text
stringlengths
21
5.87k
ශ්‍රී ලංකාභිමාන්‍ය වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා වඩාත් ප්‍රකට වන්නේ ඩබ්. ඩී. අමරදේව යන නමිනි. ඔහු උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ‍‍ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුව|මොරටුව කොරල වැල්ලේදී මෙළොව එළිය දුටුවේ ය. වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.
දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේව, දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස්ට දාව උපත ලැබුවකු විය. කුඩාකල දී අමරදේව සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාගෙන් වූ අතර ඔහු ලී වලින් සාදා දුන් වයලිනය තුලින් ඔහු විශිෂ්ට වයලින් වාදකයෙක් ද වූහ. එමෙන්ම ඔහුගේ වැඩිමහලූ සහෝදරයෙකු ඉන්දීය ශාස්ත්‍රිය සංගීත ගුරුවරයෙකුද වුයේය.
අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.
‘අශෝකමාලා’ චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීනය|වයලීන වාදකයා ලෙස අමරදේව සම්බන්ධ කර ගත්තේය.
‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර|එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි. ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව|ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.
ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැදභාගයේදී සිය ජන ගායනා ව්‍යාපෘතිය වෙනුවෙන් "පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට ශාස්ත්‍රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය. එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්‍ය තාලයක් සදහා අනුගත වන පද මාලා එක් කිරීමට තීරණය කරයි. එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි. මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි. පසුව වික්ටර් රත්නායක,ටී.එම්. ජයරත්න|ටී.එම්.ජයරත්න, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි කලාකරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සඳහාද ඔහු ක්‍රියාකාරීව දායක වෙයි.
පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි. එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී එක්සත් රාජධානිය|බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජිණ|එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය.
හදිසියේ ඇති වූ රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් මෙතුමා 2016 නොවැම්බර් මස 03 වැනි දින ජීවන ගමනින් සමු ගත්තේය.
ළමා කාලය සහ අධ්‍යාපනය
වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා සහ බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස් යන මවුපිය යුවලට දාව, මොරටුව ප්‍රදේශයේදී අමරදේව උපත ලබන්නේ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා ලෙසටයි. තම පියා බුද්ධාගම|බෞද්ධයෙකු වීමත් මව කතෝලික ආගම|කතෝලික තැනැත්තියක් වීමත් නිසා බෞද්ධ හා කතෝලික හර පද්ධතීන් මිශ්‍රවුණු පවුලක ජීවත් වීමේ හැකියාව නිතැතින්ම අමරදේවට ලැබෙයි.
අමරදෙව සංගීතය කෙරෙහි යොමු කරන්නේ මොරටුමුල්ල වඩු කාර්මික විද්‍යාලයේ වයලීන නිපදවන්නෙකු හා අලුත්වැඩියා කරන්නෙකු වූ ඔහුගේ පියා විසිනි. අමරදේව, කුඩා කළ තම මවගේ ස්තෝත්‍ර ගායන වලට හිතුමනාපයේ වයලීනයේ තත් හඬවන්නට පුරුදුව සිටියේය.ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය උගන්වනු ලැබීම අමරදෙවගේ සංගීත ජීවිතය ඔපවත් වීම සදහා පවුලෙන් ලද තවත් පිටුවහලක් විය. ඔහුට වයස අවුරුදු හත වන විට ජපන් ටින් වයලීනයක් පියාගෙන් ලද ත්‍යාගයක් වශයෙන් ඔහුට හිමිවේ.
කොරළවැල්ලේ විහාරස්ථානයේ මාලාලංකාර නායක තෙරණුවන් යටතේ ස්වකීය මූලික අධ්‍යාපනය ලබන අමරදේවයන්ගේ සංගීත ප්‍රතිභාවේ අපූර්වත්වය දුටුවන්, විහාරස්ථානයේ කවි හා ගාථා ගායනා කිරීම සඳහා අමරදේවයන් හට ආරාධනා කරයි. අනතුරුව තම ග්‍රාමයේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දැරීමටද අමරදේවයන්ට හැකියාව ලැබෙයි.
ශ්‍රි සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබන අමරදේව, මොරටු විද්‍යාලයෙන් පවත්වන ලැබූ කවි ගායනා තරගයකින් ජයග්‍රහණය ලබන්නේ මේ අතරදීය. එසේම කොළඹ කලා සංගමය විසින් මෙහෙය වූ ගායනා තරගයකින් ජයග්‍රහණය ලැබීමට අමරදේවයන් නායකත්වය දැරූ පාසල් ගායක කණ්ඩායමට හැකියාව උදාවේ. මෙම ජයග්‍රහණ වලින් උද්දාමය ලද අමරදේවයන්ගේ පාසල් ගුරුවරු, ඔහුව ලංකා ගුවන් විදුලි සේවයෙහි ගායක මඩුල්ලට ඇතුලත් කිරීමට ක්‍රියා කරයි. මේ අන්දමින් දක්ෂතා ප්‍රදර්ශනය කරන අමරදේව, 1945 වර්ෂයේදී ජන කලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායනා හා වයලීන වාදක තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට බුහුටි වෙයි.
තම ප්‍රාථමික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව සදහා ලද ශිෂ්‍යත්වයකින් පානදුරශ්‍රී සුමංගල විද්‍යාලය| ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව අමරදේවයන්ට ලැබේ. එහිදී විදුහල්පති ඩැනිස්ටර් තෝමස් ප්‍රනාන්දු (ඩී.ටී. ප්‍රනාන්දු ) මහතා සමග දැන හැඳුනුම් කමක් ඇති කරගන්නා ඔහු, ඩී.ටී. ප්‍රනාන්දු මහතාගේ උපකාරීත්වයෙන් කළුතර විද්‍යාලය|කළුතර විද්‍යාලයටත් ඉන් අනතුරුව, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටත් ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා කර ගනියි.
මෙකලදී "අශෝකමාලා" චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙන අතර, මොරටුවෙහි ජෙරාඩ්.ජේ.පීරිස් නැමැත්තෙකු විසින් අමරදේවයන්ව එම චිත්‍රපටයේ සංගීතය මෙහෙය වූ, මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත හඳුන්වා දෙනු ලබයි. අමරදේවයන්ගේ ශක්‍යතාවන් හඳුනාගන්නා ගවුස් මාස්ටර් විසින් තම වාදක මණ්ඩලයේ ප්‍රමුඛතම වයලීන වාදක ශිල්පියා බවට අමරදේව පත්කරනු ලබයි.
ඩී.ටී. ප්‍රනාන්දු පවසන අන්දමට, ඔහුගේ සහොදරයා වූ කොරළවැල්ල පාසලේ සංගීත ගුරුවරයා වශයෙන් සේවය කළ ඩ්බ්.ජේ.ප්‍රනාන්දු විසින් අමරදේවයන්ගේ දක්ෂතාවන් හඳුනා ගනු ලබයි. අමරදේව පාසලේදී වයලීන වාදන සම්භන්ධයෙන් දක්වන බුහුටි බව ඔහුගේ නිරීක්ෂණයට ලක්වේ. පසුව අමරදේවගේ පියා ඔහුට වයලීනයක් තනා දෙන අතර, ඔහු පියා යටතේ වයලීන වාදනය හදාරනු ලබයි. ඔහු පසුව අශෝකමාලා චිත්‍රපටය සදහා මොහොමඩ් ගවුස් වෙත හදුන්වාදීම සිදුවන්නේ, ඩී.ටී.ප්‍රනාන්දු මහතාගේ උපකාර ඇතුව ඉගෙනීමේ කටයුතු සඳහා අමරදේව කළුතර බලා යාමෙන් වසර කිහිපයකට පසුවය. අශෝකමාලා චිත්‍රපටයේ පද රචකයා වශයෙන් කටයුතු කරන්නේ ඩී.ටී. ප්‍රනාන්දු මහතා වන අතර, ඔහු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ ශාන්තිකුමාර් සෙනෙවිරත්න මහතා සමග ඇති කරගෙන තිබූ දැඩි මිත්‍රත්වය මේ සදහා පිටුවහලක් වෙයි. තම උසස් අධ්‍යාපන කටයුතු සදහා 1950 වර්ෂයේ මැද භාගයේදී ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ සංගීත අධ්‍යයනායතනයට ඇතුළත් වෙයි. අමරදේව ලංකාවට පැමිණි පසු දිනක් කළුතර සිට කොළඹ බලා ධාවනය වන බසයකට මොරටුවේදී ගොඩ වැදෙන අමරදේවයන්ට, බසයේ සිටින ඩී.ටී.ප්‍රනාන්දු මහතා මුණගැසෙන අතර එහිදී තමා සඳහා පද්‍ය රචනා කර දෙන ලෙසට අමරදේවයන් ඉල්ලා සිටියි. මෙහිදී බසය ධාවනය වන අතර ඩී.ටී.ප්‍රනාන්දු මහතා විසින් "පීනමුකෝ කළුගගේ" ගීතය රචනා කරන අතර, ඔහුට ගීතයේ අවසාන කොටස ගායනා කිරීමට නොහැකි වන්නේ බම්බලපිටිය ප්‍රදේශයේදී බසයෙන් බැසයාමට අමරදේවයන්ට සිදුවීම නිසයි.
තම ඉගෙනීමේ කටයුතු අහවර කරන අමරදේව, මොහොමඩ් ගවුස් සමග එක්ව, චිත්‍රපටයක වැඩ සඳහා ඉන්දියාව බලා යයි. "ඇයි යමෙකු කලේ ආලේ" ගීතය සදහා ගායනයෙන්, නර්තනයෙන් හා රංගනයෙන් යන ත්‍රිවිධ අංශයෙන්ම දායක වීමට අමරදේව මෙහිදී සමත් වෙයි.
ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ අධ්‍යාබනායතනයෙහි ලැබූ පරිචයත් සමග, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව|ලංකා ගුවන් විදුලියෙහි නිත්‍ය ගායකයෙකු ලෙස සේවයට එක් වීම තුළින්, ස්වකීය ප්‍රතිභාව හා දැක්ම මින් පෙර නොවූ තරම් වූ වඩා පුළුල් ශ්‍රාවක ගහණයක් වෙත සම්ප්‍රේශණය කිරීමේ හැකියාව ඔහුට උදා වේ. බාත්ඛන්ඩේ අධ්‍යයනායතනයෙහිදී ලබන සතතාභ්යාසයන්ගේ දැනුම ලබන දොන් ඇල්බර්ට් පෙරේරා ලංකාවට පැමිණෙන්නේ පණ්ඩිත් වනක්කු වඩුගේ දොන් අමරදේව ලෙසිනි. අමරණීය ආත්මයක් ලද දේවයාණන් යන අර්ථය ලද මේ නාමය ඔහුට ලබාදෙන්නේ මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනුයි.
මේ සමය වන විට ශ්‍රි ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලැබූ මුල්ම අවදිය වූ අතර, ශ්‍රි ලාංකේය අනන්‍යයතාවක් සහිත සංගීත විදිය නම් කවරක්ද යන ගැටළුව, සමාජීය ප්‍රාඥයන්, කලාකරුවන් සහ පොදු මහජනතාව අතර විමසීමට බඳුන් දුන් තත්වයක් විය. මෙම තත්වයන්ට අනුකූලව, ස්වදෙශික ජන සංගීතය සමග, ඔහු ඉන්දියාවෙදී හැදෑරූ සංගීතයත් ඇසුරුකොට ගෙන වඩා සුඛනම්ය වූ සංගීත වහරක් මතුකොට ගැනීමට අමරදේව සමත් වෙයි.
දකුණු ඉන්දියානු සහ ද්‍රවිඩ සංගීත ආකෘති පිළිබද අමරදේවයන් කළ පර්යේෂණාත්මක හැදෑරීම් ඔහුගේ සංගීත භාවිතාවේ නව මානයන් අතර වේ. ශ්‍රි ලංකාවේ අසහාය පද්‍ය රචකයෙකු වූ මහගම සේකර|මහගම සේකරයන් හා එක්ව, අමරදෙවයන් විසින් කරන ලද ස්වර රචනා ශාස්ත්‍රීය සිංහල පද්‍යයේ ස්වර විභේදනයන් පිළිබඳ වූ ඔහුගේ අනන්‍ය ප්‍රතිභාව ගවේෂණය කරන්නක් වී තිබේ. මේ වන විට අමරදේවයන්ගේ සංගීත භාවිතාව සමස්ත ජාතියක භාවමය ආත්මය ප්‍රවර්ථනය කරන්නක් බවට පත්ව තිබේ.
කාව්‍යමය නාට්‍ය (කරදිය, නළදමයන්ති ආදිය), චිත්‍රපටි (රන් මුතු දූව, ගම්පෙරෙළිය, රන් සළු, දෙළොවක් අතරේ, ගැටවරයෝ, රෑන ගිරවු, තුන්මං හංදිය ආදිය), නුර්ති (වෙස්සන්තර ) ආදී කෘතීන්ට මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කිරීමට අමරදේවයන් හැකියාව ලැබීය.
අමරදේව සහ ඔහුගේ බිරිය වන විමලාට දාව රන්ජන අමරදේව නමින් පුතෙකු සහ සුභානි අමරදේව - දක්ෂ ගායන ශිල්පිණියෙකි, ප්‍රියන්වදා අමරදේව නමින් දියණිවරුන් දෙදෙනෙකු සිටිති.
*පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001)
*ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන දේශමාන්‍ය සම්මානය
*ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන කලාකීර්ති සම්මානය
*ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය
සුනිල් ශාන්ත (1915-1981) ශ්‍රී ලාංකික විශිෂ්ට සංගීතඥයෙකි. ඔහු 1956දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සුප්‍රසිද්ධ රේඛාව (චිත්‍රපටය)|"රේඛාව" චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කළේය. එමෙන්ම සංදේශය චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කරන ලද්දේ ද සුනිල් ශාන්ත විසිනි. රේඩියෝ සිලෝන් පිහිටුවීමෙන් අනතුරුව 1946 වසරේ එහි පටිගත කළ ප්‍රථම ගීතය වූ "ඕලු පිපීලා වෙල ලෙළ දෙනවා" ගීතය ගායනය කළේ සුනිල් ශාන්ත විසිනි. එහි පබැඳුම සහ සංගීත නිර්මාණය ද ඔහුගේම විය. ඔහු ගී තනු නිර්මාණය කළ ගීත බොහෝමයක් වර්තමානයේ දී ද ඉතා ජනප්‍රිය අතර රේඛාව චිත්‍රපටය සඳහා මර්සලින් ජයකොඩි පියතුමන් විසින් රචිත "වෙසක් කැකුළු අතු අග හිඳ" ගීතයත් සංදේශය චිත්‍රපටය සඳහා අරිසෙන් අහුබුදු විසින් රචිත "පෘතුගීසිකාරයා" ගීතයත් එයට උදාහරණ වෙයි.
ආරම්භක අවධිය (1915-1945)
බද්දලියනගේ දොන් ජෝසප් ඦෝන් 1915 අප්‍රේල් 04 දින දී දෙහියගත්ත¸ඦාඇළදී මෙලොව ඵලිය දුටුවේ කතෝලික පවුලකටය. මව කුරුගමගේ එංගල්තිනා වූ අතර පියා බද්දලියනගේ දොන් පෙමියානු විය. බාල අවධියේදී ම ඔහුට දෙමාපියන් අහිමිවිය. එම්. ජේ. පෙරේරා ඔහුගේ මාමා වු අතර ඔහු වෘත්තියෙන් සංගීතඥයෙක් විය. බාල අවධියේදී ම ශාන්තයන් හාමෝනියම් වාදනය හදාළේය. සුනිල් ශාන්තයන් පාසල් විහාග තරගාවලියෙන් ඉහළම ලකූණූ ලබාගත් අතරම වීරරත්න සම්මානයෙන්ද පිදූම ලැබීය. අවසන් ගුරු විභාගය 1933 දී සම්පූර්ණ කල සුනිල් ශාන්ත ක්ලැවරි පාසලෙන් තම ගුරු දිවිය ඇරඹීය. ඵහිදී තම පාසලට දකුණු පළාත සංගීත තරගාවලියෙන් සම්මාන තූනක් ලබාදීමට හෙතෙම සමත්විය. 1939 දී අන්තර්මධ්‍ය ගාන්ධර්ව විහාගයෙන් සමත්වු ඔහු ඵ්වනවිට පියානෝ වාදනය හදාරා තිබිණි. 1940 දී ශාන්තයන් වැඩිදුර අධ්‍යාපනය සදහා ශාන්ති නිකේතනයට ඇතුලත් වූ අතර එම වසර තුලදීම භාත්ඛණ්ඬේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ හෙතෙම 1944 දී සිතාරය|සිතාර් වාදනය පිළිබඳ වාද්‍ය විශාරද උපාධිය ලැබීය. ඉන් පසු බද්දලියනගේ දොන් ජෝසප් ඦෝන් නමින් සුනිල් ශාන්ත බවට පත් විය.
‍ධීවර ව්ආයා‍පාරිකයෙකු වු බද්ද ලියනගේ දොන් පෙමියානු හා මහරගේ එංගල්තිනා පෙරේරා යන දෙපලගේ කණිටු දරුවා ලෙස 1915 අප්‍රේල් මස 14 වන දින ජාඇල පමුණුගම දී ජෝසප් ජෝන් ළදරුවා උපත ලැබුවේ ය. ඔහුට මාස තුනක් වන විට පියා මරණයට පත් විය. ඔහුට තෙ වසරක් වන විට මව ද මිය ගියා ය. අනතුරු ව ජෝසප් ජෝන් හදාවඩා ගැනීම දෙහියාගාත ප්‍රදේශයේ ජස්වත් වූ කුරුගමගේ මරියමදලේනා පෙරේරා ජයවර්ධන නමැති ඔහුගේ මිත්තණියට භාර විය. ජෝසප් බාලාංශ අධ්‍යාපනය ලැබූයේ දෙහියාගාත පාසැලෙනි. පළමු වැනි පන්තියට පසු අධ්‍යාපනය ස`දහා ලොකු මාමා වන අන්තෝනි පෙරේරා සේවය කළ කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඇතුළත් විය. තවත් මාමා කෙනෙකු වන එම්.ජෙa. පෙරේරා නමැති සර්පිනා ශිල්පියාගෙන් එය වාදනය කිරීමට උගත් මුත් ලොකු මාමා එය අනුමත නො කළේ ය. මේ කාලයේ ගාල්ල මවුන්ට් කල්වාරි පාසැලේ මුල් ගුරුවරයා ලෙස කටයුතු කළ මර්සලීන් පෙරේරා නමැති මාමා විසින් ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ඇතුළත් කරනු ලැබ සිය නිවසේ ම ර`දවා ගෙන ඉගැන්වීම් කටයුතු කරවී ය. පාසැල් ගාස්තු ගෙවීමේ අපහසුව නිසා දෙ වැනි පන්තිය සමත් වීමට ද පෙර කුඩා ජෝසප්ට නැවතත් දෙහියාගාතේ සිය මිත්තණිය වෙත යාමට සිදු විය. අනතුරු ව තුඩැල්ල සිංහල පාසැලෙන් දෙ වැනි පන්තියේ සිට පස්වැනි පන්තිය දක්වා ශිල්ප හැදෑරී ය. යළිත් දෙහියාගාත පාසලට පැමිණි ජොසප් එහි නට්‍ය ර`ගදැක්වීම ආදී කලා කටයුතුවල නිරත විය. දක්ෂ ලෙස මවුත් ඕගනය වැයීමේ හැකියාව ඔහු සතු විය. 1931 දී දෙහියාගාත පාසලෙන් පාඨශාලා හැරයාමේ විභාගයට ඉදිරිපත් වූ ඔහු දිවයිනෙන් ම ප්‍රථම ස්ථානය දිනා ඞ්ඞ්වීරරත්න ත්‍යාගය.. හිමිකර ගත්තේ ය. 1932 දී ගම්පහ බෞද්ධ පාඨශාලාවේ ශිෂ්‍යයෙකු වශයෙන් ගුරු ප්‍රාරම්භ පරීක්ෂණයට ඉදිරිපත් ව ඉන් සමත් විය. 1933 දී ගාල්ල ක`ඵවැල්ල කල්වාරිකන්ද පාඨශාලාවේ සිටි මාමා ළ`ගට ගොස් එහි ශිෂ්‍යයෙකු වශයෙන් ගුරු අවසාන පරීක්ෂණයට ඉදිරිපත් ව ඉන් සමත් විය. 1934 කාලයේ මග්ගොන රෝමානු කතෝලික ගුරු අභ්යෙආස විද්‍යාලයේ පුහුණු ව ලැබී ය. මේ කාලයේ නාට්‍යවල ර`ගපෑමත් ගීත රචනා කිරීමත් කර ඇත. ජොන් ද සිල්වාගේ තනුවලට ගැමි සුන්දරත්වය පිළිබ`ද ගී එලෙස රචනා කර ඇත. 1936 කාලයේ දී පුහුණුවෙන් පසු ව ගාල්ලේ කල්වාරි කන්ද පාසලේ ගුරු තනතුරකට පත් විය. ලංකාවේ පැවති පළමු අධ්‍යාපන ප්‍රදර්ශනයේ හස්ත කර්මාන්ත නිෂ්පාදන ක්ෂේත්‍රයේ දෙවන ස්ථානයත් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයේ පළමු ස්ථානයත් දිනාගැනිණ. 1936-1939 කාලයේ දී ජෝසප්ගේ ශිෂ්‍යයෝ නොකඩවා තෙවසරක් ම දක්ෂිණ ලංකා පාඨශාලා සංගීත තර`ගයෙන් පළමු තෑග්ග දිනාගත්හ. 1938 දී අධ්‍යාපනඥ එස්.එල්.ඹී කපුකොටුව මහතාගේ උපදෙස් පරිදි ගාන්ධර්ව ප්‍රාරම්භ පරීක්ෂණයට රවිකිඤ්ඤ වාදන විෂයෙන් ඉදිරිපත් ව සමත් විය. ගිටාර් සහ ඇකෝඩියන් වාදනය පිළිබ`ද ව ද ප්‍රවීණතාවක් හේ ලබාගත්තේ ය. මේ කාලයේ දී ම ඌරාපොල බණ්ඩා ගුරුන්නාන්සේගෙන් ජනකවි සහ වන්නම් ගායනය ඉගෙන ගන්නා ලඳි 1938 දෙසැම්බර් 1 වන දින ශාරීරික අභ්යෙආස විෂයෙහි අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පැවැත්වූ පරීක්ෂණයෙන් සමත් ව ලංකාවේ ඕනෑ ම සිංහල පාසැලක ශරීර අභ්යෙආස හා ක්‍රීඩා ඉගැන්වීමට සුදුසුකම් ලැබී ය. 1939 දී සංගීතය හැදෑරීම ස`දහා ඉන්දියාවට යාමේ අදහසින් පාසැලින් අස්විය. 1939 දී ශාන්ති නිකේතනයේ ශිෂ්‍යයෙකු වශයෙන් ශාස්ත්‍රීය සහ වංග සංගීතය හා ගායනා විධි හැදෑරීම අරඹන ලඳි 1940 කාලයේ ලක්නව්හි මාරිස් හින්දුස්ථානි සංගීත විද්‍යා පීඨය හෙවත් භාත්ඛණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර ඉගෙනුම ලැබූ අවසන් වසර දෙක ස`දහා ලක් රජයෙන් රුපියල් 50 ක ශිෂ්‍යත්වයක් ලැබී ය. පසුව එය 100 දක්වා වැඩි කරන ලඳි මේ වසරේ දෙසැම්බර්වල දේවාර් සූර්යසේන සම`ග නත්තල් වැඩසටහනකට සහභාගී වී ඇත. 1941 ජූලි 05 දින ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල සමීතියේ විවිධප්‍රසංගයේ හින්දුස්ථානී ගී දෙකක් හා වංග ගීයක් ද ගයා ඇත. සිතාර් වාදනයක් ද ඉදිරිපත් කර තිඹේ සූර්ය සංකර් මොල්ලිගොඩ ද සංගීතයෙන් සහය වී ඇත. 1944 දී භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සිතාර් වාදනය පිළිබද පළමු පන්තියේ සාමාර්ථයක් සහිත ව වාද්‍ය විශාරද උපාධිය ලබා ඇත. 1944 දෙසැම්බර් 24 දින සුනිල් සාන්ත නමින් නාමය වෙනස්කොටගෙන මවු බිමට ආපසු පැමිණියේ ය. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලැබුණු සංගීත ශිෂ්‍යත්වයෙන් උගත් හෙයින් 1945 දී කපුකොටුව මහතා හමු වී සංගීත ගුරුපත්වීමක් ඉල්ලාසිටි මුත් සරඹ පත්වීමක් පමණක් දිය හැකි බව පැවසූ නිසා ඉගැන්වීමේ අභිලාශය අත්හැරස්මට සිදු විය.4 අනතුරු ව රක්වානේ සිටි මාමා වන ගරු මෝසස් පෙරේරා පියතුමා වෙත ගිය ඔහු එහි දී කුමාරතුංග මුණිදාස හා රැයිපියෙල් තෙන්නකෝන් ආදීන්ගේ පොත් කියවීමෙන් දේශීය සංගීතයක අවශහ්තාව තේරුම්ගැනීම හා ඒ වෙනුවෙන් කැපවීම අරඹණ ලඳි 1945-46 කාලයේ සංගීත පන්ති පැවැත්වීම, පුවත්පත්වලට ලිපි සැපයීම ආදිය කරන ලඳි සූර්ය සංකර් මොල්ලිගොඩගේ නිවසේ රැf`දමින් හෙළ සංගීතයක් ගැන විවිධ පර්යේෂණවල නිරත විය. 1946 දී ඞ්ඞෝලු පිපීලා.. ගීතය ලංකා ගුවන්විදුලිය මගින් තැටියකට නගන ලද මුල් ම ගීතය ලෙස වාර්තාගත ව ඇත. ඉන් අනතුරුව සංගීත නිර්මාණ කිරීම හා ගීත පොත් පළ කිරීම කරන ලඳි මේ කාලය වන විට සිංහල භාෂා රසිකයන් අතර ඔහු ඉතා ම ජනප්‍රිය වී සිටියේ ය. 1952 දී ගුවන්විදුලියේ රතන්ජංකර් පරීක්ෂණයෙන් පසු සුනිල් සාන්තට ගුවන්විදුලියේ දොර වැසිණ. 1952 අගෝස්තු 21 දින ජයසේකර සෙනෙවිරත්න මුදියන්සෙලාගේ මේරි ජොසපින් බර්නදෙත් ලීලාවතී සම`ග පන්නිපිටිය රෝමානු කතෝලික දේවස්ථානයේ දී විවාහ විය. ඒ වසරේ ඔක්තෝබරයේ ජාඇල කණුවන පිහිටි සුනිල් සාන්තගේ පුංචි අම්මාගේ නිවසට පදිංචියට පැමිණියේ ය. 1953 කාලයේ ඇල්බට් පෙරේරා නොහොත් අමරදේවට ඉගෙනීම සදහා උපකාර කර ඇත.5 1956 -1959 කාලයේ දී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව හා සන්දේශය යන චිත්‍රපටවල ගී තනු නිර්මාණය කරන ලඳි 1967 දී ගුවන්විදුලියේ අධ්‍යක්ෂ නෙවිල් ජයවීර මහතා නැවතත් සුනිල් සාන්තට ගුවන්විදුලියේ වැඩසටහන් භාරදීම සිදු විය. 1980 දී රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා ඔහුට නොමිලේ නිවසක් ලබා දුන් මුත් ඔහු එය භාරගනු ලැබූයේ නිවාස දෙපාර්තමේන්තුවට මාසික කුලියක් ගෙවීමේ ගිවිසුම මත යි. 1981 දී සුනිල් සාන්තගේ දරුවන් සිව්දෙනාගෙන් බාල පුත්‍රයා වූ ජගත් සාන්ත වානේ සංස්ථාවේ ඉංජsනේරුවෙකු ව කටයුතු කරද් දී හදිස්සියේ මියයෑම සිදු විය. මෙය ඔහුට දරාගත නොහැකි කම්පනයක් ගෙන ආවේ ය. 1981 අප්‍රේල් 11 වන දින පෙරවරුවේ සුනිල් සාන්තගේ අභාවය සිදු විය. අප්‍රේල් 13 වන දින දේහය කලාභවනට ගෙන ආ අතර ජා-ඇල දෙහියාගාත මුතුරාජවෙළ අසබඩ පිහිටි සුසාන භූමියේ ඒ සිරුර මිහිදන් කරන ලදී (විතාරණ,2001:337-348).
ගුවන්විදුලි අවධිය (1946-1952)
මීළග වසර 7 තුල ගායනා කළ ගීත අතර සමහර ගීත අති ඡනප්‍රිය විය. ඵවා නම් ඕලු පිපීලා (ප්‍රථම පටිගත ගීතය) ,"හදපානේ", "හෝ ගා රැලනැගෙයි", " බෝවිටියා දං පලුකන් වාරේ", " සුවද රෝස මල් නෙලා" , "කෝකිලයන්ගේ" සහ " මිහිකත නලවාලා" වේ. ඔහු ගායනා කළ ගීත සිහල උරුමය පිලිබදවූ අතර ඵ් කිසිවක් අන් භාෂාවල උපුටා ගැනීම් නොවීය. තවද කලාතුරකින් ගීත රචනාවේද නියැලුණේය. ඔහුගේ ගීතවල ගීත රචකයන් අතර කුමාරතුංග මුනිදාස, මර්සලින් ජයකොඩි පියතුමා, අරියසෙන් අහුබුදු දැක්විය හැක.
1952 දී භාරතීය මහාචාර්ය රතන් ජංකර් ඉදිරියේ සම්මුඛ පරීක්ෂණයකට පෙනීසිටීම ප්‍රතික්ෂේප කළ නිසා සුනිල් ශාන්තට ගුවන් විදුලියේ රැකියාව අහිමි විය. එතැන් පටන් ඔහු ජීවිකාව සඳහා වඩු වැඩ, මේසන් වැඩ, රථවාහන අළුත්වැඩියාව, ඡායාරූප ශිල්පය, ගුවන්විදුලි යන්ත්‍ර අළුත්වැඩියාව, සිල්ලර වෙළඳසලක් පවත්වාගෙනයාම වැනි නොයෙක් රැකියාවල නිරත විණි. 1953 දී සුනිල් ශාන්තයන් විසින් මරදානේ නිව්ටන් ගොඩනැගිල්ලේ කුඞා පාසලක් අරඹන ලදි. ඵය තුළින් ශිෂය්‍යන් දහයකට පමණ නොමිලේ හැදෑරීමට අවස්ථාව සලසා දෙන ලදි. ටික කලකට පසුව මිතුරු ඇල්බට් පෙරේරා (වර්තමානයේ ඩබ්. ඩී. අමරදේව) ගුරුවරයකු වශයෙන් ඊට ඇතුළත් වීය. 1967 දී නෙවිල් ඡයවීර මහතා ගෙන් ජාතික ගුවන්විදුලි සේවාව සමග සම්බන්ධ වනලෙස සුනිල් ශාන්තයන් ට ඇරයුම් ලැබිණ. පසුව හෙතෙම ඩබ්. ඩී. අමරදේව සමග එක්ව එහි කටයුතු කළේය. 1970 දී මාමාගේ නිවසින් බැහැරවු හෙතෙම 1977 දී සුනිල් ගී නමින් පටිගතයක් නිපදවන ලදි.
රජරට රාජධානිය|රජරට රාජධානියේ අගනුවර ලෙස අනුරාධපුර හෝ සීගිරිය පැවති යුගය රජරට රාජධානියේ අනුරාධපුර යුගය ලෙස සැලකේ.අනුරාධපුර රාජධානිය අනුරාධපුර නගරයේ නමින් නම් කරන ලදී. වර්ථමාන ශ්‍රී ලංකාවේ ප්‍රධන ගොඩබිම වන ලංකා දූපත හෙවත් ලක්දිව බිහිවූ ප්‍රථම සංවිධානාත්මක රාජධානිය වුයේ රජරට රාජධානියයි.
මුල් යුගයේ උපතිස්සනුවර අගනුවර වූ අතර පණ්ඩුකාභය රජ විසින් අනුරාධගම අගනුවර කරගෙන එය පුරවරයක් දකිවා සංවර්ධනය කරන ලදී. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්රධාන කාර්යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.
රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්රධාන කාර්යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය. එකල ඉදි කරන ලද මහා ස්ථුපයන් වූ රුවන්වැලිසෑය, ජේතවණාරාමය මෙන්ම ලෝවාමහාපාය වැනි විශාල ගොඩනැගිලි මඟින් අනුරාධපුර යුගයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව මනාව පෙන්නුම් කරයි.
{{main|අනුරාධපුර පෞරාණික නගරය}}
ඓතිහාසික මූලාශ්රයන්හි සඳහන් වන පරිදි අනුරාධපුර නගරය ආරම්භ වී ඇත්තේ ක්රි.පූ.5 සියවෙසහි වුවත් පුරාවිද්යාත්මක තොරතුරු අනුව එහි ඉතිහාසය ක්රි.පූ 10 වැනි සියවස තරම් ඈතට දිව යයි. කරන ලද පුරා විද්යා කැණීම් වලදී වඩා පූර්ව කාලයන්හි විසූ ජනයා සම්බන්ධ සාක්ෂි ලැබී ඇතත් ක්රි.පූ 5 සියවසට එපිට කාලය පිළිබද තොරතුරු අත්ෙත් මද වශෙයනි..
අනුරාධපුරෙය් වැඩිදුර සිදු කරන ලද කැණීම් වලදී මෙම පුරවරෙය් පැවති ප්රාග් ඓතිහාසික ජනාවාසයන් පිළිබද තොරතුරු ලැබී ඇත. ක්රි.පූ 900 - 600 දක්වා විහිදුණ ප්රාග් ඓතිහාසික ලෝහ යුගෙය්දී ලෝහ තාක්ෂණය, කුඹල් කර්මාන්තය, අහ්වයන් භාවිතය, ගවයන් ඇති කිරීම සහ වී වගාවද පැවතුණ බව පෙනී යයි. ක්රි.පූ 700-600 අතර කාලයේදී අනුරාධපුරයේ ජනාවාසය හෙක්ටයාර් 50 ඉක්මවා වර්ධනය විය. නගරය ඊසාන දිගින් සහ වයඹ දිගින් පිහිටි ප්රධාන වරායයන් අතර උපායමාර්ගිකව වැදගත් වන පරිදි පිහිටියේය. වගා කළ හැකි සරු බිම් එය වටෙකාට පිහිටා තිබුණි. ආක්රමණිකයන්ගෙන් නගරය ආරක්ෂා කළ ස්වභාවික පවුරක් වූ ඝන වනාන්තරය නගරය හාත්පස අවුරා විය.
ක්රි.පූ 4 සියවසෙහිදී පණ්ඩුකාභය රජතුමන් විසින් අනුරාධපුරය අගනගරය බවට පත් කරන ලද බවත්, මනා සංවිධිත සැලසුමක් අනුව නගරය සහ එහි උප නගරයන්ද පිහිටුවන ලද බවත් කියැවේ. "අභය වාපි" හෙවත් අභය වැවද එතුමන් විසින් කරවන ලදී. කාලවේල සහ චිත්තරාජ නමැති යක්ෂයන් උදෙසා දෙවොල්ද කරවනු ලැබීය. චේතියා නමැති යක්ෂණිය උදෙසා වෙළඹකගේ ස්වරූපයෙන් වූ පිළිරුවක් රාජ මාළිග පරිශ්රයේම ඉදි කරවන ලද අතර මේ සියළු යක්ෂ-දේවතාවන් උදෙසා වාර්ෂිකව පුද පූජා පැවැත්වීමද සිදු විය. නගරයේ සුසාන භූමිය, වදක භූමිය, පශ්චිම රාජිණියගේ දෙවොල, වෙස්සවණ උදෙසා වූ නුග රුක, ව්යාධදේව උදෙසා වූ තල් රුක, යෝනයන් සඳහා වාස භූමිය, ආත්ම පූජා මන්දිරය ආදිය පිහිටැවිය යුතු තැන්ද මෙතුමන් විසින් නියම කරන ලදී. වහලුන් නොහොත් චණ්ඩාලයන් විසින් කළ යුතු කාර්යයන් නියම කෙරුණු අතර ඔවුන් උදෙසා ග්රාමයක් වෙන් කරන ලදී. නිඝණ්ටයන්, තැන තැන සරන තවුසන්, ආජීවකයන් සහ බ්රාහ්මණයන් උදෙසා වාසස්ථාන ගොඩ නඟන ලදී. ග්රාම සීමාද නීර්ණය කරනු ලැබීය. අනුරාධපුරය අග නගරය බවට පත් කරමින් ක්රි.පූ 4 සියවස තරම් ඈත යුගයකදී පණ්ඩුකාභය රජතුමන් විසින් බිහි කරනු ලැබූ සම්ප්රදාය ඉතා වැදගත් වේ.
නගරයට සහ පූජනීය ස්ථානයන්ට කරනු ලැබූ සනීපාරක්ෂක සහ පරිපාලනමය සම්පාදනයන් විසින් පෙන්නුම් කෙරෙනුයේ කාලාන්තරයක් තිසිසේ නගරය කිසියම් මධ්යගත සැලැස්මකට අනුව සංවර්ධනය කෙරුණු බවය. පණ්ඩුකාභය රජතුමන්ගේ ඇවෑමෙන් එතුමන්ගේ පුත් මුටසීව රාජපදප්රාප්ත විය. හැට වසරක් වූ එතුමන්ගේ රාජ්ය පාලන කාලය තුළ අනුරාධපුර නගරය තවදුරටත් අගනුවර වශයෙන් පවත්වා ගත් අතර, බුදු සමය දිවයිනට හඳුන්වා දෙනු ලැබූ මුල් අවදියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබූ "මහාමේඝවන උද්යානය" (හෙවත් මහමෙවුනා උයන) පිහිටුවාලීමද එසමයෙහි සිදුවිය. බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර 236 කට පසු ශ්රී ලංකාවට බුදු සමය හඳුන්වාදෙන ලද්දේ මුටසීව රජතුමන්ගේ ඇවැමෙන් රාජ්යත්වයට පත් එතුමන් පුත් දේවානම්පියතිස්ස රාජ්ය සමයෙහිදීය. ඉන්දියාවෙහි විසූ අශෝක අධිරාජයා දේවානම්පියතිස්ස රජතුමන්ගේ සමකාලීනයෙක් විය. මෙම කාලය ක්රි.පූ 250 - 210 අතර කාලයයි. ලංකාවෙහි රාජ්යත්වයෙහි ආරම්භය සහ ආසියාවෙහි විශිෂ්ඨතම ආගමක් වූ බුද්ධ ධර්මය මත පදනම් වූ ශිෂ්ඨාචාරයක ආරම්භයද සනිටුහන් කෙරෙන්නේ මෙසමයෙහිය.
සීගිරිය - ප්රෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානනීය නගරයක් වූ සිගිරිය අයත් වන්නේද රජරට රාජධානියටයි.මෙහි පාලකයා වනුයේ කාශ්‍යප රජුයි.කාශ්‍යප රජු මෙම ස්ථානය තෝරා ගැනීමට හේතුව වුයේ තම සොහොයුරු මුගලන් කුමරු කෙදිනක හෝ පැමිණ රාජ්‍ය පැහැරගනීයැයි තිබූ බියයි.කලාගාරයක් බඳු මෙහි සීගිරි චිත්‍ර ඉන්දියාවේ අඡන්තා චිත්‍ර කලාවට සමාන කමක් දක්වයි.මෙම චිත්‍ර පිලිබඳව අදහස් දක්වන පරණවිතානයන් පෙන්වා දෙන්නේ මෙම චිත්‍ර වලින් නිරූපණය වන්නේ මෙඝලතා හා චිජ්ජුලතා යන්න ය.එනම් විදුලිය හා මේඝගර්ජනය යන ස්වභාවික සිදුවීම්ය.
මෙහි තවත් සුවිශේෂී අවධානයක් යොමුවන ස්ථානයක් ලෙස සීගිරි කැටපත් පවුර හඳුන්වාදිය හැකිය.එහි ලියැවුණු කුරුටු ගී තුළින් හෙළ ගැමියාග‍ේ අදහස් මෙන් ම හෙළ සංස්කෘතිය පිළිබඳවද තොරතුරු හෙළිවෙබුදල්මි
ආක්රමණයන් පැමිණි වරාය
රජරට රාජධානියට අඛණ්ඩව පැවතුණු තර්ජනයක් වූයේ දකුණු ඉන්දීය ආක්රමණයන්ය. එලෙස සිදු වූ ආක්රමණයන්ගෙන් සතුරන් පරදවා රජධානියේ පාලනය නැවත ලබාගත් දුටුගමුණු, වළගම්භා, ධාතුසේන, Iවන විජයබාහු, ලීලාවතී වැනි පාලකයන් කාගේත් අවධානයට ලක්විය. අනෙකුත් පාලකයන් මතකයේ රැඳුනේ ඔවුන් විසින් සිදු කරන ලද හමුදා ජයග්රහණ නිසාය. දකුණු ඉන්දියාවට එරෙහිව ආක්රමණයන් දියත් කළ පළවන ගජභාහු, පන්ධ්යන් දේවියට පිහිට වීමට තම හමුදාවන් යැවූ දෙවන සේන, එවැනි පාලකයන්ය. රජරට රාජධානියට එරෙහිව ආක්රමණයන් කිහිපයක් සිදුවූ අතර ඒවා සියල්ලක්ම දියත් කරන ලද්දේ දකුණු ඉන්දියාණුවන් විසිණි. ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වාර්තාගත ආක්රමණය සිදුවූයේ සූරතිස්ස(ක්රි.පූ 247-237) රජු සමයේදීය. එය සිදු කරන ලද්දේ සේන හා ගුත්තික යන දකුණු ඉන්දීය අශ්ව වෙළෙන්දන් දෙදෙනෙකු විසිනි. අවුරුදු විසිදෙකක පාලන කාලයෙන් අනතුරුව අසේල(ක්රි.පූ 215-205) විසින් ඔවුන් පරජය කරන ලදී. ඉන් අනතුරුව පැවති තවත් ආක්රමණයක් හේතුවෙන් චෝළ රජකු වූ එලාර(ක්රි.පූ 205-161) අසේල රජු පරදවා රටෙහි පාලකයා බවට පත් විය. එලාර අවුරුදු 44ක් රට පාලනය කළ අතර ඔහුව පරජයට පත් කරන ලද්දේ දුටුගැමුණු විසිනි. කෙසේ නමුත් මහාවංශ වාර්තා වලට අනුවඑළාර විසින් රට යුක්තිගරුක ලෙස සහ සධාරණ ලෙස පාලනය කළ බව කියැවේ.
ක්රි.පූ 103 දී ද්රවිඪ නායකයන් පස් දෙනෙකු වූ
2 බාහිය, 3 පනයාමර, 4 පිලියාමර 5 දතික
විසින් රට නැවතත් ආක්රමණය කරන ලදී. ඔවුන් ක්රි.පූ 89 දක්වා රට පාලනය කළ අතර වළගම්භා හට පරාජයට පත් විය. පසුව ඇති වූ තවත් ආක්රමණයක් නිසා රටෙහි පාලනය දකුණු ඉන්දීය පාලකයන් සය දෙනෙකු වූ පණ්ඩු, පාරින්ද, තිරිතර, දාතිය සහ පීතිය යටතට පත් විය. ධාතුසේන විසින් ඔවුන් පරදවා නැවත බලය ලබා ගන්නා ලදී. I වන සේන(833–853) සහ III වන උදය(935–938) රජ සමය තුළ දකුණු ඉන්දියාවෙන් බොහෝ ආක්රමණ සහ කොල්ලකෑම් එල්ල විය.
කෙසේ නමුත් මෙම ආක්රමණිකයන්ගෙන් කිසිවෙකු ඔවුන්ගේ පාලනය රටෙහි දකුණු ප්රදේශය වූ රුහුණ දක්වා දීර්ඝ කර නොගත්හ. එබැවින් ශ්රී ලාංකීය පාලකයන් සහ උරුමක්කාරයන් ඔවුන්ගේ හමුදාවන් මෙම ප්රදේශය තුළ සංවිධානය කොට ගෙන ඔටුන්න නැවත ලබා ගැනීමට සමත් වූහ. ශ්රී ලාංකීය ඉතිහාසය මුළුල්ලේම සතුරු ආක්රමණ වලින් රට බේරා ගත් අවස්තාවලදී රුහුණ මුල් වී ඉමහත් සේවයක් කරන ලදී.
කිත්සිරිමෙවන් රජ සමයේදී හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් බුදුන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කරවන ලදී. එම රජු විසින් දන්ත ධාතූන් වහන්සේ පෙරහැරකින් වැඩමවා මන්දිරයක තැන්පත් කරන ලදී. මෙම පෙරහැර වාර්ශිකව පවත්වන ලෙස රජු අණ කල අතර අදටත් එය චාරිත්රයක් ලෙස රටෙහි පවතී. බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ඉතා ඉක්මනින්ම රටෙහි පූජනීය වස්තුවක් මෙන්ම රජ්ය භාවය තහවුරු කරන සංකේතයක් බවට පත් විය. දන්ත ධාතුව ළඟ තබා ගන්නා පුද්ගලයා රටෙහි නියම පාලකයා විය. එමනිසා බොහෝ විට එය රජ මාළිගාවෙහිම නිදන් කොට තබන ලදී.
වැසි ජල කලමණාකරන තාක්ෂණය
රජරට රාජධානියේ ප්රධානතම ජයග්රහණය වූයේ වැසි ජලය මනාව කලමණාකරන කලහැකි වාරිමාර්ග බිහිවීමයි. ඒ හේතුවෙන් වියළි කලාපයේ කෘෂිකාර්මික අවශ්යතාවන් සඳහා ජලය සැපයීම සිදු විය. මෙම වාරිමාර්ග ඉදිකිරීම් මඟින් එම යුගයේ මිනිසුන් තුළ තිබූ උසස් තාක්ෂණික හා ඉංජිනේරු හැකියාවන් මනාව පිළිඹිබු කරයි
ලක්දිව සමකාලීන රාජධානි
{{main|රුහුණු රාජධානිය}}
තිස්ස රජ මෞර්ය අධිරාජ්යයට අවනතව දේවානම් පියතිස්ස නමින් මෞර්ය සම්ප්රදායනුකූලව නැවත ඔටුනු පැළඳීමත් සමගම රජ සොහොයුරු මහානාග කුමරු රුහුණට පලාගොස් මෞර්ය අධිරාජ්යයට අවනත නොවූ රුහුණු රාජධානිය පිහිටුවාගන්නා ලදී. රජරට රාජධානිය ආක්රමණියන් අතට පත් බෝහෝ අවස්ථාවලදී රුහුණු රාජධානිය බලය රැකගැනීමට ස්වදේශික සිංහලයන් සමත්විය.
ගින් දිගටම වූ දකුණු ඉන්දීය ආක්රමණ වලින් තැවුණු නගරය අවසානයේදී ක්රි.ව. 1017 දී අතහැර දැමිණ. මෙම මහා නගරය ක්රි.පූ. 5 වන සියවසයෙහි සිට ක්රි.ව. 1017 දක්වා ලංකාවේ අඟනගරය ලෙස පැවතුනි. එහි පසුබැස්ම ඇරඹියේ දකුණි ඉන්දීය ආක්රමණයන්ට එරෙහිව දිගින් දිගටම වූ යුද වැදීම නිසා රාජධානිය ආර්ථිකමය අතින් දුප්පත් වීමය. ක්රි.ව. 1017 දී චෝල අක්රමණික හමුදාව අනුරාධපුරය අතහැර ඊට සාපේක්ෂව ආරක්ෂිත පොළොන්නරුවට පරිපාලන නගරය ගෙන ගියේය.
නටබුන් ගවේෂණය සහ සංරක්‍ෂණය
නගරයට සහ එහි වූ වාරී සංකීරණයට වූ අති මහත් විනාශය හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම අතහැර අවුරුදු දහසකට ආසන්න කාලයක් ජරාවාස වන්නට හැරුණි. පසුව 19 වන සතවසරේදී බ්රිතාන්ය පරිපාලනය විසින් කැළෑ හෙළි කර නැවත ජනාවාස ඇති කෙරිණි.
රාජධානිය රජුගේ පාලනයට යටත් විය. රාජ්යත්වයට සම්බන්ධ වූ කැප කිරීමේ උත්සව සහ පිළිවෙත් ක්රමයන් ආරම්භ වූයේ දේවානම්පිය තිස්ස රජු සමයේදීය. එය එලෙස සිදු වූයේ ඉන්දියාවේ අශෝක රජුගෙන් ලැබූ ආභාශය හේතු කොට ගෙනය. දුටුගැමුණු රජු විසින් ප්රථම වරට මුළු රටම තමන් යටතට පත් කොටගෙන රට එක්සේසත් කරන ලදී. ඔටුන්නේ හිමිකාරිත්වයෙහි අනුපිළිවෙල සිදුවූයේ පිය පරම්පරාවට අනුකූලවය. එය සිදු කළ නොහැකි අවස්තාවකදී පෙර රජුගේ වැඩිමහල් සහෝදරයාට ඔටුන්නේ හිමිකාරිත්වය උරුමයෙන් ලැබුණි. සහෝදරයන් නොසිටියේ නම් වැඩිමහල් පුත්රයා හට ඔටුන්න උරුම විය.
අනුරාධපුර රාජධානියේ ආරම්භයේ සිට පාලකයෝ සතර දෙනෙකු රාජ්යය පලනය කරන ලදහ. විජයගෙන් ආරම්භ කොට සුභරාජ(60-67) දක්වා සිටි පාලකයන් සාමාන්යයෙන් හැඳින්වූයේ විජයන් රජ පෙළපතට අයත් අය ලෙසයි. මෙම රජ පෙළපතට අයත් වූ පණ්ඩුකාභය අනුරාධපුර රාජධානියේ ප්රථම පාලකයා විය. ළඹකන්න වංශයට අයත් වසභ විසින් බලය පැහැර ගන්නා තුරු විජයන් පෙළපත පැවතුණි. වසභ විසින් ඔටුන්න හිමි කර ගැනීමත් සමඟ ළඹකන්න රජ පෙළපත ආරම්භ වූ අතර එම පෙලපතට අයත් පාලකයන් සියවස් තුනකට වඩා වැඩි කාලයක් රට පාලනය කරන ලදහ. නව රජ පෙළපතක් ආරම්භ වූයේ 455දී ධාතුසේන කාලයේදීය. එය මූරිය රජ පෙළපත විය. ඇතැම් ඉතිහාසඥයන් විසින් මෙම රජ පෙළපතෙහි ආරම්භය ශාඛ්ය රජු ලෙස හැඳින්වූවත් ආරම්භක රජු තවමත් අවිනිශ්චිතය. අනුරාධපුර යුගයේ පැවති අවසාන රජ පෙළපත වූයේ දෙවන ළඹකන්න රජ පෙළපතයි. එය මානවම්මගෙන්(684-718) ආරම්භ වූ අතර අනුරාධපුර රාජධානියේ අවසාන පාලකයා වූ V වන මහින්ද දක්වා පැවතුණි.
සීගිරි ලළනාවෝ චිත්‍රය
ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී කල සීගිරිය|සීගිරියේ චිත්‍ර පසුව ජගත් පූජිත කලා නිර්මාණ බවට පත් විය. සීගිරිය ශ්‍රී ලංකාව|ශ්‍රී ලාංකීය ඉතිහාස‍යේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා 10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය.
පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේ. මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. සීගිරි ගී ‍‍බොහොමයක් අපුර්ව චමත්කාරයක් ද විශිෂ්ට කවීත්වයක් ද ඉමහත් ප්‍රතිභා ශක්තියක් ද ගැබ් වී ඇත. සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇත. මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනි. කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා පටුත්වයක් මින් හෙළි වේ. ව්‍යංගාර්ථයෙන් හා ව‍ක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේ.
මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.
සීගිරි ගී වල වැදගත්කම
සීගිරි ගී කිහිප ආකාරයකින් ම ලාංකික ඉතිහාසය තුළ වැදගත්කමක් උසුලයි. එනම්,
*මෙරට පැවති සමෘද්ධිමත් හා උසස් සභ්‍යත්වයක් පැවති අනුරාධපුර යුගයට අයත් සම්භාව්‍ය සාහිත්‍ය හා භාෂාව පිළිබඳ තොරතුරු ලබා ගත හැකි මුලාශ්‍රයක් ලෙස සීගිරි ගී ‍වැදගත් වේ. පසුකාලීනව ඇති වන විවිධ වසංගත, සතුරු ආක්‍රමණ ආදිය නිසා මේ යුගයට අයත් බොහෝ සාහිත්‍ය ග්‍රන්ථ අභාවයට පත් වී ඇති බැවින් සිගිරි ගී අනුරාධපුර යුගයට අයත් වැදගත් සාහිත්‍ය මූලාශ්‍රයකි.
*සීගිරි ගී බහු කතෘක මූලාශ්‍රයකි. එම ගී නිර්මාණය වන්නේ සීගිරිය නැරඹීමට පැමිණි පොදු ජනයා අතින් නිසා සීගිරි ගී මඟින් නිරූපනය වන්නේ ‍එකල පැවති පොදු ජන රුචිකත්වයයි.
*මෙතෙක් වු ආගමික සාහිත්‍යයෙන් බැහැර වු කෘතියක් වීම. සම්භාව්‍ය සාහිත්‍ය තුළ දී වස්තු විෂය තීරණය වීමේ දී ආගමික බලපෑමක් තිබූ මුත් සීගිරි කාව්‍ය සම්ප්‍රදාය එම ආකෘතියෙන් බැහැර වූවකි.
සීගිරි ගී වඩා වැදගත‍් වනුයේ, එම ගී ලියූවන්ගෙන් වැඩි පිරිස එදා මෙරට වාසය කළ බහුතර පොදු ජනයා වීමයි. එසේ ම මෙම සීගිරි ගී තවත් අතකින් වැදගත් වනුයේ එතෙක් පැවති ආගමික සාහිත්‍යට ගැති නොවී කළ නිර්මාණ ලෙසයි. එසේ ම කැ‍ටපත් පවුර වැනි සීමිත ඉඩක සංක්‍ෂිප්තව කළ මේ ගී මුක්තක ගී ගණයට වැටේ. එය ද මෙහි විශේෂත්වයයකි. මෙහි දී සීගිරි සිංහලය හරහා මතු වන කරුණු කීපයක් හඳුනා ගත හැකිය.
පුරාණ ශ්‍රී ලාංකේය වංශකථාවක් වන කුලවම්සය|කුලවංශයට අනුව, මෙම ප්‍රදේශය විශාල වනාන්තරයක් වූ අතර, පසුව කුණාටු සහ නායයෑම් නිසා එය කන්දක් බවට පත් වූ අතර, අනුරාධපුරයේ පළමුවන කාශ්‍යප|කාශ්‍යප රජු (ක්‍රි.ව. 477-495) විසින් ඔහුගේ නව අගනුවර සඳහා තෝරා ගෙන ඇතිබවයි. ඔහු මෙම පර්වතය මුදුනේ තම මාලිගාවක් ගොඩනඟා එහි පැති වර්ණවත් බිතුසිතුවම් වලින් සරසා ඇත. මෙම පර්වතයේ අඩක් පමණ ඉහළට කුඩා සානුවක ඔහු දැවැන්ත සිංහයෙකුගේ ස්වරූපයෙන් දොරටුවක් ඉදි කළේය. මෙම ස්ථානයේ නම මෙම ව්‍යූහයෙන් ව්‍යුත්පන්න වී ඇත; සිංහගිරි, සිංහ පර්වතය (සිංගප්පූරුව|සිංගප්පූරුවේ සංස්කෘත නාමය වන සිංහපුරට සමාන ව්‍යුත්පන්නයකි).
රජුගේ මරණයෙන් පසු අගනුවර සහ රජ මාලිගය අත්හැර දමන ලදී. එය 14 වන සියවස දක්වා බෞද්ධ ආරාමයක් ලෙස භාවිතා කරන ලදී.
භූ විද්‍යාත්මක ලක්‍ෂණ
සීගිරිය, ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. ඇල හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත එය පිහිටා ඇත. පර්වතය මීටර් 180 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්‍රමිකව දිවෙන බෑවුමක් ඇත.
{{ප්‍රධාන|සීගිරි බලකොටුව}}
සීගිරිය කාශ්‍යප රජු විසින් කරවන ලද බලකොටුවක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වේ. සීගිරි බලකොටුවට ඈත දිගු ඉතිහාසයක් ඇති අතර විවිධ පුද්ගලයන් විසින් විවිධාකාර මතද පල කර ඇත.
ගොනුව:සීගිරි බලකොටුවේ බටහිර දෙසින් ඇති ජල උද්‍යානය
*කාශ්‍යප යුගය (ක්‍රි.පූ.5-ක්‍රි.පූ.3 දක්වා)
*කාශ්‍යප යුගය (ක්‍රි.පූ.497-475 දක්වා)
*පසු කාශ්‍යප යුගය (ක්‍රි.ව.6-13 දක්වා)
*අප්‍රකට යුගය (ක්‍රි.ව.13-17 දක්වා)
*මහනුවර යුගය (ක්‍රි.ව.17-19 දක්වා)
*නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා)
තද පැහැයෙන් යුතුව උතුරට නෙරා යන මහා පව්ව පාමුල සිංහරාජයෙකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. සිංහරාජ තෙම් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක් දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව 1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂව ඇතත් සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනකු තුළ ප්‍රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත් බව කැටපත් පවුරේ ලියු මේ ගීයෙන් පැහැදිලි වේ.
* පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගාව
* ගඩලින් තැනූ සිංහයාගේ රූප ඇඳ තිබෙන සීගිරි ලලනාවන්
පුරා විද්‍යාත්මක නටඹුන් හා විශේෂ ලක්ෂණ
ක්‍රි.ව. 5 වැනි සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය. කාශ්‍යප රජු සීගිරිය මුදුනේ මාළිගාව තනද්දී රාවණ රජුගේ මාළිගයෙහි නටඹුන් හමුවූ බවට කතාවක්ද පවතී. පර්වතයේ සමතලා මතුපිට එම මාළිගයෙහි නටඹුන් තිබේ. මැද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක්ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පහළ මාළිගාව පර්වතයේ පහළ බෑවුමට හේත්තු වන්නට නිර්මාණය කරන ලද දිය අගල් තාප්ප හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර් සිය ගණනක් දුරට විහිදී ඇත. මෙම භූමිය මාළිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්‍රමාණවත් නටඹුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ඨ හැකියාව හා නිර්මාණශීලිත්වය පිළිබද අගනා හැගීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි.
සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැලසුම් කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය හැක. භූමි සැළසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂ්‍යම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. සැලසුම් සකස් කිරීමේදි ජ්‍යාමිතික සැළසුම් සහ අවට පිහිටි ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කර සංයෝග කර ගැළපීම් හා නොගැලපීම් සංකල්පය එක් කොට ඇති බව පෙනේ. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යාණය රාජකීයන් උදෙසා සුදුසු ලෙස සකස්කර ඇත. උද්‍යානයෙහි ජලය රදවා තබා ගන්නා ව්‍යුහය නිර්මාණය කර ඇත. ඒවා සකස් කිරීමේදී පොලව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්‍රියාත්මක මට්මේහි තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහිද බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක. මෙහි වාස්තු විද්‍යනුකුල සැලසුමක් සහිතව ඉදිකර ඇත. එමෙන්ම සීගිරිය දුර්ග බලකොටුවකි. ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග ආදියෙන් සීගිරිය සමන්විතය. ගිරි දුර්ග යනු ගිරියෙන් යට කරපු යනුවෙනී.
සීගිරියේ සංස්කෘතිකමය වැදගත්කම
කාෂ්‍යප රාජ්‍ය කාලයට පෙර විසූ මහසෙන් රජුගේ කාලයේ ද (ක්‍රි.ව.274-301), කිත්සිරිමෙවන් රජුගේ කාලයේ ද (ක්‍රි.ව.301-328) සීගිරියට ආසන්න ප්‍රදේශවල වැව් සහ සංඝාරාම නිර්මාණය කිරීම වැනි කාර්යයන් සිදු වූ බවට ඇති සාධක නිසා පූර්ව කාෂ්‍යප අවධියේ දී සීගිරි ප්‍රදේශය අරාජිකත්වයට පත්ව තිබුණේයැයි විශ්වාස කළ නොහැකිය. නමුත් සීගිරිය යන නමින් මෙම ප්‍රදේශය හඳුන්වන්නට පටන් ගත්තේ පළමුවන කාෂ්‍යප රජුගේ අගනුවර බවට පත් වීමත් සමඟ ය. 1982 ජනවාරි 08 වනදා ආයතන කීපයක ම දායකත්වය ඇතිව සංස්කෘතික ත්‍රිකෝණ වැඩකටයුතු ආරම්භ කරන ලදි. විශේෂයෙන් ම විශ්ව විද්‍යාලවල පුරාවිද්‍යා කණ්ඩායම් එකතු කර ගැනීම සහ තරුණ පුරාවිද්‍යාඥයින්ට එම කටයුතුවලට දායක වීමට ඉඩ ලබා දීම ද මේ කාලය තුළ කැපී පෙනිණි. කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ පීඨ සාමාජිකයන් වෙත සීගිරියේ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂණය හිමි විය.ඊට අමතරව වාස්තු විද්‍යාත්මක කටයුතු සඳහා තවත් කණ්ඩායම්, වන සත්ත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කැළෑ දෙපාර්තමේන්තුව ආදියෙහි සහයෝගය ද ලබා ගැනීමට කටයුතු කර ඇත. 1986න් පසුව සීගිරි ප්‍රදේශයේ ජනාවාස පුරාවිද්‍යාව නමින් ආරම්භ කළ සහයෝගීතා ව්‍යාපෘතියට අනුව එතෙක් සීගිරියේ කළ පර්යේෂණවලින් හෙළි නොවූ බොහෝ තොරතුරු හෙළිදරව් කර ලැනීමට හැකි විය. විශේෂයෙන් ම සීගිරිය අවට ප්‍රදේශයේ කරන ලද මේ පර්යේෂණ සීගිරි ඉතිහාසය තවත් ශක්තිමත් කිරීමට පදනම විය. සංස්කෘතික ත්‍රිකෝණය බිහි වීමෙන් පසු ලෝක උරුම නගරයක් බවට පත් වූ සීගිරිය ලෝකයාගේ අවධානයට ද නිරන්තරයෙන් ලක් වන්නට විය. මෙම සිද්ධි එකිනෙක ගළපා බලන විට සීගිරිය සංස්කෘතිකමය වශයෙන් අතිශය වැදගත්කමක් උසුලන බව පැහැදිලිවේ. අදවන විටත් අතිශය සංචාරක ආකර්ෂණයක් දිනා ගත් ස්ථානයක් බවට සීගිරිය පත්ව ඇත්තේ එබැවිනි. එය තවදුරටත් පැහැදිලි කරගන්නා විට ඊ.බී.ටයිලර් පෙන්වා දෙන පරිදි “සංස්කෘතිය යනු සමාජයේ සාමාජිකයෙකු වශයෙන් මිනිසා විසින් අගය කරන්නාවූත්,පරිණතවූත් දැනුම, ඇදහිලි, විශ්වාස, කලාව, සදාචාරය, නීතිය, සිරිත් විරිත් හා අනෙකුත් සියළු ම හැකියාවන්වල සංකීර්ණ සමස්තයයි”. ඒ අනුව ක්‍රි.ව.04 -05 සියවස්වල පැවති මෙකී සංස්කෘතික සාධක හඳුනා ගැනීමෙහිලා සීගිරිය අතිශය වැදගත් වේ. සරලවම පැවසුවහොත් සීගිරිය සංස්කෘතික කෞතුකාගාරයක් ලෙස දැක්වීම සාවද්‍ය නොවේ.
#ආරක්ෂාව පිළිබඳ උපක්‍රම
#පාරිසරික නසම්බන්ධතාවයේ ඇති දායකත්වය
#ගොඬනැඟිලි ඉඳිකිරීමේ වාස්තු විද්‍යාව
#නිර්මාණකරණය සඳහා ගල් භාවිත කිරීමේ ස්වරූපය
#ක්‍රි.ව.05වන සියවසේ පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම
#ජල තාක්ෂණය(ජල උද්‍යානය,වතුර මල්,පොකුණු)
#කලා ශිල්ප හා සාහිත්‍ය(කැටපත් පවුර,සීගිරි බිතු සිතුවම්,සිංහ පාදය)
#එකල පැවති ජන ජීවිතය(කැණීම්වලදී හමු වූ දෑ,සීගිරි සිතුවම්වල ඇති ආභරණ ,ඇඳුම් ආයිත්තම්) වැනි සංස්කෘතික සාධක රැසක් සීගිරියෙන් හමුවේ.
ක්‍රි.ව.1859දී එමර්සන් ටෙනන්ට් විසින් සීගිරිය පිළිබඳ ලියූ විස්තරයේ සීගිරිය තමා දුටු ස්වරූපය දක්වා තිබේ. සීගිරි වැව, කැටපත් පවුර, සීගිරි ගල, දිය අඟල් සහ රජ මාළිගය පිළිබදවත්, ඒවා නටඹුන්ව පවතින ආකාරයත් ඔහුගේ විස්තරයට අයත්ව තිබේ. එනම් සීගිරියේ ඇති සංස්කෘතිකමය අගනාකම්ය.
README.md exists but content is empty. Use the Edit dataset card button to edit it.
Downloads last month
1
Edit dataset card