත් නමුත් ඔබට අවශ්‍ය නම් Android KitKat සඳහා පැමිණෙන Google Now Launcher එක පහසුවෙන් ඔබට Google Play හරහා ස්ථාපිත කරගන්නට පුළුවන්. ඒ හරහා ඔබට Nexus ජංගම දුරකථනයක පෙනුමක් ඔබේ ජංගම දුරකථනය එක්කරගන්නට පුළුවන් වගේම වඩාත් අලංකාර පෙනුමක් එක්කර ගන්නට පුළුවන්. සැම්සුන් TouchWiz UI එකට කැමති අය වගේම අකමැති අයත් බොහෝ දෙනෙක් සිටිනවා. ඒත් සැම්සුන් හි dialer app එකනම් පහසුවෙන් ඇමතුම් ලබාගැනීමට හැකිවන පරිදියි නිර්මාණය කර තිබෙන්නේ.මේ දුරකථනය පෙනුමින් හා බොහෝමයක් දේ අතින් එක සමාන තවත් දුරකථනයක් වෙළඳපලේ ඇති අතර Galaxy Trend Plus S7580 නමින් හැඳින්වෙන එය එක් සිම්පතක් සඳහා පමණයි සහාය දක්වන්නේ. ඒ නිසා මිලදී ගැනීමට පෙර ඒ පිළිබඳව හොඳින් සොයාබැලීමට ඔබට සිදුවනවා.Batteryමිලි ඇම්පියර් 1500ක පමණ ලිතියම් අයන් බැටරියේ ආයුකාලය නම් සාමාන්‍යෙයන් දිනක වැඩකටයුතු සඳහා ප්‍රමාණවත්. ඒ වගේම අන්තර්ජාල සම්බන්ධතාව ඇතුව වුවත් අනෙකුත් දුරකථන හා සසඳන විට වැඩි ආයුකාලයක් බැටරිය සක්‍රීය පවතිනවා.ක්‍රියාකාරීත්වය අතින් නව S Duos දුරකථනය හොඳ මට්ටමක පවතින අතර games හා heavy websites සඳහාත් හොඳින් සහාය දක්වනවා. එකම අවාසිය වන්නේ කාලයක් භාවිත කිරීමත් සමඟ ජංගම දුරකථනය slow වීමයි. බොහෝමයක් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සඳහා පොදු මේ දෝෂය අනවශ්‍ය apps install නොකිරීම මඟින් හා නිතර නිතර clean කිරීමෙන් තරමක් අඩුකරගත හැකියි.How to BuySamsung Galaxy S Dous 2 ජංගම දුරකථනය ලංකාවේදී රුපියල් 16050සිට 25000 දක්වා මුදලකට මිලදීගත හැකියි. දැනට ලංකාවේ අඩුම මිලට මේ දුරකථනය මිලදීගත හැක්කේ Takas.lk වෙබ් අඩවිය හරහා වන අතර අවුරුදු 2ක නිල වගකීම් සහතිකයත් සමඟම රුපියල් 18900ක් පමණ වේ. මීට අමතරව කොළඹ අවට ප්‍රදේශ සඳහා නොමිලයේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් පවා Takas.lk වෙබ් අඩවිය සපයා තිබෙනවා.
මිලෙන් අඩු ජංගම දුරකථනයක් වීමත්, අඩු මුදලකට සෑම පහසුකමක්ම වාගේ ඇතුලත් ජංගම දුරකථනයක් වීමත් ය.
363
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය අද රාත්‍රීයේදී යළි ත් වරක් බිඳ වැටුණි.නමුත් මේ වනවිට එය යථා තත්ත්වයට පත් කර තිබේ.පසුගිය ජුනි 30 වන දා ද ෆේස්බුක් වෙබ් අඩවිය මිනිත්තු 30ක පමණ කාලයක් බිඳ වැටී තිබුණි.ෆේස්බුක් බිඳ වැටීම විදෙස් මාධ්‍ය ද වාර්තා කර තිබුණි.අද රාත්‍රීයේදී බිඳ වැටී තිබුණු කාලය තුළ Facebook මුල් පිටුව දිස් වූයේ පහත ආකාරයට ය.
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය අද රාත්‍රීයේදී යළි ත් වරක් බිඳ වැටුණි.
364
ලිංගික ආශාව මඳ කාන්තාවන් සඳහා ලබාදෙන ෆිල්බැන්සෙරින් නම් ඖෂධයක් ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වේ.කාන්තා වියාග‍්‍රා ලෙස හැඳින්වෙන මෙම ඖෂධයේ ඇති අතුරු ඵල හේතුවෙන් ඒ වෙත අනුමැති නොදීමට මින් පෙර අවස්ථා දෙකකදීම ආහාර හා ඖෂධ පාලන මණ්ඩලය කටයුතු කර තිබිණි.18-6ක් ලෙසින් අනුමත කරනු ලැබූවද එම මණ්ඩලය පවසා ඇත්තේ ෆිල්බැන්සෙරින් සතු වාසි හා සමානම හානිකර අතුරු ඵලද පවතින බවයි.විශාදය සඳහා ඔසුවක් ලෙස මුලින් නිපදවනු ලැබූවද ෆිල්බැන්සෙරින් ඒ සඳහා නොගැලපෙන බව පරීක්‍ෂණ වලදී අනාවරණය වූ අතර කාන්තා ලිංගික ආශාව උද්දීපනය කරන සෙරොටොනින් හා ඩොපැමින් ප‍්‍රතිග‍්‍රාහකයක් ලෙස කටයුතු කරන බවද හෙළි විය.අවශ්‍ය අවස්ථාවකදී භාවිතා කළ පසු පුරුෂ ලිංගය වෙත රුධිර සංසරණය ඉහළ දමමින් පැය කිහිපයක් පුරා එය සෘජුව පවත්වා ගන්නා වියාග‍්‍රා පෙත්ත මෙන් නොව කාන්තා වියාග‍්‍රා ඖෂධය කාන්තාවන් විසින් දිනපතාම ලබාගත යුතු වේ.ෆිල්බැන්සෙරින් නිෂ්පාදනය කළ ස්ප්‍රෞට් ෆාමසියුටිකල්ස් සමාගම විසින් සති 24ක පමණ කාලයක් මුළුල්ලේ සිදුකළ පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇත්තේ ඖෂධය භාවිතා කළ කාන්තාවන්ගෙන් 40-60%ක් පමණ සාර්ථක ප‍්‍රතිඵල ලැබූ බවයි.කෙසේවෙතත් එහි සාර්ථකත්වය 10%ක් පමණක් බව පැවසේ. ඒ අනුව මසකට දෙවරක් තුන්වරක් පමණ ලිංගිකව එක්වූ කාන්තාවන්ගේ ලිංගික ක‍්‍රියාකාරීත්වය කාන්තා වියාග‍්‍රා ගත් පසු මසකට සිව්වරක් පමණ වනු ඇතැයි පැවසේ.
ලිංගික ආශාව මඳ කාන්තාවන් සඳහා ලබාදෙන ෆිල්බැන්සෙරින් නම් ඖෂධයක් ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වේ.
365
Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයේ රටවල් 56ක තරඟකරුවන් 317ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලාංකික නිර්මාණයක් වන Mogo Reader ඇන්ඩ්‍රොයිඩ් යෙදුම (app) සමත් වී ඇත.තාක්ෂණික ලෝකයේ නැඟී එන ව්‍යාපාරිකයින් ඇගයීමක් ලෙස සංවිධානය කල මේ තරඟයේදී ව්‍යාපාරයේ නවමු බව, ව්‍යාපාරයේ පැවැත්ම වගේම එම ව්‍යාපාරයේ කෙතරම් දුරට ඉහළ නැංවීමට හැකිද, ව්‍යාපාරය පසුපස සිටින අය සහ මෙතෙක් ව්‍යාපාරය පැමිණ ඇති ආකාරය ගැන සලකා බලා ලකුණු පිරිනැමීම සිදුකර ඇත. ඒ වගේම අවසන් වටය සඳහා මනාප වටයක් පැවති අතර ඒ වටයේදී Mogo Reader හා එහි නිර්මාතෘන් පිළිබඳව Google සමාගම විසින් නිර්මාණය කරන ලද වීඩියෝ පටයට හිමි මනාප ගණන සැලකිල්ලට ගන්නා ලදී.සරලම කියතොත් Mogo Reader මඟින් සිදුකෙරෙන්නේ දිනපතා පළවන ප්‍රවෘත්ති පහසුවෙන් කියවිය හැකි මෘදුකාංගයක්. එහි විශේෂත්වය නම් ඔබට කැමති පරිදි අවශ්‍ය ප්‍රවෘත්ති පමණක් සොයාබැලිය හැකි වීමයි. උදාහරණයක් විදියට ඔබ ක්‍රීඩා පුවත් වලට කැමති කෙනෙක් නම් ලංකාව පුරා විවිධ පුවත් මූලාශ්‍ර වලින් ක්‍රීඩා පුවත් වෙන්කර ඔබට ලබාදීමට Mogo Reader හට හැකියාව තිබෙනවා.“මේ ගෙවෙන්නේ ලංකාවේ startup සම්ප්‍රදායේ විශාල පිබිදීමක් ඇති අවධියක්. ලැප්ටොප් එකක්, අන්තර්ජාල සම්බන්ධතාවක් පමණක් තිබෙන කෙනෙකුට වුනත් අද පෙරළිකාර නිර්මාණ සිදුකරන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඔබේ අදහසත් අදම ක්‍රියාවට නංවන්න. මීලඟ ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, බිල් ගේට්ස් අපට ලංකාවෙන් බිහිකරන්න පුළුවන්. ඒකට කාගෙන්වත් බාධාවක් නැහැ.”මේ ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර වෙළඳපල හා තරඟකිරීමට හැකියාව ඇති නිර්මාණ බිහිකිරීමට තමන් බලාපොරොත්තු වන බව Mogo Reader හි නිර්මාතෘවන විමුක්ති ලියනගේ අප වෙත පවසා සිටියා.විමුක්ති ලියනගේ හා ෂමීර වීරසිංහ යන තරුණයින් දෙපළ විසින් පවත්වාගෙන යන Mogo Solution Private Limited සමාගම මීට පෙර දෙස් විදෙස් ආයෝජකයින්ගේ දායකත්වයෙන් පැවැත්වෙන Venture Engine තරඟයේ අවසන් වටයට තේරී පත්ව මූලික ප්‍රග්ධනය ලබාගැනීමට සුදුසුකම් ලැබුවා.මේ ජයග්‍රහණය නිසාවෙන් ලංකාව තුල තාක්ෂණික දියුණුව ඇති කිරිම සඳහා GBG Sri Lanka එකමුතුව වෙනුවෙන් ද මූල්‍යමය ආධාර සපයා දෙන බවයි Google ආයතනය පවසන්නේ.පසුගිය දවසක සිංහල භාෂාව Google Translator වෙත එක්වීමත්, Android Lollipop සදහා සිංහල භාෂාව සහාය දැක්වීමත්, Google Street View මෝටර් රථ ලංකාවට පැමිණිමත් වැනි කාරණා සලකන කල තාක්ෂණික ලෝකය තුල මේ පුංචි ලංකාව හිමිකරගෙන ඇති තැන පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයේ රටවල් 56ක තරඟකරුවන් 317ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලාංකික නිර්මාණයක් වන Mogo Reader ඇන්ඩ්‍රොයිඩ් යෙදුම (app) සමත් වී ඇත.
366
Intelසමාගමේ 2015 වසර සඳහා පෙරදැක්ම හා පසුගිය වසරේ තොරතුරු සමාලෝචන සඳහා පසුගිය දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී ඉන්ටෙල් ශ්‍රී ලංකා සභාපති ඉන්දික ද සොයිසා තාක්ෂණික ක්ෂේත්‍රෙය් වේගවත් නව්‍යකරණය පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේයි.ඉන්දික ද සොයිසා විසින්තාක්ෂණික ලෝකයේ කිසිවක් නිශ්චලව නොපවතී. පෙර නොදුටු පරිසි එදිනෙදා ජීවිතයේ දත්ත විශාල ප‍්‍රමාණයක් රැුස් කිරීම සහ කළමනාකරණය කළ හැකි නව්‍යතා රැසක් පිරිනමන මොබයිල් සහ ගණන උපකරණයන් අද වෙළෙදපොළ ආක‍්‍රමණය කර ඇත.සියළුම තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයන් තුළ දැකිය හැකි වේගවත් නව්‍යකරණය, තාක්ෂණය සහ ගණන බලය අපගේ දෛනික ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් කරන සමෝධානිකරණ යුගය කරා අප ගෙන යාම සඳහා 2015 වර්ෂයේ දීත් එලෙසම අඛණ්ඩව පවතිනු ඇත.මේ සඳහා ආසියානු පැසිපික් කලාපය සහ ජපානය නායකත්වය සපයනු ඇත.පරිගණක විකාශනයසමෝධානිකරණ යුගය (Era of Integration) කරා පියවර තැබීමට අපිට සහාය වෙමින් ස්මාර්ට් උපකරණ මෙම නව යුගයේ ඵලදායිතාවය වර්ධනය කරයි. හැකිලිය හැකි තිරයේ සිට ඉහළ ක‍්‍රියාකාරිත්වයකින් යුත් අඩු බලයකින් ක‍්‍රියාත්මක වන ආකෘති සහ සැහැල්ලු සාධාරණ අනෙකුත් සම්බන්ධක ද්‍රව්‍ය හා ස්වයංක‍්‍රීයව කථා කරන සාධාරණ මිලකට ලබා ගත හැකි සේවාවන් වැනි නව හැකියාවන් අපි දැන් දකින්නෙමු.අපි තවදුරටත් මූලික මට්ටමේ සම්බන්ධතාවයක් ඇති එක් උපකරණයක් පමණක් තිබෙන පරිසරයක ජීවත් නොවෙමු. දැන් අපි ස්මාර්ට්ෆෝන්ස්, ටැබ්ලට් සහ PCs වැනි පුද්ගලික මට්ටමේ සැබෑ අත්දැකීමක් පිරිනමන විවිධ උපකරණ භාවිත කිරීමට පෙළඹී ඇත. අපි තිර (ස්ක‍්‍රීන්) සහ උපකරණ ලෝකයේ සිට පරිපූර්ණ අත්දැකීමක් කරා ගමන් කිරීමත් සමඟ පරිගණක ද ක‍්‍රමයෙන් වෙනස් වේ.‘‘ඊළඟ වසරේ දී පරගණක ක්ෂේත‍්‍රයේ මීළඟ යුගය වන ‘තිර රහිත’ පරිගණක යුගයට එනම් GPS ඔරලෝසු සහ එකිනෙකට සම්බන්ධ ගෘහ උපකරණ වැනි අපි අවට පවතින උපකරණයන්හී ගණන බලය පවතින යුගයකට අපි පිවිසෙන්නෙමු.’’යැයි ඉන්ටෙල් අනාගතවාදියා බ‍්‍රයන් ඬේවිඞ් ජොන්සන් පැවසුවේ ය.ඉන්ටෙල් ආසියානු පැසිපික් සහ ජපාන ආයතනයේ උපසභාපති සහ සාමාන්‍යාධිකාරී ටිම් පාකර් මහතා ඔහුගේ කියමන සනාථ කරන ලදි. අපි සමස්ථ උපකරණ සමූහයටම නව තාක්ෂණය සහ හැකියාවන් එක්කරන තාක්ෂණ රැල්ලේ මුදුන් හිනිපෙත්තේ සිටින්නෙමු. නව්‍යතාවයන් විසින් නව කරළි සහ උපකරණඅඛණ්ඩව බිහි කරනු ඇත.’’චීන තාක්ෂණ පරිසර පද්ධතියන්හී (බහුතරය CTE ලෙසින් හඳුන්වන) සන්නම්නාම සහ 2015 සහ ඉන් ඉදිරියට නව්‍යතා බිහිකරමින් ඒ සඳහාම කැපවූ නව්‍යතා මධ්‍යස්ථාන සමඟ ආසියානු පැසිපික් සහ ජපානය මෙම ගණන නව යුගය ඉදිරියට රැගෙන යන තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ වැදගත්ම හවුල්කරු වේ.සම්බන්ධක උපකරණයන්ට බලපෑම් කරමින් ඉදිරි වසරේ සිදුවන ප‍්‍රධානතම විකාශනය වනුයේ රැහැන් රහිත ආරෝපණය කිරීමේ හැකියාවන් බිහි වීම ය. අපි තව නොබෝදිනකින් අපගේ උපකරණ රැස සමඟ සම්බන්ධවන සහ ඒවා පාලනය කරන ආකාරයේ විශාල පෙරළියක් කරමින් රැහැන් රහිත ලොවකට පිවිසෙනු ඇත.2015 වසර රැහන් රහිත ආරෝපණයේ මුල් අවධිය බැවින් මෙය සුවිශේෂි සේවාවක් ලෙස ඉහළ පෙළේ උපකරණයන් සඳහා පමණක් මුලින් පිරිනමනු ඇත. නමුත් ඉතාමත් කෙටි කාලයකින් කෝපි සාප්පු සහ අනෙකුත් එවැනි මහජනයා ගැවසෙන ස්ථාන රැහන් රහිත ආරෝපණ කලාප බවට පත්වෙමින් පාරිභෝගිකයන්ගේ යහපත සඳහා එම සේවාව පිරිනමනු ඇත. ‘‘මෙය ලැබීමට පෙර අපි කළේ කුමක් ද යන්න පිළිබඳ පුදුමයට පත්වන දේවල් වලින් එකක් බවට මෙය පත්වෙනු ඇතැයි’’ ඉන්ටෙල් සමාගමේ මොබයිල් සහ සන්නිවේදන සමූහයේ සාමාන්‍යාධිකාරී සහ ඉන්ටෙල් උපසභාපති හර්මන්බොහෝ දේවල් සමඟින් අන්තර්ජාලයමනුෂ්‍ය මැදිහත්වීමක් නොමැතිව දත්ත හුවමාරු කිරීමේ හැකියාව පිරිනමන සුවිශේෂි හඳුනාගැනීමේ ලක්ෂණ සමඟ ́නෑම දෙයක් ඉදිරිපත් කළ හැකි බොහෝදෙනාගේ කථාබහට ලක්වන අන්තර්ජාලීයකරණය සමෝධානික යුගයේ ප‍්‍රධාන කොටස්කරුවෙකි.හෘදය අධීක්ෂණය කිරීමේ උපකරණයක් ඇතුළු කළ පුද්ගලයෙක්, එංජිම අධික ලෙස රත්වී ඇතැයි පැවසිය හැකි තරම් සංවේදක පවතින මෝටර් රථයක් හෝ පුහුණු ආතතිය සහ තරඟකිරීමේ දි ශරීරයේ ප‍්‍රතික‍්‍රියා අධික්ෂණය කළ හැකි පතුරක් (චිප්) සහිත මළල ක‍්‍රීඩකයෙක් පිළිබඳ සිතන්න.‘‘පාරිභෝගිකයන් අන්තර්ජාලීයකරණය වැළද ගනු ඇත. නමුත් ඔවුන් එය හරි හැටි අවබෝධ කර නොගනී’’ යැයි ඉන්ටෙල් පරීක්ෂණාගාර: ඉන්ටෙල් සාමාජික සහ භාවිතකරන්නන්ගේ අත්දැකීම් පර්යේෂණ අධ්‍යක්ෂක උපසභාපති ජීන්වීව් බෙල් මහතා පැවසුයේ ය. ‘‘සෑම තාක්ෂණයක් සමඟම පවතින අභියෝගය වනුයේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව වැනි කාරණා වැඩිදියුණු කරමින් හැකිතරම් පැහැදිලිව සහ සරලව එය පැහැදිලි කිරීම ය. නමුත් අන්තර්ජාලීයකරණය සැලකිල්ලට ගත් කළ මෙම කාරණා පුද්ගලයින් එය භාවිත කිරීම වැළැක්වීම සඳහා හේතු වී නොමැත.’’2015 වසරේ සමෝධානික යුගය කරා අපි අඛණ්ඩව ගමන් කිරීමේ දී අපිව එම යුගය කරා මෙහෙයවන ප‍්‍රධාන බලවේගයක් ලෙස අන්තර්ජාලීයකරණය හැදින්විය හැකි ය.’‘අපගේ ජීවිතයේ විවිධ අංශ සම්බන්ධ කරන විවිධ උපකරණ සමඟ කාර්මික, ඇදුම්පැළදුම්, නිවාස, මෝටර් රථ සහ තවත් බොහෝමයක් දෑ අඩංගු සියළුම අංශ සඳහා අන්තර්ජාලීයකරණය අදාල වේ. ‘‘වඩාත් වැදගත් වනුයේ කොතරම් ඉක්මනින් අන්තර්ජාලීයකරණය වර්ධනය වන්නේ ද සහ අවසාන පාරිභෝගිකයාගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව යන කාරණා සඳහා විසදුම් ලබා දෙමින් දත්ත ගවේෂණය සහ විශ්ලේෂණය සමඟ එහි වටිනාකම ක්ෂේත‍්‍රය විසින් උකහා ගන්නේ කෙසේ ද යන්න ය.’’ යැයි ඉන්ටෙල් උපසභාපති සහ මෘදුකාංග සහ සේවා සමූහයේ සාමාන්‍යාධිකාරී ඩග්ලස් ෆිෂර් මහතා පැවසුවේ ය.IDC අනුව අන්තර්ජාලීයකරණය පරිසර පද්ධතිය සමඟ සම්බන්ධ වී ඇති උපකරණ සංඛ්‍යාව වැඩිවීම සමඟ දත්ත ඇතුළත් කරන ප‍්‍රමාණය ද ඉතාමත් වේගයෙන් වර්ධනය වන අතර 2020 වසරේ දී එය බිලියන 200 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂිත ය. ඇත්ත වශයෙන්ම වසර දෙකකට වරක් දත්ත ප‍්‍රමාණය දෙගුණයක් වන බව IDC පවසන අතර 2020 වන විට අපි දත්ත ඇතුළු කරන සහ පිටපත් කරන ඩිජිටල් විශ්වය සෙටාබයිට් 44 හෝ ටි‍්‍රලියන් ගිගාබයිට් 44 සීමාවට ළඟා වනු ඇත.ඒ අනුව ඉදිරි වසර තුළ දී අඛණ්ඩ වර්ධනය මෙහෙයවීමෙහිලා කළමනාකරණය සහ දත්ත රැස්කිරීම සම්බන්ධයෙන් වඟකිව හැකි තාක්ෂණ, යටිතලපහසුකම් සහ ප‍්‍රමීතීන් විකාශනය වනු ඇත. මෙම දත්තයන්හී වටිනාකම වැඩිදියුණු කිරීම වෙළෙදපොළ වර්ධනය කරා මෙහෙයවන අතර අපි ගණන විද්‍යාවේ සීමාවන් ව්‍යාප්ත කිරීම සමග මෙය සෑම සේවාවකම අනිවාර්ය අංගයක් බවට පත්වේ.සමෝධානික යුගය ආරම්භ වීමත් සමඟ ලොවවටා විසිරී සිටිනා ජනතාවට විශේෂයෙන් ක්ෂණිකව වෙනස්වීමට කැමති පිරිසට විශාල වටිනාකමක් අත් කර දෙමින් අන්තර්ජාලීයකරණය දෛනික ජීවත පෝෂණය කරන අතර රාජ්‍ය කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම, ව්‍යාපාරයන්හී පෙරලියක් ඇති කිරීම සහ ඵලදායිතාවය වර්ධනය කිරීම සඳහා දායක වේ.පාරිභෝගිකයන්ට සහ පොදු ජනතාවට උසස් අන්තර්ජාලීයකරණ සේවාවන් පළමුවෙන්ම පිරිනැමූ ප‍්‍රධාන ක්ෂේත‍්‍ර අතර රාජ්‍ය, නිෂ්පාදන, රීටේල්, සෞඛ්‍යාරක්ෂාව, මෝටර් රථ සහ නිවාස අංශ වේ. වර්ධනය වූ කාර්යක්ෂමතාවය සමඟ වර්ධනය වූ ක්ෂේත‍්‍රයන්ගේ දැඩි අවශ්‍යතාවය නිසාම පමණක් නොව අඛණ්ඩ තාක්ෂණික සංවර්ධනයන් 2015 වසරේ දී විශාල ලෙස භාවිත වනු ඇත. උදාහරණයක් ලෙස නවතම කර්මාන්ත ස්වයංක‍්‍රීයකරණ පද්ධතිය සමඟ සම්බන්ධිත අන්තර්ජාලීයකරණය භාවිත කරන මැලෙසියාවේ ඉන්ටෙල් කර්මාන්තශාලාව ඩොලර් මිලියන 09 ක ඉතිරියක් පිරිනැමීමට සමත් විය.නව පරිගණක ලොවසමෝධානික යුගය එහි සිටින සියළුදෙනාටම හිතකර අනාගතයක් බවට පත් කරමින් පැළදිය හැකි සහ 3D ඉමේජින්, නව්‍යතා වැනි නව සාධක, හැකියාවන් සහ අත්දැකීම් දැකිය හැකි අපගේ පුද්ගලික අවශ්‍යතාවයන්ට ගැලපෙන, භාවිත කිරීමට පහසු ස්මාර්ට් උපකරණ 2015 වසරේ දී භාවිතයට පැමිණෙනු ඇත. තවත් මොනව ද, 3D මුද්‍රණයේ අඛණ්ඩ සංවර්ධනය සමඟ ව්‍යාපාර සහ පාරිභෝගිකයන් රොබොටික් ලොව අත්දකිනු අපිට දැකිය හැක.ලෝක වාසීන් විසින් මෙම නව පරිගණක යුගය වැළද ගැනීමට නම් අවසන් පාරිභෝගිකයාට මෙමඟින් ලැබෙන ප‍්‍රතිලාභ සහ යහපත් බලපෑම පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් ය. උදාහරණයක් ලෙස වියට්නාමයේ නඟරයක් වන ඩ නැන්ග් එම නඟරයේ යටිතලපහසුකම් ගොඩනැගීම සහ මෙහෙයවීම සඳහා උසස්ම තාක්ෂණය භාවිත කරමින් ආසියානු පැසිපික් කලාපයේ පළමු ස්මාර්ට් නඟරය බවට පත් කරන ලදි. මේ හරහා එහි නඟරවැසියන්ට සහ ඒ වෙත පැමිණෙන්නට වඩාත් හොඳ සේවාවක් සැපයීමට ඔවුනට හැකියි.අපි මෙම නව පරිගණක යුගය වැළද ගනිමින් 2015 වසරට පියනඟන බැවින් පවත්නා සහ අනාගත ශ‍්‍රම බලකාය මෙම නව යුගය තුළ සාර්ථකත්වයට හේතුවන කුසලතාවයන්, දැනුම සහ උපකරණවලින් සන්නද්ධ කිරීම ඉතාමත් වැදගත් ය. කුසලතා හිගකම සමීක්ෂණයට අනුව 2013 වසරේ පැවති පුරප්පාඩු වලින් 45% සම්පූර්ණ කිරීමට ආසියානු පැසිපික් කලාපයේ සේවායෝජකයන් අසමත් විය. මෙම නව පරිගණක යුගයේ බිහිවන නව්‍යාතවයන්ගේ මල්ඵල නෙලා ගැනීමට කලාපය අඛණ්ඩව ක‍්‍රියා කරන්නේ නම් සියළුදෙනාටම නව අවස්ථා බිහිකිරීම සඳහා මෙම හිදැස් පිරවීමෙහිලා ඉක්මනින් ක‍්‍රියා කිරීම ඉතාමත් වැදගත්.
Intelසමාගමේ 2015 වසර සඳහා පෙරදැක්ම හා පසුගිය වසරේ තොරතුරු සමාලෝචන සඳහා පසුගිය දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුනා.
367
Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව 2014 වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීඹට සමත් වූ මාතෘකා ඇතුලත් වීඩියෝ පටයක් පසුගියදා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කලා. Google සෙවුම් යන්ත්‍රය යොදාගනිමින් කරන ලද සෙවුම් පිළිබඳ දත්ත අනුසාරයෙනුයි මේ ලැයිස්තුව සකස් කර ඇත්තේ. ඒ වගේම විවිධ රටවල් වල ගූගල් භාවිත වන අයුරු විශ්ලේෂණයෙන් ඒ ඒ රටවල් වලට වෙන වෙනමත් ලැයිස්තු සාදා තිබෙනවා.හැබැයි ලංකාව ගැන නම් අහන්න ලැබෙන්නේ ඒ තරම් සතුටු දායක පුවතක් නෙවෙයි. ඒ අනුව Sex ලෙස search කල රටවල් අතරින් මුල්තැනට අඛණ්ඩව 3 වන වරටත් පැමිණ සිටින්නේ ලංකාවයි. ලංකාවේත් හෝමාගම ප්‍රදේශයේ අය තමයි Sex කියලා වැඩියෙන්ම search කරලා තියෙන්නේ.කොහොම වුනත් පහුගිය වසරේ search කළ දේවල් ගැන හොඳ අවබෝධයක් ගන්න නම් මේ වෙබ් අඩවියට ගිහින් ටිකක් වැඩිපුර හොයලා බලන්න.
Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි.
368
අත්‍යවශ්‍යම වෙලාවක ජංගම දුරකථනයේ බැටරිය බැහැලා කියන එක සාමාන්‍යයෙන් අද කාලේ කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්ණ වලින් එකක්. ඉතින් ඒකට අපූරු විසඳුමක් තමයි අද අපි කියන්න යන්නේ. බොහෝම සරල විසඳුමක්. වෝල්ට් 9ක බැටරියකින් පහසුවෙන් හදාගන්න පුළුවන් මේ චාජරයෙන් ඔබේ ජංගම දුරකථනයට හානියක් වෙන්නේ නැහැ.මේ වැඩේට අවශ්‍ය වෙන්නේ 1. කාර් චාජරයක්, 2. ලෝහ කැබැල්ලක් (යතුරක් වගේ දෙයක්) 3. වෝල්ට් 9 බැටරියක්. පහත වීඩියෝවේ පෙනෙන විදියට කාර් චාජරයේ ලෝහ කොටසට ඔබ සොයාගත් ලෝහ කැබැල්ල සම්බන්ධ කරගන්න. පසුව ඔබේ ලෝහ කැබැල්ලේ අනෙක් අග්‍රය බැටරියේ සෘණ අග්‍රයටත්, කාර් චාජරයේ අග්‍රය ධන අග්‍රයටත් සම්බන්ධ කරගන්න.ඉතින් මේ වැඩේ හැමදාම කරන්න නම් කවුරුවත් උත්සාහ කරන එකක් නෑ කියලා හිතනවා. හැබැයි හදිස්සිම වෙලාවකට වැඩේ නරකමත් නෑ නේද?
අත්‍යවශ්‍යම වෙලාවක ජංගම දුරකථනයේ බැටරිය බැහැලා කියන එක සාමාන්‍යයෙන් අද කාලේ කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්ණ වලින් එකක්.
369
Nexus 5 ජංගම දුරකථනයට කැමති අයට තරමක් කණගාටුදායක පුවතකුයි මේ කියන්න යන්නේ. අද පටන් Google සමාගම විසින් රතු පැහැ සහ සුදු පැහැති Nexus 5 ජංගම දුරකථන අලෙවිය නවතා තිබෙනවා. ඒ වගේම නුදුරේදීම Nexus 5 කළු පැහැ සංස්කරණයත් මෙලෙස ඉවත් කරනු ඇති බවයි පැවසෙන්නේ.Nexus 6 නව ජංගම දුරකථනය එළිදැක්වීමෙන් පසුව කෙමෙන් කෙමෙන් Nexus 5 නිෂ්පාදනය අඩු කර දැන් සම්පූර්ණයෙන්ම නිෂ්පාදන කටයුතු නවතා ඇති අතර දැනට පවතින තොග අවසන් වූ පසුව Google Play Store හරහා මිලදීගැනීමට හැකියාව නොමැති වේ.
Nexus 5 ජංගම දුරකථනයට කැමති අයට තරමක් කණගාටුදායක පුවතකුයි මේ කියන්න යන්නේ.
370
KitKat මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන මෙන්ම නවතම මෙහෙයුම් පද්ධතිය වීම, ක්‍රියාකාරීත්වය අතින් ඉහළ මට්ටමක පැවතීම, සුපිරි සිත් ඇදගන්නා පෙනුම සහ තිරය.බැටරි ජීව කාලය අස්ථාවර වීම, කැමරාව සුපිරි මට්මක නොවීම.මෑතකදී Google සමාගම සහ LG සමාගම එකතු වී නිකුත් කරන ලද Nexus 5 ජංගම දුරකථනය අංශ කිහිපයකින්ම සුපිරි ජංගම දුරකතනයක් ලෙස හැඳින්විය හැක. එහි උසස් නිමාව නිසා උසස් භාවිතයකට කදිමය. වේගවත් මෙන්ම ප්‍රභල දෘඩාංග ( Hardware ) නිසා ක්‍රියාශීලී බවින්ද ඉහලය. එමෙනම මෙහි ඇති විශාල තිරයද උසස් තත්වයෙන් පවතී. Android KitKat මෙහෙයුම් පද්ධතිය සහිත ප්‍රථම ජංගම දුරකතනය ද මෙයයි. මෙම නව මෙහෙයුම් පද්ධතිය functionality අතින් පමණක් නොව user interface අතික්ද, Android මෙහෙයුම් පද්ධතිය ලොව අංක එකේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය බවට ඔසවා තබා ඇත. බැටරි බලය එතරම්ම හොඳ මට්ටමක නොතිබුනත් එක් වැඩ කරන දිනක් සඳහා ප්‍රමාණවත් බලයක් ගබඩා කරගැනීමට ප්‍රමාණවත් ය.වඩාත් වැදගත්ම දෙය වන්නේ මෙහි මිල යි. ඇමරිකානු ඩොලර් $369 වැනි සුළු මුදලකට මිලදී ගත හැකි Nexus 5 ජංගම දුරකතනය රුපියල් 57000ක් වැනි සුළු මුදලකට කප්රුක හරහා අප රටටද ගෙන්වා ගත හැක. එවැනි මුදලකට මිලදී ගත හැකි අනෙකුත් Samsung හෝ Nokia දුරකතන හා සසඳන විට Nexus 5 සුපිරි නිපැයුමකි.දැනට වෙළඳ පොලේ ඇති ජංගම දුරකතන අතුරින් හොඳම යන ලේබලය මේ දුරකතනයට හිමී නොවීමට එකම හේතුව වන්නේ මෙහි කැමරාවයි. එසේ වුවත් සාමාන්‍ය එදිනෙදා ජායාරූප ගැනීම සඳහා මෙහි 8 MP කැමරාව ප්‍රමාණවත් ය. මා දකිනා අයුරින් මෙහි ඇති කැමරාවේ ප්‍රධාන දෝෂය වන්නේ ජායාරූපයක් ගැනීමට ගතවන කාලය තරමක් වැඩි වීමයි. එලෙසම Low Light ජායාරූපද Nokia කැමරාවක් හා සසඳන විට ඉහල මට්ටමක නැත.UPDATE: Android 4.4.1 මෙහෙයුම් පද්ධතියේ දී පෙර පැවති කැමරා දෝශ සියල්ලක්ම පාහේ නිරාකරණය කර ඇත.ඒ හැරුණු විට රුපියල් 57000ක් වැනි සුළු මුදලකට Galaxy S4, iPhone 5S හෝ Nokia Lumia 1020 වැනි සුපිරි මිල අධික ජංගම දුරකතනයක අත්දැකීමක් ලබාගැනීමට නම් ඔබ අනිවාර්යයෙන්ම උත්සහ කර යුතු මෙවලමකි.
KitKat මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන මෙන්ම නවතම මෙහෙයුම් පද්ධතිය වීම, ක්‍රියාකාරීත්වය අතින් ඉහළ මට්ටමක පැවතීම, සුපිරි සිත් ඇදගන්නා පෙනුම සහ තිරය.
371
Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්. ඒත් මේ වෙනකම් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දැක්වූයේ නැහැ. ඒත් අද පටන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා. සිංහල භාෂාවට අමතරව තවත් භාෂා 10ක් අද පටන් Google Translation වෙත එක්වේ.ඔබටත් ගූගල් පරිවර්ථන සේවය සිංහල භාෂාවෙන් ලබාගැනීමට https://translate.google.lk/#si/en/ වෙත පිවිසෙන්න.Google සිංහල පරිවර්ථන සතිය හරහා මේ පරිවර්ථන දත්ත ගූගල් වෙත ලබාදුන් සියළුම පරිවර්ථකයින්ටත් ගූගල් සමාගමේ ලාංකික නියෝජිතයින්ටත් අපගේ ප්‍රණාමය. ඒ වගේම මේ පරිවර්ථන කටයුතු සඳහා ඔබේ දායකත්වයත් ලබා දෙන්නට අමතක කරන්න එපා. ඒ සඳහා ඔබ දකින වැරදි අඩුපාඩු නිවැරදි කර තවත් උසස් තත්වයේ සේවාවක් සැපයීම සඳහා සහාය වන්න.
Google Translator කියන්නේ අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්න සේවාවක්.
372
Google Map කියන්නේ අපිට අලුත් දෙයක් නෙවෙයි. ඒත් StreetView නම් ඒ තරම් ලංකාව තුල ප්‍රචලිත නැහැ. ඒකට ප්‍රධානතම හේතුවක් වුනේ මේ වනතෙක් Google Map Street View ලංකාව සඳහා සහාය දැක්වූයේ නැති නිසයි. නමුත් අද සිට ඒ අවස්ථාව ලාංකිකයින් වන අපට උදාවෙනවා.මේ වන විට රටවල් 63ක් ආවරණය කර ඇති ගූගල් ස්ට්‍රීට් විව් වැඩසටහන ගූගල් සිතියම් වල ඉතාමත් ජනප්‍රිය අංගයක්. ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක හාත්පස පැතිරුණු දර්ශණයක් (360 Panoramic View) දැකබලාගැනීමේ අවස්ථාව උදා වනවා.අද පටන් විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ මඟින් විවිධ මාර්ගවල අංශක 360 ඡායාරූප ගැනීම සිදුකෙරේ. යාපනය, මාතර සහ ආරුගම්බේ යන ප්‍රදේශ වලින් ආරම්භ වන මෙය දිගු කාලීන ආයෝජනයක මුල් පියවරක් ලෙස හඳුන්වන්නට පුළුවන්.ස්ට්‍රීට් විව් හරහා ශ්‍රී ලංකාව දැකබලාගත හැකි දිනය නිවේදනය කිරීමට ගූගල් සමාගම නුදුරේදීම කටයුතු කරනු ඇති අතර එවිට maps.google.lk වෙත පිවිසී මේ නවමු ඇත්දැකීම විඳගැනීමට හැකියාව ඔබටත් ලැබේවි.Street View ගැන වැඩි විස්තර දැනගන්න පිවිසෙන්න: https://www.google.lk/maps/about/behind-the-scenes/streetview/
Google Map කියන්නේ අපිට අලුත් දෙයක් නෙවෙයි.
373
ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති සෙප් බ්ලැටර් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.තමාට එරෙහිව ඇති දූෂණ චෝදනා පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමට මෙලෙස අස්වන බව හෙතෙම මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසූ බව විදෙස් පුවත් සේවා අනාවරණය කරයි.ලෝක පාපන්දු ක්‍රීඩාවේ අනාගතයටත්, කටාර් හා රුසියාව තුළ පැවැත්වීමට නියමිත ඉදිරි පාපන්දු ලෝක කුසලාන තරඟාවලින් වලටද මෙමගින් යම් බලපෑමක් එල්ලවනු ඇතැයි කියැවෙයි.පසුගියදා පැවති නිලවරණයෙන් පස් වන වතාවටත් තේරීපත්වූ සෙප් බ්ලැටර් ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ ඉහළ පෙල තනතුර 17 වසරක් පුරාවට උසුළා තිබේ.
ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති සෙප් බ්ලැටර් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.
380
අන්තර්ජාතික පාපන්දු සංගමයේ නව සභාවතිවරයා ලෙස පස්වන වතාවටත් සෙප් බ්ලැටර් මහතා තේරී පත් වී තිබේ. 79 හැවිරිදි ස්විස්ටර්ලන්ත ජාතික ඔහුට එරෙහිව විවිධ අපවාද චෝදනා නැඟුණේ තම පාලන කාලය ඇතුළත වෙනත් අය විසින් සිදුකළ ඩොලර් මිලියන 100කට වැඩි වංචා සම්බන්ධයෙන් කිසිවක් සිදුනොකළ බව කියමිනි.කෙසේ වෙතත් ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද 140 පළමු වටයේ දී ම ලබාගැනීමට ඔහු සමත් වී නොමැත.බ්ලැටර් ඡන්ද 133ක් ලබාගත් අතර ප‍්‍රතිවාදී අලි බින් අල් හුසේන් කුමරුට හිමි කරගත වූයේ ඡන්ද 73ක් පමණි.
අන්තර්ජාතික පාපන්දු සංගමයේ නව සභාවතිවරයා ලෙස පස්වන වතාවටත් සෙප් බ්ලැටර් මහතා තේරී පත් වී තිබේ.
381
ලබන වසරේ තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයට පැමිණෙනු ඇති බවට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. ලබන වසරේ අප්‍රේල් මසයේදී එම තරඟාවලිය සංවිධානය කිරිමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම්කර ඇත. ඒ අනුව ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණා මහතා පාකිස්ථානයේ සංචාරයක නිරත විමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.2009 වසරේදී පාකිස්ථානයේ තරඟ සංචාරයක නිරත වෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහායක් එල්ලවුණි.
ලබන වසරේ තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයට පැමිණෙනු ඇති බවට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
382
පන්දු රැකී‍ම සම්බන්ධයෙන් දින 10ක කෙටි කාලීන පුහුණුවක් ලබාදීම සඳහා දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජොන්ටි රෝඩ්ස් මෙම සංචාරයේදී ජාතික කණ්ඩායමේ මෙන්ම සෙසු කණ්ඩායම්වලට පන්දු රැකීම සම්බන්ධ විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිත බවයි.ලබන මාසයේදී ආරම්භ වීමට නියමිත පකිස්ථානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ඉලක්ක කර මෙම විශේෂඥ පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇත.
පන්දු රැකී‍ම සම්බන්ධයෙන් දින 10ක කෙටි කාලීන පුහුණුවක් ලබාදීම සඳහා දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
383
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අර්ධ අවසන් තරඟය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.ඒ ඊයේ පැවති තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 71කින් පරාජය කරමිනි .තරඟයේ කාසියේ වාසිය දිනූ බැංලෝර් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තේය.පිළිතුරු ඉණිම සඳහා පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 19දී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 109 ක් පමණි.ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.එම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ලබන ඉරිදා දිනයේ පැවැත්වෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනු ඇත.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අර්ධ අවසන් තරඟය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.
384
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් විය.කොළඹදී පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් පන්දුවාර 42.3දි සියල්ලන් දැවී ලකුණු 124ක් රැස් කළ අතර පන්දුවෙන් දස්කම් පෑ ශෂිකලා සිරිවර්ධන ලකුණු 30ට කඩුලු 4ක් බිඳ දැමුවාය.පිළිතුරු ඉනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 39.2ක් වැය කළ අතර ශෂිකලා යළිත් දක්ෂතා අතරට පැමිණෙමින් පිත්තෙන් ලකුණු 42ක් ලබාගත්තාය.දෙරට අතර මෙම තරඟාවලියට එක්දින තරග 04ක් ඇතුළත් වේ.ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිටීම නිසා පළමු තරඟ‍යට මෙන් අද තරඟයට ද නායකත්වය ලබාදුන්නේ ඒෂානි ලොකුසුරියගේය. දෙරට අතර පළමු තරඟය කඩුලු 5න් ජය ගැනීමට කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය.අනෙක් තරඟ දෙක ලබන 18 හා 20 පැවැත්වීමට නියමිත අතර ලබන 2017 වසරේ පැවැත්වෙන ‍කාන්තා ලෝක කුසලාන තරඟාවලියට ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් 4 තෝරා ගැනීම සඳහා මෙම තරඟාවලියද පාදක කර ගනියි.
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් විය.
385
ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයට හිටපු ප්‍රවීණ මළල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්ව තිබේ. ඒ අද ජාතික ක්‍රීඩා විද්‍යායතන පරිශ්‍රයේ පැවති නිලවරණයේදීය.නිලවරණය සදහා සුගත් තිලකරත්න මහතා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන උපාලි කුමාරසිරි මහතා ඉදිරිපත්ව සිටියහ.නිලවරණයේදී සුගත් තිලකරත්න මහතාට ඡන්ද 83 කුත් උපාලි කුමාරසිරි මහතාට ඡන්ද 24කුත් ලැබුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.ඒ අනුව සුගත් තිලකරත්න මහතා වැඩි ඡන්ද 59කින් සභාපති ධූරයට තේරි පත්ව ඇති අතර වසර 2ක කාලයක් ඔහු එම ධුරය දරනු ඇත.
ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ සභාපති ධූරයට හිටපු ප්‍රවීණ මළල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්ව තිබේ.
386
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන වසර මුලදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඇමතිවරයා හා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීන් අතර අද පස්වරුවේ පැවැත්විණ.එහිදී නව අතුරු කමිටුවක් පත් කිරීමෙන් පසු ක්‍රිකට් කවුන්සිලයෙන් එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් හෙතෙම කියා සිටියේ එය අතුරු කමිටුව හා තමන් මැදිහත්වීමෙන් සුහදව විසඳාගන්නට කටයුතු කරන බවයි.ක්‍රිකට් කවුන්සිලයට මේ සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරය දැනුම්දුන් බවද හෙතෙම පැවසීය. අද පැවැති සාකච්ඡාවට උපාලි ධර්මදාස, නිශාන්ත රණතුංග, මොහාන්ද සිල්වා, අසංග සෙනෙවිරත්න, අජිත් පැස්කුවල් හා හිරන්ත පෙරේරා යන සහභාගි වී සිටියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන වසර මුලදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
387
ඉදිරි පකිස්ථාන සංචාරය ඇතුළු සංචාර කිහිපයක් අනූව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු තනතුරට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චම්පක රාමනායක මහතා පත්කර තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජුනි මස 01 වැනිදා සිට මෙම වසර අවසානය දක්වා කාලය සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.
ඉදිරි පකිස්ථාන සංචාරය ඇතුළු සංචාර කිහිපයක් අනූව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු තනතුරට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චම්පක රාමනායක මහතා පත්කර තිබේ.
388
71 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියර ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද සමත් විය.ඒ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 23ට 22ක් වශයෙන් පරාජයට පත් කරමිනි.
71 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියර ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද සමත් විය.
389
බ්‍රැඩ්බි පළිහ 71 වැනි තරගාවලියේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය විසින් අද හිමිකර ගැනීමට සමත් විය.ඒ ප්‍රතිවාදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 49ට බින්දුවක් ලෙස පරාජයට පත් කරමිනි.ඒ අනූව සමස්ත තරඟාවලිය ලකුණු 72ට 22ක් ලෙස සටහන් විය.මෙම තරගය අද (23 දා) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ. මහනුවරදී පැවැති පළමු අදියර ලකුණු 23-22 ක්‌ ලෙස තියුණු ජයක්‌ ලැබීමට රාජකීය විදුහල සමත් විය.අදියර දෙකකින් සමන්විත බ්‍රැඩ්බි පළිහ තරගාවලියේ අදියර දෙකේම වැඩිම ලකුණු ලබා ගන්නා කණ්‌ඩායමට බ්‍රැඩ්බි පළිහ හිමිවේ.ඒ අනූව එක්‌ ලකුණක වාසියක්‌ සමග රාජකීය විදුහල අද සටනට පිවිසි අතර අද තරගයේදී ත්‍රිත්ව විදුහලට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.
බ්‍රැඩ්බි පළිහ 71 වැනි තරගාවලියේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය විසින් අද හිමිකර ගැනීමට සමත් විය.
390
IPL තරගාවලියේ මුම්බා‍යි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට දඩ මුදලක් නියම කර තිබේ.ඒ, පසුගිය 25 වන දා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සමග පැවති තරගයේදී ඩේවිඩ් වෝනර්ට බැණ වැදීමේ සහ සරදම් කිරීමේ සිද්ධියක් හේතුවෙනි.මෙහි විශේෂත්වය වන්නේ, ලසිත් මාලිංගට අදාළ දඩය පැනවූ තරග තීරකවරයා ද ශ්‍රී ලාංකිකයෙකු වීම ය.ඔහු රොෂාන් මහානාම යි.සන්රයිසර්ස් හයිදරාබාද් ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 9කට දවා ගැනීමෙන් පසු ලසිත් මාලිංග හැසිරුණු ආකාරය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ නීතිරීති උල්ලංඝණය කිරීමක් බවට රොෂාන් මහානාම තීරණය කිරීම හේතුවෙන් මෙම දඩය පනවා තිබේ.ඒ අනුව, ලසිත් මාලිංගට හිමි තරග ගාස්තුවෙන් 5%ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට සිදුවේ.මෙම තරගයේදී ලසිත් මාලිංග ලකුණු 23කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස ද සම්මානයට පාත්‍ර විය.
IPL තරගාවලියේ මුම්බා‍යි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට දඩ මුදලක් නියම කර තිබේ.
391
මෙවර IPL තරගාවලියේ මේ වන විට 7 වන ස්ථානයේ පසු වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වාර්තා දෙකක් පිහිටුවා තිබීම විශේෂත්වයකි.එක් වාර්තාවක් වන්නේ, පිතිකරුවන්ට ලකුණු ලබා ගත නොහැකි වූ පන්දු (Dot Balls) සංඛ්‍යාවකට මුහුණ දුන් කණ්ඩායම බවට පත්ව සිටීම ය.එම පන්දු ගණන 370කි.එහෙත්, සුවිශේෂී සිදුවීම වන්නේ, වැඩි ම 6 සහ 4 පහර එල්ල කළ කණ්ඩායම බවට ද ඔවුන් පත්ව සිටීම ය.මුම්බායි ඉන්ඩියන්ස් පිතිකරුවන් මේ වන විට 4 පහර 115ක් සහ 6 පහර 53ක් එල්ල කර තිබේ.ඉන් 6 පහර 13ක් එල්ල කර ඇත්තේ, කයිරන් පොලාර්ඩ් ය.මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මේ වන විට සහභාගි වූ තරග 7න් ජය ගෙන ඇත්තේ, තරග 2ක් පමණි.
මෙවර IPL තරගාවලියේ මේ වන විට 7 වන ස්ථානයේ පසු වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම වාර්තා දෙකක් පිහිටුවා තිබීම විශේෂත්වයකි.
392
2013 වසරේදී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටියදී හදිසි අනතුරකට ලක්ව කෝමා තත්ත්වයකට පත්වූ මෝටර් රථ ධාවන ශූර මයිකල් ෂූමාකර්ගේ පුත්‍රයා ද මෝටර් රථ ධාවන තරගවල විශිෂ්ටයෙකු බවට පත්වීමේ පෙර නිමිති පළ කර තිබේ.මයිකල් ෂූමාකර්ගේ පුත්‍රයා වන 16 හැවිරිදි Mick Schumacher සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේ, පෙරේදා පැවති German Formula Four මෝටර් රථ ධාවන තරගාවලියේදී ය.තරග තුනකින් සමන්විත වූ එම තරගාවලියේ අවසන් තරගය ජය ගත්තේ, Mick Schumacher ය.එහිදී වැඩි ම ලකුණු හිමි කර ගත් නවක ක්‍රීඩකයා ලෙස ද ඔහු නම් කෙරිණි.පහත දැක්වෙන්නේ, Mick Schumacher ජයගත් තරගය පිළිබඳව කළ පූර්ව විශ්ලේෂණයක් සහිත වීඩියෝවකි
2013 වසරේදී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටියදී හදිසි අනතුරකට ලක්ව කෝමා තත්ත්වයකට පත්වූ මෝටර් රථ ධාවන ශූර මයිකල් ෂූමාකර්ගේ පුත්‍රයා ද මෝටර් රථ ධාවන තරගවල විශිෂ්ටයෙකු බවට පත්වීමේ පෙර නිමිති පළ කර තිබේ.
393
එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි.ජේම්ස් ඇන්ඩර්සන්, ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්හි ලැබූඉහළම ස්ථානය මෙය වේ.ශ්‍රී ලංකාවේ රංගන හේරත් 4 වැනි ස්ථානයේ රැඳී සිටී.ඒ අනුව ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මෙසේය.01 – ඩේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව)02 – ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය)03 – රයන් හැරිස් (ඔස්ට්‍රේලියාව)04 – රංගන හේරත් (ශ්‍රී ලංකාව)05 – මිකෙල් ජොන්සන් (ඔස්ට්‍රේලියාව)06 – ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය)07 – වර්නන් ෆිලැන්ඩර් (දකුණු අප්‍රිකාව)08 – ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය)09 – ටිම් සවුදි (නවසීලන්තය)10 – මෝර්නි මෝර්කල් (දකුණු අප්‍රිකාව)
එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
394
ලන්ඩන් මැරතන් තරගයේදී අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මැරතන් ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට සමත් විය.ඊයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට 14 වන ස්ථානය හිමි විය.පැය 2යි මිනිත්තු 14යි තත්පර 47ක කාලයකින් ඔහු තරගය අවසන් කළේ ය.ඒ අනුව ඔහු ඊයේ බිඳ දැමුවේ 1975 වසරේදී එස්.එල්.බී. රෝසා පිහිටුවා තිබූ වාර්තාව යි.ඔහු පැය 2යි මිනිත්තු 14යි තත්පර 31ක කාලයක් සටහන් කරමින් එම වාර්තාව පිහිටුවා තිබිණ.
ලන්ඩන් මැරතන් තරගයේදී අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මැරතන් ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට සමත් විය.
395
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.ග්‍රැනේඩාහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 299ට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 464ක් රැස් කළේය.බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 307කට සීමා විය.ක්‍රෙයිග් බ්‍රේත්වෙයිට් ලකුණු 116යි.ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 43ට කඩුලු 4ක් දවා ගත්තේය.ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 143ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් තරගය ජය ගත්තේ පන්දුවාර 41යි පන්දුවක් අවසානයේ කඩුල්ලක් දැවී සිටියදී ය.එංගලන්ත නායක ඇලෙස්ටෙයාර් කුක් ඉනිම දෙකේදීම අර්ධ ශතක වාර්තා කළේය.මේ අතර, ගැරී බැලන්ස් ලකුණු 81ක් රැස් කළේ, සිය ටෙස්ට් ලකුණු දහස සීමාව පසු කරමින් ය.ඉනිම් 17ක් තුළ එම සීමාව පසු කළ ගැරී බැලන්ස් වාර්තා අතරට එක් වූයේ වේගවත්ම ටෙස්ට් ලකුණු දහස රැස් කළ තුන්වැනිඑංගලන්ත පිතිකරු ලෙසයි.එංගලන්ත පළමු ඉනිමේදී ලකුණු 182ක් රැස් කළ ජෝ රූට් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.තරග 1ට 0ක් ලෙස එංගලන්තය තරගාවලියේ පෙරමුණේ පසුවන අතර, අවසන් තරගය ලබන මස 01 වන දා බ්‍රිජ්ටවුන්හිදීආරම්භ වීමට නියමිතය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.
396
ක්‍රිකට් යනු එංගලන්තයෙන් ඉපදී ලොව වටා රටවල් ගණනාවක ප්‍රචලිත වූ ක්‍රිඩාවකි.බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් යනු බොහෝ විට විනෝදයෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ලෙස ප්‍රචලිත වී තිබේ.ඊට අමතරව ඔවුන් ආන්දෝලනාත්මක ක්‍රියාවල නිරත වන කණ්ඩායමක් ලෙස ද නම් දරා සිටී.ඒ අනුව, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ගේ ක්‍රියාවක් හේතුවෙන් ඔවුන් යළි ත් වරක් ආන්දෝලනාත්මක කණ්ඩායමක් බවට පත්ව තිබේ.ඒ, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය.කොදෙව් දූපත්හිදී පැවැත්වෙන තරගයේ 3 වෙනි දිනයේදී ලකුණු 8කට දැවී ගිය එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන බෙන් ස්ටෝක්ස්ට මාලන් සැමුවෙල්ස් සිය ආචාරය පුද කළේය.බෙන් ස්ටෝක්ස් දැවී යාමෙන් අනතුරුව යළි ක්‍රීඩාගාරය බලා යන අවස්ථාවේදී මාලන් සැමුවෙල්ස් ඔහුගේ තොප්පිය පපුව මත තබා ගනිමින් දකුණු අතින් ආචාර කළේ ය.මේ වන විට සැමුවෙල්ස්ගේ මෙම ආන්දෝලනාත්මක ක්‍රියාව ජාත්‍යන්තර විචාරකයින්ගේ කතාබහට ලක්ව තිබේ.ඒ අනුව, බටහිර ඉන්දීය කොදෙව් පන්දු පුහුණුකරු ශ්‍රීමත් කර්ට්නි ඇම්බ්‍රෝස් පවසන්නේ, සැමුවෙල්ස් කළ එම ක්‍රියාවේ කිසිදු වරදක් නොමැති බව ය.මේ අතර, හිටපු එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක මයිකල් වෝන් ද මෙලෙස සැමුවෙල්ස්ට ප්‍රශංසා කර තිබේ.ඔහු පවසා ඇත්තේ, මාලන් සැමුවෙල්ස්ගේ ක්‍රියාව යහපත් එකක් බව ය.
ක්‍රිකට් යනු එංගලන්තයෙන් ඉපදී ලොව වටා රටවල් ගණනාවක ප්‍රචලිත වූ ක්‍රිඩාවකි.
397
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමෙහි 4වන ස්ථානයේ පසුවන ස්පාඤ්ඤ ක්‍රිඩක රෆායල් නඩාල්ට බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.වසර 12කට පසුව මෙම තරගාවලියේදී ඔහු ලැබූ දැවැන්තම පරාජය මෙය වේ.බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ 3වන වටයේ තරග කිහිපයක් ඊයේ පැවැත්විණි.කලක් ටෙනිස් ශ්‍රේණිගත කිරිමෙහි පෙරමුණේ රැඳී සිටි ස්පාඤ්ඤ සුපිරි ක්‍රීඩක රෆායල් නඩාල් සමග තරග කළේ, ඉතාලියේ ෆැබියෝ ෆොනීනි ය.තරගයේ පළමු වටය ලකුණු 6:4ක් ලෙස ෆොනීනි ජය ගත්තේ ය.දෙවන වටය ආරම්භයේ සිට ම තියුණු මුහුණුවරක් ගත් අතර ෆොනීනි එම වටය ජය ගත්තේ, ලකුණු 7:6ක් ලෙස ය.ඒ අනුව තරග වට 2:0ක් ලෙස සමස්ත තරගය ජය ගත් ෆැබියෝ ෆොනීනි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.2013 වසරෙන් අනතුරුව බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේදීනඩාල් ලැබූ දැවැන්ත ම පරාජය මෙය වේ.ෆොනීනිට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමෙහි හිමිව ඇත්තේ, 13 වන ස්ථානයයි.ඔහු අද පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤයේ පැබ්ලෝ ඇන්ඩුහා සමග තරග වැදීමට නියමිත ය.3වන වටයේ තව ත් තරගයක් පැවැත්වු‍ණේ, ජපානයේ කෙයි නිෂිකොරි සහ කොලොම්බියාවේ සැන්තියාගෝ කිරාල්ඩෝ අතර ය.නිෂිකෝරි තරග වට 2:0ක් ලෙස පහසුවෙන් ජය ගත්තේ ය.ලකුණු තත්ත්වය දැක්වුණේ, 6:2ක් සහ 6:1ක් ලෙස ය.නිෂිකොරි අර්ධ අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤයේ රොබටෝ බවුටිස්ටා සමග තරග වදිණු ඇති.
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීමෙහි 4වන ස්ථානයේ පසුවන ස්පාඤ්ඤ ක්‍රිඩක රෆායල් නඩාල්ට බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.
398
එක්දින තරග ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකදී වාර්තා කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව අද රැස් කළේ ය.ඒ, පකිස්ථානයට එරෙහිව මීර්පුර්හිදී පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 329ක් වාර්තා කරමිනි.බංග්ලාදේශ කණ්ඩායම එම තරගය ජය ගත්තේ, ලකුණු 79 කිනි.තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගත් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 329ක් රැස් කළේ ය.තරගයේ පළමු කඩුලු 2 ලකුණු 67 ක් තුළ බිඳ වැටුණු ද තමීම් ඉක්බාල් සමගින් පිටියේ ස්ථාවර වූ මුෂ්ෆික රහීම් 3 වන කඩුල්ලට ගොඩ නැගූ සබඳතාව ලකුණු 178 කි.තමීම් ඉක්බාල් සිය එක්දින දිවියේ 5 වන ශතකය වාර්තා කරමින් ලකුණු 132ක් රැස් කළ අතර කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆික රහීම් අද වාර්තා කළේ, එක්දින දිවියේ 3 වන ශතකයයි.වාහාබ් රියාස් පන්දුවාර 10 කදී ලකුණු 59 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය.ලකුණු 330ක ඉල්ක්කයක් සඳහා පිටියට පිවිසි පකිස්ථානයේ පළමු කඩුල්ල ලෙස සෆ්රාස් අහමඩ් ලකුණු 24 කට දැවී ගියේ, මුළු ලකුණු සංඛාව 53ක් ලෙස සටහන්ව තිබියදී ය.එක්දින දිවියේ 5 වන අර්ධ ශතකය වාර්තා කළ නායක අසාර් අලී ලකණු 72 ක් රැස් කළේ ය.හැරිස් සොහිල් ලකුණු 51ක් රැස් කළේ ය.
එක්දින තරග ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකදී වාර්තා කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාව අද රැස් කළේ ය.
399
පළමු පෙළ තුන් දින තරගයක පළමු ඉනිමේදී අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායමක් එම තරගයෙන් ජය ගත් පුවතක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය.පනාගොඩ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී එම තරගය පැවැත්වුණේ, අප්‍රේල් 10,11 සහ 12 යන දිනවල ය.තරගය ගාල්ල ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා කණ්ඩායම අතර පැවැත්විණි.පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රිකට් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 31කට බිඳ වැටිණි.ඊට පිළිතුරු ලෙස ගුවන් හමුදා කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු 215ක් රැස් කළේ ය.ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිමේදී ලකුණු 295ක් රැස් කළ අතර ගුවන් හමුදා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 107කදී බිඳ වැටිණි.ඒ අනුව, ලකුණු 4ක තියුණු ජයක් හිමි කර ගැනීමට ගාල්ල ක්‍රිකට් සමාජය සමත් විය.
පළමු පෙළ තුන් දින තරගයක පළමු ඉනිමේදී අඩු ම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායමක් එම තරගයෙන් ජය ගත් පුවතක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය.
400
ආසියානු වාර්ෂික සම්මාන උළෙලේදී සංගක්කාර සම්මානයෙන් පිදුම් ලබයිශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර පස්වැනි ආසියානු සම්මාන උළේලේදී ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙවර සඳහා පිරිනමන සම්මානය මෙවර දිනා ගත්තේ ය.ව්‍යාපාරික, ක්‍රීඩා කලා වැනි විවිධ අංශවලට විශිෂ්ට සේවයක් කළ ආසියානු ජාතිකයින් ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල එංගලන්තයේදී වාර්ෂිකව පැවැත් වේ.
ආසියානු වාර්ෂික සම්මාන උළෙලේදී සංගක්කාර සම්මානයෙන් පිදුම් ලබයි ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර පස්වැනි ආසියානු සම්මාන උළේලේදී ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙවර සඳහා පිරිනමන සම්මානය මෙවර දිනා ගත්තේ ය.
401
එංගලන්තය වෙනුවෙන් වැඩි ම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගනිමින් ශ්‍රීමත් ඉයන් බෝතම් පිහිටුවා තිබූ වාර්තාව අභිබවා යෑමට වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත් විය.ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාමට එරෙහිව ඇන්ටිගුවාහිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය.එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඇන්ටිගුවාහිදී ඊයේ ජය පරාජයෙන් තොරව අවසන් විය.තරගයේ ජයග්‍රහණයට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 438කි.කොදෙව්වන් ඊයේ තරගය අවසන් වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 350ක් රැස් කරගෙන සිටියේ ය.එම තරගයේ ඉනිම දෙකේදීම එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් දවා ගත් කඩුලු ගණන 4කි.බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් රාම්ඩීන් ඊයේ දවා ගැනීමත් සමග ශ්‍රීමත් ඉයන් බෝතම්ගේටෙස්ට් කඩුලු 383 වාර්තාව අභිබවා යෑමට ඇන්ඩර්සන් සමත් විය.ඒ අනුව ඔහු මේ වනවිට ලබාගෙන සිටින ටෙස්ට් කඩුලු ගණන 384කි.
එංගලන්තය වෙනුවෙන් වැඩි ම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගනිමින් ශ්‍රීමත් ඉයන් බෝතම් පිහිටුවා තිබූ වාර්තාව අභිබවා යෑමට වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත් විය.
402
බංග්ලාදේශය පළමු වරට පකිස්ථානයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය. ඒ, දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කඩුලු 7කින් ජය ගනිමිනි.තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන නායක අසාර් අලී පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 239කි.පකිස්ථාන පළමු කඩුලු 5 ලකුණු 77ක් තුළ බිඳ වැටිණ.හාරිස් සොහේල් සහ සහිඩ් නසීම් අතර 6 වන කඩුල්ලේ සබඳතාව ලකුණු 77කි.සහිඩ් නසීම් සමග එක් වූ වහාබ් රියාස් පකිස්ථාන 7 වන කඩුල්ලට ලකුණු 85ක නොබිදුනු සබඳතාවක් ගොඩනැගූහ.4 පහර 6ක් සහ 6 පහරක් ද සමගින් නසීම් නොදැවී ලකුණු 77ක් රැස් කළේ ය.රියාස් නොදැවී ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය.ශකීබ් අල් හසන් පන්දුවාර 10කදී ලකුණු 51ට කඩුලු 2ක් දවා ගත්තේ ය.තමීම් ඉක්බාල් සහ සෞම්‍යා සාකාර් බංග්ලාදේශ පිළිතුරු ඉනිම ආරම්භ කළහ.ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 22කි.තමීබ් ඉක්බාල් සහ මොහොම් මහමුදුල්ලා බංග්ලාදේශ දෙවැනි කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් ගොඩනැගූහ.මුශ්ෆිකුර් රහීම් සහ තමීම් ඉක්බාල් අතර බංග්ලාදේශ තුන්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 118 කි.6 වන එක්දින ශතකය අද වාර්තා කළ ඉක්බාල් ලබා ගත්තේ ලකුණු 116 කි.මුශ්ෆිකුර් රහීම් ලකුණු 65ක් රැස් කළේ ය.ලකුණු 240ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථානය තරගය ජයගත්තේ පන්දුවාර 38යි පන්දුවක් අවසානයේ කඩුලු 3ක් දැවී සිටියදී ය.ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2- 0ක් ලෙස සත්කාරක බංග්ලාදේශය ජය තහවුරු කරගෙන අවසන්.
බංග්ලාදේශය පළමු වරට පකිස්ථානයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය.
403
AB de Villiers යනු ක්‍රිකට් ලෝකයේ වාර්තා පිට වාර්තා තබන විශිෂ්ට ක්‍රීඩකයෙකි.ඊයේ දිනයේදී ද ඔහුට විශිෂ්ට ලෝක වාර්තාවක් පිහිටුවීමට තිබූ අවස්ථාවක් අවාසනාවන්ත අයුරින් ගිලිහී ගියේ ය.කෙසේ වෙතත්, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එරෙහිව ඔහු පන්දු 10කදී ලකුණු 41ක් රැස් කළේ, නරඹන්නන් විස්මයට පත් කරමිනි.11 වන පන්දුවේදී ඔහු දැවී යාම ත් සමග පන්දු වාර 20 තරගයකදී වාර්තා කළ වේගවත් ම අර්ධ ශතකය රැස් කිරීමේ වාර්තාව ගිලිහිණි.
AB de Villiers යනු ක්‍රිකට් ලෝකයේ වාර්තා පිට වාර්තා තබන විශිෂ්ට ක්‍රීඩකයෙකි.
404
ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ක්‍රිකට් උපන් රටේ ප්‍රාන්ත තරගාවලියේ සිය පළමු තරගයේදී ම නොදැවී ශතකයක් වාර්තා කිරීමට සමත් විය.සරේ ප්‍රාන්තය නියෝජනය කරන සංගක්කාර ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ඊයේ ආරම්භ වූ තරගයේ පළමු දිනය නිමා වන විට නොදැවී ලකුණු 112ක් රැස් කර සිටියේ ය.ඊට හතරේ පහර 14ක් සහ එක් 6 පහරක් ඇතුළත් විය.කුමාර් සංගක්කාර සරේ කණ්ඩායමේ තෙවන පිතිකරු (One Down) ලෙස පිටියට පිවිසියේ ය.
ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ක්‍රිකට් උපන් රටේ ප්‍රාන්ත තරගාවලියේ සිය පළමු තරගයේදී ම නොදැවී ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
405
එක්දින ක්‍රිකට් තරගයකදී මෙතෙක් රැස් කර ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩක ලියම් ලිවිංස්ටෝන් (Liam Livingstone) ඊයේ සමත් විය.එහිදී ඔහු පන්දු 138කට පමණක් මුහුණ දෙමින් ලකුණු 350ක් රැස් කළ අතර එය එක්දින තරගයකදී පිතිකරුවෙකු ලකුණු 350ක් රැස් කළ පළමු අවස්ථාව ද විය.එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම සඳහා ඔහු 4 පහර 34ක් සහ 6 පහර 27ක් එල්ල කළේ ය.ඒ අනුව, 4 පහර සහ 6 පහරවලින් පමණක් ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 298කි.ලියම් ලිවිංස්ටෝන් මෙම වාර්තාව පිහිටවූයේ, එංගලන්ත ක්‍රිකට් සමාජ තරගාවලියේ Nantwitch Town සහ Caldy කණ්ඩායම් අතර පැවති තරගයේදී ය.එහිදී, ඔහු නියෝජනය කරන Nantwitch Town කණ්ඩායම පන්දු වාර 45කදී කඩුලු 7කට ලකුණු 579ක් රැස් කළේ ය.21 හැවිරිදි ලියම් ලිවිංස්ටෝන් 1993 වසරේ කම්බර්ලන්ඩ්හි උපත ලැබූවෙකි.
එක්දින ක්‍රිකට් තරගයකදී මෙතෙක් රැස් කර ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩක ලියම් ලිවිංස්ටෝන් (Liam Livingstone) ඊයේ සමත් විය.
406
AB de Villiers යනු ලෝකයේ සෑම ක්‍රිකට් ලෝලියෙකුගේ ම ආදරය දිනා ගත් අතිවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකි.ඔහු කිසිදු පන්දු යවන්නෙකුට මෙල්ල කළ නොහැකි පිතිකරුවෙකු බව අමුතුවෙන් කිව යුතු නැත.එවන් ක්‍රීඩකයෙකුගේ නොදුටු පැත්තක් ඉහත වීඩියෝවෙන් දැක්වේ.ඔහු සිය පෙම්වතිය වන ඩැනියෙල් වෙත සිය ප්‍රේමය ප්‍රකාශ කළ ආකාරය ද එහිදී ඩිවිලියර්ස් රඟ දක්වා පෙන්වයි.මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, ඩිවිලියර්ස් හින්දි ගීතයක කොටසක් ගායනා කිරීම ය.දැවැන්ත පෞරුෂයක් ගොඩ නගාගෙන සිටින විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නොදුටු දක්ෂතා මෙමගින් දැකගත හැකි වනු ඇත.
AB de Villiers යනු ලෝකයේ සෑම ක්‍රිකට් ලෝලියෙකුගේ ම ආදරය දිනා ගත් අතිවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
407
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Asia Cup) වෙනස්කම් රැසක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී සයඩ් අෂ්රෆුල් හක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙබ් අඩවියට පවසා ඇත්තේ, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ සිට පන්දු වාර 20 තරගාවලියක් ලෙස පවත්වන බව ය.කෙසේ වෙතත්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන වසරවලදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පන්දු වාර 50 තරගාවලියක් ලෙස පැවැත්වීමට තීරණය වී තිබේ.මේ වන විට ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාව, පකිස්ථානය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලට අමතරව තවත් සුදුසුකම් සපුරන රටවල් 2ක් සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කෙරේ.මීට අමතරව, ලබන ජූනි මස 30 වන දා ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසුරුවා හැරෙන අතර එහි කටයුතු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතට ගැනෙනු ඇත.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Asia Cup) වෙනස්කම් රැසක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
408
IPL තරගාවලි ඉතිහාසයේ වඩාත් ම කැපී පෙනුණු චරිතයක් බවට පත්වූ බොලිවුඩ් සුපිරි නිළි ප්‍රීටි සින්ටා Kings XI Punjab සම හිමිකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.මේ වන විට 40 වන වියේ පසු වන ප්‍රීටි සින්ටා පවසන්නේ, සිනමාව සහ නිර්මාණකරණයට යළිත් පිවිසීමට කාලය එළඹී ඇති බව ය.ඉන්දියාවේ ජනප්‍රිය නර්තන රියැලිටි වැඩසටහනක් වන Nach Baliye 7 වන අදියරේ විනිසුරුවරියක ලෙස තෝරා ගෙන ඇති අතර ඇය යළි ත් සිනමා ක්ෂේත්‍රයට පිවිසීමට ද අපේක්ෂා කර සිටී.2008 වසරේ පළමු IPL තරගාවලියේ සිට ම ඇය Kings XI Punjab කණ්ඩායම තරග කළ තරග සියල්ල ම පාහේ නැරඹූ අතර එහිදී සිය කණ්ඩායමට විශාල දිරියක් විය.ඇය මාධ්‍යවලට පවසා ඇත්තේ, IPL තරගාවලියට තවදුරට ත් තමන් අවශ්‍ය නොවනු ඇති බව ය.ඒ අනුව, මෙවර IPL තරගාවලිය ඇයගේ අවසන් තරගාවලිය වනු ඇත.ඇය හිමිකාරීත්වය දැරූ Kings XI Punjab කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු හෝ ප්‍රීටි සින්ටා තරග පාවා දීම් සම්බන්ධ කිසිදු චෝදනාවකට ලක් නොවීම විශේෂත්වයකි.පසුගිය IPL තරගාවලියේ අවසන් තරගය පරාජය වීමෙන් පසුව ප්‍රීටි සින්ටා අතිශය සංවේදී වූ අවස්ථාව පහත වීඩියෝවෙන් දැක්වේ.
IPL තරගාවලි ඉතිහාසයේ වඩාත් ම කැපී පෙනුණු චරිතයක් බවට පත්වූ බොලිවුඩ් සුපිරි නිළි ප්‍රීටි සින්ටා Kings XI Punjab සම හිමිකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
409
2012 වසරේ පන්දුවාර විස්සයි 20ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පකිස්ථානය නියෝජනය කළ දඟ පන්දු යවන්නෙකු වන රාසා හසන් මත් ද්‍රව්‍ය භාවිත කළ බවට හෙළිවී තිබේ.පකිස්ථානයේ පැවති දේශීය තරගයක් අතරතුර තහනම් උත්තේජන ඖෂධ භාවිත කළා ද නැද්ද යන්න පරීක්ෂා කිරීමට රාසා හසන්ගෙන් සාම්පල ලබා ගත් බවට මාධ්‍ය වාර්තා කළේ ය.ඒ අනුව එම සාම්පල ඉන්දියාවේ රසායනාගාරයකදී සිදුකළ පරීක්ෂණයකදී හෙළිවී ඇත්තේ, ඔහු කොකේන් නමැති මත්ද්‍රව්‍ය වර්ගය භාවත කර ඇති බව ය.ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ද්විපුද්ගල කමිටුවක් ද පත්කර තිබේ.පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ, ඉදිරියේදී රාසා හසන්ට වසර දෙකකට නොඅඩු තරග තහනමක් පැනවීමේ හැකියාව ඇති බව ය.පාකිස්ථානය වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර තරගයකට හා පන්දුවාර 20-20 ජාත්‍යන්තර තරග 10කට සහභාගී වී ඇති රාසා හසන්, 2012 වසරේ පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ද සහභාගි වී තිබේ.
2012 වසරේ පන්දුවාර විස්සයි 20ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පකිස්ථානය නියෝජනය කළ දඟ පන්දු යවන්නෙකු වන රාසා හසන් මත් ද්‍රව්‍ය භාවිත කළ බවට හෙළිවී තිබේ.
410
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යනු ලෝකයේ ක්‍රිකට් ලෝලීන් අතර වැඩි ම ජනප්‍රියත්වයක් අත් කරගෙන ඇති සුවිශේෂී තරගාවලියකි.එම තරගාවලිය පුරා විවිධ ආකාරයේ සුවිශේෂී සිද්ධි වාර්තා වේ.එවැනි සිද්ධියක් ඊයේ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර පැවති තරගයේදී ද සිදු විය.ඒ, තරගයේ අවසන් පන්දු වාරය යි.පන්දු වාරය යැවීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි යෙදවූයේ‍, සිය කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෙකු වන ඩ්වේන් බ්‍රාවෝ ය.තුන් වන පිතිකරු ලෙස පිටියට පිවිස සිටි ඇල්බී මෝර්කල් ඉදිරියේ එම පන්දු වාරයේදී ලකුණු 19ක අසීරු ඉලක්කයක් පැවතිණි.පළමු පන්දුවෙන් ඇල්බී මෝර්කල් වාසනාවන්ත 4 පහරක් එල්ල කළේ ය.දෙවන පන්දුවේදී එක් ලකුණක් සඳහා පැති මාරු විය.තුන් වන පන්දුවෙන් ඉම්රාන් තාහිර් උඩ පන්දුවක් දී දැවී ගියේ ය. ඒ අතරවාරයේ ඇල්බී මෝර්කල් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගැනීම සඳහා පැති මාරු විය.ඉතිරි පන්දු 3ට ලකුණු 14ක් ලබා ගැනීමට මෝර්කල්ට සිදු වී තිබිණි.හතර වන පන්දුවට විශිෂ්ට පහරක් එල්ල කරමින් මෝර්කල් ලකුණු 6ක් ලබා ගත්තේ ය.අවසන් පන්දු 2 සඳහා ලබා ගැනීමට ඉතිරිව තිබුණේ, ලකුණු 8ක් පමණි.පස් වන පන්දුවේදී ලකුණු 4ක් වැළකූ සුරේෂ් රයිනාගේ විශිෂ්ට පන්දු රැකීම හමුවේ මෝර්කල්ට ලකුණු 2කින් සෑහීමකට පත්වීමට සිදු විය.අනතුරුව අවසන් පන්දු වාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 6ක් ලබා ගැනීමේ අභියෝගය මෝර්කල් ඉදිරියේ තිබිණි.අවසන් පන්දුවට මෝර්කල් වැරෙන් පහරක් එල්ල කළ අතර හයේ සීමාවට අඟල් කිහිපයක් මෙපිටින් පන්දුව බිම පතිත වීම නිසා ලකුණු 4ක් පමණක් ලැබිණි.ඒ අනුව, ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා ඇල්බී මෝර්කල් දැරූ හුදකලා උත්සහය අවාසනාවන්ත ලෙස ව්‍යර්ථ විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යනු ලෝකයේ ක්‍රිකට් ලෝලීන් අතර වැඩි ම ජනප්‍රියත්වයක් අත් කරගෙන ඇති සුවිශේෂී තරගාවලියකි.
411
ක්‍රීඩකයින් තේරීම පමණක් තේරීම් කමිටුවක වගකීම නොවන බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටු‍වේ සභාපති කපිල විජේගුණවර්ධන මහතා පවසයි.අද ස්පොර්ට්ස්ෆස්ට් සමග සම්මුඛ සාකඡාවකට එක්වෙමින් විජේගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ ය.ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙකු කපිල විජේගුණවර්ධන මහතා 1988 වසරේ සිට 1992 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය.සී.සී.සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ දක්ෂ දකුණත් වේග පන්දු යවන්නෙකු වූ කපිල විජේගුණවර්ධන මහතා ටෙස්ට් තරග 2 කට සහ එක්දින තරග 26 කට ක්‍රීඩා කර තිබේ.ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ වගකීම් පැහැදිලි කළ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, තේරීම් කමිටු එල්ල වන බලපෑම් සහ විවේචන සාමන්‍ය දෙයක් බව ය.මෙරට ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායමට ඇතුළත්වීමට ඇත්තේ, ඉතා සීමිත අවස්ථාවක් බව ද තේරීම් කමිටු සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ ය.
ක්‍රීඩකයින් තේරීම පමණක් තේරීම් කමිටුවක වගකීම නොවන බව ජාතික ක්‍රිකට් තේරීම් කමිටු‍වේ සභාපති කපිල විජේගුණවර්ධන මහතා පවසයි.
412
අභාවප්‍රාප්ත වූ හිටපු ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායකයෙකු මෙන්ම ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ රිචී බෙනෝගේ අවසන් කටයුතු, ඔහුගේ අවසන් කැමැත්ත පරිදි රාජ්‍ය ගෞරව රහිතව සිදු කරන බව ඔහුගේ භාර්යාව වන ඩැෆ්නී සර්ෆ්ලීට් එරට අග්‍රාමාත්‍යවරයාට දන්වා තිබේ.පිළිකා රෝගයෙන් පීඩා විදිමින් සිටියදී රිචී බෙනෝ පසුගිය සිකුරාදා අභවප්‍රාප්ත වූ අතර, ඔහුගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේය.
අභාවප්‍රාප්ත වූ හිටපු ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායකයෙකු මෙන්ම ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ රිචී බෙනෝගේ අවසන් කටයුතු, ඔහුගේ අවසන් කැමැත්ත පරිදි රාජ්‍ය ගෞරව රහිතව සිදු කරන බව ඔහුගේ භාර්යාව වන ඩැෆ්නී සර්ෆ්ලීට් එරට අග්‍රාමාත්‍යවරයාට දන්වා තිබේ.
413
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගය ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් අතර පැවැත්විණි.තරගයේ ජය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හිමි වුව ද, එම තරගයේ වැඩි අවධානයක් යොමු වූයේ, කොල්කටා කණ්ඩායමේ නායක ගෞතම් ගම්භීර්ගේ පිත්ත දෙසට ය.මුම්බායි කණ්ඩායමේ විනේ කුමාර් යැවූ පන්දුවකට පහර දීමේදී ගෞතම් ගම්භීර්ගේ පිත්ත දෙකට මැදින් කැඩී ගියේ ය.එම අවස්ථාව දුටු ගම්භීර්ගේ සමීප මිතුරෙකු ද වන ඉන්දීය ක්‍රීඩක යුව්රාජ් සිං Tweet පණිවුඩයක් මගින් ගම්භීර්ට සරදමක් ද කළේ ය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගය ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් අතර පැවැත්විණි.
414
2015 වසරේ Wisden දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබේ.Wisden සඟරාව මගින් කුමාර් සංගක්කාර දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ, පසුගිය වසරේ ඔහු දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමිනි.2014 වසරේදී සංගක්කාර ලකුණු 2868ක් රැස් කළේ ය.එය, ඕනෑ ම පිතිකරුවෙකු වසරකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් විය.Wisden සඟරාවේ සංස්කාරක ලෝරන්ස් බූත් පවසන්නේ, කුමාර් සංගක්කාර පසුගිය වසරේදී සිය උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කළ බව ය.වසරේ හොඳ ම ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්කාර නම් කිරීම සාධාරණ බව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔහු ශතක 4ක් වාර්තා කිරීම මගින් වඩා ත් තහවුරු වූ බව ද ඔහු පැවසීය.විශිෂ්ට ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම පිළිබඳව Wisden සඟරාව බෙහෙවින් කනගාටු වන බව ද ලෝරන්ස් බූත් සඳහන් කළේ ය.
2015 වසරේ Wisden දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබේ.
415
නීතිය සැමට සමාන විය යුතු බව අප අසා තිබුණ ද එය නිසියාකාරව ක්‍රියාත්මක වන බව නම් අප දැක නැත.එහෙත්, අසල්වැසි ඉන්දියාවේ නම් තරාතිරම කුමක් වුව ද නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වන බව ඔප්පු වන සිද්ධියක් එරට මාධ්‍යවල වාර්තා කර තිබේ.ඒ, ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනිට දඩ ගැසූ පුවතකි.ඔහු කළ වරද, නීත්‍යනුකූලව අංක තහඩු ප්‍රදර්ශනය නොකරමින් යතුරු පැදියක් ධාවනය කිරීම ය.ඉන්දීය මෝටර් රථ පනත අනුව යතුරු පැදිවල ඉදිරිපස සහ පසුපස කෙලින් සිට බැලූ විට හොඳින් ප්‍රදර්ශනය වන පරිදි තිරස් අතට අංක තහඩු සවි කර තිබිය යුතු ය.එහෙත්, නිසි පරිදි අංක තහඩු සවි නොකර ඔහු උපන් නගරය වන රාංචිහි දෝනි සිය යතුරු පැදිය ධාවනය කර තිබේ.එහි ඉදිරිපස මඩ ආවරණයෙහි අංකය සඳහන් වුව ද එය නීත්‍යනුකූල නොවේ.ඉන්දීය පොලීසිය ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මහේන්ද්‍ර සිං දෝනිගේ නිවසට පොලිස් නිලධාරියෙකු යවා රු. 500ක් දඩ වශයෙන් ලබා ගත් බව ය.දෝනි එහිදී සිය වරද වටහා ගෙන කැමැත්තෙන් ම දඩය ගෙවූ බව පොලීසිය පවසා තිබේ.
නීතිය සැමට සමාන විය යුතු බව අප අසා තිබුණ ද එය නිසියාකාරව ක්‍රියාත්මක වන බව නම් අප දැක නැත.
416
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද පත් කෙරිණි.ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කපිල විජේගුණවර්ධන මහතා පත් කර තිබේ.මෙම කමිටුවට අමල් ද සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ හේමන්ත වික්‍රමරත්න ද ඇතුළත් ය.ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමිව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද පත් කෙරිණි.
417
වසර ගණනාවක් තිස්සේ පරාජය ලබමින් සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජය මාවතට රැගෙන ආ ශ්‍රී ලාංකික පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කුඩම්මාගේ සැලකිලි දැක්වීම‍ට පටන්ගෙන තිබේ.ඩේව් වට්මෝර් දුර්වල කණ්ඩායම් ජයග්‍රහණය කරා රැගෙන යන පුහුණුකරුවෙකු ලෙස නම් දරා තිබුණ ද ඔහුට ද බංග්ලාදේශය ගොඩ ගැනීමට නොහැකි විය.එහෙත්, නිහඬව සිය මෙහෙවර ඉටු කළ අපේ චන්දික හතුරුසිංහ ‘වැඩ බැරි’ බංග්ලාදේශය, ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා රැගෙන ආවේ ය.එහෙත්, අර්ධ අවසන් පූර්ව වටයේදී ඉන්දියාව හමුවේ බංග්ලාදේශය පරාජයට පත් විය.එම පරාජයෙන් පසුව කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරන ලද එම කණ්ඩායම සම්බන්ධයෙන් විවේචනයක් කළේ ය.ඔහු සඳහන් කළේ, ඉන්දියාව සමග ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ඒ සඳහා සුදුසු ම කණ්ඩායම නොවූ බව ය.මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එරට ක්‍රිකට් මෙහෙයුම් කමිටුවේ සභාපති නයිමූර් රහමන් චන්දික හතුරුසිංහගේ අදහස් පළ කිරීම දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.ඔහු පවසා ඇත්තේ, පුහුණුකරුගේ කාර්යය කණ්ඩායම නිසි පරිදි පුහුණු කිරීම පමණක් බව ය.පුහුණුකරුට තේරීම් කමිටුවේ තීරණ විවේචනය කිරීමට කිසිදු අයිතියක් නැති බව ත්, එය චර්යා ධර්ම උල්ලංඝණය කිරීමක් බව ත් ඔහු පවසා තිබේ.මේ සම්බන්ධයෙන් නයිමූර් රහමන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට ද පැමිණිලි කර ඇත.
වසර ගණනාවක් තිස්සේ පරාජය ලබමින් සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජය මාවතට රැගෙන ආ ශ්‍රී ලාංකික පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කුඩම්මාගේ සැලකිලි දැක්වීම‍ට පටන්ගෙන තිබේ.
418
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චානක වෙලගෙදර ලෝක වාර්තාවක් සම කර තිබේ.ඒ, පන්දු වාර 20 ක්‍රිකට් තරගයක හොඳ ම පන්දු යැවීම වාර්තා කරමිනි.ටැමිල් යුනියන් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් SSC කණ්ඩායමට එරෙහිව චානක වෙලගෙදර එම දක්ෂතාව දක්වා තිබේ.එහිදී යැවූ පන්දු වාර 4 තුළදී ලකුණු 2ක් පමණක් ලබා දී කඩුලු 4ක් බිඳ හෙළීමට චානක වෙලගෙදර සමත් විය.ඉන් පන්දු වාර 2ක් නිලකුණු පන්දු වාර වීම ද විශේෂත්වයකි.ඔහු සම කළේ, පසුගිය නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙකු වන ක්‍රිස් මොරිස් කේප් කෝබ්‍රාස් කණ්ඩායමට එරෙහිව පිහිටවූ වාර්තාව ය.ඔහු එහිදී පන්දු වාර 4කදී ලකුණු 2ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් බිඳ හෙළී ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චානක වෙලගෙදර ලෝක වාර්තාවක් සම කර තිබේ.
419
ඔහු සිය දියණිය සහ බිරිඳ සාක්ෂි සමග මාධ්‍ය ඉදිරියේ මෙලෙස පෙනී සිට ඇත්තේ, ඔහුගේ උපන් නගරය වන බිර්සා මුන්දා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ය.පසුගිය පෙබරවාරි 6 වන දා දෝනිගේ දියණියගේ උපත සිදු වූ අවස්ථාවේ ඔහුට සිය අලුත උපන් බිළිඳිය දැක බලා ගැනීමට අවස්ථාවක් උදා නොවී ය.ඒ, ඒ වන විට ඔහු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටි බැවිනි.මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දෝනි චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති.ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ අදියර 8දී ම කණ්ඩායමක නායකත්වය දැරූ එක ම ක්‍රීඩකයා වන්නේ ද මහේන්ද්‍ර සිං දෝනි ය.
ඔහු සිය දියණිය සහ බිරිඳ සාක්ෂි සමග මාධ්‍ය ඉදිරියේ මෙලෙස පෙනී සිට ඇත්තේ, ඔහුගේ උපන් නගරය වන බිර්සා මුන්දා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ය.
420
ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි තවත් වාර්තාවක් පිහිටුවා තිබේ.ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අදියර අටේදී ම කණ්ඩායමක නායකත්වය දැරූ එක ම ක්‍රීඩකයා බවට පත්වෙමිනි.ඔහු, 2008 වසරේ පැවති පළමු අදියරේ සිට අනිද්දා ඇරඹෙන 8 වන අදියර දක්වා අඛණ්ඩව චෙන්නායි සුපර් කිංග්ස් (CSK) කණ්ඩායමේ නායකත්වය දරයි.2008 වසරේ සිට 2014 වසර දක්වා ‍පැවති අදියර හතේදී Chennai Super Kings කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේ තරග 102කට සහභාගි වී තිබේ.ඉන් ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 60ක් වන අතර තරග 40ක් පරාජය වී ඇත.ඔවුන් දෝනිගේ නායකත්වය යටතේ 2010 සහ 2011 වසරවලදී IPL කුසලානය දිනා ගැනීමට සමත් විය.මහේන්ද්‍ර සිං දෝනි හැර වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු IPL අදියර සියල්ලේදී ම කණ්ඩායමක නායකත්වය දරා නොමැත.
ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි තවත් වාර්තාවක් පිහිටුවා තිබේ.
421
වත්මන් ක්‍රිකට් පිතිකරුවන්ට භීතිකාවක් වූ කොදෙව් සුපිරි දඟ පන්දු යවන්නා වන සුනිල් නරයින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැවති සියලු සැක සංකා දුරු වී තිබේ.ඒ අනුව, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට හිමිව ඇත.පසුගිය චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැමිණිලි ඉදිරිපත් විය.ඒ අනුව, ඔහුට සිය ඉරියව්ව වෙනස් කර ගැනීමට සිදු විය.නව ඉරියව්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අනුමත කරනු ලැබූ නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, මෙවර IPL තරගාවලියට සහභාගි වීමට නම් සුනිල් නරයින් ඉන්දියාව තුළදී යළි පරීක්ෂණයකට ලක් කළ යුතු බව ය.මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය අනතුරු අඟවමින් අවධාරණය කළේ, සුනිල් නරයින් නොමැතිව සිය කණ්ඩායම මෙවර IPL තරගාවලියට සහභාගි නොවන බව ය.කෙසේ වෙතත්, ඉන්දියාව තුළදී කළ පරීක්ෂණයෙන් ද සුනිල් නරයින් සමත්ව ඇතැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.2012 වසරේ සිට 2014 වසර දක්වා IPL තරග 47කට සහභාගි වී ඇති සුනිල් නරයින් කඩුලු 67ක් දවාගෙන ඇති අතර ඔහු පන්දු වාරයකදී ලබා දී ඇති ලකුණු සාමාන්‍යය 5.77කි.පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ ගැටලුව හේතුවෙන් සුනිල් නරයින්ට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීමට ද නොහැකි විය.පන්දු වාර 20 ක්‍රිකට් තරගයක නිලකුණු Super Over එකක් වාර්තා කළ ලොව පළමු පන්දු යවන්නා ද සුනිල් නරයින් ය.ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ, ‍කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ Amazon Warriors සහ Red Steel කණ්ඩායම් අතර පැවති තරගයේදී ය.එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Red Steel කණ්ඩායම කඩුලු 8කට ලකුණු 118ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස Amazon Warriors කණ්ඩායම ද රැස් කළේ, ලකුණු 118කි.ඒ අනුව, Super Over අවස්ථාවට යාමට සිදුවූ අතර Amazon Warriors කණ්ඩායම සිය සුපර් ඕවරය තුළ ලකුණු 11ක් රැස් කළේ ය.ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි Red Steel කණ්ඩායමේ පිතිකරුවන්ට එක ම ලකුණක් හෝ ලබා ගැනීමට පන්දු යැවූ සුනිල් නරයින් ඉඩ ලබා දුන්නේ නැත.එම විශිෂ්ට පන්දු යැවීම පහතින් නරඹන්න….
වත්මන් ක්‍රිකට් පිතිකරුවන්ට භීතිකාවක් වූ කොදෙව් සුපිරි දඟ පන්දු යවන්නා වන සුනිල් නරයින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පැවති සියලු සැක සංකා දුරු වී තිබේ.
422
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා හෙට දිනයේ විවාහ වීමට නියමිත ය.ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පූර්ව මංගල චාරිත්‍ර අද දිනයේ සිදු කෙරුණු බව ය.28 හැවිරිදි රයිනා විවාහ වීමට නියමිතව ඇත්තේ, ප්‍රියංකා චෞද්රි නමැති තරුණියක් සමග යි.ඇය නෙදර්ලන්තයේ සේවය කරන බව වාර්තා වේ.හෙට දිනයේ පැවැත්වෙන මංගල උත්සවයට දේශපාලනඥයින්, ක්‍රීඩකයින් සහ නළු නිළියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිත ය.
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා හෙට දිනයේ විවාහ වීමට නියමිත ය.
423
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී මුස්තාෆා කමාල්ගේ ඉල්ලා අස්වීමට හේතුව ලෝක කුසලාන අවසන් තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය පිරිනැමීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති එන්. සිරිනිවාසන් විසින් කරනු ලැබීම ය.සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ජයග්‍රාහී කුසලානය පිරිනමනු ලබන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානියා (President) විසිනි.එහෙත්, මෙවර ලෝක කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති (Chairman) විසින් පිරිනමනු ලැබීය.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී මුස්තාෆා කමාල් මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේ, ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරන නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් ඉල්ලා අස් වන බව ය.එම නිලධාරීන් නිසා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වනු ඇතැයි ඔහු පැවසීය.මීට පෙර ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති අර්ධ අවසන් තරගයේදී විනිසුරුවරුන් ඉන්දියාවට වාසිසහගත ආකාරයට ක්‍රියා කළ බවට පසුගිය 19 වන දා බංග්ලාදේශ ජාතිකයෙකු වන මුස්තාෆා කමාල් චෝදනා කළේ ය.ඔහු එම චෝදනාව කළේ, රෝහිත් ෂර්මා දැවී ගිය පන්දුවක් නිපන්දුවක් ලෙසට වැරදි තීන්දුවක් ලබා දීම සැලකිල්ලට ගෙන ය.මතභේදයට තුඩු දුන් නිපන්දුවප්‍රබල රටවල් කිහිපයකට වැඩි බලතල හිමි වන පරිදි සකස් කළ ක්‍රිකට් කවුන්සිලයේ නව ව්‍යවස්ථාව ක්‍රිකට් ක්‍රීඩාවට හානිදායක බව ද ඔහු අවධාරණය කළේ ය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී මුස්තාෆා කමාල්ගේ ඉල්ලා අස්වීමට හේතුව ලෝක කුසලාන අවසන් තරගයේ ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය පිරිනැමීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති එන්.
424
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (IPL) සඳහා ඇත්තේ, තව දින 8ක් පමණි.අප්‍රේල් 8 වන දා ඇරඹෙන මෙම තරගාවලිය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රමුඛතම දඟ පන්දු යවන්නා වන සුනිල් නරයින් සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවකි.පසුගිය වසරේ චැම්පියන්ස් කුසලාන පන්දු වාර 20 තරගාවලිය අතරතුරදී පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් චෝදනා ලැබූ සුනිල් නරයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහනමක් පනවනු ලැබීය.එහෙත්, පසුව කළ පරීක්ෂණවලින් අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහවුරු කළේ ය.මෙම තත්ත්වය යටතේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී සුනිල් නරයින්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසීමට නම් තවත් පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී තිබේ.බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ට අයත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය ඊට දැඩි විරෝධය පළ කර ඇත.ඔවුන් අනතුරු අඟවා ඇත්තේ, මෙවර IPL තරගාවලිය සඳහා සුනිල් නරයින්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදුනහොත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන බවට ය.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නරයින්ගේ ඉරියව්ව නිවැරදි බවට පිළිගෙන තිබියදී තවත් පරීක්ෂණයකට ඔහු යොමු කිරීම විහිළුවක් බව ද කොල්කටා නයිට් රයිඩර්ස් කළමනාකාර වෙන්කි මයිසූර් පවසයි.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (IPL) සඳහා ඇත්තේ, තව දින 8ක් පමණි.
425
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ට දක්ෂතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය සතුට පළ කර තිබේ.#ThanksDaniel great pleasure playing with you mate. Flem, you and Brendon have done so much to develop NZ cricket. You must be very proud— Kumar Sangakkara (@KumarSanga2) March 31, 2015ඔහු පළ කර ඇති tweet පණිවුඩයක සඳහන් කර ඇත්තේ, ඩැනියෙල් විටෝරි සමග එක්ව ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටු වන බව ය.ඊට අමතරව, නවසීලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ඩැනියෙල් විටෝරි, ස්ටීවන් ෆ්ලෙමිං සහ බ්‍රෙන්ඩන් මැකලම් කළ මෙහෙය අගය කරන බව ය.ඒ පිළිබඳව ඔවුන් ආඩම්බර විය යුතු බව ද සංගක්කාර සඳහන් කර තිබේ.
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ට දක්ෂතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය සතුට පළ කර තිබේ.
426
මධ්‍යම පළාතේ ලයනල් සමරජීව අවුරුදු ෆෙයාර් 2015 වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළියට සමගාමීව පැවැති මාර්ග ධාවන තරගයේ විවෘත පිරිමි අංශයේ ජය වාර්තා කළේය.කෙවිල්ටන් ඉලෙක්ට්‍රිකල්ස් ප්‍රයිවට් ලිමිටඩ්හී අනුග්‍රාහකත්වයෙන් පැවැති තරගය තරගය ගැටඹේ පාලම අසලින් ආරම්භ විය.අවුරුදු ෆෙයාර් 2015 වෙළද ප්‍රදර්ශනයට සමගාමීව පැවති මාර්ග ධාවන තරගයRead more: http://goo.gl/kTS1DUPosted by Newsfirst.lk on Sunday, April 5, 2015තරගකරුවන් සෝලාන හන්දිය ඔස්සේ හල්ඔලුවට පැමිණියහ.ඔවුන් ගොඩගහගොඩ පාසල ඔස්සේ ඉන් පසු ළඟා වූයේ කටුගස්තොටටයි.ක්‍රීඩා නිලධාරීන් තිස් දෙනෙක් තරගයේ අධීක්ෂණ කටයුතුවලට එක් වූ අතර, තරගයට පෝෂණ කළාප දෙකක් ඇතුළත් විය.මහයියාව පසු කළ ධාවකයින් ඓතිහාසික දළඳා මාළිගාව පසුකර ගමනාන්තය වූ කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රය වෙත ලඟා වූයේ ඉන් අනතුරුවයි.මධ්‍යම පළාතේ ලයනල් සමරජීව විවෘත පිරිමි තරගය ජය ගත්තේ, මිනිත්තු 38යි තත්පර 32ක කාලයකින් ය.එහි දෙවැනි සහ තුන්වැනි ස්ථාන පිළිවෙලින් දිනා ගත්තේ, මධ්‍යම පළාතේම අසේල බණ්ඩාර සහ නිශ්ශංක කුමාරයි.මේ අතර, මධ්‍යම පළාතේ, ඒ.එම්.ටී.එච් අත්තනායක වයස අවුරුදු 20න් පහළ බාලක අංශයේ ජය හිමිකර ගත්තේය.මධ්‍යම පළාතේම එච්.ජී.ඒ කුලතුංග එහි බාලිකා අංශයේ ජය වාර්තා කළාය.
මධ්‍යම පළාතේ ලයනල් සමරජීව අවුරුදු ෆෙයාර් 2015 වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළියට සමගාමීව පැවැති මාර්ග ධාවන තරගයේ විවෘත පිරිමි අංශයේ ජය වාර්තා කළේය.
428
ලෝක කුසලානය ත් සමග මැකී ගිය ක්‍රිකට් තරු (BRIEF TRIBUTE)මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීම ත් සමග විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ලොවට අහිමි විය.එසේ සමුගත් ක්‍රීඩකයින් අතරින් වැඩි දෙනෙකු සිය උපරිම දක්ෂතා අතර පසුවන්නන් වීම විශේෂත්වයකි.මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයින් පිළිබඳ කෙටි සටහනක් පහත දැක්වේ.1. කුමාර් සංගක්කාර – ශ්‍රී ලංකාව (2000 – 2015)තරග – 404ලකුණු – 14234වැඩි ම ලකුණු – 169ශතක – 25අර්ධ ශතක – 93දවා ගැනීම් – 5012. මහේල ජයවර්ධන – ශ්‍රී ලංකාව (1998 – 2015)තරග – 448ලකුණු – 12650වැඩි ම ලකුණු – 144ශතක – 19අර්ධ ශතක – 773. මිස්බා උල් හක් – පකිස්ථානය (2002 – 2015)තරග – 162ලකුණු – 5122වැඩි ම ලකුණු – 96 (නොදැවී)ශතක – 00අර්ධ ශතක – 424. යුනිස් ඛාන් – පකිස්ථානය (2000 – 2015)තරග – 264ලකුණු – 7240වැඩි ම ලකුණු – 144ශතක – 7අර්ධ ශතක – 485. ෂහිඩ් අෆ්රිඩි – පකිස්ථානය (1996 – 2015)තරග – 398ලකුණු – 8064වැඩි ම ලකුණු – 124ශතක – 6අර්ධ ශතක – 39කඩුලු – 3956. බ්‍රෙන්ඩන් ටේලර් – සිම්බාබ්වේ (2004 – 2015)තරග – 167ලකුණු – 5258වැඩි ම ලකුණු – 145 (නොදැවී)ශතක – 8අර්ධ ශතක – 327. ඩැනියෙල් විටෝරි – නවසීලන්තය (1997 – 2015)තරග – 295ලකුණු – 2253වැඩි ම ලකුණු – 83ශතක – 00අර්ධ ශතක – 4කඩුලු – 3058. මයිකල් ක්ලාක් – ඔස්ට්‍රේලියාව (2003 – 2015)තරග – 245ලකුණු – 7981වැඩි ම ලකුණු – 130ශතක – 8අර්ධ ශතක – 58කඩුලු – 57
ලෝක කුසලානය ත් සමග මැකී ගිය ක්‍රිකට් තරු (BRIEF TRIBUTE) මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීම ත් සමග විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ලොවට අහිමි විය.
429
නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව පිහිටීම අතින් ද දේශපාලනික වශයෙන් ද බෙහෙවින් සමීප සහ සමාන රටවල් දෙකකි.රටවල් දෙක ම බ්‍රිතාන්‍ය රැජිණ යටතේ නාමික වශයෙන් පාලනය වන රටවල් දෙකකි.රටවල් දෙක ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබී ය.එහෙත්, එම රටවල් දෙකට අයත් ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහි පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන සිද්ධි දෙකක් අප නෙත ගැටිණි.නවසීලන්තය අර්ධ අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව ලත් පරාජයෙන් පසුව ඔවුන්ගේ කඳුළු පිස සැනසීමට තරම් මනුෂ්‍යත්වයකින් යුතු වූ බව තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය ග්‍රාන්ට් එලියට් සිය ප්‍රතිවාදී පන්දු යවන්නා අස්වසාලීමෙන් මොනවට පැහැදිලි විය.අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ නවසීලන්තය බේරා ගැනීමට හුදකලා සටනක නිරත වූයේ ද, එකී ග්‍රාන්ට් එලියට් ම ය.එහෙත්, ලකුණු 83ක් ලබා නවසීලන්තය වෙනුවෙන් තීරණාත්මක ඉනිමක් ගොඩ නැගූ ග්‍රාන්ට් එලියට් දැවී යාමෙන් පසු ඔහුගේ හිත හැදීමට ඔස්ට්‍රේලියානුවන් කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත.ඒ වෙනුව‍ට ඔවුන් කළේ, හුදෙකලා විශිෂ්ට සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් දැවී ගිය පසු ඔහුට සරදම් කිරීම ය.මෙම සිද්ධියෙන් එදා දකුණු අප්‍රිකානුවන්ගේ කඳුළු පිස දැමූ ග්‍රාන්ට් එලියට්ගේ නෙතට කඳුළක් ඉනුවානම් ඒ ගැන පුදුම විය යුතු නැත.ලෝක කුසලාන අවසන් තරගයේ ප්‍රතිඵලය කුමක් වුව ද රටවල් දෙකෙහි ක්‍රීඩකයින්ගේ වෙනස නම් ඊයේ පැහැදිලිව ලොවට පෙනිණි.
නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව පිහිටීම අතින් ද දේශපාලනික වශයෙන් ද බෙහෙවින් සමීප සහ සමාන රටවල් දෙකකි.
430
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය සඳහා අන්තර් පාලන කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.ඒ අනුව දැනට පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව බල රහිත වනු ඇති.ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දින දෙකක් අතුළත මෙම නව අන්තර් පාලන කමිටුව පත් කිරිමට සැලසුම් කර ඇති බව ය
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පරිපාලනය සඳහා අන්තර් පාලන කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
431
ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද ප්‍රකාශයට පත් කළ 2015 – ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව සිටී.නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රැන්ඩන් මැකලම් එම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබේ.ඔහු එම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ, දින 44ක් තිස්සේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී අවසන් තරගය දක්වා සිය කණ්ඩායම මෙහෙයවමින් කණ්ඩායමට සැබෑ නායකත්වයක් ලබා දීම හේතුවෙනි.මීට අමතරව මැකලම් ලෝක කුසලාන තරගාවලියේදී තරග 9කට සහභාගී වී අර්ධ ශතක 4ක් ද ඇතුළුව ලකුණු 328ක් රැස් කර තිබේ.නවසීලන්ත ක්‍රීඩකයින් සිව් දෙනෙකු ම මෙම කණ්ඩායමට ඇතුළත් ව සිටීම විශේෂත්වයකි.කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ, ලෝක කුසලාන තරගාවලියේ තරග 6කදී ලකුණු 433ක් රැස් කළ සිම්බාම්වේ බ්‍රෙන්ඩන් මැකලම් ය.අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නම් කළ ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම මෙසේ ය.1. බ්‍රැන්ඩන් මැකලම් (නවසීලන්තය – නායක)2. මාර්ටින් ගප්ටිල් (නවසීලන්තය)3. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව – කඩුලු රකින ක්‍රීඩක)4. ස්ටීවන් ස්මිත් (ඔස්ට්‍රේලියාව)5. ඒබී ඩි විලියස් (දකුණු අප්‍රිකාව)6. ග්ලැන් මැක්වෙල් (ඔස්ට්‍රේලියාව)7. කොරේ ඇන්ඩර්සන් (නවසීලන්තය)8. ඩැනියෙල් විටෝරි (නවසීලන්තය)9. මිචෙල් ස්ටාර්ක් (ඔස්ට්‍රේලියාව)10. ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය)11. මෝනි මෝකල් (දකුණු අප්‍රිකාව)12. බ්‍රැන්ඩන් ට්‍රේලර් (සිම්බාබ්වේ)
ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද ප්‍රකාශයට පත් කළ 2015 – ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව සිටී.
432
නවසීලන්තයේ බලාපොරොත්තු සුන් කරමින් 5 වන වරට ත් ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව අද සමත් විය.ඒ, මෙල්බන්හිදී අද පැවති තරගයෙන් නවසීලන්තයට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගිනි.මීට පෙර 1987, 1999, 2003 සහ 2007 යන වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි.අද තරගයෙන් පසු ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේය.තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් පන්දුවාර 45කදී ලකුණු 183කට දැවි ගියහ.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 33යි පන්දු 1කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 186ක් ලබා ගනිමින් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය.මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදී ම දැවී ගියේය.දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මෙල්බර්න් පිටිය තුළදී අද සිය අණසක පැතිර වීමට සමත් වූහ.හුදකලා සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් ලකුණු 83ක් ලබා ගත්තේය.රොස් ටේලර් ලබාගත් ලකුණු ගණන 40කි.නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 151කදී දැවී ගියේය.නවසීලන්ත පිතිකරුවන් පස් දෙනෙකුටම ලකුණු ලබා ගැනිමට නොහැකි වීම විශේෂත්වයකි.මිචෙල් ජොන්සන් සහ ජේම්ස් ෆැන්ක්ලර් අතර කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුල්ල මුළු ලකුණු 2දී දැවී ගියේය.ඩේවිඩ් වෝර්නර් ලකුණු 45ක් ලබා ගත්තේය.සිය අවසන් එක්දින ඉනිම ක්‍රීඩා කළ මයිකල් ක්ලාක් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් විය.ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තේය.මැට් හෙන්රි කඩුලු 2ක් ලබා ගැනීමට සමත් විය.මෙවර ලෝක කුසලාන තරගාවලියේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක්ට හිමිවිය.අවසන් මහා තරගයේ වීරයා සම්මානය ජේම්ස් ෆොල්ක්නර්ට හිමිවිය.
නවසීලන්තයේ බලාපොරොත්තු සුන් කරමින් 5 වන වරට ත් ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව අද සමත් විය.
433
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගයේ නවසීලන්තයේ සියලු ක්‍රීඩකයින් ලකුණු 183කට දැවි ගියහ.මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදීම දැවී ගියේය.දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මෙල්බර්න් පිටිය තුළදී අද සිය අණසක පැතිර වීමට සමත් වූහ.හුදකලා සටනක නිරත වූ ග්‍රාන්ට් එලියට් ලකුණු 80ක් ලබා ගත්තේය.බ්‍රෙන්ඩන් ටේලර් ලබාගත් ලකුණු ගණන 40කි.නවසීලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 151කදී දැවී ගියේය.නවසීලන්ත පිතිකරුවන් පස් දෙනෙකුටම ලකුණු ලබා ගැනිමට නොහැකි වීම විශේෂත්වයකි.මිචෙල් ජොන්සන් සහ ජේම්ස් ෆැන්ක්ලර් අතර කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගයේ නවසීලන්තයේ සියලු ක්‍රීඩකයින් ලකුණු 183කට දැවි ගියහ.
434
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායමේ මේ වනවිට කඩුලු 6ක් බිඳ වැටී තිබේ.ඒ ලකුණු 151කට වීම විශේෂත්වයකි.දක්ෂ පන්දු යැවීමක නිරත වන ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් මෙල්බර්න් පිටිය තුළ සිය අණසක පතුරවමින් සිටිති.නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේදීම දැවී ගියේය.ඒ අනුව දැවී ගිය පිතිකරුවන්ගේ ලකුණු සටහන මෙසේ ය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායමේ මේ වනවිට කඩුලු 6ක් බිඳ වැටී තිබේ.
435