date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2019-01-20T04:09:54.000Z | දිවයින පුරා මෙහෙයුමකින් සැකකරුවන් 3808ක් පොලිස් අත්අඩංගුවට | දිවයිනපුරා මෙහෙයුමකින් සැකකරුවන් 3808ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) : දිවයින පුරා ක්‍රයාත්මක කළ විශේෂ මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 3808 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 851 දෙනෙකු සහ බීමත් රියැදුරන් 1066 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඊයේ රාත්‍රි 10 සිට අද අලුයම 2 දක්වා ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 823 දෙනෙකු සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 967 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී මත්පැන් විකිණීම සම්බන්ධයෙන් සැකකරුවන් 99 දෙනෙකු සහ ගිනිඅවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5215 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බවයි. |
2019-01-20T02:42:32.000Z | ස්වර්ණාභරණ තොගයක් සමග තිදෙනෙකු රේගු භාරයට | ස්වර්ණාභරණ තොගයක් සමග තිදෙනෙකු රේගු භාරයට | COLOMBO (News 1st) - නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් හතලිස් පන් ලක්ෂ අසූ හත් දහසක් බවයි. එහි බර ග්‍රෑම් 834 ක් වනු ඇත. සැකකරුවන් කුරුණෑගල සහ මහනුවර ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනෙකු බව සුනිල් ජයරත්න මහතා පැවසුවේ ය. |
2019-01-20T02:31:57.000Z | ව්‍යාජ අංක තහඩු යෙදු මෝටර් රථයක් සමග සැකකරුවෙකු පොලිස් දැලේ | ව්‍යාජ අංක තහඩු යෙදූ මෝටර් රථයක් පොලිස් දැලේ | COLOMBO (News 1st) - පිළියන්දලදී ව්‍යාජ අංක තහඩුවක් සවිකර ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම අංක තහඩුව වෙනත් මෝටර් රථයක අංකයක් බවට පරීක්ෂණවලදී හෙළිවී ඇති බවයි. සැකකරු එම මෝටර් රථ දෙකෙහිම හිමිකරුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි අතුරුගිරිය පදිංචිකරුවෙක් ය. සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවේ. |
2019-01-20T02:09:13.000Z | නුවන් ප්‍රදීප්ට ඔස්ට්‍රේලියානු තරගාවලිය අහිමිවෙයි | නුවන් ප්‍රදීප්ගේ තැන ගන්නේ කවු ද? | ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට ආබාධයක් හේතුවෙන් එම තරගාවලිය අහිමි විය. ඒ, ඔහුගේ වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඔස්ට්‍රේලියානු ක‍්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමග පැවැති තෙදින පුහුණු ක‍්‍රිකට් තරගයේ පන්දු යවමින් සිටින අතරවාරයේදී ඔහු මෙම ආබාධයට ලක් ව තිබේ. කෙසේ වෙතත් ඔහු වෙනුවට සංචිතයට කැඳවන ක‍්‍රීඩකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රකාශයට පත් කර නොමැත. |
2019-01-20T01:55:14.000Z | අත් පා ගැට ගසා පුළුස්සා දැමූ මළ සිරුරක් කොල්ලුපිටියෙන් හමුවෙයි | අත් පා ගැට ගසා පුළුස්සා දැමූ මළ සිරුරක් හමුවෙයි | COLOMBO (News 1st) - කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයාගේ අත් පා බැඳ දමා ඇඳක් මත ගැට ගසා පුළුස්සා ඇති බවයි. ඝාතනයට ලක් ව ඇත්තේ හෝකන්දර පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකි. මෘත ශරීරය ජාතික රෝහලේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත. https://www.youtube.com/watch?v=7EiSeFkzyqo |
2019-01-20T01:39:32.000Z | ත්‍රිරෝද රථ රියැදුරන්ට හෙට සිට නිල ඇඳුමක් | ත්‍රිරෝද රථ රියැදුරන්ට හෙට සිට නිල ඇඳුමක් | COLOMBO (News 1st) - ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා හෙට සිට නිල ඇඳුමක් හඳුන්වා දෙන බව ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් බවයි. කෙසේ වෙතත් මේ වැඩපිළිවෙළට ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි. |
2019-01-20T01:30:56.000Z | මෙවර විද්‍යා පීඨ සඳහා සිසුන් 8000 ක් බඳවා ගැනීමට පියවර | මෙවර විද්‍යා පීඨ සිසුන් 8000 ක් බඳවා ගැනීමට පියවර | COLOMBO (News 1st) - මෙවර ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා සිසුන් 8000 කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. විද්‍යා පීඨ කොමසාරිස් කේ.එම්.එච්. බණ්ඩාර මහතා සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය මේ මස අවසානයේදී නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි. පසුගිය වසර තුනක කාලය තුළ විද්‍යා පීඨ සඳහා සිසුන් බඳවා නොගත් බවට පළ වන ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද විද්‍යා පීඨ කොමසාරිස්වරයා පැවසුවේ ය. |
2019-01-19T22:06:14.000Z | ගාල්ලේ තහනම් දැල් ඉවත් කෙරේ | ගාල්ලේ තහනම් දැල් ඉවත් කෙරේ | COLOMBO (News 1st) - ගාල්ල දිස්ත්‍රික්කයේ කලපුවල භාවිතා කරන තහනම් දැල් ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. මේ යටතේ සුදුසු දැල් ධීවරයින්ට ලබාදෙනු ඇති. ඊට අමතරව පසු අස්වනු හානි අවම කිරීම සම්බන්ධයෙන් ද ධීවරයින් දැනුවත් කෙරෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2019-01-19T20:58:49.000Z | විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණ ක්‍රමවේදය අලුත් විය යුතු බව ගුරු සංගම් අවධාරණය කරයි | ප්‍රතිඵල නැවත සමීක්ෂණ ක්‍රමවේදය අලුත් කළ යුතුයි | COLOMBO (News 1st) - සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඇතුළු ජාතික මට්ටමේ විභාගවලදී පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය කිරීමේ ක්‍රමවේදය නව්‍යකරණයකට ලක් විය යුතු බව ගුරු වෘත්තිය සමිති පවසයි. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේ, පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සාමාන්‍ය පෙළ සිසුවියකගේ උත්තර පත්‍රය නැවත සමීක්ෂණය කරන්නැයි කළ නියෝගයෙන් ද ඒ බව තහවුරු වන බවයි. 2013 වසරේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුවියක සිය ඉංග්‍රීසි විෂයට අදාළ ප්‍රතිඵලය පිළිගත නොහැකි බවට පවරා තිබු නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා විභාග දෙපාර්තමේන්තුවට එම නියෝගය කළේ ය. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බි. පූජිත මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, මේ වන විට උත්තර පත්‍ර නැවත සමීක්ෂණ ක්‍රමවේදය පූර්ණ නව්‍යකරණයකට ලක් කර ඇති බවයි. |
2019-01-19T20:44:58.000Z | සංක්‍රමණිකයින්ට වසර තුනක සේවා වරම් | සංක්‍රමණිකයින්ට වසර තුනක සේවා වරම් | නීතිවිරෝධි සංක්‍රමණිකයින්ට තව ත් වසර 3 ක් සඳහා සේවා බලපත්‍ර ලබාදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ධවල මන්දිරයේදී මාධ්‍ය අමතමිනි. මේ වන විට අමෙරිකාවේ සිටින සංක්‍රමණිකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ක්. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමා සූදානම් බව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පැවසුවේ ය. මේ අතර මෙක්සිකෝ පවුරේ ඉදිකිරීම් කිසිදු අයුරකින් අත්නොහරින බව අමෙරිකානු ජනාධිපතිවරයා යළි අවධාරණය කර තිබේ. ඒ වෙනුවෙන් අවශ්‍ය අමෙරිකානු ඩොලර් බිලියන 5.7 ක මුදලට අනුමැතිය දෙන්නැයි ඔහු යළි ඉල්ලීමක් ද කරනු ලැබුවේ ය. අදාළ ඉල්ලීම සහ අය වැය ඩිමොක්‍රටික් සභිකයින් අනුමත නොකිරීමත් සමග අමෙරිකානු ආණ්ඩුව අර්ධ වශයෙන් අක්‍රීය තත්ත්වයට පත් ව අදට දින 29 කි. |
2019-01-19T20:30:29.000Z | ගල්කඩුව ප්‍රදේශයේ පස්වරු 6.00 දක්වා රථවාහන ධාවනය සීමා කෙරේ | ගල්කඩුව ප්‍රදේශයේ වාහන ධාවනය සීමා කෙරේ | COLOMBO (News 1st) - පානදුර - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ගල්කඩුව ප්‍රදේශයේ අනාරක්ෂිත ගලක් පුපුරවා හැරීම හේතුවෙන් අද පස්වරු 6.00 දක්වා රථවාහන ධාවනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. ඒ අනුව රථවාහනවලට ඉඩංගොඩ, ඇරැපොල, ඇහැලියගොඩ හරහා කොළඹ මාර්ගයට පිවිසිය හැකි වෙනු ඇත. ඊට අමතරව කුරුගම්මෝදර, මාටුවාගල, ඇහැලියගොඩ සහ ගොරක ඇල, හල්පේ, කුරුවිල හරහා කොළඹ මාර්ගයට ගමන් කළ හැකි බව පොලීසිය පවසයි. |
2019-01-19T20:19:59.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස පෙනී සිටිමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු කිරීමේ උත්සහයක්: ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස පෙනී සිටිමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු කිරීමේ උත්සහයක් පිළිබඳව මහ බැංකුව ජනතාවගේ අවධානය යොමු කර තිබේ. 2. බදු ලැයිස්තුවට තව ත් භාණ්ඩ කිහිපයක් එක්වන ලකුණු: ඉදිරියේදී සියලු ම රස කැවිලිවලට බදු පනවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 3. වැඩිපුර ගෙවූ මුදල් ගියේ කාගේ සාක්කුවට ද?: ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඇති ඒ 330 වර්ගයේ ගුවන් යානා 4කට මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 3කට අධික මුදලක් වැඩිපුර ගෙවීමට සිදු වන බව වාර්තා වේ. 4. කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීම - සැකකරුවෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට: පුද්ගලයින් 04 දෙනෙකුට මරු කැඳවමින් තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ පසුගිය මස 25 වන දා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. 5. තුඩැල්ලේදී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙකු මරුට: ජා-ඇළ, තුඩැල්ල දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක් සහ කුඩා දැරියක් මිය ගියහ. 6. මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීමට තීන්දු තීරණ රැසකට එළැඹෙන බව ජනපති පිලිපීන පොලිස් මූලස්ථානයේදී කියයි: ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජය සහය පළ කර තිබේ. විදෙස් පුවත් 7. ට්‍රම්ප් හා උන් අතර මීළඟ හමුව වියට්නාමයේදී පැවැත්වීමේ සූදානමක්: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර මීළඟ හමුව ලබන පෙබරවාරි මස අවසන් සතියේදී පැවැත්වීමට තීරණය වී තිබේ. |
2019-01-19T19:59:20.000Z | පිලිපීන සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට | ජනපති යළි දිවයිනට | COLOMBO (News 1st) - පිලිපීන සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියහ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේ, ඊයේ රාත්‍රි 11.50 ට ජනාධිපතිතුමා ඇතුළු පිරිස දිවයිනට පැමිණි බවයි. පස්දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපතිතුමා පිලිපීනය බලා පිටත්ව ගියේ පසුගිය 15 වැනි දායි. පිලිපීන ජනාධිපති රොඩ්රීගෝ ඩුටරේට් මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිතුමා පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත විය. |
2019-01-19T19:47:54.000Z | Update : වෙන්නප්පුවේමාරක අනතුර සිදුවූ ස්ථානයෙන් පිස්තෝලයක් හමුවෙයි | වෙන්නප්පුවේ අනතුරට ලක් වූ මෝටර් රථය අසල පිස්තෝලයක් | Update : පුද්ගලයින් 06 දෙනෙකුට මරු කැදවමින් , වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ අද අනතුරට ලක්වූ මෝටර් රථය අසල තිබී විදේශිය රටක නිෂ්පාදිත පිස්තෝලයක් පොලිසිය භාරයට ගෙන තිබේ. එම පිස්තෝලය ,අනතුරට ලක්වූ මෝටර් රථයේ තිබෙන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. ඒ සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අද අලුයම 3 20 ට පමණ හලාවත දෙසට ධාවනයවු මෝටර් රථයක් ඉදිරියෙන් ගමන් ගත් මාළු ලොරියක පිටුපස ගැටීමෙන් අනතුර සිදුවු , අතර ඉන් 06 දෙනෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලැබූහ. පොලීසිය සඳහන් කළේ, අනතුරට හේතුව මෝටර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය බවයි. --------------------------------------------------------------------------------------------------------------- COLOMBO (News 1st) - වෙන්නප්පුව, නයිනමඩම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 3 කි. පොලීසිය සඳහන් කළේ, අද අලුයම 3.20 ට පමණ මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි. ඒ, වෙන්නප්පුව දෙසට ගමන් කළ ලොරි රථයක පිටුපස මෝටර් රථය ගැටීමෙනි. තුවාලකරුවන් දෙදෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර තව ත් අයෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇත. සාදයකට සහභාගීවී පැමිණෙමින් සිටි පිරිසක් එලෙස මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මියගිය සියලු දෙනා මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් වන අතර ඔවුන් වෙන්නප්පුවේ පදිංචිකරුවන් පිරිසකි. |
2019-01-19T11:40:44.000Z | ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස පෙනී සිටිමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු කිරීමේ උත්සහයක් | වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරුවක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස පෙනී සිටිමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු කිරීමේ උත්සහයක් පිළිබඳව මහ බැංකුව ජනතාවගේ අවධානය යොමු කර තිබේ. "Notice from Central Bank of Sri Lanka EPF" යන මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව නමින් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන ඉලක්ක කරමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු වෙමින් පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එවන් කිසිදු දැනුම් දීමක් කිසිදු අයුරකින් හෝ සිදු කර නොමැති බව මහජනතාව සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. "Notice from Central Bank of Sri Lanka EPF" යන මැයෙන් ලැබෙන සැක කටයුතු විද්‍යුත් තැපැල් පණිවුඩ හෝ එහි ඇමුණුම් හෝ ඊට අදාළ සම්බන්ධක විවෘත කිරීමෙන් වළකින මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් හා මූල්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටියි. |
2019-01-19T11:17:22.000Z | බදු ලැයිස්තුවට තවත් භාණ්ඩ කිහිපයක් එක්වන ලකුණු | බදු ලැයිස්තුවට තවත් භාණ්ඩ කිහිපයක් එක්වන ලකුණු | COLOMBO (News 1st) - ඉදිරියේදී සියලු ම රස කැවිලිවලට බදු පනවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් සංවිධාන කළ අන්තර් පාසල් තරගාවලියේ ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට අද එක්වෙමිනි. උත්සවය පැවැත්වුණේ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ලුණු සහ තෙල්වලටත් ඉදිරියේදී බදු පනවන බව ය. |
2019-01-19T10:08:20.000Z | කිනිවිට දරු දැරියන් සැලෙන විට සැනසූ V-Force මෙහෙයුම | කිනිවිට දරුවන් සැලෙන විට සැනසූ V-Force මෙහෙයුම | COLOMBO (News 1st) - ගම්මැද්ද V-Force 4 වන අදියර අද කෑගල්ලේදී ක්‍රියාත්මක කෙරිණි. V-Force සාමාජිකයින් අද පෙරවරුවේ මෙලෙස පැමිණියේ කෑගල්ලේ දුෂ්කර පෙදෙසක පිහිටි පාසලකට ය. වරකාපොළ නගරයේ සිට කිලෝමීටර 15ක් ගිය විට දැදිගම මහපල්ලේගම කිනිවිට කණිෂ්ඨ විද්‍යාලය හමුවන අතර, සිසුන් දැඩි අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත වූයේ අබලන් ගොඩනැගිලිවල ය. එම ගොඩනැගිලි පිළිසකර කර තීන්ත ආලේප කිරීම අද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණේ, ගුරු දෙගුරුන්ගේ හා සිසුන්ගේ සිහිනයක් සැබෑ කරමිනි. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් බරාරා, සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල්, නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී යසරත් කමල්සිරි යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ. කන්සායි පේන්ට්ස් ලංකා පුද්ගලික සමාගම සහ ඒ-පෑඩ් හෙවත් ආපදා කළමනාකරණය පිළිබඳ ආසියා පැසිෆික් සහයෝගීතා සංවිධානය මෙහිදී ලබා දුන්නේ මාහැඟි දායකත්වයකි. විවිධ වෘත්තිකයින්, ගම්මැද්ද සහ නිව්ස්ෆස්ට් සාමාජිකයින්, මොරටුව - පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන් මෙන්ම, එම්.අයි.එම්. හෙවත් මහරාජා ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට් ආයතනයේ ඩිප්ලෝමා සිසු සිසුවියෝ ද ව්‍යාපෘතියට එක්ව සිටියහ. කිනිවිට කනිටු විදුහලේ ඉතිහාසය අලුත් කරමින් නව පිටුවක් පෙරළූ ගම්මැද්ද V-Force, අද පස්වරුවේ එම විදුපියසෙන් සමුගත්තේ මෙවැනි තවත් ජාතික කාර්යයකට උර දීමේ පරමාර්ථය ඇතිව ය. |
2019-01-19T09:44:45.000Z | වැඩිපුර ගෙවූ මුදල් ගියේ කාගේ සාක්කුවට ද? | වැඩිපුර ගෙවූ මුදල් ගියේ කාගේ සාක්කුවට ද? | COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඇති ඒ 330 වර්ගයේ ගුවන් යානා 4කට මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 3කට අධික මුදලක් වැඩිපුර ගෙවීමට සිදු වන බව වාර්තා වේ. එම කරුණු අනාවරණය වී ඇත්තේ, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබා දුන් වාර්තාවකිනි. මෙම ගුවන් යානා හතරෙන් එක්ක කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගාල් කර ඇති ආකාරය අපි පසුගියදා හෙළිදරව් කළෙමු. ඒ සඳහා මාසිකව ගෙවන මුදල අමෙරිකානු ඩොලර් 585,000කි. නමුත් මෙවැනි ගුවන් යානාවක වත්මන් බදු වටිනාකම අමෙරිකානු ඩොලර් 350,000ත් 450,000ත් අතර මුදලක් වේ. එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ, සේසු ඒ 330 - 300 වර්ගයේ ගුවන් යානයක් අමෙරිකානු ඩොලර් 660,000ත් 700,000ක් වැනි මුදලකට බදු ලබා ගැනීමට වෙළෙඳපොළේ හැකියාව තිබියදී ශ්‍රීලංකන් ගුවන් සමාගම එම ගුවන් යානා තුනම කල් බදු ක්‍රමයට ගෙන ඇත්තේ, අමෙරිකානු ඩොලර් දස ලක්ෂයකට අධික මුදලක් වැය කරමින් බව ය. අදාළ ගුවන් යානා කල් බදු ක්‍රමයට ඇනවුම් කර ඇත්තේ, පසුගිය රජය සමයේදී ය. මෙම ගුවන් යානා 4ම තම ගුවන් සමාගමේ මූලික අවශ්‍යතාවලට අනුකූල නොවන බවත් ඒ සඳහා මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 3කට අධික වියදමක් දැරීමට සිදු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් ය. මෙම වාර්තාව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා ද සිය අත්සන තබා තිබේ. අදාළ ගුවන් යානා 3 ශ්‍රීලංකන් ගුවන් සමාගමට මේ වන විට අතිරික්තයක් බවට පත්ව ඇති බව ද සිය වාර්තාවෙන් ඔහුන් පෙන්වා දී තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමට ඒ 350 - 900 වර්ගයේ ගුවන් යානා 4ක් මිලදී ගැනීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත් තීරණය අවලංගු කිරීම හේතුවෙන් එයාර් කැප් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 98ක වන්දි මුදලක් ගෙවීමට හා තවත් කොන්දේසි කිහිපයකට යටත් වීමට සිදු විය. එසේ අවලංගු කිරීමේ තීරණය ගැනුණේ අගමැතිවරයා ලබා දුන් උපදෙස් අනුව චරිත රත්වත්තේ විසින් යැවූ ඊමේල් පණිවුඩය ඕස්සේ බව අපි පසුගියදා අනාවරණය කළෙමු. චරිත් රත්වත්තේ යනු සුරේන් රත්වත්තේ මහතාගේ සොහොයුරායි. මසකට රුපියල් කෝටි 10කට අධික කල්බදු මුදලක් ගෙවමින් නිකරුනේ ගාල් කර ඇති ගුවන් යානය ලබා ගන්නට සිදු වූයේ ද මෙම ගිවිසුම්ගත කොන්දේසිවලට අනුව ය. මෙසේ වැඩිපුර ගෙවූ මුදල් ගියේ කාගේ සාක්කුවකට ද? වැඩිපුර ගෙවන බව දන්නේ නම් දැන්වත් එය නිවැරදි නොකරන්නේ ඇයි? මෙසේ නාස්ති කරන්නේ ජනතාවගේ මුදල් නොවේ ද? |
2019-01-19T06:48:59.000Z | කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීම: සැකකරුවෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට | කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීම | COLOMBO (News 1st) - පුද්ගලයින් 04 දෙනෙකුට මරු කැඳවමින් තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ පසුගිය මස 25 වන දා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ තංගල්ල, නාකුලුගම ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව ය. පසුගිය මස 25 වන දා සිදු වූ එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙක් තුවාල ලැබූහ. යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර ටී 56 ගිනිඅවියක් සහ පිස්තෝලයක් වෙඩි තැබීම සඳහා උපයෝගී කර ගෙන තිබිණි. |
2019-01-19T06:01:10.000Z | මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීමට තීන්දු තීරණ රැසකට එළැඹෙන බව ජනපති පිලිපීන පොලිස් මූලස්ථානයේදී කියයි | මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජය සහය පළ කර තිබේ. ඒ පිළිබඳව ලබා දිය හැකි තාක්ෂණික උපදේශන සේවා පිළිබඳව සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළඟදීම දිවයිනට පැමිණීමට නියමිත ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන සංචාරයේ තවත් ප්‍රතිලාභයක් ලෙස මෙම සහය පළ වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. සිය පිළිපීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වන අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීන පොලිස් මූලස්ථානය වෙත ගොස් එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. අනතුරුව පිලිපීන පොලිස් ප්‍රධානීන් ඇතුළු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති හමුවේදී ජනාධිපතිතුමා කියා සිටියේ, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව තම නායකත්වයෙන් විවෘත සටනක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවා ඇති බව ය. භූගෝලීය පිහිටීම අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ශ්‍රී ලංකාව සුවිශේෂී හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇතැයි සඳහන් කළ ජනාධිපතිතුමා නීති විරෝධී මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙන ඒම වැළැක්වීම වෙනුවෙන් සියලු මිත්‍ර රටවල සහය අපේක්ෂා කරන බව ද මෙහිදී ප්‍රකාශ කළේ ය. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන ජනාධිපතිවරයා ගෙන යන ප්‍රබල සටන ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා කියා සිටියේ, තම පිලිපීන රාජ්‍ය සංචාරය සිදු වූයේ ද එම සේවාවට කරන ගෞරවයක් ලෙස බව ය. මත්ද්‍රව්‍ය ජාවාරම ලෝකයේ බොහෝ රටවලට අභියෝගයක් වුවද ඒ සඳහා නිසි පියවර නොගන්නේ ඇතැම් දේශපාලනඥයින් ඊට සම්බන්ධ වීම හේතුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, එය මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ පවතින විශාල ගැටලුවක් බව කියා සිටියේ ය. අද දවසේ ද ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීමට ප්‍රබල සටනක නිරතව සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, ඒ වෙනුවෙන් මෙම වසරේදී වැදගත් තීන්දු තීරණ රැසකට එළැඹෙන බව අවධාරණය කළේ ය. |
2019-01-19T04:35:39.000Z | තුඩැල්ලේදී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙකු මරුට | දෙදෙනෙකුට මරු කැඳවූ තුඩැල්ලේ දුම්රිය අනතුර | COLOMBO (News 1st) - ජා-ඇළ, තුඩැල්ල දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් අද පස්වරුවේ කාන්තාවක් සහ කුඩා දැරියක් මිය ගියහ. පොලීසිය සඳහන් කළේ, අනතුරින් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබූ බව ය. අද පස්වරු 2.45ට පමණ සිදු වූ එම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 3 දෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව සහ කුඩා දැරිය මිය ගිය බව පොලීසිය පැවසුවේ ය. මිය ගොස් ඇත්තේ, 08 හැවිරිදි වංචලා සමුදයා සහ 36 හැවිරිදි ඇගේ මවයි. ඔවුන් ජා-ඇළ, දඩුවම පදිංචිකරුවන් ය. යතුරු පැදිය ධාවනය කර ඇත්තේ, මිය ගිය කාන්තාවගේ ඥාති සහෝදරයෙකි. හලාවත සිට කොළඹ බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක යතුරු පැදිය ගැටී ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේ ය. |
2019-01-19T02:51:20.000Z | පානදුර - රත්නපුර මාර්ගයේ ගල්කඩුව ප්‍රදේශයේ රථවාහන ධාවනය සීමා කෙරේ | ගල්කඩුව ප්‍රදේශයේ රථවාහන ධාවනය සීමා කෙරේ | COLOMBO (News 1st) - පානදුර - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ගල්කඩුව ප්‍රදේශයේ අනාරක්ෂිත ගලක් පුපුරවා හැරීම හේතුවෙන් අද දහවල් සිට හෙට පස්වරු 6.00 දක්වා පැය 18 ක කාලයක් රථවාහන ධාවනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. ඒ අනුව රථවාහනවලට ඉඩංගොඩ, ඇරැපොල, ඇහැලියගොඩ හරහා කොළඹ මාර්ගයට පිවිසිය හැකි වනු ඇත. ඊට අමතරව කුරුගම්මෝදර, මාටුවාගල, ඇහැලියගොඩ සහ ගොරක ඇල, හල්පේ, කුරුවිල හරහා කොළඹ මාර්ගයට ගමන් කළ හැකි බව පොලීසිය පවසයි. |
2019-01-19T02:07:22.000Z | Don 3 මේ වසරේ තිරගතවීමට සූදානම් | Don 3 මේ වසරේ තිරගතවීමට සූදානම් | Don 3 සිනමා පටය මෙම වසරේදී තිරගත කිරීමට සැලසුම් කර ඇතැයි නිෂ්පාදක කණ්ඩායම පවසයි. ඩොන් චිත්‍රපට මාලාව ෆර්හාන් අක්තාර්ගේ අධ්‍යක්ෂණයකි. සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමග අනුෂ්කා ශර්මා සහ කත්‍රිනා කායිෆ් එහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ඇත. Don 3 සිනමා පටය මේ වසරේදී තිරගතවීමට අපේක්ෂා කළ ද මෙතෙක් ඒ සඳහා නිශ්චිත දිනයක් වෙන්කර නොමැත. |
2019-01-19T01:44:20.000Z | කසල තේ තොගයක් සමග සැකකරුවෙක් පොලිස් දැලේ | කසල තේ සමග සැකකරුවෙක් පොලිස් දැලේ | COLOMBO (News 1st) - වෙලම්බඩ, දළුක්කොටුව ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු කසල තේ තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ඔහු සන්තකයේ තිබී කසල තේ කිලෝග්‍රෑම් 3847 ක් හා ඒවා ප්‍රවාහනයට යොදා ගත් ලොරි රථයක් ද පොලීසිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු කසල තේ තොගය හා ලොරි රථය වැඩිදුර විමර්ශන සඳහා වෙලම්බඩ පොලීසිය වෙත භාරදී ඇත. |
2019-01-19T01:16:00.000Z | 'සේනා' හැටන් ප්‍රදේශයටත් ව්‍යාප්ත වෙයි | 'සේනා' හැටන් යයි... | COLOMBO (News 1st) - නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වතාවට සේනා දළඹුවන් හමුවී තිබේ. අප වාර්තාකරු පැවසුවේ, හැටන්, රුවන්පුර ජනපදයෙන් එලෙස සේනා දළඹුවන් හමුවී ඇති බවයි. හැටන්, රුවන්පුර ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කෘෂිකර්මාන්තය වන අතර ඔවුන් එළවළු, තේ වගාව මෙන් ම අමතරව බඩ ඉරිඟු වගාව සිදු කරනු ඇත. වගා කර තිබු බඩ ඉරිඟු ගස් කිසියම් කෘමියෙකු විසින් විනාශ කරන බවට අදාළ ගම්මානයේ ගොවියෙකුට දර්ශනය වී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමේදි අනාවරණවී ඇත්තේ, එම බඩ ඉරිඟු ගස්වල සේනා දළඹුවන් බිත්තර දමා ඇති බවයි. හැටන් රුවන්පුර ප්‍රදේශයෙන් සේනා දළඹුවා හමුවීමත් සමගම සේනා දළඹුවන් එළවළු වගාවට සහ තේ වගාවට ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ ගොවීන් සඳහන් කළහ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා ගොවීන්ට දැනුම් දෙන්නේ, සේනා ව්‍යාප්තිය පාලනය සඳහා බඩ ඉරිඟු අස්වනු නෙලීමෙන් පසු වගාව ගිනි තබා විනාශ කිරීමට පියවර ගන්නා ලෙසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට සේනා දළඹු වසන්තගය අම්පාර, අනුරාධපුර, මොණරාගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් වාර්තා වී ඇති බවයි. |
2019-01-18T23:38:11.000Z | ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගල මරණ 5ක් | ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගල මරණ 5ක් | COLOMBO (News 1st) - ගත වූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අඟුණකොළපැලැස්ස, හුංගම, නාරම්මල හා පොතුහැර යන ප්‍රදේශවල එම අනතුර සිදු ව ඇති බවයි. අඟුණකොළපැලැස්ස කලවැල්ල හන්දිය ආසන්නයේදී ඊයේ සවස 2.00 ට පමණ යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ, සූරියවැව හා අඟුණකොළපැලැස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. හුංගම, රන්න, නිදහස්ගම ප්‍රදේශයේදී ටිපර් රථයක යතුරුපැදියක ගැටීමෙන් ඊයේ පස්වරු 4.50 ට පමණ 34 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහු රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය. නාරම්මල කුරුණෑගල මාර්ගයේ බෙම්මුල්ලගෙදර ප්‍රදේශයේදී යතුරුපැදියක් හා පාපැදියක් ගැටීමෙන් 55 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඊයේ රාත්‍රි 11.50 ට පමණ පොතුහැර, පරවැවිල ප්‍රදේශයේදී ටිපර් රථයක ලොරි රථයක් ගැටීමෙන් 28 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේ ය. |
2019-01-18T22:27:07.000Z | අඟුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන්ට පහරදීම: දෙවන කණ්ඩායමේ පරීක්ෂණ අද සිට | රැඳවියන්ට පහරදීම: දෙවන කණ්ඩායමේ පරීක්ෂණ අද සිට | COLOMBO (News 1st) - අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීම සම්බන්ධව සොයා බැලීමට පත්කළ දෙවන පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. අමාත්‍යංශය පැවසුවේ, එහි වාර්තාව ලබන 25 වන දිනට පෙර විෂයභාර අමාත්‍යතුමියට භාරදීමට නියමිත බවයි. පසුගිය වසරේ නොවැම්බර් 22 වැනි දා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට එල්ල කළ පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි පත් කළ දෙවන පරීක්ෂණ කණ්ඩායම ඊයේ දිනයේදී නම් කෙරුණි. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී. එම්. නානායක්කාර, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී. එම්. එම්. එම්. බස්නායක, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී. ඩී. ඒ.ස්වර්ණලතා යන මහත්ම මහත්මීන් අදාළ කම්ටුවේ සාමාජිකයින්වේ. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරියගේ උපදෙස් පරිදි පත් කළ පළමු පරීක්ෂණ කමිටුව මේ වන විටත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන අතර එහි වාර්තාව ලබන සඳුදා ලබාදීමට නියමිතයි. |
2019-01-18T21:11:44.000Z | ට්‍රම්ප් හා උන් අතර මීළඟ හමුව වියට්නාමයේදී පැවැත්වීමේ සූදානමක් | ට්‍රම්ප් හා උන් අතර මීළඟ හමුව වියට්නාමයේ | අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර මීළඟ හමුව ලබන පෙබරවාරි මස අවසන් සතියේදී පැවැත්වීමට තීරණය වී තිබේ. ඒ, උතුරු කොරියානු නියෝජිත කිම් යොන්ග් චොල් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතර වොෂින්ටන් නුවර පැවති හමුවේදීයි. අදාළ හමුව පැවැත්වෙන දිනය පසුව නිවේදනය කරන බව ධවල මන්දිරය නිවේදනය කළේ ය. හමුව පැවැත්වෙන ස්ථානය, මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත. එහෙත් වියට්නාමයේදී නායකයින් දෙපළ හමුවනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. පසුගිය වසරේ සිංගප්පූරුවේ පැවති හමුවේදී දෙරටේ නායකයින් ඇතිකර ගත් එකඟතාවල සාර්ථක ප්‍රගතියක් පෙන්නුම් කරන බව ධවල මන්දිරය පවසයි. එහෙත් උතුරු කොරියාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අමෙරිකාව නිරන්තර අවධානයෙන් පසුවන බව ද ධවල මන්දිරය වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2019-01-18T20:49:20.000Z | හෙකිත්තේ වෙඩි තැබීම: 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනේ | හෙකිත්තේ වෙඩි තැබීම: 10 කගෙන් ප්‍රකාශ සටහන් ගැනේ | COLOMBO (News 1st) - වත්තල, හෙකිත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. වෙඩි තැබීම සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කෙනඩි ගුම්මා නැමැති පාතාල කණ්ඩායම සැකකරන බව පොලීසිය සඳහන් කළේ ය. වත්තල, හෙකිත්ත ප්‍රදේශයේ පසුගිය ඉරිදා පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගියහ. පොලීසිය පැවසුවේ, මෝටර් රථයක යමින් සිටි පිරිසකට තව ත් මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් මෙලෙස වෙඩි තබා පළාගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් මියගියේ, 28 හා 33 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පාතාල කණ්ඩායම් දෙකක් වන කෙනඩි ගුම්මා සහ සෙල්විගේ සාමාජිකයින් අතර පවතින ගැටුමක් වෙඩි තැබීමට හේතුවී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. වෙඩි තැබීමෙන් මියගියේ සෙල්විගේ කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් ඉදිරි විමර්ශන සිදු කෙරෙනු ඇත. |
2019-01-18T20:27:32.000Z | ලාංකික ධීවරයින් 10 දෙනෙකු විදෙස් අත්අඩංගුවේ | ලාංකික ධීවරයින් 10 දෙනෙකු විදෙස් අත්අඩංගුවේ | COLOMBO (News 1st) - ශ්‍රී ලාංකික ධීවරයින් 10 දෙනෙකු මේ වන විට විදෙස් අත්අඩංගුවේ පසුවන ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ, ශ්‍රී ලාංකික ධීවරයින් එලෙස මාලදිවයින හා ඉන්දියාව යන රටවල අත්අඩංගුවේ පසුවන බවයි. කාර්මික දෝෂයන්ට ලක් ව සිටියදී අදාළ ධීවරයින් සහ යාත්‍රා දෙකක් එම රටවල ආරක්ෂක අංශ එලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සම්බන්ධයෙන් නීතිමය පියවර අවසන්ව ඇති අතර ඉදිරි දින කිහිපයක තුළ ඔවුන් දිවයිට පැමිණීමට නියමිත බව පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ ය. |
2019-01-18T20:13:20.000Z | සීතල කාලගුණය තවදුරටත්... | සීතල කාලගුණය තවදුරටත්... | COLOMBO (News 1st) - පවතින අධික ශීත කාලගුණය ඉදිරි දින කිහිපයේත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා ප්‍රකාශ කළේ, ඉදිරි දිනයේ උදෑසන කාලයේ නුවරඑළිය නගරයට මල් තුහීන පතිතවීමේ හැකියාවක් ඇති බවයි. තව ද ඉදිරි දිනවල වැසි රහිත කාලගුණයක් පැවතීමේ හැකියාවක් ඇති බව ද ඔහු පැවසුවේ ය. |
2019-01-18T19:56:10.000Z | 'සේනා' නිසා කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ | 'සේනා' මැඩලීමට විශේෂ මෙහෙයුම්.. | COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක රැසක කෘෂි ආහාර බෝග වගාව අධිඅවදානමේ හෙළු සේනා වසංගතයෙන් ගොවි ජනතාව දැඩි පීඩාවට පත් ව සිටි. මේ අතර ඉදිරි සති දෙක තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති අංශයේ නිලධාරීන්ගේ ද නිවාඩු අවලංගු කර තිබේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා පැවසුවේ, සේනා දළඹු ව්‍යාප්තිය මර්දන වැඩසටහන හේතුවෙන් අදාළ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බවයි. බඩ ඉරිඟු හෙක්ටයාර් 45,000 කට පමණ සේනා දළඹු වසංගතය ආසාදනය වී ඇතැයි ද ඔහු පැවසුවේ ය. |
2019-01-18T19:46:17.000Z | V-Force ක්‍රියාන්විතයේ තව ත් අදියරක් අද කෑගල්ලේදී | V-Force ක්‍රියාන්විතයේ තව ත් අදියරක් අද කෑගල්ලේදී | COLOMBO (News 1st) - තරුණ නායකත්වය අභිසෙස් ගන්වමින් රට ගොඩනගන V-Force ක්‍රියාන්විතයේ තව ත් අදියරක් අද උදෑසන ආරම්භවීමට නියමිතයි. ඒ, කෑගල්ල දැදිගම කිනිවිට කණිෂ්ඨ විද්‍යාලයේදීයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ නගරයේ සිට කිලෝමීටර 15 ක දුරක් ගෙවා ගිය විට හමුවන එම විද්‍යාලයේ ඉතිහාසය 1922 වසර දක්වා දිවයන්නකි. එහි අදටත් දරුවන් අකුරු කරන්නේ ආරම්භක අවදියේ ඉදිවූ ගොඩනැගිලිවලයි. පසුගිය දා එහි ගිය V-Force කණ්ඩායමට සොඳුරු ඉගෙනුම් පරිසරයක අකුරු කරන්නට දරුවන්ට ඇති හීනය ගැන අවබෝධ වූ නිසාම මීළඟ V-Force ක්‍රියාන්විතයේ නවාතැන බවට එම විද්‍යාලය පත් කිරීමට අප තීරණය කළෙමු. ඒ අනූව අද උදෑසන එම විද්‍යාලයට ළඟා වන V-Force කණ්ඩායම විද්‍යාලයේ අබලන් වූ ගොඩනැගිලි පිළිසකර කරමින් ඒවායේ තීන්ත ආලේප කිරීමට සූදානම්. මීට මාස කිහිපයකට පෙර සීගිරියෙන් ඇරඹූ V-Force ක්‍රියාන්විතය තරුණ නායකයින් බල මුළු ගන්වමින් මීගමුව කළපුව පවිත්‍ර කිරීමට මෙන්ම කළු ගඟ දෙපස පැළ 4000 ක් රෝපනය කිරීමේ ව්‍යාපෘතියට අප අතිසාර්ථකව මුහුණ දුන්නෙමු. |
2019-01-18T19:34:36.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. සොර ග්‍රහණයට ලක්වූ ත්‍රිකුණාමල චීන වරාය තෙල් ටැංකි: ත්‍රිකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි කිහිපයක් හොරුන්ගේ ග්‍රහණයට ලක් ව ඇතැයි ඛනිජ තෙල් සේවක වෘත්තිය සමිති අනාවරණය කරයි. 2. පුපුරණ ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම ඇරඹේ: පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සිව්දෙනා රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරගෙන යන බව පොලීසිය පවසයි. 3. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය හා ශ්‍රී ලංකාව අතර 5 අවුරුදු සැලැස්මක්: ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය හා ශ්‍රී ලංකාව අතර 5 අවුරුදු ක්‍රියාකාරී සැලැස්මකට ඊයේ අත්සන් තැබීය. 4. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී අරඹයි: විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී අරඹයි. 5. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ ඇප මත මුදා හැරේ: රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ මහතා රුපියල් 10,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. විදෙස් පුවත් 6. පිලිප් කුමරු රිය අනතුරකට ලක් වෙයි: විදෙස් වාර්තා පැවසුවේ, නැගෙනහිර එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම් වතුයාය සමීපයේදී පිලිප් කුමරු රිය අනතුරකට මුහුණ පා ඇති බව ය. |
2019-01-18T10:49:23.000Z | සොර ග්‍රහණයට ලක්වූ ත්‍රිකුණාමල චීන වරාය තෙල් ටැංකි... | සොර ග්‍රහණයට ලක්වූ ත්‍රිකුණාමල චීන වරාය තෙල් ටැංකි | COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි කිහිපයක් හොරුන්ගේ ග්‍රහණයට ලක් ව ඇතැයි ඛනිජ තෙල් සේවක වෘත්තිය සමිති අනාවරණය කරයි. ලංකා IOC සමාගම යටතේ පවතින මෙම තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 2 ක බඳ කොටස කපා ගෙන ගොස් ඇත. ඊට අමතරව බොහෝ ටැංකිවල සැපයුම් නල හා කපාට ද හොරුන් විසින් රැගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු චීන වරාය පොලීසිය මගින් ඉකුත් 12 වැනි දා අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාව, ඉන්දීය සමාගම සමග ඇතිකරගත් ගිවිසුමේ ඇති දුර්වලතා නිසා මෙම තෙල් ටැංකි සංකීර්ණය විනාශ වෙමින් ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරයි. |
2019-01-18T07:57:13.000Z | A 350 යානා අවලංගු කිරීම සහ ප්‍රයෝජනයක් නැති යානයක් ලබා ගැනීම ව්‍යාපාර ආකෘතියට නොගැලපෙන බව ශ්‍රීලංකන් ගුවන් සමාගම කියයි | ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් නිවේදනයක්...! | COLOMBO (News 1st) - ණය කන්දක ගොදුරක් බවට පත් ව ඇති ශ්‍රීලංකන් සමාගම කල් බදු ක්‍රමයට ලබාගත් එයාර් බස් A 330 - 200 ගුවන් යානයක් ප්‍රයෝජනයකට නොගෙන පසෙකට දමා තිබෙන අයුරු පසුගිය දා අප අනාවරණය කළෙමු. අද ඒ පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. සමාගමේ කළමනාකාරීත්වය පවසන්නේ, 2016 වසරේදී A 350 ගුවන් යානා ඇණවුම් අවලංගු කිරීමට ගත් තීරණයත් එහිදී ඇතිකරගත් ගිවිසුමට අනුව A 330 - 200 යානයක් ලබා ගැනීමට ගත් තීරණයත් ආයතනයේ වර්තමාන ව්‍යාපාර ආකෘතියට නොගැලපෙන බවයි. කිසිදු ප්‍රයෝජනයකට නොගත් A 330 යානය පසුගිය කළමනාකාරීත්වය විසින් වෙනත් ගුවන් සේවාවකට කල්බදු ක්‍රමයකට ලබාදුන්නත් අදාළ සමාගම ද එම ගෙවීම් පහර හැර ඇතැයි ශ්‍රීලංකන් සමාගම පවසයි. ඔවුන් අද නිවේදනය කළේ, අදාළ සමාගමෙන් අලාභය පියවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට වර්තමාන කළමනාකාරීත්වය කටයුතු යොදමින් ඇති බවයි. හුවමාරු ගුවන් සේවයකට හෝ වෙනත් ගුවන් සමාගමකට යානය ලීසිං කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමුකර ඇති බවත් එතෙක් එම යානය කටුනායක රඳවා තබන බව ද ශ්‍රීලංකන් සමාගම පවසයි. රටේ ජනතාවගේ මුදල් විනාශ කරන මෙවැනි හොරුන් අනාවරණය කරන මාධ්‍ය කළු නම් මේ ගනුදෙනු පිටුපස සිටින පුද්ගලයින් හොර අලි නොවේ ද? |
2019-01-18T07:27:28.000Z | පුපුරණ ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම ඇරඹේ | වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් අයගෙන් ප්‍රශ්න කෙරේ | COLOMBO (News 1st) - පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සිව්දෙනා රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරගෙන යන බව පොලීසිය පවසයි. පසුගිය දිනවල මාවනැල්ල ප්‍රදේශයේදී බුදුපිළිම කැඩීමේ සිදුවීමකට සම්බන්ධ බවට සැකකෙරෙන අයෙකු වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල්වත්තක සැඟවී සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත විශේෂ කාර්ය බලකායේ ද සහය ඇති ව ඊයේ වැටලීමක් සිදු කළේ ය. පොලීසිය පැවසුවේ, වැටලීමේදී එම ස්ථානයේ රැඳී සිටි අවුරුදු 20 - 25 ත් අතර පසුවන සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් රැඳී සිටි ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරීමේදී වලදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ, කිලෝග්‍රෑම් 100 ක පමණ පුපුරණ ද්‍රව්‍ය පුරවන ලද බැරල් 3 ක් සහ නයිට්‍රික් ඇසිඩ් කැන් 6 ක් මෙහිදී සොයාගත් බවයි. ඩෙටනේටර් 99 ක්, වායු රයිෆලයක්, බෝර 12 තුවක්කුවක් ඊට යොදන පතරොම් 7 ක්, හිස්පතුරම් 7 ක්, කුඩාරම් 2 ක්, නවීන වර්ගයේ ඩිජිටල් කැමරාවක්, ලැප්ටොප් පරිගණකයක්, දෙමළ බසින් හා අරාබි බසින් මුද්‍රිත පොත්, වීසා බලපත්‍රයක් ඇතුළු ද්‍රව්‍ය රැසක් ද එහිදී හමුවිය. පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සිව්දෙනා අතර පොල්වත්තේ හිමිකරුගේ පුත්‍රයා ද සිටින බවයි. සොයාගත් පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබඳව අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් විශේෂ පරීක්ෂාවක් සිදු කර තිබේ. පොලීසිය පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත දින 90 ක රැඳවුම් නියෝග මත සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන බවයි. |
2019-01-18T07:08:41.000Z | ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය හා ශ්‍රී ලංකාව අතර 5 අවුරුදු සැලැස්මක් | ජනපති ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ චාරිකාවක | COLOMBO (News 1st) - ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය හා ශ්‍රී ලංකාව අතර 5 අවුරුදු ක්‍රියාකාරී සැලැස්මකට අද අත්සන් තැබීය. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද එහි කළ සංචාරය අතරතුරයි. ඊට අදාළ ගිවිසුමට ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය හා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා අත්සන් තැබූහ. ජනාධිපතිතුමාගේ සිව්දින පිලිපීන රාජ්‍ය සංචාරයේ වැදගත් අවස්ථාවක් ලෙස ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ කළ නිරීක්ෂණ චාරිකාව හැඳින්විය හැකි බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. මෙහිදී කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ කැපවීම අගය කිරීම පිණිස ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන භූමියේ එක් පරිශ්‍රයක් ජනාධිපතිතුමා නමින් නම් කිරීම ද සිදු විණි. වී වගාව සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම මෙන්ම ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ බීජ රෝපණය කිරීම පිළිබඳව ජනාධිපතිතුමා එහිදී නිරීක්ෂණය කර තිබේ. දේශගුණ විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සහ ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම සඳහා ලෝක සහල් පර්යේෂණ ආයතනයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳව ද එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී ජනාධිපතිතුමා දැනුවත් කළේ ය. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා පැවසුවේ, දේශගුණික විපර්යාසවලට මුහුණදෙමින් ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත දේශයක් බවට පත් කිරීම තම අරමුණ බවයි. |
2019-01-18T06:10:54.000Z | හෙරොයින් ජාවාරම් කළ සිව්දරු මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් | සිව්දරු මවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් | COLOMBO (News 1st) - හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 780 ක් සන්තකයේ තබා ගැනීම හා ජවාරම් කිරීම යන අධිචෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ කාන්තාවකට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. ඒ, මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. 2015 මැයි මස 26 වැනි දා කොළඹ අපරාධ කොට්ඨාසය බොරැල්ල බේස්ලයින් පාර ප්‍රදේශයේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරියට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනා දෙකටම වරදකාරිය බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව නිගමනය කළ අධිකරණය එකී අධිචෝදනා දෙකට වෙන් වෙන්ව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය. එලෙස සිර දඬුවම් නියම වුයේ 54 හැවිරිදි සිව්දරු මවකටයි. |
2019-01-18T05:42:47.000Z | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ ඇප මත මුදා හැරේ | නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේට ඇප | COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගනගේ මහතා රුපියල් 10,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ, සැකකාර නාගරික මන්ත්‍රීවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යි. ඇප ලබාගැනීමෙන් අනතුරුව සාමය කඩවන ආකාරයෙන් කටයුතු කළහොත් ඇප අවලංගු කරන බව ද පළමු සැකකාර කුලතිස්ස ගීගනගේ මහතාට මහේස්ත්‍රාත්වරිය අවවාද කළා ය. 2018 ඔක්තෝබර් 28 වැනි දා දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට අයුතු ලෙස ඇතුළුවීම හා අයුතු ජන රාශිය යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අද ඉදිරිපත් කළ සැකකාර පුලතිස්ස මහතාගේ ඥාතී පුත්‍රයෙකු වන ගයාන් කුලවංශ පුලතිස්ස නමැත්තා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම සැකකරු ලබන 25 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළා ය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකරමින් සිටියදී තව ත් සැකකරුවන් 8 දෙනෙකු අද අධිකරණය හමුවට නීතිඥයින් මගින් ඉදිරිපත්වී අධිකරණයට භාරවීමට අවසර ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයි එම සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදෙන ලෙසට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාට දැනුම් දුන්නේ ය. එහිදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තව ත් පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කළේ යැයි කියන ඇමති ආරක්ෂක ඒකකයේ පොලිස් සැරයන්වරයා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ඔහු ලබන 1 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. |
2019-01-18T05:27:56.000Z | වස විසෙන් තොර ආදර්ශ ගොවිපොළවල් 25,000 ක් ඇරඹීමට පියවර | ආදර්ශ ගොවිපොළවල් 25,000 ක් ඇරඹීමට පියවර | COLOMBO (News 1st) - වස විසෙන් තොර ආදර්ශ ගොවිපොළවල් 25,000 ක් රටපුරා ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, වස විසෙන් තොර දේශීය ආහාර පරිභෝජනය දිරි ගැන්වීම සඳහා ආදර්ශ ගොවිපොළවල් ආරම්භ කෙරෙන බවයි. රැකියා විරහිත ගෘහණියන් ආදර්ශ ගොවිපොළවල් ආරම්භ කිරීම සඳහා දිරි ගැන්වෙන අතර එම පවුල්වල දෛනික ආදායම් ඉහළ නැංවීම මෙහි අරමුණකි. |
2019-01-18T02:57:41.000Z | තරුණ නායකත්වයට නිසි තැන දෙන V-Force ක්‍රියාන්විතයේ තවත් අදියරක් හෙට කෑගල්ලේදී | V-Force ක්‍රියාන්විතයේ තවත් අදියරක් හෙට කෑගල්ලේදී | COLOMBO (News 1st) - තරුණ නායකත්වයට නිසි තැන දෙන V-Force ක්‍රියාන්විතයේ තවත් අදියරක් හෙට පෙරවරුවේ ආරම්භ වීමට නියමිත ය. V-Force, මීට මාස කිහිපයකට පෙර සීගිරියෙන් ඇරඹුණේ, තරුණ නායකයින් බලගන්වමිනි. මීගමුව මුහන්දිරම් කළපුව පවිත්‍ර කිරීම සහ කළු ගඟ දෙපස පැළ 4000ක් රෝපනය කිරීමේ ව්‍යාපෘති ද ඉන්පසු සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. හෙට තරුණ නායකයින් රැසක් සමග V-Force ක්‍රියාත්මක වන්නේ, කෑගල්ල දැදිගම කිනිවිට කණිෂ්ඨ විද්‍යාලයේදී ය. වරකාපොළ නගරයේ සිට කිලෝමීටර 15ක් ගිය විට හමුවන මෙම විද්‍යාලයේ ඉතිහාසය 1922 වසර දක්වා දිව යයි. එහි දරුවන් අකුරු කරන්නේ, ආරම්භක අවධියේ ඉදිවූ ගොඩනැගිලිවල ය. පසුගියදා එහි ගිය V-Force කණ්ඩායම එම විදුහල නිරීක්ෂණය කළේ ය. හෙට උදෑසන එම විද්‍යාලයේ අබලන් ගොඩනැගිලි පිළිසකර කරමින් තීන්ත ආලේප කිරීමට කටයුතු යොදා තිබේ. ෙ |
2019-01-18T01:21:19.000Z | ජනපති පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමු වෙයි | ජනපති පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමු වෙයි | COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමු විය. ඒ, මැනිලා නුවරදී ය. උසස් අධ්‍යාපනය ලබන සිසුන්, වෘත්තිකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊයේ ජනපති හමු විය. එහිදී ඔවුන් සිය ගැටලු ඉදිරිපත් කළ බවත්, පිලිපීනය සමග ඇති කර ගත් එකඟතා පිළිබඳව ජනාධිපතිතුමා ඔවුන්ට පැහැදිලි කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. |
2019-01-17T23:33:02.000Z | අධිවේගයේ සුඛෝපභෝගී බස් රථ සේවකයින් වැඩ වර්ජනයක | අධිවේගයේ සුඛෝපභෝගී බස් රථ සේවක වැඩ වර්ජනයක් | COLOMBO (News 1st) - අධිවේගී මාර්ගයේ ධාවනය වන මීගමුව - කොළඹ සියලු ම පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සේවකයින් අද උදෑසන සිට සේවයෙන් ඉවත්ව තිබේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, මීගමුව කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වීමට ලංගම සාමාන්‍ය සේවා බස් රථ කිහිපයක් එක් කිරීමට විරෝධය පළ කරමින් සේවකයින් වැඩ වර්ජනය ආරම්භ කර ඇති බව ය. |
2019-01-17T23:05:00.000Z | තෙරේසා මේ යළි ඡන්දයකට සැරසෙයි | තෙරේසා මේ යළි ඡන්දයකට සැරසෙයි | (News 1st) - විශ්වාසභංග යෝජනාව ජය ගැනීමෙන් පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ එරට පාර්ලිමේන්තුවේ බ්‍රෙක්සිට් ගිවිසුමට අදාළව යළිත් විවාදයක් සහ ඡන්ද විමසීමක් පැවැත්වීමට සූදානම් වේ. විදෙස් වාර්තා අනාවරණය කළේ, එම ඡන්ද විමසීම එළැඹෙන 29 වන දා පැවැත්වෙන බව ය. පසුගියදා බ්‍රෙක්සිට් ගිවිසුම එරට පාර්ලිමේන්තුවේදී පරාජය වුව ද අග්‍රාමාත්‍යවරිය එය නැවත ක්‍රියාවට නැංවීම මෙමගින් අපේක්ෂා කරනු ඇති. මේ අතර යුරෝපා සංගමය සඳහන් කළේ, බ්‍රෙක්සිට් ගිවිසුමක් හරහා බ්‍රිතාන්‍ය කරන ඉල්ලීම්වල වෙනසක් වන්නේ නම් පමණක් නව බ්‍රෙක්සිට් සාකච්ඡා සඳහා සූදානම් බව ය. |
2019-01-17T20:52:36.000Z | 2018/2019 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා නව පාඨමාලා 2ක් | රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා නව පාඨමාලා 2ක් | COLOMBO (News 1st) - 2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් 31,158 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා සඳහන් කළේ, එය පසුගිය වසරට සාපේක්ෂව සිසුන් 645ක වැඩි වීමක් බව ය. මේ අතර මෙ වසරේ සිට නව උපාධි පාඨමාලා දෙකක් අලුතින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක කෙරෙන එම උපාධි පාඨමාලා දෙක සමාජ වෘතවේදය සහ භූගෝල තොරතුරු විද්‍යාව නමින් හඳුන්වා දී ඇති බව ය. එම එක් පාඨමාලාවකට සිසුන් 50 බැගින් 2018/ 2019 අධ්‍යයන වර්ෂයේදී සිසුන් 100ක් බඳවා ගන්නා බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම්වරයා සඳහන් කළේ ය. |
2019-01-17T20:33:29.000Z | ජනාධිපති අරමුදල අද සිට නව ගොඩනැගිල්ලක | ජනාධිපති අරමුදල අද සිට නව ගොඩනැගිල්ලක | COLOMBO (News 1st) - ජනාධිපති අරමුදල අද සිට නව ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනතාවට වඩාත් පුළුල් සහ කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙහි අරමුණ බව ය. ජනාධිපති අරමුදල මෙතෙක් ක්‍රියාත්මක වූයේ කොළඹ 01 ජනාධිපති මාවත, රේණුකා ගොඩනැගිල්ල, අංක 41 දරණ ස්ථානයේ යි. එය අද සිට කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ලේක්හවුස් ගොඩනැගිල්ලේ 3 වන මහළේ අංක 35 දරණ ස්ථානයේ පිහිටුවීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඊට අදාළ කටයුතු හේතුවෙන් අද දින සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට සිදු වන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන බව ය. ජනාධිපති අරමුදලේ සේවා කටයුතු ජනවාරි 21 සිට යථා පරිදි සිදු කිරීමට නියමිත ය. ඒ හා සම්බන්ධ විය හැකි දුරකතන අංක ද පෙර පරිදිම ක්‍රියාත්මක අතර ඒ අනුව 011-2331245, 011-2431610 සහ 011-2382316 යන දුරකතන අංක මගින් ජනාධිපති අරමුදල හා සම්බන්ධ විය හැකි ය. |
2019-01-17T20:17:34.000Z | පිලිප් කුමරු රිය අනතුරකට ලක් වෙයි | පිලිප් කුමරු රිය අනතුරකට ලක් වෙයි | (News 1st) - පිලිප් කුමරු රිය අනතුරකට මුහුණ දී තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, නැගෙනහිර එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම් වතුයාය සමීපයේදී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බව ය. පිලිප් කුමරු ගමන් ගත් රථය වෙනත් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනෙක් රථයේ කාන්තාවන් දෙදෙනෙකු ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. අනතුරින් 97 හැවිරිදි පිලිප් කුමරුට කිසිදු හානියක් සිදුව නොමැති බව ද බකිංහැම් මාළිගය සඳහන් කළේ ය. රිය අනතුරත් සමග පිලිප් කුමරු කම්පනයට පත්ව ඇති බව ද වාර්තා වේ. |
2019-01-17T19:58:38.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ජර්මානු පොලීසිය සමත් වී තිබේ 2. අගුණකොළපැලැස්ස බන්ධානාගරය තුළදී බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන් පිරිසකට පහර දුන් බව කියන සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවට අමතරව රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් තවත් කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව විෂය භාර අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි. 3. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 455ක සහන ණයක් ලබා දීමට එකඟ වෙයි. 4. වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 4 දෙනෙකු ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. 5. විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන වාහන හැර රජයේ වාහන ඇතුළුව සියලු වාහන සඳහා කාබන් බද්ද ක්‍රියාත්මක බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. විදෙස් පුවත් 6. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඇයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව දෙවන වරටත් ජයග්‍රහණය කිරීමට සමත්වූවා ය. ක්‍රීඩා පුවත් 7. ලබන 7 වන දාට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය ලබන 21 වන දා දක්වා කල් දමා තිබේ. |
2019-01-17T19:46:26.000Z | මහින්ද රාජපක්ෂ අද විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී අරඹයි | මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී අරඹයි | COLOMBO (News 1st) - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත ය. මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතා සඳහන් කළේ, අද පෙරවරු 9.00ට ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායකවරයා වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ය. විපක්ෂ නායකවරයා එහිදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. මේ අතර දැනට පුරප්පාඩු වී තිබෙන විපක්ෂ නායකවරයාගේ ලේකම් ධූරය සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකුගේ නමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ද උදිත ලොකුබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය. |
2019-01-17T11:31:39.000Z | අගුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන්ට පහර දීම: පරීක්ෂණ සඳහා තවත් කමිටුවක් | අගුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන්ට පහර දීම | COLOMBO (News 1st) - අගුණකොළපැලැස්ස බන්ධානාගරය තුළදී බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන් පිරිසකට පහර දුන් බව කියන සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවට අමතරව රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් තවත් කමිටුවක් පත් කිරීමට පියවර ගත් බව විෂය භාර අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි. අගුණකොළපැලැස්ස බන්ධානාගරය තුළදී බන්ධනාගාර නිලධාරීන් රැඳවියන් පිරිසකට පහර දුන් බව කියන සිදු වීමේ දර්ශන පෙළක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යට නිකුත් කළේ ය. ඔවුන් පවසන්නේ, මෙම දර්ශන බන්ධනාගාර සී.සී.ටී.වී. කැමරාවල පසුගිය නොවැම්බර් මස 22 වන දින සටහන්ව තිබූ ඒවා බව ය. මේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විෂය භාර අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ දිනයේ කමිටුවක් පත් කිරීමට පියවර ගත්තා ය. මේ අතර අදාළ කමිටුවට පත් කළ නිලධාරියෙකු පිළිබඳව පැමිණිලි කිරීම සඳහා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නිලධාරීන් පිරිසක් අද පස්වරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙත පැමිණියහ. එමෙන්ම විෂය භාර අමාත්‍යවරිය පවසන්නේ, බන්ධනාගාර නිලධාරීන්ගේ මැදැහත්වීම මත මෙවන් ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව ය. මේ සිදුවීම සම්බන්ධයෙන් අප බන්ධනාගාර නිලධාරීවරයෙකුගෙන් කළ විමසීමකදී ද එය තහවුරු විය. ඔහුගේ පැහැදිලි කිරීමේ හඬ පටය අප සතුව ඇතත් එය ප්‍රචාරය කිරීම හරහා ඔහුගේ අනන්‍යතාව හෙළිවීම වැළැක්වීමේ අරමුණින් අප එය ප්‍රචාරය කිරීමෙන් වැළකී සිටියි. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් මෙලෙස වද හිංසාවලට ලක් කරනුයේ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ වෙනත් අරමුණු ඉටු කර ගැනීමේ චේතනාවෙන් බව ය. |
2019-01-17T10:54:14.000Z | ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන සැකකරුවෙකු ජර්මනියේදී අත්අඩංගුවට | ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන සැකකරුවෙකු අත්අඩංගුවට | (News 1st) - හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ජර්මානු පොලීසිය සමත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 39 හැවිරිදි මෙම සැකකරු නිරිතදිග ජර්මනියේදී අත්අඩංගුවට ගෙන ඇති බව ය. ඔහුගේ නිවස ද ජර්මානු පොලීසිය විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2005 වසරේදී හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය සහ ඊ.පී.ඩී.පී නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක බව ය. විදෙස් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයෙකු වීම, ඝාතනය කිරීම සහ ඝාතනයට තැත් කිරීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ. |
2019-01-17T10:04:08.000Z | ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුගේ වැටුප පිළිබඳව ක්‍රිකට් බලධාරීන් දුන් අපූරු පිළිතුර | ක්‍රිකට් ප්‍ර. පුහුණුකරුගේ වැටුප ගැන දුන් පිළිතුර | COLOMBO (News 1st) - ලබන 7 වන දාට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය ලබන 21 වන දා දක්වා කල් දමා තිබේ. ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, නීතිපතිවරයාගේ උපදෙස් අනුව නෛතික අවශ්‍යතාව මත නිලවරණය සති දෙකක කාලයක් කල් දැමීමට තීරණය කළ බව ය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ අපේක්ෂක මොහාන් ද සිල්වා මහතා සහභාගී වූ මාධ්‍ය හමුවක් අද පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුට ලබා දුන් අමෙරිකානු ඩොලර් 60000ක දීමනාව පිළිබඳව ද මාධ්‍යවේදීහු විමසීමක් කළහ. |
2019-01-17T09:50:01.000Z | ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 455ක සහන ණයක් | ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො.මි. 455ක සහන ණයක් | COLOMBO (News 1st) - අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමට පිලිපීන ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග ආදර්ශයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, ජනාධිපති රොඩ්‍රිගෝ ඩියුටර්ට් මහතා හමුවීමෙන් අනතුරුව ය. පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට ජනාධිපති රොඩ්‍රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුව ඊයේ පස්වරුවේ පැවැත්විණි. මේ අතර අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 3ක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 455ක ණය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා එකඟ වී තිබේ. ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 300ක් කුළුණු මත ඉදිවන කොළඹ වරාය පිවිසුම් මාර්ගය ඉදිකිරීමට යොදවනු ඇති. විද්‍යා තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 145කුත්, නගර සංවර්ධන ව්‍යාපෘතිවල ශක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් තාක්ෂණික ආධාර සැපයීමේ යෝජනා ක්‍රමයක් සඳහා ඩොලර් මිලියන 10ක මුදලකුත් ලබා දීමට ද මෙහිදී එකඟතාව පළ වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුව ජනාධිපතිවරයාට එකග වූ අමෙරිකානු ඩොලර් මිලියන 455ක මෙම ණය පහසුකම ලබා දෙන්නේ සහනදායී පදනමක් මත ය. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ ඩොලර් මිලියන 500ක වාරිකය ලබා ගැනීම සඳහා මුදල් ඇමතිවරයා වොෂින්ටන් නුවරට ගොස් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි. මූල්‍ය අරමුදල මේ පහසුකම ලබා දෙන්නේ දැඩි කොන්දේසිවලට යටත්ව ය. විනිමය පනත, දේශීය ආදායම් පනත ඇතුළු නීති ප්‍රතිසංස්කරණ මෙන්ම සමෘද්ධි අරමුදල් සහ විශ්‍රාම වැටුප් වැනි සුබසාධන කටයුතු සම්බන්ධයෙන් කෙරෙන වෙනස්කම් ද මෙම ණය ලබා දීමේ කොන්දේසිවලට ඇතුළත් බව පසුගිය දිනවල විපක්ෂය චෝදනා කළේ ය. දැඩි කොන්දේසි මත අධික පොළියකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 500ක වාරිකය ලබා ගැනීමට වෙහෙසෙද්දී සහන පදනමින් ඩොලර් මිලියන 455ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට ජනාධිපතිවරයාගේ පිලිපීන සංචාරයේදී හැකි වී තිබේ. |
2019-01-17T09:26:41.000Z | හපන්නට බැරි නම් බුරන්න එපා | හපන්නට බැරි නම් බුරන්න එපා | COLOMBO (News 1st) - යාපනය පේදුරුතුඩුවේදී ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා මාධ්‍ය පිළිබඳව අදහස් පළ කළේ ය. මෙහිදී ඔහු අප මාධ්‍ය ආයතනය දකුණේ භයානක ප්‍රචාරයක් කරමින් සිටින බවට චෝදනා කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා මෙවැනි චෝදනාවක් අප වෙත නගන්නේ පසුගියදා ඔහු විසින්ම ප්‍රකාශ කළ කරුණක් සම්බන්ධවයි. පසුගිය 12 වන දා ඔහු මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ ය. ජනාධිපති නිතීඥ එම්.ඒ. සුමන්දිරන් - පා.ම. මාධ්‍ය ප්‍රකාශක - දෙමළ ජාතික සන්ධානය "සිංහල ජනතාවගේ හදවත් දිනා ගත යුතුයි. රට බෙදෙයි කියලා ඔවුන් තුළ විශාල බියක් තියෙනවා. ඒකට හේතුව මම දන්නේ නැහැ. බෙදෙන්නත් පුළුවන්." මේ ප්‍රවෘත්තිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ මෙසේ පැවසුවේ ය. ජනාධිපති නිතීඥ එම්.ඒ. සුමන්දිරන් - පා.ම. මාධ්‍ය ප්‍රකාශක - දෙමළ ජාතික සන්ධානය "එදා සිංහල ප්‍රවෘත්තියේ සිරස්තල විදියට ඒගොල්ලෝ කියන ප්‍රවෘත්තිය, වෙනම රටක් නිර්මාණය විය හැකි යැයි සුමන්දිරන් පවසනවා. ඒක තමයි ඒ ගොල්ලෝ කියපු ප්‍රවෘත්තිය. සිරස ප්‍රවෘත්තියෙන්." 12 වන දා කළ ප්‍රකාශයෙන් පසු දකුණේ තමන්ට එරෙහිව ගොඩනැගෙන විරෝධතා සහ තමා ආරක්ෂා කිරීමට කැප වී සිටින එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනුවෙන් මුලින් පැවසු දේ තමන් ප්‍රකාශ නොකළේ යැයි ඒත්තු ගැන්වෙන අයුරින් කටයුතු කිරීමට සුමන්දිරන් මහතා උත්සහ කරනු දැකිය හැකියි. මුලින් පැවසූ කරුණක් බලපෑම් හේතුවෙන් ඉල්ලා අස් කර ගන්නා තැනට වැටීමට, අපි දේශපාලනඥයින් නොවන අතර, මධ්‍යස්ථව වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යයක් බව ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතාට සිහිපත් කරන්නෙමු. |
2019-01-17T08:48:21.000Z | පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 4ක් අත්අඩංගුවට | පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 4ක් කොටුවෙති | COLOMBO (News 1st) - වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව මෙම වැටලීම කර තිබේ. වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ අක්කර 75ක් පමණ විශාල පොල් වත්තක් පරීක්ෂා කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය පොලීසිය විසින් සොයා ගනු ලැබී ය. පොලීසිය සඳහන් කළේ, එහි තිබී ඩෙටනේටර් 100ක් ද සොයා ගත් බව ය. පුපුරණ ද්‍රව්‍ය වර්ගය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි. |
2019-01-17T05:04:20.000Z | රජයේ වාහන ඇතුළුව සියලු වාහන සඳහා කාබන් බද්ද මෙම මස සිට ක්‍රියාත්මකයි | කාබන් බද්ද මෙම මස සිට ක්‍රියාත්මකයි | COLOMBO (News 1st) - විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන වාහන හැර රජයේ වාහන ඇතුළුව සියලු වාහන සඳහා කාබන් බද්ද ක්‍රියාත්මක බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කළේ, මෙම මාසයේ සිට අදාළ බද්ද ක්‍රියාත්මක බව ය. රජය සතු වාහන කාබන් බද්දෙන් නිදහස් කර ඇති බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි. සෑම මෝටර් රථයක්ම ලියාපදිංචි කරනු ලබන පළමු වර්ෂයේදී හැර වාර්ෂික ආදායම් බලපත්‍රය අලුත් කරන අවස්ථාවේ මෙම බද්ද අය කෙරනු ඇති. |
2019-01-17T04:43:59.000Z | මේ වසරේදී චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 3ක් | මේ වසරේදී චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 3ක් | COLOMBO (News 1st) - මේ වසරේදී චන්ද්‍රග්‍රහණ දෙකක් සහ සූර්යග්‍රහණ තුනක් ලෝකවාසීන්ට දැක ගත හැකි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ, මේ මස 21 වන දා සහ ජුලි 16 වන දා චන්ද්‍රග්‍රහණ ඇති වන බව ය. මේ වසරේ පළමු සූර්යග්‍රහණය පසුගිය 06 වන දා ඇති වූ අතර ජුලි 02 වන දා සහ දෙසැම්බර් 26 වන දා ද සූර්යග්‍රහණ ඇති වන බව ඔහු පෙන්වා දෙයි. එහෙත් ලංකාවාසීන්ට ඉන් දැක ගත හැකි වන්නේ, ජුලි 16 වන දා ඇති වන අර්ධ චන්ද්‍රග්‍රහණය සහ දෙසැම්බර් 26 වන දා ඇති වන වලයාකාර සූර්යග්‍රහණය පමණි. දෙසැම්බර් මස ඇති වන ඉතා විරළ වලයාකාර සූර්යග්‍රහණය යාපනය සිට ත්‍රිකුණාමලය දක්වා ප්‍රදේශවලට ඉතා හොඳින් දිස්වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. |
2019-01-17T04:12:34.000Z | බඹරුන් දෂ්ඨ කිරීමෙන් ඇල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් 70ක් රෝහල්ගත කෙරේ | ඇල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් 70ක් රෝහල්ගත කෙරේ | COLOMBO (News 1st) - බඹරුන් දෂ්ඨ කිරීමෙන් ඇල්ල බල්ලකොටුව ප්‍රදේශයේ පාසලක සිසුන් 70 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ක්‍රීඩාංගණයේ සිටියදී බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය. තුවාල ලැබූ සිසුන් දෙමෝදර සහ බදුල්ල රෝහල්වලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. |
2019-01-17T03:11:31.000Z | ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන අද දෙවන දිනටත් | ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන අද දෙවන දිනටත් | COLOMBO (News 1st) : 2018 ස්පෝර්ට්ස් ෆස්ට් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. දිවයිනේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කිරමින් ඔවුන් තව තවත් දිරිගැන්වීම ප්ලැටිනම් සම්මාන ප්‍රධානයේ අරමුණයි. අද මෙම ප්‍රවර්ධන වැඩසහන ආරම්භ වූයේ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙනි. ගම්පහ දිස්ත්‍රික් සෞන්දර්ය සහ ක්‍රීඩා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ චමල්කා අතපත්තු, බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ඉරාන් සිල්වා, අලයාන්ස් සමාගමේ සහකාර අධ්‍යක්ෂ ඩිල්ෂාන් රොඩ්රිගෝ සහ සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්තාවට එක්ව සිටියහ. ප්ලැටිනම් සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන 20ක් සහ ඇගයීම් සම්මාන 10ක් පිරිණැමීමට නියමිතයි. මෙවර ප්ලැටිනම් සම්මාන උළෙලේ අනුග්‍රාහක ලෙස කටයුතු කරන්නේ, ලෝ ප්‍රකට අලියාන්ස් සමාගමයි. මෙම වැඩසටහන සමගාමීව ප්‍රදේශයේ ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ප්ලැටිනම් සම්මාන ද ප්‍රදානය කෙරිණ. ගම්පහ දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් කෲස් පුල්ලේ ප්ලැටිනම් රන් පදක්කම දිනා ගත්තේ ය. එහි රිදී පදක්කම ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ශානිකා ලක්ෂානිට සහ ලෝකඩ පදක්කම කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ පී.වී. ජයතිලකට හිමි විය. https://www.youtube.com/watch?v=VUw2k_jRTjA |
2019-01-17T03:01:22.000Z | වෛද්‍ය පීඨය විවෘත කිරීමට දේශපාලකයින් එපා..! සබරගමු සිසුන් මහ පාරේ විරෝධතාවක | වෛද්‍ය පීඨය විවෘත කිරීමට දේශපාලකයින් එපා..! | COLOMBO (News 1st) : රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගය හිදැල්ලන, ප්‍රදේශයෙන් අවහිර කරමින් සරසවි සිසුන් පිරිසක් උද්ඝෝෂණයක නිරතව සිටිති. ඔවුන් මෙම උද්ඝෝසණය ආරම්භ කර ඇත්තේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය විවෘත කිරීම සඳහා දේශපාලනඥයින් පැමිණීමට විරෝධය පළ කරමිනි. සිසුන් චෝදනා කරන්නේ, තමන් වසර ගණනාවක් කරන ලද අරගලක ප්‍රථිපලයක් ලෙස දිනා ගත් මෙම වෛද්‍ය පීඨය වාසි ලාබාගනීමේ අරමුණින් දේශපලනීකරණය කිරීමට උත්සහ කරන බවයි. සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංඛ ගමගේ මහතා සඳහන් කළේ, සරසවි සිසුන්ට වෛද්‍ය පීඨය විවෘත කිරීමේ උත්සවයට ඇරයුම් කර නොමැති බවයි. අද දිනයේ පීඨය විවෘත කිරීම සඳහා දේශපාලනඥයින් පැමිණීමට විරෝධය පළ කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ පෙරවරුවේ ද විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. සබරගමුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට , පාගමනින් පැමිණි සිසුන් ප්‍රධාන පිවිසුම ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ. https://www.youtube.com/watch?v=0p9W5AGgoBg |
2019-01-17T01:59:31.000Z | රජයේ ආයතනවල වංචා,දූෂණ සෙවීමට ජනපති කොමිසමක් | රජයේ ආයතනවල වංචා,දූෂණ සෙවීමට ජනපති කොමිසමක් | COLOMBO (News 1st) : 2015 ජනවාරි 14 වන දා සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රජයේ ආයතන තුළ සිදුව ඇතැයි සැලකෙන වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසන් සභාවට තවත් සාමාජිකයෝ සිව්දෙනෙක් ඇතුළත් වෙති. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී විරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පී.ඒ. පේමතිලක , විශ්‍රාමික අමාත්‍යාංශ්‍ය ලේකම් ලලිත් ආර් ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ යන මහත්ම මහත්මින් එහි සමාජිකයින් ය. |
2019-01-17T01:05:31.000Z | ගෝඨාභයට එරෙහි නඩුව 22 සිට අඛණ්ඩව විභාගයට | ගෝඨාභයට එරෙහි නඩුව 22 සිට අඛණ්ඩව විභාගයට | COLOMBO (News 1st) : හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇත් නඩුව ලබන 22 වන දා සිට අඛණ්ඩව විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කළේ ය. D A රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ පවරා ඇති මෙම නඩුව අද චම්පා ජානකී රාජරත්න, සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවී ය. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන් 18 දෙනෙකුට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම වළක්වන නියෝගයක් ද නිකුත් කළේ ය. ඒ, ඔවුන් අතරින් කිහිපදෙනෙකු විදේශගත වීමට සූදානමක් ඇති බවත්, එක් අයෙකු හෝ විදේශගත වුවහොත් නඩුව අඛණ්ඩව විභාගයට ගැනීමට බාධාවක් විය හැකි බවත්, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දීමෙන් අනතුරුවයි. නඩු විභාගය ආරම්භ කිරීමේ පසු සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම සඳහා පැමිණිල්ල විසින් විශේෂ ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේ ය. |
2019-01-17T00:46:35.000Z | මග අනතුරු 3කින් සිව් දෙනෙක් මරුට... | මග අනතුරු 3කින් සිව් දෙනෙක් මරුට... | COLOMBO (News 1st) : පස්සර - ලුණුගල මාර්ගයේ කොට්ටල්බැද්ද ප්‍රදේශයේදී වෑන් රථයක් ඔයකට පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, කළුතර ප්‍රදේශයේ පැවති පොලිස් නිලධාරීන් විසිර යාමේ පෙළපාලියකට සහභාගී වී යළි පැමිණෙමින් සිටි පිරිසක් අද අලුයම එලෙස අනතුරට ලක්ව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ 48 හැවිරිදි ලුණුගල ජනතාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාලකරුවන් ලුණුගල හා බදුල්ල රෝහල්වල ඇතුළත් කර තිබේ. මේ අතර හලාවත ,අහංගම හා හුංගම ප්‍රදේශවල සිදුවූ තවත් රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, හලාවත බංගදෙණිය ආණමඩුව මාර්ගයේ ගුරුමිතැන්න ප්‍රදේශයේදී බස් රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් 35 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බවයි. ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කන්ද රෝහල ඉදිරිපිටදී යතුරු පැදියක් බවුසරයකට යටවීමෙන් එහි ගමන් ගත් 66 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තංගල්ල, හුංගම මාර්ගයේ රන්න කහදාව ප්‍රදේශයේදී මොටර් රථයක් බස් රථයක ගැටීමෙන් 35 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව පොලිසිය සඳහන් කළේ ය. |
2019-01-16T23:11:56.000Z | මත්තෙගොඩ - පිටකොටුව පෞ. බස් වර්ජනයක් | මත්තෙගොඩ - පිටකොටුව පෞ. බස් වර්ජනයක් | COLOMBO (News 1st) : මාර්ග අංක 138/1 මත්තෙගොඩ - පිටකොටුව පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, බස් නැවතුම්පොළ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බවයි. හෝමාගම ප්‍රාදේශිය සභාව අදාළ බස් නැවතුම්පොළ ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටින බව ඔහු පැවසී ය. ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන තෙක් වැඩ වර්ජනය ක්‍රියාත්මක බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ය. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, සභාපති ගැමුණු විජේරත්න මත්තෙගොඩ, පිටකොටුව |
2019-01-16T23:01:01.000Z | ශ්‍රී ලංකා-අයර්ලන්ත ඒ කණ්ඩායම් අතර තරගය අවසන් | ශ්‍රී ලංකා-අයර්ලන්ත ඒ කණ්ඩායම් අතර තරගය අවසන් | COLOMBO (News 1st) : ශ්‍රී ලංකා - අයර්ලන්ත ඒ කණ්ඩායම් අතර දෙවැනි නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහදුන් අයර්ලන්ත ඒ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 508 ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීය. නීල් රොක් ලකුණු 85ක් රැස් කළේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 303කට දැවී ගියේ ය. ඇන්ජලෝ පෙරේරා ලකුණු 127ක් රැස් කළ අතර අශාන් ප්‍රියංජන් ලකුණු 27ක් රැස් කළහ. කැමරන් ඩොව් ලකුණු 99ට කඩුලු 5ක් දවා ගත්තේ ය. ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 180කි. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද්විත්ව ශතකයක් වාර්තා කළේ ය. චාමික කරුණාරත්න නොදැවී ලකුණු 100ක් රැස් කළේ ය. කඩුලු 7ක් දැවී ලකුණු 468ක් රැස් කරගෙන සිටියදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සිය දෙවැනි ඉනිම අත්හිටුවී ය. ඒ අනුව ලකුණු 264ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත ඒ කණ්ඩායම ඊයේ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 89කි. |
2019-01-16T22:19:17.000Z | තෙරේසා මේ නැවතත් ජයගනී | තෙරේසා මේ නැවතත් ජයගනී | බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඇයට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංග යෝජනාව දෙවන වරටත් ජයග්‍රහණය කිරීමට සමත්වූවා ය. ඒ මෙරට වේලාවෙන් අද අලුයම එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදීයි මෙහිදී ඇයට පක්ෂව ජන්ද 325 ක් ලැබී තිබූ අතර විපක්ෂව ජන්දය භාවිත කළ පිරිස 306 කි. විප්ලවකාරී ටෝරි මන්ත්‍රීවරුන් සහ ඩීයූපී පක්ෂ මන්ත්‍රීවරුන් තෙරේසා මේ ට සහය පළ කිරීම ඇය මෙම විශ්වාස භංගය ජයගැනීමට මුල්විය. කෙසේවෙතත් එම විශ්වාස භංග ජන්ද විමසීම පැවැත්වීමට පැය 24 කට පෙර ටෝරි සහ ඩී යූ පී පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ගිවිසුම පරාජය කිරීමට ජන්දය ලබාදීම විශේෂත්වයකි. ඊයේ රාත්‍රියේ අග්‍රාමාත්‍යවරිය එස් එන් පී , ලිබරල් ඩිමොක්‍රැටික් සහ ප්ලේඩ් සිම්රූ පක්ෂ නායකයන් හමුවු නමුත් ලේබර් පක්ෂ නායක ජෙරම් කෝබින් මෙම හමුවට සහභාගී නොවීය. ජෙරමි කෝබින් සඳහන් කළේ, ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ විකල්පය ඉවත්කිරීමට තෙරේසා මේ පියවර ගන්නා තෙක් තමන් මෙම සාකච්ජාවලට සහභාගී නොවන බවයි . කෙසේ වෙතත් මෙම සාකච්ජාවලට සහභාගීවීමට ඔහුට අවැසි නම් ඕනෑම වේලාවක දොර විවෘතව තබා ඇති බව ද තෙරේසා මේ ප්‍රකාශ කළා ය. බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුධකාරී තත්ත්වය පහකර , බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්කරගැනීමේ ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවයකට එළැඹීම මෙම හමුවීම්වල අරමුණ ලෙස සඳහන් ය. තෙරේසා මේ ලබන සඳුදා බ්‍රෙක්සිට් ගිවිසුම අනුමත කරගැනීමේ ඉදිරි පියවර පිළිබඳ සාකච්ජා කිරීමට මහජන මන්ත්‍රී මණ්ඩලය වෙත යාමට නියමිත වේ. සිය ජයග්‍රහණයෙන් පසු ජාතිය ඇමතූ තෙරේසා මේ , ඉකුත් පැය 24 තුළ සිදුවු දේ අවිනිශ්චිත ස්වභාවයක් පෙන්නුම් කළ නමුත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට අවැසි දේ ලබාගැනීමට එක්ව කටයුතු කරන බව ප්‍රකාශ කළා ය. |
2019-01-16T20:26:21.000Z | සේනා වැනසූ ගොවිබිම් ගැන News 1st අධ්‍යයනය අදත් | සෙනා වැනසූ ගොවිබිම් ගැන News 1st අධ්‍යයනය අදත් | COLOMBO (News 1st) : සේනා දළඹුවන්ගෙන් හානියට පත් වගා බිම් පිළිබඳ නිව්ස්ෆස්ට් ආරම්භ කළ අධ්‍යයනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ. වගාබිම් වෙත ගොස් මේ අධ්‍යයනය සිදු කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද සහය ඇතිවයි. බඩ ඉරිඟු බහුල ලෙස වගා කර ඇති දිස්ත්‍රික්කවල මේ අධ්‍යයනය සිදු කිරීමට නියමිතයි. අප කණ්ඩායම් අදත් අනුරාධපුර, මොනරාගල හා අම්පාර ප්‍රදේශවල වගා බිම් වෙත යාමට සැලසුම් කර තිබේ. මේ අතර සේනා දළඹු වසංගතය හේතුවෙන්, සිදුව ඇති වගා හානි සම්බන්ධයෙන්, සමීක්ෂණයක් ආරම්භ කිරිමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, හෙට සිට එම සමීක්ෂණය ආරම්භ කරන බවයි. සමීක්ෂනය සඳහා සියලු ප්‍රදේශ වෙත නිලධාරී කන්ඩායම් යොමු කරන බව ද, ඔහු සඳහන් කළේ ය. |
2019-01-16T19:59:14.000Z | කෝටි 6ක කුඩුත් එක්ක සැකකරුවෙක් කඩුවෙලදී කොටු | කෝටි 6ක කුඩුත් එක්ක සැකකරුවෙක් කඩුවෙලදී කොටු | COLOMBO (News 1st) : රුපියල් කෝටි 6කට අධික වටිනා හෙරොයින් තොගයක් සමග කඩුවෙල, කොතලාවල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ රාත්‍රි කළ වැටලීමකදී අදාළ සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සොයා ගත් බවයි. 53 හැවිරිදි සැකකරු ත්‍රිරෝද රථයකින් හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ බව පොලීසිය පැවසී ය. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. |
2019-01-16T19:47:40.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | බෙදාගැනිම්: COLOMBO (News 1st) 1. අගුණකොළපැලැස්සේ රැඳවියන්ට පහරදීම ගැන සෙවීමට ත්‍රි පුද්ගල කමිටුවක් : අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කර තිබේ. 2. IMF නියෝජිත කණ්ඩායමක් පෙබරවාරි මාසයේ දිවයිනට : අයි.එම්.එෆ්. ණය වැඩසටහන් යළි මෙරටට ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන මාසයේ මෙරටට පැමිණීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 3. මහින්ද රාජපක්ෂ ගොනු කෙරූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවයි : අග්‍රාමාත්‍ය ධූරයෙන් සහ කැබිනට් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. 4. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය: නාලක ද සිල්වා යළි රිමාන්ඩ් : ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් නමැත්තා ලබන 21 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. විදෙස් පුවත්... 1. බ්‍රෙක්සිට් ගිවිසුම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ඉවතට: අගමැති තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක් : බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ගිවිසුම එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය. ක්‍රීඩා පුවත්... 1. 2018 ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ : ප්ලැටිනම් සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් සංවිධාන කරනු ලබන පළමු ක්‍රීඩා සම්මාන උළෙලයි. අධ්‍යාපන අමාත්‍යංශයේ හා ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය සමගින් මෙම වැඩසටහන කොළඹදී ඊයේ ආරම්භ විය. |
2019-01-16T19:11:32.000Z | හිටපු LTTE සාමාජිකයින් 2 කට10 වසරක සිරදඬුවම් | හිටපු LTTE සාමාජිකයින් 2 කට10 වසරක සිරදඬුවම් | COLOMBO (News 1st) : අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට වරද පිළිගත් LTTE සංවිධානයේ හිටපු සාමාජිකයින් දෙදෙනෙකුට වසර 10 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණ. ඒ දඩුවම් කාලය වසර 5 කින් ගෙවී යන ලෙසයි. විත්තිකරුවන්ට දඬුවම් නියම කළේ, උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතායි. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගුවනින් සහ ගොඩබිමින් එකවර පහර දී ගුවන් යානා 16 ක් විනාශ කර රුපියල් කෝටි 400 කට අධික අනර්ථයක් සිදුකළ බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල කර තිබිණ. නීතිපතිවරයා විසින් නගා ඇති අධිචෝදනාවන්ට වරද පිළිගැනීමට තමන් සුදානම් බව විත්තිකරුවන් දෙදෙනා නීතිඥවරයා මාර්ගයෙන් මහාධිකරණයට දන්වනු ලැබී ය. 2007 වසරේ සැප්තැම්බර් 22 වන දා අලුයම මෙම ප්‍රහාරය එල්ල වූ අතර පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් මෙම විත්තිකරුවන් දෙදෙනා ඊයේ දින දඬුවම් නියම කරන තෙක් වසර 8 කට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවිය. |
2019-01-16T18:55:47.000Z | මැතිවරණ කොමිසමෙන් ජනපති හා අගමැතිට ලිපියක් | මැතිවරණ කොමිසමෙන් ජනපති හා අගමැතිට ලිපියක් | COLOMBO (News 1st) : පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේදී කඩිනම් විසඳුමකට එළැඹෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ දේශපාලන පක්ෂ නායකයින්ට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ. මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිධාරියෙකු සඳහන් කළේ, පසුගිය 11 වනදා මැතිවරණ කොමිෂන් සභාවේදී පැවති දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමකදී එළැඹි තීන්දු තීරණ ඇතුළත් සාකච්ඡා සටහන් ද එම ලිපියට අමුණා ඇති බවයි. දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හතරක් පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරිණ. එම විකල්ප ක්‍රියාමාර්ගවලින් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුව කටයුතු කිරීම වැදගත් වනු ඇතැයි ද මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ නායකයින්ට යවා ඇති එම ලිපියේ වැඩිදුරටත් සඳහන් ය. ඒ අනුව පළාත් සභා මැතිවරණය සමානුපාතික මනාප ක්‍රමයට පැවැත්වීම, මිශ්‍ර සමානුපාතික ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය අනපනත් කඩිනමින් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ දේශපාලන පක්ෂ නායකයින්ගේ අවධානය යොමු කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, දැනට පවතින නෛතික ගැටලු කඩිනමින් විසඳුන හොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් පැවැත්විය හැකි බවයි. |
2019-01-16T18:51:15.000Z | පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද | පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද | COLOMBO (News 1st) : 2019 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද සිදුකෙරෙයි. එහි ජාතික උත්සවය පැවැත්වෙන්නේ, ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේදීයි. , ඊට සමාගාමීව දරුවන් රුක් රෝපණය සඳහා නැඹුරු කිරීමේ විශේෂ රුක් රෝපණ වැඩසටහනක් ද අද ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය. එකට වවමු, එකට වැඩෙමු ලෙස එය නම් කර තිබේ. ප්‍රාථමික අංශ ක්‍රියාත්මක රජයේ පාසල් 9193ක් සඳහා සෑම වසරකම පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ හතලිස් දහසකට ආසන්නයි. එම දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එම්. රත්නායක මහතා ප්‍රකාශ කළේ, පළමු ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා සෑම සිසුවෙකුට ම පාසලක් ලබා දීමට පියවර ගෙන අති බවයි. යම් හෙයකින් පාසලක් නොලැබුණු දරුවෙකු වෙත්නම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හමුවී දරුවාට ඇතුළත් වීමට පාසලක් ලබාගත හැකි බව ඔහු දෙමාපියන්ට දැනුම්දෙයි. |
2019-01-16T07:11:56.000Z | හිටපු ඇමති බැසිල්ට එරෙහි නඩුව කල්යයි | හිටපු ඇමති බැසිල්ට එරෙහි නඩුව කල්යයි | COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහි නඩු විභාගය ලබන මාර්තු මස 28 වන දින දක්වා කල් තැබිණ. අද දින නඩුව කැඳවනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 ක් වැය කර දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ අරමුණින් ජී. අයි. බට මිලදී ගෙන පළාත් පාලන ආයතන වෙත බෙදා හැරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ. අද දිනයේදී නඩුව කැඳ වූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා විත්ති පාර්ශවයට අවශ්‍ය ලිපි ලේඛන භාරදෙනු ලැබී ය. තවත් ලිපි ලේඛන භාරදීම සඳහා නඩු විභාගය ලබන මාර්තු 28 වන දිනට කල් තැබී ය. |
2019-01-16T05:57:06.000Z | අගුණකොළපැලැස්සේ රැඳවියන්ට පහරදීම ගැන සෙවීමට ත්‍රි පුද්ගල කමිටුවක් | රැඳවියන්ට පහරදීම ගැන සෙවීමට ත්‍රි පුද්ගල කමිටුවක් | COLOMBO (News 1st) : අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කර තිබේ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පැවසුවේ, ලබන සඳුදාට පෙර අදාළ වාර්තාව ලබාදෙන ලෙස අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවයි. බන්ධනාගාර නිලධාරීන් විසින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට බිම දණ ගස්වා පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන නිකුත්වීමෙන් අනතුරුව මෙම විමර්ශනය පැවැත්වීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගෙන තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මස 22 දා සිදුව ඇතැයි, පැවසෙන මෙම පහරදීම පිළිබඳ සෙයා බැලීම සඳහා පත් කළ මෙම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ය. පහරදීම පිළිබඳ අදාළ කමිටු වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා ය. |
2019-01-16T05:00:10.000Z | ගල්කුලමේ ඉන්ධන පිරවුම්හලක ගින්නක් | ගල්කුලමේ ඉන්ධන පිරවුම්හලක ගින්නක් | COLOMBO (News 1st) : අනුරාධපුර, ගල්කුලම ඉන්ධන පිරවුම්හලේ ඇති වූ ගින්න මේ වනවිට නිවා දමා තිබේ. තිරප්පනේ පොලීසිය සඳහන් කළේ, ගින්නෙන් ඉන්ධන බවුසරයක් සම්පුර්ණයෙන් ම ගිනිගෙන විනාශ වී ඇති බවයි. ඉන්ධන පිරවුම්හලට ද ගින්නෙන් හානි සිදුව ඇතැයි පොලීසිය පැවසී ය. අද පස්වරු 2.50 ට පමණ හටගත් ගින්න නිවා දැමීම සඳහා අනුරාධපුර ගිනි නිවීම් ඒකකයේ නිලධාරින් , තිරප්පනේ සහ මිහින්තලේ පොලීසිය මෙන්ම ප්‍රදේශවාසීහු ද එක්ව සිටියහ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. |
2019-01-16T03:50:42.000Z | ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය: නාලක ද සිල්වා යළි රිමාන්ඩ් | ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය:නාලක ද සිල්වා යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) : ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් නමැත්තා ලබන 21 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් පළමු සැකකාර මර්සිලි තෝමස් නමැත්තාට එරෙහිව සිදුකරන විමර්ශන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඔහුගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා යන තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කිරීම සඳහා මෙම සතිය තුළ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට පියවර ගෙන ඇතැයි පෙන්වා දුන්නේ ය. ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් පසුගිය 07 වන දා එම විමර්ශන සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ නොකරන ලෙසට පසුගිය 04 වන දා අධිකරණය විසින් ලබාදෙන ලද නියෝගය නාමල් කුමාර නමැත්තා වෙත භාරදුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය. සිය දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවත්, පරීක්ෂණවලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් පෙන්වා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස්පතිවරයාගේ කටහඬ සාම්පල් ලබා ගැනීම සඳහා පසුගිය 14 වන දා ඔහු රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ බව ද කියා සිටියේ ය. |
2019-01-16T03:26:17.000Z | 2018 ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ | 2018 ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ | COLOMBO (News 1st) - ප්ලැටිනම් සම්මාන උළෙල... එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් සංවිධාන කරනු ලබන පළමු ක්‍රීඩා සම්මාන උළෙලයි. අධ්‍යාපන අමාත්‍යංශයේ හා ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය සමගින් මෙම වැඩසටහන කොළඹදී අද ආරම්භ විය. 2018 ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන කොළඹ තර්ස්ටන් විද්‍යාලයේදී අද ආරම්භ විය. මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල එළැඹෙන මාර්තු 29 වන දා රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත ය. ඒ, 2017 වසරේ දෙසැම්බර් සිට 2018 වසරේ දෙසැම්බර් මාසය දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දේශීය හා ජාත්‍යන්තර දක්ෂතා ඇගයීම උදෙසා ය. ප්‍රධාන සම්මාන 20ක්, ඇගයීම් පදක්කම් 10ක් මෙවර පිරිනැමීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් සිදු කළ සේවාව වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන සුවිශේෂී ප්ලැටිනම් සම්මානය මෙවර ද පිරිනැමෙනු ඇති. මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල සඳහා ස්පෝට්ස් ෆස්ට් සමග අත්වැල් බැඳගන්නේ ලෝ ප්‍රකට අලියාන්ස් සමාගමයි. කොළඹදී අද ආරම්භ වූ එහි ප්‍රවර්ධන චාරිකාව දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් ලබන මස 10 වන දා දක්වා ක්‍රියාත්මක වේ. ඊට සමගාමීව තෝරා ගත් පාසල් 30කදී ක්‍රීඩා වැඩමුළු පැවැත්වීමට නියමිත අතර එහිදී එක් දක්ෂතම ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක තෝරා ගැනීමට නියමිත ය. අද දිනයේදී කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ අකලංක පිරීස් දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ය. සමාරම්භක උළෙලෙන් පසු 2018 ප්ලැටිනම් සම්මාන උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව ආරම්භ විය. |
2019-01-16T01:22:37.000Z | රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහිව දීර්ඝ විමර්ශනයක් සිදු කරන බව CIDය අධිකරණයට දැනුම් දෙයි | රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහිව දීර්ඝ විමර්ශනයක් | COLOMBO (News 1st) - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් දීර්ඝ විමර්ශනයක් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ, කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අද එම නඩුව කැඳවූ අවස්ථාවේදී ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු අධිකරණය හමුවේ අද කරුණු දක්වනු ලැබී ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වනු ලැබුවේ, රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදාපති ධූරයෙන් ඉවත් වූ පසුව ද නාවික හමුදා මූලස්ථානයේ නිලධාරී නිවස්නයේ 709 කාමරය තවදුරටත් භාවිත කරන බවට විමර්ශනවලදී අනාවරණය වූ බව ය. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී ඇත්තේ, කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නාවික හමුදා නිලධාරියෙකුට රැකවරණ ලබා දීම හා සාක්ෂිකරුවෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙනි. |
2019-01-16T01:13:07.000Z | IMF නියෝජිත කණ්ඩායමක් පෙබරවාරි මාසයේ දිවයිනට | IMF නියෝජිත කණ්ඩායමක් පෙබරවාරි මාසයේ දිවයිනට | COLOMBO (News 1st) - අයි.එම්.එෆ්. ණය වැඩසටහන් යළි මෙරටට ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන මාසයේ මෙරටට පැමිණීමට නියමිත බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් ලගාඩ් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර හා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් අයි.එම්.එෆ්. කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටින් ලගාඩ් මහත්මිය සඳහන් කළේ, ලබන මස මැදදී සිය නියෝජිත පිරිස මෙරටට පැමිණීමට නියමිත බව ය. ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක ආර්ථික පරිසරය හා ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් පිළිබඳව සාකච්ඡාවක් කළ බව ක්‍රිස්ටියන් ලගාඩ් මහත්මිය ප්‍රකාශ කළා ය. ජනතාවට ප්‍රතිලාභ අත්වන පරිදි ශ්‍රී ලංකාව තිරසර ආර්ථික වර්ධන ගුණාත්මක ගමන් මගකට ගෙන ඒම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති මිශ්‍රයක් ක්‍රියාවට නැංවීම විශ්වාසය ගොඩනැගීමට වැදගත් බව ලගාඩ් මහත්මිය පෙන්වා දෙයි. අයි.එම්.එෆ්. ණය වැඩසටහන් යටතේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැප වන බවට බලධාරීන් සඳහන් කළේ යැයි ද ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය. අදාළ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා බලධාරීන්ට සහාය ලබා දීමට සූදානම් බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය. |
2019-01-16T00:32:56.000Z | මහින්ද රාජපක්ෂ ගොනු කෙරූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවයි | මහින්ද රාජපක්ෂ ගොනු කෙරූ පෙත්සම කැඳවයි | COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය ධූරයෙන් සහ කැබිනට් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. ඒ, අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ය. පෙත්සම කැඳවූ අවස්ථාවේ එහි වගඋත්තකරුවන් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 122 දෙනෙකු අභියාචනාධිකරණයට ගොනු කර ඇති පෙත්සම ඉවත් කර ගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් උපදෙස් ලබා ගෙන අධිකරණයට කරුණු දැක්වීම සඳහා කල් ලබා දෙන ලෙස ය. ඒ අනුව පෙත්සම් විභාගය ලබන මස 6 වන දාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. |
2019-01-15T23:50:17.000Z | පොලීසියේ ක්‍රියාත්මක වීමෙන් ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන යාමේ තැත වරදී | ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන යාමේ තැත වරදී | COLOMBO (News 1st) - අහංගම නගරයේ ව්‍යාපාරිකයෙකු මෝටර් රථයකින් පැහැර ගෙන යමින් සිටි සැකකරුවන් 3 දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පොලිස් මුරපොළේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැක සහිත මෝටර් රථය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී අදාළ ව්‍යාපාරිකයා පැහැරගෙන යමින් සිටින බව අනාවරණය වීමෙන් පසුව සැකකරුවන් 3 දෙනා සහ මෝටර් රථය අත්අඩංගුවට ගෙන ව්‍යාපාරිකයා මුදා ගත් බව ය. සැකකරුවන් හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ව්‍යාපාරිකයා පැහැරගෙන යාමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත. සැකකරුවන් සහ මෝටර් රථය වැඩිදුර පරීක්ෂණ සඳහා අහංගම පොලීසියට භාර දී තිබේ. |
2019-01-15T23:11:00.000Z | ක්‍රිටික්ස් චොයිස් සම්මාන උළෙලේදී රෝමා චිත්‍රපටය වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගනී | රෝමා චිත්‍රපටය වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගනී | (News 1st) - මෙවර අමෙරිකාවේ ක්‍රිටික්ස් චොයිස් සම්මාන උළෙලේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඇල්ෆොන්සෝ කුරෝන්ගේ රෝමා චිත්‍රපටය සමත් විය. ඒ හොඳම චිත්‍රපටය, හොඳම විදේශීය භාෂිත චිත්‍රපටය ඇතුළු සම්මාන ගණනාවක් දිනා ගනිමිනි. මෙවර ක්‍රිටික්ස් චොයිස් සම්මාන උළෙල අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා මොනිකාහිදී පැවැත්විණි. |
2019-01-15T22:45:30.000Z | දළුකාවේදී යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් දෙදෙනෙකු මරුට | යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් දෙදෙනෙකු මරුට | COLOMBO (News 1st) - අරලගංවිල - පොළොන්නරුව මාර්ගයේ දළුකාව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුර සිදු වන අවස්ථාවේ යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයින් සංඛ්‍යාව 3කි. ඉන් මිය ගියේ, අවුරුදු 17 සහ අවුරුදු 18 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේ ය. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. |
2019-01-15T22:38:45.000Z | ඉකසුචි හම්බන්තොට වරායට සේන්දු වෙයි | ඉකසුචි හම්බන්තොට වරායට සේන්දු වෙයි | COLOMBO (News 1st) - ජපාන ස්වයං ආරක්ෂක සාගරිකා බලකායට අයත් ඉකසුචි නමැති නෞකාව හම්බන්තොට වරායට සේන්දු විය. ඒ, තුන්දින සංචාරයක් සඳහා ය. හම්බන්තොට වරායට සේන්දු වූ නෞකාව සහ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව සම්ප්‍රදායානුකූලව පිළිගත්තේ ය. නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි නැව්මුළුව, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ද නියමිත ය. |
2019-01-15T20:32:31.000Z | සේනා දළඹු වසංගතය: නිව්ස්ෆස්ට් හා පේරාදෙණිය සරසවි පර්යේෂකයින් ගොවි බිම් වෙත | සේනා දළඹු වසංගතය | COLOMBO (News 1st) - සේනා දළඹුවන්ගෙන් හානියට පත් වගා බිම් පිළිබඳ අධ්‍යයනයක් අද සිට ආරම්භ කිරීමට නිව්ස්ෆස්ට් කටයුතු කර තිබේ. වගා බිම් වෙත ගොස් මෙම අධ්‍යයනය සිදු කරන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද සහය ඇතිව ය. බඩ ඉරිඟු බහුල ලෙස වගා කර ඇති දිස්ත්‍රික්කවල මේ අධ්‍යයනය සිදු කිරීමට නියමිත ය. අප කණ්ඩායම් අද අනුරාධපුර, මොනරාගල හා අම්පාර ප්‍රදේශවල වගා බිම් වෙත යාමට සැලසුම් කර තිබේ. මේ අතර සේනා දළඹු හානියෙන් බඩ ඉරිඟු ,වී ඇතුළු වගාවන් ආරක්ෂා කිරීම සඳහා ගොවීන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් අද සිට ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව එම වැඩපිළිවෙළ ලබන 31 වන දා දක්වා ක්‍රියාත්මක බව ය. බඩ ඉරිඟු වගාවේ බහුල ලෙස ව්‍යාප්තව ඇති සේනා දළඹු වසංගතය වී, උක් හා එළවළු භෝග වගාවට ද පැතිරීමේ අවදානමක් මේ වන විට මතුව ඇති බව ද ඔහු සඳහන් කළේ ය. සේනා දළඹු හානියෙන් වගාවන් ආරක්ෂා කිරීම සඳහා නිර්දේශිත පලිබෝධ නාශක භාවිතය මෙන්ම වගාව නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කිරීම අතිශයින් වැදගත් බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. |
2019-01-15T20:15:44.000Z | බ්‍රෙක්සිට් ගිවිසුම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ඉවතට: අගමැති තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක් | බ්‍රෙක්සිට් ගිවිසුම ඉවතට | (News 1st) - බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ගිවිසුම එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය. මන්ත්‍රීවරුන් 432 දෙනෙකු අතුරින් ඊට පක්ෂව ඡන්දය දුන්නේ 202 දෙනෙකු පමණි. මන්ත්‍රීවරුන් 230 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළේ ඊට විරුද්ධව ය. මෙම ඡන්ද විමසීම පැවැත්වුණේ, ලබන මාර්තු 29 වන දින බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ක්‍රමානුකූලව ඉවත් කර ගැනීමේ කොන්දේසි සම්මත කර ගැනීමේ අරමුණිනි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, බ්‍රිතාන්‍යයේ ආණ්ඩු බලය හිමි පාලක පක්ෂයකට පාර්ලිමේන්තු ඡන්ද විමසීමකදී මෙතරම් විශාල පරාජයක් අත් වූයේ ඉතිහාසයේ පළමු වරට බව ය. ඡන්ද විමසීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය තෙරේසා මේට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් පියවර ගත්තේ ය. විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම මෙරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.30ට පැවැත්වීමට නියමිත ය. මෙම විශ්වාසභංගයෙන් තෙරේසා මේ පරාජය වුවහොත් බ්‍රිතාන්‍යයට මහ මැතිවරණයක් කැඳවීමට සිදු වනු ඇති. යුරෝපා සංගමය සමග බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීමට වසර දෙකක් ප්‍රයත්න දැරූ තෙරේසා මේට පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී අත් වූ පරාජය ප්‍රභල පහරක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මෙම ඡන්දය ඉකුත් දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණ ද, මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමේ අරමුණින් එය මේ දක්වා ප්‍රමාද කිරීමට තේරේසා මේ පියවර ගත්තා ය. බ්‍රිතාන්‍ය ලබන මාර්තු 29 වන දා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිත වුව ද එය සිදු වන ආකාරය පිළිබඳව දැන් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි. |
2019-01-15T20:02:33.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. බඩ ඉරිඟු වගාවට හානි කරමින් පැතිර යන දළඹු වසංගතය සෙසු වගාවන් වෙතත් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබේ. 2. ශ්‍රී ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 300ක ණයක් ලබා ගැනීමට සූදානම් වන බව රොයිටර් පුවත් සේවය ඊයේ වාර්තා කළේ ය. 3. වව්නියාව, ඉරට්ටපෙරියකුලම් වැවේ ගිලීමෙන් ළමුන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. 4. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව මාසයක් ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. 5. කූඨ අධ්‍යාපන ලේඛන ඉදිරිපත් කොට ලංකා සතොස ආයතනයේ සේවය කළ ඉහළ නිලධාරියෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය. විදෙස් පුවත් 6. වැටුප් වර්ධකයක් ඉල්ලා අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ගුරුවරු රැසක් විරෝධතාවල නිරත වූහ. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනාවලට එරෙහිව ඉදිරිපත්ව තිබූ විරෝධතා 16න් විරෝධතා 15ක්ම ඉවත දමා තිබේ. |
2019-01-15T19:50:19.000Z | කොළඹ වරාය නගරයේ ගොඩකිරීම් අදින් අවසන් | කොළඹ වරාය නගරයේ ගොඩකිරීම් අදින් අවසන් | COLOMBO (News 1st) - කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීම අදින් අවසන් වේ. මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ, එය හෙක්ටයාර 269ක භූමියකින් සමන්විත බව ය. වරාය නගරයේ මීළඟ අදියර ලෙස ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ඉදිරියේදී සිදු කරන බව ද ලේකම්වරයා පැවසුවේ ය. කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් චීන ජනාධිපති ෂි ජිංපින්ග් සහ එවකට ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් 2014 වසරේ සැප්තැම්බර් මස 16 වන දා ආරම්භ කෙරිණි. කොළඹ වරාය නගරය අතිනවීන පහසුකම් රැසකින් සමන්විත වනු ඇති අතර නගරයේ කටුනායක හා සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ගයක් ද ඉදිකිරීමට නියමිත ය. |
2019-01-15T11:11:25.000Z | ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට මොකද වෙන්නේ? | ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට මොකද වෙන්නේ? | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනාවලට එරෙහිව ඉදිරිපත්ව තිබූ විරෝධතා 16න් විරෝධතා 15ක්ම ඉවත දමා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ උප භාණ්ඩාගාරික තනතුරට නාම යෝජනා භාර දුන් ගිහාන් වීරසිංහ මහතා ඒ සඳහා නිසි සුදුසුකම් සපුරා නොමැති බවට එල්ල වූ චෝදනාව ක්‍රිකට් නිලවරණ කමිටුව පිළිගෙන තිබේ. ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ ඒ අනුව ය. මේ අතර විරෝධතා ගොණු කළ අනෙක් නාම යෝජනා 15ම පිළිගෙන තිබේ. තනතුරු 7ක් වෙනුවෙන් නාම යෝජනා 26ක් මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණට ඉදිරිපත්ව ඇති අතර ඉන් නාම යෝජනා 6කට කිසිදු විරෝධතාවක් පළ නොවීම ද විශේෂත්වයකි. අර්ජුන රණතුංග, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, ජයන්ත ධර්මදාස, ඊස්මන් නාරංගොඩ, නලීන් වික්‍රමසිංහ සහ සංජය සේදර යන මහත්වරුන් ඉදිරිපත් කළ නාම යෝජනාවලට කිසිදු විරෝධතාවක් පළ වී නොමැත. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තනතුරට මොහාන් ද සිල්වා, කේ. මතිවානන්, ෂම්මි සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන් ඉදිරිපත්ව සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ත්‍රිපුද්ගල උපදේශක මණ්ඩලයක් පත් කළ අතර විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා සභාපති ලෙස කටයුතු කරන එහි සෙසු සාමාජිකයින් වන්නේ විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් සහ විශ්‍රාමලත් අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ධර්මසේන කහඳව යන මහත්ම මහත්මීන් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 7 වන දා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවත්වීමට නියමිත ය. |
2019-01-15T10:17:21.000Z | ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න හෝ සංශෝධනයට මේක වෙලාව නෙමෙයි, ජනපතිව හා අගමැතිව ගෙන්නලා පැහැදිලි කරන්න - මැදගොඩ අභයතිස්ස හිමි මල්වතු මහ නාහිමියන්ගෙන් ඉල්ලයි | "ජනපතිව හා අගමැතිව ගෙන්නලා පැහැදිලි කරන්න" | COLOMBO (News 1st) - රට හරි මගට ගැනීම සඳහා වන ලංකාවේ ජාතික සංවිධාන එකමුතුව අද මහ නාහිමිවරුන් බැහැ දැකීමට පැමිණියේ ය. දළදා සමිඳුන් අභියසදී සංදේශයකට අත්සන් ලබා ගැනීම ආරම්භ කළ එම සංවිධානයේ සාමාජිකයෝ පසුව සඳහන් කරුණු ප්‍රකාශට පත් කිරීමෙන් අනතුරුව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් බැහැ දැකීමට පැමිණියහ. පිරිස පැමිණියේ පූර්ව දැනුම් දීමකින් තොරව ය. කෙසේ වෙතත් මහ නාහිමියන් සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දී තිබිණි. එහිදී උන්වහන්සේ පුවත්පතක පළ වූ ලිපියක් කෙරෙහි අවධානය යොමු කළේ ය. පසුව ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන් බැහැ දැක නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් ඇති විරෝධය පෙන්වා දුන්හ. |
2019-01-15T09:59:15.000Z | චීනයෙන් තවත් ඩොලර් මිලියන 300ක ණයක් | චීනයෙන් තවත් ඩොලර් මිලියන 300ක ණයක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 300ක ණයක් ලබා ගැනීමට සූදානම් වන බව රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේ ය. එය අමෙරිකානු ඩොලර් මිලියන 1000ක් දක්වා වැඩි කර ගැනීමේ හැකියාව ඇති බව ද එම වාර්තාවේ සඳහන් ය. ශ්‍රී ලංකාව මේ වසර තුළ විශාල විදේශ ණය ප්‍රමාණයක් ගෙවීමට නියමිතව සිටියි. මේ අතර වාරයේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් අඛණ්ඩව පහළ යාමේ තත්ත්යක් ද නිර්මාණය වී තිබිණි. ශ්‍රී ලංකාවට තවදුරටත් ණය ලබා ගැනීමේ ගැටලු සහගත තත්ත්වයක් ද නිර්මාණය වී තිබුණේ එම පසුබිම තුළ ය. ඉදිරියේදී චීනයෙන් ලබා ගැනීමට නියමිත ණය මුදල පිළිබඳව මුදල් අමාත්‍යංශයෙන් අප කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, චීන බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවෙන් රුපියල් මිලියන 300ක් ලබා ගැනීමට කටයුතු කරමින් ඇති බව ය. ඊට අදාළ සාකච්ඡා පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ජනවාරි 09 වන දායින් අවසන් සතිය තුළ විදේශිකයින් මෙරට රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ රුපියල් මිලියන 3600ක් ඉවත් කර ගෙන තිබේ. එම සතිය තුළ කොළඹ කොටස් වෙළඳපොළ තුළ විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 753ක කොටස් ද විකුණා දමා තිබේ. එම සතිය තුළදී පමණක් මෙරටින් ගලා ගොස් ඇති මුළු මූල්‍ය ප්‍රවාහයේ වටිනාකම රුපියල් මිලියන 4353කි. පසුගිය වසර තුළදී මෙරට සුරැකුම්පත්වල විදේශිකයින් ආයෝජනය කර තිබූ රුපියල් බිලියන 160ක් ඉවත් කර ගෙන තිබිණි. මේ අනුව 2018 දෙසැම්බර් 31 වන විට රට සතු විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6936ක් දක්වා පහළ ගියේ ය. |
2019-01-15T09:41:47.000Z | ජනපතිවරණයකට කල් තිබෙනවා, ජනතා ප්‍රශ්න විසඳන්න - මල්වතු, අස්ගිරි මහ නාහිමිවරු කියති | "ජනපතිවරණයකට කල් තිබෙනවා, ජනතා ප්‍රශ්න විසඳන්න" | COLOMBO (News 1st) - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දුටුවේ ය. අද පෙරවරුවේ දළදා සමිදුන් වැඳපුදා ගත් රාජ්‍ය අමාත්‍යවරයා පසුව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන් බැහැ දුටුවේ ය. ගෙන ඒමට සූදානම් වන නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙහිදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් අමාත්‍යවරයාගෙන් විමසුවේ ය. මේ අතර අමාත්‍යවරයා සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහ නාහිමියන් ද බැහැදැක ආශිර්වා ද ලබා ගත්තේ ය. එහිදී මල්වතු හිමියන් පෙන්වා දුන්නේ, ජනතා ගැටලු විසඳීම සඳහා වැඩපිළිවෙළක් නිර්මාණය කරන ලෙස ය. |
2019-01-15T09:10:17.000Z | බඩ ඉරිඟුවලට වින කළ සේනා සියලු වගාවන්වලට ව්‍යාප්ත වීමේ අවදානමක් | සේනා සෙසු වගාවන්ටත් ව්‍යාප්ත වීමේ අවදානමක් | COLOMBO (News 1st) - බඩ ඉරිඟු වගාවට හානි කරමින් පැතිර යන දළඹු වසංගතය සෙසු වගාවන් වෙතත් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ අම්පාර දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගාවකින් පළමු වරට හමු වූ සේනා නමින් හඳුන්වන දළඹු විශේෂය ගෙවුණු මාස තුනහමාරක කාලය තුළ අම්පාර, මොනරාගල, කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කවලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් ව්‍යප්ත වී අවසන්. මෙරට බඩ ඉරිඟු වගා කළ හෙක්ටයාර 80,000ක පමණ වන වගා බිම්වලින් 50%කට පමණ මේ දළඹු වසංගතය ව්‍යප්ත වී තිබේ. බඩ ඉරිඟු වගාවට සීමා නොවූ සේනා දළඹු වසංගතය මේ වන විට මුං, කුරක්කන්, වී මෙන්ම ස්වයංජාත වැනි සම්ප්‍රදායික වී වගාවට ද බලපෑම් කරන්නට පටන් ගෙන ඇතැයි ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල කළ සංචාරයේදී දක්නට ලැබිණි. මීට වසර කිහිපයකට පෙර, පළමු වරට අමෙරිකාවේදී හඳුනා ගත් මෙම දළඹු විශේෂය පිළිබඳව පසුව අප්‍රිකාවෙන් වාර්තා විය. අප්‍රිකාවේ වගා බිම් රැසකට හානි කළ මෙම දළඹු විශේෂය පසුගිය වසරේ මැද භාගයේදී ඉන්දියාව පුරා ද ව්‍යාප්ත වූ අතර ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට සේනා දළඹු විශේෂය ව්‍යාප්ත වන්නට ඇති බවට සැක කෙරේ. අනුර විජේතුංග - අංශ ප්‍රධානී සේනා දළඹුවා පිළිබඳ පර්යේෂණ අංශය (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව) මේ දළඹුවා ඇත්තම සළඹයෙක්. බිත්තර හැදෙනවා. බිත්තරවලින් කීටයෙක් හැදෙනවා. කීටයාගෙන් පිළවා. ඊට පස්සේ සළඹයෙක් තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ පියාඹන සමනළයෙක්. සළඹයා රෑටයි සැරිසරන්නේ. සළඹයා දුඹුරු පාටයි. සේනා දළඹුවාට ලා කොළ පාට ඉදලා දුඹුරු පාට දක්වා වෙනස් වෙන්න පුළුවන්. සතාගේ පිටිපස්සේ අන්තිම කණ්ඩයට පෙර කණ්ඩයේ හරි හතරැස් අකාරය පිහිටන තිත් හතරක් තියෙනවා. මෙම සළඹයාට, සුළං ප්‍රවාහයකට හසු වුවහොත් කිලෝමීටර් සියයක පමණ දුරක් වුව ද ගමන් කළ හැකි බව කෘෂි විද්‍යාඥයෝ පවසති. දැඩි ආක්‍රමණශීලී සත්ත්වයෙකු වන සේනා දළඹු විශේෂය මර්දනය කිරීමට එය ව්‍යාප්ත වූ කිසිම රටක් මෙතෙක් සමත් වී නොමැත. මේ අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයට එල්ල වී ඇති මෙම දැවැන්ත වසංගත තත්ත්වයට එක්ව මුහුණ දීම ජාතික අවශ්‍යතාවක් ලෙස සැලකූ නිව්ස්ෆස්ට් අද සිට තවත් ජාතික ක්‍රියාන්විතයකට මුල පිරුවේ ය. ඒ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සමග එක්ව අද විශේෂ පර්යේෂණ කණ්ඩායම් 03ක් මොනරාගල, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්ක බලා පිටත් කර යවමිනි. ඉදිරි දින කිහිපයේ දළඹුවන්ගෙන් හානියට පත් වගා බිම් වෙත ගමන් කරමින් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද සහය ඇතිව පුළුල් අධ්‍යයනයක් කිරීමට නිව්ස්ෆස්ට් සූදානම්. |
2019-01-15T05:02:55.000Z | සේනා දළඹුවා නිසා බඩ ඉරිඟු ලොරියක් දඹුල්ලේදී අත්අඩංගුවට | සේනා දළඹුවා නිසා බඩ ඉරිඟු ලොරියක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - අනුරාධපුරයේ සිට නුවරඑළිය බලා ධාවනය වූ බඩ ඉරිඟු ලොරියක් දඹුල්ලේදී පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අනුරාධපුරයේ සිට නුවරඑළිය දක්වා ප්‍රවාහනය කරමින් තිබූ මෙම බඩ ඉරිඟුවල සේනා දළඹුවා සිටි බව ය. මෙම බඩ ඉරිඟු තොගය නුවරඑළිය දිස්ත්‍රික්කයට ප්‍රවාහනය කළා නම් එම ප්‍රදේශයේ වගාවන්ට ද මෙම සේනා දළඹුවා බෝ වීමට හැකි බව පොලීසිය පැවසුවේ ය. ලොරි රථ හිමියා ප්‍රකාශ කළේ, අනුරාධපුර ප්‍රදේශයෙන් ලබා ගත් මෙම බඩ ඉරිඟු තොගය සත්ත්ව ගොවිපොළක ආහාර සඳහා රැගෙන යන බව ය. |
2019-01-15T04:32:00.000Z | ඉරට්ටපෙරියකුලම් වැවේ ගිලීමෙන් ළමුන් දෙදෙනෙකු මරුට | ඉරට්ටපෙරියකුලම් වැවේ ගිලීමෙන් ළමුන් දෙදෙනෙකු මරුට | COLOMBO (News 1st) - වව්නියාව, ඉරට්ටපෙරියකුලම් වැවේ ගිලීමෙන් ළමුන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 15ක හා 16ක ළමුන් දෙදෙනෙකු එලෙස මිය ගොස් ඇති බව ය. |
2019-01-15T02:30:37.000Z | පොලිස්පතිගේ හඬ වාර්තාව මසක් තුළ අධිකරණයට | පොලිස්පතිගේ හඬ වාර්තාව මසක් තුළ අධිකරණයට | COLOMBO (News 1st) : පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව මාසයක් ඇතුළත අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඊයේ පොලිස්පතිවරයාගෙන් ලබා ගත් කටහඬ සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරමින් ඇති බවයි. ඊයේ උදෑසන 10.00 ට පමණ පොලිස්පතිවරයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පෙනී සිටි අතර පැයකට ආසන්න කාලයක් ඔහුගෙන් කටහඬ සාම්පල ලබා ගත් බව ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිය දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ප්‍රථම අවස්ථාව මෙය බවයි. ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව පොලිස්පතිවරයාගේ කටහඬ සාම්පල ලබා ගැනීමට අධිකරණය පසුගිය දා ලබා දුන් අවසරය අනුව පොලිස්පතිවරයා සිය කටහඬ සාම්පල රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දුන්නේ ය. දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මෙම චෝදනාවට අදාළ රක්ෂිත බන්ධනගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් දුරකථන සංවාදවල පොලිස්පතිවරයාගේ කටහඬ තිබේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා පොලිස්පතිවරයා මෙලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ කටහඬ සාම්පල ලබා දුන් බව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2019-01-15T01:24:36.000Z | ලංකා සතොසේ ඉහළ පෙළ නිලධාරියෙකු අත්අඩංගුවට | ලංකා සතොසේ ඉහළ පෙළ නිලධාරියෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) : කූඨ අධ්‍යාපන ලේඛන ඉදිරිපත් කොට ලංකා සතොස ආයතනයේ සේවය කළ ඉහළ නිලධාරියෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. රජයේ ජ්‍යෙෂ්ඨ නිධාරියෙකු සඳහන් කළේ, සැකකරු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. ලංකා සතොස ආයතනයේ අලෙවි අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ සැකකරු තමන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු බව ප්‍රකාශ කර මෙම තනතුරට පත්ව තිබේ. ඒ සඳහා ව්‍යාජ සහතික ඉදිරිපත් කර ඇතැයි, රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මේ ආකාරයෙන් කූඨ අධ්‍යාපන ලේඛන ඉදිරිපත් කර සතොස ආයතනයේ ඉහළ තනතුරුවල සේවය කළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය මේ වන විට අත්හිටුවා ඇති බවයි. සැකකාර එම නිලධාරීන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරුන් සහ නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරුන් ලෙස ලංකා සතොස ආයතනයේ කටයුතු කරනු ලැබු අය බව ද, එම නිලධාරීයා තහවුරු කළේ ය. මෙම සැකකාර නිලධාරීන් අතුරින් නිලධාරීන් කිහිපදෙනෙකු ජාත්‍යන්තර විශ්වවිද්‍යාල මගින් සිය උපාධිය ලබා ගත් බවට ව්‍යාජ සහතික ඉදිරිපත් කර ඇතැයි ද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. |
2019-01-15T00:49:53.000Z | ජනපති නව වසරේ පළමු විදෙස් සංචාරය අරඹයි | ජනපති නව වසරේ පළමු විදෙස් සංචාරය අරඹයි | COLOMBO (News 1st) : දින 05 ක රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පිලිපීනය බලා පිටත්ව ගියේ ය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ , පිලිපීන ජනාධිපති රොඩිරිගෝ ඩියුටේට් මහතාගේ විශේෂ නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවයි. දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ඉහළ නංවා ගැනීම සංචාරයේ අරමුණයි. පිලිපීන ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්වීපාර්ශවීය සකච්ඡා හෙට පෙරවරුවේ පැවැත්වෙන අතර දෙරට අතර දීර්ඝ කාලිනව පවතින සබඳතා නව ක්ෂේත්‍රයන් කෙරෙහි ව්‍යාප්ත කරීමේ හැකියාව පිළිබඳව එහිදි අවධානය යොමු කෙරෙනු ඇති. සංචාරයේදී ජනාධිපතිවරයා මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ එරට පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ ද සංචාරය කිරීමට නියමිතයි. 1978 වසරෙන් පසු මෙරට රාජ්‍ය නායකයෙකුට පිලිපිනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ආරධනා ලැබුණු පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. |
2019-01-14T23:59:01.000Z | ජාතික වනෝද්‍යාන ප්‍රවේශ පත් ගැනීමට පහසු මගක් | ජාතික වනෝද්‍යාන ප්‍රවේශ පත් ගැනීමට පහසු මගක් | COLOMBO (News 1st): ජාතික වනෝද්‍යාන වෙත ඇතුළු වීමට අන්තර්ජාලය මගින් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ අවස්ථාව අද සිට ක්‍රියාත්මක බව වන ජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර මහතා සඳහන් කළේ, එහි පළමු අදියර අද විල්පත්තුව ජාතික වනෝද්‍යානයෙන් ආරම්භ වන බවයි. ඒ අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින්ට අද සිට ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය මගින් ලබා ගත හැකියි. සංචාරයට මාස තුනකට පෙර සිට අන්තර්ජාලය මඟින් සිය ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට ද, සංචාරකයින්ට අවස්ථාව උදාවන බව ඔහු සඳහන් කළේ ය. WWW.dwc.gov.lk වෙබ් අඩවියට පිවිසිමෙන් ජනතාවට මෙම පහසුකම ලබාගත හැකියි. |