text
stringlengths
0
1k
ුවේ නිලධාරින්ගේ හා සේවකයින්ගේ වගකීම වුවද) පුහුණුවක්ද ලබා තිබිය යුතුය.සමහර අවස්ථාවල ඔවුන් මෙම සංකීර්ණ පද්ධති නිර්මාණය හා ඉදිකිරීම් කටයුතු වලද නියැලේ. නව නිර්මාණ, බොහෝ විට නාවික නිර්මාණ හෝ නැව් නිර්මාණ ගණයට වැටේ. මෙම ක්ෂේත්‍රය, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවට සමීප සබඳතාවක් දැක්වුවද, නවීන ඉංජිනේරුවන් හට විද්‍යුත්, ඉලෙක්ට්‍රොනික, වායව(pneumatic), ද්‍රාව(hydraulic), රසායනික, පාලක ඉංජිනේරු විද්‍යාව(process engineering), නාවික නිර්මාණකරණය, ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව, වායු තලබමර සහ සමහර යුධ නෞකාවල න්‍යෂ්ටික තාක්ෂණය පිලිබඳ දැනුමක් ලබාතිබීම(සහ ප්‍රායෝගික පලපුරුද්ද ) අත්‍යවශ්‍ය වේ.විකිපීඩියා විශ්වකෝෂය ලොව විශාලතම මාර්ගගත (Online) විශ්වකෝෂය වේ. යම් තැනක් හෝ ස්මාරකයක් පිළිබඳ තොරතුරු බලා ගන්නට ඕනෑ නම් විකිපීඩියා වෙබ් අඩවියට ගොස් පිවිස සොයා බැලීම කළ යුතුය. එහෙත් එය එසැනින් කල හැක්කක් නොවේ. දැන් එම අපහසුව මග හරවමින් යන එන ඕනෑ තැනක තිබෙන විශේෂ ස්ථානායක, ගොඩනැගිල්ලක, ඕනෑම තැනක විස්තර එසැනින් කියවන්නට කිව් .ආර් .කෝඩ් යොදා ගන්නට විකිපීඩියා කටයුතුවල යෙදෙමින් පවතී. යම් තැනක තිබෙන කිව් .ආර් .කෝඩ් එක
ක් කිව් .ආර් .කෝඩ් ස්කෑනරයක් මගින් ස්කෑන් කල විට ඊට අදාළ විකිපීඩියා වෙබ් පිටුව විවෘත වේ. පෙනුම අතින් ගත්කල මෙම කිව් .ආර් .කෝඩ් එකක් සුදු පාට පසු බිමක කලුපාටින් සටහන් කල තිත් රටාවකි .මෙම තිත් රටාව හරි හතරැස් ප්‍රදේශ‍යක හෙවත් සමචතුරස්‍රාකාර පිහිටුවා තිබේ .මෙම තිත් රටාවෙන් පණිවුඩයක් නිරුපණය කෙරේ. එනම් එය මොඩියුලයකි. බිත්තියක ,බිල්බෝඩ් එකක හෝ වෙනත් දැන්වීම් පුවරුවක කිව් .ආර් .කෝඩ් ඇද තබන විට මෙම මොඩියුලය ඉතා විශාල වෙයි. එහෙත් ඒවා කියවන විට ඉමේජය අවශ්‍ය පරිදි කුඩා වේ. බිත්තිය මත තබන කිව් .ආර් .කෝඩ් එක ජංගම දුරකථනය හරහා ඡායාරූප ගත කොට එහි කියවෙන තොරතුරු වලින් අදාළ වෙබ් අඩවියට පිවිසිය හැකි බව දනිමු. කිව් .ආර් .කෝඩ් වල තවත් විශේෂ ලක්ෂණය වන්නේ තොරතුරු ඉක්මනින් කියවිය හැකි වීමයි කිව්.ආර් හෙවත් Quick response යන නමහි තේරුම එයයි. කිව් .ආර් .කෝඩ් තාක්ෂණය යොදා ගැනීම ගැන විකිපීඩියා ආයතනය පරීක්ෂණ කිරීම ඇරඹුවේ බ්‍රිතාන්‍ය දුපතක් වන ගිබ්‍රල්ටාවෙනි. වසර 50000 කට එපිට කාලයේ මානවයන් විසු ලෙන් සමුහයක් මේ දුපතේ තිබේ. එය ලොව ප්‍රකට සංචාරක පුරවරයකි. මෙහි තිබෙන ආදීවාසී විසු ලෙන් 200 කට වැඩි ගණනකගේ විස්තර
කීමට ඒවායේ කිව් .ආර්.කෝඩ් සවිකොට තිබේ මෙමගින් විස්තර හොදින් දැන ගන්නට පුළුවන. සංචාරක මග පෙන්වන්නෙක් වෙනත් මුලාශ්‍ර වත් එවිට ඕනෑ වන්නේ නැත. මෙය ගැන විකිපීඩියා ප්‍රධානින් පැවසුවේ තමන්ට ඇත්තේ එකම අරමුණක් බවත් එනම් මාර්ගගත (Online) විශ්වකෝෂය නිර්මාර්ගගත (Offline) විශ්වකෝෂයක් බවට පත්කර ලෝකයට සම්බන්ධ කිරීම පමණක් බවය. කිව්.ආර්. කෝඩ් යනු ඒ සදහා ඇති පහසුම ක්‍රමය බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටියෝය.[1]↑ Internet& Others Bookමෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2011 සැප්තැම්බර්)කලරිපායට්ටු යනු හුදෙක් කලාරි ලෙසද හැඳින්වේ, එය ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයේ පිහිටි නූතන කේරළයේ ආරම්භ වූ ඉන්දියානු සටන් කලාවකි. [5] කලරිපායට්ටු සටන් කලාකරුවන් විසින් ඉතා ඉහළින් සලකනු ලබන්නේ ඉන්දියානු සටන් කලාව තුළ එහි දීර් history කාලීන ඉතිහාසය නිසාය. එය ඉන්දියාවේ දැනට ඉතිරිව ඇති පැරණිතම සටන් කලාව යැයි විශ්වාස කෙරේ. එය තවමත් පවතින
පැරණිතම සටන් කලාවන් අතරට ද සැලකේ. එහි ආරම්භය අවම වශයෙන් ක්‍රි.පූ. 3 වන සියවස දක්වා දිවෙන සටන් කලා කාලරාමුවයි. [6]කේරළයේ මලබාර් ප්‍රදේශයෙන් චෙකාවර් ගැන ලියා ඇති වඩක්කන් පට්ටුකල් (උතුරු බැලට්ස්) හි කලරිපායට්ටු සඳහන් වේ. ලන්දේසි කතුවරයකු වන අර්නෝඩ් වැන් ඩර් වීරේ සටන් කලාවේ ආරම්භය ඉන්දියාවට ප්‍රදානය කරයි (එහි මූලයන් කලරිපායට්ටු යැයි සිතනු ලැබේ), ඔහු කලරිපයාට්ටු හැඳින්වූයේ “සියලු සටන් කලාවන්ගේ මව” ලෙසිනි. [7] කලරිපායට්ටු යනු පුරාණ යුධ පිටිය සඳහා නිර්මාණය කරන ලද සටන් කලාවකි ("කලාරි" යන වචනයේ තේරුම "යුධ පිටිය" යන්නයි), ඉන්දියාවට ආවේණික වූ ආයුධ සහ සටන් ක්‍රමෝපායන් ඇත.කලාරිඉන්දියානු සාම්ප්‍රදායික සටන් ක්‍රමයයි.මෙය යම් තරමකට යුධ සටන් කලාවක් වන බව පෙනේ.මෙහි කිසියම් ප්‍රබල නිල ශාස්ත්‍රයක් ඇති අතර 'වර්ම අඩි','වර්ම කලායි' යන නම්වලින් එය හැඳින්වේ.ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක්
කරමු.බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!සූත්‍ර පිටකය ත්‍රිපිටකයේ කොටසකි. සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ.මුල් සූත්‍ර ග්‍රන්ථ[සංස්කරණය]මූලික වශයෙන් බුද්ධ භාෂිත අඩංගුවන කොටස් මුල් සූත්‍ර ග්‍රන්ථ නමින් හැඳින්වේ. මෙම කොටස් ප්‍රථම ධර්ම සංගායනාවේදීම සම්පිණ්ඩනය කල බවට සැලකේ.දීඝ නිකාය[සංස්කරණය]ප්‍රධාන ලිපිය: දීඝ නිකායකොටස් 3ක් යටතේ මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය.මජ්ඣිම නිකාය[සංස්කරණය]මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.පණ්ණාසක වශයෙන් 3 කි.ස
ංයුක්ත නිකාය[සංස්කරණය]මෙම සංයුත්තනිකාය තුළ කොටස් පහකි. මෙහුදි බුදුරජාණන් වහන්සේ විසින් බ්‍රාහ්මණ , ගෘහපති, දේවතා ආදී පුද්ගලයන්ගෙගප්‍රශ්න විසඳු ආකාරය දැක්වේ. අට්ඨකතාචාර්‍ය බුද්ධදත්ත හිමිට අනුව නම් මෙම සංයුත්තනිකායෙහි සූත්‍ර 7762 කි. නමුත් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙ සූත්‍ර පිටකයෙ එන සංයුත්තනිකාය තුළ එතරම් සූත්‍ර අපට හමු නොවේ. මෙහි සූත්‍ර දේශනා ගද්‍ය පද්‍ය ලෙසින් අපට අධ්‍යනයේදි හමු වේ. ධාතු, ඛන්ධ , ධ්‍යාන, මාර්ගඵල, සතිපට්ඨාන, බොජ්ඣංග ලෙස බොහෝ ධර්ම කරුණු ඇතුළත් වේ.අංගුත්තර නිකාය[සංස්කරණය]මෙය නිපාත 11 කට බෙදා ඇත.බුද්ධ දේශනාව තුළ අන්තර්ගත කරුණු අංගයෙන් අංගයට කරුණු ඇතුලත්කොට ඇති හෙයින් අංග+උත්තර > අංගුත්තර යන නාමය යෙදීම සිදුකොට ඇත.කරුණු එකක් පමණක් ඇතුලත් සූත්‍ර ඒකක නිපාතයටත් ,කරුණු 2 ක් අන්තර්ගත සූත්‍ර දුක නිපාතයටත් වශයෙන් කරුණු 11ක් අන්තර්ගත සූත්‍ර ඒකාදස නිපාතයටත් අන්තර්ගත කොට ඇත.නිපාත වශයෙන් 11 ක් වුවද සූත්‍ර වශයෙන් 9557ක් අංගුත්තර නිකායේ විද්‍යමාන වෙයි.පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ[සංස්කරණය]ඛුද්දක නිකාය[සංස්කරණය]ප්‍රධාන ලිපිය: ඛුද්දක නිකායසමහර සම්ප්‍රදායන්ගේ පමණක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකය
ට අතුලත්කොට ඇති පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ කොටසකි. මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ.ග්‍රන්ථ 15 නම්:1:ඛුද්දක පාඨ 2:ධම්ම පද3:උදාන4:ඉති උත්තක5:සුත්ත නිපාත6:විමාන වත්ථු7:පේත වත්ථු8:ථේර ගාථා9:ථේරී ගාථා10:ජාතක11:නිද්දෙස12:පටිසම්භිදා13:අපදාන14:බුද්ධ වංශ15:චරියා පිටකබාහිර යොමු[සංස්කරණය]සම්පූර්ණ සූත්‍ර පිටකය සංරක්ෂණය කළ පිටපත 2009-07-21 at the Wayback Machineත්‍රිපිටකය සිංහලෙන්thipitaka booksසංගීතා වීරරත්නSangeetha Weeraratneසංගීතා වීරරත්න - 2019උපතදෙසැම්බර් 13, 1973 (1973-12-13) (වයස 50) ශ්‍රී ලංකාවසක්‍රීය වසර1990–වර්ථමානය තෙක්කලත්‍රයා(යන්)රොෂාන්ත කාරියප්පෙරුමසම්මානසරසවිය හොඳම නිළිය සම්මානය (2001) සහ සරසවිය ජනප්‍රියතම නිළිය සම්මානය (2001–2003, 2006)සංගීතා වීරරත්න (1973 දෙසැම්බර් 13) ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය, සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි. වයස අවුරුදු 16දී, එනම් 1990 වසරේදී ඇය රෝයි ද සිල්වා මහතාගේ ඉට්'ස් අ මැටර් ඔෆ් ටයිම් චිත්‍රපටියේ රඟපාමින් මුල්ම වරට ශ්‍රී ලාංකික රිදී තිරයට පිවිසුනාය. පසුව 1993 වසරේදී කමල් අද්දරාරච්චි සමග රඟපෑ එච්. ඩී. ප්‍රේමරත්න මහතාග
ේ සප්ත කන්‍යා චිත්‍රපටියෙන්, සංගීතා මෙරට සිනමා ක්ෂේත්‍රය තුල ඉමහත් සාර්ථකත්වයක් හිමිකරගත්තාය. වර්ථමානය වන විටදී, චිත්‍රපටි 50 කට වඩා සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙන සංගීතා, ලාංකික සිනමා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් ලෙස හැඳින්විය හැක.පුද්ගලික දිවිය[සංස්කරණය]මෙරට චිත්‍රපටි කලාකරුවෙකු වූ තිමති වීරරත්න මහතාට දාව, පවුලේ දෙවන දියණිය ලෙස සංගීතා උපන්නාය. ඇය සිය මූලික අධ්‍යාපන කටයුතු පානදුර ශාන්ත ජෝන් පාසලෙන්ද, ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ වැස්ලියන් විද්‍යාලයෙන්ද හැදෑරුවාය.2002 වසරේදී ඇය, ව්‍යාපාරිකයෙක් වූ රොෂාන්ත කාරියප්පෙරුම මහතා (සියත ටීවී හිමිකරු) සමග විවාහ වූවාය.[1]කලා දිවිය[සංස්කරණය]1991 වසරේදී රෝයි ද සිල්වා මහතාගේ ඉට්'ස් අ මැටර් ඔෆ් ටයිම් චිත්‍රපටියේ රඟපාමින් සංගීතා මෙරට සිනමා ක්ෂේත්‍රය තුල මුල් වරට පා තැබුවාය. ශ්‍රී ලංකා සිනමාව තුල එකල බැබලෙමින් සිටි ජනප්‍රිය තාරකාවන් වූ, මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග, සහ ගාමිණී ෆොන්සේකා වැනි දැවැන්තයින් සමග රංගනයේ යෙදීමේ අවස්ථාවද, එහිදී ඇයට හිමිවිය.2001 වසරේ තිරගත වූ, බෙනට් රත්නායක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද අස්වැසුම චිත්‍රපටියේ සිදුකල
විශිෂ්ඨ රංගනය හේතුවෙන්, එම වසරේ සරසවිය සම්මාන උළෙලේදී හොඳම නිලිය සම්මානය සම්මානය දිනාගැනීමට සංගීතාට හැකිවිය. එම සම්මාන උළෙලේම 2001 සිට 2003 වසර දක්වා ජනප්‍රියම නිලිය සම්මානය හිමිකරගත්තේද ඇයයි. ඇගේ රංගන දිවියේ වැදගත්ම චිත්‍රපටි ලෙස සප්ත කන්‍යා, නොමියෙන මිනිසුන්, මාරුතය, දුවට මවක මිස, දොරකඩ මාරාව, කිණිහිරියා මල්, අස්වැසුම, සළෙලු වරම සහ ධීවරී යන චිත්‍රපට හැඳින්විය හැක.[2]මීට අමතරව 2006 වසරේ තිරගත වූ වසන්ත ඔබේසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කල, සෙව්වන්දි චිත්‍රපටිය නිෂ්පාදනය කලේ සංගීතා මහත්මියයි.රංගනයන්[සංස්කරණය]වසරචිත්‍රපටියඅධ්‍යක්ෂණය2013දෝණීවී.සිවදාසන්2007උප්පලවන්නාසුනිල් ආරියරත්න2007සංක්‍රාන්තිඅනුරුද්ධ ජයසිංහ2006සෙව්වන්දිවසන්ත ඔබේසේකර2006නිලම්බරේකැලුම් පාලිත මහීරත්න2005ගරිල්ලා මාකටින්ජයන්ත චන්ද්‍රසිරි2004මිල්ලෙ සොයාවිෂ්වනාත් බුද්ධික කීර්තිසේන2003සැපට දුකට සනීරෝයි ද සිල්වා2002සළෙලු වරමවසන්ත ඔබේසේකර2002ලව් 2002රෝයි ද සිල්වා2002ඔන්න බබෝදිනේෂ් ප්‍රියසාද්2001අස්වැසුමබෙනට් රත්නායක2001ජොන්සන් ඇන්ඩ් ගොන්සන්රෝයි ද සිල්වා200
1කිණිහිරියා මල්එච්. ඩී. ප්‍රේමරත්න2000රෑ දනියෙල් දවල් මිගෙල් 2රෝයි ද සිල්වා2000උණ්ඩයකේ. ඒ. ඩබ්. පෙරේරා1999අයදිමි සමාහේමසිරි සෙල්ලප්පෙරුම1999බහු භාර්යාඋදයකාන්ත වර්ණසූරිය1999පවුරු වළලුප්‍රසන්න විතානගේ1998දොරකඩ මාරාවවසන්ත ඔබේසේකර1998සතුයි කිරුළ අපේසුනිල් සෝම පීරිස්1998රෑ දනියෙල් දවල් මිගෙල්රෝයි ද සිල්වා1997නින්ජා ශ්‍රී ලංකාරොබින් ප්‍රනාන්දු1997මහමෙර උසටඋදයකාන්ත වර්ණසූරිය1997සූරයෝ වැඩකාරයෝහේමසිරි සෙල්ලප්පෙරුම1997පුතුනි මට වාසනාසුනිල් සෝම පීරිස්1997දුවට මවක මිසසුමිත්‍රා පීරිස්1996හිත හොඳනම් වරදින්නේ නෑඩබ්. රංජිත් පෙරේරා1996නරලොව හොල්මන්දිනේෂ් ප්‍රියසාද්1996රත්තරන් මල්ලිසුනිල් සෝම පීරිස්1996බොඩි ගාර්ඩ්උපාලි පියරත්න1995චණ්ඩියගෙ පුතාසුනිල් සෝම පීරිස්1995මාරුතයවසන්ත ඔබේසේකර1995වාසනා වේවාසුනිල් සෝම පීරිස්1994අරගලයක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු1994රජ වන්සෙන් එකෙක්හේමසිරි සෙල්ලප්පෙරුම1994නොමියෙන මිනිසුන්ගාමිණී ෆොන්සේකා1994ලඳුනි ඔබ දෙවඟනකිජයන්ත දාස් පෙරේරා1993ලස්සනයි බලන්නසුන
ිල් සෝම පීරිස්1993සප්ත කන්‍යාඑච්. ඩී. ප්‍රේමරත්න1993යසසආනන්ද වික්‍රමසිංහ1991ඉට්'ස් අ මැටර් ඔෆ් ටයිම්රෝයි ද සිල්වාආශ්‍රිත[සංස්කරණය]↑ සංරක්ෂිත පිටපත, http://www.sundayobserver.lk/2007/09/23/spe03.asp, ප්‍රතිෂ්ඨාපනය 2014-03-28 ↑ http://www.sundaytimes.lk/021103/tv/2.htmlබාහිර සබැඳි[සංස්කරණය]Sangeetha Weeraratne සඳහා IMDb හි ඇති තොරතුරුPersondataNAMEවීරරත්න, සංගීතාALTERNATIVE NAMESSHORT DESCRIPTIONශ්‍රී ලාංකික රංගන ශිල්පිනීDATE OF BIRTHදෙසැම්බර් 13, 1973PLACE OF BIRTHශ්‍රී ලංකාDATE OF DEATHPLACE OF DEATHනෙළුම් මලවිද්‍යාත්මක වර්ගීකරණයරාජධානිය:Plantae(unranked):විවෘතබීජක ශාකය(unranked):Eudicotsගෝත්‍රය:Protealesකුලය:Nelumbonaceaeගණය:'Nelumbo'විශේෂය:N. nuciferaද්වීපද නාමයNelumbo nuciferaGaertn.පර්යාය නාම(ය)Nelumbium speciosum Willd.Nymphaea nelumboනෙළුම් යනු මල් වර්ගයකි. සියපත්, තඹර, පියුම්, පද්ම යන නම්වලින් හැඳින්වෙන්නේ ද මෙම පුෂ්පයමයි.මීට අමතරව හෙළ බසින් නෙළුම්
මල හැඳින්වීමට නලිනි,අරවින්දම්,නීලෝත්පලම්,සහස්ස්‍ර පත්‍රජම්,කුමුදු,කුවල්‍ය,පුණ්ඩරීක,පන්කරුහම් හා පන්කජම් සමාන පද භාවිතවේ. රතු නෙළුම් හා සුදු නෙළුම් වශයෙන් ප්‍රධාන ආකාර දෙකකින් යුක්ත මෙම පුෂ්පයට සියපත් යන නම යෙදී ඇත්තේ එහි පෙති සියයක් ඇති නිසා යැයි කියති.බෞද්ධ සාහිත්‍යයේ නෙළුම් මලට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. සිදුහත් කුමරු නෙළුම් මල් සතක් මතින් ගමන් කළ පුවතේ සිට නොයෙකුත් අවස්ථාවන් හි දී මෙම පුෂ්පය සම්බන්ධ සිද්ධි ගණනාවක් බෞඬ සාහිත්‍යයෙහි හමු වේ.සිංහල ගීත වල ද අපට නොයෙක් අවස්ථා වල මෙම පුෂ්පය හමු වේ. සිසිර සේනාරත්නයන්ගේ "ඕළු නෙළුම් නෙරිය රඟා ලා", ලතා වල්පොලගේ "නෙළුම් මානෙල් මඩේ පිපුණත්" හා එම්. එස්. ප්‍රනාන්දු හා ඇන්ජලීන් ගුණතිලක ගැයූ "නෙළුම් මලේ පෙති කඩලා" මෙයට උදාහරණ වශයෙන් දිය හැකි ජනප්‍රිය ගී වලින් කිහිපයකි.නෙලුම් මල පිවිතුරු බවට උපමාව කර ගන්නා අතරම මෙම ශාකයට අයත් අල ආහරයට ගනී. සිංහල ජන ගී අතර නෙළුම් කවි වැදගත් තැනක් ගනී. නමුත් ඉන් අදහස් වනුයේ නෙළුම් මල් පිළිඳව නොව නෙලීම හෙවත් කැඩීම/කැපීම යන අදහසයි.උද්භිද විද්‍යාව[සංස්කරණය]කොළ ජලය මතුපිට පාවෙන අතර පිපිනු නෙළුම් මල් ජලයෙන් උඩට
පැමිණෙයි.මුල්, පොකුණේ හෝ ගංගා පතුලේ පස මත රෝපණය වේ.නෙළුම් වලින් ඇතැම් විශේෂ මල් හට ගන්නේ රාත්‍රී කාලයේදීය.එහෙත් වැඩිමනක් විශේෂ මල් හටගත්නේ දිවා කාලයේය.සපුෂ්ප ශාකයක් බැවින් ලිංගික ප්‍රජනනයෙන් වර්ගයා බෝකරයි.සතුන් මගින් පරාගනය සිදුවේ.සංස්කෘතික වැදගත්කම[සංස්කරණය]බෞද්ධ හා හින්දු බැතිමතුන් නෙළුම් පූජනීය ශාකයක් වශයෙන් භාවිතයට ගනු ලබයි.ගෞතම බුදුන් වහන්යේගේ උත්පත්තියෙන් අනතුරුව නැගීසිට සක්මන් කළ බවත් සිරි පතුළ තබන සෑම තැනකම නෙළුම් මල් පිපී සිරි පතුළ ඒ මත තැබූ බවත් බෞද්ධ ග්‍රන්ථවල සදහන් වේ.හින්දු දෙව් දූ ලක්ශ්මී නෙලුම් මල තම ආසනය කර ගනීහින්දූන්ගේ විෂ්ණු හා ලක්ෂ්මී රෝස නෙළුම් මත යෝදාගනිමින් නිර්මාණය කර ඇත. In the representation of Vishnu as Padmanabha (Lotus navel), a lotus issues from his navel with Brahma on it. Goddess Sarasvati is portrayed on a white-colored lotus.භාවිතයන්[සංස්කරණය]නෙලුම් අල අසියාතිකයන් විසින් ආහාරයට සූදානම් කර අති ආකාරය.මල්, බීජ, දළු, සහ "මුල්" සියලු කොටස් මෙහි ආහාරයට ගත හැකි වේ.ශ්‍රී ලංකාවේ, සිහින්ව කැපූ නෙළුම් අල පෙති පොල්කිරි සහ කුළු බඩු යොදා පිසගත් ව්‍යංජනය
(නෙළුම් අල ව්‍යංජනය ) ඉතා ජනප්‍රිය ව්‍යංජනයක් ලෙස භාවිතා කරනු ලබයි.නෙළුම් ශාකයේ විවිධ කොටස් අය්‍රර්වෙද වෛද්‍ය ක්‍රමය තුල විවිධ ඖෂධ සෑදීමට යොදා ගනී.බෞද්ධ හා හින්දු බැතිමතුන් නෙළුම් මල් බුදුන් වහන්සේට හා දෙවියන්ට පූජා කිරීමට යොදා ගනී.ගැලරිය[සංස්කරණය]රතු නෙලුම්සුදු නෙලුම් ශ්‍රී ලංකාවේ ඔයාමඩුව ප්‍රදේශයේ වැවක පිපී තිබියදී ඡායාරූප ගත කර ඇත.මෙම ලිපිය වනාහි Chikungunya ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි .ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.චිකුන්ගුන්යා යනු වෛරස් ආසාදනයකින් ඇතිවන රෝගයකි. චිකන්ගුන්යා වෛරසය ආබොවයිරසයකි. ඇල්ෆාවයිරස් යන ගණයට අයත්වේ. ඊඩිස් නම් මදුරු විශේෂය මගින් මිනිසා වෙත මෙම වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය වේ. මෑතක සිට චිකන්ගුන්යා රෝගය නිසා හදිසි ව්‍යවසනයක් ඇතිවී ඇති අතර මෙ මගින් මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. මෙහිදී ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ ඇතිවේ. මෙහිදී හන්දිපත්වල දීර්ඝ කාලයක
් කල්පවත්නා ලෙස වේදනාවක් හටගනී. රෝගයේ මුල් අවස්ථාවලදී හටගන්නා උණ දින දෙකේ සිට පහ දක්වා කල්පවතී. නමුත් උණත් සමග ඇතිවෙන හන්දිපත් වේදනාව සති ගණනක් හෝ මාස ගණනක් පැවතිය හැකිය. රෝග කාරකයන් ශරීරයට ඇතුළු වු අවස්ථාවේ සිට රෝග ලක්ෂණ ඇතිවීම සඳහා ගතවන කාලය (බිජෞෂණ සමය) දින දෙකක් හෝ හතරක් වේ. සෙල්සියස් අංශක 39 දක්වා වුවද ඇතිවිය හැකි උණ (පැරන්හයිට් අංශක 102.2) සිරුරේ කඳ කොටසෙහි හෝ ඇතැම් විට අත්පා වල ඇතිවන ලේ පැහැති පැල්ලම්, හන්දි කිහිපයක ඇතිවන හන්දිරුදාව හෝ හන්දියක් ආසාදනය වීම මෙහි රෝග ලක්ෂණ වේ. හිසරදය, ඇස්වල ඇතිවන රතුපැහැති බව සහ ආලෝකය දෙස බැලීමෙදී ඇස්වල ඇතිවන වේදනාව අනෙකුත් සුළු රෝග ලක්ෂණවේ. සාමාන්‍යයෙන් උණ දින දෙකක් පමණ කල්පවත්නා අතර ඉන්පසුව ක්ෂණිකවම සුව අතට පත්වේ. නමුත් හන්දිපත් කැක්කුම, තදබල හිසරදය, නින්ද නොයාම සහ සිරුරේ ඇතිවන අනිකුත් අපහසුතාවයන් දින පහක් හෝ හතක් වැනි කාලයක් පවතී. රෝගියාගේ වයස අනුව ඔහුගේ හෝ ඇයට හන්දිපත් රුදාව ඇතිවන කාල සීමාව විවිධ වේ. රෝගය ඇති වීමට හේතු සාධක[සංස්කරණය]චිකන්ගුන්යා වෛරසය සාමාන්‍යයෙන් අප්‍රිකාව හා ආසියාව යන නිවර්තන කලාපීය රටවල දක්නට ලැබේ. ඊඩ්ස් වර්ගයේ ආසාදි
ත මදුරුවෙකු දෂ්ඨ කිරීම මගින් මිනිසාට රෝගය බෝවෙයි. චිකන්ගුන්යා වසංගතය ව්‍යාප්ත වන්නේ මිනිසාගෙන් මදුරුවාට සහ නැවත මදුරුවාගෙන් මිනිසාට ලෙසට රෝගය ව්‍යාප්ත වීමෙනි. චිකන්ගුන්යා යන වචනය රෝගය ඇතිවීමේදී වන අධික හන්දිපත් වේදනාව නිසා රෝගීන් සිටින ඉරියව්ව විග්‍රහකරන අර්ථය ඇතිව ප්‍රාදේශිය සභාවකින් ඇතිවූවක් ලෙස සැලකේ. මැකොන්ඩේ (Malconde) භාෂාවට අනුව චිකන්ගුන්යා යනු “නැවීසිටීම” යන අරුත දෙන වචනයකි. මෙම වෛරසය ප්‍රධාන ලෙසටම වදුරන් තුළ දකින්ට ඇති අතර මිනිසා ඇතුළු අනෙකුත් ජිවීන් වර්ග වලද වෛරසය ගබඩා වී තිබිය හැකිය. රෝගය වලක්වා ගැනීම[සංස්කරණය]රෝගය වළක්වා ගැනීමේ කාර්යක්ෂම ක්‍රියාමාර්ගය වන්නේ ආසාදිත මදුරුවන් ගෙන් ආරක්ෂා වීමයි. ඩී.ඊ.ඊ.ටි, ඉකාරිඩීන්, පී.එම්.ඩී හෝ අයි. ආර් 3535 වැනි මදුරුවන් විකර්ෂණය කරන ද්‍රව්‍ය මේ සඳහා යොදා ගැනේ. මදුරුවන්ට දෂ්ඨ කළ නොහැකි ආකාරයට අත්දිග කමීස සහ කලිසම් ඇදීම මගින්ද ආරක්ෂාවිය හැකිය. මීට අමතරව කෘමිනාශක වර්ගයක් වන පයිරොක්සයිඩ ඇදුම් වලට යෙදීම මගින්ද මදුරුවන්ට විකර්ශනය කළ හැකිය. මදුරු දඟර වල භාවිතා වන වාෂ්පශීලී පයිරත්රොයිඩද මදුරුවන් පලවා හැරීමට උපකාරීවේ. මදුරුවන්ට ඇතුලුවීමට
නොහැකි වන ආකාරයට දොර ජනෙල් ආවරණය කර තැබීම කිරීමටද පුළුවන. නමුත් දිවාකාලයේදී ක්‍රියාකාරීව හැසිරෙන ඊඩ්ස් ඊජිප්ටයි හා ඊඩ්ස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙක දෂ්ඨ කරනුයේ නිවසින් පිටත එලිමහනේදී නිසා ඉහත සඳහන් කරන ලද ක්‍රියාමාර්ග නිසා ලැබෙන ප්‍රතිලාභය අවම වේ. නමුත් මෙම රෝග වාහක මදුරුවන් මර්ධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් වේ.තමා ජීවත්වන පරිසරයට අනුව හැඩගැසීම් අනුවර්තන නමින් හදුන්වයි.USS Winston S.Churchill, a US Navy Arleigh Burke-class destroyer.නාවික හමුදා භාවිතායේ දී Destroyer යාත්‍රාවක් යනු වේගවත්, පහසුවෙන් පාලනය කල හැකි දිගු යාත්‍රාවේ. මේවා විශාල නාවික බලගැනියක් හෝ කණ්ඩායමක් පිරිවරා ඉදිරියට යමින් ඒවා ඉදිරියෙන් එන කුඩා ලග, පරාසයක ඇති ප්‍රබල ප්‍රහාරකයන්ගෙන් ආරක්ෂා කරයි. ටෝපිඩෝ (torped) බෝට්ටු, සබ්මැරින් , ගුවන් යානා)දෙවන ලෝක යුද්ධයට පෙර Destroyer යාත්‍රා මැදිව සන්නද්ධ වු දිගු කාලීන පවැත්මකට නොසැදු මුහුදු මෙහෙයුම් වල යොදොන යාත්‍රාවකි. මේවයේ නඩත්තු වැඩ කටයුතු සදහා Destroyer tender යත්‍රාවක් හා Destroyer යාත්‍රා කිහිපයක් එක්ව මෙයුම් කණ්ඩායමක් ලෙස කළේය. යුද්ධය කාලයේදි තනිව ක්‍රියාකල
හකි ප්‍රබල Destroyer යාත්‍රා නිපදවිය. මේවා 1950-60 වන විට Cruisers ලෙස නිපදිවය Cursers යනු Destroyer යාත්‍රාවකට වඩා විශාල යුධ නැවක වඩා කුඩා යාත්‍රා වර්ගයකි.21 සියවසේ ආරම්භයේ මුහුදේ සාමාන්‍ය මෙහෙයුම් වල යෙදෙන ප්‍රබල යාත්‍රාව Destroyer විය. ජාතින් 4 (ඇමරිකාව, රැසියාව, ප්‍රංශය හා ජර්මනිය) පමණක් Cursers හා මෙයෙයුම් වල නොමැති යුධ නැව් භාවිතා කලේය. වත්මන් Destroyer යනු Gurted Missile Destroyer නමින් හදුන්වයි. දෙවන ලෝක යුද්ධ කාලයේදි නෞකා ප්‍රමාණයට වුවත් ආයුධ වල ප්‍රබලතාවයෙන් ඉතා වැඩිය. මෙම යාත්‍රා වලට න්‍යෂ්ටික මිසයිල (Nuclear Missile) රැගෙන යාමේ හැකියාව ඇත. මෙම මිසයිල භාවිතයෙන් නගරයක් පවා විනාශ කල හැක.සටහන්[සංස්කරණය]|Destroyer|-මිත්‍ර සිරිවර්ධනඋපතශ්‍රී ලංකාවජාතිකත්වය ශ්‍රී ලාංකිකඅධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹසංගණ්‍ය වන්නේජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිආගමබෞද්ධජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති මිත්‍ර සිරිවර්ධන (ඉංග්‍රීසි: Mithra Siriwardena) යනු ශ්‍රී ලංකා පොලීසියයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි. මිත්‍ර සිරිවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මිත්‍ර 28 වන ආනන්
ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දය වෙනුවෙන් ක්‍රීඩා කල අතර ගාමිණී ජයවික්‍රම පෙරේරා, ප්‍රේමසර ඈපාසිංහ ඔහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන් විය.ආශ්‍රිත[සංස්කරණය]සහකාර උප පොලීස්පති (විශ්‍රාම) මිත්‍ර සිරිවර්ධනයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුවකොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්28 වන ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයහතරවන විජයබාහු රජදඹදෙනිය රාජධානියේ රජ රාජ්‍ය සමය1269-1270පූර්වප්‍රාප්තිකයාදෙවන පරාක්‍රමබාහු රජඅනුප්‍රාප්තිකයාපළමු බුවනෙකබාහු රජමරණය1270 ඔක්තොම්බර් දඹදෙනියදරුවන්තෙවන පරාක්‍රමබාහු රජවංශයසිරි සඟ බෝ රාජ වංශයපියාදෙවන පරාක්‍රමබාහු රජක්‍රිස්තු වර්ෂ 1270 දි දෙවන පරාක්‍රමබාහු රජතුමාගෙ මරණයෙන් පසු දඹදෙනිය අග නගරය කරගෙන රාජ්‍යත්වයට පත් වුනේ ඔහුගේ වැඩිමහළු පුත් විජයබාහු කුමාරයා ය. හතරවන විජයබාහු නමින් ප්‍රකට වූ මෙතුමා බෝසත් විජයබාහු නමින් ද හැඳින්වින. එහෙත් මෙම රජතුමාට බලයේ සිටිය හැකි වුනේ දෙවසරක් පමණි. මිත්ත නම් සෙන්පතියෙක් ක්‍රිස්තු වර්ෂ 1272 දී රජ ගෙදර මෙහෙකරුවෙකුට අල්ලස් දී රජු මරා දමා තෙමේ රජ විය. මිත්ත සෙන්පතියාට සිහසුනට උරුමයක් නොවූ අතර වැටුප් ප්‍රසාද
දී හමුදාපතීන් පක්ෂ කරවාගෙන තමන්ට තර්ජනයක් විය හැකි බෝසත් විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු ආදිපාදයන් මැරවීමට චරපුරුෂයන් යෙදවීය. මෙකල රාජ සේවයේ සිටි විදේශීය හමුදාංකයේ සිටි ආර්ය භටයන් මිත්තට අවනත නොවුණු අතර ඔවුන්ගේ නායක ඨකුරක සෙන්පතියා මිත්තව මරා දමා තමා එය සිදුකලේ සිහසුනට උරුමකම් කියන බුවනෙකබාහු ආදිපාදගේ උපදෙස් පරිදි බව සිංහල සෙන්පතියන්ට පැහැදිලි කර ඔවුන්ද පක්ෂ කොටගෙන බුවනෙකබාහු ආදිපාදයන් කැඳවා රජ කරවීය. බුවනෙකබාහු කුමරා පළමු බුවනෙකබාහු රජ නමින් දඹදෙනිය අග නගරය කරගෙන රජ විය. ඒත් ටික කලෙකින් පළමු බුවනෙකබාහු රජතුමා තම අග නගරය වශයෙන් යාපහුව තෝරා ගත්තේය.සබැඳි පිටු[සංස්කරණය]සිංහලේ රාජාවලියහතරවන විජයබාහු රජ උපත: 1269 මරණය: 1270රාජ පදවි නාමයන්පූර්වප්‍රාප්තිකයාදෙවන පරාක්‍රමබාහු රජදඹදෙණියේ රජ1269–1270අනුප්‍රාප්තිකයා පළමු බුවනෙකබාහු රජvteසිරි සඟබෝ රාජ වංශය(1220-1597)දඹදෙණිය රාජධානිය(1220–1345)තෙවන විජයබාහු (1220–1224)දෙවන පරාක්‍රමබාහු (1234–1269)හතරවන විජයබාහු (1267/8–1270)පළමු බුවනෙකබාහු (1271–1283)අරාජික සමය (1283–1302)තෙවන පරාක්‍රමබාහු (1302–1310)දෙවන බුවනෙකබාහු (1
310–1325/6)හතරවන පරාක්‍රමබාහු (1325/6–1325/6)තෙවන බුවනෙකබාහු (1325/6–1325/6)පස්වන විජයබාහු (1325/6–1344/5)ගම්පොළ රාජධානිය(1345–1412)හතරවන බුවනෙකබාහු (1344/5-1353/4)පස්වන පරාක්‍රමබාහු (1344/5-1359)තෙවන වික්‍රමබාහු (1357-1374)පස්වන බුවනෙකබාහු (1372/3-1391/2)දෙවන වීර බාහු (1391/2-1397)වීර බාහුගේ පළමු පුතු (1397)වීර බාහුගේ දෙවන පුතු (1397)වීර අලකේශ්වර (1397-1409)පරාක්‍රමබාහු ඈපා (1409-1412)කෝට්ටේ රාජධානිය(1412–1597)හයවන පරාක්‍රමබාහු (1412-1467)දෙවන ජයබාහු (1467-1472)හයවන බුවනෙකබාහු (1472-1480)හත්වන පරාක්‍රමබාහු (1480-1484)අටවන පරාක්‍රමබාහු (1484-1518)නවවන ධර්ම පරාක්‍රමබාහු (1509-1528)සත්වන විජයබාහු (1509-1521)හත්වන බුවනෙකබාහු (1521-1551)දොන් ජුවන් ධර්මපාල (1551-1597)සීතාවක රාජධානිය(1521–1593)මායාදුන්නේ (1521-1581)පළමුවන රාජසිංහ (1581-1593)සෙංකඩගල රාජධානිය(1473-1592)සේනාසම්මත වික්‍රමබාහු (1473–1511)ජයවීර අස්ථාන (1511–1551)කරලියද්දේ බණ්ඩාර (1551–1581)දෝන කැතරිනා (1581–1581)පළමුවන රාජසිංහ (1581–1591)සෙංකඩගල පාලකයින් ප්‍රාදේශීය පාලකයින් පමණි.මාධ්‍ය මගින් ප්
‍රහාරයත් සමග ඉදිරිපත්කල මතය වුයේ එම ප්‍රහාරය සමග ETA සංවිධානය බැදි ඇති බවත්ය. එම ප්‍රකාශය ආණුඩුවේ නිළධාරින් විසින් සනාථ කරන ලදී. එමෙන් ම ස්පාඥ්ඥ මැතිවරණයට දින 03කට පෙර එල්ල වු ප්‍රහාරය දේශපාලණික දෘෂ්ටි කෝණයන්ගෙන් විග්‍රහා කිරිමත් සිදුවිය. මෙම සමුල ඝාතනය සිදුවුයේ ඇමරිකාවට එල්ල වු 9/11 ප්‍රහාරය වසර 2/1/2 කට පසුව යි.මැඩිරිඩි හි ප්‍රහාරයෙන් පසුව නිකුත්කරන ලද නිල ප්‍රකාශ අතර සදහන් වු එක් විශේෂ කරැණක් වුයේ ලෙහෙන්ඩකරි ජ්‍රවාන් ජෝසේ ඉබරෙක්ස් නම් ETA සංවිධානයට සම්බන්ධ පුද්ගලයා ප්‍රධාන සැකකරැ වන බවයි. එහෙත් ප්‍රහාරයක් සිදු කලේ නම් එම වගකීම ඒ වන තෙක් භාරගත් ETA සංවිධානය මෙම ප්‍රකාශය ප්‍රතික්සේප කරන ලදී. පසුව හෙළිදරවු වු සාක්ෂි වලට අනුව එම ප්‍රහාරයට වගකිව යුතු වුයේ අන්තවාදී ඉස්ලාමීය සංවිධානයක් වන අතර එය විමර්ශන කටයුතු වල පහසුව තකා මොරොක්කෝ ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම ලෙස හැදින්වේ. ETA සංවිධානය සතුව බෝම්බ ප්‍රහාර පිළිබදව ඉතිහාසයක් ඇති නමුත් මාර්තු 11 වන දා ප්‍රහාරය ඊට ප්‍රථම කිසිම යුරෝපීය ත්‍රස්ත සංවිධානයකින් කළ ප්‍රහාරයකට වඩා ඉදිරියෙන් සිටි . මේ නිසා බොහෝ පිරිස් උපකල්පනය කරන ලද්දේ ප්‍රහාරය ඉස
්ලාමීය මිලිටරි අන්තවාදී කණ්ඩායමක් විසින් අල්කයිඩා ත්‍රස්තවාදීන්ගේ සහය මත දියත්කරන ලද්දක් ලෙසයි. නිරික්ෂකයන් දක්වන්නේ ETA වැනි ත්‍රස්තවාදී කණ්ඩායමක් අල් කයිඩා සංවිධානය අනුගමනය කරමින් දියත් කරන ලද්දක් ලෙසයි. නිරික්ෂකයන් දක්වන්නේ ETA විසින්න බෝම්බ ප්‍රහාරයට පෙර කිසිම අනතුරැ ඇගවීමක් සිදු නොවු බවත්ය. " ඉයුරෝපෝල්" අධ්‍යක්ෂක ජර්ගන් ස්ටෝර්බෙක් අදහස් දක්වන්නේ" මෙම බෝම්බ පිපිරිම ETA සංවිධානය විසින් සිදු කර ඇති බවත් ................. නමුත් මේ දක්වා ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ පිළිවෙල ‍මෙහි දී දක්නට නොලැබෙන" බවත් ය.වින්ඩෝස් ගගනගොනුව:Aero Example.pngකවුළු රැළි තිර වැනි "කැඩපත", වින්ඩෝස් ගගනෙහි විශිෂ්ට ලක්ෂණය.සංවර්ධක(යෝ)මයික්‍රෝසොෆ්ට්මෙහෙයුම් පද්ධතියවින්ඩෝස් විස්ටා, වින්ඩෝස් 7වර්ගයක්ෂුද්‍ර පරිගණක වටපිටාවබලපත්‍රයEULAවෙබ් අඩවියවින්ඩෝස් 7 ගගනෙහි ලක්ෂණ පිටුවවින්ඩෝස් ගගන යනු ග්‍රාපිකරූපී පරිශීලක අතුරු මුහුණතක් වන අතර වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 වැනි මෙහෙයුම් පද්ධතිවල ඇති බොහෝ සංස්කරණවල පොදුවේ භාවිතවන තේමාව (theme) කි.ඉතිහාසය[සංස්කරණය]වින්ඩෝස් 7[සංස්කරණය]පරිශීලක අතුරු මුහුණත[සංස්කරණය
]ගගන විජ්ජාකරු[සංස්කරණය]දැනුම්දීම්[සංස්කරණය]අකුරු[සංස්කරණය]වාක්‍යාංශ විලාසය[සංස්කරණය]ගගන පණගැන්වීම[සංස්කරණය]අවශ්‍යතා[සංස්කරණය]මේවාද බලන්න[සංස්කරණය]වින්ඩෝස් 7 වල අලුත් ලක්ෂණවින්ඩෝස් 7 හී ප්‍රවර්ධනයවින්ඩෝස් විස්ටා වල අලුත් ලක්ෂණවින්ඩෝස් විස්ටා හී ප්‍රවර්ධනයක්ෂුද්‍ර පරිගණක කවුළු කළමනාකරුවින්ඩෝස් විස්ටා දෘඩාංග අවශ්‍යතාසංයුති කවුළු කළමනාකරුමානවේද නිර්මාණ භාෂාවවිමර්ශණ[සංස්කරණය]බාහිර සැබැදි[සංස්කරණය]වින්ඩෝස් විස්ටා ගගන පරිශීලක අත්දැකීම64 MB RAM supports Aero with up to 1,310,720 total pixels (1280 × 1024) but is not Premium ReadyMicrosoft warns 64-bit Windows 7 users to disable Aero සංරක්ෂණය කළ පිටපත 2010-08-25 at the Wayback Machine, Microsoft has informed users of Windows 7 64 bit to disable the Aero theme to prevent an attack from hackers.Microsoft Security Advisory (2028859), Vulnerability in Canonical Display Driver Could Allow Remote Code Executionvteමයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සංරචකමධ්‍යActive Scripting (WSH · VBScript · JScript) · ගගන · AutoPlay · AutoRun · ClearTyp
e · COM (ActiveX · ActiveX Document · COM Structured storage · DCOM · OLE · OLE Automation · Transaction Server) · Desktop Window Manager · DirectX · එක්ස්ප්ලෝරර් · Graphics Device Interface · Imaging Format · ඩොට්නෙට් ෆ්‍රේම්ව'ක්ස් · Search (IFilter · Saved search) · Server Message Block · Shell (විස්තීර්ණ · File associations · Namespace · Special Folders) · ආරම්භක මෙනුව · Previous Versions · Taskbar · Windows USER · Win32 console · XML Paper Specificationකළමනාකරණමෙවලම්බැකප් ඇන්ඩ් රෙස්ටෝ · cmd.exe · Control Panel (Applets) · Device Manager · ඩිස්ක් ක්ලීන්අප් · Disk Defragmenter · ඩ්‍රයිවර් වෙරිෆයර් · Event Viewer · IEAK · IExpress · Management Console · Netsh · Problem Reports and Solutions · Resource Monitor · ‎Sysprep · System Policy Editor · System Configuration · ටාස්ක් මැනේජර් · System File Checker · System Restore · WMI · වින්ඩෝස් ඉන්ස්ටෝලර් · Windows PowerShell · වින්ඩෝස් නවීකරණය · WAIK · WinSAT · Windows Easy Transferවැඩසටහන්ගණකය · කැරක්ට මැප් · Contacts · ඩීවීඩී මේකර් · Fax
and Scan · ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් · Journal · Magnifier · Media Center · මාධ්‍ය වාදකය · Mobile Device Center · Mobility Center · Narrator · නෝට්පෑඩ් · Paint · වින්ඩෝස් ෆොටෝ විවර් · Private Character Editor · Remote Assistance · Windows Desktop Gadgets · Snipping Tool · සවුන්ඩ් රෙකෝඩර් · Speech Recognition · Tablet PC Input Panel · වර්ඩ්පෑඩ්ක්‍රීඩා3D Pinball for Windows: Space Cadet · Chess Titans · FreeCell · Hearts · Hover! · Inkball · Mahjong Titans · Minesweeper · Purble Place · Solitaire · Spider Solitaireකර්නලNtoskrnl.exe · hal.dll · සිස්ටම් ඉඩ්ල් ප්‍රොසෙස් · Registry · DLL · EXE · NTLDR / Boot Manager · Winlogon · Recovery Console · I/O · WinRE · WinPE · Kernel Patch ProtectionසේවාSCM · BITS · Task Scheduler · Wireless Zero Configuration · Shadow Copy · Error Reporting · Multimedia Class Scheduler · CLFSගොනු පද්ධතිNTFS (Hard link · Junction point · Mount Point · Reparse point · Symbolic link · TxF · EFS) · WinFS · FAT (FAT12 · FAT16 · FAT32) · exFAT · CDFS · UDF · DFS · IFS
සර්වර්Domains · Active Directory · DNS · Group Policy · Roaming user profiles · Folder redirection · Distributed Transaction Coordinator · MSMQ · Windows Media Services · Rights Management Services · IIS · Terminal Services · WSUS · Windows SharePoint Services · Network Access Protection · PWS · DFS Replication · Remote Differential Compression · Print Services for UNIX · Remote Installation Services · Windows Deployment Services · System Resource Manager · Hyper-Vනිර්මාණ ශිල්පයNT series architecture · Object Manager · Startup process (Vista/7) · I/O request packet · Kernel Transaction Manager · Logical Disk Manager · Security Accounts Manager · Windows File Protection / Windows Resource Protection · Windows library files · LSASS · CSRSS · SMSS · MinWinආරක්ෂණAction Center · බිට්ලොකර් · ඩිෆෙන්ඩර් · Data Execution Prevention · Mandatory Integrity Control · Protected Media Path · User Account Control · User Interface Privilege Isolation · වින්ඩෝස් ෆයර්වෝල්අනුකූලතාcommand.com ·
Interix · Unix subsystem (Microsoft POSIX) · Virtual DOS machine · Windows on Windows · Windows XP Mode · WoW64නූතන වෙදනලාවවෙදනලාව යනු (EN=Stethoscope) ධ්වනික වෛද්‍ය උපකරණයක්වන අතර එය මිනිසුන්ගේ හෝ සත්වයන්ගේ සිරුර අභ්‍යන්තරයෙහි ඇති වන්න‍ා වූ නොයෙකුත් ශබ්දයන් ශ්‍රවණය කිරීම සදහා භාවිතා කරනු ලබයි. මෙය බොහෝ අවස්ථාවල දී හෘද ස්පන්දනයේ දී ඇති වන ශබ්ද සහ ශ්වසනයේදී ඇතිවන ශබ්ද ශ්‍රවණය කිරීම සදහා භාවිතා කරනු ලබයි. තවද එය බඩවැල්වල ඇතිවන ශබ්ද සහ ධමනි හා ශිරා තුළින් රුධිරය ගමන් කිරීමේදී ඇති වන ශබ්ද ශ්‍රවණය සදහා ද යොදා ගනී. දුලබ වශයෙන් භාවිතාවන කාර්මික වෙදනලාවක් මගින් ‍යන්ත්‍රෝපකරණවල අභ්‍යන්තරයෙහි ඇතිවන ශබ්ද ශ්‍රවණය සදහා භාවිතා කරනු ලබයි. උදාහරණ - අභ්‍යන්තර කොටස්වලින් නිකුත් කරන ශබ්දවලට සවන් දීමෙන් නිසි පරිදි ක්‍රියාත්මක නොවන එන්ජිමක් හදුනාගත හැකිය. එය විද්‍යාත්මක අවශ්‍යතාවයන් සදහා රික්තකයන් තුළ කාන්දුවීම් පරීක්ෂා කිරීම සදහා ද යොදා ගනී. වෙදනලා වර්ග[සංස්කරණය]ධ්වනික වෙදනලා[සංස්කරණය]ධ්වනික වෙදනලාවක්මේවා බොහෝ පුද්ගලයන් සදහා වඩාත් සුපුරුදු වන අතර පපුව මත තබන ලද වෙදනලාවෙහි කොටස මගින් හදුන
ාගන්නා ශබ්දය වාතය පිරුණු නල ඔස්සේ ගමන් කර අවසානයේදී ශ්‍රවණය කරන්නාගේ කණ දක්වා ගමන් කරනු ලබයි. වෙදනලාවෙහි පපුව මත තබන කොටස පැති දෙකකින් යුතු වන අතර එය විවිධ වූ ශබ්ද සංවේදනය සදහා රෝගියා මත තබනු ලබයි. එය ප්‍රාචීරයකින් සහ සීනුවක් වැනි කොටසකින් සමන්විත වේ. (Diaphragm and Bell) මෙම ප්‍රාචීරය වැනි ‍කොටස රෝගියා මත තැබුව ‍හොත් සිරුරෙන් නිකුත්වන ශබ්ද මගින් ප්‍රාචීරය කම්පනය වී ධ්වනික පීඩන තරංග නල හරහා ගමන් කොට ශ්‍රවණය කරන්නා‍ගේ කණ වෙත ලගාවේ. සීනුව වැනි කොටස රෝගියා මත තැබු වහොත් නිකුත්වන ශබ්ද තරංග මගින් සමෙහි ඇතිවන කම්පනයන් මගින් සෘජුවම ධ්වනික පීඩන තරංග ශ්‍රවණය කරන්න‍ාගේ කණ වෙතට ගමන් කරයි. සීනුව වැනි කොටස මගින් අඩු සංඛ්‍යාත තරංග පරිවහණය කරන අතර ප්‍රාචීරය මගින් අධි සංඛ්‍යාත තරංග පරිවහණය කරනු ලබයි. මෙම පැති දෙකකින් සමන්විත වෙද නලාව සොයා ගනු ලැබුයේ 20 වන ශතවර්ෂයේ මුල් අවධිවල දී විසූ Rappaport සහ Sprague විසිනි. ධ්වනික වෙදනලාවන් මගින් ඇති කරන ලද එක් ගැටළුවක් වූයේ ඇති වූ ශබ්දවල මට්ටම අතිශය කුඩාවීමයි. මෙම අසීරු අවස්ථාවන් 1999 දී ස්ථරීභූත අඛණ්ඩ අභ්‍යන්තර කුහරයක් සහිත වෙදනලාවක් සහ 2002 දී චාලක ධ්වනික ක්‍ර
ියාවලියක් සහිත වෙදනලාවක් නිෂ්පාදනය මගින් ජයග්‍රහණය කරන ලදී. ධ්වනික වෙදනලාවන් බහුලවම භාවිතා කෙරේ. ඉලෙක්ට්‍රොනික වෙදනලා[සංස්කරණය]ඉලෙක්ට්‍රොනික වෙදනලාවන් මගින් සිරුරෙන් නිකුත්වන ශබ්දයන් ඉලෙක්ට්‍රොනික ක්‍රමෝපායන් භාවිතා කර ගැනීම මගින් වර්ධනය කරනු ලබයි. මෙමගින් අඩු ශබ්ද මට්ටම් ද නිසි පරිදි ශ්‍රවණය කිරීමට හැකියාව ලැබී ඇත. කෙසේ නමුත් ඉලෙක්ට්‍රොනික වෙදනලාවලින් මෙලෙස ශබ්දය වර්ධනය කර ගැනීමේ ක්‍රමෝපායන් භාවිතා කර ගැනීමේදී ඇතැම් අවස්තාවල දී යම් යම් දෝෂ ඇති වූ අතර ඇතැම් ශබ්ද මට්ටම් ඉවත් කරනු ලැබීමක් සිදුකරනු ලබයි. මෙමගින් මධ්‍යම පරාසයේ ශබ්ද වර්ධනය කරන අතර උච්ච සහ අඩු සංඛ්‍යාත පරාසයන් සහිත ශබ්ද දුර්වල කිරීමක් මගින් ඉලෙක්ට්‍රොනික වෙද නලාවල සමස්ත ක්‍රියාකාරිත්වය සීමා කරනු ලබයි. මේවන විට බොහොමයක් වූ සමාගම් මගින් ඉලෙක්ට්‍රොනික වෙදනලාවන් නිෂ්පාදනය කරනු ලබන නිසා කෙටිකාලය් තුළදී ඉලෙක්ට්‍රොනික වෙදනලාවන් මගින් ධ්වනික වෙදනලාවන්වල පැවැත්මට අවදානමක් එල්ලකරනු ඇතැයි බලාපොරොත්තු වේ. ඉලෙක්ට්‍රොනික වෙදනලාවන්වල දී සිරුරෙන් නිකුත් කරන ධ්වනික ශබ්දයන් ප්‍රශස්ත මට්ටමින් ශ්‍රවණය කළ හැකි ඉලෙක්ට්‍රොනික සංඥා බවට වර්ධනය
කොට සකස් කරනු ලබයි. එකම භෞතික විද්‍යාවක් මත පදනම්ව නිෂ්පාදනය කර ඇති ධ්වනික වෙදනලාවන් මෙන් නොව ඉලෙක්ට්‍රොනික වෙදනලාවන්හි පාරනායකයන් පුළුල් වශයෙන් විවිධ වේ. ශබ්ද ග්‍රහණය කර ගැනීම සදහා බාවිතා කළ හැකි සරලතම සහ අවම ඵලදායි ක්‍රමය වනුයේ පපුව මත තබන කොටසෙහි මයික්‍රෝෆෝනයක් සවිකිරීමයි. මෙම ක්‍රමෝපාය මගින් විවිධාකාර ශබ්දයන් නිසා බාදාවන් ඇතිවන අතර එය පසු කාලීනව භාවිතයෙන් ඉවත් කරන ලදී. Welch – Allyn’s Meditron නම් වෙදනලාවෙහි භාවිතා කරන ලද වෙනත් ක්‍රමයක් නම් ලෝහ දණ්ඩෙහි හිසෙහි පීඩ විද්‍යුත් ස්ඵටිකයක් තැන්පත් කිරීම සහ කදෙහි පතුළ ප්‍රාචීරය සමග ස්පර්ශ වන පරිදි පවත්වා ගැනීමයි. 3M හිද ඝන රබර්වැනි ප්‍රාචීරය පිටුපස තබන ලද පීඩ විද්‍යුත් ස්ඵටිකයක් භාවිතා කරයි. ක්ලයිව් ස්මිත් විසින් ධාරිත්‍රක සංවේදකයක් සෑදීම සදහා විද්‍යුතයෙන් සන්නයනය වන අභ්‍යන්තර පෘෂ්ඨයක් සහිත ප්‍රාචීරයක් අන්තර්ගත වෙද නලාවක් භාවිතා කරයි. මෙම ප්‍රාචීරය මගින් ධ්වනික වෙදනලාවෙහි ක්‍රියාකාරිත්වයේ දී සිදුවන වායු පීඩනයෙහි වෙනස්වීම් විද්‍යුත් ක්ෂේත්‍රයක් මගින් ප්‍රතිස්ථාපනය කර ඇති අතර ධ්වනික වෙදනලාවක මෙන් ප්‍රාචීරය ශබ්ද තරංගවලට ප්‍රතිචාර දක්වයි. මෙමග
ින් ධ්වනික වෙදනලාවෙහි ඇතිවන ශබ්ද තරංගයන් වර්ධනය කරනු ලබයි. ඉ‍ලෙක්ට්‍රොනික වෙදනලාවෙහි ශබ්දයන් ඉලෙක්ට්‍රෝනිකව පරිවහණය කරන බැවින් එය වයර් රහිත උපකරණයක් විය හැකි අතර එය දත්ත පටිගත කරන උපකරණයක් ලෙස ද ඇති කරන ශබ්ද අඩුකරගත හැකි උපකරණයක් ලෙස ද භාවිතා කළ හැකිය. තවද ඇතිවන සංඥා වර්ධනය සහ ඒවා ශ්‍රව්‍ය හා දෘෂ්‍ය ප්‍රතිඵලයන් ලෙසට ලබාගැනීම ද සිදුකළ හැකිය. 2001 වසරේදී වෙදනලාවන් නිෂ්පාදනය කරන පුද්ගලයන් විසින් හෘද හා ශ්වසන ශබ්ද ප්‍රස්තාරික නිරූපණයක් වන පරිදි සහ ඒ හා සම්බන්ධ ඇල්ගෝරිතමයක් මගින් විස්තර කළ හැකි පරිදි මෘදුකාංගයක් හදුන්වා දෙන ලදී. මෙම සියළුම ලක්ෂණයන් එම ශබ්ද පිළිබදව ශිෂ්‍යයන් හට ඉගැන්වීමේ දී උපකාරී වුණි. ශබ්ද ලඝුකරණය[සංස්කරණය]වඩා මෑතක දී ඇතැම් ඉලෙක්ට්‍රොනික වෙද නලාවල්වල හාත්පස පවතින ශබ්දයන් පෙරීමකට ලක් කළ හැකි ක්‍රමෝපායන් භාවිතා‍ වේ. 3M’s Littmann 3000 සහ Thinklabs ds32a යන වෙදනලාවල ද හාත්පස ශබ්දයන් පලවා හැරීම සදහා ඉහත කී ක්‍රමෝපායන් භාවිතා වේ. ධ්වනික වෙද නලාවල මෙලෙස හාත්පස ශබ්ද පෙරනයට ලක් කරන ක්‍රමෝපායන් අන්තර්ගත වන්නේ DRG බාහිර ශබ්ද ලඝුකරණ ආකෘති සහ Magna Fortis ධ්වනික ශබ්ද අවලංගු කිරී
මේ වෙදනලා ආකෘති වලය. පටිගත කරන වෙදනලා[සංස්කරණය]ඇතැම් ඉලෙක්ට්‍රෝනික වෙදනලාවලට සෘජුවම ශ්‍රව්‍ය ප්‍රතිදානයක් ලබාදිය හැකි අතර ඒවා බාහිර පටිගත කිරීමේ උපකරණ වන ලැප්ටොප් පරිගණක හෝ MP3 පටිගත කිරීමේ යන්ත්‍ර මගින් පටිගත කළ හැකිය. මෙම සම්බන්ධතාවයම මින් පෙර පටිගත කරන ලද ශබ්දයන් හෙඩ්ෆෝන් භාවිතා කරමින් ශ්‍රවණය කිරීමෙන් ඒවා සවිස්තරාත්මකවම පරියේෂණවල දී අධ්‍යයනය කළ හැකි අතර අදාල රෝගියාගෙ‍් තත්ත්වය පිළිබදව වෙනත් රටක හෝ වෙනත් දුරින් පිහිටි රෝහලක සිටින විශේෂඥ වෛද්‍යවරයෙකුට ඒවා ශ්‍රවණය කිරීම මගින් නිර්ණයකට එළඹිය හැකිය. මෙය Telemedicine නම් වේ. කළලයන් හි ශබ්ද ශ්‍රවණය කිරීම සදහා බාවිතා කරන වෙද නලා[සංස්කරණය]මෙය ට්‍රම්පටයක් වැනි හැඩයක් සහිත ධ්වනික වෙද නලාවකි. එය ගර්භණී කාන්තාවකගේ උදරය මත තබා කළලයෙහි හෘද ශබ්ද ශ්‍රවණය කරනු ලබයි. මෙම වෙද නලාව එය සොයා ගත් ප්‍රංශ ජාතික ප්‍රසව වේදියෙකු වූ ඇඩෝල්ෆ් පිනාඩ් (1844 – 1934) ගේ නමින් පිනාඩ් වෙද නලාව හෝ පිනාඩ් ලෙස හදුන්වනු ලබයි.මහනුවර ආදර්ශ පාසැල (Kandy Model School), මෙම පාසල පිහිටා ඇත්තේ ශ්‍රි ලංකවේ,මධයම පලාතේ,මහනුවර දිස්ත්‍රික්කයේය.බාහිර සබැඳි[සංස්කරණය]www
.Kms.sch.lk සංරක්ෂණය කළ පිටපත 2011-08-23 at the Wayback Machineමෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.vteශිලා යුගය ද කොටස් 5 වශයෙන් දැක්විය හැක.ඒනම්...1.පූර්ව ශිලා යුගය2.මධ්‍ය ශිලා යුගය3.නව ශිලා යුගය4.පූර්ව ඒෙතිහාසික යුගය5.ඒෙතිහාසික යුගය වශයෙනි.තුන්වන විජයබාහු රජදඹදෙනිය රාජධානියේ රජ රාජ්‍ය සමය1220- 1224පූර්වප්‍රාප්තිකයාරාජධානිය පිහිටුවීමඅනුප්‍රාප්තිකයාදෙවන පරාක්‍රමබාහු රජදරුවන්දෙවන පරාක්‍රමබාහු රජවංශයසිරි සඟ බෝ රාජ වංශයආගමථේරවාද බුදු දහමප්‍රාදේශීය නායකයෙක් ලෙස නැඟී ආ තුන්වන විජයබාහු ක්‍රිස්තු වර්ෂ 1232 දී දඹදෙනිය අග නගරය බවට පත් කරගෙන රාජ්‍යත්වයට පත්වු බෝධි වංශික කුමරෙක් විය. මායා රට එක්සත් කොට එහි දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට තුන්වන විජයබාහු රජුට හැකි විය. සමකාලීන මූලාශ්‍රවල තුන්වන විජයබාහු රජතුමාව හඳුන්වා ඇත්තේ වන්නි රජු හෙවත් වන්නි නිරිඳු යනුවෙනි. මාඝගේ ආක්‍රමණය නිසා කොත්මලේට ගෙන ගොස් පොළොවෙහි නිදන් කර තිබූ බුදුන් වහන්සේ ගේ දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව වැඩමවා ගෙන අවුත් කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල පර්වත
ය මුදුනේ දළදා මාලිගාවක් ඉඳි කර එහි තැන්පත් කර වූ බව පූජාවලිය නම් වූ ග්‍රන්ථයේ සඳහන් වේ.දළදා වහන්සේ ලබා ගැනීම සිංහාසනයට ඇති උරුමය තහවුරු කරන්නක් විය.තුන්වන විජයබාහු රජුගේ සේවාවන්[සංස්කරණය]• බෙලිගල දළදා මාලිගය කරවීම• රැකවරණය පතා විදේශ ගත වූ භික්ෂූන් වහන්සේලා ආපසු ගෙන්වා ගැනීම• දඹදෙනියේ විජයසුන්දරාරාමය නමින් විහාරයක් ඉඳි කරවීම• උපසම්පදා මංගල්‍යය යළි පවත්වා සංඝ සංශෝධනයක් කරවීම• කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කරවීම• පැරණි බෞද්ධ පොත්පත් නැවත ලියවීම• වත්තල විජයබාහු විහාරය කරවීමතුන්වන විජයබාහු රජුගේ වසර හතරක රාජ්‍ය කාලයෙන් පසු ක්‍රිස්තු වර්ෂ 1236 දී දඹදෙනි රාජධානියේ බලයට පත් වන්නේ තුන්වන විජයබාහු රජුගේ වැඩිමහල් පුත් දෙවන පරාක්‍රමබාහු රජතුමා ය.සබැඳි පිටු[සංස්කරණය]සිංහලේ රාජාවලියvteසිරි සඟබෝ රාජ වංශය(1220-1597)දඹදෙණිය රාජධානිය(1220–1345)තෙවන විජයබාහු (1220–1224)දෙවන පරාක්‍රමබාහු (1234–1269)හතරවන විජයබාහු (1267/8–1270)පළමු බුවනෙකබාහු (1271–1283)අරාජික සමය (1283–1302)තෙවන පරාක්‍රමබාහු (1302–1310)දෙවන බුවනෙකබාහු (1310–1325/6)හතරවන පරාක්‍රමබාහු (1325/6–1325/6)තෙවන බුවනෙකබාහ
ු (1325/6–1325/6)පස්වන විජයබාහු (1325/6–1344/5)ගම්පොළ රාජධානිය(1345–1412)හතරවන බුවනෙකබාහු (1344/5-1353/4)පස්වන පරාක්‍රමබාහු (1344/5-1359)තෙවන වික්‍රමබාහු (1357-1374)පස්වන බුවනෙකබාහු (1372/3-1391/2)දෙවන වීර බාහු (1391/2-1397)වීර බාහුගේ පළමු පුතු (1397)වීර බාහුගේ දෙවන පුතු (1397)වීර අලකේශ්වර (1397-1409)පරාක්‍රමබාහු ඈපා (1409-1412)කෝට්ටේ රාජධානිය(1412–1597)හයවන පරාක්‍රමබාහු (1412-1467)දෙවන ජයබාහු (1467-1472)හයවන බුවනෙකබාහු (1472-1480)හත්වන පරාක්‍රමබාහු (1480-1484)අටවන පරාක්‍රමබාහු (1484-1518)නවවන ධර්ම පරාක්‍රමබාහු (1509-1528)සත්වන විජයබාහු (1509-1521)හත්වන බුවනෙකබාහු (1521-1551)දොන් ජුවන් ධර්මපාල (1551-1597)සීතාවක රාජධානිය(1521–1593)මායාදුන්නේ (1521-1581)පළමුවන රාජසිංහ (1581-1593)සෙංකඩගල රාජධානිය(1473-1592)සේනාසම්මත වික්‍රමබාහු (1473–1511)ජයවීර අස්ථාන (1511–1551)කරලියද්දේ බණ්ඩාර (1551–1581)දෝන කැතරිනා (1581–1581)පළමුවන රාජසිංහ (1581–1591)සෙංකඩගල පාලකයින් ප්‍රාදේශීය පාලකයින් පමණි.ප්‍රචාරණය - මාධ්‍ය පිළිබද මහජන අවබෝධය නූතන බටහිර සමාජයන් හි ප්‍රචාණය සහ අලෙ
විකරණ ප්‍රයත්න වැඩි වැඩියෙන් සෑම තැනම පැතිර යාමත් සමග සංස්කෘතික බාධා කිරිම් මගින් කටයුතු කරන ප්‍රචාරණ නාශකයන් වැනි කණ්ඩායම් වල විවේචනයට කර්මාන්ත බදුන් ‍වී ඇත. එමගින් ඔව්හු ප්‍රචාරණයේ විධික්‍රම භාවිතා කරමින ්මාධ්‍ය සහ පරිභෝජන වාදය විවේචනය කරති. පරිභෝජනය ප්‍රවර්ධනය කරන්නා වූ එකට ව්‍රෙඵණු ආර්ථික විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදන පද්ධතියක් ක්‍රියාත්මක කරන්නා වූ යන්ත්‍රයක් වී ඇති බවට කර්මාන්තවලට චේදනා කරනු ලැබේ.ප්‍රචාරණයේ අති සාමාජයීය බලපෑම හදුනාගනිමින් බ්‍රිතාන්‍යයේ විශේෂ කරැණු කෙරෙහි උනන්දුවක් දක්වන කණ්ඩායමක් වන වීඩියා වොඩ් යුකේ සංවිධාන විසින් ප්‍රචාරකයන්ට සහ නියාමකයන්ට කළ යුත්තේ කෙසේ දැයි යන කරැණු පිළිබදව පාරිභෝගිකයන් දැනුවත් කිරිමට ක්‍රිය කරනු ලැබේ. පාසල් වල භාවිතය සදහා අධ්‍යාපනික ලිපි ලේඛන ඔවුන් විසින් සකස් කර ඇත.ප්‍රචාරකයන් විසින් ඉලක්ක කරනු ලබන මානසික අවකාශය වෙත ඇතුල් වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ බදු මුදලක් අයකළ යුතු බවට මහජන ප්‍රශ්න ගැන සැලකිලිමත් වන කණ්ඩායම් වල යෝජනා වැඩියෙන් පවතී. (උපන්‍යාය අවශ්‍යවේ) මක්නිසාද යත්, වර්තමානයේ දී තම අවසරයෙන් තොරව ඇතුල්වීම්වලට භාජනය වන්නා වූ මහජනයාට කිසිදු
වන්දියක් නොගෙව නොමිලේ එම අවකාශ ප්‍රචාර කරැවන් විසින් භාවිතා කරනු ලැබේ. දැනට වැඩි වැඩියෙන් පෙනී යන්නා වූ මහජන හිරිහැරය අඩු කිරීමට ක්‍රියා කරනු ලබන පිගෙවිලායානු බද්දක් වනු ඇත. එවැනි බදු අයකර ගැනිම ක්‍රියාත්මක කිරිම සදහා අර්කන්සාස්හි හා මෙසින්හි පහත් ඉදිරිපත් කිරිමට සලකා බැලීමක් සමග එවැනිම තුඩු දෙන ක්‍රියාවන් හි ප්‍රවේශය වැඩිවෙමින් පවතී. (උපන්‍යාස අව‍ශ්‍යවේ) මක්නිසාද යත්, වර්තමානයේ දී තම අවසරයෙන් තොරව ඇතුප්වීමට භාජනය වන්නා වූ මහජනයාට නිසිදු වන්දියක් නොගෙව නොමිලේ එම අවකාශය ප්‍රචාරක කරැවන් විසින් භාවිතා කරනු ලැබේ. දැනට වැඩි වැඩියෙන් පෙනී යන්නා වූ මහජන හිරිහැරය අඩු කිරිමට ක්‍රියා කරනු ලබන පිගෙවිලියානු බද්දක් වනු ඇත. එවැනි බදු අයකර ගැනීම ක්‍රියාත්මක වනු ඇත. එවැනි බදු අයකර ගැනීම ක්‍රියාත්මක කිරිම සදහා අර්කන්යාස්හි සහ මෙයින්හි පත් ඉදිරිපත් කිරිමට සලකා බැලීමත් සමග එවැන්නකට තුඩු දෙන ක්‍රියාවන් හි ප්‍රවේශය වැඩිවෙමින් පවතී. ෆප්ලොරිඩාවෙහි එවැනි බද්දක් 1987 දී පනවන ලද නමුත් සංචාරක කර්මාන්තයට බරපතල නඩු සිදු කරමින් නියෝජි සම්මේලන ඉල්ලා අස්කර ගැනීම විද්‍යුත් විකාශන කර්මාන්තයට පමණක් ඩොලර් ම
ිලියන 12 ක ප පාඩාවක් සිදු කරමින් ප්‍රචාරණ කටයුතු අවලංගු කර දමමින් ජාතික වාණිජ අංශ විසින් ඒකරාශි වූ පුයත්නයක් ගැනිම හේතු කොට ගෙන හය මසකට පසු එය අවලංගු කරන ලදි.ද්‍රවිඩභූගෝලීයපැතිරීම:දක්‍ෂිණ භාරතයභාෂාමය වර්ගීකරණය:ද්‍රවිඩමූල-භාෂාව:Proto-Dravidianඅතුරු බෙදීම්:NorthernCentralSouthernISO 639-2 සහ 639-5:draද්‍රවිඩ යනු ලොව ජීව භාෂා කිහිපයක්ම අයත්වන භාෂා පවුලකි. දක්‍ෂිණ භාරතය පුරා මෙම ගණයට අයත් භාෂා ප්‍රධාන වශයෙන් දැකගත හැක. දෙමළ, තෙළිගු, කන්නඩ, අණ්ඩර දෙමළ, මලයාලි යන භාෂා මෙම පවුලට අයත් ප්‍රධාන භාෂා වේ.වර්ගීකරණයන්[සංස්කරණය]ද්‍රවිඩ භාෂා පවුලේ විකසනය ද්‍රවිඩ භාෂා පවුල(Dravidian‑திராவிட)  දකුණු ඉන්දියානු ද්‍රවිඩ භාෂා   දකුණු ද්‍රවිඩ භාෂා (SD I)  (දෙමළ –තුලු -කන්නාඩ )  දෙමළ–කන්නාඩ  දෙමළ   දෙමළ  මලයාලම්   කොඩාගු  කොඩාව  කුරුම්බා    කොට  තෝඩ   කන්නද –බඩාග  කන්නද  බඩාග    තුලු  කොරාග   තුලු (inc
l. බෙල්ලාරි  කුඩියා    මදයම-දකුණු ද්‍රවිඩ භාෂා (SD II)  (තෙළුගු–කුයි)  ගොන්ඩි–කුයි  ගොන්ඩි  ගොන්ඩි  මඩියා  මුරියා  පර්දාන්  නාගර්චල්  කිර්වාර්    කොණ්ඩා  මුක්ඛා-දෝරා    කුයි  කුවී  කෝයා    මණ්ඩා  පෙන්ගෝ    තෙළුගු  තෙලුගු   චෙන්චු      මධ්‍යම ඉන්දියානු ද්‍රවිඩ භාෂා   (Kolami–Parji)   නයිකි   කෝලමි    ඔල්ලාරි (ගඩාබා)  දුරුවා    උතුරු ඉන්දියානු ද්‍රවිඩ භාෂා   කුරුක් –මල්ටෝ   කුරුක් (ඔරාඔන් , කිසාන්)  මල්ටෝ  කුමර්බාග් පාරියා  සවුරියාa පාරියා    බ්‍රාහුයි   ව්‍යාප්තිය[සංස්කරණය]ද්‍රවිඩ භාෂාවවර්ගීකරණයභාවිතාකරන්නන්ස්ථානයන්දෙමළ දකුණු70,000,000Tamil Nadu, Puducherry (including Karaikkal), parts
of Andhra Pradesh (Chittoor and Nellore districts), Karnataka (Bangalore, Kolar), Kerala (Palakkad and Idukki districts), Andaman and Nicobar, Hongkong, China, Sri Lanka, Singapore, Malaysia, Saudi Arabia, Kuwait, Oman, Cambodia, Thailand, Mauritius, Seychelles, Australia, South Africa, Germany, Canada, USA, UK, UAE, Myanmar and Réunion, Australia, South Africa, Germany, Canada, USA, UKකන්නඩදකුණු38,000,000Karnataka, Kerala (Kasaragod district) and Maharashtra (Solapur district, Sangli, Miraj and Latur), Tamilnadu (Salem, Ooty, Chennai),Andhra Pradesh (Ananthpur, Kurnool) and Telangana (Hyderabad Medak and Mehaboobnagar)මලයාලම්දකුණු38,000,000Kerala, Lakshadweep, Mahe district of Puducherry, Dakshina Kannada and Kodagu districts of Karnataka, Coimbatore, Neelagiri and Kanyakumari districts of Tamil Nadu, UAE, United States of America, Saudi Arabia, Kuwait, Oman, United Kingdom, Qatar, Bahrainතුලුදකුණු1,700,000Karnataka (Dakshina Kannada, Udupi districts) and Kerala (Kas
aragod district)Beary Basheදකුණු1,500,000Karnataka (Dakshina Kannada, Udupi districts) and Kerala (Kasaragod district)BadagaSouth400,000Tamil Nadu (Nilgiris district)KodavaSouth300,000Karnataka (Kodagu district)KurumbaSouth220,000Tamil Nadu (Nilgiris district)KanikkaranSouth19,000Tamil Nadu (Nilgiris district) and KeralaKoragaSouth14,000Karnataka (Dakshina Kannada, Udupi districts) and Kerala (Kasaragod district)IrulaSouth4,500Tamil Nadu (Nilgiris district)TodaSouth1,100Tamil Nadu (Nilgiris district)KotaSouth900Tamil Nadu (Nilgiris district)AllarSouth300KeralaTeluguSouth-Central75,000,000Andhra Pradesh, Telangana, Yanam district of Puducherry, Andaman and Nicobar, parts of Tamil Nadu (Tiruvallur, Krishnagiri, Vellore, Chennai, Coimbatore) and Karnataka (Bangalore, Kolar, Bellary, Singapore, Malaysia, Saudi Arabia, Kuwait, Oman, Thailand, Mauritius, Seychelles, Australia, South Africa, Germany, Canada, USA, UK, UAE, Myanm
ar)GondiSouth-Central2,000,000Madhya Pradesh, Maharashtra, Chhattisgarh, Telangana, OdishaMuriaSouth-Central1,000,000Chhattisgarh, Maharashtra, OdishaKuiSouth-Central700,000OdishaMariaSouth-Central360,000Chhattisgarh, Telangana, MaharashtraKuviSouth-Central350,000OdishaPengoSouth-Central350,000OdishaKhoyaSouth-Central330,000Andhra Pradesh, Telangana, ChhattisgarhPardhanSouth-Central117,000Telangana, Chhattisgarh, Maharashtra, Madhya PradeshChenchuSouth-Central26,000Andhra Pradesh, TelanganaKondaSouth-Central20,000Andhra Pradesh, OdishaNagarchalSouth-Central7,000Madhya Pradesh, Chhattisgarh, MaharashtraMandaSouth-Central4,000OdishaKolamiCentral115,000Telangana, MaharashtraDuruwaCentral80,000ChhattisgarhOllariCentral23,000Andhra Pradesh, OdishaNaikiCentral10,000Andhra Pradesh, MaharashtraBrahuiNorthern4,200,000Balochistan, PakistanKurukhNorthern2,000,000Chhattisgarh, Jharkhand, Odi
sha, West BengalSauria PahariaNorthern120,000Bihar, Jharkhand, West BengalKumarbhag PahariaNorthern18,000Jharkhand, West Bengalපළමුවන පක්ෂ ක්‍රමය යනු දළ වශයෙන් 1792 හා 1824 අතර කාලයේදී එක්සත් ජනපදයෙහි පැවති දේශපාලන පක්ෂ යුග බෙදීමට දේශපාලන විද්‍යාඥයින් හා ඉතිහාසඥයින් විසින් භාවිතා කරන ඇමරිකානු දේශපාලන ආකෘතියකි. මෙම කාල සීමාවෙහිදී ජනාධිපතිධූරය, කොංග්‍රස් මණ්ඩලය, සහ ජනපද ආණ්ඩු යන්නෙහි පාලන බලය නතු කර ගැනුමට ජාතික පක්ෂ දෙකක් යත්න දැරූ බව පෙනෙයි: බොහෝ ලෙසින් ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්ගේ පරිශ්‍රමයෙන් තැනුනු ෆෙඩරලිස්ට් පක්ෂය සහ, තෝමස් ජෙෆර්සන් සහ ජේම්ස් මැඩිසන් විසින් පිහිටුවුනු ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පක්ෂය මෙම පක්ෂ දෙක වූහ . 1800 දක්වා ෆෙඩරලිස්ට්වරුන් ආධිපත්‍යක වූ අතර, 1800 න් පසුව රිපබ්ලිකන්වරු ආධිපත්‍යක වූහ.නව ප්‍රංශය (ප්‍රංශ: Nouvelle-France) යනු ජැකස් කාටියර් විසින්1534 දී සෙන්ට් ලෝරන්ස් නදිය ගවේෂණය කිරීමෙන් ඇරඹී 1763දී ස්පාඤ්ඤයට සහ මහා බ්‍රිතාන්‍යයට නව ප්‍රංශය පවරාදීමෙන් කෙළවර වූ කාලසීමාව තුලදී ප්‍රංශය විසින් උතුරු ඇමරිකාවේ ජනපද පිහිටුවා ගන්නා ලද ප්‍රදේශයකි.
මුල් ගවේෂණය[සංස්කරණය]1523 වර්ෂයේදි පමණ ඉතාලි නාවිකයෙකු වූ ගියොවන්නි ඩා වෙරසානෝ (Giovanni da verrazzano) ආසියාවේ චීනය පෙදෙසට බටහිර පැත්තෙන් මුහුදු ගමන් මාර්ගයක් සෙවිම සඳහා ගවේශණ චාරිකාවක් සඳහා කටයුතු යෙදීම මැනැවැයි යන අදහස ප්රංමශයේ පළමු වැනි ප්රැයන්සිස් රජුට ඒත්තු ගන්නා සිටියේය. 1523 වර්ෂයේ අග භාගයේ දි වෙරසානෝ මුහුදු ගමනක් ආරම්භ කර කුඩා මුහුදු යාත්රාදවකින් අත්ලාන්තික් සයුර තරණය කළේය. එම ගමනට ඔහු කැටුව තවත් මිනිසුන් 53 දෙනෙකු ගියහ. ඔවුන් පළමුව වර්තමාන කැරොලිනා නමින් හඳුන්වන ප්ර්දේශය ගවේෂණය කරමින් උතුර බලා වෙරළ දිගේ ඉදිරියට ගොස් නිව් යෝර්ක් බොක්කෙහි පටු සමූද්රඩ සන්ධියක නැංගුරම් ලෑවේය. වර්තමාන නිව් යෝර්ක් පෙදෙසට පැමිණි පළමු යුරෝපීයන් වශයෙන් ඔහු එයට නුවෙල් - ඇන්ගුලෙම් (Nouvell - Angoulêm) යනුවෙන් නම් තැබුවේ ඇන්ගුලෙම්හි පැරනි කවුන්ට්වරයා (Count) වූ රජුට ගෞරව කිරීමක් වශයෙනි. වෙරසානෝගේ මෙම මුහුදු ගමන ‍හේතුවෙන් අලුතෙන් සොය‍ාගත් එම පෙදෙස ජනාවාස කිරීම සඳහා කටයුතු යෙදිය යුතුයයි රජුට ඒත්තු ගියේය. 1534 දී ජැක්වේස් කාර්ටියර් (Jacaques Cartier) ගැස්පේ (Gaspe) අර්ධ ද්වීපයේ කුරුසියක් සිටුවා එම පෙද
ෙස් පළමුවෙනි ප්රැ්න්සිස් රජුට අයිති බවට ප්ර්කාශයක් කළේය. ඔහු එම අවස්ථාවේ එය නම් කළේ 'කැනඩා' යනුවෙනි. එය නිව් ෆ්රාපන්ස්හි පළමු පලාතයි. කෙසේ වුවද එම ප්ර දේශය ජනාවාස කිරීමට ප්රංෙශවරුන් ගත් මුල් උත්සාහයන් සාර්ථක නොවීය. කෙසේ වෙතත් ප්රංරශ ධීවර යාත්රාර අත්ලාන්තික් වෙරළ සහ ශාන්ත ලෝරන්ස් නදියෙන් රට තුලටද නොකඩවා යාත්රාේ කළේය. ඒ සමගම එහි සිටි ස්වදේශික ඉන්දියානුන් සමග මිත්රවත්වයක්ද පවත්වා ගත්හ. යම්කිසි අවස්ථාවක එම ප්ර දේශය අල්ලා ගැනීමේදි එම සම්බන්ධතාවන් ඉතා වැදගත්යයි ඔව්හු කල්පනා කළහ. ශාන්ත ලෝරන්ස් පෙදෙස ලොම් සහ හම් සම්බන්ධයෙන් ඉතා වටිනා භූමියක් බව ප්රංඑශ වෙළඳුන් තේරුම් ගත්හ. විශේෂයෙන්ම ඒ බීවර් සතුන්ගේ ලොම් සම්බන්ධයෙනි. ඒවා යුරෝපයේ ඉතා දුර්ලභ විය. මන්ද යුරෝපයේ බීවරයන් ඒ වන විට සම්පූර්ණයෙන්ම වාගේ වඳවී ගොස් තිබුනු බැවිනි. මේවායේ ප්රනතිඵලයක් ලෙස තමන්ගේ බලය එම ප්ර්දේශයේ පැතිරවීමට හා එය සුරක්ෂිත කරනු වස් භූමිය ජනාවාස කළ යුතු යයි ප්රංේශ රජය කල්පනා කළේය.උතුරු ඇමෙරිකාවෙහි ජනාවාස ඇති කිරීමේ තවත් පළමු උත්සාහයක් වූයේ කැරොලිනා කොටුවයි. එය 1564 දී ෆ්ලොරිඩාවේ ජැක්සන්විල් වලට දකුණින් වර්තමානයේ ශාන්ත ඔගස්ටින් ය
නුවෙන් හැඳින්වෙන පෙදෙසෙහි පිහිටුවන ලද්දකි. හ්යුිගුනෝට් වරුන්ට (Huguenot) සුරලෙ‍ාවක්ය යනුවෙන් අදහස් කරන ලදුව රෙනෙ ගුලෙන් ඩි ලවුඩනියර් (Rena Goulainede Laudonnier) සහ ජින් රිබොල්ට් යන දෙපළගේ නායකත්වයෙන් කැරොලිනාව මුලින් ආරම්භ කරන ලදි. එහෙත් එය පෙද් රෝ මෙනෙන්ඩෙස් ඩි ඇවිලසේ නම් ස්පාඤ්ඤ ජාතිකයාගේ අණ කිරීමකින් කොල්ල කෑමට ලක් විය. ඉන් පසු 1565 සැප්තැම්බර් 20 දින ශාන්ත ඔගස්ටින් නමින් එම ප්ර්දේශයේ ජනාවාසයක් බිහි විය. ඇකේඩියාව සහ කැනඩාව සංචාරක ගෝත්ර යක් වූ ඇල්ගොන්ක්වින් (Algonquin) ජනතාවගෙන්ද එසේ සංචාරයෙහි නොයෙදෙන ඉරොක්වා වරුන්ගේද වාස භූමි විය. මෙම භූමි ප්ර දේශය අගනා ස්වාභාවික සම්පත් වලින් සරුසාර ප්රිදේශයක් වු හෙයින් ප්රංජශය නෙදර්ලන්තය ආදි යුරෝපීය රටවල ආකර්ශණයට බඳුන් විය. වර්ෂ 1580 පමණ වන විට ප්රං්ශ වෙළඳ ආයතන සංවිධානය වී ලොම් ගෙන ඒම සඳහා නැව් සමග කොන්තරාත්තු ඇති කර ගත්හ. මුල් පදිංචිකරුවන් සහ ඔවුන්ගේ යුරෝපීය අමුත්තන් අතර එම කාලය තුල ඇති වූ සිද්ධීන් වලින් බොහොමයක් ඓතිහාසික වර්තා නොමැති වීමෙන් අප්රඑකටව පවති. ස්ථිර ජනාවාස පිහිටුවීම සඳහා කෙරුණු මුල් ප්ර යත්නයන් අසාර්ථක විය. 1598 වර්ෂයේදි සේබල් දිවය
ිනේ ඇකේඩියාහි වෙරළට ඈතින් තාවකාලික වෙළඳ මධ්ය්ස්ථානයක් පිහිටුවන ලද නමුත් එය සාර්ථක වූයේ නැත. 1600 දි ටැඩුසැක් හි ද වෙළඳ මධ්යාස්ථානයක් පිහිටුවන ලදි. එහෙත් ශීත ඍතුවෙන් පසු ඉතිරි වූයේ පදිංචි කරුවන්ගෙන් පස් දෙනෙකු පමණි. 1604 දී ෆන්ඩි බොක්කේ (Bay of Fundy) ඉල් - සෙන්ට් ක්රුවා (Ile - sent - croix) හි ජනාවාසයක් ආරම්භ කරන ලදි. එය පසුව 1605 දී පොර්ට් - රෝයල් වෙත ගෙන යාමෙන් අනතුරුව 1607 දී අතහැර දමනු ලැබුනි. 1610 දී නැවත පිහිටවූ නමුත් 1643 දී විනාශ කෙරුනි. ඉන් පසු පදිංචිකරුවෝ අසල පිහිටි වෙනත් ප්ර්දේශ වලට ගියහ. 1608 දී ප්රංඉශයේ හතරවැනි හෙන්රි රජුගේ අනුග්රවහකත්වයෙන් සැමුවෙල් ඩි චැම්ප්ලෙන් නැමැත්තා ක්විබෙක් නගරය ආරම්භ කළේය. මෙම අවස්ථාවේ එහි සිටියේ පවුල් හයකි. මුලු ජනගහණය විසි අට දෙනෙකි. එය වර්තමාන කැනඩාව නමින් හැඳින්වෙන ප්රරදේශයේ පළමු ප්රං ශ ජනාවාසය විය. ජනපදකරණය කිරීම මන්දගාමි සහ අසීරු කරුණක් විය. බොහෝ පදිංචිකරුවන් මුලදීම මිය ගියේ කටුක දේශගුණය හා ලෙඩ රෝග හේතුවෙනි. 1630 දි ජනපදිකයන් සිටියේ 103 ක් වුවද 1640 වන විට සංඛ්යාඩව 355 ක් විය.ඉරොක්වාවරුන් සමග යුද කරමින් සිටි එම ප්රකදේශයේ ඇල්ගොන්කින් සහ මොන්
ටැග්නිස් ජනතාව සමග චැම්ප්ලේන් ඉතා ඉක්මණින් මිත්ර6ත්වයක් ඇති කර ගත්තේය. ලොම් වෙළඳාම සාර්ථකව ගෙන යාම සඳහා ඔහු හ්යුඉරන්වරු සමග දැඩි සබඳතාවයක් ඇති කර ගත්තේය. එපමණක් නොව තරුණ ප්රංසශ ජාතිකයින් ස්වදේශික හා මිත්රතව ජීවත්කරවීමටද ඔහු කටයුතු යෙදුවේය. එසේ කරන ලද්දේ ස්වදේශිකයන්ගේ භාෂාව සහ සිරිත් විරිත් ඉගෙන ගැනීම උදෙසාය. ඉන් බලාපොරොත්තු වූයේ උතුරු ඇමෙරිකානු ජීවිතයට හැඩ ගැසීමයි. “කූරියර් දි බුවා” නමින් හැඳින්වූ මෙම පිරිස දකුණටද, මහා විල් දක්වා බටහිරටද එම ප්රතදේශයේ ජීවත් වූ හ්යු රන් ගොත්රත කෙරෙහිද ප්රං,ශ ආධිපත්ය් පතුරුවා හැරියේය.නිව් ෆ්‍රාන්ස්හි සිතියම - 1612 දී සැමුවෙල් ඩි චැම්ප්ලේන් විසින් සකස් කරන ලදි.ක්විබෙක් පිළිබඳ තොරතුරු අනුව එහි මුල්ම දශක කිහිපය තුල එහි පදිංචිකරුවන් සිටියේ දුසිම් කීපයක් පමණි. එහෙත් දකුණේ ඉංග්රිහසි ජනපද වල වැඩි ජණගහනයක් සිටි අතර ඒවා ධනවත් ප්ර්දේශ විය. 13 වැනි ලුවී රජුගේ උපදේශක රිච්ල්යු කාදිනල් තැනට නිව් ෆ්රානන්ස් ජනපදය ඉංග්රිේසි ජනපද තරමටම කැපී පෙනෙන තත්වයකට ගෙන ඒමට අවශ්යු විය. 1627 දී රිචෙලියු හවුල්කාර සියදෙනාගේ සමාගම නම් සමාගමක් ආරම්භ කළේ නිව් ෆ්රායන්ස් වෙනුවෙන් ආයෝජනය කිර
ීම සඳහාය. ඔහුගේ අදහස වූයේ සිව් දෙනෙකුට ඉඩම් කොටස් කර දී ක්වීබෙක් ඉතා වැදගත් ගොවිපල වලින් යුක්ත වාණිජ්ය් මධ්ය ස්ථානයක් කිරීමයි. චැම්ප්ලේන්, නිව් ෆ්රා්න්ස් හි ආණ්ඩුකාරයා ලෙස නම් කෙරිනි. රිචෙලියු එම අවස්ථාවේදි රෝමානු කතෝලික නොවන්නන්ට එහි ජීවත් වීම තහනම් කළේය. ප්රෙරතෙස්තන්තවරුන්ට නිව් ෆ්රාකන්ස්හි ස්ථාවර වීමට නම් ඔවුන්ගේ ආගම් ඇදහිලි විශ්වාසයන් අත්හල යුතු බව දැනුම් දෙන ලදි. බොහෝ දෙනෙකු ඉංග්රිවසි ජනපද වලට යනවාට වඩා එය තෝරා ගත්හ. රෝමානු කතෝලික දේවස්ථාන, රිකොලෙට්ස් වැනි මිෂනාරිවරු සහ ජේසුයිට් නිකායිකයින් එම ප්රලදේශය තුල ඉතා හොඳින් තහවුරු වුහ. රිචෙලියු සිඤ්ඤෝරියල් සිස්ටම් (නොහොත් - ඉඩම් හිමි පැළැන්ති ක්රෙමය) නැමති ක්රහමයක් හඳුන්වා දුන්නේය. එය ගොවිතැන් සම්බන්ධ අර්ධ වැඩ වසම් ක්රිමයක් විය. මෙම ක්රතමය 19 වෙනි සියවස දක්වාම ශාන්ත ලෝරන්ස් හි වැදගත් අංගයක් ලෙස පැවතුනේය.බටහිර නිව් ෆ්රායන්ස්හි සිතියම - ඉලිනොයිස් ජනපදය ද ඇතුලත්වේ.නිර්මාණය කළේ වින්සෙන්සෝ කොරොනෙලි 1688මේ වකවානුවේදිම දකුණේ ඉංග්රිරසි ජනපද විසින් ශාන්ත ලෝරන්ස් නිම්නය ආක්ර මනය කිරීම ආරම්භ කරන ලදි. 1629 දී ක්වීබෙක් අල්ලා ගත් බ්රි්තාන්ය යෝ 163
2 දක්වා එය තමන් යටතේ තබා ගත්හ. එම වසරේ චැම්ප්ලේන් ක්වීබෙක් වෙත ආපසු පැමිණ සියුර් ඩි ලැවිසොලෙට් හට ට්රොඑයි - රිවීරෙ (Trois – Rivieres) හි තවත් කුඩා වෙළඳ මධ්යඑස්ථානයක් ආරම්භ කරන ලෙස දන්වා සිටියේය. ඔහු 1634 දී එය ඉටු කළ අතර චැම්ප්ලේන් 1635 දී මිය ගියේය. චැම්ප්ලේන්ගේ මරණයෙන් පසු ප්රංයශ කතෝලික පල්ලියට ජනපදය තුල උතෝපියානු ක්රිපස්තියානි ප්ර ජාවක් ඇති කිරීමට අවශ්ය විය. 1642 දී ඔව්හු එහි පදිංචියට යාම සඳහා පිරිසක් සංවිධානය කළහ. එහි නායකත්වය දැරුවේ පෝල් කොමඩේ ඩි මේසන්යු6ව් (Paul Chomedey de Maisonneuve) නැමැත්තාය. ඔහු ශාන්ත ලෝරන්ස් නදියට ඈත ස්ථානයක විලේ - මාරි (Ville – marie) ජනාවාස ඇති කළ අතර එම ජනාවාසය වර්තමාන මොන්ට්රි යල් නගරයේ ආරම්භය විය. 1640 දශකය පුරාම ජේසුයිට් නිකායක මිෂනාරිවරු මහා විල් ප්රයදේශ වලට පැමිණ එහි සිටි හ්යුeරන් ස්වදේශිකයින් තමන්ගේ ආගමට හරවා ගත්හ. මිෂනාරිවරු ඉරොක්වා වරුන් සමග අර්බුද ඇති කර ගත්හ. ඔව්හු නිරතුරුව මොන්ට්රිගයල් වෙත පහර දුන්හ. 1649 වසර වන විට ජේසුයිට් ධර්මදූත ව්යාඔපාරය සහ හ්යුටරන් සමාජය යන දෙකම ඉරොක්වා ආක්ර මණ මගින් සම්පූර්ණයෙන්ම වාගේ විනාශයට පත් විය. (බලන්න Canadian
– Martyrs) නිව් ෆ්රාරන්ස්හි පාරවල් සහ ඇල මාර්ග කීපයක් හැරෙන්නට ප්ර්වාහන යටිතල පහසුකම් කිසිවක් නොතිබුන තරම්ය. එම නිසා ජනතාව ඇල මාර්ග ප්රටයෝජනයට ගත්හ. ප්ර ධානම ප්රිවාහන මාධ්යා ලෙස ශාන්ත ලෝරන්ස් ගංගාව ද ඔරුද යොදා ගන්නා ලදි. ශීත ඍතුවේදි විල මිදුණු විට දුප්පතුන් සහ ධනවතුන් දෙපිරිසම බල්ලන් හෝ අශ්වයින් විසින් අදිනු ලැබු ස්ලෙජ් ගමනාගමනය සඳහා යොදා ගත්හ. රාජකීය පවරා ගැනීම සහ පදිංචි වීමට කරන ලද උත්සාහයන්[සංස්කරණය]14 වෙනි ලුවි රජුගේ මහා මුද්රාව - 1663 දී ප්‍රංශයේ පළාතක් ලෙස ජනපදය නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු නිව් ෆ්‍රාන්ස් හිදී ප්‍රයෝජනයට ගන්නා ලද්දකි.1650 දි පමණ කාලය වන විටත් මොන්ට්රියල් හි සිටියේ පදිංචි කරුවන් සුළු පිරිසකි. එමෙන්ම ඉතාම අඩු ජණගහනයක් තිබුනු "නිව් ෆ්රාන්ස්" ජනපදය සම්පූර්ණයෙන්ම වාගේ සතුරු "ඉරොකි" හමුදාවට යටත් වුනාක් මෙන් විය. 1660 දි ඇඩම් ඩොලාර්ඩ් දෙ ඔර්මෝ නම් ජනපදිකයෙකු වඩා බලසම්පන්න ඉරොකි හමුදාවන් යටත් කිරීම පිණිස කැනේඩියානු සහ හියුරන් බලකායක් යැවූ නමුදු එම පිරිසෙන් කිසිවෙකු ඉතිරි වූයේ නැත. එහෙත් එය ඉරොකිවරුන්ගේ ආක්‍රමණය ආපසු හරවා යැවීමට සමත් විය. 1663 දී දාහතර වෙනි ලුවී
රජු "නිව් ෆ්රාන්ස්" රාජකීය පළාතක් ලෙස නම් කළ විට එම ප්‍රාන්තය වඩාත් ආරක්ෂාකාරි වූයේය. 1665 දී රජතුමා ක්විබෙක් වෙන හමුදා බලකායක් (Carignan - salierers regiment) පිටත් කර හැරියේය. ජනපදයේ ආණ්ඩුව ප්‍රංශ රජයේ පිළිවෙලට ප්‍රතිසංස්කරණය වූයේ ප්‍රංශ නාවික කටයුතු භාර ඇමතිට යටත් ආණ්ඩුකාරයා හෙවත් ඉන්ටන්ඩෙන්ට්වරයෙකු යටතේය. 1665 දි නාවික කටයුතු පිළිබඳ ඇමති ජින් බැප්ටිස්ට් කොල්බර්ට් විසින් ජින් ටැලොන් 'නිව් ෆ්රාන්ස්' වෙත යවන ලද්දේ පළමු ඉන්ටෙන්ඩන්ට් ලෙසිනි. චැම්ප්ලෙන්ගේ මරණයෙන් පසුව එහි අති විශාල බලයක් පතුරුවමින් සිටි ක්විබෙක්හි බිෂොප් තැනගේ බලය ඉහත කී ප්‍රතිසංස්කරණ වලින් පසුව සීමා විය.1759 දී නිව් ෆ්රාන්ස් හි දේශපාලන සංවිධානය[සංස්කරණය]1665-1666 ශීත ඍතුවේදි ප්‍රංශයේ ඉන්නේඩන්ට් තැන වූ ජින් ටැලොන් විසින් නිව් ෆ්රාන්ස් හි 1666 ජන සංගණනය පවත්වන ලදි. එයින් පෙන්නුම් කළේ එහි වාසය කරන්නන්ගේ සංඛ්‍යාව 3215 ක් වූ බ බවය. එය ඊට දශක කීපයකට පෙර ජනගහනයට වඩා බොහෝ වැඩි විය. එහෙත් එම සංගණනයේදී පිරිමි සහ ගැහැනු ප්රතිශතය අතර විශාල වෙනසක් දැකිය හැකි විය. ඒ පිරිමි 2034 ක් සහ ගැහැනු 1181 වශයෙනි. කොලනියේ බලය ශක්තිමත් ක
ිරීමේ සහ එය ප්‍රංශ ජනපද අධිරාජ්‍යයේ මධ්යස්ථානය කිරීමේ අදහසින් ප්‍රංශ රජු වූ දාහතර වෙනි ලුවී වයස 15 සහ 30 අතර (ලෙස් ෆිලේස් දු රොයි - les filles du roi) ස්ත්‍රීන් 700 කට වඩා පිරිසක් 'නිව් ෆ්රාන්ස්' වෙත යැවීමට තීරණය කළේය. ඒ සමගම ස්වදේශිකයන් සමග විවාහ සම්බන්ධතා වලට අනුග්‍රහය දක්වන ලද්දේය. තවද ගිවිසුම් මගින් බැඳුනු (engages යනුවෙන් හඳුන්වන ලද)සේවකයින්ද 'නිව් ෆ්රාන්ස්' වෙත යවන ලදි. එවැනි කාන්තාවක් වූයේ එතිසෙන්ට්රෑදෝ ය. ඇය අනාගත කැනඩා අගමැති කෙනෙකු වූ පියරේ එලියට්රෑඩෝ ගේ මුතුන් මිත්තෙකු වූවාය. ටැලොන් ඉඩම් හිමි රදළ පන්තියේ සෙඤොරියන් ක්‍රමයද ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කළේය. ඔහු ඉඩම් හිමි රදළ පන්තියට ඔවුන්ගේ ඉඩම් තුල පදිංචි වීමටද ඔවුනට අයත් බිම් සීමා කිරිමටද බල කළේ අලුතෙන් පැමිණෙන පදිංචි කරුවන්ට අවශ්ය ඉඩම් ප්‍රමාණය ඔවුනට හිමි කර දීමේ අදහසිනි. එහෙත් මෙම ක්‍රමය කල් යාමේදි ප්‍රතිඑල රහිත විය. පදිංචියට ආවේ සුලු පිරිසක් පමණී. ඔහු විසින් ආරම්භ කරන ලද විවිධ කර්මාන්ත වලට ලොම් වෙළඳාම අභිබවා යාමට නොහැකි විය. හමුදාමය අර්බුද[සංස්කරණය]හෙන්රි හඩ්සන් 'හඩ්සන් බේ' සහ අවට බිම් පෙදෙස් ඉල්ලා සිටි හෙයින්, නිව්
ෆ්රාන්ස් හි ප්‍රංශය යටතේ පැවති භූමි ප්‍රදේශ වලට ඈතින් තිබුණු දැනට කැනේඩියන් නොර්ත් (Canadian north) නමින් හැඳින්වෙන පෙදෙස හරහා ඉංග්‍රිසි ජනපදිකයෝ ඔවුන්ගේ සීමාවන් පුලුල් කිරීම ආරම්භ කර තිබුනි. 1670 දී කුරේ දී බුවා (Coureurs des bios) පියරේ එස්ප්‍රි රොදිසන් (Pierre-Esprit Radisson) සහ මෙදාර්ද දෙ ග්‍රොසෙයියෙ(Médard des Groseilliers) ආදි ප්‍රංශ ජාතිකයන්ගේ සහයෝගය ඇතිව හඩ්සන් බේ සමාගම ආරම්භ කරන ලද්දේ හඩ්සන් බොක්ක තුලට වැටෙන සියලුම බිම් වල ලොම් වෙළඳාම පාලනය කිරීම අපේක්ෂාවෙනි. මේ නිසා‍කැනේඩියානු ලොම් වෙළඳාමේ ඒකාධිකාරිය අවසාන විය. මෙයට හිලව්වක් වශයෙන් ප්‍රංශ ජාතිකයින් ඔවුන්ගේ භූමි සීමාවන් දකුණටද, ඇමෙරිකානු ජනපද වල බටහිර තෙක්ද පළල් කළහ. 1682 දී රෙනෙ රොබර්ත් කැවෙලියර්, සියුර්දෙ ලා සල්, ඔහියෝ සහ මිසිසිපි නිම්න ගවේශනය කරමින් මෙක්සිකෝ බොක්ක දක්වා දකුණට විහිදුනු එම මුලු භූමි ප්‍රදේශයම ප්‍රංශය සඳහා ඉල්ලා සිටියහ. ඔහු මෙම ප්‍රදේශය නම් කලේ 'ලුසියානා' ලෙසය. 1685 දී ලා සාල් එම නව භූමි ප්‍රදේශ‍ෙය් පළමු ජනපදය ඇති කිරීමට උත්සාහ ගත් නමුදු සිතියම් වල වැරදි සහ නාවික ගමනා ගමන ප්‍රශ්න හේතුවෙන් ඒ වෙනුවට ජනපද පිහිට
ුවීමේ අදහස යොමුවුනේ ෆොර්ට් සෙන්ට් ලුවී හෙවත් දැනට ටෙක්සාස් වෙතය. 1688 දී මෙම ජනපදය ඉන්දියානු ආක්‍රමණය සහ ලෙඩ රෝග හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ විය. නිව් ෆ්‍රාන්ස් හි මෙම කොටසේ ඉතා සුලු වශයෙන් ජනපද බිහි වෙමින් පැවතුනද යුද්ධ උපක්‍රමික අතින් වැදගත් බලකොටු බොහෝ ප්‍රමාණයක් ආණ්ඩුකාර ලුයී ඩි බුආ දෙ ෆ්‍රොන්තොනොස් ගේ නියෝග යටතේ ඉදි කෙරුනි. ඒ වන විට ජනාවාස නොවී තිබුනු නිව් ෆ්‍රාන්ස් හි පැරණි කොටස් වලද බලකොටු ගොඩ නැගුනි. මෙම බලකොටු බොහොමයක ආරක්ෂක භට පිරිස් රඳවනු ලැබූහ. එම බලකාය 1682 සහ 1755 කාලය අතරතුර තිබු එකම නිත්‍ය භට හමුදාවයි.ඉංග්‍රිසි සහ ප්‍රංශ භූමි ප්‍රදේශ පුරා පැවති සුලු සුලු සටන් වලින් පසු 1689 දී ඉංග්‍රිසින් සහ ඉරොකි වරු (Iroquois) නව ෆ්‍රාන්ස් වෙත ප්‍රධාන පෙළේ ප්‍රහාරයක් එල්ල කළහ. විලියම් රජුගේ යුද්ධය නමින් හැඳින්වූ මෙම යුද්ධය 1697 දී අවසන් වූ අතර ඈන් රැජිනගේ යුද්ධය නම් දෙවැනි යුද්ධය 1702 දී පැන නැංගේය. මෙම යුද්ධ දෙකෙන්ම වලින් ක්විබෙක් නගරයට හානියක් නොවීය. එහෙත් පොර්ට් රෝයල් සහ ඇකේසියා යටත් වුනි. 1713 දී උට්රෙච්ට් ගිවිසුම සමග නිව් ෆ්‍රාන්ස් වෙත සාමය ළඟා විය. ගිවිසුමෙන් නිව්ෆවුන්ඩ් ල
න්තය සහ ඇකේඩියාහි කොටසක් (අර්ධද්වීපික නොවාස්කොෂියා) බ්‍රිතාන්‍ය වෙත පවරා දුන්නද අද කාලයේ නිව් බ්‍රන්ස්වික් නමින් හැඳින්වෙන පෙදෙසින් කොටසක් මෙන්ම ඉල් රොසෙල් (කේප් බිරිටන් අයිලන්ඩ්) සහ ලුයීබර්ග් කොටුව ඉල්සෙන්ට් ජීන් (ප්‍රින්ස් එඩ්වඩ් දූපත) ආදි පෙදෙස් වල පාලනය ප්‍රංශ ජාතිකයින් අතරේම පැවතුනි.ගිවිසුමෙන් පසු නිව් ෆ්‍රාන්ස් ජනපදයේ සමෘර්ධිය ආරම්භ විය. වැලොන් යටතේ අසාර්ථකව තිබූ ධීවර කර්මාන්තය සහ ගොවිපල ව්‍යපාරද දියුණු වීම ආරම්භ විය. සීග්‍ර වෙළඳ කටයුතු සඳහා මොන්ට්‍රියල් සහ ක්විබෙක් අතර කිංග්ස් හයිවේ (Kings high way) නම් වූ (ප්‍රංශ Chemin du roi) මාවතක් තනන ලදි. පැරණි වරායන් වල තත්වය උසස් කිරීමත් , නව වරායයන් තැනීමත් නිසා ධීවර කර්මාන්තයද දියුණු විය. ජනපදිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස වර්ධනය විය. 1720 වන විට කැනඩාව 24,594 ක ජනගහණයෙන් යුත් ස්වයං පෝෂිත ජනපදයක් විය. මුලදි දේවස්ථාන වලට තිබුණු බලතල අඩු වුවද සමාජ සුභ සාධන කටයුතු සහ අධ්‍යාපන කටයුතු ඒවා මගින් පාලනය විය. ප්‍රංශ කැනේඩියානුවන් මෙම සාමකාමි කාල පරිච්ඡේදය බොහෝ විට හඳුන්වනු ලබන්නේ නිව් ෆ්‍රාන්ස් හි ස්වර්ණමය යුගය වශයෙනි.සාමය පැවතුනේ 1744 වර්ෂය තෙක්
පමණි. එම වර්ෂ වලදි විලියම් ෂර්ලි නම් මැසචුසෙට් හි ආණ්ඩුකාරයා ලුයීබර්ග් වෙත ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රංශය සහ නිව් ෆ්‍රාන්ස් යන දෙකම වැටලීමෙන් බේරුනේ නැත. ලුයීබර්ග් යටත් විය. බලකොටුව නැවත අල්ලා ගැනීමට 1746 දී ප්‍රංශය උත්සාහ කළ නමුත් ‍නොහැකි විය. අයික්ස් - ලා - චැපල් (Aix - ia - chapelle) ගිවිසුම මගින් ප්‍රංශයට එය ආපසු ලැබුනු නමුත් උතුරු අමෙරිකාවේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය අතර තිබූනු සටන් නිමා නොවීය. පෙන්සිල් වේනියාවේ වර්තමාන පිට්ස් බර්ග් නමින් හැඳින්වෙන ප්‍රදේශයක් ඇලෙග්හෙන් සහ මොනොන්ගහෙලා ගංඟා දෙක එකතු වන ස්ථානයේ තිබුනු ඩුකුස්නේ (Duquesne) බලකොටුව හත් අවුරුදු යුද සමයේ බටහිර තිබුනු වඩාත්ම යුද උපක්‍රමික ප්‍රදේශය ආරක්ෂා කරන ලදි. ඔහිගෝ ගංගා නිම්න ප්‍රදේශය ප්‍රංශ පාලනය යටතේ තිබීම සහතික කෙරෙනු පිණිස එය තනා තිබුනි. වර්ජිනියාවේ කුඩා ජනපද හමුදාවක් මෙහි බලකොටුවක් තැනීම ආරම්භ කළ නමුත් සියුර් දී කොන්ත්‍රොසොර් (Sieur de contrecoeur) යටතේ පැමිණි ප්‍රංශ හමුදාවක් විසින් ඔවුන් පලවා හරින ලදි. ඒ 1754 වර්ෂයේදීය. නිව් ෆ්‍රාන්ස් ජනපදය ප්‍රකාශ කර සිටියේ මෙය ඔවුන්ගේ ජනපදයේ කොටසක් යනුවෙනි. ඒ අතරම ඉංග්‍රිසින් එය පැ
හැර ගැනීමෙන් වැලැක්වීම ප්‍රංශ ජාතිකයින්ගේ අභිලාශය විය. ප්‍රංශ ජාතිකයින් එහි "ඩුකුස්නේ" (Duquesne) නමින් බල කොටුවක් තැනවූහ. ඔවුන්ගේ අරමුන වූයේ එය වෙළඳ කටයුතු සහ ප්‍රදේශයේ ආදි වාසී ජනතාව සමග හමුදාමය බැඳිම් ශක්තිමත් කිරිමේ මූලස්ථානයක් සහ ශක්තිමත් සංග්‍රාමික බලකොටුවක් ලෙස පාවිච්චි කිරීමය. 1755 දී බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියෙකු වූ එඩ්වඩ් බ්‍රැඩොක් එම බලකොටුව අල්ලා ගැනීමට විශාල හමුදාවක් යැවූ නමුත් ඔවුන් බලකොටුවට ඒමට පෙර කුඩා ප්‍රංශ සහ ආදිවාසි ජනතාවගෙන් යුත් කුඩා හමුදාවක් සැඟවී සිට පහර දුන්හ. බ්‍රැඩොක් මරා දමන ලදි. ඔහුගේ හමුදාව පලා ගියේ බොහෝ මළ සිරුරු යුද බිමේ අත හැර දමමිනි. එම පරාජයේ ප්‍රථිපලයක් වශයෙන් බ්‍රිතාන්‍යයෝ ප්‍රංශ ප්‍රධාන නගරය වූ ක්විබෙක් නගරයේ ජයග්‍රහණය සඳහා සූදනම් වීමට තීරණය කළහ. මේ අතරේ ප්‍රංශ ජාතිකයින් තමන්ගේ බටහිර දෙසට කෙරුණු ගවේෂණ දිගටම කරගෙන ගියහ. ඒ සමගම දේශීය ජනතාව සමග වෙළඳ සබඳතා පුලුල් කර ගත්හ. ලුයී ඩි ලා කොර්න් සහ ෂැවලියර් ඩි ලා කොර්න් (Louis de la corne and chevalier de la corne) විසින් ඩි ලා කොර්න් බලකොටුව ගොඩ නංවල ලදි. එය ගොඩනංවන ලද්දේ දැන් සස්කැචෙවන් (Sascatchewan) න
මින් හඳුන්වන කැනේඩියානු පළාතේ එම නමින් හැඳින්වූ ග‍ෙඟ් ශාඛාවක නැගෙනහිර දෙසිනි. මෙය ප්‍රංශ අධිරාජ්‍යය බිඳ වැටීමට පළමුව උතුරු අමරිකාවේ පිහිටුවන ලද බටහිර පැත්තට වන්නට තිබුනු ඈතම මුරපොල විය. Nouvelle France 1534-1763.ඇද වැටීම සහ බ්‍රිතාන්‍ය පාලනය[සංස්කරණය]නිව් ෆ්‍රාන්ස්හි දැන් ජනගහණය 70,000 කට වැඩිය. එය ශත වර්ෂයේ මුලදීට වඩා විශාල වැඩි වීමකි. එහෙත් බ්‍රිතාන්‍ය ජනපද වල ජනගහනය ඊට වඩා වැඩි විය. එය දශ ලක්ෂයකට වැඩි විය. (මෙම ප්‍රමාණයට ප්‍රංශ සහ "හ්‍යුග්නෝත්" වරුන් සෑහෙන සංඛ්‍යාවක් ඇතුලත් විය) ප්‍රංශ ජාතිකයින්ට බ්‍රිතාන්‍ය ජාතිකයින්ට පහර දෙනවාට වඩා බ්‍රිතාන්‍ය ජනපදිකයන්ට (British Colonist) නිව් ෆ්‍රාන්ස් වෙත පහර එල්ල කිරීමට සැළසුම් කිරීම වඩා පහසු කරුණක් විය. 1755 දී ජෙනරාල් එඩ්වර්ඩ් බ්‍රැඩොක්ගේ නායකත්වයෙන්, ප්‍රංශ බලකොටුවක් වූ ඩුකුස්නෝ (Duqvesne) වෙත පහර දීම සඳහා හමුදාවක් ගියහ. ප්‍රංශ හමුදාව සහ ඔවුන්ගේ මිත්‍ර ඉන්දියන් හමුදාවට ද වඩා සංඛ්‍යාත්මක වශයෙන් ඔවුන් වැඩි වුව ද ප්‍රංශ හමුදාව විසින් බ්‍රැඩොක්ගේ හමුදාව පලවා හැර බ්‍රැඩොක් ද ඝාතනය කරනු ලැබීය. 1758 දී බ්‍රිතාන්‍ය හමුදා නැවත ලුයීබර්ග් අල්ලා
ගන්නා ලදී. මේ නිසා ශාන්ත ලෝරන්ස් ගඟ වෙත පිවිසීමේ මාර්ගය අවහිර කිරීමට ඔවුනට හැකි විය. මෙය එම යුද්ධයේදී බොහෝ තීරණාත්මක කරුණක් විය. 1759 දී බ්‍රිතාන්‍ය හමුදා ක්විබෙක් නගරය මුහුදින් වට කළහ. ජේම්ස් වුල්ෆ් විසින් මෙහෙයවන ලද හමුදාව විසින් සැප්තැම්බර් මාසයේදි "ඒබ්‍රහම් තැන්නේ යුද්ධයේදි" ලුයී ජෝෂප් ඩි මොන්ට්කාම් යටතේ වූ ප්‍රංශ හමුදාව පරාජයට පත් කරනු ලැබූහ. ක්ව්බෙක් නගරයේ වූ බල ඇණිය සැප්තැම්බර් මස 18 වෙනි දින යටත් වූහ. ඊළඟ වසරේ බ්‍රිතාන්‍යයෝ මොන්ට්‍රියල් වෙත පහර දුන්හ. එසේ කළේ ඔවුන් කැනඩාව බ්‍රිතාන්‍යයට යටත් වූ බව පිළිගැනීමට අකමැති වූ හෙයිනි. මොන්ට්‍රියල් බ්‍රිතාන්‍යයන් විසින් 'නිව් ෆ්‍රාන්ස්' සම්පූර්ණයෙන්ම අල්ලා ගන්නා ලදී. නිව් ෆ්‍රාන්ස් හි අන්තිම ප්‍රංශ ආණ්ඩුකාරයා වූ පියරේ ෆ්‍රාන්ස්ටා ඩි රිගෝද මාකි දි වැද්රෙයිල් - කවග්නල් බ්‍රිතාන්‍ය මේජර් ජනරාල් ජෙෆ්රි ඇම්හර්ස්ට් ට යටත් විය. එසේ යටත් වූයේ 1760 සැප්තැම්බර් 8 වැනි දින දීය. ප්‍රංශය විසින් 1763 පෙබරවාරි 10 දින අත්සන් කරන ලද පැරිස් හි ගිවිසුමෙන් විධිමත් ලෙස කැනඩාව බ්‍රිතාන්‍යයට පවරා දෙන ලදී. පසු කලෙක බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් පැමිණ ඉහල කැනඩාව (අ
ද කාලයේ ඔන්ටාරියෝ) සහ නිව් බ්‍රන්ස්වික් ප්‍රදේශ ස්ථාපිත කරන තෙක් නිව් ෆ්‍රාන්ස්හි ප්‍රංශ සංස්කෘතිය සහ ආගම වැඩි පුර බල පවත්වමින් තිබුණේය. ස්පාඤ්ඤ පාලනය යටතේ තිබුණු ලුසියානා ප්‍රාන්ත ප්‍රදේශය හත් අවුරුදු යුද්ධය අවසාන වූ තැන සිට ඇමෙරිකානු ජනපද දහතුනේ ජනාවාසවලට ළඟා විය නොහැකි තරම් ඈතින් පිහිටා තිබුණේය. බ්‍රිතාන්‍ය විසින් ප්‍රංශය පරාජය කර අවුරුදු දොළහකට පසුව පහල බ්‍රිතාන්‍යය ජනපද දහතුනේ ඇමෙරිකන් විප්ලවය පැන නැගුනේය. අද්මිරාල් ලුයී පිල්ප්ගේ ඩි වඋද්රෙයිල් සහ මේජර් ක්ලෙමන්ට් ගොසෙලින් ද ඇතුළත් බොහෝ ක්විබෙක් වරු සටනේ කොටස් කරුවෝ වූහ. 1781 දී බ්‍රිතාන්‍ය යෝර්ක්ටවුන් හිදි පරාජය විය. ඉන්පසු 1784 දී වර්සේල් ගිවිසුමෙන් මහාවිල් වලට පහළින් බ්‍රිතාන්‍යයන් සතු සියලු හිමිකම් නැගී ගෙන එන එක්සත් ජනපදයට හිමිකර දෙන ලදී. ප්‍රංශ ස්පාඤ්ඤ සන්ධාන ගිවිසුමක් මගින් 1801 දී ලුසියානා ප්‍රාන්ත ප්‍රංශයට පවරා දෙන ලදී. මේ නිසා නැපෝලියන්ට 1803 දී එය ඇමෙරිකාවට විකිණිමට හැකි විය. මෙම විකිණිමෙන් ශාන්ත පියරේ සහ මිකුලොන් (St.prerre and miquelon) නම් දූපත් හැර උතුරු ඇමෙරිකාවේ ප්‍රංශ යටත් ප්‍රදේශ සියල්ලෙහි අවසානය සනිටුහන් විය. ඉහ
ත දූපත් දෙක පමණක් අද ද ප්‍රංශ ප‍ාලනය යටතේ පවතී. 1791 සිට 1841 දක්වා ඉහළ කැනඩාව සහ පහළ කැනඩාව ලෙසින්ද අනතුරුව 1841 සිට 1867 දක්වා කැනඩා ප්‍රදේශය ලෙස ද (Province of Canada) පැරණි නිව් ෆ්‍රාන්ස් හි කොටස් බ්‍රිතාන්‍යය යටතේ පාලනය විය. අනතුරුව 1867 දී බ්‍රිතාන්‍ය උතුරු ඇමෙරිකා පනතින් බ්‍රිතාන්‍ය උතුරු ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශයකට ස්වයං පාලනයක අයිතිය ලබා දුන් අතර ඒ සමගම ප්‍රංශ භාෂාව කථා කරන ක්ව්බෙක් (පැරණි පහළ කැනඩාව) ප්‍රදේශය කැනඩා සන්ධානයේ (Confederation of Canada) මුල්ම පළාත් වලින් එකක් ලෙස ද ව්‍යවස්ථාපිත කරන ලදී. අද වන විට ප්‍රංශය සතුව පැරණි නිව් ෆ්‍රාන්ස් ප්‍රදේශයෙන් ඉතිරිව තිබෙන්නේ කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්නයේ වෙරළින් කි.මි.25 ක් දුරින් පිහිටි සෙන්ට් පියරේ සහ මිකුලොන් නමින් හැඳින්වෙන කුඩා දූපත් කීපයක ප්‍රදේශයයි.මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය
විය හැක. The specific problem is: Format. ඔබට හැකි නම් මෙම වැඩි දියුණු කිරීමට ලිපිය කාරුණික වන්න. (2013 ජූනි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)විකිපීඩියාවෙහි තත්ත්ව ප්‍රමිතීන් පුරලනු වස් මෙමලිපිය ප්‍රතිසංවිධානය කෙරුමට අවශ්‍ය විය හැක. මෙහි හොඳ තොරතුරු තිබෙන මුත්, සංවිධානය දුර්වලය; එඩිතර බව ප්‍රදක්ෂිණා කරමින් සහ සමස්ත වින්‍යාසයෙහි වෙනස්කම් සිදු කිරීම තුලින් මෙම ලිපිය වැඩිදියුණු කිරීම සිදුකරන මෙන් සංස්කාරකවරුන් හට අනුබල දෙනු ලැබේ. (ජූනි 2013)Spelling mistakes with Unicode. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. (2013 ජූනි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)This article should be divided into sections by topic, to make it more accessible. Please help by adding section headings in accordance with Wikipedia's Manual of Style. (2013 ජූනි) (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)මෙම ලිපිය හෝ ලිපි කොටස සංචරණය වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය) ජූනි 2013 සිට යෝජිතය.සංචරණය යන්න අතීතයේ පටන් සිදුවන්නකි.එදා ස්ථානයකින් ස්ථානයකට පැමිණීම තරම් සංචරණය සරල දෙයක් වුවද නව ලොවතුලදී එ
ය කර්මාන්තයක් ලෙස ගත්කල එය වඩාත් සංකීරණ වී ඇත. නව ගොලීයකරණය හමුවේ සංචාරක කර්මාන්තයද එකතැන් වන කර්මාන්තයක් නොවී නව ප්‍රවණතා මගින් ඉදිරියට පැමිණ ඇත.එබැවින් සංචාරක කර්මාන්තයද අතීතයේ පටන් දියුණු වෙමින් මෙම යුගය වනවිටදී අනිකුත් ක්ෂේත්‍රයන් සමග සම්බන්දවී ඉදිරියට යන කර්මාන්තයක් ලෙස හැදින්විය හැකිය. අතීතයේදී සංචරණය පටු සීමාවන්ට කොටු වූ දෙයකි. එය කර්මාන්තයක් ලෙස දියුණු වී නොතිබූ අතර සංචාරකයා දේශීය හා විදේශීය ස්ථානයන්ට ගොස් තම නිවාඩුව ගතකර නැවත පැමිණීම තරම් එය සීමා සහිත විය.එදා සංචාරකයා විදේශ රටකට පැමිණියේ එරට ඇති දේශගුණය විදගනීම හා ඒ ඒ රටවල උරුමයන් බලාගැනීම වැනි සම්ප්‍රදායික අරමුණු සදහාය .නමුත් මෙම සාම්ප්‍රදායික කම තුලින් ඇත්වී වර්තමානයේ එය නව ප්‍රවණතා අනුව ඉදිරියට යාමක් දක්නට ලැබේ.වර්තමාන සංචාරකයා පැමිණෙනුයේ ඉහත කී සාම්ප්‍රධායික කරනා සදහා නොවන අතර ඔහුට ආවේනික වින්දනය සොයා ඔහු පැමිණෙනු ඇත.එබැවින් ඔහුගේ අපේක්ෂා ඉටු කිරීම සදහා සංචාරක කර්මාන්තය සාම්ප්‍රදායික රාමු තුලින් ඉදිරියට පැමිණිය යුතු වේ.එබැවින් හුදු නරබුම් සංචාරයකට සේවා සැපයීමෙන් ඈත් වී සංචාරක කර්මාන්තයේ නියෙලෙන්නන් විවිධාන්ගීකරණය වූ
සංචරණ ප්‍රවණතා අනුව සේවා සැපයීමට වගබලා සිටී. එසේ නව ප්‍රවනතාවන් මෙලෙස දැක්විය හැකිය.ත්‍රසයජනක සංචරණය ත්‍රසයජනක සංචරණය ලෙස හදුන්න්වනු ලබන්නේ ජීවිත අවදානමක් එක්කරමින් තම සංචරණ කටයුතු සිදුකිරීමයි .මෙහිදී සාමාන්‍ය ජනයා අත්හදා බැලීමට බියක් දක්වන ඇග කිලිපොලා යන අද්දැකීම් විදීම මෙහිදී සිදුවේ .මෙහිදී සංචාරකයා වින්දනය මෙන්ම පෞර්ෂ වර්ධනයක්ද අපේක්ෂා කරනු ලැබයි .මෙහිදේ ගිරිදුර්ග තරණය bungee jump ලෙස හදුන්වනු ලබන ඇදෙන කබා මගින් උස් ස්ථානයක සිට පැනීම ,කදු පහලට බයිසිකල් පැදීම ,වේගවත් ජල පහරක් හරහා පහලට ඔරු පැදීම බිත්ති නැගීම,පැරෂුට් ආධාරයෙන් අහසේ සිට පැනීම ආදිය මෙහිදී සිදුකරනු ලබයි .එසේම සංචාරක ආයතන මගින් cable car මාධ්‍ය යොදාගනු ලබන්නේද මෙම ත්‍රස්යජනක අද්දැකීම සංචාරකයාට ලබාදීම පිණිසයි.මෙහිදී සංචාරකයාගේ ආරක්ෂාව හා ප්‍රථමාධාර ලබාදීම වර්ධනය හා කඩිනම් කිරීමට සංචාරක කර්මාන්තයේ නියලී සිටින්නන්ගේ වගකීම වී තිබේ .මෙහිදී කොටස් කීපයකට වර්ගකොට මෙම ත්‍රස්යජනක සංචරණය නව ප්‍රවණතා හදුන්ව දිය හැකිය . කදු ශිඛර නැගීම සංචාරකයන් ආකර්ෂණය කරන නව ක්‍රීඩාවක් ලෙස කදු ශිඛර නැගීම හදුනාගත හැකිය.මෙම නැගීම ස
ිදුවන ස්ථානකීපයක් වේ. ගල් කදු නැගීම, ගොඩනැගිලි නැගීම, ගැබුරු පතල් බැසීම,හුණු කදු නැගීම,තරගයට නැගීම,හිමකදු නැගීම,ගිරිපව් නැගීම,කණු නැගීම,ගස් නැගීම ආදිය දැක්විය හැකිය.පහත සදහන් ස්ථාන මෙම ක්‍රීඩාව සදහා සංචාරක ආකර්ශනය ලැබී ඇත. පර්වත නැගීම සදහා සුප්ප්‍රසිද්ද ස්ථාන ලෙස අලෙස්කවේ Ozark Mountains,දකුණු අප්‍රිකාවේ Rocklands,ස්විස්ටර්ලන්තයේ Ticino, ප්‍රංශයේ Fontainebleau, හදුනාගත හැකිය.හිමකදු නැගීම සදහා සංචාරකයන් නිතර පැමිණෙන ස්ථාන ලෙස කොලරාඩෝ Ouray,අලෙස්කවේ Valdez,නොර්වේ Rjukan,ස්ව්ස්ටර්ලන්තයේ The Alps,කැනඩාවේ Rocky Mountains ආදිය හැදින්විය හැකිය.සැඩසුල් හරහා ඔරු පැදීම ගංගා ආශ්‍රිත සැඩසුල් පවතින හැරුම් ස්ථාන, කුඩා ඇලි සහිත ප්‍රදේශ ,අදිවෙගයෙන් පෙන නංවමින් ජලය ගලයන ගල් පර පවතින ස්ථාන හා ගං මෝය ආශිතව කුඩා වේගවත් බෝට්ටු පැදීම සංචාරකයා සිදුකරනු ලබයි.සංචාරක ආකර්ෂණයට ලක්වී ඇති ප්‍රධාන ත්‍රසයජනක ජලරල් පවතින තැන් කෙපයක් වේ .චිලී රාජ්‍යයේ futaleufu river,ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ cherry creek, සිම්බාබ්වේ zambezi river,ඉක්වධෝරේ rio upano, උගන්ඩාවේ වික්ටෝරියා නයිල් ආදී ස්ථාන හදුනාගෙන තිබේ .බයිසි
කල් ආශයෙන් දුෂ්කර ස්ථානය තරණය සංචාරකයා සංචාරක වාහන ආශය කරගනිමින් ස්ථාන කරා යාම හැරදමා සිය බයිසිකලය ආධාරයෙන් එම සහන කරා යාමේ නව ප්‍රවනතාවයක් වේ.මෙහිදී දුෂ්කර කදු තරණය, නෙරුම් සහිත පල්ලම් මාර්ග තරණය ආදී ත්‍රසයජනක ක්‍රියාවන් බයිසිකලය ආධාරයෙන් සිදුකරනු ලබයි .සංචාරකයන් කුඩා කණ්ඩායම් වශයෙන් මෙම සංචරණයට එක්වීම දක්නට ලැබේ .Bangee jumingඋස් ස්ථානයක එල්ලා ඇති දිග ඇදෙන සුළු කබායක් ආධාරයෙන් එය දෙපාවල බැද උස් මුදුනේ සිට පැනීම මෙහිදී සිදුකරනු ලබයි. මෙහිදී සංචාරකයා උස් කුළුණු මත සිට පැනීම,පාලම් වල සිට ගංගා මතට පැනීම සිදුකරයි .විවිද රටවල මෙම ක්‍රීඩාව සදහා අයකිරීම් හා උස ප්‍රමාණය මෙසේය .මෙම ත්‍රසයජනක ක්‍රීඩාව සදහා ඇමරිකාව හොදම ප්‍රසිද්දියක් දරන රට වන අතර අඩි 1200 සිට අඩි 100 දක්වා මෙම පැනීම සිදුකරනු ලබයි.මේ සදහා අයකිරීම ඩොලර් 40 සිට ඩොලර් 325 දක්වා වේ .ඇමරිකාව තුල මෙම ක්‍රීඩාව සිදුකරන ස්ථාන වන්නේ Royal George Bridge, Golden Gate Bridge,Rio Grande Bridge,Navajo Bridge,Crooked River Bridge,Northern California Bridges ආදියි.Bangee juming සදහා ලොව ජනප්‍රියම ස්ථානයන් වන්නේ Bloukrans River Bridge ,සිම්බ
ාබ්වේ Victoria Falls Bridge,නේපාලයේ Bhote Khosi ,Great Canadian , Ice skating හිමමත ලිස්සායාම ලොව පවතින ප්‍රධානම ත්‍රසයජනක ක්‍රීඩාවක් වේ .මෙම ක්‍රීඩාවේ නිරත වීම පිණිස සංචාරණයේ යෙදෙන බොහෝ පිරිස් හිම කදු වෙත සංචරණය කිරීම සංචාරක කර්මාන්තයේ සුලබ කටයුත්තක් වේ.හිමපතනය පවතින රටවල හා කෘතිමව හිම මාර්ග සකසා සංචාරකයාට ක්‍රීඩාවේ නිරත වීමට ඉඩ ලබාදීම සංචාරක වියපාරිකයන් කටයුතු කරයි .මෙම ක්‍රීඩාව සදහා බහුල වශයෙන් ඉන්දියාවේ kufei ඉන්දියාවේම Narkanda ස්ථාන යොදාගනී .kufei හි ක්ලොමීටර් 10 පමණ ලිස්සායමක් තිබෙන අතර Narkanda හි දී එය කිලෝමීටර් 64ක් වේ.මීට අමතරව ත්‍රසයජනක සංචාරණයේ විශේෂිත අවස්ථා පහත ලෙස වර්ගකර දැක්වීම සිදුකල හැකිය.1 ආබාදිත පුද්ගලයන් සදහා වූ ත්‍රසයජනක සංචරණය මෙහිදී සමාන්‍ය පුද්ගලයන් සිදුකරන ත්‍රසයජනක ක්‍රියා යන අර්ථය එහි ගැබ් නොවේ . සමාන්‍ය පුද්ගලයන් සිදු කරන කිමිදීම කදු නැගීම යන අවස්ථා ආබාදිත පුද්ගලයන් සිදු කිරීම මෙහි අර්ථයයි .මෙය ත්‍රසයජනක සංචරණයේ නව ප්‍රවනතාවක් ලෙස දැක්විය හැකිය.2 ආපදා තත්වයන් නැරබීම මෙහිදී යම් ආපදා තත්වයක් නැරබීමට යාම සිදුකරනු ලබයි .කාලගුණික හා දේශගුණ
ික තත්වයන් හමුවේ සිදුවී ඇති ආපදා තත්වයක් නැරබීම මෙහි අර්ථය වේ .නාය යාම්,ගිනිකදු පිපිරීම්,ජල ගැලුම් මෙහිදී සංචාරකයාගේ අනුබුඋතින් බවට පත්වේ.3 ස්වාදීශියන් හමුවීම මෙය සාමාන්‍ය සංස්කෘතික සංචාරයක් නොවන අතර මෙහිදී සිදුවන්නේ සංචාරකයන් නිතර නොයන නොදියුණු භයානක මිනිසුන් සොයා යාමයි 4 හුදකලා වූ වනාන්තර තුල සංචරණය මෙය පරිසර සංචරණයට ඇතුලත් නොවන අතර මෙහිදී සිදුවන්නේ යම් අවධානමක් සහිතව සමාන්‍ය සංචාරකයන් නොයන වනාන්තර ආදියෙහි කෙරෙන සංචාරයයි කුෂිකාර්මික සංචරණය කුෂිකර්මික සංචරනයෙදී ගොවිපලක අද්දැකීම් ලබාගැනීම සංචාරකයාගේ අරමුණ වේ . මෙය ග්‍රාමීය සංචරණය හා එක්ව පවතින සංචරණ ක්‍රමයකි .මෙහිදී ගොවිපල නැරබීම,ගොවියාගේ අද්දැකීම් ක්‍රියාකාරකම් වලට සහභාගී වීම ,මාළු බෑම ,නැවුම් එළවලු පලතුරු මිලදීගැනීම මෙහිදී සංචාරකයා සිදුකරනු ලබයි . කාබනික නිෂ්පාදන සදහා සමීප වීම මෙහිදී සිදුවෙන ලබයි.සමහර සංචාරකයන් හොටෙල් වල නවතිනවාට වඩා ග්‍රාමීය ගොවිපල තම සංචරණ කාලසීමව් නැවතීමට රුචිකත්වයක් දරයි.මෙහිදී සංචාරකයා ගොවිපලී රැදී සිටින අතරතුර වගාව බලාගැනීම සතුන්ට අහාර ලබාදීම ආදියද,මී මැසි පාලනයද ,ගොපල්ලෙකු ලෙස එමකලය ගතකිරීම වැනි අද්දැකී
ම් ඔවුන් අපේක්ෂා කරනු ලබයි .ඒකදේශික ආහාරයන්ට විශේෂ කැමැත්තක් දක්වන්නන් මෙම සංචරණයට බෙහෙවින් ඇදී එම දක්නට ලැබෙයි. එසේම ඒ ආශ්‍රිත සංකෘතියට අනුගත වවීමත් එය අධ්‍යනය කිරීමත් ඔවුන් බලාපොරොත්තු වෙයි.මෙහිදී ගොවිපල නිකේතනයන් තුලදී විවිධ කුෂිකර්මික අද්දැකීම ලබාදීමට සංචාරක ආයතන කටයුතු කරනු ලබයි .නව ප්‍රවනතාවක් ලෙස තමන් ආහාරයට ගන්නා ආහාර සකෙසෙන ආකාරය පිළිබද දැනුමක් ලබා ගැනීමට මිනිසුන් කැමතිය. එය පදනම් කරගනිමින් සංචාරකයා ආකර්ෂණය කරගැනීමට කෘෂි ප්‍රදර්ශන පැවැත්වීම සිදුකරනු ලබයි.උරුම සංචරණයලෝක උරුමයන් වන ඒ ඒ රටවල උරුමයන් නැරබීමට සංචාරකයා යොමුවීම සංචාරක ප්‍රවනතාවක් වේ .උරුමයන් ආකාර දෙකකට වෙන්කර දැක්විය හැකිය.එනම් මිනිසා නිපදවනු ලැබූ උරුමයන් හා සොබාවික උරුමයන් මෙයට අදාල වේ . රටක ඉතිහාසයට සම්බන්ද ස්පර්ෂිත ස්ථාන මිනිසා නිපදවනු ලැබූ උරුමයන් වේ .එනම් ඉතිහාසගත් සිද්දියක් සිදුවූ ස්ථානයක් ,පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්තවන්නා වූ මාලිගා ,ඉතිහාසගත පුද්ගලයන් ඉපදුනු මියගිය ස්ථාන ,කෞතුකාගාර ,ස්මාරක ,ආගමික ස්ථාන ,ආරක්ෂක පව්රු ආදී වූ ඉතිහාසගත ශාක්ෂි උරුමයන් වේ .එසේම සොබාවික උරුමයන් වන වනාන්තර ,පර්වත ,පොකුණු ආද
ිය නරබීමද උරුම සංචරණය යටතේ සංචාරකයා සිදුකරනු ලබයි.ගෘහස්ත සංචරණය කෙටිකාලීන නිවාඩුවක් පිණිස කෙටි සංචාරයක දීම මේ යටතේ සංචාරකයා සිදිකරනු ලබයි . දවසක් හෝ සතියක් ඇතුලත තම සංචාරය නිම කිරීම ඔහු සිදුකරනු ලබයි . මෙම සංචරණය තමරටේ හෝ වෙනත් රටක සිදුකරයි .ඒ ඒ රටවල සංචරණය කිරීම තුලින් එම රටේ සංස්කෘතිය, ආහාරපාන ,දේශගුණය විදීම මගින් තම කෙටිකාලීන නිවාඩුව ගතකිරීම මේ යටතේ සිදුවේ .පාරසරික සංචරණය පරිසරයට සංවේදී වෙමින් පරිසර හානියකින් තොරව පරිසරය ආරක්ෂාකරමින් සොබාදහම විදීම පාරසරික සංචරණය වේ .මෙය වගකීම් සහිත සංචාරක වියාපාරයක් ලෙස හැදින්වේ . ශබ්ද දුෂණයෙන් හා වායු දුෂණයෙන් තොර වූ ග්‍රාමීය හා හරිත පරිසරයක් ආශ්‍රය කරමින් මෙම සංචරණය සිදුවේ . මෙහි ආධායම ග්‍රාමීය ප්‍රදේශ කරා වියපත වීම සිදුවන අතර සංස්කෘතික පද්දතීන්ට හානි නොවන පරිදි දැකබලා ගැනීම අධ්‍යනය කිරීම සිදු කරයි .සංචාරකයා සංස්කෘතියට ගරුකිරීම නිසා ඒවාට දීර්ග කාලීන රැකවරණයක් අපේක්ෂා කෙරේ.ජලාශ,ගංගා ,වනාන්තර ,දියඇලි ,දුපත් නැරබීම මෙම සංචරනයේදී සිදුකරනු ලබයි .මෙහිදී පාරසරික වස්තුන්ට අගය කිරීමක් වටිනාකමක් ලබාදෙමින් සොබාදහමත් සමග මිත්‍රශීලී අයෙකු ලෙස සංචරනයෙදී
තම හැසිරීම ක්‍රියාත්මක කරනු ලබයි .පාරසරික හා සංස්කෘතික ලක්ෂණ එලෙසම ආරක්ෂා වන ලෙසද එය සමාජ වගකීමක් යන පණිවිඩය ලබා දෙමින් මෙම සංචරණය සිදුකරයි..සෞඛ්‍ය සංචරණය තම ශරීර සෞඛ්‍ය හා සනීපාරක්ෂාව වෙනුවෙන් කෙරෙන සංචරණය සෞඛ්‍ය සංචරණය ලෙස හදුන්වනු ලබයි. මෙම සංචාරයේදී සංචාරකයාගේ අරමුණ වන්නේ තම සනීපරක්ෂවයි.ලොව ප්‍රධානම වෛද්‍ය ක්‍රමය වන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයි. නමුත් මෙය බිහිවීමට බොහෝ පෙර කාලයේ ආසියාතික කලාපයේ ,මැදපෙරදිග,අප්‍රිකානු කලාපයේ ,දකුණු ඇමරිකානු කලාපයේ විවිද ස්වාභාවික වෛද්‍ය ක්‍රම දක්නට ඇත.මෙයින් සමහරක් බටහිර වෛද්‍ය ක්‍රමය අභිබවා යාම දක්නට ලැබෙයි.එහෙයින් සංචාරකයා මෙම ක්‍රමවේද අත්හදා බැලීමට කටයුතු කරයි.මෙම වෛද්‍ය ක්‍රමය පවතින රටවලට සංචරණය කරනු ලබන සංචාරකයන් බහුතරයක් මෙම ක්‍රමය අත්හද බලනු ලබන්නේ මෙම ක්‍රමය රසායන ද්‍රව්‍ය නොපවතින ස්වබාවික ක්‍රමයක් වන බැවිනි .එසේම ඇතැම් රෝග පාලනය මිස නිට්ටාවට සුව කිරීමට බටහිර ක්‍රමය සමත් නොවීමත් ඉන් ඇතිවන අතුරු අබාද මෙම සම්ප්‍රදායික ක්‍රමය තුල නොවීමත් නිසාය.එසේම බටහිර වෛද්‍ය ක්‍රමය නොදියුණු රටවල ඇතැම් සංචාරකයන් තම රට තුලදී කරගත නොහැකි බටහිර ප්‍රතිකාර ,පරීක්ෂණ
,අභ්‍යස කරගැනීම සදහා බටහිර වෛද්‍ය ක්‍රමය දියුණු රටවලට සංචාරය කිරීම දක්නට ලැබෙන නව ප්‍රවණතාවයකි.නව යුගය තුලදී සෞඛ්‍ය සංචරණය තුලින් ආසියානු සහ මද පෙරදිග රටවල් සදහා විශාල අදායමක් ලැබී තිබේ.ඉරානය සෞඛ්‍ය සංචරණය සදහා ඉරානය බලා 2006 දී 15000 පැමිණ තිබෙන අතර ඔවුන්ගෙන් ලැබූ මුළු ආදායම ඩොලර් මිලියන 40 කි.ඉරානය තවත් රටවල් 12 සමග එක වී helth tuorism සදහා ඒකාබද්ද වී තිබෙන අතර ඒ සදහා පැමිණි සංචාරකයන් ප්‍රමාණය 3000 වේ ජෝර්දානය සෞඛ්‍ය සංචරණය සදහා 2008 දී ජෝර්දානයට පැමිණි සංචාරක ප්‍රමාණය 25000 වන අතර ඉන් ලැබූ අදායම ඩොලර් බිලියනයකි.චීනයසෞඛ්‍ය සංචරණය ඉතා දියුණු රටක් වන චීනය ස්නායුවේදය ,හර්ද වේදය,විකලාංග චිකිත්සාව ,ආදී රෝග බොහොමයකට දේශීය වෛද්‍ය ක්‍රමය මගින් ප්‍රතිකාර ක්‍රම සොයාගෙන ඇති අතර සෞඛ්‍ය සංචරණයචීනය තුල දියුණු වීමට ප්‍රදාන හේතුව වන්නේ චීන වෛද්‍ය ක්‍රමය හා බටහිර වෛද්‍ය ක්‍රමය එක් කොට චීනය තුල සෞඛ්‍ය අභ්‍යාස ලබාදීමයි.හොන්කොන් රාජ්‍ය මේ සදහා වෙනම රෝහල් 36 පිහිටුවා ඇත.ඉන්දියාව ඉන්දියාව තුල 2012 වසරේදී 30% කින් සංචාරක ව්‍යාපාරයට සහය දක්වා තිබෙනු යේ සෞඛ්‍ය සංන්චරණයයි .දකුණු කොරියාව සෞඛ
්‍ය සංචරණය සදහා දකුණු කොරියාවද විශාල ප්‍රසිද්දියක් උසුලන අතර සෞඛ්‍ය ආවරණ ,පිලිකා නිවාරණ ක්‍රම,ඉන්ද්‍රිය බද්ද කිරීම්,කශේරුකා සැත්කම්,අක්ෂි විද්‍යා ආදිය සදහා වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන අතර 2008 වසරේදී ඉන් ලබා ඇති ආදායම 27480 කි.2015 දී ඔවුන් අපේක්ෂා කරන අදායම වන්නේ 140000 කි අභ්‍යවකාශ සංචරණය දැනට ලොව පවතින සීමිත පිරිසකට පමණක් සිදුකල හැකි මිල අදික සංචරණ ක්‍රමයක් ලෙස අභ්‍යවකාශ සංචරණය ලෙස හැදින්විය හැක.මෙම සංචරණය රුසියානු අභ්‍යවකාශ සංචරණ පවත්වාගෙන යන ආයතනයක් මගින් ක්‍රයාත්මක කරනු ලබයි.මෙහිදී සංචරකයට ගගනගාමීන් සමග තම සංචරණය සිදුකිරීමට සංචාරකයාට හැකිවේ.එක සන්චාරණයක් සදහා සංචාරකයකුට දැරීමට සිදුවන මුදල වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 20-30 අතර ගණනකි.දැනට සංචාරකයන් 7 දෙනෙකු සංචාරක සමගම විසින් අභ්‍යකාශ ගත කොට ඇත . අභ්‍යවකාශ සංචාරණයේ ප්‍රථම සංචාරකයා වීමේ වාසනාව ලබා ඇති සංචාරකයා වන්නේ ඇමරිකානු ජාතික ඩෙනිස් ටිටෝ ය.ඔහු 2001 අප්‍රේල් මස 28 වන දින අභ්‍යවකාශයට යොමුකර ඇත. දැනට අභ්‍යකාශ ගතකොට ඇති ඉතිරි සංචාරකයන් වන්නේ දකුණු අප්‍රිකානුජාතික . Mark Shuttleworth දෙවන සංචාරකයා ලෙස 2002 අප්‍රේල් 25 වන දින
දින 11 සංචාරයක නිරත විය.ඇමරිකානු ජාතික Gregory Olsen විසින් තෙවන සංචාරකයා ලෙස 2005 ඔක්තෝම්බර් 1දින දින 11 සංචාරයක නිරත විය .ඇමරිකානු ජාතික Anousheh Ansari විසින් තෙවන සංචාරකයා ලෙස සැත්තැම්බර් 18 වන දින දින 12 චාන්චාරයක නිරත විය.මීට අමතරව හංගේරියානු ජාතික Charles Simonyi ,බ්‍රිතාන්‍ය ජාතික . Richard Garriott,කැනේඩියානු ජාතික Guy Laliberté ද අභ්‍යවකාශ සංචාරකයන් වේ.විවාහය හා මදුසමය සදහා සංචරණය සමහර සංචාරකයන් තම විවාහ උත්සවය හා තම මදුසමය වෙනත් රටක ඒ සංස්කෘතියට අනුව කිරීමට කැමතිවේ එබැවින් එම විවාහ සංචරණය මෙම ක්ෂේත්‍රයේ නව ප්‍රවනතාවක් වේ .ඔවුන් එම කාලය තුල එරට සංකෘතියට අනුව ඇදුමෙන් සැරසී එම සංකෘතික වතාවලට සහභාගී වී එම ආහාර ගෙන එම ගෝත්‍රයේ අය මෙන් හිරීම සිදුකරනු ලබයි.මෙය ඉන්දියාව වැනි රටවල ඉතා ඉහල මට්ටමෙන් සිදුවේ.ලොව වැඩි වශයෙන් විවාහ උත්සව සදහා සංචරණය කරන පුද්ගලයන් සිටින රටවල් වන්නේ United States, United Kingdom ,Germany,Italy, France ,Scandinavia වැනි රටවල්ය.එම සංචාරකයන් විවාහය සදහා සංචරණය වන ප්‍රධාන රටවල් වන්නේ Hawaii, Caribbean, Mexico, Sri Lanka, යන රටවල්ය . travelchannel
දක්වන ආකාරයට ලොව ප්‍රධානම හා හොදම පැකේජයන් දක්වන ආයතන මෙසේය.1 මෙක්සිකෝවේ Camino Real Acapulco Diamante2 ලාස් වෙගස්හි The Bellagio Hotel3 කැනඩාවේ Fairmont Chateau Lake Louise4 ෆ්ලොරොඩාහි Walt Disney World5ඉන්දුනීසියාවේ amankila6 ඉතාලියේ Grand Hotel Florence
7 ඇමරිකාවේ වර්ජිනියා දුපතේ 8 ප්‍රංශ පොලොනියාවේ Hilton Bora Bora Nui Resort & Sp9 ප්ලාම් බීච් හි Hyatt Regency Aruba Beach Resort & Casino10 හවායිහි 
Four Seasons Resort Hualalaiමෙහිදී සන්ච්රකයින් අපේක්ෂා කරනු ලබන්නේ තම නිදහස හා ඉහල තෘප්තියක්ය.තම මදුසමය ජීවිතයේ අමරණීය මතකයක් ලෙස තබාගැනීම ඔවුන්ගේ මුලික අදහසයි.එබැවින් මෙම වියාපාරයේ යෙදී සිටින්නන්ට සිදුවී තිබෙන්නේ සංචාරකයන්ගේ මෙම අවශ්‍යතාවන් සපරීමයි .දිළිදුකම පිටුදැකීමේ සංචාරය මෙය සංචාරක චාරිකාවක් නොවන අතර මෙය ඒ ඒ රජයන් විසින් දුප්පත්කම නැති කෙරීම සදහා දුප්පතුන් සංචාරක කර්මාන්තයට සම්බන්ද කිරීම මෙහිදී සිදුකරනු ලබයි.මෙහිදී දුප්පත් ජනතාවගේ ඉඩම් සංචාරක කර්මාන්තයට යොමු කිරීම,කර්මාන්තයට අවශ්‍ය ශ්‍රමය ඔවුන්ගෙන් ලබාගැනීම ,සංචාරකයන්ට අලවිකලහැකි සමරු භාණ්ඩ සෑදීම,කුඩා සංචාරක වියාපා
ර ඇරබීම ආදිය සිදුකරනු ලබයි.මෙහිදී උදාහරණ ලෙස AFRICAN PRO-POOR TOURISM DEVELOPMENT CENTRE අප්‍රිකානු කලාපය තුල සිදු කරන වියපෘති දැක්විය හැකිය.ඔවුන් පහත දක්වන ආයතන අප්‍රිකානු කලාපයේ පිහිටවා එහි ක්‍රියාකාරකම් වලට එම කලාපයේ දුප්පත් ජනයා ඍජුව සබ්බන්ද කර ඔවුන්ට එම වියාපෘති මගින් දිලිදු කම නැති කිරීමට කටයුතු කර ඇත.එම වියපෘති මෙසේය.Lewa Downs හි වනාන්තර වල කැලිකසල පිරිසිදු කිරීම් Kimana සමාජය Mwaluganje හි අලි සංරක්ෂණය Kuku Field හි අධ්‍යාපන ආයතනය Ngomongo හි ගම්මානය Kiamaina ගොවිපල Shanzu සම්ප්‍රදායික වැඩපල Masai Mara වන විද්‍යා වියපෘති Masai Mara හි වන විද්‍යා වියාපෘතිය Il Ngwesi සමුහ ගොවිපල Elsamere ආරක්ෂණ මද්‍යස්ථානය ආබාදිත පුද්ගලයන් සදහා වූ සංචරණඅනෙකුන් හා සසදන විටදී ආබාදිත පුද්ගලයන්ට සංචරණය ඉතා දුරස්ථ මාතෘකාවකි .නමුත් Accessible Tourism වලදී සිදුකරනු ලබනු යේ එම පුද්ගලයන්ටද ඒ ඒ ස්ථානයන්ට පහසුවෙන් ලගා වීමට ඉඩ හසර ලබාදීමයි.මෙම සංචරණය Darsy හා Dickson විසින් 2009 වසරේදී හදුන්ව දෙනු ලැබීය .මෙහිදී ඔවුන් සදහා සැපයිය යුතු විශේෂ පහසුකම් වේ.ලගාවිය හැකි ස්ථාන පිලිබදව ඔවුන් දැනුවත් ක
ිරීම,සුවිසේෂි ගමන ගමන පහසුව ලබාදීම,නවාතැන් වලදී අදාළ පහසුකම් ලබා දීම,අදාල ස්ථානයන්ට ඔවුන් සමග කටටයුතු කළහැකි පිරිස් යෙදවීම,යා මට පහසු මංමාවත් කඩ ප්‍රසිද්ද ස්ථාන සෑදීම ආදිය සැපයිය යුතු වේ.ක්‍රීඩා සංචරණය ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩා කිරීමට හා තරග නැරබීම සදහා කරන සංචරණය ක්‍රීඩා සංචරණය ලෙස හදුන්වනු ලබයි.විවිධ කාලයන්හිදී ලොව පුරා ක්‍රීඩා ලෝලීන් අතර එම කාලයේ පවතින ක්‍රීඩා තරගාවලි පිලිබදව උමතුවන් ඇතිවේ.ලෝක පාපන්දු තරගාවලිය,ඔලිම්පික් ක්‍රීඩා උළෙල ,ලෝක ක්‍රිකට් තරගාවලිය,හිම ක්‍රීඩා තරග ,තුරගතරග ආදිය මේවට උදාහරණ ලෙස හදුන්වා දිය හැකිය. එසේම ලොව ක්‍රීඩා ලෝලීන් තරග නැරබීම සදහා පමණක් නොව ඇතැම් තරග වලට සහභාගී වීමද සිදුකරනු ලබයි.එසේ ඔවුන් සදහා වූ තරග වන්නේ හිම ක්‍රීඩා ,බයිසිකල් පැදීම,කදු නැගීම,බෝට්ටු පැදීම ආදියයි. මේ ආදී වශයෙන් ගත් කල නුතනයේ සංචරණ ක්‍රියාවලිය සංකීරණ වී ඇත. ඒ අනුව බලන කල වර්තමානයේදී විවිද මාර්තෘකා ඔස්සේ සංචරණ ක්‍රියාවලිය ඉදිරියට යමක් ඇතිවී තිබේ .අද සංචාරකයාගේ නැරබුම් කරේය වලිය
එදා මෙන් ගොඩ බිම පමණක් නොවේ. අද සංචරනයෙදී සංචාරකයා මුහුදු පතුල නැරබීම, අභ්‍යවකාශය නැරබීම,පොලොව අභයන්තරය නැරබීම ආදී වශයෙන් සංකීරණ වී තිබේ .එසේම සංචාරකයා බලාපොරොත්තුවන අද්දකීම්ද බොහොමයක් සංකීරණ වී ඇති ආකාරයද දක්නට ලැබෙන්නකි.අද සංචාරකයා ගුරුත්වාකර්ෂණය තොර පරිසරයක් විද ගැනීමට,අහසේ පියාසර කිරීමට, හිමයේ යාත්‍රා කිරීමට,කදු නැගීම ආදී වූ සංචරනයන්ද එසේම අනෙකුත් ත්‍රසයජනක අද්දැකීම විදීමද ඔහු විසින් සිදුකරනු ලබයි.මෙයට ප්‍රධානම කරණය වන්නේ තාක්ෂණිකදියුණුව හරහා මිනිසාට ලංවිය හැකි ස්ථානයන්ගේ පුළුල් වීමයි .වර්තමාන තත්වය මෙසේ වන විට අනාගත සංචරණ ප්‍රවණතා පිලිබදව අපට පූර්ව නිගමනයන්ට යා හැකිය.දැනට අභ්‍යකාශසංචරණයන් සිදුකරන ආයතන ප්‍රකාශකර සිටිනුයේ 2020 වන විටදී 2000 පමණ සංචාරකයින් ප්‍රමාණයක් අභ්‍යවකාශ ගතකරන බවයි .එබැවින් යම් යුගයකදී සංචාරකයා ග්‍රහලොවක සංචරණය සදහාද කටයුතු කරනු ඇත.මේ අනුව බලන කල දක්නට ලැබෙන කරුණක් වන්නේ සංචාරක කර්මාන්තය එය සම්බන්ධ වන ක්ෂේත්‍රයන්ගේ දියුණුවට සාපේක්ෂව ඉදිරියට යනබවයි.ඒ අනුව පෙනෙන්නට ඇති කරුණක් වන්නේ ලොව නව ප්‍රවණතා අනුව සංචාරක කර්මාන්තයද නව ප්‍රවණතා විවරකරගන්න බවයි.ආශ්‍රිත ග්
‍රන්ථ සංචාරක සංවර්ධන ප්‍රවේශ ,ආචාර්ය D.A.C සුරංග සිල්වා සහ පියල් ගුරුගේමෙම ලිපිය සඳහා තවත් ප්‍රවර්ග අවශ්‍ය වේ. කරුණාකර ප්‍රවර්ග එක්කිරීමෙන් සහායවන්න. එවිට මෙය, මීට සමාන තවත් ලිපි සමග ලයිස්තුගත වනු ඇත. (2013 ජූනි) Victoria, Australiaසැකිල්ල:SHORTDESC: Victoria, Australiaනගර මධ්‍යයමෙල්බර්න්, වික්ටෝරියාඕස්ට්‍රේලියාවේ යුරේකා කුළුණේ සිට මෙල්බර්නයේ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය දිස්වන අයුරු.ජනගහණය28,371 (නගරෝපාන්තය, 2011)[1]සංස්ථාපනය1835තැපැල් කේතය(න්)3000, 3002, 3004, 3006LGA(s) මෙල්බර්න් පෝට් පිලිප්State electorate(s)මෙල්බර්න්Federal Division(s)මෙල්බර්න්Localities around නගර මධ්‍යය:උතුරු මෙල්බර්න්කාල්ටන් / පාක්විල්ෆිට්ස්රෝයිඩොක්ලන්ඩ්ස්නගර මධ්‍යයනැගෙනහිර මෙල්බර්න්පෝට් මෙල්බර්න්සවුත්බෑන්ක් / සවුත් වෝෆ්සෙන්ට් කිල්ඩා රෝඩ් / සවුත් යාරError: unknown |type= value (help)මෙල්බර්න් නගර මධ්‍යය (සමහරවිට "මධ්‍යම නගරය",[2] සහ ව්‍යවහාර භාෂාවෙන් සරල ලෙසින් "නගරය" ලෙසින් හැඳින්වෙන) යනු, ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ, මෙල්බර්න්හී ප්‍රදේශයකි.ආශ්‍රිත[සංස්කරණය]සටහන්:↑
ඕස්ට්‍රේලියානු සංඛ්‍යාන කාර්යාංශය (31 ඕක්තොම්බර් 2012). "මෙල්බර්න් (අර්බන් සෙන්ටර්/ලොකෑලිටි)". 2011 සෙන්සස් ක්වික්ස්ටැට්ස්. සම්ප්‍රවේශය 14/07/2013. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)↑ Script error: The function "harvard_citation_no_bracket" does not exist.මෙකාට්‍රොනික්ස් (Machatronics) යනු යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පය, විද්‍යුත් ඉංජිනේරු ශිල්පය හා මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යන විෂයන්ගේ එකතුවකි.මෙම අන්තර් ක්ෂේත්‍ර ඉංජිනේරු අධ්‍යයනයේ පරමාර්ථය වන්නේ උසස් දෙමුහුන් පද්ධති පාලන හැකිහාව ඇති ඉංජිනේරුවන් බිහිකිරීමයි .මෙය බහුතාක්ෂණයක් අන්තර්ගත කළ යාන්ත්‍රික හා ඉලෙක්ට්‍රොනික යන ක්ෂේත්‍ර ඇතුලත් ගමන් මල්ලක් ලෙසද සැලකිය හැකිය.RPI වෙබ් අඩවියේ සඳහන් වන රූප සටහන මඟින් Machatronic වල විවිධ ක්ෂේත්‍ර විස්තර කර ඇත.මෙය යාන්ත්‍රික, විද්‍යුත්, පාලන ඉංජිනේරු , පරිගණක, අණුක ඉංජිනේරු යන ක්ෂේත්‍ර කේන්ද්‍ර කොටගත් විෂය ධාරාවකි. ඒ අනුව මෙම ප්‍රධාන විෂය ඉහත කී එක් එක් විෂය ධාරා හා සෘජු ලෙසම බැදි පවතී. එබැවින් මෙකාට්‍රොනික්ස් ආර්ථිකමය වශයෙන් මෙන්ම වෙනත් වටිනාකම් රැසකින්ද යුත්
විෂය ක්ෂේත්‍රයකි.මේ පුලුල් විෂය ධාරාවට Machatronics යන නම මුල්වරට යොදනු ලැබුවේ ටෙට්සුරෝ මෝරි නම් සසකාවා ජපන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් විසිනි.ඒ වර්ෂ 1969 දීය. ඒ හැර Machatronics යන නම වෙනුවට ඊට විද්‍යුත් යාන්ත්‍රික පද්ධති තාක්ෂණය යන නාමය හෝ පාලන හා යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය යන නාමය හෝ භාවිත කිරීමට හැකිවේ.Machatronics වල පාලන ඉංජිනේරු ශිල්ප ක්‍රම පිළිබඳව වූ ප්‍රශ්න පිළිබදව හැදෑරීම ඉංජිනේරු සත්‍යාන්ත්‍රික විද්‍යාව ලෙස හැදින්වේ.එවැනි පද්ධතියක පාලනය හෝ යාමනය කිරීමට Machatronics උපකාරී වේ. Machatronics තාක්ෂණය යොදා විවිධ උපකරණ නිෂ්පාදනයෙන් එම උපකරණවල සංජාත නම්‍යතාවය හා ජව සම්පන්නබව, ගුණාත්මකභාවය ආදී උසස් නිෂ්පාදන අරමුණු ඉටුකර ගැනීමට හැකිවේ.මෙකාට්‍රොනික්ස් මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සමඟ සමීප සම්බන්ධතාවයක් පවතී. වර්තමාන නිෂ්පාදන උපකරණ වල Machatronics ඒකක අන්තර්ගත පාලන සැකිල්ලක් පවතී. මෙම බොහෝ නිර්මාණ ස්ථරි බව, බහුකොන් බව, විෂමරූපී බව හා දෙමහුන්බව යන ලක්ෂණ උපයෝගි කරගෙන ඇත. කාර්මික බලපෑමක් ඇතිවිම සඳහා ගණිතමය පාලනය සහිත විධිමත් ක්‍රම මෙම නිර්මාණ තුළ අන්තර්ගත කර තිබේ.දෙමුහුන් පද්ධති ආ
ශ්‍රිත කටයුතු වලදි, Machatronics ප්‍රයෝජනවත් වන අතර, නිෂ්පාදන පද්ධති සහ ක්‍රියා ප්‍රේරණය, ග්‍රහලෝක ගවේෂණ උපකරණ, ස්වයංක්‍රීය කැමරා, වීඩියෝ දෘඩතැටි, CD යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර වලදී මේ තාක්ෂණය යොදා ගනි.දර්ශිය Machatronics ඉංජිනේරු උපාධි පාඨමාලාවේ අන්තර්ගත පෙළ වශයෙන් ගණිතය, යාන්ත්‍රික, යන්ත්‍ර සංරචක, නිර්මාණ, යාන්ත්‍රික නිර්මාණ, තාප ගතිය, පරිපථ හා පද්ධිති, විද්‍යුත් හා සන්නිවේදන උපාංග, පාලන සිද්ධාන්ත ක්‍රම ‍‍ලේඛනය, අංක සංඥා සැකසුම්, ජීව ඉංජිනේරු, රොබෝ හා අවසාන අවුරුදු නිබන්ධනවලින් සමන්විතය.සටහන්[සංස්කරණය]Mechatronicsමෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)2-සයනොග්වොනඩීන් යනු ග්වොනඩීන් වෙතින් ව්‍යුත්පන්න කරගන්නා නයිට්‍රයිලයකි. එය සයනමයිඩ්හී ද්විඅවයවයක් වන අතර, එය වෙතින් සාදාගත හැක. අවර්ණ ඝන දුව්‍යයක් වන 2-සයනොග්වොනඩීන්, ජලයෙහි, ඇසටෝන්හී, සහ මද්‍යසාරයෙහි ද්‍රාව්‍ය වන නමුදු, ඩයිඑතිල් ඊතර් හෝ ක්ලෝරොෆෝම් වල දිය නොවේ. .[1]නිෂ්පාදනය
සහ භාවිතය[සංස්කරණය]2- සයනොග්වොනඩීන් නිෂ්පාදනය කරන්නේ භෂ්මයක් හා සමගින් සයනමයිඩ් පිරියම් කිරීමෙනි. පස තුල එය නිපැයෙන්නේ, සයනමයිඩ් විසංයෝජනය මගිනි. 2- සයනොග්වොනඩීන්, ග්වොනඩීනයන් සහ මෙලමයින් වෙතින් ප්‍රයෝජනවත් සංයෝග විවිධ සමූහයක් නිපැයේ. සෙමෙන් ක්‍රියාකරන පොහොරක් ලෙසින්ද එය භාවිතා වෙයි.මතභේදය[සංස්කරණය]2012 සැප්තැම්බර් මාසයේදී, ෆොන්ටෑරා යන නවසීලන්ත සමාගම විසින් නිපැයෙන කිරි නිෂ්පාදන තුල ඩයිසයන්ඩයමයිඩ් මාත්‍රයන් තිබී හමුවිය. [2] ෆොන්ටෑරා, ෆෙඩරේටඩ් ෆාමර්ස් සංවිධානය සහ රජය විගසින් ක්‍රියාක්මකවී, මහජනයා සහ විදේශීය ගැනුම්කරුවන් සැනසුවේ සෞඛ්‍යයට කිසිදු අවදානමක් නොමැති බවයි. [3] ඩීසීඩී සිද්ධිය හසුරුවාගත් ආකාරය පිළිබඳව ෆොන්ටෑරා වෙත ප්‍රශංසාව හිමි විය. [4] මට්ටම් ඉතා අඩු අගයක පැවති අතර පරික්ෂණ වාර්තා මාධ්‍යයෙහි පලවීම වැලැක්වීමට පරිශ්‍රමය දරන ලදි.[5]බාහිර සබැඳි[සංස්කරණය]ජාක්‍යන්තර රසායනික ආරක්ෂණ පත්‍රිකාව 0650OECD ලේඛය සංරක්ෂණය කළ පිටපත 2017-05-17 at the Wayback Machinechemicalland21.com හි නිවේශනයආශ්‍රිත[සංස්කරණය]↑ තෝමස් ගූත්නර් (2006). "සයනමයිඩ්ස්". උල්මාන්ස් එන්සයික්ලොෆීඩියා ඔෆ
් ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි. වයින්හයිම්: විලී-VCH. doi:10.1002/14356007.a08_139.pub2. {{cite encyclopedia}}: Unknown parameter |coauthor= ignored (|author= suggested) (help)↑ "ගවර්න්මන්ට් ඩවුන්ප්ලේස් ඩීසීඩී රිස්ක්". 3 News NZ. ජනවාරි 27, 2013. http://www.3news.co.nz/Government-downplays-DCD-risk/tabid/418/articleID/284532/Default.aspx. ↑ ඇස්ට්ලි, මාර්ක් (ජනවාරි 28, 2013). "ගවර්න්මන්ට් ඩිෆෙන්ඩ්ස් ෆොන්ටෑරාස් සේෆ්ටි". 3 නිවුස් NZ. http://www.3news.co.nz/Government-defends-Fonterras-safety/tabid/421/articleID/284682/Default.aspx. ↑ "ඩීසීඩී කන්සර්න්ස්: NZ හැන්ඩ්ලිං ඔෆ් ක්‍රයිසිස් වෝස් ‘ටෙක්ස්ට්බුක්’ - රබෝබෑන්ක්". ඩේලි රිපෝටර්. පෙබරවාරි 21, 2013. http://www.dairyreporter.com/Regulation-Safety/DCD-concerns-NZ-handling-of-crisis-was-textbook-Rabobank. ↑ වොට්කින්ස්, ට්‍රේසි (14 අප්‍රේල් 2013). "සීක්‍රසි ඕවර් ඩීසීඩී ඉන් මිල්ක් ස්කෙයාර් රිවීල්ඩ්". සන්ඩේ ස්ටාර් -ටයිම්ස්. http://www.stuff.co.nz/national/health/8547471/Secrecy-over-milk-DCD-scare-revealed. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 අප්‍රේ
ල් 2013. වර්තමානයේ මාර්ගෝපදේශනය උපදේශනය සහ මනෝසමාජ මැදිහත් වීම යන සංකල්ප බහුලව භාවිතා වේ. මෙම සංකල්ප අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ මෙන්ම සෞඛ්‍ය හා වෙනත් කේෂ්ත්‍රවලද බහුල ලෙස භාවිතා කෙරේ. මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම කෙනෙක් තව කෙනෙකුට සහ වීමේ පිළිවෙක් පැවතී ඇත. නොයෙකුත් ඇගම් ශාස්තෘවරුන්ගේ ද දර්ශනවල ද අන්තර්ගත වෙන්නේ පුද්ගලයින්ගේ දියුණුව සඳහා මඟ පෙන්වන නැතහොත් මාර්ගෝප දේශනයයි.මනෝවිද්‍යාව හා මනෝ සමාජ විද්‍යාවමෙම විෂයන් දෙකේදීම අවධානය යොමු කරන්නේ තනි පුද්ගලයකු පිළඳවයි. නමුත් මනෝවිද්‍යෙව්දී වැඩිපුර අවධානය යොමු කරන්නනේ පුද්ගයකුගේ පෞද්ගලික අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය පිළබඳවයි. එසේම මනෝවිද්‍යාවේදී පුද්ගලයන් අතර ඇති වෙනස්කම් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වයි. මනෝ සමාජ විද්‍යාව මිනිසුන් ඔවුනොවුන් සම්බන්ධව සිතන අකාරය බලපෑම් කරන ආකාරය සහ සම්බන්ධවන අයුරු පිළබඳව විද්‍යාත්මකව හදාරණ විෂයකි. මෙහි මනෝවිද්‍යා විෂයයන් දෙක සමාජ විද්‍යාව හා මනෝවිද්‍යාව වේ. සමාජ විද්‍යාව සමග සන්සන්දනය කරන විට මනෝ සමාජ විද්‍යාව වැඩි පුරම පුදගලබද්ධව ගොඩනැගී ඇත. එමෙන්ම එහි පර්යේෂනාත්මක භාවය ද වැඩිය.උපදේශනය පුදගලයාතුළ උද්ගත ව
න්නා වූ තරඟකාරී තත්වයෙන් මිදීමට ඔහු තුළට ගැබ් වී ඇති ශක්තීන් දායක කොට ගැනීමට මං එළි පෙහෙළි කරන ක්‍රියාවකි. පුද්ගලයාගේ මනෝ විද්‍යාත්මක යහපැවැත්ම වර්ධනය කරණ අර්බුධ සමනය කරණ ගැටළු විසඳීමේ හැකියාව සහ තීරණ ගැනීමේ හැකියාව ලබාදෙන ක්‍රියාවලියකි.මෙහිදී මඟ පෙන්වීමෙක් පමණක්ම කෙරේ දිශාගත කිරීමක් සිදු නොවේ.ඉන්දුනීසියාවේ, ජාවාහී, 9වන සියවසෙහි ප්ලාවෝසං බෞද්ධ විහාරයේ විහාර ආරක්ෂක ද්වාරපාල පිළිම යුගලයක එක් පිළිමයක්.දොරටුපාල ප්‍රතිමායනු, රණශූරයෙකු හෝ බිහිසුණු අසුර යෝධයෙකු ලෙසින් හෝ බොහෝ විට දැක්වෙන ද්වාර හෝ කඩුල්ල මුර කරමින්, සාමාන්‍යයෙන් ගදාවක් වැනි ආයුධයක් අතැති ප්‍රතිමාවකි. ද්වාරපාල ප්‍රතිමාව, හින්දු සහ බෞද්ධ සංස්කෘතීන්හීද, එයින් ආභාෂයට පත් ජාවා වැනි ප්‍රදේශයන්හීත් පුළුල් ලෙස පැතිර ගිය ගෘහ නිර්මාණ ශිල්පීය අංගයකි.රූප ගැලරිය[සංස්කරණය]ඉන්දියාවේ එලිෆන්ටාහී ද්වාරපාල පිළිම.ජාවාහී විශාලතම ද්වාරපාල ප්‍රතිමාව, සිංහසිරි යුගය.කාම්බෝජයෙහි අංකෝර්හී, බෑන්ටෙයි කෙඩෙයිහී ද්වාරපාල ප්‍රතිමාවක්තායිලන්තයේ, බැංකොක්හී, මහා මාලිගාවෙහි, ද්වාරපාල යක්ෂ (තායි: ยักษ์) ප්‍රතිමාවන්ගෙන් එකක්. මෙය
රාවණ රජගේ [1]බව විශ්වාස කෙරේ.↑ සංරක්ෂිත පිටපත, http://dungtrin.com/mag/?28.tour, ප්‍රතිෂ්ඨාපනය 2013-04-27 සමාජවාදී සෝවියට් ජනරජයන්ගේ එක්සත් සංගමයUnion of Soviet Socialist RepublicsСоюз Советских Социалистических Республик¹ 1922–1991කොඩියCoat of armsඋද්යෝග පාඨය: Пролетарии всех стран, соединяйтесь!(Translit.: Proletarii vsekh stran, soyedinyaytes!)English translation: ලොව පුරා කම්කරුවෙනි, එකමුතුව නැගිටිවු!ජාතික ගීය: ඉන්ටර්නැෂනාලේ: ජාත්‍යන්තර කම්කරු ගීතය (1922–1944)Hymn of the Soviet Union (1944-1991)තත්ත්වයෆෙඩරල් රාජ්‍යයඅගනුවරමොස්කව්පොදු භාෂාවන්Russian (de facto),14 other official languagesරජයසමාජවාදී ජනරජයGeneral Secretary • 1922–1924 (පළමු) ව්ලැඩ්මියර් ලෙනින්• 1985–1991 (අවසන්) මිහායෙල් ගෝර්බචෙව්Premier • 1923–1924 (පළමු) ව්ලැඩ්මියර් ලෙනින්• 1991 (අවසන්) ඉවාන් සිලායෙව්ඉතිහාසය • ස්ථාපිත කළේ දෙසැම්බර්30 1922• අහෝසි කළේ දෙසැම්බර්26 19912 1991වර්ග ප්‍රමාණය199122,402,200 km2 (8,649,500 sq mi)ජනගහණය• 1991 293047571ව්‍යවහාර මුදලරූබල් (SUR)වේලා කල
ාපයUTC+2 to +13ඇමතුම් කේතය7අන්තර්ජාල TLD.su පූර්වප්‍රාප්ති වනුයේඅනුප්‍රාප්ති වනුයේරුසියානු සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුවඅන්තර්-කොකේසියානු සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුවයුක්‍රේනියානු සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුවබෙලාරුසියානු සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුවරුසියාවබෙලාරුසියාවයුක්‍රේනයමෝල්ඩෝවියාවජෝර්ජියාව (country)ආර්මේනියාවඅසර්බයිජානයකසකස්තානයඋස්බෙකිස්තානයතුර්ක්මෙනිස්තානයකිර්ගිස්තානයතජිකිස්තානයඑස්තොනියාවලිතුවේනියාවලැට්වියාව1Official names of the USSR2On 21 December 1991, eleven of the former socialist republics declared in Alma-Ata (with the twelfth republic - Georgia - attending as an observer) that with the formation of the Commonwealth of Independent States the Union of Soviet Socialist Republics ceases to exist.සමාජවාදී සෝවියට් ජනරජයන්ගේ එක්සත් සංගමය (සෝවියට් දේශය/සෝවියට් සංගමය), 1922 සිට 1991 දක්වා පැවති මාක්ස්-ලෙනින්වාදී සමාජවාදී රාජ්‍යයකි. මොස්කව් නගරය අගනුවර කරගනිමින්, තනි දේශපාලන පක්
ෂ ක්‍රමයක් ඇති රටක් ලෙස පාලනය වූ එය, රුසියානු කොමියුනිස්ට් පක්ෂය මගින් පාලනය කරන ලදී. සෝවියට් දේශයේ ආරම්භය, 1917 රුසියානු සාර් අධිරාජ්‍යය අවසන් කල කම්කරු විප්ලවය සමඟ බැඳී පවතී. එම විප්ලවයෙන් පසුව බිහිවූ තාවකාලික රජයට එරෙහිව, ව්ලැඩ්මියර් ලෙනින් ප්‍රමුඛ බහුතර බොල්ෂෙවික් පාක්ශිකයන් විසින් තවත් විප්ලවයක් දියත් කෙරුනි (1917 ඔක්තෝබර් විප්ලවය ). එම විප්ලවයෙන් පසුව බිහිවූ රාජ්‍යය "එක්සත් සමාජවාදී සෝවියට් ජනරජය" ලෙස නම් කෙරුනි. එහෙත් මෙම දෙවන විප්ලවය, විප්ලවවාදී රතු හමුදා සහ ප්‍රතිවිප්ලවවාදී සුදු හමුදා අතර වසර ගනනාවක් ඇවිලීගිය සිවිල් යුද්ධයක ඇරඹුම විය. 1922 වසරේදී කොමියුනිස්ට් රතු හමුදා, පාරම්පරික ප්‍රවේනිදාසයන් ලෙස සේවය කල කම්කරුවන් අවදි කරමින්, ඔවුන්ගේද සහය ඇතිව සිවිල් යුද්ධය ජයග්‍රහනය කල අතර, රුසියාව, යුක්‍රේනය, බෙලරුසියාව සහ ට්‍රාන්ස්-කොකේසියානු රාජ්‍යය එක්කරමින් සෝවියට් දේශය පිහිටුවන ලදි. විසුරුවා හැරීම1991 අගෝස්තු කුමන්ත්‍රණය - කුමන්ත්‍රණය දියත් කළ පිරිසට අවශ්‍ය වුනේ සොවියට් දේශය තුළ සිදු වෙමින් පැවති ප්‍රතිසංස්කරණ නවතා දමා දැඩි මතදාරී පාලනයක් ආරම්භ කිරීමයි.නමුත් කුමන්ත්‍රණයේ
ප්‍රතිඵලය වුනේ සොවියට් දේශය වේගයෙන් කඩා වැටීමයි..1985 බලයට පැමිණි මිහායිල් ගොර්බචොව් නව ප්‍රතිසංස්කරණ ඇරඹුවා නමුත් ඔහුට නිරන්තරයෙන් සොවියට් සාම්ප්‍රදායික කණ්ඩායම්වල අභියෝගයන්ට මුහුණ දීමට සිදු වුනා.මේ ආකාරයට පාලන තන්ත්‍රයේ බැමි ලිහිල්වත්ම ජනතාවගෙන් වැඩි දෙනෙක් නිදහස වෙනුවෙන් නැගී සිටියා.. මේ කාලය තුළ ජාතිවාදීන්ගේ වර්ධනයක් දක්නට ලැබුනා..1991 අගභාගය වන විට මෙම බල අරගලය යටතේ සොවියට් දේශය දරුණු ලෙස බිද වැටෙමින් තිබුනා.මේ කාලය වන විට බෝල්ට්ක් සමුහාණ්ඩු වු ලැත්වියාව,ලිතුවේනියාව,එස්තෝනියාව, මෝල්ඩෝවාව,ආර්මේනියාව සහ ජෝර්ජියාව යන ප්‍රාන්ත තමන්ට අවශ්‍ය පරිසි ස්වාධීනව කටයුතු ආරම්භ කලා.අනෙක් ප්‍රාන්ත නවය මිහායිල් ගොර්බචොව්ගේ ප්‍රතිසංස්කරණයන් සදහා සහය පලකර සිටියා.කුමන්ත්‍රණකරුවන් සිතුවේ මිහායි ගොර්බචොව් සේවයෙන් ඉල්ලා අස්වේ යැයි කියාය, සිදු වුනේ නොසිතූ දෙයකි මිහායිල් ගොර්බචොව් කුමන්ත්‍රණකරුවන්ට අවස්ථාවාදීන් ලෙස බැන වැදුණේය..කුමන්ත්‍රණය ටිකෙන් ටික වැඩි දියුණු විය.රාජකීය හමුදාව පවා අණ ප්‍රතික්ෂේප කරන්නට විය,සති කිහිපයක් ගත වීමට පෙර මිහායිල් ගොර්බච
ොව් කොමියුනිස්ට් පක්ෂයද තහනම් කරන ලදී.1995 දෙසැම්බර් 8 වෙනිදා ඉතිරි ප්‍රාන්තද විසිරැවා හරින ලදී.දෙසැම්බර් 25 මිහායිල් ගොර්බචොව් ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස් විය.රුසියාව ඇතුළු අනෙක් සියලු ප්‍රාන්ත රටවල් බවට පත්විය.සීතල ලෝක යුද්දය නිමා විය..සොවියට් දේශය විනාශ කළ මිහායිල් ගොර්බචොව් නම් වු නපුරැ අතකොලුවට ධනවාදී රටවල් වගකිව යුතුය.කෙසේ වෙතත් අද රුසියාව ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමා ආචාර කරයි.වැඩිදුර කියවීම්මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)දෙවෙනි ලුතිනන් කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංකමරණයනොවැම්බර්, 1993 පූනරින්, ශ්‍රී ලංකාවපක්ෂපාතිත්වයශ්‍රී ලංකා යුද්ධ හමුදාවසේවය කළ වසර1990-1993පදවියදෙවෙනි ලුතිනන්රෙජිමේන්තුවගජබා රෙජිමේන්තුවසටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධයප්‍රදානපරම වීර විභූෂණය දෙවෙනි ලුතිනන් කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක ( - නොවැම්බර් , 1993) නිර්භීතකම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රදානය කරනු ලබන විශිෂ්ටතම පදක්කම වන "පරම වී
ර විභූෂනය" පදක්කම ලබාගත් නිලධාරීන් විසි නව දෙනාගෙන් එක් නිලධාරියෙකි. ඔහු අවසාන වරට සේවය කලේ පූනරින් කඳවුරට අනුබද්ධිත හමුදා අනුඛණ්ඩයක අණදෙන නිලධාරියා වශයෙනි. ඔහු තමා අණදුන් අනුඛණ්ඩයේ භටයන් 1993 නොවැම්බර් 11 දින ප. ව. 1.30 ට පමණ කොටි ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයකට ලක්වූ අවස්ථාවේ , තුවාල ලැබූ සෙබලුන් හා සෙසු අයවලුන් හට පසුබැසීම උදෙසා තනිවම සතුරාගේ ගමන ප්‍රමාද කිර්‍රීමේ නිර්භීත ප්‍රයත්නයේ දී ජීවිතක්ෂයට පත්විය.මරණයෙන් පසු දෙවෙනි ලුතිනන් කේ.ඩබ්ලිව්.ටී නිශ්ශංක, 1996 දී පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබිය.භාෂාව පිළිබඳ දර්ශනයෙහි ස්වභාවික භාෂාවක් (හෝ සාමාන්‍ය භාෂාවක්) යනු (පරිගණක වැඩසටහන් භාෂාව හෝ විධිමත් තර්ක ශාස්ත‍්‍රය විශේෂයෙන් ගණිතමය තර්ක අධ්‍යයනය සඳහා යොදා ගනු ලබන භාෂාවන් වැනි) විධිමත් භාෂාවන්ගෙන් සහ නිර්මාණය කළ භාෂාවන්ගෙන් වෙන්කොට හදුනාගත හැකි භාෂාවකි.ස්වභාවික භාෂාව නිර්වචනය කිරීම[සංස්කරණය]නිශ්චිත නිර්වචනය විවාදාත්මක වුව ද ස්වභාවික භාෂාව බොහෝවිට, කෘත‍්‍රිම හෝ එස්පෙරාන්ටෝ, ලැමිනෝ සෙක්සියෝන් සහ ඔක්සිඩෙන්ටල් වැනි නිර්මාණික භාෂාවන්ගෙන් වෙන්කොට දැක්වේ.ස්වභාවික භාෂාවන්ට පාදක වු රීතින්
හි සියළුම අංශයන් සම්බන්ධයෙන් වාග් විද්‍යාඥයන්ට ඇත්තේ අසම්පුර්ණ අවබෝධයකි. එහෙයින් මෙම රීතින් අධ්‍යයනයට භාජනය වූ විෂයයන් වී තිබේ. ස්වභාවික භාෂාවන් තේරුම් ගැනීමෙන් භාෂාවක් ක‍්‍රියාත්මක වන්නේ (පද ගැලපුම, ශබ්දාර්ථ විද්‍යාව, ශබ්ද විද්‍යාව. ස්වර ශාස්ත‍්‍රය ආදී) කෙසේ ද යන්න පමණක් නොව මිනිස් සිත සහ මිනිස් මොළය භාෂාව ක‍්‍රියා කරවන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද බොහෝ කරුණු හෙළිදරව් වෙයි. වාග් විද්‍යාත්මක කොන්දේසිවලට අනුව ස්වභාවික භාෂාවක් අදාළ වන්නේ ස්වභාවිකව විකාශනය වූ භාෂාවකට පමණකි. ස්වාභාවික භාෂා අධයයනය මුලික වශයෙන් සම්බන්ධ කර ගන්නේ දේශීය (ප‍්‍රථම භාෂාව) කථාකරන්නන්ය.විශ්ව ව්‍යාකරණ න්‍යාය, ඕනෑම එක් භාෂාවක නිශ්චිත ව්‍යාකරන ව්‍යුහය කෙරෙහි බලපැවැත්වෙන යම් යම් පාදක වූ රීතින් පවතීයයි යෝජනා කරයි.ව්‍යාකරණාඥයින්, ශබ්දකෝෂ ලියන්නන් සහ භාෂා ප‍්‍රතිපත්ති සකසන්නන් භාෂාවේ විකාශනය කෙරෙහි කිසියම් බලපෑමක් සිදු කළ ද ඔවුන් විසින් කිවයුතු යැයි මහජනයා විශ්වාස කරන දේ කෙරෙහි බලපෑම් කිරිමට ඔවුන්ට ඇති හැකියාව, මහජනයා ඇත්තටම පවසන දෙයට වඩා වෙනස් ව පවතී. ඒ අතරින් ස්වභාවික භාෂාව පසුව කියන ලද කාරණයට අදාළ වන අතර ඒ නිසා එය විධායක
පදයකට වඩා විස්තරාත්මක පදයක් වෙයි. එහෙයින් සම්මත නොවන භාෂා විශේෂයන් (අප‍්‍රිකානු ඇමෙරිකානු දේශීය ඉංග‍්‍රිසි වැනි) සම්මත භාෂා විශේෂයෙන් (සම්මත ඇමෙරිකානු ඉංග‍්‍රිසි වැනි) පමණටම ස්වභාවික වේ.ශාන්ත වැලන්ටයින් දිනයපෞරාණික වැලව්ටයින් කාඩ්පතක්Also calledශාන්ත වැලන්ටයින්ගේ දිනයවැලන්ටයින් දිනයObserved byබොහෝ රටවල් විසින්Typeසංස්කෘතික, ක්‍රිස්තියානි, වාණිජSignificanceආලවන්තයන් අතර සැමරෙන ආදරය සහ ඇඟලුම් බවObservancesසුබපැතුම් කාඩ්පත් සහ තෑගි යැවීම, පෙම් හමුවීමDateපෙබරවාරි 14ජූනි 12 (බ්‍රසීලයෙහි)[1]ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධවූ වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදීය. එදින සාම්ප්‍රදායිකව ආදරවන්තයන් විසින් සමරනු ලබයි. මෙම දිනදී සුඛපැතූම් යැවීම, මල් පොකුරු යැවීම මගින් තම ලබැඳියාව ප්‍රකාශ කරයි.ක්‍රිස්තියානි පූජකතුමෙක් වන වැලන්ටයින් තුමාගේ නම අනුසාරයෙන් මෙදිනට එම නම ලැඛී ඇත.ශාන්ත වැලන්ටයින් දිනය හෝ ශාන්ත වැලන්ටයින් මංගල්‍යය ලෙසද හැඳින්වෙන වැලන්ටයින් දිනය වාර්ෂිකව පෙබරවාරි 14 වන දින සමරනු ලැබේ. බටහිර ක්‍රිස්තියානි මංගල්‍ය දිනයක් ලෙස වැලන්ටිනස් නම් මුල් සාන්තුවරයන් දෙදෙනෙකුට ග
ෞරව කිරීම, වැලන්ටයින් දිනය සැලකිය යුතු සංස්කෘතික, ලොව පුරා බොහෝ ප්‍රදේශවල ප්‍රේම සම්බන්ධතා සහ ආදර ප්‍රේමය ආගමික හා වාණිජමය වශයෙන් සැමරීම.ආදරවන්තයන්ගේ දිනය1909 වැලන්ටයින් කාඩ්පතද හැඳින්වේශාන්ත වැලන්ටයින් දිනය හෝ ශාන්ත වැලන්ටයින් මංගල්‍යයවිසින් නිරීක්ෂණය කරන ලදීබොහෝ රටවල ජනතාව; කතෝලික පල්ලිය [1] ඇන්ග්ලිකන් හවුල ( දින දර්ශනය බලන්න) ලුතරන් පල්ලිය ( දින දර්ශනය බලන්න)වර්ගයක්රිස්තියානි, ආදර, සංස්කෘතික, වාණිජමය සැමරීමවැදගත්කමශාන්ත වැලන්ටයින්ගේ මංගල්ය දිනය; ආදරය හා සෙනෙහස සැමරීමනිරීක්ෂණසුබපැතුම් පත් සහ තෑගි යැවීම, ආලය කිරීම, පල්ලියේ සේවාවන්දිනයපෙබරවාරි 14 ( කතෝලික පල්ලිය විසින් සවි කරන ලදි)ජූලි 6 ( නැගෙනහිර ඕතඩොක්ස් පල්ලිය විසින් සවි කරන ලදි)ජූලි 30 (නැගෙනහිර ඕතඩොක්ස් පල්ලිය විසින් සවි කරන ලදි)සංඛ්‍යාතයවාර්ෂිකශාන්ත වැලන්ටයින්පෙබරවාරි 14 වන දිනට සම්බන්ධ විවිධ වැලන්ටයින් හා සම්බන්ධ ප්‍රාණ පරිත්‍යාග කථා රාශියක් ඇත. [3] රෝමයේ ශාන්ත වැලන්ටයින් විවාහය තහනම් කළ සොල්දාදුවන්ට විවාහ උත්සව පැවැත්වීම සහ රෝම අධිරාජ්‍යය යටතේ පීඩා විඳි කිතුනුවන්ට උපස්ථාන කිරීම සම්බන්ධයෙන් සිරගත ක
ිරීම පිළිබඳ ලිඛිත විස්තරයක් ද ඇතුළුව. [4] පුරාවෘත්තයට අනුව, ශාන්ත වැලන්ටයින් තම විනිසුරුවරයාගේ අන්ධ දියණියට පෙනීම යථා තත්වයට පත් කළේය. [5] ඔහු මරණීය දණ්ඩනයට පෙර සමුගැනීමක් ලෙස "ඔබේ වැලන්ටයින්" යනුවෙන් අත්සන් කළ ලිපියක් ලිවීය. ක්‍රි.ව. 266 දී මියගිය රෝමයේ ශාන්ත වැලන්ටයින් නම් ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගිකයාට ගෞරව දැක්වීම සඳහා ක්‍රි.ව. 496 දී පළමුවන ජෙලසියස් පාප්තුමා විසින් ශාන්ත වැලන්ටයින් මංගල්‍යය ආරම්භ කරන ලදී. [7] [8]14 වන ශතවර්ෂයේ ජෙෆ්රි චවුසර්ගේ කවය තුළ ආදර ප්‍රේමය සමඟ සම්බන්ධ වූ දිනය, උසාවි ප්‍රේමයේ සම්ප්‍රදාය සමෘධිමත් විය. 18 වන ශතවර්ෂයේ එංගලන්තයේ දී, මල් ඉදිරිපත් කිරීම, රසකැවිලි පිරිනැමීම සහ සුබපැතුම් පත් යැවීම ("වැලන්ටයින්" ලෙස හැඳින්වෙන) යුවළයන් එකිනෙකාට තම ආදරය ප්‍රකාශ කළ අවස්ථාවක් දක්වා වර්ධනය විය. අද භාවිතා කරන වැලන්ටයින් දින සංකේත අතර හෘද හැඩැති දළ සටහන, පරෙවියන් සහ පියාපත් සහිත කූපිඩ්ගේ රූපය ඇතුළත් වේ. දහනව වන ශතවර්ෂයේ සිට, අතින් ලියන ලද වැලන්ටයින් විසින් විශාල වශයෙන් නිපදවන ලද සුබ පැතුම් පත් සඳහා ඉඩ ලබා දී ඇත. [9] යුරෝපයේ, ශාන්ත වැලන්ටයින් යතුරු පෙම්වතුන්ට "ආදර සංකේත
යක් ලෙස සහ තෑගි දෙන්නාගේ හදවත අගුළු හැරීමේ ආරාධනාවක් ලෙස" ලබා දී ඇති අතර, අපස්මාරය වළක්වා ගැනීම සඳහා ළමයින්ට (ශාන්ත වැලන්ටයින් මැලඩි ලෙස හැඳින්වේ). [10]කිසිම රටක රජයේ නිවාඩු දිනයක් නොවුනත්, ශාන්ත වැලන්ටයින් දිනය යනු ඇන්ග්ලිකන් කොමියුනිස්ට් [11] සහ ලුතරන් පල්ලියේ නිල මංගල්‍ය දිනයකි. [12] නැගෙනහිර ඕතඩොක්ස් පල්ලියේ බොහෝ ප්‍රදේශ ද ශාන්ත වැලන්ටයින් දිනය සමරනු ලබන්නේ ජූලි 6 සහ ජූලි 30 යන දිනවල ය. එය පෙර දිනය රෝමානු ප්‍රෙස්බිටර් ශාන්ත වැලන්ටයින්ට ගෞරවයක් වන අතර අවසාන දිනය ඉන්ටරම්නා හි රදගුරු හෙරෝමාර්ටර් වැලන්ටයින්ට ගෞරව කිරීමකි (නූතන ටර්නිආශ්‍රිත[සංස්කරණය]↑ http://www.suapesquisa.com/datascomemorativas/dia_dos_namorados.htm suapesquisa.com - Datas Comemorativasසෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකයකිසැකිල්ල:SHORTDESC:සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකයකිබුධ MESSENGER බුධගේ ව්‍යාජ-වර්ණ ඡායාරූපයක්නිලනාමයන්ශබ්දනැගීම/en-us-Mercury.oggˈmɜrkjəri/කක්ෂීය ලක්ෂණ[3] කාලාරම්භය J2000අඩ-මහා අක්ෂය57,909,100 km0.387 098 AU උත්කේන්ද්‍රියතාවය0.205 630[1]කක්ෂීය කාලාවර්තයපෘථිවි දින 87.9691බුධ (සූර්‍ය දින) 0.5චන්ද්‍ර කාල
ාවර්තයදින 115.88[1] සාමාන්‍යය කක්ෂීය වේගයතත්පරයට කි.මී. 47.87[1]මධ්‍යන්‍යය විෂමතාවය174.796° ආනතිය7.005°3.38°6.34° to[2]ආරෝහණ මංසලෙහි දේශාංශකය48.331° පරිතාරාන්තිකයේ විස්තාරය29.124°චන්ද්‍රිකානැතභෞතික ගුණාංගමධ්‍යන්‍යය අරය2,439.7 ± 1.0 km[4][5]Flattening0[5]මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය7.48×107 km²[4]පරිමාව6.083×1010 km³[4]0.056 Earthsස්කන්ධය3.3022×1023 kg[4]මධ්‍යන්‍යය ඝණත්වය5.427 g/cm³[4]නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වයතත්පරයට මීටර් 3.7[4]මිදුම් ප්‍රවේගයතත්පරයට කි.මී. 4.25[4]නක්ෂත්‍ර භ්‍රමණ කාලාවර්තයදින 58.6461407.5 h[4]නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය10.892 km/h (3.026 m/s)ආක්ෂක ආනතිය2.11′ ± 0.1′[6]උත්තර ධ්‍රැවය විෂුවදංශයපැය 18 මිනිත්තු 44 තත්පර 2281.01°[1]උත්තර ධ්‍රැවය ක්‍රාන්තිය61.45°[1]ප්‍රභානුපාතය0.119 ()0.106 ()[1]පෘෂ්ඨීය උෂ්ණත්වයඅවමමධ්‍යන්‍යයඋපරිම0°N, 0°W100 K340 K700 K85°N, 0°W80 K200 K380 Kදෘශ්‍ය විශාලත්වය−2.3 සිට 5.7[7][1]කෝණික විෂ්කම්භය4.5" – 13"[1]වායුගෝලය [1]පෘෂ්ඨීය පීඩනයඉතා අඩුයසංයුතිය42% අණුක ඔක්සිජන්29.0% සෝඩියම්22.0% හයිඩ්‍රජන්6.0% හීලියම්0.5% පොටෑසියම්ආගන්, නයිට්‍රජන් සහ කාබ