text
stringlengths
0
1k
"ඩෘපල්" යනු නිදහස් සහ විවෘත මූලාශ්‍ර අන්තර්ගත කලමනාකරන පද්ධතියකි.ඒ වගේම අන්තර්ගතයන් කලමනාකරන රමුවක්ඩ වේ."ඩෘපල්" ලිවීම සදහා පී.එච්.පී. පරිගණක භාශාව භවිතා කර ඇති අතර බෙදහැරීම කර තිබෙන්නේ පොදු මහජන බලපත්‍රය යටතේය.මෙම ලිපිය හෝ ලිපි කොටස සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)ව්‍යාකරණ, ‍ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)ආදී සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව ( Classical mechanic) අර්ථ දැක්වීම ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව නිව්ටන්ගේ දෙවන නියමය ඉතිහාසය [show] මූලික සංකල්ප [show] සූත්ර [show] අංශ [show] විද්යාඥයන් This box: view • talk • edit ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව ( බොහෝ විට එහි උප ක්ෂේත්රයක්වන නිව්ටෝනියානු යාන්ත්ර විද්යාව සමග පැටලේ) . ප්රක්ෂිප්තවල සිට යන්ත්ර කොටස් දක්වා මෙන්ම අභ්යවකාශයානා, ග්රහලෝක, තාරකා හා ගැලැක්සි වැනි තාරකා විද්යාත්මක වස්තු වැනි මහේක්ෂීය ව
ස්තුවල චලිතය විස්තර කිරිමට යොදා ගනී. එය මෙම වසම් යටතේ ඉතා නිවැරදි ප්රතිඵල ලබා දෙන අතර විද්යාවේ හා තාක්ෂණයේ විශාලම හා පැරණිම විෂයයන්ගෙන් එකකි. මෙය හැරුණු කොට වායු, තරල හා ඝන වැනි දේ සමග කටයුතු කරන අංග පවතී. ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව, අධි ප්රවේගයෙන් ආලෝකයේ ප්රවේගයට ළඟා වෙමින් චලනයවන වස්තු සඳහා වූ විශේෂ සාපේක්ෂතාව මගින් වැඩි දියුණු කරනු ලබයි. තව දුරටත් සාමාන්යය සාපේක්ෂතාව වඩා ගැඹුරු මට්ටම්වලදී ගුරුත්වාකර්ෂණය සමග වැඩ කිරීමට යොදා ගනී. භෞතික විද්යාවේදී ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව, යාන්ත්ර විද්යාව පිළිබඳව වූ අංශයේ ප්රධාන උපකොටස් දෙකෙන් එකක් වන අතර බලපැවැත්වෙන භෞතික නීති එකතුවක් හා වස්තු හා වස්තුවල එකතුවල චලිතය ගණිතමය වශයෙන් විස්තර කිරීමත් සමග සැලකිල්ලට ගනී. අනෙක් උපක්ෂේත්රය වන්නේ ක්වොන්ටම් යාන්ත්ර විද්යාවයි. ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව (Classical mechanics) යන වදන සාපේක්ෂතාවාදය හා ක්වොන්ටම් භෞතිකය නිර්මාණය වීමට පෙර, ටයිකො බ්රා හා ගැලීලියෝගේ භූගෝලීය ප්රක්ෂිප්ත චලිතය මත පදනම් වූ ජොහැන්නස් කෙප්ලර්ගේ ආදී තාරකා විද්යාත්මක සිද්ධාන්ත මත ගොඩනැගුණු සර් අයිසැක් නිව්ටන් හා 17 වන සියවසේ බොහොමය
ක් සමකාලීන වැඩ කරන්නන් මගින් ආරම්භ කළ ගණිතමය භෞතික විද්යා පද්ධතියක් හැඳින්වීමට 20 වන සියවසේ දී නිර්මාණය විය.එම නිසා සමහරක් මූලාශ්ර “සාපේක්ෂ භෞතිකය” ලෙස හඳුන්වන දෙය එම ලයිස්තුවෙන් ඉවත් කරලීය. කෙසේ නමුත් නූතන මූලාශ්ර ගණනක අයින්ස්ටයින්ගේ යාන්ත්ර විද්යාව ඇතුළත් වන අතර ඔවුනට අනුව එය ආදී සම්භාව්යය යාන්ත්ර විද්යාවේ වඩාත් දියුණු හා නිවැරදි ආකාරයයි. ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාවේ වර්ධනයේ මූලික අවධිය නිව්ටෝනියානු යාන්ත්ර විද්යාව ලෙස හඳුන්වන අතර එය නිව්ටන් විසින් ලෙයිබනිස් හා අනෙක් අය සමග සමාන්තරව හඳුන්වා දෙන ලද ගණිත ක්රම හා ක්රියාවේ යොදවන ලද භෞතික සංකල්ප සමග සම්බන්ධ වේ. මෙය ඉදිරි කොටස්වලදී තව දුරටත් විස්තර කර ඇත. වඩා වියුක්ත හා සාමාන්යය ක්රම වලට ලැග්රන්ජියානු යාන්ත්ර විද්යාව (Lagrangian mechanics) හා හැමිල්ටෝනියානු යාන්ත්ර විද්යාව (Hamiltonian mechanics) ඇතුළත් වේ. ආදි සම්භාව්යය යාන්ත්ර විද්යාව හා නිව්ටෝනියානු යාන්ත්ර විද්යාව යන වදන් දෙකම සමාන ලෙස සලකන අතර (සාපේක්ෂතාව නොසලකා හැරේනම්) එහි අන්තර්ගතයෙන් වැඩි ප්රමාණයක් 18 හා 19 වන ශත වර්ෂවල නිර්මාණය විය. තවද නිව්ටන්ගේ කාර්යයන්ගෙන් සැලකිය යුතු තරම් ද
ුරකට විහිදිනි. (බොහෝවිට එහි විශ්ලේෂණික ගණිතය භාවිතයේදී).References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Classical_mechanicsඅබ්දුල් රශිඩ් සලීම් සල්මන් ඛාන් (හින්දි: सलमान ख़ान, උර්දුسلمان خان;; 1965 දෙසැම්බර් 27 උපත ලැබූ) බොලිවුඩ් සිනමාවේ රංගන ශිල්පියෙකි. 1988 “බිවි හො තො අඉසි” ඔහුගේ මංගල චිත්‍රපටය වූ අතර “මඉනෙ ප්යර් කියා” (1989) චිත්රපටය ඔහුගේ පළමු සාර්ථක චිත්‍රපටය විය. එහි රංගනය වෙනුවෙන් හොඳම රංගනය වෙනුවෙන් හා හොඳම ආධුනික පිරිමි රංගනයට හිමි ෆිල්ම් ෆෙයා සම්මානය හිමි විය. බොලිවුඩ් සිනමාවේ අති සාර්ථක චිත්‍රපට වූ “සාජන්” (1991), “හම් ආප්කෙ හේන් කෞන්” (1994), “කරන් අර්ජුන්” (1995), “බිවි නො.1” (1999) යන අධික ලාභ ලැබූ චිත්‍රපටයන්හි රංගනයන් හේතුවෙන් ඔහු සිනමා තරුවක් බවට පත් වුණි. “කුච් කුච් හොතා හේ” (1998) චිත්‍රපටයේ සහය රංගනය වෙනුවෙන් 1999දී හොඳම සහය නළුවාට හිමි ෆිල්ම් ෆෙයා සම්මානයෙන් ඛාන් පිදුම් ලද්දේය. එයින් පසු “හම් දිල් දෙ චුකෙ සනම්” (1999), “තෙරෙ නාම්” (2003), “නො එන්ට්ර” (2005) “පාර්ට්නර්”(2007) සහ “වොන්ටඩ්” (2009) වැනි විවේචනාත්මක සහ වාණිජ්‍ය වශයෙන් සාර්ථක චිත්‍රපට කිහිප
යකද ඔහු රංගනයෙහි යෙදුනේය. හින්දි සිනමාව තුළ විශිෂ්ඨ නළුවෙකු බවට පත්වීමට මෙලෙස ඛාන් සමත් විය. .“ දෙවන තලයේ පවතින දේවල සීමා මායිම පළවැනි තලයේ සීමාමායිම තරම් පැහැදිලි නොවනු ඇති. එබැවින් සිත්තරා පළවැන්න හා දෙවැන්න අතර සීමා මායිම් නිර්මාණය නොකරයි. ඊට හේතුව එක් වස්තුවක සීමා මායිම ගණිතමය රේඛාවක් මිස සැබෑ රේඛාවක් නොවන හෙයිනි. එක් වර්ණයක සීමාව වෙනත් වර්ණයකින් ආරම්භ වන අතර සැබෑ සීමා මායිම සමඟ සමපාත නොවේ. එනම් එක් වර්ණයකට එදිරිව තබනු ලැබූ අනෙක් වර්ණය අතර සීමාවට කිසිවක් මැදිහත් නොවන බැවිනි. එබැවින් සිත්තරා දුර ප‍්‍රමාණය ප‍්‍රකාශකරමින් සීමා මායිම් දක්විම සිදුනොකරයි.”සිතුවමට සුවිශේෂීත්වය ලබාදෙන්නේ තීව‍්‍රතාවය පිලිබඳ සංජානනය සහ නිරූපනයයි. විශ්වයේ සෑම ලක්‍ෂයකටම තීව‍්‍රතාවයක් පවතී. එය කලූ සුදු සහ ඒ අතර වන අළු පැහැති වර්ණ පරාසය මගින් නිරූපනය කළ හැක. ප‍්‍රායෝගිකත්වය තුල සිත්තරා හුදෙක් වර්ණ (එකම තීව‍්‍රතාවයක් සහිත) පමණක් භාවිතා කරමින් විවිධ තීව‍්‍රතාවයන් සහිත මතුපිටවල් සන්නිධානගත කිරීම මඟින් හැඩතල සුසම්බන්ධ කරමින් සංකේතීය හැඩතල ඉදිරිපත් කරයි. මේ අනුව සිතුවම් කිරීමේ මූලික ක‍්‍රමවේදය ජ්‍යාමිතික රූප, ව
ිවිධාකාර දෘෂ්ඨිකෝණ සහ සංවිධානයන් (පර්යාවලෝකය) සහ සංකේත වැනි ද්‍රෘෂ්ඨිවාදී ක‍්‍රමවේදයෙන් වෙනස්වූවකි. උදාහරණයක් ලෙස අසල ඇති වස්තූන්ගේ සෙවණැලි හා පරාවර්තනයන් හේතුකොටගෙන සුදු පාට බිත්තියක එක් එක් ස්ථානයේ විවිධ තීව‍්‍රතාවයන් සහිත යැයි සිත්තරෙකුට හැඟී යා හැක. නමුත් පරම වශයෙන් සුදු බිත්තිය සුදු බිත්තියක්මය. තාක්‍ෂණික ඇඳීමේදී රේඛාවක ඝනකම පරමයකි. වස්තුවක පරම පිට දාරය සීමාකිරීමේදී සිත්තරුන් යොදා ගන්නා සංජානන රාමුවෙන් මෙය වෙනස් වෙයි.සංගීතයේදී ස්වරමානය සහ රිද්මය මෙන් සිතුවම් කිරීමේදී වර්ණය සහ වර්ණ ස්වභාවය එහි හරය වෙයි. වර්ණය බෙහෙවින්ම විෂයබද්ධ වන නමුත් නිරීක්‍ෂණය කළහැකි මානසික බලපෑම් සහිත වෙයි. කෙසේවෙතත් මෙය එක් සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට වෙනස් වියහැක. බටහිර ශෝකවීම සමග කලූ වර්ණය බැඳී තිබුණද පෙරදිගදී එම වර්ණය වන්නේ සුදුය. ගොයතේ, කැන්ඩින්ස්කි, නිව්ටන් වැනි සමහර සිත්තරුන්, න්‍යායවේදීන්, ලේඛකයින් සහ විද්‍යාඥයින්ට තමන්ටම වූ වර්ණ පිලිබඳ න්‍යායයක් විය. උදාහරණයක් ලෙස ‘රතු’ යන වචනය ගතහොත් වර්ණාවලියේ රතු පැහැය ලෙස හැඳින්විය හැකි විශාල වර්ණ පරාසයක් ඉන් ආවරනය වෙයි. සංගීතයේ විවිධ ස්වර පිලිබඳ පවතින එකඟතාව
ය මෙන් වර්ණ පිලිබඳ සම්මතයක් නොමැත. සිත්තරකුට වර්ණ මූලික හා ද්විතීයික ලෙස සරළව බෙදුනු ඒවා නොවේ. සිත්තරුන් ප‍්‍රායෝගිකව ගණුදෙනු කරන්නේ වර්ණක සමඟ වන අතර ඔහුගේ ‘නිල්’යන්නට ඕනෑම නිල් පැහැයක් (සයන්, පැරිස් නිල්, ඉන්ඩිගෝ, කොබෝල්ට්, අල්ට‍්‍රාමෙරීන් ආදී වශයෙන්) අන්තර්ගත වියහැක.සංගීතයේදී මෙන්ම සිතුවම් කිරීමේදීද රිද්මය වැදගත් වේ. රිද්මය යනු අනුක‍්‍රමනයක් තුල පවත්නා විරාමයයි. මෙම විරාමය ආකෘතිය, තාලය, වර්ණය වැනි නිර්මාණාත්මක බලයට ඇතුලූවීමට ඉඩ සලසයි. මෙසේ කිසියම් කලාකෘතියක සිදුවන වැදගත් වෙනස්කම් එහි සෞන්දර්යාත්මක වටිනාකම කෙරෙහි බලපෑම් ඇති කරයි. නිදහස්ව ශක්තිය ගලායාම සෞන්දර්යාත්මක වටිනාකමට ඍජුව බලපාන්නකි. නූතන සිත්තරුන් සිතුවම් කිරීම වඩාත් ව්‍යාප්තකොට ඇති අතර කොලාජ් මෙයට එක් උදාහරණයකි. සමහර නූතන සිත්තරු වැලි, සිමෙන්ති, පිදුරු, ලී වැනි දේ විවිධ අමුද්‍රව්‍ය භාවිතා කිරීමට පෙළඹී ඇත. (ඩිජිටල් කැන්වසයන් මත ෆොටෝෂොප්, පේන්ටර් වැනි විවිධ මෘදුකාංග යොදාගනිමින් වර්ණ ගැන්වීම සඳහා පරිගණක භාවිතා කරන සිත්රුන් සංඛ්‍යාත්මකව වර්ධනය වෙමින් ඇත. අවශ්‍ය විටෙක මෙම රූප සාම්ප‍්‍රදායික කැන්වසයක් මත මුද්‍රණය කිරීමේ හැකියාවද
පවතී.)1829 දී ඡායරූප නිර්මාණය ආරම්භ විය. 19 වන සියවසේ මැද භාගයේ සිට ඡායාරූප සැකසීම වර්ධනය වූ අතර නිරීක්‍ෂණයට ලක්කළහැකි ලෝකය පිලිබඳ වාර්තා තබාගැනීමේ මාධ්‍යයක් ලෙස සිතුවමට හිමිව තිබූ තතවය ක‍්‍රමයෙන් අඩු වන්නට විය. අනතුරුව 20 වන සියවසේදී ලෝකය පිලිබඳව වූ පුනරුද දැක්ම උපස්තිථිවාදය, පශ්චාත් උපස්තිථිවාදය, ප‍්‍රකාශනවාදය, ඩාඩාවාදය සහ ඝනිකවාදය ආදී නව ප‍්‍රවේශයන් සමඟ බැහැරව යන ලදී. දිඝ ශෛලිගත ස්වරූපයේ ඉතිහාසයකට හිමිකම් කී පෙරදිග හා අපි‍්‍රකානු සිතුවම් කලාව මෙවැනි වූ විපරිණාමයකට ලක් නොවීය. නූතන හා සමකාලීන කලාව, කෞෂල්‍ය සහ වාර්තාගත කිරීමේ ඵෙතිහාසික වටිනාකමින් ඈතට ගමන් කරමින් සංකල්පය දෙසට යොමුව ඇත. මේ හේතුවෙන් සිතුවම් කිරීම බැ?රුම් කලා ප‍්‍රවර්ගයක් ලෙසින් වූ පිලිගැනීම අවසානකට ලක්කොට ඇති බව සමහරු කියාසිටිති. කෙසේ නමුත් බහුතරයක් කලාකරුවන් සම්පූර්ණයෙන්ම හෝ සිය කෘතියේ අංගයක් ලෙස සිතුවම් කිරීම යොදාගැනීමෙන් වැලැක්වීමට එය සමත්ව නොමැත.Republic of Iraqجمهورية العراقǦumhūriyyat al-ʿIrāqكؤماری عێراق‎ Komara ÎraqêකොඩියCoat of armsඋද්යෝග පාඨය: الله أكبر   (Arabic)"Allahu Akbar"  (transliterati
on)"God is [the] Greatest"ජාතික ගීය: موطني‎Mawtini  (My Homeland)අගනුවරබැග්ඩෑඩ්විශාලතම නගරයඅග නගරයනිල භාෂා(ව)Arabic, Kurdistaniජාති නාම(ය)IraqiරජයFederal parliamentary republic• President Jalal Talabani• Prime Minister Nouri al-MalikiIndependence• from the Ottoman Empire 1 October 1919• from the United Kingdom 3 October 1932• Republic 14 July 1958• Current constitution 15 October 2005වර්ග ප්‍රමාණය• සම්පූර්ණ438,317 km2 (169,235 sq mi) (50th)• ජලය (%)1.1ජනගහණය• 2011 ඇස්තමේන්තුව34,322,000[1] (36th)• ඝණත්වය73.5/km2 (190.4/sq mi) (125th)දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව• සම්පූර්ණ$113.366 billion[1]• ඒක පුද්ගල$3,537[1]දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව• සම්පූර්ණ$82.150 billion[1]• ඒක පුද්ගල$2,563[1]ව්‍යවහාර මුදලIraqi dinar (IQD)වේලා කලාපයUTC+3 (GMT+3)• ගිම්හාන (DST)UTC+3 (not observed)රිය ධාවන මං තීරුවrightඇමතුම් කේතය964අන්තර්ජාල TLD.iqඉරාකයේ නිල නාමය 'ඉරාක ජනරජය' යන්නය. ඉරාකය 'සක්රොස්' (Zaqros) කඳු පෙලෙහි වයඹ දිග කෙළවරෙහි වැඩි ප්‍රදේශයක් පුරා විහිදී පවත්නා බටහිර ආසියාවට ද, සිරියානු කාන්තාරයේ න
ැගෙනහිර කොටසට ද, අරාබියානු කාන්තාරයේ උතුරු දිග කොටසට ද විහිදී පවත්නා රටක් වෙයි. ඉරාකයට අයත් දේශසීමාවන්[සංස්කරණය]බටහිරින් ජෝර්දානය, වයඹට සිරියාව, උතුරට තුර්කිය, නැගෙනහිරට ඉරානය (කුර්ඩිස්ටාන්) සහ කුවේටය, දකුණට සවුදි ආරාබිය, යනුවෙනි. උතුරු පර්සියානු බොක්කෙහි කි.මී. 58 ක් දිග (සැතපුම් 35) පටු වෙරළ තීරයක් ද ඉරාකය සතුය. අගනුවර වන බැග්ඩෑඩ් නුවර පිහිටා ඇත්තේ රටෙහි නැගෙනහිර මැද කොටසෙහිය.වයඹ දිග සිට ගිණිකොන දක්වා ගලා බස්නා මහා ගංගා දෙක වන යුප්‍රටීස් හා ටයිග්‍රීස් රට මැදින් ගලා යයි. බටහිර ආසියාවේ වැඩි කොටසක් ආවරණය කෙරෙන තණබිම් සහ කාන්තාර බිම් දසුන් හා සැසඳෙන මෙම ගංගා දෙක හේතුකොට ගෙන කෘෂිකර්මාන්තයට අනගි වූ ඉඩම් ඉරාකයට උරුම වී තිබේ.ඵෙතිහාසිකව සලකා බැලීමේ දී ඉරාකය ඇතුලත් වන ප්‍රාන්තයේ ග්‍රීක ටොපෝනියම් (Land Toponym) නාමය වනුයේ 'මෙසපොතේමියාව' (Land between rivers) යන්නය. ක්‍රිස්තු වර්‍ෂයට පෙර එනම් ක්‍රි.පූ. 6 වන සහශ්‍රයේ සිට අඛණ්ඩව අනුක්‍රමික සභ්‍යත්වයකට ඉරාකය නිවහනව තිබිණි. ටයිග්‍රීස් හා යුප්‍රටීස් ගංගා අතර ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ 'සභ්‍යත්වයේ සමාරම්භය' සහ 'ලේඛනයේ' හා 'රෝදයේ' උපන් බිම යනුව
ෙන්ය. එහි දිගු ඉතිහාසය පුරාම ඉරාකය, ආකේඩියන්, ඇසිරියන්, බැබිලෝනියන්, හෙලනිස්ට්ක්, පාතියන් සසනිඩ් සහ ඇබසිඩ් අධිරාජ්‍ය හා ආකිමිනිඩ්, රෂිඩුන්, උමයියාද්, මොනෝගල්. සෆාව්ඩ්, ඔටෝමන්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යනාදියෙහි මධ්‍යස්ථානයව තිබිණි. ඉරාක රාජධානිය පිහිටුවන ලද්දේ වර්‍ෂ 1932 දීය.2003 ආක්‍රමණයත් සමඟ ඉරාකය, බහුජාතික( ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුලත්) හමුදා සංවිධාන විසින් බලෙන් අල්වා ගන්නා ලදි.2004 ජුනි මස ඉරාකයේ ස්වෛරීයත්වය අතුරු ආණ්ඩුවකට මාරු කරන ලදි. අනතුරුව ජනමත විචාරණයක් හරහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා ලද අතර, මැතිවරණයෙන් නව රජයක් තෝරා පත්කර ගන්නා ලදි. 2010 මාර්තු වන විට රට තුළ රැදී සිටි ඇමෙරිකන් භට සංඛ්‍යාව 96,000 කි. ඇමෙරිකන් හමුදා සේනාංක සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමේ අවසාන දිනයක් නියම කර තිබේ. එය නම් 2011 දෙසැම්බර් 31 වන දිනය. References[සංස්කරණය]↑ 1.0 1.1 1.2 1.3 1.4 "Iraq". International Monetary Fund. සම්ප්‍රවේශය 2011-04-21.යුනෙස්කෝ ලෝක උරුම අඩවියසැකිල්ල:SHORTDESC:යුනෙස්කෝ ලෝක උරුම අඩවියනව ශිලායුගීය ඕක්නෙයි හි කේන්ද්‍රස්ථානයයුනෙස්කෝ ලෝක උර
ුම අඩවියනිර්ණායකයසංස්කෘතික: i, ii, iii, ivමූලාශ්‍ර514අභිලේඛනය1999 (23වන සැසිය)ස්කාරා බරායි හි කණින ලද වාසස්ථාන.ගෘහ භාණ්ඩ පිලිබඳ සාක්ෂ්‍ය.අංක 7 නිවාසයට වසුන හා වත්මන් මුහුදු වෙරළට සමීපත්වය පෙන්වන ජනාවසයෙහි ඉහළින් පෙනෙන අයුරු දසුනක්.ස්කාරා බ්රෙයිහි හා අනෙකුත් නවශිලායුගීය අඩවි වලදී හමුවූ සංකේත.ස්කාරා බරායි (උසුරුවනුයේ /ˈskɑrə ˈbreɪ/) යනු, ස්කොට්ලන්තයේ, ඕක්නෙයි මහා භූමිප්‍රදේශයේ බටහිර වෙරළ තීරයෙහි, ස්කායිල් බොක්කෙහි පිහිටි විශාල ගලින්-නිමැවූ‍ නව ශිලා යුගයට අයත් ජනාවාසයකි. එහි නිවාස 10ක් පවතින අතර ක්‍රි.පූ. 3100-2500 කාලයේ දී ජනාවාස වී ඇත. යුරෝපයේ වඩාත්ම සම්පූර්ණ නව ශිලා ගම්මානය මෙය වන අතර යුනෙස්කෝ ලෝක උරුමවලට අයත් වීමට ආරක්ෂා සහිතව මෙය පැවතුණි.ස්කාරා බරායි සොයා ගැනීම හා එහි ලක්ෂණ[සංස්කරණය]ස්කාර් බ්රේ් නම් වූ විශාල පස් ගොඩැලිවලින් තෘණ උදුරා දැමීමට තරම් විශාල කුණාටුවක් නිසා 1850 වන තෙක් ස්කාර් බ්රේ පැවතියේ පසට යට විය.ස්කේල් හි ස්කොට්ලන්ත වාසියකු වන විලියම් වොට් විසින් ශෛලමය ගොඩනැඟිලි කීපයක් කටු සටහන් සොයා ගන්නා ලද අතර මූලික කැනීම් ද සිදු කරන ලදී. 1926 ඇති වූ තවත් කුණාටුවකට පසු
1928 ත් 1930 ත් අතර දී එය වීර් ගෝඩන් ඩයිල්ඩ් විසින් සම්පූර්ණයෙන් කැනීමට භාජනය කරන ලදී.ස්කාරා බ්රේස පදිංචිකරුවන් පැහැදිලි ලෙසම ග්රූව්ච්වෙයා සාදන්නෝ සහ භාවිතා කරන්නෝ වූහ. නිවෙස් මැටියෙන් ඉදි කළ ඒවා විය. ඒවා පොළවට කිඳා බැස්සේය. ඒවා විශාල කුණු ගොඩවල් බවට පත් වූයේය. ඒවා සුළු වශයෙන් ස්ථිර නිවාස වූ අතර ඔක්නෙයි හි රළු ශීත දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයේ නිර්මාණයක් විය. නිවසක් වර්ග මීටර 40 ක වපසරියකින් යුක්ත වූ අතර එහි විශාල හතරැස් කාමරයක් ද උෂ්ණත්වය ලබා දීමට හා කෑම පිසීමට විශාල ලිපක් ද විය. දූපතේ එතරම් ගස් නොතිබූ නිසා එම නිවෙස්වල වහළ සෙවිලි කිරීම සිදු වූයේ ලී දඬු හා තල්මස් ඇටකටු තණ පිඩැලි සමඟ ඇල්ලීමෙනි. නිවෙස්වල ගලින් කරන ලද ගෘහ භාණ්ඩ විශාල සංඛ්යා්වක් විය. ඊට කබඩ්, මේස, පුටු හා ඇසුරුම් පෙට්ටි අන්තර්ගත විය. කාණු පද්ධතියක් පවා ග්රාමම නිර්මාණයේ සම්පාදනය කොට තිබිණි. සෑම නිවසකම ප්රාුථමික මට්ටමේ වැසිකිලියක් තිබිණි.සොයා ගත් නිවාස දහයෙන් හතකම ඇඳවල් හා මේස සහිත එක හා සමාන ගෘහ භාණ්ඩ විය. ඒවා වූයේ ද සමාන ස්ථානවලය. මේසය තිබුණේ නිවසට ඇතුළු වන විටම පෙනෙන ලෙස දොරට මුහුණ දා බිත්තියට හේත්තු කරය. අටවනනිවසේ මේස හෝ
ඇසුරුම් පෙට්ටි නොතිබිණි. නමුත් එය එක හා සමාන කුඩා කුටිවලට බෙදා තිබුණි. මෙම නිවසේ කැනීම්වලදී ගල් කැබලි, අස්ථීන් සහ සත්ව අං හමු විය. මෙම ගොඩනැඟිල්ලක ඇටකටු ඉදිකටු හෝ ගිනිගල් කෙටේරි වැනි සරල ආයුධ නිෂ්පාදනය කළ වැඩපළක් විය හැකිය.යුරෝපයේ මිනිස් මැක්කා පියුලෙක්ස් ඉරිටන්ස් පිළිබඳ ප්ර ථම වාර්තාව මෙම බිමෙන් සොයා ගන්නා ලදී.විකිරණ කාබන් පරීක්ෂාවෙන් පෙන්නුම් කරන්නේ ස්කාරා බ්රේො හි ජනාවාස ඇතිවීම ක්රිග.පූ. 3100 සිට වසර 600ක් පුරා පමණ පැවති බවයි. ක්රි‍.පූ. 2500 දී පමණ කාළගුණ විපර්යාසය සිදු වීමෙන් පසු එනම් බොහෝ ශීතල තෙත් කාළගුණයක් පැවතීමට පටන් ගත් පසු පදිංචිකරුවන් විසින් මෙය අත්හැර දමන්නට ඇත. ස්කාරා බ්රේීහි මිනිසුන් එහි පදිංචිය හදිසියේ අත්හැරීමට හේතු පිළිබඳ නොයෙකුත් සිද්ධාන්ත ඇතත් මෙය සිදු වූ ආකාරයට අදාල ශක්තිමත් සාක්ෂි තවම හමු වී නැත.මෙම දෘශ්යයමාන ගොඩනැඟිලි මෙහි ජීවී සම්භවයක් තිබූ බවට හැඟීමක් ඇති කරනවන නමුත් මෙම භූමිය නැවත සොයා ගැනීමට පෙර සමුද්රී ඛාදනය නිසා මීට අදාල සාක්ෂි බොහෝ ලෙස විනාශ වී ඇත. අනාවරණය වූ ශේෂයන් පුරාණ ස්මාරකවලට යාබදව තිබෙන්නට ඇත. කොටු කරන ලද ප්රතදේශයේ දකුණට වන්නට වූ පර්වතයේ සෝදා ය
ාමක් දක්නට ලැබී ඇත. විශාල ශෛලමය පවුර විසින් වූ ශේෂ සෝදා යාමෙන් ආරක්ෂා කෙරෙයි.ඛණ්ඩාංක: 59°02′55″N 3°20′35″W / 59.04861°N 3.34306°W / 59.04861; -3.34306දාති සංස්කරණෙය් සාහිත්‍යය ප්‍රතිසංස්කරණ සාහිත්‍යය තුළ 'පැරඩයිස් ලොස්ට්' සහ 'අර්ස් ඔෆ් රොචෙස්ටර්ස්' සැඩ්මන්, ඉතා මහත් උනන්දුවක් ඇති ලිංගික හාස්‍ය ඇති ' ද කන්ට්‍රී වයිෆ්' සහ '‍ෆිල්ජිර්‍ෙග්' 'මොරෙල් විස්ඩම්' යන ඒවා ඇතුළත් වේ. එහි දක්නට ලැබෙන්නේ, 'ලෙ‍ාකේස්‍' ගේ 'ට්‍රිප්ස් ඔන් ‍ගවර්මන්ට්' රාජකීය සමාජයේ සොයා ගැනීම, 'රොබට් බෙයිල් ගේ' පරික්ෂණ, ඩ්‍රයිඩ්න්ගේ විවේචනයන්ට පුරෝගාමී වු සාහිත්‍යය යන පලමු පුවත් පතය. සමීක්ෂණ සහ අන්තගාමී වන 'ක්‍රෙම්වෙල්ස් පුරිට්න් ගෝ සදාචාරාත්මක පිළිවෙත්හි ආධිපත්‍ය මගින් ඇති කල සාහිත්‍යය සම්ප්‍රදායේ ඇති කළ හිඩස මගින් සාහිත්‍යමය සංස්කෘතියේ විරාමයක් ඇති කළේ, ප්‍රතිසංස්කරණයෙන් පසු සාහිත්‍යයේ සෑම ආකාර‍යකම නැවුම් ආරම්භයකි. අරාජිත කාලය තුලදී ෂ චාර්ල්ස් රජුට ඇදුනු බලකායක් විසි හැවරිදි චාර්ල්ස් ෂස සමග විවාසනයකට යොමු විය. එම නිසා චාල්ස් (ෂෂ) සමග ගමන් කළ රදලයා මහද්විපයේ සාහිත්‍යමය සිද්දියක් මධ්‍යයේ දශකයක පමණ කාලයක් නැවති
සිටියේ ය. චාර්ල්ස් ප්‍රංශ නාට්‍යයන්ට යොමු විමෙන් කාලය ගත කල අතර ස්පාඥ්ඤ ජාතිකයන්ට රැචි නාට්‍යමය කලාවක් සංවර්ධනය කලේය. පෝලන්‍තයේ ජිවත් වු ‍ෙශ්‍රෂ්ඨයින් වාණිජ ගනුදෙණු කිරීම් මෙන් සාධාරණත්වය පිළිබදව ඉගෙනීමට යොමු වු අතර, බුද්ධිවාදී ගද්‍ය මගින් නිල සාධාරණ ජාතිය බේදී යෑම පිළිබද තර්ක කළේය. ඉතා වැදගත් සහ විශාලමය කාව්‍යයමය ආකාරය වුයේ හාස්‍යය. සාමානයයෙන් හාස්‍යය ප්‍රකාශයට පත් කලේ නිර්නාමික ආකාරයෙනි. හාස්‍ය හා බැදුණු ඉතා බරපතල කාරණාවන් විය. අනෙක් අතින් අපහාස නීතිය ඉතා පුළුල් ජාලයක් බැවින් ාස්‍ය උත්පාදකයෙකුට ශ්‍රේෂ්ඨයෙක් පිළිබදව විවේචනය කළ බවට ඔප්පු වුව හොත්, අභිචෝදනා වලින් මිදීමට නොහැකි විය. අනෙක් අතින් පොහොසත් පුද්ගලයින් සැකකරැවන්ට ශාරිරික පහර දීම් දුෂ්ඨයින්ගෙන් බොහෝ දුරට සිදු නොවුනේය. 'ජෝන් බ්‍රයිඩ්න්" සැන්ටයර් ඔන් මෑන් කයින්ඩ්' රචනා කිරීම සම්බන්දයෙන් හුදෙක්ම සැක කරැවෙකු විය. නිර්ණාමිකත්වයේ ප්‍රතිපලයක් වුයේ විශ්ඨත්වයෙන් හා කුසලතාවයෙන් පිරි කාව්‍යයන් ප්‍රසිද්ධියට හෝ ප්‍රකාශණය නොවීමය. ප්‍රතිසංස්කරණ අවධියේ බලපවත්නා ගද්‍යයන් වුයේ ක්‍රිස්තියානි ආගමික ලේඛනයන් වන නමුත් අවසාන කාලයේ බලපැවැත් වු නව ප්‍
රභේදයන් දෙකක ආරම්භය දක්නට ලදි. ප්‍රභන්ධ කථා සහ ලේඛන කලාව ආගමික ලේඛනයන් දේශපාලනික සහ ආර්ථික ලේඛනයන් තුල වු අතර දේශපාලනික සහ ආර්ථික ලේඛනයන් විසින් ආගම ඍජුව ප්‍රකාශ කරන ලදි. ප්‍රතිසංස්කරණය වුයේ 'ජෝන් ලෝකේ' ගේ අනුකම්පා නොවන කාර්යයන් රැසක් රචනා කල අවධියේය. 'ලොකෙස්' ගේ අනුභූතවාදය මානවයා තේරැම් ගැනීමට උත්සාහ දැරැ අතර, ඉන් ඉතා හොද තිරණ ගැනිමේ උපක්‍රමයක් ඇති විය. මෙම විද්‍යාත්මක ක්‍රමයන් පසුකාලිනව ඇමරිකානු පුනර්ජිවනයේ සිතන ආකාරයට පත් විය. ඔහුගේ තේරම් ගැනීමේ කාර්යයන් තුළින් මුලික අංහයක් වන සමාජයේ සිට 'තෝමස් හොබ්ස්' ආකාරයෙන් ප්ලාස්ටික් ආකාරයේ සමාජ ගිවිසුම් පිළිබද ප්‍රකාශ කිරිමට නැඹුරැ විය. එක්තරා කාලයක් තුළ දක්නට ලැබුණේ පුර්න පරාජයක්, ප්‍රජාතන්ත්‍රවාදයට උත්සාහයන්, සිමිත තැන්පත්තුවකින්. රජය පමණක් සැනසවිය හැකි ආකාරය විය. ප්‍රතිසංස්කරණය අධික නොවු බොහෝ අමිහිරි නිකායවාදි ලේඛනයක් වු නමුත් රැඩිකල් වාදය ප්‍රතිසංස්කරණයෙන් පසු නොනැසී පැවතිණි. 'ජෝන් මිල්ටන්' වැනි අසභ්‍ය ‍දේ අතිශයින් පිලිකුල් කළ ලේකකයින්ට විශ්‍රාම යෑමට හෝ හැඩගැස්වීමට බල කල අතර 'මොනරාකි' සම්බන්ධයෙන් විරැද්ධ උපදේශයන් ලබා දුන් 'සිගර්'. ෆින්ක් ම
ොනැස්විස්ට්'. ‍'ලෙව්ලර්' සහ චාර්ල්ස් (ෂ) රාජඝාතනයට ඍජුව සම්බන්ධ වුවත් මර්ධනය කරන ලදි. සාහසික ලේඛකයින් පාතාල කල අතර, ආරාජික කාලය තුල සේවක කල බොහෝ දෙනා ප්‍රතිසංස්කරණයේ ැගි ගිය ස්ථානයකට හිමිකම් කියනු ලබයි. 'ජෝන් බුන්යැන්" අනෙකුත් ග්‍රිම්ස් ප්‍රොග්‍රෙස්' පුද්ගලයන්ගේ ගැලවීමේ සහ ක්‍රිස්තියානි ජිවිතයට මගපෙන්වීමේ උපමා කථාවක් විය. පරම්වරණය හෝ දිව්‍යමය විවාහවලට විරැද්ධ වන පෙලඹවීම් ජය ගත හැකි ආකාරය පිළිබදව 'ඩනියන්' රචනා කළේය. මෙම පොත තේරැම් ගත හැකි කථාවක් ආකා‍රයෙන් සහ ජිවිත කථා හා නාට්‍යයන්ගේ බලපෑම් පෙන්නුම් කල අතර තවද ප්‍රතිසංස්කරණ කාලය තුළ දී 'එඩ්මන්ඩ් ස්පෙන්ස්ර් විසින් සොය‍ා ගත් ‍ෙශ්‍රෂ්ඨ රෑපක සම්ප්‍රදායේ පරික්ෂාකාරි බව පෙන්නුම් කලේය. පංචතේතින් ලබාගන්නා සාමාන්‍ය ආකාරය වුයේ පැත්තක් මුද්‍රණය කරන ලද පත්‍රිකා ප්‍රකාශණ මගිනි. එක් විශාල තනි පිටුවට සාමානයයෙන් පක්ෂවාදි සිද්ධින් සම්බන්ධව රචනා වී තිබිණි. මෙම අවධියේ දී වෘත්තිමය සහ කාලීන (සුපුරැදු ප්‍රකාශනයන්ගේ තෙ‍්රැම) ඉංග්‍රීසි ලේඛන කලායේ ආරම්භය දක්නට ලදී. ලේඛන වාදය 1689 රාජාසනයට අයිතිවාසිකම් කියන කාලයේ දී, සංවර්ධනය විය. පුවත්පත් ප්‍රකාශනයට පත් වු 'ඇම්ස
්ටර්ඩන්' හි සිටි විලියම් රාජත්වයට පැමිණි පසු එංගලන්තයේ පුවත් පල් කලාව ආරම්භ විය. ඉංග්‍රිසි නවකතාවේ ආරම්භක දිනය ප්‍රකාශ කිරිම් දිගු ප්‍රබන්ධ කථා සහ කල්පිතමය ජීවිත කතා, ප්‍රතිසංස්කරණ අවධිය තුළදී අනෙක් ආකාරයනට වඩා පැහැදිලිවම වෙනස් විය. ප්‍රංශයේ සහ ස්පාඥ්ඥයේ පැවති ප්‍රේම ප්‍රභන්ධ කථා එංගලන්තයේ ප්‍රසිද්ධ විය. ප්‍රේම කථාවක් ස්ත්‍රීන් ආකාර‍යේ සම්බන්ධ වු අතර, මෙය කියැවීම දුරාචාරයක් බැවින් ගැහැනුන්ට තිරැ බදු අය කලේය. ප්‍රතිසංස්කරණ අවධියේ නවකාථා නැග්මේ සුවිශේෂි අංගයක් වුයේ 'ඇල්ෆ්‍රා බෙහෙන්' ඇය වෘත්තියේ කාන්තා නවකතාකරැවන්ගේ පළමුවා පමණක් නොව, එංගලන්තයේ ප්‍රධාන වෘත්තිය නවකතාකරැව්‍න් අතරේද ඇය සිටිය හැක. 'බෙන්' ගේ සුප්‍රසිද්ධ නවකතාව වුයේ 'ඔරැනොකෝ' 1688 දී මෙහි පාදක වී ඇත්තේ සුරැනේම් යටත් කර ගත් කල්පිත රජවරයෙකුගේ ජිවිත කතාවය. ‍'බෙන්ගේ' නවකතා තුල ඛේදජනක බලපෑම් ක්නට ලැබෙන අතර නාට්‍යා රචකයෙකුගේ පරිණත බාවය දක්නට ඇත. අසභ්‍ය දේ පිළිකුල් කරන ලද රාජ්‍ය පාලනය පොදු වේදිකාවන් තුල සංදර්ශන තහනම් කිරිමෙන් පසු නාට්‍යයන් අධික ලෙස සහ ඉතා වේගයෙන් ප්‍රතිනිර්මාණය කරන ලදි. ප්‍රතිසංස්කරණ ආරම්භක අවධියේදී බොහෝ ප්‍රසිද්ධ, '
ජෝන් ඩ්‍රයිඩ්න්', 'විලියම් විචර්ලි" සහ ‍'ජොර්ජ් එතර්ප්' ගේ රසාත්මක නොවන හෝ 'ගැඹුරැ' හාසය, උසාවි වටපිටාව සහ අනවර්ත ලිංගික කුමන්ත්‍රණ සහ දිනුඹ් ඇති 'මචෝ' ශිෂ්ඨ ජිවිත ක්‍රමය මින් නිරැපණය විය. විලියම් කොන්ග්‍රේව් ගේ ලව් ෆො ලව් (1965) සහ 'ද වේ ඔ‍ෆ් ද වර්ල්ඩ්" (1700) සහ 'ජෝන් වෙන්බ්‍රග්ස්' ගේ 'ද ෆියලැප්ස්' ' ද ප්‍රාවොක්ඩ් වයිෆ් ' වැනි හාස්‍යයන් සැහැල්ලු සහ විසිවන ශතවර්ශයේ ආරම්බයේ වංශවත් චිත්‍ර කලාවට වඩා වෙනස් වු බොහෝ මාධ්‍යම පන්තියේ ශිලයක් සහ පුළුල් නරඹනන් පිරිසක් කෙරෙහි අවධානය යොමු කළේය. 1690 දී නාට්‍යයන් තුල බොහෝ සමාජිය සම්ශ්‍ර නරඹන්නන් සහ ප්‍රභල මධ්‍ය පංති අංගයන් සහ ස්ත්‍රී නරඹනන් විය. උදාහරණයක් ලෙස ලිංගිකත්වය තුල වු හැල හැප්පීම් තුල සිට විවාහය දක්වා මාරැ විම, තරැණ ආදරවන්තියන් තුල හාස්‍ය පිළිබද අවධායනය අඩු අතර, වයසක පරම්පරාවේ අවධානය 'වෙඩ්න් බෙල්ස්' වලින් පසු විවාහ සම්බන්ධතාවයන් කෙරෙහිය. දින චර්යා සම්පාදක 'ජෝන් එලියන්' සහ 'සැමැවෙල් පෙරිස්' සැමදා ලන්ඩන් ජිවිතය සහ කාලයෙ සිද්ධින් පිළිබදව වචනයෙන් විස්තර කලෝය.පපඩම්ආහාරයට සැකසූ පපඩම්Originවෙනත් නම් name(s)පපඩං, අප්පාලම්, පොපඩම්ආරම්භවූ ප්‍ර
දේශයIndian subcontinentDetailsMain ingredient(s)උඳු, කඩල, ආදී රනිල බෝග පිටි වර්ගVariationsහාල් පපඩම්, අර්තාපල් පපඩම්, ඉස්සො පපඩම්රනිල පිටි (බොහෝ කොට උඳු පිටි) වලින් සාදන රසවත් පෝෂ්‍යදායී [1]ආහාරයකි. ආශ්‍රිත[සංස්කරණය]↑ http://nutritiondata.self.com/facts/legumes-and-legume-products/7549/2ධ්‍වනි විද්‍යාව යනු විවිධ වූ ක්ෂේත්‍රයන්, ධ්වනිය අති ධ්වනිය හා අධෝධ්වනිය (පදාර්ථයේ අවස්ථා වන ඝන ද්‍රව හා වායුන්ගේ තුල පවතින සියළු යාන්ත්‍රික තරංග) පිළිබඳ වූ විද්‍යාවකි. ධ්‍වනි විද්‍යාව අධ්‍යයනය කරන විද්‍යාඥයා ධ්‍වනි විද්‍යාඥයෙක් වශයෙන් හඳුන්වනු ලබයි. ධ්වනි විද්‍යා‍ෙව් තාක්ෂණික යෙදීම්‍ ධ්‍වනි ඉංජිනේරු විද්‍යාව වශයෙන් හඳුන්වයි. ධ්‍වනි විද්‍යාඥයෙකුගේ ක්‍රියාකාරකම්‍ පරාසය බොහෝ විට සමාන කමක් දක්වයි.සත්ව ලෝකයේ දිවි පැවැත්ම සඳහා ශ්‍රවණය ඉතා වැදගත් හැකියාවක් වන සේම කථා කිරී‍ෙම් හැකියාව මිනිස් දියුණු‍ෙව් හා සංස්කෘතියේ ඉතා වැදගත් ලක්ෂණයකි. ෙම්‍ නිසා ශබ්‍දය පිළිබඳ වූ විද්‍යාව අප සමාජයේ විවිධ පැතිකඩවල් ඔස්සේ වර්ධනය වීම පුදුම දනවන කරුණක් නො‍‍ෙව්‍. සංගීතය, වෛද්‍ය විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය, කාර්මික නිෂ්
පාදන හා යුධ විද්‍යාව මෙවැනි ක්ෂෙත්‍ර කිහිපයකි. කලාව, කර්මාන්ත, විද්‍යාව හා තාක්ෂණ‍ය යන ක්ෂේත්‍රයන් එකිනෙකෙහි වර්ධනයට රුකුල් දෙමින් අනෙක් බොහෝ දැනුම් ක්ෂේත්‍ර පරිද්දෙන්ම ධ්වනි විද්‍යාවද සමස්ත ක්ෂේත්‍රයක් ලෙස ප්‍රගමනය කිරීමට දායක වී තිබේ.ධ්‍වනි විද්‍යාව (acoustic) යන වචනය සැදී ඇත්තේ ශ්‍රීක භාෂා‍ෙව් වචනයක් වන ακουστός, යන වචනයෙනි. මෙහි තේරුම වන්නේ “ඇසීමට ඇති හැකියාවයි” (Woodhouse 1910, B92) ලතින් භාෂාවෙන් මෙයට “Sonic” යනුවෙන් හඳුන්වයි. ධ්වනි විද්‍යාඥයන් සිය අධ්‍යයනයන් මිනිස් පරාසයෙන් ශ්‍රව්‍ය ඉහළ හා පහළ සංඛ්‍යාත පරාසයක් දක්වා විස්තාරණය කිරීමත් සමග එම ධ්වනි පරාස පිළිවෙලින් අතිධ්වනි හා අධෝ ධ්වනි පරාස ලෙස පොදුවේ හැඳින්වීම සිදු වූ අතර ධ්වනි විද්‍යාව මෙම සියළු සංඛ්‍යාත අධ්‍යයනය හඳුන්වන පොදු වදන බවට පත් විය. ධ්වනිය පිළිබද ඉතිහාසය[සංස්කරණය]තන්තුවක් කම්පනය කිරිමේදී ඇතිවන මුලික යන පළමු උපරිතානය පළමුවෙන්ම මෙම විද්‍යාමාන වන දේ අධ්‍යයනය කරනු ලැබුවේ පයිතගරස් විසිනි.ධ්වනිය පිළිබද විද්‍යාව 6 වැනි සහ 1 වැනි සියවස අතර ග‍්‍රික සහ රෝම සංස්කෘතියේ පටන් ගන්නා ලදි. එය සංගිතයක් ලෙස ආරම්භ වු අතර අවුරුදු දහස
් ගනනක් කලාවක් ලෙස ආරම්භ වු අතර අවුරුදු දහස් ගනනක් කලාවක් ලෙස භාවිත කල අතර පයිතගරස් සංගිත ප‍්‍රාන්තරවල ස්වභාවය ගැන උනන්දුවක් දක්වනතෙක් විද්‍යාත්මක ආකාරයට ඉගෙන ගත් බවට සාක්ෂි නොමැත. ඇරිස්ටෝටල්ට සමහර ප‍්‍රාන්තර අනිත් ප‍්‍රාන්තරවලට වඩා ලස්සන ඇයි දැයි දැන ගැනිමට අවශ්‍ය විය. එය පිළිතුරු සංඛ්‍යාත්මක අනුගත වලින් සොයා ගැනිමට ඔහු සමත් විය. ඇරිස්ටෝටල් (384-322) ධ්වනිය වායුන්ගේ සංකෝචනය සහ ප‍්‍රසාරණය අනුව සිදුවන බව තේරුම් ගන්නා ලදි. 20ඊක්‍ දි රෝමානු ගෘහ නිර්මාණ හිල්පියකු සහ ඉංජිනේරුවා වු බර්ටුවිකස් ධ්වනිත්ව ගතිගුණ වන දෝංකාරය සහ අනුනාදය යන ගෘහ නිර්මාණාත්මක ධ්වනිය පිළිබද සාකච්ඡුා අඩංගු ශාස්ත‍්‍රිය ග‍්‍රන්ථයක් ලියන ලදි.ධ්වනිමය ක‍්‍රියාවලිය පිළිබද භෞතිකමය තේරුම් ගැනිම විද්‍යාත්මක විප්ලවය තුල සහ පසුව වේගයෙන් සිදුවිය. ගැලිලියෝ (1564-1642) සහ මර්සෙන් (1588-1648) තන්තු කම්පනය පිළිබද සම්පුර්ණ නියම ස්වායත්ව සොයා ගන්නා (පයිතගරස් අවු 2000 කට පෙර කලින් සම්පුර්ණ කරන ලද) ගැලිලියෝ විසින් රුව්දෙන වස්තුන්ගේ කම්පන මගින් තරංග නිපදවනු ලැබේ. එය වායු තුලින් ගමන් කර කනේ කන්අඩියට ගොස් මොලය සංවේදනය වි ශබ්දයක් ලෙස හදුනා ග
නි. මෙම සැලකිය යුතු ප‍්‍රකාශනය මගින් කායික සහ මානසික ධ්වනිය පිළිබද කරුණු ඉදිරිපත් කරයි.වාතයේ ධ්වනියේ ප‍්‍රවේගය පිළිබද පරියේෂණාත්මක මිනුම් 1630 සහ 1680 කාලය තු මරියින් විසින් විමර්ශනය කරන ලදි. මේ අතර නිව්ටන් (1642-1727) ඝනවල තරංග ප‍්‍රවේගය යන කොන්ගල භෞතික ධ්වනිය පිළිබද සම්බන්ධතාවයක් ව්‍යුත්පන්න කරන ලදිධ්වනි විද්‍යාවේ මූලික සංකල්ප[සංස්කරණය]ධ්වනිය පිළිබද අධ්‍යයනයේදී සිදුවන්නේ යාන්ත්‍රික තරංග කම්පන ලබා ගැනීම , සෑදීම හා ප්‍රචාරණය යන ක්ෂේත්‍ර ඔස්සේය.ඉහත ආකාරයේ වන ක්‍රියාපිළිවෙත් සෑම ධ්වනි අංශයකම හෝ ක්‍රියාවලියකම දැකිය හැක. ස්වභාවික හා චේතනාත්මක හේතූන් සඳහා බොහෝ උදාහරණ ඇත. ශක්තීන් ධ්වනි තරංග සාදමින් ධ්වනි තරංගවලට පරිවර්තනය කරන පරනායක ක්‍රියාවලි බොහෝමයක් පවතී. ධ්වනි තරංග ප්‍රචාරණය විස්තර කරන එක් මූලික සමීකරණයක් ඇත. නමුත් එහි සංකල්ප ඉතා සංකීර්ණ හා විචලනය වන්නකි. තරංගය ප්‍රචාරණ මාධ්‍යය හරහා ශක්තිය රැගෙන යයි. එසේම මෙම ශක්තිය නැවතත් වෙනත් ශක්තියක් බවට පරිවර්තනය වේ. (ස්වාභාවික හෝ චේතනීය උපක්‍රම ලෙසට) අවස්න ප්‍රතිඵලය සම්පූර්ණයෙන් භෞතික හෝ ජීව විද්‍යාත්මක හෝ චේතනීය ව්‍යමනට ළගා වේ. අප භූමිකම්පා
වක් පිළිබද කථාකරන විට , සබ්මැරීනයක් තම සතුරා සෙවීමට “සොනාර්” භාවිතා කරන විට හෝ ප්‍රසංගයක වාද්‍ය වෘන්දයක් වාදනය කරන විට මූලික පියවර පහ සෑම අවස්ථාවකම අනුගමනය කරනු ලැබේ.ධ්වනි ක්‍රියාවලිය ප්‍රධානතම පියවර වන්නේ ධ්වනි තරංග ප්‍රචාරණයයි.මෙය අයත් වන්නේ භෞතික ධ්වනි විද්‍යා ක්ෂේත්‍රයටයි. තරල තුළ මූලිකව ශබ්දය පීඩන තරංගයක් ලෙස ප්‍රචාරණය වේ. ඝණ තුළ යාන්ත්‍රික තරංග, පෘෂ්ඨ තරංග , අන්වායාම තරංග , තීර්යක් තරංග ලෙස විවිධ ආකාර ගනු ලබයි. ධ්වනිය පළමුව ධ්වනි තරංගයේ පීඩන කලාප හා සංඛ්‍යාත පිළිබද සොයයි. පරිනායක ක්‍රියාවලදී විශේෂ වැදගත්කම් සහිත වේ.තරංග ප්‍රචාරණය : පීඩන කලාප[සංස්කරණය]ජලය හා වාතය වැනි තරලවල පරිමන්දිත පීඩන කලාපවල කැලඹීම් ලෙස ශබ්ද තරංග ප්‍රචාරණය වේ. මෙම කැළඹීම් සාමාන්‍යයෙන් කුඩා වූවත් මිනිස් කනට එය අනාවරණය කළ හැක. මිනිස් කනට සංවේදී කුඩාම ශබ්දය ශ්‍රව්‍යය දේහලීයතාවය වශයෙන් හදුන්වන අතර එය පරිමන්දිත පීඩනයේ විශාලත්වයෙන් 9 බලයක් කුඩා වේ. මෙම කැළඹීම්වල ශබ්දය ශබ්ද පීඩන මට්ටම් ලෙස හදුන්වන අතර ඩෙසිබල්වලින් මණිනු ලබන ලඝු පරිමාණයක් භාවිතා කරයි. ගණිතමය වශයෙන් ශබ්ද පීඩන මට්ටම් පහත පරිදි අර්ථ දැක්විය හැක.
SPL=20×log10⁡PPref{\displaystyle SPL=20\times \log _{10}{\frac {P}{P_{ref}}}}Pref යනු ශ්‍රව්‍යය දේහලීයතාවය හා P යනු පරිමන්ධිත පීඩනයෙන් වෙනස්වන පීඩනයයි. පහත වගුව ශබ්දය හා එහි ශක්තිය පිළිබද ඩෙසිබල් හා පැස්කල්වලින් වූ යම් උදාහරණ කිහිපයකින් සමන්විතය.සාමාන්‍ය ශබ්ද පීඩන විශාලත්ව පිළිබද ඩෙසිබල් මට්ටම්වල උදාහරණ[සංස්කරණය]සාමාන්‍ය ශබ්ද උදාහරණපීඩන විස්තාරයඩෙසිබෙල් මට්ටමශ්‍රවන පර්යන්තය20*10-6 Pa0 dBමී1 දුරකදී සාමාන්‍ය කථනය.002 to .02 Pa40 to 60 dBමී1 කදී බල තණකපනයක්2 Pa100 dBවේදනාවේ පර්යන්තය200 Pa134 dBතරංග ප්‍රචාරණය සංඛ්‍යාතය[සංස්කරණය]‍භෞතික විද්‍යාඥයන් හා ධ්වනි ඉංජිනේරුවන් ශබ්ද පිඩන මට්ටම් සංඛ්‍යාත අනුසාරයෙන් අධ්‍යයනය කරනු ලබන්නේ මිනිස් කනට ශබ්ද විචාරණය වනුයේ සංඛ්‍යාතය ආශ්‍රයෙන් වන බැවිනි. අප උස් හා පහත් තාරකාවන් වශයෙන් හඳුන්වන්නේ තත්පරයකට සිදුවන උස් හෝ පහත් පීඩන කම්පනවල චක්‍ර ගණනයි. සාමාන්‍යය ධ්වනි මැණුමේ දී ධ්වනි සංඥාවන් සාම්පලයක් කාලයක් තුල ගෙන එය වඩා තේරුම් සහගත ලෙස අෂ්ඨක ලෙස හෝ කාල සංඛ්‍යාත ලෙස හෝ දක්වනු ලබයි. මෙම ප්‍ර
චලිත ක්‍රම දෙකම ශබ්දයක් වර්ගීකරණය කිරීමේ දී හා ධ්වනි සංකල්ප අධ්‍යයනයේ දී යොදා ගැනේ.සමස්ථ ධ්වනි සංඛ්‍යාත පරාසය කොටස් තුනකට දැක්විය හැක. ශබ්දය , අතිධ්වනිය හා අධෝධ්වනිය මෙම කොටස් තුනයි. ශබ්ධ කලාපය 20 Hz සිට 20,000 Hz දක්වා වේ. මෙම කලාපය ඉතා වැදගත් වන්නේ මෙම කලාපය තුළ සංඛ්‍යාත මිනිස් කනට සංවේදී නිසාය. මෙම කලාපයේ ඇති සංගීතය හා නවීන සංන්නිවේදනය වැනි මේ යෙදීම් ගණනාවක් ඇත. අති ධ්වනි කලාපය අධික සංඛ්‍යාත සහිත තරංගවලින් සමන්විතය. එනම් 20,000 Hz වලින් ඉහළ සංඛ්‍යාතයන්ය. මෙම කලාපය තුළ (පරිලෝකනය සඳහා ) හොඳ විභේදනයන් ලබා දෙන අඩු තරංග ආයාමයන් සහිත තරංග ඇත. වෛද්‍ය විද්‍යාවේ දී ද මෙහි යෙදීම් ගණනාවක් ඇත. වර්ණාවලියේ අනෙක් පස ඇත්තේ සංඛ්‍යාතය අඩු ‍අධෝධ්වනි සංඛ්‍යාතයි. මෙම සංඛ්‍යාතයන් භූකම්පා වැනි භූගෝල අධ්‍යයනය සඳහා වැදගත් වේ.ධ්වනියේ පරණායකය[සංස්කරණය]සාමාන්‍යයෙන් කුඩා ගුවන් විදුලි යන්ත්‍ර තුල දැකිය හැකි මිලෙන් අඩු අනුකූලතාවද අඩු 3.5 “ඩ්‍රයිවර්” උපාංගයක්පරණායකයක් යනු ශක්තියක් තවත් ශක්තියකට පත් කරන උපක්‍රමයකි.ධ්වනි විද්‍යාවේ දී මෙය සාමාන්‍යයෙන් යොදාගැනෙන්නේ ශබ්ද ශක්තිය විද්‍යුත් ශක්තිය බවට හෝ විද්‍යුත්
ශක්තිය ධ්වනි ශක්තිය බවට පත් කිරීමටයි. ඕනෑම ධ්වනි විද්‍යාත්මක ක්‍රියාවලියක් සඳහා යම් ආකාරයක ධ්වනි පරණායකයක් සාමාන්‍යයෙන් අවශ්‍ය වේ. ධ්වනි පරණායකය යනු ශබ්ද විකාශන , මයික්‍රොෆෝන , හයිඩ්‍රොෆෝන හා සොනාර් ප්‍රක්ෂේපණ යන්ත්‍ර හා අති ධ්වනි උපකරණයි. මින් බොහෝමයක් විද්‍යුත් සංඥා හා ශබ්ද පීඩන තරංගවල පරිවර්තක වන විද්‍යුත් යාන්ත්‍රික උපකරණයි.එක් වැදගත් උදාහරණයක් ලෙස ස්පීකර් ශ්‍රව්‍යය පද්ධතියක කුඩා ශබ්ද සදහා “සබ්වූපරය” දැක්විය හැක. මෙය තරංග සාදන්නේ ඒල්ලන ලද ප්‍රාචීරයක් දෝලනය වීමෙන් පීඩනය තරංග සෑදීමෙනි. විද්‍යුත් මයික්‍රොෆෝන ක්‍රියා කරන්නේ මේ ආකාරයටමය. ශබ්ද තරමක මයික්‍රොෆෝන පෘෂ්ඨයේ වැදීමෙන් එය විද්‍යුත් තරංග පිට කරයි.ගායනය සඳහා අත්‍යන්තයෙන්ම අවශ්‍ය තන්ත්‍රීමය භාන්ඩය නම් තාම්පුරාවයි.මෙය තාම්බුරාව නමින්ද හඳුන්වයි.සූර් ඝොථා, කින්නරී, බ්‍රහ්ම වීණා යනාදීයද තම්බුරා ශ්‍රේණියට අයත් තත් භාණ්ඩයි. එහෙත් මේ සියල්ලටම වඩා තම්පුරව උසස් ලෙස සැලකේමෙය ගායනට බලවත් සේ ආධාර වේ.ගායනය සඳහා උචිත වාතාවරණයක් ඇතිකරනු ලබේ.හදහුරුකමින් සිතාරයට සමානය.තුම්බා 1 කි.තත් 4කි.ඉඳගෙන වදනය කරනු ලබේ.තතක් පාසා නියඟින් පිරි මදිමෙන්
වයයි.සෑම වේලේම මෙයින් ගායකයාට ආරම්භක ස ස්වරය සිහිපත් කරවනු ලබේ. තම්පුරව නොමති ගායකයා ජලය නොමැති මළුවකු වනිය. මන්ද්‍ර ප , මද්ය ස, මද්ය ස, මන්ද්‍ර ස ලෙස සුසර කරනු ලබෙ. එහෙත් රාගවල ප්‍රභල වන ස්වර අනුව තත් සකසන අකරය වෙනස් වේ.තම්පුරාව නරදමුනිගෙ නිපදවීමක් බව හින්දූන්ගේ විශ්වාසයයි.' තුම්බරු' දෙවුයාගෙ නිපදවීමක් යැයි තවත් අය පිලිගනිති. මෙය ඉන්දීය සන්ගීතයට හඳුන්ව දුන්නේ අමීර් කුෂෘය.මෙම ලිපියෙහි අන්තර්ගත වන්නේ දස ප්‍රයාම ඉසව්ව ලෙස හැඳින්වෙන ක්‍රීඩා තරඟය පිළිබඳවයි. මෙම ඉසව්ව හැඳින්වීමට භාවිතා කෙරෙන ඉංග්‍රීසි පදය වූ ‍Decathlon යන නමින්ම හැඳින්වෙන ක්‍රීඩා උපකරණ අලෙවිසැල් සමූහය පිළිබඳ තොරතුරු Decathlon Group නම් ලිපියෙහි අන්තර්ගත වන අතර එම නමින්ම හැඳින්වෙන ගුවන් යානාව පිළිබඳ තොරතුරු American Champion Decathlon නම් ලිපියෙහි අන්තර්ගත වේ. මෙම නමින්ම යුතු ඇමරිකානු අධ්‍යාපන තරඟාවලිය පිළිබඳ තොරතුරු Academic Decathlon නම් ලිපියෙහි අන්තර්ගත වේ. දස ප්‍රයාම ඉසව්ව යනු ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව් 10ක් එක් කිරීමෙන් නිර්මාණය කෙ‍රුණු මලල ක්‍රීඩා ඉසව්වකි. මෙම ඉසව්ව එක ළඟ දින 2ක් තුළ පැවැත්වෙන අතර තරඟයෙහි ද
ිනුම පැරදුම සියළු ඉසව්වන්හි දක්වන ලද දක්ෂතා ඇසුරෙන් නිර්ණය කෙරේ. එක් එක් තරඟය සඳහා දක්ෂතාවය නිර්ණය කෙරෙනුයේ ලකුණු සංඛ්‍යාවක් මත වේ. මෙම ඉසව්ව පිරිමින් සඳහා විශේෂිත වූවක් වන අතර කාන්තාවන් සඳහා පැවැත්වෙන ඉසව් සත්ප්‍රයාම නම් වේ. සාම්ප්‍රදායිකව ලොව දක්ෂතම ක්‍රීඩකයා සඳහා හිමි සම්මානය දස ප්‍රයාම ඉසව්ව ජයගන්නා ක්‍රීඩකයාට හිමි වේ යැයි සැලකේ. මෙම සම්ප්‍රදාය ආරම්භ වූයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වසර 1912 දී පැවති ඔලිම්පික් තරඟාවලිය අවසානයේ දී දස ප්‍රයාම ඉසව්වේ ජයග්‍රාහකයා වූ ජිම් තෝප් හට ස්වීඩනයේ රජු වූ පස්වැනි ගුස්ටාව් රජතුමා “You, sir, are the world’s greatest athlete” ලෙස පැවසීමත් සමඟයි. ඔහුගේ ප්‍රකාශයේ අරුත වූයේ “මහත්මයානෙනි ඔබ ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩකයා වේ” යන්නයි. වර්තමානයේ මෙම ඉසව්වෙහි ජයග්‍රාහකයා වන්නේ චෙක් ජාතික රොමෑන් සෙබ්‍රීල් වේ. පසුගිය වසර 7ක කාලය තුළ පස්වතාවක් ඔහු මෙම තරඟයෙහි ජයග්‍රාහකයා වූ අතර ක්‍රීඩකයකු විසින් වාර්තා කරන ලද උපරිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව ද ඔහු සතුය. දස ප්‍රයාම ඉසව්ව පුද්ගලයකුගේ වේගය, ශක්තිය, දක්ෂතාවය, දරා ගැනීමේ හැකියාව සහ පෞරුෂත්වය පරීක්ෂා කිරීම සඳහා මලල ක්
‍රීඩා ඉසව් සමූහයක් එක් කොට නිර්මාණය කරන ලද ඉසව්වක් වේ. මෙම ඉසව්ව හැඳින්වීම සඳහා යෙදෙන ඉංග්‍රීසි පදය Decathlon නම් වන අතර එහි සම්භවය ග්‍රීක භාෂාව ආශ්‍රිතව සිදු වී යැයි සැලකිය හැක. ග්‍රීක බසින් deka යන්නෙහි අරුත 10 නම් වන අතර athlon යන්නෙහි අරුත තරඟය යන්නයි. මෙම ඉසව්ව සඳහා යාබද දින දෙකක් තුළ ක්‍රියාවට නැංවෙන 10ක් පැවැත්වෙන අතර මින් එක් එක් දිනයක් තුළ ඉසව් 5ක් බැඟින් පැවැත්වේ. පළමු දිනයෙහි දී මීටර් 100 දිවීම, දුර පැනීම, යගුලිය විසි කිරීම, උස පැනීම සහ මීටර් 400 දිවීම යන ඉසව් පැවැත්වේ. මේ අනුව පළමු දිනයේ දී වේගවත් චලන හැකියාව, ක්ෂණික ජවය සහ පැනීමේ හැකියාව යන දක්ෂතා පරීක්ෂා කෙරේ. දෙවැනි දිනයේ දී මීටර් 110 කඩුළු මතින් දිවීම, කවපෙත්ත විසි කිරීම, රිටි පැනීම, හෙල්ල විසි කිරීම සහ මීටර් 1500 දිවීම යන ඉසව් පැවැත්වේ. දෙවැනි දිනයෙහි දී පරීක්ෂා කෙරෙනුයේ තාක්ෂණික දක්ෂතාවය සහ දරා ගැනීමේ හැකියාවයි. References[සංස්කරණය]http://en.wikipedia.org/wiki/Decathlonීරමරස (දෙවන ගිරි කුමක්ද ඇසෙන්නේ* යනු හින්දු ශුද්ධ ග‍්‍රන්ථ වල ආගමික නාමාවලියකි. එය කිසියම් නිශ්චිත කාලයකට සිමා නොවන අතර මුලූ හින්දු ඉතිහාසය ප
ුරාම පැතිරි පවති. ආරම්භය මුල් හින්දු ග‍්‍රන්ථවල සිට උපනිෂ්ද ඇතුලූ නුතන කාලය පුරා පැතිරි පවති. සුත‍්‍ර සදහා කතුවරයන් නොමැත. එය දිව්‍යමය සත්‍ය පිළිබද අන්තරික්ෂ ශබ්ද වල වාර්තාවක් වන අතර රිසිවරුන් (ශාන්තුවරුන්/ ඉසිවරයන්* විසින් අසන ලදි. සුත‍්‍ර පිළිබද සාහිත්‍යයේ දී ප‍්‍රධානවේද හතරට අනුව සුත‍්‍ර විශ්ලේෂණය සලකනු ලැබේ.රිග් වේදය :යදඒර විසින් දේව ගිතිකා ගායනය*යජුර් වේදය :්ායඩ්රහම විසින් දේවගිතිකා ගායනය*සාම වේද :ඹාට්එර විසින් දේවගිතිකා ගායනය* අකර්මන් වේද (වේික යාගයන්ට කෙලින්ම සම්බන්ධ නොවු අක්ෂර විනාශයක් යන අද්භූත බලයන් වල එකතුවක්* මෙම එක් එක් මන්ත‍්‍ර එකතුවන් විවිධ වු ශ‍්‍රාස්තිය ශාඛවල විවරණය වැඩිදියුණුවක් දක්වන ලදි. ඒවා බ‍්‍රාහ්මණ සහ පසු ගුප්ත විධිමත් නිබන්ධන වේ. ආරනයක සහ උපනිෂද් යන නම වලින් හදුන්වන ලදි. මේවා සියල්ල සුත‍්‍ර යන ලේබලය යටතේ නම් කරන ලදි. භගවත් පුරානය, මෙහිදි සැලකිය යුතු අතර, එයින් විශේෂ කොටසක් කතුර ශ්ලෝකවලට සම්බන්ධ වන අතර සමහර වේද නම් සුත‍්‍රවල ීහ්හප ඉය්ට්ඩ්බ යන සංකල්පය සලකනු ලැබේ. මෙයට අමතරව මහාභාරත (ඉතිහාසය) සුත‍්‍ර ලෙස සලකනු ලබන අතර සමහර අවස්ථාවලදි පස්වන වේදය ලෙස හදුන්වයි.
සමහර අවස්ථාවලදි භගවත්ගිතාව මහාභාරතයේ පරිච්ෙඡ්දය ලෙස සලකනු ලැබේ.සටහන්[සංස්කරණය]|Aruti|-උගුරු ඇටයපුරුෂ උගුරු ඇටයක නිදසුනක්.බෙල්ලෙහි ඉදිරි පෙනුම.විස්තරලතින්ප්‍රොමිනෙන්ෂියා ලැරින්ජියාPrecursor4වන සහ 6වන ජලක්ලෝමහඳුන්වනDorlands/Elsevierp_36/12669875TAA06.2.02.003FMAFMA:55304Anatomical terminologyස්වරාල නෙරුම—පොදු භාවිතයෙහිදී උගුරු ඇටය ලෙසින් හැඳින්වේ—යනු මානව බෙල්ලෙහි දක්නට ලැබෙන අංගයකි. මෙම පුඤ්ජය, හෝ ඉලිප්පීම සැදෙන්නේ, ස්වරාලය වට කොට ඇති තයිරොයිඩ් කීකසයෙහි ඇල කෝණය නිසාවෙනි. උගුරු ඇටයට ඉංග්‍රීසියෙන් භාවිතා වන "ඇඩම්ස් ඇපල්" යන්න ව්‍යුත්පන්න වී ඇත්තේ ආදම් සහ ඒව පිළිබඳ බයිබල කථාවේ ආදම් විසින් තහනම් ගෙඩිය කෑම පදනම් කරගෙනය.[1]ආශ්‍රිත[සංස්කරණය]↑ http://www.etymonline.com/index.php?term=Adamබාහිර සබැඳි[සංස්කරණය]laryngeal+prominence at eMedicine ශබ්දකෝෂයසැකිල්ල:NormanAnatomyසැකිල්ල:මානව ව්‍යුහවිද්‍යාත්මක අංගසැකිල්ල:ස්වරාල ව්‍යුහ විද්‍යාවඋපසර්ග යනු අව්‍යය පද වර්ගයකි. අව්‍ය පද යනු ලිංග භේදය අනුව, වචන භේදය අනුව, පුරුෂ භේදය අනුව ආදී වශයෙන් කිසිම විටෙකත් වෙනස් නොවන පද
යි. අවිය, අවැය යන අරුතින් අව්‍ය පද සකස් වී ඇත. මේවා තනිව යෙදූ විට එහි කිසිම විටෙක අර්ථයක් නොවේ. මෙම උපසර්ග පද යෙදෙන්නේ පදවල මුලට ම පමණි. උපසර්ග පදයේ යෙදීම අනුව එම ප්‍රකෘතියේ අර්ථයට විවිධ බලපෑම් සිදු වේ. සිංහලයේ මෙවැනි පද 20ක් ඇත. ප, පර, අව, ස, අනු, නි, දු, වි, අ, අදි, සු, උ, අබි, පිරි, උප,අප, පස්, පිළි, අති, පිසිදත් සඟරාවේ එන මෙම උපසර්ග පදවල අප, අති, පි යන උපසර්ග පද වෙනුවට කුමාරතුංග මුනිදාසයන් විසින් යෝජනා කරනු ලබන්නේ වෙනත් පද තුනකි. ඒවා මෙසේ ය.ඔ = ඔවාකු = කුකවි ( නරක කවියා)ඉ = ඉබොහෝ පාහියංගල ලෙනපාහියංගල ගල්ලෙන සොබාදහමේ මනස්කාන්ත නිර්මාණයක් වන අතර.ගංගා, දියඇලි සහ වනාන්තර වලින් හෙබියා වූ සොඳුරු කඳු මුදුනක පිහිටි පාහියංගල දර්ශනීය මෙන්ම ප්‍රාග් ඓතිහාසික වටිනාකමකින් යුත් පූජනීය ස්ථානයක් ලෙසින් අද්‍යතනය වන විට නම් දරා ඇත.මෙය මානව පරිණාමයේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වේ.මෙය දකුණු ආසියාවේ කටාරම් නොකෙටූ විශාලතම ස්වාභාවික ගල් ලෙනයි.මෙහි මිනිසුන් 3500කට එකවර සිටිය හැකිය.මෙහි විශාලත්වය දැක ගැනීමට ගුහාව ඇතුලටම ගොස් පිටත බැලිය යුතුය.මෙහි අවුරුදු 35000-60000 අතර කාලයේ ආදී මානවයා වාසය කර
ඇත.ඔවුන් මුහුදු මාළු, ලුණු ,මෝර දත් පළඳනා භාවිතා කර තිබේ.මෙම ගල්ලෙන ගලක් වසර සියක්දහස් ගණනක් මුළුල්ලේ විඛාදනය වීමෙන් සෑදී ඇත.පාහියංගල ලෙනෙහි පිහිටීම සහ විශාලත්වය.[සංස්කරණය]බස්නාහිර පලාතට අයත් කළුතර දිස්ත්‍රික්කසේ නැගෙනහිර පස්හයාදුන් කෝරළයේ යටගම්පිටිය නම් ග්‍රාමයෙහි පිහිටි මෙම ස්වභාවික ගල්ලෙන පස්යොදුන්-කුකුළු යන දෙකෝරළ මායිමෙහි පිහිටා තිබේ. මෙරටෙහි ගල්ලෙන් අතර ප්‍රකටව පවත්නා දඹුලු ලෙන, මාතලේ අළුලෙන, කුරුණෑගල දේවමැදි හත්පත්තුවේ වාරියපොළට නුදුරින් පිහිටි කබල්ලෑලෙන, රුහුණේ මුල්ගිරිගල, සියනෑ කෝරළයේ වාරණ ලෙන ආදී ලෙන් විහාර ප්‍රථම වරට දුටු අයෙකු විස්මයට පත්වන බැව් ප්‍රථම වර දුටු අය පවසති. පාහියංගල ලෙනද එලෙසම ප්‍රථම වරට දුටු ඇස් විස්ම කරවන ස්වභාවික නිර්මාණයකි. කොළඹ සිට කළුතර ඔස්සේ දිවෙන මාර්ගයේ සැතපුම් පනහක්ද(50),කොළඹ සිට කැස්බෑව ඔස්සේ හොරණ-කලවැල්ලාව මාර්ගයේ සැතපුම් හතලිහක්ද(40),පසුකළ විට මෙම ලෙන හමුවේ. ලෙනට පිවිසෙන මග සමුද්‍ර මට්ටමින් අඩි 400ක් පමණ උසින් පිහිටි මෙම පාහියංගල ලෙනට යාම සඳහා ගල්පඩි 496ක් පසු කළ යු
තුය. එතැන් සිට නයි පෙනයක හැඩයෙන් අඩි 468ක් උසට නැගීගිය මෙය පිහිටා තිබෙනුයේ ලෙන් කට අඩි 150ක් පමණ උසින් සහ අඩි 175ස් පමණ පළලින් අර්ධ කවාකාරවය. ලෙනේ මුළු දිග අඩි 282ක් වන අතර පළල ඉතා අධික තැන අඩි 160ක් පමණ වේ.එය ලංකාවේ අති විශාල ගල්ලෙන ලෙස ප්‍රකට දඹුලු ලෙනේ පළල මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය. මේ ගල්ලෙනට අයත් නොතෙමී සිටිය හැකි මුළු භූමි ප්‍රදේශයෙහි මිනිසුන් 3000 කට පමණ රැස්වී සිවිය හැකියැයි විශ්වාස කරයි.‍ මේ අනුව බලන විට ලංකාවේ දැනට පවත්නා විශාලතම ගල්ලෙන මෙය බැව් පැවසීම නිවැරදියපාහියන් නාමය.[සංස්කරණය]පස්යොදුන් සහ කුකුළු යන දෙකෝරළයේ මායිම්ගලව පිහිටි මෙම සුවිසල් ලෙන් පර්වතය සඳහා පාහියංගල යන නාමය ලැබුණේ කෙසේද යන්න පිළිබඳව විමසා බැලුව හොත් විවිධ ජනප්‍රවාද පවතී. ක්‍රි.ව. 5වන සියවසේ මුල් භාගයේ පමණ අනුරාධපුර රාජධානියේ රජකම් කළ මහානාම රජු දවස ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් භික්ෂුව මේ ලෙනෙහි වැඩ වාසය කළ හෙයින් පසු කලෙක මායිම්ගල පාහියංගල නම් ලද බැව් ජනප්‍රවාදයේ පවතී. සුප්‍රකට දේශ සංචාරකයෙකු වූත්,ධර්ම ගවේශිකයෙකු වූත් චීන ජාතික පාහියන් භික්ෂුව ලංකාවට පැමිණ දෙවර්ෂයක් පමණ මෙරට නොයෙකුත් පලාත්වල සංචා
රය කොට ත්‍රිපිටක ධර්මය හා වෙනත් ඵෙතිහාසික තොරතුරු රැස්කර ගෙන සිය රටට ගිය බව ඉතිහාසයේ සඳහන් වේ. ,පාහියන්ගේ ගමන් විස්තරය, නමින් ඔහු විසින්ම රචිත ඓතිහාසික ග්‍රන්ථයෙන් උන්වහන්සේගේ ගමන් බිමන් සහ ඇස දුටු දේ පිළිබඳව සවිස්තරයක් පැනෙන මුත් ශ්‍රී ලංකාවේ ගතකළ දෙවර්ෂය තුළ වැඩ වාසය කළ ස්ථාන පිළිබඳව සඳහන් නොකරන ලද බැව් එය පරිශීලනය කළ අයගේ අදහසයි. පාහියන් භික්ෂුව මෙම ලෙනෙහි වැඩ වාසය කළා යැයි යන මතය සාක්ෂාත් කිරිමට තරම් ඵෙතිහාසික සාධකයක් පෙන්විය හැකිව නැති නමුත් චීන ජාතිකයින් අතර මේ පිළිබඳව බලවත් විශ්වාසයක් පවතින බැව් පැවසේ. ක්‍රි.ව.1940 දී පමණ ලංකාවට පැමිණි චීනයේ තායිෂූ සංඝරාජ තුමා දිවයිනේ ගතකළ කාලය තුළදී සිය ජාතික ඉතියාසයට ආලෝකයක් ගෙන දුන් පාහියන් නාමයට ගරුකරනු වස් මෙම ලෙනට පැමිණ තොරතුරු පරික්ෂාකර ගිය බවට වාර්තා වේ. මෙතුළින් චීන ජාතිකයින් අතර පවත්නා විශ්වාසය මැනවින් පිළිඹිබු වේ.පාහියන් ලෙන විහාරයක් වීම සහ එහි සඟ පරපුර.[සංස්කරණය]පරෝගම හිමියන් විසින් තනනලද ඉපැරණි උළුවස්සමෙම ඵෙතිහාසික පාහියන් ලෙන භික්ෂූන් වහන්සේලාගේ පාලන තන්ත්‍රයට පත්ව ශත වර්ෂ දෙකහාමාරකට වඩා නොවන බැව් පැවසේ. මෙම වකවානුවේදී ප්
‍රථමව මෙම ලෙන සොයා භික්ෂු වාසයට යෝග්‍ය පරිදි සකස් කිරිමෙහි ලා මූලිකව ක්‍රියා කන ලද්දේ පොරවගම උන්වහන්සේ නමින් ප්‍රකටව සිටි භික්ෂූන් වහන්සේ නමකි. ඒ හෙයින් මෙම පාහියංගල ලෙන් විහාරයෙහි නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ උන්වහන්සේය. උන්වහන්සේ ගුහාව අවහිර කරමින් වැටී තිබුණු ගල් කුට්ටි කඩා ඇද දමා බිම සමතලා කොට වර්තමාන දියුණුවේ අඩිතාලම දැමීමට පුරෝගාමි වූහ. යෝධ පුරුෂයෙකු යැයි කියන පොරෝගම උන්වහන්සේ ගල් කැඩීම සඳහා භාවිතා කර තිබෙනුයේ යකුළක් නොව අඩි 6ක් පමණ දිගැති එවැනිම වූ ගල් ආයුධයකි.මෙකල මිනිසුන් සිව් දෙනෙකු විසින්වත් එසවිය නොහැකි තරම් යැයි කියනු ලබන එය දැනට ලෙන තුළ බැඳ තිබෙන මහා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ පාදමට තබා වඳින ලදැයි පැවෙස්. එලෙසම පොරොවගම හිමියන් ගල්ලෙන භික්ෂු වාස භූමියක් බවට පත්කරලීම උදෙසා උන්වහන්සේ විසින්ම කපා ඔපදැමූ යෝධ උළුවහු දෙක අද්‍යතනයේ පවා මෙම ලෙන් විහාර භූමිය තුළින් දැක බලා ගත හැකිවනු ඇත. පොරෝගම උන්වහන්සේගෙන් අනතුරුව පිළිවෙලින් යේරවත්තේ සෝභිත, වෑවල ධම්මජෝති, උඩුමුල්ලේ සරණංකර, උඩුවලකන්දේ ජිනානන්ද, ජඹුරලියේ පඤ්ඤානන්ද, වෑවල ධම්මරංසි, කඳනේ පඤ්ඤාශේකර යන ස්ථවීරපාදයන් වහන්සේලා මෙහි අධිපති ධූරයට
පත්ව ඇත. වෑවල ධම්මරංසි හිමියන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය කඳනේ පඤ්ඤාශේකර හිමියන් යන දෙදෙනාගේම ශිෂ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී යටගම්පිටියේ චන්දිම හිමියන් වර්තමාන විහාරාධිපතිත්වය උසුළනු ලබන අතර උන්වහන්සේ ශිෂ්‍ය හිමිවරුන් 40කගේ පමණ ගුරු ස්වාමීන් වහන්සේ වනු ඇත.පාහියංගල මානවයා[සංස්කරණය]ආදී මිනිසා විසින් භාවිතා කළ ක්ෂුද්‍ර ගල් මෙවලම්පාහියංගල ගල්ලෙනෙහි පුරා විද්‍යා පර්යේෂණ කටයුතු ආරම්භ කරන ලද්දේ 1986/87 වර්ෂ වලදීය. මෙම කටයුතු ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලදී. විශේෂයෙන්ම මෙම කැනීම් කටයුතු හා ගවේෂණ කටයුතු කෙරුණේ ලංකාවේ ආදි වාසින් පිළිබඳව තොරතුරු සොයනු වස්ය.මෙම පර්යේෂණ වලදී ආසියාවේ වාසය කරන නූතන මිනිසාට සමාන ලක්ෂණ ඇති පැරණිම මානව අවශේෂ සොයාගන්නා ලදී. මෙම මානව භෂ්මාවශේෂ කැනීම් වලෙන් මතුපිටට ගැනීමට පාහියංගල ලෙනට ඇමෙරිකාවේ කෝනර් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්යයවරයෙකු වන කෙනත් කෙනඩි මහතාද පැමිණ ඇත. මෙලෙස භෂ්මාවශේෂ හමුවූ මී මුත්තාගේ වයස අවු:37000කි. කාබන් 14 නැමති විද්‍යාත්මක කාල වාර්තා ක්‍රමය උපයුක්ත කොට දියුණු රසායනාගාර තුළදී මෙකී වයස තීරණය කොට ඇත. ආසියාවේ ජීවත්වන
නූතන මිනිසාගේ ඉපැරණි මිනිසා කුරුවිට බටදොඹ ලෙනින් සොයාගත් බලංගොඩ මානවයා බැව් මෑතක් වන තුරුම පිළිගෙන තිබුණි. එකී මානව යුගයට අයත් එනම් වසර 28000කට පෙර ජීවත් වූ මිනිසාගේ හිස් කැබලි ද, මෙකී පර්යේෂණ භූමිය තුළින් සොයාගෙන ඇති බැව් පැවසේ. මෙය මොසෝතික් යුගයට අයත් හෝමෝ සේපියන්ගේ මුල්ම අවධිය ලෙස සැලකේ. එබැවින් පාහියංගල මානවයාට,බලංගොඩ මානවයාට වඩා ඉපැරණි ඵෙතිහාසිකත්වයක් ඇති බැව් මෙම පර්යේෂණ තුළින් පිළිඹිබු වීමෙන් ශ්‍රී ලංකාවේ විසූ ආදීම මිනිසා පාහියංගල මානවයා බැව් මේ වන විට සාක්ෂාත් වී ඇත.අවුරුදු දස දහස් ගණනක් පැරණි ඝන දූවිලි තට්ටුවකින් වැසී ඇති මෙම පුරා බිමෙහි ප්‍රාග් ඓතිහාසික පිහිටි බිම ඇත්තේ දැනට පිහිටා ඇති පොළොව මට්ටමෙන් මීටර් 16ක් පමණ පහළින් බව සොයාගෙන ඇත. තවදුරටත් කරන පර්යේෂණ කටයුතු වලදී මෙම ගල්ලෙනෙහි වාසය කරන ලද ආදිවාසින් ගල් අවි තාක්ෂණයේ දියුණුම අවි වන ක්ෂුද්‍ර ගල් මෙවලම් භාවිතාකර ඇති බව සොයා ගෙන ඇති අතර ඒවා විවිධ ජ්‍යාමිතික හැඩතලයන්ගෙන් ද යුක්ත බැව් හමුවූ ගල් මෙවලම් තුළින් මැනවින් පසක් වෙනු ඇත. එලෙසම මෙම ලෙනෙහි විසූ ආදි මානවයා ගින්දර භාවිතා කළ බවට වසර දස දහස් ගණන් පැරණි,කැනීම් කටයුතු වලද
ී සොයාගන්නා ලද අඟුරු සාක්ෂි දරයි.ස්වභාවික ශාඛ සාරයෙන් වර්‍ණ ගැන්වූ සිතුවම්ලෙන් විහාරයෙහි පවතින සිතුවම් සහ මූර්ති.[සංස්කරණය]මෙම ලෙන් විහාරයෙහි ගල්ලෙන දකුණු පසට වන්නට කුඩා විහාරයක් පවතී. මෙහි විහාරාධිපතිව වැඩ විසූ වෑවල ධම්මජෝති ස්වාමිපාදයන් වහන්සේගේ පාලන සමයෙහි මෙය තනන ලදැයි පැවසේ.මෙම තුඩා විහාරයෙහි මහනුවර යුගයට අයත් සිතුවම් හා මූර්ති දක්නා ලැබේ.මුචලින්ද නාග දරණය මත වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ,දෑගසව් දෙනම සහ විෂ්ණු,සමන් යන දෙවිවරුන්ගේ ප්‍රතිමාවන් මෙහිදී දක්නා ලැබෙනු ඇත.මෙහිදී බුදුරජාණන් වහන්සේගේ දෑගසවු වහන්සේලාගේ මූර්තිවල විශේෂිත වූ ලක්ෂණයක් දක්නා ලැබෙනු ඇත. එනම් සිවුරේ රැළිති සහ අත්ලේ රේඛාවන් ඉතා ක්‍රමානුකූලව දක්වා තිබීම එකී වි‍ශේෂත්වයයි. එලෙසම මීට ඇතුළු වන ස්ථානයේ දොරටුව දෙපස අසිපතක් රැගත් දොරටුපාල රූප දෙකක් චිත්‍රයට නගා ඇති අතර දකුණුපස දොරටුපාල රූපය අසල සක් පිඹින අයෙකුගේ සිතුවමක් ද දක්නා ලැබේ. මීට අමතරව විහාරගෙය ඇතුළත බිත්ති මත නෙළුම් මල් මෙන්ම ලියතඹරා මල් ද සිතුවම් කර තිබෙනු දක්නා හැකිය. මෙකී සිතුවම් හි විශේෂිත ලක්ෂණය වනුයේ එකී සියළුම සිතුවම් වර්ණ ගැන්වීමේදී උපයුක්ත කොට ගෙන
ඇත්තේ ස්වභාවික වනයෙන් ලබාගන්නා ලද ගස්වල මුල්, කොළ, අතු සහ පොතුවලින් සාදාගන්නා ලද වර්ණයන් වීමයි. මෙලෙස වර්ණ ගැන්වූ සිතුවම් අද්‍යතනයේ පවා නොනැසී පවතින අයුරු එය නරඹන්නට යන අයට දැක බලාගත හැකිවනු ඇත.අවට වන ලැහැබ.[සංස්කරණය]අවට_පරිසරයපාහියංගල ගල්ලෙන සුවිශේෂත්වයක් උසුළනුයේ මානව වංශ විද්‍යාව,පුරා විද්‍යාව හෝ ප්‍රාග් ඓතිහාසිකත්වය අතින් පමණක් නොවේ. පාරිසරික විද්‍යාව අතින් ද ඉහළ වටිනාකමක් මේ සඳහා හිමිවනු ඇත. මන්ද පස්යොදුන්,කුකුළු යන දෙකෝරළයේ මායිමට මැදිවු සොඳුරු වන පෙතක මෙහි පිහිටීම සනිටුහන්ව ඇති නිසාවෙනි. මෙ‍ම රක්ෂිත වන පෙදෙස පහතරට නිවර්තන තෙත් කලාපීය වනාන්තර ගනයට අයත් යැයි කියන අතර මීට දකුණු දෙසින් දිවෙන සිංහරාජ වනය ද,ඊසාන දෙසින් දිවෙන මා කෙළි වනය ද මේ හා සමාන කමක් දක්වයි. මෙම වන පෙතෙහි පිහිටි සමුද්‍ර මට්ටමින් අඩි 200-400 දක්වා භූමි ප්‍රමාණය ලෙනට අයත් ප්‍රදේශය ලෙස සලකන අතර අඩි 400-1100 දක්වා දළ බෑවුම් සහිත ප්‍රදේශය කඳු මුදුන වන අතර ඊසාන දිශාවට මුහුණලා මෙම පර්වත ප්‍රදේශයේ අක්කර 80 ක පමණ වන ප්‍රදේශයක් පවතී. දිවයිනේ තෙත් කලාපයේ පිහිටි මෙම වනයට වර්ෂාපතනය ලැබෙනුයේ නිරිත දිග මෝසම් වැසි වලිනි. මෙලෙ
සින් ලැබෙන වාර්ෂික වර්ෂාපතනය මිලි ලීටර් 2060300ක් පමණ වේ. තුරුලතා වැඩීමට මනා උෂ්ණත්වයක් මෙහි පවත්නා අතර වෘක්ෂලතා විශේෂ 49ක් ද, වැල් වර්ග 11ක් පමණ ද, ජලජ පැලෑටි විශේෂ 8ක් පමණ ද, සත්ව විශේෂ 10ක් පමණ ද හඳුනාගෙන ඇත. මීට අමතරව උඩවැඩියා විශේෂ 23 ක් පමණ ද මෙම සොඳුරු වන පෙත තුළින් හඳුනාගෙන ඇත.පිංතූර ගැලරිය[සංස්කරණය]හතළිස්රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේකැනීම් කරනලද ස්ථානලෙනට පිවිසෙන මහා මාර්ගයලෙන අභ්‍යන්තරයලෙන් පර්වතය පිටතට දිස්වන අයුරුපොරවගම හිමියන් විසින් තනා ඔපදමන ලද අනෙක් උළුවස්සලෙන් පර්වතයේ බැඳ ඇති බඹර වදකුඩාලෙන තුළ ඇති මූර්තියක්මූලාශ්‍ර[සංස්කරණය]1. පූජ්‍ය ජෝතිපාල,ගෝනහේනේ. පාහියංගල පුරාණය. 2. දෙසතිය සඟරාව, 1995 ජූලිඅඩවියෙන් බැහැර පිටු.[සංස්කරණය]පාහියංගල පිළිබඳ තවත් තොරතුරු බිඳක්පාහියංගල ලෙනපේරාදෙණිය ගල් බංගලාව.මහනුවරට අයත් උපනගරයක් වූ පේරාදෙණියේ පිහිටා තිබෙන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් ගල් බංගලාව, විශ්වවිද්‍යාලය විසින් වර්තමානයේදී අමුත්තන්ගේ නිවාසයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.අතීතය[සංස්කරණය]මහකන්ද වතුයායේ හිමිකරුවා
වූ තේ වැවිලිකාර කර්නල් තෝමස් යැට්ස් රයිට් විසින් 1939 වර්ෂයේදී මෙම බංගලාව ඉදිකල බව සඳහන් වෙයි. එකල මෙම බංගලාව රයිට්ගේ බංගලාව, ලෙස හඳුන්වා තිබෙයි.පසුකාලීනව මෙම බංගලාව පේරාදෙණිය, ලංකා විශ්වවිද්‍යාලය විසින් සිය භාරයට ගනු ලැබූ අතර, එය විවාහක ශාස්ත්‍රඥයින් වෙනුවෙන් වූ නේවාසිකාගාරයක් ලෙස භාවිතයට ගන්නා ලදී. වර්තමානයේදී බංගලාව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට බාහිරින් පැමිණෙන ශාස්ත්‍රඥයින් වෙනුවෙන් වූ අමුත්තන්ගේ නිවාසයක් ලෙස භාවිතයට ගනු ලැබේ.බාහිර සබැඳි[සංස්කරණය]From LPs to cassettes - a trail of music සංරක්ෂණය කළ පිටපත 2014-12-01 at the Wayback Machineආශ්‍රිත[සංස්කරණය]ඉ‍ලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් මගින් ALH84001 උල්කාෂ්ම කැබලිවල බැක්ටීරියා වැනි ව්‍යුහ අනාවරණය කර ඇත.අඟහරු ග්‍රහයා‍ගේ පෘථිවියට ඇති සමීපත්වය සහ සමානකම් අනුව එහි ජීවය පැවතී‍‍මේ හැකියාව පිළිබඳ විද්‍යාඥයන් දිගු කාලයක සිට අනුමාන කරති. අඟහරුමත ‍‍මේ වන විටත් ජීවය පවතී ද, එසේ නැති නම් මීට ‍‍ ‍‍‍පෙර එහි ජීවය පැවතියා ද යන්න අදටද විවෘත ප්‍රශ්නයකි. පුරාණ විමර්ශණ[සංස්කරණය]අඟහරුගේ ධ්‍රැව අයිස් වැස්ම 17 ශතවර්ෂයේ මැද භාගයේ දී පමණ අධ්‍යය
නයට ලක්වූ අතර ඒවා විලියම් හර්ෂල් විසින් 18 වන ශත වර්ෂයේ අගභාගයේදී ග්‍රීෂ්ම හා ශීත කාලවලදී මාරුවෙන් මාරුවට වර්ධනයට හා හැකිලීමට භාජනය වන බව සොයාගන්නා ලදී. 19 වන ශත වර්ෂයේ මැද භාගයේදී අඟහරු පෘථිවියට සමානකම් දක්වන ලක්ෂණ තිබෙන බව තාරකා විද්‍යාඥයින් දැන සිටියහ. උදාහරණ ලෙස අඟහරුගේ දවසක් පෘථිවි දවසකට සමාන වීම දැක්විය හැක. එහි අක්ෂීය ඇලය පෘථිවියට සමාන අතර එම නිසා එහි සෘතු විපර්යාස පෘථිවියට ‍ෙබහෙවින් සමාන වුවද, අඟහරුගේ වැඩි පරිභ්‍රමණ කාලය නිසා‍ ඒවා අතර කාල ප්‍රාන්තර සාපේක්ෂව දෙගුණයක් පමණ වේ. මේවා අධ්‍යයනයන් තුළින්, අඳුරු ඇල්විඩෝවන් ජලය ලෙස ද දීප්තිමත් ඒවා භූමිය ලෙසද අනුමාණයක් වර්ධනය විය. එමනිසා අඟහරු මත යම් ආකාරයක ජීවයක් ඇති බවට විශ්වාසයන් පළවීම ස්වභාවික විය.1854 දී විද්‍යාඥයා (Scientist) යන නාමය ජනප්‍රිය කළ කේම්බ්‍රිජ් ට්‍රිනිටි විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ ෆිල්ප් ලොයිටර්ටන්, අඟහරුමත මුහුදු හා ජීවය පවතින බවට සෛද්ධාන්තිකව ප්‍රකාශ කළේය. 19 ශත වර්ෂයේ අග භාගයේ දී දූරේක්ෂ මගින් සිදු කෙරුණු නිරීක්ෂණ මගින් දර්ශනය වූ ඇල මාර්ගයන් නිසා අඟහරුමත ජීවය පිළිබඳ අනුමාණයන්ට නව ප්‍රබෝදයක් ලැබුණි. නමුත් මේවා දෘෂ්ටිමා
යාවන් බව පසුව අනාවරණය කර ගන්නා ලදී. එසේ වුවුද 1895 දී “Mars and it’s Canals” කෘතිය පල කළ ඇමරිකානු තාරකා විද්‍යාඥ පර්සිවල් ලොවෙල් ප්‍රකාශ කළේ මෙම ඇළ මාර්ග අතීතයේ විසූ ශිෂ්ටාචාරයක ප්‍රතිඵලයක් බවය. මෙම අදහස් බ්‍රිතාන්‍ය ලේඛක “H.G. Wells” 1897 දී “The war of the world” කෘතිය ලිවීමට පෙලඹ වූ අතර,එහි අඟහරුගේ වියළීම (ශෝෂණය) නිසා පෘථිවිය ආක්‍රමණය කිරීමට පැමිණි අඟහරු ජීවීන් ගැන සඳහන් වෙයි. අඟහරුගේ වායුගෝලයේ තවදුරටත් ඔක්සිජන් හෝ ජලය නොපවතින බවට ඇමරිකා‍නු තාරකා විද්‍යාඥ විලියම් වොලස් කැම්ප්බෙල් (William Wallace Campbell) විසින් 1894 දී වර්ණාවලි නිරීක්ෂණය මගින් පෙන්වා දුන්නේය. 1909 දී සිදු කෙරුණු වඩාත් ප්‍රබල දූරේක්ෂ නිරීක්ෂණ මගින් හා 1877 සිට ඇති වූ හොඳම අපහේලික විරෝධය හේතුවෙන් ඇල මාර්ග පිළිබඳව අදහසට නැවතීමේ තිත තබන ලදී.මැරිනර් 4[සංස්කරණය]1965 දී මැරිනර් 4 ගවේෂණයෙන් ගන්නා ලද ඡායාරූපවලින් දක්නට ලැබුණේ අඟහරු ගංගා හෝ සාගර හෝ ජීවය පිළිබඳ සලකුණක්වත් නැති වියළි , නිසරු ග්‍රහලොවක් බවයි. තව දුරටත් අනාවරණය වූ කරුණක් නම් (ඡායාරූපගත කරන ලද ප්‍රදේශයෙන්) අඟහරුගේ පෘෂ්ඨය ආවාටවලින් ගහණ වීමය. මින් තහවුරු වනුයේ
එහි පෘෂ්ඨය මත පසුගිය වසර බිලියන 4 පුරාවට කිසිදු ඉදිකිරීමක් හෝ කාලගුණ විෂමතා නිසා සිදුවූ පාංශු ඛාදනයක් හෝ සිදුවී නොමැති බවයි. එසේම , ‍ ගවේෂණ යානයෙන් ලද ‍තොරතුරුවලින් හෙළි වූ තවත් කරුණක් නම් අඟහරු පෘෂ්ඨය ජීවයට අතිශය අහිතකර වන කොස්මික් කිරණවලින් ආරක්ෂා කිරීම සඳහා ග්‍රහලොවට චුම්භක ක්ෂේත්‍රයක් පිහිටා නොතිබීමය. එහි වායුගෝල පීඩනය ද මිලිබාර් 4 – 7 දක්වා වූ ඉතා අඩු අගයක් විය. අරුත නම් , අඟහරු මත ද්‍රව ජලයට පැවතිය නොහැකි බවයි. මැරිනර් 4න් පසු අඟහරු මත ජීවය සෙවීමේ පරීක්ෂණ නවමු මගකට යොමු වුණි. බහු සෛලික ජීවයන් සෙවීම අතහැර ගවේෂණයන් ඒක සෛලික බැක්ටීරියා වැනි ජීවයක් පවතී දැයි පරීක්ෂණ පවත්වන්නට විය. මන්ද යත් , බහුසෛලික ජීවයක් පැවතීම උදෙසා අඟහරු පෘෂ්ඨය අතිශය කර්කෂ වූ බැවිනි.අඟහරු මත ජීවය පිළිබඳ වයිකින්ග් පරීක්ෂණ[සංස්කරණය]වයිකින්ග් යානයෙන් ලබාගත් ඡායාරූපයකි1970 වසරේ මැදභාගයේ සිදුකරන ලද වයිකින්ග් ගවේෂණයේ මූලික අරමුණ වූයේ එම යානයේ සවිකොට තිබුණා වූ කුඩා සෙවුම් උපකරණ භාවිතයෙන් අගහරුගේ මතුපිට ජීවයක් පවතීදැයි සොයා බැලීමයි. මෙම උපකරණ විශේෂයෙන් සැලසුම් කොට තිබුණේ අගහරුගේ පස තුළ යම් ක්ෂුද්‍ර මට්ටමේ ජීවයක් පව
තී නම් ඒවා හසුකර ගැනීමට හැකි වන පරිදි වේ. මෙම ගවේෂණයේ කාර්යයන් වඩාත්ම අපහසු කළ සාධකය වූයේ අගහරු මතුපිට තත්ත්වයන් පිළිබදව නාසා විද්‍යාඥයන් තුළ වූ අල්ප දැනුමයි. මැරිනර්-4 ගවේෂණයෙන් ලද තොරතුරු අනුව ගොණුකරගත් සීමිත දැනුම හමුවේ නාසා ආයතනය වයිකින්ග් මෙහෙයුම සැලසුම් කරන ලද්දේ පෘථිවියට සමාන ජීවී තත්වයන් පරීක්ෂා කිරීම පිණිසය. කෙසේ වුවද , සිදුකරන ලද්දා වූ ප්‍රධාන පරීක්ෂණ හතරෙහි ප්‍රතිඵලවලට අනුව පෙන්නුම් කළේ කාබන්ඩයොක්සයිඩ් නිපදවීම වැඩිවී ඇති බවයි. පස තුළ ජලය හා පෝෂ්‍ය පදාර්ථ සෙවීමේ පරීක්ෂණ අතරතුර දී මේ බැව් තහවුරු විය. අගහරු මතුපිට ජීවය පැවති බවට මෙය සාධකයක් බව කියැවුණ ද ඇතැම් විද්‍යාඥයන් මෙය ප්‍රතික්ෂේප කළේය. ඒ පසෙහි වන සුපිරි ඔක්සයිඩ සෑදිය හැකි රසායනිකයන් හේතුවෙන් ද මෙසේ කාබන්ඩයොක්සයිඩ් නිපදවීමට සිදුවිය හැකි බව පවසමිනි. ඔවුන්ගේ තර්කය වූයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩිවීම ජීවයක් නැතිව වුවද සිදුවිය හැකි බවයි. නමුත් තම මතය තහවුරු කිරීම පිණිස නාසා ආයතනය තර්ක කළේය. ඒ ගවේෂණ යානයේ වූ වායු වර්ණාවලීක්ෂයට හසුවීම තරම් විශාල ප්‍රමාණයක් පරිවෘත්තීය ජීවීන් පරීක්ෂාකළ පස් නියැදියේ නොසිටි බව පවසමිනි. වයිකින්ග්
ව්‍යාපෘති සැලසුම්කරුවකු වූ “ගිල්බර්ට් ලෙවින්” මෙම ප්‍රකාශනයට සහය පළ කළේය. ඒ වයිකින්ග් ව්‍යාපෘතියේ අරමුණ වූයේ අගහරු මතුපිට ජීවයකට පැවතිය හැකි සාධක තිබේදැයි පරීක්ෂා කිරීම විනා ජීවීන් සිටීදැයි පරීක්ෂා කිරීම නොවූ බව පවසමිනි.ගොනුව:Sagan Viking.jpgකාල් සාගන් විසින් මීළඟ වයිකින්ග් යානයේ අනුරුව පෙන්වමින්තිස් වසරක් පැරණි වයිකින්ග් ගවේෂණ දත්ත නැවත විමර්ශණය කිරීමේදී යොදාගත් නූතන ජීව - රසායන ක්‍රමවේදවලදී යෝජනා වූයේ වයිකින්ග් ගවේෂණය සදහා යොදාගත් තාක්ෂණය ජීවයක් හැදින ගැනීම සදහා ප්‍රමාණවත් නොවූ බවයි. නැතහොත් ඇතැම් විට යොදාගත් ක්‍රමවේද නිසා නියැදිවල සිටි ජීව පදාර්ථ මිය යන්නට ඇති බවයි. මින් ගම්‍යවන ප්‍රධානතම අදහස වනුයේ අගහරු මත වූ ජීවය එහි ඇති අධි ප්‍රමාණයක් වූ ඔක්සයිඩ හා හයිඩ්රජන්පෙරොක්සයිඩ හේතුවෙන් විනාශ වී යාම වෙනුවට එම තත්වයන් තමන්ගේ පැවැත්ම සදහා කළමණාකරණය කරගන්නට ඇති බවයි. උදාහරණයක් ලෙස , හයිඩ්රජන් පෙරොක්සයිඩ්, ජල අණුවක් -500C ට වඩා සීත වීමට ඉඩ නොහරී. මෙය ජලාකර්ෂණ තත්වයකි. එනම් , වියළි ග්‍රහලොවක් මත වන ජීවයට හිතකර තත්ත්වයකි. ඇසිටික් ඇසිඩ් බැක්ටීරියා ගණයට අයත්වන Acetobacter peroxidans නම් පෙරොක
්සයිඩය. මේ සඳහා වූ ප්‍රකට උදාහරණයකි.එසේම තවත් තර්කයක් වනුයේ , වයිකින්ග් යානය ගොඩ බැස්සවීමේදී එම යානය මගින් නිකුත් කළ තාප තෙරපුම් හේතුවෙන් අවට වූ ජීවය විනාශ වී යන්නට ඇති බවයි.ෆීනික්ස් අභ්‍යාවකාශ යානයේ ක්‍රියාන්විතය[සංස්කරණය]ෆීනික්ස් අභ්‍යවකාශ යානය සිත්තරෙකුගේ සංකල්පයක්ෆීනික්ස් ක්‍රියාන්විතය විසින් ටෙලිරොබෝවෙකු 2008 මැයි මාසයේ දී අගහරුගේ ධ්‍රැව ප්‍රදේශ මතට ගොඩ බස්වනු ඇත. මෙම මෙහෙවරට මූලික අරමුණු 2 ක් පවතී. එකක් නම් ක්ෂුද්‍ර ජීවීන් වාසය කිරීමට ඉඩ ඇතැයි සැලකෙන අගහරුගේ ප්‍රචාරණ පාෂාණ මත ජීවීන්ට ජීවත්වීමට සුදුසු ප්‍රදේශ ඇත්දැයි පරීක්ෂා කිරීමය. අනෙක අගහරු මත ඇති ජලයේ භූවිද්‍යාත්මක ඉතිහාසය පිළිබදව අධ්‍යයනය කිරීමයි. මෙම යාත්‍රාවට ප්‍රචාරණ පාෂාණ මත 0.5m පමණ අගලක් කැනිය හැකි 2.5m දිග රොබෝ අතක් ඇත. මෙම අතෙහි කැමරාවක් සවිකර ඇති අතර එමගින් විශ්ලේෂණය සදහා ද්‍රව්‍යය සාම්පල යානය වෙතට ගෙන ඒමේ දී කොරොස්ස මත ද්‍රව්‍යය සාම්පල ඇත්දැයි නිසැකවම දර්ශනය කරගත හැක. මෙමගින් වයිකින් යානාවන්හි නිර්මාණකරණයේ දී වූ විශාල අතපසුවීමක් මගහරවා‍ගෙන ඇත.මෙම යානාව සතුව 10 ppb දක්වා වාෂ්පශීලී කාබනික සංයෝග අනාවරණය කරගත හැකි
විශාල වර්ණාවලිමානයක් , ආලෝක අන්වීක්ෂයක් හා පරමාණුක බල අන්වීක්ෂයක් ඇත. උපකරණ නිවැරදිව ක්‍රියා කළහොත් අගහරු මත ඇති ඔක්සිහාරක වර්ග හා එහි ප්‍රමාණික බව ප්‍රචාරණ පාෂාණවල ඇති අයන පිළිබදව විද්‍යාඥයින්ට දැනගත හැකිවන පරිදි විද්‍යුත් රසායනික පරීක්ෂණයක් ද සිදු කෙරෙනු ඇත. මේ අතර නාසා විද්‍යාඥ කැරොල් ස්ට්‍රොකර් විසින් අගහරු මත ඇති ඔක්සිකාරක අක්ෂාංශ මත වෙනස් බව වාර්තාකරණ ලදී. ඒ වයිකින් 1 ට වඩා වයිකින් 2 දී සුළු ඔක්සිකාරක ප්‍රමාණයක් දැකීමෙනි.ඒ එය වඩාත් උතුරට වන්නට පිහිටීම නිසා බව කියා සිටී. ෆීනික්ස් ගොඩබස්සවනු ඇත්තේ වඩාත් උතුරට වන්නටය. ෆීනික්ස් ගොඩ බසින ප්‍රදේශයේ මණ්ඩි බැස්මේ (අවසාදන) සීඝ්‍රතාවය වැඩි නිසා අඩුම තරමේ අවුරුදු 50000 ක් හෝ සමහර විට අවුරුදු මිලියන ගණනක් පැරණි සාම්පල් ගෙන ඒමට හැකි වෙතැයි බලාපොරොත්තු වේ. අතීතයේ අගහරු මත දේශගුණය වඩාත් උණුසුම්ව තිබුණු නිසා ඕනෑම ආකාරයක ජීවයක් පැවතීයේ යැයි සිතීමට මෙම පරීක්ෂණය ඉතා වැදගත් එකක් වෙතැයි ස්ට්‍රොකර් පවසයි.පාත්පයින්ඩර් රෝවරය හෝ වායු බෑග මගින් කුෂන් කළ (air bag – cushioned) කැප්සූල භාවිතා කළ අගහරු ගවේෂක රෝවර (Mars Exploration Rovers) මෙන් නොව , රොකට් අ
පද්‍රව්‍ය මගින් වයිකින්ග් ගොඩ බැසූ ස්ථාන දුෂණය වූ බවට විරෝධතා එල්ල වූවද ෆීනික්ස් යානය ද ගොඩ බසිනු ඇත්තේ වයිකින්ග් ගොඩබැසූ ආකාරයමටය.පෙර කළ 1965 තාරකා විද්‍යාඥයන් විසින් කළ දුරේක්ෂ නිරීක්ෂණවලට අනුව ෆීනික්ස් මගින් අගහරු මත ජීවය සොයා ගැනීමට ඉතා හොද හැකියාවක් ඇති බවට Imminent Discovery නම් පොතෙහි සමහර පර්යේෂ‍කයන් අදහස් දක්වා ඇත. 1962 දී අර්ල් සී. ස්ලිෆර් විසින් රචිත ‘MARS “ The photographic story’ නම් පොතෙහි ඔහු “අගහරුගේ ධ්‍රැව වැස්මේ සීමාවන්හි තදින් පැතිර පවතින අදුරු නිල් පැහැති පටියක් ගැන විස්තර කරයි. මෙම අභිරහස විසදිය හැකි ස්ථානයක ෆීනික්ස් ගොඩ බසිනු ඇත.අඟහරු මත ජීවය පරීක්ෂා කිරීමේ ක්‍රියාන්විතයන්[සංස්කරණය]නාසා ආයතනය විසින් අගහරුමත ජීවය පිළිබද ගැටළුවලට පිළිතුරු දිය හැකිවන පරිදි 2016 දී නක්ෂත්‍ර ජීව විද්‍යාත්මක විද්‍යාගාරයක් (Astrobiology Field laboratory) දියත් කිරීමට සැලසුම් කරමින් පවතී. මෙම මෙහෙවරේදී කුමන ආකාරයේ පරීක්ෂණ සිදු කෙරෙනු ඇත් ද යන්න තීරණය කරනු ලබන්නේ අගහරු ගවේෂණ හා අයබර විශ්ලේෂණ කණ්ඩායම (Mars Exploration and Payload Analysis Group) විසිනි.නූතන සොයාගැනීම්[සංස්කරණය]අඟහරු
මත අතීතයේ පැවතියා යැයි උපකල්පිත ජලය සිත්තරුන්ගේ ඇසින්.1990 අගභාගයේ දී Mars Globle Surveyor මඟින් සිදු කළ සොයා බැලීම් විසින්. (පෘථිවියේ මෙන් නොව) , අඟහරු මත තව දුරටත් තහවුරු කළ හැකි ගෝලීය චුම්භක ක්ෂේත්‍රයක් නොමැති බවත්, එමනිසා ජීවීන්ට අහිතකර කොස්මික් කිරණ පෘෂ්ඨය මතට පතිතවන බවත් තහවුරු කළේය. තවද පසුගිය අවුරුදු බිලියන කිහිපය තුළදී අඟහරුගේ ක්ෂය වී ඇති ගෝලීය චුම්භක ක්ෂේත්‍රය හේතුවෙන්, සූර්ය සුළං විසින් අඟහරුගේ වායුගෝලය විනාශ කර ඇති බවට විද්‍යාඥයෝ සැක කරති. උල්කාෂ්ම[සංස්කරණය]මෑත කා‍ලයේ “ALH84001 අඟහරු උල්කාෂ්මය (Mateorite) පිළිබඳ සිදු කෙරුණු අධ්‍යයන මඟින් විවිධ අනුමානයන් විශාල ප්‍රමාණයක් කර ඇති අතර එය මත ෆොසීලකරණය වූ ක්ෂුද්‍ර ජීවීන් ඇති බවට තහවුරු කොට ඇත. වෙනත් විද්‍යාඥයින් පසුව රසායනික ක්‍රියාදාම මත පමණක් පදනම්ව මෙම සොයාගැනීම් පැහැදිලි ‍කිරීමට නැඹුරු විය. මේ දෙ‍ක‍ම විද්‍යාත්මක ප්‍රජාව තුළ විශාල විවාදයන්ට බඳුන් වෙමින් පවතී. “නක්ලා” උල්කාෂ්මය වැනි අඟහරුගේ වෙනත් උල්කාෂ්මවල ජීවය පවා පැවතිය හැකි බවට අදහස් ඉදිරිපත් වී තිබුණ ද 2008 වන තෙක්ම ඒ පිළිබඳ සාක්ෂි හමු වී නැත. E
xtremophile[සංස්කරණය]අඟහරු මත extremophile පැවතීමට තවත් සාක්ෂි හමුවන්නේ චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙනි. අඟහරුගේ ධ්‍රැවාසන්න ප්‍රදේශවල අඳුරු වැටි වාර්ෂික ඇතිවීම් හා නැතිවීම්වලට ජීව විද්‍යාත්මක සාධකයක් ඇති බවට යෝජනා වී ඇත.Haloarchaea අඟහරු මත පැවතිය හැකි තවත් ආකාරයක ජීවයක් බවට යෝජනා වී ඇත. මන්ද අඟහරුගේ වායු පීඩනය ජලයේ ත්‍රික ලක්ෂ්‍යයට වඩා අඩු නිසා මිරිදිය ජීවීන්ට පැවතිය නොහැක.අඟහරු මත ද්‍රව ජලය[සංස්කරණය]වයිකින්ග් ගෙන් පසුව කිසිඳු යානයක් අඟහරු‍ගේ ප්‍රාචරණ පාෂාණ ජීවීය ලකුණු පිළිබඳව කෙලින්ම පරීක්ෂණයකට ලක්කර නැත. නාසාහි මෑත ක්‍රියාන්විත තවත් ප්‍රශ්නයක් පිළිබඳව අවධානය යොමු කර ඇත. ඒ අතීතයේ අඟහරු මත ජලාශ හෝ සමුදුරු අතීතයේ තිබුණේ ද යන්නයි. ජලය නිසා ඇති වන ඛනිජයක් වන හිමටයිට් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. මෙය විවිධාකාර භූ විද්‍යාත්මක හැඩ ගැසීම්වල ප්‍රතිඵලයක් බව බොහෝ විද්‍යාඥයින් කලක් තිස්සේ සිටිය ද තවත් අදහස් ද ඉදිරිපත් වී ඇත. උදාහරණ ලෙස සුළං ඛාදනය, ඔක්සිජන් සමුදුරු දැක්විය හැක. මෙලෙස 2004 අඟහරු ගවේෂණ රෝවර්වල කාර්යය වූයේ වර්තමාන හෝ අතීත ජීවය පිළිබඳ සොයා බැලීම නොව අතීතයේ දී
තිබූ ද්‍රව ජලය පිළිබඳ සාක්ෂි සොයා බැලීමය.2000 ජුනි මාසයේ දී අඟහරු පෘෂ්ඨයට යට ජලය ගලායන විට ඇතිවන පීලි ආකාර පවතින බවට සාක්ෂි හමුවිය. ග්‍රහලොවේ ද්‍රව මාධ්‍යය ආසන්නයේ ගැඹුරු උප පෘෂ්ඨ ජල තැන්පතු වර්තමාන ජීවීන්ට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට ඉඩ ඇත. කෙසේ වුවද 2006 මාර්තුවලදී තාරකා විද්‍යාඥයන් විසින් චන්ද්‍රයා මත ද මෙයට සමාන පීලි ඇති බව සොයා ගන්නා ලද අතර මේවායේ ද්‍රව ජලය කිසිදා නොපැවතුණු බව විශ්වාස කෙරේ. මෙම පීලි ක්ෂුද්‍ර උල්කාෂ්ම ගැටීම්වල ප්‍රතිඵලයක් බව දැන් විද්‍යාඥයින් යෝජනා කරයි.අතීතයේ අඟහරු තෙත් ග්‍රහලොවක්ව පැවති බව රෝවර් යානය සාක්ෂි සොයාගත් බව 2004 දී නාසා ආයතනය නිවේදනය කළේය. මෙමඟින් අතීත ජීවය පිළිබඳ තොරතුරු සොයාගත හැකැයි බලාපො‍රොත්තු ඉහළ නැංවුණි.2006 දෙසැම්බර් මාසයේ දී අඟහරු මතුපිට වරින්වර ජලය ගැලූ බවට සැක කළ හැකි ඡායාරූප “Mars Global Surveyor” මඟින් සොයා ගත්තේය. මේවා ඇත්ත වශනේම ජලය ගලා යනු පෙන්නුම් කළේ නැත. මේවා පෙන්ණුම් කළේ ආවාට හා ‍රොන් මඩ නැත්පතු වූ අතර එමඟින් ජලය අවුරුදු කිහිපයකට පෙර ඒවා මතින් ගලාගිය බවය, සමහර විට දැන් පවා ගලා යන බව දැනට හමු වූ ප්‍රබලතම සාක්ෂි පෙන්වයි.
අභ්‍යවකාශ යානා මඟින් දක්නට ලැබෙන මතුපිට ලක්ෂණ වෙන්සවීම් වලට හේතුව ද්‍රව ජලය බව වන මතය පිළිබඳ සමහර විද්‍යාඥයින් සැක පහළ කරති. වැලි හා දූවිලි වැනි ද්‍රව්‍ය පවා ගැලීම් නිසා මෙයට සමාන ප්‍රතිඵල ඇති විය හැකි බව ඔවුන් පවසති. මෙම සොයා ගැනීම් “journal science” හි 2006 දෙසැම්බර් 8 දී ප්‍රකාශනය කළේය.අඟහරු මත මෙතේන්[සංස්කරණය]මෙතේන් වායුවට අඟහරු වායුගෝලයේ අවුරුදු සිය ගණනකට වඩා පැවතිය නොහැකි නිසා එහි වර්තමාන පැවැත්මෙන් පෙනී යන්නේ එය හඳුනා නොගත් ගිනි කඳු හෝ භූ විද්‍යාත්මක ක්‍රියාවලියක් හේතුවෙන් නැවත පිරී යන බව හෝ පෘථිවියේ දක්නට ලැබෙන ආකාරයේ extremophile ජීවයක් විසින් කාබන් ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන් පරිවෘත්තීය ක්‍රියාවලියකට භාජනය කරමින් මෙතේන් නිෂ්පාදනය කරන බවය. 1969 දී මැරිනර් 7හි දත්ත පරිශීලනය කරමින් බර්ත්ලී හි කැලි‍ෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් දෙපලක් වන ආචාර්ය ජෝර්ජ් සී. පිමෙන්ටල් හා ආචාර්ය කෙනත් හර් අඟහරු වායුගෝලයේ මෙතේන් හා ඇමෝනියා හි පැවැත්ම ප්‍රකාශයට පත් කළේය. එහෙත් මිදුනු කාබන් ඩයොක්සයිඩ් මඟින් ලැබිය හැකි මෙයට සමානව වර්ණාවලි රේඛා නිසා වැරදි අර්ථ කථනයක් සිදුව තිබීමට තිබූ හැකිය
ාව නිසා මෙම වර්තාව මසකට පමණ පසුව ඉල්ලා අස් කරගන්නා ලදී.ගොනුව:Mars water.JPG2004 මාර්තු මාසයේ දී මාර්ස් එක්‍ස්ප්‍රෙස් නම් කක්ෂගතESA යානාව,අඟහරු වායුගොලයේ මෙතේන් අනාවරණය කරගත් බවට අනාවරණය කළේය. මෙය 2003 දී එක්සත් රාජධානියේ හවායි හි අධෝරක්ත දුරේක්ෂය හා චිලීහි “ජෙමිනි සවුත්” පරීක්ෂණාගාරය මඟින් කළ පරීක්ෂණ මඟින් අනුමාණ කර තිබිණි.ද්‍රව ජලය හා ඔලිවයින් ඛනිජය අන්තර් ක්‍රියා කොට සර්පන්‍ටයින්කරණය නම් විශේෂ ක්‍රියාවලියක් ය‍ටතේ සර්පන්ටයින් නිෂ්පාදනය වීමේ ක්‍රියාවලියක් අඟහරුගේ උපපෘෂ්ඨ තුළ සිදුවන බවත් එම නිසා නිරීක්ෂණ පැහැදිලි කිරීමට තරම් මෙතේන් නිපදවෙන බවත් සමහරුන්ගේ මතයයි. අඟහරු පෙබරවාරිහි දී European Space Agency’s Mars Express Orbiter හි Planetary Fourier Spectrometer (PFS) මඟින් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වූවාට වඩා සැලකිය යුතු ප්‍රමාණයක ෆෝමැල්ඩිහයිඩ් ප්‍රමාණයක් අනාවරණය කරගත් අතර මෙය ක්ෂුද්‍ර ජීවයක් පැවතීමට වැනි වෙනත් පැහැදිලි කිරීම්වලට ප්‍රබල ඉඟියක් විය.මෙම ප්‍රකාශ විද්‍යාත්මක ප්‍රජාව තුළ බරපතල ලෙස විවාදයට බඳුන් වෙමින් පවතී. මෙම මිණුම් ගැන සැක පහල කරන විද්‍යාඥයින් පවසා සිටින්නේ PFS මඟින්
ලැබුණු දත්ත වැරදි අර්ථ කථනයකට භාජනය වී ඇති බවයි.අඟහරු මත ඇමෝනියා[සංස්කරණය]අඟහරු වායුගෝලයේ දී ඇ‍මෝනියා අස්ථායී අතර පවතින්නේ පැය කිහිපයක් පමණි. “ජීවයේ සබඳතාවයක් නොමැතිව අඟහරු වායුගෝලයේ ඇමෝනියා පැවතිය හැකි ක්‍රමයක් නැත”යි වරක් නාසා විද්‍යාඥයෙක් ප්‍රකාශ කළේය. මෙම නිසා අඟහරු මත ජීවයක් පවතී ද යන විවාදයට ඇමෝනියා අනාවරණය ඉතා වැදගත් වනු ඇත. 1969 දී මැරිනර් 7හි දත්ත පරිශීලනය කරමින් බර්ත්ලී හි කැලි‍ෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් දෙපලක් වන ආචාර්ය ජෝර්ජ් සී. පිමෙන්ටල් හා ආචාර්ය කෙනත්හර් අඟහරු වායුගෝලයේ මෙතේන් හා ඇමෝනියා හි පැවැත්ම ප්‍රකාශයට පත් කළේය. එහෙත් මිදුනු කාබන් ඩයොක්සයිඩ් මඟින් ලැබිය හැකි මෙයට සමානව වර්ණාවලි රේඛා නිසා වැරදි අර්ථ කථනයක් සිදුව තිබීමට තිබූ හැකියාව නිසා මෙම වර්තාව මසකට පමණ පසුව ඉල්ලා අස් කරගන්නා ලදී.2004 ජුලි මාසයේ දී Planetory Fourier Spectrometer (PFS) හි භාරකරු විද්‍යාඥ විටෝරියෝ ‍ෆෝමිසානෝ ,ළඟඳීම පැවැත්වීමට යන සම්මන්ත්‍රණයක දී ඇමෝනියා අනාවරණය පිළිබඳව ප්‍රකාශ කිරීමට යන බවට කට කතා පැතිර යන්නට විය. නමුත් එබන්දක් සොයාගෙන නැති බවට පසුව පැහැදිලි විය. තවද ‍කාබන්ඩයොක
්සයිඩ් වලින් ඇමෝනියා වෙන් කර ගැනීමට PFS ට නොහැකි බව ද පසුව සමහරු ප්‍රකාශ කළහ.අඟහරු මත සිලිකා[සංස්කරණය]2007 මැයි මාසයේ දී ස්පිරිට් අඟහරු රෝවරයට ජීවයට ඉතා සුදුසු වූ අතීත පරිසරයක් ගැන සාක්ෂි හමු වූ බව විද්‍යාඥයන් පවසති. මෙය උණු ජල බුබුළු හෝ වාෂ්ප ගිනි කඳු පාෂාණ හා ගැටෙන විට ඇති වන සංසිද්ධිය සිහි කරවන සුළුය. පෘථිවිය මත දී මෙවැනි ස්ථාන බැක්ටීරියා බහුලව පවතින බව රෝවර් ප්‍රධාන විද්‍යාඥ ස්ටීව් ස්ක්වයර්ස් පවසයි. “අපි මේ පිළිබඳව උද්‍යෝගිමත්ව සිටිනවා” ඔහු ඇමරිකානු භූ භෞතික එකමුතුවේ (AGU) රැස්වීමක ප්‍රකාශ ක‍ලේය. මෙම ප්‍රදේශය වීදුරු තැනීම සඳහා ගන්නා ප්‍රධාන සංඝටකය වන සිලිකාවලින් ඉතා පොහොසත්ය. මෙම දීප්තිමත් මූලද්‍රව්‍ය නිෂ්පාදනය වීමට ක්‍රම 2ක් ඇති බවට විද්‍යාඥයන් නිශ්චය කර ඇත. පළමුවැන්න, ජලය මඟින් සිලිකා දිය කොට එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යාමෙන් උණු බුබුළු තැන්පත් වීම (උණු දිය උල්පත්) දෙවැන්න, පාෂාණවල ඇති ගැලීම්වලින් ඉහල නඟින ආම්ලික වායූන්ගෙන් ඒවා සංඝටක මූලද්‍රව්‍යවලට වෙන් කරමින් සිලිකා වෙන් කිරීම. වැදගත් දෙය වන්නේ මෙය උපකල්පනයක් වුවද නැත ද, අතීතයේ අඟහරු මත ජීවයට සුදුසු පරිසරයක් ප
ැවතුණු බවට ගම්‍ය වීම එසේම පවැතීම”යි. BBC ප්‍රවෘත්ති සේවයට මහාචාර්ය ස්ක්වයර්ස් ප්‍රකාශ කළේය. උණු ජලය මඟින් ක්ෂුද්‍ර ජීවීන්ට පැවතිය හැකි පරිසරයක් නිර්මාණය කෙරෙන අතර සිලිකා තැන්පතු මඟින් ඒවා භූමිගතව ආරක්ෂාව වේ. “ඔබ පෘථිවිය මත උණු වායු බුබුළු හෝ වාමුවකට ගොස් බලන්න. ඒවා ජීවයෙන් පිරී ඇත. ක්ෂුද්‍ර ජීවයෙන්” ස්ක්වයර්ස් පවසයි.A16 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. බෙරගල සහ හාලිඇල යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.මාර්ගය බණ්ඩාරවෙල සහ දෙමෝදර යන නගර හරහා ගමන් කරයි.ඛණ්ඩාංක: 6°52′10″N 81°01′39″E / 6.869467°N 81.02757°E / 6.869467; 81.02757vte ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග හා මහා මාර්ගE ශ්‍රේණියSri Lanka Expressway SymbolE01E02E03E04E06E07A ශ්‍රේණියAA0AA1AA2AA3AA4AA5AA6AA7AA8AA9AA10AA11AA12AA13AA14AA15AA16AA17AA18AA19AA20AA21AA22AA23AA24AA25AA26AA27AA28AA29AA30AA31AA32AA33AA34AA35තෛපොංගල් උත්සවය දෙමල බසින්"අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු
ලබයි. තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන 'මකර සන්ක්‍රාන්ති' සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුරා යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස මොවුහු සලකති.තෛපොංගල් උත්සවය තවත් නව වසරක් සඳහා සූර්යය භ්‍රමණයේ ආරම්භය සනිටුහන් කරයි. දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම සුර්ය මංගල දිනයේ දී කරනු ලැබේ.මෙම උත්සවය දමිළ ජනයා සදහා පමණක්ම වෙන්වුවක් නොවේ. මහා භාරතයේ සදහන් වන පරිදි එය මුලු ඉන්දියානු ජනතාවටම පොදු චාරිත්රෙයකි. භිෂ්මා තම මිනිස් ජීවිතය වතහැරීම සුර්යයා උතුරු දිසාවට හැරීමේ දී සිදු වු බවත්, එම සිදුවීම 'උත්තරායන' නමින් හදුන්වයි. ධර්ම ශාස්ත්‍රරවයන් සදහන් කරන පරිදි මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වනදා සිදුවන අතර කුම්භ හා අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වේ.තෛපොංගල් උත්සවය මගින් තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්රමනය මෙදින ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල වලට, එනම් ආන්දර් ප්‍රදේශවල, අස්සාම්, බෙන්ගාලය, බිහාර්, ගුජරාට්, හිමාචල් ප්‍රදේශ, කර්නටකා, කෙරලා, ඔරිසා, මහරාෂ්ත්රම, නෙපාලය, පුන්ජාබය, රාජස්ත
ානය, තමිල්නඩු සහ උත්තර් ප්‍රදේශයන්ට පාරම්පරික නිවඩු දිනයක් වේ.චාරිත්‍ර[සංස්කරණය]පාරම්පරිකව අස්වැන්න නෙ‍‍ලන අවස්තාවේ දී සමරනු ලබන මෙම උත්සවය සෞභාග්‍යය සහ ස්තූති කිරීම හා බැදී පවතී. මෙහිදී තම අස්වැන්න සරු වීමට උපකාර කළ වර්ශාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කරනු ලැබේ. ගම්බද වැසියන් අලුත් ඇදුමෙන් සැරසී සිටින අයුරු දැකගත හැකි අතර මෙය ගවයන් සතු ජනතාවට බෙහෙවින් වැදගත් උත්සවයක් වේ. පොංගල් උත්සවය ඉන්දියාවේ තමිල්නාඩු වැසියන් හා ලෝවැසි සියළු දමිළ ජාතිකයින් විසින් සමරනු ලැබේ. දමිළ ජතිකයින් වෙසෙන වෙනත් රටවල්, එනම් ශ්‍රී ලංකාව , මැලේසියාව,මොරිෂස්, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ සින්ගප්පූරුව යන රටවල් ද මෙම උත්සවය සමරනු ලබයි. තෛපොංගල් උත්සවය අවම වශයෙන් අවුරුදු 1000ක් පමණවත් ඉපැරණි අතර මෙම උත්සවය් අවුරුදු 2000කටත් ඉහත පටන් පැවත එන්නක් බව සමහරුන්ගේ විශ්වාසයයි. දමිළ ජනතාව පොංගල් උත්සවය හදුන්වනු ලබනුයේ 'තමිලර් තිරුනාල්' යනුවෙනි ('දමිළ ජනතාවගේ උත්සවය' යන තෙරුමයි ). මෙම උත්සවයේ මුලාරම්භය සිදුවුයේ තමිල් නාඩුවේය. 'තායි පිරන්ඩල් වාලි පිරක්කුම්' නැමැති දමිළ කියමන මෙම උතසව කාලයේ බෙහෙවින් උ
පුටා දක්වනු ඇත. මෙහි තේරුම වනුයේ "තායි මාසයේ උපත නව මහගු අවස්ථා සදහා මග පාදනු ඇත" යන්නයි. පොංගල් උත්සවය සමරනු ලබන්නේ ජනවාරි 12-15 දක්වා කලයේදීය (ග්රෙපගොරියන් කැලැන්ඩරයට අනුව ). තෛපොංගල් උත්සවය මාර්ඝාසි නම් වු දමිළ මාසයේ අවසාන දිනයේ සිට (දෙසැම්බර් - ජනවාරි ) දින සතරක් පුරාවට , තායි මාසයේ තුන්වැනි දිනය දක්වා (ජනවාරි - පෙබරවාරි ) සමරනු ලබයි. උත්සවයේ පලමු දින, එනම් 'භෝඝි' ලෙස හදුන්වන මෙදින ජනතාව තමන් පාවිච්චි කරන ලද පැරනි වස්ත්‍ර හා රෙදිපිළි පිලිස්සීමෙන් පැරනි වසරේ අවසානය සනිටුහන් කිරීමත් සමගින්ම නව තායි වසර පිලිගැනීම ද සමරනු ලබයි. ~පොංගල් යනුවෙන් හැදින්වෙන දෙවන දින මෙම සැමරුමේ ප්රකධාන දිනා වන අතර මෙදින වැටෙනුයේ "තායි" නම් වු දෙමළ මාසයේ පළමු වන දිනේදීය (ජනවාරි 14- 15). සර්කාරෙයි හෝ වීටු පොංගල් යනුවෙන්ද හදුන්වන ලබන මෙදින සමරනු ලබනුයේ අලුත් මුට්ටියක බත්, හකුරු හා නැවුම් එළකිරි උතුරා පිසගැනීමෙනි. මෙලෙස පිසගත් ආහාරය පසුව දුඹුරු සීනි, කජු හා වියලි මිදි යොදා ගනිමින් අලංකාර කර ගනු ලැබේ.~පොංගල් යන නාමය ලැබී ඇත්තේ ඉහත සදහන් කරන ලද උතුරා යාමේ චාරිත්රය මුල් කොටගෙන. මෙම බත් මිශ්රබණය උතුරා භාජනයෙන් පි
ටතට හැලී යාමේදී චාරිත්රරයක් වශයෙන් දමිළ ජනතාව "පොංගාලෝ පොංගාල්" යනුවෙන් ශබ්දව කෑගසමින්, "සන්ගු" යන සංගීත භාන්ඩයද වාදනය කරනු ලබයි. මේ චරිත්රංය අනුගමනය කිරීමෙන් බලාපොරොත්තු වනුයේ නව වසර සෞභාග්ය මත් වසරක් බවට පත් කර ගැනීමයි.පසුව මෙලෙස පිසගත් බත් මිශ්‍රණයේ පලමු කොටස හිරු උදාවත් සමගම ස්වභාවධර්මයාට පුදනු ලැබේ. මෙම පිදීමෙන් ඔවුන් තමන්ට මෙතෙක් ලබා දුන් සෞභාග්යුයට හිරුට හා ස්වභාවධර්මයාට තුති පුදන අතර ඉතිරි කොටස නිවැසියන් සමග බෙදාගනු ලැබේ. තවද මෙම දිනයේ දී නෑගම් යෑම හා එකිනෙකා සමග සුබ පැතුම් හුවමාරු කර ගැනීම ද දැකිය හැක. විශේෂයෙන් මෙම උත්සව කාලයේ දී නොයෙකුත් වර්ගයේ ආහාර හා රස කැවිලි වර්ග සාදන අතර වඩේ, මුරුක්කු, පායාස්ම් වැනි ආහාර විශේෂ තැනක් ගනී. තුන්වැනි දිනය, එනම් මාට්ටු පොංගල් යනුවෙන් හදුන්වන මෙදින විශේෂයෙන් වෙන්වී ඇත්තේ ගවයන්ට තුති පිදීම සදහාය. ගවයන් ගොවිතැනේ දී ගොවියන්ට ලබා දෙන මහගු සේවය අගය කිරීම මෙහි පරමර්ථය වේ. මෙදින ගවයන් අලංකාර ලෙස මල් මාලා, තීන්ත හා සීනු යොදා ගනිමින් සරසන අතර සමහරු රත්රරන් හා තඹ කොපු යොදා ගනිමින්ගවයන්ගේ අං සැරසීමද කරනු ලබයි. මේ දිනයේදී ගවයන්ට නිදහසේ සැරිසැරීමට ඉඩ ලබ
ාදෙන අතර විශේෂ ආහාර හා රස කැවිලි වර්ගද දෙනු ලැබේ. අතැම් ප්ර දෙශ වල විශේෂයෙන් ගම්බදව "ජල්ලිකාට්ටු" හෙවත් මී හරකුන් හීලෑ කිරීමේ තරග මෙම දිනයේ විශේෂ තැනක් ගනී.අවසාන දිනයේදී, කානුම් පොංගල් ලෙස හදුන්වන මෙදින (කානුම් යනු 'නැරඹීමට' යන අර්ථය ඇතිව ) ජනතාව තම නෑදෑ හිතමිතුරන් බැලීමට යාම සිදුවේ. නාගරික ප්‍රදේශවල මෙම දිනයේදී ජනතාව තම පවුලේ සාමාජිකයින් සමග මුහුදු වෙරලට සහ සතුටු උද්‍යාන වලට යමින් පොංගල් උත්සවය සැමරීම දැකිය හැක. මෙම කාලයේදී "කෝළම්" ලෙස හැදින්වෙන විශේෂ සැරසිලි යොදා ගනිමින් ගෙමිදුල් අලංකාර ලෙස සැරසීමද දැකිය හැක. අස්වැන්න නෙළා ගැනීමට කළ උපකාරයට තම නෑදෑ හිතමිතුරන්ට ස්තූති කිරීමද මෙදිනට වෙන්වී ඇත. මුල් කාලයේදී මෙම උත්සවය ගොවි ජනයාට පමණක් සීමා වුවද අද මෙය ජාති, ආගම්, කුළ භේද වලින් තොරව සියලුම දමිළ ජනයාගේ ජාතික උත්සවයක් බවට පත්ව ඇත. මෙම උත්සවය ගම්බද ප්ර දෙශ වලද නාගරිකව මෙන්ම සුප්රසිද්ධ උත්සවයකි.පොංගල් උත්සවය දින 3-4ක් පුරා දිවෙන අතර, මෙම දිනයන් ජතික නිවාඩු දිනයන් ලෙසද රජය විසින් ප්‍රකශ කර ඇත. තෛපොංගල් උත්සවය තමිල්නාඩුවේ සමරන උත්සව අතරින් අතිවිශේෂ ස්ථානයක් ගනී.ආශ්‍රිත ලිපි[සංස්කරණය]දීපාව
ලිසිංහල හින්දු අලුත් අවුරුද්දසටහන්[සංස්කරණය]තෛපොංගල් උත්සවය - දිනමිණ[permanent dead link]දීපාවලි[සංස්කරණය]Saveri, Nicholapillai Maria (1996). Jaffna The Land of the Lute. Thirumarai Kalamanram Publications. pp. 125. ISBN 0-9681597-0-2.මෙම ලිපිය සතුව වෙනත් විකිපීඩියා ලිපිවලට සබැඳුම් නොමැත. අදාළ සන්දර්භය තුළ ගැලපෙන පරිදි සබැඳි එක් කිරීම මගින් මෙම ලිපිය දියුණු කිරීමට සහාය වන්න. (2013 ජූනි)This article needs more links to other articles to help integrate it into the encyclopedia. Please help improve this article by adding links that are relevant to the context within the existing text. (2013 ජූනි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න
. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "අජාන් බ්‍රහ්මවංසෝ හිමි" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR (2010 ජනවාරි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)අජාන් බ්‍රාහ්ම් තෙරුන් වහන්සේඅජාන් බ්‍රාහ්ම් තෙරුන් වහන්සේගුරුකුලයථේරවාද බුද්ධ ධර්මයපෞද්ගලික තොරතුරුජාතිකත්වයබ්‍රිතාන්‍යයඋපත7 අගෝස්තු 1951 (1951-08-07) (වයස 72)එක්සත් රාජධානියSenior postingBased inබෝධිඥාන ආශ්‍රමයපදවියන්ගරු අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහ‍න්සේආගමික වෘත්තියවෙබ් අඩවියhttp://www.ajahnbrahm.org/අජාන් බ්‍රහ්මවංසෝ හිමි, ඔස්ට්‍රේලියාවේ බෞද්ධ භික්ෂුන් නමකි.[1]ආශ්‍රිත[සංස්කරණය]ඔස්ට්‍රේලියාවබුදු දහමඅජාන් චා මහතෙරණුවෝමූලාශ්‍ර[සංස්කරණය]↑ "මනස සන්සුන්වීමට අත්හරින්න". දිවයින. සම්ප්‍රවේශය 2019-12-14.අධිකාරී පාලනය සාමාන්‍යISNIVIAFWorldCatජාතික පුස්තකාලSpainFrance (data)GermanyUnited StatesLatviaJapanCzech RepublicAustraliaKoreaCroatiaNetherlandsPolandවෙනත්FASTREROIdRefTroveද්‍රාව්‍යතාවය යනු, විෂමජාතීය සමතුලිත පද්ධතියක් තුළ දියකර ඇති ජලයේ මඳ වශයෙන් ද්‍රා
ව්‍ය සංයෝගයක් 1dm3 පරිමාවක් තුළ දියවී ඇති මවුල ගණන යි."ටෙලිවිෂන් ඇකඩමි හෝල් ඔෆ් ෆෙම්" යනු ,රූපවාහිනි කලා හා විද්‍යා ශාස්ත්‍රාලයේ හිටපු සභාපති නැසීගිය ජෝන් H. මිචල් විසින් රූපවාහිනියට සුවිශාල දායකත්වයක් දැක්වූ පුද්ගලයාට ගරු කිරීමට ස්ථාපනය කරන ලද්දකි.මෙහි තේරීම් කමිටුවේ වචනවලින් පැවසුවොත් "ඒකරාශි හා පුද්ගලික දායකත්වයන් හා ජයග්‍රහණයන් ගේ පදනම මත පිහිටා කලාවට, විද්‍යාවට හා රූපවාහිනී කළමනාකරණයට විශිෂ්ට දායකත්වයන් සිදුකල පුද්ගලයන් උදෙසා" මෙය ස්ථාපිත කරන ලදී.ජෝන් එච්.මිචල් 1988 ජනවාරි හිදී මියයනතෙක්ම එම ශාස්ත්‍රාලයේ මුලසුන හෙබවවීය. ඔහුගෙන් අනතුරුව එඩ්ගාර් J. ෂෙරින්ද, ඊට පසුව නෝමන් ලියර්ද,එහි මුලසුනට පත්විය. කවුන්ටි සංගීත කලාගාරය හෝ රොක් ඇන් රෝල් කලාගාරය (County music House of fame සහ Rock and Roll House of fame) වැනි මහජනයාට විවෘත වූ කෞතුකාගාර, රූපවාහිනි කලාගාර මෙතෙක් ඉදිකර නොමැති අතර නුදුරු අනාගතයේ‍දී එවැන්නක් ඉදිකිරීමට සැලසුම්ද කර නොමැත.1984 දී පැවති උත්සවයෙන් ලූසිල් බෝල්, මිල්ටන් බෝලේ, පැඩි චේ‍ෆ්ස්කි, තෝමන් ලියර්, එඩ්වඩ් R. මුරෝ, විලියම් S. පැලේ හා ඩේවිඩ් සාර්නොෆ් ගේ ජීවිකා සමර
න ලදී. කලාවේ සියලු අංගයන්ට අවශ්‍යවන පුද්ගල-විනය පිළිබිඹු කෙරෙන ‍පරිදි චිත්‍ර ශිල්පියෙකු හා මුර්ති නිර්මාණකරුවෙකුවන පැස්කල් විසින් සාදන ලද වීදුරු ප්‍රතිමාවන් (බැලේ නැට්ටුවන් දෙදෙනෙකු ඇඹු) සියලු ගෞරව පාත්‍ර සියල්ලනට පිරිනමන ලදී.1988 සිට ලෝකඩ අඩියක් මත නෙලන ලද පළිඟු රූපවාහිනී රූප රාමුවක් සම්මානය කිරීම ඇරඹිණි. මෙම නව සම්මානය නිර්මාණය කරන ලද්දේ කලා අධ්‍යක්ෂක රොමේන් ජොන්ස්ටන් විසිනි.ේවර්තමාන නාමයෝජනා අසමාන කාල පරිච්ඡේද වලදී සිදුකරන අතර, කලින් වසරවල වසරක් පතා එය සිදුකරන ලදී. වසර 5 කට අඩු කාල පරිච්ඡේදයකදී නාම යෝජනා ප්‍රසිද්ධියට පත් කරයි. සෑම නා‍ම යෝජනාවක්ම අයි ලව් ලුසි (I Love Lucy) ශ්‍රේණියෙන් (හත්වන වසර නා‍ම යෝජනා අතරතුර) බැහැර පුද්ගලයන්ගෙන් යුක්ත වෙයි. දැනටත් ක්‍රියාශිලීව ව්‍යාපාරයේ රැඳී සිටින පුද්ගලයින්ට පමණක් වැඩි සැලකිල්ලක් දැක්වීම නිසා මෙම උත්සවය විවේචනයට ලක්වී ඇත. ඇතැම් සැලකිල්ලට ලක් කළ යුතු රූපවාහිනී ක්ෂේත්‍රයෙ පතාක යෝධයන් තවමත් උපහාරයට බදුන් වී නොමැත. උදාහරණ ලෙස බොබ් කීෂන්, ලොරිටා යන්ග්, ෆිල් සිල්වර්ස්, ඊව් ආර්ඩන්, ඉමොජින් කොකා, බඩී එබ්සන්, ජරූඩ් බ්‍රග්, පෝල් හෙන්නිග්, ඈන්
සෝතන්, ෆරාන් ඇලිසන්, බිල් බික්ස්බි හා ලෝම් ග්‍රීන් ආදී ශ්‍රේෂ්ඨයින් සියලු දෙනා මේවන විටද මිය ගොස් ඇත. මෑත කාලයේ පැවති නිලාරම්භ වටයකදී ඩයැන් සෝයර්ගේ හා කැටී කෝරික්ගේ නම් යෝජනා වී ඇත. නමුත් තවමත් අත්දැකීම් බහුල හග් ඩවුන්ස්, පීටර් ජෙනින්ගස්, ඩේවිඩ් හාට්ම්න හා ජේන් පෝලෙ වැන්නවුන්ගේ නම් යෝජනා වී නොමැත. සටහන්[සංස්කරණය]Television Hall of FameB-boyingA b-boy performing in Faneuil Hall, Boston, MA.GenreHip-hop danceInventorN/A - Street dancers from New York CityYear1970sCountryUnited StatesCompetitionsBattle of the YearThe Notorious IBER-16 KoreaRed Bull BC Oneදකුනු ආසියානු භාණ්ඩ හා වෙනත් කාලීන සංගීත ක‍්‍රම සමග මිශ‍්‍රණයේ තායිලන්ත බ්‍රේක් ඩාන්ස් කරුවෙකු තායිලන්ත එම් ටී වී වීදි සංගීතෝස්වයේදී තනි අතින් අතින් සිට ගැනීම (හෑන්ඞ් ස්ටෑන්ඞ්) දක්වන අයුරු.බ්‍රේක් ඩාන්ස් හෝ බ්‍රේකිං යනු හිප් හොප් රැල්ලේ කොටසක් ලෙස ව්‍යාප්ත වුන වීදි නර්තන ක‍්‍රමවේදයකි. නිව් යෝර්ක් නගරයේ සවුත් බ්‍රොන්ක්ස් ප‍්‍රදේශයේ අප‍්‍රිකානු අමෙරිකානුවන්, පුවටෝ රීකෝ තරුණයන් අතර 1970 දශකයේ දී මෙය ප‍්‍රචලිත විය. මෙය සාමාන්
‍යයෙන් පොප් ෆන්ක් හා හිප් හොප් සංගීතයට භාවිතා වේ. බොහෝ විට මෙහි විරාමයන් ප‍්‍රමාද කිරීම සඳහා රී මික්ස් කරනු ලැබේ. බ්‍රේක් ඩාන්ස් කරුවෙකුහට බ්‍රේක් ඩාන්සර්, බ්‍රේකර්, බී බෝයs හෝ බී ගර්ල් වැනි නම් භාවිතා කරනු ලැබේආරම්භයේ පටන් ම බ්‍රේක් ඩාන්ස් දරුණු නාගරික වීදි කණ්ඩායම් වලට අර්ථසාධක විකල්පයක් විය. අද වන විට බ්‍රේක් ඩාන්ස් සංස්කෘතිය නර්තනයේ හා මලල ක‍්‍රීඩාවේ අතරමැදි සුවිශේෂී අනන්‍යතාවයක් හිමිකරගෙන ඇත. මෙම නර්තන ශෛලීය වර්තමානයේ පෘථුල පිළිගැනීමකට ලක්වූ පසු උප සංස්කෘතිමය, ගෝත‍්‍ර, වර්ග, ලිංගික හෝ ජාතික බැමි වලින් මිදී ලොවපුරා පිළිගැනීමකට ලක් වී ඇත.දිවී උරුමවාද යනු මිනිසා ජානමය සහ සංස්කෘතිකමය යන අංශ දෙකෙන්ම පරිණාමයට ලක්වූ බවට ඉදිරිපත් කරන ලද මතවාදයකි.මෙම ද්වි උරුම වාදය පිළිබඳ මතය ගෙන එන ලද්දේ 1970 දශකයේ අග භාගයත් 80 දශකයේ මුල් භාගයත් අතර කාලවකවානුව තුළදීයි. මෙය, ජානමය දියුණුව මත මිනිසාගේ දියුණුව සිදුවූබවට හා සමාජයීය දියුණුව නිසා මානව දියුණුව ඇතිවූ බවට ඉදිරිපත් කෙරෙන මතවාදයන්ට අතරමැදි මතයකි. ද්වි උරුම වාදයේදී සංස්කෘතිය සැලකෙන්නේ කලක් තිස්සේ සමාජය විසින් මිනිස් මොළයට කාවද්දන ලද තොරතුරු සමු
දායක් ලෙසය. සංස්කෘතික දියුණුව කෙරෙහි ජානමය දියුණුව කොතෙක් බලපා ඇතිද යන්න කෙරෙහි මෙහිදී මූලික වශයෙන් අවධානය යොමුවේ. ඩාවින් වාදය විසින් ජානමය දියුණුව බොහෝ ලෙස විස්තර කර ඇති නිසා සංස්කෘතිකමය අංග කොයි ලෙසකින් මේ කෙරෙහි සම්බන්ධ වේ දැයි මෙහිදී සොයා බැලේ.දිවී උරුමවාද සිද්ධාන්තය[සංස්කරණය]ද්වි උරුම වාදය විසින් පෙන්වා දෙන පරිදි මානවයාගේ ජානවල සහ සංස්කෘතිකමය වශයෙන් ඇතිවූ දියුණුව "හෝමෝසේපියන්” නම් නූතන මානවයාගේ දියුණුවට හේතු වී ඇත. ජානමය වෙනස්වීම් නිසා මානවයාගේ හැසිරීම් රටා වෙනස්වීමෙන් සංස්කෘතියද වෙනස්වූ බව පෙනී යයි. මේ අනුව පෙනී යන කරුණු 3 කි. එනම්,(1) සංස්කෘතිය යනු අනුවර්තනයකිසංස්කෘතිය යනු මිනිසා ජානමය වශයෙන් දියුණුවීමත් සමඟ, සමාජය මඟින් ලද දැනුමින් ඔවුන්ගේ මනසෙහි ඇතිකළ අනුවර්තනයන්ගේ ප්‍රතිඵලයකි.(2) සංස්කෘතිය කාලයත් සමඟ වෙනස් වේ.සමාජීය දැනුම කාලයෙන් කාලයට වෙනස් වත්ම, සංස්කෘතිය ද ටිකෙන් ටික වෙනස් වේ.(3) සංස්කෘතිය සහ ජාන වෙනස්වීම් එකිනෙක සම්බන්ධිතය.සංස්කෘතිකමය වෙනස්වීම් නිසා සමාජයීය සහ භෞතික වෙනස්කම් ඇතිවේ. උදාහරණයක් ලෙස, කෘෂිකාර්මික ජීවන රටාවට මිනිසා හැඩගැසුණු පසුව, ජානමය
වෙනස්වීම් මගින් මිනිස් සිරුරට පිෂ්ඨය සහ ලැක්ටොස් අවශෝෂණය කිරීමේ හැකියාව ලැබිණි.සමහර අවස්ථාවලදී, සංස්කෘතිකමය වෙනස්වීම් නිසා ජානමය වශයෙන් මිනිසාට අවාසිදායක දේ ද සිදුවේ. උදාහරණයක් ලෙස, කාර්මිකව දියුණු සමහර පෙදෙස්වල ජනගහණ වර්ධනය හීන වීම දැක්විය හැකිය.සටහන්[සංස්කරණය]Dual_inheritance_theoryමෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteප්‍රෝටෝන 2ක් සහ නියුට්‍රෝන 2ක් එකට බැඳීමෙන් සෑදෙන අංශුව ඇල්ෆා අංශුව (α-අංශුව)කි. මෙය හීලියම් න්‍යෂ්ටියකට සර්වසම වේ. ඇල්ෆා කිරණවලට ඉහළ අයනීකාරක බලයක් ඇත.ඇල්ෆා කිරණ ධන ආරෝපණයකින් යුක්තය.ඇල්ෆා කිරණ ආලෝකයේ ප්‍රවේගයට වඩා ඉතා අඩු ප්‍රවේගයකින් ගමන් කරයි.එමෙන්ම ඇල්ෆා කිරණ වල විනිවිද යාමේ හැකියාව ගැමා හා බීටා කිරන වලට සාපේක්ෂව අඩු වේ.මෙමෙ ඇල්ෆා අංශු ඉලෙක්ට්‍රොන අත් පත් කර ගනිමින් හීලියම් අණු සාදයි .ප්‍රේමසිරි කේමදාසආචාර්ය ප්‍රේමසිරි කේමදාසඋපතගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා1937 ජනවාරි මස 25 වැනිදාමිය යාම2008 ඔක්තෝබර් මස 24 වන දිනකොළඹජාතිකත්වය ශී‍්‍ර ලාංකිකඅධ්‍යාපනයපානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය , පානදුර ශ
ාන්ත ජෝන් විද්‍යාලයසංගණ්‍ය වන්නේතනු රචක, සංගීත අධ්‍යක්ෂකකලත්‍රයා(යන්)සේනාධිආරච්චිගේ සෝමලතා පෙරේරාදරුවන්වයන්තා අනූපා කේමදාස , ධනේෂා ගයාත්‍රි කේමදාසදෙමව්පියන්(s)ඇලන් පෙරේරා , සයිමන් පෙරේරාවෙබ් අඩවියhttp://premasirikhemadasa.com/ආගමබෞද්ධකේමදාස මාස්ටර් නමින් සංගීත ‍ක්ෂේත්‍රය දිග් විජය කළ ප්‍රේමසිරි කේමදාස (ජනවාරි 25, 1937 – ඔක්තෝබර් 24, 2008) වනාහි ශ්‍රී ලාංකේය සංගීතයේ නිම් වළළු පුළුල් කළ සංගීත රචකයා යනුවෙන් හැඳින්වීම වරදක් නොවේ. ලොව පුරා පවතින විවිධ සංගීත ශෛලීන් ගවේශනය කිරීම තුළින් අනන්‍ය සංගීත ශෛලියක් බිහි කිරීම කේමදාසයන් ගේ වෑයම විය. හේ, සිංහල ජන සංගීතය ද, හින්දුස්ථානී සංගීතය ද, බටහිර සංගීතය ද, වෙනත් අනේකවිධ සංගීත දහරාවන් ද, අද්‍යතන යුගයට ඔබින අයුරින් සංයුක්ත කිරීමෙන් තම තනු රචනාවන් නිර්මාණය කළේ ය. ඔහුගෙන් ශ්‍රී ලාංකේය සංගීත ‍ක්ෂේත්‍රයට සිදු වූ සේවය ඇගයීමක් වශයෙන් පසුකාලීන ව රුහුණ විශ්වවිද්‍යාලය මගින් කේමදාස ශූරීන් හට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. ජීවන තොරතුරු[සංස්කරණය]ළමා කාලය[සංස්කරණය]තල්පිටිය, වාද්දූව නම් ගමෙහි දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙස උපන් කේමදාස කෙරෙ
හි කුඩා කාලයේ දී කිසිවකුගේ අවධානය යොමු ‍නොවූයේ ය. වයස අවුරුදු හයේ දී අන් සියළුම ළමුන් තම දෙමාපියන් සමග පාසලට ඇතුලත් වීමට ගියත් කේමදාස ගියේ තනිවම ය. දිළිඳුකම නිසාවෙන් ම කේමදාසගේ අධ්‍යාපනය කෙරෙහි පවුලේ කිසිවකුගෙන් සහයෝගයක් නොලැබුණි. ඔහුට වයස අවුරුදු හතේ දී ඔහුගේ පියා රා මැදීමට ගොස් සිටිය දී පොල් ගසකින් වැටී මිය ගියේ ය. අනතුරුව පවුලේ බර කරට ගැනීමට සිදු වූයේ කේමදාසගේ මව වූ ඇලන් පෙර්රා මහත්මියට යි. ඈ ගම්මුන් හට තම වැස්සියගෙන් ලැබෙන කිරි විකුණමින් පවුල නඩත්තු කළාය. කේමදාස ගේ වැඩිමහල් සොයුරිය පැදුරු සහ පන් මළු විවීමෙන් ආදායමක් ලැබුවාය. කේමදාස ලංකාවේ ඒ වන විට අඩු ම මිලකට මිලදී ගත හැකි ව තිබූ බටනලාවක් මිල දී ගෙන වාදනය පුහුණු වූවේ ය. පෙරේරා පවුලේ කිසිවකුට නොතිබෙන සංගීතමය හැකියාව හා ඇල්ම කේමදාසට උරුම වූයේ කෙසේද යන්න කිසිවකු දැන සිටියේ නැත. කේමදාස පසු කාලයක සඳහන් කළ පරිදි ඔහුගේ ජීවිතය වෙනස් වූයේ ඔහු ශාන්ත ජෝන් විද්‍යාලයේ හය වන ශ්‍රේණියේ උගනිමින් සිටියදී ය. ඒ වන විට පන්තියේ දක්ෂතම සිසුවා වූ කේමදාසට ලැබීමට නියමිත ව තිබූ ද්විත්ව උසස්වීම නොලැබුණු කල ඔහු ඒ පිළීබඳ ව විමසීමට විදුහල්පතිවරයා හමු වූයේ ය. ක
ේමදාසට සිදු වූයේ විදුහල්පතිතුමාගෙන් තැලුම් පහර කෑමට ය. ඔහුට හිමි ව තිබූ උසස් වීම ප්‍රදේශයේ ධනවත් දේශපාලඥයකුගේ දරුවකුට ලබා දී තිබිණ. එතැන් සිට ඉගෙනීමට තිබූ ඔහුගේ ඇල්ම ක්‍රමයෙන් අඩුවූ අතර බටනලා වාදනයට ඇති ආසාව දෙගුණ තෙගුණ විය.කේමදාස සංගීතඥයකු වනු දැකීමට පවුලේ කිසිවකු අපේක්ෂා නොකළ අතර කේමදාස ගේ වැඩිමහල් සහෝදර සහෝදරියෝ ඇතැම් විට ඔහුගේ බටනලා පුස්සා දමන්නට කටයුතු කළහ. කේමදාසගේ ප්‍රසිද්ධම කතාවක් වූයේ ඔහු පානදුර සිට කොළඹට දුම්රියේ බටනලා වාදනය කරමින් ගිය ආකාරය යි. දුම්රියේ ගමන් කරන වරායේ සේවකයන් පිනවීම වෙනුවෙන් ඔහුට සුළු මුදලක් ලැබිණ. කුඩා කේමදාස කිසිඳු දිනක දුම්රියේ යාමට ප්‍රවේශපත්‍ර නොගත්තේ ය. ටිකට් පරීක්ෂකවරුන් පැමිණි විට හිතවත් සේවකයන් කුඩා බටනලා වාදකයා ඔවුන්ගේ කිළිටි සරම් වලින් වසා ගෙන සඟවා ගත්හ. ඔහුට පාසලේ ජ්‍යේෂ්ඨ සහතික පත්‍ර විභාගය පැවත්වීමට නියමිතව තිබුණු දිනයේ දී ම ලංකා ගුවන් විදුලි සේවයේ(රේඩියෝ සිලෝන්) සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට නියමිත ව තිබිණ. විභාගය නිම වීමට කාලය බොහෝ ඉතිරි ව තිබිය දී කුසලතා පරීක්ෂණයට පෙනී සිටීම සඳහා හේ විභාග ශාලාවෙන් නික්ම ගියේ ය. [1]තනු රචකයෙක් වශයෙන්
[සංස්කරණය]සිරිසේන විමලවීර ගේ රොඩී කෙල්ල චිත්‍රපටයට සංගීතය අධ්‍යක්ෂණය කරමින් කේමදාස චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේ ය. බඹරු ඇවිත් චිත්‍රපටය තුළින් ඔහු වන විට ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයට ආගන්තුක වූ අද්විතීය සංගීත ශෛලියක් හඳුන්වා දුන්නේ ය. අනතුරුව ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොළු හදවත සහ නිධානය වැනි චිත්‍රපටවලට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූවේ ය. චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකයකු වශයෙන් කේමදාස විචාරකයන්ගේ ප්‍රසංශාවට පාත්‍ර වූ අතර එතැන් සිට ඔහු කේමදාස මාස්ටර් යන ගෞරව නාමයෙන් ආමන්ත්‍රණය කරන්නට විණ. චිත්‍රපටයේ රූප රාමු වලින් හැඟවෙන භාවයන් උද්දීපනය කිරීම උදෙසා බටහිර සම්භාව්‍ය සංගීතයේ භාවිතය, චිත්‍රපට සංගීතයේ කේමදාස සළකුණ සනිටුහන් කළේය. මොහුගේ සමහර නිර්මාණ වලට වුල්ෆ්ගැන්ග් ආමේඩියස් මෝසාර්ට් සහ ගයිසෙප් වර්ඩි වැනි බටහිර ඔපෙරා නිර්මාපකයන්ගේ නිර්මාණවල ආභාසය ලැබී ඇත. ශ්‍රී ලාංකේය සිනමා සංගීතයට ඉන්දියානු ආභාසය ලැබ අනුකරණවලින් යැපෙමින් තිබූ යුගයක සිනමා සංගීතය ශ්‍රී ලාංකීකරණය කිරීම උදෙසා කේමදාස මහත් වෙහෙසක් දැරීය. ගොළු හදවත චිත්‍රපටය සඳහා කේමදාස නිර්මා
README.md exists but content is empty. Use the Edit dataset card button to edit it.
Downloads last month
45
Edit dataset card