date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-12-29T23:24:51.000Z
පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යයයි... - ඉසුරු දේවප්‍රියගෙන් ප්‍රකාශයක්
පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යයයි...
COLOMBO (News 1st) - ඉදිරි මැතිවරණ ගැන පක්ෂ විපක්ෂ පාර්ශව අදහස් පළ කර තිබේ. එහිදී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අදහස් දැක්විය. දැන් දැන් පැහැදිලි වෙලා තියනවා එක්සත් ජාතික පක්ෂය තුළ තියෙන අර්බුධය. දැන් ඒක එකින් එකට එළියට එනවා. ඉතාම වගකීමෙන් කියනවා අද මේ තිබෙන විදිහට ලබන සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා එක්සත් ජාතික පක්ෂයට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා නැවත සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්‍ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. එක්සත් ජාතික පක්ෂයට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/12/12-30-ISURA-DEWAPRIYA.wav"][/audio]
2018-12-29T23:07:51.000Z
දිවයිනේ ප්‍රදේශ රැසකට ශීත කාලගුණ තත්ත්වයක්
දිවයිනේ ප්‍රදේශ රැසකට ශීත කාලගුණ තත්ත්වයක්
COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන සහ රාත්‍රි කාලයේදී ශීත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නැගෙනහිර පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි ඇති විය හැකි බවය. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර් 40 දක්වා තරමක තද සුළං බලාපොරොත්තු විය හැකියි. සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
2018-12-29T21:52:22.000Z
ආගමන - විගමන කවුළුවල තාක්ෂණික දෝෂ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් අද කටුනායක ගුවන්තොටුපොළට
ස්කෑන් යන්ත්‍රවල දුර්වලතා සෙවීමට විශේෂ කණ්ඩායමක්
COLOMBO (News 1st) - මගී නිෂ්කාශන කටයුතු සඳහා ස්ථාපනය කළ නව ගමන් බලපත්‍ර ස්කෑනර් යන්ත්‍රවල ඇති වූ දුර්වලතා සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් අද දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිටත් කර යවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එහි පාලක නිහාල් රණසිංහ මහතා සඳහන් කළේ, දින දෙකක් ඇතුළත මෙම තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි. කටුනායක ගුවන්තොටුපොළේ ආගමන - විගමන නිලධාරීන්ගේ සේවා කාර්යක්ෂම කිරීමේ අරමුණින් අලුතින් ස්ථාපිත කළ පරිගණක යන්ත්‍ර සහ ගුවන් ගමන් බලපත්‍ර ස්කෑන් කිරීමේ යන්ත්‍ර නිසා එම කටයුතු සිදු කිරීමට පෙරට වඩා වැඩි වේලාවක් ගතවන බවට චෝදනා එල්ල විය. මේ පිළිබඳව කළ විමසීමකදී ආගමන විගමන නිලධරීන්ගේ වෘත්තීය සමිතියේ සභාපති අනුර තනුගල මහතා සඳහන් කළේ, දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ නිලධාරීන්ගේ අනුදැනුමකින් තොරව මෙම පරිගණක පද්ධතිය සවිකර ඇති බවයි. ඒ පිළිබඳ පෙර පුහුණුවක් සේවකයින්ට ලබා නොදීම තව ත් ගැටලුවක් බව ද ඔහු පැවසුවේ ය. මේ හේතුවෙන් පෙරට වඩා වැඩි වේලාවක් මගීන්ගේ ආගමන විගමන කටයුතු සිදු කිරීමට වැයවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. නිලධාරීන්ගේ කාර්ය පහසු කිරීම සඳහා පරිගණක යන්ත්‍ර 50 ක් හා ස්කෑනර් යන්ත්‍ර 50 ක් සවි කෙරුනේ පසුගිය පළමුවැනිදායි. ඒ හේතුවෙන් දෛනිකව ගුවන් ගමන් සිදු කරන 25,000 ක පමණ දෙස් විදෙස් මගීන්ට පැය ගණන් දිගු පෝලිම්වලට රැඳී සිටීමට සිදු ව ඇති බව අප වාර්තාකරු පැවසුවේ ය.
2018-12-29T21:23:05.000Z
ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට ජය
ඔස්ට්‍රේලියාව පැරදු ඉන්දියාවට ජය...
සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලකුණු 137 ක ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. එය වාර්තා අතරට එක්වන්නේ ඔස්ට්‍රේලියාවේදී පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයක් ඉන්දියාව ජය ගත් පළමු අවස්ථාව ලෙසයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයින් කඩුලු 7 ක් දැවී ලකුණු 443 ක් රැස් කරගෙන සිටියදීයි. සිය පළමු ඉනිම අත්හිට වූ අතර ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 151 ක්. අනතුරුව ඉන්දීය ක්‍රීඩකයින් සිය දෙවෙනි ඉනිම අත්හිටවූවේ කඩුලු 8 ක් දැවී ලකුණු 106 ක් රැස් කරගෙන සිටියදීය. ඒ අනුව ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු 399 ක ඉලක්කයක් හිමි වූ අතර එම ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සියලු දෙනා අද ලකුණු 261 කට දැවී ගියේ ය. තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම ඒ අනුව සමත් විණි.
2018-12-29T20:43:20.000Z
පාසල් ආශ්‍රිතව අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්
පාසල් ආශ්‍රිතව අද සහ හෙට ඩෙංගු මර්දන වැඩසටහන්
COLOMBO (News 1st) - දිවයිනේ සියලු පාසල් ආශ්‍රිතව අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ. ඒ, අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙනි. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, ලබන වසරේ පාසල් ආරම්භවීමට පෙර දිවයිනේ සියලු පාසල් සහ අධ්‍යාපන ආයතන පිරිසිදු කිරීම් සිදුකර සුරක්ෂිත පාසල් පරිශ්‍රයක් පවත්වාගැනීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මක බවයි. දිවයිනේ සියලු පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරුවිද්‍යාල, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතනවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස සියලු අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය සඳහන් කළේ, මේ සඳහා දෙමාපියන් ඇතුළු සියලු පාර්ශවයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.
2018-12-29T20:27:41.000Z
බංග්ලාදේශ මහ මැතිවරණය අද යි
බංග්ලාදේශ මහ මැතිවරණය අද යි
බංග්ලාදේශ මහ මැතිවරණය අද පැවැත් වෙයි. බංග්ලාදේශයේ 11 වන මහ මැතිවරණය වන මේ සඳහා ඡන්ද දායකයන් මිලියන 100 ක්, මධ්‍යස්ථාන 40,199 කදී ඡන්දය භාවිත කිරීමට නියමිත ය. දේශපාලන විචාරකයින් පවසන්නේ, මහ මැතිවරණයෙන් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂය ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි. බංග්ලාදේශ ප්‍රධාන විපක්ෂය වන බී. එන්. පී. පක්ෂය මෙවර මහ මැතිවරණයට මුහුණ දෙන්නේ පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය කලීඩා ෂියා දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිරගත කර ඇති පසුබිමකවීම විශේෂත්වයකි. අද පැවැත්වෙන මහ මැතිවරණය සඳහා දැඩි ආරක්ෂාවක් යොදවා තිබේ. බංග්ලාදේශ බලධාරීන් පැවසූවේ, ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලීසිය, හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් ලක්ෂ 6 කට අධික පිරිසක් යොදාවා ඇති බවයි. මහා මැතිවරණයට පෙර ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් අතර ගැටුම් ඇතිවීම, ආරක්ෂාව ඉහළ නැංවිමට හේතුවී ඇත. මේ අතර අද පැවැත්වෙන මහ මැතිවරණයට පෙර අධිවේගී ඉන්ටර්නෙට් සේවා නතර කිරීමට ද බංග්ලාදේශ් බලධාරීන් පියවර ගෙන තිබේ. නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයුතු නතර කිරීම හා කටකතා පැතිරීම වැලැක්වීම අරමුණු කරමින් මෙම පියවර ගෙන ඇත.
2018-12-29T20:12:53.000Z
ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තයට ලකුණු 423 ක ජයක්
ශ්‍රී ලංකාව පැරදු නවසීලන්තයට ලකුණු 423 ක ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ, දෙරට අතර පැවැති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය නවසීලන්ත ක්‍රීඩකයින් ලකුණු 423 කින් ජය ගනිමිනි. නවසීලන්තයේ සෙන්චූරියන්හිදී පැවැති තරගය අද දිනය සඳහා ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 6 ක් දැවී ලකුණු 231 ක් රැස් කරගෙන සිටියහ. කෙසේ වෙතත් අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පිතිකරුවන් තිදෙනා දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන්ට වැය වූයේ පන්දු 15 ක් පමණි. පන්දුවාර 106 යි පන්දු 2 ක් අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිය දෙවෙනි නිම සඳහා සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 236 ක් පමණි.. දිනයේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 18 ක් රැස් කරගෙන සිටි සුරංග ලක්මාල් දැවී ගිය අතර දිල්රුවන් පෙරේරා ලකුණු 22 කට දැවි ගියේ ය. දුෂ්මන්ත චමීර ලකුණු 3 යි. කෙසේ වෙතත් ඊයේ දිනයේ තේ පානය වන විට අබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ ඇන්ජෙලෝ මැතිව්ස් අද දිනයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරණයට පැමිණියේ නැත. පන්දු යැවීමේදී නෙයිල් වොග්නර් කඩුලු 4 ක් දවා ගත් අතර ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3 ක් හා ටිම් සවුති සවුති කඩුලු 2 ක් දවා ගත්තේ ය. කාසියේ වාසයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයින් රැස් කළ ලකුණු 178 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට ලකුණු 104 ක් රැස් කළ අතර අනතුරුව නවසීලන්ත ක්‍රීඩකයින් සිය දෙවෙනි ඉනිම අත්හිටවූයේ කඩුලු 4 ක් දැවී ලකුණු 585 ක් රැස් කරගෙන සිටියදීයි. ඒ අනුව සත්කාරක නවසීලන්ත ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 423 කින් ජය ගැනීමට සමත් වූ අතර එම ජයග්‍රහණයත් සමගින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි තෙවන ස්ථානය දක්වා පෙරමුණට ඒමට ද ඔවුන් සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබු දෙවන ටෙස්ට් තරගාවලිය පරාජය මෙය වන අතර නවසීලන්ත ක්‍රීඩකයින් අඛණ්ඩව ජයගත් සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙය වෙයි.
2018-12-29T19:52:46.000Z
2018 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි: ජයග්‍රහණ රැසක් බස්නාහිර පළාතෙන්
උසස් පෙළ විභාගයේ ජයග්‍රහණ රැසක් බස්නාහිර පළාතෙන්
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරිණි. විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බි. පූජිත මහතා සඳහන් කළේ, www.doenets.lk වෙබ් අඩවියෙන් අපේක්ෂකයින්ට ප්‍රතිඵල ලබාගත හැකි බවයි. මෙවර උසස් පෙළ විභාගයේ ජෛව විද්‍යාව විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය දිනා ගෙන ඇත්තේ, ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ, කළණි සමුද්‍රා රාජපක්ෂයි. එම විෂය ධාරාවෙන් දෙවන ස්ථානය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රවිදු ශෂික ඉලන්ගම්ගේ විසින් දිනා ගෙන ඇති අතර තෙවන ස්ථානය හිමි ව ඇත්තේ, මාතලේ සහිරා විද්‍යාලයේ, මුහම්මද් රිස්මි මුහම්මද් හකීම් කරීම් සිසුවාටයි. භෞතික විද්‍යාව විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ චතුනි හංසනී වසන්තා විජේගුණවර්ධන සිසුවිය විසින් හිමි කර ගෙන තිබේ. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිදු සුරාන් ලියනගේ සිසුවා භෞතික විද්‍යාව විෂය ධාරාවේ දිවයිනේ දෙවන ස්ථානය හිමි කර ගෙන ඇත. එම විෂය ධාරාවේන් දිවයිනේ තෙවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ, කොළඹ රාජකීය විද්‍යාලයේ හෙට්ටිකාන්කානන්ගේ තෙවිදු ජනිත් විජේසේකර සිසුවායි. වාණිජ විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කසුන් ඉදුරංග වික්‍රමරත්න සිසුවාටයි. එම විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ, රණවීර ආරච්චිලාගේ උචිනි අයත්මා රණවීර සිසුවිය විසින් හිමි කර ගෙන ඇති අතර වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ තෙවන ස්ථානය හිමි කර ගෙන ගැනීමට සමත්ව ඇත්තේ, කොළඹ මියුසියස් විද්‍යලයේ වීරකෝන් මුදියන්සේලාගේ මලිති ජයරත්න සිසුවියයි. කලා විෂය ධාරාව යටතේ, දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තුයිඅප්පුආරච්චිගේ දොන සෙනාදී දම්යාද අල්විස් සිසුවිය සමත් විය. එහි දෙවන ස්ථානය කුරුණෑගල මලියදේව විද්‍යාලයේ, එදිරිසිංහමුදියන්සේලාගේ සිත්මි නිමාෂි සිසුවිය විසින් හිමි කර ගෙන ඇති අතර කලා විෂය ධාරාවෙන් දිවයිනේ තෙවන ස්ථානයට පත් ව ඇත්තේ, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ පිටිගල ආරච්චිගේ ඉෂානි උමේෂා කුමාරි සිසුවියයි. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ මහපතිරන්නැහෙලාගේ පමුදිත යසස් පතිරණ සිසුවා විසින් හිමි කර ගෙන තිබේ. එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ, සමරනායක තරිදු හේෂාන් සිසුවා සමත්ව ඇති අතර ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ තෙවැනි ස්ථානය, නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ, විජේකොන් මුදියන්සේලාගේ සෙෂාන් රංගන විජේකොන් සිසුවා විසින් හිමිකර ගත්තේ ය. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සදුනි පියුමාෂා කොඩිප්පිලි සිසුවිය සමත් ව ඇත. එම විෂය ධාරාව යටතේ දිවයිනේ දෙවන ස්ථානය සමන්තුරෙයි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ මොහොදින් බාවා රිෂා මොහොමඩ් සිසුවා විසින් හිමි කර ගත්තේ ය. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ තෙවන ස්ථානයට හිමි කර ගෙන ඇත්තේ, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අලංකාරගේ විසිදු දිලෙන්ක ලක්මාල් සිසුවායි. මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ශිෂ්‍යයින් 160, 907 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර උසස් පෙළ විභාගය සඳහා අයැදුම්කරුවන් 321,469 දෙනෙකු පෙනී සිටියහ. ඉන් ශිෂ්‍යයින් 119 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගත් බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ය. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම් කළ හැකි අවසන් දිනය ලබන මස 16 වැනි දා බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. පාසැල් අයැදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයැදුම්පත් විදුහල්පතිවරුගෙන් ලබාගත හැකියි. පෞද්ගලික අයැදුම්කරුවන් සඳහා නැවත සමීක්ෂණ අයැදුම්පත් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 1911 ක්ෂණික දුරකතන අංකය හෝ 0112 78 42 08 / 011 2 78 45 37 /011 31 88 350 හෝ 011 3 14 03 14 දුරකතන අංකවලින් ලබාගත හැකි.
2018-12-29T19:22:46.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ: 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබේ. 2. ආණ්ඩුවේ ආයු කාලය බොහෝම කෙටියි – මහින්ද රාජපක්ෂ: හුංගම පට්ටමලුව ශ්‍රී ධර්ම විජයාරාමයේ පැවති උත්සවයකින් අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වර්තමාන ආණ්ඩුවේ පවතින අර්බුද පිළිබඳව අදහස් පළ කළේ ය. 3. සුන්දර ඇල්ල ප්‍රදේශයට අත්ව ඇති ඛේදනීය ඉරණම: ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට එක් රැස්වන කසළ ඇල්ල ප්‍රදේශයට ගෙනැවිත් දැමීම හේතුවෙන් ඇල්ල දැඩි ලෙස අපවිත්‍රව ඇති අතර ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද පවතී. 4. රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් තරුණයෙකු මරුට: කොම්පඤ්ඤවීදිය, නවම් මාවත ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තව ත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් පුවත් 5. පිලිපීනයේ මැග්නිටියුඩ් ඒකක 6.9 ක භූ චලනයක්: පිලිපීනයේ, මින්දනාවෝ ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.9 ක ප්‍රබල භූ චලනයක් හටගෙන තිබේ.
2018-12-29T11:52:16.000Z
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බව ය.
2018-12-29T10:04:17.000Z
ආණ්ඩුවේ ආයු කාලය බොහෝම කෙටියි - මහින්ද රාජපක්ෂ
ආණ්ඩුවේ ආයු කාලය බොහෝම කෙටියි - මහින්ද රාජපක්ෂ
COLOMBO (News 1st) - හුංගම පට්ටමලුව ශ්‍රී ධර්ම විජයාරාමයේ පැවති උත්සවයකින් අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වර්තමාන ආණ්ඩුවේ පවතින අර්බුද පිළිබඳව අදහස් පළ කළේ ය. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක පේනව ද රන්ඩු වෙනවා, ඇමතිකම් බෙදා ගන්න බැරුව, රාජ්‍ය ඇමතිකම් බෙදා ගන්න බැරුව. ප්‍රශ්නය - දැන් රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමා කියනවා තව දවස් දෙකයි බලන්නේ කියලා මහින්ද රාජපක්ෂ දවස් දෙකද මාසේද? අපි බලමු දවස් දෙකෙන් පස්සේ. පතාලේ රජ කරමින් තියෙන යුගයක්. අද මිනිස්සු මරන්නේ බල්ලෝ මරණ තාලෙටනේ. ඒකට කිසිම උත්තරයක් ආණ්ඩුවට නෑ. ආණ්ඩුව මැතිවරණවලට ලැස්ති වෙනවා. මම හිතන්නේ සමහර විට ජනාධිපතිවරණයක් එන්න පුළුවන් අනිවාර්යයෙන් මේ වර්ෂය තුළ එන්න පුළුවන්. වේලාසනින් හෝ පස්සේ පළාත් සභා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය තියාගන්න ඕන. බල කරනවා පාර්ලිමේන්තු මැතිවරණයකට යං කියලා. පැරදෙයි කියලා හිතන අය මේකට විරුද්ධයි. ප්‍රශ්නය - ආණ්ඩුවේ ආයු කාලය පිළිබඳව මහින්ද රාජපක්ෂ ආයු කාලය බොහොම කෙටි කාලයයි. ඕක බොහොම පැහැදිලියි.
2018-12-29T09:53:22.000Z
සුන්දර ඇල්ල ප්‍රදේශයට අත්ව ඇති ඛේදනීය ඉරණම
සුන්දර ඇල්ල ප්‍රදේශයට අත්ව ඇති ඛේදනීය ඉරණම
COLOMBO (News 1st) - බදුල්ල, ඇල්ල කියූ පමණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ ඉතා ආකර්ෂණීය සුන්දර භූමි ප්‍රදේශයකි. ඉතා සුන්දර ඇල්ල ප්‍රදේශයේ අසුන්දර පැත්ත පිළිබඳවයි මේ සොයා බැලීම... ආරුක්කු නවයේ දුම්රිය පාළම, පුංචි ශ්‍රී පාදය, රාවණා ඇල්ල වැනි ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන රැසක් මෙහි පිහිටීම නිසාම ඇල්ල ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදීසයක් බවට පත්ව අවසන්. නමුත් අද වන විට මේ පුංචි පාරාදීසයට අත්ව ඇත්තේ ඛේදනීය ඉරණමකි. ඒ, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට එක් රැස්වන කසළ ඇල්ල ප්‍රදේශයට ගෙනැවිත් දැමීම හේතුවෙනි. මේ කසළ හේතුවෙන් ඇල්ල දැඩි ලෙස අපවිත්‍රව ඇති අතර ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද පවතී.
2018-12-29T11:28:00.000Z
නගර 2ක් මැද තනි වූ කැළේකුඹුක්වැව ගම්මුන්ගේ අලුත් බලාපොරොත්තුව...
කැළේකුඹුක්වැව ගම්මුන්ගේ අලුත් බලාපොරොත්තුව...
COLOMBO (News 1st) - දේශපාලන පොරොන්දුවලින් හෙම්බත්ව, පිපාසයට ජල බිඳක් සොයා වසර ගණනක් එකිනෙකාට යදිමින් සිටි තලාව, කැළේකුඹුක්වැව ජනතාවට අද අලුත් බලාපොරොත්තු ලබා දෙමින් ගම්මැද්ද කැළේකුඹුක්වැවට නෑගම් ගියේ ය. ඒ, සෙන්ට්‍රල් බෙයාරින්ග් සහ යන්ත්‍රෝපකරණ සමාගමේ පිරිසක් ද සමගිනි. අනුරාධපුර, තලාව, කැළේකුඹුක්වැව ගම්මානය කේන්ද්‍ර කර ගත් අවට ගම්මානවල වැසියන් දශක ගණනක් පුරා පානය කළ ජලයේ අවසන් ප්‍රතිඵලය වූයේ කැළේකුඹුක්වැවත් වකුගඩු රෝගීන් බහුල ගම්මාන ලැයිස්තුවට ඇතුළත් වීම පමණි. බලධාරීන් නෑසූ කන්ව බලා සිටියදී සරත් කුමාර විජේසිංහ මහතා ගම්මුන් වෙනුවෙන් ගම්මැද්ද ඇමතුවේ යම් සහනයක් බලාපොරොත්තුවෙනි. නාවික හමුදා නිලධාරියෙකු වූ සරත් කුමාර මහතා එතැනින් නොනැවතී ජල ව්‍යාපෘතිය සඳහා සිය පෞද්ගලික ඉඩමක් ද පරිත්‍යාග කරන්නට තරම් පරිත්‍යාගශීලි විය. ඒ අනූව ක්‍රියාත්මක වූ ගම්මැද්ද වැඩ දහසක් ක්‍රියාන්විතය අද කැළේකුඹුක්වැවට ජල පිරිපහදු යන්ත්‍රයක් ද සහිත පානීය ජල ව්‍යාපෘතියක් ලබා දීමට මුල පිරුවේ ය. ඒ, සෙන්ට්‍රල් බෙයාරින්ග් සහ යන්ත්‍රෝපකරණ සමාගමේ මූල්‍ය පරිත්‍යාගය ද සමගිනි. ගම්මුන්ගේ ජීවිතවලට අලුත් බලාපොරොත්තු ගෙනෙන ඒ සුබ මොහොතේ සතුට සමරන්නට එම සමාගමේ යොහාන් තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් හා කැපිටල් මහරාජා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ගම්මැද්ද නියෝජිතයෝ ද එක්වූහ.
2018-12-29T09:37:16.000Z
රුපියල කඩා වැටීම, එදා සහ අද
රුපියල කඩා වැටීම, එදා සහ අද
COLOMBO (News 1st) - යහපාලන ආණ්ඩුව යටතේ කලින් කලට මුදල් අමාත්‍ය ධුරය විවිධ පුද්ගලයින්ට හිමි වුණ ද දිනෙන් දින අවප්‍රමාණය වුණු රුපියලේ අගය පිළිබඳව කළ ගවේෂණාත්මක සටහනක් මේ... ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් අග්‍රාමාත්‍යවරයා යටතටත්, යළි මුදල් අමාත්‍යංශය යටතටත් වසර කිහිපයක් ඇතුළත පත් වූ අතර මුදල් අමාත්‍ය ධූරය ද ස්ථාවරව නොපැවතියේ ය. 2015 ජනවාරි මාසයේදී රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් වන විට අමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 134.03කි. වසර දෙකහමාරක කාලය තුළ ශ්‍රී ලංකා රුපියල 15.3% කින් හෙවත් රු. 20.50 කින් අවප්‍රමාණය වී අමෙරිකානු ඩොලරය රුපියල් 154.53 ක් බවට පත් වේ. කරුණානායක මහතාගෙන් පසුව 2017 වසරේ මැයි මාසයේදී මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් පත් වේ. දිගින් දිගටම සිදු වූ රුපියලේ අවප්‍රමාණය වීම හමුවේ 2018 ජුනි මාසය වන විට එක්සත් ජනපද ඩොලරය රුපියල් 160ක් දක්වා ඉහළ යයි. ඉකුත් සැප්තැම්බර් මස 20 වන විට ඩොලරය රුපියල් 170ක් දක්වා ඉහළ යන අතර 2018 නොවැම්බර් 23 වන විට එම අගය රුපියල් 180 ඉක්මවයි. ඒ අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ධූර කාලය තුළ ශ්‍රී ලංකා රුපියලේ අගය 19.11% හෙවත් ආසන්න වශයෙන් ඩොලරයට සාපේක්ෂව රුපියල් 30කින් අවප්‍රමාණය වී තිබේ.
2018-12-29T06:09:23.000Z
පිහි ඇනුමකින් කෙළවර වූ ප්‍රේම සබඳතාව...
පිහි ඇනුමකින් කෙළවර වූ ප්‍රේම සබඳතාව...
COLOMBO (News 1st) - ගාල්ල නගර මධ්‍යයේදී අද පෙරවරුවේ සිදු වූ පිහි ඇනුමකින් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, තරුණියක පැහැර ගෙන යාමට සූදානම් වූ අවස්ථාවේ ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ තරුණයෙකුට මෙලෙස පිහියකින් පහර දී ඇති බව ය. තරුණිය ගාල්ල නගරයේ වෙළෙඳ සලක සේවය කරනු ලබන අතර ඇය අද වෙළෙඳ සලට පැමිණි අවස්ථාවේ ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු ඇය පැහැරගෙන යාමට උත්සහ කර තිබේ. පැහැර ගැනීමට පැමිණි තරුණයා මීට පෙර අදාළ තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, ඇය එය නතර කිරීම හේතුවෙන් ඇය පැහැර ගැනීමට උත්සහ කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පිහි ඇනුම සිදු කළ තරුණයා සහ ත්‍රිරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසුවේ ය.
2018-12-29T04:23:48.000Z
අපරාධයකට යොදා ගත් වෑන් රථයක් පාදුක්ක පොලිස් අත්අඩංගුවට
අපරාධයකට යොදා ගත් වෑන් රථයක් පාදුක්කේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - පාදුක්ක, මාවතගම ප්‍රදේශයේදී අපරාධයකට යොදා ගත් බවට සැක කෙරෙන වෑන් රථයක් පොලීසිය භාරයට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එය මහනුවර, කටුගස්තොට ප්‍රදේශයෙන් සොරා ගන්නා ලද වෑන් රථයක් බව ය. වෑන් රථයේ තිබී ලේ පැල්ලම් කිහිපයක් සහ ලේන්සුවක් සොයා ගත් බව රුවන් ගුණසේකර මහතා පැවසුවේ ය. සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
2018-12-29T02:53:23.000Z
අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කෙරේ
අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්
COLOMBO (News 1st) - රථ වාහන වැරැද්දක් සම්බන්ධයෙන් දඬුවම් නොකර සිටීම සඳහා කොළඹ කොටුව පරණ පාර්ලිමේන්තු වට රවුම අසළදී අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, පොලිස් ජංගම රථයක රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුගේ හා කොස්තාපල්වරයෙකුගේ සේවය එලෙස අත්හිටවූ බවයි. පසුගිය 26 වැනි දා සිදු වූ මෙම අල්ලස් ගැනීම පිළිබඳ දර්ශන සමාජ මාධ්‍ය හා රූපවාහිනි නාලිකා කිහිපයක විකාශනයවීමෙන් අනතුරුව මේ පියවර ගත් බව ද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
2018-12-29T01:12:53.000Z
ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ලකුණු 429 ක් පිටුපසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ලකුණු 429 ක් පිටුපසින්
COLOMBO (News 1st) - තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද සිව්වන දිනටත් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වේ. ජයග්‍රහණය සඳහා ලකුණු 660 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 104 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 231 කි. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට ජයග්‍රහනය සඳහා ලකුණු 660 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 24 ක් රැස් කරගෙන සිටියේ ය. නායක දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ තුන්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 117 කි. කුසල් මෙන්ඩිස් අද සිය ටෙස්ට් දිවියේ 8 වන අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 67 ක්. මේ අතර කුසල් මෙන්ඩිස් 2018 වසරේ ටෙස්ට් ලකුණු 1000 සීමාව අද පසුකළ අතර 2018 වසරේ ටෙස්ට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියාවීමට ද ඔහු සමත්වීම විශේෂත්වයකි. තව ද අඩුම වයසකින් එක් වසරකදී ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකළ ක්‍රීඩකයා ලෙස ද කුසල් වාර්තා අතරට එක් විය. නායක දිනේෂ් චන්දිමාල් අද සිය ටෙස්ට් දිවියේ 17 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 56 ක් රැස් කළේ ය. ඇන්ජෙලෝ මැතිව්ස් අබාධයක් හේතුවෙන් පිටියයෙන් ඉවත් වූයේ, ලකුණූ 22 ක් රැස් කරගෙන සිටියදීයි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 19 ක් රැස් කළ අතර රොෂේන් සිල්වා ලකුණු 18 ක් රැස් කළේ ය. අද දිනය සඳහා තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳි සිටි දිල්රුවන් පෙරේරා ලකුණු 22 ක් රැස් කරගෙන සිටිය අතර සුරංග ලක්මාල් නොදැවී ලකුණු 16 ක් රැස් කරගෙන සිටියේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 660 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම තව ත් කඩුලු 4 ක් අතැතිව ලකුණු 429 ක් පිටුපසින් සිටි.
2018-12-29T00:16:03.000Z
උසස් පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියට පෙර
උසස් පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියට පෙර
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ප්‍රතිඵල WWW.DONETS.LK වෙබ් අඩවියෙන් ලබා ගැනීමට පහසුකම් සලසන බවයි. මෙවර අයැදුම්කරුවන් 321,469 දෙනෙකු මධ්‍යස්ථාන 2267 කදී විභාගයට පෙනි සිටියහ.
2018-12-28T23:52:06.000Z
'ගින්නෙන් උපන් සීතල' ළඟදීම...
'ගින්නෙන් උපන් සීතල' ළඟදීම...
COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ 'ගින්නෙන් උපන් සීතල' සිනමා පටයේ මාධ්‍ය දර්ශනය ඊයේ (28) රාත්‍රියේ පැවැත් විය. ඒ, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදීයි. අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයක් වන මෙම සිනමාපටය ලබන මස 18 වන දා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත වනු ඇති.
2018-12-28T23:39:08.000Z
පිලිපීනයේ මැග්නිටියුඩ් ඒකක 6.9 ක භූ චලනයක්
පිලිපීනයේ මැග්නිටියුඩ් ඒකක 6.9 ක භූ චලනයක්
පිලිපීනයේ, මින්දනාවෝ ආශ්‍රිතව ප්‍රබල භූ චලනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ මැග්නිටියුඩ් ඒකක 6.9 ක් ලෙසයි. භූ කම්පනයෙන් සිදු වූ දේපළ හෝ ජිවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත.
2018-12-28T21:31:24.000Z
හැටන් වතු නිවාස පෙළක ගින්නක්: නිවාස 24 කට හානි
හැටන් වතු නිවාස පෙළක ගින්නක්
COLOMBO (News 1st) - හැටන්, දික්ඔය පෝ ඩයිස් වත්තේ අක්කර 30 කොටසේ හටගත් ගින්නකින් වතු නිවාස 24 කට හානි සිදු ව තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදෑන 6.30 ට පමණ ගින්න හටගත් බවයි. ගින්න හේතුවෙන් පවුල් 24 කට අයත් පුද්ගලයින් 150 කට පමණ උන්හිටිතැන් අහිමි වී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය. හැටන් නගර සභාවේ ගිනි නිවන ඒකකය හා වතු ජනතාව එක් ව ගින්න පාලනය කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අණාවරණ වී නොමැත.
2018-12-28T21:17:02.000Z
අනවසර සංක්‍රමණ ගැටලු හේතුවෙන් මෙක්සිකෝ දේශසීමාව වසා දමන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්...!
මෙක්සිකෝ දේශසීමා වසා දමන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි
අමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාව වසා දමන බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. ඒ, මෙක්සිකෝවේ සිට අමෙරිකාවට අනවසර සංක්‍රමණිකයින් පැමිණීම වළක්වාලිම සඳහා ගත් ක්‍රියාමාර්ග අසාර්ථකවීම හේතුවෙනි. මෙක්සිකෝවේ සිට සංක්‍රමණිකයින් විශාල පිරිසක් වසරකට අනවසරයෙන් අමෙරිකාවට පැමිණීමට උත්සහ කරනු ඇත. එය වැළැක්වීම සඳහා මෙක්සිකෝ දේශසීමාවේ පවුරක් ඉදිකිරීමට යෝජනා වී ඇතැත්, ඒ සඳහා මෙතෙක් අරමුදල් සම්පාදනය වී නොමැතිවීම තුළ පවුර ඉදිකිරීම් අවසන් වී නොමැත. මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා කොංග්‍රස් මණ්ඩලය පසුගිය දා රැස්වී ඇතැත් එහිදී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
2018-12-28T21:00:16.000Z
රජරට සරසවියේ සිසුන් පිරිසක් පන්ති වර්ජනයක
රජරට සරසවියේ සිසුන් පිරිසක් පන්ති වර්ජනයක
COLOMBO (News 1st) - රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් හැර අනෙකුත් පීඨවල සිසුන් පන්ති වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, විශ්වවිද්‍යාලයේ සිසුන් 16 දෙනෙකුගේ පන්ති තහනම් කිරීම අත්හිටුවන ලෙස සහ තව ත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි. මීට එරෙහිව විරෝධතාවක නිරත වූ ඔවුන් පැවසූවේ, දින 317 ක කාලයක සිට අදාළ සිසුන්ගේ පන්ති තහනම් කර ඇති බවයි. පසුව විරෝධතාකරුවන් එම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල ද වැටලුහ.
2018-12-28T20:52:10.000Z
සංචාරක වීසා මගින් විදෙස් රැකියා සඳහා යන පිරිස ඉහළට - විදේශ සේවා නියුක්ති කාර්යාංශය
සංචාරක වීසා මගින් විදෙස් රැකියාවලට යන පිරිස ඉහළට
COLOMBO (News 1st) - සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යන පිරිස ඉහළ ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කීර්ති මුතුකුමාරණ මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතභාවය හා විදේශවලදී සිදුවන අනපේක්ෂිත සිදුවීම්වලදී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවයි. කටර්, ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවලට මෙන්ම ඇතැම් යුරෝපා රටවලට ද විවිධ තැරැව්කරුවන් මගින් ශ්‍රී ලාංකිකයින් විදේශ රැකියා සඳහා සංචාරක වීසා උපයෝගී කර ගනිමින් මෙරට පුද්ලයින් පිටත්ව යන බව ඔහු ප්‍රකාශ කළේ ය. කීර්ති මුතුකුමාරණ මහතා සඳහන් කළේ, සංචාරක වීසා මගින් පුද්ගලයින් විදේශ රැකියා සඳහා යොමු කරන ආයතන වැටලීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
2018-12-28T20:36:33.000Z
විෂයන් කිහිපයකට ගුරු පුරප්පාඩු 35000 ක් - අධ්‍යාපන අමාත්‍යංශය කියයි
ගුරු හිඟය මගහැරවීමට කඩිනම් වැඩපිළිවෙළක්
COLOMBO (News 1st) - විෂයන් කිහිපයක් සඳහා ගුරු පුරප්පාඩු 35000 ක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එහි අතිරේක ලේකම් එම්. එම්. රත්නායක මහතා සඳහන් කළේ, විද්‍යා හා ගණිත විෂයන්, ප්‍රාථමික හා තාක්ෂණවේදය විෂය ධාරාවන්ට අදාළ ගුරුවරුන් එලෙස පුරප්පාඩු වී ඇති බවයි. එහෙත් ඉංග්‍රීසි, සෞන්දර්ය ඇතුළු කලා විෂයන් කිහිපයක ගුරුවරුන් 65000 ක අතිරික්තයක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ගුරු අතිරික්තයක් තිබුණ ද ඇතැම් පාසල්වල තවමත් ගුරු පුරප්පාඩු පැවතීම දැඩි ගැටලුවක් වී තිබේ. අමාත්‍යංශය පෙන්වා දෙන්නේ මෙම අතිරික්ත ගුරුවරුන්, ගුරු හිඟය පවතින පාසල්වලට යොමු කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. ඒ අනුව ගුරු හිඟය පවතින පාසල්වල සේවය සඳහා යන ගුරුවරුන්ට විශේෂ දීමනාවක් ගෙවීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු ව තිබේ. මීට අමතරව ජාතික පාසල්වල අතිරික්ත ගුරුවරුන් පාළාත් සභා පාසල්වලට යොමු කිරීම සඳහා ගුරුවරුන් හුවමාරු කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කිරීමට නියමිත වේ. ගුරුවරුන් ස්ථාන මාරු කිරීමේදී අතිරික්ත ගුරුවරුන් සිටින පාසල්වලට මින් ඉදිරියට ගුරුවරුන් යොමු නොකිරීමට ද තීරණය කර ඇති බව අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ය.
2018-12-28T20:17:46.000Z
රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් තරුණයෙකු මරුට
විදුලි සෝපානයක් කඩා වැටීමෙන් තරුණයෙකු මරුට
COLOMBO (News 1st) - කොම්පඤ්ඤවීදිය, නවම් මාවත ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තව ත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද අලුයම මෙම අනතුර සිදු ව ඇති බවයි. මියගොස් ඇත්තේ 24 හැවිරිදි උතුරු තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාල ලැබූ දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
2018-12-28T20:06:44.000Z
අමාත්‍යංශ විෂය පථයන් ගැසට් කෙරේ: කිසිදු ආයතනයක් නොමැති අමාත්‍යංශත් ඒ අතර
අමාත්‍යංශ විෂය පථයන් ගැසට් කෙරේ
COLOMBO (News 1st) - කැබිනට් අමාත්‍යවරුන්ගේ සහ කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ විෂයන්, කාර්යයන් සහ ඔවුන් යටතේ ඇති රාජ්‍ය ආයතන ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කෙරිණි. නමුත් මෙම ගැසට් නිවේදනය සුපරික්ෂාකාරීව අධ්‍යයනය කරන විට පෙනී යන්නේ නැවතත් ජනතාව මුළා කර ඇති බවක් ද? මක්නිසාදයත් නම් කර ඇති ඇතැම් අමාත්‍යංශවලට කිසිදු රාජ්‍ය ආයතනයක් අයත් නොවී තිබීමයි. ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයට ආයතන 21ක් ඇතුළත් ය. පොලිස් දෙපාර්තමේන්තුව, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද ඒ අතර වේ. ජනාධිපතිවරයා අමාත්‍ය ධූරය දරණ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයට ආයතන 22ක් අයත් ය. අග‍්‍රාමාත්‍යවරයා යටතේ ඇති ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයට ආයතන 24ක් අයත් වේ. මෙම ගැසට් නිවේදනයට අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයට පවරා ඇති ආයතන සංඛ්‍යාව 48ක් වන අතර එය එක් අමාත්‍යංශයකට යොමු කර ඇති වැඩිම ආයතන සංඛ්‍යාවයි. ශ්‍රී ලංකා මහ බැංකුව සහ සියලු රාජ්‍ය බැංකු ද මෙවර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට නම් කර තිබේ. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අමාත්‍ය ධූරය දරණ රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යංශයට පවරා ඇති ආයතන සංඛ්‍යාව 04කි. එනම් ලංකා පිඟන් සංස්ථාව, සීමා සහිත කහගොල්ල ඉංජිනේරු සේවා සමාගම, සීමා සහිත බීසීසී සමාගම සහ රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාවයි. අමාත්‍ය ධූරය තුළ කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ලෙස කොටසක් තිබුණ ද ඊට අදාළ කිසිදු නිශ්චිත ආයතනයක් ගැසට් පත්‍රයේ නම් කර නොමැත. රවි කරුණානායක මහතා අමාත්‍ය ධූරය දරණ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයට පවරා ඇති ආයතන සංඛ්‍යාව 07කි. ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි පාලිත සමාගම්, ලංකා විදුලිබල සමාගම, ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ද ඒ අතර වේ. සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධූරය දරණ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට අයත් මුළු ආයතන ගණන 26කි. පෙර අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පැවති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත පවරා දී තිබේ. ජාතික චිත‍්‍රපට සංස්ථාව මෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ද ප්‍රේමදාස මහතාගේ විෂය පථයට අයත් ය. දක්ෂිණ සංවර්ධන විෂය යටතේ පැවති ගාලු උරුමය ද සජිත් ප්‍රේමදාස මහතා යටතට පත් කර තිබේ. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යංශයට පවරා ඇති ආයතන සංඛ්‍යාව 3කට සීමා වී තිබේ. ඒ, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අරමුදල සහ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයයි. වයඹ සංවර්ධනය නම් කොටසක් අමාත්‍ය ධූරය තුළ පැවතිය ද ඊට අදාළ කිසිදු නිශ්චිත ආයතනයක් අමාත්‍ය ධූරය දරණ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට හිමි වී නොමැත. කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය ධූරය දරණ චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට ද හිමිව ඇත්තේ, කාන්තා හා ළමා විෂයන්ට අදාළ ආයතන 5කි. වියළි කලාප සංවර්ධන සංවර්ධනයට නිශ්චිතව අදාළ වන කිසිදු ආයතනයක් ඒ අතර නොමැත. වරාය හා නාවික ක්ෂේත්‍රයට අදාළ ආයතන 4ක් පමණක් සාගල රත්නායක මහතා යටතේ පවතින වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ධූරය යටතට පත් කර තිබේ. දක්ෂිණ සංවර්ධනයට අදාළව නිශ්චිතව කිසිදු ආයතනයක් ඒ අතර නොමැත. මේ අතර කැබිනට් නොවන අමාත්‍ය ධූර ලෙස ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ විෂයට අදාළව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සහ ඊට අනුබද්ධ ආයතන මෙන්ම තවත් ආයතන 2ක් නම් කර තිබේ. ඉකුත් 26 වන දා නිකුත් කළ තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුව ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ධූරයෙන් හරින් ප්‍රනාන්දු මහතා ඉවත් වීමෙන් අනතුරුව එම විෂය අජිත් පී. පෙර්රා මහතා දරණ කැබිනට් නොවන අමාත්‍ය ධූරය යටතට පත් විය. මලික් සමරවික්‍රම මහතා යටතේ පැවති විද්‍යා හා තාක්ෂණ විෂය ද එලෙසම කැබිනට් නොවන අමාත්‍ය ධූරයක් යටතට ගැනුණු අතර ඊට අදාළ ආයතන 19ක් එම ධූරය දරණ සුජීව සේනසිංහ මහතා යටතට පත් කර තිබේ. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අමාත්‍ය ධූරය දරණ පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ධූරයට නම් කර ඇත්තේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පමණි. මේ අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රීලංකන් ගුවන් සමාගම පිළිබඳ කිසිදු සඳහනක් ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණු මෙම විශේෂ ගැසට් නිවේදන දෙකෙහි නොදැක්වේ.
2018-12-28T19:48:47.000Z
කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 9 ක ජල කප්පාදුවක්
කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 9 ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය සැපයෙන රැහැන් මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් අද පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කළුතර ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර හා දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පායාගල හා පිළිපනාවත්ත ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, බෙන්තොට හා දර්ගානගරය ප්‍රදේශවල ද එම කාලය තුළ ජල සැපයුම අත්හිටුන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.
2018-12-28T19:35:49.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. හරීන්ට හා මලික්ට ලබා දුන් අමාත්‍යාංශ දෙකක් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් කපා හැරේ: හරීන් ප්‍රනාන්දු හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ට ලබාදුන් අමාත්‍යාංශ දෙකක් ඉවත් කර තිබේ. මේ බව අනාවරණය වන්නේ, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදන මගිනි. 2. උතුරේ ආපදා තත්ත්වය පිළිබඳ සෙවීමට අගමැති කිලිනොච්චියට: උතුරු පළාතේ ඇතිවුණ ආපදා තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් විය. 3. අගමැති දළදා සමිඳුන් වැඳ පුදා ගනී: අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේ ය. 4. සුජීව සේනසිංහ සිය ධූරයේ වැඩ භාර ගනී: අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඊයේ සිය ධූරයේ වැඩ භාර ගත්තේ ය. 5. අමාත්‍ය ධූරයක් නොලැබීම නිසා මන්ත්‍රී රාධක්‍රිෂ්ණන් කනස්සල්ලෙන්: කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධක්‍රිෂ්ණන් මහතා නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය තනතුරක් නොලැබීම පිළිබඳව කනස්සල්ල පළකර තිබේ. 6. එජාප බලය හිමි හඟුරන්කෙත ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවන වරටත් පරදී: එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හඟුරන්කෙත ප්‍රාදේශිය සභාවේ 2019 වසර සඳහා වූ අයවැය දෙවන වරටත් පරාජය විය. විදෙස් පුවත් 7. මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනයෙන් පසු සෞදි රජයේ තනතුරු රැසක වෙනසක්: සෞදි රජු විසින් එරට රජයේ ප්‍රධාන පෙළේ තනතුරු රැසක් සඳහා නව ප්‍රධානීන් පත් කිරීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතන සිදුවීමෙන් පසුව මෙම වෙනස්කම් සිදු කර ඇති බව ය.
2018-12-28T11:06:20.000Z
උතුරේ ආපදා තත්ත්වය පිළිබඳ සෙවීමට අගමැති කිලිනොච්චියට
උතුරේ ආපදා තත්ත්වය ගැන සෙවීමට අගමැති කිලිනොච්චියට
COLOMBO (News 1st) - උතුරු පළාතේ ඇතිවුණ ආපදා තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් විය. මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය බලා ගිය අග්‍රමාත්‍යවරයාට මිනිත්තු කිහිපයක් මාර්ගයේ රැඳී සිටීමට සිදු විණි. ඒ, දුම්රියක් පැමිණිමත් සමග දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පිවිසෙන මාර්ගය වසා දැමීම හේතුවෙන් ය. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවට රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද එක් ව සිටියහ. මෙම සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රමාත්‍යරවයා සමග සාකච්ඡාවක නිරත විය. අනතුරුව කිලිනොච්චි ප්‍රථමික මහ විද්‍යාලයට ගිය අග්‍රමාත්‍යවරයා එහි අවතැන්ව සිටින ජනතාව හමුවී සහනාධාර ලබා දුන්නේ ය. එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් එක් ව සිටියේ නැත.
2018-12-28T08:07:50.000Z
අගමැති අද දළදා සමිඳුන් වැඳ පුදා ගනී
අගමැති අද දළදා සමිඳුන් වැඳ පුදා ගනී
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේ ය. මහනුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා මුලින්ම අස්ගිරි මහා විහාරයට ගොස් සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නා හිමියෝ බැහැදුටුහ. අනතුරුව ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අග්‍රාමාත්‍යවරයා දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේ ය. මේ අතර මල්වතු විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකෙරුණු වැලිවිට ශ්‍රී සංඝරාජ අනුස්මරණ දාන ශාලාව විවෘත කරමින් පැවැති දහවල් දානමය පුණ්‍ය කර්මයටද අග්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිස සහභාගි විය.
2018-12-28T07:55:09.000Z
සුජීව සේනසිංහ අද සිය ධූරයේ වැඩ භාර ගනී
සුජීව සේනසිංහ අද සිය ධූරයේ වැඩ භාර ගනී
COLOMBO (News 1st) - අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද සිය ධූරයේ වැඩ භාර ගත්තේ ය. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් වූ සුජීව සේනසිංහ අද එම සිය අමාත්‍යාංශයේදී වැඩ භාර ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද මේ අවස්ථාවට සහභාගි වූ අතර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට ඊට එක් විය.
2018-12-28T07:46:25.000Z
ඩොලරය තව ත් ඉහළට: ආර්ථික වර්ධන වේගයත් අපේක්ෂිත ඉලක්කවලට වඩා අඩුවෙන්
ඩොලරය තව ත් ඉහළට...
COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් වාර්තාගත ලෙස අවප්‍රමාණය වෙමින් තිබේ. අද අ‍මෙරිකානු ඩොලරයක අගය රුපියල් 184.00 ඉක්මවා ගියේ ය. අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද සඳහන් වූයේ, රුපියල් 184.07 ක් ලෙසයි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව මේ වසරේ දෙසැම්බර් 27 වැනි දා වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 15.9% කින් අවප්‍රමාණය විය. ආර්ථිකයේ විදේශීය අංශය, ගෝලීය සහ දේශීය අභියෝගවලට අඛණ්ඩව මුහුණ දෙමින් සිටින බව පවසන මහ බැංකුව පෙන්වා දෙන්නේ වසරේ මුල් මාස 10 තුළ අපනයන ආදායම්වලට වඩා ආනයන වියදම් වැඩිවී ඇති බවයි. විදේශ සේවා නියුක්තිකයින් එවන මුදල් ප්‍රමාණය ද මන්දගාමීවී ඇති අතර රජයේ සුරැකුම්පත් හා කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන විශාල ලෙස රටින් ඉවත්ව යෑම ද රුපියල අවප්‍රමාණයවීමට බලපා තිබේ. පසුගිය ජූලි මාසය අවසන් වනවිට ඩොලර් බිලියන 8.4 ක්ව පැවති ශ්‍රී ලංකාව සතු දළ නිල සංචිත ප්‍රමාණය ද මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 7 ක් දක්වා අඩුවී ඇත. 2018 වසරේ දෙවන කාර්තුවේ 3.6 % ක් වූ ආර්ථික වර්ධන වේගය තුන්වන කාර්තුවේදී 2.9% ක් දක්වා පහළ ගොස් ඇති බව ද මුදල් ප්‍රතිපත්ති විවරණයේ සඳහන් වේ. සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය තවදුරටත් පහළ යනු ඇති බව මහ බැංකුවේ අදහසයි. ප්‍රමාදයකින් තොරව පුළුල් ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ අවශ්‍යතාව මහ බැංකුව සිය ප්‍රතිපත්ති විවරණයේ අවධාරණය කර තිබේ. කෙසේවෙතත් මහ බැංකුව පවසන්නේ, සිය ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.
2018-12-28T07:34:24.000Z
අමාත්‍ය ධූරයක් නොලැබීම නිසා මන්ත්‍රී රාධක්‍රිෂ්ණන් කනස්සල්ලෙන්
මන්ත්‍රී රාධක්‍රිෂ්ණන් කනස්සල්ලෙන්...
COLOMBO (News 1st) - කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධක්‍රිෂ්ණන් මහතා නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය තනතුරක් නොලැබීම පිළිබඳව කනස්සල්ල පළකර තිබේ. රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා පැවසූවේ, අර්බුදය පැවති සමයේ තමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකළ බවයි. කැබිනට් ඇමති ධූරයක් හා නියෝජ්‍ය ඇමති ධූරයක් කඳුරට ජනතා පෙරමුණට ලබාදෙන බව වික්‍රමසිංහ මහතා එහිදී පොරොන්දු වූ බව ද ඔහු පවසුවේ ය. රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කළේ, ඒ අනුව අධ්‍යාපන රාජ්‍ය, හින්දු කටයුතු කැබිනට් නොවන සහ තව ත් නියෝජ්‍ය ඇමති ධූරයක් තම පක්ෂයට ලබාදෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බවයි. තම පක්ෂයට දුන් පොරොන්දුව ඉටු නොවුන ද දෙමළ ප්‍රගතිශීලි සන්ධානයට කැබිනට් ඇමති ධූර දෙකක් ලබාදී ඇතැයි මන්ත්‍රීවරයා පවසයි. රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා ද දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ නියෝජනය කරන අතර ඔහු සමග මනෝ ගනේෂන් සහ පී.දිගම්බරම් යන මන්ත්‍රීවරුන් මේ සන්ධානයට ඇතුළත් වේ. වී.රාධක්‍රිෂ්ණන් මහතා සිය නිවේදනයේ පෙන්වා දෙන්නේ, ජනතාවට සේවය කළ හැකි අමාත්‍යාංශයක් හැර වෙනත් තනතුරක් භාර නොගන්නා බවයි. කෙසේවෙතත් විපක්ෂයට නොයන බව ද රාධක්‍රිෂ්ණන් මහතා අවධාරණය කර සිටි.
2018-12-28T07:06:35.000Z
වැඩිපුර මුදල් අය කරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට දුරකතන අංකයක්..!
වැඩිපුර ගාස්තු ගන්නා බස් රථවලට වැඩ වරදින ලකුණු
COLOMBO (News 1st) - අඩු කළ ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය කරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් දුරකතන අංකයක් හඳුන්වාදී තිබේ. එහි සභාපති තුසිත කුලරත්න මහතා සඳහන් කළේ, එවැනි බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි 0112 860 860 යන දුරකතන අංකයට ඉදිරිපත් කළ හැකි බවයි. ඒ පිළිබඳව මේ වන විට පැමිණිලි ලැබෙමින් පවතින බව ද ඔහු සඳහන් කළේ ය. ඉන්ධන මිල අඩුවීමත් සමග බස් ගාස්තු 4% කින් පහළ දැමීමට රජය කටයුතු කළේ පසුගිය 26 වන දා සිටයි.
2018-12-28T06:23:27.000Z
හරීන්ට හා මලික්ට ලබා දුන් අමාත්‍යාංශ දෙකක් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් කපා හැරේ
හරීන්ගේ හා මලික්ගේ අමාත්‍යාංශ අඩු කරයි
COLOMBO (News 1st) - හරීන් ප්‍රනාන්දු හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ට ලබාදුන් අමාත්‍යාංශ දෙකක් ඉවත් කර තිබේ. මේ බව අනාවරණය වන්නේ, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදන මගිනි. පසුගිය 20 වැනි දා විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දුන්නේ ය. මලික් සමරවික්‍රම මහතා එදින දිවුරුම් දුන්නේ, සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙසයි. නමුත් දෙසැම්බර් මස 26 වැනි දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ, ඔවුන් දෙදෙනා දෙසැම්බර් 21 වන දා වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ බවයි. 26 වන දා නිකුත් කළ තව ත් අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුව අමාත්‍යාංශ දෙකක් ඉවත් කර ඔවුන් දෙදෙනාට අදාළ අමාත්‍ය තනතුරු නැවත ප්‍රකාශයට පත්කර ඇත. මේ අනුව හරීන් ප්‍රනාන්දු මහතාට අයත්ව තිබූ ඩිජිටල් යටිතල පහසුකම් විෂය ඔහුගෙන් ඉවත්කර ඇති අතර මලික් සමරවික්‍රම මහතාගෙන් ඉවත් කර ඇත්තේ, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ විෂයයි. මෙසේ ඉවත් කළ විෂයන්වල කැබිනට් නොවන අමාත්‍යවරුන් ලෙස අජිත්. පී. පෙරේරා සහ සූජීව සේනසිංහ යන මහත්වරුන් පත් කළ බව සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද දෙසැම්බර් 26 වන දා නිකුත් කර තිබේ.
2018-12-28T05:52:04.000Z
එජාප බලය හිමි හඟුරන්කෙත ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවන වරටත් පරදී
හඟුරන්කෙත ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවන වරටත් පරදී
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හඟුරන්කෙත ප්‍රාදේශිය සභාවේ 2019 වසර සඳහා වූ අයවැය දෙවන වරටත් අද පරාජය විය. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීම හේතුවෙනි. අප වාර්තාකරු පැවසුවේ, වැඩි ඡන්ද 22 කින් අයවැය පරාජයවී ඇති බවයි. හඟුරන්කෙත ප්‍රාදේශිය සභාවේ 2019 වසර සඳහා වූ අයවැය පළමුවර කියවීම ද පරාජය වූයේ වැඩි ඡන්ද 14 කිනි. එහිදී විපක්ෂව ඡන්ද 27 ක් ලැබුණු අතර ඡන්ද 13 ක් පක්ෂව ලැබිණි. එම අවස්ථාවේදී මන්ත්‍රීවරුන් තිදෙනෙක් අයවැය ඡන්ද විමසීමට සහභාගි වුයේ නැත.
2018-12-28T05:41:20.000Z
තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනා යළි රිමාන්ඩ්
නාවික හමුදා සාමාජිකයින් දෙදෙනා යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා ලබන මස 09 වැනි දා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකාර බුද්ධි අංශ සමාජිකයින් දෙදෙනා ලබන මස 09 වැනි දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට ද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ ය. නඩුවේ 11 වන සහ 12 වැනි සැකකරුවන් වන මෙම බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි.
2018-12-28T05:24:24.000Z
අලුත්කඩේ උසාවිය අසළදී ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අලුත්කඩේ උසාවිය අසළදී සැකකරුවෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - කෙසෙල්වත්ත අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසළදී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන උණ්ඩ 05 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු 48 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි. සිද්ධිය සම්බන්ධනේ කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
2018-12-28T03:00:54.000Z
බුන්දල - කිරින්ද මාර්ගයේ උරණිය ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් 15කට තුවාල
උරණිය ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් 15කට තුවාල
COLOMBO (News 1st) - හම්බන්තොට, බුන්දල - කිරින්ද මාර්ගයේ උරණිය ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව ය. අනතුරින් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, කළුතර ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් මෙම අනතුරට මුහුණපා ඇති බව ය.
2018-12-28T01:26:29.000Z
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප
COLOMBO (News 1st) - එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇප මත මුදා හැර තිබේ. ඒ, පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව ය. ඒ අනුව මන්ත්‍රීවරයාට ඇප ලබා දීමට පැල්මඩුල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. පුද්ගලයෙකුට පහර දීම සම්බන්ධයෙන් පසුගිය 20 වන දා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ ය.
2018-12-28T01:05:43.000Z
පාපතරයෙකුගේ ක්‍රියාවක් නිසා මුවෙකුට අත් වූ ඛේදනීය ඉරණම...
මුවෙකුට අත් වූ ඛේදනීය ඉරණම...
COLOMBO (News 1st) - කළුතර පඹේ ප්‍රදේශයේ සැරිසරන මුව රංචුවක එක් මුවෙක්ව ඊයේ කිසියම් පුද්ගලයෙකු විසින් මරා දමා තිබේ. කළුතර පඹේ ප්‍රදේශයේ කුඩා වන ලැහැබක් ආශ්‍රිතව සැරි සරූ මෙම මූවා ඊයේ කිසියම් අයෙකු විසින් මෙලෙස ගෙල කපා මරා තිබේ. මේ සම්බන්ධයෙන් පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2018-12-28T00:33:00.000Z
අගමැති දළදා සමිඳුන් වැඳ පුදා ගනී
අගමැති දළදා සමිඳුන් වැඳ පුදා ගනී
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් අද උදෑසන මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්හ. රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් පසු දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වූ අතර මහනුවර නගරයට එක්සත ජාතික පාක්ෂිකයෝ ද පැමිණ සිටියහ. මහනුවරට පැමිණ අග්‍රාමාත්‍යවරයා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. අනතුරුව දළදා මාළිගාවට පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරු ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ. අග්‍රාමාත්‍යවරයා සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දුටුවේ ඉන් අනතුරුව ය.
2018-12-27T22:19:07.000Z
වැල්ලවත්තේදී දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට
වැල්ලවත්තේදී දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට
COLOMBO (News 1st) - වැල්ලවත්ත, ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ වැල්ලවත්ත, නෙල්සන්පාර මුහුදු මාවත හන්දිය අසළ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව ය. වැල්ලවත්ත සිට දෙහිවල දෙසට ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ මිය ගොස් තිබේ. මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර වැල්ලවත්ත, වෙරළ ආරක්ෂක නාවික හමුදා කඳවුර අසළදී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක මිය ගොස් තිබේ. මරදාන සිට කළුතර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් ඇය මිය ගොස් ඇතැයි පොලීසිය පැවසුවේ ය. මිය ගොස් ඇත්තේ, 42 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.
2018-12-27T20:49:16.000Z
තංගල්ල, කුඩාවැල්ල ධීවර වරාය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක්
කුඩාවැල්ල ධීවර වරාය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක්
COLOMBO (News 1st) - තංගල්ල, කුඩාවැල්ල ධීවර වරාය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශයේ හඳුනා ගත් ස්ථාන ආශ්‍රිතව මාර්ග බාධක ද යොදවා ඇති බව ය. පුද්ගලයින් 4 දෙනෙකුට මරු කැඳවමින් කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීමෙන් පසු එම පියවර ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. සිද්ධියෙන් තවත් 8 දෙනෙක් තුවාල ලැබූහ. මේ අතර පසුගියදා සිදු වූ වෙඩි තැබීමට අදාළ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය. ඒ සඳහා යොදවා ඇති කණ්ඩායම් ගණන 11කි. එම සිදුවීම පිළිබඳ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සහ දුරකතන කුළුණු දත්ත මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මක ය. තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මාර්ගය සහ ඔවුන් යළි පළා ගිය මාර්ග පිළිබඳව අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මේ වන විට අනාවරණය වී ඇත්තේ, සැකකරුවන් පැමිණි යතුරු පැදියේ අංක තහඩු නොමැති බව ය. පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මිය ගිය පුද්ගලයින්ගේ දුරකතන සංවාද සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව ය. මුහුණු ආවරණය කර යතුරු පැදියකින් පැමිණි තුවක්කු කරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති අතර ටී 56 ගිනිඅවියක් සහ පිස්තෝලයක් වෙඩි තැබීම සඳහා උපයෝගී කර ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලීසිය ප්‍රකාශ කළේ, ධීවරයින් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇති බව ය.
2018-12-27T20:36:57.000Z
මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනයෙන් පසු සෞදි රජයේ තනතුරු රැසක වෙනසක්
ඛෂෝගි ඝාතනයෙන් පසු සෞදි රජයේ තනතුරු රැසක වෙනසක්
(News 1st) - සෞදි රජු විසින් එරට රජයේ ප්‍රධාන පෙළේ තනතුරු රැසක් සඳහා නව ප්‍රධානීන් පත් කිරීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතන සිදු වීමෙන් පසුව මෙම වෙනස්කම් සිදු කර ඇති බව ය. ඒ අනුව සෞදි රජයේ ජාතික ආරක්ෂක ප්‍රධානියා, අභ්‍යවකාශ ඒජන්සි ප්‍රධානියා සහ විදේශ අමාත්‍ය ධූරය ඇතුළු ප්‍රධාන පෙළේ තනතුරු රැසක් සඳහා නව පත් කිරීම් සිදු කිරීමට යොජිත ය. කෙසේ වෙතත් සෞදියේ ආර්ථික පසුබෑමට වගකිව යුතු බවට චෝදනා එල්ල වන එරට මුදල් සහ ආරක්ෂක අමාත්‍ය ධූර වෙනසකට භාජනය නොකිරීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනයට සෘජු ලෙසම වගකිව යුතු බවට චෝදනා එල්ල වන සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ හිතවතුන් මෙම තනතුරු සඳහා පත් කිරීම විශේෂත්වයකි.
2018-12-27T20:27:17.000Z
දෙහිවලදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බංග්ලාදේශ තරුණිය ජාවාරම මෙහෙය වූ ආකාරය හෙළි කරයි
බංග්ලාදේශ තරුණිය හෙරොයින් ජාවාරම ගැන හෙළි කරයි
COLOMBO (News 1st) - හෙරොයින් කිලෝග්‍රෑම් 32ක් සමග දෙහිවලදී අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතික තරුණිය තවත් බංග්ලාදේශ ජාතික කාන්තාවන් දෙදෙනෙකු සමග මෙම ජාවාරම මෙහෙයවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකාර තරුණියගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සහ ඇයගේ දුරකතන සංවාද ඔස්සේ කළ විමර්ශනවලදී ඒ බව අනාවරණය වූ බව ය. පොලීසිය පැවසුවේ, සැකකාර 26 සහ 29 හැවිරිදි එම කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට බංග්ලාදේශ රජය සමග කටයුතු කරන බව ය. පසුගියදා බංග්ලාදේශ තරුණිය හෙරොයින් සමග අත්අඩංගුවට ගැනුණු අතර ඇගේ සහයකයින් දෙදෙනා ඊට දින දෙකකට පෙර මෙරටින් පළා ගොස් ති‍බේ. සැකකාර කාන්තාවන් විසින් වසර ගණනාවක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට ක්‍රියාත්මක කර ඇතැයි ද පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය සඳහන් කළේ, ඔවුන් සංචාරක වීසා මත මෙරට රැඳී සිට ඇති බව ය. රුපියල් මිලියන 388ක් වටිනා හෙරොයින් තොගයක් සමග සැකකාර බංගලාදේශ තරුණිය පසුගියදා අත්අඩංගුවට ගැනිණි. ඇය දින 7ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන් අතර, මේ වන විට ඇය රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලද තොරතුරක් මත දෙහිවලදී කළ වැටලීමකදී ඇය අත්අඩංගුවට පත් විය. එම අවස්ථාවේ සැකකාර 23 හැවිරිදි තරුණිය සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑමයක් සොයා ගැනිණි. අනතුරුව ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී රත්මලාන, දෙල්ගහවත්ත ප්‍රදේශයේ ඇය රැඳී සිටින කුලී නිවස පරීක්ෂාවට ලක් කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 31යි ග්‍රෑම් 329ක් හමුවිණි. අදාළ හෙරොයින් තොගය අසුරා ඇත්තේ කේක් ඇසුරුම්වල ය. සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, පසුගිය සමයේ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙත මෙම සැකකාර තරුණිය විසින් මත්ද්‍රව්‍ය ලබා දී ඇති බව ය. පසුගිය 15 වන දා නුගේගොඩ පාගොඩ පාරේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට ද, මෙම සැකකාරිය විසින් මත්ද්‍රව්‍ය ලබා දී ඇතැයි හෙළි විය.
2018-12-27T20:07:22.000Z
අල්ලස් ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් 40 දෙනෙකු අත්අඩංගුවට
අල්ලස් සිද්ධි සම්බන්ධයෙන් 40 දෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - වසරේ මේ දක්වා කාලය තුළ අල්ලස් ගැනීමේ සිදුවීම් සම්බන්ධ වැටලීම් 35කදී සැකකරුවන් 40 දෙනෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. එහි විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේ, ඉන් 36 දෙනෙකු රාජ්‍ය නිලධාරීන් වන බව ය. රුපියල් කෝටි 2ක අල්ලසක් ලබා ගැනීම මේ වසරේ වාර්තා වූ ඉහළ ම අල්ලස් ලබා ගැනීම ලෙස වාර්තා වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2018-12-27T20:01:02.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. ඊයේ දිනයට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල් දමා තිබේ. 2. යාන් ඔයේ වාන් දොරටු අද උදෑසන විවෘත කරන බැවින් ඒ පිළිබඳව අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වාරි කලාපවල ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. 3. මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. 4. ජා-ඇළ දකුණු නිවන්දගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කර තිබේ. 5. ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය අසළදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 6. ඉන්දුනීසියාවේ අනාක් ක්‍රැකටෝ ගිනි කන්ද යළි විධාරණය වීමේ අවදානමක් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නවසීලන්තය රැස් කළ ලකුණු 178ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලකුණු 104කට දැවී ගියේ ය.
2018-12-27T19:43:37.000Z
උසස් පෙළ ප්‍රතිඵල 30 වන දාට පෙර
උසස් පෙළ ප්‍රතිඵල 30 වන දාට පෙර
COLOMBO (News 1st) - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 30 වන දාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා මේ බව සඳහන් කළේ ය. මෙවර උසස් පෙළ විභාගයට අයැදුම්කරුවන් 321,469 දෙනෙක් මධ්‍යස්ථාන 2267කදී විභාගයට පෙනී සිටියහ.
2018-12-27T10:03:06.000Z
අනුරාධපුර, ත්‍රිකුණාමලය වාරි කලාපවල ජනතාවට දැනුම්දීමක්
අනුරපුර,ත්‍රිකුණාමලය වාරිකලාපවල ජනතාවට දැනුම්දීමක්
COLOMBO (News 1st) : යාන් ඔයේ වාන් දොරටු හෙට උදෑසන විවෘත කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වාරි කලාපවල ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි.
2018-12-27T09:55:40.000Z
මත්ද්‍රව්‍ය වැටලීම් ශක්තිමත් කරන්නැයි, ජනපතිගෙන් උපදෙස්
මත්ද්‍රව්‍ය වැටලීම් ශක්තිමත් කරන්නැයි, උපදෙස්
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා සඳහන් කළේ, ඒ සඳහා නීතිය කාර්යක්ෂමව සහ දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලතල අදාළ ආයතන සහ නිලධාරීන්ට පවරාදීමට නීති කෙටුම්පත් සම්පාදනය මේ වනවිට කඩිනමින් සිදුවෙමින් පවතින බවයි. පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අංශය යටතට පවරා ගැනීමෙන් පසු, ගත වූ මාස දෙකකට ආසන්න කාලය තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ශක්තිමක් කර තිබෙන අතර එහි සුවිශේෂී ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ගත වූ මාස දෙකකට ආසන්න කාලය තුළ හෙරොයින් කිලෝග්‍රැම් 280 ක් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 15, 530කි. ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි 2018 ජනවාරි 1 වනදා සිට ඔක්තෝම්බර් 31 දක්වා කාලය තුළ සොයාගෙන ඇත්තේ හෙරොයින් කිලෝග්‍රෑම් 184 ක පමණ ප්‍රමාණයකි. මත්ද්‍රව්‍ය උවදුරෙන් මතු පරපුර නිදහස් කර ගැනීම උදෙසා මත්ද්‍රව්‍ය නිවාණය සහ මර්දනය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් මේ වනවිට පුළුල් වැඩ සටහන් රැසක් දීපව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ.
2018-12-27T06:47:04.000Z
පළාත් රැසකට අද රාත්‍රීයේ ත් තද වැසි
පළාත් රැසකට අද රාත්‍රීයේ ත් තද වැසි
COLOMBO (News 1st) : මධ්‍යම, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වලට අද පස්වරු 4 සිට රාත්‍රි 10 දක්වා කාලය තුළ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පවසන්නේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 තද වැසි ඇතිවිය හැකි බවයි. එම වැසි සමග පැයට කිලෝමිටර් 70-80 අතර තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අකුණු සහ ගිඟුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි. මේ අතර උතුරු පළාතට බලපෑ වැසි තත්ත්වයත් සමග ඇති වූ ජල ගැලීම්වලින් පුද්ගලයින් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් ආරක්ෂිත ස්ථානවල සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
2018-12-27T05:44:35.000Z
ක්‍රැකටෝ ගිනිකන්ද යළි විදාරණය වීමේ අවදානමක්
ක්‍රැකටෝ ගිනිකන්ද යළි විදාරණය වීමේ අවදානමක්
COLOMBO (News 1st) : ඉන්දුනීසියාවේ අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද යළි විදාරණය වීමේ අවදානමක් ඇති බවට එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ගිනිකන්දේ ක්‍රියාකාරීත්වය ඉහළ යමින් පවතින බව ත් ඒ හේතුවෙන් ගිනිකන්ද යළි විදාරණය වීමේ අවදානම් මට්ටම තෙවන ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා ඉහළ ගොස් ඇති බව ද ඉන්දුනීසියා ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසී ය. පසුගිය දා ගිනිකන්ද විදාරණය වීමත් පසු හටගත් සුනාමි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් සිය ගණනකට ජීවිත අහිමි වූහ. මේ අතර අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද ආසන්නයෙන් පියසර කරන සියලු ගුවන් යානා වෙනත් ගුවන් මාර්ග කරා යොමුකිරීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගනු ලැබී ය. ඒ , ජාවා සහ සුමාත්‍රා දූපත් අතර පිහිටි අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද ඉහළ අහසට අළු විදිමින් විදාරණය වෙමින් පැවතීම හේතුවෙනි. ගිනිකන්දෙන් විසිවන අළු , ගුවන් යානා පියාසර කරවීමට බාධා කරන හෙයින් මෙම පියවර ගත් බව ද ඉන්දුනීසියා බලධාරීහු පැවසූහ. පසුගිය සෙනසුරාදා ගිනිකඳු විදාරණයෙන් පසු හටගත් සුනාමියෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 450 කට ආසන්නයි.
2018-12-27T01:43:32.000Z
උ/පෙළ ප්‍රතිඵල වසර අවසානයට පෙර
උ/පෙළ ප්‍රතිඵල වසර අවසානයට පෙර
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසර අවසන්වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛන සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි. අයැදුම්කරුවන් 321,469 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටියහ. ඒ, විභාග මධ්‍යස්ථාන 2267 කදීයි.
2018-12-27T01:06:45.000Z
ජාඇලදී තියුණු ආයුධයකින් පහරදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කෙරේ
ජාඇලදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කෙරේ
COLOMBO (News 1st) - ජාඇල දකුණු නිවන්දගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, ඔහු සහ තව ත් පුද්ගලයෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රි නිවසට පැමිණි සැකකරු මෙම ඝාතනය සිදු කර ඇති බවයි. ඝාතනයට ලක් ව ඇත්තේ 49 හැවිරිදි ජාඇල දකුණු නිවන්දම ප්‍රදේශයේ පදිංචි නාරාහේන්පිට පොලිස් රෝහලට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි. සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
2018-12-27T00:53:11.000Z
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීම: සැකකාරියක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය අසළදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තව ත් තිදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඝාතනය සඳහා පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ අනියම් බිරිය ඊයේ පස්වරුවේ පමුණුගම නුගපේ ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී එලෙස අත්අඩංගුවට ගත් බවයි. පොලිස් නිලධාරීන් ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඝාතනය සිදු කරන අවස්ථාවේදී සැකකරු ඇඳ සිටි කමිසය හා ඔහුගේ ජංගම දුරකතනය පුළුස්සමින් සිට ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ඊයේ පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමෙන් මිය ගියේ, 32 හැවිරිදි දිනේෂ් එරංග නැමති කොළඹ 12 හේනමුල්ල නිවාස සංකීර්ණය ලිපිනයේ පදිංචිකරුවෙකි. තුවාල ලැබුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනු ඇත.
2018-12-27T00:35:49.000Z
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල් යයි
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල් යයි
COLOMBO (News 1st) - අදට නියමිතව තිබු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල් තබා තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන පිළිබඳව සාකච්ජා කිරීම සඳහා අද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැඳවා තිබුණි. ඒ පසුගිය 21 වැනි දා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව ගත් තීරණයක් මතයි. අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් රුවන් විජේවර්ධන කමිටු වාර්තාව පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට එහිදී යෝජනා කර තිබුණි. මේ අනුව අද පස්වරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට සැලසුම් කර තිබුන ද එය පසුදිනක පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ජේ. සි. අලවතුවල මහතා අප කළ විමසීමකදී පැවසුවේ ය.
2018-12-26T22:28:06.000Z
නවසීලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාව ලකුණු 104 කට සීමා වෙයි
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 104 කට සීමා වෙයි
ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවැනි දිනටත් ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වේ. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය පන්දුවාර 57 ක් අවසානයේදී කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 152 කි. ජීත් රවාල් සහ ටොම් ලැතම් නවසීලන්ත පළමු කඩුල්ලට ලකුණු 121ක සබඳතාවක් අද ගොඩනැගුවේ ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය රැස් කළ ලකුණු 178 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 104 කට දැවී ගියේ ය.
2018-12-26T21:59:32.000Z
අමෙරිකානු ජනපති හා ආර්යාව දැනුම්දීමකින් තොරව ඉරාකයේ සිටින අමෙරිකානු සෙබළුන් හමුවෙයි
ට්‍රම්ප් ඉරාකයේ සිටින අමෙරිකානු සෙබළුන් හමුවෙයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප්, දැනුම්දීමකින් තොරව ඉරාකයේ සිටින අමෙරිකානු සෙබළුන් හමුවීමට ගොස් තිබේ. මෙය අමෙරිකානු ජනාධිපතිවරයා ඉරාකයේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව වන අතර ඔහු එහි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරේ පැය 3 ක කාලයක් සිටි බව සඳහන් වේ. නත්තල් දින රාත්‍රියේ අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මෙම සංචාරයේ නිරත වූයේ IS ත්‍රස්තවාදීන් පරාජය කිරීමට ඉරාකයේ සිටින අමෙරිකානු සෙබළුන් කළ සේවයට ඔවුන්ගේ සාර්ථකත්වය සහ කැප කිරීම්වලට ස්තූති කිරීමේ අරමුණින් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2018-12-26T20:20:11.000Z
කුඩාවැල්ලේ වෙඩි තැබීම පිළිබඳ පොලීසියට තොරතුරක්
කුඩාවැල්ලේ වෙඩි තැබීම පිළිබඳ පොලීසියට තොරතුරක්
COLOMBO (News 1st) - තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මාර්ගය සහ ඔවුන් යළි පළාගිය මාර්ග පිළිබඳ අනාවරණ වී ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් CCTV කැමරා දර්ශන ඔස්සේ කළ විමර්ශනවලදී ඒ බව තහවුරු කර ගැනීමට හැකි වූ බවයි. සැකකරුවන් පැමිණි යතුරුපැදියේ අංක තහඩු නොමැති බවට ද අනාවරණ වී තිබේ. මේ අතර මෙම වෙඩි තැබීම සඳහා තව ත් වාහනයක් උපයෝගී කරගෙන ඇතැයි ද පොලිසිය සැකපළ කරනු ඇත. පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මියගිය පුද්ගලයින්ගේ දුරකතන සංවාද සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව දුරකතන සමාගම් 4 ක් මගින් එම දත්ත ලබා ගැනීමට නියමිත අතර දුරකතන කුළුණු වාර්තා මගින් ද ඉදිරි විමර්ශන සිදු කරන බව එම ප්‍රකාශකයා සඳහන් කළේ ය. තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 50 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පෙරේදා පෙරවරුවේ තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 8 කි. මුහුණු ආවරණය කර යතුරු පැදියකින් පැමිණි තුවක්කරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති අතර ටී 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් වෙඩි තැබීම සඳහා උපයෝගී කර ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලීසිය ප්‍රකාශ කළේ, ධීවරයින් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇති බවයි. මේ අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබුවන් 7 දෙනෙකු තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබති. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එක් අයෙකුට ශල්‍යකර්මයක් සිදු කළ අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. තව ත් 6 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඔහු සඳහන් කළේ ය.
2018-12-26T20:06:57.000Z
පොලීසියට විරුද්ධව දෛනිකව පැමිණිලි 50 ක්
පොලීසියට විරුද්ධව දෛනිකව පැමිණිලි 50 ක්
COLOMBO (News 1st) - පොලිස් නිලධාරීන්ට සහ පොලීසියට විරුද්ධව දෛනිකව පැමිණිලි 50 කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බව ජාතික පොලිස් කොමිසම පවසයි. එහි සභාපති ජී. එච්. මනතුංග මහතා සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ එවැනි පැමිණිලි 600 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි. ජාතික පොලිස් කොමිසමේ සභාපති ජි. එච්. මනතුංග මහතා පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති තිබේ. මේ අතර ජාතික පොලිස් කොමිසමේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමකින් තොරව, මහජනතාවට පළාත් මට්ටමින් පැමිණිලි ඉදිරිපත් කළ හැකි නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව ද ජාතික පොලිස් කොමිසම ප්‍රකාශ කළේ ය. එහි සභාපති ජී. එච්. මනතුංග මහතා පැවසුවේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආධාර යටතේ එම නව ක්‍රමවේදය හඳුන්වාදෙන බවයි. පළාත් මට්ටමින් ලැබෙන පැමිණිලි විමර්ශනට පළාත් කණ්ඩායම් යොමු කෙරෙනු ඇති. සභාපතිවරයා ප්‍රකාශ කළේ, පැමිණිල්ලේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සහ එහි ප්‍රගතිය පිළිබඳ පැමිණිලිකරුට ඕනෑම අවස්ථාවක දැනගැනීමට ද එමගින් අවස්ථාව හිමිවන බවය. මෙම නව වැඩපිළිවෙළ ලබන වසරේ පළමු මාස දෙක ඇතුළත ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසූවේ ය.
2018-12-26T19:51:34.000Z
පාර්ලිමේන්තුවේ ඇති වූ කළහාකාරී සිදුවීම විමර්ශනයට පත් කළ කමිටුව අද යළි රැස්වෙයි
කළහකාරී සිදුවීම් විමර්ශනයට පත් කළ කමිටුව අද රැස්වේ
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ ඇති වූ කළහාකාරී සිදුවීම් පිළිබඳ විමර්ශනයට පත් කළ කමිටුව අද යළි රැස්වෙයි. එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, පෞද්ගලික මාධ්‍ය ආයතන මගින් ලබා ගත් දර්ශන පිළිබඳ අධ්‍යනයට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පත් කර ඇති බවයි. අද එම කමිටුව හමුවට මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද කැඳවා ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.
2018-12-26T19:36:03.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ප්‍රචණ්ඩ රළ ජීවිත දහස් ගණනක් බිළි ගෙන වසර 14 යි: ජාතික ආරක්ෂිත දිනය ඊයේ දිනයට යෙදී තිබේ. මෙම දිනය සැමරෙන්නේ, 2004 වසරේ දෙසැම්බර් මස ඊයේ වැනි දිනක සිදු වූ සුනාමි ව්‍යසනය සිහිපත් කරමිනි. 2 . බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කුහවර්ධන් CID අත්අඩංගුවට: බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස්. කුහවර්ධන් මහතා රුපියල් ලක්ෂ 700කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 3 . මත්තලට ගොඩ බැස්ස වූ යානයක ගින්න නිවා දැමේ: මත්තල ගුවන්තොටුපළින් ඕමානය බලා පිටත්වීමට සුදානම් වූ ගුවන් යානයක ගින්නක් හටගෙන ගෙන තිබේ. 4 . කුඩාවැල්ලේ වෙඩි තැබීම : 40කගෙන් ප්‍රකාශ ලබා ගනී: තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 40 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 5. හේනමුල්ල නිවාස සංකීර්ණය අසළ වෙඩි තැබීමකින් අයෙක් මරුට, 4 දෙනෙක් රෝහලේ: ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය අසළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇත. විදෙස් පුවත් 6. ඉන්දුනීසියාව නව සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඉදිකිරීමට සැරසෙයි: ලබන වසරේ නව සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඉදිකිරීමට ඉන්දුනීසියාව සූදානම් වෙයි.
2018-12-26T10:29:38.000Z
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කුහවර්ධන් CID අත්අඩංගුවට
බස්නාහිර පළාත් මන්ත්‍රී කුහවර්ධන් CID අත්අඩංගුවට
COLOMBO (News 1st) : බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස්. කුහවර්ධන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රුපියල් ලක්ෂ 700කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
2018-12-26T07:21:45.000Z
මත්තලට ගොඩ බැස්සවූ යානයක ගින්න නිවාදැමේ
මත්තලට ගොඩ බැස්සවූ යානයක ගින්න නිවාදැමේ
COLOMBO (News 1st) : මත්තල ගුවන්තොටුපළින් අද උදෑසන ඕමානය බලා පිටත්වීමට සුදානම් වූ ගුවන් යානයක ගින්නක් හටගෙන ගෙන තිබේ. මත්තල ගුවන් තොටුපළේ නිලධාරියකු සඳහන් කළේ, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන එහි ගුවන් නියමුවන් දෙදෙනකු ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන් 7 දෙනෙකු සිටි බවයි. තායිලන්තයේ බැංකොක් සිට ඕමානයේ සලාම් ගුවන් තොටුපොළ වෙත යන අතර ඉන්ධන ලබා ගැනීම සඳහා මත්තල ගුවන් තොටුපළට ගොඩ බස්වා යළි පිටත්යාමට සුදානම් වූ අවස්ථාවේ එහි ඇන්ජිමක මෙම ගින්න හටගෙන තිබේ. පසුව මත්තල ගුවන් තොටුපළේ ගිනි නිවීම් ඒකකය ගින්න නිවා දැමු බව එම නිලධාරියා සඳහන් කළේ ය. යානය මේ වනවිට අලුත්වැඩියාව සඳහා යොමු කර ඇති අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ පරික්ෂණයකින් අනතුරුව එය ගුවන්ගත කිරීමට නියමිතයි.
2018-12-26T06:42:19.000Z
කුඩාවැල්ලේ වෙඩි තැබීම : 40කගෙන් ප්‍රකාශ ලබාගනී
කුඩාවැල්ලේ වෙඩි තැබීම : 40කගෙන් ප්‍රකාශ ලබාගනී
COLOMBO (news 1st) : තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 40 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදුකළ බවයි. ඊයේ පෙරවරුවේ තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 8 දෙනෙකි. මුහුණු ආවරණය කර යතුරු පැදියකින් පැමිණි තුවක්කරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති අතර ටී - 56 ගිනි අවියක් සහ පිස්තෝලයක් වෙඩි තැබීම සඳහා උපයෝගී කරගන්නට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ධීවරයින් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සැක පළ කෙරෙයි. මේ අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් 7 දෙනෙක් තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබති. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එක් අයෙකුට ශල්‍යකර්මයක් සිදුකළ අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. 6 දෙනෙකු අවශ්‍ය නේවාසිකව ප්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කළේ ය.
2018-12-26T06:23:46.000Z
පළාත් රැසකට අද ත් ගිඟුරුම් සහිත වැසි
පළාත් රැසකට අද ත් ගිඟුරුම් සහිත වැසි
COLOMBO (News 1st) : මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ බස්නාහිර සහ වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස 2න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අද පස්වරුවේ මහනුවර නගරයට අධික වැසි ඇදහැළුණි. අප වාර්තාකරු පැවසුවේ, මහනුවර නගරයට අද පස්වරු 3ට පමණ අධික වැසි ඇදහැළුණු බවයි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු-මැද පළාතේත් ත්‍රීකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රිකවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. විශේෂයෙන් මධ්‍යම සබරගමුව ඌව සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි සහ බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
2018-12-26T00:45:37.000Z
තංගල්ල, කුඩාවැල්ලේදී අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි
COLOMBO (News 1st) - තංගල්ල, කුඩාවැල්ල මංසන්ධිය අසළදී අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට අද අලුයම පොලීසිය වෙඩි තබා තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, වෑන් රථය නැවැත්වීම සඳහා සංඥා කර තිබියදී මාර්ග බාධකයේ සිටි නිලධාරීන් අනතුරට පත් කොට වෑන් රථය පළා යාමට උත්සහ කර ඇති බව ය. එහිදී පොලිස් නිලධාරියෙකු වෑන් රථයට වෙඩි තබා තිබේ. කෙසේ නමුත් එය නොනවත්වා ධාවනය කර පළා ගිය බව පොලීසිය සඳහන් කළේ ය. වෑන් රථයේ හිමිකරු සොයා තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
2018-12-25T22:30:46.000Z
දක්ෂිණ අධිවේගයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මරුට
දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් කාන්තාවක මරුට
COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ 33.6 එල් ස්ථානයේදී අද අලුයම සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මිය ගොස් තවත් 4 දෙනෙකු බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සිදුව ඇත්තේ, මාතර දෙසට ධාවනය වූ වෑන් රථයක් දොඩංගොඩ 33.6 එල් ස්ථානයේදී අසළ තිබූ කණුවක ගැටීමෙනි. එකම පවුලේ මව, පියා සහ දරුවන් 3 දෙනෙකු අනතුරට මුහුණ පා තිබේ. අනතුරින් මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි මවයි. අනතුරින් තුවාල ලැබූ 14 හැවිරිදි දැරියක වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසුවේ ය. රියැදුරුට නින්ද යාම අනතුරට හේතු වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
2018-12-25T22:17:55.000Z
හේනමුල්ල නිවාස සංකීර්ණය අසළ වෙඩි තැබීමකින් අයෙක් මරුට: 4 දෙනෙක් රෝහලේ
ග්‍රෑන්ඩ්පාස්හි වෙඩි තැබීමකින් අයෙක් මරුට
COLOMBO (News 1st) - ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය අසළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ මෙහෙය වීමෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ය. තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව ය.
2018-12-25T21:54:54.000Z
මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් නවසීලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නවසීලන්ත ජාතිකයෙකු ගාල්ල, වලහංදුව ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ගල්ල අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව සැකකරු පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ය. එහිදී සැකකරුගේ නිවසේ තිබූ ගංජා පැළ කිහිපයක් සහ උපකරණ කිහිපයක් පොලීසිය භාරයට ගෙන තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අක්මීමන පොලීසියට භාර දී ඇති අතර ඔහු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2018-12-25T20:48:17.000Z
ඉන්දුනීසියාව නව සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඉදිකිරීමට සැරසෙයි
සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඉදිකිරීමට සැරසෙයි
(News 1st) - නව සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඉදිකිරීමට ඉන්දුනීසියාව සූදානම් වෙයි. ලබන වසරේ හඳුන්වා දීමට නියමිත මෙම පද්ධතියේ විශේෂත්වය වන්නේ, ඊට මුහුද පතුලේ හට ගන්නා නාය යාම් හේතුවෙන් ඇති වන සුනාමි තත්ත්වයන් ද හඳුනාගත හැකි වීමයි. ඉන්දුනීසියාවේ අනාක් ක්‍රැකටෝ ගිනි කඳු විධාරණයෙන් පසු මුහුදු පතුලේ හටගත් නාය යාම් හේතුවෙන් පසුගියදා අනපේක්ෂිත සුනාමියක් ඇති වීමෙන් පසු ඉන්දුනීසියා බලධාරීහු මෙම පියවර ගත්හ. සුනාමියෙන් මිය ගිය පිරිස 429ක් ලෙසට සටහන්ව ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමේ නළා නාද නොවීම, මින් සිදු වූ ජීවිත හානි ඉහළ යාමට හේතුවයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සුනාමියෙන් තවත් පුද්ගලයින් 150 දෙනෙකු අතුරුදන්ව සිටින අතර 16000කට වැඩි පිරිසක් අවතැන්ව සිටින බව ය. අනාක් ක්‍රැකටෝ ගිනි කන්ද යළිත් විධාරණය වීම හමුවේ නැවතත් මෙවැනි සුනාමියක් හට ගැනීමේ අවදානමක් ඇතැයි ඉන්දුනීසියා බලධාරීහු පවසති.
2018-12-25T20:22:59.000Z
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කෙරේ
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කෙරේ
COLOMBO (News 1st) - ලංගම හා පෞද්ගලික බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් අඩු කෙරේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ, මේ අනුව සාමාන්‍ය ,අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තු ද පහළ දමන බව ය. කෙසේ වෙතත් රුපියල් 12ක් වන අවම බස් ගාස්තුවේ වෙනසක් නොවේ. නව බස් ගාස්තු සංශෝධනය අනුව රුපියල් 965ක්ව පැවති වැඩිම සාමාන්‍ය බස් ගාස්තුව රුපියල් 924 දක්වා අඩු කෙරේ. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, බස් ප්‍රමුඛතා මංතීරුව නීත්‍යානුකූලව ක්‍රියාත්මක කළ හොත් අවම බස් ගාස්තුව අඩු කළ හැකි බව ය.
2018-12-25T20:10:36.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 2. ලංගම හා පෞද්ගලික බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් අඩු කිරීමට නියමිතය. 3. අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සමග සැකකරුවෙකු පෑලියගොඩ නවලෝක උද්‍යානය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. 4. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කල්දෙමුල්ල ගයාන් නමැත්තා රත්මලානේදී පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට ගෙන තිබේ. 5. අධිවේගී මාර්ගයේ වාහන ධාවනය පසුගිය වසරට සාපේක්ෂව 15%කින් පමණ ඉහළ ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. විදෙස් පුවත් 6. සරල බවට මුල් තැන දෙමින් ධනවතුන් හා දිළින්දන් අතර පරතරය අඩු කරලීමට උත්සහ දැරීම වැදගත් බව අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම හිමිපාණන් සිය නත්තල් පණිවුඩයෙන් ජනතාවට දැනුම් දෙයි. ක්‍රීඩා පුවත් 7. ඔලිම්පික් පදක්කම් ලාභීන් තිදෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පැනවීමට අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනය තීරණය කර තිබේ.
2018-12-25T19:50:01.000Z
ප්‍රචණ්ඩ රළ ජීවිත දහස් ගණනක් බිළි ගෙන වසර 14යි
ප්‍රචණ්ඩ රළ ජීවිත දහස් ගණනක් බිළි ගෙන වසර 14යි
COLOMBO (News 1st) - ජාතික ආරක්ෂිත දිනය අදට යෙදී තිබේ. මෙම දිනය සැමරෙන්නේ, 2004 වසරේ දෙසැම්බර් මස අද වැනි දිනක සිදු වූ සුනාමි ව්‍යසනය සිහිපත් කරමිනි. සුනාමිය ඇතුළු සියලු ස්වභාවික ආපදාවලින් මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවක් දක්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය. අදින් 14 වසරකට පෙර ඉන්දුනීසියාවේ සුමත්‍රා මුහුදේ සිදු වූ ප්‍රබල භූකම්පනයෙන් පසු විනාඩි කිහිපයකට පසු ඇති වූ ප්‍රචණ්ඩ රළ 30,000කට අධික ජීවිත සංඛ්‍යාවක් බිළි ගත්තේ ය. ප්‍රචණ්ඩ මුහුදු රළෙහි සුන්බුන් අතර ලොව විශාලතම දුම්රිය අනතුර ද දැක ගත හැකි විය. පැරෑලිය දුම්රිය ස්ථානය සමීපයේ සුනාමියට බිළි ගත් මෙම දුම්රිය තුළ සිටි 1270කට ජීවිතයෙන් සමු ගැනීමට සිදු වූහ. ඒ තුළ සිටි 141 දෙනෙකු තවමත් අතුරුදන්.
2018-12-25T11:19:35.000Z
හෙට මැදියම් රැයේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි
හෙට මැදියම් රැයේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි
COLOMBO (News 1st) : ලංගම හා පෞද්ගලික බස් ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් අඩු කිරීමට නියමිතය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සදහන් කළේ මේ අනුව සාමාන්‍ය ,අර්ධ සුඛෝපභෝගි , සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තු ද පහළ දමන බවයි. කෙසේ වෙතත් රුපියල් 12 ක් වන අවම බස් ගාස්තුවේ වෙනසක් වන්නේ සිදු නොවනු ඇති. නව බස් ගාස්තු සංශෝධනය අනුව රුපියල් 965 ක්ව පැවති වැඩිම සාමාන්‍ය බස් ගාස්තුව රුපියල් 924 දක්වා අඩු කර තිබේ. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, බස් ප්‍රමුඛතා මංතීරුව නීත්‍යනුකූලව ක්‍රියාත්මක කළ හොත් අවම බස් ගාස්තුව අඩු කළ හැකි බවයි.
2018-12-25T09:03:06.000Z
සබරගමුව, බස්නාහිර හා මධ්‍යම පළාත්වලට මහ වැසි
සබරගමුව, බස්නාහිර හා මධ්‍යම පළාත්වලට මහ වැසි
COLOMBO (News 1st) : ඉදිරි පැය 6 තුළ සබරගමුව, බස්නාහිර හා මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු සහ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි සමග පැයට කිලෝමිටර් 70-80- ත් පමණ කෙටි කාලීන තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
2018-12-25T04:22:26.000Z
පාතාලේ ගායාන් STF අත්අඩංගුවට
පාතාලේ ගායාන් STF අත්අඩංගුවට
COLOMBO (News 1st): සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කල්දෙමුල්ල ගයාන් නමැත්තා රත්මලානේදී පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට ගෙන තිබේ. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, මෙම සැකකරු ඝාතන 5කට සම්බන්ධ පුද්ගලයකු බවයි. ඔහු අඟුලානේ රොහා නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ප්‍රධාන ගෝලයෙකි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සංවිධානාත්මක අපරාධ ඒකකයට භාර දී තිබේ.
2018-12-25T02:19:30.000Z
තහනම් උත්තේජක ගත් ඔලිම්පික් ක්‍රීඩකයන් පස් දෙනෙකුට තහනමක්
ඔලිම්පික් ක්‍රීඩකයන් පස් දෙනෙකුට තහනමක්
ඔලිම්පික් පදක්කම් ලාභීන් තිදෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පැනවීමට අන්තර්ජාතික බර ඉසීලීමේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ ඔවුන් තහනම් උත්තේජක භාවිතා කළ බවට බී සාම්පල පරීක්ෂනයෙන්ද සනාථ වීම හේතුවෙන්. 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ දී මෙම ක්‍රීඩකයන් තහනම් උත්තේජක භාවිතා කර ඇති බව අන්තර්ජාතික බර ඉසිලිමේ සම්මේලනය නිවේදනය කරයි. එම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රැම් 105 බර පන්තිය යටතේ තරග වැදි රන් පදක්කම දිනා ගත් යුක්රේනයේ ඔලෙක්සිට (Oleksiy Torokhtiy) හා කිලෝග්‍රැම් 56 බර පන්තිය ලෝකඩ පදක්කම දිනා ගත් අසර්බයිජානයේ වැලන්ටින් හිස්ට්‍රොව්ටත් (Valentin Hristov) මේ අනුව සිය පදක්කම අහිමි වේ. එසේම එම ක්‍රීඩා උළෙලේ දීම කිලෝග්‍රැම් 105 බර පන්තියෙන් සිව්වැනි ස්ථානය හිමිකරගත්, උස්බකිස්තානයේ රුස්ලාන් නුරුදිනොව් ( Ruslan Nurudinov) ද මෙලෙස තහනමට ලක්වූවන් අතර සිටියි. ඔහු 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී කිලෝග්‍රෑම් 105 බර පංතියෙන් රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයා ද වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වර්ථමානයේදී බර ඉසිලිමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර තහනම් උත්තේජක භාවිතය වැඩි වශයෙන් ව්‍යාප්ත වීම මත ඔලිම්පික් උළෙලන් බර ඉසිලීමේ ක්‍රීඩාව ඉවත් කිරීමේ අවධානමක් මතුව ඇති බවයි. 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් බර ඉසිලිමේ ඉසව්ව ඉවත් කිරීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ අවධානය යොමුකර ඇති බව ද වාර්තා වේ. තහනම් උත්තේජක භාවිතය අවම කිරීමට අවධානය යොමු නොකළ හොත් මෙලෙස එම ඉසව්ව ඉවත් කරනු ඇති බව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරයි.
2018-12-25T02:33:45.000Z
දහඩිය හෙළා ලබා ගත් නියං සහනාධාර මල්ලත් කල් ඉකුත් වෙලා
නියං සහනාධාර මල්ලත් කල් ඉකුත් වෙලා
පුත්තලම කරුවලගස්වැව තබ්බෝව ගොවි ජනපදය රටට බත සපයන්නන්ගෙන් සමන්විත ප්‍රදේශයක්. එහෙත් යල මහ කන්න හතරක් වගා නොකල ගොවින් දිවි ගැටගහගන්නේ මහත් අසිරුවෙන්. එවැනි ගොවින් පිරිසකට අත්ව ඇති ඉරණමයි මේ. "ඒ ලබා දුන්නු බඩු දින පැනපුවා.අදාල නිළධාරීන්ගෙන් විමසුවිට ඒ අය කියන්නේ ඒ අයට අදාල නැහැ මේවා කොලඹින් ආපු බඩු කියලා.අපි ඌරෝ හා සමාන කරලා තමයි බඩු දීලා තියෙන්නේ." - ගොවියෙක් වියළි කාලගුණය හේතුවෙන් පුත්තලම කරුවලගස්වැව තේවනුවර තබ්බෝව පාවට්ටමඩුව යන ප්‍ර‍දේශයේ ජනතාවට කන්න හතරකින් වගා කිරීමට නොහැකි විය. ඒ හේතුවෙන් කරුවලගස්වැව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් මොවුන්ට නියං සහනාධාර ලබා දුන්නද ඒවා පරිබෝජනයට නුසුදුසු බව වාර්තා වේ. එම ආධාර ලබා ගැනීමටත්, එම ගොවීන් දින තුනක් ශ්‍රමදාන සදහාද සහභාගී වීම අනිවාර්ය විය. "දවස්තුනක් විතර වැඩ කරලා තමයි ඉතින් ගමේ කට්ටියට සේරටම දුන්නේ.උයපුවහම කන්න බෑ ඇලෙනවා බත්.සොයාමීට් කල් ඉකුත් වෙලා ඒවා ඉතින් කන්න බෑනේ." - ගොවියෙක් දහදිය හෙලා ලබාගත් නියං සහනාධාර මල්ලේ සහල්, සොයාමීට්, තිරිගුපිටි, සිනි, අල සහ හාල්මැස්සන් වැනි වියළි ආහාරවලින් අසුරා තිබුනත් එය භාවිතය නුසුදුසු බව ගොවින් පැවසුවා. "වියලි සහනාදාරයක් කියලා මේ ලගදි ලබා දුන්නා කට්ටියන්ට.මගේ දරු දෙන්නට කතා කරන්න බෑ.මගේ නෝනා රට කියලා මට ආධාර දුන් නෑ.කණගාටුයි කිසිම බලධාරියෙක් මේ ගැන හොයා බල්න් නැති එක." - ගොවියෙක්
2018-12-25T01:38:02.000Z
අයිස් සමග සැකකරුවෙකු පෑලියගොඩදී අත්අඩංගුවට
අයිස් සමග සැකකරුවෙකු පෑලියගොඩදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සමග සැකකරුවෙකු පෑලියගොඩ නවලෝක උද්‍යානය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ය. මෝටර් රථයකින් ගමන් කළ සැකකරු පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බව ද ඔහු පැවසුවේ ය. මේ අතර සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහුගෙන් මෙම මත්ද්‍රව්‍ය ලබා ගැනීමට සූදානමින් සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 980ක් සිය භාරයට ගෙන ඇති බව ය. සැකකරු 39 හැවිරිදි නවලෝක උද්‍යානය, පෑලියගොඩ ලිපිනයේ තාවකාලිකව පදිංචිව සිටි අයෙකි. සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2018-12-24T23:40:21.000Z
අනවසරයෙන් ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි
ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි
COLOMBO (News 1st) - අනවසරයෙන් ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට මාතර තිහගොඩ ප්‍රදේශයේදී පොලීසිය වෙඩි තබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ලද තොරතුරක් මත අද අලුයම මාර්ග බාධක යොදා අනවසරයෙන් ගවයින් ප්‍රවාහනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව ය. එම අවස්ථාවේ අණ නොතකා ධාවනය වූ ලොරි රථයේ ඉන්ධන ටැංකිය දෙසට වෙඩි තබා තිබේ. මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉන්ධන අවසන් වීමෙන් නතර වූ ලොරි රථය හක්මන මාර්ගයේ කපුදූව ප්‍රදේශයේ දමා සැකකරුවන් පළා ගොස් ඇති බව ය. සැකකරුවන් විසින් අනවසරයෙන් ප්‍රවාහනය කළ ගවයින් 14 දෙනෙකු සහ ලොරි රථය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, පළා ගිය සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක ය.
2018-12-24T23:32:12.000Z
අධිවේගී මාර්ගයෙන් වාර්තාගත ආදායමක්
අධිවේගී මාර්ගයෙන් වාර්තාගත ආදායමක්
COLOMBO (News 1st) - අධිවේගී මාර්ගයේ වාහන ධාවනය පසුගිය වසරට සාපේක්ෂව 15%කින් පමණ ඉහළ ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, පසුගිය සිකුරාදා අධිවේගී මාර්ග ආදායම මෙතෙක් වාර්තා වූ ආදායම් අතරින් ඉහළම ආදායම බව ය. එදින අධිවේගී මාර්ගයේ ධාවනය වී ඇති වාහන සංඛ්‍යාව 120,000 ඉක්මවන අතර, රුපියල් මිලියන 32ක ආදායමක් උපයා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. පසුගිය 20 වන දා සිට දෛනිකව අධිවේගී මාර්ග භාවිත කරන වාහන සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර එය දෛනික වාහන ධාවනය හා සැසදීමේදී 30000ක පමණ ඉහළ යාමක්. එස්. ඕපනායක මහතා සඳහන් කළේ, නත්තල් උත්සවය සහ නව අවුරුදු උදාවෙන් පසු යළි කොළඹට පැමිණෙන ජනතාවට අධිවේගී මාර්ගවල කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ය. අධිවේගී මාර්ග ආරක්ෂාව සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා ඇතැයි ඔහු පැවසුවේ ය.
2018-12-24T22:27:36.000Z
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්
COLOMBO (News 1st) - බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. එහි රථ වාහන හා මාර්ග ආරක්ෂාව කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන්, සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව ය. ගත වූ දින 9ක කාලය තුළ බීමත් රියැදුරන් 2600කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
2018-12-24T22:16:52.000Z
නත්තල යනු බාහිර ආටෝපවලින් ලබා ගන්නා ප්‍රීතියක් නොවේ - අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
"නත්තල, බාහිර ආටෝපවලින් ලබා ගන්නා ප්‍රීතියක් නොවේ"
COLOMBO (News 1st) - නත්තල යනු බාහිර ආටෝපයන්ගෙන් ලබා ගන්නා ප්‍රීතියක් නොවන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය නත්තල් පණිවුඩයෙන් ජනතාවට දැනුම් දෙයි. වැඩිදුරටත් අදහස් දක්වමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ, නැටුම් ගැයුම්වලට වඩා හදවත් තුළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජනිත කිරීම වැදගත් බවය. යම් අසහනයන්ගෙන් පීඩාවට ලක්ව සිටින කුඩා දරුවන්ව සතුටු කිරීමට නත්තල අවස්ථාවක් කර ගන්නා ලෙස ද කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ ය.
2018-12-24T21:59:17.000Z
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමෙන් 4ක් මරුට
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමෙන් 4ක් මරුට
COLOMBO (News 1st) - තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධියෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ය. ටී 56 ගිනිඅවියක් සහ පිස්තෝලයක් වෙඩි තැබීම සඳහා උපයෝගී කර ගන්නට අතැයි සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, තුවාලකරුවන් මේ වන විට තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ධීවරයින් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සැක පළ කරන බව ය. වෙඩි තැබීම සඳහා පැමිණි තුවක්කුකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
2018-12-24T21:33:13.000Z
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමක්: 5 දෙනෙක් රෝහලේ
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමක්
COLOMBO (News 1st) - තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් පිරිස තුවාල ලබා ඇති බව ය. ටී 56 ගිනිඅවියක් සහ පිස්තෝලයක් වෙඩි තැබීම සඳහා උපයෝගී කර ගන්නට අතැයි සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, තුවාලකරුවන් මේ වන විට තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව ය. වෙඩි තැබීම සඳහා පැමිණි තුවක්කුකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.
2018-12-24T20:29:21.000Z
ජනපති, අගමැති හා විපක්ෂ නායක නත්තලට සුබ පැතුම් එක් කරයි
ජනපති, අගමැති, වි. නායක නත්තලට සුබ පැතුම් එක් කරයි
COLOMBO (News 1st) - නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක් කර තිබේ. සිය සුබ පැතුම් පණිවුඩයෙන් ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ, විනාශය කරා යෑමේ පුළුල් දොරටුවලින් ඇතුළු වීමට පොරකන්නන් හට, නත්තල නව ජීවනයට යෑමේ පටු දොරටුව දෙස යළි හැරී බැලීමට අනුබල සපයන බව ය. ලොවට හිත වැඩ පිණිස වූ මෙත් කරුණා ගුණෝප්ත මිනිසත් බව වෙනුවෙන් වූ උන්වහන්සේගේ දහමින් පැවසෙන සදූපදේශයන් මේ නත්තලේ මෙරට නගර ගම් දනව්වල ගෙයින් ගෙය පුරා රැව් දේවා යන්න සිය ප්‍රාර්ථනය බව ද ජනාධිපතිතුමා සිය නත්තල් දින පණිවුඩයෙන් දන්වා තිබේ.‍ කුල මල භාෂා වෙනසකින් තොරව, සියලු ශ්‍රී ලාංකිකයින්ට භේද නොවී සහෝදරත්වයේ හා මිත්‍රත්වයේ හැඟීමෙන් ක්‍රියා කිරීමට සුදුසුම අවදිය මෙය බව නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ, යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලයක් ලෙස නත්තල හැඳින්විය හැකි බව ය. ජේසු බිළිඳානන් අප වෙත ගෙන එන ප්‍රීතිය හා සාමය සියලු දෙනා හට හිමි වේවායි සිය ප්‍රාර්ථනය බව ද අගමැතිතුමා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් ය. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද නත්තල් දින සුබ පැතුම් එක් කර තිබේ. ඔහු සිය නත්තල් පණිවුඩයෙන් දන්වා ඇත්තේ, ජේසුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් මෙනෙහි කිරීමට නත්තලට වඩා හොඳ කාලයක් තවත් නොමැති බවත්, සත්‍යයේ පිහිටා වැඩ කිරීමේ වැදගත්කම සහ කුහකකමින් හා දෙබිඩි මනසකින් තොරව, ප්‍රේමයෙහි සැබෑ බලය මාර්ගෝපදේශය කර ගනිමින් වැඩ කිරීමේ වැදගත් බව ය.
2018-12-24T20:10:19.000Z
ධනවතුන් හා දිළින්දන් අතර පරතරය අඩු කිරීමට උත්සහ දැරීම වැදගත් - පාප් වහන්සේ ජනතාවට දැනුම් දෙයි
"සමාජ පරතරය අඩු කිරීමට උත්සහ දැරීම වැදගත්"
(News 1st) - සරල බවට මුල් තැන දෙමින් ධනවතුන් හා දිළින්දන් අතර පරතරය අඩු කරලීමට උත්සහ දැරීම වැදගත් බව අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම හිමිපාණන් සිය නත්තල් පණිවුඩයෙන් ජනතාවට දැනුම් දෙයි. මේ අතර වතිකානුවේ ශාන්ත බැසිලිකා දේවස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන සාම්ප්‍රදායික ප්‍රධාන දේව මෙහෙය වෙනුවෙන් පැමිණි දහස් සංඛ්‍යාත පිරිසට එතුමා සිය ආශිර්වාදය පළ කළේ ය. පාප් වහන්සේ කිතුණු බැතිමතුන්ට මෙහිදී පවසා සිටියේ, පුද්ගලයින් භෞතිකවාදය පසුපස හඹා යමින් ජීවිතය වඩාත් සංකීර්ණත්වයට පත් කර ගෙන ඇති බව ය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් දිළිඳු භාවය තුරන් කිරීම සංකේතවත් කෙරෙන බව ද උන්වහන්සේ මෙහිදී ජනතාවට නැවත මෙනෙහි කර දුන්නේ ය. මේ අතර ලොව රටවල් රාශියක් මහත් උත්සවශ්‍රීයෙන් නත්තල සැමරුවේ ය. ජේසුස් වහන්සේගේ උපත සිදු වූ බෙත්ලෙහෙම ඊයේ ලොව දස දෙසින් පැමිණි බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගිය බව සඳහන් ය. එහි ඉදිකෙරුණු විශාල නත්තල් ගසට සියලු දෙනාගේ අවධානය යොමු වීම විශේෂත්වයකි. මෙවර ලොව විශාලතම නත්තල් ගස ඉතාලියෙන් වාර්තා වේ. අඩි 2400ක් උසින් ද අඩි 1500ක පළලකින් ද යුතු මෙය ආලෝක කිරීමට විදුලි බුබුළු 500කට අධික ප්‍රමාණයක් යොදා ගෙන තිබේ. චීනයේ බීජිංහි ප්‍රධාන කතෝලික දේවස්ථානයේදී නත්තල් දේව මෙහෙය පවත්වමින් නත්තල උත්කර්ෂවත්ව සැමරුවේ ය. සුපුරුදු පරිදි නත්තල් සැරසිළිවලින් චීනයේ බීජිං නගරය අලංකාරවත් විය. ඉන්දියාවේ නව දිල්ලියේ කිතුණු බැතිමත්හු ද අද නත්තල සැමරූහ. මෙක්සිකෝහි කිතුණු බැතිමතුන් ද නත්තල සැමරූ අතර මෙහිදී රාබුවලින් නිර්මාණය කරන ලද නත්තල් නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් පැවැත්විණි.
2018-12-24T19:42:44.000Z
ලොවට සාමයේ පණිවුඩය ගෙන ආ අසිරිමත් නත්තල අදයි
ලොවට සාමයේ පණිවුඩය ගෙන ආ අසිරිමත් නත්තල අදයි
COLOMBO (News 1st) - ලෝකය ඒකාලෝක කරන විශ්වීය මංගල්‍යය හෙවත් නත්තල අද සැමරේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සැමරෙන නත්තල, ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි. අදින් වසර 2015කට පෙර දිනෙක බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ, ලොවට බිහි වන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙරනිමිති පහළ කරමිනි. ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද ඉටු කළේ අපරිමිත මෙහෙවරකි. තමන්ට විමුක්ති මග දෙසූ ඒ ශාස්තෘවරයාගේ උත්පත්තිය ලක්ෂ සංඛ්‍යාත කිතුණු බැතිමතුන් සමරන්නේ මහත් භක්තියෙනි.
2018-12-24T07:46:36.000Z
කෝලිට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් පුංචි දඟයෙක්
කෝලිට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් පුංචි දඟයෙක්...
ලොව සුපිරි පිතිකරු විරාත් කෝලි.... සත් හැවිරිදි ආර්චි ශිලර්ට ටෙස්ට් පිටියේදී ඔහු දවාලිය හැකි වේවි ද ? ඉන්දු - ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය බොක්සිං දිනය හෙවත් ලබන 26 වන දා ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් පිටියේදී ආරම්භවීමට නියමිතයි. මෙම තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතයට සත් හැවිරිදි දරුවෙකු ද ඇතුලත්ව සිටීම විශේෂත්වයකි. එමෙන්ම ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සමනායකත්වය ද හොබවනු ඇති. මේ පුංචි ක්‍රීඩකයා සුපිරි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එක්වන්නේ ඔහුගේ ක්‍රිකට්වලට දැඩි ඇල්ම මත කළ ඉල්ලීම මතයි. කුඩා කල සිට හදවත් රෝගයකින් පෙලෙන ආර්චි ශිලර් ජනවාරි මාසයේදී තෙවන වරටත් බරපතළ සැත්කමකට මුහුණදීමට නියමිත වේ. ආර්චි ශිලර් ලබන 26 වන දා තම සිහිනය සැබෑවක් කර ගැනීම සඳහා විරාත් කෝලිගේ කඩුල්ල දවාගැනීම සඳහා දකුණතින් පන්දුව මෙහෙයවනු ඇති. ජීවිතයත් සමග සටනක යෙදෙන කුඩා ආර්චිට ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් හා එක් වන්නට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් මෙන් ම ක්‍රීඩකයින් අවස්ථාව ලබාදී ඇත්තේ ජය පැරදුමට වඩා ක්‍රීඩාවේ මහත්මා ගුණය ලොවට විදහා දක්වමින් ය.
2018-12-24T05:35:33.000Z
නවාස් ෂරීෆ් වසර 7 කට බන්ධනාගාරයට
නවාස් ෂරීෆ් වසර 7 කට බන්ධනාගාරයට
හිටපු පකිස්ථානු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ට වසර 7 කට බන්ධනාගාරගත කර තිබේ. එරට මහාධිකරණයක් විසින් මෙම දඬුවම නියම කළේ, පෙර පැවති දූෂණ චෝදනාවලට අමතරව තව ත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහු වරදකරුවීම හේතුවෙනි. මීට පෙරද දූෂණ චෝදනා එල්ලවීම හමුවේ ඔහු සිර දඬුවමට ලක් වූ අතර පසුව ඔහු ඇප මත මුදා හැරුණි. කෙසේවෙතත් අද අධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ප්‍රකාශ කළේ මෙම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
2018-12-24T05:05:36.000Z
26 වෙනි දා සිට බස් ගාස්තු 4% කින් පහළට
බස් ගාස්තු 4% කින් පහළට
COLOMBO (News 1st) - බස් ගාස්තු ලබන 26 වැනි දා සිට 4% කින් අඩුකරන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය කියයි.
2018-12-24T04:37:27.000Z
දිවයින පුරා කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 4035 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා කළ මෙහෙයුමකින් 4035 දෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 4035 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ නියමයෙන් ඊයේ රාත්‍රි 10.00 සිට අද අලුයම 2.00 දක්වා මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. එහිදි බීමත් රියැදුරන් 1122 ක් වරෙන්තුකරුවන් 885 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ. රථ වාහන වැරදී සම්බන්ධයෙන් රියැදුරන් 5550 කට එරෙහිව නඩු පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය.
2018-12-24T01:40:42.000Z
Splash වෙළඳ ප්‍රදර්ශනය අද සිව් වන දිනටත්...
Splash වෙළඳ ප්‍රදර්ශනය අද සිව් වන දිනටත්...
COLOMBO (News 1st) : කන්ද උඩරටට නත්තල් සිරිය කැන්දමින් ක්‍රියාත්මක නිවුස් ෆස්ට්, Splash - 2018 වෙළඳ ප්‍රදර්ශනය ඊයේ සිව්වන දිනටත් කැන්ඩි සිටි සෙන්ටර්හිදී පැවැත්වේ. පසුගිය 21 වනා දා ඇරඹි Splash වෙළඳ ප්‍රදර්ශනය ලබන 26 වන දා දක්වා දිනපතා උදෑසන 9 සිට රාත්‍රි 9 දක්වා ජනතාව වෙනුවෙන් විවෘතයි. නත්තලට මෙන්ම එළඹෙන නව වසරට පවුලේ සැමට අවශ්‍ය තෑගි භාණ්ඩ, ඇඳුම් පැළඳුම් ඇතුළු නිවසට අවශ්‍ය සියලු දේ පහසු මිලට ලබා ගැනීමට මේ දිනවල කැන්ඩි සිටි සෙන්ටර් වෙත පැමිණෙන ඔබට අවස්ථාව හිමිවේ. එමෙන්ම, දිනපතා සවස 6 සිට රාත්‍රි 9 දක්වා සංගීත ප්‍රසංගයකින් ද Splash - 2018 ප්‍රදර්ශනය වර්ණවත් වේ. නව පරපුරුගේ ගායක රුකමන් අසිත අද Splash ප්‍රසංග වේදිකාව ගීතවත් කරනු ඇති. https://www.youtube.com/watch?v=mJwr02JlCEc
2018-12-23T22:30:16.000Z
ලීග් රග්බි තරගාවලියේ ජය හැව්ලොක් කණ්ඩායමට
ලීග් රග්බි තරගාවලියේ ජය හැව්ලොක් කණ්ඩායමට
COLOMBO (News 1st) : අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් කණ්ඩායම සමග පැවති තරගයෙන් ගුවන් හමුදා කණ්ඩායම පරාජය විය. බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ආරම්භයේදී දෙපිළෙන්ම තියුණු තරගයක් දක්නට ලැබිණ. එම අර්ධයේ පෙරමුණ ගත්තේ ගුවන් හමුදා කණ්ඩායමයි. ඔවුහු පළමු අර්ධයේදී ලකුණු 22ක් රැස් කළහ. හැව්ලොක් කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 21කි. කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී හැව්ලොක් ක්‍රීඩකයෝ දක්ෂතා අතරට පිවිසියහ. ඔවුහු එම අර්ධයේදී ලකුණු 9ක් රැස් කළහ. ගුවන් හමුදා කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 4ක් පමණි. ඒ අනුව ලකුණු 31ට 25ක් ලෙස හැව්ලොක් කණ්ඩායම තරගය ජය ගත්තේ ය. හැව්ලොක් කණ්ඩායම එම ලකුණු 31 රැස් කළේ, උත්සාහක දිනුම් 4ක්, ප්‍රවර්ථන 4ක් සහ දඬුවම් පහරක් මගිනි. ලිස්ටන් ෆ්ලැන්ටි, සිතුම් පීරිස්, චාමර දාබරේ සහ අස්මීර් ෆජුඩීන් හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ප්‍රින්ස් චාමර දඬුවම් පහරට හිමිකම් කීවේ ය.
2018-12-23T22:01:05.000Z
උතුරට තවදුරටත් වැසි
උතුරට තවදුරටත් වැසි
COLOMBO (News 1st) : කිලිනොච්චිය ඇතුළු උතුරේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇද හැළෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගත වූ පැය 24 තුල ත්‍රිකුණාමලය ප්‍රදේශයට මිලිමීටර් 42. 9ක වර්ෂාපතනයක් ලැබි ඇති බවයි. වව්නියාව ප්‍රදේශයට මිලිමිටර් 16. 2ක් ද මඩකළපුවට මිලිමීටර් 7.2ක ද වර්ෂාපතනයක් ලැබී තිබේ. මේ අතර උතුරු පළාතට ඇද හැළෙන අධික වර්ෂාව හමුවේ ඇති වූ ගංවතුර හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට අයත් පුද්ගලයින් 54,819ක් පිඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වන විට සහන කඳවුරු 38ක පුද්ගලයින් 11,299ක් රඳවා ඇති බවයි. මේ අතර ගතවු පැය 24 තුළ කොළඔට මිලිමිටර් 33.7ක් ද, රත්නපුරට මිලිමීටර් 16ක්ද වර්ෂාපතනයක් ලැබී තිබේ. https://www.youtube.com/watch?v=WWmGXRuAIUU
2018-12-23T21:43:29.000Z
මාරවිලින් මිලියන 12ක හෙරොයින් අල්ලයි
මාරවිලින් මිලියන 12ක හෙරොයින් අල්ලයි
COLOMBO (News 1st) : මාරවිල, දෙමටපිටිය ප්‍රදේශයේදී රුපියල් මිලියන 12කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග 28 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, හෙරොයින් කිලෝග්‍රෑමයකට ආසන්න ප්‍රමාණයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ අතර වැලිකඩ බන්ධනාගාරයතුළදී හෙරොයින් සන්තකයේ තබා ගෙන සිටි බන්ධනාගාර සේවකයකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, හෙරොයින් ග්‍රැම් 07 යි මිලි ගැම් 931 ක් සමග බන්ධනාගාර ඖෂධ සංයෝජකයකු මෙලෙස අත්තඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.